Thursday, July 12, 2012

රාවනා රජුගේ දඬුමොණරය පින්නවල අහසේදී යළි මතුවෙයි

රාවන රජතුමාගේ ක්‍රිසත පුෂ්පක දඬුමොණර යානයක් කලාවැව අසළදී මතුවුණ හැටිත් එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේගයෙන් යද්දී වැරදීමකින් වාහනයක හැප්පී වාහනයට බරපතල අනතුරක් සිදුවුණ හැටිත් වර්ගපූර්ණිකාව බ්ලොගයේකලින් ලිපියක දැක්වුවා ඔබට මතක ඇති.

එම දඬුමොණර යානයම අහසේ ගමන් කරන හැටි පින්නවලදී දර්ශණය වී තිබෙන බව ගොසිප්9 වාර්තා කරනව. රාවණ රජතුමාගේ තෙද බල දැන් ඔබට පහත වීඩියෝවෙන් ඇස් පනාපිටම දකින්නට පුළුවන්.




නුදුරදීම රාවණ රජතුමා නින්දෙන් අවදි වී හෙළයේ මහ රජු බවට අභිෂේක ලබද්දී මෙවන් දර්ශනයන් ඔබගේ නිවසට ඉහල ආකාසයේදී පවා දැකගැනීමට හැකියාව ලැබේවි. රාවණ රජතුමාගේ රාජාභිෂේකය සඳහා අවශ්‍ය අලි ඇතුන් පින්නවල අලි අනාථාගාරයේ සිටීදැයි පරීක්ෂා කරලීම සඳහා වළකුලු ඈත් මෑත් වුණ තැනකදී යානයේ වේගය අඩු කරන හැටි තමයි ඔබට ඒ දිස් වූයේ.

නමුත් අවාසනාවක මහත, ශ්‍රී රාවණයන්ගේ තෙද බල නොදන්නා රාවණවිරෝධී මහාවංසවාදීන් විසින්, එම ආළෝකය Circumhorizontal arc (Ice Rainbow, Fire Rainbow), Sun dog, Solar Halo වැනි පර සුද්දන් විසින් ගොතන ලද විහිළු කතා අනුව හිතමින් අනුමාන කරන්නට හදනව. නමුත්...,

1. ඒ එකක්වත් සිදුවීමට ප්‍රමාණවත් දේශගුණ තත්ත්වයන් (උදා:ශ්‍රීත සෘතුව, උත්තරධ්‍රැවයට ආසන්නයේ රට පිහිටීම, හිම වැටීම) ශ්‍රී ලංකාවේ නොමැති නිසා ඔවුන්ගේ මතවාද වල විද්‍යාත්මක පදනම ගැන බුද්ධිමත් ඔබට තවදුරටත් පැහැදිළි කළ යුතු නැහැ.
2. එම පාහර රාවණාවිරෝධීන් අතරත් එක මතයක් නැති නිසා ඔවුන්ට මේ ගැන නියමිත පැහැදිළිකිරීමක් නැති බවයි අපට වැටහෙන්නේ. විශ්වයේ ඇති රාවණා ශක්තිය නොදන්නා පර සුද්දන් විසින් යන්තම් විද්‍යාව කට ගාගෙන ගොතන ලද කෙබර වලට අපි ‍රැවටෙයිද?

නමුත් අපට මේ සඳහා නිශ්චිත පැහැදිළි කිරීමක් ඇති නිසා එය 100% ක් විද්‍යාත්මකව මෙලෙස පැහැදිළි කරන්නට පුළුවන්. ඒ සඳහා ආරම්භයක් ලෙස, පුෂ්පක දඬුමොණරයේ අනභිභවනීය තාක්ෂණයේ මහිමය ගැන වැටහෙන ආකාරයෙන් රාමා සහෘදයා පැවසුව ප්‍රකාශයක් මෙලෙස උපුටා දක්වන්නම්.

එතෙක් මෙතෙක් ලෝකයේ කිසිඳු ගුවන් යානයකට, වාහනයකට හෝ කිසිම යන්ත්‍රයකට නොහැකි වූ සුවිශිෂ්ඨ හැකියාවක් පුෂ්පක යානය සතුය...

එනම් ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණයයි (Pseudo-variable Sization). එනම් යානයට යාමට සිදු වන ස්ථානයට සුදුසු පරිදි යානයේ පෙණෙන ප්‍රමාණය වෙනස් කරවාලීමයි. සැබෑ ප්‍රමාණය නොවෙනස්ව තිබියදී දෘෂ්ටි මායාවකින් පෙනෙන ප්‍රමාණය වෙනස් කිරීම ලෙස එය සරලව පැහැදිලි කල හැක. මීට අමතරව පදාර්ථ ප්ලාස්මීකරණය (Plazmization) හරහා අවැසි විට ඕනෑම දෙයක් හරහා පුෂ්පක යානයෙන් ගමන් කල හැක. උදාහරණ ලෙස අප, තරබාරු ජයරත්නට පුෂ්පක යානය පැදවීමට අවස්ථාවක් ලැබුනේයැයි උපකල්පනය කරමු. ඔබගේ කාමරයේ උළුවස්සට වඩා ජයරත්න පළල් වුවත්, පුෂ්පක යානය ඔබගේ කාමරයට ඇතැම් විට නිවසට වැඩ විශාල වුවත්, එයට ඔබගේ කාමරයට ඇතුළුව (සමහර විට කුඩා කෘමියකුගේ වෙස් ගෙන යතුරු හිලකින් හෝ වා කවුළුවකින් ඇතුළු වන බවක් පෙන්වා) ඔබගේ මේසය මත නතර කළහොත් පුදුමයක් නොවේ..

පුෂ්පක යානයේ නිල් සැලැස්ම (Blueeprint) රාවණ අනුගාමී ඔත්තු කරුවෙකු විසින් සොරා ගත් එකක් වුවද අපට ප්‍රශ්නයක් නොවන්නේ , RMIT ආයතනය විසින් නිරපේක්ෂ විචල්‍ය ප්‍රාමාණීකරණය (Absolute Variable Sization)හා පදාර්ථහරණ/පදාර්ථකරණ (Immaterialization & Materialization) තාක්ෂනයන් මේ වන විටත් ප්‍රායෝගිකව භාවිතා කරන බැවිනි. කුණ්ඩලණී ශක්තිය ඇතිව හෝ නැතිව විශ්වයේ ඕනෑම තැනකට ප්‍රාමාණිකව හෝ අප්‍රාමාණිකව(පුර්ණ පදාර්ථහරණයෙන්) ගමන් කිරීම රාමනුගාමිකයන්ට සුළු දෙයකි. තව දුරටත් අපට යානා අවැසි නැත...

"ඉස්කූටර්" වර්ගයේ පුෂ්පක දඬුමොණර යානයක රාවණ රජතුමා යන හැටි. ඉස්කූටර් යනු, ඉස්=ඉස්සරහ, කූටර්=කටර්=කට+ඇර්, ඒ අනුව ඉස්සරහ කට ඇර ඇති දඬුමොණර යානා "ඉස්කූටර්" දඬුමොණර වෙයි. ලන්ඩන් කෞතුකාගාරයේ තිබූ හෙළයින්ගේ පුස්කොළපොත් වලින් මෙම "ඉස්කූටර්" සංකල්පය සොරා ගනිමින් පර සුද්දන් විසින්, ඉස්සරහ ප්‍රදේශය විවර වී ඇති මෝටර් සයිකල් හැදුව අතර ඒවා "Scooter" ලෙස නම් කර තිබේ. ඒ අනුව "ස්කූටර්" වලත් මුල් අයිතිය ඇත්තේ හෙළයින්ටයි.

