හෙළයින් වනාහී එසේ මෙසේ ජාතියක් නොවන බවත්, මුළු ලෝකයම ශිෂ්ටාචාර කළේ ශ්‍රී රාවණා අධිරාජ්‍යයා ප්‍රමුඛ හෙළයින් විසින් බවත් අරිසෙන් අහුබුදු, ආචාර්ය සූරිය ගුණසේකර, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර, කාංචන ගීත මනමේන්ද්‍ර වැනි රාවණාගවේශකයින් නිතරම පැවසූවකි. හෙළයින්ගේ සොයාගැනීම් අතර ගුවන් යානා, ජල පීඩක උමං මාර්ග, න්‍යෂ්ඨික අවි, ගීසා හී පිරමීඩ, තාරකා අතර ගමන් කරන දොරටු, කාලය හරහා ගමන් කිරීම ආදිය ප්‍රමුඛස්ථානයක් ගන්නා බව ඉහත කී විද්වත්හු එකහෙළාම පිළිගනී.
ඒ අතරට අළුතෙන් එක් වන හෙළයින්ගේ සොයා ගැනීම වන්නේ ඊමේල් බව පැවසුවහොත් ඔබ සමහර විට විශ්වාස නොකරාවි, නමුත් මා සතුව ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඒ බව 100% ක්ම තහවුරු වී ඇත. කළින් දැක්වූ හෙළයින්ගේ තක්ෂණයන් හෙළයින්ට තිබූ බව ඔබ පිළිගන්නේනම් ඒවාටත් වඩා ඉතා ප්‍රාථමික තාක්ෂණයක් වන ඊමේල් තාක්ෂණය හෙළයින්ට තිබූ බව ප්‍රතික්ෂේප කිරීමට තරම් සාක්ෂි නොමැතිව ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොමැත.
රාවණා යුගයේ සිටි හෙළයින් පණිවිඩ යවනන්ට යොදා ගත්තේ පිරිමි අයවය. ඒ සමයේදී පිරිමින්ව "මේඑල්" කියලත් හඳුන්වා ඇත. ඒ බව "සිද්ධරාජ පත් ඉරු" වල දැක්වෙයි, මම ඒවා කියවා ඇති නිසා වගකීමෙන් යුතුව කීමට හැකියි.
"මේඑල්" යන්නේ පද නිරුක්තිය තමයි මේ=මේ, එල්=එල්ලෙනව. "මේ එල්ලෙනව" කියන එකේ තේරුම ආයිත් කියන්න ඕනැ නෑනෙ. නියමාකාරයෙන්ම පුරුෂ ලිංගික හෙළ වචනයක් ලෙස "මේඑල්" වරනෙගී තිබේ. පසුකාලයේදී ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත් කියවූ පර සුද්දන්, "මේඑල්" යන හෙළ වචනය "මේල්" ලෙස ඉංග්‍රීසියට හුරුව යොදා ගෙන ඇත.
"ලෝකයේ මුල්ම Blog එක හැදුවේ හෙළයින් බව Google පවසයි" මැයෙන් මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පළ කළ ලිපියෙන් හෙළයින්ගේ තොරතුරු තාක්ෂණය ගැන පුරාවිද්‍යත්මක සාක්ෂි සහිතවම ඉහත උදෘතය දැක්වූවා ඔබට මතක ඇති. වැඩි විස්තර සඳහා එම ලිපිය පරිශීලනය කරන්න.
ඉහත දක්වා ඇති උදෘතයේ, සීගීරියේ තොරතුරු ගබඩා කිරීමට ප්‍රතිචක්‍රීකරණය කරපු ගූ වලින් හදපු පාෂාණ යොදාගත් බව සඳහන් වෙනවානේ? ඉතින් එම "ගූ ගල්" එහෙ මෙහෙ ගෙන යාම ඒ කාලයේ හිටපු පිරිමින් හෙවත් "මේඑල්" ලා විසින් සිදුකර ඇත. ඒ අනුව "ගූ මේඑල්" ලෙස එම ක්‍රමය හැඳින්විය. නමුත් ගූ=කක්කා=ජී වන නිසා පසුව එය "ජී මේඑල්" ලෙස හඳුන්වා ඇත.
