Thursday, July 12, 2012

රාවණාගේ දඬුමොණරය කලාවැව අසළදි මතුවී අධිවේගයේ ගොස් වාහනයක් හප්පයි

මෑතකදී ගල් විහාරයේ අරුම පුදුම පින්තූරයක් ගත් ප්‍රවීන ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා පසුගිය 6 වනදා පස්වරු 3:34 ට පමණ කලා වැව ආසන්නයේ සැරි සැරුවේ වන අලින්ගේ ඡායාරූප කීපයක් ගැනීමටයි. ශ්‍රී ලංකාවේ වන අලින් සමහර විට ඉතාමත් වේගයෙන් දිව යා හැකි නිසා නියම අවස්ථාවේදීම ඡායාරූපය ගැනීම සඳහා කාච විවරයේ වේගය තත්පරයෙන් 1/4000 තරමටම සැකසීමට ඒ මහතා අමතක කළේ නෑ. එතකොට තත්පරයෙන් 1/4000 තරම් අධික වේගයෙන් ගමන් කරන ඕනෑම වන අලියෙක්ව වුවත් කැමරාවට අහු වෙනව. ඊට අමතරව කාච විවරය Aperture 5.6 සහ ISO 800 ලෙස භාවිතා කළා. කලාවැව ඉස්මත්තේ ඔලොම්බෑව කොළකඳමුල්ල වැව් පිටියේදී කීර්ති අමරසේකර මහතාගේ ඡායාරූපයට නැගුන පින්තූරයයි පහත දැක්වෙන්නේ.


ඡායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ඡායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද ගොසිප්9 වෙත ඒ මහතා දන්වා සිටියා. තවද මෙම ඡායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කළ බව ඔහු තවදුරටත් පැවසුවා.


රාවණා පුවත පළ කරන ලේඛකයෙක් වන මා හටත් එම ඡායාරූපය ලැබුණ අතර මෙතෙක් වේලා අපගේ හෙළ දැනුම් සම්භාරය ඇසුරෙන් කරන ලද විශ්ලේෂණයන්ගේ ප්‍රතිඵල තමයි මා දැන් ඔබ සමග බෙදා ගැනීමට සැරසෙන්නේ.

මහ කුඩුගල ගිරි ශිඛරයේ තාමත් සිහි මුර්ජා වී සිටින ශ්‍රී රාවණ අධිරාජ්‍යයා 2012 අගදී සිය නිද්‍රාවෙන් අවදි වෙන බව ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා ඇතුළු හෙළ ගවේශකයින් විසින් පැවසුව බවත්, දැන් එය ඒකාන්ත වශයෙන් සත්‍යයක් බව අනාවරණය වී අති බවත් ඔබ දැනටම දන්නවා ඇති. එහිදී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නිද්‍රාවෙන් අවදි වූ වහාම හිමාල වනයේ මහා දඹ ගස් අරණට යන අයුරු ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා පුස්කොළපොතක් ඇසුරෙන් තවදුරටත් ප්‍රකාශ කරලා තිබෙනව.

වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ රාවණකානේගනය නැමති ටීකාවට අනුව රාවණ රජතුමාට හිමාලයේ දඹ ගස් අරණට යාම සඳහා ජූලි මාසයේදී දඬුමොණර යාත්‍රාවක් ප්‍රාතීර්භූත වෙනව.  ඒ අනුව ඉහත පින්තූරයේ දැක්වෙන යානය රාවණා රජතුමාව කැඳවාගෙන යාමට පැමිණි යානය බව අපට අනාවරනය වුණා.

සම්‍යක්දෘෂ්ඨික දේවතාවුන් වහන්සේලාගේ උදව්වෙන් ලංකා සී නිවුස් වෙබ් අඩවිය සඳහා අනාගත වාක්‍ය ලබා දෙන මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසය කරන තාපස තුමා මා හට පැවසුවේ මෙය පුෂ්පක වර්ගයට අයත් අධි සුකෝපභෝගී දඬුමොණර යානයක් බවයි. එසේම නියමුවෙක් සහිතව මෙන්ම රහිතවත් ගමන් කිරීමටත්, නියමුවාම දෑත යොදාගෙන පැදවීමෙන් මෙන්ම ඔහුගේ මනසෙන් දෙන විධාන අනුව ගමන් කිරීමටත් මෙම පුෂ්පක යානයට හැකියිලු.

