Monday, July 16, 2012

රාවණ තාක්ෂණයට අනුව ලේසර් කිරණ අවියක් නිවසේදීම තනාගන්න හැටි.

හෙළ ඉතිහාසය වැනුම හැරුන විට වෙනත් යමක් නොකරන්නේ ඇයිදැයි බොහෝ සහෘදයින් විමසූ නිසා ඔන්න අද වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් අලුත් වැඩකට අත ගැහුව. ඒ තමයි රාවණ රජතුමගේ හෙළ තාක්ෂණය ඔබට නිවසේදීම අත්හදා බැලීමට අවස්ථාව ලබා දීම. එමගින් මීට අවුරුදු දස දහස් ගණනකට පෙර හෙළයින්ට තිබූ අතීත තාක්ෂණය සියැසින් දැක එමගින් ඇතිවන චිත්ත ප්‍රීතියෙන් සියොළඟ මවිල් කෙලින් කරවාගෙන ආඩම්බර වීමට ඔබට හැකි වේවි.

මාතෘකාවේ දැක්වෙන පරිදිම ලේසර් කිරණ අවියක් නිවසේදීම හදාගන්න හැටි ඉගැන ගැනිමටයි ඔබ මේ සූදානම් වෙන්නෙ. මීට මාස කිහිපයකට පෙර මා ලේසර් කිරණ අවියක් රාවණා තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කළ අතර එය නුදුරේදීම නව නිපැයුම්කරුවන්ගේ සංගමයට ඉදිරිපත් කර ඒ හරහා එයට පුරස්කාර අයිතිය ලබාගැනීමට බලාපොරොත්තු වෙනව.

රාවණ තාක්ෂණය අනුව නිෂ්පාදිත ලේසර් කිරණ තුවක්කුවක්

ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන රාවණා ලේසර් තාක්ෂණය ඉතාමත් බලවත් බව මහාභාරතය කියවීමෙන් වැටහෙනව. රාවණා සමයේදී මෙවැනි අවි සවි කර තිබුණේ දඬුමොණර යානා වලයි. එම අවියකින් විශාල ගොඩනැගිල්ලක් වුවත් එක් ලේසර් ධාරාවක් යොදාගෙන සුණු විසුණු කර දැමීමට පුළුවන්. එසේම පිටසක්වල යානා (Alien Ships) සහ මව් යානා (Mother Ships) විනාශ කිරීමට බොහෝ ප්‍රබල ලේසර් තුවක්කු රාවණා සමයේ හෙළයෝ භාවිතා කර තිබෙන බව ඉතිහාසඥයින් පවසනව.

ඉතින් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන් මේ කියන්න යන ආයුධය මා විසින්ම නිපදවා සාර්ථකව අත් හදා බලා තිබුනත් ඔබ මේ ලේසර් අවිය නිෂ්පාදනයේදී හෝ භාවිතයේදී සිදුවන අනතුරු හෝ එම ආයුධයෙන් සිදුවන විනාශය ගැන මා වග කියන්නේ නෑ. මන්ද යත් ඔබගේ ක්‍රියාකාරීත්වය මාගේ අනුදැනුමෙන් තොර නිසයි.

රවණා රජතුමාගේ ලේසර් තුවක්කු ගැන වඩාත් පැහැදිළිව සඳහන් වන්නේ වෛමානික ශාස්ත්‍රය නැමැති හෙළ බසින් ලියවුණ පුස්කොළපොතෙයි. නමුත් පසුකාලයේදී ඉන්දියානු බමුණන් විසින් එය සොරගෙන ඉන්දියාවට ගෙන ගොස් ඇති අතර භාරද්වාජ නැමැති බමුනෙක් එය සංස්කෘත බසට පෙරළා මුල් හෙළ පිටපත ගිණි තබල තිබෙනව. එය හෙළයන්ට අයිතිව තිබුණා කීමට ඇති හොඳම මූලාශ්‍රයනම් ඒ ගැන යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ දැක්වීමයි. නමුත් වර්ගපූර්ණිකාවත් පසු  කාලයේදී බමුණන් විසින් ගිණි තබා තිබෙනව. එසේම අරිසෙන් අහුබුදු, සූරිය ගුණසේකර, මි‍රැන්ඩෝ ඔබේසේකර වැනි හෙළ විදුදරයන්ද පවසන්නේ වෛමානික ශාස්ත්‍රය හෙළයින්ටම අයත්ව තිබූ බවයි, එනිසා තවත් ප්‍රශ්න නොකර එය හෙළයින්ගේම බව අපි පිළිගත යුතුයි.

රාවණ රජතුමාගේ ලේසර් තුවක්කුව ලෙස හැඳින්වෙන රෞද්‍රී දර්පනය ගැන වෛමානික ශාස්ත්‍රයේ විස්තර කරන ශ්ලෝකයේ ඉංග්‍රීසි පරිවර්තනය පහත දැක්වෙනව.

Rowdree-darpana is a mirror or lens which liquefies everything that it flashes against.
Paraankusha says that where Rudraanyosharaa and abhralinga come into contact, a fierce force called roudree comes into being. Mingling with solar rays it melts everything. "Sammohana kriyaa kaanda" says:
"By the mixing of roudree and solar rays an evil force called maarikaa is generated, and impelled by the solar electricity, it destroys the enemy planes."

එහි සිංහල අදහස වනාහී,

රෞද්‍රී දර්පණය හෙවත් රෞද්‍රී කාචය යනු එයට මුහුණලා එන සියල්ල උණු කර ද්‍රව කල හැකි විමානයේ ඇති අවියකි.
පරානූක්ෂයන් පවසන පරිදි රුද්‍රාන්යෝෂරා සහ අබ්‍රලින්ග යන බලයන් ගැටුන විට රෞද්‍රී නැමැති රුදුරු බලය ඇති වෙයි. සුර්ය කිරණයන්ගෙන් ශක්තිය උරාගෙන රෞද්‍රි බලයෙන් සියල්ල උණු කර දැමිය හැකි. රෞදී බලය හා සුර්ය කිරණ නැවතත් මිශ්‍ර වීමෙන් මාරික නැමති බලයක් හටගන්නා අතර එම බලය යොදාගැනීමෙන් සතුරු යනා විනාශ කල හැකි වේ.


රෞද්‍රී දර්පනය හදන ආකාරය විස්තර කරන ශ්ලෝකයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙලෙසයි.

Darpanaa prakarana describes its manufacture:
8 parts of lead, 3 parts of shaalmali, 7 of durvaara, 8 parts kudupinjara, 21 parts of droonee, 8 parts sun-crystal, 27 parts of rudraanee-graavoshara, 6 parts betel leaves, 8 parts of kowtila, 30 of veeraabhra linga, 8 parts of salts, 7 of sand, 6 parts of matrunna, 3 of dimbhika, 8 of zinc, 13 of ant-hill earth, 6 of gum, 3 of kumbhinee, 3 parts sweet oil, 27 of Tinnevelly senna, 6 of godhaamla, 8 of silk cotton, 8 parts of virinchi satva, 5 parts of kanda, 3 parts of yellow orpimet, 7 parts of kaarmukha, or brown barked acacia?, these 26, powdered, purified, and filled in crucible and placed in furnace and boiled to 800 degrees, and poured into Darpana yantra, will yield a fine roudrikaa-uarpana.

එහි සිංහල අදහස වනාහී,

දර්පණ ප්‍රකරණයට අනුව රෞද්‍රී දර්පණය නිපදවන්නේ මෙසේය.
ඊයම් කොටස් 8ක්, ශාල්මලී කොටස් 3ක්, දුර්වරා කොටස් 7ක්, කඩුපින්ජුර කොටස් 8ක්, දුර්නී කොටස් 21, සුර්ය පළිගු කොටස් 7ක්, රුද්‍රණි ගවෝෂර කොටස් 27ක්, බුලත් කොල කොටස් 6ක්, කෞතිල කොටස් 8ක්, වීරාභර ලින්ග කොටස් 30ක්, ලුණු කොටස් 8ක්, මාතෘණ කොටස් 6ක්, වැලි කොටස් 6ක්, ධිම්බික කොටස් 3ක්, සින්ක් කොටස් 8ක්, හුබස් පස් කොටස් 13ක්, මැලියම් කොටස් 6ක්, කුම්භණි කොටස් 3ක්, මංජු තෙල් 3ක්, තින්නවේලී සෙන්න කොටස් 27ක්, ගෝධාම්ල කොටස් 6ක්, සිල්ක් කපු කොටස් 8ක්, විරින්චි සත්ව කොටස් 8ක්, කන්ද කොටස් 5ක්, කහ හිරියල් කොටස් 3ක්, කර්මුක හෙවත් දුඹුරු ඇකේසියා පොතු කොටස් 7ක් ගෙන හොදින් පිරිසිදු කොට, පිටි වන තෙක් අඹරා උඳුනක බහා නියමිත උෂ්මකයක් බාවිතයෙන් ද්‍රව වන තුරු අංශක 800ක උෂ්ණත්වයට රත් කොට දර්පණ යන්ත්‍රයට වත් කිරීමෙන් රෞද්‍රී දර්පණයක් නිපදවා ගත හැක. 

