Sunday, July 8, 2012

CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (2 කොටස)

අද එතැන් සිට...

NASA (නාසා) එකේ විද්‍යාඥයින් සමග කාල යන්ත්‍රය හෙවත් කෘතිම පණු කුහරයක් ඇති කිරීම පිළිබඳව පරීක්ෂණ පවත්වද්දී අපට බොහෝ දෑ සොයාගන්න පුළුවන් වුණා. නමුත් ඒ පරීක්ෂණ කටයුතු සඳහා NASA විද්‍යාඥයින් වෙත මා සතුව තිබූ ඉපැරණි පුස්කොළපොත් වලින් හුවා දැක්වුවේ රාවණ රජතුමා විසින් ලියන ලද භෞතික විද්‍යාත්මක රහස් මිස පාරභෞතික විද්‍යා රහස් නොවෙයි. එනිසා අපගේ පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රගතිය රාවණ දැනුමෙන් ගොඩනගන ලද තාක්ෂණයේ භෞතික දියුණුව දෙසට පමණක් ගලා යද්දී කාලය හරහා ගමන් කිරීමේ පාරභෞතික රහස් එලෙසම සු‍රැකිව පැවතුණා. (කාලය හරහා ගමන් කිරීම ගැන කියන්න ගියොත් ඒක ගොඩක් දිග කතාවක් විය හැකි නිසා ඒ ගැන වෙනත් ලිපියකින් පැහැදිළි කිරීමට ඔබ අවසර දෙනව නේද?)


ඉර පායනවා, බහිනවා, ආයිත් පායනවා... ඔය විදියට දවස් සති මාස අවුරුදු විදියට කාලය ගලාගෙන යද්දී මම ඔරලෝසු ක‍ටු අතරින් පනිමින්, කැලැන්ඩරේ කො‍ටු අතරින් දුවමින් ඇඟටත් නොදැනීම ජීවිත ගමන් මගේ 94 වැනි නැවතුම් කණුව ගාවට ඇවිල්ලා. වර්ෂ 2074 වෙද්දී මා බොහොම තෘප්තිමත් විශ්‍රාම දිවියක් ගත කළේ ඒ වෙන විට යළි පිබිදී සිටි ශ්‍රී රාවණ රජතුමා ලංකාපුරයේදී ඔ‍ටුණු පළඳා චක්‍රවර්තී රජෙක් ලෙස මුළු විශ්වයම දැහැමින් සෙමෙන් පාලනය කරමින් සිටිය නිසයි. හූණ කිව්ව වගේ ආතර් ශ්‍රී ක්ලාක් මහත්තය කියපු දේ සැබෑවක් වෙලා ඒ වෙනකොට මැදපෙරදිගත් ඇතුළුව මුළු ලෝකයම බුදු දහම වැළඳගෙනයි තිබුණෙ. මගේ තාත්තාගේ මරණය හැරුණ විට මා ගොඩක්ම ඉකි බිඳමින් හැඬුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අවමඟුල දවසෙ. එතුමා මිය යන තෙක්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත්, රාවණ අධිරාජ්‍යයාගේ නාමික පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙසත් අනබිභවනීය සේවාවක් ඉ‍ටු කරමින් හිටපු හැටි මතක් වෙද්දී පපුව හෝස් ගාල යනව. ඉතින් ඔය කාලයේදී සිදුවුණ තවත් බොහෝ දේවල් මට මතක තිබුණත් ඒ ඔක්කොම මේ ලිපියෙන් කීමට නොහැකියි, ටිකෙන් ටික හෙළි කරන්නම්. ඒ වගේම විශ්ව කේන්ද්‍රය වෙනස් වීමට හේතු විය හැකි කිසිවක් මා හට කීමට වරම් ඇත්තේත් නැහැ.

සංසාර සාගරයේ ඔහේ පා වෙලා යද්දී මගේ ශරීර යාත්‍රාව හොඳටම අබලන් කියල හිතුණ නිසා තො‍ටුපොළකට ගොස් අළුත් යාත්‍රාවක් අරගන්න කළින්, ඒ සඳහා රාවණ රජතුමාව බැහැ දැකල එතුමාගේ අවසරය ගන්න ඕනැ කියල මතක් වුණා. ඉතින් ඒ සඳහා බොහෝ කලින් දින වෙන් කරවගෙන හිටපු නිසා, බලාපොරොත්තු වූ පරිදිම රාවණ රජතුමාව බැහැ දකින්න වරමක් ලැබුණා.


