Sunday, June 17, 2012

හෙළයින්ගේ යුධ යාත්‍රා, ගම් වල නම් වලින් හෙළි වෙන හැටි

රාවන යුගයේ හෙළයින්ට තිබූ සංග්‍රාම රථ වල තිබූ දියුණුව අදත් ගම් වල නම් වලින් විද්‍යාමාන වෙයි. පර සුද්දන් විසින් අපෙන් සොරාගනනා ලද පුස්කොළපොත් වලින් ඔවුන් මේ යුධ රට හදා තිබුණත් ඒවායේ නියම උරුමක්කාරයින් වන්නේ අප හෙළයයි. ප්‍රධානතම යුධ රථ වලට උදාහරණ මෙලෙසැයි. මේවා වර්ගපූර්ණිකාවේ පද නිරුක්තීන් මගින් ඔප්පු කරන දේවල් නිසා සත්‍ය බව වටහාගන්න. බැලු බැල්මටම මේවාට සිනා සෙන්නෝ රාවන රජුට ගරහන්නෝය.

ගුවන් යානා


වාරියපොළ
වා=වාතයේ=අහසේ, රිය=වාහන, පොළ=නැවතුම්පොළ
අහසේ ගමන් ගන්නා වාහන (දඬුමොනර) නවත්වන ස්ථානය
වාරියපොළ ලෙස හැඳින්වෙන ගම් දෙකක් ශ්‍රී ලංකාවේ ඇත. එකක් කුරුණෑගල ආසන්නයේද අනික මාතලේ ආසන්නයේද ඇත. මෙම ස්ථාන අතීත ගුවන් තොට දෙකකි.

මාතලේ
සමන් දෙවියන්ගේ නියමුවා වූ මාතලේ දේවයා හෙවත් "මාතලී" තම දඬුමොණර විමාන යානය ගොඩබැස්සවූයේ මාතලේ අසල වාරියපොල අහස් යාත්‍රාංගනයටය.

තො‍ටුපොළකන්ද
තො‍ටුපොළ=ගුවන් තො‍ටුපොළ, කන්ද=උස් වූ ස්ථානය=ටවර් එක
අතීතයේ හෙළ ගුවන් යානා රට පුරා යාමේදී ඒවායේ ගමන් මාර්ග පාලනය කිරීම සඳහා භාවිතා කළ Airport Tower එක මෙම තො‍ටුපොළකන්ද බව නිගමනය කළහැකිය.

විගුහුම්පොළ
වි=විමාන, ගු=ගුවන්, හු=හුමාලය, පොළ=තො‍ටුපොළ
ඉහත තේරුම් නිසි පරිදි ගැලපූ විට
"හුමාලයෙන් යන විමාන ගුවන් තො‍ටුපොළ" යන අර්ථය ලැබේ.
මධ්‍යම පළාතේ ඇති විගුහුම්පොළ යනුත් එදා රාවන රජතුමාගේ හුමාල ශක්තිය ලබාගත් විමාන හෙවත් දඬුමොණර නැවැත්වූ ගුවන් තො‍ටුපොළක් බව පැහැදිළි වෙයි.

විලන පල්ලේගම
වි=විමාන, ලන=බාන, පල්ලේ=පහතට, ගම=ග්‍රාමය
එනම්, විමාන පහතට බාන ග්‍රාමය
මධ්‍යම පළාතේ ඇති විලන පල්ලේගම යනුත් රාවනා රජතුමාගේ විමාන යන්ත්‍ර පාත් කරන ගමක් බව පැහැදිළියි.

විලන උඩගම
වි=විමාන, ලන=දමන, උඩ=ඉහලට, ගම=ග්‍රාමය
එනම්, විමාන ඉහල දමන ග්‍රාමය
මධ්‍යම පළාතේ ඇති විලන උඩගම යනු, විලන පල්ලේගමින් පහළට ගොඩ බාපු රාවනා රජතුමාගේ විමානම් නැවතත් ඉහලට ගුවන් ගත කරන ගමයි.

