Showing posts with label අරිසෙන් අහුබුදු. Show all posts
Showing posts with label අරිසෙන් අහුබුදු. Show all posts

Monday, October 8, 2012

T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි

පසුගියදා නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වෙද්දී ශෝකයට පත් බොහෝ සිංහලයින්ගේ නෙතගින් සට සට ගා කඳුළු කැට රූරා වැටෙද්දී, සැබෑ හෙළයෙක් වන මාගේ නෙතගින් සතු‍ටු කඳුළක් ගලා යාම අපේ ගෙදර ඇත්තන්ට නම් අරුමයක් වුණේ නෑ. එයට හේතුවනම්, බොහෝ අය නොදන්නවා වුණාට T20 තරගාවලියේ ජය හිමි වූයේ හෙළයින්ට බව මා දැනගෙන සිටපු නිසයි. මේ මොන අප්‍රබංශයක්ද කියල හිතෙනව ඇති, එහෙනම් කියවලම බලන්නකෝ.

මා නිතරම පවසා ඇති දෙයකින් කතාව පටන් ගන්නම්. අරිසෙන් අහුබුදු සූරීන්ට අනුව අප්‍රිකාව යනු, හෙළ නිරි‍ඳෙක් වූ තාරක රජතුමාට අප්‍රිය වූ කාපිරියන්ව ගෙන ගොස් දැමූ බිමයි. එනම් අප්‍රිය+කාපිරියන්ව=අප්‍රිකාව ලෙස වර නැගුණා.

අහුබුදුවන්ට අනුව වායු+රිය+තො‍ටුපොළ ලෙස වරනැගුණ වාරියපොළ අන්තර්ජාතික ගුවන්තො‍ටුපොළෙන් ගුවනට පැන නැගුණ දඬුමොණර යානාවන්, අප්‍රිකාව යනුවෙන් අද හැඳින්වෙන බිමට ගුවනින් ගෙන ගොස් දැමූ කාපිරියන් යනු වෙනත් ග්‍රහලෝකය අය නොව අප රටේම සිටි තාරක රජතුමාට අප්‍රිය වූ හෙළයිනුයි. වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොළපොතට අනුව කාපිරියන් යනු, කා=කාලකන්නි, පිරි=පිරිහුනු, යන්=යන්තරකාරයෝ.

නිවැරදිව ලෝක ඉතිහාසය නොදන්නා ඇංකරයින්ට අනුව අධිරාජ්‍යවාදී යුරෝපීයයන් විසින් කැරිබියන් දූපත් වල ජනතාව පදිංචි කල බව දැක්වුණත් ඇත්තටම ඒ රටට කාපිරියන් පැමිණියේ රාවණා යුගයේදීමයි. තාරක රජතුමා විසින් අප්‍රිකාවට ගෙන ගොස් දැමූ "කාලකන්නි පිරිහුනු යන්තරකාරයින්" සියවස් කීපයක්ම තම යන්තර මන්තර වැඩ කරගනිමින් නොබියව සිටියත් පසුව ඔවුන්ගෙන් පිරිසකට ලොකු බියක් ඇති වුණා. එම බිය නිසා ඔවුන් ලෝකයේ දුෂ්ඨ අක්ෂය ලෙස හැඳින්වෙන බර්මියුඩා ත්‍රිකෝණය පැත්තට නැව් මගින් පලා ගිය අතර ඔවුන් අවසානයේදී නැංගුරම් ලෑ දූපත් සමූහය "කැරි බියන්" ලෙස නම් කළා. තාමත් එම නම භාවිතා වීම හෙළයින් වන අපට ආඩම්බරයක් නේද?

"හෝමෝ සේපියන්ලා බිහි වීමට පෙරත් හෙළයින් ශිෂ්ටාචාරගතව සිට ඇති බවත්" හෙළයින් පැවත එන්නේ හෝමෝ ඉරෙක්ටස් ලාගෙන් බවත් මීට කලින් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ ලිපියකින් පෙන්වා දුන්නා ඔබට මතක ඇති. ඇත්තටම අද වන විට හෙළදිවේ සිටින හෙළයින්ගේ රූපය මුල් "ඉරේ කට අස්" හෙළයින්ගෙන් වෙනස් වී තිබුණත් කැරිබියෙන් හෙළයින්ගේ "ඉරේ කට අස්" රූප්ශ්‍රීය අද දක්වාම නොනැසී පවතිනවා. උදාහරණ ලෙස ක්‍රිස් ගේ එල් මහතාගේ රූපය "ඉරේ කට අස්" හෙළයින්ට සමාන වෙන අකාරය බලන්න.


අද දක්වාම Antigua and Barbuda, Barbados, Dominica, Grenada, Guyana, Jamaica, St Kitts and Nevis, St Lucia, St Vincent and the Grenadines, Trinidad and Tobago, Anguilla, Monteserrat, British Virgin Island, US virgin Island and Sint Maarten යන සෑම කැරිබියන් කොදෙව්වකම ජීවත් වන්නේ එදා අප්‍රිකාවෙන් බිය වී පලා ගිය කාපිරියන්මයි. මේ අනුව ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේ හෙළයින් ම බව ඔබට පැහැදිළි ඇති.

මේ අතර ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අමන්දානන්දයට පත් වූ වෙස්ටින්ඩියානු හෙළයින්ට ඊට පහුවෙනිදා හාල්, පරිප්පු, ඩීසල්, බූමිතෙල් මිල වැඩි වීමටකත් මුහුණ දීමට සිදුවී තිබෙනවා.

පසුගිය තරගාවලිය ගැනත් කෙටියෙන් ටීකාවක් සපයන්නම්. මුලින්ම කිවහොත්, අප ශ්‍රී රාවණ පාක්ෂිකයින්ගේ ප්‍රධානතම සතුරා වන පාහර ඉන්දියානුවන් ලෝක කුසලානය පරාද වූයේ මේ දෙසැම්බර් මාසයේ නැගිටින ශ්‍රී රාවණ රජතුමාගේ බල මහිමය නිසාමයි. හෙළදිවටම විත් අපට අභියෝග කිරීමට උන් හිතුවා මදි.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට මූලිකම හේතුව ලෙස රාවණා ආගමිකයෙක් වන මා පමණක් නොව, සියලුම ආගම් ප්‍රතික්ෂේප කර නූතන විද්‍යාව පමණක් පිළිගන්නා සියල්ලන්ම දකින්නේ මහින්ද රාජපක්ෂ එහි පැමිණීමයි. එහෙම නැතිව පන්දුවාර 12ට ලකුණු 48ක් ගහල තිබ්බ කොදෙව් කණඩායම 137ක් ගහන්න මාලන් සැමුවෙල්ස් පටන් ගැනීම හෝ, ලසිත් මාලිංගට දිගට හරහට හයේ ඒවායින් නෙලද්දීත් මහේල ජයවර්ධන විසින් ඔහුව ඕවර් 4 ම බෝල් කිරීමට දැමීම නිසා මාලිංගට ලකුණු 54 ක්ම නෙලීම නෙලීම හෝ, මහින්ද රාජපක්ෂ පිටියට පැමිණීමටත් පෙරදීම තිලකරත්න දිල්ෂාන් බින්දුවට දැවී යාම ඇතුළුව ශ්‍රී ලංකා පිතිකරුවන් ජීවිතයේ මුල් වරට ක්‍රිකට් ගහන්නා වාගේ නොසැලකිල්ලෙන් ක්‍රිකට් ගැසීම නිසා නොවෙයි.


මහින්ද රාජපක්ෂ කුරහන් සාටකයක් දමාගෙන පැමිණීමත්, ක්‍රීඩකයින් කිසිවෙක් එලෙස කුරහන් සාටකයක් දමාගෙන නොසිටීමත් නිසා ක්‍රිඩා පිටියේ තිබූ විශ්ව ශක්තිය බිඳී ගියා. ඉදිරියේදී මහින්ද රාජපක්ෂ ක්‍රිකට් තරග බැලීමට නොපැමිණිය යුතු බව මාගේ යෝජනාවයි. පැමිණෙනවානම් මහින්ද රාජපක්ෂ කුරහන් සාටකය ගලවා දමා පැමිණිය යුතු අතර එසේ බැරිනම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට කුරහන් සාටක පළන්ඳවා ක්‍රීඩා කරවීම මෙයට විසඳුමයි. "ජනසේනා" වැනි ආශ්චර්යයේ පෙරගමන්කරුවන්ට මේ දේ නොවැටහීම කරුමයක්ම තමයි.

වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම දිනුව පසුව ඔවුන්ගේ අපූරු රංගනය ඔබ දකින්න ඇති. ඔවුන් එහිදී නටා පෙන්වූයේ හෙළයින්ගේ පහත රට නර්තනය ආශ්‍රයෙන් රාවණ රජතුමා අතීත කැරිබියන් දූපත්වාසී හෙළයින්ට ඉගැන්වූ "ගුවා ඩිෂු මුබු‍ටු" නැමති සම්ප්‍රදායික නර්තනයයි. ඉන් පසුව ක්‍රිස් ගේ එල් විසින් "හූ උටා බුම් බුම්" නැමැති දඟර නැ‍ටුමත් නටා පෙන්වනවා ඔබ දකින්නට ඇති. ලෝක කුසලාන තරගයක් දිනූ පසු කිසිදා හෙළ නර්තනයක් රඟ දක්වා ශ්‍රී රාවණ නමස්කාරය නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙළ යකුන්ගේ ශාපය වැදී ඇති බව, ලංකා සි නිවුස් වෙත අනාගත වාක්‍ය ලබා දෙන මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව වාසය කරන මාගේ ගුරුදේව තාපස තුමා පැවසුවා.

නර්තනයට පසුව වෙස්ට් ඉන්ඩීස් ක්‍රීඩකයින් තිදෙනෙක් එක්ව ශ්‍රී රාවණ මන්ත්‍රයක් මතුරනවාත් ඔබ අසන්නට ඇති. පහත වීඩියෝ එකේ විනාඩි 2 යි තත්ත්පර 7 සිට එය ශ්‍රවණය කරන්න.



"තරිඩි ගිරි ගිරි ඩෙන්න ඩන්නෙ ඩාබුඩින් බබිඩි බිරි බිරි ඩෙන් බම් බඩා..." "චෙජෙ කා ච චා..." "ශ්‍රී කූ ලංකා මසෙබා..." බලන්න කළගුණ දත් ඒ කැරිබියන් හෙළයින් එදා මුළු ලොවටම ඇහෙන්න හඬ නගා ප්‍රනාමය පුද කළේ අප ශ්‍රී රාවණ රජතුමාටයි.  වර්ගපූර්ණිකාවෙන් බොහෝ පද නිරුක්තීන් අධ්‍යයනය කර ඇති ඔබට එම මන්ත්‍රය නිරුක්ති කිරීමට පුළුවන් ඇති, උත්සාහයක් ගෙන බලන්න.

වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම ලංකාවට පැමිණි පසුව වාරණ විහාරයට (පද පෙරලූ විට , රාවණ විහාරයට) ගොස් ආගමික වතාවත් කළ බවත්, තරගයෙන් දින්නොත් බාර්බඩෝස් දිවයිනේ රාවණ දේවාලයක් හදන බවට එහිදී බාරයක් වුණ බවත්,  සෑම ක්‍රීඩකයෙක්ම යටි බඩේ කුණ්ඩලීනී යෝගය සහිත රාවණ යන්තරයක් සවි කරගෙන සිටින බවත්,  තරගය අවසන් වූ වහාම වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් නායකා, කුසලානයත් ‍රැගෙන රාවණ කො‍ටුවට ගොස් බාරය ඔප්පු කළ බවත්, මාධ්‍ය වලට වාර්තා නොකළේ ඒ නිරහංකාර හෙළයින්ට අනවශ්‍ය ජනප්‍රියත්වයක් වුවමනා නැති නිසයි. අන්න ඒක තමයි ලෝකයේ කොතනක සිටියත් හෙළයින්ගේ තිබෙන අපූර්වත්වය.

වෙස්ට් ඉන්දීස් හෙළ යක් නායකයා රාවන කොටුවට ගොස් සිය බාර ඔප්පු කල අයුරු. පින්තූරය අප වෙත ලබා දුන්නේ Achala Fidel මිතුරායි.

කාපිරියන් යනු "කාලකන්නි පිරිහුනු යන්තරකාරයින්" ලෙස මා මුලදී පෙන්වා දුන්නා ඔබට මතක ඇති. නමුත් කැරිබියන් දූපත් වල සිටින කාපිරියන් ගේ ඒ පිරිහීම නැති වී නැවතත් ඔවුන් යන්තර-මන්තර වලින් පොහොසත් වී ඇති බව ඔබට මනාව පැහැදිළි වෙනවා නේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Wednesday, October 3, 2012

බටකොල ආච්චිගේ මායා බසයේ අභිරහස.

කොස්සක් මත නැගී අහසින් ගමන් කරන බටකොල ආච්චීව ඔබට මතකද? ශ්‍රී රාවණ රජතුමාගේ ලොකු අම්මා වන බට්ඨිකාලි යක්ෂණිය හෙවත් බටකොල ආච්චී විසින් ලොවට මුල් වට හඳුන්වා දුන් ඉන්ධන රහිත ප්‍රවාහන තාක්ෂණයක් හෙළයින් සතුව තිබුණ බව ඉපැරණි හෙළ පුස්කොළපොතක දැක්වෙයි.

ඊට අනුව මායා කොසු හතක් ‍තෝන් ලණු වලින් හෙළ බස් එකකට ("හෙළ බස" කියල තාමත් අප අතර පවතින්නේ එම වහරයි) ගැට ගසා බසය ඇද්දවීමට හැකියාව තිබුණි.

හඳ පායා ඇති දින වලදී හෙළ පුස්කොළපොත් කියවූ මා වැනි වැඩිහිටි උදවියට බසයකට ගොඩ වුණ ගමන් සිතෙන්නේ, බස් එක කොහුවලින් දුවන බවයි. බටකොල ආච්චී හෙළ යකිනිය විසින් "කොහුවලින්" ධාවනය වන හෙළබස් තාක්ෂණය මුල් වරට හඳුන්වා දුන් ගම්මානය අදටත් "කොහුවල" ලෙස හැඳින්වෙයි. රාවණ රජ සමයේ කොහුවල ප්‍රධානතම බස් නැවතුම් පොළ බවට පත් විය.

පින්තූරය උපුටා ගත්තේ "Chat Room" වත්පොත් පි‍ටුවෙනි.

අරිසෙන් අහුබුදු වන්ට අනුව වාරියපොළ යනු, වා=වාතයෙන්, රිය=රථ, පොළ=තො‍ටුපොළ හෙවත් වාතයෙන් යන රථ පොළ ලෙස හැඳින්වෙන දඬුමොණර ගුවන් යාත්‍රාංගනයක් බවත් ඔබට මතක ඇති. කොහුවල සිට වාරියපොළට ගමන් මාර්ගයක් ඇති නිසා අතීත හෙළයින්ගේ මහා මාර්ග ප්‍රවාහනය සහ ගුවන් ප්‍රවාහනය අතර තිබූ සම්බන්ධතාවය මැනැවින් පැහැදිළි වෙයි.

හෙළ ගවේශකයින් පවසන පරිදි රාවනා ඇල්ල අසලින් හමුවූ උමගේ සිට රාවනා ඇල්ලට කිලෝමීටර් ගණනාවක් දිග මාර්ගයක් තිබෙන නිසා එම උමග රාවණා රජතුමාගේ බව තහවුරු වෙයි. එසේම, වාරියපොළ සිට කොහුවලටත් මාර්ගයක් තිබෙන නිසා කොහුවලත් රාවණ රජතුමාගේ බවට තවත් මූලාශ්‍රයකි.

