Monday, September 24, 2012

කන්‍යාවියක් ලවා පයින් ගැස්සවීම සහ පිට ඇතිල්ලීම

රාචි ත් රාවණ කතක්දරයක් ලියාගෙන යනව. ඒක කියවගෙන යද්දී, මට පොඩි කාලෙදි අපේ ආච්චි අම්ම කියල දුන්න රසබර ඉතිහාස කතා කීපයක් මතකයට ආවා. ඒවයින් සමහර කතන්දර වැටහුණේ ලොකු ඉස්කෝලෙනුත් අයින් වුණාටත් පසෙයි. ඔබ සමහර විට ඒවා දැනගන්න කැමති ඇති කියල හිතෙන නිසා ඒවයින් එකක් අද කියන්නම්.

ඒ කාලෙ රාවණ රජ්ජුරුවන්ට අක්කර 1000 විතර ලොකු පොල් වත්තක් තිබුණ. ඒක තිබුණෙ පිළියන්දල, "පොල්ගස් ඕවිට" ප්‍රදේශයේ.  පිළි=පීළිවලින්, යන්=යන, ද=දඬුමොණර, ල=ලන්ද. ඒ කියන්නෙ ඉස්සර කාලෙ පොල්ගස් ඕවිටින් කඩන පොල් ප්‍රවාහනය කිරීමට පිළියන්දල සිට දඬුමොණර කෝච්චි සේවයක් තිබුණ කියන එකයි.

පොල්ගස් ඕවිට පොල් වත්තේ පරන ගස් ඔක්කොම කපල අළුත් පැළ හිටවලා අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒවයෙ ගෙඩි හැදිල නෑ. ගෙඩි හැදෙන්නෙ නැති ගස් වලට "තුන් කුළුඳුළ්" කන්‍යාවියක් ලව්ව පයින් ගැස්සවුවාම ඒවයෙ ගෙඩි හැදෙනව කියල දන්නවනෙ.  තුන් කුළුඳුල් කන්‍යාවියන් කීප දෙනෙක්ම ලව්වා වරින් වර ඒ ගස් වලට පයින් ගැස්සවුවත් ඒවයෙ ගෙඩි පීදුනේ නෑ. වැඩේ බරපතලයි කියල හිතුව රාවණ රජ්ජුරුවන්ට "තුන් කුළුඳුළ්" මදි කියල හිතුව නිසා "හත් කුළුඳුල්" කන්‍යාවියක්ව හොයන්න පටන් ගත්ත. ඒත් හත් කුළුඳුල් කන්‍යාවියක් කොහෙන් කියල හොයන්නද...

ශ්‍රී රාවණ රජතුමාට ජාන පිටපත් සෑදීමේ තාක්ෂණය තිබුණ බව අද සෑම හෙළ ඉතිහාසඥයෙක්ම හොඳින් දන්නා සත්‍යයක්. "ක්ලෝනින්" (Cloning) යනු "කොළොන්" නැමැති හෙළ වචනයෙන් හැදුනක්. "ඕඩි යක්ෂයා" ලව්වා ජාන පිටපත් සෑදවීමට කියන්නේ "ඕඩි කොළොන්" කියලයි. නමුත් අද වන විට ඒ වචනය වැරදි දේකටයි භාවිතා වෙන්නෙ. රාවණ රජතුමා ජාන වෙනස් කම් කරපු බොහෝ වඳුරන්ව හැදුවා. හනුමාන් යනු එලෙස ජාන වෙනස් කම් කර හදාපු "ඕඩි කොළොන්" වඳුරෙක්. පසුව ඌ රාවණ රජතුමාගේ රසායනාගාරයෙන් පැන ගොස් වඳුරු පරපුරක්වම බිහිකළා.

රාවණ රජ්ජුරුවන්ට හොඳ අදහසක් කම්පනාටව ආව. එතුමා ජාන පර්යේෂණ කරන තම විද්‍යාගාරෙට ගිහිල්ලා තාමත් පැටව් නොලැබුණ වඳුරෙක්ව සහ වැඳිරියෙක්ව අරගෙන උන් දෙන්නව සංසර්ගයේ යොදවල "ඕඩි කොළොන්" තාක්ෂණයෙන් පිරිමි පැටව් දෙන්නෙක්ව සහ ගෑණු පැටික්කියන් දෙන්නෙක්ව හැදුවා. ලෝකයේ දක්ෂතම වෛද්‍යවරයා වූ රාවණ රජ්ජුරුවෝ නිපදවා තිබුණ රහසිගත හෝමෝන (හෝ=හෝරාවෙන්, මෝ=මෝරලා, න=නතරකරන) ඒ සඳහා භාවිතා කරපු නිසා එක පැටියෙක්ව හදන්න හෝරාවයි (එනම් පැයයි) ගත වුණේ. හෝමෝන භාවිතා කර උන්වත් විගහටම ලොකු කෙරෙව්ව. ඊට පස්සේ අළුත හදාපු වඳුරන්ව ජෝඩු දෙකක් විදියට වෙනම සංසර්ගයේ යොදවලා තවත් පැටව් දෙන්නෙක් හැදෙව්වා. ඒ පැටව් දෙන්නවත් ලොකු වුණාම සංසර්ගයේ යොදවලා වඳුරු පැටික්කියෙක්ව ගත්ත. දැන් ඒ වඳුරු පැටික්කිය "හත් කුළුඳුල්". වඳුරන්ගේ සහ මිනිසුන්ගේ ජාන 96%ක්ම වාගේ සමාන බැවින්, ඒ පැටික්කියගේ ජාන (ජා=ජාතකය, න=නංවන) සැකසුමේ / ක්ලෝන් වල සුළු වෙනසක් කරල "ඕඩි කොළොන්" කෙල්ලක් බවට පත් කළා. ආරේ ගුණ නෑරේ කියනව වගේ ඒ කෙල්ල ගස් උඩ නටන්නමයි කැමැති. පහත පින්තූරයත් බුකියේ තිබී හදිස්සියේම ඇස ගැ‍ටුණේ මේ කතාව ලියද්දීමයි.

අද කාලයේ ඕඩි කොළොන් කෙල්ලක්

පස්සෙ ඒ කෙල්ලවත් හෝමෝන යොදලා විගහට ලොකු කරවලා ඒකිට හෙළ බස උගන්වලා ඒකි ලව්වා රාවණ රජ්ජුරුවන්ගේ නොපීදුන පොල් වත්තෙ තිබුණ හැම පොල් ගහටම පයින් ගස්සවලා. මාස කීපයකින් හැම පොල් ගහකම වගේ ගෙඩි පීදුනාලු. ඊට පස්සෙ රාවණ රජ්ජුරුවො ඒ කෙල්ලට සම්මානත් ප්‍රදානය කරල.