විල්ගොමුව
වි=විමාන, ල්=ලා=දමන, ගොමුව=ගොඩ
විමාන දමා ඇති ගොඩ
මධ්‍යම පළාතේ ඇති විල්ගොමුව යනු රාවනා රජතුමාගේ දඬුමොණර විමානයන් ගොඩ ගසා තිබූ තැනක් බව ඒ අනුව ඔප්පු වෙයි.


හෙළිකොප්ටර්



හෙළ උඩ
හෙළ=හෙළි, උඩ=උඩ යැවීම
ඒ අනුව, හෙළිකොප්ටර් ගුවන්ගත කළ ස්ථානය හෙළ උඩ නම් විය. ඌව පළාතේ මේ ගැන තවමත් ජනකතා තිබෙයි, ඉන් එකක් වන්නේ හෙළිකොප්ටරයක් ගොඩ බෑමේදී එහි සයිලන්සරයෙන් නිකුත්වූ ධූම විදිල්ල නිසා පළාතම අන්ධකාර වූ බවයි, අදත් ධූම විදිල්ල හෙවත් දූවිල්ල යන පදය භාවිතා වෙන්නේ එතැන් සිටය.
හෙළිකොප්ටර් යනු හෙළ වදනක් වන "හෙළ-කොප්පරා" යන වදනෙන් බිඳුනකි. "හෙළ-කොප්පරා" යනු අතීතයේදී දේව හෙළයින් විසින් ගුවනින් කොප්පරා ප්‍රවාහණය සඳහා භාවිතා කළ විමානයයි.

හෙළගම
හෙළ=හෙළකොප්පරා, ගම=ග්‍රාමය
එනම්, හෙළකොප්පරා ග්‍රාමය යන්නයි, උඩරට පනිත රජතුමාගේ යටතේ තිබූ සියලුම හෙලි කොප්පරා නැවැත්වූයේ මේ ගමේය. සුමනසමන් රජතුමා විසින් මෙය සෘජුවම පාලනය කරන ලදී. එහි දෙවැනි නායකයා වූයේ "හෙළනා" නැමැත්තෙක් බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. අදත් හෙළේනා පරපුර පැවත එන්නේ ඔහුගෙනි.


සබ්මැරීන්


සමන්බැද්ද
ස=සබ්මැරීන්, මන්=මනස, බැද්ද=බැඳීම
එනම්, මනසින් ක්‍රියාතමක කළ හැකි සබ්මැරීන් බැඳ තිබූ ස්ථානය.
(සබ්මැරීනය යනුත් හෙළ වචනකි, ස=සාගරය, බ්=බලන, මැ=මැදි=මධ්‍යම, රි=රිය=වාහනය, නය=නඩය, සාගරය බලන මධ්‍යම ප්‍රමානයේ නඩයකින් හෙබි වාහනය.)
බස්නාහිර පළාතේ ඇති සමන්බැද්ද යනු එදා රාවන රජතුමාගේ කාලයේදී මනසින් ක්‍රියාත්මක කළ හැකි සම්මැරීන් බැඳ තිබූ ගොඩබිම අභ්‍යන්තරයේ ඇති වරායක් බව ඉන් පැහැදිළි වෙයි. එම රහස් වරායේ සිට කළු ගඟට විශාල ඇලක් තිබුණ අතර එතැන් සිට කළු ග‍ඟෙන් මූදට සම්බැරීන් ගොස් ඇත. කළු ගඟට ඒ නම ලැබුණේ එකවිට කළුපාට සම්බැරීන් ගොඩක් ගමන් කරද්දී ගඟ කළුවට පෙනීම නිසයි. පුෂ්පක දඬුමොණරය මනසෙන් දෙන විධානයන්ගෙන් ක්‍රියාත්මක වන්නා සේම මීනක සම්බැරීනයත් මනසින් දෙන විධානයන්ට අනුව ක්‍රියාත්මක වූ බව වර්ගපූර්ණිකාවේ දැක්වුණි. අවාසනාවකට වර්ගපූර්ණිකාව බමුණන් විසින් ගිණිතබා ඇති නිසා ඒ තාක්ෂණය අපිට අහිමි විය. බලන්න අප හෙළයේ තාක්ෂණ දියුණුව, ඒත් අද අපි කොහොමද?

