Monday, September 3, 2012

රාවණා රජතුමාට එරෙහි උමා ඔය කුමන්ත්‍රණය වහා නවත්වනු!

රාවණාගවේශක හෙළයින් වන අපට අතිශය වැදගත් පුවතක් ෆේස්බුකියේ දක්නට ලැබුණි. පහත දැක්වෙන්නේ එයයි. එයට අප විසින් තවත් වැදගත් තොරතුරු එක් කළ අතර, ඒවා අළු පාටින් උදෘත කර ඇත.


හෙළ ජාතික ඉතිහාසය විකුණගෙන කැමට මාන බලමින් සිටින පිටරැටියන් පිරිසක් හා එක්ව කරගෙන යන්නා වූ උමා ඔය ව්‍යාපෘතිය වහා අත් හිටවනු ..! ඔබත් ජාතික ඉතිහාසයට ආදරේ නම් ගෞරව කරන්නේනම් මෙම ලිපිය අන්තර් ජාලය පුරා ව්‍යාප්ත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

සහෝදර සහෝදරියනි ඔබ දන්නවද දැනට ලංකාව ඇතුලත විශාල ලෙසින් නිධන් මංකොල්ලයක් සිදුවන බව? අපි ඉපදුනු , හැදුනු , වැඩුනු , අපේ අම්මගේ දුරාතීත පුතුන් දූවරුන් විසින් සොයාගෙන භාවිත කල ජාතික දැනුම අද දිනයේ තද බල ලෙස පර ජාතීන් විසින් උකහා ගන්නා අතර එම පර වැඩේ සඳහා අත් උද ව් ලබා දෙන්නේ අවජාතක නරි ලේ ශරීරයේ දුවන සිංහලුන් යැයි කියා ගන්නා හෙලු බැලි බල්ලන්ය.

වැලිමඩ සිට වැල්ලවාය ට උමන් මාර්ගයක් මගින් ජලය ගෙන ඒමට සැලසුම් කර ඒ මගීන් අප ශ්‍රී රාවණයන් ගේ නිධන් වස්තුව මංකොල්ලා කෑමක් සිදුවී ඇති අතර දැනටද එය සිදුවෙමින් පවති.

දස අවුරුදු සංවර්ධන සැලැස්මක් ලෙසින් හඳුන්වන මෙම කුමන්ත්‍රණය ඉරාන ගෝතයන් සමග එක් වී කරගෙන යන්නකි .මෙමෙ ව්‍යාපෘතිය සදහා දයකත්වට ලබා දීම වෙනුවෙන් ඉරාන කාරයන්ට ජලය ගැලුම් ගණන් පටවති. අප ඒ සඳහා කිසිත් නොකියා සිටින්නෙමු . මන්ද ජලයෙහි අගය සහ විනාසය පිලිබඳ අප ජාතීය සැහෙන අත්දැකීම් ලබා සිටින ජාතියකි... අනික ජලය දන් දීම විශාල දානමය පින් කමකි .අප එයට ජාති ආගම් කුල සත්ව බේද නොසැලකී. නමුදු මෙහිදී සිදුවී ඇත්තේ වම් අත කපලා දීලා දකුණු අතින් අසූචි ගත්තා වාගේ වැඩකි. මන්ද යත් අපගේ ශ්‍රී රාවණ රජුගේ වස්තු නිධානයන් ලබා ගැනීමකි....... මෙහිදී ඔබට පවසූ උපහරණය වැරදි ලෙස අවබෝධ නොකරගත්හොත් මැනවි. එම නිධාන ලබාගන්නා හොරුන්ට වැඩි කල් සැප විඳිය නොහැක. එනයින් මම එය, තම එක් අතක් කපා දී අනෙක් අතට ලබාගත් අසූචි ලෙස හැඳින්වුවෙමි.

අපි දැන් කතාව පටන් ගමු...
මේ කතාව මට මුහුණු පොතේ පණිවිඩයක් මගින් කෙනෙක් එවපු 1ක්. පසුව මම මෙම කරුනු සනාථ කර ගැනීම සඳහා මෙය ගැන විපරම් කර බලුවා . කතාව සත්‍යකි. රාවණ නරේන්ද්‍රයන්ගේ සිරුර හෙවත් මමිය (ඕගොල්ලන්ට පුරුදු වචනින්) තිබේ යැයි විස්වාස කරන තැනක් තමා රාවණා ඇල්ල පිහිටි ප්‍රදේශය... මහ කුඩු ගල ගිරි ශිඛරය මධ්‍යයේත් රාවණ රජතුමාගේ මමිය තිබෙන බව ඉපැරණි පුස්කොළපොත් වල ඇති බව ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා පෙන්වා දී ඇති අතර, රාවණා ඇල්ල ප්‍රදේශයේ රාවණ රජතුමාගේ සිරුර තිබේ යැයි මෙම ලිපියේ සඳහන් වීමෙන් ඔය කතන්දර දෙකෙන් එකක් බොරුවක් නොවන බව කිව යුතුය. බටහිරයින්ගේ තර්ක අප ගණන් නොගනිමු. රාවණ ඉතිහාසය ගැන දන්නා අය මෙවන් පරස්පරතා ණුවනින්විමසා ලිහන ආකාරය හොඳින් දනී.

මෙම ප්‍රදේශය ඈදෙන සේ නව ව්‍යාපෘතියක් අරඹා තියනවා ඉරාන රජයත් සමග එක් වී. ඒ තමා "උමා ඔය දස අවුරුදු සැලැස්ම". අපි මේ කියන සිද්දිය උන තැනට යන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි.

වැල්ලවාය නගරයේ සිට කිලෝමීටර 12 ක් යනකොට තියෙනවා හුනුකැටිය නමින් හන්දියක්. එතන තම උමා ඔය ව්‍යාපෘතිය තියෙන්නේ. ඒක දස අවුරුදු සංවර්ධන සැලැස්මක නමින් යන වංචනික වැඩක්. වැල්ලවායේ සිට වැලිමඩ ට හාරන කිලෝමීටර 24.8 ක් දිග උමගක් තියනවා එම උමග රාවණ ඇල්ල අභ්‍යන්තරයෙන් (යටින්) තමා කැනීම සිදු වෙන්නේ.

සැබවින්ම වැලිමඩ සිට වල්ලවායට ගෙන ඒමට තරම් ජල කන්දරාවක් වැලිමඩ නැහැ.(දන්නෝ දනිති).
මෙයට සම්බන්ධ ලාංකීය අවජාතක නරියන් ගේ සැලැස්ම වෙන්නේ මෙහි තිබේ යැයි විස්වාස කරන රාවණ රජු ගේ සිරුර තැන්පත් කර ඇති ස්වර්ණ බහාලනය නොහොත් පෙට්ටිය ලබාගනීමයි. රාවණ රජතුමාගේ මාලිගාවව හෝ ඊජිත්තුවේ පිරමීඩ හදපු රාවණාට තිබූ ඊටත් වඩා ලොකු පිරමීඩ තාම හොයාගන්න බැරි වුණාට උන්දැගේ පෙට්ටිය හොයාගන්න පුළුවන් දැයි සමහර අවජාතක පාහරයින් අසන අතර, උන්ගේ මෝඩ ප්‍රශ්න වලට පිළිතුරු දීම අප නොකරමු.

ඉරානයින්ට අවුරුදු පහක් යනකම් වතුර දෙන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා මිනිසුන්ගේ ධනය සූර කෑමකි.
මෙම ලිපිය මට ලබා දුන් පුද්ගලයා එම ස්ථානයේ වැඩ කරමින් සිටි කාලයේ සිතා ගැනීමටත් නොහැකි දේ එම ස්ථානයේ සිද්ධ වී ඇත. මෙහි කන්ද උඩට යන මාර්ගයේ විශාල කළු ගල් පර්වතයක් සහ පෞරාණික නුග ගසක් පිහිටා තිබී ඇත.නමුත් කන්ද මුදුනට යැමට පාර සකස් කර ගැනීමට අවශ්‍ය වූ ඉරානයන් මේවා කපා විනාස කර ඇත. එම පර්වතය සහ ගස කැපීමට ප්‍රථම ගම්වාසීන් විසින් එහි ආනුභාවයන් සහ එම දෑ විනාසය නිසා සිදුවීමට හැකි විනාශයන් ගැන පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

නමුදු කිසිදු අධ්‍යාත්මයක් විස්වාස නොකළ ඉරානයන් විසින් ඒවා කඩා විනාස කර දමුහ. නමුත් එදා ඉඳලා එතනට එන යන වාහන වැඩ බිමේ යන්ත්‍ර සූත්‍ර කුමක් හෝ යාන්ත්‍රීය දෝෂයක් උද්ගත වී අඩපන වී ඇත .සැහෙන මිනිසුන් ප්‍රමාණයක් අනතුරු වලට භාජනය වී ඇත.  යන්ත්‍ර අඩපන වීමට සහ මිනිසුන්ට අනතුරු වීමට, පර්වතයත් ගසත් විනාස කරන තෙක්ම සිටියේ අහවල් කාරණාවකදැයි අසමින් හෙළයට නින්දා කරන පාහරයින්ට හොඳක් නොවනු ඇත.

10 වීල් 1ක් කුඩු වී ඇත. එහි සේවය කල රියදුරු ගේ පාදය දරුණු ලෙස කැඩී ඇත. වාසනාවකට රියදුරු බේරී ඇත, පුදුමය නම් රියදුරු රෝහල් ගත කිරීමට පැමිණි 4 වීල් ජීප් රථය ද කඳු බැවුමේදී අකර්මන්‍ය වී ඇත. එතනම ගල් පටවපු එක්ස්කැවේටර් යන්තරය ද ගලක් විසිවීමෙන් අනතුරට ලක් වී ඇත.එම එක්ස්කැවේටර් යන්තරයට නිකන්ම ගලක් විසිවී එහි සේවකයාගේ කකුල් කැඩී ඇත. මේවයේ ෆොටෝ සහ වීඩියෝ අප ළඟ ඇත. එම ෆොටෝ සහ වීඩියෝ පළ නොකරන්නේ මොකදැයි අසන පාහරයින්ටත් ඔය දේවල්ම වෙනු ඇත.

එහි තිබූ බොහොමයක් වටිනා නිධානයන් දැනටමත් මංකොල්ල කා ඉවරයි කියා අපට දැනගැනීමට ලැබුනි. එතරම් බලගතු රාවණා හෙළ යකුන්ගේ හාස්කම් ඇති තැනකින් ඉරාන කාරයින් සහ ලාංකික පාහරයින් එක් වී නිධානයක් සොරකම් කළේ කෙසේදැයි අසන උදවියගේ මෝඩ කම ගැන අප කණගා‍ටු වෙමු.
 
කෙසේ වෙතත් ඔය ජර මර අස්සේ ඉන්දියන් සෙට් 1ක් ඔය පැත්තට ඇවිත් රාමා ගේ කතාව ඇත්තක් යැයි පෙන්වීමට උත්සාහයක නිරත වෙයි. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ එම ව්‍යාපෘතිය වහාම නවතා දැමිය යුතු බවය. ඔබත් හෙළ ජාතික ඉතිහාසයට ආදරේ නම්, ගෞරව කරන්නේනම් මෙම ලිපිය Share කරගනිමින්අන්තර්ජාලය පුරා ව්‍යාප්ත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Read More...

Saturday, September 1, 2012

රාවණ අරක්කු භෝජනාගාරය (හෙළයින්ගේ රා පෙරීමේ තාක්ෂණය ඉදිරියටම)

ශ්‍රී රාවණ රජතුමාගේ නමින් පවත්වාගෙන යන අරක්කු තැබෑරුමක් ගැන ඔබ අසා තිබුණාද? නම හෙළි කිරීමට අකමැති අප වාර්තාකරුවෙක් දක්වන පරිදි එය පිහිටා ඇත්තේ ඇල්ල හන්දියේය. එහි නම RWANA LIQUOR RESTAURANT හෙවත් "රාවණ අරක්කු භෝජනාගාරය" නම් වෙයි.


වර්ගපූර්ණිකාව බ්ලොග් එක පරිශීලනය කරන රාවණගවේශකයින්ටත් මෙය ඉතාමත් වැදගත් තොරතුරක් බැවින්, අපගේ වාර්තාකරුවාගෙන් ලැබුණ තොරතුරු අනුව එම තැබෑරුමේ හිමිකරු වන පී.එම්.පී. මෛත්‍රීරත්න මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවත් නොහැකි විය. එහෙයින් අප වාර්තාකරු ඉදිරිපත් කළ තොරතුරු එලෙසින්ම ඔබ වෙත ගෙන එන්නම්.