කලා වැව ප්‍රදේශයට මෙම යානය පැමිණියේ රාවණ රජතුමාගේ ඉපැරණි නිධානයක් මේ ප්‍රදේශයේ ඇති නිසා එය ස්කෑන් කිරීමටයි. ඊට අමතරව රාවණ රජතුමා 2012 අගදී හෙළදිවේ නැවතත් රාජ්‍යත්වයට පත් වුන පසුව කලා වැව ඉස්මත්තේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළක් ඉදිකිරීමට නියමිත බැවින් ඒ සඳහා භූමි පරීක්ෂාවක්ද කරලා. අදාල කර්තව්‍යයන් ඉ‍ටු කිරීමෙන් පසුව මෙම පුෂ්පක දඬුමොණර යානය දක්ෂින අධිවේගී මාර්ගයේත් අධිවේගයෙන් ගමන් කර තිබෙන අතර ඊට හේතු වූයේ යානයේ වේගය නියමාකාරයෙන් තිබෙනවාද කියා බැලීමටයි. නමුත් යානයේ සිදුවූ සුළු කාර්මික දෝශයක් නිසා එහි රේඩාර් පද්ධතිය අක්‍රීය වීමෙන් එය බද්දේගම පිවිසුම අසලදී මාර්ගාරක්‍ෂක රියක හැපීමෙන් රියට බරපතල හානි සිදුවී තිබෙනව. නමුත් දඬුමොණරයට කිසිදු හානියක් නොවූ අතර එය වහාම ඉහලට ගෙන වාරියපොළ (වායු+රිය+පොළ = දඬුමොණර යාත්‍රාංගනය - අරිසෙන් අහුබුදු) ප්‍රදේශයේ ඉතාමත් රහසිගත තැනක පිහිටි දඬුමොණර යාත්‍රාංගනය වෙත ගොඩ බා තිබෙනව.

නමුත් දඬුමොණරය ගැන කිසිවක් නොදන්නා පොලිස් භටයින් එය දු‍ටුවේ මොණරෙක් ලෙසටයි. ඒ අනුව පුවත්පත් වල වාර්තා වූයේ මෙලෙසිනි.


එය දඬුමොණරයක් නොවන බවත් මොණරෙක්ම බවත් සමහරු කට කැඩිච්ච කතා කියාවි. නමුත්...

1. මොණරා මිය ගියානම් ඒ ගැන ලිපියේ දැක්වෙන්න ඕනැ. ඒ සඳහා මොණරාගේ මළ කඳ හමු විය යුතුනේ, නමුත් එවැන්නක් හමු වී නැහැ. ඒ අනුව මොණරෙක් හැප්පීමෙන් මොණරාට කිසි දෙයක් සිදු නොවී මාර්ග ආරක්ෂක රියට විතරක් බරපතල හානි සිදුවෙන්නේ කොහොමද? වාහනෙකට බරපතල වෙන්න නම් මේක ඉතින් හෙලිකොප්ටරයක් තරම් මොණරෙක් වත් වෙන්න ඕනෙ නේ? එහෙම නැත්නම් ඒ මොණරා ටයිටේනියම් වලින් හැදුන මොණරෙක් විය යුතුයි නේද? ඔව් ඒ දඬුමොණරයයි.

2. සාමාන්‍යයෙන් මොණරුන් සිටින්නේ කතරගම ප්‍රදේශය පැත්තේය. බද්දේගම ප්‍රදේශයේ කොයින්ද මොණරු?

3. මොණරුන් ඉගිලෙන්නේ ඉහලිනි, නැතහොත් උන් සිටින්නේ උන්ට ආහාර තිබෙන ප්‍රදේශ වලයි. අධිවේගී මාර්ගයක මොණරෙක් අධි වේගයෙන් යන්නේ කුමටද?

ඒ වගේම රාවණ විරෝධීන් විසින් මෙය කතරගම දෙවියන්ගේ වාහනය බව සැල කර සිටියත්, කතරගම දෙවියන් යනුත් රාවණ රජතුමාගේ හොරකුසක් හෙවත් "Horcrux" එකකි. ඒ අනුවත් පෙනී යන්නේ මෙය රාවණ රජතුමාගේම දඬුමොණරයක් බවයි.

ඔබට මතකද වසර කීපයකට ඉහතදී ඔබ රූපවාහිනියෙන් නැරඹූ "සක්වල දඟකාරයෝ" ලෙසට සිංහලෙන් හඬ කැවූ "Space Cases" නැමති ඉංග්‍රීසි ටෙලි වෘත්තාන්තය?.


එය නිර්මාණය කළ Peter David සහ Bill Mumy යන දෙදෙනාට කලකට ඉහතදී ලන්ඩන් කෞතුකාගාරයේ තිබූ වෛමානිකශ්‍රාස්ත්‍රයේ අ‍ටුවා සහිත පුස්කොළපොතක් කියවීමට ලැබුණ අතර එහි තිබූ සත්‍ය තොරතුරු ඇසුරෙනුයි ඔවුන් එම වැඩසටහන නිර්මාණය කළේ, පර සුද්දන් විසින් හදපු ටෙලි වෘත්තාන්තයක් වුවත් එය හෙළයින් අතර ජනප්‍රිය වුණේ, රාවණ යුගයේ මුළු විශ්වයම ශිෂ්ටාචාර කළා වූ හෙළයින්ගේ ලේ වල සක්වල ගමන් තැන්පත්ව ඇති නිසයි. එම පුස්කොළපොතේ තිබුණ ආකාරයට සක්වල තරණය කරන රාවණා රජතුමාගේ දඬුමොණරය පහත ආකාරයටයි තිබී ඇත්තේ.

