අපගේ හෙළ ඉතිහාසයේදී, හෙළ යකුන්ගේ හොඳම මිතුරා ගැන කදිම පැහැදිළි කිරීමක් අපගේ හිතවතෙක් වන "නූතන දේශමාමකයා" බ්ලොග් කරු විසින් කර තිබේ. එතුමාගේ අවසර පරිදි එම ලිපිය වර්ගපූර්ණිකාවේ මෙලෙස පළ වෙන වගයි.
සූර්‍යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත් ආශාවක් ඇති විය.
'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ලද දිරි ගැන්වීම හේතු කොටගෙන වර්තමානයේ අප එදිනෙදා දකින අසන දේ රාවණවංශයට කෙලෙස නෑකම් කියයිද යන්න සොයා බැලුවෙමි. මා විසින් සොයාගත් කරුණු විශ්මය ජනකය. මෙවර මා ඔබත් සමඟ බෙදා ගන්නේ ඉන් එක කරුණක් පමණි.
අද බොහෝ පිරිසක් සුනඛයින් තම නිවසේ ආරක්ෂාවට ඇති කරතත්, සමහර සුනඛ වර්ගවලට පමණක් ඉතා වංශවත් නම් ඇති බව ඔබ සියළුදෙනා දන්නා බව නිසැකය. උන් අතරින් 'ඩොබර්මන්' නැමති සුනඛ වර්ගයට ඉතා විශාල පිළිගැනීමක් ඇතිබව අවිවාදිතය. 'ඩොබර්මන්' යනු පුරාතන හෙළ යකුන් විසින් ඇති කරණ ලද සුරතලෙක් බව පැවසුවොත් ඔබ විශ්මයට පත්වනු නිසැකය.
හෙළයින් නිවසේ ආරක්ෂාවට තබා ගත යුත්තේ 'ඩොබර්මන්' වර්ගයේ සුනඛයන් පමණි. මන්ද යත් අපට උන්ව අතිශයින් විශ්වාස කළ හැකි හෙයිනි. පුරාණ සූර්‍ය වංශික 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ සඳහන් වන ආකාරයට 'ඩොබර්මන්' යන්නෙහි ගාම්භීර අරුතක් ඇත. එනම් 'නරය බිය වන්නේ ඇයි' යන්නයි. මෙහි පද බිඳීම මෙලෙසින් දැක්වේ. ඩො = ඩෝහ් = නරය, බර් = බිරාන්ත = බය, මන් = මන්ද = ඇයිද? නිසැකයෙන්ම ඔබ 'ඩොබර්මන්' ගැන ආඩම්බර විය යුතු නොවේද? ඌට ගරු කළ යුතු නොවේද?
කුණ්ඩලීණි දැහැනට සමවැදී සිටි සුර්‍ය වංශයේ ප්‍රථාපවත් රජු රාවණ, මෙම 'ඩොබර්මන්' සුනඛයන්ගේ බිහිවීම, පැවැත්ම සහ අවසානය දුටු බව සුනඛාභිලන්ශකාරයේ පැහැදිලිව සඳහන් වේ. මෙහිදී අනාගත යම් දිනක මොවුන් ලෝ වැසි පර දේශක්කාරයින් අතරත් ඉතා ජනප්‍රිය වන බවත් අවැසි හා අනවැසි සෑම අවස්ථාවේදීම පර නරයන් ඉදිරියේ නැට්ට වැනීමට යාමෙන් මුන්ගේ ප්‍රෞඩත්වයට හානිවන බවත්, එයම ඉක්මන් අවසානයකට මග පෑදිය හැකි බවත් සුනඛාභිලන්ශකාරයේ 'පර නර බුර' පරිච්ඡේදයේ දක්වා ඇත.
මේ හේතුවෙන්ම රාවණ රජු විසින් 'ඩොබර්මන්' ගේ නැට්ට කැපිය යුතු බවට නීතියක් පැනවූ අතර, මෙය අනාදිමත් කලක පටන් අද දක්වාද ලෝ වාසීන් නොකඩවා කර ගෙන එති. මෙම නියමය ඉතා පැහැදිලිව 'සුවාරපොළ' ප්‍රදේශයෙන් මෑතකදී සොයාගන්නා ලද සෙල් ලිපියක සඳහන් වන බව පැවසුවොත් ඔබ විශ්මයට පත් නොවී සිටීවිද? එය මෙසේම වෙයි. 'නර බිර-මන් පර නර නැ කැප නි කෂ'.
තවද සෙල් ලිපිය පිහිටන ලද ස්ථානය ගැන විමසා බෑලීමෙදී මෙය වඩාත් තහවුරු වේ. විමසිල්ලෙන් බලන්න 'සු=සුනඛ, වාර=වාරණ, පොළ = ස්ථානය'. මෙයින්ම මෙය 'සුනඛයින්ට වාරණයන් පැනවු ස්ථානය' බව ඔප්පු නොවෙයිද?
[[සටහන - 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ පිටපත් ගැන මාගෙන් නොවිමසන මෙන් කාරුණිකව ඉල්ලමි. මන්ද යත්, එහි වත්මන් භාරකාරතුමාගෙන් ඒ සඳහා මට අවසර නොලැබුණු බැවිනි. එසේම 'සුවාරපොළ' අති පැරණි සෙල් ලිපි ඉතා මෑතකදී නිදන් හොරු විසින් විනාශ කර ඇති බව මා දැන ගත්තේ අද දින උදෑසනය. මෙය නෙතට කඳුලක් එක් කළද, මෑත අනාගතයේ මේ හෙළබිම බිහිවන මහා රාවණ අධිරදු ඔවුනට නිසි දඬුවම් දෙනු ඇත. http://modernpatriot12.blogspot.com ]]
Read More...

![]() |
| ඩොබර්මන් වර්ගයේ සුනඛයෙක් |

| අදද ඩොබර්මන් වර්ගයේ බොහෝ සුනඛයින්ට වල්ගයක් නැත. |