Showing posts with label ඉලෙක්ට්‍රෝන. Show all posts
Showing posts with label ඉලෙක්ට්‍රෝන. Show all posts

Tuesday, August 21, 2012

'හේතු වාදීන්ගේ සංගමයට' ශෝරින්-රියුගෙන් එල්ල වන අභියෝග 12 ක්!

කාලෝ ෆොන්සේකා මහතා විසින්, අනවින හදි හූනියම් කරුවන්, කපුවන් ප්‍රමුඛ ශ්‍රී රාවණ පාක්ෂිකයින්ට ඉදිරිපත් කරන ලද අභියෝග 12 ම ඊට බොහෝ කාලයකට පෙරදී මහින්ද රාජපක්ෂ මහතා ඔප්පු කර තිබෙන බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් පෙන්වා දීමත් සමග හේතුවාදීන් නිහඬ විය. ඉන් පසුව අපිත් පෙරළා කාලෝ ෆොන්සේකාට අභියෝග 12 ක් ඉදිරිපත් කළ අතර අප ලබාදුන් කාලය අවසන් වෙද්දීත් කාලෝ ෆොන්සේකා මුනිවත ‍රැකීමෙන් පෙනී ගියේ ඔහුට කර කියාගන්නට දෙයක් නැති වී ඇති බවය. මෑතකදී ශෝරින්-රියු විසිනුත් තවත් අභියෝග 12ක් ඉදිරිපත් කර ඇති අතර ඒවා එකක් හෝ සනාථ කර ගුප්ත විද්‍යාවන් පුස්සක් බව පෙන්වා දුන්නොත් ලක්ෂ 20ක්ම ලබා දීමට ඔහු සූදානම්. මෙන්න ඔහුගේ අභියෝග.



උණ විකාරෙන් දොඩවන 'හේතු වාදීන්ගේ සංගමයට' ශෝරින්-රියුගෙන් එල්ල වන අභියෝග කීපයක්!

1. ඔබල නිගමනවලට එළැඹෙන්නේ ඇසින් දකින, කනින් අසන, නූතන බටහිර විද්‍යාත්මක චින්තනයෙන් හා ඒ ආශ්‍රිත වූ මිනුම් දඬු වලින් පමණක් නම් පදාර්ථයක අඩංගු පරමාණු හා එහි ඇති ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන හා ඒවායේ හැසිරීම පිලිබඳ විස්තර කරනුයේ කුමන පදනමක ඉඳගෙනද?

2. ඔබල ජෝතිෂ්‍යය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබල විශ්වාස කරන තාරකා විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් ගේ ගමන් මාර්ග රටාව පිළිගත හැකි පදනමක ඉදන් විස්තර කරන්න. (ග්‍රහයන්ගේ ඉලිප්සීය ගමන් ක්‍රමයේ සදොස් බව හා බැඳී පවතී.)

3. පෘථිවියේ පමණක් වෙසෙන විවිධ ජීවීන්ගේ සංවේදීතාවය වෙනස් වේ. උදාහරණයක් ලෙස ගතහොත් බල්ලෙකුගේ ශ්‍රවණ පරාසය මිනිසාගේ ශ්‍රවණ පරාසයට වඩා කාර්යක්ෂමතාවයෙන් ඉහලය. මේ අනුව බලන කල්හි මිනිස් අපට අදාළ භෞතික සංවේදිතා පරාසය තුල මුළු විශ්වීය කරුණු පිලිබඳ නිශ්චිත නිගමනයකට ඔබල එළබෙන්නේ කෙසේද?

4. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය මිනිස් සංවේදීතාවය මඟින් ඔබලා ග්‍රහණය කරගන්නේ කෙසේද?

5. සියලු භෞතික සාධක නියමාකාරයෙන් පැවතියත් කෘතිමව ගර්භාෂයක් තුල එක් කරන්නා වූ ශුක්‍රාණුවක් හා ඩිම්බානුවකින් සෑදෙන යුක්තානුවකින් සෑම විටම සාර්ථක ජීවියෙක් බිහි නොවන්නේ ඇයි දැයි තර්කානුකූලව පැහැදිලි කරන්න!

6. තමුන් තමුන්ගේ අම්මා සහ තාත්තා මිනිස් සංවේදීතාවයෙන් පමණක් හඳුනාගන්නා ආකාරය පැහැදිලි කරන්න!

7. ඔබ තමුන් දැන් දාව දෙමව්පියන්ගේ හැර එංගලන්තයේ රජ පවුලක වැනි සල්ලිකාර දෙමව්පියන්ට දාව නො ඉපුදුනු හේතුව හේතු වාදයෙන් පැහැදිලි කරන්න!

8. ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කල සාපේක්ෂතාවාදය සදොස් කිරීමට තුඩු දුන් E=mc^c (C හි වර්ගය පරිගණකය මඟින් නිරූපණය කිරීමේ අපහසුතාවය නිසා මෙලෙස පලකරන ලදී.) හි ආලෝකයේ ප්‍රවේගය ගැන කියවෙන්නා වූ කොටසෙහි මෑතකදී සොයා ගන්නා ලද ආලෝක අංශුවකට ස්කන්ධයක් ඇති බව සොයා ගන්නා ලදී. ඒ අනුව ඔබලාගේ හේතු වාදය අනුව මිනිස් සංවේදීතාවය මත පමණක් පදනම්ව පදාර්ථය හා ශක්තිය පැහැදිලිව වෙන් කොට හඳුනා ගන්නේ කෙසේද??