රාවන රජතුමාගේ නමට විවිධ අර්ථකතනයන් තිබේ. බොහෝ අය දන්නා අරුතනම් රා හෙවත් හිරුගෙන් එන නායකයා යන්නයි. ඒ අතර වර්ගපූර්ණිකාටුවා පුස්කොළපොතේ දැක්වෙන පද නිරුක්තිය අනුව,
රා=රා
ව=වක්කරන
න=නරේන්ද්‍රයා
අතීත හෙළයේ "රා" යනු අගනා ඖෂධයක් මෙන්ම ජාතික පානයද වූ අතර පර සුද්දන් විසින් අරක්කු ගෙන ඒමත් සමග රා වලට තිබූ තැන අහිමි විය. ලෝකයේ දක්ෂතම වෙදැදුරා වූ රාවණ රජතුමා රා වක්කර බෙහෙත් හැදූ නිසා එතුමාට "රා වක්කරන නරේන්ද්‍රයා" හෙවත් රාවන නම් විය. ඒ අනුව රාවණ=රාවන

රාවන රජතුමාගේ කාලයේදී හෙළයේ ජාතික පානය වී තිබුණේ "රා". පසුකාලයේදී වෑත්තෑවේ හිමියන් එම රාවන යුගයේ සිට පැවතෙන හෙළ සිරිත මෙලෙස තම ගුත්තිල කාව්‍යයේ භාෂා අලංකාරයටත් යොදා තිබුණි.

රැගත් සුරා පිරූ             විතින්
සුරත් තුඹුරු පෙතිසෙ නෙතින්
පුවත් නොදැන බමන    ගතින්
නටත් අයෙක් සුරා        මතින්

එහි "සුරා" ලෙස දැක්වෙන්නේ සු=සුමිහිරි, රා=රා යන්නයි. ගොඩක් රා බොන අයට "සුරා සොඬුන්" යැයිද පවසා තිබූ අතර පසුකාලයේදී ඉංග්‍රීසීන් විසින් විසින් සුරාව ගමක් ගමක් පාසා ව්‍යාප්ත කර ඇත. ඉංග්‍රීසීන් හෙළයෙන් ගියත් තාමත් බොහෝ හෙළයෝ සුරා පානය කරන්නේ හෙළ අසුරයින්ගෙන්ම පැවතෙන බව මනාව ඔප්පු කරමිනි.

"රාගම" යනු අතීත හෙළයින්ගේ රා පෙරීමේ තාක්ෂණය ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවෙන ස්ථානයකි. රාගමින් හමුවූ සෙල් ලිපියක මෙලෙසින් තිබේ.
"මහ රව රජ මහ ර සක තබ".
එහි තේරුම නම්, "මහා රාවන රජතුමාගේ මහා රා ස්කාගාරය සහ තැබෑරුම". දැන් රාගම යන්නේ පද නිරුක්තිය බලන්න. වර්ගපූර්ණිකා‍ටුවාවට අනුව රාගම යනු,
රා=රාපෙරූ,
ගම=ගම.
ඉතා පැහැදිළියි, අතීත හෙළයේ ලොව ප්‍රමුඛතම රා පෙරීමේ ස්කාගාරය තිබී ඇත.

අයියනර්

අදටත් ඉන්දියාවේ උදවිය අයියනර් යනුවෙන් දෙවි කෙනෙක්ව අදහයි. ඒද ශ්‍රී රාවණ රජතුමගේ අවතාරයක් බව හිංදු ඉතිහාසයේ දැක්වේ. එනම්,
අයිය=අයියා
නර්=නරයා
නරයින්ට අයියා වන්නේ ශ්‍රී රාවණ රජතුමාමය. සූර් වූ හරකෙක් මත වැඩ සිටින අයියනර් දෙවියන්ට පඬුරු ලෙස දිය යුත්තේ අරක්කු ය. එවිට එම දේවෝත්තමයා, තමා ඉදිරියේ වැඳ වැටෙන බලුගැත්තාට තිබෙන සියලුම හිතේ කරදර වලින් නිදහස් කරනු ඇත. අදටත් අපගේ ගම් පළාත් වල සිටින රා/අරක්කු බී සූර් වූ උදවිය ඉහත අයියනර් දෙවියන් ගේ විලාශයෙන්ම මන්නයක් අතට අරගෙන තවත් කෙනෙකු පසුපස හඹා යමින් කරන්නේ අයියනර් සඳහා දේව පූජාවකි.

ඉතාමත්ම ශෝකජනක පුවත වන්නේ, වර්තමානයේදී අයියනර් දේවාලය "මලයාලි සක්කිලියන්" විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටීමයි. බලන්න ඉහත පින්තූරයේ සිටින මලයාලි සක්කිලියන් හතර දෙනා අයියනර් දෙවියන්ට ලැබෙන අරක්කු හොරෙන් බී සූර් වී සිටින අන්දම? මෙවන් අපරාධ දැක දැක අප හෙළයින් නිහඬව සිටින්නේ ඇයි? වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියට වටිනා කොමෙන්‍ටු එක් කරන අපගේ මිත්‍ර "ඇනෝනිමස් වන් ඔරිජි" තුමන්, මලයාලි සක්කිලියන්ට ලුණු ඇඹුල් ඇතිව බනිද්දී ඔහුට හිනා වූ අය ඉහත පින්තූරයේ සිටින මලයාලි සක්කිලියන්ගේ වැඩ කිඩ ගැන කුමක් කියනු ඇත්ද?

ඒ අතර "ඇල්ල" ප්‍රදේශයෙන් ලැබුණු ඉපැරණි හෙළ යක් භාෂාවෙන් ලියන ලද රන් සන්නසකට අනුව රාම කුමාරයා වඳුරන් සමග ලංකාපුරය ආක්‍රමණය කර තිබුණේ සීතාව සොයාගැනීම එකම අරමුන කරගෙන නොවේ. අප හෙළයින්ට තිබූ රා මැදීමේ තාක්ෂණය සොයාගැනීම ප්‍රමුඛතම අරමුණ විය. එකල ඉන්දියාවේ වඳුරන්ද රා බීමේ රුසියන් වූ අතර එම වඳුරන්ට රා මැද වක් කිරීමේ කාර්යය, කාලයක් වනයේ පි‍ටුවහල්ව සිටි රාම කුමාරයා විසින් කර ඇත. "රාම" යන්නේ පද නිරුක්තිය බලන්න.
රා=රා
ම=මදින්නා.
ඉතාමත් ප්‍රාථමික තාක්ෂණයක් තිබූ එම රාමදින්නාට (රාමට) ලංකාපුරයේ ශ්‍රී රාවණ රජතුමාගේ රා මැදීමේ දියුණු තාක්ෂණය අවශ්‍ය විය. අදටත් ඉන්දියාවේ ඇති සුවිශාල අරක්කු ස්කාගාරයන් වැඩ කරන්නේ එදා ශ්‍රී රාවණ රජතුමාට තිබූ රා මැදීමේ තාක්ෂණය යොදා ගනිමින් බව, ඉන්දියානු පුරාවිද්‍යාඥයින් පවා පිළිගන්නකි.

ඊළඟට එම තඹ සන්නස හමුවූ "ඇල්ල" නගරයේ පද නිරුක්තිය බලමු.
ඇල්=ඇල්වූ
ල=ලබුකැටය.
එම තඹ සන්නසේම සඳහන් වන්නේ ශ්‍රී රාවණ රජතුමා එකී, ප්‍රදේශයට එද්දී උණු කර රා පිරවූ ලබු කැටයක් අරගෙන ආවත් එහිදී සීතලටම එහි වතුර ඇල් වී ඇති බවයි. ඒ අනුව ඇල්වූ ලබුකැටයේ නමින් "ඇල්ල" කියා එය හඳුන්වා ඇත. පසුකාලයේදී එම ස්ථානයේ උණු කළ රා විකිණීමේ තැබෑරුමක් ඉදි කළ අතර, ඒ නටඹුන් අසළින්ම රාවණ රජතුමාට ගෞරවය පිණිස වර්තමාන "රාවන අරක්කු භෝජනාගාරය" ත් ඉදිකර ඇත. රා උණු කිරීමෙන් අරක්කු හදන බැවින් එය මනාව ගැලපෙයි. වර්තමානයේදීත් ඇල්ල ප්‍රදේශයේ ඇති එම තැබෑරුමේ අරක්කු විකිණීම, අතීත "උණු රා" විකුණූ හෙළ යකුන්ගේ පරපුරේම අය විසින් කරන්නකි.

එසේම ඉදිරියේදී රට පුරාම "රාවණ අරක්කු භෝජනාගාර" ඉදි කිරීමට මෛත්‍රීරත්න මහතා බලාපොරොත්තු වෙන බව දැනගන්නට ලැබුණි. පසුගිය කාලයේදී ශ්‍රී රාවණ නාමය නැවත මතු කළ සියලුම රාවණ ගවේශකයින්ට මෛත්‍රීරත්න මහතාගේ ස්තුතිය හිමි වේ.
Read More...

Wednesday, August 29, 2012

" වර්ගපූර්ණිකාව " යනු ජන සේනා 1 ද ?

මේක තමයි අපේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් විශාල පිරිසකට ඇතිවී තිබෙන ප්‍රශ්නය. ඉතා සූක්ෂම විදිහට ජනපති මහින්ද රාජපක්ෂ යොදාගනිමින්, ශ්‍රී ලංකාව කෙරෙහි කෙරෙහි සිංහලයන් තුල තිබෙන භක්තිමත් හැඟීම විනාශ කොට, දේශපාලනය යනු ෆන් එකක් ගැනීමේ මූලාශ්‍රයක් බවට පත් කිරීමේ අධම මෙහෙයුමක නිරත, ජන සේනා වැනි බ්ලොග් පඩංගුවක් හා අපේ අඩවිය සමකිරීම ගැන නොසතුට ප්‍රකාශ කිරීම හැරුණාම ඒකට ලොකු උත්තරයක් දෙන්න යන්නෙ නෑ. මොකද ඉදිරියේදී මේ වෙනස කාටත් පැහැදිලිවේවි.

ඊළඟ ප්‍රස්නය තමයි ‘වර්ගපූර්ණිකාව’ එන්නෙ මොකාටද කියල හිතාගන්න බැහැ යයි කීම. මේ කතාව කියන්නෙ ජන්බුද්වීපය, රාවණාවංශය, වත්මන් පුරාවිද්‍යා ගවේශණ ගැන නිතර කතා කල සහෝදර හෙළ රාවණා වංශිකයින් කීපදෙනෙක්. ඒක නිසා අපට ඒක වැදගත්. මේ පැහැදිලිකිරීම ඒ වෙනුවෙන්.

රණබිම මැරුණේ සිව් හෙළයෙකුනම් නම්... පපුවෙ වෙඩි සලකුණ ඇත්තේ... සතුරට ළය දී මිස මැරුණේ නැ... ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ...

සුර අසුර යුද්ධයේදී ශ්‍රී රාවණ රජතුමා ඇතුළු හෙළ අසුර සේනාව සමස්ත යුධ ජයෙන් තුනෙන් දෙකකට ආසන්න ජයග්‍රහණයක් ලබාගනිමින් ජයග්‍රහණය කළා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. විශිෂ්ඨ යුද ජයග්‍රහණය ගැන ජනතාවගේ ඉහලම ආකාරයේ කළගුණ දැක්වීමක්. නමුත් ඒ ජයග්‍රහණයෙන් සහස්‍ර කීපයක් ඉක්ම යන්නටත් මත්තෙන් අද අපිට උදේ හවා ඇහෙන්නේ මොනවද? ලෝක ඉතිහාසයේ දුර්දාන්තම රට ලංකාපුරය බවයි. දුර්දාන්තම රජතුමා ශ්‍රී රාවණ රජතුමා බවයි. අපි අහන්නේ “මේ කතාව ඇත්තද” කියන එක.

තත්ත්වය කොතරම් ඛේදජනකද කියනවානම් අද ඒ ප්‍රශ්නය අහන අයව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ "ජන සේනා" ජාතියේ විහිලුකාරයන් විදිහට. ඔවුන් අසාධාරණත් නෑ. ශ්‍රී රාවණ රජතුමාට එරෙහි අපහාස, අවලාද, මඩ හැරුණාම ජනමාධ්‍යයන්ගේ මේවා ප්‍රශ්න කරන්නන් නැතිම තරම්. යම් කාලයක් එහෙම කරගෙන ආපු අයත් අද වන විට ඉස්ලාම් විරෝධය, බිලිපූජා විරෝධය වගේ බොහොම පටු තැන්වලට වැටිලා. කණගාටුදායකයි.