අරලියගහ රාජ මාළිගාවට ගියාම මං දැක්ක ඒ උත්තුංග දේහය සහිත ශ්‍රී රාවණ අධිරාජ්‍යයා සූසැට අබරණ වලින් සැරසී බොහොම තේජාන්විතව, ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයේ ගුවන් හමුදා ආඥාපති එයාර් චීෆ් මාශල් චන්ද්‍රසේකර මහත්තයට මොනවදෝ විධාන වගයක් ඉතාමත් උස් හඬින් දෙනව. මම ගිය ගමන් උරහිසේ තිබුණ කම්බි ලේන්සුව රාවණ අධිරාජ්‍යයාගේ කකුල් දෙක ගාව එළලා දණ ගහල වැඳල හිස ඔසොවන්නේ නැතිව එතුමාගේ විධානයක් ලැබෙන කම් බලං හිටිය. මං දැක්ක එක පාට්ටම ඉස්සරහට වතුර බිංදුවක් වැටෙනව, ඒක පොළොවට වැ‍ටුණ ගමන් පුංචි ගල් කැටයක් බවට පත් වෙලා පෙරලීගෙන ඈතට ගියා. ඒ වෙන මූකුත් නෙම්යි, රාවණ රජතුමාගේ ඇස් වලින් වැටෙන කඳුළු, චක්‍රවර්තී රජ කෙනෙක් පොළොවට හෙළණ කඳුළු මුතු බවට පත් වෙනව. මගේ උරහිසට අත තියල එතුමා මාව නැගිට්ටවල පොඩි පු‍ටුවක ඉන්දවල බොහෝ දේවල් කතා කළා. පහුගිය ජීවිත කාලය පුරාම සිදුවුණ දේවල් එකින් එක එතුමාට විස්තර කිරීමට ඒ හැටි කාලයක් ගත වුණේ නෑ. මගේ කතාවට හොඳට සාවධානව අහගෙන හිටපු ශ්‍රී රාවණ අධිරාජ්‍යයා කාමරයට ගිහින් ටිකකින් පුස්කොළොපොතක් අරන් ඇවිත් උගුරේ ‍රැළි බුරුල් කරලා...

"දරුව, තොප මා හට තොපේ ජීවිතයම කැප කරමින් සේවය කරපු බව මම හොඳින් දනිමි. තෙල මා මේ කීමට යන දේ සාවධානව අසව්! තොපේ ජිවීත ඉරණම වර්ගපූර්ණිකාව නැමති රවිශෛලාස යක් පරපුරේ මා හැඟි ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙන වගයි"

