Showing posts with label රන්දිව. Show all posts
Showing posts with label රන්දිව. Show all posts

Thursday, August 9, 2012

උතුර දකුණ යා කළ මහා රාවණ ජල උමඟ

උතුර දකුණ යා කළ මහා රාවණ ජල උමඟ ගැන, මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.

අප රාවණාගේ බල ශක්ති කේන්ද්‍රය ගැන කතා කෙරුවෙමු. එය ඉතා නුදුරු දිනයකදී හමුවනු ඇතැයිද එමඟින් ආසියාවම බල ගැන්විය හැකි යැයිද අපි පැවසුවෙමු. එහි පැහැදිළි සාක්‍ෂි හමුවෙමින් පවතී.


එහි පළමු සාක්‍ෂිය කළු ගඟ ව්‍යාපෘතියට සමගාමී ප්‍රදේශයකින් හමුවී ඇත. ඒ න්‍යශ්ටික බලගැන්වීම් කළ හැකි ඛනිජ වර්ග තුනක් පිළිබඳවය. ඒ පිළිබඳ ඉදිරියේදී වැඩි තොරතුරු ලබාගත හැකිවනු ඇත. දෙවැනි කරුණ වනුයේ සීගිරිය ආසන්නයේ අඩි දහතුනක් පොළොව යටින් ගමන් කරනා උමං මාර්ගයක් හමුවීමයි. මේ සියල්ල හරහා මහාවංශය නොදුටු හෙළ යුගය යළි හෙළ දෙරණ මතට පැමිණෙමින් ඇති බව ඔබ අපට අවබෝධ කර ගැනීමට හැකිවෙයි. ඒ රාවණ පරිවර්ථන යුගයේ ස්වාභාවයයි.

අප හෙළ යුගයේ ජල තාක්‍ෂණ ක්‍රම වේදයන් පිළිබඳ කතා කිරීමට උත්සාහ දරමු. ලංකාවේ ප්‍රධාන නගර විසි හතක් ආවරණය කෙරෙමින් ඉදිවුණු උමං මාර්ග පද්ධතියක් පිළිබඳවද තොරතුරු පවතී. මෙම උමං ප්‍රධාන වර්ග කිහිපයකි. ප්‍රවාහන කටයුතු උදෙසා භාවිත වූ ජල උමං, එක් තැනක සිට තවත් ප්‍රදේශයක් පෝශණය කිරීම උදෙසා ජලය ගෙනගිය උමං හා අලංකාරය උදෙසා ජලය රැගෙන ගිය ජල පීඩක උමං ලෙස මෙය බෙදා දැක්විය හැකිවෙයි. පොදුවේ මෙම උමං ජල මාර්ග ගලීස්ස ලෙස හැඳින්වෙයි.


මහා රාවණ යුගයේදී ජල පීඩන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් අධිවේගී ප්‍රවාහන පද්ධතියක් පැවතියේය. මාතලේ සිට නවක්කන්නිය හරහා ලංකා පුරයේ උතුරටත්, බණ්ඩාරවෙල කුඹුක්කන් ඔය හරහා ලංකාපුරයේ ගිනිකොණ දෙසටත්, මාතලේ සිට බණ්ඩාරගම ප්‍රදේශය හරහා ඉදිකෙරුණු ජල පීඩක උමං මාර්ග පද්ධතියක් පැවතියේය.

මෙම උමං නිර්මාණය කිරීමේදී පාෂාණ වැස්මක් භාවිත කළ අතර බොහෝවිට පොළොව අභ්‍යන්තර තද පාෂාණ ස්ථර භාවිත කරනු ලැබිණි.

මාතලේ නාලන්දා ගෙඩිගෙයට තරමක් දුරින් අඹන් ගඟ අසළ ලුණුගෙය නමින් ප්‍රසිද්ධ බිම් ගෙයක් දැකගත හැකිවෙයි. මෙම ස්ථානය රාවණ යුගයේදී ඉතා දියුණු මට්ටමේ ගලිසි තොටුපළකි. ගලිසි තොටුපළක් යනු උමං මාර්ග පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වන බෝට්ටු සේවයක නැවතුම්පළකි. මෙහි පොළෝ මට්ටමේ සිට අඩි 30-35 අභ්‍යන්තරයේ අදටත් මෙම උමං ජල මාර්ගය දැකගත හැකිවෙයි. මෙම ජල මාර්ගයේ පිහිටි උමඟ වර්තමානයේදී ශේෂ වෙමින් පවතී.


මෙම ජල උමඟට එකල සුදු ගඟ මුල් කරගනිමින් ජලය ඇතුළු කල බව සිතිය හැක. මෙසේ ඇතුළු කරන ජලය උතුරු දෙසට ගමන්කර අවසානයේ මුහුදට ගලායයි. මෙම මාර්ගයේ අතරමැද ස්ථාන කිහිපයක පිටවීම් දොරටු පැවතියේය. යාපනයේ නාවක්කන්නි ළිඳ එවැන්නකි.

වර්තමානයේදීද මාතලේ අඹන් ගඟේ හා නාවක්කන්නි ළිඳේ ජල සාම්පල එකිනෙකට සමානය. නාවක්කන්නි ළිඳ යනුවෙන් හැඳින්වෙන්නේ යාපනයේ වැල්විටිතුරෙයි මාර්ගයේ නිලාවරි ගමේ ආසන්නයේ පිහිටි පතුළක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වෙන ස්ථානයයි. එයට සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කිලමලේ පිහිටි ඖෂධ පොකුණ ලෙස වර්තමානයේ හැඳින්වෙන පොකුණ එක් ගලිසි තොටුපොළකි. මෙම පොකුණේද ඇත්තේ එකම ජල සාන්ද්‍රණයකි.

වර්තමානයේදී මෙම උමං මාර්ග හරහා ජලය ගමන් කිරීම සිදු වුවත් බොහෝ සෙයින් උමං හුණුගල්වලින් වැසී ගොස් ඇත.

සටහන කාංචන මනමේන්ඳ්‍ර (රන්දිව 2012-05-13)

Read More...

Sunday, August 5, 2012

ඒක භාර්යා වෘතයෙන් රාවණ සෘෂිවරු උපදවයි

ඒක භාර්යා වෘතයෙන් රාවණ සෘෂිවරු උපදවූ බව පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.


සම්පූර්ණ ලිපිය පහලින්

Read More...

Wednesday, August 1, 2012

ලොව මුල්ම ගුවන් ආරක්ෂක කලාපය රාවණාගේ නිර්මාණයක් !

ලොව මුල්ම ගුවන් ආරක්ෂක කලාපය රාවණාගේ නිර්මාණයක් බව පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.


Read More...

Thursday, July 26, 2012

හෙළයන්ගේ පළිඟු පිරමීඩය උත්තර ධ්‍රැවයෙන් මතුවෙයි.

නුදුරදීම හෙළයින්ගේ පළිඟු පිරමීඩය උත්තරඩ්‍රැවයෙන් මතු වෙන බවට අනාවැකියක් පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.





සම්පූර්ණ ලිපිය පහලින්

Read More...

Friday, July 20, 2012

සිහිසුන් වූ මහා රාවණ 2012 දී නැගිටියි

රාවණ රජතුමා 2012 අගදී උත්ඨාන වන බව අප පෙරත් පැවසුවා. මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇති අතර, එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.

සම්පූර්ණ ලිපිය. මෙය කොටස් වශයෙන් ඉහත දක්වා ඇත.
Read More...

නුදුරු අදහස්