ක්‍රිස්ටා ලෙස හැඳින්වූයේ රාවණ රජතුමාගේ ක්‍රිසත නම් දඬුමොණර යානයයි. ක්‍රි=ක්‍රියාමාර්ගය, සත=සත්වයන්ට. ඒ අනුව සත්වයින්ව වෙනත් චක්‍රාවාට වල පදිංචි කරවීම පිණිස ක්‍රියාමාර්ගයක් ගන්නා යානය "ක්‍රිසත" නම් විය.

කීරිති අමරසේකර මහතා ඡායාරූපයට නගා ඇත්තේ The Christa නමින් Space Cases හි හැඳින්වූ සක්වල තරණය කිරීමට පවා හැකි මෙම දඬුමොණර  යානයයි. "සක්වල දඟකාරයෝ" ටෙලිනාටයයේ ඔබ දු‍ටු ආකාරයෙන්ම එය විශාල කිරීමටත් කුඩා කිරීමටත් හැකි බවත්, එය අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී කුඩා කර ගමන් කළ බවත් ඔබට අළුතෙන් කීමට ඇවසි නැහැ.

මේ ආකාරයෙන් බලද්දී රාවණ රජතුමා ගැන ඉතිහාසයෙන් මකා දැමීමට නොහැකි බවත්, රාවණා රජතුම නුදුරදීම නින්දෙන් මතු වී හෙළයේ මහ රජු වෙන බවත්, මෙම රාවණ තාක්ෂණයේ ආශ්චර්යයන් දැක මුළු විශ්වමය අප හෙළදිව දෙස මුව අයා බලා සිටින බවත් රහසක් නොවෙයි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

69 comments:

  1. //ශ්‍රී ලංකාවේ වන අලින් සමහර විට ඉතාමත් වේගයෙන් දිව යා හැකි නිසා නියම අවස්ථාවේදීම ඡායාරූපය ගැනීම සඳහා කාච විවරයේ වේගය තත්පරයෙන් 1/4000 තරමටම සැකසීමට ඒ මහතා අමතක කළේ නෑ
    මම නම් හිතන්නේ ඒ මහතා හට රාත්‍රී කාලයේ නිදා සිටියදී කුන්ඩලිනී ශක්තිය අවධි කල තාපසයෙක් ඔහුගේ මනසට ඇතුලු වී මෙසේ කරන ලෙස විදානයක් දෙන්නට ඇතැයි කියාය.
    එම විධානය ඔහුට ලැබුනු ආකාරය අමතක වී ඇත්තේ පෙරදින රාත්‍රියේ සංස්කෘතික ත්‍රිකෝනයේ දේශීය ඔසු මඩුවකින් ලබා ගත් කිතුල් රා ඩිංගක් නිසා බව වැඩිදුරටත් සිතේ..
    ජය ශ්‍රී!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඉතාමත් නිවැරදියි, එතුමාට එලෙස ශටර් ස්පීඩ් එක වැඩි කිරීමට තාපස තුමෙක් උපදෙස් දී තිබෙන බව මට නිල නොවන ආරංචි මාර්ග මගින් (අංජනමකින්) දැනගන්නට ලැබුණ. නමුත් ඒ ගැන සඳහන් නොකළේ මෙවන් සාධක සාක්ෂි මත ලියවෙන ලිපියකට එය ඇතුළුකළහොත් සමහරුන් එය අවිශ්වාස කිරීමට ඉඩ තිබූ නිසයි.

      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    2. පුෂ්පක යානය ඊයේ දිනයේ තණමල්විල ප්‍රදේශයේ සැරි සැරූ බව ජය-ර-තන දන්නේ ද ?

      Delete
    3. ඇයි පුෂ්පක යානයේ ඩ්‍රයිවර් දැන් තණමල්විල "ත්‍රයිලෝක විජයපත්රම්ද "පාවිච්චිකරන්නේ ...?

      Delete
    4. පුෂ්පක = පුෂ්ප + අක
      පුෂ්ප = මල්
      අක = දියණුව
      පුෂ්පක = මලින් දියණුව

      තණමල්විල මල් බහුල ප්‍රදේශයකි. පුෂ්පක එහි ගොස් ඇත්තේ රසදිය ඉන්ධනයට මුසු කෙරෙන පුෂ්ට්‍රෝන් එන්සයිමීය ප්‍රතිකාරකය එකතු කර ගැනීමටයි ගැනීමටයි. වෙනත් අයුරකින් කියනවානම් පුෂ්පක යානයේ කාර්යක්ෂමතාව ඉහල නැංවීමට තණමල්විල මල් යොදා ගැනීම ආරම්භ කර ඇත. යෝජනාව මී-වන-පලන ගෙනි. ඔහු මේවා කියන්නේ නැත්තේ රාජ රහස් (අපි නොදන්නා රහස්) රැකීමට ශපථ කර ඇති නිසාය.