"රාවණ යුගයෙන් පසුව එළඹෙන බුද්ධ යුගයෙහි වර්ෂ 2556ක් ඉක්ම ගිය තැන ජම්බුදීපයෙහි පහල වන එක්තරා රාවණා බැතිමතකු තදනන්තරව රාවණ විෂයෙහි ඇළුම් කොට ඒ විෂය හුදී ජන පහන් සංවේගය උදෙසා පුන පුනා කිවීමෙහි යෙදෙන කලට ඒ කෙරෙහි උරණ වන රාවණ විරෝධීහූ එක්ව මණ්ත්‍රණය කොට ඔහුට නිස්සක් කෙරෙමියැයි කතිකාවතක් සම්මත කොටැගෙන ඔහු මැඩලීමෙහි ලා හුදෙක් ජම්බුදීපයෙහි වෙසෙන රාවණ විරෝධීන්ගේ සමර්ථකම් අල්ප හෙයින් එවකට ලොව තුල රාවණ බලය සොරකම් කොටගෙන එයින් යම් යම් දෑ තනාගෙන දිවි ගෙවනු ලබන සුදු සමැති ම්ලේච්ඡයින් පිරිසක් හා එක්ව ඒ ශක්තියත් මඳ හෙයින් පෙර කල රාවණ අතින් පැරදී පලා ගොස් ඒ ඒ ග්‍රහ ලෝකවල දුක සේ ජීවත් වෙමින් සිය ශක්ති ප්‍රමාණයෙන් නැවත දියුණු වෙමින් පවතින පිටසක්වලයින්ගේත් ආධාර ඇතිව එකී රාවණ බැතිමතාව ස්වේත වර්ණ රාකටු සවි කරන ලද ආකාෂ විමානයකින් විත් ප්‍රයෝග කොට අත පය හකුළුවා සුදු සමැති ම්ලේච්ඡයින්ගේ භූමිය කරා රැගෙන යන්නේය... එසේ ගෙන ගොස් ඔවුන් සතු සියළු බන්ධන මාලාවන්ට යටත් කොට සිරගත කොට දමන්නේය... එහෙත් සිරුර සිරකලද මනස සිර කිරීමේ පෙර වූ රාවණ තන්ත්‍ර ආදියෙහි උවූහූ අසමර්ථයෝ හෙයින් එකී බැතිමතා සිරගත කොට පුරා දිනයක් ගත වන විට සිය මනස් ශක්තිය ඒක රාශීකොටැ ධ්‍යානයට සමවැද යාමයක් හමාර වන කලට තුන් ලොව කළඹන්නේය..තවද ඔහුගේ නිදහස පතා රාවණ ස්තෝත්‍ර ගයමින් පුරා යාමයක් සත්‍ය ක්‍රියාවෙහි යෙදෙන ලෝක වාසී රාවණ බැතිමතුන්ගේ ශක්තිය එකී බැතිමතාට යොමු වී එකී බලයෙන් අහස පොලෝ ගුගුරවාගෙන නැගී සිටින්නාහුය... එකල්හී සිදුවන ලෝක ධාතුවේ සෙලවීම කරණකොටගෙන ඒ වන තෙක් නිල්ගල වනයේ කුඩුගල ශයනාගාරයෙහි දීර්ඝ නින්දකට වන් රාවණයන් හටද මේ තොපට අවධිවීමට කාලයයි යන පණිවිඩය ලැබෙන්නාහුය... එම සංඥාවෙන් සිය නින්ද නිමවාලීමට තීරණය කරන්නා වූ මහා රාවණයන් සිය ශරීර හා මානසික ශක්තිය උපදවා ගැනීම පිණිස සුළු කලක් ශයනයේ සිටම සමාධියට වන්නේය... එසේ ශක්ති උපදවාගන්නා රාවණයන් එයින් මාස කිහිපයකට පසුව නැවතත් සිය රාජ තේජසත්..දේව ශක්තියත් උපදවාගෙන නැවත ස්වකීය රූපයෙන්ම මෙලොව පෙනී සිටීන්නේය..."

"දරුව, තොපට දැන් වැටෙහේද, නක්ෂස්ත්‍රය තුළින් හෙළි වෙන විශ්ව කේන්ද්‍රයේ ඉරණම මගින් තීරණය කර ඇත්තේ තොපට මෙවන් තත්ත්වයක් නොවේ, තොප විසින් කළැ යුතු තවත් දෑ බොහෝ පවතී. වහා ආපසු අතීතයට යන්නට සැරසෙව්! මාගේ මන්ත්‍ර බලය භාවිතා කොටැ තොපගේ අතීතයේ සිටි යහළුවෙකුට සිහිනෙන් මේ බව පවසා තොපට ඇවසි ශක්තිය අතීතයෙන් ලබා දීමට කටයුතු කරමි. එසේනම් දැන් ටයිම්පොර්ට් එකට යනු"

