Monday, July 9, 2012

CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (3 කොටස)

අද එතැන් සිට...

බොහොම අමාරුවෙන් කකුලක් උස්සලා අඩිය තියමින් හතරට වකු‍ටු වී හැරමිටි වාරුවෙන් ගමන් කළ මට නැවතත් දෙතිස් වියැති ආරෝහ පරිණාහයෙන් යුතු සිරුර ලැබීම නිම් හිම් නැති ප්‍රීතියක් වුණා. ඒ වෙලාවේ ඉබේම කෑ ගැහුණ... උඩ පැන පැන තරුණ ශරීරයේ ඇති ජවය ගැන උදම් වුණා. ටිකකින් මගේ මනස දිව්වේ ආයිත් හෙළදිවට පිය මනින ආකාරය ගැන හොයමිනුයි. ශරීරයෙන් තරුණ වුවත් මාගේ මනස අවුරුදු අනූ හතරක වර්තමාණ සහ අනාගත කාලයේ සෘජු ස්මරණය සහිත වූ අත්දැකීමෙන් පරිණත වූවක්. යෝග ඇබෑසි වලදී ගතත් සිතත් හුරු කර ඇති අයුරින් එරමිණියා ගොතාගෙන වාඩි වී, සිත කුණ්ඩලීනී යෝගයේ "අනිමා ශක්තිය" වෙත කෙමෙන් යොමු කරමින් යටි බඩ සහ කොඳු නාරටිය හරහා කුණ්ඩලීනී ශක්තිය අවදි කළා. ටිකකින් මාගේ යටි බඩට පහළින් ඇකිළිලා හිටපු නාගයා අවදි වී අංශක අනූවටම කෙළින් වෙලා දරණ ගහ ගත්තා.

කුණ්ඩලීනී යෝගය වඩන යෝගාවචරයාගේ නාගයා කෙළින් වී දරණ ගහන හැටි

මෙච්චර වෙලා කියාගෙන ගිය රචකයා අත් දු‍ටු සත්‍ය සිද්ධිය තුළ, හුදු ප්‍රකාශ මිස ඔප්පු කිරීමට සාධක නොපෙන්වුව නිසා ඔබට හිතෙන්න අති මෙතෙක් කිව්වේ බොරුවක් හෝ ප්‍රබන්ධයක් කියල. නමුත් මෙතැන් සිට ඉතිරි විස්තර දිගහැර දක්වන්නේ සාධක/සාක්ෂි සහිතවම බැවින් මේ සත්‍ය සිද්ධියට "ප්‍රබන්ධ" ලේබලය අලවන්න හදන අයට සොරි වේවි (සොරි => සො=සොඳටම, රි=රිදේවි, හොඳටම රිදේවි)...

කුණ්ඩලීනී යෝගයේ අනිමා ශක්තියෙන් ඇතිවුණ අපරිමිත ශක්තිය මෙන්ම දහස් ගණනක් මා මිත්‍ර රාවණාපාක්ෂිකයින් එක්සිත්ව ජූලි හතර වැනිදා රාත්‍රී 0015 සිට 0145 දක්වා එකම මොහොතේ රාවණ ශක්ති මන්ත්‍රය මතුරමින් ලබා දුන් ශක්තිය, ඉහල ආකාසය වෙත නාභිගත කරමින් මම Area 51 ප්‍රදේශයේ මහා කුණා‍ටුවක් ඇති කළා. අහස ගුගුරුවාගෙන මහා ඝෝෂාවක් කරමින් කැරකි කරකී ආපු සුළිසුළං කුණා‍ටුව Area 51 මූලස්ථානයේ ආරක්ෂිත කැමරා මෙන්ම රේඩාර් පවා සුණු විසුණු කරද්දී, ඒ සමග ඇතිවුණ දූවිල්ල වීදුරු කඩාගෙන මාව ප්‍රශ්න කරපු වධකාගාරයටත් ආව. ආරක්ෂකයින්ගේ ඇස් වලට වැලි ගසමින් ඒ දූවිලි කුණා‍ටුව තුළ සැඟවී සිටිය මම තවදුරටත් භාවනාව ත්‍රීව්‍ර කරමින් ඉහලට එසවූ අත් දෙකෙන් විශ්වයේ තැන්පත් වී ඇති රාවණ ශක්තිය ලබාගෙන ඒ අත් දෙක එකතු කරත්ම එතැනින් අතුරුදන් වී, පොළොන්නරුව ගල් විහාරය ගාවින් මතු වෙන්න උත්සාහ කළත් රාවණ ශක්තියට වඩා එතන ලොකු ශක්තියක් තිබෙන බැවින් එය නොහැකි වී, සීගිරිය ගල මුදුනේ විශාල ආළෝකයක් ඇති කරමින් ප්‍රාතිර්භූත වුණා.