සබරගමුව
ස=සම්බැරීන්, බර=භාරගන්නා, ගමුව=ගම
එනම් රාවනා රජතුමාගේ සම්බැරීන් භාරගන්නා ගමට කිව් නමයි. ඇත්තටම මෙහි තො‍ටුපොළක් නොතිබුණ අතර මෙහි තිබුණේ සබ්මැරීන් කළමණාකරණය කළ පරිපාලන ගොඩනැගිල්ලකි, එහි ප්‍රධානියා සබරනායක විය, අදත් සමරනායකලා පැවතෙන්නේ එම රාක්ෂ සබරනායකයන්ගෙනි.


රොකට් හෙවත් රාක‍ටු


රොටවැව
රොට=රොකට්, වැව=ජලාශය
ඒ අනුව, රොකට් තිබුණ ජලාශය රොටවැව නම් විය. "රොකට්" යනුත් "රා™ ක‍ටු" නැමැති හෙළ වදනින් හැදුනකි. රාවනා රජතුමා විසින් සතුරන්ට පහර දීමට න්‍යෂ්ඨික අවි වර්ගයක් එම හෙළ කොප්පරා වල සවි කරන ලදී. ඒවා "රා™ ක‍ටු" නම් වේ. ඒ අනුව රොකට් තාක්ෂණයත් හෙළුවන්ගේමය.
ඉතින් ජලාශයක ඇති රොකට් පිළිබඳව ඔබ විමතියට පත් වෙනවාට සැක නෑ. නමුත් ඒ තාක්ෂණය අපට තිබුණ අතර හෙළයින්ගේ වෛමානික ශ්‍රාස්ත්‍රය කියවූ ඇමරිකාවේ නසා ආයතනය එවැනි යානා නිෂ්පාදනය කර ඇත. පහත වීඩියෝව බලන්න, මේවා ගුවන් යානා ලෙස පෙනුණත් රොකට් හෙවත් රාක‍ටු වෙයි.



ඉහත ආකාරයේ රොකට් රොටවැව (රොකට් වැව) තිබුණ ජලාශයක තිබූ බව ඔබ පිළිගන්න කැමති නැද්ද? ඔබ කැමති හැම දෙයක්ම සුද්දන් හැදූ බව පිළිගන්නද? එසේ පරගෙත්තෙන්නම් ඔබ ගැන ලැජ්ජා වෙමි.

හොරොව්පතාන
හො=හොඳ, රො=රොකට්, පතාන=පාත් කරපු තැන්න
රාවනා රජතුමාට තිබූ ඉතාමත් උසස් තත්ත්වයේ රොකට් පාත් කරපු තැන්න මේ නම් විය, මෙයට මළ යකුන්ගෙන් දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. දිනක් සෙනසුරු ග්‍රහයාගෙන් යකඩ තොගයක් අරගෙන "අග්නි රාක‍ටුවකින්" පැමිණි ඉන්ද්‍රජිත්ට තම රාක‍ටුව ගොඩ බෑමේදී සිදුවූ වරදක් නිසා පොළොව විශාල වශයෙන් හෑරුණි. තාමත් හොරුව්පතාන නගරයට ආසන්න වෙල් යාය ගැඹුරු භාවයක් දක්වන්නේ එදා හෑරුණ වල ඇත්තේ එතැන නිසයි.


සැටලයිට් හෙවත් හැටලයිට්


හැඳල
හැඳල යනු එදා හැටලයිට් එක ගුවන් ගත කළ සහ පාලන මැදිරිය තිබූ ග්‍රාමයයි. හැඳල යන නම හැදුනේත් හැටලයිට් හි "ට" ලොප් වී ඒ වෙනුවට "ඳ" අවුත් අග "යිට්" ඉවත් වීමෙනි.
"සැටලයිට්" යනු හෙළ වදනක් වන "හැට ලයිට්" වලින් බිඳුනකි. එනම් ලංකාපුර රාජධානිය තුළ මනා තොරතුරු සංනිවේදනයක් පවත්වාගැනීම සඳහා විදුළි බුබුලු හැටකින් යුතු අභ්‍යාවකාශ වස්තුවක් අහසේ තැන්පත් කිරීමට විශ්වකර්ම රජතුමා කටයුතු කර තිබුණි. පසුව එය "හැට ලයිට්" නම් විය. (ලයිට් යනුත් හෙළ වදනකි). ඒ දු‍ටු රාවනා විසින් තොරතුරු තාක්ෂණය සඳහා එය වැඩිදියුණු කරගන්නා ලදී. මීට අමතරව සතුරු රාජධානි වලින් ඔත්තු බැලීමටත් මෙය භාවිතා කළ නිසා යුධ රථයක් බව කීමටත් හැකිය.