ඒකටත් සාධාරණ හේතු ඇති. අද වෙනකොට ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ කාංචන ගීත මනමේන්ද්‍ර වැනි වාචාලයින් කියල සමහරු කියනව. (අන්න නියම ජන සේනා කවටයින්ලු). ඒක නිසා ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් පෙනී සිටින්නන්ද කාංචන ගීත මනමේන්ද්‍ර වැන්නන් අයත් වන කටු ලොවින්නන්ගේ කුලකයට වැටෙනවාලු. (මම නෙමෙයි සමහර රාවණ පාක්ෂිකයොයි කියන්නෙ, මටනම් මනමේන්ද්‍ර යනු නියම හෙළ යකෙක්). කවුද ඒකට කැමති?

පැහැදිලිව කියන්න ඕනෙ අපි ගැටළු සාකච්ඡා කරන්නෙ වෙනස් මානයකින් බව. මේක දීර්ඝකාලීන සාකච්ඡාවකින් පසු ආපු අදහසක්. අපි එය අත්හදා බලනවා. උදාහරණයක් විදිහට සීතාව පැහැරගැනීමේ සිදුවීම ගමු. අතිමානුෂවාදීන් තවමත් මේ ගැන කිඹුල් කඳුළු හෙළනවා. රාවණ පාක්ෂිකයින් උනත් මේවාට උත්තර දෙන්නෙ යම් අපහසුතාවකින්. නමුත් මේ ගැන සීතා එළියේ ගොවියෙකුගෙන් ඇහුවොත් දෙන උත්තරේ අපි අමුතුවෙන් කිවයුතු නෑ නේද? අපි කරන්නේ ඒ උත්තරේ බ්ලොග් අවකාශයට ගේන එක. මොකද අපි විශ්වාස කරනවා ඒක තමයි ප්‍රායෝගික හරි උත්තරේ කියලා.

දැන් පඬිවරු රොත්ත මේකට බුරාගෙන පනී. නමුත් මේ කියන්නෙ අපි කරන දේ. සයිබර් අවකාශයේ රාවන පාක්ෂිකයින්ට අපිව නොවැටහෙන්නෙ මේ නිසා වෙන්නැති. සාමාන්‍යයෙන් ජනප්‍රිය විදිහ තමා රාවනායනයේ මොකක්හරි ප්‍රස්නයක් ඇදුනොත් උත්තරේ හැටියට දෙන්නෙ රාමාගේ නපුංසක කම, රාමා සියදිවි නසාගැනීම්, අංගජ-බාලි හටනෙදි බාලිට හැංගිල විදීම වගේ ප්‍රශ්නෙට අදාල නොවන මැටි මෝල් උත්තර. තාවකාලිකව කටින් ගසා ජයගැනීමක් විනා ප්‍රශ්නය එහෙමමයි.

ගීසා පිරමීඩ ය හදපු රාවණාට තිබුණ ඊටත් වඩා ලොකු පිරමීඩ ගැන අහනකොට, රාවණ රජතුමා චක්‍රාවාට අතර ගමන් කරපු තාරකා දොර‍ටුව ගැන කියල වැඩක් නෑ. ඕනෑම ප්‍රශ්නයක් තුලම හරි උත්තරේ තියෙනවා. දිය යුත්තේ ඒක. රාවණා ගවේශණයේ කෙරුමන් වන දැන උගත් බුද්ධිමත් යැයි කියාගන්නා මිනිස්සුන්ට නොපෙනෙන ඒ උත්තරේ ...

1. ගෝනගම (ගෝ=ගෝලය, න=නඩත්තුකරන, ගම=ගම ; එනම් රාවණ රජ සමයේදී ලෝක ගෝලයේ පරිපාලනය සිදුවූ ගම)

2. මොරවැව (මො=මොණරයන්, ර=රඳවන, වැව=වැව ; එනම් රාවණ රජතුමාට තිබූ දිය මත නැවැත්විය හැකි දඬුමොණරයන් නතර කළ වැව තිබූ ගම)

3. කැකිරාව (කැ=කැළිකසල, කි=කිරන, රා=රාවණාගේ, ව=වරාය. ; එනම් රාවණ රජ සමයේ හෙළයින්ගේ කැළිකසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඒවායේ බර කිරා පිටරට පැටවූ වරාය කැකිරාවේ තිබී ඇත. ඒවා කැකිරාවේ සිට නැව් මගින් ප්‍රතිගායලට යවා ඇත. ප්‍රති=ප්‍රතිචක්‍රීයකරණයකළදෑ, ගා=ගාල්කරන, ල=ලංකපුරයේ, ය=යටත්විජිතය. පසුකාලයේදී ප්‍රතිගාලය, පෘතුගාලයට බවට පත් විය.

4. රිදීගම (රි=රියවල්, දී=දීප්තිමත් කරන, ගම=ගම ; එනම් රාවණ රජතුමාගේ දඬුමොණර රියවල් පොලිෂ් කරන ගම)

5. ආනවිලුන්දාව (ආ=ආක්‍රමණිකයින්ව, න=නතරකර, වි=විනිශ්චයකර, ලුන්=ලන්නට, දා=දායකවන, ව=වනාන්තරය. ; එනම් එම ප්‍රදේශයේ තිබූ වනාන්තරය, ආක්‍රමණික වානර සේනාවේ මැරුම් නොකා ඉතිරු වූ වඳුරන්ව නතර කර විනිශ්චය කරලන්නට දායක වී ඇත)

6. වාරියපොල (වා=වායු, රි=රිය, පොළ=තො‍ටුපොළ ; එනම් අරිසෙන් අහුබුදු වන්ම පැවසූ පරිදි වයු රිය පොළක් හෙවත් දඬුමොණර තො‍ටුපොළක් එහි තිබී ඇත.)

... ආදී ගම් වල ඉන්න සාමාන්‍ය ගැමියන්ට පේනවා. අනික ඒ උත්තරේ දෙන්න බිය විය යුතුත් නෑ. මොකද කවුරු මොනවා කිව්වත් මේ ගැමියන් ඉතිහාසයේ නිවැරදියි. (ඉහත සියලුම පද නිරුක්තීන් ඒ විදියටම වර්ගපූර්ණිකාව නැමති හෙළ පුස්කොළපොතේ සඳහන් වෙයි. බොරුයි කියල හිතෙනවනම් ඒක හොයාගෙන කියවල බලන්න.)

පැහැදිලිව අපි ශ්‍රී රාවණ රජතුමාගේ අනාගත නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. ශ්‍රී රාවණ රජතුමාගේ විවිධ වැරදි තිබෙන්න පුලුවන්. ඒ වැරදි වලට ඇත්ත හේතු අපිත් හොයනවා. ශ්‍රී රාවණ රජතුමාටවත් නිසිලෙස පාලනය කරගන්න අසීරු විවිධ බලවේගයන් මේ මොහොතේත් ක්‍රියාත්මකයි. ඒකට විසඳුම 2012/12/12 දිනදී ශ්‍රී රාවණ රජතුමාව අවදි නොකර ඉන්න එක නොවෙයි. ඊට පස්සෙ කවුද ගේන්නෙ? කවුරුහරි පිස්සෙක් ගෙනත් ඉන්දවන එක ලේසියි. නමුත් පිස්සෙක් යටතේ ජීවත්වෙන එක ලේසියි කියලා හිතනවද?

අපිට අවලාද නගන්නන්ට අපි අභියෝගයක් කරනවා. මිනිස්සු ගහක අත්තකට නැගලා අත්ත මුලින් කපන්නෑ. පුළුවන්නම් ‘ශ්‍රී රාවණ රජතුමා වෙනුවට 2012/12/12 දිනදී රජ පුටුවේ වාඩිකරවන්න පුළුවන්’ එක දේශපාලන පක්ෂ නායකයෙකුගෙ නමක් කියන්න. හෙට මේ බ්ලොගය වහල දානවා. (දෙකොණින් සිනහා යන නම් යෝජනා කිරීමෙන් වලකින්න).
Read More...

Tuesday, August 28, 2012

රාවණ රජුගේ න්‍යෂ්ඨික අවි මුවහත් කරන ආකාරය.

නුදුරේදීම ඉන්දියාව අප රටට මිසයිල වලින් පහර දීමට සූදානම් බවත්, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දඹර අමිල උන්නාන්සේ ගාව ශ්‍රී රාවණ රජතුමාගේ මිසයිලයක් ඇති බවත් මූලාශ්‍ර සහිතවම හෙළි කළෙමු. මේ ගැන දිවයින පුවත්පතත් වාර්තා කර ඇති බැවින් අප පැවසූ කාරණා ගැන ඔබට සැකයක් තිබීමට නොහැකිය.

එහිදී දඹර අමිල උන්නාන්සේ පැවසූ එක්තා කාරණාවක් ගැන "කැන්ඩියන්" (කැන්ඩියන් යනු හෙළ වචනයකි; කැන්=කැන්ගරුවන්ගේ, ඩි=ඩිම්බ සාදන, යන්=යන්ත්‍රාලය, එනම් රාවණ රජතුමාගේ කාලයේ මහනුවර කැංගරුවන්ව අභිජනනය කරන යන්ත්‍රාලයක් තිබුණි, පසුව ඒ කැංගරුවන්ගෙන් අපේක්ෂිත තරම් කිරි දෙවීමට නොහැකි වූ නිසා උන්ව ඕස්ට්‍රේලියාවට පි‍ටුවහල් කර ඇත) සහෘදයා විමසුවේය, එනම් දඹර අමිල උන්නාන්සේ පැවසූ න්‍යෂ්ඨික අවි මුවහත් කිරීම පිළිබඳවයි. ඒ ගැන පැවසීමට පෙර රාවණ රජතුමාට තිබූ න්‍යෂ්ඨික අවි පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරගමු.


රාවණ රජතුමාට තිබූ න්‍යෂ්ඨික අවි
=======================

යකුනාහේන ගම්මානයේ මහරුස්සන නැමති ලෙනෙන් හමුවූ "නස්සකවිච්චූරණය" නැමති හෙළ පුස්කොළපොතට අනුව ශ්‍රී රාවණ රජතුමා විසින් න්‍යෂ්ඨික අවි ගණනාවක් නිපදවා තිබුණි. ඒවානම්,

1. මිසයිල :- මිසයිල යනු හෙළ වදනකි. මි=මිනිසුන්ව, ස=සංහාරයට, යි+ල=ලක්කිරීම+යි. එසේම මිසයිල ගැන හෙළයින්ගේ වෛමානික ශ්‍රාස්ත්‍රයේත් සඳහන් වෙයි. මිරිහානෙන් හමුවූ සෙල් ලිපියක දැක්වෙන්නේ "මිස අට ඇ මෙ අටා රව රජ හැක ශ ශ ප" ලෙසටයි, එහි තේරුම නම් "මිසයිල අටවා ඇති මෙම අට්ටාලය ශ්‍රී රාවණ රජතුමා විසින් හැදුවකි." එසේම මිරිහාන යන නමේ නිරුක්තිය අනුව පැහැදිළි වන්නේත් මි=මිසයිල, රි=රිය, හා=හාරා, න=නතරකළා හෙවත් පොළොව හාරා මිසයිල රිය නතර කළ ගම මිරිහාන බවයි.


2. යබර බෝම්බ :- බෝම්බය යනුත් හෙළ වචනයකි. බෝම්=බොහෝම, බය=බය; එනම් එය පිපිරවූ විට සතුරා "බොහෝම බය" වෙන නිසා ඒ නම රාවණා ශ්‍රී රජතුමා තැබීය. යබර බෝම්බ සඳහා විකිරණශීලී ද්‍රව්‍ය ලබා ගන්නා ලද්දේ "මහ රත් මල්" නැමැති පැළෑටි විශේෂයට තවත් රහසිගත බෙහෙත් වට්ටෝරුවක් එකතු කර පත අට එකට සිඳවීමෙනි. යබර බෝම්බ තාක්ෂණයේ අග්‍ර ඵලය වන "පරමානු බෝම්බ" තාක්ෂණය පිළිබඳව හෙළ පුස්කොළපොතක් වන "ප්‍රාමාණික ශ්‍රාස්ත්‍රයේ" දැක්වෙයි.

