Showing posts with label පිරමීඩ. Show all posts
Showing posts with label පිරමීඩ. Show all posts

Wednesday, August 29, 2012

" වර්ගපූර්ණිකාව " යනු ජන සේනා 1 ද ?

මේක තමයි අපේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් විශාල පිරිසකට ඇතිවී තිබෙන ප්‍රශ්නය. ඉතා සූක්ෂම විදිහට ජනපති මහින්ද රාජපක්ෂ යොදාගනිමින්, ශ්‍රී ලංකාව කෙරෙහි කෙරෙහි සිංහලයන් තුල තිබෙන භක්තිමත් හැඟීම විනාශ කොට, දේශපාලනය යනු ෆන් එකක් ගැනීමේ මූලාශ්‍රයක් බවට පත් කිරීමේ අධම මෙහෙයුමක නිරත, ජන සේනා වැනි බ්ලොග් පඩංගුවක් හා අපේ අඩවිය සමකිරීම ගැන නොසතුට ප්‍රකාශ කිරීම හැරුණාම ඒකට ලොකු උත්තරයක් දෙන්න යන්නෙ නෑ. මොකද ඉදිරියේදී මේ වෙනස කාටත් පැහැදිලිවේවි.

ඊළඟ ප්‍රස්නය තමයි ‘වර්ගපූර්ණිකාව’ එන්නෙ මොකාටද කියල හිතාගන්න බැහැ යයි කීම. මේ කතාව කියන්නෙ ජන්බුද්වීපය, රාවණාවංශය, වත්මන් පුරාවිද්‍යා ගවේශණ ගැන නිතර කතා කල සහෝදර හෙළ රාවණා වංශිකයින් කීපදෙනෙක්. ඒක නිසා අපට ඒක වැදගත්. මේ පැහැදිලිකිරීම ඒ වෙනුවෙන්.

රණබිම මැරුණේ සිව් හෙළයෙකුනම් නම්... පපුවෙ වෙඩි සලකුණ ඇත්තේ... සතුරට ළය දී මිස මැරුණේ නැ... ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ...

සුර අසුර යුද්ධයේදී ශ්‍රී රාවණ රජතුමා ඇතුළු හෙළ අසුර සේනාව සමස්ත යුධ ජයෙන් තුනෙන් දෙකකට ආසන්න ජයග්‍රහණයක් ලබාගනිමින් ජයග්‍රහණය කළා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. විශිෂ්ඨ යුද ජයග්‍රහණය ගැන ජනතාවගේ ඉහලම ආකාරයේ කළගුණ දැක්වීමක්. නමුත් ඒ ජයග්‍රහණයෙන් සහස්‍ර කීපයක් ඉක්ම යන්නටත් මත්තෙන් අද අපිට උදේ හවා ඇහෙන්නේ මොනවද? ලෝක ඉතිහාසයේ දුර්දාන්තම රට ලංකාපුරය බවයි. දුර්දාන්තම රජතුමා ශ්‍රී රාවණ රජතුමා බවයි. අපි අහන්නේ “මේ කතාව ඇත්තද” කියන එක.

තත්ත්වය කොතරම් ඛේදජනකද කියනවානම් අද ඒ ප්‍රශ්නය අහන අයව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ "ජන සේනා" ජාතියේ විහිලුකාරයන් විදිහට. ඔවුන් අසාධාරණත් නෑ. ශ්‍රී රාවණ රජතුමාට එරෙහි අපහාස, අවලාද, මඩ හැරුණාම ජනමාධ්‍යයන්ගේ මේවා ප්‍රශ්න කරන්නන් නැතිම තරම්. යම් කාලයක් එහෙම කරගෙන ආපු අයත් අද වන විට ඉස්ලාම් විරෝධය, බිලිපූජා විරෝධය වගේ බොහොම පටු තැන්වලට වැටිලා. කණගාටුදායකයි.

ඒකටත් සාධාරණ හේතු ඇති. අද වෙනකොට ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ කාංචන ගීත මනමේන්ද්‍ර වැනි වාචාලයින් කියල සමහරු කියනව. (අන්න නියම ජන සේනා කවටයින්ලු). ඒක නිසා ශ්‍රී රාවණ රජතුමා වෙනුවෙන් පෙනී සිටින්නන්ද කාංචන ගීත මනමේන්ද්‍ර වැන්නන් අයත් වන කටු ලොවින්නන්ගේ කුලකයට වැටෙනවාලු. (මම නෙමෙයි සමහර රාවණ පාක්ෂිකයොයි කියන්නෙ, මටනම් මනමේන්ද්‍ර යනු නියම හෙළ යකෙක්). කවුද ඒකට කැමති?

පැහැදිලිව කියන්න ඕනෙ අපි ගැටළු සාකච්ඡා කරන්නෙ වෙනස් මානයකින් බව. මේක දීර්ඝකාලීන සාකච්ඡාවකින් පසු ආපු අදහසක්. අපි එය අත්හදා බලනවා. උදාහරණයක් විදිහට සීතාව පැහැරගැනීමේ සිදුවීම ගමු. අතිමානුෂවාදීන් තවමත් මේ ගැන කිඹුල් කඳුළු හෙළනවා. රාවණ පාක්ෂිකයින් උනත් මේවාට උත්තර දෙන්නෙ යම් අපහසුතාවකින්. නමුත් මේ ගැන සීතා එළියේ ගොවියෙකුගෙන් ඇහුවොත් දෙන උත්තරේ අපි අමුතුවෙන් කිවයුතු නෑ නේද? අපි කරන්නේ ඒ උත්තරේ බ්ලොග් අවකාශයට ගේන එක. මොකද අපි විශ්වාස කරනවා ඒක තමයි ප්‍රායෝගික හරි උත්තරේ කියලා.

දැන් පඬිවරු රොත්ත මේකට බුරාගෙන පනී. නමුත් මේ කියන්නෙ අපි කරන දේ. සයිබර් අවකාශයේ රාවන පාක්ෂිකයින්ට අපිව නොවැටහෙන්නෙ මේ නිසා වෙන්නැති. සාමාන්‍යයෙන් ජනප්‍රිය විදිහ තමා රාවනායනයේ මොකක්හරි ප්‍රස්නයක් ඇදුනොත් උත්තරේ හැටියට දෙන්නෙ රාමාගේ නපුංසක කම, රාමා සියදිවි නසාගැනීම්, අංගජ-බාලි හටනෙදි බාලිට හැංගිල විදීම වගේ ප්‍රශ්නෙට අදාල නොවන මැටි මෝල් උත්තර. තාවකාලිකව කටින් ගසා ජයගැනීමක් විනා ප්‍රශ්නය එහෙමමයි.

ගීසා පිරමීඩ ය හදපු රාවණාට තිබුණ ඊටත් වඩා ලොකු පිරමීඩ ගැන අහනකොට, රාවණ රජතුමා චක්‍රාවාට අතර ගමන් කරපු තාරකා දොර‍ටුව ගැන කියල වැඩක් නෑ. ඕනෑම ප්‍රශ්නයක් තුලම හරි උත්තරේ තියෙනවා. දිය යුත්තේ ඒක. රාවණා ගවේශණයේ කෙරුමන් වන දැන උගත් බුද්ධිමත් යැයි කියාගන්නා මිනිස්සුන්ට නොපෙනෙන ඒ උත්තරේ ...