9. නූතන බටහිර විද්‍යාවේ පදනම ඔබලාගේ හේතු වාදය අනුව මිනිස් සංවේදීතාවය ඇසුරින් තර්කානුකූලව පැහැදිලි කරන්න!

10. මස්තික්ෂ ප්‍රමාණය සමාන පුද්ගලයන් දෙදෙනෙකුට එකම දෙයක් එකම වාර ගණනකදී ඉගැන්ව්වුවත් ඔවුන්ගේ දැනුම් මට්ටම විවිධ වන්නේ ඇයි දැයි ඔබලාගේ හේතු වාදය අනුව පැහැදිලි කරන්න!

11. පරිගණක තාක්ෂණ විෂයේ ඇති මෘදුකාංග ඔබල මිනිස් සංවේදීතාවයට හසු කරගන්නා අයුරු පැහැදිලි කරන්න!

12. විශ්වය ඇති වුනේ මහා පිපුරුම් වාදයෙන් නම්, විශ්වයේ ආරම්භය වොලිබෝලයක් තරම් වුනි නම් ඊට පෙර කුමක් පැවතියේද? එම වොලිබෝලය තරම් වූ විශ්වය පැවතුනේ කොහේද???

****මෙම ඉහත සඳහන් කරුණු එකක් හෝ ඔබල සනාථ කර ගුප්ත විද්‍යාව යනු පුස්සක් යැයි ඔප්පු කළහොත් ඔබල දෙන ලක්ෂ දහයකට ලක්ෂ විස්සක් දීමට ශෝරින්-රියු සූදානම්!****
Read More...

Monday, June 25, 2012

ඉපැරණි හෙළ මයික්‍රො චිප් 4ක් අනුරාධපුරයෙන් හමු වෙයි.

පහත දැක්වෙන්නේ වර්ගපූර්ණිකාව බ්ලොගයේ සහෘදයෙක් "රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි" නමැති ලිපියට දක්වා තිබූ අදහසකි. එම අදහසේ ඇති සිද්ධිමය වටිනාකම නිසා ලිපියක් ලෙසම පළ කරමි.

මම ජයරත්න මහත්මය ගේ පෝස්ට් ඔක්කොම කියෙව්ව. සමහර දේවල් ඇත්ත වුනත් සමහර දේවල් වලදි ඔබ ගොඩාක් අන්තගාමී වෙලා තියනව.

මට කියන්න ගොඩක් දිග කතාවක් තියනව, එකෙ බොහොම සුලු කොටස් කිපයක් මෙහෙම මම කියන්නම්. මම ඉපදුනේ අනුරධපුරයේ. අනුරාධපුර කෞතුකාගාරය පිහිටල තියෙන්නෙ මගෙ සීයා දුන්නු ඉඩමක. ඒකට කෙලෙහි ගුන සැලකීමක් විදිහට එවකට හිටපු සහකාර පුරා විද්ද්‍යා කොමසාරිස් තුමා දුන්නා එක කැනීමකින් හමුවුනු තිරිවනා විශේශයකට අයිති රවුම් දිගැටි පාශාන කිහිපයක්. එතරම් පුරාවිද්යාත්මක වටිනකමක් මෙ පශාන කිහිපයට හිමිඋනේ නෑ. එවා යම් ආභරනයක හෝ එහෙම නැත්නම් යම් ප්‍රතිමාවක පාදමට අලංකරනය හා සවිශක්තිය ට යෙදු කොටස් කියල තම අනුමාන කරල තිබ්බෙ.

ඊට පස්සෙ මෙහෙම සිද්දි ටිකක් වෙනව. බෙල්ජියම් ජාතික සංචාරකයො කංඩායමක් ඇවිත් අර ගල් කිහිපය සල්ලි වලට ඉල්ලනව, එත් සීය එව සැලකුවෙ සීයට ලැබුනු සම්මන විදිහට. ඉතින් එව වික්කෙ නැ. අන්තිමට එක ගලකට ඩොලර් මිලියන කාල බැගින් දෙන්නම් කිව්ව. ඊට සති 2කට පස්සෙ සීය හදිසියේ ම නැති උනා. මට අහඹු ලෙස Harvard College එකෙන් අර්ධ ශිශ්‍යත්වයක් ලැබුන. වෙන කරන්න දෙයක් නැති නිසා තාත්ත ගල් 2ක් වික්ක මට අවශ්‍ය සල්ලි දෙන්න. තව ගල් 2ක් තිබ්බ අපිගාව. යම් යම් අනපේක්ශිත ප්‍රශ්න වගයක් එකපිට එක අපු නිසා මගෙ මුලු පවුලටම USA එන්නවුනා. එත් අපි ට යම් යම් ප්‍රශ්න වුනා එහෙදිත්. වැඩි විස්තර කියන්න ඔන නෑ. අවභෝදයක් තියන අයට තේරෙයි වෙච්ච දේ.