Anti-Gravity Revolutionary Movement (AGRM) නැමැති රහසිගත පර්යේෂණ කණ්ඩායමක් විසින් හෙළි කර ඇති පරිදි, දඬුමොණර යානයක ඇති ප්‍රති ගුරුත්ව එංජිමේ උපරිම ප්‍රශස්ත ත්වරණය ලබාගැනීමටනම් එය දේදුන්නක් මතින් ගමන් කළ යුතුයි. දේදුන්නේ ඇති ජල අංශු වලින් සූර්යාලෝකය හත් කඩකට පැලීම නිසා, එලෙස හත් කඩකට පලන ලද සූර්ය ශක්තිය Mercury Vortex Engine (MVE) තුළ ඇති පිස්ටන් වලට පරිපූර්ණ සූර්ය ශක්තියක් ලබා දී එතුළ රසදිය වල උපරිම දහනය සිදුවෙයි.

Mercury Vortex Engine (MVE) තුළට ඇතුළු කරන සාන්ද්‍ර නෛට්‍රික් අම්ල සහ සාන්ද්‍ර සල්‍ෆියුරික් අම්ල සමග රසදිය පත්‍රික්‍රියා කිරීමෙන් එහි ඔක්ස්යිඩය සහ නෛට්‍රෝජන් ගොඩනැගෙනව.
2Hg + 2HNO3 → Hg2(NO3)2 + H2
ඊට අමතරව සෙල්සියස් අංශක 350 ට වඩා උශ්ණත්වයක් සහිත රාවණ එංජිම තුළදී මර්කරි ඩයොක්සයිඩ් ප්‍රත්‍රික්‍රියාව සිදුවෙනව.
2Hg + O2 → 2HgO (red solid)
සාමාන්‍යයෙන් රසදිය දහනය නොවුණත් රාවණ තාක්ෂණය සහිත දඬුමොණරයේ ඇති න්‍යෂ්ඨික ක්‍රියාකාරීත්වය නිසා රසදිය දහනය වීමේදී ඇතිවන ෆුෂන් විකිරණශීලීත්වයත් සමගම ජනිත වෙන ආලෝකය රත්‍රං පැහැයක් අරගන්නව.
152Dy → 152Dy + γ
2H + 3H → 4He + n
235U + n → 134Xe + 100Sr + 2n

ක්‍රිසත පුෂ්පකයේ සැබෑ ප්‍රමාණය දේදුන්නේ ප්‍රමාණයට වඩා විශාල නිසා, රාමා පැවසුව පරිදිම ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණයට ලක් කරන ලද ක්‍රිසත දඬුමොණර යානය දේදුන්න මත උපරිම ත්වරණය ගනිමින් ගමන් කිරිමකුයි වීඩියෝවේ දැක්වෙන්නේ. ඉහත විද්‍යාත්මක සමීකරණ ඇසුරෙන් විස්තර කළ ආකාරයට එහිදී පිටවී තිබෙන්නේ රත්‍රං පාට ආළෝකයක්.

අයෝධ්‍යා කන්ඩම්, ඝාතොත්‍රචබධ්ම, මහාභාරතය වැනි ඉපැරණි ග්‍රන්ථ වල රාවණ රජතුමාගේ පුෂ්පක දඬුමොණරයෙන් නිකුත් වුණ රන් පැහැති ආළෝකය මෙලෙස විස්තර වෙන බව ඔබ දන්නවාද?. (සිංහලට පරිවර්තනය නොකරන්නේ එහි නියම අරුත ඔබටම වටහාගැනීමට යොමු කිරීමටයි)

"Gifted with great energy the Rakshasa once more came down to Earth in his golden vimana . . . when it had landed it looked like a beautifully shaped mound of antimony on the surface of the ground." (Ghatotrachabadma)

"The splendid chariot, made of silver and coated with tiger-skin, and bright like the fire itself, making a noise like the roaring of the clouds; defying all obstacles, adorned with jewels and gold, dazzling to the eyesight and bright . . . went speedily on, making space resound like unto the muttering cloud in the sky. He issued out of his abode like the beautiful moon passing through a huge cloud." (Ayodhya Kandam, XVI, pp. 235-236)

"And having vanquished his foe, Krishna furnished with weapons and unwounded and accompanied by the kings, came out of Girivraja riding on that celestial car . . . upon that car Krishna now came out of the hill-fort. Possessed of the splendour of heated gold, and decked with rows of jingling bells . . . always slaughtering the foe against whom it was driven, it was the very car riding upon which Indra had slain ninety-nine Asuras of old." (Mahabharata)

ක්‍රිසත නැමති පුෂ්පක දඬුමොණරය

දැන් ඔබට සියල්ල පැහැදිළි ඇති නේද? අපහැදිළි යමක් ඇතොත් පසුබට නොවී නොබියව විමසන්න. කාලයක සිට වර්ගපූර්ණිකාව කියවන අනෙකුත් හෙළ විදුදරයින් විසින් මටත් වඩා හොඳට පැහැදිළි කරාවි.

69 comments:

  1. macho Mivalapalane
    උබට ම්චන් රවනා රජුරුවො ගෑන වෑදගත් කතාවක් කියන්න උබ අදුරන තපස් තුමගෙන් අහපන්
    උබලා රවනා රජුරුවො ගෑන කතා කලට හනුමා ගෑන කතා නෑ නෙ.
    හනුමා කියන්නෙ ජාන තක්ශනයෙන් ,ජාන මුහුමකින් හදපු වදුරෙක්. හනුමා ගෙ ජාන නිර්මානය කරලා තියෙන්නෙ මිනිස් ජාන හා වදුරු ජාන මිශර කිරිමකින්.(හනුමා ගෑන බොහො විස්තර ඈත නමුත් type කිරිමට එපා විය )

    ReplyDelete
    Replies
    1. check out "ancient aliens" documentary by history channel.

      Delete
    2. අපිට වැදගත් රාවණා මිසක් ලංකාව ගිණි තියපු හනුම නෙමෙයිනෙ.

      ඔව් ඔබ හරි, හනුමා යනු හයිබ්‍රිඩ් මිනිසෙක්. දෙමුහුන් කිරීමත් ආරම්භ කර තිබෙන්නේ රාවණා රජතුමාගේ කාලයෙයි. රාවණා රජතුමාට ජාන තාක්ෂණය තිබුන අතර හනුමා යනු එම ජාන පරීක්ෂණයක අතුරු ඵලයක්. මේ ගැන ලිපියක් දාන්නම්.

      පලි:ඔන්න හනුමත් යටින් කොමෙන්ට් කරල තියෙනව.

      Delete
  2. @මීට අමතරව පදාර්ථ ප්ලාස්මීකරණය (Plazmization) හරහා අවැසි විට ඕනෑම දෙයක් හරහා පුෂ්පක යානයෙන් ගමන් කල හැක.

    පැහැදිලිවම.යානයට පමණක් නොව එහි මගීන්ට ද ඒ විස්මිත හැකියාව ඇත.(නැත්නම් යානය පුංචි වෙනකොට මගීන් හිරවෙලා මැරෙනවනේ.)

    ---ජයශ්‍රී---

    ReplyDelete
    Replies
    1. මුලින්ම මගේ කමෙන්ටුවක් මේ ආකාරයට කිසිඳු සංශෝධනයකින් තොරව (ටයිපියානු දෝෂ පවා එලෙසම තිබියදී) මෙලෙස පලකිරීම ගැන මාගේ ස්තුතිය ජය-ර-තන ට පුද කරමි.