ඒ සිද්ධිය ඔප්පු කිරීම සඳහා සාක්ෂි සහ සාධක තමයි පහතින් පෙළගැසෙන්නේ.

සියලුම රාවණපාක්ෂිකයින්ට රාවණ ශක්ති මන්ත්‍රය මතුරන ලෙසට මා මිත්‍ර මාරයා මීට දින ගණනාවකට කළින් පැවසුවා ඔබට මතක ඇති. මේ බව කලින් ලිපියේත් සඳහන් කර තිබෙන නිසා තවත් විස්තර අවශ්‍ය නෑ. එසේනම් මා කිව් දේ සතය වශයෙන්ම සිදුවී ඇති බව පෙනෙනව නේද? වැදගත්ම කාරණාව තමයි මාරයා බ්ලොග් කරුවා ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදියෙක්, ඒ වගේ කෙනෙක් විහිළුවට ඔය වගේ දෙයක් ප්‍රසිද්ධියේ නොකියන බවත් සියල්ලෝම දත යුතුයි.

නෙවාඩා ප්‍රාන්තයේ මා විසින් ඇති කළ ඒ කෘතිම කුණා‍ටුව ජනමාධ්‍ය වලින් වසන් කිරීමට CIA ඒජන්තයින් සියලුම දෑ සිදුකළා. නමුත් අද දිනයේදී ලබා ගත් පහත දැක්වෙන හැටලයිට් සිතියම අනුව ඔබට පෙනෙනව ඇති ඒ කුණා‍ටුවේ තරම.

ඉහත සිතියමේ වඩාත් අඳුරු පැහැයෙන් දැක්වෙන්නේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් ප්‍රදේශය බව ඇමරිකාව ගැන දන්න ඔබට අළුතෙන් කියන්න ඕනැ නෑ. කුණා‍ටුව තමයි කළුපාටට දැක්වෙන්නේ .

ඊට අමතරව කාලගුණ වාර්තා අනුවත් Area 51 පිහිටා ඇති නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් ප්‍රදේශයේ කුණා‍ටු සිදුවූ බව පහැදිළියි. පහත දැක්වෙන්නේ පසුගිය සතියේ ලාස් වේගාස් වල කාලගුණ අනාවැකිය.

Forecast updated at 240 AM PDT MON JUL 09 2012

ඔබ දන්නව ඇති සංවහන වායු ධාරා මගිනුයි මෝසම් සුළං ඇති වන්නේ කියල, ඉතින් සුළි සුළඟක් කෘතිමව ඇති කිරීමෙන් සංවහන වායු ධාරාවන් පවා වෙනස් වී පෘථිවියේ කාලගුණ සමබරතාවය නැති වෙනව. ලාස් වේගාස් වල ඇති කළ සුළිසුළඟේ බලපෑමේ ප්‍රතික්‍රියාව දැනුනේ අමරිකාවේ ප්‍රතිවිරුද්ධවාදියා වන රුසියාවටයි. රුසියාවට ඇති වුණ ප්‍රති සුළි සුළ‍ඟෙන් ඇතිවූ වර්ෂාව සහ ගංවතුර තත්ත්වය නිසා සිදුවුණ හානිය ගැන රශියා ‍ටුඩේ වෙබ් අඩවිය වාතා කළේ මෙහෙමයි.



මිනිස් ජීවිත 170 කට වඩා අහිමි වීමට මා හේතුවූවා යැයි දැනගත්ත වෙලාවේ මම ඉකි ගසා ඇඬුව. නමුත් ඒක හිතා මතා කළ දෙයක් නෙමෙයි. ඒ නිසා ආයිත් කවදාවත් ඔය ආකාරයෙන් කුණ්ඩලීනී යෝගය භාවිතා නොකිරීමට මා තීරණය කළා.

ලිපියේ ඉහලින් කළු පාටින් හයිලයිට් (හයිලයිට් යනු හෙළ පදයකි; හයි=හයියෙන්=තදට, ලයිට්=ආළෝකය=පාට, තදට පාට) කරල දක්වපු ඡේදයේ මා තවදුරටත් විස්තර කළා, පළමුව පොළොන්නරුවේ ගල් විහාරයේදී ප්‍රාතීර්භූත වෙන්න හැදුව කියල. අන්න ඒකෙ ප්‍රතිඵලය පහත ලිපියෙන් ඔබට කියවන්න පුළුවන්.