මේ බෙහෙත් වට්ටෝරු හරියන්නේ නැති බවත් ඒ සඳහා නූතන විද්‍යාවට අනුව තාක්ෂණය භාවිතා කළ යුතු බවත් සමහරු පවසල තිබුණ. මෙන්න ඔවුන්ට උත්තර.
1. බෙහෙත් කොටන තුවක්කුව ඔබ දන්නවාද? එයත් රාවන රජතුමාගේ තාක්ෂණයකි. එයට යොදා ගන්නේත් මේ ආකාරයෙන්ම සිංහල බෙහෙත් ය.
2. අප පිළිගන්නේ මීට අවුරුදු දස දහස් ගණනකට පෙර හෙලයින් වෛමානික ශාස්ත්‍රයේ ලියූ ඒවා මිස අද ඊයේ කොලු කුරුට්ටන් වෙබ් අඩවි කියවා දැනගත් කාරණා නොවෙයි.
3. වෛමානික ශාස්ත්‍රයේ දැක්වෙන ලේසර් තුවක්කුව ඇත්තක්නම් බෙහෙත් වට්ටෝරුව ඇත්ත විය යුතුයි. බෙහෙත් වට්ටෝරුව බොරුනම්, එසේම රාවණා විරෝධීන් විසින් ලේසර් තුවක්කුවත් බොරු කතාවක් යැයි කී විට පිළිගන්නට දෙයක් වෛමානික ශාස්ත්‍රයේ ඉතිරි නොවේ.
4. පර සුද්දන්ගේ තාක්ෂණයෙන් අපිට වැඩක් නැත. අපිට අපගේ හෙළ තාක්ෂණය හොඳටම ඇති. එය වෛමානික ශාස්ත්‍රයේ දැක්වෙයි.
5. දැනටමත් ඉහත වට්ටෝරුව නාසා ආයතනය විසින් සාර්ථකව අත් හදා බලා එය නිවැරදි බව ප්‍රකාශ කර තිබෙයි.

හැමෝම කියන වෛමානිකශාස්ත්‍රයේ ගාම්භීරත්වය දැන් ඔබට වැටැහෙනවා නේද? මේ තමයි පර සුද්දන් හෙළුවෙන් යද්දී අපි ලේසර් තුවක්කු භාවිතා කළ බවට සාක්ෂි. මේ අනුව ඔබට දැන් රාවණ තාක්ෂණයෙන් ලේසර් තුවක්කුව නිෂ්පාදනය ආරම්භ කිරීමට පුළුවන්, නමුත් ඊට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පහත දැක්වෙන අමතර විස්තර ටිකත් කියවා බැලීම උපකාරී වේවි.

අමතර විස්තර
==========

වෛමානික ශාස්ත්‍රයට අනුව රාවණ රජතුමාගේ තාක්ෂණයෙන් ලේසර් තුවක්කුවක් නිපදවීමට අවශ්‍ය දෑ කිහිපයක පින්තූර ඔබට පහසුවක් වීම සඳහා පහතින් දැක්වෙනව.

බුලත් කොළ.
රාවණා තාක්ෂනයෙන් නිපදවන ලේසර් තුවක්කුවෙන් එන ආළෝකයේ කොළ පැහැය ඇති කිරීමටත්, ඒ සඳහා නැවුම් සුවඳකුත් ලබා දීමට බුලත් කොළ භාවිතා කරයි. බුලත් කොළ කැඩීමට පෙර දෑත භූගත කර ස්ථිතික විද්‍යුතය ඉවත් කිරීමට වග බලා ගත යුතු බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි.

හුඹස් පස්.
ලේසර් තුවක්කුවෙන් එන ලේසර් ධාරාවේ ශක්තිය වැඩි කිරීමට හුඹස් පස් භාවිතා වෙයි. එමගින් ලේසර් තුවක්කුවෙන් වෙඩි තබන්නාගේ හුඹස් බියත් නැති වෙන බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි.

ගම්
ගම් යොදා ගන්නේ රාවණ තාක්ෂණයෙන් යුතු ලේසර් තුවක්කුවෙන් එන ලේසර් ධාරාවේ ලෙසර් කිරණ අතර ඇති බැඳීම වැඩි කිරීමටත් කිරණ විස්තාපනය වීමට නොදී කෙළින් තබා ගැනීමටත්ය. ඒ සඳහා සුපර් ග්ලූ වඩාත් යෝග්‍ය වුවත් අතිතයේදී හෙළයෝ යොදාගෙන තිබෙන්නේ කජු කිරි වෙයි. (කජු ගකක මුල කැපූ විට වෑස්සෙන කිරි). ඊට අමතරව කොළ අලවන ගම්, බයින්ඩර්, පාප්ප, එස්ලෝන් ගම් මෙන්ම චුවිං ගම් නොහොත් බබල් ගම්ද භාවිතා කිරීමට පුළුවන්.

ඔබ වෛමානික ශාස්ත්‍රයේ දැක්වෙන කළමනා ටික එකතු කරගත් පසුව ඒවා මැටි බඳුනකට (නොන්ස්ටික් බඳුන් භාවිතා කිරීම සුදුසු නැත) බහා දර ලිපෙන් (ගෑස් කුකර්, හොට් ප්ලේට්, ඉන්ඩක්ෂන් කුකර් සුදුසු නැත) සෙල්සියස් අංශය 800 දක්වා රත් කරන්න. මේ සඳහා ඔබට උෂ්ණත්ව මානයක් අවශ්‍ය වේවි. දැන් එය පත අට එක දක්වා සිඳින්න.

ඉන් පසුව ඔබට අවශ්‍ය වන්නේ රෞද්‍රී දර්පනයකි. ඒ සඳහා ඔබට ගෙදර ඇති මුහුණ බලන කුඩා කණ්නාඩියක් භාවිතා කිරීමට පුළුවන්.

රෞද්‍රී දර්පනය ලෙසට ගත හැකි කණ්නාඩියක්.

ඔබ සකසාගත් බෙහෙත් වට්ටෝරුව නිවෙන්නට හැර පසුව එම කණ්නාඩිය මතට දමා තුනී කරන්න. රාවණ තාක්ෂණයෙන් යුත් අනර්ඝ ලේසර් තුවක්කුවක් දැන් ඔබ සතුව ඇත. මෙය ක්‍රියාත්මක කිරිම සඳහා, ඔබට විනාශ කිරීමට අවශ්‍ය ඉලක්කය වෙත රෞද්‍රී දර්පනය යොමු කර "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි හඬ නගා පවසන්න. මෙය අත් හදා බලා වැඩ කරපු අය කොමෙන්‍ටුවකුත් දාන්න අමතක කරන්න එපා.

113 comments:

  1. මේක නම් ඇත්තටම ඉතා අගනා පොස්ටුවක්..වෙලාවක උත්සහ කරලා බලන්න ඕන!

    ReplyDelete
    Replies
    1. අනිව, අපටත් ප්‍රතිඵල කියන්න

      Delete
    2. ආචාරි මීවන කියපු කතාව අගේ කරන්න ඕන. තමන් දන්න තරමින් කියපු දේ වටිනවා. ඒත් වැරැද්ද කලේ ගව මුත්‍රා බොන කකුල් දෙකේ හරකෙක් (ඉන්දියන්) ය. ඒ ගොනාගේ මෝඩකම මහ මෙරක් සේ කලේ ඉංග්‍රීසියෙන් ලිව් මැට්ටාය. ඔබ ආචාරි උපාධිය ගත්තා සේම, මෙතනද කලේ ඇස් දෙක කන් දෙක කර ගෙන සුද්ද කියපු කෙප්පය ගෙඩිය පිටින්ම ගිලීමය.

      මේ කතාව යට ඇති සැබෑ දැනුම අඟනේය. අද බසින් කියනවා නම් එක්තරා විදියක, එනම් ඉරු රැස් එකතු කර සැර වැඩි කරන (රෞද්‍ර යන සැර, කෲර ලෙසද ගත හැක) කන්නාඩියක් සාදන ආකාරය ලුණු ඇඹුල් දමා කියා ඇත. පොල් සම්බෝලය හැදීමට ගාපු පොල්, ලුනු, මිරිස්, දෙහි සමඟ අශූචි හා මුත්‍ර ගත යුතු යයි කී විට අශූචි හා මුත්‍ර ගන්නේ නොදන්න අමනයන් ය. මෙම උපක්‍රමය තුලින් සිංහල උරුම දැනුම රැක ඇත.

      මෙම කන්නාඩිය මගින් ඉරු කිරණ යොදා පහර දීම කරන විදිය කියා ඇත.

      ලේසර් කියන දෙය අද්භූත දෙයක් නොවේ. සැම ගිනි ගන්නා ද්‍රව්‍යයක්ම රත් කල විට විවිධාකාර ආලෝකය/කිරණ නිකුත් වේ. එසේම සමහර ද්‍රව්‍ය අධික ලෙස රත් කල විට විවිධ කිරණ පිටවේ. තව උපක්‍රමද ඇත. එවැනි විසිරීමකින් තොරව ගමන් කරන ඒකීය වර්ගයේ කිරණ වර්ග බොහෝය. ලේසර් ඉන් එකකි. නුදුරේදි නව මාදිළියේ කිරණ අවි සිහළුන් රකිනු ඇත. මැටි සුද්දාගෙ කනාෂොට් තාක්ෂණය නිසි තැනට වඩා ඉහලින් නොතබන්න. උන් අද එක සීමාවක හිරවී ඇත.

      ග්‍රීක පුරාවෘත්තයක මෙවැනි කන්නාඩි වලින් නැව් පිලිස්සීමේ තැතක් කල බව කියවේ. ඇත්ත දැකීමට උරුමය පිටිවහල් කරගන්න.

