වර්ගපූර්ණිකාව බ්ලොගයේ කොමෙන්‍ටු හරහා මෙන්ම විද්‍යුත් ලිපිනය හරහාත් සමහර සහෘදයන් මා අමතා තිබුණේ "ජයරත්න පතිර ආරච්චි" නමිනි. එපමණකුදු නොව සමහර රාවණ විරෝධීන් විසින් මෙම බ්ලොග් අඩවියට මඩ ගසා තැන් තැන් වල අදහස් පළ කර තිබුණේ මා විසින් බුදු දහමට අපහාස කරන බවයි, ඒද පතිර ආරච්චි මහතාව සහ මාව පටලවා ගැනීමෙනි. එනිසා හුදී දනාගේ පහන් සංවේගය පිණිස මේ ලිපිය ලිවීමට සිත් විය.
මීවනපළානේ ජයරත්න
================
මීවනපළානේ ජයරත්න වන මා ගුරුවරයෙකි, ලේඛකයෙකි, ඉතිහාසඥයෙකි, වෙසෙසින්ම රාවණ ගවේශකයෙකි. 2012 අවසානයේදී යළි පිබිදෙන රාවණ රජතුමා වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කරන්නෙකි. මා ගැන තවත් තොරතුරු දැනගැනීමට රිසි ඔබ හමුවේ ඊට වඩා වැඩි විස්තර තැබීමට නොහැක්කේ CIA සංවිධානය මගින් මා පසුපස පන්නන නිසයි. ඊට හේතුව මෙතනින් කියවන්න.
මාගේ අරමුණ වනාහී කාලයේ වැලි තලාවෙන් යට ගොස් තිබූ පිරිසිදු හෙළ ඉතිහාසය නැවතත් මතු කරලීම වන අතර එහිදී කිසිදු විටක බුදු දහමත් ඇතුළුව කුමන හෝ ආගමකට/ශ්‍රාස්තෘ තුමෙකුට අපහාස කිරීමෙන් වැළකීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත්තෙමි. එනිසා ඔය තැන් තැන් වල අපට අපහාස කරන රාවණවිරෝධීන්ට හැකිනම් මේ බ්ලොගයෙන් ආගම් වලට අපහාස කර ඇති තැනක් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිමි. මා කියන මතයන්ම වෙනත් අය කියන විට බුම්මාගෙන සිටින උන්දැලා මාගේ මතයන් දුටු විට "ඌට පිස්සු", "ඌට මොළේ හොඳ නෑ", "ඌ අපේ ඉතිහාසය කනව", "බ්ලොග් එක රිපෝට් කරමු" ආදී ලෙස හැසිරෙන්නේ අන් අයගේ අදහස් ඉවසීමට නොහැකි හිස්ටීරියාවකින් පෙළෙන නිසා යැයි කණගාටුවෙන් වුවද කීමට සිත් වේ.
ජයරත්න පතිරආරච්චි
===============
ජයරත්න පතිරආරච්චි මහතා ගැන කිවහොත් එතුමා මා සමග සම්බන්ධ නොවී ස්වාධීනව රාවණ ඉතිහාසය ගවේශණය කරන්නෙකි. නමුත් එතුමාත් මා මෙන්ම සෙල් ලිපි වලට සහ පුස්කොළපොත් වලට මුල් තැන දෙමින් සොයාගෙන ඇති හෙළ ඉතිහාසයේ සැඟවුණ තැන් අති විශිෂ්ටයි. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුන බව එතුමා විසින් සොයා ගැනීම ඉන් ප්‍රමුඛස්ථනයක් ගනී.
එතුමා පවසන පරිදි
(1). අවුරුදු 30දි බුද්ධ ශක්තිය ගත්තා
(2). රාවණා රජු එතුමාට සිහිනයෙන් කතා කරනවා
(3). රාවණා ශක්තිය අනුව පෙර "ආත්මය" දැක එහිදී හඳුනාගත් දියණියකට සියලු දේපළ පවරා දුන්නා.
(4). එතුමා මේ යන්නේ බුදුබව පතාගෙන යන ගමනක්
(5). දැන් ගත කරන්නේ දාන පාරමිතාව
(6). බුදුන් කාලයේ සමහර චරිත තවම සසර සැරිසරනවා
(7). ගෝඨාභය හා ලලිත් වීරතුංග සිටින තැනට එතුමා 2045 දී එනවා
(8). හැබැයි එතනට ඇවිත් දවස් හතෙන් මැරෙනවා
මේ ගැන වැඩි විස්තර අප හිතවත් ගොසිප්9 මහතාගේ පහත ලිපි දෙකෙන් කියවන්න.
http://www.gossip9.com/2012/03/blog-post_11.html
http://www.gossip9.com/2012/02/blog-post_1424.html
මං ඔය දේවල් ගැන කියනකොට හින වුණ අයට දැන්වත් තේරෙනවද ඒව බොරු නෙමෙයි සැබෑම සත්‍යයන් කියල?
ජයරත්න පතිරආරච්චි මහතාගේ ක්‍රමය මගේ ක්‍රමයට බොහෝ සෙයින් සමාන වුණත් ඇති විශේෂතම වෙනස වන්නේ, කියන්න තියෙන දේ ඕනෑම කෙනෙකුට එතුමා හෙළහරුපෙන්ම කීම නිසයි., එය සැබෑ රාවණ ගවේශකයින්ගේ ක්‍රමයයි. පහත වීඩියෝවේ ඇත්තේ, රාවණ ඉතිහාසය ගවේශණය කිරීම සඳහා බුදුහාමුදුරුවන්ටත් එතුමා කුණුහරුපෙන් බනින අයුරුයි.
http://www.youtube.com/watch?v=_1Mb0YAiJUY
මීවනපළානේ ජයරත්න වන මා, සහ ජයරත්න පතිර ආරච්චි යනු දෙදෙනෙක් බව ඔබට දැන් වැටහී ඇතැයි සිතමි. එනිසා ජයරත්න පතිරආරච්චි මහතාව සහ මාව මින් පසුවවත් පටලවා නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
Read More...

![]() |
| ජයරත්න පතිරආරච්චි මහතා |