Saturday, July 14, 2012

තාරකා දොර‍ටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා (1 කොටස)

සමකාලීන මිසර සහ බැබිලෝනියන් ශිෂ්ටාචාර සමග රාවනා රජතුමා සෘජුවම සබදතා දක්වා ඇති බව මීට පෙර සටහනකින් පැවසුවෙමි. ඒ අනුව මහා රාවනා යුගයද පෙර කී ශිෂ්ටාචාර වල පරිසරයන්ගෙන් යුක්ත විවුණ බව දැනටමත් සනාථ වී ඇත. පෙර කී මිසර, සුමේරියන්, බැබිලෝනියන් ශිෂ්ටාචාර වලට පිටසක්වල සම්භවයක් ඇති බවත් ලොවම දන්නා සත්‍යයකි. මහා රාවනා රජුගේ කාල පරිච්ඡේදයෙන්ද මේ හා සමාන පිටසක්වල සම්භවයක් පිළිබදව හෙළි වේ.

මේ ශිෂ්ටාචාර සියල්ලක්ම එක හා සමාන කාලයකදී ආරම්භ වී (අහසින් පැමිණි සිංහ මිනිසුන්ගෙන්) එක හා සමාන කාලයක පැවතී එක සමාන කාලයකදී විනාශ වීම පුදුම සහගත සිද්ධියකි. එකී සමකාලීන ශිෂ්ටාචාරයන් එකිනෙක අතර තිබූ සහසම්බන්ධය එමගින්ම පැහැදිළි වෙයි.

අප රටේ සිට පිටසක්වල ජීවින් පිළිබද අධ්‍යනයක් කරන විට, අපට නැතුවම බැරි මූලාශ්‍රයකි "සක්වල ගල". "තාරකා දොරටුව" , "සක්වළ යතුර" හා "සක්වල චක්‍රය" ලෙසද හදුන්වනුයේ මෙයම වේ. ඉoග්‍රීසි බසින් STAR GATE යනුවෙන් හදුන්වයි.

තාරකා දොර‍ටුවක් යනු විශ්වයේ ඉතාමත් ඈතින් ඇති ස්ථාන දෙකක් අතර ක්ෂණිකව ගමන් කිරීම සඳහා යොදාගත හැකි දොර‍ටුවකි. එනම් එලෙස ගමන් කරන ස්ථාන දෙකේම තාරකා දොර‍ටු තිබිය යුතුය. එවිට එක දොර‍ටුවකින් ඇතුළු වී අනෙකුත් දොර‍ටුවෙන් පිට වීමට පුළුවන්. වැඩි විස්තර විකීපීඩියාවෙන් බලන්න.

ඔබ The Stargate , Night At The Museum 2, Sinhaawalokanaya, Spellbinder 3 වැනි චිත්‍රපට නරඹා තිබේනම්, චක්‍රාවාට හෝ කාලය අතර ගමන් කිරීම සඳහා යොදා ගන්නා තාරකා දොර‍ටු (හෝ එවැනි යානා) ගැන දන්නවා ඇති. උදාහරණ ලෙස පහත දැක්වෙන The Stargate චිත්‍රපටයේ වීඩියෝවෙන් එය දිස් වන ආකාරය බලන්න. (ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි සංස්කරණය කර නැති නිසා කුඩා දරුවන් සඳහා මෙය නැරඹීම කිසිසේත්ම සුදුසු නොවේ)



කෙසේ නමුත් මෙය ඉතාමත් සංකීර්ණ සිද්ධාන්තයක් බැවින් මේ ගැන අධ්‍යයනය කර නොමැති සහෘදයින්ට තාක්ෂණික කරුණු (ස්ටිෆන් හෝකිං ගේ ලිපි කියවා බලන්න) පිළිබඳව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ දීර්ඝව පැහැදිළි කිරීමට බලාපොරොත්තු නොවන අතර හෙළ තාක්ෂණය අවබෝධ කරගැනීම සඳහා ඇවසි පමණට කෙටියෙන් දක්වන්නම්. ඒ සඳහා පහත රූප පෙළ බලන්න.

ක්‍රියාත්මක නොකළ තාරකා දොර‍ටුව

තාරකා දොර‍ටුව ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා දැක්වුම් නිවස්න උපකරණය (Dial-Home Device)

අවශ්‍ය බලය සපයා නිසි සුසර කිරීම් වලින් අනතුරුව "දැක්වුම් නිවස්න උපකරණයෙන්" යා යුතු මාර්ගය දැක්වූ විට තාරකා දොර‍ටුව මැද වෝටෙක්ස් වලින් පිරී යයි.

ක්‍රියාත්මක කළ තාරකා දොර‍ටුවක අස්ථායී වළාවන් (unstable vortex) පිටවෙන ආකාරය.

තාරකා දොර‍ටුවෙන් ඇතුළු වන කාලාත්‍රයේ/විශ්වාත්‍රයේ තීර්ථ යාත්‍රිකයා තාරකා දොර‍ටුව හරහා අනිත් විශ්වයට ගමන් කරන මොහොතේ ඔහුට දිස් වන ආකාරය

මෙම තාරකා දොර‍ටු වලින් අවකාශයේ ඇති ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට මෙන්ම කාලය හරහා ගමන් කිරීමටත් හැකියාව තිබේ. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා නියමයට අනුව අවකාශය සහ කාලය ශ්‍රීතික බව ඔබ දන්නා නිසා මෙය වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ වෙනම පැහැදිළි කළ යුතු නැතැයි සිතමි.