එනම් "ජීමේඑල්" යනු රාවණ රජතුමාගේ කාලයේ තිබූ විද්‍යුත් පණිවිඩ සේවයකි. හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත් මෑත කාලයේදී කියවූ පර සුද්දෝ ඒ නමම පෝඩ්ඩක් වෙනස් කර යොදා ගනිමින් "ජීමේල්" ආරම්භ කළෝය.
ක්සැන්ඩරයාගේ කොලම ලියන ක්සැන්ඩර් මහතා පෙන්වා දෙන පරිදි රාවණා යුගයටත් පෙර (එනම් වසර මිලියන 2 කට පමණ පෙර) හෙළදිවේ සිටි අපේ හෙළයෝ (ඒ කාලයේදී හෙළයෝ ගොවිතැන් බත් කරද්දී සුද්දන් Homo Habilis වරුන්ය) පණිවිඩ යැවීමට, අදාල පණිවිඩය තල් පතක ලියා ඊතලයක අමුණා ඊ පොලක සිට "ටිනං" ශබ්දයෙන් විදියි. "ටිනං" යනු දුනුදිය ඇදීමේ ශබ්දයයි. එහා කෙළවරෙන් ඊ පොලේ පණිවිඩය "ටං" ශබ්දයත් සමග ලබ ගනී, ඒ ඊතලේ ඊ පොලේ වැදුනම එන ශබ්දයයි. එලෙස ඊ තල මගින් පණිවිඩය යවන්නේ ත් පිරිමි අය හෙවත් "මේඑල්" ලා විසින්ම නිසා එම ඊ පඬිවිඩ ක්‍රමය "ඊමේඑල්" ලෙස අතීත හෙළයේ භාවිතා විය.
ඊට බොහෝ කලකට පසුව බලයට පැමිණි රාවණ රජතුමා විසින් පිටසක්වල තාක්ෂණය යොදා ගනිමින් තොරතුරු තාක්ෂණය දියුණු කළ අතර සෑම හෙළයෙකුගේම නිවසේ තිබූ පරිගණක අතර අන්තර් පණිවිඩ හුවමාරුව සඳහා හැටලයිට් යොදා ගනිමින් විද්‍යුත් දත්ත ප්‍රවාහණ ක්‍රමයක් යොදා ගන්නා ලදී. අතීතයේ සිටි හෙළයින්ට ගෞරවයක් වශයෙන් එම පණිවිඩ හුවමාරු ක්‍රමයටත් "ඊමේඑල්" ලෙසම හැඳින්වීමට තරම් ශ්‍රී රාවණ අධිරාජ්‍යයා කාරුණික විය.
පසුකාලයේදී සුද්දන් විසින් අප හෙළයින්ගෙන් සොරකම් කරගෙන ලන්ඩන් කෞතුකාගාරයේ තබා ඇති "ඊමපාදමස්" නැමැති හෙළ පුස්කොළපොතෙන් ඉහත තාක්ෂණය සොරාගත් අතර ඔවුන් "E-Mail For Dummies" නැමැති පොත ඒ අනුසාරයෙන් ලියා ඇත. (ඊමපාදමස් නැමැති හෙළ පුස්කොළපොත තවමත් ලන්ඩන් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත, කැමති කෙනෙකුට ගොස් බැලීමට පුළුවන්). හෙළයින්ගේ "ඊමේඑල්" නැමති වචනය පර සුද්දන් විසින් "ඊමේල්" ලෙස කෙටි කර දක්වා ඉන් නොනැවතී ඊට "Electronic Mail" නැමති තේරුමත් දී හෙළයිග්නේ තාක්ෂණය සදහටම වළලා දමා ඇත. පර සුද්දන් කොතරම් මොළ ශෝධනයක් සිදුකළාද කිවහොත් අද අප අතීත හෙළයින්ගේ එම ඊමේඑල් තාක්ෂණය ගැන වර්ගපූර්ණිකාව බ්ලොග් එක හරහා හෙළි කරද්දී බොහෝ අය සිනා වෙන තත්ත්වයටම හෙළයෝ අතීතයට ගරු නොකරන පිරිහුණු ජාතියක් බවට පත් වී ඇත.
මධ්‍යම කඳුකරයේ ඇති "ඉමදූව" නැමති ගම්මානයෙන් හමුවූ සෙල් ලිපියක මෙලෙස දැක්වෙයි. "රව ඉම සපෂ ගර මහ පහ ශශප" එහි තේරුම වන්නේ "රාවණ රජතුමාගේ ඊමේල් සම්ප්‍රේෂණාගාරය මෙහි පිහිටා ඇත."