1. ගෝනගම (ගෝ=ගෝලය, න=නඩත්තුකරන, ගම=ගම ; එනම් රාවණ රජ සමයේදී ලෝක ගෝලයේ පරිපාලනය සිදුවූ ගම)

2. මොරවැව (මො=මොණරයන්, ර=රඳවන, වැව=වැව ; එනම් රාවණ රජතුමාට තිබූ දිය මත නැවැත්විය හැකි දඬුමොණරයන් නතර කළ වැව තිබූ ගම)

3. කැකිරාව (කැ=කැළිකසල, කි=කිරන, රා=රාවණාගේ, ව=වරාය. ; එනම් රාවණ රජ සමයේ හෙළයින්ගේ කැළිකසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඒවායේ බර කිරා පිටරට පැටවූ වරාය කැකිරාවේ තිබී ඇත. ඒවා කැකිරාවේ සිට නැව් මගින් ප්‍රතිගායලට යවා ඇත. ප්‍රති=ප්‍රතිචක්‍රීයකරණයකළදෑ, ගා=ගාල්කරන, ල=ලංකපුරයේ, ය=යටත්විජිතය. පසුකාලයේදී ප්‍රතිගාලය, පෘතුගාලයට බවට පත් විය.

4. රිදීගම (රි=රියවල්, දී=දීප්තිමත් කරන, ගම=ගම ; එනම් රාවණ රජතුමාගේ දඬුමොණර රියවල් පොලිෂ් කරන ගම)

5. ආනවිලුන්දාව (ආ=ආක්‍රමණිකයින්ව, න=නතරකර, වි=විනිශ්චයකර, ලුන්=ලන්නට, දා=දායකවන, ව=වනාන්තරය. ; එනම් එම ප්‍රදේශයේ තිබූ වනාන්තරය, ආක්‍රමණික වානර සේනාවේ මැරුම් නොකා ඉතිරු වූ වඳුරන්ව නතර කර විනිශ්චය කරලන්නට දායක වී ඇත)

6. වාරියපොල (වා=වායු, රි=රිය, පොළ=තො‍ටුපොළ ; එනම් අරිසෙන් අහුබුදු වන්ම පැවසූ පරිදි වයු රිය පොළක් හෙවත් දඬුමොණර තො‍ටුපොළක් එහි තිබී ඇත.)

... ආදී ගම් වල ඉන්න සාමාන්‍ය ගැමියන්ට පේනවා. අනික ඒ උත්තරේ දෙන්න බිය විය යුතුත් නෑ. මොකද කවුරු මොනවා කිව්වත් මේ ගැමියන් ඉතිහාසයේ නිවැරදියි. (ඉහත සියලුම පද නිරුක්තීන් ඒ විදියටම වර්ගපූර්ණිකාව නැමති හෙළ පුස්කොළපොතේ සඳහන් වෙයි. බොරුයි කියල හිතෙනවනම් ඒක හොයාගෙන කියවල බලන්න.)

පැහැදිලිව අපි ශ්‍රී රාවණ රජතුමාගේ අනාගත නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. ශ්‍රී රාවණ රජතුමාගේ විවිධ වැරදි තිබෙන්න පුලුවන්. ඒ වැරදි වලට ඇත්ත හේතු අපිත් හොයනවා. ශ්‍රී රාවණ රජතුමාටවත් නිසිලෙස පාලනය කරගන්න අසීරු විවිධ බලවේගයන් මේ මොහොතේත් ක්‍රියාත්මකයි. ඒකට විසඳුම 2012/12/12 දිනදී ශ්‍රී රාවණ රජතුමාව අවදි නොකර ඉන්න එක නොවෙයි. ඊට පස්සෙ කවුද ගේන්නෙ? කවුරුහරි පිස්සෙක් ගෙනත් ඉන්දවන එක ලේසියි. නමුත් පිස්සෙක් යටතේ ජීවත්වෙන එක ලේසියි කියලා හිතනවද?

අපිට අවලාද නගන්නන්ට අපි අභියෝගයක් කරනවා. මිනිස්සු ගහක අත්තකට නැගලා අත්ත මුලින් කපන්නෑ. පුළුවන්නම් ‘ශ්‍රී රාවණ රජතුමා වෙනුවට 2012/12/12 දිනදී රජ පුටුවේ වාඩිකරවන්න පුළුවන්’ එක දේශපාලන පක්ෂ නායකයෙකුගෙ නමක් කියන්න. හෙට මේ බ්ලොගය වහල දානවා. (දෙකොණින් සිනහා යන නම් යෝජනා කිරීමෙන් වලකින්න).
Read More...

Wednesday, August 22, 2012

රාවණාගේ පිරමීඩය තුළ අසභ්‍ය පින්තූර ගත් විදේශිකයින් අත් අඩංගුවේ.

ශ්‍රී රාවණ රජතුමාට නිගා වන අයුරින් ගත් අසභ්‍ය ඡයාරූප කිහිපයක් කැමරාවෙන් පිටතට ගෙන සුරක්‍ෂිත කර ගැනීමට උත්සාහ දැරූ දකුණු අප්‍රිකානු (අප්‍රි=අප්‍රියවූ, කා=කාපිරියන්, තාරක රජුට අප්‍රිය වූ කාපිරියන් දැමූ දේශය වනාහී අප්‍රිකා. මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු සූරීන්) ජාතියන් පස් දෙනෙක් හම්බන්තොට පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා හම්බන්තොට වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා මුද්‍රණය කර ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එහි ග‍්‍රැෆික් නිර්මාණකරු අදාල පින්තූර අතර ශ්‍රී රාවණ රජතුමාට අපහාස වන ඒවාද තිබෙනු දැක හම්බන්තොට පොලීසියට දන්වා ඇත.

වහා ක‍්‍රියාත්මක වූ හම්බන්තොට පොලීසිය දකුණු අප්‍රිකානු ජාතිකයන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

මොවුන් අසභ්‍ය ලෙස හැසිරෙමින් ඡායා රූප ලබා ගෙන ඇත්තේ හම්බන්තොට මූද තුළ ඇති ශ්‍රී රාවණා රජතුමාගේ පිරමීඩය තුළ සිටය.

රාවණගවේශකයින් පවසන ලෙසටම ශ්‍රී රාවණ රජතුමාගේ බලකො‍ටුවක් ලෙසට පැවති පිරමීඩය හම්බන්තොට මුහුද තුළ ඇති බව මීට වසර ගණනාවකට පෙරදීම සොයාගත්තත් තාමත් බොහෝ දෙනාගෙන් වසං වී පවතී. පසුගිය සුනාමිය වෙලාවේ මූද පහත් වෙද්දී, ශ්‍රී රාවණ රජතුමාගේ එම බලකො‍ටුව වටා ඇති තාප්පය මූදෙන් මතු වූ නමුත් කිසිවෙකුට ඡායාරූප ගැනීමට නොහැකි වී ඇත.

අප පවසන දේ ඔබට සැක ඇති. ඉන්න සැක හරින්නම්... ඊජිත්තුවේ ඇති ගීසා පිරමීඩ හැදුවේ ශ්‍රී රාවණ රජතුමාගේ උපදෙස් අනුව බව, අරිසෙන් අහුබුදු, මි‍රැන්ඩෝ ඔබේසේකර, කාංචන ගීත මනමේන්ද්‍ර, සූරිය ගුණසේකර වැනි රාවණ ගවේශකයින් විසින් මැනැවින් පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔප්පු කර ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඊට හේතු වූයේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් ඒවා හැදූ බව එහි සඳහන්ව තිබීමත්, එම පිරමීඩයක් තුළ බිත්තියේ හෙලිකොප්ටරයක පින්තුරයක් තිබීමත්ය. එසේනම්, එංගලන්තයේ සුද්දන් ලංකාවේ හෝටල් හදද්දී ඊටත් වඩා ලොකු හෝටල් එංගලන්තයේ තිබුණා වගේ, ශ්‍රී රාවණ රජතුමා මිසරයේ ගීසා පිරමීඩ හදද්දී ඊටත් වඩා ලොකු පිරමීඩ ලංකාපුරයේ තිබිය යුතු බව පැහැදිළි වෙයි. සෑම රාවණ ගවේශකයෙක්ම පවසන පරිදි ඒ අනුව ලංකාපුරයේ පිරමීඩ තිබූ අතර සමනල කන්ද පිරමීඩය හැරුණු විට අනෙකුත් සියලුම පිරමීඩ පසුගිය සුනාමි තුනෙන් මූදට යට වී ඇත. ඉහත සඳහන් වූ හම්බන්තොට මූදේ ඇති දැවැන්ත පිරමීඩය ඉන් එකකි. ඒ අසළින් කුඩාරාවනා කො‍ටුව සහ මහා රාවනා කො‍ටුව නැමැති පිරමීඩයේ බැලුම් කුළුණු (Watch Towers) දෙක තිබීමෙන් මා කියන දේ තවත් තහවුරු වෙයි.