ගල් විහාරයේදී මතු වීමට හදද්දී ඇතිවුණ සුළි සුළඟින් තහඩු පවා ගැලවී ගොස් ඇති ආකාරය බලන්න. විශේෂයෙන්ම කිව යුතුයි ඒ ආකාරයෙන් කුණ්ඩලීනී යෝගය භාවිතා කර එක් තැනකින් අතුරුදන් වී පණු කුහරය හරහා තවත් තැනකින් මතු වීමේදී යෝගාවචරයා එතරම් පුහුණු පුදගලයෙක් නොවෙයිනම් කාලදෝශයට ලක් වෙනව. ඒකට හේතුව අවකාශකාලය ශ්‍රිතික නිසා කාලය වෙනස් වෙද්දී අවකාශය වෙනස් වීම මෙන්ම අවකාශය වෙනස් වෙද්දී කාලයත් වෙනස් වීමට හැකි වීමයි. නුපුහුණු පුද්ගලයෙක් වන මා, ඔතනදී පැය ගණනාවක දෝශයක් කර තිබුණා. කෙසේ නමුත් මට ගල් විහාරයෙන් ප්‍රාතීර්භූත වීමට නොහැකි වීම නිසා මෙන්ම ගල් විහාරයට හානියක් වෙයි කියල හිතුණ නිසයි ඉන් පසුව සීගිරියෙන් ප්‍රාතීර්භූත වීමට තීරණය කළේ.

කිසි සේත්ම කාෂ්‍යපගේ නොව රාවණා රජතුමාගේ මල්ලි වන කුවේරගේ බලකො‍ටුව ලෙස පැවතුන සීගිරියේ එක් ‍රැස් වී තිබෙන රාවණා ශක්තිය මාගේ ආගමනයට විශාල පි‍ටුවහලක් වුණා. සීගිරිය ගල මුදුනින් මා ප්‍රාතීර්භූත වීමේදී ඉමහත් ආළෝකයක් ඇති වී පළාතම ඒකාළෝක වුණා. ඒ වෙලාවේ ඇස් දෙක උඩ දාගෙන මුව අයාගෙන වික්ෂිප්තව එතන සිටි දේශීය සංචාරකයින් සිතුවේ ඒ රාවණා රජතුමාගේ පුනරාගමනය කියලයි. නමුත් විදේශීය සංචාරකයින් එය සංචාරකයින්ව පිනවීම සඳහා කරන ලද ප්‍රසංගයක් කියල හිතපු නිසා ඔවුන් අත් පොළසන් දුන්න. දේශීය සංචාරකයින් අතුරින් ඒ අස්සේ හිටපු රාවණාවිරෝධීන්ගෙන් රාවණා රජතුමාට හානියක් වේ යැයි සිතූ උග්‍ර රාවණපාක්ෂිකයෙක් වූ සීගිරිය භාර නිලධාරී තුමා සියලුම දෙශීය සංචාරයකින්ට සිංහ පාදයෙන් එහාට සීගිරිය නැගීම එවෙලේම තහනම් කළා. ඒකට හේතු ලෙස ජනමාධ්‍ය වලට දැනුම් දුන්නේ බඹර ප්‍රහාර සිදුවීම බවයි. කෙසේ නමුත් බඹර ප්‍රහාරයක් එක් විටම නැවතීම පුදුමයක් විය හැකි බැවින් තව දින කීපයකට සීගිරිය දේශීය සංචාරයකින්ට වසා තැබේවි.