අනික් අතට ඉමදූව නැමති ගමේ පද නිරුක්තියෙන් එම සෙල් ලිපියේ නිරවද්‍යතාවය වඩාත් තහවුරු වෙයි. කෙසේද යත්, "ඉමදූව" නම් වචනය ප්‍රකෘති හෙළයට වර නැගූ විට "ඊමඩුව" නම් වෙයි. ඊ=ඊමේල්, මඩුව=මණ්ඩපය. එනම් එකල හැටලයිට් ආධාරයෙන් සම්ප්‍රේෂණය කරන "ඊමේල් පාලනය කිරීමේ මණ්ඩපය" එහි පිහිටා ඇති බවයි.
ඉමදූව ගමේ තරුණයින් අදටත් තොරතුරු තාක්ෂණයේ අති දක්ෂයින් බව ඔබ දන්නවාද? මෑතකදී නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යවන ලද රෝවර් යානයේ අතිශය වැදගත්ම කොටස වන සෑම් නම් උපකරණයේ ඇති ලේසර් රාවණ තාක්ෂණය ඇසුරෙන් නිර්මාණය කළ හෙළයේ මහා විද්‍යාඥ සරත් ගුණපාල මහතාගේ පරම්පරාවත් ඉමදූව ගමේ ආදීතමයන්ගෙන් පැවත එන්නෝය. අදටත් නාසා වෙත රාවණ රජතුමාගේ තාක්ෂණය ලබාදෙන එහෙව් ජාතියක්ය අප!
“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Read More...

1995 වසරේදී ලැරී පේජ් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී හමුවූ හෙළ පුස්කොළපොත් බොහොම අමාරුවෙන් පරිවර්තනය කරවාගෙන කියවද්දී ඔහුට තේරුම් ගියේ සීගිරියේ තිබූ මළපහ බැහැර කිරීමේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවයි. එනම් ඔබත් සමහර විට දන්නා පරිදි සීගිරිය ගල මුදුනේ ඇති රාජ වැසිකිළි වලට මළපහ කළ පසු ඒවා ප්‍රතිචක්‍රීකරණයකට ලක් වී අසල ඇති කුඹුරු වලට පොහොර ලෙස බැහැර වෙයි.
නමුත් එකී පුස්කොළපොත් වල ඊට වඩා විශාල රහසක් ගැබ් වී තිබුණි. එනම් වැසිකිළි වලින් ඇතුළු වන මළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට යැවෙන අතර එහිදී ඒවායින් කොටසක් කාබනික පාෂාණ (ගල්) බවට පත් වෙයි, ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය වී කුඹුරු වෙත පොහොර ලෙස නල මගින් ගමන් කරයි.
ඉතින් පාෂාණ බවට පත් වූ මළ වල ඇති ප්‍රධාන ගුණයක්නම් ඒවා මත සටහන් කරන දෑ ලෙහෙසියෙන් නොමැකීමයි. එම ගල් ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයක් වෙත යැවෙන අතර එහිදී ඒවා ආරක්ෂිතව තැන්පත් වෙයි. පසුව සීගිරියේ කුරුටු ගී යන්ත්‍රාණුසාරයෙන් ඒවා මත සටහන් වෙයි. කිසියම් පාථකයෙකුට සීගිරියේ චිත්‍ර මෙන්ම කුරුටු ගී සෙවීමට අවශ්‍ය වූ විට සිගිරිය ගල තුළ ඇති යන්ත්‍ර මගින් අදාල ගල් උපයෝගී කරගෙන ලෙහෙසියෙන් ඒවා සොයා දීමට පුළුවන.
මා ඉහත සඳහන් කළ මළපහ හෙවත් ගූ මගින් නිෂ්පාදිත ගල් වර්ගය හඳුන්වා ඇත්තේ "ගූ-ගල්" නමිනි. මේ බව අවබෝධ කරගත් ලැරී පේජ් මහතාත් තම සෙවුම් යන්ත්‍රයට අර කිව් ගල් වල නමම යොදන ලදී. අද මුළු ලෝකයම උජාරුවෙන් භාවිතා කරන ගූගල් වල ආරම්භය ඇත්තේ හෙළයින්ගේ ගූ-ගල් වලය.