 නුගේගොඩ ගුවන් පාලම හැදීමට මාර්ගය හාරද්දී එතැනින් හමුවූ ඉපැරණි සෙල් ලිපියක මෙසේ දැක්වෙයි. "කල හ බ නව ප ඉළ බකල යක ඣප ප නුග". එහි තේරුම මෙලෙස දැක්විය හැකියි. "කොහුවල හෙළ බස් නැවතුම් පොළ ඉදිකළ බට්ඨිකාලි යකිනිය ගේ දෙ‍ටු පුත් පැළ කළ නුග ගස". එම සෙල් ලිපි මූලාශ්‍රය අනුවද රාවණ රජ සමයේ තිබූ කොහුවල හෙළ බස් නැවතුම්පොළ ගැන පැහැදිළි වෙයි.

එදා හෙළයින්ට තිබූ බස් තාක්ෂණය අද හෙළයින්ටත් තිබෙන හැටි පහත රූපයෙන් ඔබට දිස් වෙනු ඇත. පර සුද්දන්ගේ සම්බැරීන් දියේ පමණක් ගමන් කරද්දී, හෙළයින්ගේ බස් දිය ගොඩ දෙකේදීම ගමන් කරන උදාරත්වය දෙස බලන කල අපගේ තනි නෙතගට කඳුළක් එක් නොකරන්නේද?


ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.
Read More...

Thursday, September 20, 2012

සිංහල ක‍තෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා හොඳ සිංහලයන්ය.

සිංහල බෞද්ධයින් යනු නියම සිංහලයින් කියලයි බොහෝ අය මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ. නමුත් සිංහල ක‍තෝලිකයන් යනු සිංහල බෞද්ධයින්ට වඩා නියම සිංහලයින් බව ඔබ දැනගෙන සිටියාද? මේ බව කියන්නේ අන් කවරෙක්වත් නොව, ශ්‍රී රාවණ රජතුමාව අප හෙළුවන් අතර ජනප්‍රිය කළ කලාසූරී අරිසෙන් අහුබුදු හෙළුවානන්ය.


අහුබුදුවන්ගේ වචන වලින් හෙළුවන් යනු හෙළයින්ට කියන හෙළ වචනයයි.  උදා: 2009 බක් 12 සිළුමිණේ අරිසෙන් අහුබුදුවන් මෙහෙම කියල තියෙනවා.
"සක්වළ වටය අංශක 360 ක් කොට ගත් අපේ ආදී හෙළයන් එය අංශක 30 බැගින් වූ දොළොස් රැසකට (රාශි) බෙදා මුල් රැස ‘හෙළු’ (එළු) කියා ගත්තා ‘හෙළු දිව‘ (හෙළ දිව) මුදුනින් ඇරැඹෙන රැස දොළොස් රැසේ මුල් ම රැස හෙළු රැස වුණා. හෙළු ම එළු වුණේ ‘හ් ලොප් වීමෙන්. ඔය රාශි 12 ම නිර්මාණය කළේ අපි. එතකොට සත්විසි නැකත් නිර්මාණය කළෙත් අපි."


2009 බක් 12 සිළුමිණ පුවත්පතට අරිසෙන් අහුබුදුවන් මෙලෙස පවසල තිබෙනවා.
ඉතිහාසය කෙසේ වෙතත් අද දෙමළ ජාතිකයන් අතරින් හින්දු භක්තිකයන් ද අවුරුද්ද සමරනවා. එසේ ම සිංහල අවුරුද්ද හුදෙක් සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයි සිංහල කතෝලිකයන්ටත් උරුමයි. මොකද, ඔවුන් අද අපිටත් වඩා සිංහල වෙලා. බෞද්ධ අපි තවමත් පාලිවලින් ගාථා කියද්දි ඔවුන් ලතින් බස අතහැරලා සිංහලෙන් යාච්ඥා කරනවා. ඔවුන් ‘මේරි’ මරියා කර ගත්තා. ‘ඇන්ටනි’ අන්තෝනි කර ගත්තා.
අරිසෙන් අහුබුදුවන් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත් පරිදි,
1. මුළු ලෝකයම හෙළයින්ගෙන් ශිෂ්ටාචාර වූ බව සත්‍යයක්නම්,
2. දුරකථන වලින් ඇමතීමේදී කියන "හෙළෝ" යනු හෙළ වචනයක් බව සත්‍යයක්නම්,
3. සිව්හෙළය යනු ඕස්ට්‍රේලියා, ආසියා, අප්පිරිකා, යුරෝපා යන මහද්වීප බව සත්‍යයක්නම්,
4. අප්‍රිකාව හෙවත අප්පිරිකාව යනු තාරක රජතුමාට අප්පිරිය වූ කාපිරියන්ව දැමූ රට බව සත්‍යයක්නම්,
5. වාරියපොළ ප්‍රදේශයේ රාවණාගේ දඬුමොණර ගුවන් තො‍ටුපොළක් තිබුණ බව සත්‍යයක්නම්,
6. රාවණ රජතුමා චක්‍රවර්තී රජෙක් බව සත්‍යයක්නම්,
7. ක්වීන් යන ඉංග්‍රීසි වදන කු හෙවත් පොළව හා විනි හෙවත් විඳින්නී යන සිංහල දෙවදනින් බිඳුණු පදයක් බව සත්‍යයක්නම්,
8. දො සතර හෙවත් දොස්තර නැමති හෙළ පදයෙන් ඩොක්ටර් නැමති වචනය හැදුණ බව සත්‍යයක්නම්,
9. නක්ෂත්‍රය ලෝකයට ගියේ හෙළයින්ගෙන් බව සත්‍යයක්නම්,
සිංහල ක‍තෝලිකයින් සිංහල බෞද්ධයින්ටත් වඩා සිංහල වීම සත්‍යයක්මයි.....!!!!!

බෞද්ධ උදවිය තාමත් පාළි බසින් ගාථා කීම සම්බන්ධයෙන් අහුබුදුවන් දැක්වූ අදහස් ගැන බෞද්ධයින්ගේ පිළිතුරු මොනවාද? (මා බෞද්ධයෙක් නොව රාවනාගමිකයෙක් බැවින් වෙනත් ආගම්/දහම් විවේචනය කරන්නේ නැහැ)


නොදන්න ඉතිහාසයක් ගැන කෙප්ප ලියන බක පඬියෙක් දවසක් අහුබුදුවන්ට බැනල තියෙනව මම දැක්ක. ඌටත් දෙකක් කියන්න මම මේක අවස්ථාව කරගන්නව.
"හෙළයට පහරන පාහර කැනහිලෝ, ‍තෝ දන්නවද බොල අහුබුදුවන් නොසිටින්නට සිංහල ක‍තෝලිකයන් යනු නියම සිංහලයන් බව අපට දැනගන්න ලැබෙන්නේ නෑ කියල. අපේ රට ‍රැක ගත්හේ අහුබුදුවන්. මහාවංසයෙන් සිංහල බෞද්ධයින්ට මුල් තැන ලබා දීල, සිංහල ජාතියට වී ඇති ඓතිහාසික අසාධාරණය වලක්වා නියම සිංහලයන් වන සිංහල ක‍තෝලිකයන්ව ‍රැක ගත්තේ, සිංහල ක‍තෝලිකයන්ට මේ රටේ උරුම විය යුතු ස්ථානය ලබා දුන්නේ අරිසෙන් අහුබුදුවන්ම බව තොපට නොතේරේද යකෝ. අරිසෙන් අහුබුදුවන්ට ‍තෝ ආයිත් අපහාස කරල තිබුණොත් මම ‍තෝව මරාගෙන මැරෙනව යකෝ. තොපේ රීරි මාංසය කනව යකෝ. අනේ පාහරයෝ, තොපි සිංහල ඉගෙන ගත්තනම් සිංහල කතන්දර පොත් ලියපිය, නැතිව නොදන්න ඉතිහාසය ගැන කෙප්ප කියන්නෙ නැතිව. පාහරයෝ. කලවැද්දෝ"
හ්ම්. ඒ ඇති.

තව දෙයක් කියන්න ඕනැ, මෙම ලිපියේ මාතෘකාවේ දැක්වෙන අදහස මගේ අදහසක් නොවෙයි කියල තේරෙනවනෙ, අරිසෙන් අහුබුදුවන් ජාතික පුවත්පතකට කියල තියෙන දෙයක්නෙ. එනිසා දැන් මේ මාතෘකාව දැකල රෙදි උස්සගෙන වර්ගපූර්ණිකාවට විරුද්ධව පොලු මුගුරු උස්සගන්න හදපු හෙළුවන් අපේ අරිසෙන් අහුබුදුවන්ටත් බනිනවද? නෑනෙ... අහුබුදුවන් හෙළුව පෙන්වද්දී සැබෑ රාවණ පාක්ෂිකයින් වන අප ඒ හෙළුව වැනීම කළ යුතුම දෙයක්.

ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.
Read More...

Tuesday, September 18, 2012

හෝමෝ සේපියන්ලා බිහි වීමට පෙරත් හෙළයින් ශිෂ්ටාචාරගතව සිට ඇත.


පරිනාමවාදීන්ගේ පොදු පිළිගැනීම අනුව නූතන මානවයා වශයෙන් හැඳින්වෙන Homo Sapiens මුල් වරට ලෝකයට බිහි වී ඇත්තේ මීට වර්ෂ 250,000 කට පෙරය. ඔවුන්ගේ උප මානව වර්ග වන Homo Sapiens Idaitu මීට වර්ෂ 160,000 - 150,000 අතර ඉතියෝපියාවේදී ජීවත් වී ඇත. Homo Sapiens Sapiens වශයෙන් හැඳින්වෙන අපව මීට වර්ෂ 200,000 කට පෙරදී ලෝකය පුරාමද ආරම්භ වී ඇත. Homo Sapiens ලාට පෙර ආරම්භ වූ මානව වර්ගයන් ලෙස සැලකෙන්නේ,
[1]. වර්ෂ 300,000 - 120,000 කාලය අතර සැම්බියාවේදී ජීවත් වුණා යැයි සැලකෙන Homo Rhodesiensis
[2]. වර්ෂ 350,000 - 30,000 කාලය අතර යුරෝපයේ මෙන්ම බටහිර ආසියාවේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Neanderthalensis
[3]. වර්ෂ 600,000 - 350,000 කාලය අතර යුරෝපයේ , අප්‍රිකාවේ සහ චීනයේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Heidelbergensis
[4]. වර්ෂ 2,300,000  - 1,400,000 කාලය අතර අප්‍රිකාවේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Habilis
[5]. වර්ෂ 2,000,000 - 600,000 කාලය අතර දකුණු අප්‍රිකාවේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Gautengensis
[6]. වර්ෂ 1,900,000 - 1,400,000 කාලය අතර දකුණු අප්‍රිකාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Ergaster
[7]. වර්ෂ 1,800,000 - 200,000 කාලය අතර ජාවා, චීනය, ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Erectus
[8]. වර්ෂ 1,200,000 - 800,000 කාලය අතර ස්පාඤ්ඤයේ ජීවත් වුණා යැයි සැලකෙන Homo Antecessor
මෙවන් සරළ කරුණු ගැන ඔබ දැනටමත් දන්නවා වුනත් මේ කෙටි ප්‍රස්තාවතාවය ලබා ගත්තේ හෙළයේ ඉතිහාසය නූතන පරිනාමවාදයේද සාක්ෂි සාධක සහිතව දැක්වීමට පදනමක් වශයෙනි.


රාවණාගේ පාලම.

නාසා ආයතනය මගින් ගන්නා ලද අභ්‍යවකාශ පින්තූර වලට අනුව ආදම්ගේ පාලම (Adam´s Bridge) වශයෙන් වර්තමානයේදී හැඳින්වෙන රාවණාගේ පාලම මීට වර්ෂ දා හත් ලක්ෂ පනස් දාහක් (1,750,000) තරම් පැරණි බව නිගමනය කර ඇත. නමුත් නාසා වෙබ් අඩවියේ එවැනි සඳහනක් නොමැති අතර අපට කීමට ඇත්තේ එය රාවණ විරෝධීන් විසින් හැක් කර ඇති බවයි. (රාවණ විරෝධීන් පවසන පරිදි, එය නාසා එකෙන් වැරදීමකින් කළ ප්‍රකාශයක් නිසා වෙබ් අඩවියේ නොදක්වා සිටීමක් නොවේ.) හෙළයට ද්‍රෝහී වන්නන්ගේ තරම වැටහෙනවා නේද?


අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. රාවණපාක්ෂිකයින්ගේ වෙබ් අඩවි වල තිබෙන නිසා එය සත්‍යයක් බව සියලුම සයිබර් ඉතිහාසඥයින් පිළිගනී. ඒ ගැන බොහෝ මූලාශ්‍ර සහිතව මීට පෙර වර්ගපූර්ණිකාවේ ලිපියකත් දක්වා ඇත.

ඉහත සඳහන් කළ විස්තරයන් අනුව මීට වර්ශ 1,750,000 කට පෙරත් පාලම් හැදීමේ තාක්ෂණය සහිත හෙළයින් සිටි බව පැහැදිළි වෙයි. එනම් පැහැදිළිවම ශිෂ්ටාචාර වූ ජනතාවක් ඒ කාලයේදීත් අප රටේ සිට ඇත.

පරිනාමවාදය මෙන්ම නාසා කතන්දරයත් සුද්දන් විසින්ම ප්‍රකාශ කරන නිසා ඒ දෙක සංසන්දනය කිරීමට අපට පුළුවන. එක් දැනුම් පද්ධතියක් තවත් දැනුම් පද්ධතියකින් මැනීමට නොහැකිය යන මතවාදයක් අප අතර තිබුනත් එය මීට අදාල නොවේ. මන්ද යත් නාසා කතන්දරයත්, පරිනාමවාදයත් යන දෙකම අයිති එකම දැනුම් පද්ධතියක් වන නූතන විද්‍යාවටයි. ඒ ගැන චාමි සෑම්ගෙ කොමෙන්‍ටුවකත් සඳහන්ව තිබුණ.

නූතන මානව වර්ගයා වන හෝමෝ සේපියන්ලා බිහි වන්නේ මීට වර්ෂ 250,000 දී බැවින් වර්ෂ 1,750,000 කට පෙර සිටි අතීත හෙළයින් යනු හෝමෝ සේපියන්ලා නොවේ.

මේ ලිපිය මුලදී දැක්වූ ආකාරයට පරිනාමවාදයේ දැක්වෙන එක් එක් මානව වර්ග (Homo) සලකා බැලීමේදී වර්ෂ 1,750,000 කට පෙර හෙළදිවේ ජීවත් වූ මානවයාව අයත් වන්නේ Homo Erectus යන මානව වර්ගයට බව පැහැදිළියි.
[1]. හෝමෝ ඉරක්ටස්ලා ඉන්දියාව ආශ්‍රිතව (ඒ කියන්නෙ ලංකාවත් ආශ්‍රිතව) සිටීම,
[2]. ඔවුන් වර්ෂ 1,800,000 කට පෙර ජීවත් වීම නිසා ආදි කාලීන මානවයන්ගේ කාලයන් වලින් වඩාත්ම ගැලපීම,
[3]. හෙළ යකුන් මෙන් මූණ පුරාම ‍රැවුල තිබීම,
[4]. ඔවුන්ගේ කෙටීමේ ආයුධ හමුවී තිබීම (හෙළයින්ගේ බුලත් කොටන කුඩා වංගෙඩි වල කෙ‍ටුම් ගල් විය හැකියි),
[5]. ඔවුන් හෙළුවෙන් ජීවත් වී යැයි කීම (ලන්ඩන් කෞතුකාගාරයේ තබා ඇති හෙළ පුස්කොළපොත් වල "හෙළුව" වශයෙන් සටහන් වූ වචනය "නිරුවත" වශයෙන් වැරදියට පරිවර්තනය කිරීම නිසා අද වෙනකම්ම හෝමෝ ඉරෙක්ටස් මානවයන්ව නිරුවතින් චිත්‍රයට නගයි. මෙය ඓතිහාසික වැ‍රැද්දකි. නමුත් එම පුස්කොළපොත් වල හෙළුව ලෙස සටහන් වී ඇත්තේ හෙළය යන්නයි.)
[6].  අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කර ඇත්තේ හෙළයින් විසින් වීම. මුලු ලෝකයම ශිෂ්ටාචාර කර ඇත්තේ හෝමෝ ඉරෙක්ටස් මානවයා විසින්ය.
... ආදිය නිසා අපගේ නිගමනය තහවුරු වෙයි. ඒ අනුව අතීත හෙළයින් යනු Homo Erectus බව පැහැදිළියි නේද? නමුත් හෝමෝ ඉරෙක්ටස් යනු අපට උගන්වා ඇති ආකාරයේ නොදියුණු මිනිසුන් නොව මූද උඩින් පාලම් හැදීමට පවා තාක්ෂණය තිබූ , ගුවන් යානා, න්‍යෂ්ඨික අවි පවා තිබූ අති විශිෂ්ට නිර්මාණකරුවන්ය.

