"විජයාගමනය මිත්‍යාවක්ද?" මැයෙන් 2009/07/15 දින දිවයින විශේෂාංග තීරුවේ විජයපාල වීරවර්ධන මහතා ලියා ඇති මෙන්න මේ ලිපිය කියවීමෙන් එහි ඇති ආන්දෝළනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය හරහා පිළිතුරක් ලිවීමට මා හට සිත් විය. එනම් සිංහලයන්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතා දක්වා ඇති වටිනා හෙළිදරව්ව විජයපාල වීරවර්ධන මහතා විසින් ඉතාමත් නිර්දය ලෙස විවේචනය කෙරී තිබීම ගැනයි.
සූරිය ගුණසේකර මහතා 2009 මැයි 20 දිවයින පුවත්පතේ "මේ සිංහලයින්ගේ දේශයයි" මැයෙන් රචනා කළ ලිපියේ මෙලෙස දක්වා තිබේ.
ඒ සඳහා විජයපාල වීරවර්ධන මහතා මෙලෙස පිළිතුරු දී තිබුණි.
සිංහල හෙළ ඉතිහාසය දැක්වෙන ග්‍රන්ථයක් බව පිළිගන්නා රාවණාගවේශකයින්ගේ මහා ඇදුරාණෝ වන සූරිය ගුණසේකර මහතා, සිංහලයින් එළදෙනෙකුගේ මුඛයෙන් ඉපදුන බව මනාව පෙන්වා දී ඇත.
මේ ගැන මාගේ අදහස් මෙලෙස පෙළ ගස්වමි.
(1) රාවණාගවේශකයින් වන අපට රාවණා ඉතිහාසය පෙන්වන කරුණු, සංකේත අනුසාරයෙන් හෝ පද නිරුක්ති වලින් හෝ ජන කතා වලින් හෝ කට කතා වලින් හෝ විශ්වාස වලින් හෝ තිබුණත් පිළිගැනීමට පුළුවන. නමුත් මහාවංසයේ යමක් තිබේනම් එය ඉතාමත් නිවැරදිව තිබිය යුතුය. අපගේ රාවණ ඉතිහාසය සංකේතාත්මකව තිබුණත් කිසිම විටෙකවත් මහාවංසයේ ඉතිහාසය සකේතාත්මකව නොතිබිය යුතුය. "ඛේවනාප්ප" නැමැති හෙළ ඉතිහාස ගවේශණ රීතියෙන් මෙය පහැදිළි කරයි.
අන්න ඒ නිසා තමයි "තිරිසන් සතකුට දාව මිනිස් දුවක් දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක් බවත්, එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන බවත්" සූරිය ගුණසේකර මහතා පවසන්නේ. "ඛේවනාප්ප" රීතිය ගැන නොදන්නා විජයපාල වීරවර්ධන මහතා ගැන මා හට ඇති වන්නේ දුකකි.
(2) සිංහයෙකුගෙන් මිනිස් දරුවෙක් ඉපදුන බව ඇතුළු ගැටළුකාරී තැන් කිහිපයක් ඇති නිසා විජයාවතරනය ඇතුළු මුළු මහාවංසයම අමුම අමු කෙප්පයක් බව දැන් බොහෝ රාවණගවේශකයින්ගේ මතයයි. නමුත් "ඛේවනාප්ප" රීතිය අනුව රාවණ ඉතිහාසය ගැන,
i. සිංහල ජාතිය එළදෙනෙකුගේ කටින් ඉපදීම?
ii. රාවණගේ හිස් දහය?
iii. රාවණ ජීවත්ව සිටි කාල වකවානුව කුමක්ද?
iv. බලවත් රාවණ වඳුරන් එක්ක ආපු දුබල රාමට පරාජය වීම?
v. රාවණට දේවාල නොහැදී විභීෂණට දේවාල හැදීම?