ඒ වෙනකොටත් රාවණ රජ්ජුරුවන්ට ඉන්ද්‍රජිත් කුමාරයාව ලැබිල නෑ. දරුවො නැති නිසා රාවණ රජ්ජුරුවො සහ මන්දෝදරිය හරිම කණස්සල්ලෙන් තමයි ඉඳල තියෙන්නෙ. රාවණ රජ්ජුරුවන්ට එකපාට්ටම හොඳ අදහසක් ආව. පොල් වත්තෙ ගස් වලට පයින් ගහල ගෙඩි පූද්දපු කෙල්ලව ගෙන්නගෙන මන්දෝදරියටත් පයින් ගැස්සෙව්ව. මාස ගාණක් ගියත් මන්දෝදරියට දරුවො ලැබෙන පාටක් නෑ. ඊට පස්සෙ කෙල්ලව ආයිත් ගෙන්නගෙන තමන්ටම පයින් ගස්සව ගත්තා. සති දෙකක් යද්දිම මන්දෝදරී දේවිය මාළිගාවෙ පිළිකන්නට ගිහින් එතන තිබුණ ගස්ලබු ගහත් අල්ලගෙන වමනෙ දාන්න පටන් අරන්.....

රාවණ රජ්ජුරුවන්ගේ පොල් වත්තේ ගෙඩි පූද්දපු කතාව කටින් කට ගිහින් මේ වෙනකොට කුවේර රජ්ජුරුවන්ටත් ආරංචි වෙලයි තිබුණෙ. කුවේර රජ්ජුරුවොත් ඊට පස්සෙ ඒ කෙල්ලව ගෙන්නගෙන "කෙහෙල්හේනාව" ප්‍රදේශයේ තිබුණ තමන්ගේ අක්කර 500 ක් විතර වෙන පීදෙන්නෙ නැති ගස් තිබුණ කෙහෙල් වත්තෙ ගස් වලටත් පා පහර දීගෙන. ඒත් ඒවනම් පීදුනේ නෑලු.....

වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ ඔය තොරතුරු ඔක්කොම සටහන් වෙනව. බොරුයි කියල හිතෙනවනම් ඒක හොයාගෙන කියවල බලන්න. පද නිරුක්තිත් ටක්කෙටම ගැලපෙන නිසා ආයිත් සැක කරන්න දෙයක් නෑ. ඒ වගේම ඉහත සඳහන් කළ  ප්‍රදේශ වල සිටින පැ‍රැන්නන් ඔය විස්තර හොඳට දන්නව. අපේ ආච්චි අම්ම තමයි මටත් ඔය ගැන මුලින්ම කිව්වෙ. (මීට වඩා මූලාශ්‍ර හොයන්න එපා, කිසිදු රාවණ ගවේශක වෙබ් අඩවියක ඇති කතන්දර වල ඔයිට වඩා මූලාශ්‍ර නැහැනෙ.)

මේ වෙනත් දෙයක්. පහත රූපයේ කරනව වගේ, කන්‍යාවියක් විසින් ඕනැම ගසක පිට ඇතුල්ලුවොත් ගහේ දළු දානවලු. හැබැයි මේ කෙල්ල ගහේ පිට ඇතුල්ලුවා විතරයි ගහේ තිබුණ කොළ ටිකත් හැලිල ගහේ පොතු ටිකත් වේලිලා ගියා. බලන්න ගහේ හැටි....
බොහෝ කෙල්ලන් ගස් වල පිට අතුල්ලනවා ඔබ දැක තිබෙනවා නේද? ඊට හේතුවනම් ඔවුන් තාමත් කන්‍යාවියන්ද කියා දැනගැනීමටලු. මේක ප්‍රසිද්ධ රහසක්.

254 comments:

  1. අපේ අනිල් මහත්තයාටත් පයින් ගැස්සුවානං ගොඩ

    ReplyDelete
    Replies
    1. එයාට ගස්ස ගන්න අයිත්‍රී නෝනා ඉන්නවනේ. එයත් කන්‍යාවියක් නේ තාම. හැබැයි ගහනවානම් ගහන්න ඕනේ දෙපාරංශෙට.

      Delete
    2. රාවණා රජු සොයා ගත් ක්ලෝනීකරණය ගැනත් ඉන්ද්‍රජිත් ගැනත් මෙම ලිපියෙහි සඳහන් වී ඇති නිසා මෙතෙක් කල් මා සඟවා ගෙන සිටි රහසක් හෙළි කරන්නයි මම දැන් හදන්නෙ. මම ඒ රහස මෙතැනදි නොකිව්වහොත් සදහටම එය වැළලී යන්නටත් ඉඩ තිබෙනවා. (දැනටමත් මීවනපලානේ ආචාර්යතුමාගේ කුණ්ඩලීනියේ බලයෙන් එම රහස අනාවරණය කර ගෙන නැත්නම් පමණක්)

      ඉන්ද්‍රජිත්, මනමේන්ද්‍ර (මන + ම + ඉන්ද්‍ර) සහ ඉන්ද්‍රනාම යන නම් අතර සම්බන්ධයක් ඔබට මීට පෙර වැටහී තිබුණාද? නෑ නේද? අපේ රාවණා රජතුමා ලඟ තිබුණා අපි හිතන්නෙවත් නැති තරම් වෛද්‍ය දැනුම් සම්භාරයක්. එතුමා හොයාගත්ත එක්තරා ඖෂධයකට පුළුවන් මිනිසාගේ හොඳ සහ නරක වෙන් කර 100%ක් හොඳ මිනිසෙකුත් 100%ක් නරක මිනිසෙකුත් නිර්මාණය කරන්න. සරළව කිව්වොත් හොඳ නරක අඩු වැඩි වශයෙන් ඇති මිනිහෙක් අරගෙන ඒ මිනිහා මිනිස්සු දෙන්නෙක් බවට පත් කරන්න පුළුවන් ඖෂධයක් රාවණා රජතුමා හොයා ගෙන තිබුණා.