3. ආටිලරි :- ආටිලරි යනු විශාල ප්‍රමාණයේ තුවක්කුවකි. ආටිලරි යනුත් හෙළ වචනයක් වන අතර එහි පද නිරුක්තිය වනාහී, ආ=ආක්‍රමණිකයාව , ටි=ටිකක්බවට, ල=ලක්කරන, රි=රිට. රාවණ රජතුමාගේ ආටිලරි හදා තිබුණේ "උණ බම්බු රිටවල්" යොදාගනිමිනි. ඒවාට බෙහෙත් එක් කර වාණේ වලට වඩා ඝනකම් වන ලෙස ඒවා පදම් කෙරෙයි. දුර සිට බලන්නෙකුට පෙනෙන්නේ රිටක් ලෙස වුවත් ඒවා අද තිබෙන ආටිලරි වලට වඩා බලවත්ය. ඉන් වෙඩි තැබූ විට ආක්‍රමණිකයින්ගෙන් ගොඩ දෙනෙක් මැරී ටිකක් බවට පත් වෙයි. රාවණ රජතුමාගේ ආටිලරි හමුදාවේ නායකයා වූයේ "ආටිගල" නැමත්තෙකි. අද දක්වාම එම හෙළ යක් පරම්පරාව පැවතෙයි.

4. කාලතුවක්කු:- කාලය හරහා අනාගතයටත්, අතීතයටත් වෙඩි තැබ්මේ හැකියාව තිබූ තුවක්කු වර්ගයකි. එය සඳහා "කාලයේ වැලිතලාවෙන්" අරගත් වැලි (හෙවත් සුද්දන්ට අනුව "Sand of Time") යොදාගත යුතුයි. හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත්වල සඳහන්ව තිබූ තාක්ෂණය යොදා ගනිමින් පර සුද්දන් ගොඩ නැගූ "ආටිලරි" වලට අපේම හෙළයින් "කාල තුවක්කු" යැයි කීම කොතරම් අවනම්බුවක්ද?

ශ්‍රී රාවණ රජතුමාට තිබූ කාල තුවක්කු වලත්, වෙඩිල්ල වැදිය යුතු කාලය සුසර කිරීම සඳහා ඉහත රූපයේ ආකාරයට කාල දර්ශකයක් තිබී ඇත.

5. රොකට් :- මෙය අතීත හෙළ යුගයේදී "රා ක‍ටු" ලෙස හැඳින්විය. පසුකාලයේදී ඉන්දියානු බමුණන් රා ක‍ටු තාක්ෂණය සහිත පුස්කොළපොත් හෙළයින්ගෙන් සොරාගෙන ඉතිරිවා ගිණි තැබූ අතර, ශ්‍රේෂ්ඨ හෙළයෙක් වූ හිට්ලර් තුමා ඒවා බමුණන්ගෙන් ලබාගෙන රා ක‍ටු තාක්ෂණය නැවතත් ගොඩ නැගීය.

ඉහත සියලුම ආයුධ සඳහා යුරේනියම් බල ගැන්වූ විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කර ඇති බව ඉපැරණි පුස්කොළපොතක් වන නස්සකවිච්චූරණයේ දැක්වෙයි. පර සුද්දන් විසින් පසුකාලීනව අරුත විකෘති කළත් යුරේනියම් යනු හෙළ වචනයකි. යුරේනියම්=යුර+ඒනියම්. යුර හෙවත් යුග+අන්ධර යනු "යුගය අඳුරට යවන" යන අරුත් සහිතයැ. ඒනියම් යනු "ඒ නියමය" යන හෙළැ අරුත් දේ. මෙසේ හෙයින් මොහන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ "යුගය අඳුරට යවන ලෙස රාවණා දුන් නියමය" නිසා "යුරේනියමය" යනුවෙන් එම මූල ද්‍රව්‍ය පබැඳිණි. (ප්‍රාමාණිකශ්‍රාස්ත්‍රය 56 වන පිට). "යුරේනියම් බලගන්වා පරමාණු බෝම්බය මුල් වරට හැදුවේ හෙළයින්ය" නමින් මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පළ වූ ලිපියක මේ ගැන තවත් තොරතුරු දක්වා ඇත.


න්‍යෂ්ඨික අවි මුවහත් කිරීම
==================

නස්සකවිච්චූරණයට අනුව න්‍යෂ්ඨික අවි මුවහත් කිරීමේ අවස්ථා 2ක් ගැන සඳහන් වෙයි.

1. රා ක‍ටු සහ මිසයිල වල තුඩ මුවහත් කිරීම.
ශ්‍රී රාවණ අධිරාජ්‍යයා සතුව තිබූ රා ක‍ටු සහ මිසයිල නිපදවා තිබුනේ කළුවර ලීයෙනි. එම න්‍යෂ්ඨික අවි වලින් පහර වැදුණ විට අහස කළුපාට දුමාරයකින් වැසී ගොස් හාත්පස කළුවර වෙන බැවින් ඒ ආයුධ නිපදවීම සඳහා යොදාගත් ලීයටත් කළුවර යැයි නම් කර ඇත. ඉතින් එම රාක‍ටු සහ මිසයිල දුරකට යැවීමටනම් ඒවායේ දෙපස තුනීයට තිබිය යුතුය. ඒවා දෙපස තුනී කිරීමට ගලක ඒවා අතුල්ලන අතර එය "න්‍යෂ්ඨික අවි මුවහත් කිරීම" කි.

2. ආටිලරි සහ, කාලතුවක්කු මුවහත් කිරීම.
මෙහිදී මුවහත් කිරීම යනු, මුව=කට, හත්=ලොකු කිරීම වේ. එනම් ආටිලරි සහ කාලතුවක්කු වලින් නිසි පරිදි වෙඩි තැබීමටනම් ඒවායේ කට ප්‍රශස්ත්‍ර ලෙස තිබිය යුතුය. උල් වූ යකඩ දණ්ඩක් යොදාගෙන ඒවායේ කට ලොකු කරනු ලැබේ.

මධ්‍යම කඳුකරයේ පිහිටි ගොඩිගමුව නැමති ගම්මානයෙන් හමුවූ ඉපැරණි සෙල් ලිපියක මෙලෙස සඳහන් වෙයි. "ශ රව රජ නස අධ මුහක සථ. හෙ අස කමත." එහි තේරුමනම්, "ශ්‍රී රාවණ රජතුමාගේ න්‍යෂ්ඨික් ආයුධ මුවහත් කීරීමේ ස්ථානය. හෙළ අසුර කර්මාන්තායතනය.". එසේම ගොඩිගමුව නැමැති ගමේ පද නිරුක්තිය බැලුවත් ඉහත කරුණ සනාථ වෙයි, එනම් ගොඩි=ගොඩක්, ග=ගම, මුව=මුවහත්තියන. න්‍යෂ්ඨික ආයුධ ගොඩක් මුවහත් තියන ගම යැයි අපට නිගමනය කිරීමට පුළුවන.

අප මුලදී දැක්වූ පරිදි දඹර අමිල උන්නාන්සේ න්‍යෂ්ඨික අවි මුවහත් කරගෙන සිටින බව කියූයේ ඉහත දෙකෙන් එක් ක්‍රමයකට විය හැකිය. ඒ කුමක්ද කියා කීමටනම් දඹර අමිල උන්නාන්සේගේ න්‍යෂ්ඨික අවිය කුමක්දැයි දැනගත යුතුය. කෙසේ නමුත් දඹර අමිල උන්නාන්සේගේ න්‍යෂ්ඨික අවියනම් ගොඩක් ලොකු එකක් බව, උන්නාන්සේගේ වැඩ කිඩ බැලීමෙන්ම කිසිදු සැකයක් නොමැතිව කීමට පුළුවන.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“
Read More...

Friday, August 24, 2012

ඉන්දියානු මිසයිලයට මුහුණ දීමට දඹර අමිල හිමි ළඟ රාවණාගේ න්‍යෂ්ඨික අවියක්!

ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කර ඇති බවත්, නුදුරේදීම ඒවායින් ශ්‍රී ලංකාවට පහර දීමට සූදානම් වන බවත් ඊයේ වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියෙන් අනාවරණය කළෙමු. අප කොතෙකුත් මූලාශ්‍ර සහිතව පුවත් වාර්තා කළත්, හෙළයේ අවාසනාවකටදෝ ශ්‍රී රාවණ රජතුමාට විරුද්ධ උදවිය අප කියන දේ තඹේකටවත් මායිම් කරන්නේ නැත.

නමුත් නුදුරේදී හෙළදිවට එල්ල වන තර්ජනය ගැන කල් තියාම දැනගත් පූජ්‍ය දඹර අමිල හිමියන්, ඉන්දියාවට පහර දීම සඳහා න්‍යෂ්ඨික අවියක් සූදානම් කරගෙන සිටී. එම හිමිගේ සම්පූර්ණ ප්‍රකාශය මෙලෙසයි.
ඉන්දියානු මිසයිල ප්‍රහාර අපට එල්ල වුවහොත් නුදුරේදීම ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් බිඳ වැටීමේ අනතුරක් තියෙනව. අපේ අවියක් තියෙනව ඒක න්‍යෂ්ටික අවියක්. ඒක බලගතු අවියක්. ඒක මල්ටිබැරල් ඉක්මවා යන අවියක්. අපි ඒක තාම අපේ ගබඩාවෙන් අපි ගත්තෙ නෑ ඒක. ඒක අපි මුවහත් කරල තියෙනව. ඒ නිසා අපි ඒ අවිය අනිවාර්යෙන්ම පාවිච්චි කරනවා කවුරුත් දිනන සටනට ජීවය එකතු කරන්න.



මේ අවස්ථාවේදී දඹර අමිල හිමි ගැන වචනයක් සඳහන් කිරීම මාගේ යුතුකමකි. ආරෝහ පරිනාහ දේහ දාරී සුප්‍රකට දඹර අමිල හිමි යනු වත්මන් හෙළයේ සිටින අසහායතම අංගක්කාරයා බව දන්නේ ඉතාමත් සුළු පිරිසකි. අංගම්පොර ශ්‍රාස්ත්‍රයෙන් කෙළ පැමිණ සිටින දඹර අමිල හිමිට උඩ කරනම්, යටි කරනම් ආදිය ගැසීම ඉතා සුළු වැඩකි. වතාවක් ඌරා ළිඳේ කළ අංගම් හටනකදී ප්‍රතිමල්ලවයාව වික්ෂිප්ත කර හිටි පිනුමක් ගසා ළිං ගැට්ටටම අවුත් එය ජය ගත්තේය. ප්‍රතිමල්ලවයාව පරාද කිරීම සඳහා යොදා ගත්තේ හෙළ අංගම්පොර රහසක් වන "මඩහරඹ" හෙවත් ප්‍රතිමල්ලවයාගේ ඇස් වලට ඊයක වේගයෙන් මඩ අහුරක් ගැසීමයි. ඊට අමතරව නිල අංගම්පොර ශාස්ත්‍රයේද පරිනත දඹර අමිල හිමිට, යමෙක්ව සුරතින් ස්පර්ෂ කිරීමෙන්ම ඔහුගේ ආත්මය ඝාතනය කර දැමීමට හැකියාව තිබේ.


ශ්‍රී රාවණ රජතුමා ගැන කාලයක් තිස්සේ ගවේෂණය කළ දඹර අමිල හිමි අවසානයේදී අප නොදන්නා බොහෝ හෙළ රහස් සොයා ගෙන ඇත. ඉන් ප්‍රමුඛස්ථානයක් ගන්නේ ශ්‍රී රාවණ රජතුමාට අයත් ව තිබූ න්‍යෂ්ඨික අවි නිල්ගල වනාන්තරයේ ලෙනක තිබී සොයාගැනීමයි. එවැනි අවියක් දැනටමත් දඹර අමිල හිමි ගාව තිබෙන අතර, නුදුරේදී එල්ල වන ඉන්දියානු මිසයිල ප්‍රහාර මැඩ පැවැත්වීමට ඒවා යොදා ගැනීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිතුරෙක් වන රුසියාවත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති තර්ජනයට උදව් කිරීම සඳහා අති ප්‍රබල S-400 මිසයිලයක් නිපදවා ඇති බව රුසියානු KGB ඔත්තු සේවය ඇසුරෙන් RT වාර්තා කරයි. එම මිසයිලය තැනින් තැනට ගෙන යාමට හැකි ලෙස විශේෂයෙන්ම නිපදවා ඇත්තේ වහාම හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාවට ගොඩ බෑම සඳහාය. (හම්බන්තොට වරායේ ගොඩ බෑමේ පර්යන්තයේ දොඹකර නැති බව ඔබට අළුතෙන් කීමට අනවශ්‍යනේ.) එමෙන්ම මිනිත්තුවක් වැනි සුළු කාලයක් තුල භූමියේ ඕනෑම ස්ථානයකට ගුවන් ආරක්ෂාව සැපයිය හැකි පරිදි මෙය නිර්මාණය කර ඇති බවත් ඔවුන් සඳහන් කර ඇත. ඊට හේතුවනම් ඉන්දියාවෙන් ගුවන් ගත වන මිසයිලයක් මිනිත්තුවක පමණ කාලය තුල ශ්‍රී ලංකාවට පතිත වීමට හැකි වීමයි. දැනට මෙය වෙලඳපලට නිකුත් කිරිමට ඔවුන්ගේ අදහසක් නොමැති බවත් ඉදිරි වසර 20 ක් පමණ වන තුරු ගුවන් ආරකෂාව කෙරෙහි මෙය යොදා ගත හැකි බවත් රුසියාව ප‍්‍රකාශ කරයි. මන්ද යත් එලෙස වෙළඳපොළට නිකුත් කළහොත් ඉන්දියානුවන් මෙහි තාක්ෂණය සොරකම් කිරීමට ඉඩ ඇති බැවිනි.