      Delete
    3. 800 සෙල්ශියස් ගෙදරදි හදා ගන්න ක්‍රමයක් කියහන්කො ඔක්කොටොම කලින් ,මු නිකන් මෙ පච කියවනව.අඩො මිවනය තො හිතුවද අපි ගල් යුගෙ උන් කියල

      මමත් කියන්නම් මෙ වගෙ එකක් හදන්න
      පස් කොටස් 1ක්,ගොම කොටස් 2ක්,මිනිස් මල පහ කොටස්5ක්,ප්ලැටිනම් 2mg,කලු නික කොටසක්,හදෙන් ගෙනාව පස් කලදක්, එකට අරගෙන කලවම් කරල 781සෙල්සියස් වලට රත් කරන්න. ඉට පස්සෙ පොඩි අත් කාචයකට වත් කරන්න ,දැන් හරි වැඩෙ පිනිස් දැන් අත් කාචෙ හොදට හොදල කහ වතුර එහෙම ඉහල ඉර දිහාට අල්ලන්න ඇහැට පොඩ්ඩක් උඩින් දැන් ඇහැ තියන්න.ඇහැ පොට්ට වෙනව,හද දිහාට අල්ලල බලන්න සද බොද වි යනව කොමද ඇ හිරු හිමාවි ඔයත් පොඩ්ඩක් උත්සහ කොරල බලන්න

      Delete
  2. අවශ්‍ය කරන බඩු ටික තේරෙන සිංහලෙන් පවසන්නේනම් මැනවි

    ReplyDelete
    Replies
    1. ඔය ලයිස්තුව ලියාගෙන ගිහින් සිංහල බෙහෙත් සාප්පුවකට දෙන්න, සමහර විට හොයල තියන්නම් කියල දින කීපයකින් විතර එන්න කියාවි. ඔක්කොටම රුපියල් 1000 කට වඩා යන එකක් නෑ.

      Delete
    2. අනිවා උත්සහයක් දල බලන්නම් .ස්තුති

      Delete
    3. අඩො මී-ජයෝ මට මතක නැ බං මං ඕක හදපු රෙසපි එක.. ඕක අර බාබුල් වගේ විටක් බං.. තුවක්කුවක් නෙවෙයි..
      අනෙක දරලිපේ 800ට රත් කොරන්න බෑ මි-ජයෝ .. උඹ හදන්නේ 2012 අගදි මට කියලා පුකේ ඇරගන්නද?

      Delete
  3. බඩු ලිස්ට් ඒක කියවූ විට පිස්සු බම්ප් වී සද කැරකෙයි
    හරිම ලොල් සහගතයි නේද....හේ හේ හේ

    ReplyDelete
    Replies
    1. ඔබ රාවණා රජතුමාගේ ලේසර් අවිය භාවිතා කළානම් ඔය වගේ දෙයක් කියන්නෙ නෑ. හදලම බලන්නකො.

      Delete
    2. ඉතින් ඔයා ඒක හදලා බලලද මේ කියන්නේ. හැදුවනම් ඕකෙන් වෙඩි දෙක තුනක් ඉන්දියාව පට්ටට තියලා පෙන්නන්නකො.

      Delete
  4. හෙටම පොලේ ගිහින් බඩු ටික ගේනවා. බොහොම පිං මේ වගෙ සමාජ සත්කාරයක් කරණ එකට.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ශ්‍රේෂ්ඨ හෙළ විද්‍යාඥයෙක් බව මට හොඳට මතකයි, හැකි විගහට ඕක අත් හදා බලා අපටත් පවසන්න. හැක්නම් ලේසර් තුවක්කුව වැඩිදියුණු කර ශ්‍රී ලංකා යුධ හමුදාවේ ආයුධ ශක්තිය වැඩි කිරීමට උදව් වෙමු.

      Delete
  5. ඔබගේ මෙම කර්තව්ය සඩහා රාජ්ය අනුග්‍රහය ලබාගන්න බෑරිද??

    ReplyDelete
    Replies
    1. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය තිබේනම් කදිමයි. නමුත් රජයේ බොහෝ අය පර සුද්දන්ගේ තාක්ෂණයට වහ වැටී ඇති නිසා මූල්‍යාධාර ලබා දීමට කැමති නෑ.

      Delete
  6. LASER යනු Light Amplification by Stimulated Emission of Radiation (උත්තේජිත විමෝචනය මගින් ආලෝක වර්ධනය) වේ. මෙහි බුලත් මගින් උත්තේජනයත් ලින්ග කොටස් මගින් විමෝචනයත් මංජු තෙල් මගින් වර්ධනයත් ලබා ගත හැක. මෙම උත්තේජිත විමෝචනය (stimulated emission -http://en.wikipedia.org/wiki/Stimulated_emission) යන සංකල්පය හදුන්වා දුන්නේ ඇලපාත මුදලි හෙවත් ඇල්බට් අයින්ස්ටයින් (ඇලපාත අයියා ස්ටයිල් ) විසිනි. ඔහු රාවණ භක්තිකයෙක් වූ නිසා මෙම තාක්ෂනය දැනගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. සුද්දන් අකුරු අමුණ ලේසරයට ඉංග්‍රීසි අරුතක් දුන්නද ලේසර යනු හෙළ වදනකි. 'ලේ සර' යනු ලේ - රුධිර, 'සර' - ඊ තලය හෙවත් ලෙයින් සැදුනු ඊතලය යන්නයි. ලේසර ධාරාව රක්ත පැහැයෙන් දිස් වන නිසා මෙම නම දී ඇත. මා නිවැරදිද මීවනයාණෙනි ?

      Delete
  7. විකිපීඩියාවේ “වෛමානික ශාස්ත්‍රය“ පිලිබඳ ලිපියේ අපගේ මහා රාවණා රජතුමා ගැන කිසිදු සඳහනක් නොකිරීම අන්තිම තුප්පහි ජඩ ක්‍රියාවක් නේද ආචාර්ය ජයරත්නයෙනි! මේ සම්බන්ධයෙන් ඒ ලිපිය සංස්කරණය කල ඉන්දියානුවන්ට අප රාවණා නාමයෙන් සාප කල යුතුයි!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම, ඒකනම් මහම මහ බලු වැඩකි.

      Delete
  8. හෙලෝ මීවනයෙනි... උක්ත වට්ටෝරුවත් එහි ඇති සැකැස්මත් මනාකොට කියවා බලා අවබෝධ කොට ගතිමි..එහෙත් මා හට යම් ආකාරයක ප්‍රශ්නයක් නැගුනි...ඒ නම් මෙසේය...

    මෑතකදී අපගේ හෙළුවෙකු විසින් සකස් කරනා ලද මහා රාවණ ලේසර් විඳුම් යන්ත්‍රයෙහි සැකැස්මක් අප විසින් අධ්‍යයනය කරන්නට යෙදුනෙහිය... එහිත් මෙහිත් යම් යම් පරස්පරයන් ඇති බව දක්නට ඇත‍. එයින් මූලිකම දේ නම් "වේද බල ගැන්වුම" යැයි කියනා කොටසය... අනික නම් රස දිය යොදන කුටීරයයි...

    මෙවැනි වූ පරස්පරතා ඇති වන්නේ මන්ද..? ඔබ මෙන්ම ඉහත කී හෙළුවාද ඔරිමජිනල් හෙළු යකෙකි. එහෙයින් ඔහු පිළීබඳවත් ඔබ පිළිබඳවත් සැක කිරීමට අවස්ථාවක් නැත. ඔහු පිළිබඳව කියන්නේ නම් ඔහු බොහෝ සමර්ථයෝය.. ඩිජිටල් තාක්ෂණයෙහි කෙල පැමිණියෝය.. ග්‍රැෆික් නිර්මාණ කරණයෙහි ලා බුහුටියෝය... (ඩිජිටල් තාක්ෂණය හා ග්‍රැෆික් තාක්ෂණය යනු ගසට පොත්ත සේ අප හෙළුවන් හා බැඳී ඇති ඉපැරණි හෙළු තාක්ෂණික ක්‍රමයන් බව මා විසින් මෙහිදී වැඩි දුරට ඔප්පු කල යුතු නොවේ. කොටින්ම හෙළුවෙක් වීමටනම් ‍එකී සුදුසුකම් දෙක මනා කොට සපුරා සිටිය යුතුමය. එසේ නැතිව පුරාවිද්‍යා කෑණිම්. ‍ඓතිහාසික සාධක.. පුරාණ ග්‍රන්ථ හා සමකාලීන විදෙස් ග්‍රන්ථ හා ඉතිහාසය අධ්‍යායනය කිරීම් වැනි තුට්ටු දෙකේ සුද්දාගේ ක්‍රමයන් හී ඇති වැදගත්කමක් නැත. හෙළුව වනන්නෝ නම් ඩිජිටල් ග්‍රැෆික් සුරු විරුවන් විය යුතුමය..එසේ නොවන බව කීමට කිසිදු සෙල් ලිපියක් මෙතෙක් සොයාගෙනද නැත.එසේ හෙයින් එය සත්‍යක් ලෙසින්ම පිළි ගත යුතුමය..) ඉඳින් එසේ සමර්ථකම් ඇති කීබෝඩ් හෙළු වීරයින්හට වරදින්නට ඉඩක් ඇතැයි සිතිය නොහැක. එසේ නම් මෙතැනදී සිදු වූයේ කුමක්ද... ?

    කරුණාකර පැහැදිලි කර දෙනු මැනවි.

    ReplyDelete
    Replies
    1. හෙළෝ මාරය සබඳ, එය වැදගත් ප්‍රශ්නයක්. ඔය කියන හෙළ යකා වන පුලස්තියන් යනු සයිබර් අවකාශයේ රාවණ ඉතිහාසය තාත්වික කළ සමතෙකි. එතුමාට අනුව මහින්ද රාජපක්ෂ යනුත් රාවණ රජතුමාමය. මේ බලන්න https://www.facebook.com/photo.php?fbid=1339244155536&set=a.1343914752298.107333.1064110368&type=3

      මාරයා පවසා ඇත්තේ පහත පින්තූරය ගැන විය හැකියි.
      https://www.facebook.com/photo.php?fbid=1387234875274&set=a.1463698826825.118882.1064110368&type=3&theater

      ඒක ටිකක් වැඩිදියුණු කරන ලද ලේසර් තුවක්කුවක්. ඉහත මා දැක්වූ බෙහෙත් වට්ටෝරුව එහි වේද බලගැන්වුම් දොර‍ටුවෙන් ඇතුළු කළ හැකියි. රසදිය යොදා ගන්නේ ලේසර් ධාරාව ත්‍රීව්‍ර කිරීමටයි. ඉන් පසුව මැතිරීම කළ යුතුයි.