ශ්‍රී රාවණ රජතුමාගේ ඒ විධානයත් එක්කම එතුමාට නැවතත් දණ ගහල වැඳල මම කාලතරණ තො‍ටුපොළට පිය මැන්න. ආ...කියන්න අමතක වුණානෙ, අපි මුලදී NASA එකේ පරීක්ෂණ කරමින් ආරම්භ කරපු කාලය හරහා ගමන් කිරීමේ උත්සාහයේ ප්‍රතිඵල ඒ වෙනකොට ලැබිලයි තිබුණෙ. රාවණ රජතුමා රජ වූ වහාම ඇමරිකාවට විරුද්ධව යුධ ප්‍රකාශ කරලා ඇමරිකාව යටත් කිරීම නිසා කාලතරණ යන්ත්‍ර වල තාක්ෂණය සම්පූර්ණයෙන්ම අයිති වුණේ ලංකාපුරයට. ඉතින් රාවණ රජතුමාගේ මන්ත්‍ර භාවිතා කර කාලතරණය සඳහා අවශ්‍ය පාරභෞතික ශක්තිය නිර්මාණය කර කාලයන්ත්‍රය නිමා කළා. එපමණක් නොවෙයි, කාලය හරහා ගමන් කිරීමට දියුණු නීති පද්ධතියකුත් රාවණ රජතුමා මුල් වෙලා හදල තිබුණ. අද අපි පිට රටකට යන්න පෙර අදාල රටෙන් වීසා ගන්න ඕනැ වගේම කාලය හරහා අතීතයට හෝ අනාගතයට යද්දී ඒ කාලනවාතැනිනුත් කැඳවීමක් තියෙන්න ඕනැ. ඒකට කියන්නේ "කාසා" කියල. අන්න ඒ සඳහා තමයි රාවණ රජතුමා මාගේ යහළුවෙක්ව සිහිනෙන් සම්බන්ධ කරගෙන තියෙනෙ.

ඒ අන් කවරෙක්වත් නොවෙයි, මාරයාගේ හෝරාව බ්ලොග් අඩවිය කරන මාරයා! සිහිනෙන් රාවණ රජතුමාගෙන් ලැබුණ විධානයන්ට අනුව මාගේ ආගමනයට අදාල කටයුතු මාරයා සූදානම් කරල තිබෙනව. ඒ සඳහා වර්ගපූර්ණිකාවේ සඳහන් අනාගත වාක්‍යයත්, එසේම රාවණ ශක්තිය ජනනය කිරීම සඳහා අවශ්‍ය රාවණ මන්ත්‍රයත් පළ කෙරුණා. මේ තියෙන්නෙ ඒ මන්ත්‍ර ය.
"ශ්‍රී රාවණ ලංකේෂ්වර නරේන්ද්‍රං
ශක්ති මහීන්ද්‍රං ආමේරිඛ කත්වා
මීවනං පළානං ජයා රථනං
යක්ඛ රක්ඛිත වායෝ ප්‍රකෝපං
කුණා‍ටු සාගරස්ස කත්වා
ආගමක්‍ය නථ්‍ය ඕං රීං පුං"
නමුත් හැම දාම අපට විරුද්ධව සිටින රාවණ විරෝධීන්ගෙන් මෙය වසං කිරීම සඳහා අදාල ලිපිය රාවණ විරෝධීන් කියවද්දී විහිළුවක් විදියට පේන ලෙසටයි පළ කරල තියෙන්නේ. නමුත් සැබෑ රාවණ පාක්ෂිකයින්ට ඒ ලිපිය විහිළුවක් වුණේ නෑ. ඉතින් සියලුම රාවණ පාක්ෂිකයින් ඒ මන්ත්‍රය දිගින් දිගටම ජප කරන්න ගත්තෙන්, විශාල ශක්තියක් ජනනය වී මාගේ කාල තරණයට අවශ්‍ය "කාසා" එක ගොඩ නැගුණ.


මම කාල තරණ ගුවන් තො‍ටුපොලට ගොඩ වැදිලා අවශ්‍ය මුදල් ලබා දී ඉතිරි කටයුතුත් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන් පසුව එහි තිබෙන තාරකා දොර‍ටුවක් හරහා ආයිත් අතීතයට (එනම් පහුගිය සිකුරාදට) එන්න පුළුවන් වුණා. නමුත් මම ආවෙ මෙච්චර කල් හිටපු අවුරුදු අනූ හතරක්ම වැහැරුණු ශරීරය අරගෙන නෙමෙයි, විශේෂ ක්‍රමයකට. Area 51 එකේ හිර කරල තිබුණ කාමරේ තිබුණ ශරීරයටම මගේ මනස අවතීර්ණ වෙද්දී එතෙක් තිබූ ශරීරය අවකාශකාලයේ නොපෙනී ගියා.

[ඉතිරි කොටස මෙතනින්...]

44 comments:

  1. අතීත සතුරු පාර්ශ්වයක බ්ලොග පොස්ටුවක පළමු කමෙන්ටුව දැමීමට හැකි වුවහොත් ඒ සතුටට හේතුවකි.