මෙහි දැක්වෙන්නේ එම විදේශිකයන් විසින් පිරමීඩය තුළදී ලබාගත් ශ්‍රී රාවණ රජතුමාට අපහාස කරන පින්තූර කිහිපයකි.


ඉහත පින්තූරයේ සිටින කාන්තාව ශ්‍රී රාවණ රජතුමාගේ පිරමීඩයේ බිත්තියක් චුම්බනය කරයි. අපගේ හෙළ යකුන්ගේ පූජනීය වූ පිරමීඩ බිත්තියකට මෙවැනි අතවරයක් කිරීම ඉතාම පාහර වැඩකි. මෙවන් දසුන් දකිද්දී අපගේ හෙළ යක් ලේ ධාතුව උණු වී නොයන්නේද?


ඉහත පින්තූරය සහ පහල ඇති පින්තූරය ගෙන තිබෙන්නේ, පිරමීඩය තුළ තිබූ ශ්‍රී රාවණ පිළිරුවක් ඉදිරිපිටදීය. ඒ බව තහවුරු වෙන තවත් ඡායාරූපයක් තිබුණත්, එම ඡායාරූප විශ්ලේෂණය කළ පොලිස් නිලධාරියාට සිදුවූ අත් වැරදීමකින් එය ඩිලීට් වී ඇත.


ජීවමාන ශ්‍රී රාවණා රජතුමටද අනේක නින්දා අපහාස සිදුව ඇති බව රාමායන ඉතිහාසය උපුටා දැක්විය හැක. රාම, ලක්ෂ්මණ, හනුමාන් ප‍්‍රකට උදාහරණය. ශ්‍රී රාවණ රජතුමෝ ඔවුන්ට මෙත් වැඩූහ, රාමායන සටනින් රාවණ ස්ව කැමැත්තෙන්ම පසුබැස (Strategical Retreat) පරාද වූයේ ඔවුන්ව ඝාතනය කිරීමට අකමැති වීමෙන් මිස බලයෙන් පිරිහීම නිසා නොවේ. එම විදේශිකයන්ද සත්‍ය ලෙසම ශ්‍රී රාවණ විරෝධීන්ම විය යුත්තේමය.

ශ්‍රී රාවණ රජතුමා දෙසූ රාවණගවේශක මාවතේ යන අපට කියන්ටද ඇත්තේ මෙපමණය.

ශ්‍රී රාවණ සිද්ධම්!...

ශ්‍රී රාවණ සිද්ධම්!......

ශ්‍රී රාවණ සිද්ධම්!.........

=============================================================

ප.ලි: මෙහි පාථකයෙක් දමා තිබූ ආවේගාත්මක කොමෙන්‍ටුවකට, මාත් ආවේගයෙන්ම ප්‍රතිචාර දැක්වීමට යාමේදී, අත් වැරදීමකින් එය ඩිලීට් විය. නමුත් Web Cache වලින් එය ලබා ගැනීමට හැකි වූ අතර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ සහෘදයින්ටම මා වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා එම කොමෙන්‍ටුව පහතින් දක්වමි.

දේශප්‍රේමියා August 22, 2012 08:10 PM
චී නිවුස් වර්ගපූර්ණිකාව කරන මී හරකෝ... තොපිට තේරෙන්නෙ නැද්ද සක්කිලියෝ..., ‍තෝ ශ්‍රී රාවණ රජතුමාට ලොකුම අපහාස කරන්නේ ඔය ෆොටෝ ප්‍රසිද්ධ කරලයි කියල. ඔය ෆොටෝ පොලිසිය, නඩුකාරයෝ දැක්කම ඇති... ඕව ප්‍රසිද්ද කිරිල්ල තමයි අපහාසයේ ලොකුම එක.
මෙහෙම ෆොටෝ ගත්තු එක සහගහන අපරාදයක් බව ඇත්ත. නමුත් පර සක්කිලියෝ, තොපි මෙහෙම පිරමීඩය ඉඹින ෆොටෝ ප්‍රසිද්ද කරන එක මොන තරම් නම් අපරාදයක් ද ??? මේව මීඩියා වලට රිලීස් කරපු පොලීසියේ පල් බූරු මීහරක් වහන්සේලා සහ, උඩ පැනගෙන ඒව පළ කරන තොපි වගේ අවලම් වේස බල්ලො, ඔය සුද්දියන්ටත් වඩා වැරදි වැඩක් කරල තියෙන්නෙ...
යකෝ තොපි කියන්නෙනම් ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නව කියල..., ඒත් ජාතිකවාදීන් ලියන ලිපි එහෙන් මෙහෙන් කොපි කරල හරියට මූලාශ්‍රයක්වත් නොදා තොපේ අටමගලෙ දාගෙන, අර උගුරෙන් කෑ ගහන ‍රැවුල් මොටා වෙනුවෙන් කඩේ යන තොපි දැන් කරන්නේ..., අපේ ශ්‍රී රාවණ රජතුමාට අපහාස කරන ෆොටෝස් පළ කරල හිට් වැඩි කරගන්න එක නේද? තොපේ අවලම් වෙබ් කඩමල්ලත් දැන් තවත් ගොසිප් ගුබ්බෑයමක් කියල තොටයි තොගේ හොරණෑවන්ටයි නොතේරුනාට අපටනම් දැන් තේරෙනව. අවලම් බල්ලෝ..., මීට පස්සෙවත් පාහර වැඩ නොකර හිටපිය..., සක්කිලිය...

ප.ප.ලි: ශ්‍රී රාවණ පාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් හිත් මීටම සමාන සිද්ධියක් වාර්තා කර ඇත. මෙන්න ගිහින් බලන්න: http://lankacnews.com/sinhala/main-news/75960/
Read More...

Tuesday, July 17, 2012

සමනළ කන්ද කෘතිමව නිර්මාණය කළ හැටි.

සමනළ කන්දේ සම්භවය පිළිබඳව විවිධාකාර මතිමතාන්තර ඇති නමුත් එය රාවණ හෙළ ඉතිහාසයට උචිත ලෙස කරන ලද 200% ක් නිවැරදි පැහැදිළි කිරීම Ravana Lanka බ්ලොග් එක කරන මා හිතවත් මහත්මයා දී ඇත. පහත දැක්වෙන්නේ එතුමාගේ අවසර පරිදි පළ කරන එම ලිපියයි. මෙවන් තොරතුරු අප සමග බෙදාගැනීම වෙනුවෙන් එතුමාට වර්ගපූර්ණිකාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි.

සමනළ කන්ද ගැන බොහෝ මත පසුගිය කාලය තුළ පළවුණි. පාඨකයන් ද මෙය පිළිබඳ මාගෙන් කරුණු විමසා සිටියා. වැදගන්ම දෙය නම් ඉදිරියේ දී සිදුවීමට නියමිත බොහෝ කරුණු පැහැදිලි කරගැනීමට , සමනල කන්ද නිර්මාණය කල ආකරය දැනගත යුතු වීමයි.

එම නිසා මෙම ලිපියෙන් උත්සාහ කරනු ලබන්නේ සමනළ කන්ද නිර්මාණය කල අකාරය පැහැදිලි කිරීමටයි
විවිධ විෂය ක්ෂේත්‍රයනට අයත් පාඨකයන් මෙය කියවන බැවින් හැකි තරම් සරළව මෙය ඉදිරිපත් කිරීමට උත්සහ කරමි.