හෙළ යකෙක් සහ යකිනියක්. (හෙළුව=හෙළය යන්න හෙළුව=නිරුවත ලෙස වැරදියට වටහා ගැනිම නිසා අපගේ හෝමෝ ඉරෙක්ටස් හෙළයින්ව නිරුවතින් ඇඳ තිබීම හෙළාදකිමු)

එසේම වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොළපොතේ "ඉරෙක්ටස්" යනුවෙන් හැඳින්වීමක් ඇත. අරිසෙන් අහුබුදු වන්ගේ මගෙහි යමින්, ඉරෙක්ටස් හි පද නිරුක්තිය බලමු.
ඉරෙ=ඉරේ
ක්ටස්= කට+අස්, කට=මුඛය, අස්=පැමිණි
ඒ අනුව "සූර්යයාගේ මුඛයේ සිට පැමිණි" යනු සූර්ය වංශික යක්ෂ ගෝත්‍රික හෙළයින්මය. සූර්යයාට "රා" ලෙස හැඳින්වෙන නිසා ඉරෙ=ඉරේ=සූර්යයා=රා වීමෙන් ඉරෙක්ටස් සහ රාවන රජතුමා අතර සම්බන්ධය පැහැදිළි වේ.

මේ අනුව හෝමෝ සේපියන්ලා බිහි වීමටත් පෙර හෙළයින් ශිෂ්ටාචාරගතව සිටි බව සක් සුදක් සේ පැහැදිළියි. හෝමෝ ඉරෙක්ටස් ආදි හෙළුවන්ට අපගේ ආචාරය පුද කරමු. හෙළයෙක් වීම ආඩම්බරයකි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Friday, September 14, 2012

බුදුරදුන් බුද්ධත්වයට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බව සොයාගනී...!!!

මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.


මෙම පොතේ 83 වැනි පි‍ටුවෙන් ෆොටෝකොපි ගසා පහත දක්වා ඇති පින්තූරයේ දැක්වෙන ඉරි ගසා ඇති කොටස් හොඳින් කියවන්න.


මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේගේ ඇබිත්තයෙක් වන, 2012 අගදී සිදුවන ලෝක විනාශය මුලදීම ලොවට හෙළි කළ, මා මිත්‍ර දොන් ජයසිංහයන් විසින් අන්තර්ජාලයේ එය තවත් හොඳින් පැහැදිළි කර තිබෙන්නේ මෙලෙසයි. [මූලාශ්‍රය]


ඔබට මේ කතාව පැහැදිළි ඇති. තාමත් පැහැදිළි මදි අයට සරළව මෙලෙස විස්තර කරන්නම්.

මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විස්තර කළ විදියට, බුදු කෙනෙක් පහළ වන්නේ දැන් ශ්‍රී ලංකාව විදියට හැඳින්වෙන අපේ හෙළබිමේය. එසේම ලෝකයේ යහපත් කෙළවර හෙළබිමේ තිබෙන අතර ඒකේ අනික් කෙළවර තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේය. බුදුරදුන් පිටදුන් හිරිවඩුන්න බෝධිය හෙවත් බුද්ධත්වයට පත් වූ තැනට ප්‍රතිවිරුද්ධ තැන බර්මියුඩා ත්‍රිකෝණයයි.

තවත් පැහැදිළිව කියනවනම් , "ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන තැනට හරියටම අනික් පැත්තේ තමයි බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුණේ"

කවුරුවත් වර්ගපූර්ණිකාවට විරුද්ධව අවි අමෝරා ගන්න එපා. මේ කතාව මම නෙමෙයි කියන්නෙ, මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ සහ උන්න්නාන්සේගේ ගෝල බාලයනුයි. මම ඉතින් ඒ ගැනත් සුපුරුදු පරිදි හෙළගවේශණය කරල ඉවර වෙලා හෙළුවෙන් වනන්නයි (හෙළුවෙන්=එළුවෙන්=සිංහලෙන් වර්ණනාකරන්නයි) මේ සූදානම.

අපි බර්මියුඩා ත්‍රිකෝණයට අනික් පැත්ත කුමක්ද කියා බලමු. වෙබ් අඩවි වලින් ඒ ගැන තොරතුරු සොයද්දී මෙවැනි දෙයක් දැනගැනීමට පුළුවන්.

When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
source: http://www.americandownunder.com/phantom/BermudaSouth/bsgeo.asp

ඊට අමතරව ඔබටම මේ ගැන පොඩි පර්යේෂණයක් කරන්න පුළුවන්. www.antipodemap.com/ යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ අනික් පැත්ත කුමක්ද කියල විද්‍යාත්මකව ගණනය කරන එක්තරා වෙබ් අඩවියක්. (මේ වගේ වෙබ් අඩවි ඕනැ තරම් තිබෙනව). අපි බලමු එහි ප්‍රතිඵලය.


දැන් මෙතන පොඩි පරස්පරතාවයක් තිබෙනව කියල ඔබට හිතෙන්න ඇති. එනම්, හෙළ බිම හැර අන් කිසිම තැනක බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත් වීම සිදු නොවන බව ඉහත පොතේ උදෘතයේ දැක්වෙනවානේ. නමුත් ඉහත ප්‍රතිඵල අනුව අපට පෙනෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බවයි.

කලබල වෙන්න කරි නෑ. මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. ඒ වගේම මූදෙ යට බෝ ගස් වැවුණද වැනි මෝඩ ප්‍රශ්න එහෙමනම් අහන්න එපා.

හෙළුවනි, අපට මෙය අගනා සොයාගැනීමක් නොවේද? ශ්‍රී රාවණයන් ගැන ආඩම්බර වීම මදකට නවතා දමා බටහිර ඕස්ට්‍රේලියාව අපේ හෙළයේ කොටසක් වීම ගැනත් අපි ආඩම්බර වෙමු. දැන් බුද්ධගයාව වන්දනා කරන්න කියල යනවනම්, අපේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ පවසන විදියට ඔය වන්දනා නඩ යන්න ඕනැ බටහිර ඕස්ට්‍රේලියාවටයි .


මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ ගේ ඉතිහාසය උඩු යටිකුරු කරන තවත් බොහෝ සොයාගැනීම්, හුදී ජනයාගේ පහන් සංවේගය තකා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. හා දැන් හැමෝම අපේ උන්නාන්සෙට සාදු කියන්න...

ප:ලි: සමහරු කියල තිබුණ උන්නාන්සේ තමන් බොරුවක් කිව්ව කියල පිළිගත්ත කියල. ඒ ගැන දැක්වෙන මූලාශ්‍රයකට තිබෙන්නේ මේ sorry.com පි‍ටුව පමණයි. නමුත් එහි කොමෙන්‍ටු අනුව උන්නාන්සේගේ ගෝල බාලයින් නම් උන්නාන්සේ බොරුවක් කිව්ව කියන එක ප්‍රතික්ෂේප කරල. ඒ මදිවට, බ්ලොග් අවකාශයේ කොමෙන්ට් දාන උදවිය නොදන්නව වුණාට ජන්බුද්වීපය ගැන තාමත් ක්‍රියාකාරී ෆේස්බුක් ගෲප් හැට හුටහමාරක් තිබෙනව. (නොමිලේ ප්‍රචාරයක් ලබා දුන්න කියල ඔවුන් ලැජ්ජාවට පත් වෙන නිසා ඒවයෙ ලින්ක් දාන්න මම කැමති නැහැ). ඉතින් ඔන්න ඔය කාරණා නිසා ජන්බුද්වීපය ගැන (ජම්බුද්වීපය ගැන නෙමෙයි) ඉදිරියේදීත් හෙළුවෙන් වනන්නයි මගේ සූදානම. ජන්බුද්වීප කතාවට මූලාශ්‍ර වුණේත් අපේ රාවණාවාදයම නිසා මා හට ඒ ගැනත් කතා කරන්න අයිතියක් තියෙනවනෙ. ඒ වගේම වර්ගපූර්ණිකාවේ අරමුණ කුමක්ද කියල මෙච්චර ඇස් පනාපිටම පෙනෙද්දීත් ඒකවත් තේරෙන්නෙ නැතිව අනේ "ඇයි මේ බුද්ධාගමට අපහාස කරන්නේ" කියල අහන උදවියගේ කොමෙන්‍ටුනම් අනුමත කරන්නවත් අපනම් වෙහෙස මහන්සි වෙන්නෙ නෑ කියලත් කියන්න ඕනැ. ප්‍රතිදීප්ත පහන් තවත් තිබෙනවනම් අපේ හිතවත් ජන්බුද්වීපවාදීන් ගාවට ගිහින් වර්ගපූර්ණිකාව බ්ලොග් එක ගැන අහල බලන්න...
Read More...

Tuesday, September 11, 2012

රාවණ සමයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපාංග වල පොසිල හමු වෙයි.

අප ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කාලයේදී අති මහත් හෙළ විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණුවක් තිබූ බව මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ලිපි වලින් පෙන්වා දෙද්දී සමහර රාවණා විරෝධීන් ඊට සිනා සුණහ. ඊට හේතුව වන්නේ අප දැක්වූ මූලාශ්‍ර මදි බව කීමයි. නමුත් රාවණාගවේශක ඉතිහාස ලිපියක මූලාශ්‍ර දැක්වීමේ සම්ප්‍රදාය අනුව යමින්, පද නිරුක්ති, හෙළ විද්වතෙක්ගේ ප්‍රකාශයක්, අතීත පුස්කොළපොත්, සෙල් ලිපි උදෘත, අපගේ මා හැඟි ග්‍රන්ථ රාජයා වන වර්ගපූර්ණිකාවෙන් උපුටාගැනීමක්, ජනප්‍රවාද, ආදිය ගෙන හැර පාමින් කිසි සේත්ම නොබිඳිය හැකි තර්ක වලින් සංයුක්තව අපගේ ලිපි ලියා ඇති බව සෑම රාවණාපාක්ෂිකයෙක්ම හොඳාකාරවම දනී.

බොහෝ රාවණා විරෝධීන් අපට අභියෝග කළේ, අතීත හෙළයේ තිබූ තාක්ෂණික උපකරණ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හමු වුණානම් ඒවායේ පින්තූර පළ කරන ලෙසටයි. නමුත් අප එය ප්‍රතික්ෂේප කළේ, ඒවා පළ කළ වහාම පාහර ඉන්දියානුවන් එම පින්තූර ව්‍යාජ ඒවා බව පෙන්වීමට කටයුතු කරන බැවිනි. ඔවුන් වැඩි වශයෙන්ම යොදාගන්නා ක්‍රමය වන්නේ, අප ඉදිරිපත් කරන සාක්ෂි වර්ෂ කීපයකට පෙර දිනයක් සහිතව විවිධ වෙබ් අඩවි වල පළ කිරීමයි. එවිට බලන කෙනෙකුට පෙනෙන්නේ අප ඉදිරිපත් කරන්නේ කොහෙන් හෝ උපුටා ගන්නා ලද ව්‍යාජ පින්තූර බවයි.

එසේ වීමේ අභියෝගය තිබියදීත් අද මේ බලාපොරොත්තු වන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ කරන ලද කැණීම් වලින් හමුවූ විවිධාකාර පොසිල වර්ග වල පින්තූර ඔබ වෙත ඉදිරිපත් කිරීමටය. මෙම පොසිල සියල්ලම වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙත යවා ඇත. ඔබ යම් දිනකදී ලන්ඩන් විශ්ව විද්‍යාලයට යනවානම් එහි ප්‍රධාන කෞතුකාගාරයට අයත් Institute of Archaeology Collections හි අංක 13 මැදිරියේ විශේෂ කුටියක ඇති මේ දේවල් ඔබට දැක ගත හැකි වනු ඇත.

ඒ ආකාරයෙන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට පොසිල යවද්දී, Christopher Locke නැමති පර සුද්දා මේවා තමන්ගේ නිර්මාණ බව කියමින් මුළු ලෝකයම ‍රැවැට්ටවීමේ කූඨ ජාවාරමක්ද කර ඇත. ඒ පිළිබඳව දැනට හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් විභාග වෙන බැවින් වැඩි විස්තර නොදක්වමි.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය Karen Radner ගේ මුලිකත්වයෙන් කරන ලද කාබන් 12 කාල නිරීක්ෂණය අනුව අනාවරණය වී ඇත්තේ පහත අයිතම සියල්ලම මීට අවුරුදු 10000 කට පමණ පෙර සමයට අයත් බවයි. අපි ඒවා එකින් එක බලමු.


තෙලබනුව
රවණා රජතුමගේ සමයේදී හෙළයේ ප්‍රධානතම සංනිවේදන උපකරණයයි. අරිසෙන් අහුබුදුවන්ට අනුව, මේ උපකරණය යොදා ගනිමින් අතීත හෙළයෙක් අනෙකෙකුට ඇමතීමේදී "හෙළෝ" කියා පළමුවෙන්ම පවසයි. එහි තේරුම නම් අනෙක් පසේ සිටින්නේ හෙළයෙක් දැයි දැන ගැනීමටයි. අනෙක් පස තෙලබනුව කනේ තබගෙන සිටින්නේ හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" යැයි පෙරළා පවසයි. එම සිරිත තවමත් මිනිස් සමාජයේ තිබීම පුදුමයක් නොවේ.



ජංගම තෙලබනුව
මෙහි පි‍ටුපස "රාවණා" යනුවෙන් ඉපැරණි යක් බාසාවෙන් සටහන් කර තිබීම නිසා මෙයට රාවණා රජතුමාට සම්බන්ධයක් තිබූ බව පැහැදිළි වෙයි.



මෙම පොසිල හමු වී ඇත්තේ "තෙලතුවාව" නැමැති ගමේ පොළොවෙන් අඩි 100 ක් යටදී කරන ලද පුරාවිද්‍යා කැණීමකිනි. තෙලතුවාව යන්නේ පද නිරුක්තිය බලමු, තෙල=තෙලබනු, තුවා=තුවාල කරන, ව=වංගෙඩිය. තෙලතුවාව ගම් මැද්දේ තවමත් ඉපැරණි ගල් වංගෙඩියක් තිබේ. සිද්ධ රාජ පත් ඉරු මූලාශ්‍ර වල දැක්වෙන ආකාරයට රාවණ රජ සමයේදී තිබූ අබලන් තෙලබනු ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා එම වංගෙඩියට දමා කොටා ඒවායේ යකඩ ඉවත් කර ඇත.


කැසටය
"කැසටය" යනු අතීත හෙළයේ තිබූ ගීත්‍ර ශ්‍රවණය කරන යන්ත්‍රයි. කැසටය යන්නේ පද නිරුක්තිය බලමු.
කැ=කැරකැවෙමින්, ස=සංගීතය, ට=ටක්කෙටමදෙන, ය=යන්ත්‍රය. ඒ අනුව කැසටය යනුත් හෙළ පදයක් බව පැහැදිළි වෙයි. පහත දැක්වෙන පොසිලය හමු වී ඇත්තේ කැබිතිගොල්ලෑව නැමති ගමෙනි. එහි පද නිරුක්තිය වන්නේ, කැ=කැසටයන්, බි=බිහිකිරීමට, ති=තිඹිරිගෙයක්වූ, ගොල්ලෑව=ගම. ඒ අනුවම එම ගමෙන් පහත කැසටයේ පොසිලය හමු වීම පුදුමයක් නොවේ.



කැසට පට
එම කැසටය සමගම ලැබුණ කැසට පටයක් පහත දැක්වේ.