      Delete
    5. මචන් ඕක මෙහෙම අර්ත දක්වන්න බැරිද?
      පුශ්පක=පුශ්=පක
      ඒ කියන්නෙ පුශ්පෙගෙ පක

      Delete
    6. @මොහාන්: ඔබේ ක්‍රමය ඉතාම සදොස්. මී-වන-පලන ඔබ විසින් පල කල අශුද්ධ පද හෝ කමෙන්ටුව ඉවත් කරාවියයි මා බලාපොරොත්තු වෙනවා.

      ඔබේ ක්‍රමය අනුව ඔබේම නම මෙසේ අර්ථ දක්වන්න පුළුවන්. තරහ අවසර... එහෙම වැරදියි නේද .. ඛණ්ඩනය නිසි පරිදි කර ඛන්ඩිත පද තේරුම් කල යුතුයි.

      මොහාන් = මො + හාන්
      මො = මොංගල්
      හාන් = හාන් = හාන්නා
      හාන්නා = මී ගවයා
      මී ගවයා = මී හරකා
      මොහාන් = මොංගල් මී හරකා

      Delete
  2. එතුමාගේ කැමරා එක ඇනලොග් එකක් නම්, මීට වඩා විශාල, පැහැදිලි ඡායාරූප ඵල කරන්න. (ඇනලොග් කැමරාවලින් ගන්නා ඡායාරූපවල, පික්සෙල්ස් නොමැති නිසා, අසීමිතව විශාල කළ හැකිය)

    ReplyDelete
    Replies
    1. ඔබ එය තහවුරු කරනවාද? එසේ කිරීමට ඔබට ඇති සාධක මොනවාද?

      Delete
    2. ගොසිප්9 ලිපියේ ඒ ගැන සඳහන්, ඉහත ලිපියේ මුලදීම ලින්ක් එකක් ඊට දාල තිබෙනව.

      Delete
    3. No, at a higher ISO, Digital camera will give better resolution than Film ones. Because Film cameras gives Film grain if not pixels which are much worse than pixels when enlarged.

      Delete
  3. ඔබ නොකීවත් අපගේ RBI බුද්ධි සේවය විසින් සොයා ගත් පරිදි, එතෙක් මෙතෙක් ලෝකයේ කිසිඳු ගුවන් යානයකට, වාහනයකට හෝ කිසිම යන්ත්‍රයකට නොහැකි වූ සුවිශිෂ්ඨ හැකියාවක් පුෂ්පක යානය සතුය..

    එනම් ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණයයි (Pseudo-variable Sization). එනම් යානයට යාමට සිදු වන ස්ථානයට සුදුසු පරිදි යානයේ පෙණෙන ප්‍රමාණය වෙනස් කරවාලීමයි. සැබෑ ප්‍රමාණය නොවෙනස්ව තිබියදී දෘෂ්ටි මායාවකින් පෙනෙන ප්‍රමාණය වෙනස් කිරීම ලෙස එය සරලව පැහැදිලි කල හැක. මීට අමතරව පදාර්ථ ප්ලාස්මීකරණය (Plazmization) හරහා අවැසි විට ඕනෑම දෙයක් හරහා පුෂ්පක යානයෙන් ගමන් කල හැක. උදාහරණ ලෙස අප, තරබාරු ජයරත්නට පුෂ්පක යානය පැදවීමට අවස්ථාවක් ලැබුනේයැයි උපකල්පනය කරමු. ඔබගේ කාමරයේ උළුවස්සට වඩා ජයරත්න පළල් වුවත්, පුෂ්පක යානය ඔබගේ කාමරයට ඇතැම් විට නිවසට වැඩ විශාල වුවත්, එයට ඔබගේ කාමරයට ඇතුළුව (සමහර විට කුඩා කෘමියකුගේ වෙස් ගෙන යතුරු හිලකින් හෝ වා කවුළුවකින් ඇතුළු වන බවක් පෙන්වා) ඔබගේ මේසය මත නතර කළහොත් පුදුමයක් නොවේ..

    පුෂ්පක යානයේ නිල් සැලැස්ම (Blueeprint) රාවණ අනුගාමී ඔත්තු කරුවෙකු විසින් සොරා ගත් එකක් වුවද අපට ප්‍රශ්නයක් නොවන්නේ , RMIT ආයතනය විසින් නිරපේක්ෂ විචල්‍ය ප්‍රාමාණීකරණය (Absolute Variable Sization)හා පදාර්ථහරණ/පදාර්ථකරණ (Immaterialization & Materialization) තාක්ෂනයන් මේ වන විටත් ප්‍රායෝගිකව භාවිතා කරන බැවිනි. කුණ්ඩලණී ශක්තිය ඇතිව හෝ නැතිව විශ්වයේ ඕනෑම තැනකට ප්‍රාමාණිකව හෝ අප්‍රාමාණිකව(පුර්ණ පදාර්ථහරණයෙන්) ගමන් කිරීම රාමනුගාමිකයන්ට සුළු දෙයකි. තව දුරටත් අපට යානා අවැසි නැත..