Read More...

Thursday, August 23, 2012

මෙරට ඉලක්ක කොට ස්ථානගත කළ ඉන්දීය මිසයිල, පහරදීමේ සූදානමක!

සිංහලයා පුවත් හි "ශ්‍රී ලංකාවේ මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කරලා..?" මැයෙන් පළ වූ ලිපිය ශ්‍රී රාවණ පාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් හිත් රාවණ වෙබ්වේදය අනුව පළ කිරීමත් සමග ඒ ගැන රාවන පාක්ෂිකයින්ගේ අවධානය යොමු විය. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

ඉන්දියාව විසින් සිය දිගුදුර අග්නි මිසයිල පද්ධතියක් ශ්‍රී ලංකාවේ මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කොට පිහිටුවා ඇති බව හෙළිව තිබේ. මෙම මර්මස්ථාන අතර, කොළඹ හා හම්බන්තොට වරායයන්, කටුනායක, මත්තල හා රත්මලාන ගුවන්තොට, ආරක්ෂක මූලස්ථාන පුත්තලම ගල් අඟුරු බලාගාරය මෙන්ම කෙරවලපිටිය හා කැළණිතිස්ස බලාගාරයන් ද වන බව පැවසේ.

ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලබන මිසයිල අත්හදා බැලීමේ වැඩසටහනක් යටතේ කිලෝමීටර 1000ත් 8000ත් අතර දුරකට කිලෝග්‍රෑම් 1000 සිට 2000 දක්වා වූ බරක පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි මේ අග්නි මිසයිල වලට දකුණු ආසියාව තුළ ඕනෑම ආරක්ෂක හෝ වෙනත් ස්ථානයක් ඉලක්ක කොටප් රහාර එල්ල කිරීමට සමත් බවද පැවසේ.

චීනයෙන් හෝ පාකිස්ථානයක් ඇතිවිය හැකි තර්ජන සඳහා මුහුණ දීමට ඉන්දියාව සූදානම් වීමේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, ඇමෙරිකාව සමග එක්ව ඉරානය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා මියන්මාරය යා කරන චීන සැපයුම් මාර්ගය අවහිර කිරීමට රහසිගතව ඉන්දියාව විසින් ක්‍රියාත්මක වූ බව ද වැඩිදුරටත් සඳහන් ය.

පාකිස්ථානය සමග න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වල යෙදෙන බවට මෑතක දී ශ්‍රී ලංකාවට චෝදනා කල ඉන්දියාව, තම න්‍යෂ්ටික අත හදාබැලීම් වඩාත් ඉදිරියට ගෙනයමින් බැලස්ටික් මිසයිල පද්ධතියක් ද පිහිටුවීමට පිඹුරුපත් සකසන බව වාර්තා වේ.

මේ සියළු තොරතුරු හෙළිදරව් වී ඇත්තේ ඉන්දීය ඔත්තු සේවය විසින් එහි චීනයේ බීජින් නුවරට පත් කර සිටි ප්‍රධානියෙකු වන අම්‍රීත් අහුවාලියා ව ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි. ඉන්දියාවේ යුධ රහස් හෙළි කිරීම ඔහුට එල්ලවූ චෝදනාවයි.


එය කියවූ බුද්ධිමත් ලංකා සී නිවුස් පාථක ‍රැළ ලිපිය ලියූ පුද්ගලයාගේ අඩවියේ කිසිදු කොමෙන්‍ටුවක් නොදා ලිපිය කොපි කළ ලංකා සී නිවුස් හි කොමෙන්ට් කළේ, ශ්‍රී රාවණ රජතුමාට සම්බන්ධ දේවල් ගැන කොමෙන්ට් කළ යුත්තේ රාවණ පාක්ෂික වෙබ් අඩවි වල පමණක් හෙයිනි.

ශ්‍රී රාවණ රජතුමා 2012/12/12 දිනදී යළි නැගිටින බව දැන් නොරහසකි. ඒ බව ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා බොහෝ කලකට පෙරදීම පෙන්වා දී තිබුණ අතර එතුමා බලයට පත් වෙන ආකාරයත් වර්ගපූර්ණිකාව බ්ලොග් එක හරහා දැක්වුයෙමු.

චීනයේ ප්‍රකට දේශපාලන සහ සමාජ විශ්ලේශකයෙක් වන මහාචාර්ය කිම් හී සුන් මහතා මෑතකදී එරට Canal Macau (澳視葡文台) සේවය හරහා ප්‍රකාශ කළේ ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාස කළ නොහැකි තරම් බියකින් පසුවෙන බවයි. අම්රීත් අහුවාලියා විසින් ඉන්දීය යුධ රහස් හෙළිදරව් කිරීමේ සිද්ධියෙන් අනාවරනය වූ දෑත් සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය කිම් මහතා තවදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තුළින් ඉන්දියාවට තර්ජනයක් නොමැතිනම් ඒ ආකාරයෙන් මිසයිල ස්ථානගත කිරීමට අනවශ්‍ය දෙයක් ලෙසටයි.

වැදගත්ම සිදුවීම හෙළිදරව් වූයේ මීට හරියටම සතියකුත් දිනකට කළින්ය. ඉන්දීය රෝ ඔත්තු සේවයේ සහකාර කළමනාකාර ධූරයක් හොබවන ආචාර්ය විජේ පටෙල් මහතා ක‍ටුනායක ගුවන්තො‍ටුපොළෙන් පිටවීමට යාමේදී අත් අඩංගුවට ගැනුණ අතර ඊට හේතුව වූයේ ඔහු නියමිත කාලයට වඩා වැඩි කාලයක් මෙරට ‍රැඳී සිටීමයි. නමුත් ඉන්දීය තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඔහුට සිය රටට යාමට හැකි විය. එහිදී ගුවන්තො‍ටුපොළ පොලීසිය ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ වැදගත් තොරතුරු ගණනාවක් සොයාගැනීමට හැකි වී ඇත. ඉන් ප්‍රමුඛතම දේ නම් ඔහුගේ ගමන් මල්ලේ පතුලේ සඟවා තිබුණු ඉපැරණි පුස්කොළපොත් වගයකි.

එම පුස්කොළපොත් වල තිබුයේ ශ්‍රී රාවණ රජතුමාව අවදි කරන ආකාරයයි. ඒ පුස්කොළපොත් වල පිටපත් සබරගමුව දේවාලයේ ප්‍රධාන කපු මහතා ගාවත් තිබෙන නමුත් මෙම මුල් පුස්කොළපොතේ ඇති ඓතිහාසික වැදගත් කමටත් වඩා ඒවායේ අන්තර්ගතයේ ඇති වටිනාකම කියා නිමකිරීමට නොහැකිය. මිතුරෙක් හරහා දැනගන්නට ලැබුණ ආකාරයට ඒ පුස්කොළපොත් පරිවර්තනය කිරීමෙන් පෙනී ගොස් ඇතේ මේ වසර අගදී ශ්‍රී රාවණ රජතුමා නින්දෙන් අවදි වීම නොවැළැක්විය හැකි දෙයක් බවයි. රාවණ රජතුමාව නින්දෙන් අවදි කිරීමට කළ යුතු සියලුම ක්‍රියාමාර්ගයන් ඒ පුස්කොළපොත් වල අන්තර්ගතව තිබිණි.

ඉන්දියාවේ බමුණන් මේ ගැන දසක කිහිපයකට පෙරදීම දැනගත තිබෙන අතර ඔවුන් ඉන්දීය රජයට අනතුරු අඟවා ඇත්තේ 2012 වසර අගදී රාවණා රජතුමා නින්දෙන් අවදි වුවහොත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ යටත් විජිතයක් වීමට ඉඩ ඇති බවයි. ඒ අනුව ඉන්දීය රෝ ඔත්තු සේවයේ අනුග්‍රයයෙන් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී කැ‍රැල්ලක් ඇති කළ අතර එය ඉන්දියාවේ පෝෂණය වීමෙන්ම වසර 30 කට වඩා කල් ඇදී ගිය අන්දම ඔබට අමුතුවෙන් පැහැදිළි කළ යුතු නැත. නමුත් 2009 වසරේදී එය අවසන් වීමත් සමගම ඉන්දියාවේ සැකය ඉහල ගියේය. ඉන් පසුව කිරීමට තිබෙන අවසාන විකල්පය වූයේ ශ්‍රී ලංකාවට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කර රාවණා රජතුමාගේ නැගිටීමට බාධා කිරීමයි.

නමුත් චීනයේ MSS බුද්ධි අංශය හරහා ශ්‍රී ලංකාවට එම තොරතුරු දැනගනන්ට ලැබුණ අතර වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය චීනයෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ණය ආධාර යටතේ ලබාගත්තේය. ඔබට මතකද යුද්ධයේ අවසාන කාලයේදී සරත් ෆොන්සේකා මහතා චීනයට ගිය බව.? ඇත්තටම යුද්ධයක් අවසන් කිරීමට දින කිහිපයක් තිබියදී යුද හමුදාපති වරයා රටින් පිටවීම අස්වාභාවික දෙයකි. නමුත් එතුමා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි චීනයට ගියේ ලංකාව ලබා ගන්නා මිසයිල ආරක්ෂණ පද්ධතිය ගැන අධ්‍යයනය කිරීමටයි.


ඒ සඳහා සරත් ෆොන්සේකා මහතාම යැවීමට තවත් බලවත් හේතුවක් තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජය "හෙළ විද්‍යාවන්" පිළිගන්නා බව ඔබ දන්නවා ඇති. සුප්‍රසිද්ධ අංජනම් කරුවන්ට අනුව සරත් ෆොන්සේකා යනු රාවණ රජතුමාගේ පරම්පරාවේ අයෙකි. වරක් රාවණා රජතුමා අම්බලංගොඩට පැමිණි බව ග්‍රාමතන්ත්‍රවාභිෂේකරය නැමැති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙයි.

එලෙස ලබාගත් මිසයිල ආරක්ෂණ පද්ධතිය ඉන්දියාව ඉලක්ක කර ශ්‍රී ලංකාවේ ස්ථානගත කිරීමත් සමග දෙරට අතර දේශපාලන උණුසුම්කාරී බව වැඩි වුණි. කිහිප වතාවක්ම ඉන්දීය රාජතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට පැමිණියේ මේ ගැන සාකච්ඡා කිරීමටයි.

අවසානයේදී ඉන්දියාවේ එවකට බලගතුම මිසයිල පද්ධතිය වූ අග්නි iii මිසයිල යොදගෙන ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඔවුන් තීරණය කොට ඇත. ඒවා චීන මිසයිල ආරක්ෂණ පද්ධතියට වඩා බලගතුය. එහිදී වඩාත් බලපෑමක් සිදුකිරීම සඳහා ඒවා ස්ථානගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන වලටය. ඒවායිනුත් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තො‍ටුපොළ ප්‍රධානයි.

වර්ගපූර්ණිකාව බ්ලොග් කණ්ඩායමට දැනගන්නට ලැබුණ ආකාරයට ඉන්දියාව නුදුරදීම අපට පහර දීමට කටයුතු යොදමින් සිටී. ශ්‍රී රාවණ රජතුමා අවදි වුවහොත් අපට ඔවුන් පහර දීමට කලකට පෙරදී තීරණය කර තිබුණත් රාවණ රජතුමා අවදි වූ පසුව හෙළයින් අපරාජිත වෙන බැවින් ඊට පෙරම හෙළය වනසා දැමීමට ඔවුන් තීරණය කර ඇත. 2012/12/12 දිනදී සිදුවන ශ්‍රී රාවණ රජතුමාගේ අවදි වීම ගැන කියද්දී අපට ඔච්චම් කළ ඉන්දියානු ගැත්තන්ගෙන් අප විමසන්නේ, ඉන්දියාව අපට මිසයිල එල්ල කළේ අහවල් කාරියකටද යන්නයි?