      තාමත් සමහරුන් පිස් ‍තෝලයකින් වෙඩි තැබූ බසුව බටය ලඟට කට තියා දුම් ටික පිඹින්නේ රාවණ රජතුමාගේ කාලයේ සිට පැවත එන සිරිතකට අනුවයි. ඒ කාලයේදී තුවක්කුවකින් වෙඩි තබා ඊළඟ වෙඩිල්ල තියන්න කලින් තුවක්කු කට ගාවට මුව ළං කර මතුරයි.

      Delete
  9. මේ ඇප්‍රෝචය නම් එතරම් සුදුසු නැහැ ජය-ර-තන, හෙළයේ පළමු සතුරා අතට යුධ රහස් හෙළි කිරීම මහා ව්‍යසනයන්ට අත වැනීමක්. පොදු යහපත උදෙසා මුෂ්ටිය රැකිය යුතු තැන රැකීම කල යුත්තේය. මේ වෙනුවට රාවණ (ඇතැම් ඒවා රාමගේ සොයා ගැනීමය) තාක්ෂණයේ යහපත් යෙදවුම් ගැන කථා කරන්නේනම් වඩාත් යෝග්‍ය බව මගේ වැටහීමයි.

    මා අද කියන්නම් RBI බුද්ධි සේවා වාර්තා අනුව, හෙළයන්ගේ පළමු සතුරා කවුරුන්ද යන්න. දෑස් හැර බලන්න හෙළයාගේ පරම සතුරා හෙළයාම බව. එදා තිබු එක්සත් කම අද ඔබලා සතුව තිබේද ? අනෙකා පාගා ඉහලට යන, වංචාව, හිංසාව පරමාදර්ශයට ගත් හෙළයා සමගමයි යළි නැගිටින රාවණට සටන් කිරීමට සිදු වන්නේ. එසේ නොකර ඔහු බාහිර සතුරන් සමග පළමුව යුධයට යන්නේන්නම් ඔහුගේ ඉරණම සතුරන් වුවත් අපටවත් වාවන්නේ නැත. එහෙව් නුතන හෙළයින්ට යුධ අවි තාක්ෂණය පබිලික ඩොමේනයේ ලබා දීම අමනෝඥ ක්‍රියාවක්.

    මතක තබා ගන්න, පර සුද්දාගෙනුත් , දේශීය විදේශීය අන්තවාදී පාර්ශව වලටත් වඩා හෙළයේ පැවැත්මට වින කරන්නේ හෙළයින්ම බව.

    හෙළය ශක්තිමත් වන්නේ යම් සේද, දක්ෂිණ භාරත උම්මන්තකයන්ගේ මුඛ පුට්ටුවද තව තවත් වැඩි වන්නේය. එවිට කෝපාවිෂ්ටව කුපිත වන ඔවුන් විනාශ කොට(ජාතික ආරක්ෂාව වෙනුවෙන්) භාරතය විලි ලැජ්ජා ඇති දේශයක් කිරීම රාමානුගාමික අපගේ ප්‍රමුඛ ඉලක්කයකි. එනයින් බලන විට තමන්ම විනාශයට ගෙන යන්නා වූ හෙළයෝ ඔවුන්ගේම හතුරන් මෙන්ම රාමානුගාමික අපගේද හතුරෝ වන්නේය. තව දුරටත් ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන අප, ඔබා හා යුධ වැදීම වෙනුවට හෙළයන්ගේ මස්තිෂ්ක ප්‍රතිස්ථාපනයට ඔබලාට හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට කැමැත්තේ සාමකාමී ලෝකයක් විශ්වයට ලබා දීමේ අරමුණෙනි.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්, ඉදිරියේදී රාවණ යුධ තාක්ෂණය හෙළි නොකිරීමට වග බලා ගන්නම්.

      මෙය වෛමානික ශාස්ත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තනයේ ගෙඩි පිටින්ම ඇති නිසා අළුතෙන් ‍රැකීමට දෙයක් නෑ, නමුත් අපගේ ඉපැරණි පුස්කොළපොත් වල සුද්දන්ට හිතාගන්නවත් බැරි තාක්ෂණික පැහැදිළිකිරීම් තිබෙනව. මිසයිල දහ දාහකට වඩා බලවත් අපේ හෙළ පිල්ලියක්. අපිට ඕනැනම් ඕනැ වෙලාවක පිල්ලියක් යවල බැ‍රැක් ඔබාමාව මරල දාන්න පුළුවන්.

      හෙළයින් ගැන කිව් දේවල් වලට සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
  10. එල එල.මේ දවස්වල සිද්ධ වෙන අපචාර හැටියට සියලුම කාන්තාවන් මෙම ලේසර් අවියක් තම ඇත බෑගයේ දමාගෙන යාම මැනවි යයි මට සිතේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඔය ගැන ගොසිප් සයිට් එකත් ලිව්ව

      Delete
  11. කදිමයි ආචාර්යතුමනි,ඔබ නම් මහා පින්වතෙකිය.ඔබ ලබන ආත්මයෙහි කිසිදු දුකකටනම් පත් නොවේවි.මක්නිසාද, ඔබ මේ ආත්මයෙහි බොහෝ පුද්ගලයන් ගණනක් සතුටින් තබන නිසයි.එත් පොඩි අවුලක් ඇත.ඔබේ බ්ලොග් අඩවිය කියවා අවසන් කරන සෑම විටම මාගේ මෑණියන් මගෙන් " මොකද පුතා දැන් වෙලා තියෙන්නේ?ඔය හැමවෙලේම ලැප් එක ලග ඉදන් බඩත් අල්ලන් හිනා වෙන්නේ?මේ ළමයට පිස්සුවක් හැදිලද මන්ද.දොස්තර කෙනෙක්ටවත් පෙන්නන්න ඕන" යයි පවසයි.ඉතින් ආචාර්ය තුමනි ඔබ මෙසේ මිනිසුන් සතුටින් තබන නිසා ලබන ආත්මයේ අනිවා ෆුල් ජොලියේ පසුවෙන බවනම් මට හුනා කිවා වගේ කියන්න පුළුවන්.ඔබට ජය.අහ් කියන්න අමතක උනා.ඔබත් සමග මගේ කිසිම අමනාපයක් නැත.මම ඔබේ බ්ලොග් අඩවියට ෆුල් ප්‍රචාරණයක් ලබා දෙන බවද පැවසිය යුතුයි.එහෙනම් සුබ පැතුම්.චිරාත් කාලයක් බ්ලොග් එක ලියන්න ලැබේව කියා ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. සුභාශිංෂණයට බොහොම තුති. නමුත් ඔබතුමාට සිනහා ගියේ මන්දැයි නොදනිමි. බොහෝ අය පවසා ඇත්තේ අපගේ හෙළ තාක්ෂණයේ මහිමය දැකීමෙන් ඇතිවන ආඩම්බරය නිසා මෙය කියවද්දී දෑස තෙත් වී කඳුළු කැට දෙකොපුළ් දිගේ පහලට ගලාගෙන යන බවයි

      Delete
    2. නැ හිනාවෙලා කදුලු එන්නෙ.

      Delete
    3. adenawa matath...............

      Delete
    4. ඇඩෙනවා තනි ඇහැට .......

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව

      Delete
    5. අනේ මන්ද මේක බලලා මටත් අංගොඩ ලගින්ඩ වෙයිද දාන්නේනැ

      Delete
  12. මෙහෙව් ආයුධ තියාගෙනනේ අපි සුද්දට අවුරුදු 400ක් විතර දර දිය ඇද්දෙ.අපරාදෙ ඒ කාලෙ ඕක දාන්ඩ බ්ලොග් එකක් තිබ්බනං අපේ උං සුද්දට දෙන්නේ ඇස්ටි හැලෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙ මේකනේ, මෙච්චර කියල දීලත් කී දෙනෙක් මේක අත් හදා බලාවිද? අස්සයට වතුර දෙන්න පුළුවන් පොවන්න බෑනෙ.

      Delete
  13. අපරාදේ අර යුද්ධ කාලේ මෙතුමා බ්ලොග් ලියන්න තිබ්බේ එහෙමනම් අවතාර් දෙනවා ප්‍රභාට වැඩක් ප්‍රභාටවත් තේරෙන්නේ නැති වෙන්න

    ReplyDelete
    Replies
    1. තව ටික දිනෙකින් අපේ යුධ හමුදාව ඉතාමත් බලවත් වේවි, ඉහත බෙහෙත් වට්ටෝරුව යොදා ගනිමින් හදන ලද ලේසර් තුවක්කු හමුදාවට බාර දීමේ කොන්ත්‍රාත්තුවක් මං ඉල්ලලයි තියෙන්නෙ.