    ReplyDelete
    Replies
    1. අධිවේගයේ වාහනයක ගැටුනේ ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණය වී ගමන් කරමින් සිටි පුෂ්පක යානයයි. මොණරෙකු ලෙස සාවද්‍යව අර්ථ දැක්වුනත්, පුෂ්පක යානයට ගත හැක්කේ අවලක්ෂණ සෙබඩකගේ ස්වරූපයයි. හොඳින් බලන්න කලා වැව ඉස්මත්තේ දර්ශනය වූ යානයේ පැහැය සෙබඩකගේ පැහැයට සමාන අයුරු...

      Delete
    2. වටිනා පැහැදිළි කිරීමක්, මෙය ඊළඟ ලිපියට එක් කළා, ස්තුතියි.

      Delete
  4. මෙම යානය අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා විට එයට එහි නිලදාරීන්ගෙන් ඇතිවිය හැකි බාදාවන් පිලිබදව දුටු හිමිනමක් මීට පෙර අවස්ථාවකදී අධිවේගී මාර්ගයේ නිලදාරීන් සමග ගැටුමක් ඇතිකර ගත්තා ඔබට මතක ඇතියයි මම සිතමි "ආචාර්‍යය ජයරත්නයනි " මේ පිලිබදව පැහැදිලි කිරීමක් කරන්නේ නම් මැනවි ....

    ReplyDelete
    Replies
    1. අතිශය වැදගත් අදහසක් රොබිනය, මේ ගැන මටත් දැනගන්නට ලැබුණ. ඔබතුමාට කවුද කිව්වේ?

      මේ ගැන වහාම ලිපියක් ලියන්නම්.

      Delete
  5. "Space Cases" ගැන මුලින්ම අදහස පල කලේ මමය,එය gossip9 එකෙත් මම කමෙන්ට් එකක් විදිහට දැමුවෙමි.ඊයේ ඔබේ ආර්ටිකල් එකකත් මම කමෙන්ට් එකක් විදිහට පල කලෙමි,වැඩි විස්තර පල කලාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ලිපිය ලිවීමට පෙර ඔබතුමාගේ කොමෙන්‍ටුවත් මා දු‍ටුවා. නමුත් ඊටත් පෙර මා හට මධ්‍යම කඳුකරයේ රහසිගත තැනක බවුන් වඩන තාපස තුමෙක් සිද්ධිය විස්තර කළා.

      ඉතින් මට පෙනෙන්නේ ඔබතුමාටත් රාවණා ශක්තිය තිබෙන බවයි. රාවණා ශක්තියෙන් ඔබතුමාට විශ්වයේ රහස් දැනගැනීමට හැකි බව වැටහෙන්නේ නැද්ද?

      Delete
    2. රාවනා ශක්තිය පිලිබදව වැඩි දුර හැදෑරිය යුතු බව හැගේ.

      Delete
  6. මේකේ තියෙන ගොඩක් දේවල් පිළිගන්න බැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. ඇයි සිතූ බැරි.සිතුවොත් බැරි නෑ සිතූ.

      Delete
    2. ඉස්සල්ලාම කුන්ඩලී ශක්තිය අවධි කරගෙන මී හරකෙගුගෙ මානසික මට්ටම පත් වෙන්න. එතකොට මෙවා ඉබේටම තේරෙනව.

      Delete
  7. ඔය දඬු මොණරය කුවේරගෙන් හොරකම් කල එකක් බව දැන් හෙලිවී හමාරයි. :)

    ReplyDelete
    Replies
    1. කවුද හෙලි කලේ, ඒ ගැන කියමුකො බලන්න.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. එතකොට ඔය මෙව්ව එක වාරියපොලට ගොඩබෑව කියන්නේ කව්ද ??? ආහ් අර මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසය කරන තාපස තුමා වෙන්ටෑ !!!!! උන්නාන්සේ මුන ගැහෙන්ට විදිහක් තියේනම් ලොකූ දෙයක් !!! හා හා බයවෙන්ට කාරිනෑ මම CIA එකෙන් නෙවෙයි ( රාවනා පල්ල.... ) මයේ තාත්ත ඔය රාවණ රජතුමාගේ සෙන්පතියෝ බුදියං ඉන්න කාලේ ( පහුගියව අවුරුදු 30 හේ ... ) නැගෙනහිර යුධ පෙරමුනේ උන්න කෙනෙක් ......... 100% විශ්වාසයි මම අමිස්සර සිංහලයෙක්. ඒ නිසා ම‍ගේ උන්නාන්සේ කැමතිවෙයි මගෙත් එක්ක කථෘ කොරන්ට !!!!!!!! පුළුවන්නං,බය නැත්තං, හැබෑවටම සිංහල නං හම්මබ වෙන්ට කියන්ට !!!! ( සිංහල කම පෙන්නන්ට කියන්ට !!)

