ශ්‍රී රාවණා රජතුමා ගැන දුර්ලභ පුවත් රැගත් ලිපියක් අප වෙත ලැබුණි. පහත දක්වා ඇත්තේ ඉන් කොටසකි. එම ලිපියේ ඇති වැදගත් කරුණු රතු පාටින් උදෘත කර දක්වන අතර , ලිපිය ගැන අපගේ අටුවාවන් අළු පාටින් උදෘත කර ඇති බව කාරුණිකව සලකන්න.
රාවණාගේ මරණය සිදුවිය හැකිද? නැතිනම් එය එක්තරා ප්‍රයෝගයක්දැයි අපගෙන් විමසූ බොහෝදෙනකු සිටියහ. එයට හේතුව ලෙස ඔවුන් අපගෙන් ප්‍රශ්න කරන ලද්දේ "අජෛය" වරම ලැබූ රාවණා වැනි පුද්ගලයකු කිසිදා මරාදැමිය නොහැකි නිසාය. එයද පැහැදිලි කර දිය යුතු කතාන්දරයක් හෙයින් මෙම ලිපියේ පළමුවෙන්ම එම කරුණ පිළිබඳව විස්තර කරන්නෙමු. "අජෛය" වරම යනු සාමාන්‍ය මිනිසකුට ලබාගත හැකි වරමක් නොවන බව ඇතැම්විට ඔබද අසා තිබෙන්නට හැකිය. "අජෛය" වරම ලබාගත හැක්කේ භාවනාවේ පරතෙරටම ගිය මුණිවරයකුට පමණකි. රාවණාද අජෛය වරම ලැබූ උත්තරීතර මිනිසකු වුවද අජෛය වරම විනාශ කළ හැකි ආයුධයක්ද ඔහු විසින් නිර්මාණය කර තිබිණි. එය "මෘතයු වාණය" යන නමින් හැඳින්විණි. දෙවියන් පවා රාවණට මහත් බියක් දැක්වූයේ මෙවැනි අමරණීයත්වය විනාශ කළ හැකි ප්‍රබල නිෂ්පාදන රාවණා සතුව තිබූ බැවිනි. කෙසේ වුවද මෙම රහස දැන සිටි විභීෂණ විසින් මෘතයු වාණය, රාමා අතට පත්කිරීම නිසා රාවණ මරා දැමීමට රාමාට හැකිවිය.
නමුත් මෘතයු වාණයේ භයානක කම වටහා ගත් ශ්‍රී රාවණ රජතුමා එම ආයුධයෙන් බේරිය හැකි අවියක්ද හැදූ බව වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ සඳහන් වෙයි. එය "ප්‍රති මෘතයු වාණය" නම් වේ. විභීෂණ තම "මෘතයු වාණය" සොරාගත් බව දැනගත් සැනින් ශ්‍රී රාවණ රජතුමා තම "ප්‍රති මෘතයු වාණය" මන්දෝදරී බිසවට ලබා දුන්නේ, "යම් හෙයකින් ඒ පාහර රාමා මාව මරා දැමුවොත් ඔය අවිය යොදා ගනුව" යැයි අණ කරමිනි. ඒ අනුව ප්‍රති මෘතයු වාණයෙන් ගලවාගෙන මමී කර ඇති ශ්‍රී රාවණ රජතුමාගේ සිරුර මහ කුඩු ගල ගිරි ශිඛරයේ තැන්පත් කර ඇති බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සාක්ෂ්‍ය සාධක සහිතවම පෙන්වා දී ඇත.
ඉතිහාසය තුළ සිදුවූ දරුණුම පාවාදීම ලෙස මෙය හැඳින්වීමේ වරදක් නොවේය. යුද්ධය අවුරුදු 10ක් පුරා පවතිද්දීත් මෙවැනි ආයුධ රාවණ විසින් පාවිච්චියට නොගත්තේ මන්දැයි ඇතැමෙක් මෙහිදී ප්‍රශ්න කරන්නට හැකිය. එහෙත් එයට පිළිතුරු ලෙස අපට පැවැසීමට ඇත්තේ රාමා මරා දැමීමේ කිසිදු චේතනාවක් රාවණ තුළ නොවීම නිසා යන්න පමණකි. රාවණ ඇදහූයේ ස්වභාවිකත්වය තුළ ගබඩාවී තිබූ දහමකි. එම දහම තුළ වූයේ පරම අවිහිංසාවාදයයි. විශ්වය පුරා විසිරී පැතිරී තිබෙන ස්වභාවික රහස් ඔහුට හිමිවූයේද මෙම කරුණු නිසාමය. විශ්වයට විවරවන දොරටුව පිළිබඳව රාවණගේ පියා වූ විශ්‍රාවාස මුණිවරයා විසින් ලියන ලද රහස්‍ය කෘතියේ එක පිටපතක් තිබුණේද රාවණා සතුවය. එහෙත් රාම, රාවණ යුද්ධය අවසානයේ මෙම කෘතියද ඇතුළු ඉතා වටිනා රහස් සැඟවී තිබූ කෘතීන් විශාල ප්‍රමාණයක් බමුණන් විසින් ගිනිබත් කරන ලද බව ඉතිහාසයේ සඳහන්ය. එම කෘතීන් සුරැකී පැවතුණේ නම් ලෝක වාසීන්ට සක්වල තරණය කරන්නට මෙතරම් වෙහෙසක් හා මෙතරම් කාලයක් ගත නොවන්නටද ඉඩතිබිණි.
අප මේ කියන කරුණු කාරණා ඇතැමුන්ට සුරංගනා කතාවක් වීමටද ඉඩ ඇත. තවත් සමහරු ද්‍රවිඩයන් ඔසවා තබන්නට එපා යැයි අපට ප්‍රතිචාර දැක්වීමටද පෙළඹී තිබිණි. අප මේ සියලු දේ අනාවරණය කරන්නේ ඉතිහාසය ගවේෂණය කිරීමෙන් හා සාක්ෂ්‍ය සාධක සහිතවම බව පැහැදිලිවම ප්‍රකාශ කරමු. එමෙන්ම රාවණ යනු ද්‍රවිඩ රජෙක්ද, සිංහල රජෙක්ද කියා ඉතිහාසය දන්නා සෑම දෙනාම දන්නා කරුණක් බව සිහිපත් කරමු. රාවණ ද්‍රවිඩ රජකු වූවා නම් දෙමළ මිනිසුන් විසින් රාමායනය මෙතරම් හිස් මුදුනේ තබාගෙන අදහන්නට යන්නේ නැති බවත්, රාමා දෙවියකු ලෙස හින්දු දේවාල තුළ අභිමානයෙන් වැජඹෙන්නේ නැති බවත්, සිහිපත් කරනු කැමැත්තෙමු. නමුත් http://sethusamudram.info/content/view/42/26 හි දැක්වෙන ආකාරයට දකුණු ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල රාවණා වීරයා ලෙසටත් රමාව දුෂ්ටයා ලෙසටත් සලකා කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති රාවණා පිබිදීම වැලැක්වීමේ මලයාලි සක්කිලියන්ගේ කූඨ උපායක් ලෙසටය.