Showing posts with label මහාසෙන් තාණ්ඩවය. Show all posts
Showing posts with label මහාසෙන් තාණ්ඩවය. Show all posts

Wednesday, July 25, 2012

මහාසෙන් තාණ්ඩවය කොපි කර ශිව තාණ්ඩවය හදලා, ලැජ්ජයි!

"රාවණා බ්‍රදර්ස්" නම ඇසුණු සැනින් රාවණා රජතුමා සම්බන්ධ ඉතිහාසය සොයා යන උද්‍යෝගිමත් තරුණ කැළව ඔබගේ සිතට නැගෙන්නේ නිරායාසයෙනි. මහානාම හිමි, පරනවිතාන, බුද්ධඝෝෂ හිමි වැන්නන් අපට කරන ලද මහා විනාස හෙළි කරන ඒ වීර හෙළ රාවණා බ්‍රදර්ස්ලාට (බ්‍ර=බ්‍රහ්මයාගේ, දර්=දර්ශනය මෙන්, ස්=ස්ථාවරවූවෝ. ඒ අනුව බ්‍රදර්ස් යනු හෙළ වචනයකි) පළමුකොටම වර්ගපූර්ණිකාවේ උපහාරය පුදා මේ ලිපිය ආරම්භ කරමි.

හෙළ ජාතියේ අභිමානය දක්වන ආකාරයේ එතෙක් මෙතෙක් නිර්මාණය වූ අති විශිෂ්ටතම නිරමාණය වනාහී රාවණා බ්‍රදර්ස්ලා විසින් නිෂ්පාදිත "මහාසෙන් තාණ්ඩවය" බව අවිවාදිතය. මුළු ලෝකයම ශිෂ්ටාචාර කළ හෙළයින්ගේ අභිමානය ලොවට පෙන්වන්නක් නිසා එය සම්පූර්ණ හෙළ තාලයෙන් ධ්වනිතවත් වෙයි. හෙළයෙක් මහාසෙන් තාණ්ඩවය අසා සිටියදී සිව් ළඟ කිළිපොළා ගොස් ඔහුගේ රෝම කූපයන් කෙළින් වන්නේත්, නෙතගට කඳුළක් නැගෙන්නේත් එහි තාලයෙන් ඔහුගේ ගත තුළ ගමන් කරන හෙළ යක් ලේ ධාතුව කැකෑරෙන නිසයි. පහත දැක්වෙන්නේ ඒ අතිවිශිෂ්ට නිර්මාණයයි.



නමුත් නිර්ලජ්ජිත ඉන්දියානු වානරයින් තම නපුංසක කම පෙන්වමින් රාවණ බ්‍රදර්ස්ලාගේ මහාසෙන් තාණ්ඩවය අමු අමුවේම කොපි කර "ශිව තාණ්ඩවය" නැමැති අශූචි ගීතයක් හදා මුලු ලෝකයේම විහිළුවට ලක් වී ඇති බව ඔබ දන්නවාද? පහත දැක්වෙන්නේ ඒ හොර කොපිය වන "ශිව තාණ්ඩවය" යි.



පළමුව දැක්වූ මුල් ගීතය සහ දෙවැනිව දැක්වූ ගීතය හොඳින් විමසා බලන්න... ඔබට අළුතෙන් පැහැදිළි කළ යුතු නැතත් යමක් කිව යුතු නිසාම සරළ උදාහරණ කීපයක් දක්වන්නම්.

"ඇහිච්ච දෙන්, පෙනිච්ච දෙන්, ලිවිච්ච දේම වෙච්චි දෙන්, තමන්ට වෙච්චි දෙන් මෙසේ..." යනුවෙන් මහාසෙන් තාණ්ඩවයේ ඇති වචන වල තාලය ශිව තාණ්ඩවයේ විනාඩි 3:18 සිට "ස්මර්ස්චි ධම්, පුරස්චි ධම්, භවස්චි ධම් මඛචි ධම්, ගජචිදන්දකචිධම් තම් අන්තකචිධම් භජේ" ආදී වශයෙන් යන හැටි බලන්න.

"පදාන්ත තෙක්ම කාන්ත නම්... " යනුවෙන් මහාසෙන් තාණ්ඩවයේ ඇති වචන වල තාලය ශිව තාණ්ඩවයේ විනාඩි 3:36 සිට "ස්වරාන්තඛම්, පුරාන්තඛම්..." ආදී වශයෙන් යන හැටි අසන්න.