අතීතයේදී මේ තාරකා දොර‍ටු තාක්ෂණය භාවිතා වුන බව ඔබ දන්නවාද? එයත් අපගේ හෙළයින්ගේම නිර්මාණයක් බව ඔබ දැන සිටියාද? ලිපියේ අවසානයේදී මේ ගැන පැහැදිළි කරන්නම්.

මුලු ලෝකය පුරාවටම "සක්වල දොරටු" කිහිපයක් සොයා ගෙන තිබේ. ඉන් වැඩි කොටසක් ,මහා රාවනා රජු සබදතා දැක්වූවායි සැළකෙන ශිෂ්ටාචාර වලට අයත් වෙයි. මිසරය ඉන් එක් ශිෂ්ටාචාරයකි. එහි ඇති "තාරකා දොරටුව" වඩා විශාල වූ එකකි.

මිසරයෙන් හමුවූ තාරකා දොර‍ටුව

පේරු හි ඇති තාරකා දොර‍ටුව

අනුරාධපුරයේ ඉසුරුමුණියේ තිබෙන තාරකා දොර‍ටුව

කළින් ලිපියක දැක්වූ විදියට ඉසුරුමුණියේ ඇති තාරකා දොර‍ටුව බහුකාර්ය මෙවලමකි. එය තාරකා දොර‍ටුවක් වීමට අමතරව, පෘථිවියේ ශක්ති කේන්ද්‍ර පරිපථයක් ලෙසත් ක්‍රියාත්මක කරයි. ඉසුරුමුණි තාරකා දොර‍ටුවේ ඇති අනික් විශේෂත්වයනම් දැක්වුම් නිවස්න උපකරණය (Dial-Home Device) පිහිටා තිබෙන්නේ එහි මතුපිටම වීමයි. එනම් ඉසුරුමුණි තාරකා දොර‍ටුව ස්පර්ෂ කිරීමෙන් ගමනාන්තය සඳහා අවශ්‍ය විධානයන් දැක්වීමට පුළුවන්. එනම් එය Touch Pad එකකි. ඒ අනුව ලෝකයේ මුල්ම Touch Pad එක හදා තිබෙන්නේ රාවණා රජතුමා විසින්ම බව පැහැදිළි වෙයි.

තවමත් බොහෝ රාවණ ගවේශකයින්ට ඉසුරුමුණි තාරකා දොර‍ටුවේ ඇති සටහන් වටහා ගැනීමට නොහැකි වූ බව කීම ගැන මා කම්පා වෙමි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඉතමත් රහසිගතව වාසය කරන, ලංකාසීනිවුස් වෙත අනාගත වාකය ලබා දෙන සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ දැනුම ලබා ගන්නා තාපස තුමා එම තාරකා දොර‍ටුව ගැන වරක් මා හට පැහැදිළි කළ සේක, ඒ ගැන ඉතාමත් සරළව පවසනවානම් එහි ඇති රූප, විග්‍රහ වන්නේ මෙලෙසයි.

මධ්‍යයේ ඇති වළලු වලින් දැක්වෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයයි. එසේම ඊට වයඹ දෙසින් දැක්වෙන වළලු වලින් දැක්වෙන්නේ "ඇල්නිලම්" ග්‍රහලෝකය සහිත ග්‍රහ මණ්ඩලයයි. (වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ ලිපි කියවා ඇත්නම්, "ඇල්නිලම්" යනු රාවණා රජතුමා පැමිණි ග්‍රහලෝකය බව ඔබ දැනටමත් දන්නවා ඇති.) ඉන් පසුව සූරග්‍රහ මණ්ඩලයට වයඹ දෙසින් පහලින් දැක්වෙන්නේ කළු කුහරයකි. සූර්යග්‍රහ මණ්ඩලයට ඈතට වීමට දෙපසින් ද එවැනි කළු කුහර දෙකක් තිබේ. ඊට අමතරව තාරකා දොර‍ටුව වටා ඇති වළල්ලේ ඇති රූප වලින් (මීන, වෘෂභ, කටක, කුම්භ) දැක්වෙන්නේ තාරකා රාශීන්ය. කාලාත්‍රය හරහා යාමේදී මීන රාශිය බොහෝ විට හමුවෙන බැවින් එය කිහිප තැනකම දැක්වෙයි. සූර්යග්‍රහ මණ්ඩලය අවටින් ඇති කතිරයක් සහිත බෝල වලින් දැක්වෙන්නේ රාවණා රජතුමා විසින් පිහි‍ටුවන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානයන්ය. (ලෝකයේ මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන හදා ඇත්තේත් රාවණා රජතුමාම බව එමගින් පැහැදිළි වෙයි). එම මධ්‍යස්ථානයන් විශ්ව නිරීක්ෂණ ආයතන ලෙස වැඩ කරන අතර අවශ්‍ය වුවහොත් අභ්‍යවකාශගාමී හෙළයින්ට ඒවාට ගොස් පදිංචි වීමටත් පුළුවන.