හේවාහැට
හේවා=සේවා, හැට=හැටලයිට්
එනම්, හැටලයිට් සඳහා සේවා සැපයූ ස්ථානයයි, මධ්‍යම පළාතේ ඇති හේවාහැට නගරයේ ඇති හේවාහැට රජමහා විහාරයේ ඇති සෙල් ලිපියක මේ බව දැක්වෙයි. (මේව අපිට එකින් එක ගෙනල්ල හොයල දෙන්න බෑ, ඉතිහාසය කියන්නෙ අමාරුවෙන් හොයාගන්න ඕනැ එකක්, ඔයාලම ගිහින් සොයා බලන්න)

හැටන්
හැට=හැටලයිට්, න්=එන්
හැටන් නම සැදුනේ හැටලයින් එන ස්ථානය ලෙසටයි. එදා රාවනා රජතුමාගේ කාලයේදී හැටලයිට් ගොඩ බාද්දී මුලින්ම පෙනුනේ හැටන් වලටයි. තවමත් හැටන් හි ඒ ගැන ජනකතා පවතී.


[ලිපියට තවත් කරුණු එක් වෙමින් තවමත් සංස්කරණය වෙමින් පවතී, පසුව නැවතත් පැමිණ බලන්න]

28 comments:

  1. එකෙන්ම පට්ටයි හොදේ..මචන් සබ්මෑරීන් කියන එක හෑදිච්ච විදියත් දාපන්කෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සම්බැරීන් එක අපගේ හෙළුවන් විසින් හදපු විදිය ඉතාමත් සංකීර්ණයි. තව දවස් කීපයකින් සම්මැරීන් වර්ග සහ ඒවායේ ක්‍රියාකාරීත්වය "සෛමානකශාස්ත්‍ර" (වෛමානකශාස්ත්‍රය නොවේ) නැමැති පොතෙන් උපුටාගෙන දක්වන්නම්. ඒ පොත ඉන්දියානුවන් විසින් අපගෙන් සොරාගෙන තිබෙනව, දැන් ඒක ඉන්දියාවෙ තියෙන්නෙ.

      Delete
    2. මචන් ජයා, සෛමානකශාස්ත්‍ර පොත ඉන්දියාවේ එවුන් හොරකම් කරන් ගිහින් නම් උඹ කොහොමද තව සති දෙකකින් විතර එකෙන් බලල හෙළ සබ්මැරින් ගැන විස්තරයක් දාන්නම් කිව්වේ?
      උඹ කුන්ඩලිනි ශක්තියෙන් බලලද කියන්න හදන්නේ?
      එහෙනම් ඇයි බන් උඹට එකෙන්ම බලල ඒවා හදන විදිය full දෙටිල්ස් එක්ක කියන්න බැරි?
      උඹ කියයි ඒවා රවන පරපුරෙන් පිට එවුන්ට කියන්නේ න කියල.
      හරි එහෙනම් උඹට පුළුවන්නේ උඹගේ රවන සෙට් එකත් එක්ක එකතුවෙලා ඔය කියන සබ්මැරින් , දඬුමොනර, රාකටු, හෙළ කොප්පරා හදල අපේ රටට මේ වින කරන හම්බයෝ, ක්‍රිස්තියානි එවුන් ටික චුත කරලා දාන්න? උඹ ඉන්නේ ඒවටත් රාවන නැගිටලා එනකන්ද? බලාගෙන හිටපන්.
      යකෝ තොපි අපිට මහා වීරයෙක් වෙච්ච රාවන රජ්ජුරුවෝ කොමිටලයක් කරලා තියෙන්නේ දැන්. අපේ එවුන් මේකෙන් පට්ට ආතල් එකක් ගන්නවා.
      අරහේ හම්බයෝ අපිට කෙලිනවා. නිකමට හරි ඒ බ්ලොග් වලටත් ගිහින් ඒවටත් රෙප්ල්ය් එකක් දාල අපිත් නිදි න කියල පෙන්නපියව් මෝඩ හැත්ත.
      මෙන්න ඒවගෙන් ලින්ක් දෙකක්. පලවෙනි එකෙන් අපිට කෙලින්නේ හීන් නූලෙන්. දෙවැනි එක කෙලින්ම.
      http://musalmanuwa.wordpress.com/
      http://sinhala-bauddhaya.blogspot.co.uk/