පළමුවෙන් ම සමනල කන්ද ගැන පහත අකරයේ මත 2ක් මා දු‍ටුවා.

(අ.) සමනළ කන්ද ස්වභාවිකව කාලන්තරයක් මුළුල්ලේ සෙමින් නිර්මාණය වූ කන්දක් බව
(ආ.) සමනළ කන්ද යනු පැරණි යමහලක් බව

මෙම මත දෙකෙන් ම පෙන්නුම් කරන්නේ සමනළ කන්ද ස්වභාවික හේතුන් නිසා ඇතිවූ දෙයක් ලෙසයි.

කඳු නිර්මණය වන ප්‍රධාන ක්‍රම 3කි. එනම්

1. ගිනිකඳු නිසා ඇතිවන කඳු

2. පෘථිවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කඳු

3. පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කඳු.

ඉහත කඳු නිර්මාණය වීමේ ආකාර 3 පදනම් කරගෙන සමනල කන්ද නිර්මාණය වූ අයුරු පිළිබඳ ඇති මත 2ක විශ්ලේෂණය කරමු.

සමනළ කන්ද ස්වභාවිකව කාලන්තරයක් මුළුල්ලේ සෙමින් නිර්මාණය වූ කන්දක් බව සලකා බලමු.

ගිනිකන්දක් නොවන ස්වභාවික හේතුන් විසින් සමනල කන්ද නිර්මාණය වූවා නම්, සමනළ කන්ද නිර්මණය වියයුත්තේ පෘථිවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කන්දක් ලෙස හෝ පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කන්දක් ලෙසයි.

පෘථිවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කඳු අශ්‍රිතව තවත් එවැනි හැඩයෙන් හෝ අසන්න විශාලත්වයකින් සමාන කඳු නිර්මාණය විය යුතුයි. මෙහි දී එක කන්දක් අනෙක් වාට වඩා උස වැඩි විය හැකි අතර එවිට ඒ වටා ආරොහණ ශ්‍රේණියක් ඔස්සේ උස වැඩි වන කඳු වළල්ලක් පිහිටියයුතුය. උදා: හිමාල කඳු වැටිය සහ එවරෙස්ට් කන්ද නිර්මාණය.

හිමාල කඳු වැටිය සහ එවරෙස්ට්

නමුත් සමනල කන්ද හා හැඩයෙන් හෝ විශාලත්වයෙන් සමාන කඳු, කඳු පන්තියක් සමනල කන්ද යාබදව දක්නට නොමැත.

අනෙක් හේතුව වන පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කඳු වල හැඩය සම්පූර්ණයෙන් ම වෙනස් වන අතර හොර්ටන් තැන්නේ ලෝකාන්තය වැනි භූවිෂම තා ඇතිවන්නේ මෙමෙ පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම යන හෙතුව නිසා ය.

එබැවින් සමනළ කන්ද පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවූ කන්දක් නොවන බව ඉතා පැහැදිලි වේ.

දැන් අපි ඉහත දෙවෙනි මතය වන "සමනළ කන්ද යනු පැරණි යමහලක් බව" සලකා බලමු.

සමනළ කන්ද පිහිටා ඇත්තේ Banded Metamorphic නැමැති තද පාෂාණ තට්‍ටුවකයි. මේවා ඉහළ පීඩන සහ ඉතා දැඩි උෂ්ණත්වයකට ඔරොත්තු දෙයි. මෙය ස්වභාවික ගිනිකන්දක් නම් මෙම තීරය අවටින් තවත් එවැනි ගිනිකඳු භූවිෂම තා හමුවිය යුතු අතර, ඉන්දියාව දක්වා කිසිම එවැනි සලකුණක් මෙම තීරයෙන් හමු නොවේ. මේ හේතු උඩ මෙම දෙවෙනි මතයද පහසුවෙන් බැහැරකළ හැකිය.
**අන්තර් ජාලය සහ, අශ්‍රිත පොතපත ඇසුරින් මේ කරුණු පාඨක ඔබට තව දුරටත් පැහැදිලි කරගත හැකිය.

මෙතනින් ඉදිරියට පැහැදිලි කරගැනීම සඳහා අප යම් දෙයක් දැනගතයුතුය. අපේ හෙල කැවිලි වර්ගයක් වන කොණ්ඩකැවුම් හදන ආකාරය මතක් කරගන්න. එහිදී නටන තෙල් තාච්චියට දමන කොණ්ඩකැවුම් මිශ්‍රණය වටේට බැදෙන විට ක්‍රමයෙන් ඝන තත්වයට පත්වේ. තවමත් අර්ධ උකු තත්වයෙන් කැවුම මැද ඇති මිශ්‍රණය ඉර‍ටුවක් අධාරයෙන් ක්‍රමයෙන් ඉහළට අදී. එවිට එම උකු මිශ්‍රණය තෙලෙන් බැදෙමින් ක්‍රමයෙක් ඝන කොණ්ඩය බවට පත්වේ.



සමනළ කන්ද නිර්මාණය කළේ ඉහත අකාරයට සමාන අයුරකිනි. එය මෙලෙස කොටස් 3කින් පැහැදිලි කල හැක.

1. සමනළ කන්ද නිර්මාණය කළයුතු භූම්යේ මධ්‍ය ලක්ෂය ‍තෝරාගෙන එහි සමාන අරයකින් යුතු වෘතයක් නිර්මාණය කරන ලදී. එය පහත පරිදි විය.

2. ඉන්පසු අධි බල කිරණයන් යොදාගෙන පහතින් ඇති තද පාෂාණ, ස්තර ක්‍රමයෙන් කම්පනය කරමින් ඒවාගේ ස්ථාවරත්වය බිඳ හෙළන ලදී. කිරන විවිධ ලෙස නභිගත කිරීම තුළින් විවිධමට්ටම් වල ඇති ස්තර සියල්ල අස්ථාවර/ මෘදු කරන ලදී.

3. ක්‍රමයෙන් අවශ්‍ය උස මට්ටමට පැමිණි පසුව මුදුනේ ඇති මධ්‍යය ලක්ෂය තුළින් "අඳුරු පදාර්ථමය කිරන" යැවීම මගින් කඳු මධ්‍යයේ ඇති ලෝදිය/ මැග්මා වල අධික තාපශක්තිය උරා ගන්නා ලදී. එහිදී ඉහළට ආ ලෝදිය ක්‍රමයෙන් සිසිල් වී ඝන වුණි.

මෙවැනි නිර්මාණයක් කිරීමේ තාක්ෂණය නූතන බටහිර විද්‍යාව සමග සන්සන්දනය කළහොත්, බටහිර විද්‍යාව තවමත් ගල්යුගයේ පවතින බව පිළිගතයුතුයි.

මෙහි අතිශය විශිෂ්ට සැලසුම් සහ මේ සඳහ යොදාගත් යානා, තාක්ෂණික මෙවලම් ආදිය ගැන කිවයුතුමයි. එම කරුණු ඉතාම ඉක්මනින් වෙනත් ලිපියකින් විග්‍රහ කරගමු.

මෙය කෙටියෙන් නොකියා, මෙපමණ කරුණු ඇතුළත් කළේ, තවමත් සමහරුන් මේවා දෙස සැක මුසුව බලන නිසාවෙනි.
Read More...