ඉසුරුමුණි තාරකා දොර‍ටුව විස්තරාත්මකව ඇඳ ඇති සටහනක්

ඉසුරුමුණි තාරකා දොර‍ටුව අසළට පැමිණෙන කාලාත්‍රයේ හෝ විශ්වාත්‍රයේ තීර්ථයාත්‍රිකයා පළමුව රාවණ විශ්ව මන්ත්‍රය මැතිරිය යුතුය. එම මන්ත්‍රය, තාරකා දොර‍ටුව විවෘත වීමට අවශ්‍ය මුර පදය ලෙස භාවිතා කරයි. ඒ අනුව ශබ්ද මුරපද ක්‍රමය හෙවත් Voice Password ලොව මුල් වරට හඳුන්වා දී තිබෙන්නේත් රාවණා රජතුමමයි.

අදාල මන්ත්‍රය මැතිරීමෙන් පසුව ඉසුරුමුණි තාරකා දොර‍ටුව ශබ්දයක් නගමින් ක්‍රියාකාරී වෙයි. ඉන් පසුව එය මත ඇති සටහන් වලින් අවශ්‍ය ගමනාන්තයන් දැක්විය යුතුය. නිසි ගමනාන්තය ස්පර්ශ කර දැක්වූ සැනින් තාරකා දොර‍ටුව ක්‍රියාත්මක වී එහි මැද වෝටෙක්ස් වලින් පිරී යයි.

[මතු සම්බන්ධයි]

56 comments:

  1. විස්වාස කිරීමට පදනමක් නැත.

    ReplyDelete
    Replies
    1. සාධක ශාක්ෂි සහිතව ලියූ මේ ලිපිය විශ්වාස කිරීමට අකමැති ඔබ අනිවාර්යයෙන්ම රාවනවිරෝධියෙක් විය හැකියි. ඒ කියන්නේ ඔබ කොඩ්‍රින්ටන් නැමති පර සුද්දා ලියා දුන් ඉතිහාසය කියවන, මහාවංසය නැමැති ද්‍රෝහී පොත පිළිගන්නා දේශද්‍රෝහියෙක්ද?

      ඉහත ලිපිය විශ්වාස නැත්නම් පහත ලිපියවත් කියවා බලන්න, පහත ලිපියත් අපගේ මිතුරෙක් විසින් ලියූවකි.
      http://maharavana.weebly.com/the-star-gate.html
      මා දැක්වූයේ එහි දෙවැනි කොටසයි.

      Delete
    2. "... මෙය ඉතාමත් සංකීර්ණ සිද්ධාන්තයක් බැවින් මේ ගැන අධ්‍යයනය කර නොමැති සහෘදයින්ට..."

      සමහර වෙලාවට නොදන්නකම සිංහල උරුමයට කරන විනාශය ප්‍රබලයි. සිංහල මිනිසුන් නොව පසු කාලීනව බිහි වූ දෙමළුන් හින්දූන් වැනියවුන් මවා පෑම ලොවට දුන්නා. උදා: සිංහලයන් සැබෑ දැනුම යොදා අහසින් ගියා. හින්දූන් රාමායනය වැනි කතාවෙන් අහසින් ගියා. බෞද්ධයන් සිතෙන් (හීනෙන්) අහසින් ගියා. අද ඉංග්‍රීසීන් තොරන් තාක්ෂණයෙන් කොපි කල පරිඝණක මගින් රූප මවා පරසක්වලද යනවා. ඒත් යථාර්තය නම් අභ්‍යවකාශයට යන ගමනද කපා හැරීමයි. නොදන්න එකා තම නොදන්නකම වසා ගැනීමට, මිනිසා ආවේ වෙන ග්‍රහ ලෝකයකින් කියනවා. ඒකේ නම "ඇල්නිලම්" කියනවා. මේක සිංහල වචනයක්ද නොවේ. නියම සිංහල නම වන හිරු (හේ, ඔහේ, ඔහු හා සම බිහිවීමක් ඇති වචනයක්) අතහැර රාවන කියන පර වචනය යොදා ගත් විට සිංහල උරුමය නැසෙනවා. ඒ නිසා පර කතා විමසීමෙන් දැන ගත යුතුය.

      පරිඝණක මගින් රූප මවා පරසක්වල යන සුද්දා ගල්ඵ් බොක්කේ මහා තෙල් කඳක් කාන්දු වන විට දෙවියන් යදිමින් දස අතේ පිහිට පැතුවා. ඊට ප්‍රතිචාරයක් ලෙස දැනුමෙන් සොච්චමක් දී ඒ විපත මැඩලූ මට මේ කියන කතාව තුලින් සිංහල දැනුමට අපහාසයක් කරනවා යයි සිතේ.