      මා ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණය,ප්ලාස්මීකරණය,නිරපේක්ෂ විචල්‍ය ප්‍රාමාණීකරණය, පදාර්ථහරණය හා පදාර්ථකරණය පිලිබඳ සංක්ෂිප්ත විස්තර ලබා දෙන්නම්.

      ව්‍යාජ විචල්‍ය ප්‍රාමාණීකරණය

      මෙය හුදු දෘෂ්ටි මායාවක් පමණි. බලා සිටින්නන් නොමග යවමින් ඔවුන්ට යානයේ පෙනෙන ප්‍රමාණය වෙනස් කිරීමයි. එහිදී යානයේ සැබෑ ප්‍රමාණයේ කිසිඳු වෙනසක් සිදු නොවේ. යානය හා බලා සිටින්නන් අතර වාතයේ ඝනත්වය වෙනස් කරවා, කාච (අවශ්‍යතාවේ හැටියට උත්තල හෝ අවතල විය හැක) ලෙස ක්‍රියා කරන්නට සැලසීම මෙහිදී සිදු වේ. ඒ අනුව නරඹන්නාට අදාළ පරිදි යානයේ ඌනිත හෝ විශාලිත ප්‍රතිබිම්බයක් පෙනේ. යානයේ ප්‍රධානය පරිගණකය මගින්, එලෙස ඇති කරන කාචයේ හැඩය පාලනය කරන්නේ යානයේ වැදී පරාවර්තනය වන වන ආලෝක කිරණ පමණක් කාචය තුලින් යන පරිදිය. යානයේ අවට ඇති දේ මේ අනුව දර්ශනය වන්නේ කාචයෙන් ස්වායත්තවය.

      ප්ලාස්මීකරණය

      ප්ලාස්මාව යනු පදාර්ථයේ තවත් එක් අවස්ථාවකි (ඝන, ද්‍රව, වායු මෙන්). ප්ලාස්මා අවස්ථාවේ ඇති පදාර්ථ වර්ග දෙකකට එකිනෙක හරහා ගමන් කල හැක. (උපපරමාණුක අංශු මට්ටමින්). මෙහිදී පුෂ්පක යානය සිදු කරන්නේ යානයත්, එය අවට, ගමන් කරන මාධ්‍යයත් නොගිනිය හැකි තරම් කුඩා කාලයකට ප්ලාස්මා තත්වයට පත් කරවා අධි වේගයෙන් ගමන් කිරීමය.

      @meeghaya : ඔබට පැහැදිලි ඇති ප්‍රමාණයේ සැබෑ වෙනසක් සිදු නොවන බව. යානය මෙන්ම එය තුල ගමන් කරන සියලු දෙනාත්, ඇතුලත ඇති සියලු වස්තුනුත් ප්ලාස්මීකරණයට ලක් වේ.

      නිරපේක්ෂ විචල්‍ය ප්‍රාමාණීකරණය

      මෙහිදී සිදු වන්නේ ආංශික පදාර්ථහරණය හා පදාර්ථකරණය හරහා යානයත් එහි ඇතුලත සිටින අය හා තිබෙන වෙනත් දේ වල සැබෑ ප්‍රමාණය කුඩා කරවීමයි.

      පදාර්ථහරණය

      මෙහිදී පදාර්ථය ශක්තිය බවට හැරවීම සිදු කරයි. ශක්තීන් අවකාශයේ ප්‍රමාණයක්(පරිමාවක්) අත් කර නොගන්නා හෙයින් ඕනෑම තැනක් හරහා ගමන් කල හැක. පුර්ණ හා ආංශික වශයෙන් ක්‍රම දෙකකි. ද්‍රව්‍ය විනිවිද යාමට පුර්ණ පදාර්ථහරණය අවශ්‍ය වේ.


      පදාර්ථකරණය

      මේ පදාර්ථහරණයේ ප්‍රතිවිරුද්ධ අවස්ථාවයි. ශක්තිය පදාර්ථයට හැරවීම මෙහිදී සිදු වේ..

      Delete
    2. mewaye thakshanaya gana kath karanna puluwan rawana awahama, ewa passe balamu, ewa visthara karanna kalin rawana marune waraduna doiya gaththe kohomada kiyala kiyamu balanna.

      Delete
    3. ඉතාමත් වැදගත් තොරතුරු ටිකක් රාමා, ඉදිරි ලිපියකට ප්‍රයෝජනවත් වේවි.

      විදූ ට පිළිතුරක් මෙතන තියෙනව
      http://vargapurnikava.blogspot.com/2012/06/2012-unp.html

      Delete
  3. ඔක්කොම හරි කියමුකො!රාම රාවනා යුද්දෙදි රාවනා පරාද උනේ කොහොමද ඔච්චරම බලසම්පන්නනම්?මම නම් කියන්නෙ රාම යුද්දෙට එනකොට රාවන හිටියෙ දීර්ග නින්දකට යන්න ලෙස්ති වෙලා,රාවනට රාම 1 යුද්ද කරන්න වෙලාවක් තිබුනෙ නෑ.මිනිහ පරාද කලෙ රාවනගෙ hollogrfic tec1 ඔලු10ක්
    සහිත රාවනගෙ image1.(පොඩි එකා බයකරන්න්) :)

    ReplyDelete
    Replies
    1. ay oya yudde tak gala iwara karralama nindata yanna thibunane. wanat eta passe wena dewal penun nadda danne naha.
      thiyana aththath me wage moda katha walin yatayanawa.

      Delete
    2. ඒකට හේතුව විභීෂණගේ පාවා දීමයි. විභීෂන විසින් සියලුම හෙළ රහස් රාමාට දෙන ලදී. දැන් අහන්න එපා විහීෂන පාවා දෙනකම් ජෞතිෂයෙන් තුන් කල් දක්නා රාවණා, ඒක නොදැන හිටියේ ඇයි කියල.

      Delete
    3. ජයරත්න මයා,

      "එතුමාගේ ශරීරය නින්දේ සිටියත් මනස නින්දේ නොසිටියි. මනේන්ද්‍රිය අවදි වී මේ සියල්ලම දෙස බලාගෙන සිටී. අවශ්‍ය විට ලෝකය පාලනය කරයි."

      "මනස ශරීරයෙන් පරිභාහිරව ගෙන අතීන්ද්‍රිය ක්‍රමයට අධිමානසික ශක්තිය යොදා ගනිමින් භෞතික වස්තු වලට බලපෑම් කරන්න බෑ. නමුත් රාවණා රජතුමාට හැකියි."

      මේ කතා දැනගත්තෙ කෙසේද? එය නියම කෙනා ගැන කියන සැබෑ දේවල්. ඔය මළවුන්ගෙන් නැගිටින සොම්බි කතාවත්, අන්තිමට රාවන නමින් ඉඳගෙන සැම දේම විනාශ කල පරයත් මේ කතාවලට ඈඳා ගැනීමෙනන් සැබෑ තොරතුරු විකෘති වෙලා.

      ඔය රාවන කියන්නෙත් කන්නසාමි වගේ රට කාපු එකෙක්. මොනවා කිව්වත් අද පවතින යථාර්තය මකන්න බැහැ නේද? ඔබ කියනවා "ඒකට හේතුව විභීෂණගේ පාවා දීමයි. විභීෂන විසින් සියලුම හෙළ රහස් රාමාට දෙන ලදී. දැන් අහන්න එපා විහීෂන පාවා දෙනකම් ජෞතිෂයෙන් තුන් කල් දක්නා රාවණා, ඒක නොදැන හිටියේ ඇයි කියල.". මේක සත්‍යයය විකෘති කිරීමතක්.