      Delete
  2. සබරගමුව කියන්නෙ ඔය කෙහෙල් මලක් නෙවෙයි, "සබර" කියන්නෙ වැද්දන්ට වැද්දන් ජීවත්උන පලාතක් නිසා තමයි ඒ නම හැදිල තියෙන්නෙ "හබරණ"ත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි කොරින්ටන්ගේ ඉතිහාසයෙ තියෙන්නෙ. ඔයා පිළිගන්නෙ සුද්දො ලියල දුන්න ඉතිහාසයද නැත්නම් රාවණ ගවේශකයින් කියන ඉතිහාසයද?

      Delete
  3. මොලේ කචල් වෙදාද පිස්සො....?

    Submarine - කියන එක හැදිල තියෙන්නෙ Sub-Marine කියන වචන දෙක එකතුවෙල. ඔයවගේ වචන ඉංග්‍රීසියෙ හෙන ගොඩක් තියනව
    Subway
    Substaff
    Subsider වගේ. Sub කියන්නෙ යටත්/උප/ යටතේ පවතින/යටින් යන වගේ අර්ථ මතුකරන වචනයක්.
    Submarine කියන්නෙ මුහුද යටින් යන වාහනයක් කියන එක. තමුසෙගෙ සබ්මැරීන් අර්ත දැක්වීමට අනුවම ඉංග්‍රිසියෙන් පොලව යටින් යන උමගට කියන Subway කියන වචනෙත් අර්ථකතනය කරල පෙන්නනවකො

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඹලා උපහාස කතා කලාව කියල එකක් අහලම නැද්ද?? නිකම් හරක් වගේ තප්පුලන්නෙ!

      Delete
  4. ado mata lejja hithenawa. Moda dewal daanna epa ban.lankaawata hoda ithihaasayak thiyanawa.ubala wage harak daana moda post hinda tyana ithihasayath sudda wishwaasa karana ekak neh

    submarine- kiyanne english wachana dekak ekathu wela hedila tyana wachanayak. Marine kiyanne naavika kiyana ekata.sub kiyana prefix eka daapuwama submerge kiyana adahasa enawa.a kiyanne muhude kimidena kiyana adahasa.
    Lol,puka pelenna hina yanawa

    ReplyDelete
  5. ado mata lejja hithenawa. Moda dewal daanna epa ban.lankaawata hoda ithihaasayak thiyanawa.ubala wage harak daana moda post hinda tyana ithihasayath sudda wishwaasa karana ekak neh

    submarine- kiyanne english wachana dekak ekathu wela hedila tyana wachanayak. Marine kiyanne naavika kiyana ekata.sub kiyana prefix eka daapuwama submerge kiyana adahasa enawa.a kiyanne muhude kimidena kiyana adahasa.
    Lol,puka pelenna hina yanawa

    ReplyDelete
  6. පිස්සුවක් ඇතැයි?

    ReplyDelete
  7. වහ ටිකක් ගන්න තැනක් කියපං..!! බූරුවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබට සමීපම නගරයේ කෘෂි අලෙවි සැල.