      ඔය කියන පණු සිදුර, ඉගෙනීමත් හරියට නොකල අනුන්ගේ පේටන්ට් ඉල්ලුම් හොරෙන් කියවා බකපණ්ඩිත වූ, මහා විද්වතකු යයි සුද්දා ලොවට දෙසූ, ඇල්බට්ටා අයින්ටයින්ගේ පොළව පලන් යන මහා කෙප්පයක් මත මැවූ සිහිනයකි. මේ ගැන මම LCN වල සාධක ඇතුව කිවූ නිසා නැවත නොකියමි. ඒ නිසා ඔය විදියට තරණය සිහින ලෝකයට සීමා කරන්න. සිහළුන් ළඟ නියම දැනුම තිබුනා. ඒ බව දන්නේ, මම ස්වෝත්සාහයෙන් සොයාගත් දෑ උන් ළඟද තිබු බව පසුව තහවුරු කරගත් නිසාය. මගේ තාක්ෂණයෙන් නිමක් නැති වේගයෙන් යන සැබෑ රථ හැදීමට පුළුවන් බව දනිමි. ඒ නිසා නුදුරේදී අප මේ සක්වල ජය ගනිමු.

      අප පිට ග්‍රහයෙකුගෙන් ආවා යයි කියන කතාව ලස්සන කෙප්පයකි. අපේ පැවැත්ම ගැන නොදැනුම වසන ගෝණි පඩංඟුවකි. "ඇත්ත" නම්, තියෙන හැම සාධකයක්ම පෙන්වන්නේ අප මේ ලොවේ තනි වී ඇති බවය. අනන්ත අප්‍රමාණ නිශ්චිත විචල්‍යයයන් සමුදායකින් බිහි වන අපේ ජීවිතය කෙතරම් පෘථිවියට බැඳී ඇති දැයි කිවහොත් පෘථිවිය නැති ජීවිතයක් අපට මෙතෙක් නැත. එහෙත් අභ්‍යවකාශයේ ජීවත්වීමට අවශ්‍ය දැනුම අද අප සතුය. එම දැනුම අතීතයේ භාවිතා වී නම්, තවම ගණුදෙනු පැවතිය යුතුය. එසේම ජීවිතය තවත් තැනක ඇති කිරීමට අවශ්‍ය දැනුම දත් කෙනෙකු ලෙස මම මෙදෙස බලමි. සිංහලයාගේ හා සුද්දාගෙ දැනුමේ සියලු රහස් දත් මට, මේ ලිපි දුටු විට කනා මුට්ටි බිඳිනවා වැනිය.

      මුසාවෙන්, මුලාවෙන්, කතාවෙන් නැති දේ ඇති කිරීම නවතා ක්‍රියාවෙන් ජීවතයත් පැවැත්මත් තහවුරු කිරීමට කැමති අයට විදි සොයා ගැනීමට ඇවැසි දැනුම මා සතුය. පරයන්ගේ මූලාස්‍ර මත ගෙතූ ලේ පෙරාගෙන යුද වදින මිථ්‍යාව අත හැර, සිහළුන්ගෙ නියම වහරින් තම උරුමය කියන්නේ නම් යෙහෙකි. අනාගතයේ කොටස්කරුවන් වීමට, එනම් ජීවිතයත් පැවැත්මත් තහවුරු කිරීමට කැමති අයට ඇවැසි නම්, කවදාවත් නොකල හැකි (impossible) වැඩ කිරීමට අවශ්‍ය දැනුම මා සතුය. ඔබ සිංහල නම් කල යුත්තෙ තම උරුමය තම බසින් ලිවීමය. උදා: රාවන පර වදනකි. සිංහල වදන හිරුය. රාවන ප්‍රබන්ධ කතා පැටලුනු බහු පුරුෂ නමකි. හිරු ඒකීය සිහළ නමකි. අප අද කතා කරන්නෙ හිරුගේ නැවත පැමිණ සිංහල ජාතිය පිබිඳීම ගැනය. රාවන යනු පරයන්ගේ ඇසෙන් දුටු හිරුගේ නැවත පැමිණීමය. අප පරසක්වලින් එන්නේ යයි යමෙක් කියයි නම්, "අපේ සිත වෙනත් විශ්වයකට අයත් වූවකි" යි කීම වඩා නිවැරදිය. අප තාමත් මේ විශ්වයට ගතින් ආධුනිකයන් බව තහවුරු වේ. ඊට අදාළ සැබෑ තොරතුරේ අපේ ඇස් ඉදිරියේය. මිථ්‍යාවෙන් යැපීම සිහලකමට නිගාවකි.