Wednesday, July 11, 2012

ශ්‍රි ලංකාවේ පිරමීඩ. (ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික ආචාර්ය උපාධිධාරියෙක් හෙළි කරයි)

දැනට ඇමරිකාවේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක, භෞතික විද්‍යාවේ දර්ශනය පිළිබඳ තම දෙවන ආචාර්ය උපාධිය (D.Phil in Theoretical Physics) සඳහා නිබන්ධයක් සකසමින් සිටින උගත් මිත්‍රයෙක් විසින් ශ්‍රී ලංකාවේ පිරමීඩ පිළිබඳව ගවේෂණය කිරීම ආරම්භ කර තිබේ. (රාවණවිරෝධීන්ගෙන් එතුමාගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජන නිසා එතුමා ගැන වැඩි දෙයක් හෙළි කිරීමට නොහැකි බව සලකන්න.) පහත දැක්වෙන්නේ එතුමාගේ මහා දැනුම් සම්භාරයෙන් අප සමග බෙදා ගන්නා බිඳක් පමණි. මෙය එතුමාගේ Ravana Lanka බ්ලොග් අඩවියේ පළ කර ඇති අතර වර්ගපූර්ණිකාවේ පළ කිරීමටත් අවසර දී තිබේ.

=======================================================

මෙහි පලවන සියලුම ලිපි මා ලියන්නේ විධිමත් පරීක්ශන නිරීක්ශන හා නිගමන තුලිනි. මෙ සියලුම නිරික්ශන වල ට අප යොදා ගන්නේ අප සතුව ඇති අනුරාධපුර කැනීම් වලින් හමුවූ පුරාන ප්‍රබල මයික්‍රො චිප් වලින් ලබාගත් දැනුම හා අවභෝදය තුලිනි. ඉතා රහසිගතව සිදුකල එම පර්යේශන මලාවේ එක් පර්යේශනයක සිංහල අදහස මෙලෙස දක්වමු.

පර්යේශන අංකය: --
අරමුන: පෘතුවියේ ඇති ශක්ති කලාප හඳුන ගැනීම.( Identifying of energy Vertices on the Planetary Grid)

අපි මුල ඉඳලම දැනගෙන උන්න, මේ චිප් වල අති විශාල data ප්‍රමානය්ක් ගබඩා වෙල තියනව කියල. ගොඩක් තාක්ශනික කරුනු අමතක කරල මේ පරික්ශනයෙන් අපි හොයගත්තෙ මොනවද කියල. අපි හොයගත්ත පෘතුවිය වටා ශක්ති ප්‍රභවයන් පිටකරන ප්‍රධාන ස්ථාන 23ක් තියනව කියල. මේ ස්තාන නිවැරදිව හඳුනා ගැනීම තමයි ඊලඟට තිබ්බ අමාරුම දේ.

අපි ස්ථාන 13ක් හොයගත්ත මුලින් ම. ඒ ඔක්කොම තිබ්බෙ ලොකයේ සියලුම ප්‍රධාන පිරමිඩ් ඇති ස්ථාන වල. එතකොට අපිට තෙරුනා පිරමිඩ් කියන්නෙ නිකම් ම නිකම් ගොඩනැගිලි නෙමෙ. එව ශක්තිය එකතු කරන විසුරුව හරින තැන්.


එත් තව 10 ක් හොයා ගන්න තිබ්බ. එක ගැන ගොඩක් පරීකශන කලාම අපිට තේරුනා ඒව බොහොමයක් පොලව මතුපිට තියන එව නෙමෙ කියල. අපි හොයගත්ත මුහුදුපතුලේ අතිශය සක්‍රිය ශක්ති කලප 10ක්, සුප්‍රසිඩ්ද බර්මියුඩා ත්‍රිකෝනය, ජපනය අසල ඇති යක්ශයාගේ ත්‍රිකොනය ලෙස හඳුන්වන ප්‍රදේශය ආදී ප්‍රදේශ 10ක්. මෙයින් ප්‍රදෙශ 2ක් තියෙන්නෙ ගොඩබිම. මෙම ප්‍රදේශ 10ම පෘතුවියේ බඳපටියක් ලෙස ශක්තිය මුදා හරිනව. මෙය සම කෝනි ත්‍රිකොඉන පද්ධතියකින් තමයි නිර්මානය වෙන්නෙ. මෙහි අරම්භක ත්‍රිකොනය තියෙන්නෙ ශ්‍රි ලංකාව සහ ශ්‍රිලංකාවට අයිති මිහුදු තීරය මුල් කොට ගනිමින්.


මුලු පෘතුවියේම ප්‍රධාන පිරමිඩ් ප්‍රදේශ 3ක් තියනව. මෙක්සිකෝවේ Aztec වරුන් විසින් කල යේ සැලකෙන පිරමිඩ, ඊජීප්තු පිරමිඩ සහ චීනයේ Xi'an පිරමිඩ. එම පිරමිඩ ප්‍රදේශ තුනම සරල රේඛීය ව පිහිටන්නෙ. ඒ වගේ ම හැම පිරමිඩ් ප්‍රදෙශයක් ම එක ලඟ රේඛීයව පිහිටන පිරමිඩ් 3කින් සමන්විතයි. මේ හැම එකකම දුර, එ කියන්නෙ ප්‍රධන පිරමිඩ් ප්‍රදේශ 3 අතර සහ, එක් එක් ප්‍රදෙශ වල ඇති පිරමිඩ් 3 අතර දුර ප්‍රමානය "ඔරායන් රාශියේ බඳ පටියේ ඇති තාරකා වල දුර අතර අනුපතයට සමානයි. ඒවගේම චීනයේ සහ ඊජිප්තුවේ පිරමිඩ් ප්‍රදෙශ හරියටම ශ්‍රි ලංකාවේ සමනල කන්ද එක්ක සමකෝනී ත්‍රිකෝනයක් හදනව.



දැන් තේරෙනව ඇති සමනල කන්ද තමයි මේ සියලුම ශක්තිය ලබාගන්නා ස්ථානය. එ වගේ ම අපි ඉතා වැදගත් සොයගැනීමක් කලා. ඒ තමයි මේ සියලුම තොරතුරු ශ්‍රි ලංකවේ ඉසුරුමුනියේ, රන්මසු උයනේ ඇති පහත දැක්වෙන කැටයමේ ඇති බව.


මෙහි කතිර සලකුන යෙදු රවුම් 23ක් තියනව. එයින් සියලුම ශක්ති බල ප්‍රදේශ පෙන්නුම් කරනව. ඒවගේම එහි හරි මැද ඇති සර්පිලකර රූපයෙන් සමනල කන්ද නිරූපනය කරනව. ඇත්තටම මේ රූපයෙන් පෙන්නන්නෙ මුලු පෘතුවියම තනි ඒකක යක් ලෙස යොදගෙන තැනූ පරිපථයක්. මේ කැටයම ගැන හරියට අධ්‍යනය කරන්න ගොඩාක් කලයක් ගතවෙනව. මෙහි ඇති සියලුම දෙවල් අප විසින් හෙලිකරනව, නියමිත කාලය පැමිනිවිට.

මට තියෙන ඉතා සීමිත කාලයෙන් තම මේක type කලෙ, කිසියම් නැරදිමක් තිබුනොත් සහොදර පාඨක ඔබ සැමගෙන සමාව ඉල්ලනව. මෙපිලිබඳව තියන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ පොස්ට් එකෙ ගොඩක් තාක්ශනික කරුනු අන්තර්ගත නිස ටිකක් නීරස ඇති. එත් මේ මූලික කරුනු ටික දැන ගන්න වෙනව මෙතනින් එහට යන්න නම්.
Read More...

Thursday, June 21, 2012

සමනළ කන්ද යනු ලොව විශාලතම පිරමීඩයයි

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් නිසා ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු Area 51 පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.

අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී. ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. පහත රූපය බලන්න.