      ආහ් අමතක වුනා...... මම අංගම්පොරත් ඉගෙන ගන්න කෙනෙක් ( දැං ඉතිං කියන්න එපා අපේ නියම අංගංපොර නැතිවෙලා හුගක් කල් කියල ඈ!!!! මොකද හරි අංගංපොර තවම තියෙනවා!!!!!! නෑ කියල කියනවනං ඌරා ලිදේ අංගං කොටන්‍ට අභියෝග කොරනව !!! ) ..... ඔනෑ තැනකට එන්න එන්න ලෑස්තී කියලත් කියන්න ( මම සිංහලනේ මගේ නං කොන්ද පණ තියෙනව , එතුමගෙත් එහෙම ද?

      Delete
    6. එල එල...එතකොට ඔය දඩු මොනරෙ ඉමේජ් 1ක අරන් තියෙන්නේ 6 වෙනිදා... අනුරාධුපරේදි... එතකොට දඩු මොණරෙ වාහනේක හැප්පුනේ 10 වෙනිදානේ.... මොකද්ද බන් එච්චර පවර් රාවණාගේ මොණරෙ ට දවස් 4ක් යනවද කිලෝමීටර් 200 ක් යන්න.... පුස් බයිසිකලයක් යනවනෙ බන් ඊට වඩා.... මොනව වුනත් දෙසැම්බර් 31 න් පස්සේ සයිට් එක වහපන් රංගයෝ.... මම ඊලග පාර උඹේ ඉමේජ් 1ක්ම පොස්ට් කරන්නම් යාළුවන්ටත් බලාගන්න මේ තමයි මානසික අසහනකාරයා කියලා.

      Delete
  8. oya kiyana tharam dandu monara haduwe koheda? monara thanneda?

    ReplyDelete
  9. 1/4000 ශටර් ස්පීඩ් එකේදී මේ චයරුපයේ ඇති උෆෝ එක කිසිම ආකාරයක මෝෂන් බ්ලර් එකක් නැතුව චයරුප ගතවී තියනව
    ඉතින් මෙමෙ චයරුපය රුපගතකර ඇති ස්ථානය අනුව බලනකොට අනිවාර්යයෙන්ම මෙය පියවි ඇසට පෙනිය යුතුය
    මේ චයරුප ශිල්පියා මෙය පියවි ඇසට දැක ඇතිබව සදහන් කර තිබේද
    එය කොහෙවත් කියල න මේක පියවි ඇසට පෙනුන කියල
    1/4000 ශටර් ස්පීඩ් එකේදී ඔය කියන වස්තුව වේගය නිසා ඇතිවන බොද වීමට ලක්වී තිබුනානම් අපිට උපකල්පනය කරන්න පුළුවන් මෙය අදහාගත නොහැකි වේගයකින් ගමන් ගත බව
    ගොෂිප බ්ලොගයේ මේ හා සම්බන්ද ලිපිය මම බැලුව
    එයා කියල තියන විදියට

    මෙම ඡායාරූපය ගන්නා අවස්‌ථාවේදී කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිත කර ඇත්තේ තත්පරයෙන් 1/4000ක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්‌තුවක්‌ පවා කැමරාවට ග්‍රහණය වේ. කාච විවරය Aperture 5.6 සහ ISO 800 ලෙස භාවිතා කර ඇත
    Read more: http://www.gossip9.com/2012/07/blog-post_4070.html#ඉෂ්ළ්ළෝඕජ්ග්මි

    1/4000 ශටර් ස්පීඩ් එකේදී ඔය කියන වස්තුව වේගය නිසා ඇතිවන බොද වීමට ලක්වී තිබුනානම් අපිට උපකල්පනය කරන්න පුළුවන් මෙය අදහාගත නොහැකි වේගයකින් ගමන් ගත බව
    පෙන විදියට මේක එතරම් ස්පීඩ් එකකින් ගිය වෙන්න බෑ

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාම

    ReplyDelete
    Replies
    1. 100% හරි,1/4000 ශටර් ස්පීඩ් ගත්තා නම් ඔය එක ඔය තරම් clear වෙන්න බෑ.

      එ පෑත්තෙ පොඩි එකෙක් යවපු සරුන්ගලයක් වෙන්න පුලුවන්

      Delete
    2. හොඳ උත්සාහයක්, නමුත් පර සුද්දන්ගෙන් ණයට ගත් තාක්ෂණික පැහැදිළි කිරිම් වලට වඩා අපි විශ්වාසය තබන්නේ හෙළයින්ගේ දැනුම් ගැනයි.

      Delete
    3. එක හෙළයන්ගේ දැනුම ගැන ප්‍රශ්නයක් නෙවෙය්
      අපෙන් හොරකම් කරගෙන යනකම් උද බලාගෙන ඉදල දැන් ඒක අපේ ඒක අපේ
      අපිට මෙහෙම ඉතිහාසය තිබුන
      අපේ තාක්ෂනය ඉස්සර මෙච්චර දියුනුය් කියා කියා පම්පෝරි ගහන එකට මම මොකුත් කිව්වේ නෑ
      මම කිව්වේ සුද්ද හරි රාවනා හරි හදපු කැමරාවේ චයරුපයක් ගන්න කොට සිද්ද වෙන දේ
      1/4000 කියන ශටර් ස්පීඩ් ඒක ඔය වගේ විවුර්ත බූමියක පිය ඇසට නොපෙනෙන තරම් වේගයෙන් යන වස්තුවක්
      කිසිම මොශෝන් බ්ලර් එකක් නැතුව චායරුප ගතවෙන්න තරම් ප්‍රමාණවත් මදි