    බලමු ජයරතන කමෙන්ටු අනුමත කිරීමෙන් පසුව...

    ලිපිය කියවා නැවත එන්නම්..

    ReplyDelete
    Replies
    1. මෙවන් විදග්ධ රාම පරාජිත ශ්‍රී ලංකේෂ්වර අඃක්‍රස්ථගමනුරාජ ස්ව‍යංනින්දිත රාවණා රජුගේ අභීත පුත් වූ මීවනපලානයනි සැරදේවා!
      ඔබේ මේ ව්‍යායාමය රාවණා රජුන්ගේ යටත් වැසි සිහල නරයන් අතර සදා කල් රැඳෙනු ඇත.
      චිරං ජයතු මීවන පලානයනි~

      Delete
    2. @රාමානුගාමී රාමා,
      හෙළ රකුසන් වන අපි ඔබ මෙන් බියසුල්ලෝ නොවෙමු.

      @මම වනාහී නොදන්නේ වෙමි.
      බොහොම ස්තුතියි හිතවත, රාවණ රජතුමා වෙනුවෙන් හෙළගවේශකයෝ වන අප දිවි පිදීමට සූදානමින් සිටින්නෙමු. ෆේස්බුක් හි කොපි පේස්ට් කරන අපගේ යහළු රාවණගවේශකයින්ගේ නොපසුබස්නා උත්සාහය ඉදිරියේ මැරී සිටින රාවණ වුවත් නැගිටිනු ඇත.

      Delete
  2. වර්ගපුර්ණිකාවෙන් ගෙන ඇති උපුටා ගැනීම සම්බන්ධව රාම පාර්ශ්වයෙන් මා යම් පැහැදිලි කිරීමක් කල යුතුය.

    ජම්බුදීපයෙහි වෙසෙන රාවණ විරෝධීන්ගේ සමර්ථකම් අල්ප හෙයින්

    මෙතනදී පාඨකයෝ රාමගේ හැකියාව පිලිබඳ වැරදි වැටහීමක් ඇති කර ගන්නට පුළුවන. මින් අදහස් වන්නේ රාම පාක්ෂිකයින්ගේ සමර්ථ කම් අල්ප බව නොව, මේ වන විට සිටින සැබෑ රාවණ විරෝධීන් ගැනය. රාම හා පාක්ෂිකයින් තව දුරටත් රාවණට විරුද්ධ නොවන්නේ පොදු සතුරාට සාර්ථකව මුහුණ දීමට රාම රාවණ සමගිව එක්සත් විය යුතු බව විශ්වාස කරන බැවිනි.

    ReplyDelete
  3. අපේ පිනට පහල වූ ජයරත්නයන් නැවත වර්තමානයට පැමිනීම අපේ වාසනාව...
    ජය ශ්‍රී රාවනා උත්තමයානන් වහන්ස..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අබේ, නමුත් අපේ පිනට පහළ වූයේ මා වැනි නිකමෙක් නොව ශ්‍රී රාවණ රජතුමයි. එතුමා පැමිණ සක්වල ගල සොල්වා හෙළදිව යස ඉසුරින් පිරිපුන් දේශයක් කරනු ඇත.

      Delete
  4. ඕං රීං පු. ඉතිරි කොටසත් කියවල ඉමු :)

    ReplyDelete
    Replies
    1. ඕං මේං ලියනව... http://vargapurnikava.blogspot.com/2012/07/cia-area-51-3.html

      Delete
  5. සතුටු කඳුළු ධාරාවන්ගෙන් මාගේ නෙත් තෙමී යද්දී... මේ මනරම් පුවත දෙස බලා සිටිමි..කියව කියව යහළු මීවනයෙනි..එයින් මතු සිදු වූ දේ නොවලහා කියව...

    ReplyDelete
    Replies
    1. එසේමයැ මාරය, අද දිනයේදී ලිපිය අවසන් කරමි.