දැනටමත් එම කැසට පටයේ තිබූ ශිලා කොටස් ඉවත් කර ඇති අතර එහි ඇති දත්ත ලබා ගැනීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම උත්සාහ දරයි. වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ දැක්වෙන ආකාරයට මෙම කැසට් පට නිපදවා ඇත්තේ කෙහෙළ් පට්ටා වලට රහසිගත ඖෂධ වට්ටෝරුවක් එකතු කිරීමෙනි, එවිට එය් අවුරුදු දහස් ගණනාවක් වුවත් සංරක්ෂණය කර තබා ගත හැකියි. මේ ආකාරයෙන් ඖෂධ කලවම් කර තාක්ෂණික උපාංග හදන ආකාරය වෛමානික ශ්‍රාස්ත්‍රය නැමති ජනප්‍රිය හෙළ පුස්කොළපොතේ දැක්වෙයි.



කෙළිය
අරිසෙන් අහුබුදු සූරීන් දක්වන ආකාරයට අතීතයේ සිටි හෙළුවන් ක්‍රීඩා හඳුන්වා ඇත්හේ "කෙළි" ලෙසටයි. එනිසා අදටත් ක්‍රීඩා කරන සහායිකාවට, කෙළිය+ඇය හි "ඇ" කාරය භින්න වී, "ය" අකුර ලොප් වී, "කෙල්ල" යැයි කියන බව පැහැදිළි වෙයි.  ඉතින් අතීතයේ තිබූ අති දියුණු ඉලෙක්ට්‍රොනික් උපකරණ වලටත් පොදුවේ භාවිතා කර ඇත්තේ "කෙළිය" යන නමයි. පහත දැක්වෙන්නේ එවැනි කෙළියවල්ය.






විනෝද කෙළි පොල්ල
මෙහිදී උඩට එසවුණු පොල්ලක් තිබෙන අතර රූපවාහිනියේ තිරයේ පෙනෙන ක්‍රීඩාවට අනුව ඒ පොල්ල එහාට මෙහාට කිරීමෙන් ක්‍රීඩා කිරීමට පුළුවන. නිවැරදි ලෙස මෙය වේගයෙන්ම සුසර කිරීමෙන් අදාල ක්‍රීඩාව ජයග්‍රහණය කර හොඳ තෘප්තියක් ලැබීමට පුළුවන. වර්තමානයේදී ජෝයිස්ටික් බිහි වී ඇත්තේ මේ තාක්ෂණය ගැන ලියවුණ අපගේ ඉපැරණි පුස්කොළපොත් කියවූ පර සුද්දන් විසිනි.



කෙළි රූපකය
සාක්කුවේ දාගෙන යා හැකි ක්‍රීඩා කිරීමේ උපකරණයකි. කුඩා කාලයේදී ඔබත් මෙවැනි "කෙළි රූපක" වලින් ක්‍රීඩා කරද්දී ටික දවසකින්ම එය ක්‍රීඩා කිරිම ඉතාමත් පහසු බව ඔබට දැනුණා මතකද? ඊට හේතුව රාවණ යුගයේ සිටම මේවා අපගේ හෙළ ජාන වලට කිඳා බැස තිබීමයි.



කෙළි දිශානකය
අදාල ක්‍රීඩාව සඳහා දිශාව වෙනස් කිරීමට යොදා ගත්තකි.


ශෛලමය කොටස් ඉවත් කල විට එහි බොත්තම් සියල්ලම වැඩ කරන බව පෙනුනෙන්, ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මණ්ඩලය ඉමහත් විස්මයට පත් වී ඇත.


ඉහත දැක්වූ "කෙළි බඩු" සියල්ලම හමුවී තිබුණේ කෙසෙල්හේනාව ප්‍රදේශයේ කරන ලද කැණිමකිනි. එහි පද නිරුක්තිය බැලුවොත් , කෙ=කෙළිබඩු, සෙල්=සෙල්මුවා, හේනාව=හේන. එනම් රාවණ රජ සමයේදී "සෙල් මුවා කෙළිබඩු හදන යන්ත්‍රාගාරයක්" එහි තිබී ඇති බව අපට පැහැදිළියි.


ජංගම සින්දුකය
ගීත ශ්‍රවණය කිරීමට යොදාගත්හකි. අතීත හෙළුවෝ දුරබැහැර ගමනක් යද්දී මේවා තම යටි අමුඩයේ ගසාගෙන ගොස් ඇති බව වර්ගපූර්ණිකාව නැමති පුස්කොළපොප් දැක්වෙයි. එවිට වයර්ලස් තාක්ෂණය අනුව ඒවා ශ්‍රවණය කිරීමට පුළුවන. මෙම "ජංගම සිංදුකය" සමග කිසිදු වයර් කොටසක් හමු නොවීම නිසා අතීත හෙළයින්ගේ වයර්ලස් තාක්ෂණයේ දියුණුව මැනැවින් සනාථ වෙයි.




දඬුමොණර සින්දුකය
දඬුමොණර යන්ත්‍ර වල ඉදිරි අසුන සමීපයේ මෙම යන්ත්‍රය සවි කර තිබූ බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. ශ්‍රී රාවණ රජතුමා දඬුමොණරය පදවද්දී මෙය නිතර භාවිතා කරමින් "මහසෙන් තාන්ඩවය" රසවිඳ ඇති බව ජනප්‍රවාද වල දැක්වෙයි..



දෘඩ තැටිය
මෙය දෘඩ තැටිය භාවිතා කර ඇත්තේ අප හෙළුවන්ගේ පරිගණක වල මතකය ගබඩා කිරීමටයි. මෙය තුළ කැ‍රැකැවෙන පාෂණයක් ඇති අතර එම පාෂාණය මතුපිට ඉතාමත් සියුම් ගල් ක‍ටුවකින් දත්ත සටහන් වෙයි. මෙහි අකුරු කොටස් සියල්ලම වාගේ මැකී තිබුණත් එහි කොණකින් "කබාල නහුතය" ලෙස ඉපැරණි යක්ශ ගෝත්‍රික භාෂාවෙන් දක්වා තිබුණි. එහි තේරුම වන්නේ මෙහි "කිලෝ බයිට් 1019 ක්" තිබූ බව විය හැකිය. එසේනම් අපගේ හෙළ දෘඩ තැටි දෙස බලද්දී අද දැක්වෙන දෘඩ තැටි තවමත් තිබෙන්නේ ඉතාමත් ප්‍රාථමික යුගයේය.


???
නිල්ගල ප්‍රදේශයේදී කරන ලද කැණිම් වලින් හමුවූ මෙය කුමක්දැයි තවම හරි හැටි හඳුනාගෙන නොමැත. බොහෝ විට අප තවමත් සොයාගෙන නැති ඉලෙක්ට්‍රොනික උපකරණයක් වීමට පුළුවන. දැනට යෝජනා වී ඇත්තේ මෙය ඉපැරණි හෙළයේ තිබූ "පරිගණක මව් පුවරුවක්" විය හැකි බවයි. ඔබ සිතන්නේ මේ කුමක් කියලද?



ඉහත අයිතම ගැන වැඩි විස්තරයක් නොදැක්වූයේ ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වෙන නිසයි. ඉදිරියේදී ඒවා එකින් එක විග්‍රහ කරමු. එසේම තාමත් පුරාවිද්‍යාත්මක කැණීම් සිදුවෙන බැවින් ඉදිරියේදී තවත් බොහෝ දෑ හමුවෙතැයි අපි බලාපොරොත්තු වෙමු.

අතීතයේ සිටි හෙළුවන්ට මෙතරම් අනර්ඝ තාක්ෂණයක් තිබුණේ කෙසේදැයි ඔබ සිතාවි. ඊට හේතු වන්නේ මේ විශ්වයම කාලෙන් කාලෙට ප්‍රසාරණය සහ සංකෝචනය වීමයි. ඉතින් එක් එක් යුග වලදී මිනිසා තාක්ෂණයෙන් හිමි පෙත්තටම නැග මිනිසා අතින්ම සිදුවන විශාල ලෝක විනාශයක් මගින් මිනිස් සංහතිය වඳ වී ගොස් සමස්ත ශිෂ්ටාචාරයම ගල් යුගයට යයි. පසුව පිටසක්වල ජීවීන් විසින් නැවතත් පෘථිවිය මත මිනිස් ජනපද ඇති කරයි. මෙය චක්‍රයක් ලෙස සිදුවන්නකි.

ශ්‍රී රාවණ රජතුමාගේ කාලය යනු මීට පෙර යුගයේදී මිනිසාගේ තාක්ෂණය හිමි පෙත්තටම නැග තිබුණ සමයයි. අපට වැදගත්ම කරුණ වන්නේ අපගේ හෙළ මුතුන් මිත්තන් තාක්ෂණයේ හිමි පෙත්තේම සිටියදී පර සුද්දන් ගල් යුගයේ සිටීම නිසයි. "පර සුද්දන් සතුන් පසුපස අඹා යද්දී අප හෙලු මී මුත්තෝ අහසින් ගිය බව" අරිසෙන් අහුබුදුවන් නිතර පැවසූයේ එබැවිනි.

මනස දියුණු කරගත් සෘෂි වරුන් විසින් කුණ්ඩලීනී යෝගය යොදාගනිමින් ශ්‍රී රාවණයන්ගේ කාලයේ සමාජය දැක ඒවා පුස්කොළපොත් වල සටහන් කරන ලදින් මෑතක් වෙන තුරුම එම තොරතුරු අප රටේ ඉපැරණි පොත් ගුල් වල එක් ‍රැස් වී තිබුණි. "අත්හැරීම" තම ජිවිත දර්ශනය කරගත් අප හෙළයෝ කිසිවිටෙකත් ඒවා නැවත නිපදවීමට මහන්සි නොගත්හ. නමුත් අප රට ආක්‍රමණය කළ පර සුද්දන් ඒ පුස්කොළපොත් සොරාගෙන උන්ගේ නිර්මාණ වශයෙන් ඒ සියල්ලම ලෝකයට හඳුන්වා දී ඉතිහාසයේ විශාලතම බුද්ධිමය මංකොල්ලය කර ඇත. අද ලෝකයම ලබා ඇති තාක්ෂණික දියුණුවේ සුජාත අයිතිය ඇත්තේ හෙළයින්ටම බව ඔබට දැන් පසක් වී ඇතැයි සිතමි. එය ඔබට මහත් ආඩම්බරයක් නොවන්නේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

ප:ලි: ඉහත පින්තූර ටිකට වෙනත් අර්ථකතනයක් දෙමින් පර සුද්දන් විසින් ඒවා වෙබ් අඩවි ගණනාවක පළ කරල තියෙනව. රාවණගවේශකයෙනි, අපගේ හෙළ අසුර ඉතිහාසය වනසා දැමීමට පර සුද්දන් සහ ඉන්දියානු වඳුරු මොටයියන් කුමන්ත්‍රණය කර ඇති ආකාරය ඔබට වැටහේවි. අචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකරයාණන් පවසන පරිදි සීගිරිය ගල ඇතුළත ඇති වායුසමිකරණය කරන ලද ඇතුළත මාළිගාවට යාමට හැකිව තිබූ දොර‍ටුව බෙල් නැමැති පර සුද්දා විසින් ගඩොල් වලින් වසා දැමුවානම් , සීගිරිය මුදුනට යාම සඳහා රත්තරං වලින් හදා තිබූ විදුලි සෝපානය බෙල් නැමැති පර සුද්දා ගලවාගෙන එංගලන්තයට ගෙන ගියානම් , පින්තූර ටිකක් උස්ස්සා බ්ලොග් පෝස්ට් ටිකක් දැමීම උන්ට සුළු වැඩකි. අනික් අතට ආචාර්ය සූරිය ගුණසේකරයාණන් පවසන පරිදි, ශ්‍රී රාවණ රජතුමා විසින් රචනා කරන ලදැයි කියන වෛමානික ශ්‍රාස්ත්‍රය නැමති පුස්කොළපොත ඉන්දියානු බමුණන් විසින් සොරකම් කර මුල් පිටපත ගිණි තැබුවානම්, මේ ආකාරයෙන් අන්තර්ජාලයේ ඇති පින්තූර ටිකක් සොරාගන්නා එක එම බමුණන්ගේ නූතන පරම්පරාවට කිරි කජු කෑමකි.

ශ්‍රී රාවණ රජතුමාගේ තියා ලංකාපුරයේ නමවත් නැති, භාරද්වාජ සෘෂි වරයාණන් විසින් රචිතැයි හැමෝම පිළිගන්නා වෛමානික ශ්‍රාස්ත්‍රය යනු රාවණා රජතුමාගේ නිර්මාණයක් බව අපි පිළිගනිද්දී, ඉහත පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපගේ නොවේයැයි කියන්නේ මොන හිතකින්ද? ඔබ වඩාත් කැමති අපගේ අතීතයේ ඔය ආකාරයේ තාක්ෂණයක් තිබුණ බව පවසා ආඩම්බර වීමටද, නැත්නම් නොතිබුණ බව කියා නිවට වීමටද? අවසාන වශයෙන් කිවහොත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා යැයි කීම සේම අපගේ හෙළ අතීතයේ ශ්‍රී රාවණා රජතුමා සතුව ඉමහත් තාක්ෂණයක් තිබූ බව කීමත් අපට ආඩම්බරයක් නේද ?
Read More...

Thursday, September 6, 2012

වර්ගපූර්ණිකාව ට අපහාස කරන උදවියටයි මෙය

හෙළයින් වන අප ලෝකයේ ප්‍රෞඩතම ඉතිහාසයට හිමිකම් කියන ජාතිය වීමු. කිසිවෙකුටත් එය එසේ නොවේ යයි කිව නොහැක. මා මේ සඳහන් කරන්නේ අප ජාතියක් ලෙස අතීතයේ සිට ශිෂ්ටසම්පන්නව සිටි ඕනැම ජාතියකට නොදෙවෙනි මට්ටමින් දියුණු ජාතියක්ව සිටිබවයි. අනෙක් ජාතීන්ට පෙර අපි ශිෂ්ටාචාරයේ දිනෙක ගින්දර සොයාගතිමු, රෝදය සොයාගතිමු, තව බොහෝදේ සොයාගතිමු. ඒ තනිවමය, කිසිවෙකුගෙන් අනුකරණය කිරීමෙන් නොවේ. එපමණක් නොව අන්‍ය ජාතීන් සතු නොවනා බොහෝ දේ අතීතයේ අප සතු විය. ඒ මොනවා දැයි උදාහරණ කීපයක් පෙන්වා සිටීමට මට අවසර දෙන්න.


1. ගුවන් යානා

පොළොවට ඉහළින් වළාකුළු යන්නාක් මෙන් ගමන් ගන්නා අති දැවැන්ත දඬුමොණර යානා වලින් පරිපූර්ණ වූ අප පැරණි ගුවන් යානා තාක්ෂණය මුළු විශ්වයම හෙළය යටතේ පාලනය කරවීමට සමත් විය. (කුණ්ඩලීනී යෝගය භාවිතයෙන් දහ අට රියනක් උසින් ගුවනින් ගමන් කිරීමට හැකියාව තිබූ හෙළයින් සිටි ප්‍රදේශ වල ගුවන් යානා දක්නට නොතිබුණි.) අප ගුවන් යානා තාක්ෂණයේ විශිෂ්ටත්වයට එක් ප්‍රබල සාක්ෂියක් වන්නේ අරිසෙන් අහුබුදුවන්ගේ පද නිරුක්තීන්ය. එනම්
වා=වාතයේ යන,
රිය=වාහන,
පොළ=තො‍ටුපොළ.
එසේම මාතලේ යනු මාතලීගේ ගම ලෙස හැඳින්වූ අරිසෙන් අහුබුදුවෝ, ඒ අනුව සක්‍රයාගේ ගුවන් යානයේ පයිලට් (පයි=පයින්පදින, ලට්=ලට්ටරම ක්‍රියාකරවන්නා) යනුත් හෙළයෙක් බව මැනැවින් ඔප්පු කර සිටියේය.