      Delete
    3. obe kathawalata tikak durata man garu karanawa..denata ma kawuda ayayi kisiwekuta pala nehe..eheth ek deyak me web pituwa nisa..ravana rajuge th ita pera sita pewatah ena man wansika helayangeth ,asurayangeth shilpayata agaurawayak wenawa..parasuddage nodiyunu widya yai kiyaganna deyakin ape dewal wisthara karanta hadanawa..wishwa doratu walata kalin,graha doratu,madya doratu adiya igena ganna one..me pituwe admin kiyana thanaththa..melo deyak dannaha..ehen mehen atha patah gapu dewal liyanawa..helaya pitasakwalin awe nehe..pitasak walawaluth api allagaththu awastha thibuna..hirana kasubi raju kala..eth e narakin noweyi..mehi..sakwala doratu, ravana , guwna yana,,hela shilpa,seppadawijja, angam, chakra darmaya, asuraya, helaya, 3 helaya, hela wedakama, me kisiwa..nodanna...keppek liyana kathawal nisa..ape minissuth me kerehi thiyena wiswasaya nethi karanawa...maha wansaye kebarayak noweyi..eke aththath thiyeyi..boruth thiye.. obath dani..math dani..obe denumata garukaranawa..me pituwe inna ekata pilithuru noliwe..eka amu pissek nisa..sinahala therennaha..kanchana manamendara karayatath den pissuwa wadi wela..thorathuru labena widihe waradak..karanta deyak nehe...oba wanna unge danumatath man garu karana..Ravana yanan misadutuwak nemeyi..eth me wage pitu nisa..ese wenawa.theruwan saranayi!

      Delete
  2. ඔහොම යමු ඔහොම යමු
    රාවනා රජතුමාගේ කාලේ කතා ටික ලියන්න පුළුවන්ද

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී ලියන්නම්,

      "අවතාර්" යනුත් හෙළයින්ට තිබුණ තාක්ෂණයක්, ශරීරයෙන් මනස ඉවත් කර වෙනත් ශරීරයකට ඕපපාතික උප්පත්තියක් දීම ගැන මනසක් ගැන නොදන්නා පර සුද්දන් දන්නේ කෙසේද.

      Delete
  3. මරු මරු මරු.මම පොඩි කාලෙ ඉඳං ආසාවෙං හිටියෙ ඔය එකක යන්ඩ.ඔය කියන්නේ අයින්ස්ටයින්ගෙ තියරියෙ එන පණු කුහර ගැනනෙ.අර ආතර් සී ක්ලාක් මහත්තයගෙ 2001 පොතේ ඩේව් බෝමන් යන්නෙ.මාරයි නේ.

    ReplyDelete
    Replies
    1. පනු කුහර යනුත් හෙළයින්ට තිබූ තාක්ෂණයක්, අයින්ස්ටයින් නැමති පර සුද්දා ඒක හොරකම් කරගෙන උගේ වගේ කෙකර ගෑව, ඒ ගැන නුදුරදීම සාධක සහිතව දක්වන්නම්.

      Delete
    2. ඇත්ත , පණු කුහර හෙළ රකුසන්ට පමණක් තිබු දෙයක් . මගේ දත් ඇන්දේත් තුන හතරක් ම තියෙනවා

      Delete
    3. හෙල රකුසො දත් මදින්නෙ නැ බන්,එකයි සින් එක පනු කුහර ඇතිවෙලා තියෙන්නෙ එක නිසා. ආහ් තව සින් එකක් රාවනා ලොක්ක පනු බෙහෙත් බොන්නෙ නැල්ලු එක නිසා සමහර කාල වලදි රාවනාගෙ යටට ඇදල තිබුන අමුඩෙ හිල් තියෙනවලු(අපි නම් දන්නෙ නැ එ ඇයි කියල),වැලෙ වනල තියෙන රාවනාගෙ අමුඩෙ දකින හෙලුවො කියන්නෙ නම් එ පනු කුහර කියල ඔන්.මට මෙක කිව්වෙ මද්යම කදුකරයෙ හිටිය බමුනෙක් ඇ.
      බොරු කියල ඔප්පු කරන්න බැනෙ එක නිසා ඇත්ත කියල පිලිගනින් ඇ ඔන්න මම ශාක්ශියකුත් ඉදිරිපත් කොලා ඇ.

      Delete
    4. @ඉරා අදුරු පට

      සිරා පුතේ උඹ කිව්වේ ඇත්ත... මං ඒ කාලේ පණු බෙහෙත් බිව්වේ නෑ.. මේ මගේ නම විකුණන ජයා ට උඹ කියපු එක පිලිගන්නම වෙනවා මොකද ඒක එහෙම නෙවෙයි කියලා සෙල්ලිපියක් වත් කොටන්න මං දුන්නේ නෑ.

      Delete
  4. වෝටෙක්ස් යන්නට ඇති හෙළු අර්ථයන් මෙසේය.. මින් තාරකා දොරටුවේ වොටෙක්ස් වලට වඩාත් ගැලපෙන්නේ සළාව යන්නයි.

    අවර්තය
    ආවට්ටය
    දිය සුළිය
    මහත් විපත
    සළාව
    සුළි හුළඟ

    තාරකා දොරටු සළාවන්හි කාලය හා අවකාශය වක්‍රව එකිනෙකා ඡේදනය කරමින් ගමන් කරන බව මාගේ ඇදුරන් මට පවසා ඇත.
    මේ රාවණානුගාමිකයෙකු මාගේ ගුරු දෙවයන්ගෙන් සොරකම් කොට, පසුව වර්තමාන නාසා පර සුද්දන් විසින්ද කොල්ල කෑ තාරකා දොරටු සළාවක සිත්තමකි.

    ReplyDelete
    Replies
    1. අති විශිෂ්ට සිත්තමකි. පෙනේද අප හෙළයේ තිබූ දැනුම, මෙවන් දෑ පැහැදිළි කර දෙන ඔබට බෙහෙවින් තුති.