      රාම හිතවාදී ඉන්දියානු බමුණන් විසින් රාවණ රජතුමා දුෂ්ඨයෙකු ලෙස අර්ථ ගන්වනු ලැබුවත් එතුමා කොතරම් මානවහිතවාදියෙක්ද යන බව මා මීලඟට කියන කරුණෙන් ඔබට පැහැදිලි වේවි. පෙර කී ඖෂධය අත් හදා බලන්න ඕනෑ තරම් මිනිසුන් සොයා ගැනීමට හැකිව තිබියදී වුව ද, එම ඖෂධයේ අතුරු ප්‍රතිඵල නොදැන සිටි නිසා, සාමාන්‍ය මිනිසෙකු ඒ සඳහා යොදා ගෙන ඔහුගේ ජීවිතය අනතුරේ දැමීමට රාවණ රජතුමා කැමති වූයේ නෑ. ඉතින් ඒ සඳහා රාවණා රජතුමා තමන්ගේම පුත්‍රයා වන ඉන්ද්‍රජිත්ව යොදා ගත්තා. එහෙම යොදා ගෙන හදපු හොඳ සහ නරක කෑලි දෙක තමයි මනමේන්ද්‍ර සහ ඉන්ද්‍රනාම! මනමේන්ද්‍ර තමයි රාවණාවාදී දේශප්‍රේමියා නොහොත් හොඳ කෑල්ල. ඉන්ද්‍රනාම තමයි රාවණ විරෝධී දේශද්‍රෝහියා නොහොත් නරක කෑල්ල.

      මේ සිද්ධිය දැනගෙන හිටියෙ දෙන්නයි. එක්කෙනෙක් විභීෂණ. අනෙක් කෙනා මම. විභීෂණ පර බල්ලා! ඌ රට ජාතිය පාවා දීලා මේ රහස රාමට කිව්වා. ඕක රාම පරපුරේ කටින් කට යන්න වැඩි කාලයක් ගියේ නෑ. බලු ඉන්දියානුවන්ට කිසිම රහසක් රැක ගන්න බෑ කියලා ඔයාලා දන්නවනෙ. උන්ගෙන් එකෙක් බීලා ඉන්න වෙලාවක R. L. Stevenson කියන පරදේශක්කාරයට මේ ගැන කිව්වා. ඉතින් මිනිහා පස්සෙ කාලෙක තමන්ගෙ පරිකල්පනයට මෙව්වා උනු කතාවක් වගේ ගෙඩිය පිටින්ම මේ කතාව Jekyll and Hide කියලා ලිව්වා! එතනින් එහාට වෙච්ච දේවල් තවත් ඔයාලට කියන්න ඕන නෑ නෙ.

      රාවණ රජතුමා නැවත අවදි වන 2012 කාලය වන විට ඉන්ද්‍රජිත්ගෙ හොඳ අර්ධය කාංචන ගීත මනමේන්ද්‍ර නමින් රාවණ රජුගේ කිතු ගොස දසත පතුරවමින් සිටිනු ඔබට දැක ගත හැකි වේවි. ඒ අතරම ඉන්ද්‍රජිත්ගේ නරක අර්ධය ප්‍රවීන් ඉන්ද්‍රනාම නමින් රාවණ විරෝධීව, ඊර්ෂ්‍යාපරවශව රාවණවාදී බ්ලොග්වල කමෙන්ට් දමමින් පජාත ජීවිතයක් ගත කරනු ඇති.

      මොනවා හරි තේරුන්නැති දෙයක් තියෙනවනම් ලැජ්ජ වෙන්නෙ නැතුව අහන්න. එහෙනම් මම කුණ්ඩලීනියට සමවැදෙන්නම්. ශ්‍රී රාවණ සිද්ධම්!

      මීට,
      නිර්නාමික තාපසතුමා [සම්‍යක්දෘෂ්ඨික දේවතාවුන් වහන්සේලාගේ උදව්වෙන් අනාගත වාක්‍ය ලබා දෙන(lankacnews), මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසයකරන, Bachelor of Kundaleeni (Nilgala)]

      Delete
    3. මට දැනගන්න ඕනේ ලංකාවෙන් හම්බයෝ බංගවේද????

      Delete
    4. හම්බයන් වනාහි ශ්‍රී රාවණ රජතුමාගේ යුගයේ සිටම හෙළ බිමෙහි ජීවත් වන්නාවූ ජන කොටසකි. හම්බන්තොට, හම්බෙගමුව, හබරණ (අතීතයේ හම්බරණ ),අම්බලන්ගොඩ, අම්බලන්තොට, අම්බලම්මුල්ල (මේවායේ මුලට තිබූ "හ්" ශබ්දය කාලයාගේ ඇවෑමෙන් ලොප් වී ඇත ) වැනි ස්ථාන නාම වලින් ඒ බව තහවුරුවේ.

      2012/12/12 දින නැවත අවදි වන ශ්‍රී රාවණා රජතුමා හෙළ හම්බයන් එළවීමට බලා සිටින තොප වැනි රාම පාක්ෂිකයන් අල්ලා සුන්නත් කරනු ඒකාන්තයි.

      - ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    5. @නිර්නාමික තාපසතුමා ,

      "විභීෂණ පර බල්ලා! ඌ රට ජාතිය පාවා දීලා මේ රහස රාමට කිව්වා." -
      අර එක නිවන් දකින්නන්ගෙ අඩවියක තිබුන "කාලි වේෂි" කියල. තව තැනක "රාවණ කාමාතුරයෙක්" කියල. හැබැයි තමුන්නැහේ වගේම ඕව කියල තියෙන්නෙ දත් නැති කටවල් වලින් බව පෙනෙනවා. ඕන බල්ලෙකුට, නමක් අගට දෙයියෝ, බල්ලා, යකා වගෙ නමක් දාල අමතන්න අකුරු කීපයක් ලිවීමෙන් කිවහැකි දෙයක්. ඒ වුනාට ඒ වගේ පර බල්ලෙක් ලියපු කතාවක් ඇත්ත විදියට අරන් නිකරුණේ කෙනෙකුට මඩ ගහන එකා පර බල්ලෙකුටත් වඩා අන්ත සක්කිලියෙක් නොවේද?

      මම මේක ඇහුවේ විභීෂණ කියන්නේ සිංහලයන් දෙවියෙක් ලෙස පුදන කෙනෙක් නිසයි. එසේ නොවේ නම් අර මිනිස්කම නසන මැටි රූපය වටේ හදපු රූප හතරෙන් එකක් වුනේ කොහොමද?