      විභීෂණ පවුලේ වැඩිමලා. ඔය හොර රාවනයා රජකම බලෙන් ගත්තෙ. විභීෂණ කලබල නොකර දුන්න. ඒ කාලේ ඉන්දියාව කියල රටක් තිබුනෙත් නැහැ. එහේ හිටියෙත් සිංහලයෝ. අද උන් හිඟනුන් සමග මිශ්‍ර වෙලා. වැඩි හරියක් වඳ වුනා. අද ඉන්න ගොඩක් බැහිවැටිච්ච එවුන්. අද සිංහලයෝ ඉන්නෙ ලංකාවෙද ඉන්දියාවෙද? තවමත් සිංහල එවුන් විභීෂණට වඳින්නෙ ඇයි?

      ඒක හිතා ගන්න බැරි නම් දුටු ගැමුණුයි පරාක්‍රමබාහුයි ගමු. අද බෞද්ධාගමිකයන් ගිල්ලන්න හැදුවටට ඇයි මේ මහ ලොකු අය සිංහලයෝ සත පහකට ගණන් ගන්නෙ නැත්තේ? මටත් පුදුම හිතිල සොයල බැලුවා. මෙන්න උත්තරේ. ඔය දුටු ගැමුණු අද ඉන්න "දුටු" වගෙ යුද්ධෙට මුවා වෙලා රජ වෙලා ඊට පස්සෙ රට කෑවා. මැරුණෙත් නායක (නාග) වංශෙ එකෙක් විදපු ඊතලෙ වැදිල. එත කොට මහා ලොකු පරාක්‍රමබාහු? එයා ලොකුකම පෙන්වන්න බලෙන් මිනිස්සු දාල ලොකු දේවල් කලාට, සිංහලයන් පාගාගෙන හිටියේ දෙමළ කුලී හමුදාවක පිහිටෙන්. ඉතින් අර ප්‍රේමදාස වර්ගෙ අය කුජීත වෙනවා. ඔය බොරු රාවනත් කුජීතයි. අපේ හිතේ කිසි ලෙන්ගතුකමක් උරුම නැත්තෙ උන්ගෙ බලු වැඩ නිසයි. පරපොත් පෙරලන්නෙ නැතුව අපි අතරෙන් අපේ උරුමය සෙවිය යුතුයි.

      නියම රැස් එන (රා එන) කෙනාට මිනිස් සිරුර බාහිර ආටෝපයක් විතරයි. ලෝකෙ වෙන හැම දේ දන්නවා. අවශ්‍ය වෙලාවට කලයුතු දේවලුත් කරනවා. ඒ ගැන පසුව කියන්නම්. දැන් ශරීරය තිබුනට, පියවි වෙලාවට සිතන දේවල් ගත නිදාගන්න විටත් සිත තුල වැඩ කරනවා. ඒ කියන්නෙ නින්දට යන්න පෙර සිතන දේවල් නින්දෙන් පසුත් සිතන හැකියාවක් තියෙනවා. ඒ විතරක් නොවෙයි සිහිනෙන් දකින දේත් තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරනවා. මේ කතාව LCN එකේ කීවම මැටි බෞද්ධයෝ හිනා වුනා. උත්සාහ කරල බලල කියන්න.

      Delete
  4. //රාජාභිෂේකය සඳහා අවශ්‍ය අලි ඇතුන් පින්නවල අලි අනාථාගාරයේ සිටීදැයි පරීක්ෂා කරලීම සඳහා වළකුලු ඈත් මෑත් වුණ තැනකදී යානයේ වේගය අඩු කරන හැටි තමයි ඔබට ඒ දිස් වූයේ.
    අනාථාගාරයෙන් අලි ඇත්තු ගන්න ලැජ්ජ නැද්ද අපේ ශ්‍රී රාවනයන්ට?????
    මොනා උනත් උං අනාථනේ..
    ජය ශ්‍රී!!!!!!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒ අණාථ වූ අලි ඇතුන්ටත් යම් ගෞරවයක් ලබා දීමට විය හැකියි. එසේම කැලෙන් වණ අලි අල්ලනවට වඩා අනාථ අලියෙක්ව ගන්න එක හොඳනේ.

      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. රටේ වැඩිම ඇතුන් ගණනක ගේ ඇත දල කපා ගැනීමට
      ඇතුන මරා දැමුවේ
      ප්‍රේමදාස ලොක්කගේ පුත් කියල ආරංචි ........:පී

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රා

      Delete
  5. නමුත් "ආචාර්ය ජයරත්නයනි" මම සිතුවේ යානය පින්නවල "රසදිය ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලාවට" පැමිණියාය කියාය ඔබගේ පැහැදිලි කිරීම පිලිබදව තුති ...

    ReplyDelete
    Replies
    1. රසදිය ලබාගැනීමත් අරමුණක් වෙන්නට ඇති. ඒ ගැන තවත් සොයා බලන්නම්.

      Delete
    2. alith ekka mona ganudenuda? rawanath ekka baluwahama api nodiyunui kiyana aya kiyanawa rawanata abhi shekayata ali onalu? ali pawichchi kare pe nam nodiyunu kale. anika alinta mona gawrawada? budu dahamata anuwa gawrawaya kiyanne manayane e kiyanne rawana modayekda? 2012 ha awa sanayata oya kiyay mage blog eka block karala kiyala , mokada ekata kiyanna deyak nahane....

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔන්න මමනම් නෙමෙයි ඉවත් කළේ. Author කියල කියන්නෙ කොමෙන්‍ටුව දාපු කෙනා.

      Delete
  7. පර සුද්දන්ගේ භාෂාවෙන් ලියන්නේ ඇයි? හෙළ භාෂාවෙන් ලිව්වොත් තේරුම් ගන්න බෑ කියන්නේ ඇයි??? හෙළ භාෂාවට නිග්‍රහ කරන එක ඔබ වැන්නෙකුට නොවටී.

    ReplyDelete
    Replies
    1. පර සුද්දන්ගේ භාෂාවෙන් තමයි ඒක තියෙන්නෙ. හෙළ බාශාවට පරිවර්තනය කිරීමේදී අරුත් වෙනස් වෙන්නට පුළුවන්නෙ.

      උදාහරණ ලෙස බලු බාසාව හෙළ බසට නගන එක ලේසි නෑ. ඒ වගේම බලු බාසාවක් වන පර සුද්දගෙ බාසාවත් වෙනස් කිරීමේදී වරදින්න පුළුවන්.

      Delete
    2. ඉදිරි ලිපියකින් පරිවර්තනය කරල දාන්නම්.

      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  8. මේ කලින් ලිපියෙන්....
    "1. මොණරා මිය ගියානම් ඒ ගැන ලිපියේ දැක්වෙන්න ඕනැ. ඒ සඳහා මොණරාගේ මළ කඳ හමු විය යුතුනේ, නමුත් එවැන්නක් හමු වී නැහැ. ඒ අනුව මොණරෙක් හැප්පීමෙන් මොණරාට කිසි දෙයක් සිදු නොවී මාර්ග ආරක්ෂක රියට විතරක් බරපතල හානි සිදුවෙන්නේ කොහොමද?" ඔය පාරේ හැප්පෙන බල්ලොයි,ඌරු මීයොයි( ඌරු මීයොත් ෂුවර් නෑ) ඇරුනම අනෙත් ඔක්කොම සත්තු අපේ සත්ව හිතකාමී පොලිස් මහත්තුරු තමන්ගෙ වාහන වලින් ඉස්පිරිතාලෙට එක්ක යනව...හහ් හහ් හා...