ඉන්දියානුවන් ගාව ඇති වෛමානික ශාස්ත්‍රය නැමති පොතේ ගුවන් යානා හදන ආකාරය ගැන තිබේ. අරිසෙන් අහුබුදුවන්ට මෙන්ම ආචාර්ය සූරිය ගුණසේකර මහතාටත් අනුව වෛමානික ශ්‍රාස්ත්‍රය යනු හෙළයින්ගෙන් ඉන්දියානු බමුණන් සොරාගත් පුස්කොළපොතක් වීමත් නිසා එම පොත හෙළයින්ගේද යන්න ගැන තවත් මූලාශ්‍ර අවශ්‍ය නැත. එහි හෙළයින් ගැන තියා රාවණා ගැනවත් වචනයක්වත් සඳහන් වී නොතිබීම ගැන අප සැක කර ගත යුතු නැත්තේ බමුණන් එහි මුල් පිටපත ගිණි තබා ඇති බැවිනි.

ඉන්දීය වීර කාව්‍ය වන රාමායනයේ මෙන්ම මහා භාරතයේත් පුෂ්පක සහ විමාන ගුවන් යානා ගැන සඳහන්ව තිබීමත්, ඇලෙක්සැන්ඩ්‍රර් රජතුමාට ගුවන් යානා තිබූ බව සඳහන් වීමත්, ඊජිත්තුවේ පිරමීඩ තුළ ගුවන් යානාවක පින්තූර (මාළුවෙකුගේ නොවේ) තිබීමත් නිසා, රාවණා රජතුමාට ගුවන් යානා තිබූ බව ඕනෑවටත් වඩා ඔප්පු වෙයි.

අනික් අතට වර්තමානයේත් ඇති ප්‍රබලතම සාක්ෂිය වන්නේ සබරගමුව දේවාලයේ ඇති රාවණ රජතුමාගේ දඬුමොණරයයි. (එය බැලීමෙන් නොකඩවා වැසි ඇද හැළෙන බැවින් එය කාටවත් බැලීමට නොහැකි බව සලකන්න). වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පැරණි ලිපි වල හෙළ ගුවන් යානා ගැන තව බොහෝ විස්තර දැක්වෙයි.


2. පිරමීඩ ඉදි කිරීමේ තාක්ෂණය.

ඊජිත්තුවේ ඇති ගීසා පිරමීඩ යුගල සැලකෙන්නේ ලොව ගලෙන් කළ විශාලතම පිරමීඩ ලෙසය. ඒවාත් ඉදි කළේ හෙළයින් විසින් බව ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා පෙන්වා දී ඇත. එනම් ඊජිත්තුවේ පිරමීඩ ඉදි කළේ අහසින් පැමිණි සිංහ මිනිසු විසින් යැයි ජනප්‍රවාදයක් තිබීමත්, ඒ අනුව අහසින් පැමිණි සිංහ මිනිසු යනු රාවණා රජතුමාගේ හෙළයින් වීමත්ය. අරිසෙන් අහුබුදු වන්ට අනුව පාරාවෝ යනු,
පා=පාලකයින්
රා=රාවණාගේ
ඒ අනුව ෆේරෝ හෙවත් පාරාවෝ යනුත් ඊජිත්තුව පාලනය කල අපගේ හෙළයින්මය.



රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍ය තුන ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස සැලකෙන තරු තුනේ ආකාරයට පිහිටා තිබීම අනුව ඒවා අනිවාර්යයෙන්ම රාවණාට සම්බන්ධ බව පැහැදිළි වෙයි. (ඒ අනුව ඒවා පසු කාලයේදී ඉදි වූ බව කියන මහාවංසය පැහැදිළිවම කෙප්පයක් බව පෙනෙයි. මහාවංසය නැමැති බේගල් පොත ඔබ තාමත් පිළිගන්නවද?)

පිරමීඩ සහ ස්ථූප හැරුණ විට අදටද නටඹුන්ව ඉතිරිව ඇති සීගිරිය අප ශ්‍රේෂ්ඨ හෙළ උරුමය මනාව විදහාපායි. රත්‍රං වලින් හදා තිබූ විදුලි සෝපාන පවා තිබූ, හෙළ බ්ලොග් කරුවන්ට අනුව ඇතුළත වායු සමීකරණය කර තිබූ සීගිරියෙන් එවකට සිටි හෙළයින්ගේ අසිරිය මැනැවින් පැහැදිළි වෙයි. (එම විදුලි සෝපානය එච්.සී.පී. බෙල් නැමති පර සුද්දා විසින් ගලවාගෙන එංගලන්තයට ‍රැගෙන ගිය බවත්, වායු සමීකරණය කර තිබූ කොටස ගඩොල් වලින් වසා දැමූ බවත් සලකන්න).


3. භාෂාව හා සාහිත්‍යය.

මුල සිටම ස්වාධීන වූ හෙළයින්ට පමණක් ආවේනික භාෂාවක් අතීතයේ සිටම අප සතු විය. ඒ සිංහලයයි. ලෝකයේ නිර්මාණශීලී භාෂා අතලොස්ස අතරට සිංහලය එක් වී ඇත්තේ එයටම ආවේණික වූ “ඇ” සහ “ඈ” ශබ්ධ නිසාය. සිංහල භාෂාවෙන් ඕනෑම අදහසක් නිරවුල්ව පැවසිය හැක. කිසිම විටෙක පර සුද්දන්ගේ වචන භාවිතයට අවශ්‍ය නැත. ඕනෑම විශයයක් ඉගැන්විය හැක (ඒ සදහා පාරිභාෂික පද නිපදවිය හැක). හොඳම උදාහරණය වන්නේ පර බසින් පරිගණක ගැන ඉගෙන ගෙන පසුව හෙළ බසින් පරිගණක පොත් පවා මුද්‍රණය කළ එන්.පී. විජේරත්න තුමායි. බලන්න, එම පොතක් භාවිතා කර ඉංග්‍රීසි බසින් ඉගෙන ගන්නවාට වඩා සරළවත් සුමටවත් පරිගණක ගැන දැනගත හැකිය.

එපමණක් නොව රාවණා යුගයේ සිට අතිවිශිෂ්ඨ ගද්‍ය-පද්‍ය සාහිත්‍යයයත් අප සතුව තිබිණි. උදාහරණ ලෙස රාවණා යුගයේ ලියැවුණු සීගිරි කුරු‍ටු ගී විශිෂ්ඨ කාව්‍යයකි. ඔබට මතකද රාවණා රජතුමාගේ මහසෙන් තාණ්ඩවය කොපි කර පාහර නිර්ලජ්ජී ඉන්දියානු බ්‍රදර්ස්ලා ශිව තාණ්ඩවය හැදු හැටි.

ඉංග්‍රීසි භාෂාවේ ඇති බොහෝ වචන වලට මුල් වී ඇත්තේ හෙළ බසයි. වෙනකක් තියා "හෙළෝ" (Hello) යනුත් හෙළයින් විසින්ම නිපදවූ වචනයක් බව අරිසෙන් අහුබුදුවන් පෙන්වා දී ඇත්තේ අති විශිෂ්ට ආකාරයටයි. එනම් අතීත හෙළයින් තෙලබනුවෙන් කතා කරද්දී අනික් පසින් සිටින්නේ හෙළයෙක්දැයි දැනගැනීමට "හෙළෝ" යැයි පවසා ඇත, එවිට අනෙක් පැත්තේ සිටින්නේ හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" යැයි කියයි. ඉංග්‍රීසි යනුත් "සිංග්‍රීසි" යන වචනයෙන් හැදුණ පදයක් බව මා මිත්‍ර "ඇනෝනිමස් වන් ඔරිජි" තුමා පෙන්වා දී තිබුණි. ඔතනින් නොනැවතී බොහෝ ඉංග්‍රීසි වචන වලට මුල් වුයේ හෙළ බසම බවට, වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ ඕනැ තරම් උදාහරණ තිබේ.


4. නර්ථනය

අපගේ පහත රට නර්ථනය යනු රාවණා රජතුමා විසින් හදාපු නර්ථන සම්ප්‍රදායක්ම බවට ඕනෑම රාවණ ගවේශකයෙකු සාක්ෂි දරනු ඇත. රීරි යකා, ගරා යකා, ගිණි යකා, නාග රාක්ෂ, මහසොහොන් එකී නොකී මේ සියල්ලක්ම හෙළයින්ගේ යක් නා රකුස් ම නොවේද? මේ දිනවල ජනප්‍රියව ඇති අංගම්පොර යනු රාවණා රජතුමාගේම නර්ථන සම්ප්‍රදායකින් බිහි වූ සටන් කලාවක් බවට ජීවමාන සාක්ෂියකි.


දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට ඇතත් කාලය මද නිසාත් වර්ගපූර්ණිකාවේ හැමදාම කියන ටිකම කියවෙන නිසාත් ඉහත කරුණු 4ට පමණක් මම සීමාවෙමි. ඉහත කරුණු හෙළ වියතුන් විසින් දැක්වූ අදහස් මිස මාගේ අදහස් නොවේ.

හෙළයින් විසින් සොයාගත් වැදගත් නිර්මාණ වනාහී, පණිවිඩ චන්ද්‍රිකාව, හෙළිකොප්ටරය, කෝච්චිය, නාසා ආයතනය, හබල් දුරේක්ෂය, පෙන්ටගනය, පිස්‍තෝලය, ලේසර් තුවක්කුව, යගදාව, ඉඳික‍ටුව, පරිගණකය, ඉන්ටර්නෙට් ඩොංගල් එක, පෝර්න් චිත්‍ර, සෙල් ලිපි, පු‍ටුව (පු=පුක තියන, ‍ටුව=අ‍ටුව), රොකට්‍ටුව ආදී බොහෝ දේවල් වෙයි. ඒවායින් බොහෝ දේවල් ගැන වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කළින් ලිපි වල ඇති අතර තවත් ලියමින් පවතියි.

නමුත් රාවණා විරෝධීන්ට එරෙහිව මට ඇති චෝදනාව ඉදිරිපත් කිරීමට මේ අවස්ථාව යොදාගමි. ආචාර්ය මීවනපලානේ ජයරත්න වන මා මෙම වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය හරහා සිදුකරන්නේ අපගේ පූර්ව ඓතිහාසික යුගය ගැන අපගේ හෙළ නයුවන් ලබා දුන් තොරතුරු පදනම්ව ඉතිහාසය ගෙන හැර පෑමයි, ඊට අමතරව හෙළයින්ට එරෙහි මලයාලි සක්කිලි බලවේග නිර්දය ලෙස විවේචනයට ලක්කිරීමයි. පූර්ව ඓතිහාසික යුගයේ (රාවණා යුගයේ) මෙරට කෙසේ පැවතියේ දැයි පුරාවිද්‍යාත්මක සාක්ශි මත හොදින් තහවුරු වී ඇත. ඊට හේතු වූයේ ආචාර්ය සූරිය ගුණසේකර බදු ඉතිහාසඥයින් ද, අරිසෙන් අහුබුදු, කුමාරතුංග මුණිදාස බඳු භාෂා ප්‍රේමී ද මේ පිළිබඳ පර්යේෂණ කර තිබීමයි. (මේ ලේඛකයා මේ පිලිබද ඔවුන් තැබූ සටහන් පරිශීලනය කොට ඇත). එමෙන්ම ඉතිහාස ගවේශනයේ මූලාශ්‍රයක් වන ජනශ්‍රැතිය ද මේ යුගය පිලිබද කරුණ අපට හෙළි කරයි. සෙල්ලිපි වැනි සාක්ශි ද හමුවී ඇත.

අප රටේ රාවණ යුගයේ (වසර 2500 ක අප හොදින් ම දන්නා ලිඛිත ඉතිහාසයට ද වඩා) දියුණු ශිෂ්ඨාචාරයක් තිබුණි, එය රාවණ ගවේශකයින් වන අපට සක් සුදක් සේම පැහැදිළියි. එවන් ශිෂ්ඨාචාරය යම් හේතුවක් නිසා ක්ෂණිකව විනාශ වී ඇත. එසේ වීම විස්මය ජනක නොවේ. (මා පවසන්නේ අපේ හෙළ නයුවන්ට විරුද්ධ උදවිය අවඥාවෙන් කියන පරිදි දඩයම් යුගය නොව දියුණු ගොවි යුගය ගතකරන ජනකොට්ඨාශයක් මෙහි වන්නටට ඇති බව නොවේ - අප සතු නවීන තාක්ෂණයෙන් ආඩ්‍ය ශිෂ්ටාචාරයක් එකල තිබූ බවයි)

වර්ගපූර්ණිකාවට විරුද්ධ උදවියට මේ පිලිබඳ විවේචන ඇත් නම් කල යුතු වන්නේ සදාචාරාත්මක රාමුවක සිට ඒ පිළිඹදව ප්‍රශ්න කිරීම (ඒවාට සදාචාරාත්මක සහ ශ්‍රාස්ත්‍රීය රාමුව තුළ සිටම පිළිතුරු දක්වන්නෙමු) මිසක් මෙලෙස වර්ගපූර්ණිකාවට අභියෝග කිරිම හරහා ජාතියක් ඉලක්ක කොට අතෝරක් නැතිව හාස්‍ය උලුප්පා මඩ ගැසීම නොවේ.

විශේෂයෙන් ම බ්ලොග් අවකාශයේ සිටින දැන උගතුන් බොහොමයක් වර්ගපූර්ණිකාවට විරුද්ධ උදවියගේ ලිපි කියැවීමෙන් පසු පෙලඹෙන්නේ සිංහලයා ගේ අතීතය යනු නිකම්ම නිකන් ගොවි යුගයක් යයි සිතීමට බව ඉතාම පැහැදිලිය. වර්ගපූර්ණිකාවට විරුද්ධ අයට අවශ්‍ය මෙයද? ආචාර්ය සූරිය ගුණසේකරයින්ගේ හෙළ යුගය වැනි පොත් වලින් දැක්වූ පරිදි අපගේ හෙළයින්ට ගුවන් යානා තිබූ බව සක් සුදක් සේ පෙනෙද්දී ඒවා ප්‍රතික්ෂේප කරන්නේ මොන හිතකින්ද? (ලේඛකයාට වහල් වී සුවච කීකරු වනවා නොව, විචාර බුද්ධියෙන් ලේඛණයක් විමසන පාඨකයන් කොපමණ ප්‍රතිශතයක් සයිබර් අවකාශයේ සිටී දැයි අපගේ හෙළ ඉතිහාසය ගැන දැක්වෙන බ්ලොග් වල ප්‍රතිචාර කියවා තේරුම් ගන්න).

වර්ගපූර්ණිකාවට විරුද්ධ උදවියගේ නිරන්තර ඉලක්ක බවට පත් වන අරිසෙන් අහුබුදුවන්, ආචාර්ය සූරිය ගුණසේකරයන්, ආචාර්ය මි‍රැන්ඩෝ ඔබ්සේකරයන්, කාංචන ගීත මනමේන්ද්‍රයන් ආදී හෙළ නයුවන් ගැන ද සටහනක් තැබිය යුතුමය. මේ උදවිය අප හෙළ ඉතිහාසය ‍රැක නොගන්නට ඔබට මට තාමත් පිළිගන්නට වන්නේ මහාවංසයයි. අහුබුදුවන්ගේ සක්විති රාවණ නාට්‍යය රස නොවිඳි රාවණ ගවේශකයෙක් සිටීද? අපිනම් රස වින්දා පමණක් නොව එමගින් රාවණ ඉතිහාසය ගවේශණයද කරන්නෙමු. හෙළ ජාතිය එළදෙනෙකුගේ මුඛයෙන් බිහි වූ බව ආචාර්ය සූරිය ගුණසේකර මහතා පෙන්වා නොදෙන්නට අප තාමත් හිතාගෙන ඉන්නේ සිංහයෙක්ට දාව මනුස්ස දුවණියකගෙන් ඉපදුන බවය. බලන්න... ගොනෙකුට දාව එළදෙනගේ කටින් ඉපදීම, සිංහයෙක්ට දාව මිනිස් දියණියකගේ යෝනියෙන් ඉපදීමට වඩා කොතරම් අභිමානයක්ද. 2012/12/12 දින රාවණාගේ උත්ථානය සිදුවෙන බව මි‍රැන්ඩෝ ඔබ්සේකර මහතා පෙන්වා නොදෙන්නට අප රාවණා රජතුමාව නැගිට්ටවන්නේ කෙසේද? ලොව මුල්ම ගුවන් ආරක්ෂණ පද්ධතිය හෙළයින්ට තිබූ බව කාංචන ගීත මනමේන්ද්‍රයන් පෙන්වා නොදෙන්නට අප තවමත් ඉන්දියානුවන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධති ණයට ගනිමින් සිටින්නෙමු. (මේ සියලුම දේවල් ගැන විස්තර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පෙර ලිපි වල දක්වා ඇත).