      Delete
  8. තව ලියපන් මචං.... කාලෙකට පස්සේ ගොඩක් හිනා උනා..........
    "ඕකත් හෙළ වචනයක්...", "හෙළ අටුවා බමුණන් විසින් ගිනි....................", සහ උඹේ පද නිරුක්ති...කියල වැඩක් නෑ බං
    කොහෙන්ද උඹ ඕව ඉගෙන ගත්තේ???
    අහ, මට අහන්න ප්‍රශ්නයක් තියනවා,...
    ඔච්චර බලවත් ශිස්ටචාරයක් තිබුණු අපේ රටේ තිබුණු පුස්කොලපොත් එක එකා අරගෙන යනකම්, ගිනිතියනකම් මේකේ හිටපු උන් බකන්නිලාගෙන බඩඋලාගෙන හිටියේ ඇයි?? දීපන්කො බලන්න ඒකටත් පැහැදිලි කිරීමක්.....

    ReplyDelete
    Replies
    1. [[ඔච්චර බලවත් ශිස්ටචාරයක් තිබුණු අපේ රටේ තිබුණු පුස්කොලපොත් එක එකා අරගෙන යනකම්, ගිනිතියනකම් මේකේ හිටපු උන් බකන්නිලාගෙන බඩඋලාගෙන හිටියේ ඇයි??]]

      මේ ගැන හෙළ ගවේශකයින් විසින් පර්යේෂණ කරමින් සිටී. නිගමනයකට එළඹි වහාම පිළිතුරු ලිපියක් පළ කරන්නම්.

      Delete
  9. හැටන් කියන එක හැදිලා තියෙන්න මම දන්නා විදියට HAT+ON කියන දෙක එකතුවෙලා, සුද්දෝ කන්ද උඩරට පාලනය කරන කාලේ.
    නිකන් බොරු නොකිය හිටපන් ,හිතුවද මේක බලන්නේ මෝඩයෝ කියල.දාල තියෙන සමහර දේවල්වලට සිංහලයන්ට ලැජ හිතෙනවා ඇති මේවගේ මානසික රෝගීන් ඉන්නවා දැක්කම,
    යකෝ හරි සිංහලයෙක් නම් දෙයක් කරලා පෙන්නලා එක්ක තමන්ගේ කරගන්න බලන්න ඕනි,හරියට උතුරේ යුද්දේ සටන් කරලා දිනලා අපි යුද්දේ දිනුව කිව්වා වගේ. නැතුව අනුන් කරපු නිර්මාණ අපේ කියන්නේ නැතුව(Helicopters,Aircratfs).

    ReplyDelete
    Replies
    1. 2012 අවසානයේදී රාවණ රජතුමා නින්දෙන් නැගිට ලොවම යටත් කළ පසුව එම යුධ රථ අපට නැවතත් හිමි වේවි. රාවණ ධජය ‍රැගෙන එම යුධ රථ ගමන් කරාවි.
      එසේම අපි දිනපු යුද්දෙදිත් ඒ සඳහා අවශ්‍ය අවි ආයුධ මෙන්ම යුධ රථද ලබාගත්තේ විදෙස් රටවලින් නේද? ඒකත් පුලුවන් වුනේ රාවණ රජතුමා නිසයි.

      Delete
    2. @ Our Blog:
      ||හරියට උතුරේ යුද්දේ සටන් කරලා දිනලා අපි යුද්දේ දිනුව කිව්වා වගේ. නැතුව අනුන් කරපු නිර්මාණ අපේ කියන්නේ නැතුව(Helicopters,Aircratfs).||

      දැන් ඔය Our Blog යුද්දෙට ගියාද? "අපි දින්න යුද්දේ" කියන්නෙ?? ඒක දින්නෙ ත්‍රිවිධ හමුදාව නෙ. ඉතින් එහෙම ගත්තම උඹත් කරන්නෙ අනුන්ගෙ දේවල් තමන්ගෙ කියන එකනෙ.

      Delete
  10. The word helicopter is adapted from the French hélicoptère, coined by Gustave de Ponton d'Amecourt in 1861, which originates from the Greek helix/helik- (ἕλιξ) = "twisted, curved"[1] and pteron (πτερόν) = "wing"

    නිකන් බොරු නොකිය හිටපන් ,හිතුවද මේක බලන්නේ මෝඩයෝ කියල.