    ReplyDelete
    Replies
    1. වණ සත්වාරක්ශන අංශයේ ආරංචි මාර්ග පැවසුවේ මියගිය මොණරෙක්ව නොලැබුණ බවයි.

      Delete
    2. මොනර පිහට්ටක්වත් ඉතුරු නොකරන හෙළයෝ ඉන්න රටේ
      මොනරෙක් ඉතුරු වෙය්ද හැප්පිලා හිටියොත්

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රා

      Delete
    3. @ රාම වංශ- ඒපාර උඹත් ඔය උඩ ඉන්න උන්නැහේ වගේ පදනම ඔප්පු ‍කරන්න බැරි කථා කියන්න පටන් ගත්තද ?

      Delete
  9. hodai rawana rajathuma thama nagitala nahane, ethkota kawda e yanayen yanne?
    thawa deyak thiyanawa, mewa aththa ho boru unata kamak naha, eth me dinawala thiyana jeewath weeme apahasuwa mudal hingakama(uddhamanaya)wahanna karapu naththan katitiyage oluwa wena athakata harawanna karapu wadak ehema newei neda meka?

    thawa deyak ,ali athun ekka mokatada abhisheka, rawana raju evidihata karanawanam danthiyana godak dewal eya wenas karai parana widihata. ekath katakatath prashnayak wewi neda?

    ReplyDelete
  10. ජයරත්නයාණෙනි...
    ඔබ පවසන රාවනා මෙතරම් කාලයක් නින්දේ පසුවෙනවානම් ............
    ඔබ මෙම බ්ලොග් අඩවියේ සදහන් කරනු ලැබූ ක්‍රියාදාම (Action) සියල්ල කවුරුන් විසින් සිදුකළේද ..........
    (දඬුමොනරය දිස්වීම අදාල ක්‍රියාවන් )
    ඔහුගේ අනුගාමිකයකු විසින් එම ක්‍රියාදාම සිදු කරා නම් .....
    තවත් රාවනා කෙනෙක් කුමටද .................
    රාවනා ගේ චයිතසික බලයෙන් දඬුමොනරය ක්‍රියාත්මක උවානම්..........
    ඔහු අවදි වී සිටින්නෙකි ..................

    ReplyDelete
    Replies
    1. එතුමාගේ ශරීරය නින්දේ සිටියත් මනස නින්දේ නොසිටියි. මනේන්ද්‍රිය අවදි වී මේ සියල්ලම දෙස බලාගෙන සිටී. අවශ්‍ය විට ලෝකය පාලනය කරයි.

      Delete
    2. ඔබ පවසන මතය පරිදි:
      රාවනා ශරීරයෙන් නිද්‍රාවකට පත් වූවෙකි .........
      එසේම ඔහු මනසින් සියලුම දේ මෙහෙයවනු ලබයි ................
      එය එසේනම් අංශබාග රෝගියෙකු සහ රාවනා අතර ඇත්තේ සුළු වෙනසකි .....

      එය එසේ නොවන්නේ නම්, ශරීරයෙන් නිද්‍රාවකට පත්වීම සහ මනසින් නිද්‍රාවකට පත්වීම අතර වෙනස පැහැදිලි කරන්න...

      Delete
    3. හොඳ ප්‍රශ්නයක් මහත්මයාණෙනි.

      අංශභාග රෝගියෙක්ට නැවත ශරීරය කැමති විටෙක අවදි කරවීමට නොහැකියි. නමුත් රාවණා රජතුමාට හැකියි.

      අංශ භාග රෝගියෙකුට මනස ශරීරයෙන් පරිභාහිරව ගෙන අතීන්ද්‍රිය ක්‍රමයට අධිමානසික ශක්තිය යොදා ගනිමින් භෞතික වස්තු වලට බලපෑම් කරන්න බෑ. නමුත් රාවණා රජතුමාට හැකියි.

      Delete
    4. ලද මාලිගාවට බෝම්බ ගහන්න දීල දොය්යගෙන හිටපු රාවණාගේ භෞතිකක ශක්තිය අපි දැක්ක .... : පී

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රා

      Delete
    5. ජයරත්න මයා,

      "එතුමාගේ ශරීරය නින්දේ සිටියත් මනස නින්දේ නොසිටියි. මනේන්ද්‍රිය අවදි වී මේ සියල්ලම දෙස බලාගෙන සිටී. අවශ්‍ය විට ලෝකය පාලනය කරයි."

      "මනස ශරීරයෙන් පරිභාහිරව ගෙන අතීන්ද්‍රිය ක්‍රමයට අධිමානසික ශක්තිය යොදා ගනිමින් භෞතික වස්තු වලට බලපෑම් කරන්න බෑ. නමුත් රාවණා රජතුමාට හැකියි."

      මේ කතා දැනගත්තෙ කෙසේද? එය නියම කෙනා ගැන කියන සැබෑ දේවල්. ඔය මළවුන්ගෙන් නැගිටින සොම්බි කතාවත්, අන්තිමට රාවන නමින් ඉඳගෙන සැම දේම විනාශ කල පරයත් මේ කතාවලට ඈඳා ගැනීමෙනන් සැබෑ තොරතුරු විකෘති වෙලා.

      ඔය රාවන කියන්නෙත් කන්නසාමි වගේ රට කාපු එකෙක්. මොනවා කිව්වත් අද පවතින යථාර්තය මකන්න බැහැ නේද? ඔබ කියනවා "ඒකට හේතුව විභීෂණගේ පාවා දීමයි. විභීෂන විසින් සියලුම හෙළ රහස් රාමාට දෙන ලදී. දැන් අහන්න එපා විහීෂන පාවා දෙනකම් ජෞතිෂයෙන් තුන් කල් දක්නා රාවණා, ඒක නොදැන හිටියේ ඇයි කියල.". මේක සත්‍යයය විකෘති කිරීමතක්.

      විභීෂණ පවුලේ වැඩිමලා. ඔය හොර රාවනයා රජකම බලෙන් ගත්තෙ. විභීෂණ කලබල නොකර දුන්න. ඒ කාලේ ඉන්දියාව කියල රටක් තිබුනෙත් නැහැ. එහේ හිටියෙත් සිංහලයෝ. අද උන් හිඟනුන් සමග මිශ්‍ර වෙලා. වැඩි හරියක් වඳ වුනා. අද ඉන්න ගොඩක් බැහිවැටිච්ච එවුන්. අද සිංහලයෝ ඉන්නෙ ලංකාවෙද ඉන්දියාවෙද? තවමත් සිංහල එවුන් විභීෂණට වඳින්නෙ ඇයි?

      ඒක හිතා ගන්න බැරි නම් දුටු ගැමුණුයි පරාක්‍රමබාහුයි ගමු. අද බෞද්ධාගමිකයන් ගිල්ලන්න හැදුවටට ඇයි මේ මහ ලොකු අය සිංහලයෝ සත පහකට ගණන් ගන්නෙ නැත්තේ? මටත් පුදුම හිතිල සොයල බැලුවා. මෙනන්න උත්තරේ. ඔය දුටු ගැමුණු අද ඉන්න "දුටු" වගෙ යුද්ධෙට මුවා වෙලා රජ වෙලා ඊට පස්සෙ රට කෑවා. මැරුණෙත් නායක (නාග) වංශෙ එකෙක් විදපු ඊතලෙ වැදිල. එත කොට මහා ලොකු පරාක්‍රමබාහු. එයා ලොකුකම පෙන්වන්න බලෙන් මිනිස්සු දාල ලොකු දේවල් කලාට, සිංහලයන් පාගාගෙන හිටියේ දෙමළ කුලී හමුදාවක පිහිටෙන්. ඉතින් අර ප්‍රේමදාස වර්ගෙ අය කුජීත වෙනවා. ඔය බොරු රාවනත් කුජීතයි. අපේ හිතේ කිසි ලෙන්ගතුකමක් උරුම නැත්තෙ උන්ගෙ බලු වැඩ නිසයි. පරපොත් පෙරලන්නෙ නැතුව අපි අතරෙන් අපේ උරුමය සෙවිය යුතුයි.