      ගොඩක් රාවණ කෙප්ප කාරයෝ රාමායන නාඩගම බලල ඔක්කොම අතීතය ඒකේ එන රාවණ චරිතයට දාන්නේ හරියටම ඉතිහාසය එක මිනිහෙක්ගෙ ජීවිත කාලයට සීමා වුනා කියලද? ඔය රාවණ කියන වචනේ "නමක්" වුනේ, අසිංහල උන් පස්සෙ දොරෙන් නායකයා වුන කාලේ. හරියට මහාවංශෙ එන ගොන් රජාල වගෙයි. උන් එකෙකුටවත් සිංහල නමක් තියෙනවාද? අනුන්ගෙ දේවල්, කමකට නැති රාවණයෙක් මවල ඒ ගිනුමට දාන එවුන් පරම පර බල්ලන් නොවේද? ඔය අන්තිමට සක්විති රජ වුන එකා හරියටම ශ්‍රී වික්‍රම රාජසිංහ වගෙයි. නමත් බලෙන් ගත්තෙ. නායකයා වුනොත් බලෙන් විභීෂණගෙන් උදුරගෙන. එහෙව් එකාට ආවඩන කුන්ඩලීනි ලබ්බ ගත්තේ ඔළුවෙන් හිටගෙන වාතෙ ඇරලද? කට අරින්න කලින් නොහිතුවොත් වලට තමයි පෝඩු.

      Delete
    6. @ Senarathne Dumindu,

      හෙළයේ 16 වන රජු වන මුචලින්ද රජුට දාව ලීලා නම් ජනපද කල්‍යාණියට ලැබුණු පුත්‍රයාගෙන් පැවතෙන පරම්පරාව මුචලින්ද වරු ලෙස අතීතයේ හඳුන්වන ලදි. මුචලින්ද නාමය කාලයාගේ ඇවෑමෙන් වෙනස්කම් වලට භාජනය වී අද වන විට ඔවුන් මුස්ලිම් වරු ලෙස හැඳින්වේ. අතීතයේ මුචලින්ද වරු සුරාව පිළිකෙව් කළ බැවින් ඔවුන් විසූ ප්‍රදේශය අරාබිය (අ=අරක්කු රා=රා බිය=බිය එනම් අරක්කු සහ රා වලට බිය වන්නන් ජීවත් වන ප්‍රදේශය) ලෙස හඳුන්වන ලදි. ඒ අනුව මුස්ලිම් වරු යනු හෙළයෝමය.

      හම්බයා යනු හමට බය තැනැත්තා යන්නයි. මුස්ලිම් වරු හම්බයන් ලෙස හැඳින්වෙන්නේ ඔවුන්ගේ සුන්නත් කිරීමේ චාරිත්‍රය නිසාය. එය ආරම්භ වී ඇත්තේ මුචලින්ද රජතුමාගෙනි. ඔහුගේ පෙර සමෙහි ඇති වූ පිළිකාවක් හේතුවෙන් එය ශල්‍යකර්මයකින් ඉවත් කළ නිසා ඊට ගරු කිරීමක් ලෙස සුන්නත් කිරීම ආරම්භ වූ බව පැරණි පුස්කොළ පොත් වල දැක්වේ.

      හම්බයන් යනු මුස්ලිම් හෙළයන් බව වත් නොදන්නාවූ තොප වැනි මලයාලි සක්කිලියන් අල්ලා කප්පදු කළ යුතුය.

      Delete
  2. ඔය පින්තූරවල ඉන්න කන්‍යාවියෝ පයින් ගහනවා විතරද? අත ගාවගන්ඩ එහෙම් බැරිද?

    ReplyDelete
    Replies
    1. පයින් ගැහුවාම ගස් වල ගෙඩි පීදෙනවනෙ. අත ගෑවොත් ඒකෙ අනිත් පැත්ත වෙන්න පුළුවන්.

      Delete
    2. අනිත් පැත්ත කිව්වේ ගෙඩි වල ගස් පීදෙයිද

      Delete
    3. "අනිත් පැත්ත කිව්වේ ගෙඩි වල ගස් පීදෙයිද?" -

      ගෙඩි වලින් ගස් "හැදෙනවා" දැයි ඇසීම නේද හරි වැකිය.

      Delete
  3. අඩේ දැන්නම් මේක කියවද්දි මගේ ඉල ඇදෙනවා......

    ජයා අය්යේ... ඕඩි යාකා නෙවේ උගේ නම ඔඩ්ඩි ( පස්සෙ නම මොඩ් වෙලාද දන්නේ නෑ )... ඒක ප්‍රසිද්ද ගෑනුන්ව වඳ කරන්න නෙව...

    ReplyDelete
    Replies
    1. "ඉල ඇදීම" වාතය නිසා සිදුවෙන සුළු රෝගයකි. මහ වෙදනාව හමු වී නොමිලයේම බෙහෙත් ලබාගැනීමට පුළුවන්.

      ඔබතුමා හරි, අද කාලයේ "ඔඩ්ඩි යකා" කියලයි කියන්නෙ, නමුත් ඉස්සර කියල තියෙන්නේ ඕඩි යකා කියලයි. (ඕ=ඕකින්ගෙ, ඩි=ඩිම්බකන). ඕඩි යකා "ඕකින්ගේ ඩිම්බකන" නිසයි ගෑණුන්ව වඳ වෙන්නේ.

      Delete
  4. ඔන්න හෙළ ගොවි මහතුන්ට හා හෙළ වඳ මහතුන්ට සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණ සිද්ධම් !!!

      Delete
  5. ආචාර්යතුමනි මේ ඔය ගැහැණු දරුවා එවන්න බැරිද මේ අපේ වත්තේ තියෙන ගස් ටිකට පයින් ගස්සෝගන්න.
    ශ්‍රී රාවණ සිද්ධම් !!!

    ReplyDelete
  6. ඔන්න කෙල්ලන්ගේ වැඩවල ඇත්ත වර්ගපූර්ණිකාව හෙලි කලෝ
    රාවණ සිද්ධම්

    ReplyDelete
  7. ඒ උනාට හොඳ ගෙඩි දෙකක් නම් තියෙනවා හපලා කන්න..

    ReplyDelete
  8. මේ දිනවල සරසවි දින නියමයකින් තොරව වසා ඇති බැවින් මා අලුතෙන් ආරම්භ කරන්නට යන ගොවිපල පවත්වාගෙන යාමට මේ උපදෙස ඉතාම වැදගත් වන බව මා හට සිතේ.
    ශ්‍රී රාවන සිද්ධම්!!

    ReplyDelete
    Replies
    1. මෙය කියවු පසු මටද කන්යාවක් උනත් නැතත් ලස්සන කෙල්ලෙක් ලවා පයින් ගස්සා ගැනීමේ ආශාවක් ඇතිවිය...

      Delete
  9. අපි නොදන්න දේවල් කොයි තරම්ද නේද?........