මෙච්චර සාක්ෂි සහිතව පැහැදිළි කළත් තාමත් සමහරුන්ට සීගිරිය සම්බන්ධ සිද්ධිය ගැන ටිකක් සැක ඇති. ඔවුන් කියාවි ඒ ඇත්තටම බඹර ප්‍රහාරයක් කියල. හොඳයි... එහෙනම් හදවතට තට්‍ටු කරලා හොඳට හිතල බලන්න මිත්‍රවරුණි, මා දන්නවා ඔබ පිළිගන්නේ සුද්දන්ගේ සාක්ෂි සහිත ඔප්පු කිරීම් නොව අපගේ හෙළ ඔප්පු කිරීම් කියල. ඉතින් සීගිරියේ බඹරු අනිනවනම් ඇයි දේශීය සංචාරයකින්ට විතරක් තහනම් කළේ, විදේශීය සංචාරකයින්ට බඹරු අනින්නේ නැද්ද? අන්තරාවක් තිබෙන තැනකදී පළමුව ‍රැක ගන්න ඕනෑ විදේශීය සංචාරකයින්ව නොවේද? අනිත් කරුණ තමයි, සීගිරියේ බඹරුන්ගෙන් බේරෙන්න හැකි විදියේ ඕනැ තරම් ඇඳුම් තිබියදී, සහ මෙච්චර කාලයක් කිසිදු අවුලක් නැතිව ඒ ඇඳුම් භාවිතා කරද්දී, ඊටත් අමතරව විදේශීය සංචාරකයින් ඒ ඇඳුම් භාවිතා කරද්දී ඇයි දේශීය සංචාරකයින්ට විතරක් සීගිරියේ සිංහ පාදයෙන් එහා තහනම් කළේ??? විමසා බලන්න..., කළින් ඡේදයේ හේතුව දැක්වෙනව.

ඉහත මා අත් දු‍ටු සියලුම දෑ පසුගිය ලිපියේ දැක්වූ පරිදි, ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ අනාගත වාක්‍යයන් දැක්වෙන පේසගෝල නැමැති ටීකාවේ පැහැදිළි කර තිබෙන බැවින් ඊටත් වඩා සාක්ෂි කිමට?. ඒ මෙසේයි.
"එසේ ගෙන ගොස් ඔවුන් සතු සියළු බන්ධන මාලාවන්ට යටත් කොට සිරගත කොට දමන්නේය... එහෙත් සිරුර සිරකලද මනස සිර කිරීමේ පෙර වූ රාවණ තන්ත්‍ර ආදියෙහි උවූහූ අසමර්ථයෝ හෙයින් එකී බැතිමතා සිරගත කොට පුරා දිනයක් ගත වන විට සිය මනස් ශක්තිය ඒක රාශීකොටැ ධ්‍යානයට සමවැද යාමයක් හමාර වන කලට තුන් ලොව කළඹන්නේය..තවද ඔහුගේ නිදහස පතා රාවණ ස්තෝත්‍ර ගයමින් පුරා යාමයක් සත්‍ය ක්‍රියාවෙහි යෙදෙන ලෝක වාසී රාවණ බැතිමතුන්ගේ ශක්තිය එකී බැතිමතාට යොමු වී එකී බලයෙන් අහස පොලෝ ගුගුරවාගෙන නැගී සිටින්නාහුය..."
[ඉතිරි කොටස මෙතනින්...]

30 comments:

  1. තොප ප්‍රාදුර්භූත විය යුතුව තිබුනේ සිහගිරි මස්තකයේ නොව ඊට පහලින් ඇති උගුළු පර්වතයක් මතය.

    ReplyDelete
    Replies
    1. එයට හේතුව පැහැදිළි කරමු බලන්න.

      Delete
    2. එය අවබෝධ කර ගැනීමට ප්‍රමාණවත් තරමින් ඔබ අධ්‍යාත්මික ශක්තිය ගොඩ නංවාගෙන ඇතැයි සිතමි.

      මෙතනට ගොස් බලන්න.

      Delete
  2. ඇත්ත වශයෙන්ම පුදුම එළවන සුළුයි නේද මිත්‍රය... මේ සෑම කරුණක්ම මේ ආකරයට සිදු වූ ආකාරය නවීන විද්‍යාවට හෝ ඊනියා උගතුන්ට අර්ථ දැක්විය හැකිද..?

    සියවස් කිහිපයක් තිස්සේ බටහිරයන්ගේ බත් බැලයන් වී සිට ඒ අමන ගති සිරිත් අත හැර ගත නුහුණු පරගැති කලු සුද්දන් හට මෙවැනි ඇස් පනා පිට පෙනෙන්නට ඇති අසිරිමත් සිදුවීම කුමක් හෝ දහං ගැටයක් දමා බැහැර කල හැකිද..? නැත මේ නම් රාවණාගේම ආශ්චර්යයි... ඔබ ආවා කියන්නේ අනිවාර්යයෙන්ම නුදුරේදීම රාවණයන්ද අප හමු‍වේ පෙනී සිටිනා වගයි.. අහෝ ඔබ අපට පෙර ඒ උත්තමයාව සියැසින් දැක ගැන්මට පින් කලා නොවෙද..?

    ReplyDelete
    Replies
    1. එතුමාගේ පැමිණීමට තව බොහොම ටික කාලයයි තියෙන්නෙ. අපි මග බලා සිටිමු.