ආදී රාවණ විරෝධීන් විසින් මතු කරන සහ අප අතරත් ඇති සුළු සුළු මත ගැටුම් තිබුනත් අපට ඒවා විසඳා ගනිමින් ඉතිහාසය ගවේශණය කිරීමට කිසිදු බාධාවක් නැති බව පාහර රාවණ විරෝධීන් දැනගත යුතුය. (ඉහත ප්‍රශ්න වලට වර්ගපූර්ණිකාවේ මීට පෙර ලිපි වල පිළිතුරු ඇත)
(3) සිංහයා නැමති තිරිසන් සතෙකු විසින් මිනිස් කුමරිකයට ජාතක වීම නැමති තිරිසන් ජන්මෙට වඩා එළදෙනෙකුගේ කටින් ජාතක වීම අභිමානයකි. ස්ත්‍රියකගේ අධෝ මුඛයට ආසන්න තැනකින් ඉපදිමට වඩා එළදෙනෙකුගේ මුඛයෙන් ඉපදීම සිංහල ජාතියට ඉතාමත් නම්බුවකි. මුඛ සංසර්ගය ගැන ගවයන් පවා දැන සිටි බව සංකේතවත් කිරීමෙන් පෙනී යන්නේ අතීත හෙළයන්ට කොතරම් දියුණු ලිංගික අධ්‍යාපනයක් තිබූ බව නොවේද? සූරිය ගුණසේකරයානෙනි මේ වගේ වටිනා දෑ හෙළි කිරීම ගැන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි.
(4) එළදෙනගේ පුරුෂයා වන ගොනා යනු අතීත හෙළ යකුන්ගේ දෙවියෙකි. එසේ වූයේ එළදෙනගෙන් සිංහල ජාතිය බිහි කිරීමට මූලික වූ ගොනාට කරන ගෞරවයක් වශයෙනි. "ගොං යකා" ලෙස ලෙස පදයක් තාමත් භාවිතයේ ඇත්තේ අතීතයේ සිටි හෙළ යකුන්ගෙන් වැදගත් අයට "ගොං යකා" යැයි කී නිසා බව වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙයි. මේ අනුව මෙතරම් වැදගත් ඉතිහාසයක් හෙළි කර දෙමින් මහාවංසයේ තිරිසන් ජාතකයෙන් සිංහලයාව මුදවා ගත් සූරිය ගුණසේකර නැමති හෙළ යකාටත්, "ගොං යකා" යැයි කියා ගෞරව කළ යුතුය.
(5) එළදෙනව බෙදාගත් සහෝදරයින් දෙදෙනාගේ කතාව ඔබ අසා ඇති. එක් සහෝදරයෙක් පළමුව ඉදිරිපත් වී එළ දෙනගේ ඉදිරි භාගය තෝරා ගත්තේ ඔහුගේ මෝඩ කම නිසා බවත් අනිත් සහෝදරයා විසින් එළදෙනගේ පශ්චාත් භාගය තෝරා ගත්තේ ඔහුගේ බුද්ධිමත් කම නිසා බවත් බමුණන් විසින් එම කතාව විකෘති කර ඇත. නමුත් සත්‍ය කතාව නම් බුද්ධිමත් සහෝදරයා විසින් එළදෙනගේ ඉදිරිපස පැත්තේ තෝරා ගත්තේ සිංහලයින්ගේ සම්භවය එළදෙනගේ මුඛයේ ඇති නිසයි.
(6) එළ දෙනව මරණයෙන් බේරා ගැනීමට බොහෝ සිංහලයින් සයිබර් අවකාශයේ මර හඬ තලන්නේ ඇයි කියා ඔබ සිතුවාද? ඒකට හේතුව වන්නේ සූරිය ගුණසේකර මහතාම පෙන්වා දෙන පරිදි සිංහලයාව එළදෙනගෙන් පැවත එන නිසයි.
(7) සූරිය ගුණසේකර මහතාගේ මතය සනාථ කරන වැදගත්ම කාරණාවක් වන්නේ හරප්පා ශිෂ්ටාචාරයට අදාල කැණීම් වලින් මතු වූ ගව රූපයි. මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාර හඳුන්වා දුන්නේ සිංහලයින් විසින් බව අරිසෙන් අහුබුදු වන් නිතරම පැවසූවකි. ඉතින් සිංහලයින්ගේ සම්භවයට හරප්පා ජනතාව ගරු නොකර සිටීවිද?