ඔරායන් යනු හෙළ වදනකි. එනම්, ඔ=ඔහු, රා=රාවණ, යන්=යන්, ඒ අනුව ඔරායන් යනු "ඔහු රාවණයන්" යන්නයි. අද යුරෝපීයයන් එය දඩයක්කාරයා ලෙස හඳුණාගෙන සිටියත් ඔරායන් තාරකා රාශියේ සිටින්නේ ශ්‍රී රාවණයන් ය. බලන්න ඒ දඩයක්කාරයා තාරකා රාශියේ ඇති සිංහයා සහිත පළිහ, ඉන් පෙනෙන්නේ හෙළ ජාතිය පිටසක්වලයන් විසින් ආරක්ෂා (පළිහෙන් නිරූපනය කෙරෙන්නෙ ආරක්ෂාව) කරන බවයි. එනයින් අපගේ හෙළයින්ගේ අභිමානය පිටසක්වලයන් විසින් මුළු විශ්වයටම ශපථ කරයි.

අදින් වසර දසදහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිටි තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්‍රිකෝණයක අයුරින් පිහිටා තිබුණි. අද වනවිට ඇල්නිලම් ග්‍රහලොව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙකේ චුම්භක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුළ එකම ජීවී විශේෂයක ජනපද පිහිටි අතර එක්වරම ප්‍රබල පිටසක්වළ ආක්‍රමණයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක්‍රමණකාරී තත්ත්වයන් මත එම ග්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. ඇල්නිලම් ග්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියදෙමින් පවතින ග්‍රහලෝකයක් බවට පත්ව ඇත.

ඇල්නිලම් ග්‍රහලෝක වැසියෝ(බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග්‍රහලොව රැකගැනීම උදෙසා නව ක්‍රමවේද සෙවූහ. හෙළ රාවණ පරපුර බිහිවන්නේ එලෙසය. (මේක මගේ අදහසක් නෙමෙයි, 2012-03-18 රන්දිව පත්තරෙයි තියෙන්නෙ, මේ බ්ලොග් එක රිපෝට් කරන්න හදන රාවණවිරෝධීන්, ඊට කලින් දාපල්ල රන්දිවට නඩු) හෙළ රාවණ යනු ආභස්සර භ්‍රහ්මයක් බව රන්දිවට අනුව ඔප්පු වෙයි. පෘථිවිය යනු ජීවී ග්‍රහලොවක් වුවත් දියුණු ජීවී පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දැමීමට ඇල්නිලම් නම් පිටසක්වල ජීවීහු කටයුතු කලේ දැවැන්ත න්‍යෂ්ඨික පිපිරීමක් සිදු කිරීමෙනි. මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප්‍රදේශය අශ්‍රිතව වෙසෙන සත්ත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය.

මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ත්ව විශේෂයක ජාන මඟින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරන පෘථිවිවාසීහුය. ඇල්නිලම් පිටසක්වල ජීවිහූ තම පෘථිවි ශිෂ්ඨාචාර ගොඩනැගීමේ ක්‍රියාන්විතයේ මූලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළ දීපයයි. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එකළ භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍යය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.

අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරේ.

හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල ඇල්නිලම් ග්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.

හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ඨාචාර ගොඩනැඟුණු බව පෙර රාවණ ලිපි වලින් අප කතා කලෙමු. පෘථිවිය ජනාවාස වීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.


මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොරරහසේ පවත්වාගෙන යන පිටසක්වල ජීවින්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍යය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.

පිටසලක්වල ජීවින් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වුනු මුල් කාල වකවානු වල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනැඟීම්ට උත්සහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරී පිටසක්වල ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලුවය. ඒ සඳහා පරමාණු අවි භාවිතා කල හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායම් වල ඉලක්කය විය. එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්‍ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවී විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක් වීමත් සමඟය.


මිනිසා යනු කෘතීමව නිපදවූ ජීවියකු බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විද්‍යාවේ සාමාන්‍යය නියමයන්ට අනුව එකකට එකක් සම්බන්ධ වෙමින් ජීවින් තුළ පරිවර්තනය සිදු වුවත් මිනිස් පරිණාමය තුළ අවස්ථා දෙකක් අතුරුදන්ව පැවතීමය. එසේනම් යම් සත්ත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවීන් පිරිසක් විසින් වෙනස් කර පැවතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා 51 කණ්ඩායම් හා පිටසක්වල ජීවීන් සමඟ කළ සංවාද හරහා මෙතෙක් ගැටලුවක්ව පැවති බොහෝ තොරතුරු ටිකෙන් ටික එළිවන්නටද විය.

හෙළ අධිරාජ්‍යය මුල් කර ගනිමින් ලොව පුරා ජනපද හතක් ගොඩ නැංවීය. මෙම ගොඩ නැංවූ ජනපද වල පාලනය ගෙනයාම සිදුවූයේ ඇල්නිලම් ග්‍රහලෝකවාසීන්ගේ මුල්වීමෙනි. අප දෙවිවරු ලෙස පිළිගත්තේ ඔවුන්වය. ඔවුනට පහළින් තම රාජ්‍යය ව්‍යාප්තිය සහ ඇල්නිලම් ග්‍රහලොවේ ජීවත්වන පිටසක්වල ජීවින්ගෙන් දීර්ඝායුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්තව විශේෂය විය. මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන් තුළ ඇති ඇති කරන ලද වේගවත් ව්‍යාප්තියට අදාල හෝ(ර්)මෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොව පුරා මිනිසුන් ව්‍යාප්ත විය.

රාවණ පරපුරට අයත් ප්‍රබල බලගතු ආයුධයක් මෙන්ම රාජ්‍යය සංකේතය ලෙසින් සැලකූ දම් පැහැ ආලෝකයක් නිකුත් කරන කුඩා ප්‍රමාණයේ චන්ද්‍රහාස් ලෙසෙන් හැඳින්වෙන කඩුවද මෙම ප්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍යය සංකේත හතයි. පෘථිවිය ඇල්නිලම් ග්‍රහලොව යටතේ පාලනය වූ ග්‍රහලොවක් බැවින් මෙහි පාලන ඒකක ගෙන ගියේ එම ග්‍රහලොවේ නියෝජිතයින් මඟිනි. මායා, මිසර, පේරු ආදී ශිෂ්ඨාචාරවල මෙන්ම බොස්නියා ශිෂ්ඨාචාරවලින් හමුවූ පිරමීඩ වලද මෙම කඩුවල රූප සටහන් දැකගත හැකිවෙයි.


සෑම ශිෂ්ඨාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ 3ක් ගොඩ නැඟූහ. ගීසා පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩ වලින් ලොව ජනප්‍රියතම පිරමීඩ ත්‍රිත්වයයි. මෙම පිරමීඩ වල පිහිටීමත් ඔරායන් බඳපටියේ ග්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වේ. (තරු තුනේ ඡායාරූපයක් පිරමීඩ මත තැබූ විට පිරමීඩ වල මධ්‍යය ලක්‍ෂය මත පිහිටයි.) ගීසා පිරමීඩ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ඨාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මාණය කරන ලද බව මේ වනවිටත් තහවරු කරගෙන හමාරය. එය රාවණාගේ නිර්මාණයකි. ගීසා පිරමීඩ ලොව ජනප්‍රිය වූයේ එය පොළොව මතුපිට පැහැදිළිවම දැකගත හැකිවීම නිසාය. ඒ අනුව ගීසා පිරමීඩ තුන හැදීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ අපට බව දැන් මුළු ලෝකයම දනී.