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රා

      Delete
  10. මහා පඩි ජයරත්නයාණෙනි....
    ඔබ පවසන රාවනා වුර්තය ඔබේ සිතේ මැවුණු චිත්ත රුප මත පදනම් වුවක් විය හැක්කේ නොමන්ද...........
    ඔබ සැම විටම යම් කිසි දෙයක් සිදු වූ පසු එය රාවනා වුර්තය හා ගැලපීමට නොගන්නා උත්සහයක් නොමැත ........
    ඔබ පවසන දෙය සත්‍යක් නම් අඩු තරමින් ඉදිරි සතිය ඇතුලතදී විය හැකි දෙයක් පිලිබඳ පවසන්න ................
    එසේ නොමැතිව ලංකාවේ පවතින බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි වල ඇති දෑ.........
    ඔබ විසින් විශ්ලේෂණය කර ඇති දෑ ලෙස ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රසිද්ධ කිරීම
    ආචාර්ය පට්ටමක් ඇති ඔබ වන අයකුට තරම් නොවේ .............

    ReplyDelete
    Replies
    1. දින කිහිපයකින් මාගේ ගුරුදේවයාණන්ගෙන් අසා අනාවැකියක් පවසන්නම්.

      Delete
    2. එයට කොපමණ කලක් ගතවේද?

      Delete
    3. එයට පිළිතුරු කබෙන තුරු බල සිටිමි

      Delete
    4. මෙන්න කම්මැලි හිතුනොත් මේක කියවලා මු දෙන fun එක අරන් හිටපන් ඔලමොට්ටල කතා කියන්නේ නැතුව

      Delete
  11. රාවණා තවම නින්දේ නම් මේ දඬු මොණරයෙන් ගමන් යන්නේ කවුද ???

    ReplyDelete
    Replies
    1. රාවණ රජතුමාගේ ශරීරය නින්දේ වුවත් මනස නොනින්දේය. මනසින් සියල්ලම පාලනය කරයි. එසේම රාවණ රජතුමාගේ අසුර සේනාව සහ එහි ජෙනරාල් ලා හොඳ අවදියෙන් සිටී.

      Delete
    2. අවදියෙන් හිටපු හැටි පේනවා කොටින්ට අවුරුදු 30 ක් මේ රටේ නටන්න දීපු විදියෙන්
      හබි කියන්නත් බා
      ඒ ජෙනරාල් ල කොටින්ගෙන් පගාවක් වත් ගත්තද කියල
      මොකද ඉතින් අපේ හෙළයෝ බලන්නේ කාගෙන් හරි කියක් හරි කොටා ගන්න නේ

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රා

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. me photo eka foto forensicwelin analyis kerahama passe mekata mukuth edit kerala daala naha .photo eka aththa ekak.

    ReplyDelete
  14. matamnm penne mewa amu boru kiyala hondi balamu 2012 oya kiyana dawas enna wedi dawasak nehane ....mewa boru unoth miwana palanata sorry thamai

    ravan siddham

    ReplyDelete
  15. https://m.facebook.com/photo.php?fbid=334115043339906&set=a.108638882554191.17672.100002242409052&type=1&theater&_ft_=src.24%3Asty.308%3Aactrs.1063283202%3Apub_time.1342197518%3Afbid.424601660912177%3As_obj.4%3As_edge.1%3As_prnt.11%3Aft_story_name.StreamStoryGroupMallPost%3Aobject_id.213158582056487&_rdr

    ReplyDelete
  16. අනේ මටනම් මේ ශටල් එකකින් අලියන්ව පොටෝ ගහන කෙලිය තේරෙන්නේ නෑ ඒ වුනත් අම්මේ රාවණා යානාවක් දකින්න මේ දෑස පිංවන්ත උනා නේදෝ කියලා හිතෙද්දි නම් ආයේ අධිවේගී මාර්ගේ ඔක්කොම වාහන හැප්පුවත් මොකද හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ අලිසන්දරගේ මලයෝ ඔන්න ඔය ජාතියේ පුරස්න අහන්න ඔට්ටු නැහැ හරිය..? ඇයි මොකද ඒ ස්පීඩ් එකෙන් අලි පොටෝ ගන්න ගියා කියලා කියන්න බැරිද.. ? අර උඩින්ම කියලා තියෙන්නේ පවනට බඳු වේගයෙන් දුවන අලින් හිටං ඉන්නවා කියලා.. ආන්න එහෙම එවුන්ව අල්ලන්න තමා 1/4000ට ෂටර් ස්පීඩ් හදලා තියෙන්නේ... උඹ ආයේ අහු වෙයංකෝ ඔය වගේ කඩප්පුලි පුරස්න මතු කොරලා..ගහනවා අම්මපා රාවණ‍ගේ ගලේ...

      රාවණ සිද්ධම්..!