      Delete
    2. ජයේ ..... ඔබතුමාට වෙපන් සප්ල්ය් කරන ටෙන්ඩර් එක ලැබුනම එක්තරා පුවත් පතක මෙහෙම හෙඩිමක් තියෙය් කියල මට හිතුන , බලන්නකෝ හොදය්ද කියල
      ........................................
      මෙන්න විශේෂ පුවතක්

      මීවන පාලනේ ජයරත්න ජයරත්න මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට ලේසර් තුවක්කු ලබාදීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත
      විශේෂය වන්නේ 100% පරම්මපාරික හෙළ "බෙහෙත් වට්ටෝරුවකට" අනුව නිෂ්පාදිත ආදී බල ලේසර් තුවක්කු යුද හමුදාවට ලබාදීමත් සමගම
      යුද හමුදාවේ නිල නාමයන්ගේ වෙනසක්ද සිදු කිරීමට අදාල බලදරින් තීරණය කොට තබේ

      ඒ අනුව මෙතෙක්
      දෙවන ලුතිනන් , ලුතිනන් , කපිතාන්, මේජර් අදී වශයෙන් තිබු නිල නම වෙනුවට

      හෙද සහයක
      හෙද , PHI , DMO , දොස්තර සහ කොන්දොස්තර ලෙස වෙනස් වීමට නියමිතය

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව

      Delete
    3. ජාතික රෝහලේ කාර්යමණ්ඩලය අද මද්යම රාත්‍රියේ සිට රජ කාරී වලින් බැහැර වීමට තීරණය කොට තිබේ
      රෝහල කාර්යමණ්ඩලය සහ වය්ද්‍ය වරුන් ඒකාබද්ද නිවේදනයක් නිකුත් කරමින් කියා දැන්ව සිටින පරිදි සිය නිල නාමයන් අත්තනෝමතික ලෙස යුද හමුදාවට ලබාදීමට එහ්රෙහිව දැඩි වුර්තිය ක්‍රියාමාර්ගයක් ගන්න බව පවසා තිබේ
      මේ අතර සවුක්ය ඇමති තුමා මෙමෙ ක්‍රියා මාර්ගය " හෙළා " දකිමින් උපවාසයකට එක්වීමට නියමිතය

      මේ අතර දුරකතනයෙන් අප හා සම්බන්ද වුනු පුද්ගලික බුස් හිමියන්ගේ සංගමයේ සබාපති "ගැමුණු " මහතා සදහන් කර සිටියේ නිසි ක්‍රියා මාර්ගයක් නොගත හොත සියලු කොන්දොස්තර වරුන් සමග වර්ජනයට එක්වන බවය්

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ ම

      Delete
  14. හෙලෝ මීවනපලානයෙනි..
    සෙල්සියස් 800ට රත් නොකර ඊට වඩා ලේසියෙන් ලේසරය නිපදවා ගත හැකි ක්‍රමයක් ඊයේ මට කුණ්ඩලීනියට සමවැදුනු පසු මතක් විය..
    පස්සෙ දවසක එම වට්ටෝරුව ඔබට ඉදිරි පත් කරන්නෙමි..
    මීට
    රාවන සෙන්පති තරියා...

    ReplyDelete
    Replies
    1. එය දැනගැනීමට කැමතියි, හැකි විගස පෙන්වා දෙන්න.

      Delete
    2. මම බඩු ටික හරි ගානට රත් කරලා අපේ බල්ලාගේ පුකේ තියනකොටම උගේ රෙන්ට බර නැති උනානේ. එම්බා මීපලය ප්‍රීති ප්‍රීති ප්‍රීති

      Delete
  15. හෙළෝ ආචර්යතුමනි මෙපමන කලක් මා මෙහි පැමිණියද කමෙන්ට් නොකලේ මට අපහැදිලි ස්තාන බොහෝ තිබුනු බැවිනි,,නමුත් මේ වන විට මම රාවණ ඉතිහාසය තේරුම් ගෙන එය පසුපස යන්නෙක්මි, මමද දැන් රාවණ අනුගාමිකයෙකි,එයට මාරයාතුමාද මට මහත් පිටුවහලක් විය.
    අද මේ ලේ සර තුවක්කුව ඉතාමත් හුරුබුහුටි හෙළ උපකරනයකි.භාවිතයට පහසු දෙයක් බව මැනිවින් තේරුම් ගතිමි.
    ඉතින් ආචාර්යතුමණි මට දැනගැනීමට අවශ්ය දේ රාවණ යුගයේදී,අප හෙළයන් ආහාර ගත්තේ කුමන ආහාරද?මොකද අද වනවිට අප පර සුද්දන්ගේ ආහාර විශේසයෙන් පිටි ගුළි අනුභව කර නොයෙක් නොයෙක් මාරාන්තික ලෙඩ රෝග වලින් පීඩා විදින ජාතියක් වී අහවරයි. ඔබ මෙහි හෙලයෙක් ලෙස කුමන ආහාර අනුභව කලයුතුදැයි සදහන් කිරීම මැනවී. රාවන අනුගාමිකයෙක් නම් අප රාවන ශක්තිය ලබා ගැනීමට එම ආහාර ලබා ගත යුතු බව මට කල්පනා වූ නිසා මෙය මෙසේ සදහන් කරමි.

    ReplyDelete
    Replies
    1. රාවන යුගයේදී ප්‍රධාන ආහාර වූයේ කොස් මුංඇට පොල් සම්බෝල ඇල් හාලේ බත් ආදියයි. නමුත් කරවල මෙන්ම ගං මාලු ආහාරයට ගත් අයත් සිටි අතර ඔවුන්ව බහුතරයක් හෙලුවෝ පිළිකුල් කළාහුය.

      එසේම බුරියානි (බුරි= බුරියයක් වගේ, යා=යාන්තමට, නි=නිපදවීම ... බුරියක් වගේ යාන්තමට නිපදවීම) මෙන්ම පීසා (පී=පීරිසියකට, සා=සාදනවා ... පීරිසියකට සාදනවා) ත් තිබී ඇත. නමුත් ඒවා ශරීරයට අහිතකර බැවින් හෙළයින් අත හැර දමා ඇති අතර අපගේ පුස්කොළපොත් කියවූ පර සුද්දන් ඒවා ඉගෙන ගෙන දැන් අපටම කියල දෙයි.

      Delete
  16. හදලා බලන්න ඕනා ඔය බඩු ටික නම් ලේසියෙන්ම හොයා ගන්න හැකි. දෙන්නම්කො වැඩේ හදාගෙන රාවනාට විරුද්ධ වෙන එවුන්ට

    ReplyDelete
    Replies
    1. හරි ගියොත් කොමෙන්‍ටුවකුත් දාන්න.

      Delete
  17. දැන් නම් රාවණ ලේසර් කිරණ ආයුධයකට කාලය හරි බැව් මටත් තේරුම් ගිහින්. අර පල කරලා තියනවා වගේම කණ්ණාඩියකුත් තියෙන හන්දා ඒ ආශාව තවත් වැඩි උනා. විශේෂයෙන් මේ සඳහාම ලංකාවට පැමිණ මේ ආයුධය සාදා ගැනීමට කල්පනා කලා.

    සියලු සත්වයෝ මින් පසු ගැහැණුන්ගෙන් ප්‍රවේසම් වෙත්වා...:D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හෙලෝ පොඩ්ඩි..... ඔබ තුමිය සත්තුන්ගෙන් වැඩ ගන්න මන්තරෙත් බොහෝ ජනයාගේ හිත සුව පිණිස මෙහි පලකල මැනව... මීවනයානෙනි රාවනා රජු සත්තුන්ගෙන් වැඩ ගත් රහස් මන්තරයක් වේ නම් හුදී ජන පහන් සංවේගය පිණිස මෙහි පලකල මැනව...."ශ්‍රී රාවණ සිද්ධම්"

      Delete
    3. කුමාරිහාමිට ජයෙන් ජය, ප්‍රතිඵල අපටත් දන්වන්න.


      ගුණේ, එවැනි මන්ත්‍ර වලින් බොහෝ අයහපත් දෑ සිදුවෙන්න පුළුවන්. නමුත් කාන්තාවන්ව වශී කරන මන්ත්‍ර ඉදිරියෙදි පළ කරන්නම්.

      Delete
    4. ඔය ලේසර ආයුදය පොඩිකුමරිහමිට ලැබුන දවසේ ඉදන් මම කුන්දලි යෝගය වඩනවා
      මගේ යටිබඩට පහලින් දරනගසගෙන සිටින නගය අවදි කරන්නට
      එය අවදි උනාම ඔය ලේසර් තුවක්කු කැලේ
      පොඩි කුමාරි අපි බලාගමුකෝ එහෙනම්

      ***** කුණ්ඩලි යෝගය වැඩ යටි බඩට පහලින් සිටින නගය අවදි වූ විට සිදුවන දෑ දැන ගැනීම සදහා අප මහා "ජයේ " උතුමාණන් ඒරිය 51 එකෙන් පැනගත් සැටි විස්තර කෙරෙන ඒ ඇගේ මාවිල් කෙලින් වෙන
      කියවගෙන යද්දී හදවත් මොහොතකට නතර වෙන (මට මානුෂිය මෙහෙයුම කාලේ රුපවාහිනී එකේ නිව්ස් මතක් වෙනවා )
      ඒ ලිපිය කියවන්න
      ලිපියේ සදහන් වන පරිදි ඒරිය 51 එකෙ තිබු "පඩික්කම" නොසලකා හරින්න

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව

      Delete
  18. මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.

    ReplyDelete
    Replies
    1. මේක මල්ලි සීරියස් කියන්නේ. ඔයා මේ ගැන හිතන්නේ මොකක්ද ?

      විජයත් එක්ක ආවේ 700දෙනෙක් නම් , ඒ ගොල්ලෝ ළඟ තිබුනේ ප්‍රාථමික අවි ආයුධනම්, ඒ 700 දෙනාට ඒ වන විට ලංකාවේ සිටි සියලුම මුල් ජානපදිකයන් සමුලඝාතනය කරන්න පුලුවන්ද . ඒ වෙන කොට ජනාවාස රටේ බොහෝ තැන් වල තිබුණ කියන එක මිත්‍යාවක් නොවේ, පුරා විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. 700 දෙනෙකුට ඒ සෑම ජනාවාසයකම සෑම කෙනෙක්ම, අඩුම තරමේ බහුතරය විනාශ කරන්න පුළුවන්ද ? විජයේගෙන් සිංහලයා පැවත එනවා කියන්නේ අමු කෙප්පයක්. විජය හා පිරිස ප්‍රාදේශීය ස්වදේශීය ජනතාවට මිශ්‍ර වුණා පමණයි. කොටින්ම විජය කියන්නේ බාහිර ආක්‍රමණිකයෙක් මිස සිංහලයේ ආරම්භකයා නෙවෙයි...