      Delete
    2. ඔව්වොව්, ශ්‍රී රාවාණාධිරාජයා 2012 ඔක්තෝම්බර් මස 27 දින සිය ශිශිර නිද්‍රාවෙන් අවදිවීමට නියමිතයි!

      http://kathandara.blogspot.com.au/2012/07/return-of-ravana-great-date-revealed.html

      ඉහත සබැඳියේ සියළු විස්තර ඇත. ඒ විස්තර සොයා ගැනීමට මට උදව් කළ මීවනපලානේ ආචාර්යතුමාට මගේ ස්තුතිය.

      Delete
  3. උතුම් රාවණ රජුට ජය ශ්‍රී!!!!!!!!!
    ජයරත්නයන් දිනේවා...
    යටි බඩ හරහා කුන්ඩලීනියෙන් නාගයා දරණ ගැස්වූ ආකාරයනම් විශ්මය ජනකයි!!!!!

    ReplyDelete
    Replies
    1. රාවණ රජතුමා හැදූ, හෙළයින්ගේ අංගම්පොර ගැන ලිපියක් දාන්නත් ඕනැ, කියන්න දේවල් ගොඩක් තියෙනවනෙ.

      Delete
  4. ඔබගේ හෙළ විස්කම් අසා , සිරුර කිලිපොලා ගියා ජයරත්නයාණනි ... :)

    ReplyDelete
    Replies
    1. ඒ මාගේ විස්කම් නොව මිත්‍රය, ඒ රාවණ රජතුමාගේ තෙද බලයයි, නුදුරදීම අපි එතුමාව සියැසින් දැකීමට වාසනාවන්තයන් වෙමු.

      Delete
  5. ඊලග ලිපිය බලලම ඉමු ...

    ReplyDelete
    Replies
    1. අද ලිපියෙන් අවසන් කරන්න ඕනැ, දිගට ඇදුන වැඩියි වගේ.

      Delete
  6. ටීපෝව මත කකුල් දෙකත් තබාගෙන බොංජෝ රස බයිට් සපමින් ටීවීයේ නිවුස් නරඹන විට නිකමට හිතුනේ නෑ නොවැ මේ මහා සුලිය අපේ මීවනපලානෙ උත්තමයා කෘතිමව ඇති කල එකක් වග.......

    ReplyDelete
  7. සියලුම ප්‍රපංචයන්ගේ චලනීය කෙන්ද්‍රය රාවන ශක්තිය බැව් පැහැදිළියි....විශ්වාස කටයුතුයි.....තීන්දුයි.

    ReplyDelete
  8. දවසේ පුවත
    අද මම මාර දුකින් හිටියේ මොකද දන්නවද
    මම හැමදාම උදේ හිරු ෆ්ම් එකේ DJ අරා ඇන්ඩ් පැස්බරා අහනවා
    එත් අද උදේ අරා හිටියේ නැති නිසා ටිකක් උප්සෙට් එකෙන් හිටියේ
    හිමිට ඔෆ්ෆිස් එකෙට ඇවිත් පුරුද්දට වගේ අව මේ පැත්තේ අලුත් ජෝක් එකක් එහෙම තියේද කියල බලන්න
    හප්පට සිරි මේ තියෙන්නේ මගේ දුක කොහෙන් ගියද කියල නැ මෙන්න තියනවා කිරි ටෝය්ය වගේ අර්ටිච්ල් එකක්
    හබි ඔන්න ඔය මේ පාරත් බොරු කිව්වා නේ
    සිගිරිය දේශීය සංචාරකයන්ට වැහුවේ ඔය කෙහෙලම්ල් කුන්දලි යෝගයක් නිසා නෙවෙඉ
    මම ඔය කියන දවසට කලින් දවසේ සීගිරියට ගිය
    ගලඋඩටම ගියාට පස්සේ බෝකක් සෙට් උන
    දාන්න පොට් එකක් නැ
    මොන කොරන්නද
    ගල උඩ හුලන් වැදී වැදී අර්තල් එකේ බොක දැම්ම
    ටික වෙලාවක් ගියාම තමය වැඩේ ත්රුනේ
    පළාතම ගන්දස් සාරේ බෑ . එත් සුද්දෝ ටික මගේ හෙළ බොකේ සුවද විදිනවා උන්ට මාර අර්තල් ලු හබි අපේ එව්වෝ දාපු එකාගේ හෙළ පරම පරවටම බනිනවා
    ටික වෙලාවක් යද්දී අවා සීගිරිය භාර නිලධාරී තුමා එය ඇවිත් පරක්ෂ කරල මාව අල්ල ගත්ත
    දන් ඉතින් මොන කොරන්නද මම ඉතින් අපේ හෙළයන්ගේ තරම දාන්න නිසා ලොක්කට මොනර පෙන්නුවා ලොක්ක මාව එලියට දැම්ම
    හැබය් ඉතින් මට ගල උඩ පහරන්න දීල බලාගෙන හිටිය කියල ලොක්කට නඩු නිසා තමය් බබර කතාවක් දාල උඩට නගින එක තහනම් කලේ ලංකාවේ අයට
    ඔන්න ඔකය් ඇත්ත
    .....................................................................