දැන් වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කොමෙන්‍ටු වලින් සිංහලයින්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතාගේ මතය විවේචනය කිරීමට රාවණ විරෝධීන් ලක ලෑස්ති වේවි. ඒ නිසා රාවණ විරෝධීන්ට මා කියන්නේ, තොපි එකෙක්වත් අපව ජාතක කරපු එළ දෙනට අත නොතබනු. සිංහලයාගේ සම්භවයට අත තබා රාවණ රජතුමාව ප්‍රකෝප නොකරනු. සූරිය ගුණසේකර මහතාගේ අදහසට අපහාස නොකරනු.
Read More...
සූරිය ගුණසේකර මහතා 2009 මැයි 20 දිවයින පුවත්පතේ "මේ සිංහලයින්ගේ දේශයයි" මැයෙන් රචනා කළ ලිපියේ මෙලෙස දක්වා තිබේ.
"භාරතයේ සම්භාවනීය මහා කාව්‍යයන් දෙක වන මහා භාරතය හා රාමායණය යන කෘතීන් දෙකෙහිම ලංකාව ගැන සඳහන් වේ. රාමායණයෙහි ලංකාපුරයේ රාවණ රජු ගැන ද මහා භාරතයේ ලංකා රාජ්‍යයේ සිංහලයන් ගැන ද සඳහන්ය." ඊට අමතරව මහාභාරතයේ දැක්වෙන පරිදි සිංහලයින් එළදෙනෙකුගේ මුඛයෙන් බිහි වුණ බවත් සූරිය ගුණසේකර මහතා පෙන්වා දී ඇත. (එම ලිපිය මාර්ගගතව නොමැති නිසා ලින්කුවක් දැමීමට නොහැකියි)
ඒ සඳහා විජයපාල වීරවර්ධන මහතා මෙලෙස පිළිතුරු දී තිබුණි.
විජයාගමනයට පෙර සිටම ලංකාවේ සිංහලයන් වාසය කළ බවට සූරිය ගුණසේකර මහතා ඉදිරිපත් කරන අනෙක් සාක්‌ෂිය මහා භාරතයේ ඇතැම් තැන්වල "සිංහල" නාමය සඳහන් වීමය. රාමායණයට පසුව මහා භාරතය රචනා කර ඇති බවත්, එම ග්‍රන්ථ දෙකම බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයකට අයත් වන බවත් ඉහත සඳහන් කළෙමි. ඒ අනුව මහා භාරතයේ සිංහලයන් ගැන සඳහන්ව තිබීමේ විශේෂත්වයක් නැත.ඒ අනුව මහාභාරතය යනු
සූරිය ගුණසේකර මහතා විසින් මහා භාරත කාව්‍යයේ සිංහලයන් ගැන සඳහන් වන පාඨ උපුටාගෙන ඇත්තේ 1883-1896 තුළ පළමු වරට එම කාව්‍යය ඉංගී්‍රසි බසට නගන ලද පරිවර්තන කෘතියෙන් බව සිය ලිපියේ සඳහන් කර ඇත. එහෙත් එම පාඨ ඉංගී්‍රසි බසින් සිංහලට පරිවර්තනය කළේ කවුරුන් විසින් දැයි සඳහන් කර නැත. සකු බසින් ඉංගී්‍රසියටත්, ඉංගී්‍රසියෙන් සිංහලටත් පරිවර්තනය කිරීමේ දී මුල් සකු කාව්‍යයේ අදහස් වල නිරවද්‍යතාවය කෙතෙක් දුරට ආරක්‍ෂාවී තිබේද යන්න ගැන සෑහීමට පත්විය නොහැකිය.