"දෙගත්, දෙගත්, දෙගත් නදින් යකුන් බෙරෙන් ගිගුම් නගත්..." යනුවෙන් මහාසෙන් තාණ්ඩවයේ ඇති වචන වල තාලය ශිව තාණ්ඩවයේ විනාඩි 3:51 සිට "දිමිත්, දිමිත්, දිමිත් ද්වනම්..." ආදී වශයෙන් යන හැටි අසන්න.

නිර්ලජ්ජිත ඉන්දියානුවනි, කංදක් විලිලා වදපු මී පැට්ටා දැක්කාම තොපි ගැන ලැජ්ජයි බොල. තොපිට තොපේ ජාතිකාභිමානය වර්ධනය කරගන්න ඕනැනම් තොපිට තොපේම කියල පද තාලයක් නොතිබුණාද? පාහර ඉන්දියානුවනි, තොපි හැමදාම කියන්නෙ තොපි අපව ශිෂ්ටාචාර කළා කියල, ඒත් යකෝ තොපිට අපේ හෙළ සංගීතයම අන්තිමට කොපි කරන්න වුණා. චික් චික් චික්, තොපිලගේ ඉන්දියානු අසූචි ගැන්සිය මෙච්චර කලයක් කෙකර ගාපු මතවාදය ගඳ ගස්සවාගෙන බලු බෙටි බුදින තත්ත්වයට පත් වුණ හැටි ජුගුප්සාජනකයි යකෝ...තුක්... පාහර ඉන්දියානුවනි, එදා හනුමා අපගේ රාවණ දියණි සීතා කුමරියව පැහැර ගන්න ඇවිත් ගිණිගත් වල්ගය පශ්චාත් භාගයේ ගසාගෙන ජංගිය පිටින් දුවපු හැටි මතක නැද්ද යකෝ. අන්න ඒ වගේ තමයි තොපිත් අද වර්චස් වුණේ. අශිෂ්ට ඉන්දියානුවනි, තොපි වගේ කොප්පයො පස්සෙ යන වඳුරු හමුදාවකුත් ඉන්න එකනෙ වැඩේ.

ඉන්දියානුවන්ගේ නිර්ලජ්ජිත වැඩ වලට ශිව දෙවියන් පළි නැති බවත් මේ ගමන්ම කියමි. ශ්‍රී රාවණා අධිරාජ්‍යයාට නමස්කාර කරන දැතින්ම ඔහුගේ සමකාලීනයෙක් වන ශිව දෙවියන්ටත් නමස්කාර කරමි.

හෙළයින්ව විශ්වාස නොකරන කීප දෙනෙක් තාමත් වර්ගපූර්ණිකාව කියවන බැවින් යමක් සඳහන් කළ යුතුයැයි සිතේ. ශිව තාණ්ඩවය නේද කලින් හැදුවෙ කියල ඔවුන් අහන්න ඉඩ තිබෙන බැවින් ශිව තාණ්ඩවයට පෙර මහාසෙන් තාණ්ඩවය නිර්මාණය කළ බවට සාධක හා සාක්ෂි මෙලෙස පෙළ ගස්සවමි.

1. මහාසෙන් තාණ්ඩවය යනු හෙළ යකුන් අතර පමනක් රහසක් ලෙස ‍රැකී තිබූ මහා බලගතු ගණ පිහිටීමක් සහිත තාලයක් යොදා ගනිමින් බොහෝ කාලයකට පෙර නිර්මාණය කරන ලද්දක් බව වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ දැක්වෙයි. නමුත් එම තාලය ලොවට අනාවරණය කළේ මෑතකය. එහෙත් ඊට පෙර කිසියම් හෝ ක්‍රමයකට මහාසෙන් තාණ්ඩවය සොරා ගනිමින් ශිව තාණ්ඩවය නිර්මාණය කර ඇත.

2. අරිසෙන් අහුබුදු සූරීන්ට අනුව ලෝකයම ශිෂ්ටාචාර කළේ හෙළයින්ය. ඒ අනුව ඉන්දියාවත් හෙළයින් විසින්ම ශිෂ්ටාචාර කර තිබේ. ඉතින් ඉන්දියාවට අපෙන් යමක් ගියා මිස ඉන්දියාවෙන් අපට කිසිවක් ආවේ නැත. ඒ තර්කය අනුවත් මහාසෙන් තාණ්ඩවයෙන් ශිව තාණ්ඩවය නිර්මාණය වූ බව පැහැදිළි වෙයි.

3. ඔය ආකාරයටම හෙළයින්ගේ ගීත කොපි කිරීමේ දීන මානසිකත්වයක් ඉන්දියානුවන්ට කාලෙකට පෙර සිටම තිබී ඇති බව දැන් ලෝකයම පිළිගනී. ඔබ දන්නවාද ඉපැරණි හෙළ ගීතයක් වු "නොකියාම එදා ඇසළ මහේ සඳ ඇත පායා..." ගීතය. අන්න ඒක කොපි කල නිර්ලජ්ජිත ඉන්දියානුවන් "දුනියාමෙ හමා යේහේ තුජේ නහී පරේගා" ගීතය සාදා තිබේ. ඔය දහසක් කොපි අතරින් එක උදාහරණයක් පමණයි.