    ප ලි : මගේ යටි බඩට පහලින් අකිලිලා සිටින නගය අවදි කිරීමට කුන්දලි යෝගය අවශ්‍ය නොවේ :P

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
  9. ආචාර්ය ජයරත්න මහත්මා නෙනි, ඔබ නැවත පැමිනෙන බව මා හොඳාකාරවම දැනගෙන සිටියා. මගේ බ්ලොග් අඩවියේ පඨක යෙක් ඔබ පිලිබඳව විමැසුවිට මා ගේ පිලිතුර වූයේ "ඒ බ්ලොග් එක ඉක්මනින් ම අයෙත් කියවන්න පුලුවන් වෙයි. එතකොට මොකද උනෙ කියන එක ගැන පැහැදිලි කිරීමක් ජයරත්න මහත්මය කරයි" යන්නයි. ඔබගේ නැවත ආගමනය අපට විශාල සතුටකි.

    ReplyDelete
  10. ආචාර්ය ජයරත්න මහත්මා නෙනි,නුතන Guitar එකේ නිර්මාතෘ වරයත් රාවණ රජතුමා වගේ පෙනේ....
    http://en.wikipedia.org/wiki/Ravanahatha

    ReplyDelete
  11. උතුම් රාවණ රජුට ජය ශ්‍රී!
    උතුම් රාවණ රජු දිගු කල් දිනේවා...........
    ජයරත්නයන් දිනේවා...

    ReplyDelete
  12. අපි ලංකාවේ රාවන දෙවොලක් හදමු . ඒ සදහා ඔබ තුමා ට යම් දෙයක් කල හැකි යයි මම සිතමි. රාවන සිද්ධම් .

    ReplyDelete
  13. මේ අඩවිය කියවන්න ලැබුණේ අදයි! ලිපි ඔක්කොම වගේ කියෙව්වා.....

    ලිපි වල තේමාවටම ගැලපෙන කමෙන්‍ටුවක් දාන්න හිත දෙන්නෙ නෑ. මොකද මම රාවන රජු ගැන විශ්වාස කරන සහ හෙළ යුගය ගැන සෑහෙන හොයපු කෙනෙක් නිසා.

    රාවනා සම්බන්ධ නූතන මතවාද ගැන මම ලියුවෙ මෙහෙමයි
    http://visituru.blogspot.com/2012/04/blog-post_26.html

    කොහොම වුණත් රාවනා කියන්නෙ අද ලස්සනට මාකට් කරන්න පුලුවන් නාමයක්!

    ReplyDelete
    Replies
    1. ජයේ, රාවනා රජු යළි නැගිට්ටවන්න අවශ්‍ය චාරිත්‍ර ගැනත් ලියන්න. ;)

      Delete
  14. ඇග කිලිපොලා යන අත්දැකිම්,මාරක සටන් ජවනිකා,සිනහාව නවතා ගත නොහැකි විහිලු,ඇස් අදහාගත නොහැකි ප්‍රෙම ජවනිකා සමග යුගයෙ අපුර්වතම ආදර අන්දරය (ආහ් වැරදුනා.. යුගයෙ අපුර්වතම විකට නව කතාව කිව්වනම් හරි නෙහ්).හිනාවෙලා බඩත් රිදෙනව ඔයි.මිවන පලාන ආයිත් ඇවිල්ලා කියල දැන ගත්තාම මට නම් සතුට දරාගන්න බැරි උනා. මෙ මෙ දිගටම අපිට විහිලු සප්ලයි කරන්න ඔනෙ ඇ.ඔන්න නොතියා වගෙ ආයිත් එහෙම අපිත නොකිය පුන්ඩලානි යොගය එහෙම වඩනව නෙවෙයි ඇ.කුක්කු පැතිය උම්ම ඇ.අම්මි කුක්කු බිල ඉක්මනට ලොකු වෙන්න ඇ