    ReplyDelete
  10. මියෝ හොඳ ට්‍රිබල් ටිකක් එහෙම නැද්ද ? තියනවා නම් ලින්ක් එකක් දාපං .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකේ පද නිරුක්තිය බලන්න වටිනවා. මේක දැන් මොඩ් කරලා ට්‍රිබල් කිව්වට හෙළුවෙන් කියන්නේ ත්‍රිබොල් කියල.

      ත්‍රි(තුන) + බොල් = ත්‍රිබොල් පසුව ට්‍රිබල්.

      Delete
  11. මේ රාවණාගේ කාලේ හෙලුවුඩේ ජවුසෝන් නටාපු එකියක් වෙනටෑ... සුද්දෝ මේක හොලීවූඩ් වල එකක් කියයිද දන්නෙත් නෑ.

    මටත් මතකයි අපේ ආච්චි පොඩි කාලේ ඕඩි කොලොන් ගානවා කොන්ඩේ වැවෙන්ට කියලා. පැයක් ගිහින් බලනකොට කෙස් ගස් දෙගුණ වෙලා තියෙනවා. ඕක රාවණාගේ රහස් වට්ටෝරුවක් හොරකම් කරලා හදාපු කොලොන් එකක් වෙන්ටෝනේ.

    ReplyDelete
  12. හැක හැක හැක අද පෝස්ටුවට නම් මට හිනා ගියේ ය ආචාර්ය තුමනි.

    ReplyDelete
  13. ඔය පුස්කොල පොතේ ලියවෙනා පි‍ටු කියෙව්වාට ඇති වෙන්නේ නැත් එල.
    ඔය පයින් ගහන් උන් දෙතුන් දෙනෙක් හිටියානම් මේ කාලේ පවුල් අවුල් නෑ නේ

    ReplyDelete
  14. Eau(වතුර) de(අයත්) Cologne("කොලොන්" නමැති ගංගාව) කොලොන් නමැති ගංගාවේ ජලය තමයි Eau de Cologne උනේ.

    සම්පුර්න කතාව හා වැඩි විස්තර http://en.wikipedia.org/wiki/Eau_de_Cologne

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. අප රට ජනතාව ඕඩි කොලොන් පානක කරණුයේ ඉහත සඳහන් කාරණය හේතුවෙන් විය හැක. ඉතා අගනා පරීක්ෂණයක් මහත්මයා....

    ReplyDelete
  17. ආචාර්යතුමා ඊයේ තිබුන හෙළ ක්‍රීඩාව ටී 20 තරගය‍ නරඹන්ට ගියාද? මොකද මං දැක්කා ඔබතුමා රාවණා වේශයෙන් නර්තනය කරනවා ස්පැක්ටේට‍ර්ලාගේ කෑල්ලට වෙලා. හැ‍බැයි ලොක්කෝ බඩ ටිකක් වැඩියට තමයි පෙනුනේ. ඒකත් රාබඩ නිසා වෙන්ට ඇති.

    ශය පෝස්ට් කටුවේ තියෙන දේවල් වලට කියන්නේ කෙම් ක්‍රම කියලයි. ඉතා පුරාණයේ ඉදලා ගෙඩි පීදෙන්න එක එක කෙම්ක්‍රම තිබිල ‍තියෙනවා. අර රාවණාපාක්ෂික සාරුවා සුනිලුත් බැලුවේ කලින්ම ගෙඩි පූදවගන්ට නොවැ.

    ReplyDelete
  18. ප්‍රංශයේ කොලෝන් නමැති ගංගාවට නම දමා ඇත්තේත් රාවණාධිරාජයා නේද?
    සමහරු කියනවා ඔයු ඩී කොලෝන් කියන්නේ කොලෝන් ගඟේ වතුර කියන අදහසින් කියලා!

    ReplyDelete
  19. ජයේ මෙන්න..

    http://lankacnews.com/sinhala/news/81702/

    ReplyDelete
  20. ඔය කෙල්ලට කියලා ගස්සවා ගත්තොත් ටක්කෙටම වැඩේ හරි යයිද ?

    ReplyDelete
  21. මේ මී ජයාගේ රාවන පිස්සුව සනීප වීමට නම් කන්යාවක් ලවා පුකට පයින් ගැස්සිය යුතුය..

    ReplyDelete
  22. ජයරත්නයෙනි මෙය ගැන පොඩ්ඩක් විස්තර කරන්න ...
    http://ceylonradio.co.uk/?p=2280

    ශ්‍රී රාවණ සිද්ධම් !!!

    ReplyDelete
  23. සතන් සෙත්බිම මගේ- Sinhala patriotic song by Ravana Brothers


    http://www.youtube.com/watch?v=reGHY81lH08&feature=plcp

    ReplyDelete
    Replies
    1. තුට්ටු දෙකේ කළවම් ගති ඇනූ බයිලා කියමින්, පනම් දෙකට සිංහල අතීතය විකුණන අහිගුණ්ඨිකයන් (සංක්‍රමණිකයන්) කරන්නේ සිංහලයන්ට නින්දාවක්මය. කේරළෙන් ආ වඩිගයන්ට සතුට දීමට කේරළෙන් ගෙනා උඩ පනින බෙලෙක්කයන් හා දිවිනසනවුන්ගේ සොහොන්පල් සිංහලයන්ගේ ලබ්බක් වූයේ කෙසේද? තව සුළු කලකදී පිල්ලි කෝවිල් මොස්කුද ලබ්බට වැටෙනු ඇත.

      Delete
    2. උබ වගේ නිකන් කෙප්ප කිය කිය ඉන්නේ නෑ, ඒ මිනිස්සු අඩු ගානේ මොනවාහරි කරනවා. උබ වෙලාවකට ඇනයක් බං

      Delete
    3. Senarathne Dumindu, September 26, 2012 10:11 PM,

      "උබ වගේ නිකන් කෙප්ප කිය කිය ඉන්නේ නෑ" - උඹ කියපන්කො මම කියපු එක කෙප්ප වැකියක්. ඇස් දෙක ඇරල, කන් දෙකේ ඇබ ගලවල, හොඳට අහගෙන බලපන්, මම කිව්වෙ මොකක්ද කියල. මේ වගේ පාහරයොත් සිංහලුන් ගැන පැල් කවි කියනවා.

      "ඒ මිනිස්සු අඩු ගානේ මොනවා හරි කරනවා." - නැතුව. ඒක තමයි මම කිව්වෙ. අනලා අවජාතක කරල විකුණම් කන්න බලනවා. පුදුමයක් නොවේ. ඕක තමයි යැංකි ලෙඩේ. මොකක් හරි ඇටයක් හම්බ වුනාම ආකිමිඩිස් වගේ හෙළුවෙන් දුවනවා. ඊට පස්සෙ I found it කිය කිය, ඒකෙන් කීයක් හරි හම්බ කරගන්න ලෝකෙ උඩ යට පෙරෙලනවා.