      Delete
  5. අඩෝ උඹ අංගම් පොර ගැන පෝස්ට් එකක් දැම්ම කියල ගොසිප් එකේ කොමෙන්ට් එකක් දාල තිබ්බ නේ.. කෝ ඒක ?

    ReplyDelete
    Replies
    1. කමව භජනය කරනු මැනව, අංගම්පොර පෝස්ට් එක තමයි අද දාන්න හිටියෙ, ඒත් ඒක ඉවර කරන්න වෙලාව මදි වුණා. දින කීපයකින් දමන්නම්.

      ඉහත ලිපිය ටික දිනකට කලින් ලියපු එකක්.

      Delete
  6. ෂා...නිවාඩු කාලේ මේ කොහාහරි ගිහින් එන්න පුළුවන් රාවනා රජතුමා ආවම.
    චාර්ජස් එහෙම කොහොම වේවිද දන්නේ නෑ නේද ජයරත්නයෙනි?

    ReplyDelete
    Replies
    1. එතුමා බලයට පත්වූ විට ප්‍රවාහණ සේවය නොමිළයේ ලබා දීමට කටයුතු කරන බව ධ්‍යානලාභීන් පවසනව.

      Delete
    2. ෂා ශෝක්නෙ එතකොට ඒසි බස්ද දාන්නේ ?

      Delete
  7. මාගේ සිතින් මා උග්‍ර රාවන පාක්ශිකයෙකි.කලක පටන් රාවනා පිලිබද කරුනු සොයද්දි වර්ගපූර්ණිකාව වෙබ් අඩවිය හමුවිය.මෙහි පලවන සියලු කරුනු මා දැඩි කැමැත්තකින් කියවන අතර මෙහි පලවන සමහර කරුනු 100% පිලිගැනිමට නොහැකි අතර ටොම්පච යැයි කියා බැහැර කිරිමටද නොහැක.මන්ද යත් අතීතයේ කිසි දිනක විය නොහැකී හො කල නොහැකීයි කියු සමහර දෙවල් වර්තමානයේ සැබැවක් වී ඇති බැවිනි (ජාන තාක්ශනයෙන් පුද්ගලයකු බිහි කිරිම වැනි ) මෙහි දැඩි ලෙස පවසන රාවනාගේ පැමිනිම සත්‍යයක් උවහොත් ශ්‍රි ලන්කාව ආසියාවේ ආශ්චර්යක් ම වන්නෙය.

    ජයෙන්...ජය..!!!!
    ශ්‍රී රාවණ ස්වස්ති සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. ඔබගේ සිතැඟි ඉ‍ටු වේවා! ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  8. මම එකගමනක් ඉසුරුමුණියේ ගිහින් ඔතනට යද්දී ටිකක් අමුතුම හැගීමක් ආවා. ඇඟේ රෝම කෙලින්වෙලා ගියා. මට හිතුනෙම ඒ ඉස්සරහ හිටගෙන හිතට එන අමුතු දෙයක් කියන්න. ඒ ඇයි කියලා ඔබතුමාට හිතෙනවාද?

    ReplyDelete
    Replies
    1. සමහර විට ඔබට රකුස් ලේ තිබෙනව ඇති, කේන්ද්‍රයේ ඔබගේ ගණන රාක්ෂ දැයි බලන්න.
      රකුසන්ට කාලය හරයා යාමට අලුතෙන් උගන්වන්න ඕනැ නෑ, හරියට කුරුල්ලන්ට පියාඹන්න කියා දෙන්න ඕනැ නෑ වගේ, ඔබ ඒ මන්ත්‍රය කිව්වනම් දොර‍ටුව විවෘත වීමට ඉඩ තිබුණ.

      Delete
    2. ඔව් නේ. මාරයා කිව්වා නේන්නං කේන්දරේ බලල..

      Delete
  9. හෙලෝ!!!!!!
    ඉසුරු මුනියේ තාරකා දොරටුව ඉදිරිපිටට දවසක් මා ගිය අවස්ථාවේදී..
    එක්වරම ග්ලැඩියේටර් තේමා සංගීතය ඇසෙමින් තාරකා දොරටුව දිදුලන්නට විය..
    කුඩා ලමයෙකු බැවින් මා බිය වී දිව ගියෙමි.
    පසුව දැනගන්නට ලැබුනේ මා අතීතයේ රාවනා රජුගේ මිතුරෙකු බැවින් මාගේ අතීත වාර්ථාවන් හදුනා ගත් දොරටුව මා කෙරේ ප්‍රතිචාර දැක්වූ බවයි.
    මීවනපලානයෙනි..
    ඔබටත් එය දැක ගැන්මට කැමැත්තක් ඇත්තේ නම් අපි ලගදීම සෙට්වෙමු..
    සෙ = මුහුන = මුන ට් (ඉංගීසීන් එක් කල යෙදුමකි) වෙමු = ගැහෙමු - මුනගැහෙමු

    ReplyDelete
    Replies
    1. ඔබට රාවණා ශක්තිය ඇති බව එම සිදුවීමෙන් පැහැදිළි වෙයි.