      නියම රැස් එන (රා එන) කෙනාට මිනිස් සිරුර බාහිර ආටෝපයක් විතරයි. ලෝකෙ වෙන හැම දේ දන්නවා. අවශ්‍ය වෙලාවට කලයුතු දේවලුත් කරනවා. ඒ ගැන පසුව කියන්නම්. දැන් ශරීරය තිබුනට, පියවි වෙලාවට සිතන දේවල් ගත නිදාගන්න විටත් සිත තුල වැඩ කරනවා. ඒ කියන්නෙ නින්දට යන්න පෙර සිතන දේවල් නින්දෙන් පසුත් සිතන හැකියාවක් තියෙනවා. ඒ විතරක් නොවෙයි සිහිනෙන් දකින දේත් තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරනවා. මේ කතාව LCN එකේ කීවම මැටි බෞද්ධයෝ හිනා වුනා. උත්සාහ කරල බලල කියන්න.

      Delete
  11. ඒ කියන්නේ නුදුරු අනාගතයේදී පින්නවල අලි අනාථාගාරයෙන් අලින් අතුරුදහන් වීමට ඉඩකඩ ඇතිබව නොවේද ජයරත්නයෙනි?

    ReplyDelete
    Replies
    1. mona pissuwakda, mechchara me mercury vortex engine thiyddi mona alida?

      Delete
    2. ඔව්, හැබැයි අලි නෙමෙයි, ඇත්තු. නුදුරදීම ඇත්තු කිහිප දෙනෙක්ව අතුරුදන් වේවි.

      රාවණ රජතුමාගේ රාජාභිෂේකයේදී ඇතුන්ව යොදා ගන්නේ ප්‍රවාහණ කටයුතු වලට නොව අලංකාරය සඳහායි. අතීත ශ්‍රී විභූතිය පෙන්වා දීමටයි.

      Delete
  12. http://1.bp.blogspot.com/-hS04hQ1LkAY/T_6FB3aKwXI/AAAAAAAAAKI/G7JGxQbkDEw/s1600/spacecraft_chrysta%255B1%255D%5B1%5D.jpg

    මේක space cases තිබ්බ එකක්
    http://image.retrojunk.com/e61_52b8fe7bd2.jpg

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ ගැන කලින් ලිපියෙ සඳහන් කරල තිබෙනව.

      http://vargapurnikava.blogspot.com/2012/07/blog-post_12.html

      Delete
  13. modayo oya engine eke piston thiyanawa kiyala kohomda danne. api piston paichchi kalata eka nodiyunui kiyala apatath therenawa.dan piston nathi engin warga keeyak thiyanawada. e kiyanne rawanage thakshanaya parana wadi. nikan nodanna dewal kiyanna gihlla kiyagena yana de wanakaraganna epa.

    ReplyDelete
  14. http://www.facebook.com/photo.php?fbid=492334730784115&set=a.274866039197653.86923.274859899198267&type=1&ref=nf
    This is the origin of your name?

    ReplyDelete
    Replies
    1. ඒ වෙන මීවනපළානේ කෙනෙක්. මීවණපළාන තමයි මගේ ගම. ඒ ගමේ හිටියෙ ඔය හාමුදුරුවො විතරක් නෙමෙයිනෙ.

      Delete
  15. @ජයරත්න හා @රාවන ලංකා වෙත,

    පසු ගිය කාලේ වෙච්ච දේවලුයි, සමහර අය අවංකව කියන දේවලුයි ගත්තම, නාඩගමක මුහුණුවර පෙනෙන නිසා, මේක ලියන්න හිතුනා. කතාව මොනවා වුනත් පසුපසින් තියෙන දේ දැක්කම හිනා ගියා. ඇත්තටම ඔය දෙන්නා කොච්චර කල් ඇමෙරිකාවට කැඹුරුවද? එක් කෙනෙක් කැලිඵෝර්නියා වල ගොඩක් කල් හිටපු බව දැක්කා. ආචාර්ය මහාචාර්ය අංතට්ටු එළියට එනකොට, කොච්චර සිංහල දැනුම උන්ට දුන්නද කියලත් හිතුනා. එදා කරපුවට අද වන්දි ගෙවනවා කියලත් හිතෙනවා.

    මේකත් හරියට ගව මුත්‍ර, දිව්‍ය පානයක් කියල බොන හින්දු කාරයෝ වගෙයි. ඔයාලත් රාවනාට බොහොම ලැදි වුනාට, කන්නෙ අර හින්දු කට්ටිය කන පරිප්පු කියලම හිතෙනවා. මම කලින් රෙද්ද ඔසවා ගරු කලාම වෙන දේ ගැන කිව්වා. හරියට නොදැන වඳින්න ගියාම අර සිල් ගන්න ගිය උපාසකයට වෙච්ච දේ වෙනවා. සිල් ගන්නවා කියන්නෙ කියපු දේ එහෙමම කියන එක නිසා, කාපු පරිප්පු ඔයාලත් කන බව පෙනෙනවා.

    හැසිරීම බැලුවම, නියම අය කවුද නොදැන අහපු කියපු දේවල් ලිව්වම, වැරදි අරුත් දී ඉල්ලගෙන කන බවක් පෙනෙනවා. අපේ අතීතය හරි අමුතු එකක්. පිටින් ආපු කරදර කාරයෝ නැති කලේ උන්ගෙ එකෙකුටම කියලා. උදා: ඔරිස්සාවවෙන් ආපු විජේ කුමාර්ගෙ කොලනිය අතුගාල දැම්මෙ ඔරිස්සා වලින් ආපු කාලිංග මාඝ. එළාර වගෙ අයට වැඩේ දුන්නෙත් එහෙන් ඇවිල්ල සිංහල වෙස් ගත් අය යොදවලා. ශ්‍රී වික්‍රම රාජසිංහට දුන්නේ මහ දෙමළු ගෙන්නලා. උන් දෙමළට ඔටුනු පැළඳූ නිල මැස්සොත් ආරක්ෂකයොත් සමූල ඝාතනය කලා. මෑතකදිත් ඕකම වුනා. වේළුපුල්ලෙ ආවේ දෙමළු නසන්න. පොඩ්ඩක් පිටට පැන්නම අතු ගාල දැම්මා. අපට නොදැනුනාට, පියවි ලෝකෙට එහා තමයි නියම බලේ තියෙන්නෙ. එයාල තමයි ඔය ඌර පිටේ උගේම මස් කපන්නේ. මම මේ පෙරවදන කිව්වෙ අවවාදයක් විදියට.

    ඔයාල රාවන කියල ඔලු දහයක් දාල පුදන කෙනා නැසුවෙ එයාගෙ රටෙන්ම ආපු රාමට කියල. ඔය මනුෂ්‍යයා අනුන්ගෙ දැනුම පැහැරගෙන නටපු නෙයියාඩම් නිසා එහෙම මරල අපේ (සිංහල) රටේ මතකෙනුත් අයින් කලේ උඩින් ඉන්න කට්ටිය තමයි. ඉතින් එවැනි කෙනෙක් වීරයා කරගෙන නටන නෙයියාඩමෙන් නියම කට්ටිය කෝප වුනාම, සමහරුන්ට ගව මුත්‍රා පෙව්වා වගේ, නිනව්වක් නැතිව කියවන්න මග පාදන්න පුළුවන්. අන්තිමට උමතුවෙන් කෙලවර වෙන ගමණක් ඒක. ඒ නිසා ටිකක් පරෙස්සම් වෙන්න.

