රාවන රජතුමාගේ ක්‍රිසත පුෂ්පක දඬුමොණර යානයක් කලාවැව අසළදී මතුවුණ හැටිත් එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේගයෙන් යද්දී වැරදීමකින් වාහනයක හැප්පී වාහනයට බරපතල අනතුරක් සිදුවුණ හැටිත් වර්ගපූර්ණිකාව බ්ලොගයේකලින් ලිපියක දැක්වුවා ඔබට මතක ඇති.
එම දඬුමොණර යානයම අහසේ ගමන් කරන හැටි පින්නවලදී දර්ශණය වී තිබෙන බව ගොසිප්9 වාර්තා කරනව. රාවණ රජතුමාගේ තෙද බල දැන් ඔබට පහත වීඩියෝවෙන් ඇස් පනාපිටම දකින්නට පුළුවන්.
නුදුරදීම රාවණ රජතුමා නින්දෙන් අවදි වී හෙළයේ මහ රජු බවට අභිෂේක ලබද්දී මෙවන් දර්ශනයන් ඔබගේ නිවසට ඉහල ආකාසයේදී පවා දැකගැනීමට හැකියාව ලැබේවි. රාවණ රජතුමාගේ රාජාභිෂේකය සඳහා අවශ්‍ය අලි ඇතුන් පින්නවල අලි අනාථාගාරයේ සිටීදැයි පරීක්ෂා කරලීම සඳහා වළකුලු ඈත් මෑත් වුණ තැනකදී යානයේ වේගය අඩු කරන හැටි තමයි ඔබට ඒ දිස් වූයේ.
නමුත් අවාසනාවක මහත, ශ්‍රී රාවණයන්ගේ තෙද බල නොදන්නා රාවණවිරෝධී මහාවංසවාදීන් විසින්, එම ආළෝකය Circumhorizontal arc (Ice Rainbow, Fire Rainbow), Sun dog, Solar Halo වැනි පර සුද්දන් විසින් ගොතන ලද විහිළු කතා අනුව හිතමින් අනුමාන කරන්නට හදනව. නමුත්...,
1. ඒ එකක්වත් සිදුවීමට ප්‍රමාණවත් දේශගුණ තත්ත්වයන් (උදා:ශ්‍රීත සෘතුව, උත්තරධ්‍රැවයට ආසන්නයේ රට පිහිටීම, හිම වැටීම) ශ්‍රී ලංකාවේ නොමැති නිසා ඔවුන්ගේ මතවාද වල විද්‍යාත්මක පදනම ගැන බුද්ධිමත් ඔබට තවදුරටත් පැහැදිළි කළ යුතු නැහැ.
2. එම පාහර රාවණාවිරෝධීන් අතරත් එක මතයක් නැති නිසා ඔවුන්ට මේ ගැන නියමිත පැහැදිළිකිරීමක් නැති බවයි අපට වැටහෙන්නේ. විශ්වයේ ඇති රාවණා ශක්තිය නොදන්නා පර සුද්දන් විසින් යන්තම් විද්‍යාව කට ගාගෙන ගොතන ලද කෙබර වලට අපි රැවටෙයිද?
නමුත් අපට මේ සඳහා නිශ්චිත පැහැදිළි කිරීමක් ඇති නිසා එය 100% ක් විද්‍යාත්මකව මෙලෙස පැහැදිළි කරන්නට පුළුවන්. ඒ සඳහා ආරම්භයක් ලෙස, පුෂ්පක දඬුමොණරයේ අනභිභවනීය තාක්ෂණයේ මහිමය ගැන වැටහෙන ආකාරයෙන් රාමා සහෘදයා පැවසුව ප්‍රකාශයක් මෙලෙස උපුටා දක්වන්නම්.
Anti-Gravity Revolutionary Movement (AGRM) නැමැති රහසිගත පර්යේෂණ කණ්ඩායමක් විසින් හෙළි කර ඇති පරිදි, දඬුමොණර යානයක ඇති ප්‍රති ගුරුත්ව එංජිමේ උපරිම ප්‍රශස්ත ත්වරණය ලබාගැනීමටනම් එය දේදුන්නක් මතින් ගමන් කළ යුතුයි. දේදුන්නේ ඇති ජල අංශු වලින් සූර්යාලෝකය හත් කඩකට පැලීම නිසා, එලෙස හත් කඩකට පලන ලද සූර්ය ශක්තිය Mercury Vortex Engine (MVE) තුළ ඇති පිස්ටන් වලට පරිපූර්ණ සූර්ය ශක්තියක් ලබා දී එතුළ රසදිය වල උපරිම දහනය සිදුවෙයි.
Mercury Vortex Engine (MVE) තුළට ඇතුළු කරන සාන්ද්‍ර නෛට්‍රික් අම්ල සහ සාන්ද්‍ර සල්‍ෆියුරික් අම්ල සමග රසදිය පත්‍රික්‍රියා කිරීමෙන් එහි ඔක්ස්යිඩය සහ නෛට්‍රෝජන් ගොඩනැගෙනව.