නවතම සොයාගැනීම් හරහා ප්‍රධාන ශිෂ්ඨාචාර හත තුළම ඉදිකර ඇති පිරමීඩ පිළිබඳ රහස් එළිවෙමින් පවතී. මේ අතර ඉන්දියාව, බොස්නියාව ආදී රටවල පිරමීඩ පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම රටවල් අතරට ලංකාවත් එක් වෙතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ස්වාභාවික කඳු, පිරමීඩ බවට පත් කිරීම මුලින්ම ක්‍රියාවට නැඟුණේ හෙළ පොළොවෙනි. ලොව ප්‍රථම ස්වාභාවික පිරමීඩය සමණල ගිරයි. මේ තුළ ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුත් ස්වාභාවික පිරමීඩයක් පවතී. ඉන්පසු ක්‍රියාකාරී මට්ටමේ ඇති පිරමීඩ ත්‍රිත්වය ඇත්තේ බොස්නියාවේය. එහි හිරු, සඳු සහ පොළොව ලෙස නම්කළ ස්වාභාවික පිරමීඩ තුනක් පවතියි. එලෙසම පේරු රාජ්‍යය තුළ ස්වාභාවික වැලි පිරමීඩයක් දැකගත හැකි වෙයි. ඉන්පසු චීනයේ සුප්‍රසිද්ධ සුදු පිරමීඩයද ස්වාභාවික පිරමීඩයකි. ඉන්දියාවේ කෛලාෂකූඨයද ස්වාභාවික පිරමීඩයක් බව මේ වනවිට විද්‍යාඥයන් තහවරු කර අවසානය.


ගිසා පිරමීඩ, බොස්නියා පිරමීඩ මෙන්ම අප රටේ රාවණ යුගයටත් කලියෙන් ඔරායන් බඳ පටියේ ග්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශේෂිත පිරමීඩ තුනක් පැවතුණි. ඒ රුවන්වැලි සෑය, ජේතවනය හා මිරිසවැටියයි. එහෙත් මෙම දාගැබ් වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යැයි ඔබ කියනු ඇත. නමුත් එය එසේ නොවේ. මෙම ස්ථානවලම පසු කාලීනව විශාල දාගැබ් ඉදිවූවා මිසක හෝ නොමැති නම් පිරමීඩ සඟවා දැමුවා මිසක අලුතින් ඉදිවූයේ නැත. මෙම දාගැබ් හා ගීසා පිරමීඩ තවමත් ක්‍රියාකාරීත්වයෙන් පවතී.

පිරමීඩ යනු ශක්තිය ගබඩා කොට එම ශක්තිය තම මවු ලොවට ලබාදෙන මධ්‍යස්ථානයන්‍ය. මෙහිදී දාගැබ් හරහා එම ග්‍රහලෝක තුනට අවශ්‍යය ජලය ගමන් කිරීම සිදුවන අතර ගීසා පිරමීඩ හරහා එම ලොවට අවශ්‍යය අග්නි කදම්භ සම්ප්‍රේශනය වීම ස්වාභාවිකව සිදුවේ. මේ බව ඉපැරණි අ‍ටුවා වලත්, වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ කාවාශපාශාසකය නැමති පරිච්ඡේදයේත් දක්වා ඇත. නමුත් ඒවා බමුණන් විසින් ගිනි නොතබන්නට ඒවායේ තාක්ෂණය යොදා ගනිමින් අද අපට ශ්‍රී පාද කන්ද හරහා ලොවටම බලශක්තිය සැපයීමට හැකියාව තිබුණි. නමුත් රාවණ රජතුමා 2012 යළි පිබිදීමෙන් පසුව සමනළ කන්දේ බලශක්ති ප්‍රභවය යොදා ගනිමින් ලොවටම විදුලිය සපය රට අප හෙළ බිම වීමට නියමිතයි.

සමනළ ගිර මෙම පිරමීඩ වල මධ්‍යස්ථානය ලෙසින් ස්වාභාවිකවම ක්‍රියා කරයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත් වනුයේ මිනිසුන්ගේ චිත්ත ශක්තිය මත යැපෙමිනි. අපි පිංදීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනළ ගිර යනු අති බහුතර ලෙස චිත්ත ශක්තිය ආරෝපණය කර ගනිමින් ක්‍රියාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් ඇල්නිලම් නැතහොත් ආහස්වර වාසී දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය කිරීම උදෙසා චිත්ත ශක්තිය සපයන පිරමීඩයකි. මේ සියල්ල අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවේ.

ඒ ඔවුන් විශ්ව ජීවීන්ගෙන් සියලු රහස් දැනගෙන සිටින නිසාය. රාවණ පරපුර නැතහොත් පෘථිවිය ජනාවාස කළ මුල් පරපුර පිටසක්වල ජීවීන් වූවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ. සත්‍යය වශයෙන්ම මෙය අපට ආඩම්බරයකි.

හෙළයන් ලෙස අපට කළ නොහැක්කක්ද නොමැත්තේ එබැවිනි. “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බවත් යම් දිනෙක ලෝක නායකත්වය උසුළන්නේද හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

මූලාශ්‍රය: රන්දිව පුවත්පත 2012-03-18

Read More...

Wednesday, June 20, 2012

රවණ රජතුමා ගැන හෙළි කරන අපට මෙහෙම අපහාස නොකරනු,!

මෙතෙක් කාලයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් ශ්‍රී රාවන රජතුමාට සම්බන්ධ ඉතිහාසයත් එතුමගේ ඉදිරි පියවරත් ගැන හෙළ විද්‍යාත්මකව කළ දුර්ලභ ශ්‍රාස්ත්‍රීය හෙළිදරව් කිරීම් තුට්‍ටු දෙකට මායිම් කරමින් අපගේ පාථකයින්ව මෙම බ්ලොග් අඩවියෙන් බිඳවන ආකාරයේ ඉතාමත් පහත් ප්‍රකාශයක් අපගේ ඊමේල ලිපිනයට ලැබුණා. මේ තියෙන්නෙ ඒක. මේ වගේ කැත කතා ගැන තීරනය ගැනීම ඔබටම බාරයි.

කිසිම විදිහකින් සාක්ෂි සහිතව ඔප්පු කරන බැරුව, අරකට මේ ක සමානයි, මේකට ඒක සමානයි, කිය කිය .පිරමිඩ 3 ක් ඔරයන්ගේ බඳ පටියේ තාරකා 3ක් හැටියට තියෙනනවා... ඔන්න අපේ රටෙත් කඳු 3ක් එහෙම තියෙනවා, කොහොමද අපේ තාක්ෂණය කියාලා ගොන් තර්ක ගෙන හෙළුහෙළයන්ට පිලිතුරු දීපු බ්ලොග් එකක් ඒක. කවුරුන් හෝ ඒක කරලා තියෙන්නේ , මේ ගොන් තර්ක ඉවසන්න බැරි කෙන්ක්, රාවණා රජ්ජුරුවන්ගේ කාලේ හොද තාක්ෂණයක් තිබිලා තියෙනවා, මීට වඩා. හැබැයි එහෙම කියල හෙලයන්ගේ අරක මෙහෙමයි, මේක මෙහෙම යි, කියල ඉමජින් කරලා. නිකන් තර්ක ගෙන්ල්ලා ඔප්පු කරගන්න බැරුව. හරියට සූරිය්ප්පෙරුම වගේ පු* උඩදාගෙන අපේ හෙළයෝ කෑගහනවා..


අන්තිමේට නිකන්ම නිකන් පුස් වෙඩිල්ලක් විතරයි. සද්දේ පමණයි ..දුම ණොමැත.. ජැක්සන් ඇන්තනී. සුරියපෙරුමාල්... කතාකළොත් ඒගොල්ලො වගේ ප්‍රාඥයෝ නෑ..විද්වත්තු නෑ.. ආසි 4 හතර පැතතට විසිකරලා බූරුවා ගහන්න පුලුවන් විදිහට තමි ටෝක..විමසලා බැලුවාම ඇතුල හිස්...


අපි හැම දාම කළේ, ඉතිහාසයේ , අපි එහෙමයි මෙහෙමයි, කිය කිය, උදම් අනපු එක. වර්තමානේ අපි මොනවද කරල තියෙන්නෙ මොනවද? කිසි දෙයක් නෑ..බ්ලොග් එකක තියෙන දෙයක් කොපි පේස්ට් කරලා තියෙනවා. එච්චරයි.. අනෙක් ජාතීන් ඉස්සරහට යන්නෙත්. අපි පස්සට යන්නෙත් ඇයි? අපිට තියෙන්නේ අඩම්බර වෙන්න පුලුන් ඉතිහසයක්. කියන්න ගියොත්, රාවණා, සිංහබාහු. කුවේණි. අබා.. සති ගණන් කියන්න පුළුවන්, හැබැයි වර්තමාණයක්වත් ..අනාගතයක්වත් නෑ..
ඉතිහාසේ වන වනා ඉන්නවා..