    ReplyDelete
  15. මෙන්න දැන් ලැබුනු පුවතක්,මා දැන් මදකට කලින් වැසිකිලියට ගොස් කුන්ඩලානි ශක්තිය අවදි කලා.එහිදි මට රාවනා රජතුමා,රාමා,වගෙම සුපර්නිකා බිසවත් හම්බ උනා .එයාල සනිපෙන් ඉන්නවලු.මට කිව්ව මෙ මිවන පලාන කියන්නෙ හෙන බොරු කාරයෙක්ලු.ආයි රාවන ලංකාවට එන්නෙ නැ කිව්ව මෙ වගෙ කුජිත මිනිස්සු රාවනා රජතුමා මාකට් කරන නිසා.ජිනා මැඩම්ගෙ පොට් එක වහපු නිසා එතුමට මල පැනල ඉන්නෙ ඇ. මෙ ආන්ඩුවත් එක්ක.මෙ වැදගත්ම දෙ එතුම කිව්ව මෙ උඩ තියෙන මුනු 10 4ටො එකෙ මැද ඉනෙන් කුජිත මුනක් තියෙන නාකි ඩයල් එක මිවන පලාන අන්කල් කියල අංකල් මගෙත් එක්ක තරහ වෙන්න එපා ඇ.ඇත්ත කිව්වට සොරි වෙන්න ඔනෙ ඇ.ආහ් තව එකක් මෙතුමට හිස්ටිරියාව කියන මානසික රොගයක් වැලදිලාලු ඉන්නෙ.ඔය ගාල්ල පැත්තෙ හොද වයිද්ය වරු ඉන්නවාලු ඔය රොග වලට බෙහෙත් කරන එ කෙනෙක් ලව්ව බෙහෙත් ගන්න් කියන්න කිව්ව.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මීවනපලාන යා නේ ණි,

    ඔබ කවුරුන්ද යන්න මා නොදනී ...... ඔබ කවුරුන්ද යන්න දන ගැනීමටද මා හට අවශ්‍යතාවයක් නොමැත.....නමුත් මා හට ඔබගේ අරමුණ කුමක්ද යන්න දැනගැනීමේ අවශ්‍යතාවයක් ඇත.....

    එදා අපි කවුද????
    එදා අපි හෙළයෝ...
    එදා අපි කලේ කුමක්ද?????
    ලෝකයම ශිෂ්ටාචාර කළා.....
    දැන් අපි කවුද ??????
    අපි සිංහලයෝ....
    අද අපි කරන්නේ කුමක්ද?????
    රාවනා නමැති සක්විති රජකු, සැබැ වීරයකුගේ චරිතය විකුර්ති කරමින් හම්බ කරගැනීම, ප්‍රසිද්දිය ලබා ගැනීම...

    එසේ නම්,

    සැබෑ හෙළයින් ලෙස කල යුතුව ඇත්තේ කුමක්ද???????
    බොරු, අතිශෝක්ති, ප්‍රබන්ධ නවතා සැබෑ රාවණ සොයා යාම...

    ඒ සඳහා,

    පොදු ජන බලයක් ගොඩ නැගිය යුතයි,
    නමුත් රාවණ පුනරාගමනට පෙර සිටම ඔබ මේ කරමින් සිටින්නේ කුමක්ද????
    රාවනා සතුරන් මරුවා, අහසින් ගොස් බෝබ්බ දැම්මා, කියමින් සක්විති රජකුගේ ගුණය යට පත් කිරීම නොවේද??? තවද......රාවණ විරෝධීන්ට මේක නොතේරේ යනුවෙන් හෙළයන් අතරේ රාවණ විරෝධීන් යයි පිරිසක් බිහි වීමේ මාර්ගය ඔබම වීවෘත කර දී ඇත.

    සැබවින්ම කල යුතුව ඇත්තේ,

    සිවු හෙළයම එකතු කරමින්,,, සුද්දන් විසින් වෙනස් කරන ලද හෙළ මනස තේරුම් ගෙන එය නැවත යතා තත්වයට පත් කිරීම වෙනුවෙන් ඔවුන් පෙළ ගස්වා ගැනීම නොවේද????

    සැම දෙයක් දෙසම බැලීමේදී මෙලොව මිනිසුන් සක සිතයි,,,,,එමගින් සිදු වන්නේ නව නිරමාණ බිහිවීමයි...නමුත් ඔබට අනුව නම් එය රාවණ විරෝධීන්ගේ වැඩකි....