    කියන දේ සොයා බලන්න. සිංහලකම සොයන්න සිංහලයන් අතරට යා යුතුයි. ඔය ඉන්දියන් කසල ගොඩවල් බදා ගන්න එපා. බටහිර දී, අනෙක් උන් කෙලපු කෙප්ප උඩ තමන්ගෙ කෙප්පයක් හලල, ආචාරි මහාචාරී වුනාට අනිත් පැත්තෙදි ඒක කලාම හොඳ සිහියත් අහිමි වෙනවා. අනුන් කියන දේ ලෝක නීතියට අණුකූල දැයි බලන්න.

    සිංහල මිනිසුන් කියපු කෙනා එන බව ස්ථීරයි. ඒත් වැදගැම්මකට නැති එකෙක් ගාවගෙන නටන බයිල අගුණයි. සිංහල දේවල් වලට නින්දා කරපු අයට මිහිපිටම අපායක්. මළවුන් නැගිටීම ලෝක නීතියට පටහැනියි. විරූපී චරිතයක් ආරූඪ කිරීම අපරාධයක්. දෙමළ මුහුනක් දීම බුද්ධි අන්ධ ක්‍රියාවක්. ඉතිරි රූපෙත් මකන්න. ලෝකෙ පරිහානියේ පහලටම ගිය වෙලාවේ, මර්විය සිංහ නාද කලාට, ඔය ආදි කාලෙ නායකයන්ට එම ක්‍රියා වහකදුරු. කියන දේ වල වැදගත්කම රැකෙන්නෙ සිංහල විදියට ලියුවමයි. දිගටම වැරදියට කලොත්, ඒක උදහසින් උමතු වෙලා විය හැකියි.

    ප.ලි.: පුළුවන් නම් අතීතය පොඩ්ඩක් අවුස්සලා කියන්න.

    ReplyDelete
    Replies
    1. ele , meyala metika thama therum aran naha, ona deyak ahuwoth kundalini kiyanawa, mokada apita nahane(untath naha).

      Delete
    2. මාව ඇමරිකාවෙන් පැහැරගෙන ගියා මිස කැමැත්තෙන් ගියා නෙමෙයිනෙ. එසේම මා භාවිතා කරන්නේ පර සුද්දන්ගේ කසිකබල් ආචාර්ය උපාධියක් නොව ලංකා විශ්ව විද්‍යාලයෙන් ලැබුණ එකක්.

      එසේම Ravana Lanka කරන මහත්මයා එහි ගොස් තිබෙන්නේ සුද්දන් ගාව තියෙන , හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත් ටික නැවත ගෙන ඒමටයි. එම පුස්කොළපොත් ගාවට යාම සඳහා එම විශ්ව විද්‍යාල වල ඉහලටම යා යුතු නිසයි එය කරන්නෙ. ඒ ගැන එතුමා තවත් පැහැදිළි කරාවි, නමුත් එතුමගේ ජීවිතාරක්ශාව පතා ගොඩක් දෑ කීමට නොහැකියි.

      වර්ගපූර්ණිකාව වනාහී අපගේ සැඟවුණු හෙළ අතීතය සොයා යන ගමනක්. පසුබිමේ දක්නට තිබෙන F35 යානා වලත් නියම අයිතිය තිබෙන්නේ අපගේ හෙළයින්ටමයි. හෙළ පුස්කොළපොත් වල තාක්ෂනයෙනුයි දඬුමොණර ක්‍රමයට එය හදල තියෙන්නෙ. එනිසයි එය පසුබිමට දැම්මෙ.

      Delete
    3. මමත් රට ගියේ කැරට් අලේ පෙන්නල පැහැරගත් නිසා තමයි. ඒත් උන් මාව නම් පැහැර ගත්තෙ උන්ගෙ කරුමෙට. ලංකා විශ්ව විද්‍යාලයෙන් ලැබුණ ඒවාත් උන්ගෙම තුන්වෙනි ලෝකෙ බඩුනේ. සිංහල අධ්‍යාපන ක්‍රමය නැති වුනේ කලි යුගේටත් කලින්. ඒ විදියට නොකලොත් සිංහල දැනුම අකැපයි.

      ඔය යානා නිකම් මැටි වලන් වගෙයි. අපේ කතා කියවල අබරංල අටවපු මරාලනෙ. සිංහල මිනිසුන් ළඟ තිබුනු තාක්ෂණය බැලුවම මේවා මර උගුල් විතරයි. කියන දේ අහල දැනුම ගන්න බෑ. හැබැයි ඉතින් දන්නෙ එක් කෙනයි. අකැප එවුන් අතට යෑම වැලකීමට අනෙක් අයගෙ මනස සෝදලා. සිංහලයන් ළඟ තියෙන්නේ එකම අනාවැකියයි. ඒ තමයි දියසේන එනවා කියන එක. ඔයාල ඔය පරයෙක්ගෙ නමට අලවන්නෙ ඒ මනුෂ්‍ය වෙස් ගෙන එන කෙනාගෙ දේවල් තමයි. පරයන්ගෙ වචන අතහැර නියම සිංහලෙන් ලිව්ව නම් ඇත්ත තේරේවි.

      "... හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත් ටික නැවත ගෙන ඒමටයි" - අනේ මන්ද? "පුස්කොළපොත්" කියන වචනෙ තේරුම දන්නවා නම් ඕවා පස්සෙ යන්නෙ නෑ. මම කියන ඒවා නම් පුස් කොළපොත් වලින් වත් පිසින කොළපත් වලින් වත් ගත්තේ නෑ. පේනවා නේද අනුන්ගෙ පුස් කොළපොත් හොරකම් කරල පොර වෙන්න ගිහින් අද ඇමරිකාව වැටිච්ච වලේ තරම. ඕවා වැඩක් නෑ.

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔන්න මමනම් නෙමෙයි ඉවත් කළේ. Author කියල කියන්නෙ කොමෙන්‍ටුව දාපු කෙනා.

      Delete
  17. Replies
    1. ලිපියෙ මුලදිම ඕකට ලින්ක් එකක් දාල තියෙනව

      Delete
  18. http://en.wikipedia.org/wiki/File:Circumhorizon_Arc.jpg

    ReplyDelete
    Replies
    1. ලිපියෙ මුලදිම ඕකට ලින්ක් එකක් දාල තියෙනව

      Delete
  19. අය්යෝ පොඩි සල්ලි,
    මේ විවුර්ත ආර්ථිකයත් එක්ක රවනාටවත් වහනයක් maintain කරන්න අමාරු තත්වයක් මේ රටේ තියෙන්නේ.
    මෙන්න පුෂ්පික දඩුමොනර විකුනන්න දාල. එලවන්න දන්නා කෙනෙක් ඉන්නවනන් ගානත් අඩු නිසා වටිනවා.
    මෙන්න ඇඩ් එක
    http://www.automart.lk/vehicleinfo.php?category=--Any--&type=--Any--&make=--Any--&model=--Any--&city=--Any--&page=1&searchVehicle=&hits=3&vehicleno=146599

    ReplyDelete
    Replies
    1. link eke add eka naha , mama hithanne amathiyek wath ganna athi, kalawawe nidhana kathawak kiwwa neda? ara scan kara kiwwe, eka malahakatath aran athi. oke nidhan scan karanna honda scanner ekak thiyanawanam eka lokka ikmanatama ganeevi...
      hi.. hi .. hi..