      Delete
    2. ජාති වාදයයි , ආගම් වදයටයි නම් මමත් කැමති නෑ.... මගේ අදහසත් සියලු මිනිසුන් ගොඩ දන්නා ඕන කියන එක......

      එත් ... විජයගෙන් අපි පැවතෙනවා කියන පුකේ කතාව නම් කියන්න එපා..
      ඒ ගොන් මී හරක් අවජතකයාගේ සම්භන්දයක් අපට නෑ.....

      Delete
    3. සිරාවට මචං.. අපි එන්නේ විජයගෙන් නෙමෙයි..

      Delete
    4. රාමා ගේ විග්‍රහය අතිශයින් තර්කානුකූලයි. බුදුන් දවස හෙළයේ යක්ෂ, දේව, නාග ගෝත්‍රවලට අයත් ජනයා හිටියේ හෙළය පුරා විසිරිලා. බුදු රදුන්ගේ පා පහස ලැබූ ස්ථාන සිතියමක් ගත්තොත් ඒක පැහැදිලිව තේරෙයි. එහෙනම් මේ 700 දෙනා ඔය ස්ථාන සියල්ලටම ගිහින් හෙළයො සියල්ලම ඝාතනය කරන්න පුලුවන්ද? ඒක ප්‍රායෝගිකද?

      ඩිලාන් වර්ගපූර්ණිකාව ගැන මොන අදහසක් දැරුවත් ඒක එයාගේ අදහස් දැරීමේ අයිතිය. ඒත විජය කියන පට්ට හොරාගෙන් සිංහලයෝ පැවත එනවා කියන්නේ 'දාර කෙප්ප' යක් බවට සාක්ෂි ඕන තරම්.

      Delete
    5. ඩිලාන්, මේක බොරුවක් නොවෙයි, හැබෑවටම පරීක්ෂා කර ලියන ලද්දක්, අනෙක් ලිපිත් කියවලා අපගේ උත්සාහය තේරුම් ගන්න, ශ්‍රී රාවණ රජතුමාගේ ඉතිහාසය යතාර්ථයක්, ඒක හංගන්න බෑ.

      අපි පැවත එන්නේ විජයගෙන් නොව මහා සම්මත මනු රජතුමාගෙනුයි.

      Delete
    6. මි-ජය දරුව අපේ දරැවන්ට ඔවැනි ආවුද හදන්නට ඉගැන්වීම යුතු නැත. මන්ද ඔවුන් ඒවා අව භාවිතා කිරීමට ඉඩ ඇත. ඒ නිසා එම ආවුදය ඔබ නිශ්පාදනය කර යම් එක් පුද්ගලයෙකු අත තබා අවශ්‍ය කරන අයට පැමිණ එය දැක බලා සත්‍ය වටහාගෙන යන්නට තිබෙන තැන පවසන්න.. එමගින් අපේ දරුවන් අහින්සක වේයන්ගේ හුඹස් බිඳීම මෙන්ම රුපියල් 2කට විකුණාගතහැකි බුලත් කොල තනිරපරාදේ විනාස කිරීමත් සුපර් ගූ වැනිදේ වෙනුවෙන් වියදම් කරන මුදලුත් ඉතුරු කරගත හැකි නොවේද

      Delete
  19. අම්මට සිරි ජයරත්නයෙනි... කිසිවෙක් වාසය නොකරන ඉස්සරහා ලෑලි ගෙදර සම්පූර්ණයෙන් පිස්සී අළුවී ගියේය.... අමුද්‍රව්‍ය තිබීම නිසා වහා සාදා නිම කලෙමි.. මෙතැන් පටන් මෙහි එන සියළු දේ ඉතාම අවබෝධයෙන් කියවා විශ්වාස කරමි....

    දැන් නම් මොකා ආවත් බියක් නැත..

    ශ්‍රී රාවණ සිද්ධම්......!

    ReplyDelete
    Replies
    1. බොහොම අගෙයි, අපට තවත් ඒ ගැන විස්තර ලබාදිය හැකිද?

      Delete
    2. ජයරත්න දරු, මට අතීතය සිහි විය... මා අතින් එක් වරක් වැරදීමකින් ඔය අවිය ක්‍රියාත්මක වි නුඹේ පයිය දා අලු වී ගියා මතකද??? දැන් පයිය කෙසේද???


      පයිය = බුලත් මඩිස්සලය - චිහ් ජයේ තොප බුලත් නොකෑවෙහිය. ඉදින් නුඹට බුලත් පයියක් නම් තුබුනේ නැතිමය..

      Delete
  20. හෙළ රකුසනෙනි,

    රාවණ රජුගේ දඬු මොනරය පිට සක්වල නිෂ්පාදනයක් බව හෙළි නොකරන්නේ මන්ද.... ඒ ගැන ලිපියක් දාන්න...

    ReplyDelete
    Replies
    1. දරැව මේක ඉස්ටාට් වෙන්නේ නැත.. වහා අතිතයට ගොස් මාගේ කාමරයේ පොඩි අල්මාරියේ ඇතුල් ලාච්චුවේ ඇති පැකට් එකකේ තියෙන කම්බි කූර ඔබේ අධෝ මුඛයට දමා.. අධෙ මුඛයේ වම් පැත්තේ එල්ලා ඇති හදිසි යතුර අරන් එව.. එනගමන් සිද්ධාර්ථ තෙල් කුප්පියකට රසදිය ජුංඩක් රැගෙන වර

      Delete
  21. අය්යෝ හිනා වෙලා බඩ රිදෙනවෝ...........!! මුව අන්ගොඩ ගෙනියන්න කව්රුත් නැද්දෝ....!

    ReplyDelete
    Replies
    1. එවපන් මං මූ ගැන බලාගන්නම්...

      Delete
    2. 'තින්ක් ට්වයිස්' කිව්වට, දෙසැරයක් හිතනව කොහොම වුනත්, එක සැරයක්වත් හරියට කියවල නෑ වගේ.

      Delete
    3. අංගොඩ ඉන්න ඩොකෙක් හම්බ වෙලා මට ලදී කිව්වා පිස්සොනට ට්‍රේඅට්මෙන්ට් දෙන්න කලින් උදේට වර්ගපුර්නිකව කියවන්න දෙනවා කියල
      එක උන්ගේ මනසට මර සැහැල්ලුවක් ලු
      එට පස්සේ ට්‍රේට්මෙන්ට් කරන්නා ලෙසිලු

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව

      Delete
  22. අනේ මන්දා බං.. මාවත් ඔෆිස් එකෙන් අංගොඩ යවනවා මේක දිගටම කියෙව්වොත්..

    ReplyDelete
  23. මෙහෙම මෙව්වා ගෙඩි පිටින් කිව්වාම මුන් මේවා හදලා අපිටම නෙලන්න බැරි නෑ.. ජයරත්නයාණනි රකුස් අපිට අපේම බඩු වලින් කන්නට අවැසි නැති නිසා මේ හෙළ තාක්ෂනය පිට නොදෙන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා... මූ හෙළුවන්ට කෙලෝලයි පස්ස බලන්නේ !!!

      Delete
    2. වැඩිය හෙළි කරන්නෙ නෑ, ඔය ටික ඉංග්‍රිසී වෙබ් අඩවි වලත් තියෙන එකනෙ

      Delete
    3. පිටට දෙන්ඩ ඕනා නෑ.. මූම කෙලිනවා හෙලුවන්ට.. රාවණ රාවණ කිය කිය රාවණ නමට කොරන නව නින්දා පේන්නැද්ද.. මට පේන්නෙ මූත් අර අවෘද්දකට සැරයක් රාවණාට ගිනි තියලා මරණ මෝඩ කාලකණ්නි ඉන්න අමන රටේ බත් බැලයෙක්ද කොහෙද.. මුගෙ ජොබ් එක තමා රාවණාව විහිළු කාරයෙක් කිරීම..

      Delete
  24. "ගම් යොදා ගන්නේ රාවණ තාක්ෂණයෙන් යුතු ලේසර් තුවක්කුවෙන් එන ලේසර් ධාරාවේ ලෙසර් කිරණ අතර ඇති බැඳීම වැඩි කිරීමටත් කිරණ විස්තාපනය වීමට නොදී කෙළින් තබා ගැනීමටත්ය. ඒ සඳහා සුපර් ග්ලූ වඩාත් යෝග්‍ය වුවත්"

    මාර අතල් එක නේ...

    ReplyDelete
  25. මෙවැනි දෑ ගුරු මිෂ්ඨි තබා නොගෙන මෙලෙස පොදුවේ කියවන්නට සැලැස්වීම මා විසින් හෙලා දකිමි. මෙවැනි වටිනා තාක්ෂණයක් පර සුද්දන් අතට පත් උවහොත් නැවතත් සිංහළ හෙළු ජාතියට යටත් වී සීටිමට සිදු වනු නොඅනුමානය.

    පරසුද්දන් ලේ-සර ආවුද නිපදවා සිංහල හෙලයන්ගේ පස්සා පැත්ත නිල් වෙන්ඩ වෙඩි තබන දිනය වැඩි ඈතක නොවේ. ඒ නිසා වාහා වහා පියවරක් ගනු ඇතැයි අප විසින් බලාපොරොත්තුවෙන් සිටිමු !!!