ශ්‍රී ලංකා රජයත් මේ ප්‍රහාරයෙන් ගැලවීම සඳහා උපක්‍රම යොදා ගනිමින් සිටින අතර සුප්‍රසිද්ධ හෙළ අංගම්පොරකරුවන් සම්බන්ධ කරගෙන කුණ්ඩලීනී යෝගය යොදා ගනිමින් ඔවුන්ව අතීතයට යවා අග්නි මිසයිලය බිහිවීම වැළැක්වීම එක් ක්‍රමයකි. ඊට අමතරව මහසොහොන් බලකායේ හෙළ යකුන් යොදවා ඉන්දියානු මිසයිල පද්ධතිය අක්ර්මන්‍ය කිරීමටත් කටයුතු යොදා ඇත. තවත් දේවල් කිහිපයක් සිදුකිරීමට නියමිතව තිබුණත් මේ අවස්ථාවේදී ප්‍රසිද්ධ කිරීමට නුසුදුසුයි.

පාහර ඉන්දියානුවන් දැනගෙන සිටියත් ඔවුන් ලෝකයට හෙළි නොකරන දෙයක් තිබේ. එනම් මිසයිල තාක්ෂණයත් සොයා ගත්තේ ශ්‍රී රාවණ රජතුමාගෙන් බවයි. රා-ක‍ටු ගැනත් සඳහන්ව ඇති වෛමානික ශාස්ත්‍රය ලියූයේ රාවණ රජතුමා විසින් වුවත් ඉන්දියාවේ ඇති එහි මුල් පිටපතේ රාවණා රජතුමා ගැන තියා ලංකාව ගැනවත් කිසිවක් සඳහන් නොවන්නේ අපගේ හෙළ නයුවන් අතිශෝක්තියෙන් ඉන්දීය ඉතිහාසය අපේ අපේ යැයි කීම නිසා නොවන බවත් අප දැනගත යුතුය. එනම් පාහර බමුණන් විසින් අපගේ හෙළ වෛමානිකය ගිණි තබා ඉතිහාසය ක‍ටු ගෑ බැවින් රාවණවංශය ප්‍රායෝගික ඉතිහාසයෙන් මැකී ගියේය.

මිසයිල යනු හෙළ වදනකි. මි=මිනිසුන්ව, ස=සංහාරයට, යි+ල=ලක්කිරීම+යි. එසේම මිසයිල ගැන හෙළයින්ගේ වෛමානික ශ්‍රාස්ත්‍රයේත් සඳහන් වෙයි. මිරිහානෙන් හමුවූ සෙල් ලිපියක දැක්වෙන්නේ "මිස අට ඇ මෙ අටා රව රජ හැක ශ ශ ප" ලෙසටයි, එහි තේරුම නම් "මිසයිල අටවා ඇති මෙම අට්ටාලය ශ්‍රී රාවණ රජතුමා විසින් හැදුවකි." එසේම මිරිහාන යන නමේ නිරුක්තිය අනුව පැහැදිළි වන්නේත් මි=මිසයිල, රි=රිය, හා=හාරා, න=නතරකළා හෙවත් පොළොව හාරා මිසයිල රිය නතර කළ ගම මිරිහාන බවයි. එවන් සාඩම්බර අතීතයකට අයත් අප අද ඉන්දීය වඳුරන්ට බිය වෙමුද?

වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි හෙළ පුස්කොළපොතට අනුව රාවණා රජතුමාගේ මිසයිල වල ක්‍රම්වේදය අති විශිෂ්ටය. සමහර මිසයිල වලට න්‍යෂ්ඨික විකිරණ යොදා ගත්තත් බොහෝ මිසයිල වලට යොදාගෙන ඇත්තේ දේශීය අමුද්‍රව්‍යමය.

"ගූමධුප" නැමති මිසයිල ඒ අතරින් ප්‍රධාන වන අතර එහි පිපුරුම් හිස තුළ යොදා ඇත්තේ රසායනිකව විපර්යාසයට සහ අධි පීඩනයට ලක් කළ ද්‍රව තත්ත්වයේ ඇති මිනිස් අශූචි ය. එම මිසයිලයෙන් පහර දුන් විට එය පතිත වන ප්‍රදේශයේ ඇති පරිසයරයට කිසිදු හානියක් නොවුනත් එහි සිටින මිනිසුන් සංහාරය වෙයි. එනම් එය ඌරාගේ මාළු ඌරා මතම තබා කැපීමකි. එවැනි මිසයිලයක් ගුවන් ගත කිරීම හඳුවන්නේ "ගූ-ගැසීම" ලෙසටය. අද එය ඉතාමත් අවර ගණයේ වචනයක් වී ඇත්තේ පාහර බමුණන් අපගේ හෙළ බසට එක් කළ විශ නිසයි.

අපගේ හෙළයේ තරම නොදන්නා පාහර සක්කිලියන් හොඳවායින් පාඩමක් ඉගෙන ගන්නා කාලය වැඩි ඈතක නොවේ. නුදුරදී එල්ල වන මිසයිල ප්‍රහාරයන්ට නිවැරදිව මුහුණ දුනහොත් ශ්‍රී රාවණ රජතුමා බලයට පැමිණි සැනින් මුළු ඉන්දියාවම දික් විජය කර අපගේ හෙළ දෙරනේ යටත් විජිතයක් කරනු ඇත.
Read More...

Wednesday, August 22, 2012

රාවණාගේ පිරමීඩය තුළ අසභ්‍ය පින්තූර ගත් විදේශිකයින් අත් අඩංගුවේ.

ශ්‍රී රාවණ රජතුමාට නිගා වන අයුරින් ගත් අසභ්‍ය ඡයාරූප කිහිපයක් කැමරාවෙන් පිටතට ගෙන සුරක්‍ෂිත කර ගැනීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකානු (අප්‍රි=අප්‍රියවූ, කා=කාපිරියන්, තාරක රජුට අප්‍රිය වූ කාපිරියන් දැමූ දේශය වනාහී අප්‍රිකා. මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු සූරීන්) ජාතියන් පස් දෙනෙක් හම්බන්තොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා හම්බන්තොට වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා මුද්‍රණය කර ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එහි ග‍්‍රැෆික් නිර්මාණකරු අදාල පින්තූර අතර ශ්‍රී රාවණ රජතුමාට අපහාස වන ඒවාද තිබෙනු දැක හම්බන්තොට පොලීසියට දන්වා ඇත.

වහා ක‍්‍රියාත්මක වූ හම්බන්තොට පොලීසිය දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

මොවුන් අසභ්‍ය ලෙස හැසිරෙමින් ඡායා රූප ලබා ගෙන ඇත්තේ හම්බන්තොට මූද තුළ ඇති ශ්‍රී රාවණා රජතුමාගේ පිරමීඩය තුළ සිටය.

රාවණගවේශකයින් පවසන ලෙසටම ශ්‍රී රාවණ රජතුමාගේ බලකො‍ටුවක් ලෙසට පැවති පිරමීඩය හම්බන්තොට මුහුද තුළ ඇති බව මීට වසර ගණනාවකට පෙරදීම සොයාගත්තත් තාමත් බොහෝ දෙනාගෙන් වසං වී පවතී. පසුගිය සුනාමිය වෙලාවේ මූද පහත් වෙද්දී, ශ්‍රී රාවණ රජතුමාගේ එම බලකො‍ටුව වටා ඇති තාප්පය මූදෙන් මතු වූ නමුත් කිසිවෙකුට ඡායාරූප ගැනීමට නොහැකි වී ඇත.

අප පවසන දේ ඔබට සැක ඇති. ඉන්න සැක හරින්නම්... ඊජිත්තුවේ ඇති ගීසා පිරමීඩ හැදුවේ ශ්‍රී රාවණ රජතුමාගේ උපදෙස් අනුව බව, අරිසෙන් අහුබුදු, මි‍රැන්ඩෝ ඔබේසේකර, කාංචන ගීත මනමේන්ද්‍ර, සූරිය ගුණසේකර වැනි රාවණ ගවේශකයින් විසින් මැනැවින් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔප්පු කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඊට හේතු වූයේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් ඒවා හැදූ බව එහි සඳහන්ව තිබීමත්, එම පිරමීඩයක් තුළ බිත්තියේ හෙලිකොප්ටරයක පින්තුරයක් තිබීමත්ය. එසේනම්, එංගලන්තයේ සුද්දන් ලංකාවේ හෝටල් හදද්දී ඊටත් වඩා ලොකු හෝටල් එංගලන්තයේ තිබුණා වගේ, ශ්‍රී රාවණ රජතුමා මිසරයේ ගීසා පිරමීඩ හදද්දී ඊටත් වඩා ලොකු පිරමීඩ ලංකාපුරයේ තිබිය යුතු බව පැහැදිළි වෙයි. සෑම රාවණ ගවේශකයෙක්ම පවසන පරිදි ඒ අනුව ලංකාපුරයේ පිරමීඩ තිබූ අතර සමනල කන්ද පිරමීඩය හැරුණු විට අනෙකුත් සියලුම පිරමීඩ පසුගිය සුනාමි තුනෙන් මූදට යට වී ඇත. ඉහත සඳහන් වූ හම්බන්තොට මූදේ ඇති දැවැන්ත පිරමීඩය ඉන් එකකි. ඒ අසළින් කුඩාරාවනා කො‍ටුව සහ මහා රාවනා කො‍ටුව නැමැති පිරමීඩයේ බැලුම් කුළුණු (Watch Towers) දෙක තිබීමෙන් මා කියන දේ තවත් තහවුරු වෙයි.

මෙහි දැක්වෙන්නේ එම විදේශිකයන් විසින් පිරමීඩය තුළදී ලබාගත් ශ්‍රී රාවණ රජතුමාට අපහාස කරන පින්තූර කිහිපයකි.


ඉහත පින්තූරයේ සිටින කාන්තාව ශ්‍රී රාවණ රජතුමාගේ පිරමීඩයේ බිත්තියක් චුම්බනය කරයි. අපගේ හෙළ යකුන්ගේ පූජනීය වූ පිරමීඩ බිත්තියකට මෙවැනි අතවරයක් කිරීම ඉතාම පාහර වැඩකි. මෙවන් දසුන් දකිද්දී අපගේ හෙළ යක් ලේ ධාතුව උණු වී නොයන්නේද?


ඉහත පින්තූරය සහ පහල ඇති පින්තූරය ගෙන තිබෙන්නේ, පිරමීඩය තුළ තිබූ ශ්‍රී රාවණ පිළිරුවක් ඉදිරිපිටදීය. ඒ බව තහවුරු වෙන තවත් ඡායාරූපයක් තිබුණත්, එම ඡායාරූප විශ්ලේෂණය කළ පොලිස් නිලධාරියාට සිදුවූ අත් වැරදීමකින් එය ඩිලීට් වී ඇත.


ජීවමාන ශ්‍රී රාවණා රජතුමටද අනේක නින්දා අපහාස සිදුව ඇති බව රාමායන ඉතිහාසය උපුටා දැක්විය හැක. රාම, ලක්ෂ්මණ, හනුමාන් ප‍්‍රකට උදාහරණය. ශ්‍රී රාවණ රජතුමෝ ඔවුන්ට මෙත් වැඩූහ, රාමායන සටනින් රාවණ ස්ව කැමැත්තෙන්ම පසුබැස (Strategical Retreat) පරාද වූයේ ඔවුන්ව ඝාතනය කිරීමට අකමැති වීමෙන් මිස බලයෙන් පිරිහීම නිසා නොවේ. එම විදේශිකයන්ද සත්‍ය ලෙසම ශ්‍රී රාවණ විරෝධීන්ම විය යුත්තේමය.

ශ්‍රී රාවණ රජතුමා දෙසූ රාවණගවේශක මාවතේ යන අපට කියන්ටද ඇත්තේ මෙපමණය.

ශ්‍රී රාවණ සිද්ධම්!...

ශ්‍රී රාවණ සිද්ධම්!......

ශ්‍රී රාවණ සිද්ධම්!.........