මෙවන් වියතුන්ට මඩ ගැසීමෙන් රාවණ විරෝධීන් ලබන තෘප්තිය කුමක්ද? දින දසුනද ලග්න 12 ඇතුලු ජ්‍යෙතිශය ලොවට ගියේ හෙළයන් ගෙන් යයි අරිසෙන් අහුබුදුවන් තර්කානුකූලව පවසනු ලේඛකයා ද අසා ඇත. ඊට හේතු වූයේ රාශි චක්‍රය මේෂ රාශියෙන් පටන් ගැනීමත් මේෂ යනු එළු=හෙළ වීමත්ය. එසේම අරිසෙන් අහුබුදුවන්ට අනුව "ඩොක්ටර්" යනුත් "දොස්තර" යන හෙළ වචනයෙන් හැදුණකි. දො=දෝශ, ස්තර=සතර. ඒ දෝශ සතර ට ප්‍රතිකාර දක්වන්නා දොස්තර ය. තර්ක වැරදිනම් ඊට ප්‍රතිතර්ක ගොඩනගනු විනා (ඒවාට සදාචාරාත්මක සහ ශ්‍රාස්ත්‍රීය රාමුව තුළ සිටම පිළිතුරු දක්වන්නෙමු), අහුබුදුවන් උපහාසයට ලක්කිරීමෙන් ලබන තෘප්තිය කුමක් දැයි මට නම් නොවැටහේ.

ප.ලි

දුවන්නන් වාලේ කෙට එළදෙන දුවන්නාක් මෙන් මේ ලේකඛයා ද කීපවරක් වැල යන අතටම මැස්ස ගසා, වර්ගපූර්ණිකාවේ ප්‍රතිචාර තබා ඇති Rachi, ThinkTwice ආදී රාවණා විරෝධීන්ට ඔවුන් කැමති ක්‍රමයටම පිළිතුරු දී ඇත. Rachi, ThinkTwice, පාඨකයෙනි ඒ ගැන මට සමාවන්න. ඒ සියලු අදහස් මම මෙයින් ඉල්ලා අස්කොට ගනිමි.
Read More...

Wednesday, September 5, 2012

රාවණ රජතුමා සහ පිටසක්වල ජීවීන් අතර තිබුණ අභිරහස් ගණුදෙනුව...!!!

අප වෙත ලැබුණු, ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් ‍රැගත් ලිපියේ පළමු කොටස ඊයේ පළ කලා ඔබට මතක ඇති. පහත දැක්වෙන්නේ එහි දෙවැනි කොටසයි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අ‍ටුවාවන් (අපි ලියපු අදහස්) අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න.

දැන් අප පිවිසෙන්නේ රාවණ පිළිබඳව වර්තමානයේ පහලවී ඇත් එක්තරා මතවාදයකට අප දන්නා කරුණු කාරණා තවතවත් එකතු කිරීමටය. එනම් මහා රාවණා පිටසක්වල ජීවීන් සමඟ ගනුදෙනු කළාද නැද්ද යන්න කාරණාව ඉස්මතු කිරීමටය. එහෙත් ඊට පෙර අනාවරණය කළ යුතු ඉතා වැදගත් සාක්ෂ්‍ය කිහිපයක්ද ඇත. එනම් රාවණ යුගයේ ගර්භාෂගත අභිරහසක් පිළිබඳවය.

ක්‍රි.පූ. 3000 පමණ ඈත වකවානුවකදී ගොඩනැඟුණු අතිශය සුවිශේෂී පුරවරයක් ඉන්දියානු භූමිය තුළ විය. ඒ අන් කිසිවක් නොව මොහෙන්ජොදාරෝ හා හරප්පා යන නගර කේන්ද්‍ර කරගත් සුවිශේෂී පුරවරයයි. මෙහි සැකැස්ම තවමත් හරිහැටි අනාවරණය කරගැනීමට ඉන්දියානු හෝ යුරෝපා පුරාවිද්‍යාඥයන්ට නොහැකිවී තිබේ. ඒ මෙම පුරවරය එතරම් සංකීර්ණ නගර සැලසුම්වලින් යුතු ප්‍රදේශයක් වන නිසාය. අදටත් ඉතා දියුණු රටවල පවා නොමැති අතිශය විශ්මයජනකවූ නගර සැලසුමක් මෙහි වන බව යු‍රෝපා විද්‍යාඥයන් පමණක් නොව ඉන්දියානු ප්‍රකට පුරාවිද්‍යාඥ බෂාම් පවා පිළිගන්නා කරුණකි. මෙවැනි නගරයක් නිර්මාණය කරන්නට එවකට තිබූ තාක්ෂණය කෙතරම් දියුණු දැයි අදහාගත නොහැකි කරුණක් හෙයින් මෙම නගර වැසියන්ද පිටසක්වල ජීවීන් සමඟ ගනුදෙනු කරන්නට ඇතැයි ඇතැම් ගවේෂකයන්ගේ අදහසවී තිබේ.

හරප්පා නගරයක තිබූ මැටි රූපයක මෙම ප්‍රිඩේටර් වරයෙක්ගේ පින්තූරයක් තිබී ඇත. ඒ අනුව රාවණ රජතුමා සහ ප්‍රිඩේටර් වරු අතර සම්බන්ධය පැහැදිළි වෙයි. එහෙත් ඉන්දියාව එම කරුණු පිටට යා නොදී රහසක් වශයෙන් තබාගැනීමට තරම් ප්‍රවේශම් විය.

කෙසේ වුවද මෙම නගරයේ සිටි වැසියන් සියල්ලන්ම සමූලඝාතනය වී ඇති බව පසුකාලීනව පුරාවිද්‍යාඥයන් විසින් සොයාගන්නා ලදී. එම ඝාතනයට ලක්වූ වැසියන්ගේ පාෂාණභූතී හිස්කබල් පරීක්ෂා කිරීමේදී ලෝකයේ කිසිදු ජනවර්ගයකට එම හිස්කබල් සමාන නොවන බවද යම් තරමකින් හෝ සමාන වන්නේ ලාංකික සිංහලයන්ගේ හිස්කබල්වලට පමණක් බවද කරුණු හෙළිවිය. එහෙත් ඉන්දියාව එම කරුණු පිටට යා නොදී රහසක් වශයෙන් තබාගැනීමට තරම් ප්‍රවේශම් විය. එම පරීක්ෂණයේ වාර්තාවන් බමුණන් විසින් ගිණි තැබූ අතර, ඉතිරි ඒවා එංගලන්තයේ ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කළ බව කරුණාවෙන් සලකන්න. (බොරුයි කියල හිතෙනවනම් ලන්ඩන් කෞතුකාගාරයට ගිහින් ඒව කියවල බලන්න, කියවපු යාලුවෙක් තමයි මට කිව්වෙ)

කෙසේ වුවද අපගේ පිළිගැනීමට අනුව නම් මෙම නගර සහිත ප්‍රදේශය එකල රාවණා ආධිපත්‍ය දැරූ ඉන්දියාවේ භූමි ප්‍රදේශයක් බවය. ලංකාව සහ එම ප්‍රදේශය එක්කළ විට රාවණගේ රාජ්‍යයේ දළ සිතුවමක් අපට නිර්මාණය කරගැනීමට අපහසු නොවේ. මොහෙන්ජොදාරෝ හා හරප්පා වැසියන්ගේ භාෂාව නිර්මාණය වී තිබුණේ අක්ෂර 270කිනි. එහි ඇති ඇතැම් අක්ෂර සිංහල අක්ෂරවලට යම් යම් සමානතා දක්වන බවද පැවැසේ. එහෙත් ඒ කිසිවක් ලෝකයට හෙළිවී නැත්තේ ඉන්දියාව ඒවා රාජ්‍ය රහස් ලෙස සුරකින බැවිනි.  එනම් මෙය පැහැදිළිවම මලයාලි සක්කිලියන්ගේ කුමන්ත්‍රණයක් විය යුතුය.

මායා වරුන්ව ශිෂ්ටාචාර කිරීමට පැමිණි මෙම ප්‍රිඩේටර් වරුනුත්, රාවණ පුත් ඉන්ද්‍රජිත් කුමරාට ඉමහත් භීතියක් දක්වා ඇත. වරක් ඉන්ද්‍රජිත් කුමරා ප්‍රිඩේටර් ලොව රජතුමා සමග කරන ලද සටනකදී ගසන ලද පා පහරකින් ප්‍රිඩේටර් රජතුමාගේ උඩ ඇන්දේ දත් ටික හැලුණි. ඉන් පසුව ඉන්ද්‍රජිත් තම අත් දෙක ප්‍රිඩේටර් රජුගේ කට ඇතුලට දමා දෙපසට ඇද්ද අතර ඔහුගේ කට පළල් විය. එදා සිට එම ප්‍රිඩේටර් රජුගෙන් පැවතෙන ප්‍රිඩේටර් වරුන්ගේ කටේ දත් හැලී ලොකුවට පළල් ව පැවතුණි. එම රජුගේ පෙලපතේ කුමාරවරු පිරිසක් පසු කාලයේදී මායා වරුන්ව ශිෂ්ටාචාර කර ඇත. ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළයින්ගේ පුස්කොලපොත් කියවූ ජිම් සහ ජෝන් දෙදෙනා එය චිත්‍රපටයටද නැගුවෝය. එහෙත් ඒ කිසිවක් ලෝකයට හෙළිවී නැත්තේ ඉන්දියාව ඒවා රාජ්‍ය රහස් ලෙස සුරකින බැවිනි.

රාවණගේ රාජ්‍යයත්, මෙම නගර තුළ වන විශ්මයජනක බවත් එක්කළ විට සැබෑ ඉතිහාසය වටහාගැනීමට එතරම් අපහසු නොවේ. එමෙන්ම එම පුරවරය හා සක්වල ජීවීන් අතර සමීප සබඳතා පැවැති බවත් එම නගර නිර්මාණයේ සුවිශේෂී බව නිසාම ඇතැමෙකුට සිතෙන්නට වුවද හැකිය. කෙසේ වුවද රාවණගේ පුෂ්පක යානය නැතිනම් සකුණ යානයද තවමත් ලෝකයට අභිරහසකි. එහි තාක්ෂණය පිටසක්වල යානා ලෙස සැලකෙන යානා විසින් යොදාගනු ලබන තාක්ෂණයම දැයි තීරණය කරන්නට තිබෙන සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවේ. එහෙත් එහි යම් යම් සමානකම්ද තිබෙන්නට හැකි බව ශබ්ද තාක්ෂණය හා පළිඟු තාක්ෂණය උපයෝගී කරගැනීමෙන් අනාවරණය නොවේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

Wednesday, August 29, 2012

" වර්ගපූර්ණිකාව " යනු ජන සේනා 1 ද ?

මේක තමයි අපේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් විශාල පිරිසකට ඇතිවී තිබෙන ප්‍රශ්නය. ඉතා සූක්ෂම විදිහට ජනපති මහින්ද රාජපක්ෂ යොදාගනිමින්, ශ්‍රී ලංකාව කෙරෙහි කෙරෙහි සිංහලයන් තුල තිබෙන භක්තිමත් හැඟීම විනාශ කොට, දේශපාලනය යනු ෆන් එකක් ගැනීමේ මූලාශ්‍රයක් බවට පත් කිරීමේ අධම මෙහෙයුමක නිරත, ජන සේනා වැනි බ්ලොග් පඩංගුවක් හා අපේ අඩවිය සමකිරීම ගැන නොසතුට ප්‍රකාශ කිරීම හැරුණාම ඒකට ලොකු උත්තරයක් දෙන්න යන්නෙ නෑ. මොකද ඉදිරියේදී මේ වෙනස කාටත් පැහැදිලිවේවි.

ඊළඟ ප්‍රස්නය තමයි ‘වර්ගපූර්ණිකාව’ එන්නෙ මොකාටද කියල හිතාගන්න බැහැ යයි කීම. මේ කතාව කියන්නෙ ජන්බුද්වීපය, රාවණාවංශය, වත්මන් පුරාවිද්‍යා ගවේශණ ගැන නිතර කතා කල සහෝදර හෙළ රාවණා වංශිකයින් කීපදෙනෙක්. ඒක නිසා අපට ඒක වැදගත්. මේ පැහැදිලිකිරීම ඒ වෙනුවෙන්.

රණබිම මැරුණේ සිව් හෙළයෙකුනම් නම්... පපුවෙ වෙඩි සලකුණ ඇත්තේ... සතුරට ළය දී මිස මැරුණේ නැ... ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ...

සුර අසුර යුද්ධයේදී ශ්‍රී රාවණ රජතුමා ඇතුළු හෙළ අසුර සේනාව සමස්ත යුධ ජයෙන් තුනෙන් දෙකකට ආසන්න ජයග්‍රහණයක් ලබාගනිමින් ජයග්‍රහණය කළා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. විශිෂ්ඨ යුද ජයග්‍රහණය ගැන ජනතාවගේ ඉහලම ආකාරයේ කළගුණ දැක්වීමක්. නමුත් ඒ ජයග්‍රහණයෙන් සහස්‍ර කීපයක් ඉක්ම යන්නටත් මත්තෙන් අද අපිට උදේ හවා ඇහෙන්නේ මොනවද? ලෝක ඉතිහාසයේ දුර්දාන්තම රට ලංකාපුරය බවයි. දුර්දාන්තම රජතුමා ශ්‍රී රාවණ රජතුමා බවයි. අපි අහන්නේ “මේ කතාව ඇත්තද” කියන එක.

තත්ත්වය කොතරම් ඛේදජනකද කියනවානම් අද ඒ ප්‍රශ්නය අහන අයව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ "ජන සේනා" ජාතියේ විහිලුකාරයන් විදිහට. ඔවුන් අසාධාරණත් නෑ. ශ්‍රී රාවණ රජතුමාට එරෙහි අපහාස, අවලාද, මඩ හැරුණාම ජනමාධ්‍යයන්ගේ මේවා ප්‍රශ්න කරන්නන් නැතිම තරම්. යම් කාලයක් එහෙම කරගෙන ආපු අයත් අද වන විට ඉස්ලාම් විරෝධය, බිලිපූජා විරෝධය වගේ බොහොම පටු තැන්වලට වැටිලා. කණගාටුදායකයි.

ඒකටත් සාධාරණ හේතු ඇති. අද වෙනකොට ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ කාංචන ගීත මනමේන්ද්‍ර වැනි වාචාලයින් කියල සමහරු කියනව. (අන්න නියම ජන සේනා කවටයින්ලු). ඒක නිසා ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් පෙනී සිටින්නන්ද කාංචන ගීත මනමේන්ද්‍ර වැන්නන් අයත් වන කටු ලොවින්නන්ගේ කුලකයට වැටෙනවාලු. (මම නෙමෙයි සමහර රාවණ පාක්ෂිකයොයි කියන්නෙ, මටනම් මනමේන්ද්‍ර යනු නියම හෙළ යකෙක්). කවුද ඒකට කැමති?