      උඹලට කල්පයක් ගියත් බැරි දේවල් මම කැලෑ පත්තරේක ගහන හෑල්ලකින් කරනවා. අර කූඩන්කුලම් (කුඩාවැව) බලාගාරේ ගැන මම 2010 අඩ දෙරණෙ ගැහුව හෑල්ල නැත්නම් උඹල තාමත් ළිං ගෙම්ඹො. ඒකෙන් ඇමතියට මාරුවකුත් සෙට් වුනා. ඒ නිකමට කරපු එකක්. හිතල කරපුව දන්නවා නම් ...

      "උබ වෙලාවකට ඇනයක් බං" - උඹට තේරිලා වගෙයි. ඔහොම ගියොත් මම ඇනේ ගහන කුළුගෙඩියක් වෙන්න පුළුවන්. සිංහල ඈයොන්ට මඩ ගහන රාවණකෙප්ප කාරයොත් පරෙස්සම් වෙයල්ල.

      Delete
    4. WADAK NA BAN UBE NIKAN BURANA BALLEK

      Delete
    5. yako unta salli hoyannne onenam oya sinduwa youtube eke nikan daida moda gono ??? danne deyak kiyapan nathnam chuu kerela nida ganin

      Delete
    6. හි හි හි මේ ලගදී වැස්සියකට ලිංගික අතවර කරලා , ඇනෝ උබ නෙමෙයි නේ පුතේ :)

      Delete
    7. Senarathne Dumindu, September 27, 2012 1:39 PM + 1:40 PM

      යමක් නොදැන බල්ල වගෙ හැසිරෙන උඹ කියන්නේ යූ ටියුබ් දාන්නෙ නිකම් දෙන්න කියලද? මම උන් දාපු කයි විතරක් නොවෙයි උන්ගෙ කෙරුවාවත් දන්නවා. දැන් බැලුවම සිංහල ජාතිය අයිති නිවනට යන එවුන්ට. එහෙම නැත්නම් සුද්දගෙ කටු කාල හෙළ බයිල ගයන මලයාලි අහිගුණ්ඨික රැලට. උඹත් අර rachiයා ගිය පාරට වැටිල වගෙයි. ඌ තවමත් හෑලි කොටන එක ගැන මට විමතියක් ඇත.

      @Senarathne Dumindu, September 27, 2012 1:46 PM

      උඹෙ තාත්තගෙන් අහපන්. හැදිච්චචකමක් නැති "සක්කිලි බල්ලා". හයන්න උල්කරල පුතා කියන වචනෙයි උඹට ගැලපෙන්නෙ.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. ඇනෝ මට ඇත්ලාන්ට්ස් ගැන විස්තරයක් දෙන්න පුලුවන් ද ??

      Delete
    10. Senarathne Dumindu September 29, 2012 7:11 PM,

      අර කෝරලේ වලව්වෙ ලිපියක් තිබ්බා (http://chithula.blogspot.com.au/2012/06/blog-post_5523.html).

      දැනට පසුගිය වසර හැට දාහක ඉතිහාසය හොඳටම ඇති නේද? ඊට පෙර දේවල් සොයන්න මුහුදත් කළඹන්න ඕන. මිනිසුන් වන අප බිහිවීමට යොදාගෙන ඇති දැනුම අනුව ඊට (අප බිහිවීමට) පෙරත් ඉතා දියුණු දැනුමක් ඇති කොටසක්. ප්‍රශ්ණය වෙලා තියෙන්නෙ දැනුම නොවෙයි. කල් යනකොට අනෙක් සතුන් මිනිසුන් වෙලා ඇනීමයි. අදත් ඒක වෙලා. ඒ වෙලාවට ශුද්ධෙ දෙනවා. විනාශ කරපු විදිය ස්වාභාවික නැති බව නැවත නැවත එකම විදියට වීමෙන් පෙනෙනවා. මේ පිරිහීම නවතන්න තිබෙන එකම විදිය කෲර වැඩක්. එනම් උපත හඳුනා ගෙන නැසීම හෝ පුරුදු කිරීම/නැසීම. තිරිසනෙක් අද මිනිසෙක් වෙලා ඉපදුනත් ස්වභාවෙන් තිරිසනෙක් වගේමයි හැසිරෙන්නෙ. ඒ විදියට ඉපදීම සුළු දෙයක් වෙන්නෙ හැම සතාටම පොදු විදියක් තියෙනවා නැවත ඉපදීමට. ළඟ එන නව ආරම්භයේදී ඒකටත් විසඳුමක් ලැබේවි. සමහර වෙනස්කම් අළුත් උපතකට සීමා වෙනවා. විස්තර පසු කලෙක.

      Delete
  24. අපිටත් බැරිද පයිං ගහ ගන්නෙ නැතුව අත ගා ගන්න..

    ReplyDelete
  25. මීවන ඕස්ටේලියාවේ aborigins අපේ හෙළයොන් ගේ කොටසක් වෙන්න බැරිද???

    ReplyDelete
    Replies
    1. "ඇබොරිජින්" යන්න "අබොර ජන" යන ඉපැරණි හෙළ වදනින් බිඳී ආවකි.

      අබොර ජන යන්නෙහි තේරුම,
      අ=අරක්කු
      බො=බොන
      ර=රකුස්
      ජන=ජනයා
      යන්නයි.

      රාවණ රජ දවස අරක්කු වලට ඇබ්බැහි වී තම වගකීම් පැහැර හරින අයව එකල හෙළ අසුර අධිරාජ්‍යයේ කොටසක් වූ වර්තමාන ඕස්ට්‍රේලියා මහාද්වීපයට පිටුවහල් කර ඇත. ඔවුන් "අබොර ජන" යන නමින් හැඳින්වූ අතර අතර වර්තමානයේ එය "ඇබොරිජින්" බවට විකරණය වී ඇත.