=============================================================

ප.ලි: මෙහි පාථකයෙක් දමා තිබූ ආවේගාත්මක කොමෙන්‍ටුවකට, මාත් ආවේගයෙන්ම ප්‍රතිචාර දැක්වීමට යාමේදී, අත් වැරදීමකින් එය ඩිලීට් විය. නමුත් Web Cache වලින් එය ලබා ගැනීමට හැකි වූ අතර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ සහෘදයින්ටම මා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා එම කොමෙන්‍ටුව පහතින් දක්වමි.

දේශප්‍රේමියා August 22, 2012 08:10 PM
චී නිවුස් වර්ගපූර්ණිකාව කරන මී හරකෝ... තොපිට තේරෙන්නෙ නැද්ද සක්කිලියෝ..., ‍තෝ ශ්‍රී රාවණ රජතුමාට ලොකුම අපහාස කරන්නේ ඔය ෆොටෝ ප්‍රසිද්ධ කරලයි කියල. ඔය ෆොටෝ පොලිසිය, නඩුකාරයෝ දැක්කම ඇති... ඕව ප්‍රසිද්ද කිරිල්ල තමයි අපහාසයේ ලොකුම එක.
මෙහෙම ෆොටෝ ගත්තු එක සහගහන අපරාදයක් බව ඇත්ත. නමුත් පර සක්කිලියෝ, තොපි මෙහෙම පිරමීඩය ඉඹින ෆොටෝ ප්‍රසිද්ද කරන එක මොන තරම් නම් අපරාදයක් ද ??? මේව මීඩියා වලට රිලීස් කරපු පොලීසියේ පල් බූරු මීහරක් වහන්සේලා සහ, උඩ පැනගෙන ඒව පළ කරන තොපි වගේ අවලම් වේස බල්ලො, ඔය සුද්දියන්ටත් වඩා වැරදි වැඩක් කරල තියෙන්නෙ...
යකෝ තොපි කියන්නෙනම් ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නව කියල..., ඒත් ජාතිකවාදීන් ලියන ලිපි එහෙන් මෙහෙන් කොපි කරල හරියට මූලාශ්‍රයක්වත් නොදා තොපේ අටමගලෙ දාගෙන, අර උගුරෙන් කෑ ගහන ‍රැවුල් මොටා වෙනුවෙන් කඩේ යන තොපි දැන් කරන්නේ..., අපේ ශ්‍රී රාවණ රජතුමාට අපහාස කරන ෆොටෝස් පළ කරල හිට් වැඩි කරගන්න එක නේද? තොපේ අවලම් වෙබ් කඩමල්ලත් දැන් තවත් ගොසිප් ගුබ්බෑයමක් කියල තොටයි තොගේ හොරණෑවන්ටයි නොතේරුනාට අපටනම් දැන් තේරෙනව. අවලම් බල්ලෝ..., මීට පස්සෙවත් පාහර වැඩ නොකර හිටපිය..., සක්කිලිය...

ප.ප.ලි: ශ්‍රී රාවණ පාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් හිත් මීටම සමාන සිද්ධියක් වාර්තා කර ඇත. මෙන්න ගිහින් බලන්න: http://lankacnews.com/sinhala/main-news/75960/
Read More...

Tuesday, August 21, 2012

'හේතු වාදීන්ගේ සංගමයට' ශෝරින්-රියුගෙන් එල්ල වන අභියෝග 12 ක්!

කාලෝ ෆොන්සේකා මහතා විසින්, අනවින හදි හූනියම් කරුවන්, කපුවන් ප්‍රමුඛ ශ්‍රී රාවණ පාක්ෂිකයින්ට ඉදිරිපත් කරන ලද අභියෝග 12 ම ඊට බොහෝ කාලයකට පෙරදී මහින්ද රාජපක්ෂ මහතා ඔප්පු කර තිබෙන බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් පෙන්වා දීමත් සමග හේතුවාදීන් නිහඬ විය. ඉන් පසුව අපිත් පෙරළා කාලෝ ෆොන්සේකාට අභියෝග 12 ක් ඉදිරිපත් කළ අතර අප ලබාදුන් කාලය අවසන් වෙද්දීත් කාලෝ ෆොන්සේකා මුනිවත ‍රැකීමෙන් පෙනී ගියේ ඔහුට කර කියාගන්නට දෙයක් නැති වී ඇති බවය. මෑතකදී ශෝරින්-රියු විසිනුත් තවත් අභියෝග 12ක් ඉදිරිපත් කර ඇති අතර ඒවා එකක් හෝ සනාථ කර ගුප්ත විද්‍යාවන් පුස්සක් බව පෙන්වා දුන්නොත් ලක්ෂ 20ක්ම ලබා දීමට ඔහු සූදානම්. මෙන්න ඔහුගේ අභියෝග.



උණ විකාරෙන් දොඩවන 'හේතු වාදීන්ගේ සංගමයට' ශෝරින්-රියුගෙන් එල්ල වන අභියෝග කීපයක්!

1. ඔබල නිගමනවලට එළැඹෙන්නේ ඇසින් දකින, කනින් අසන, නූතන බටහිර විද්‍යාත්මක චින්තනයෙන් හා ඒ ආශ්‍රිත වූ මිනුම් දඬු වලින් පමණක් නම් පදාර්ථයක අඩංගු පරමාණු හා එහි ඇති ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන හා ඒවායේ හැසිරීම පිලිබඳ විස්තර කරනුයේ කුමන පදනමක ඉඳගෙනද?

2. ඔබල ජෝතිෂ්‍යය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබල විශ්වාස කරන තාරකා විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් ගේ ගමන් මාර්ග රටාව පිළිගත හැකි පදනමක ඉදන් විස්තර කරන්න. (ග්‍රහයන්ගේ ඉලිප්සීය ගමන් ක්‍රමයේ සදොස් බව හා බැඳී පවතී.)

3. පෘථිවියේ පමණක් වෙසෙන විවිධ ජීවීන්ගේ සංවේදීතාවය වෙනස් වේ. උදාහරණයක් ලෙස ගතහොත් බල්ලෙකුගේ ශ්‍රවණ පරාසය මිනිසාගේ ශ්‍රවණ පරාසයට වඩා කාර්යක්ෂමතාවයෙන් ඉහලය. මේ අනුව බලන කල්හි මිනිස් අපට අදාළ භෞතික සංවේදිතා පරාසය තුල මුළු විශ්වීය කරුණු පිලිබඳ නිශ්චිත නිගමනයකට ඔබල එළබෙන්නේ කෙසේද?

4. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය මිනිස් සංවේදීතාවය මඟින් ඔබලා ග්‍රහණය කරගන්නේ කෙසේද?

5. සියලු භෞතික සාධක නියමාකාරයෙන් පැවතියත් කෘතිමව ගර්භාෂයක් තුල එක් කරන්නා වූ ශුක්‍රාණුවක් හා ඩිම්බානුවකින් සෑදෙන යුක්තානුවකින් සෑම විටම සාර්ථක ජීවියෙක් බිහි නොවන්නේ ඇයි දැයි තර්කානුකූලව පැහැදිලි කරන්න!

6. තමුන් තමුන්ගේ අම්මා සහ තාත්තා මිනිස් සංවේදීතාවයෙන් පමණක් හඳුනාගන්නා ආකාරය පැහැදිලි කරන්න!

7. ඔබ තමුන් දැන් දාව දෙමව්පියන්ගේ හැර එංගලන්තයේ රජ පවුලක වැනි සල්ලිකාර දෙමව්පියන්ට දාව නො ඉපුදුනු හේතුව හේතු වාදයෙන් පැහැදිලි කරන්න!

8. ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදය සදොස් කිරීමට තුඩු දුන් E=mc^c (C හි වර්ගය පරිගණකය මඟින් නිරූපණය කිරීමේ අපහසුතාවය නිසා මෙලෙස පලකරන ලදී.) හි ආලෝකයේ ප්‍රවේගය ගැන කියවෙන්නා වූ කොටසෙහි මෑතකදී සොයා ගන්නා ලද ආලෝක අංශුවකට ස්කන්ධයක් ඇති බව සොයා ගන්නා ලදී. ඒ අනුව ඔබලාගේ හේතු වාදය අනුව මිනිස් සංවේදීතාවය මත පමණක් පදනම්ව පදාර්ථය හා ශක්තිය පැහැදිලිව වෙන් කොට හඳුනා ගන්නේ කෙසේද??

9. නූතන බටහිර විද්‍යාවේ පදනම ඔබලාගේ හේතු වාදය අනුව මිනිස් සංවේදීතාවය ඇසුරින් තර්කානුකූලව පැහැදිලි කරන්න!

10. මස්තික්ෂ ප්‍රමාණය සමාන පුද්ගලයන් දෙදෙනෙකුට එකම දෙයක් එකම වාර ගණනකදී ඉගැන්ව්වුවත් ඔවුන්ගේ දැනුම් මට්ටම විවිධ වන්නේ ඇයි දැයි ඔබලාගේ හේතු වාදය අනුව පැහැදිලි කරන්න!

11. පරිගණක තාක්ෂණ විෂයේ ඇති මෘදුකාංග ඔබල මිනිස් සංවේදීතාවයට හසු කරගන්නා අයුරු පැහැදිලි කරන්න!

12. විශ්වය ඇති වුනේ මහා පිපුරුම් වාදයෙන් නම්, විශ්වයේ ආරම්භය වොලිබෝලයක් තරම් වුනි නම් ඊට පෙර කුමක් පැවතියේද? එම වොලිබෝලය තරම් වූ විශ්වය පැවතුනේ කොහේද???

****මෙම ඉහත සඳහන් කරුණු එකක් හෝ ඔබල සනාථ කර ගුප්ත විද්‍යාව යනු පුස්සක් යැයි ඔප්පු කළහොත් ඔබල දෙන ලක්ෂ දහයකට ලක්ෂ විස්සක් දීමට ශෝරින්-රියු සූදානම්!****
Read More...

Sunday, August 19, 2012

රාවණා රජතුමාගේ යගදාව තැබීමට ආ දීමන්තරයින් අහසේ...

පෙරේදා අප ඔබට පැවසුවාක් මෙන් එම ආශ්චර්යමත් සිදුවීම ඊයේ රාත්‍රියේ බොහෝ දෙනාගේ දෑස් ඉදිරිපිටදී දර්ශනය විය. ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව ‍රැගෙන අසුර ලෝකයෙන් පැමිණි දීමන්තරයින් ලංකාපුරයේ පෙරදිග අහස සිසාරා සත් වතාවක් පියාඹා යමින්, හාත්පස පරිසරය රක්ත වර්ණයෙන් බබළවා ඒකාළෝක කර, පසුව මහකුඩුගල ගිරි ශිඛරය වෙත පාත් වී එහි ඇති ශ්‍රී රාවණා රජතුමාගේ ශරීරය අසලින් යගදාව තැන්පත් කර ඇත.

වර්ගපූර්ණිකව බ්ලොග් අඩවිය කියවන සහෘදයින් බොහෝ දෙනා එය නැරඹුවත් ඔවුන් ඡායාරූප ගත කරන ලද කිසිදු ඡායාරූපයක එම දර්ශන සටහන් වී නොමැත්තේ හෙළ යකුන්ගේ දර්ශනයන් පර සුද්දන්ගේ කැමරා වලට යටත් නොවන බව මොනවට පැහැදිළි කරමිනි.

ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක් වන, මාරයාගේ හෝරාව බ්ලොග් අඩවිය ලියන මාරයා බ්ලොග් කරුවාත්, දීමන්තරයින් නැගෙනහිර අහසේ ගමන් කරන විලාශය ඡායාරූප ගණනාවකට ගෙන තිබූ අතර ඒ සියල්ලේම සටහන් වී ඇත්තේ අන්ධකාරය පමණි. අවසාන මොහොතේදී ඔහුට විශේෂ ක්‍රමයකට දීමන්තරයෙකුගේ ඡායාරූපයක් ගැනීමට හැකි වී ඇති අතර එය අප වෙත එවා ඇත. එම විශේෂ ක්‍රමයනම් මූණ බලන කණ්නාඩියක් අහස දෙසට අල්වා එහි ප්‍රතිබිම්බය ඡායාරූප ගත කිරීමයි. පහත දැක්වෙන්නේ එයයි.


එම පින්තූරය ගැනීමට මා හිතවත් මාරයා මුණ බලන කණ්නාඩියක ප්‍රතිබිම්බය භාවිතා කළද, එම කණ්නාඩිය නිසි ලෙස ජීවම් කර නොතිබීම නිසා පින්තූරය එතරම් පැහැදිළි නැත. මෙය ඡායාරූපය ගන්නා අවස්ථාවේ කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිතා කර ඇත්තේ තත්පරයෙන් 1/4000 ක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්තුවක් පවා කැමරාවට ග්‍රහණය වේ. කාච විවරය Aperture 5.6 සහ ISO 800 ලෙස භාවිතා කර ඇත. තවද එම ජායාරූපය "රාවණා" පුවත පලකරන මා ඇතුළු සමකාලීන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කළ බව ඔහු මා වෙත දන්වා සිටියේය.