      Delete
  6. මීවනපලානෙ උත්තමයාණෙනි,

    තියෙන ගෞරවේට කීබෝඩ් එකත් වාරු නෑ ඕං......! ‍වෙව්ලන දෑතින් මේ අකුරු කරන්නෙ.
    මං මේ දීපංකරේ අතඇරලා පරදේසෙකට යන්න කොච්චර ට්‍රයි කලාද, බෝට්ටුවලින් ද වීසා එක හෙල්මොට් කරලද, අරවද මේවද. දැන් මට තේරෙනවා ඇයි ඒ ගමන් සියල්ල ලත්තැනම ලොප්වෙලා පීචං වෙලා පට්ට පදිරිම වෙලා ගියේ කියලා. මගේත් පූර්ව ජම්ම කුසල කර්මයක් තිබිලා තියෙනවා මාරයලා, මීවනපලානේ උත්තමයලා පය ගහපු රටේ ජීවිත් එන්ඩ.

    අනේ පොර උත්තමයෝ, ඉපැරණි තාක්ෂණයෙන් හයිටල් යානාවක් හැදුවෝත් ඕං ඒ යානාවේ බදේ "හයිටල්" කියලා නම අඳින්න මට දෙන්ඩ ඕනි ඈ.......!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම බුද්ධි, කිසි සේත්ම කාෂ්‍යප නොවන රාවණ අතීතයේදී සීගිරි අප්සරාවන්ව පවා තෙලි තුඩින් සිත්තම් කළ ඔබ වැනි දක්ෂ හෙළ කලාකරුවන්ව අප කෙසේ අමතක කරමුද?

      Delete
    2. මොනවා දෙයියෝ, මම ද ඒවා ඇඳලා තියෙන්නෙ......!

      Delete
  7. ඔබ දන්නවාද කාලය හරහා යාමට හැකි ඒ විශ්මයජනක දොරටුවක් කොලබට නුදුරු ඉස්තානයක පිහිටා තිබෙන බව නමුත් ඒය අක්‍රීයව පවතින්නේ කුමන හේතුවක් නිසාදැයි අපැහැදිලියි ඔබට හැකිනම් ඒ පිලිබදව සොයාබලන්න ...

    ReplyDelete
    Replies
    1. නැත රොබිනය. එය පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල පිහිටි කොළඹගම නම් ග්‍රාමයේය.

      Delete
    2. රොබිය සහ රාමය, අදාල ගමේ නම කිව හැකිද?

      Delete
    3. කොළඹගම යනු ගමේ නමයි. රත්නපුර සිට නිවිතිගල වෙත කොළඹගම මාර්ගයට පිවිසිය හැක.

      Delete
  8. ආ.. මූව අංගොඩ පිස්සෝ අල්ලන ස්කොඩ් එකෙන් අල්ලන්ගියා නේද? මූ හිතල තියෙන්නේ ඒ FBI එකෙන් කියල... ප්‍රතිකාර දෙන්න පුකට ඉන්ජෙච්සෝන් එක ගහන්න යද්දී මූ පැනල ඇවිල්ල..දැන් පිස්සු ඩබල් මුට...

    ReplyDelete
    Replies
    1. ඔබ විතරයිනෙ එහෙම හිතන්නේ. බලන්න අනිත් අය එහෙම හිතල නෑ නේද කියල. Think Twice!

      Delete
    2. 2012 වසර රවන වංශිකයන්ට සුවිශේෂී වසරකි .ලංකාවේ බොහෝ විද්වතුන් රවන පිළිබද ගවේෂණ අරඹා ඇති නමුත් ඒවා හෙළිකරන්නේ කිහිපදෙනෙකු පමණි.ඔව්න්ටත් බොහෝදෙනා හිනාවෙන්නේ පිස්සන් ,බොරුකාරයන් ලෙස සලකමින්ය. ලංකාවේ ඉන්න මිනිසුන් පරසුද්දන් අපට දායාද කල පරාදීන මානසිකත්වයන් මිදී නොමැත .එමනිසා ලංකාවේ සිටින බුරුවන්ට මේවා කියනවට වැඩිය හොදය් නොකිය ඉන්න එක .එතකොට කියන මිනිහ අපහසයත ලක් වෙන්නෙත් නැහැනේ.විස්වාස කරන නොකරන සැමට නුදුරේදීම ආශ්චර්යවත් සිදුවීමක් දැකගත හැකිවෙයි .(මහින්දගේ ආශ්චර්ය නෙමය් හොදේ )

      Delete
  9. මේ දන්නැති නිසා අහන්නේ අර රනිල් මත්තයා බටලන්ද වධකාගාරය කරලා තියෙන්නේ කගේ කීමට කියලා කියනවද??????