      Delete
  10. එම්බා ආචර ජයරත්නය...
    තපගේ මෙම සත් ක්රියාචාරි මානව හිතවාදීත්මක බ්ලොගීකරනයට සියක් මහාශීන්සනය...

    මේ ඔබ ලයදර බෝගල සවුන්දීරිසය.

    ReplyDelete
    Replies
    1. තෙල බෝගලය, ඔබගේ සුබානිසන්සය අපට ගෞරවයකි, ඔබට ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  11. ලොක්ක මට මේකට පිළිතුරු දෙන්න. රාවනා රජතුමා පෘතුවියේ කෙනෙක් නෙමේනම් එයා කොහේ ඉදන්ද අවේ? ඇයි එහෙ ඉදන් මෙහෙට අවේ? එයාව එහෙන් පැන්නුවද? පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ආචාර්යතුමාට දෙවියන්ගේම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. එතුමා "ඇල්නිලම්" නැමති ග්‍රහ ලෝකයෙන් පැමිණි අයෙක්ය. මාගේ මිතුරෙක් වන වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ මේ ලිපියේ ඔබගේ ප්‍රශ්නයට අවශ්‍ය පැහැදිළි කිරීම තිබේ. http://www.gossip9.com/2012/07/blog-post_14.html?utm_source=BP_recent

      Delete
  12. මමත් දැනට සෑහෙන කාලයක සිට රාවන ඉතිහාසය හොයන, කරුණු රැස්කරන ඒ පිළිබඳව උනන්දුවක් දක්වන කෙනෙක් අයි ආවේ ආයෙම එන්නම් දිගටම ලියන් යන්න සිත් ගන්නාසුළු වැදගත් ලිපි පෙළක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, මාත් ඔබ වගේ තමයි රාවණ ඉතිහාසය සොයන්න පටන් ගත්තෙ, දැන් දන්න දේ කියල දෙනව.

      Delete
  13. Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  14. එම්බා ආචර ජයරත්නය...
    තපගේ මෙම සත් ක්රියාචාරි මානව හිතවාදීත්මක බ්ලොගීකරනයට සියක් මහාශීන්සනය...

    මේ ඔබ ලයදර බෝගල සවුන්දීරිසය.

    ReplyDelete
    Replies
    1. බෝගල සවුන්දිරිස් සබඳ, ඔබගේ තුරු පඬුරු වලට තුති.

      Delete
  15. pissu huththaek.watina sinhala ithihasaya joke 1k karagena

    ReplyDelete
    Replies
    1. එම්බා නිවටය, මෙහි විහිළුව කුමක්ද කියා කියව. එසේම සිංහල බාසාව ඉංග්‍රීසි අකුරෙන් ලියා බස වනසන්නේ තොපම නොවේද? සිංහල බාසාවට ඇති අකුරු ගැන නොදන්නවාද?

      Delete
  16. hi,
    Some points are hader to believe.But as you said if ther was a VOICE PASSWORD it is the worlds FIRST ARTIFICIAL INTELLIGENCE SYSTERM.Just because only AI can understand the oral informations.

    ReplyDelete
    Replies
    1. Good idea, actually the first AI system was belonging to King Ravana. I'll write that in the future.

      Delete
  17. You people do not have any land in your own in Sri Lanka or in India. That's why you people always try to say this is ours that is ours. So don't try to make racialism. And you Mr jayarathna make your blog is a useful.otherwise these tamil guys will fuck you.

    ReplyDelete
  18. awasarai eduranani,

    sapthakanya kanden lagadima soya ganna de gena oba mokada hithanne?

    ReplyDelete
  19. This f+cking scum of the desert now identifying themselves as Demala is re-writing the history. This scum never had a permanent settlement from the time of living in the wild because of the typical scum character of laying claim to anything and everything. Now Lion flag is theirs. No wonder. They claim every place where a black skinned human group lives as theirs. Though I am unable to tell the true meaning of the words Sinhala, Demala and Hindu, they are all Sinhala words. They all spoke Sinhala language until the civil war that ruined the nation, initiated by the last ruler, who usurped the name Ravana, desecrating the most venerable human family that lived on this planet. Unfortunately, what you claim to be the real Ravana is not the original one, but the last one who did not come from this family.

    However so-called Demala today are not truly those who were called Demala some 4000 years back. (Like wise, we have Malayalis claiming to be Sinhala today who escaped the onslaught of this scum.) These scum came from the desert land above Iran where they had their squalid camps. Where ever this vagrant tribe goes, they over-exploit the nature and turn prosperous land to desert. They crawled back to the less hospitable areas of the souther India due to extreme conditions in the desert. As usual they picked up Sinhala words to the best of their ability, and grew like rabbits overwhelming the southern arid lands of India, thus replacing Sinhala by scum speaking Demala, a twisted version of Sinhala, in that area. When the power of numbers combined with the typical now little more later kind of desert mentality, they took control of land and invaded other parts of southern India forcing others to speak their dialect, a rotten form of pronunciation of Sinhala language by outsiders who had no native capability. Indeed, later this was repeated in the northern arid lands of Lanka, now claiming Peelaam. Animals never change their habits. Pigs never become lions. When pigs claim to be lions, only the lion's image is tarnished.