ඇත්තෙන්ම කිවහොත් දීමන්තරයින්ව ඩිජිටල් කැමරාවට ග්‍රහණය නොවන බව මාත් දැන නොසිටියෙමි. හදිසි අවශ්‍යතාවයකට කොළඹ පැමිණ සිටි මාත් සාමාන්‍ය පරිදි කැමරාව ගෙන ඊයේ රාත්‍රී 09:28 පසුවෙනවාත් සමගම පාරට පැමිණ බලා සිටි අතර ලිපියේ මුලදී සඳහන් කළ සියල්ලම මාත් දුටිමි. ඡායාරූප සහ වීඩියෝ ගත කළ සියල්ලම නොපෙනෙන බව අවසානයේදී මා දු‍ටු අතර රාත්‍රී 10:55 වීමට විනාඩි කිහිපයකට පෙර, බෝඩිමට දුව ගොස් යකුන් බලන පළිඟුවක් ගෙනැවිත් ඡායාරූප ගතිමි. නමුත් ඒ වන විටත් දීමන්තරයින් බොහෝ දුර පියාඹා ගොස් සිටි බැවින් කිසිදු ඡායාරූපයක් පැහැදිළි ව පෙනුනේ නැත. අවසානයේදී දීමන්තරයෙක්ව ළඟටම ගෙන්වා ඡායාරූප ගත කිරීමට තීරණය කළෙමි.

දීමන්තරයින්ව ගෙන්වන රහසිගත මන්ත්‍රය ජප කිරීමට පටන් ගතිමි. කේන්ති ගිය පූසෙක් කට ඇර දත් විලිස්සා කෑ ගසන ශබ්දය ඔබට මතකද, අන්න ඒ ශබ්දය නගමින් අන්ධකාර ගුලියක් මා වෙත පියාඹගෙන ආ අතර වහාම එම දීමන්තරයාගේ ඡායාරූපයක් ගතිමි. පහත දැක්වෙන්නේ එයයි.


තවත් ඡායාරූප ගැනීමට කාල වෙලාවක් නොතිබුණ බව වැටහුණු නිසා මා වහාම දීමන්තරයින්ව එලවා දමන "පෙතොනාම වශීය" මැතිරීම ආරම්භ කළෙමි. ඒ සඳහා අවශ්‍ය මැජික් යෂ්ඨිය වන, ගොපළු යකාගෙන් සොරකම් කරගන්නා ලද රන් කෙවිට මා ගාව නොතිබුණ නිසා මාගේ අතම යොදා ගතිමි. එම වශී මන්ත්‍රය මැතිරීම සඳහා රාවණා ශක්තිය පුබුදුවාගෙන සිටිය යුතු හෙයින් ඒ සඳහා සුන්දර සිතිවිල්ලක් සිතේ තිබිය යුතුය. ඒ සඳහා මා ජීවිතයේ එතෙක් මෙතෙක් අත් දු‍ටු සුන්දරතම අවස්ථාව සිහි කළෙමි. ඒ අන් කිසිවක් නොව ජීවිතයේ මුල්ම වතාවට මා අපේ හාමිනේ සමග කාමරයේ තනි වූ මොහොතයි. එදා ඒ අවස්ථාවේ අත් දු‍ටු සුන්දරත්වය මෙහෙනි කරමින්, බුර බුරා නැගී මහා මේඝයක් මෙන් මා දෙසට එන දීමන්තරයා ට අත අල්ලා "පෙතොනාම වශීය" මැතිරීමට පටන් ගතිමි. මොහොතක් යද්දී හාත්පස ධවල වර්ණයෙන් බබළවමින් පැමිණි ආළෝකයත් සමග හීං කෙඳිරිල්ලක් නගමින් දීමන්තරයා පහවිය. එම අවස්ථාවේ මා කොතෙක් බියවීද කිවහොත් අදාල කර්තව්‍යය අවසන් වූවාට පසුව දාඩිය සෝදා ගැනීමට වැසිකිළියට යාමටද සිදුවුණි.
Read More...

Saturday, August 18, 2012

පෘථිවිය විනාශ කිරීමට පැමිණෙන පිටසක්වල යානාවක් මූතුර් අහසේ දිස් වෙයි.

සූර්යයා මත සුදු ලපයක් ආකාරයෙන් දිස් වූ වස්තුව

පසුගිය 15 බදාදා සවස 2.45 ත් 3.30 ත් අතර මූතූර් වැසියන්ට අහසේ සූර්යයා දෙසින් පිටසක්වල යානාවක් දිස් වූ බව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාවණගවේශක කණ්ඩායම වන වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය වෙත වාර්තා විය. අපගේ හෙළ ගවේෂණ කණ්ඩායම එහි යවා එය තහවුරු කර ගැනීමට දින දෙකක් ගත විය. ආන්දෝළනාත්මක වාර්තාකරණයන් හේතුවෙන් ඉතා සුළු පිරිසක් තාමත් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය අවිශ්වාස කරන නිසා, පක්ෂ විපක්ෂ කවුරුත් එක සේ පිළිගන්නා ශ්‍රී රාවණපාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් පළ කළ වාර්තාව මෙලෙස පළමුවෙන්ම ඔබ වෙත ඉදිරිපත් කරමි.


පසුගිය වෙසක් මාසයේදී තවත් ශ්‍රී රාවණ පාක්ෂික පුවත්පතක් වන දිවයින පුවත්පත හරහා, සම්මානලාහී ජාතික ආරක්ෂක වාර්තාකරු කීර්ති වර්ණකුලසූරිය මහතා හෙළි කළ, පෘථිවිය ආක්‍රමණය කිරීමට පැමිණෙන පිටසක්වල යානා 3 ගැන ඔබ අසා තිබුණාද? ඒ ගැන නොදනීනම් එම කෙටි ලිපිය මෙතනින් කියවන්න.

මධ්‍යම කඳුකරයේ ඉතාමත් රහසිගත ප්‍රදේශයක භාවනානුයෝගීව වසමින්, සම්‍යක්දෘෂ්ඨික දෙවි වරුන් ගේ දැනුම යොදා ගනිමින් ලංකා සී නිවුස් වෙබ් අඩවිය වෙත අනාගතය හෙළි කරමින් පයිංඩ එවන තාපස තුමාගෙන් මා මේ සිද්ධි දාමය ගැන විමසූ අතර එතුමා පැවසූ කාරණා දැනගැනීමෙන් මාගේ ලේ වතුර නොවූවා පමණි. එම අති භයානක පුවත මෙලෙසයි.

තාපසතුමාම කුණ්ඩලීනී යෝගයට සම වැදී මීට පෙර දිනක අපව දැනුවත් කළ පරිදි "ප්‍රිඩෝටර්" නැමති ලෝකයෙන් පැමිණෙන එම යානා තුනේ මූලික අරමුණ වූයේ 2012/12/12 දිනදී සිදුවන ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ නැගිටීමට බාධා කිරීමයි. ඉන් පසුව පෙරළා තම ග්‍රහ ලෝකයට පිටත්වීමට ඔවුන් සැළසුම් කර තිබුණි. නමුත් ඔවුන් එම අරමුණ වෙනස් කරගෙන ඇති අතර ශ්‍රී රාවණයන්ගේ නැගිටීමට බාධා කිරීමෙන් පසුව, නැවතත් කිසි දාක ශ්‍රී රාවණ අධිරාජ්‍යයාට නැගිටීමට නොහැකි වන පරිදි මුළු පෘථිවියේම මානව වර්ගයාව විනාශ කිරීමට තීරණය කර ඇත. එනම් ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නින්දෙන් නැගිට එම පිටසක්වල යානා 3 ඇතුළු ආක්‍රමණිකයින්ව විනාශ නොකළොත් එම පිටසක්වලයන් අතින් මනුෂ්‍ය වර්ගයාව සහමුලින්ම සංහාරය වී මිහිතලයෙන් අතු ගෑවී යාමට නියමිතය.

ඉතින් එලෙස පැමිණෙන පිටසක්වල ආක්‍රමණිකයින් තම යානාවන් ප්ලූටෝ ග්‍රහයාගේ කක්ෂය ආසන්නයේ නතර කර, ඔත්තු බැලීමේ යානාවක් පෘථිවිය වෙත එවා ඇත. එය පෘථිවියට ළඟා වූයේ පසුගිය 15 වැනි දිනයි. ඉන්දියානු බමුණන් විසින් හෙළයින්ගෙන් සොරා ගන්නා ලද, ශ්‍රී රාවණ රජතුමා විසින් රචිත "වෛමානික ශාස්ත්‍රය" නැමති හෙළ පුස්කොළපොතේ දැක්වෙන ආකාරයට එම පිටසක්වල යානා පවා යොදා ගන්නේ අති ප්‍රබල ගුවන් යානා තාක්ෂණයක් වන "ප්‍රතිගුරුත්ව එංජිම" යි.


ලෝකයේ අඩුම ගුරුත්ව බලයක් තිබෙන්නේ ශ්‍රී රාවණ රජතුමාගේ රාජධානිය වූ "ලංකාපුරය" හෙවත් වර්තමාන ශ්‍රී ලංකාවේ වෙන අතර ඒ බව පිටසක්වල ජීවීන් පවා මැනැවින් අවබෝධ කරගෙන ඇත. ඒ ගැන ඔබට විශ්වාස නොමැතිනම් BBC හි මේ ලිපිය බලන්න, එහි සිතියමේ නිල් පාටින් දැක්වෙන්නේ ලෝකයේ ගුරුත්වය අඩුම කලාපයයි. එනිසා තම ඔත්තු බැලීමේ යානය වඩාත් ගුරුත්වය අඩු ශ්‍රී ලංකාවට ඉහල අහසේ කක්ෂ ගත කිරීමට ඔවුන් තීරණය කර ඇත.

හිරු හෙවත් රා ගෙන් එල්ල වෙන සූර්ය විකිරණයන් හේතුකොටගෙන, එම විකිරණ දෙසින් ඇති ආකාශ වස්තු ගුවන් නිරීක්ෂණ රේඩාර් වලට හසු නොවේ. ඒ තාක්ෂණයත් දන්නා එම දියුණු පිටසක්වලයින් තම ඔත්තු බැලීමේ යානය සූර්යයා සහ පෘථිවිය මැදි වෙන ආකාරයටම ශ්‍රී ලංකවට ඉහල ආකාසයේ කක්ෂ ගත කර ඇත. ඊට අමතරව ඇමරිකානු හෝ චීන රේඩාර් වලට පවා හසු නොවන ආකාරයේ අති ප්‍රබල "Radar Shield" තාක්ෂණයන් ඔවුන් සතුව ඇති බව තාපස තුමා වැඩිදුරටත් පැවසීය.

දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතමි, එනම් මූතූර් වැසියන් එලෙස සූර්යයා දෙසින් දු‍ටු කැ‍රැකැවීම යනු එම යානයේ ඇති රසදිය එංජින් වල ක්‍රියාකාරීත්වයයි. පින්තූරයේ කළු ලපයෙන් ඔබ දකින්නේ එම රසදිය දහනය වීම වන අතර අළු පාට චතුරසාකාර කොටසින් බොඳ වූ ආකාරයට පෙනෙන්නේ එම යානාවයි. මේ මොහොතේත් එම යානය අපව නිරීක්ෂණය කරමින් සිටි.

මිත්‍රවරුණි, පෘථිවි වැසියන් වන අප දැන් මුහුණ දී තිබෙන්නේ බරපතල ඛේදවාචකයකටයි. යුග ගණනාවක් අඛන්ඩව ‍රැකගත් මනුෂ්‍ය ශිෂ්ටාචාරය එක මොහොතකින් සුන් වී යාමට ඔබ ඉඩ දෙනවාද? අපගේ පෘථිවි වැසියන්ගේ සංස්කෘතිය, සභ්‍යත්වය, මනුෂ්‍යත්වය, මේ සියල්ලම කැටි වූ ජීවිතයත් මරණයත් අතර සටනකට ඔබට දැන් ලැහැස්ති වීමට සිදුවී තිබේ. ඉදිරි දිනවලදී ඔබ වෙත තවත් විස්තර ගෙන එන්නම්. එතෙක් ඔබට ශ්‍රී රාවණ සිද්ධම්!
Read More...

නුදුරු අදහස්