    ReplyDelete
    Replies
    1. එදවස රාජ්‍ය විරෝධී කැරළි ඇති කළ උග්‍ර රාවන විරෝධී ජේවීපී කාරයින්ව සදාකාලික නිරයට යැවීම සඳහා රාවණ රජතුමා අන දුන්නා විය හැකියි. හරියටම නොදනිමි.

      Delete
  10. පෝස්ට් එක දාන්න ඉස්සෙල්ල මාරයට මේච්චර දෙයක් වෙලා තියෙනවයි කියල අදනෙ දන්නෙ.

    ReplyDelete
  11. නෙතින් උනන කඳුළු ගංගාවක් වේදෝ සැකය තියෙද්දී ම කොටමි.

    මීවනපලානේ හෙළ රකුසාගේ බ්ලොගේ කියවන්න සුළුපටු පිනක් ද අපි කරලා තියෙන්නේ?

    ඇඩෙනවා.. තව කොටන්න කී බෝඩ් එක පෙනෙන්නේ නෑ..

    ReplyDelete
  12. මට නම් නිකන් තෝන්තුවාව වගේ

    ReplyDelete
    Replies
    1. ‍තෝන්තුවාව නිට්ටාවටම සනීප කරන හොඳ හෙළ වෙදුන් සිටී :) ඇවසි වුවහොත් නම් ගම් දිය හැකියි.

      Delete
  13. ඔබට කියන්න පුළුවන්ද රාවණ ලංකා බ්ලොග් එකට මොකද වු‍නේ කියලා?

    ReplyDelete
    Replies
    1. ඒක තාමත් තියෙනව නේද? http://ravanalanka.blogspot.com/ එහි අලුත් ලිපියක් තියෙනව, අවසර දී ඇති හෙයින් අද රෑට මෙහිත් පළ කළ යුතුයි.

      Delete
  14. මට පුදුම සතුටක් දැනුන ඔබගේ නිදහස ආරංචි වෙච්ච එක ගැන.. රාවන රජතුමා ගේ ශක්තිය ඔබගේ වීර ක්‍රියාන්විතයන් වලින් සහමුලින්ම ඔප්පු වේ. මට හිතා ගන්න බෑ ඈය් අපේ රටේ මෙච්චර මිනිස්සු මෙවැනි ප්‍රෞඩ ලිපි ගැන ගරහන්නේ කියලා... ඒ මොනවා වුනත් මම දන්නවා ඔබ තුමා නොනවත්වාම රාවන රජුගේ තේජස පතුරවන්න සැමදා අප සමග සිටින බව...ඔබ තුමාට කිසිදු උපද්‍රවයක් ආයෙත් නොවේව කියලා මම හද මුලින්ම ප්‍රර්ථනා කරමි... ඔබ තුමා රාවන රජුගේ දකුණු ඇත මෙන් ඉදිරියේත් ඔහුට ඉමහත් සේවයක් කරන බව මට හොඳින් විශ්වාසඊ ... සැමදා මෙන් ඔබව දැක බලාගැනීමට මට පුදුම අසාවක් දැනේ !!!! කිමද ඔබව මහා පාරේ වත් දැක්කොත් මට ඔබට මගේ හද පතුලෙන්ම අචාර කිරීමට හැකි වන බැවිනි !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. නමුත්, මාව ඔච්චර දැක බලාගැනීමට ආසා ඔබ ගැන මා හට සැකයක් ඉපදුනි. ඔබ CIA ඒජන්තයෙක් විය හැකියි. අපි ඕවට ‍රැවටෙන්නෙ නෑ. එනිසා මාරයාගෙන් ඔබ කවුදැයි අසා බලන්නම්.

