පෙරේදා අප ඔබට පැවසුවාක් මෙන් එම ආශ්චර්යමත් සිදුවීම ඊයේ රාත්‍රියේ බොහෝ දෙනාගේ දෑස් ඉදිරිපිටදී දර්ශනය විය. ශ්‍රී රාවණ රජතුමාගේ යගදාව රැගෙන අසුර ලෝකයෙන් පැමිණි දීමන්තරයින් ලංකාපුරයේ පෙරදිග අහස සිසාරා සත් වතාවක් පියාඹා යමින්, හාත්පස පරිසරය රක්ත වර්ණයෙන් බබළවා ඒකාළෝක කර, පසුව මහකුඩුගල ගිරි ශිඛරය වෙත පාත් වී එහි ඇති ශ්‍රී රාවණා රජතුමාගේ ශරීරය අසලින් යගදාව තැන්පත් කර ඇත.
වර්ගපූර්ණිකව බ්ලොග් අඩවිය කියවන සහෘදයින් බොහෝ දෙනා එය නැරඹුවත් ඔවුන් ඡායාරූප ගත කරන ලද කිසිදු ඡායාරූපයක එම දර්ශන සටහන් වී නොමැත්තේ හෙළ යකුන්ගේ දර්ශනයන් පර සුද්දන්ගේ කැමරා වලට යටත් නොවන බව මොනවට පැහැදිළි කරමිනි.
ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක් වන, මාරයාගේ හෝරාව බ්ලොග් අඩවිය ලියන මාරයා බ්ලොග් කරුවාත්, දීමන්තරයින් නැගෙනහිර අහසේ ගමන් කරන විලාශය ඡායාරූප ගණනාවකට ගෙන තිබූ අතර ඒ සියල්ලේම සටහන් වී ඇත්තේ අන්ධකාරය පමණි. අවසාන මොහොතේදී ඔහුට විශේෂ ක්‍රමයකට දීමන්තරයෙකුගේ ඡායාරූපයක් ගැනීමට හැකි වී ඇති අතර එය අප වෙත එවා ඇත. එම විශේෂ ක්‍රමයනම් මූණ බලන කණ්නාඩියක් අහස දෙසට අල්වා එහි ප්‍රතිබිම්බය ඡායාරූප ගත කිරීමයි. පහත දැක්වෙන්නේ එයයි.
එම පින්තූරය ගැනීමට මා හිතවත් මාරයා මුණ බලන කණ්නාඩියක ප්‍රතිබිම්බය භාවිතා කළද, එම කණ්නාඩිය නිසි ලෙස ජීවම් කර නොතිබීම නිසා පින්තූරය එතරම් පැහැදිළි නැත. මෙය ඡායාරූපය ගන්නා අවස්ථාවේ කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිතා කර ඇත්තේ තත්පරයෙන් 1/4000 ක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්තුවක් පවා කැමරාවට ග්‍රහණය වේ. කාච විවරය Aperture 5.6 සහ ISO 800 ලෙස භාවිතා කර ඇත. තවද එම ජායාරූපය "රාවණා" පුවත පලකරන මා ඇතුළු සමකාලීන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කළ බව ඔහු මා වෙත දන්වා සිටියේය.
ඇත්තෙන්ම කිවහොත් දීමන්තරයින්ව ඩිජිටල් කැමරාවට ග්‍රහණය නොවන බව මාත් දැන නොසිටියෙමි. හදිසි අවශ්‍යතාවයකට කොළඹ පැමිණ සිටි මාත් සාමාන්‍ය පරිදි කැමරාව ගෙන ඊයේ රාත්‍රී 09:28 පසුවෙනවාත් සමගම පාරට පැමිණ බලා සිටි අතර ලිපියේ මුලදී සඳහන් කළ සියල්ලම මාත් දුටිමි. ඡායාරූප සහ වීඩියෝ ගත කළ සියල්ලම නොපෙනෙන බව අවසානයේදී මා දුටු අතර රාත්‍රී 10:55 වීමට විනාඩි කිහිපයකට පෙර, බෝඩිමට දුව ගොස් යකුන් බලන පළිඟුවක් ගෙනැවිත් ඡායාරූප ගතිමි. නමුත් ඒ වන විටත් දීමන්තරයින් බොහෝ දුර පියාඹා ගොස් සිටි බැවින් කිසිදු ඡායාරූපයක් පැහැදිළි ව පෙනුනේ නැත. අවසානයේදී දීමන්තරයෙක්ව ළඟටම ගෙන්වා ඡායාරූප ගත කිරීමට තීරණය කළෙමි.
දීමන්තරයින්ව ගෙන්වන රහසිගත මන්ත්‍රය ජප කිරීමට පටන් ගතිමි. කේන්ති ගිය පූසෙක් කට ඇර දත් විලිස්සා කෑ ගසන ශබ්දය ඔබට මතකද, අන්න ඒ ශබ්දය නගමින් අන්ධකාර ගුලියක් මා වෙත පියාඹගෙන ආ අතර වහාම එම දීමන්තරයාගේ ඡායාරූපයක් ගතිමි. පහත දැක්වෙන්නේ එයයි.
තවත් ඡායාරූප ගැනීමට කාල වෙලාවක් නොතිබුණ බව වැටහුණු නිසා මා වහාම දීමන්තරයින්ව එලවා දමන "පෙතොනාම වශීය" මැතිරීම ආරම්භ කළෙමි. ඒ සඳහා අවශ්‍ය මැජික් යෂ්ඨිය වන, ගොපළු යකාගෙන් සොරකම් කරගන්නා ලද රන් කෙවිට මා ගාව නොතිබුණ නිසා මාගේ අතම යොදා ගතිමි. එම වශී මන්ත්‍රය මැතිරීම සඳහා රාවණා ශක්තිය පුබුදුවාගෙන සිටිය යුතු හෙයින් ඒ සඳහා සුන්දර සිතිවිල්ලක් සිතේ තිබිය යුතුය. ඒ සඳහා මා ජීවිතයේ එතෙක් මෙතෙක් අත් දුටු සුන්දරතම අවස්ථාව සිහි කළෙමි. ඒ අන් කිසිවක් නොව ජීවිතයේ මුල්ම වතාවට මා අපේ හාමිනේ සමග කාමරයේ තනි වූ මොහොතයි. එදා ඒ අවස්ථාවේ අත් දුටු සුන්දරත්වය මෙහෙනි කරමින්, බුර බුරා නැගී මහා මේඝයක් මෙන් මා දෙසට එන දීමන්තරයා ට අත අල්ලා "පෙතොනාම වශීය" මැතිරීමට පටන් ගතිමි. මොහොතක් යද්දී හාත්පස ධවල වර්ණයෙන් බබළවමින් පැමිණි ආළෝකයත් සමග හීං කෙඳිරිල්ලක් නගමින් දීමන්තරයා පහවිය. එම අවස්ථාවේ මා කොතෙක් බියවීද කිවහොත් අදාල කර්තව්‍යය අවසන් වූවාට පසුව දාඩිය සෝදා ගැනීමට වැසිකිළියට යාමටද සිදුවුණි.
Read More...