      (අරක්කු යනුද හෙළ වදනකි. එහි තේරුම අ=අඹු දරුවන්, රක්=රකින්නේ, කු=කුමට යන්නයි. එකල රා වලින් සාදා ගත් බීමක් පානයකට ඇබ්බැහි වූ සමහරු අඹු දරුවන් අමතක කර වගකීම් විරහිතව හැසිරෙන්නට වූ බැවින් එම පානය අරක්කු නමින් හැඳුන්වන ලදි.)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සුද්දො ඔස්ත්‍රේලියාවට ගොඩ බහිද්දි අබොරයන්ගෙන් මාර සටනක් එල්ල වෙලා තියනව. මූණ දෙන්නම අමාරුලු. පස්සෙ සුද්දො කරල තියෙන්නෙ ඇඟ පත නිරාවරණය වෙන විදියට ෆට්ට සුද්දියෙක් දම්මල බාර් එකක් ඕපන් කරල ටිකෙන් ටික අබොරයො ටික අරක්කු වලට ඇබ්බැහි කරල උන්ව දුර්වල කරල. ඊට පස්සෙ නිකන්ම රට සුද්දන්ට ගිහින්. ලන්කාවෙ උන්ටත් මත් පැන්, මස් කෑම වගේ දේවල් විතරක් නෙමෙයි අද කරන හැම නසරානිකමක්ම පුරුදු කලේ යුරෝපීයයො.ඊට කළින් සින්හලයොන්ගෙ හරිම ශ්‍රේෂ්ඨ ගති සිරිත් තිබුන.මට තියන ගැටළුව කාලාන්තරයක් යද්දි අපේ උන්ගෙ ඔළු කටුවලට අපේ තිබුනු සාරධර්ම අමතක වෙලා යන තැනට වැඩ සිද්ද කරන්න තරම් සුද්දො සාර්ථක වුනේ කොහොමද කියල...සුද්දො මුළු ලෝකෙ පුරාම තිබුනු ඉපැරණි ජන සමාජ විනාශ කලා.රතු ඉන්දියන් වරු, සින්හළයො, අබොරයො..මෙක්සිකෝ රටවල ජන වර්ග, අප්‍රිකානු රටවල ජන වර්ග...උන්ගෙ දේශාටන වල අරමුණ වුනෙත් පවතින සන්ස්කෘතීන් විනාශ කිරීම සහ දැනුම සෙවීම...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. "ලන්කාවෙ උන්ටත් මත් පැන්, මස් කෑම වගේ දේවල් විතරක් නෙමෙයි අද කරන හැම නසරානිකමක්ම පුරුදු කලේ යුරෝපීයයො."
      කැලුම් සුද්දන්ට ඔන විදිහට නරක් කරන්න මෙහේ බබාලා නෙමෙයි හිටියේ. ඒකාලෙත් රා නිශ්පාදනය යහමින් තිබුනා. ඒ කාලේත් මිනිස්සු මස් කැම , දඩයම් කිරිම කෙරුවා. කොහොමත් ඒ රජකාලේ වැඩවසම් ක්‍රමය නැති උන එක හොදයි.

      Delete
    7. Gari musaluwo helayonam ai une nikan uro wage jeewath weenne???

      ai unta unge agama balen paturawanne one?

      ai une patta pal boru kiyanne unwa asraya kerapu hinda kiyanne..

      ai eh gari ballo budu pilima kadanne??

      ai unta wirudda wene ewnwa maranne hadanne??

      AMERICAWATAI ISRALETAI JAYA WEWA WAL TAMBI HATTA LOKEN TURAN KEREWAAA

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. @ Think Twice> ඔයා නොදන්න විද්‍යාවක් ගැන වාද කරන්න ඇවිත් ඇනගත්ත නේද? මම මුළින්ම සරළව හැමෝටම තේරෙන විදියට පොඩි පොඩි දේවල් කථා කරද්දි ඔයා ලොකු කථා කිව්ව.මට පී එච් ඩී තිබුනත් කමක් නෑ කිව්ව.ඊට පස්සෙ මම සුපුරුදු සින්හල භාවිත නොකර විද්‍යාවෙ ගැඹුරුයි කියන කාරණා ඉදිරිපත් කලාම ඔයාගෙ කට වැහුන දවස් ගාණකට.පස්සෙ හිනා යන කරුණු කාරණා ඉදිරිපත් කරල ඔයා රිප්ලයි දාල තිබුනා, මම ඒව පස්සෙ එල්ලෙන්න ආවෙ නැහැ ඔයා ඔයාගෙ ඒ ලෙවල් සාමාන්‍ය විද්‍යා දැනීමක් තියනව කියල කියපු නිසත් මට එවැනි කෙනෙක් එක්ක තවදුරටත් විවාදයක් නැති නිසත්. දැන් කොහෙන් හරි බලන් ඉන්නව ටෝක් එකක් දාන්න නේද? ඇත්තටම පරිණාමවාදය ගැන මහා පොර ටෝක් දීපු ඔබතුමා අවසානයෙදි තමන්ගෙ දැනුම මද බවත්, එම වාදය තුලම සීමා ඇති බවත් පිළිගත්තා.ඔබ මා ප්‍රකාෂ කල දේවලට ඉතා ළාමක පිළිතුරු ඉදිරිපත් කරල තිබුනා.ජන්මානු සෛල පෙළෙහි ඔය කියන විදියෙ විකෘති අතීතයේ යම් යම් අවස්ථාවන්හි ඇරඹිලා මේ කාලයේදිත් සිදුනොවෙන්නෙ ඇයි කියල ඔබට පැහැදිළි කරන්න බැරිවුනා...දැන් මෙතන තවත් කථාවක් කියනව...ඔබව තව තවත් අමාරුවෙ දැමීම මට මහ ලොකු දෙයක් නෙවෙයි. ඒත් මම කථාව එතනින් ඉවර කරන්න තීරනය කලා..
      මෙතනින් එක කරුණක් පැහැදිලි වුනා. ඒ තමයි ඔබ මේ පාරම්බාන බටහිර විද්‍යාව ගැනවත්, ලන්කාවෙ නිවැරදි ඉතිහාසය ගැනවත් ප්‍රමාණවත් දැනුමක් නැත්තකු බව..ඉතා සරළ විද්‍යාත්මක ක්‍රමයේ මුල්ලිකම රීති පවා ඔබ නොදන්නා තත්වයක් මම දුටුවා.ඔබ නොදන්නා සීමා ඔස්ස්සේ වසර ගණනාවක් ගමන් කොට එම දැනුමේ සීමාවන් වටහාගෙනයි මම මෙතන කථා කරන්නේ. නමුත් ඔබ නිකන් වචන හරඹයක නිරත වෙනවා විතරයි.ප්‍රමාණවත් දැනුමක් නොමැතිව ඔබද ඔය කරනුයේ අන්ධව විද්‍යාවේ පුරාජේරුව කියාපෑමකි.