    රාවණා සිද්ධම් !!!

    ReplyDelete
    Replies
    1. පරසුද්දන් විසින් නිපදවූ සිංහල හෙලු ආවුදයකින් පස්සා පැත්තෙන් දුං දාන්ඩ වෙඩි කන පලවෙනියා අපගේ ආචාරි මිවනපලානයන් වනු දැකීම කෙතරම් අභාග්‍යයක් දෑ... අහෝ මේ දෑස මක්කටද !

      Delete
    2. වැඩිය හෙළි කරන්නෙ නෑ, මේවනම් ඉංග්‍රීසි සයිට් වලත් තියෙනව

      Delete
  26. මීවනපළානේ ජයරත්න මහත්තයා, මෙවැනි වටිනා ශාස්ත්‍ර ධර්මයන් ගැඹුරින් ගවේෂණය කර, අප කාටත් තේරුම් ගන්න පහසු ලෙස විස්තර කර දීම ගැන අපි ඔබ තුමන්ට ඉතාමත් ස්තූතිවන්ත වෙන්න ඕනෑ.
    ඔබ තුමන් සඳහන් කර ඇති වට්ටෝරුවේ අවශ්‍ය දේ බොහොමයක් සොයා ගත හැකි වුණත්, කඩුපින්ජුර, දුර්නී, රුද්‍රණි ගවෝෂර, තින්නවේලී සෙන්න යන ඒවා පමණක් සොයා ගත නොහැකිවයි මේ ලියන්නේ. මේවා ගැන යම් හෝඩුවාවක් ලබා දිය හැකි නම්, ඔබ තුමන්ට ගොඩක් පින් අත්වෙන්න ඕනෑ. අවසන් ගැටඵව තමයි දර ලිපෙන් සෙල්සියස් අංශය 800 දක්වා රත් කරන එක. තරහා නොවී ඒ ගැනත් කියා දෙන්න ඇහැකි නම් ඔබ තුමන්ට ගොඩක් පින්.

    ReplyDelete
    Replies
    1. ඉහත දැක්වූ වට්ටෝරුවේ පින්තූර වෙන වෙනම ඉදිරියේදී දක්වන්නම්. දර ලිපෙන් එතරම් උශ්ෂත්වයක් ගැනීමට දර ලිප සෑදිය යුත්තේ සූර්ය වැලි මතයි. තවත් ක්‍රම තිබේ.

      Delete
  27. දෙවියනේ ඇඩෙනවා.....
    කොමෙන්ට්ස් බලලා බඩ පැලෙනවා හිනා වෙලා....

    ReplyDelete
  28. මම මෙ blog එක කාලේක ඉදන් බලන් හිටියා ඇත්තට ඔබගේ අරමුන කුමක්ද පළානේ ඔබ සදහන් කරන පරිදි රාවණ රඡු නින්දේන් අවදිවිමට තව ඊතිරි වි ඇති දින ගණන කොපමණද?මෙතරමි තාක්ෂණයක් තියේනවනමි ඇයි ඔබ ගේමිබෙකු සේ සැගවි සිටින්නේ

    ReplyDelete
  29. හරිගියා!!! හරිගියා!!! අති උතුම් ජයරත්නයෙනි....... මා විසින් ලේසරයක් නිපදවූවා....... හුරේ!!! දැන් ඉතින් මා කිසිකෙනෙක්ට බිය නොවෙමි.....හෙළුවන්ගේ තාක්ෂණය ලබා දුන් ඔබට මා සදා ණයගැතිය මගේ ආචාරය

    ReplyDelete
  30. ජයේ .....
    ඕකට ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ
    බුලත් කොළ ස්වල්පයක් ගෙන හුණු ස්වල්පයක් සමග කටේ දම හොදින් හපන්න
    ටික වෙලාවක් පු පසු ඔබේ මුකය තුල ලේසර් දරාව දියර ස්වරුපයෙන් ඇතිබව ඔබට දැනේවි
    (ලප් ගෑස් සිලින්ඩරයක් තිළ ඇත්තේද මෙමෙ තාක්ෂනයි , එය සිලින්ඩරය තුල දියර ස්වාබවයෙන් පවතී , )
    ඉන් පසු එම දියරය කටේ තියෙද්දීම අමාරුවෙන් හෝ ශ්‍රී රවන සිද්දම් යය හද කියා අදාල ඉලක්කය වෙත මුකය එල්ල කර තූ තූ තූ කරන්න
    අත්දුටුවය් ප්‍රත්යක්ෂය්

    හබි මේකේ දියර ස්වබාවය කිරණයක් දක්වා පරිවර්තනය වන්නේ බාවිතා කරන්නා ගේ ලේ වල හෙළ ලේ සම්බවිතව අනුව පමණි
    නැත හොත් එය තව දුරටත් දියර ස්වාබවයෙන්ම පවතී



    ප ; ලි : මේක තිබ්බේ හන්දියේ ඇතාගේ කඩේ බුලත් විට ඔතල දීපු ඓතිහසික ලේකනයක
    කරුමෙට ඉතිරි කොළ ටික සුද්දෝ හොරකම් කරලා

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රා

    ReplyDelete
    Replies
    1. අඩො උඹ වැදගත්ම දේ ලියලා නෑ. බුලත් කොල ගනිද්දි පොලව අල්ලලා ස්ථිති විද්‍යුතය අයින් කරන්න ඔනැ.

      Delete
  31. මම මෙ blog එක කාලේක ඉදන් බලන් හිටියා ඇත්තට ඔබගේ අරමුන කුමක්ද පළානේ ඔබ සදහන් කරන පරිදි රාවණ රඡු නින්දේන් අවදිවිමට තව ඊතිරි වි ඇති දින ගණන කොපමණද

    ReplyDelete
    Replies
    1. මගේ අරමුණ රාවණ රජතුමාට නින්දෙන් අවදි වී රාජ්‍ය බලය ලබා ගැනීමට අවශ්‍ය ජනමතය සෑදීමයි. එතුමා 2012/12/12 දින නින්දෙන් අවදි වෙනව. වැඩි විස්තර මෙතන http://vargapurnikava.blogspot.com/2012/06/2012-unp.html

      Delete
    2. "අපි පැවත එන්නේ විජයගෙන් නොව මහා සම්මත මනු රජතුමාගෙනුයි." - අගයැති කතාව. නිවැරදිව කියනවා නම් හිරු නම් කෙනාගේ දරුවන්ය/නිපැයුමක්ය. පසු කාලීනව සූර්යයාට එම නම දුන් නිසා කනාට කොකාගෙ පාට කීවා වැනිව, සූර්යයාට හිරු යයි කනුන් කියනු ලැබේ.

      "මගේ අරමුණ රාවණ රජතුමාට නින්දෙන් අවදි වී රාජ්‍ය බලය ලබා ගැනීමට අවශ්‍ය ජනමතය සෑදීමයි." - උත්සාහ කලත් නොකලත් නැවත කරලියට ඒම නැවතිය හැකි ජගතෙක් විශ්වයේම නැත. ඔබේ සීමිත දැනුම බාධාවකි. විදේශිකයන් කී නමින් ඔබ දැන සිටියද සිහළ නම නොදැනීම නිසා උත්සාහය ඵල රහිතය. නිදා ගන්නවා යයි කියන්නේ නොදන්නවුන් ය. සැබෑව නම් මිනිස් වෙස් ගෙන එන්නේ මුහුණ පා ඇති අර්බුධයෙන් ගලවා ගෙන මග පෙන්වීමටය. ඔබ කී ලෙස දැන් මන්තර වේදය ගැන සොයන අතර විකෘර්ති කර මුදල් ගැරූ අමනයන්ට මාරක අපල උදා කරාවි.

      "එතුමා 2012/12/12 දින නින්දෙන් අවදි වෙනව/කරලියට එනවා." - ඔබද උපත සොයා ගිය උන් අනා ගත්තා සේ අනාගෙන ඇත. බටහිර විදියට වසර නිර්ණය කිරීම ගොන් කමකි. මහ සම්මත මනු රජ කල පටන් සිංහල අවුරුදු මාරුව වන්නේ අප්‍රේල් මැද මනු මාළිගයට ඉර මුදුන් වූ විටය. එනම් බටහිර විදියට මේ දිනයට තව මාස හතරක් එකතු කල යුතුය. එනම් 2013 අප්‍රේල් මස 12 හෝ නව වසර පටන් ගන්නා දිනය. වැරදියට දින ගැන හේතුවක් නැතුව බොරුකාරයෙක් නොවීමට මෙය කීවෙමි.

      Delete
  32. The Vaimānika Shāstra ( वैमानिक शास्त्र, lit. "shastra on the topic of Vimanas"; sometimes also rendered Vimanika, Vymanika) is an early 20th century Sanskrit text on aeronautics obtained by psychic channeling and automatic writing. It makes the claim that the vimānas mentioned in ancient Sanskrit epics were advanced aerodynamic flying vehicles, similar to a rocket.

    මී පල වන්නයෝ this thing is an early 20th century Text. (as per your link , linking to wikipedia) on වෛමානික ශාස්ත්‍රය then how the ..... was it fitted in the Dadu monara ages ago? කියපන් පුළුවන් නං කලා යාත්‍රා කරා කියලා

    ReplyDelete
  33. ගම් යොදා ගන්නේ රාවණ තාක්ෂණයෙන් යුතු ලේසර් තුවක්කුවෙන් එන ලේසර් ධාරාවේ ලෙසර් කිරණ අතර ඇති බැඳීම වැඩි කිරීමටත් කිරණ විස්තාපනය වීමට නොදී කෙළින් තබා ගැනීමටත්ය. ඒ සඳහා සුපර් ග්ලූ වඩාත් යෝග්‍ය වුවත් අතිතයේදී හෙළයෝ යොදාගෙන තිබෙන්නේ කජු කිරි වෙයි. (කජු ගකක මුල කැපූ විට වෑස්සෙන කිරි). ඊට අමතරව කොළ අලවන ගම්, බයින්ඩර්, පාප්ප, එස්ලෝන් ගම් මෙන්ම චුවිං ගම් නොහොත් බබල් ගම්ද භාවිතා කිරීමට පුළුවන්.