      Delete
  20. අනිමොස් මමත් එක පිලිගන්නවා. දැන් මේක නාඩගමක් වෙලා . ඉස්සර බොහොම ආසාවෙන් කියෙව්වේ .

    ReplyDelete
    Replies
    1. e kathawa aththa. muta pissu, hariyata ara dewa aruda wage..

      Delete
    2. "නාඩගම්" කලාව හඳුන්වා දුන්නේත් රාවණා රජතුමාම බව ඔබ නොදන්නේද? තොවිල් කරන කෙනෙක්ගෙන් අහල බලන්න.

      Delete
    3. තොවිලය මානසික රෝග ශනීප කරන වෙදකමකි. නාඩගම යනු තොවිලයේ කරන දේවල් අග මුල නොදැන ජන හද දිනීමට කරන විනෝදජනක දෙයකි. වෙනස හඳුනා ගමු. තේරුම ඇති වැකි දැනුම දෙයි. නැති වැකි මනසට පහරයි.

      තොවිලය හිරුගේය. නාඩගම මලයාලී හිඟන උපතකි.

      තොවිලය හිරු ඇතුළු දෙවියන්ගෙ පිහිට පැතීමකි. අද එය සොහොන්පලට හිඟනුන් ඇද ගැනීමට කරන නාඩගමකි.

      Delete
  21. kiwwa neda dedunna udin yana vita thamai dandmonarayata sampoorna shakthiya labenne kiyala, dan oya video eke hatiyata ochcharama slow karanna mokatada echchara shakthiya? kiyamu balanna....

    ReplyDelete
  22. විද්‍යාත්මකව පහදන්න් ,

    රාවණා රජු පසු වන්නේ ශිශිර තාරකා නින්දේද?

    රාවණෘ රජු 2012දී නැවත එන බව පැවසෙන හෙළ පුස්කොලය කුමක්ද?

    රාවණෘ රජුගේ හිස් දහයක් ඇති බව කියවෙන්නේ ඔහු පුද්ගලයින් 10 දෙනෙකුගේ හැකියාවන් සහිත බවද?


    රාවණෘ රජු යනු කාශ්‍යප බුදුන් සමගේ සිටි අයෙකුද?


    රාවණෘ රජු හා සීගිරිය අතර ඇති සම්බන්ධය කුමක්ද?


    මහා සම්මත මනු රජු රාවණා රජුගේ ඥාකියෙක්ද?


    2012 දෙසැම්බරයේ රාවණෘ රජු සිදුකරන්නට යන්නේ කුමක්ද?

    ඔබට අනාවැකියක් අයුරින් සිදුවීම් සිදුවීමට පෙර මෙහි පලකිරීමට හැකි නම් අප බොහෝ දුරට මේවා පිළී ගැනීමට කැමැතතෙමු.

    මෙම බ්ලොග් අඩවිය ගැන මගේ අදහස මෙසේයි :

    මහාවංශයේ සඳහන් විජය කතා පුවත පදනම් කොටගෙන ශ්‍රී ලාංකේය විද්වතුන් හා අප සියලු දෙනාම සිංහල ජාතිය විජයගෙන් පැවත එන බව පවසන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.

    ඉන්දියාවේ ජනතාවගෙන් පහර කෑ හිස මුඩු කොට එළවා දමන ලද, ශ්‍රී ලාංකේය ව්‍යවහාරයෙන් සඳහන් කරතොත් “පාදඩයකු...” (Vagabond) ගෙන් සිංහල ජාතිය පැවත එන බව ද මැලි නොවී විශ්වාස කරමු. එසේ පමණක්‌ නොව එය අපගේ අනාගත පරපුරට ද ලබාදීමට ද අප්‍රමාණ වෙහෙසක්‌ දරන්නෙමු. ඒ අතරතුර කිසිදු වගවිභාගයකින් තොරව සිංහයකු හා මනුෂ්‍යයකු අතර සංවාසයක්‌ ඇතිවීමත් එයින් මනුෂ්‍යයකු ජාතක වූ බව ද විශ්වාස කරන්නෙමු.

    විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන උගතුන් සිංහයකුගෙන්, පාදඩයකුගෙන් සිංහල ජාතිය පැවත එනවා යෑයි විශ්වාස කළත් ශ්‍රී ලංකාවේ රාවණා නම් පාලකයකු සිටි බව ප්‍රකාශ කිරීමටත් මැලි බවක්‌ දක්‌වති. එයට හේතුව ශ්‍රී ලාංකේය ඉතිහාසකරණය තුළ රාවණා පිළිබඳ සඳහන් නොවීමම ද යන්න ගැටලු සහගතය. කොටින්ම අපගේ පාසල් පෙලපොතේද හෙළ අධිරජ්‍යක සක්විත රජකම් කළ රාවනා පිළිබදව කරැණු අඩංගු නොකොට ලොව ශේෂ්ට ජාතිය යැයි උදම් අනන්නේ වසර 75000 කට වැඩි ඉතිහාසයක් තිබියදී 2500ක් ගැන කතා කරමිනි.

    ReplyDelete
    Replies
    1. sama hara vita mwa danna epaela aththe rawana jevitha kalayama kawruhari kka satan kala vitharaine. anika oya kiyana yana walin minissunge pra yojanayata wath prawahanyatawath rukulak dunna kiyala kohewath kiyala naha. minissunge mahansiya aragena mewa hadala watetama yuddha karakara hitiya witharai. ithin e wage kenek gana mokata kiyanawada.

      monawa unath para sudda mewa horakam karala hari mulu loktama wada dayaka dewal bedala deela thiyanawa. mewainma wada aran ewatama baneema "kana pathe paharanawa wage wadakne" kana pathe paharana kota kanna wenne monawada kiyala dannawane......

      Delete
    2. මුල් ප්‍රශ්න ටිකට පිළිතුරු ලිපි වශයෙන් ලියමින් සිටිමි.

      අග ඡේදයට සහමුලින්ම එකඟයි.

      Delete
  23. ඉංග්‍රීසි අකුරෙන් සිංහල අකුරු ලියපු කොමෙන්‍ටු කියවීමට වෙලාව යන නිසා මා ඒවා කියවන්නේ නැත. එනිසා සිංහල යුනිකෝඩ් වලින් ඇති ඒවට සහ ඉංග්‍රීසි බාසාවෙන් ඇති ඒවට පමණක් පිළිතුරු දීමට සිදුවෙයි. එනිසා කරුණාකර සිංහල යුනිකෝඩ් වලින් හෝ එය නොහැකිනම් ඉංග්‍රීසි බාසාවෙන් කොමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටිමි.

    සිංහල යුනිකෝඩ් වලින් ලිවීමට
    http://www.ucsc.lk/ltrl/services/feconverter/t1.html

    සිංහල යුනිකෝඩ් පරිගණකයේ පිහිටවීමට
    http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html

    අපි අපේ හෙළ බසට ගරු කරමු. පර සුද්දාගේ අකුරින් එය ලියා හෙළ බසට නිගරු නොකරමු.

    ReplyDelete
  24. jayarathna mahattayo obage acharya upadhiya kumana wishayak sambandhayenda?

    ReplyDelete
  25. හොද ලිපියක් හැමදාම පොස්ටු කියෙව්වට අද තමයි කමෙන්ටුවක් කෙටුවේ

    ඇවිත් යන්න එන්න >>> " The අච්චාරු පිටුව "

    ReplyDelete

නුදුරු අදහස්