      රා ගැන > රා කියන්නේ අපේ පැරැන්නන්ගේ බීමක් කියන එක ගැන විවාදයක් නැහැ. නමුත් රා කියන්නේ පාමේ කුළයේ ශාක වලින් ලබාගන්න ප්ලෝයම යුෂය, තවදුරටත් කිව්වොත් සරළ සීනි දියවූ ජලීය යුෂය, මත යීස්ට් නම් ඒක සෛලික දිලීරය වැඩී උගේ නිර්වායු ස්වශනය නිසා සෑදෙන එතනෝල් හෙවත් මධ්‍යසාරය අඩන්ගු වන පානයකි.මෙහි මධ්‍යසාර ප්‍රතිශතය බොහෝ විට 4% ක් පමණ වේ. මධ්‍යසාර ප්‍රතිශතය ක්‍රමක්‍රමයෙන් වැඩි වන විට එය විශ වී යීස්ට් සෛල මිය ගොස් රා මණ්ඩි ලෙස පතුලේ තැන්පත් වේ. මාමයිට්, වෙජිමයිට් සාදනුයේ බියර් නිෂ්පාදනයේදී මෙසේ තැන්පත් වන මැරුණු සෛල භාවිතයෙනුයි.මෙම රා මණ්ඩිවල විටමින් වර්ග රාශියක් සහ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අඩන්ගු වෙනවා.මෙම මධ්‍යසාර ප්‍රතිශතයත්, පොටෑසියම් වැනි ලවණ සහ විටමින වලින් සාරවත් නිසත්, එය හුදෙක් ශාකමය සීනි ද්‍රාවනයක් ස්වභාවිකව පැසවීමට ලක් කරගෙන සාදාගන්නක් නිසත් මිනිහෙක්ගෙ සෞඛ්‍යයට මහා හානියක් කරන්නෙ නෑ.ඇරත් අයුර්වේදයේ භාවිතවන අරිෂ්ඨ වගේ නිෂ්පාදන වලත් ශාකමය ඖෂධ කොටස් හොඳින් දියවීම පිණිස මෙන්ම අවශෝෂණය පහසු වීම පිණිසත් මධ්‍යසාර යම් ප්‍රමාණයක් අඩන්ගු කොට තියනව.
      නමුත් බටහිර වයින් වර්ග, ඒ මත පිහිටල නිපදවන කසිප්පු, විස්කි, බ්ර්‍අන්ඩි වගේ නිෂ්පාදන වල මධ්‍යසාර ප්‍රතිශතය ඉතාම ඉහළයි. ඒ වගේම ඒ සඳහා යොදාගන්න අමුද්‍රව්‍යත් බොහෝ විට මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ඒව. භයානකම දේ තමයි ආසවනයෙදි මෙතනෝල් එතනෝල් වලට මිශ්‍ර වීම. එසේම නිපදවන යන්ත්‍ර සූත්‍ර, ටැන්කි ආදියේ තියන ලෝහ වර්ග සන්කීර්න අයන බවට පත්වෙලා විෂ සන්යෝග හදල අවසානයේ මධ්‍යසාර වලට එකතු වෙනව. ලන්කාවෙ ගමේ ගොඩේ පෙරන අරක්කු වලට හකුරු, සක්කර වගේ ඒවයි අමුද්‍රව්‍ය විදියට ගන්නෙ, මේවගෙ හොඳටම මෙතනෝල් අඩන්ගුයි. ඒ වගෙම කි එක වැඩි කරන්න වල්නාෂක, කෘමිනාෂක එකතු කරනව. ලන්කාවෙ ඉපැරණි මිනිස්සු අහින්සකව සූර් වෙන්න පාවිච්චි කරපු සුරාව ඔය සුද්දො ගෙනාපු එක තරම් හානිකර වුනේ නෑ. තොත්ත බබාල වීම හෝ නොවීම කෙසේ වෙතත් පත්පැන් කියන්නෙ ඇබ්බැහි වෙන දෙයක්. ඒකට හුරුවුනු එකාට දිගටම ඒක ඕනෙ.කට තිබුන පළියට හැම දේටම හොට නොදා පොඩ්ඩක් විචාරශීලී වුනොත් හොඳයි මන් හිතන්නෙ.ඉපැරණෛ ගමවල බඩවල් ඉදිමිලා වකුගඩු අක්මා අක්‍රිය වෙලා සෙට්ටපෝච්චි වෙන පොරවල් වසන්ගතයක් වගේ හිටියෙ නෑ.
      අද ඔබතුමාල සුද්දගෙ කක්ක බෙට්ටත් අනේ සුද්දගෙනෙ කියල ඉඹින්න යනව වගේ එදා හිටිය බහුතරයත් සුද්දගෙ තුවක්කුවට, තාක්ෂනයට, හමේ පාටට රැවටිලා උන්ගෙ අතට ගියා. ඒ වෙලාවෙ අපේ උන්ට ඉදිරියක් පෙනුනෙ නෑ.

      Delete
    10. මේ කලින් පෝස්ට් වල යම් යම් අකුරු දෝෂ තියනව. ඒව තේරුම් අරගන කියවන්න පුළුවන් වෙයි කියල මම හිතනව.හදිසියෙ කෙටුවෙ.ඔයාල වගේ අයට ලියන්න ගත්තම අදහස් ගලාගන එනව.ඒත් අපහසුවෙ නොදා ලියන්නත් එපැයි.

      Delete
    11. මෑ ඇට ටිකක් හිටෝල හොඳට ටික දවසක් නිරෝගීව සමාන තත්ව යටතෙ වැඩෙන්න ඇරල එකක මුලට රා ටිකක් දාන්න, අනෙකට කසිප්පු දාන්න, අනෙකට බියර් දාන්න..ඔහොම එක එක විදියෙ අරක්කු වර්ග දාන්න.දාල බලන්න වඩා ඉක්මනින් මැරිල යන්නෙ මොන පැලේද කියල. කසිප්පු වලට නම් කික් එක වැඩිවෙන්න යූරිය වගේ රසායනික පෝරත් දානව මගෙ හිතේ. කටුකම්බි වල තියන ලෝහ වර්ග නිසා විෂ සහිත සන්කීර්ණ අයන හැදෙනව.අවිධිමත් ආසවනය නිසා මෙතනෝල් වලටත් වඩා වැඩි මධ්‍යසාර වර්ග එකතු වෙනව.ලන්කාවෙ මහා පරිමාණෙන් නිපදවන ඇතැම් අරක්කු වර්ගවලත් සන්යුතියෙ මධ්‍යසාරවලට අමතරව සෞඛ්‍යයට අහිතකර දේ අඩන්ගු වෙනව.ඔය බ්..ර්..ර්..ර් වෙන්න සන්ගයි අර ලන්කාවෙ සන්ගීතය කාපු දŢ