පැහැදිලිව කියන්න ඕනෙ අපි ගැටළු සාකච්ඡා කරන්නෙ වෙනස් මානයකින් බව. මේක දීර්ඝකාලීන සාකච්ඡාවකින් පසු ආපු අදහසක්. අපි එය අත්හදා බලනවා. උදාහරණයක් විදිහට සීතාව පැහැරගැනීමේ සිදුවීම ගමු. අතිමානුෂවාදීන් තවමත් මේ ගැන කිඹුල් කඳුළු හෙළනවා. රාවණ පාක්ෂිකයින් උනත් මේවාට උත්තර දෙන්නෙ යම් අපහසුතාවකින්. නමුත් මේ ගැන සීතා එළියේ ගොවියෙකුගෙන් ඇහුවොත් දෙන උත්තරේ අපි අමුතුවෙන් කිවයුතු නෑ නේද? අපි කරන්නේ ඒ උත්තරේ බ්ලොග් අවකාශයට ගේන එක. මොකද අපි විශ්වාස කරනවා ඒක තමයි ප්‍රායෝගික හරි උත්තරේ කියලා.

දැන් පඬිවරු රොත්ත මේකට බුරාගෙන පනී. නමුත් මේ කියන්නෙ අපි කරන දේ. සයිබර් අවකාශයේ රාවන පාක්ෂිකයින්ට අපිව නොවැටහෙන්නෙ මේ නිසා වෙන්නැති. සාමාන්‍යයෙන් ජනප්‍රිය විදිහ තමා රාවනායනයේ මොකක්හරි ප්‍රස්නයක් ඇදුනොත් උත්තරේ හැටියට දෙන්නෙ රාමාගේ නපුංසක කම, රාමා සියදිවි නසාගැනීම්, අංගජ-බාලි හටනෙදි බාලිට හැංගිල විදීම වගේ ප්‍රශ්නෙට අදාල නොවන මැටි මෝල් උත්තර. තාවකාලිකව කටින් ගසා ජයගැනීමක් විනා ප්‍රශ්නය එහෙමමයි.

ගීසා පිරමීඩ ය හදපු රාවණාට තිබුණ ඊටත් වඩා ලොකු පිරමීඩ ගැන අහනකොට, රාවණ රජතුමා චක්‍රාවාට අතර ගමන් කරපු තාරකා දොර‍ටුව ගැන කියල වැඩක් නෑ. ඕනෑම ප්‍රශ්නයක් තුලම හරි උත්තරේ තියෙනවා. දිය යුත්තේ ඒක. රාවණා ගවේශණයේ කෙරුමන් වන දැන උගත් බුද්ධිමත් යැයි කියාගන්නා මිනිස්සුන්ට නොපෙනෙන ඒ උත්තරේ ...

1. ගෝනගම (ගෝ=ගෝලය, න=නඩත්තුකරන, ගම=ගම ; එනම් රාවණ රජ සමයේදී ලෝක ගෝලයේ පරිපාලනය සිදුවූ ගම)

2. මොරවැව (මො=මොණරයන්, ර=රඳවන, වැව=වැව ; එනම් රාවණ රජතුමාට තිබූ දිය මත නැවැත්විය හැකි දඬුමොණරයන් නතර කළ වැව තිබූ ගම)

3. කැකිරාව (කැ=කැළිකසල, කි=කිරන, රා=රාවණාගේ, ව=වරාය. ; එනම් රාවණ රජ සමයේ හෙළයින්ගේ කැළිකසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඒවායේ බර කිරා පිටරට පැටවූ වරාය කැකිරාවේ තිබී ඇත. ඒවා කැකිරාවේ සිට නැව් මගින් ප්‍රතිගායලට යවා ඇත. ප්‍රති=ප්‍රතිචක්‍රීයකරණයකළදෑ, ගා=ගාල්කරන, ල=ලංකපුරයේ, ය=යටත්විජිතය. පසුකාලයේදී ප්‍රතිගාලය, පෘතුගාලයට බවට පත් විය.

4. රිදීගම (රි=රියවල්, දී=දීප්තිමත් කරන, ගම=ගම ; එනම් රාවණ රජතුමාගේ දඬුමොණර රියවල් පොලිෂ් කරන ගම)

5. ආනවිලුන්දාව (ආ=ආක්‍රමණිකයින්ව, න=නතරකර, වි=විනිශ්චයකර, ලුන්=ලන්නට, දා=දායකවන, ව=වනාන්තරය. ; එනම් එම ප්‍රදේශයේ තිබූ වනාන්තරය, ආක්‍රමණික වානර සේනාවේ මැරුම් නොකා ඉතිරු වූ වඳුරන්ව නතර කර විනිශ්චය කරලන්නට දායක වී ඇත)

6. වාරියපොල (වා=වායු, රි=රිය, පොළ=තො‍ටුපොළ ; එනම් අරිසෙන් අහුබුදු වන්ම පැවසූ පරිදි වයු රිය පොළක් හෙවත් දඬුමොණර තො‍ටුපොළක් එහි තිබී ඇත.)

... ආදී ගම් වල ඉන්න සාමාන්‍ය ගැමියන්ට පේනවා. අනික ඒ උත්තරේ දෙන්න බිය විය යුතුත් නෑ. මොකද කවුරු මොනවා කිව්වත් මේ ගැමියන් ඉතිහාසයේ නිවැරදියි. (ඉහත සියලුම පද නිරුක්තීන් ඒ විදියටම වර්ගපූර්ණිකාව නැමති හෙළ පුස්කොළපොතේ සඳහන් වෙයි. බොරුයි කියල හිතෙනවනම් ඒක හොයාගෙන කියවල බලන්න.)

පැහැදිලිව අපි ශ්‍රී රාවණ රජතුමාගේ අනාගත නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. ශ්‍රී රාවණ රජතුමාගේ විවිධ වැරදි තිබෙන්න පුලුවන්. ඒ වැරදි වලට ඇත්ත හේතු අපිත් හොයනවා. ශ්‍රී රාවණ රජතුමාටවත් නිසිලෙස පාලනය කරගන්න අසීරු විවිධ බලවේගයන් මේ මොහොතේත් ක්‍රියාත්මකයි. ඒකට විසඳුම 2012/12/12 දිනදී ශ්‍රී රාවණ රජතුමාව අවදි නොකර ඉන්න එක නොවෙයි. ඊට පස්සෙ කවුද ගේන්නෙ? කවුරුහරි පිස්සෙක් ගෙනත් ඉන්දවන එක ලේසියි. නමුත් පිස්සෙක් යටතේ ජීවත්වෙන එක ලේසියි කියලා හිතනවද?

අපිට අවලාද නගන්නන්ට අපි අභියෝගයක් කරනවා. මිනිස්සු ගහක අත්තකට නැගලා අත්ත මුලින් කපන්නෑ. පුළුවන්නම් ‘ශ්‍රී රාවණ රජතුමා වෙනුවට 2012/12/12 දිනදී රජ පුටුවේ වාඩිකරවන්න පුළුවන්’ එක දේශපාලන පක්ෂ නායකයෙකුගෙ නමක් කියන්න. හෙට මේ බ්ලොගය වහල දානවා. (දෙකොණින් සිනහා යන නම් යෝජනා කිරීමෙන් වලකින්න).
Read More...

Wednesday, August 22, 2012

රාවණාගේ පිරමීඩය තුළ අසභ්‍ය පින්තූර ගත් විදේශිකයින් අත් අඩංගුවේ.

ශ්‍රී රාවණ රජතුමාට නිගා වන අයුරින් ගත් අසභ්‍ය ඡයාරූප කිහිපයක් කැමරාවෙන් පිටතට ගෙන සුරක්‍ෂිත කර ගැනීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකානු (අප්‍රි=අප්‍රියවූ, කා=කාපිරියන්, තාරක රජුට අප්‍රිය වූ කාපිරියන් දැමූ දේශය වනාහී අප්‍රිකා. මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු සූරීන්) ජාතියන් පස් දෙනෙක් හම්බන්තොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා හම්බන්තොට වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා මුද්‍රණය කර ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එහි ග‍්‍රැෆික් නිර්මාණකරු අදාල පින්තූර අතර ශ්‍රී රාවණ රජතුමාට අපහාස වන ඒවාද තිබෙනු දැක හම්බන්තොට පොලීසියට දන්වා ඇත.

වහා ක‍්‍රියාත්මක වූ හම්බන්තොට පොලීසිය දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

මොවුන් අසභ්‍ය ලෙස හැසිරෙමින් ඡායා රූප ලබා ගෙන ඇත්තේ හම්බන්තොට මූද තුළ ඇති ශ්‍රී රාවණා රජතුමාගේ පිරමීඩය තුළ සිටය.

රාවණගවේශකයින් පවසන ලෙසටම ශ්‍රී රාවණ රජතුමාගේ බලකො‍ටුවක් ලෙසට පැවති පිරමීඩය හම්බන්තොට මුහුද තුළ ඇති බව මීට වසර ගණනාවකට පෙරදීම සොයාගත්තත් තාමත් බොහෝ දෙනාගෙන් වසං වී පවතී. පසුගිය සුනාමිය වෙලාවේ මූද පහත් වෙද්දී, ශ්‍රී රාවණ රජතුමාගේ එම බලකො‍ටුව වටා ඇති තාප්පය මූදෙන් මතු වූ නමුත් කිසිවෙකුට ඡායාරූප ගැනීමට නොහැකි වී ඇත.

අප පවසන දේ ඔබට සැක ඇති. ඉන්න සැක හරින්නම්... ඊජිත්තුවේ ඇති ගීසා පිරමීඩ හැදුවේ ශ්‍රී රාවණ රජතුමාගේ උපදෙස් අනුව බව, අරිසෙන් අහුබුදු, මි‍රැන්ඩෝ ඔබේසේකර, කාංචන ගීත මනමේන්ද්‍ර, සූරිය ගුණසේකර වැනි රාවණ ගවේශකයින් විසින් මැනැවින් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔප්පු කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඊට හේතු වූයේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් ඒවා හැදූ බව එහි සඳහන්ව තිබීමත්, එම පිරමීඩයක් තුළ බිත්තියේ හෙලිකොප්ටරයක පින්තුරයක් තිබීමත්ය. එසේනම්, එංගලන්තයේ සුද්දන් ලංකාවේ හෝටල් හදද්දී ඊටත් වඩා ලොකු හෝටල් එංගලන්තයේ තිබුණා වගේ, ශ්‍රී රාවණ රජතුමා මිසරයේ ගීසා පිරමීඩ හදද්දී ඊටත් වඩා ලොකු පිරමීඩ ලංකාපුරයේ තිබිය යුතු බව පැහැදිළි වෙයි. සෑම රාවණ ගවේශකයෙක්ම පවසන පරිදි ඒ අනුව ලංකාපුරයේ පිරමීඩ තිබූ අතර සමනල කන්ද පිරමීඩය හැරුණු විට අනෙකුත් සියලුම පිරමීඩ පසුගිය සුනාමි තුනෙන් මූදට යට වී ඇත. ඉහත සඳහන් වූ හම්බන්තොට මූදේ ඇති දැවැන්ත පිරමීඩය ඉන් එකකි. ඒ අසළින් කුඩාරාවනා කො‍ටුව සහ මහා රාවනා කො‍ටුව නැමැති පිරමීඩයේ බැලුම් කුළුණු (Watch Towers) දෙක තිබීමෙන් මා කියන දේ තවත් තහවුරු වෙයි.

මෙහි දැක්වෙන්නේ එම විදේශිකයන් විසින් පිරමීඩය තුළදී ලබාගත් ශ්‍රී රාවණ රජතුමාට අපහාස කරන පින්තූර කිහිපයකි.


ඉහත පින්තූරයේ සිටින කාන්තාව ශ්‍රී රාවණ රජතුමාගේ පිරමීඩයේ බිත්තියක් චුම්බනය කරයි. අපගේ හෙළ යකුන්ගේ පූජනීය වූ පිරමීඩ බිත්තියකට මෙවැනි අතවරයක් කිරීම ඉතාම පාහර වැඩකි. මෙවන් දසුන් දකිද්දී අපගේ හෙළ යක් ලේ ධාතුව උණු වී නොයන්නේද?


ඉහත පින්තූරය සහ පහල ඇති පින්තූරය ගෙන තිබෙන්නේ, පිරමීඩය තුළ තිබූ ශ්‍රී රාවණ පිළිරුවක් ඉදිරිපිටදීය. ඒ බව තහවුරු වෙන තවත් ඡායාරූපයක් තිබුණත්, එම ඡායාරූප විශ්ලේෂණය කළ පොලිස් නිලධාරියාට සිදුවූ අත් වැරදීමකින් එය ඩිලීට් වී ඇත.


ජීවමාන ශ්‍රී රාවණා රජතුමටද අනේක නින්දා අපහාස සිදුව ඇති බව රාමායන ඉතිහාසය උපුටා දැක්විය හැක. රාම, ලක්ෂ්මණ, හනුමාන් ප‍්‍රකට උදාහරණය. ශ්‍රී රාවණ රජතුමෝ ඔවුන්ට මෙත් වැඩූහ, රාමායන සටනින් රාවණ ස්ව කැමැත්තෙන්ම පසුබැස (Strategical Retreat) පරාද වූයේ ඔවුන්ව ඝාතනය කිරීමට අකමැති වීමෙන් මිස බලයෙන් පිරිහීම නිසා නොවේ. එම විදේශිකයන්ද සත්‍ය ලෙසම ශ්‍රී රාවණ විරෝධීන්ම විය යුත්තේමය.

ශ්‍රී රාවණ රජතුමා දෙසූ රාවණගවේශක මාවතේ යන අපට කියන්ටද ඇත්තේ මෙපමණය.

ශ්‍රී රාවණ සිද්ධම්!...

ශ්‍රී රාවණ සිද්ධම්!......

ශ්‍රී රාවණ සිද්ධම්!.........

=============================================================

ප.ලි: මෙහි පාථකයෙක් දමා තිබූ ආවේගාත්මක කොමෙන්‍ටුවකට, මාත් ආවේගයෙන්ම ප්‍රතිචාර දැක්වීමට යාමේදී, අත් වැරදීමකින් එය ඩිලීට් විය. නමුත් Web Cache වලින් එය ලබා ගැනීමට හැකි වූ අතර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ සහෘදයින්ටම මා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා එම කොමෙන්‍ටුව පහතින් දක්වමි.

දේශප්‍රේමියා August 22, 2012 08:10 PM
චී නිවුස් වර්ගපූර්ණිකාව කරන මී හරකෝ... තොපිට තේරෙන්නෙ නැද්ද සක්කිලියෝ..., ‍තෝ ශ්‍රී රාවණ රජතුමාට ලොකුම අපහාස කරන්නේ ඔය ෆොටෝ ප්‍රසිද්ධ කරලයි කියල. ඔය ෆොටෝ පොලිසිය, නඩුකාරයෝ දැක්කම ඇති... ඕව ප්‍රසිද්ද කිරිල්ල තමයි අපහාසයේ ලොකුම එක.
මෙහෙම ෆොටෝ ගත්තු එක සහගහන අපරාදයක් බව ඇත්ත. නමුත් පර සක්කිලියෝ, තොපි මෙහෙම පිරමීඩය ඉඹින ෆොටෝ ප්‍රසිද්ද කරන එක මොන තරම් නම් අපරාදයක් ද ??? මේව මීඩියා වලට රිලීස් කරපු පොලීසියේ පල් බූරු මීහරක් වහන්සේලා සහ, උඩ පැනගෙන ඒව පළ කරන තොපි වගේ අවලම් වේස බල්ලො, ඔය සුද්දියන්ටත් වඩා වැරදි වැඩක් කරල තියෙන්නෙ...
යකෝ තොපි කියන්නෙනම් ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නව කියල..., ඒත් ජාතිකවාදීන් ලියන ලිපි එහෙන් මෙහෙන් කොපි කරල හරියට මූලාශ්‍රයක්වත් නොදා තොපේ අටමගලෙ දාගෙන, අර උගුරෙන් කෑ ගහන ‍රැවුල් මොටා වෙනුවෙන් කඩේ යන තොපි දැන් කරන්නේ..., අපේ ශ්‍රී රාවණ රජතුමාට අපහාස කරන ෆොටෝස් පළ කරල හිට් වැඩි කරගන්න එක නේද? තොපේ අවලම් වෙබ් කඩමල්ලත් දැන් තවත් ගොසිප් ගුබ්බෑයමක් කියල තොටයි තොගේ හොරණෑවන්ටයි නොතේරුනාට අපටනම් දැන් තේරෙනව. අවලම් බල්ලෝ..., මීට පස්සෙවත් පාහර වැඩ නොකර හිටපිය..., සක්කිලිය...