    පට්ට ආතල් ඔයි. මේවා කියවද්දි ලේ ටික පිරිසිදු වෙනවා.

    ReplyDelete
    Replies
    1. මීවනය . ලේසර් තිබුනු රාවනාට ගම් තිබුනෙ නැද්ද? ගස්වල ඉටි වර්ග (කජු කිරි) භාවිතා කලානම් නොදියුනුයි ඒක පැහැදිලියි. ශ්‍රී රාවන සිධ්දම් කියන්නෙ ඇයි? මේකට උත්තරේ දෙන්න බැරි උනොත් මේ කියන දේ ඔක්කොම ‍බෙරු.

      Delete
  34. මේක ඒ පාර කොමිටල් තැනක් වගේ, මෙ ලිපිය ලියාපු කෙනා තැනක ලියලා තිබ්බා මේ ලේසර් තාක්ෂණය අත් හදා බැළුවා කියලා අනේ ඉතින් බ්ලොග් එක්ක් ලියන මිනිහාට අටවාපු දෙයක් යු ට්යුබ් එකට දමන්ඩ බැරිද කියලා, අපිට හදන්ඩ කියන්නේ

    ReplyDelete
    Replies
    1. මම එය නව නිෂ්පාදකයින්ගේ සංගමයට බාර දී ඇති බැවින් පේටන්ට් ලැබෙන තුරු යු‍ටුයුබ් වීඩියෝ දැමීම හෝ ඒ ආකාරයේ අදාල නිර්මාණය දර්ශන සහිතව ප්‍රසිද්ධ කිරීම මගින් නව නිර්මාණයේ අයිතිය පිළිබඳව ගැටළුවක් ඇති වීමට ඉඩ තිබේ.

      Delete
  35. ඇහුවට තරහ වෙන්ට එපා අයිබෝවන්ඩ රාවණාගේ කාලේ කුණුහරුප තිබ්බේ නැද්ද???

    ReplyDelete
  36. ජයරත්න මල්ලි, ඔයා මේව ලියන්නෙ අංගොඩ මානසික රෝහලේ ඉඳන් නේද? ඔයාගෙ ඇත්ත නම කියන්ඩකො මං දන්න හොඳ වෙද මහත්තයෙක් ඉන්නව ඔයාගෙ ලෙඩේ ටක් ගාල හොඳකරල දෙයි. ඔයාගෙ අර ලිංගික අප්‍රාණිකත්වයටත් එයා ලඟ බේත් තියෙනව. පස්ස පැත්තෙ හිල ලොකුවෙලා තියෙන එකත් පොඩි කරල දෙයි.

    ReplyDelete
  37. අනේ හු**** බොරැ දාන්න එපා

    ReplyDelete
  38. oya mehema kaloth narakada me hamadema media walata kiyala famous kaloth mulu ratama me gana dana gannawa oya me vidiyata karanna mama me site eka kiyewwa namuth mata es adahagannawath baha

    ReplyDelete
  39. Please stop telling lies. Donn't destroy our culture. what is going on. What is the purpose of this kind of cheap stories.

    ReplyDelete
  40. මන් හදපු තුවක්කුව වැඩ කරනවා නමුත් එල්ලය තරමක් වෙනස්. එනම් මම එල්ල කරන වස්තුවට තරමක් වම් පසින් තිබෙන වස්තුවකට කිරන එල්ල වී එය විනාශ වෙයි. මෙයට හේතුව කුමක් විය හැකිද? කජු කිරි යොදාගැනීම හෝ යොදාගත් දර්පනයේ වරදක් විය හැකිද?

    ReplyDelete
  41. hinaaa kala marenawa oiii me pissu yakku karanawa ewa dakkama aiooooo sri lanka,,, tenison kuretath wada darfunu wihilune mewa mama aththatama mewa dakala pukenuth hina wenawa aiooo sri lanka...

    ReplyDelete
  42. රාවණා බීපු කොළ කන්ද එකේ රෙසපි එකද කොහෙද?

    ReplyDelete
  43. rawana kiyanne boruwak ehema ekek indala na. meka walige pagagena kegahanawa. ehema ekek innawa nam me ratata hena gahila yana welawe oka budiyagena indida. meka suddonta banala benala antimata okkoma nasa eken oppu karala tiyanawa kiyanawa. lol nasa eka rawanageda? andha wiswasa atarala dala widyawa igenaganna. batahira widyawa nattan mun blog liyai goo gal wala.

    ReplyDelete
  44. rawanakiyala ekek hitiye na ban. uba komada eka oppu karala kiyanne ehema ekak hitiya kiyala? hitiyat eka genu horek, wanduro puke arala yanakan melo deyak karaganna bari una ne okata. ehew eka nagitinakan balan innawa.

    ReplyDelete
    Replies
    1. @mo(nkio) = මන්කියෝ,

      උඹ නම් හින්දු වඳුරෙක්, ගව මුත්‍රා ගැලුමක් විතර බීල වරෙන්. උඹ ඔය රාමායනේ බලලද ඉතිරි ටික ලිව්වේ.

      එහෙනම් Rambo Series එකම බලල, වියට්නාමෙට ගිහිල්ල, රෙද්ද උස්සලා, පුක පෙන්නලා, කියපන් "හූ! හූ! හූ! උඹල පරාදයි. යැංකියෝ දින්නෙ. හුරේ!" කියල. ඉතිරි ටික උඹ පණ පිටින් ආපහු ආවොත් කියන්නම්.

      Delete
  45. පෝස්ටුවට හද පිරි තුති!!!!
    අපේ දේ ගැන අපි දැනගත යුතුම‍ය...

    ReplyDelete
  46. ඊයම් කොටස් 8ක්, ශාල්මලී කොටස් 3ක්, දුර්වරා කොටස් 7ක්, කඩුපින්ජුර කොටස් 8ක්, දුර්නී කොටස් 21, සුර්ය පළිගු කොටස් 7ක්, රුද්‍රණි ගවෝෂර කොටස් 27ක්, බුලත් කොල කොටස් 6ක්, කෞතිල කොටස් 8ක්, වීරාභර ලින්ග කොටස් 30ක්, ලුණු කොටස් 8ක්, මාතෘණ කොටස් 6ක්, වැලි කොටස් 6ක්, ධිම්බික කොටස් 3ක්, සින්ක් කොටස් 8ක්, හුබස් පස් කොටස් 13ක්, මැලියම් කොටස් 6ක්, කුම්භණි කොටස් 3ක්, මංජු තෙල් 3ක්, තින්නවේලී සෙන්න කොටස් 27ක්, ගෝධාම්ල කොටස් 6ක්, සිල්ක් කපු කොටස් 8ක්, විරින්චි සත්ව කොටස් 8ක්, කන්ද කොටස් 5ක්, කහ හිරියල් කොටස් 3ක්, කර්මු


    meva sinhalen danna kenek dannkoo
    loku udawvak

    ReplyDelete
  47. ආචාර්ය මීයාණෙනි,
    මෙවන් ලේසර් විදින වටිනා තාක්ෂණයක් නුඹ මෙහි පැහැදිළි කර ඇති අයුරු නම් කදිමයි! නොහැකිද නුඹට ලේසර් තුවක්කු කම්හලක් අරඹා, ලංකා යුධ හමුදාවට සේවයක් සපයන්න?
    බොක්කෙන්ම කියන්නෙ.

    ReplyDelete
  48. ug meyeÈ,s lr, fokaka mq`tjkao fldgila lshkafk .%Eï lShlao lsh,

    ReplyDelete
  49. අනේ අපොයි මොකද මේ තරම් විහිලු අන්තර්ජාලයේ දාන්නෙ? මෙවගෙන් වෙන්නෙ රාවණා රජතුමාව විහිලුවකට ලක්වීමයි. කූන්ඩිලීනී යොගය ප්රගුන කිරිමෙන් නොයෙකුත් අද්භුත මැඩ කල හැකි බව මා අද්දැකිමෙන් දන්නවා. නමුත් මෙවැනි විකාර වලින් ලේසර් ගන් එකක් හදන්න බැ. හදන්න පුලුවන් ඇත්තම විදිහ තමයි. නිල් පාට කිරණ බවිතා කරන ඩීවීඩි රයිටරයක් මිලදීගෙන එහි අහුලූවෙ ඇති ලේසර් ආලොක විමොචන ඩයොඩය (එල්.ඊ.ඩී) ගලවාගෙන එය කාච පද්ධතියකින් වර්ධනය කිරීමයි. එවිට තහඩු පවා කැපිය හැකියි.

    ReplyDelete
  50. මා විසින් සූර්ය තාපය උපයෝගී කරගෙන කි.මී 10ත් 12ත් අතර ප්‍රමාණයක් දුරින් වන වස්තුවකට බලපෑම් කල හැකි යන්ත්‍රයක් සදා අත්හදා බැලුවෙමි. රාවණා රඡ සමයේ ඔබ විසින් දක්වා ඇති තාක්ෂණයට වඩා විශාල තාක්ෂණ ක්‍රම භාවිතා කර ඇති බවද මතක තබා ගන්න. මිනිසුන් මුලාවේ දමන බොරු දේවල් ඉදිරිපත් කරන්න එපා.

    ReplyDelete

නුදුරු අදහස්