2Hg + 2HNO3 → Hg2(NO3)2 + H2
ඊට අමතරව සෙල්සියස් අංශක 350 ට වඩා උශ්ණත්වයක් සහිත රාවණ එංජිම තුළදී මර්කරි ඩයොක්සයිඩ් ප්‍රත්‍රික්‍රියාව සිදුවෙනව.
2Hg + O2 → 2HgO (red solid)
සාමාන්‍යයෙන් රසදිය දහනය නොවුණත් රාවණ තාක්ෂණය සහිත දඬුමොණරයේ ඇති න්‍යෂ්ඨික ක්‍රියාකාරීත්වය නිසා රසදිය දහනය වීමේදී ඇතිවන ෆුෂන් විකිරණශීලීත්වයත් සමගම ජනිත වෙන ආලෝකය රත්‍රං පැහැයක් අරගන්නව.
152Dy → 152Dy + γ
2H + 3H → 4He + n
235U + n → 134Xe + 100Sr + 2n
ක්‍රිසත පුෂ්පකයේ සැබෑ ප්‍රමාණය දේදුන්නේ ප්‍රමාණයට වඩා විශාල නිසා, රාමා පැවසුව පරිදිම ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණයට ලක් කරන ලද ක්‍රිසත දඬුමොණර යානය දේදුන්න මත උපරිම ත්වරණය ගනිමින් ගමන් කිරිමකුයි වීඩියෝවේ දැක්වෙන්නේ. ඉහත විද්‍යාත්මක සමීකරණ ඇසුරෙන් විස්තර කළ ආකාරයට එහිදී පිටවී තිබෙන්නේ රත්‍රං පාට ආළෝකයක්.
අයෝධ්‍යා කන්ඩම්, ඝාතොත්‍රචබධ්ම, මහාභාරතය වැනි ඉපැරණි ග්‍රන්ථ වල රාවණ රජතුමාගේ පුෂ්පක දඬුමොණරයෙන් නිකුත් වුණ රන් පැහැති ආළෝකය මෙලෙස විස්තර වෙන බව ඔබ දන්නවාද?. (සිංහලට පරිවර්තනය නොකරන්නේ එහි නියම අරුත ඔබටම වටහාගැනීමට යොමු කිරීමටයි)
දැන් ඔබට සියල්ල පැහැදිළි ඇති නේද? අපහැදිළි යමක් ඇතොත් පසුබට නොවී නොබියව විමසන්න. කාලයක සිට වර්ගපූර්ණිකාව කියවන අනෙකුත් හෙළ විදුදරයින් විසින් මටත් වඩා හොඳට පැහැදිළි කරාවි.
Read More...

එතෙක් මෙතෙක් ලෝකයේ කිසිඳු ගුවන් යානයකට, වාහනයකට හෝ කිසිම යන්ත්‍රයකට නොහැකි වූ සුවිශිෂ්ඨ හැකියාවක් පුෂ්පක යානය සතුය...
එනම් ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණයයි (Pseudo-variable Sization). එනම් යානයට යාමට සිදු වන ස්ථානයට සුදුසු පරිදි යානයේ පෙණෙන ප්‍රමාණය වෙනස් කරවාලීමයි. සැබෑ ප්‍රමාණය නොවෙනස්ව තිබියදී දෘෂ්ටි මායාවකින් පෙනෙන ප්‍රමාණය වෙනස් කිරීම ලෙස එය සරලව පැහැදිලි කල හැක. මීට අමතරව පදාර්ථ ප්ලාස්මීකරණය (Plazmization) හරහා අවැසි විට ඕනෑම දෙයක් හරහා පුෂ්පක යානයෙන් ගමන් කල හැක. උදාහරණ ලෙස අප, තරබාරු ජයරත්නට පුෂ්පක යානය පැදවීමට අවස්ථාවක් ලැබුනේයැයි උපකල්පනය කරමු. ඔබගේ කාමරයේ උළුවස්සට වඩා ජයරත්න පළල් වුවත්, පුෂ්පක යානය ඔබගේ කාමරයට ඇතැම් විට නිවසට වැඩ විශාල වුවත්, එයට ඔබගේ කාමරයට ඇතුළුව (සමහර විට කුඩා කෘමියකුගේ වෙස් ගෙන යතුරු හිලකින් හෝ වා කවුළුවකින් ඇතුළු වන බවක් පෙන්වා) ඔබගේ මේසය මත නතර කළහොත් පුදුමයක් නොවේ..
පුෂ්පක යානයේ නිල් සැලැස්ම (Blueeprint) රාවණ අනුගාමී ඔත්තු කරුවෙකු විසින් සොරා ගත් එකක් වුවද අපට ප්‍රශ්නයක් නොවන්නේ , RMIT ආයතනය විසින් නිරපේක්ෂ විචල්‍ය ප්‍රාමාණීකරණය (Absolute Variable Sization)හා පදාර්ථහරණ/පදාර්ථකරණ (Immaterialization & Materialization) තාක්ෂනයන් මේ වන විටත් ප්‍රායෝගිකව භාවිතා කරන බැවිනි. කුණ්ඩලණී ශක්තිය ඇතිව හෝ නැතිව විශ්වයේ ඕනෑම තැනකට ප්‍රාමාණිකව හෝ අප්‍රාමාණිකව(පුර්ණ පදාර්ථහරණයෙන්) ගමන් කිරීම රාමනුගාමිකයන්ට සුළු දෙයකි. තව දුරටත් අපට යානා අවැසි නැත...