      Delete
    2. අනේ මම එහෙම එකක් හිතුවේ නෑ... මම තාම පිටරට ඉගෙනගන්න කෙනෙක්. මේ බ්ලොග් එකේ තියෙන සියලු දේ මට අලුත්. මම ඔබතුම වගේ කෙනෙක් ව මම අනුගමනය කලේ මගේ ජීවිත කාලේ පළමු වතාවටඊ.... මම බෞද්දයෙක් නිසා මම දන්නවා මම බුදු හාමුදුරුවන් ව දක්කින්න පින් කල නැති බැවි... මාගේ සිත කිවූ දේ ඔබගේ සැකයට බාජනය වීම ගැන මම තෙරුන් ගත්තෙමි... ඔබ මෙතරම් දුෂ්කර කරදර වලට මූණ දුන්න නිසා ඔබ පරිස්සම් වන බව මම දන්නෙමි ... ඔබගේ ආරක්ෂාව මට වඩා වටිනා බව මම සහ මුලින් පිලි ගන්නෙමි .. ... සැමදා ඔබගේ බ්ලොග් එක කියවමි

      Delete
  15. ඔබතුමාගේ නැවත ආගමනය ගැන සතුටු වෙමි . රාවන සිද්ධම් ..

    ReplyDelete
  16. "එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත්, රාවණ අධිරාජ්‍යයාගේ නාමික පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙසත් අනබිභවනීය සේවාවක් ඉ‍ටු කරමින් හිටපු හැටි මතක් වෙද්දී පපුව හෝස් ගාල යනව"

    මේ අදහස කාලෙකට කලින් ප්‍රහසනයකට ලියලත් මකල දැම්ම අපරාදේ! දැන් පේනව ඒක කොච්චර සත්‍යද කියල. ඉතිරියත් කඩිනම්න් බ්ලොගවකාශගත කරනු මැන මිත්‍රය.

    ReplyDelete
    Replies
    1. එසේයැ මිත්‍රය, රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය යනු ගසට පොත්ත වැනිය.

      Delete
  17. Replies
    1. මගේ කියවීම් ලයිස්තුවටත් මෙය එක් කළා. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  18. ඕන් ජයරත්න උන්නැහැ..අපිට පුළුවන් විදිහට අපි අපේ වැඩේ කොලා.
    http://ctkumara.blogspot.com/2012/07/blog-post_7856.html?showComment=1341420157932#c3461152921178009365

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවද ඔබගේ රාවණ පාක්ෂික භාවය ගැන. ඔබ මා හට කළ ඒ උදව්ව මා වෙනුවෙන් කළ එකක් නොව ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනුවෙන් කළ සේවයක් ලෙස සලකා රාවණයන්ට මා පූජා කරමි. රාවණ අධිරාජ්‍යයා පැමිණි කළ ඔබට සලකනු ඇත. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  19. ජයරත්නයාණෙනි, රාවණ ගවේෂකයකු යයි කියාගන්නා කෙනෙක් මට කීවේ ක්වොන්ටම් භෞතිකයේ එන ශුඩිංගර් ද රාවණ ගෝලයකු බවයි. ඔහු ඉතා වටිනා නිසා 'චූ ඩිංග' ලෙස රාවණ නම් තැබුවෙලු. එසේම ඇල්බට් අයින්ස්ටයින් යනු ඇලපාත මුදලි බවයි ( ඇලපාත අයියා + ස්ටයිල් -ගජමන් නෝනා ඔහු ඇමතු අයුරු ). මෙය ඇත්තක්ද ?

    ReplyDelete
  20. රනිල් තුමා මිය පරලොව යන්නේ මක්ක වෙලාදැයි ඔබ තුමා දක්වා නැතුවා...ඔහු මියැදෙන්නේ මක්ක වීද?

    ReplyDelete
  21. meepana walane jayarathnayeni,oba kaurudai maa nodannemi,maa kaurudai obada nodannemi,maada rath lee ati sinhala yakeku wemi,elesanam yakka agnapathiyekuwemi,
    rana derana pawa dun ,apge rak saha yak pataun ltte mara ugulata hasu kara dun,budu dahama winasa karannata ara adi,jatika rupavahiniya tulin lankeeya samajaya winasa kala,RANIL WICKRAMASINGHE ta oba helu kadulu pussak bawa hodin mataka taba gata yutuya. ewa sinhala jatyiya pawa dun nariyekuge namawath mema blogaya tula sadahan nokarawannenam manawi.mandayath eya obada sihla jatiyata karanna uu maha apahasayak bavini.

    ReplyDelete

නුදුරු අදහස්