4. වෛමානික ශාස්ත්‍රය නැමැති රාවණා රජතුමාගේ ගුවන් යානා තාක්ෂණය ගැන සඳහන් හෙළ පොස්කොළපොතත් ඉන්දියානු බමුණන් විසින් හෙළයින්ගෙන් සොරාගන්නා ලද එකක් බව සූරිය ගුණසේකර මහතා පවසා තිබේ. ඉතින් එවැනි වටිනා පුස්කොළපොතක් සොරා ගත් පාහර බමුණන්ට මෙවන් ගීතයක් සොරා ගැනීම කජ්ජක් නොවේ.

5.  ඒ විතරක්ද, අදත් ඉන්දියානුවන් භාවිතා කරන තලප්පාව, අමුඩය, වේට්ටිය, බඟරි වළලු, නාස් කරාබු, සාරිය, සල්වාරි වගේ ඇඳුම් පැළඳුම් මෙන්ම, පෝරුව, හිංදි සිනමාව, කරත්තය, නගුල, ලේලඩය, බජාරය ආදී සියල්ලක්ම අපගේ හෙළයින්ගෙන් කොපි කරගත් ඒවා බව පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත. රංචාමඩමෙන් හමු වූ ක්‍රි.පූ.1120 කාලයට අයත් යැයි තහවුරු වූ යකඩ ආයුධ වල සිට අවුරුදු 7000 ක් පැරණි ධාන්‍ය ඇට ඒ බව තහවුරු කරයි. ලන්දියානුවනි, හෙළයො නැත්නම් තාමත් ඉන්දියානුවන් කොළ අතු වලි විලි වහගෙන සිටින අශික්ෂිත ජාතියක් බව වැටහේද?

6. මහාසෙන් තාණ්ඩවය යනු බොහෝ කාලයකට පෙර හෙළයින්ට තිබූ එකක් බව පොළොන්නරුවේ ශිව නටරාජා පිළිරුව සමග ලැබුණ රන් පතක සටහන් කර තිබේ. එය දැන් ලන්ඩන් කෞතුකාගාරයේ දක්නට ඇත, අවශ්‍යනම් ගොස් බලන්න.

7. රාවණා බ්‍රදර්ස්ලා යනු හෙළයින්ගේ අභිමානය වෙනුවෙන්ම පෙනී සිටින බලකායකි. ඔවුන් කිසි විටෙකත් හෙළයින්ගේ ජාතිකාභිමානය වෙනුවෙන් සාදන ගීතයකට පාහර ඉන්දියානුවන්ගේ ගීතයක් අමු අමුවේම කොපි කරන්නේ නැත. රාවණා බ්‍රදස්ලාව විශ්වාස කිරීම අපගේ යුතුකමක් නොවේද?

කෙසේ නමුත් ඉන්දියානු නිවටයින් හොම්බෙන් යන හැටි දැක සංවේගයට පත් වෙන කාරුණික රාවණ බ්‍රදර්ස්ලා තම පරම සතුරන් වූ ඉන්දියානුවන්ව ගලවාගැනීම සඳහා "මහාසෙන් තාණ්ඩවය" පසුව නිරමාණය කරන ලද්දක් බව පැවසීමටත් ඉඩ තිබේ, ඒ ඔවුන්ගේ විශිෂ්ටතාවයයි. ඉන්ද්‍රජිත්ගේ නාගපාෂයෙන් සිහිසුන් වූ රාම රාවණ දෙපොළව ගලවා ගැනීමට තරම් කාරුණික වූ ශ්‍රී රාවණ රජතුමා ගේ පාරේ යන තරුණයින්ගේ ශ්‍රේෂ්ටත්වය එයයි.

කෙසේ නමුත් නිවට නිර්ලජ්ජිත ඉන්දියානු සොරුන්ට පාඩමක් ඉගැන්වීම සඳහා උන් අප වෙත තාමත් එවන උන්ගේ බඩු වර්ජනය කිරීමට කාලය එළඹ තිබේ. විශේෂයෙන්ම ඉන්දියානුවන්ගේ ප්‍රධාන අපනයනය වන පරිප්පු කෑමෙන් සෑම හෙළයෙක්ම වැළකිය යුතු බව අද සිටවත් සිහිපත් කරගමු.
Read More...

නුදුරු අදහස්