    ReplyDelete
  11. ඔක්කොම හොඳයි නමුති ඔතන හැට ලයිට් කියන්නේ සිංහල වචනයක් කියන කතාවෙනම් පොඩි පරහක් තියෙනවා. හැට කියන්නේ සිංහල කියමනක් උනත් ලයිට් කියන්නේ ඉංග්‍රීසි වචනයක් නේද? ඒ පිළිබඳව පොඩි පැහැදිලිකිරීමක් කරනවද? අපහදිලිතැනක් නිසයි අහන්නේ නැතිව ලිපිය අවතක්සේරු කිරීමක් නෙවෙයි.

    ReplyDelete
  12. දෙවියනේ කියලා
    මට නම් මුකුත් හිතා ගන්න
    බෑ.....
    වෙලාවකට මේ පොස්ට් කියවලා ඇඩෙනවා.....
    කොමෙන්ට්ස් බලලා බඩ පැලෙනවා හිනා වෙලා....
    ඇත්තටම අපේ අභිමානය මෙයද ????

    ReplyDelete
  13. ලබන අව්රුද්දෙ අපේ ගමේ අවරුදු උත්සවේ හොදම බොරුව තරගේ විනිශ්චය කරන ලෙසට ආචාර්ය මි මහතාට මා ආරාධනා කරමි අපේ ගමේ කොල්ලෝ කුරුට්ටන්ට ඔබ තුමා වැනි පරිනත පච කාරයෙකු සමග හැරීමටවත් බැරි නිසා පොඩි උන්ගේ මට්ටු වන බොරු වලට කමාව දෙන ලෙස ඉල්ලා සිටිමි



    (මේ උබලත් වරෙල්ලා එක බලන්ඩ මි අන්කල් වගේ ෆෙමස් පොරක් එනවා කියන්නේ ලේසිද ඉතින් )

    ReplyDelete
    Replies
    1. porata wadiya nondi danna epa..miita passe post danne nathi unoth apitamane paduwa ban.mewa balala le pirisidu wenwa banz nuwa

      Delete
    2. ඒකත් හැබැව

      Delete
  14. "Satellite" කියන වචනෙ හැදෙන්නේ "හැටලයිට්" කියන බූතයකින් නෙමේ, "satelles" කියන ලතින් වචනෙන්. තේරැම- අනුගමනය කරන්නා "follower". Satellite එකක් කියන්නේ චන්ද්‍රයෙක් වගේ ග්‍රහ ලෝකයක් වටේ යන ලෝකයකට එහෙම නැත්තන් ග්‍රහයෙන් වටේ යන (හෝ නැවතී තියෙන) කෘත්‍රිම චන්ද්‍රිකාවකට. මේ දෙකම තමන්ගේ ධාරක ග්‍රහයා අනුගමනය කරන නිසා "අනුගමනය කරන්නා" නැත්තම් "satelles" කියන වචනය යෙදුනා Satellite කියන වචනය හැදෙන්න. "හැටලයිට්" :D.

    ReplyDelete
  15. "Satellite" Origin:
    From French "satellite" or Latin "satelles", "satellit" (Meanning: "follower" "attendant").

    චන්ද්‍රිකාවක් ග්‍රහලෝකය "අනුගමනය කරමින්" ගමන් කරන නිසා "Follower" "අනුගමනය කරන්නා" යන අර්ථය දෙන "satelles" යන ලතින් වචනය භාවිතයෙනුයි ඉංග්‍රීසි "Satellite" වචනය හැදුනේ. නැතුව "හැටලයිට්" වලින් නෙමේ හිකිස්.

    ReplyDelete
  16. මස්කෙළිය කියන නගර නාමය හැදුණු හැටි දන්න කෙනෙක් කියල දෙනව නම් ලොකු උදව්වක්.

    ReplyDelete
  17. ඇයි මෙච්චර දියුණු ශිෂ්ටාචාරයක් පුස්කොල පොත් වල ,ගල් වල විස්තර ලියුවේ?

    ReplyDelete

නුදුරු අදහස්