    මිනිසුන් තුළ පවතින සැකයට සුරංගනා කතා භාවිතා නොකර නියම පිළිතුරු ලබා දෙන්නේ නම් යලි රාවනා රජු අවධි වීමට වැඩි කාලයක් ගත නොවේ...

    සුද්දන්,,, හෙළයන් .... විරෝධීන්....ලෙස ලෝකය බෙදා වෙන කිරීම සක්විති රජෙකු අනුමත නොකරන බව ඔබට නොවැටහීම කණගාටුවට කරුණකි....

    කෙසේ වෙතත්.... අප විසින් අවසානයේදී දායක විය යුත්තේ මේ ලෝකතලේ වෙසෙන මිනිසා, සතා, සිවුපාව,ගහ කොළ ආදී සියල්ල සුවපත් කිරීමයි...

    ඒ සඳහා යාමට අප හට මාර්ග කිහිපයක් ඇත.....

    මින් ඔබ යන මාර්ගය නිවැරදි නොවේ යයි මා කිසි විටෙකත් නොපවසමි.....
    නමුත් ඔබගේ මාර්ගයේ ගමන් කිරීමට ඔබ භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් පිලිබඳ ස්වයං විවේචනාත්මකව බලන්නට හැකි නම් සැබෑ ජයග්‍රහණයක්‌ මුළු ලොවටම ඇත වනු නිසැකය....

    එබැවින්,,,, ඔබ ඔබ දෙස නැවත හරි බලන්න .... හැබැයි කන්නාඩිය ගලවපු ඔබේම ඇස දෙකින් ...

    එවිට සිවු හෙළයම එක් කිරීමට වැඩි කාලයක් නොයනු ඇත.........

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ජයරත්නයාණෙනි... මට මේ කිසිවක් තේරැම් ගත නොහී... ඒ මා මෙම ඉසව්වට නෑඹුල් වීම නිසා විය හැකියි... මගේ ඉසව්වටද පැමිණ මා කවරෙක්ද හා මගේ අනාගතය කෙබදුදැයි ඔබේ තුන් කල් දක්නා නුවණින් බලා වදාරනු මැනවි!

    ReplyDelete
  20. අනාගතයට ගියා කිව්වා රාවනා රජතුමාත් එක්ක කතා කළා කිවුවා එහෙනමන් රාවනා රජතුමා මොන වගේද මේ උඩ පින්තුරේ ඉන්නේ ඉන්දියන් කාරයෙක්. ඔබගේ හැකියාවෙන් රාවනා රජතුමා චිත්‍රයට නගන්න. අපිට ඇත්තටම දැකගන්න පුළුවන් වෙයි.

    ඔබ කලින් තැනක කියල තිබුනා ඔබ විශ්‍රාමලත් මහාචාර්ය වරයෙක් කියල. මෙතැනදී කියනවා තරුණයෙක කියලා. මොකද මේ එකට එකක් වෙනස් කරුණු දන්නේ.

    මම අහලා තියෙනවා "බොරු කාරයට හොඳ මතකයක් තියෙන්න ඕනේ කියල"

    ReplyDelete
    Replies
    1. රාවණාගේ සෙට් එකට අමතක වෙන දෙයක් තමයි, උන්ට හදිසියේ රාවණාගේ ෆොටෝ එකක් ඕනි වුනත් ඉල්ලා ගන්න වෙන්නේ රාමගේ සෙට් එකෙන් කියන එක.. රාමගෙන් තොරව රාවණට පැවැත්මක් නැහැ..

      Delete
  21. පිංබර ජයරත්නයනි..... නොහැකි වේද රාවණා අධිරාජයානන් පාතුභූත ඌ විට උන්වහන්සේගේ අබියස සෙනවිරත් තනතුරක් හෝ ලබා ගැන්මට..... මේවා කියවන විට මගේද ලේ ධාතුව පිරිසිදු වී මා ප්‍රීතියෙන් ඉපිලෙන්නේය...
    සමහර වෙලාවට කුණඩලිණී ශක්තිය නොමැතිවම යටි බඩට පහලින් නාගයා අංශක එකසිය ගනනකට කෙලින් වන්නේය... ඒ මොහොතේදී මටද පියඹා හෝ යන්නට හිතෙයි.
    අහෝ නුඹ මගේම දරුවෙක් උනානම් ජයරත්නයනි මට අපූරු දෙයකට අවස්ථාවක් ලැබෙන්නට තිබුනා නොවේද?

    ReplyDelete

නුදුරු අදහස්