Anti-Gravity Revolutionary Movement (AGRM) නැමැති රහසිගත පර්යේෂණ කණ්ඩායමක් විසින් හෙළි කර ඇති පරිදි, දඬුමොණර යානයක ඇති ප්‍රති ගුරුත්ව එංජිමේ උපරිම ප්‍රශස්ත ත්වරණය ලබාගැනීමටනම් එය දේදුන්නක් මතින් ගමන් කළ යුතුයි. දේදුන්නේ ඇති ජල අංශු වලින් සූර්යාලෝකය හත් කඩකට පැලීම නිසා, එලෙස හත් කඩකට පලන ලද සූර්ය ශක්තිය Mercury Vortex Engine (MVE) තුළ ඇති පිස්ටන් වලට පරිපූර්ණ සූර්ය ශක්තියක් ලබා දී එතුළ රසදිය වල උපරිම දහනය සිදුවෙයි.
Mercury Vortex Engine (MVE) තුළට ඇතුළු කරන සාන්ද්‍ර නෛට්‍රික් අම්ල සහ සාන්ද්‍ර සල්‍ෆියුරික් අම්ල සමග රසදිය පත්‍රික්‍රියා කිරීමෙන් එහි ඔක්ස්යිඩය සහ නෛට්‍රෝජන් ගොඩනැගෙනව.
2Hg + 2HNO3 → Hg2(NO3)2 + H2
ඊට අමතරව සෙල්සියස් අංශක 350 ට වඩා උශ්ණත්වයක් සහිත රාවණ එංජිම තුළදී මර්කරි ඩයොක්සයිඩ් ප්‍රත්‍රික්‍රියාව සිදුවෙනව.
2Hg + O2 → 2HgO (red solid)
සාමාන්‍යයෙන් රසදිය දහනය නොවුණත් රාවණ තාක්ෂණය සහිත දඬුමොණරයේ ඇති න්‍යෂ්ඨික ක්‍රියාකාරීත්වය නිසා රසදිය දහනය වීමේදී ඇතිවන ෆුෂන් විකිරණශීලීත්වයත් සමගම ජනිත වෙන ආලෝකය රත්‍රං පැහැයක් අරගන්නව.
152Dy → 152Dy + γ
2H + 3H → 4He + n
235U + n → 134Xe + 100Sr + 2n
ක්‍රිසත පුෂ්පකයේ සැබෑ ප්‍රමාණය දේදුන්නේ ප්‍රමාණයට වඩා විශාල නිසා, රාමා පැවසුව පරිදිම ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණයට ලක් කරන ලද ක්‍රිසත දඬුමොණර යානය දේදුන්න මත උපරිම ත්වරණය ගනිමින් ගමන් කිරිමකුයි වීඩියෝවේ දැක්වෙන්නේ. ඉහත විද්‍යාත්මක සමීකරණ ඇසුරෙන් විස්තර කළ ආකාරයට එහිදී පිටවී තිබෙන්නේ රත්‍රං පාට ආළෝකයක්.
අයෝධ්‍යා කන්ඩම්, ඝාතොත්‍රචබධ්ම, මහාභාරතය වැනි ඉපැරණි ග්‍රන්ථ වල රාවණ රජතුමාගේ පුෂ්පක දඬුමොණරයෙන් නිකුත් වුණ රන් පැහැති ආළෝකය මෙලෙස විස්තර වෙන බව ඔබ දන්නවාද?. (සිංහලට පරිවර්තනය නොකරන්නේ එහි නියම අරුත ඔබටම වටහාගැනීමට යොමු කිරීමටයි)
"Gifted with great energy the Rakshasa once more came down to Earth in his golden vimana . . . when it had landed it looked like a beautifully shaped mound of antimony on the surface of the ground." (Ghatotrachabadma)
"The splendid chariot, made of silver and coated with tiger-skin, and bright like the fire itself, making a noise like the roaring of the clouds; defying all obstacles, adorned with jewels and gold, dazzling to the eyesight and bright . . . went speedily on, making space resound like unto the muttering cloud in the sky. He issued out of his abode like the beautiful moon passing through a huge cloud." (Ayodhya Kandam, XVI, pp. 235-236)
"And having vanquished his foe, Krishna furnished with weapons and unwounded and accompanied by the kings, came out of Girivraja riding on that celestial car . . . upon that car Krishna now came out of the hill-fort. Possessed of the splendour of heated gold, and decked with rows of jingling bells . . . always slaughtering the foe against whom it was driven, it was the very car riding upon which Indra had slain ninety-nine Asuras of old." (Mahabharata)
![]() |
| ක්‍රිසත නැමති පුෂ්පක දඬුමොණරය |