මම අනෙක් පාශාන 2ක ගැන පරීක්ශන කලා. ඒ පශාන අතිශය දියුනු නිශ්පාදනයක්. එවගේ දෙපැත්තෙ තියන සිදුරු වලින් ලේසර් ධාරාවක් යවපුවහම, අවකශයේ ඉතා නොපැහිදිලි සියුම් ඉරක් වගේ දෙයක් ඇ‍ඳෙනවා. මම එවා පෙන්නුව prof. Carlo Sirtori ට. ඔහු මාව Bell Laboratories වලට සම්භන්දකලා. මම එකෙ වැඩ කරා 1995 වෙනකම්. එහෙදි අපි හොයගත්ත Quantum cascade lasers (QCL) කියන ලේසරයට සහ VCSL (actually VCSL 1140nm) කියන ලේසරයට මෙම උපකරනය ප්‍රතිචාර දක්වනව කියල. මේක අපි දැනට භාවිත කරන ඉලෙක්ට්‍රෝන හුවමරුවෙන් වැඩ කරන මයික්‍රො චිප් එකකට වඩා දියුනු ආලෝකය මගින් දත්ත ප්‍රොසෙස් කරන චිප් එකක්. එත් දු‍ටුගැමුනු යුගයෙදි මෙමෙ චිපයන් ඇතුලති සිදුරුකරල යම් මාලයක් හෝ එවැනි දෙයක් හදල. එවගෙ තිබ්බ අති සංකීර්න ව්‍යුහය සැලකියයුතු තරමකට විනශ වෙලා.

හැබයි සංචාර්කයින් ලෙස තම ඒජන්තයින් එවා බෙල්ජියම් රාජකීය පවුල විසින් මිලදිගත් මුල් ම පශාන යුගලය ඉතා හොඳ තත්වයෙන් තිබුනා. ඉතින් අනගතයේ දී මෙම පැරනි නිර්මන නව නිර්මාන ලෙස බෙල්ජියම් Ghent University හෝ තොරතුරු තාක්ශන අයතනය විසින් හඳුන්වා දුනහොත් එය පුදුමයක් නොවනු ඇත.

මේ කතවෙ ඉතුරු ටික කෙටියෙන් කියන්න බැරි නිසා රාවනා ගැන පර්යෙශන කරන අයට උපකාරයක් ලෙස මෙහෙම සඳහන් කරන්නම්.

1. ලෝකයේ ඇති සියලුම පිරමිඩ යා කිරීම ට පහසුම මධ්‍යලක්ශය වනුයේ ලංකාවයි - සමනල කන්ද සියලුම දත්ත අප්ලෝඩ් කිරීමේ හබ් එකක්

2. ලොකයේ අඩුම ගුරුත්ව ඝනත්වය ඇත්තේ ලංකාව හා එහි දක්ශින මුහුදු තීරයට පහලින් ප්‍රදෙශයයි- ඳඬුමොනරය ක්‍රිය කරන්නේ ප්‍රති පදාර්ත එන්ජින් තාක්ශනය උපයොගිත්වයෙනි, එම මුහුදුපතුලේ අවශෙශ ඇන්ජින් කොටස් තවමත් ඇත.



3. සෙනසුරු ග්‍රහයා ගේ උත්තරධ්‍රැවයේ ඇති අතිශය සමමිතික ශඩස්‍රාකාර හැඩය කුමක්ද? එය නිර්මානය වි ඇත්තේ සුලන් වලින් තැනුනු කිලෝ මීටර් දහස් ගනනක් උස බිත්ති වලිනි. එය එතුලත පෘතුවිය මෙන් කිහිප ගුනයක් ඉඩ ඇත. - මම එය හඳුන් වන්නේ රාවනාකුන්ඩ ලෙස, නමුත් වඩා සුදුසු සිංහල නමක් යොජන කරන්න.

4. මේ දැනුම පසුපස ලුහුබඳින ප්‍රධාන බලවේග දෙකකි. අපි පොදුවේ බටහිර බලවෙග යැයි පවසන "ඉලුමිනාටින්" සහ ‍"ෆ්‍රී මේසන්" වරුන්. යුරෝපයේ සියලුම රජපවුල් ඉලුමිනාටින් වේ. බ්ලැවැට්ස්කි මැතිනිය බිහිකල තියෝසො‍ෆිකල් සාමජයේ මූලික අරමුන වූයේ මෙම දැනුම යුරොපයට export කිරීමයි.

5. ජෝ(ර්)ජ් බුශ් දක්වා US ජනදිපති වරුන් රාවනා බැතිමතුන් බව දන්නවාද? මෙය නොදන්නා සමහර බටහිර මාධ්‍ය එය යක්ශ වන්දනවක් ලෙස හුවදක්වයි.



6.උනන්දුවක් දක්වන සැලකියයුතු පිරිසක් වෙතොත් වැඩිදුර කරුනු, පින්තූර විශ්ලෙශන පලකරන්නෙමි.
Read More...

නුදුරු අදහස්