හැබැයි අනෙක් ජාතින්ට අපිට තරම් ඉතිහාසයක් නෑ....අපේ ඉතිහාසයේ අපිට තිබ්බා වගේ තරම් තාක්ෂණය නෑ, උන් ඉතින් උන්ට නැතිදේවල් හොයනවා. ඉතින් උන් දේවල් හොයාගන්නවා.. මොක්ද උන්ට අතීතේ කියල එකක් නෑ.. උන් අනාගතයට, උන් අතීතේ විශිෂ්ට ජාතියක් කියන එක, අනාගතේ එන එවුන්ට ඒත්තුගන්න පුලුවන් විදිහට වැඩ කරලා යන්නේ.... උන්ට වර්තමාණයකුත් හදාගෙන , අනාගතයකුත් හරිගස්සගෙන


ඔන්න ඕකයි අපිදෙගොල්ලො අතර වෙනස..


අර කතාවට කියනවා "අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී" කියලා.. අපි හැමදාම පාරම් බබා බබා ඉන්නවා. රාවණා යුගයේ විමාන තිබ්බලු, අරක තිබ්බලු මේක තිබ්බලු.. ප**ය... දැන් කිසි දෙයක් අලුතෙන් කරන්න්න උත්සහ කරන්නේ නෑ.. මොලේතියෙනවනම් මේක කියවලා, කන්නාඩිය ඉස්සහට ගිහිලල හොදට හිතපල්ලා..විචාර බුද්ධියකින්...කල්පනා කරලා බලලා..තෙරුම්ගනිල්ලා, මම මේ කියන එක බොරුවක් ද කියලා...?

Read More...

Tuesday, June 12, 2012

පණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙළයින්ය.


හෙළයින්ගේ තොරතුරු තාක්ෂණය
පණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙළයින්ය.

ඉසුරුමුනියේ ඇති තාරකා දොර‍ටුව නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල සැටලයිට් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හැටලයිට් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම අභ්‍යවකාශ චන්ද්‍රිකා තිබුනේ හෙළයින් ට බව ප්‍රත්‍යක්ෂයි.

"සැටලයිට්" යනු හෙළ වදනක් වන "හැට ලයිට්" වලින් බිඳුනකි. එනම් ලංකාපුර රාජධානිය තුළ මනා තොරතුරු සංනිවේදනයක් පවත්වාගැනීම සඳහා විදුළි බුබුලු හැටකින් යුතු අභ්‍යාවකාශ වස්තුවක් අහසේ තැන්පත් කිරීමට විශ්වකර්ම රජතුමා කටයුතු කර තිබුණි. පසුව එය "හැට ලයිට්" නම් විය. (ලයිට් යනුත් හෙළ වදනකි) . ඒ දු‍ටු රාවනා විසින් තොරතුරු තාක්ෂණය සඳහා එය වැඩිදියුණු කරගන්නා ලදී.

හැඳල යනු එදා හටලයිට් එක ගුවන් ගත කළ සහ පාලන මැදිරිය තිබූ ග්‍රාමයයි. හැඳල යන නම හැදුනේත් හැටලයිට් හි ට ලොප් වී ඒ වෙනුවට ඳ අවුත් අග යිට් ඉවත් වීමෙනි. (අරිසෙන් අහුබුදු ශෛලියට අනුව)

පසුකාලයේදී මෙරටට පැමිණි ඒ සී පී බෙල් නැමති පර සුද්දා, රනින් නිමවා තිබූ හෙළයින්ගේ "සැට ලයිට්" එක ගලවාගෙන ගොස් බටහිරදී පරීක්ෂණ කළේය. තවමත් හැඳල ප්‍රදේශයේ ඕය ගැන ජනකතා පවතී.

මෙරට පැමිණි තවත් පර සුද්දෙක් වන ආතර් සී ක්ලාක්, මුලින්ම සැටලයිට් ගැන අනාවැකියක් කිව්වේ නිකම්ම නොවේ, ඒ ඔහු එය ගැන සඳහන් ව තිබූ අතීත පුස්කොළපත් වලින් කියවා තිබූ නිසාය. හෙළයෙනි, සිතා බලන්න ඇයි ආතර් සී ක්ලාක් මහතාට සැටලයිට් සොයා ගැනීමට අපේ හෙළදිවටම එන්න ඕනැ වුණේ? ඇයි එංගලන්තයේ වෙනත් කාටවත් හැටලයිට් ගැන අනාවරණය කරන්න බැරි වුණේ? හෙළගවේශකයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනු!

කාලයක් තිස්සේ සුද්දන් පරීක්ෂණ කළත් සුද්දන්ට හෙළ දැනුම නොමැති නිසා ඔවුන්ට හැටලයිට් එක ගුවන් ගත කරන්න බැරි විය. අවසානයේදී කපටි රුසියානුවන් සුද්දන්ගෙන් එය සොරා ගැනිමින් ස්පුට්නික්1 ගුවන් ගත කරන ලදී. ස්පුට්නික්1 නැමති ලොව ප්‍රථමයැයි කියන චන්ද්‍රිකාවත් අයත් වන්නේ හෙළයින්ට බව දත යුතුය.

චන්ද්‍රිකා වර්ග දෙකක් ඇති බව පාසල් දරුවන් පවා දනී. කෘතිම චන්ද්‍රිකා සහ ස්වාභාවික චන්ද්‍රිකා ය. ලොව මුල්ම ස්වාභාවික චන්ද්‍රිකාව වන චන්ද්‍රයා (හඳ) ද නවීකරණය කළේ හෙළයින් විසිනි. සූරිය ගුණසේකර හෙළගවේශකයාට අනුව සක්‍රයා යනු පනිත රජතුමාගේ රාජ සභාවේ සිටි කෙනෙක් බැවින්, සක්‍රයා විසින් හඳේ හාවෙක් ඇඳීමෙන් පෙනෙන්නේ, හෙළයින් ස්වභාවික චන්ද්‍රිකාවක්ද නවීකරණය කළබවයි. බොරුනම් පෝය දවසට එලියට ගොස් හඳේ හාවෙක් නැද්ද කියා බලන්න. ඔබ කැමති එය හෙළයින් විසින් කළ බව කීමටද නැත්නම් ඉබේ සිදුවුන බව කීමටද?

වර්ගපූර්ණිකාවේ ත් හෙළයින්ගේ හැටලයිට් ගැන වෙනම පරිච්ඡේදයක් දැක්වෙයි, බොරුනම් කියවල බලන්න.

"හැට ලට අට වට පට නිට ශ ශශ තොට මට" ලෙස අතීත හෙළ බසින් දැක්වෙන්නේ හැට ලයිට් අටක් වට කොට පට බැඳි තොරතුරු තාක්ෂණ මණ්ඩලය ගැනයි. ඒ ගැන සඳහන්ව තිබූ අ‍ටුවා අනුරාධපුර යුගයේදී බමුණන් විසින් ගිණිතබා ඇත.

වඩාත්ම වැදගත් දේනම් හැටලයි හෝ සැටලයිට්, සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි නොතිබීමය. එනිසා සෙල් ලිපි නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි. නමුත් ශ්‍රී ලංකාවේ හැම තැනම අපගේ හැටලයිට් තාක්ෂණය ගැන සෙල් ලිපි තිබෙයි. ඒ සෙල් ලිපි නුදුරදීම හෙළිදරව් කරන්නෙමු.
Read More...

නුදුරු අදහස්