      Delete
    2. මම ඉතිං නෑ කිව්වා යේ? අර සිරිකොතේ අලි නම් යන්නෙම පියාඹන ගානට වෙච්චි.. ඉතිං මොටෝ ඔහොම අලි නැත්තේ? සමාව භාජනය කොරනවා..

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. 2012 agadi rawana awadi we e ewita MARA ta kela we, meka nawaththanna thamai MARA kadu horakam karanne , indiyawedi sadhu kenek gen lebuna upades matha rawanawa naewathwiya hekke e parana balagath kadu magini

    ReplyDelete
  19. අනේ මන්දා

    ReplyDelete
  20. මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.

    ReplyDelete
  21. අපට තිබුණ තාක්ෂනය හිතාගන්නට බැරි තරම්.ලොකේ සමකාලීන ජාතීන්ට මේක මැජික් වගේ තියෙන්න ඇති.බමුණො ඇවිත් අපේ රට ආක්‍රමනය කරල අපේ පොත් ගිනි තියන්න ඇති.ඒ උදාහරනයක් විදියට අපි ඇමරිකාවට ගිහින් ඇමරිකාව ආක්‍රමනය කරල එහෙ පුස්තකාලවල පොත් ගිනිතියනවා වාගෙ වැඩක් වෙන්නෙ.වනචාරීන් ඇවිත් පොත් ගිනි තියනකම් අපි මොකද කලේ කියලා බටහිර ගැත්තො අහනවා
    ඒත් සිද්ධ වුනේ වෙන දෙයක්.අපේ ගැටේට උන් අහුවුනා.රාවනාට ඕන වුනා 2012 දි ලොකු රියැලිටි ශෝ එකක් පෙන්නන්න.ඒක තමයි දැන් නැගලා යන්නෙ.අහුබුදු කියන්නෙ රාවනාගෙ අනාගත වක්තෲ කෙනෙක්.මිරැන්ඩෝල,සූරිය ගුනසේකරලත් එහෙමයි.ලොවම එකලුකරගන සත් සමුදුර දෙබෑ කරගෙන බී. බී සී. සී. එන් .එන් අල් ජසීරා මාද්‍ය තක්කු මුක්කු කරගෙන යලි පන ලබා ලක්දිව රජු වී ලොවම දිග් විජය කරන්නයි රාවනාට ඕන

    ReplyDelete
  22. රාවණා රජ උනොත් මහින්ද මාමට හුලංද??

    ReplyDelete
  23. I have read all your blogs. Quite interesting and feel proud as a Sinhalese.
    I somewhat believe in this type of things. This question is for top people of this blog!!

    Pls give me a reason why, Rawana has kept all his secret, important, etc data in "PUSKOLAPOTH" or "SELL-LIPI" rather than storing them in MICRO-CHIPS. There are lot of evidence about MICRO-CHIPS and other advance technology!!

    Pls answer this QUESTION??

    Thank you.

    I am a LOVER for this BLOG.

    --KING--

    ReplyDelete
  24. රාවනා අන්කල්ට කියල මව මේකේ රවුමක් එක්කන් යන්න කියන්නකෝ මී අයියේ අනේ අනේ මං හරී අසයි

    ReplyDelete
  25. please take me in a ride in this so called "dadumonara"?

    ReplyDelete
  26. මමනම් මේ ගැන ටිකක් උනන්දුයි.. අනික හැමදේම අවිශ්වාස කිරීම හෝ විශ්වාස කිරීමෙන් තෙරව අපි සැවොම එකතුවෙලා මේ ගැන ටිකක් හෙව්වොත් හොද නැද්ද?????? මෙක හෙලයන්ට විශිෂ්ඨ අවස්ථාවක්ද දන් නෑනේ.... අපේ උන් කොහොමත් අපේ උන්ට නැගිටින්න දෙන් නෑනේ....

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. obage me lipi aashrayen maage usaspela wyaapruthiya keriiimata balaporoththu wemi. eya saadeeemata awashya udau upakaara labaa deeemata obata hakida?

    ReplyDelete
  29. khoma unath me 4to 1 kathawa aththa.. e welawe use karapu suter speed 1ta piyavi ahata nopenena deyak thamai shoot wela thiyenne.. meka camarawe ledak nemei.. camarawe lapayak mehema wenna ba.. anika methana thawa aya 4tos aran thiyenawa.. eka RIVIRA paththare thiyenawa.. eth meya vitharai 4000/1 suteer speed 1 use karala thiyenne.. meka mokak unath aththa..

    ReplyDelete
  30. Sir. mata oyagen loku udawwak ona. Me Rawana gana maath unanaduyi. http://sadeepa01.blogspot.com/ mage,oyava contact karaganna widiak kianna sir loku udawwak.

    ReplyDelete
  31. ඕක මමයි එදා remote controller එකකින් යැව්වේ, මෙන්න එකට කතාවකුත් හදලා :D රාවණ රජතුමා ගාවල එතුමාට් අපහස කරන්න එපා ;)

    ReplyDelete

නුදුරු අදහස්