    As usual, they later claimed historical identity of Sinhala as theirs. So, there is no surprise when they claim lion flag as theirs. Indeed, Kannasamy, the last Tamil to rule the country also ruled under Lion flag. It only confirms the fact that the scum from outside ruled the Sinhala community. Making of this scum claiming to be Demala today can be explained in this way. Imagine English die out in England and who were left is migrants of non-English origin, which is really happening today. Over time, they definitely walk into the shoes of English and will claim English history as theirs and that they had a huge empire where sun never set. So, how do we find who the English are and not? It is simple. Their behaviour never changes. They can claim heaven and earth for themselves. But if they clean toilets and live like mongrel dogs, who on earth believe them to be empire builders. Any way, I am happy that those scum cleaning toilets and behaving like slaves and animals will have no place among humanity with the coming changes.

    ReplyDelete
  20. මොනවා නැතත් ස්ටා ගේට් අරව මෙව්වා ගැන නං මම කියවන්න හරි කැමති! ඒ ගැන වැඩිය ලියන්න මීවනපලානේ උත්තමයෝ!!!

    ReplyDelete
  21. වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය ආරම්භ කළේ රාවණා රජතුමා ගැන උනන්දු සැමටම ඒ ගැන කියවා හෙළ ඉතිහාසය රස විඳීම සඳහායි. මුල සිටම අපේ ප්‍රතිපත්තියක් වූයේ කිසිදු ආගමකට හෝ ජන වර්ගයකට අපහාස කිරීමෙන් වැළකී සිටීමයි. මෙහි බ්ලොග් පෝස්‍ටු වලින් ඒ ප්‍රතිපත්තිය ‍රැක ගැනීමට හැකි වෙන්නට ඇති.

    නමුත් "மீவனப்பழானை ஜயரத்னம் - මීවනප්පළානෙයි ජයරත්නම්" නමින් මා භාවිතා කරන පින්තූරයම භාවිතා කරමින් හැදූ ප්‍රොෆයිලයකින් කොමෙන්ට් කළ සහෘදයෙක්ගේ කොමෙන්‍ටු නිසා මෙය කියවන සමහරුන් අපහසු තාවයට පත් වන්නට ඇත. මන්ද යත් ඊට පිළිතුරු ලෙස ලැබුණ කොමෙන්‍ටු වලින් ජාතිවාදී අදහස් වැටී තිබුණි. එනිසා ඔහුගේ කොමෙන්‍ටු මකා දැමූ බව සලකන්න. නමුත් ඔහු එලෙස ප්‍රොෆයිලයක් හදා කොමෙන්ට් කළේ කාටවත් රිද්දවීමට නොව කොල්ලන්ගේ බාසාවෙන් කිවහොත් "ආතල් එකට" යැයි සිතමි.

    වර්ගපූර්ණිකාව සෑම ශ්‍රී ලාංකිකයෙකුටම කියවා සතු‍ටු වීමට හැකි අවකාශයක් කිරීම අපගේ පැතුමයි. සිංහල දෙමළ මුස්ලීම් මෙන්ම බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ක‍තෝලික මුස්ලීම් යනාදී සෑම ආගමික /නිර් ආගමික සියල්ලන්ටම සතුටින් මෙන්ම දුකෙනුත් පැමිණ, සතුටින් කියවා, සතුටින් කොමෙන්‍ටුවකුත් දමා, සතුටින් විසිර යාමට හැකි තැනක් කිරීමට මෙතෙක් කල් අපගේ ආදරණීය මිතුරු මිතුරියන් දැක්වූ අගනා සහයෝගයට ස්තුති වන්ත වෙන අතර ඉදිරියටත් එලෙසම බලාපොරොත්තු වෙමි.

    එසේම මේ ගැන ෆේස්බුකියේ සටහන් කර අපව දැනුවත් කළ අපගේ හිතවතාටත් ස්තුතියි.

    ReplyDelete
  22. අනේ මාමමේ එතකොටවත් අපිට හිරවෙන්නතුව යන්ඩ පුළුවන් වෙයි නේද?

    ReplyDelete
  23. ............ අපෝ මම අහනවා එක දෙයක් මේකෙ කතෘගෙන් මායාවන් කිසිවක් නැති ලෝකෙක තමුසෙ කොහොමද හැම දෙයක්ම කලවම් කරගෙන සමාජ දුර්වලතාවන් ප්‍රායෝජනයට ගෙන ලිපි ලියන්නේ. පාහරයා තෝ අපේ මිනිස්සුන්ගෙ ඹලුව කනවා. එක දෙයක් මතක තියාගන්න. ලෝකෙ ශිශ්ඨාචාර ගොඩක් තිබ්බා ඒවා නැති වෙලා ගියා. අපට එකක් තිබ්බත් ඒක නෑ. හිතනවද ඹච්චර බලයක් තියන රාවණා නැගිට්ටොත් ඡන්දෙ ඉල්ලයි කියලා. ...................... http://artinhart.blogspot.com

    ReplyDelete
  24. http://artinhart.blogspot.com/2013/03/blog-post_28.html

    ReplyDelete

නුදුරු අදහස්