ප.ප.ලි: ශ්‍රී රාවණ පාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් හිත් මීටම සමාන සිද්ධියක් වාර්තා කර ඇත. මෙන්න ගිහින් බලන්න: http://lankacnews.com/sinhala/main-news/75960/
Read More...

Thursday, August 16, 2012

සිංහලයින්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතාගේ මතයට අපහාස නොකරනු!

"විජයාගමනය මිත්‍යාවක්ද?" මැයෙන් 2009/07/15 දින දිවයින විශේෂාංග තීරුවේ විජයපාල වීරවර්ධන මහතා ලියා ඇති මෙන්න මේ ලිපිය කියවීමෙන් එහි ඇති ආන්දෝළනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය හරහා පිළිතුරක් ලිවීමට මා හට සිත් විය. එනම් සිංහලයන්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතා දක්වා ඇති වටිනා හෙළිදරව්ව විජයපාල වීරවර්ධන මහතා විසින් ඉතාමත් නිර්දය ලෙස විවේචනය කෙරී තිබීම ගැනයි.

සූරිය ගුණසේකර මහතා 2009 මැයි 20 දිවයින පුවත්පතේ "මේ සිංහලයින්ගේ දේශයයි" මැයෙන් රචනා කළ ලිපියේ මෙලෙස දක්වා තිබේ.

"භාරතයේ සම්භාවනීය මහා කාව්‍යයන් දෙක වන මහා භාරතය හා රාමායණය යන කෘතීන් දෙකෙහිම ලංකාව ගැන සඳහන් වේ. රාමායණයෙහි ලංකාපුරයේ රාවණ රජු ගැන ද මහා භාරතයේ ලංකා රාජ්‍යයේ සිංහලයන් ගැන ද සඳහන්ය." ඊට අමතරව මහාභාරතයේ දැක්වෙන පරිදි සිංහලයින් එළදෙනෙකුගේ මුඛයෙන් බිහි වුණ බවත් සූරිය ගුණසේකර මහතා  පෙන්වා දී ඇත. (එම ලිපිය මාර්ගගතව නොමැති නිසා ලින්කුවක් දැමීමට නොහැකියි)

ඒ සඳහා විජයපාල වීරවර්ධන මහතා මෙලෙස පිළිතුරු දී තිබුණි.

විජයාගමනයට පෙර සිටම ලංකාවේ සිංහලයන් වාසය කළ බවට සූරිය ගුණසේකර මහතා ඉදිරිපත් කරන අනෙක්‌ සාක්‌ෂිය මහා භාරතයේ ඇතැම් තැන්වල "සිංහල" නාමය සඳහන් වීමය. රාමායණයට පසුව මහා භාරතය රචනා කර ඇති බවත්, එම ග්‍රන්ථ දෙකම බුද්ධ පරිනිර්වාණයෙන් පසු කාලයකට අයත් වන බවත් ඉහත සඳහන් කළෙමි. ඒ අනුව මහා භාරතයේ සිංහලයන් ගැන සඳහන්ව තිබීමේ විශේෂත්වයක්‌ නැත.

සූරිය ගුණසේකර මහතා විසින් මහා භාරත කාව්‍යයේ සිංහලයන් ගැන සඳහන් වන පාඨ උපුටාගෙන ඇත්තේ 1883-1896 තුළ පළමු වරට එම කාව්‍යය ඉංගී්‍රසි බසට නගන ලද පරිවර්තන කෘතියෙන් බව සිය ලිපියේ සඳහන් කර ඇත. එහෙත් එම පාඨ ඉංගී්‍රසි බසින් සිංහලට පරිවර්තනය කළේ කවුරුන් විසින් දැයි සඳහන් කර නැත. සකු බසින් ඉංගී්‍රසියටත්, ඉංගී්‍රසියෙන් සිංහලටත් පරිවර්තනය කිරීමේ දී මුල් සකු කාව්‍යයේ අදහස්‌ වල නිරවද්‍යතාවය කෙතෙක්‌ දුරට ආරක්‍ෂාවී තිබේද යන්න ගැන සෑහීමට පත්විය නොහැකිය.

අංක 1 වශයෙන් උපුටා දක්‌වා ඇති පාඨයේ විශ්වාමිත්‍ර රජුගේ යුද හමුදාව මගින් වශිෂ්ඨ සෘෂිවරයාගේ පිරිසට පහරදී මරා දැමුණු විට වශිෂ්ඨගේ "කාමෙනුව" නමැති එළදෙන විසින් නැවත ලොවට මිනිසුන් වර්ග බිහි කිරීම පිළිබඳ වෘත්තාන්තයේ "විශ්වාමිත්‍ර" රජ කෙනකු ලෙස සඳහන් කර ඇතත් ඔහු රජකෙනකු නොව Rෂිවරයෙකි. විශ්වාමිත්‍ර සහ වශිෂ්ට යන දෙදෙනාම සෘග් වේදයේ මණ්‌ඩල 10 න් දෙවන මණ්‌ඩලයේ සිට හත්වන මණ්‌ඩලය දක්‌වා ග්‍රන්ථ රචනා කළ සෘෂි කුල හයෙන් දෙදෙනෙකි. මෙම එළදෙනගේ වල්ගයෙන් පල්ලව හමුදාව ද උදරයෙන් ද්‍රවිඩ හා ශක හමුදාව ද ගර්භාෂයෙන් යවන හමුදාවක්‌ ද ගොම වලින් සවර හමුදාවක්‌ ද බිහිකරන ලද අතර මුඛයෙන් පූන්ද්‍ර, කිරාක, යවන හා සිංහලයන් ද නොදියුණු ගෝත්‍රයන් වන කසා, වීවුක, පුලින්ද, චීන, හුන, කෝරළ හා විවිධාකාර තවත් ම්ලේච්ඡයන් ද මවන ලද බව සඳහන් වේ. මහා භාරත යුද්ධය හා සම්බන්ධයක්‌ නොමැති මෙම පුවත රාමායණයේද සඳහන් වේ. නමුත් එහි සඳහන් වන්නේ එම එළදෙනගෙන් කාම්භෝජ, පහ්ලව, ශක, තුසර, කිරාත, යවන සහ ම්ලේච්ඡ යන ජාතීන් බිහිවූ බවය. මෙයින් පැහැදිලි වන්නේ මුල් පුරාවෘත්තයේ සඳහන් ජාතීන් සංඛ්‍යාවට මහා භාරත කතුවරුන් විසින් තවත් ජාතීන් එකතු කර කාම්බෝජ, පහ්ලව, කුසර යන පැරණි ජනවර්ගයන් ඉවත් කර ඇති බවය.

අපගේ වංසකතා අනුව සිංහල ජාතිය බිහිවූයේ සිංහයකු හා රජකුමරියක අතර ඇතිවූ සංවාසයෙනි. මේ පිළිබඳ සූරිය ගුණසේකර මහතා "ලංකා ඉතිහාසයේ හෙළ යුගය" ග්‍රන්ථයේ 18 පිටුවේ සඳහන් කර ඇත්තේ තිරිසන් සතකුට දාව මිනිස්‌ දුවක්‌ දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක්‌ බවත්ය. එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන සූරිය ගුණසේකර මහතා එය සාධාරණීකරණය කර ඇත්තේ "එළදෙන යනු භූමියේ සංකේතය" බව ප්‍රකාශ කරමිනි. හින්දු සම්ප්‍රදාය අනුව එළදෙන භූමියේ සංකේතය බවට විශ්වාස කරන එතුමාට "සිංහයා" යනු සූර්ය සංකේතය බවටත් "සුසීමා" යනු චන්ද්‍ර සංකේතය බවටත් සැලකෙන ආර්ය මතය පිළිගැනීමට නොහැකිවීම ගැන අප තුළ ඇත්තේ මවිතයකි.
ඒ අනුව මහාභාරතය යනු සිංහල හෙළ ඉතිහාසය දැක්වෙන ග්‍රන්ථයක් බව පිළිගන්නා රාවණාගවේශකයින්ගේ මහා ඇදුරාණෝ වන සූරිය ගුණසේකර මහතා,  සිංහලයින් එළදෙනෙකුගේ මුඛයෙන් ඉපදුන බව මනාව පෙන්වා දී ඇත.


මේ ගැන මාගේ අදහස් මෙලෙස පෙළ ගස්වමි.

(1) රාවණාගවේශකයින් වන අපට රාවණා ඉතිහාසය පෙන්වන කරුණු, සංකේත අනුසාරයෙන් හෝ පද නිරුක්ති වලින් හෝ ජන කතා වලින් හෝ කට කතා වලින් හෝ විශ්වාස වලින් හෝ තිබුණත් පිළිගැනීමට පුළුවන. නමුත් මහාවංසයේ යමක් තිබේනම් එය ඉතාමත් නිවැරදිව තිබිය යුතුය. අපගේ රාවණ ඉතිහාසය සංකේතාත්මකව තිබුණත් කිසිම විටෙකවත් මහාවංසයේ ඉතිහාසය සකේතාත්මකව නොතිබිය යුතුය. "ඛේවනාප්ප" නැමැති හෙළ ඉතිහාස ගවේශණ රීතියෙන් මෙය පහැදිළි කරයි.

අන්න ඒ නිසා තමයි "තිරිසන් සතකුට දාව මිනිස්‌ දුවක්‌ දරුවන් නොලබන බවත්, එබැවින් සිංහබාහු සහ සිංහ සීවලී මිත්‍යාවක්‌ බවත්, එහෙත් එළදෙනකගේ මුඛයෙන් සිංහලයන් උපන් බවට මහා භාරතයේ සඳහන් පුවත විශ්වාස කරන බවත්" සූරිය ගුණසේකර මහතා පවසන්නේ. "ඛේවනාප්ප" රීතිය ගැන නොදන්නා විජයපාල වීරවර්ධන මහතා ගැන මා හට ඇති වන්නේ දුකකි.

ආචාර්ය සූරිය ගුණසේකර මහතා

(2) සිංහයෙකුගෙන් මිනිස් දරුවෙක් ඉපදුන බව ඇතුළු ගැටළුකාරී තැන් කිහිපයක් ඇති නිසා විජයාවතරනය ඇතුළු මුළු මහාවංසයම අමුම අමු කෙප්පයක් බව දැන් බොහෝ රාවණගවේශකයින්ගේ මතයයි. නමුත් "ඛේවනාප්ප" රීතිය අනුව රාවණ ඉතිහාසය ගැන,
i. සිංහල ජාතිය එළදෙනෙකුගේ කටින් ඉපදීම?
ii. රාවණගේ හිස් දහය?
iii. රාවණ ජීවත්ව සිටි කාල වකවානුව කුමක්ද?
iv. බලවත් රාවණ වඳුරන් එක්ක ආපු දුබල රාමට පරාජය වීම?
v. රාවණට දේවාල නොහැදී විභීෂණට දේවාල හැදීම?
ආදී රාවණ විරෝධීන් විසින් මතු කරන සහ අප අතරත් ඇති සුළු සුළු මත ගැ‍ටුම් තිබුනත් අපට ඒවා විසඳා ගනිමින් ඉතිහාසය ගවේශණය කිරීමට කිසිදු බාධාවක් නැති බව පාහර රාවණ විරෝධීන් දැනගත යුතුය. (ඉහත ප්‍රශ්න වලට වර්ගපූර්ණිකාවේ මීට පෙර ලිපි වල පිළිතුරු ඇත)

(3) සිංහයා නැමති තිරිසන් සතෙකු විසින් මිනිස් කුමරිකයට ජාතක වීම නැමති තිරිසන් ජන්මෙට වඩා එළදෙනෙකුගේ කටින් ජාතක වීම අභිමානයකි. ස්ත්‍රියකගේ අධෝ මුඛයට ආසන්න තැනකින් ඉපදිමට වඩා එළදෙනෙකුගේ මුඛයෙන් ඉපදීම සිංහල ජාතියට ඉතාමත් නම්බුවකි. මුඛ සංසර්ගය ගැන ගවයන් පවා දැන සිටි බව සංකේතවත් කිරීමෙන් පෙනී යන්නේ අතීත හෙළයන්ට කොතරම් දියුණු ලිංගික අධ්‍යාපනයක් තිබූ බව නොවේද? සූරිය ගුණසේකරයානෙනි මේ වගේ වටිනා දෑ හෙළි කිරීම ගැන ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි.

(4) එළදෙනගේ පුරුෂයා වන ගොනා යනු අතීත හෙළ යකුන්ගේ දෙවියෙකි. එසේ වූයේ එළදෙනගෙන් සිංහල ජාතිය බිහි කිරීමට මූලික වූ ගොනාට කරන ගෞරවයක් වශයෙනි. "ගොං යකා" ලෙස ලෙස පදයක් තාමත් භාවිතයේ ඇත්තේ අතීතයේ සිටි හෙළ යකුන්ගෙන් වැදගත් අයට "ගොං යකා" යැයි කී නිසා බව වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙයි. මේ අනුව මෙතරම් වැදගත් ඉතිහාසයක් හෙළි කර දෙමින් මහාවංසයේ තිරිසන් ජාතකයෙන් සිංහලයාව මුදවා ගත් සූරිය ගුණසේකර නැමති හෙළ යකාටත්, "ගොං යකා" යැයි කියා ගෞරව කළ යුතුය.

(5) එළදෙනව බෙදාගත් සහෝදරයින් දෙදෙනාගේ කතාව ඔබ අසා ඇති. එක් සහෝදරයෙක් පළමුව ඉදිරිපත් වී එළ දෙනගේ ඉදිරි භාගය ‍තෝරා ගත්තේ ඔහුගේ මෝඩ කම නිසා බවත් අනිත් සහෝදරයා විසින් එළදෙනගේ පශ්චාත් භාගය ‍තෝරා ගත්තේ ඔහුගේ බුද්ධිමත් කම නිසා බවත් බමුණන් විසින් එම කතාව විකෘති කර ඇත. නමුත් සත්‍ය කතාව නම් බුද්ධිමත් සහෝදරයා විසින් එළදෙනගේ ඉදිරිපස පැත්තේ ‍තෝරා ගත්තේ සිංහලයින්ගේ සම්භවය එළදෙනගේ මුඛයේ ඇති නිසයි.

(6) එළ දෙනව මරණයෙන් බේරා ගැනීමට බොහෝ සිංහලයින් සයිබර් අවකාශයේ මර හඬ තලන්නේ ඇයි කියා ඔබ සිතුවාද? ඒකට හේතුව වන්නේ සූරිය ගුණසේකර මහතාම පෙන්වා දෙන පරිදි සිංහලයාව එළදෙනගෙන් පැවත එන නිසයි.

(7) සූරිය ගුණසේකර මහතාගේ මතය සනාථ කරන වැදගත්ම කාරණාවක් වන්නේ හරප්පා ශිෂ්ටාචාරයට අදාල කැණීම් වලින් මතු වූ ගව රූපයි. මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාර හඳුන්වා දුන්නේ සිංහලයින් විසින් බව අරිසෙන් අහුබුදු වන් නිතරම පැවසූවකි. ඉතින් සිංහලයින්ගේ සම්භවයට හරප්පා ජනතාව ගරු නොකර සිටීවිද?


දැන් වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ කොමෙන්‍ටු වලින් සිංහලයින්ගේ සම්භවය ගැන සූරිය ගුණසේකර මහතාගේ මතය විවේචනය කිරීමට රාවණ විරෝධීන් ලක ලෑස්ති වේවි. ඒ නිසා රාවණ විරෝධීන්ට මා කියන්නේ, තොපි එකෙක්වත් අපව ජාතක කරපු එළ දෙනට අත නොතබනු. සිංහලයාගේ සම්භවයට අත තබා රාවණ රජතුමාව ප්‍රකෝප නොකරනු. සූරිය ගුණසේකර මහතාගේ අදහසට අපහාස නොකරනු.
Read More...

නුදුරු අදහස්