අංක 1 වශයෙන් උපුටා දක්‌වා ඇති පාඨයේ විශ්වාමිත්‍ර රජුගේ යුද හමුදාව මගින් වශිෂ්ඨ සෘෂිවරයාගේ පිරිසට පහරදී මරා දැමුණු විට වශිෂ්ඨගේ "කාමෙනුව" නමැති එළදෙන විසින් නැවත ලොවට මිනිසුන් වර්ග බිහි කිරීම පිළිබඳ වෘත්තාන්තයේ "විශ්වාමිත්‍ර" රජ කෙනකු ලෙස සඳහන් කර ඇතත් ඔහු රජකෙනකු නොව Rෂිවරයෙකි. විශ්වාමිත්‍ර සහ වශිෂ්ට යන දෙදෙනාම සෘග් වේදයේ මණ්‌ඩල 10 න් දෙවන මණ්‌ඩලයේ සිට හත්වන මණ්‌ඩලය දක්‌වා ග්‍රන්ථ රචනා කළ සෘෂි කුල හයෙන් දෙදෙනෙකි. මෙම එළදෙනගේ වල්ගයෙන් පල්ලව හමුදාව ද උදරයෙන් ද්‍රවිඩ හා ශක හමුදාව ද ගර්භාෂයෙන් යවන හමුදාවක් ද ගොම වලින් සවර හමුදාවක් ද බිහිකරන ලද අතර මුඛයෙන් පූන්ද්‍ර, කිරාක, යවන හා සිංහලයන් ද නොදියුණු ගෝත්‍රයන් වන කසා, වීවුක, පුලින්ද, චීන, හුන, කෝරළ හා විවිධාකාර තවත් ම්ලේච්ඡයන් ද මවන ලද බව සඳහන් වේ. මහා භාරත යුද්ධය හා සම්බන්ධයක් නොමැති මෙම පුවත රාමායණයේද සඳහන් වේ. නමුත් එහි සඳහන් වන්නේ එම එළදෙනගෙන් කාම්භෝජ, පහ්ලව, ශක, තුසර, කිරාත, යවන සහ ම්ලේච්ඡ යන ජාතීන් බිහිවූ බවය. මෙයින් පැහැදිලි වන්නේ මුල් පුරාවෘත්තයේ සඳහන් ජාතීන් සංඛ්‍යාවට මහා භාරත කතුවරුන් විසින් තවත් ජාතීන් එකතු කර කාම්බෝජ, පහ්ලව, කුසර යන පැරණි ජනවර්ගයන් ඉවත් කර ඇති බවය.
අපගේ වංසකතා අනුව සිංහල ජාතිය බිහිවූයේ සිංහයකු හා රජකුමරියක අතර ඇතිවූ සංවාසයෙනි. මේ පිළිබඳ සූරිය ගුණසේකර මහතා "ලංකා ඉතිහාසයේ හෙළ යුගය" ග්‍රන්ථයේ 18 පිටුවේ සඳහන් කර ඇත්තේ තිරිසන් සතකුට දාව මිනිස් දුවක් දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක් බවත්ය. එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන සූරිය ගුණසේකර මහතා එය සාධාරණීකරණය කර ඇත්තේ "එළදෙන යනු භූමියේ සංකේතය" බව ප්‍රකාශ කරමිනි. හින්දු සම්ප්‍රදාය අනුව එළදෙන භූමියේ සංකේතය බවට විශ්වාස කරන එතුමාට "සිංහයා" යනු සූර්ය සංකේතය බවටත් "සුසීමා" යනු චන්ද්‍ර සංකේතය බවටත් සැලකෙන ආර්ය මතය පිළිගැනීමට නොහැකිවීම ගැන අප තුළ ඇත්තේ මවිතයකි.
මේ ගැන මාගේ අදහස් මෙලෙස පෙළ ගස්වමි.
(1) රාවණාගවේශකයින් වන අපට රාවණා ඉතිහාසය පෙන්වන කරුණු, සංකේත අනුසාරයෙන් හෝ පද නිරුක්ති වලින් හෝ ජන කතා වලින් හෝ කට කතා වලින් හෝ විශ්වාස වලින් හෝ තිබුණත් පිළිගැනීමට පුළුවන. නමුත් මහාවංසයේ යමක් තිබේනම් එය ඉතාමත් නිවැරදිව තිබිය යුතුය. අපගේ රාවණ ඉතිහාසය සංකේතාත්මකව තිබුණත් කිසිම විටෙකවත් මහාවංසයේ ඉතිහාසය සකේතාත්මකව නොතිබිය යුතුය. "ඛේවනාප්ප" නැමැති හෙළ ඉතිහාස ගවේශණ රීතියෙන් මෙය පහැදිළි කරයි.
අන්න ඒ නිසා තමයි "තිරිසන් සතකුට දාව මිනිස් දුවක් දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක් බවත්, එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන බවත්" සූරිය ගුණසේකර මහතා පවසන්නේ. "ඛේවනාප්ප" රීතිය ගැන නොදන්නා විජයපාල වීරවර්ධන මහතා ගැන මා හට ඇති වන්නේ දුකකි.
![]() |
| ආචාර්ය සූරිය ගුණසේකර මහතා |