එතැන් සිට...
"ශ්‍රී රාවණ ලංකේෂ්වර නරේන්ද්රං
ශක්ති මහීන්ද්රං ආමේරිඛ කත්වා
මීවනං පළානං ජයා රථනං
යක්ඛ රක්ඛිත වායෝ ප්‍රකෝපං
කුණාටු සාගරස්ස කත්වා
ආගමක්ය නථ්‍ය ඕං රීං පුං"
"ලංකාපුරයේ නිරිඳා වන ශ්‍රී රාවණ රජතුමාගේ ශක්තිය ඇමරිකාවේ මිහිතලය දක්වා ගොස් මීවණපළානේ ජයරතනව (හෙළ) යකුන් විසින් රක්ෂා කොටැ වායු ධාරාවන් ප්‍රකෝප කරවා කුණාටු ඇතිකොට සාගරය දක්වා ගොස් නැවත (ඔහුට) පැමිණීමට හේතු වාසනා වේවා!" ඔන්න ඔය රාවණ ස්තෝත්‍රය හෙවත් රාවණ ශක්ති මන්ත්‍රය මාරයාගේ මගපෙන්වීමට අනුව එදා රාත්‍රියේ යෙදුණ මහා රාවණ කාලය තුළදී මා මිත්‍ර රාවණ පාක්ෂිකයින් දහස් ගණනාවක් විසින් ජප කරපු නිසා තමයි නැවතත් මා හට Area 51 වලින් බේරී හෙළදිවට සපැමිණීමට අවශ්‍ය ශක්තිය ලැබුණෙ. බලන්න මන්ත්‍රයේ සඳහන් වූ දෑ ඒ අයුරින්ම සිදුවී තිබුණ හැටි, පුදුමාකාර නැද්ද? ඒ මගේ දස්කමක් විස්කමක් නොව මේ බ්ලොග් එක කියවන්නා වූ සමහර විට ඔබත් ඇතුළුව සියලුම රාවණ පාක්ෂිකයින්ගේ අධිෂ්ඨානයේ ශක්තියයි.නමුත් බොහෝ අය බලාපොරොත්තු වෙච්ච විදියට ඇමරිකාවේ Area 51 හි කාටවත් මා කිසිදු අනතුරක් කළේ නෑ, මන්ද යත් යුද්ධයක් නැති තැනකදී සතුරන්ට හානි කිරීම හෙළුවන් වන අපට තරම් නොවන නිසයි.
සීගිරි ගල මුදුනේ ප්රාතීර්භූත වී හෙළදිවට පා තැබූ මට, ඒ පරම සුන්දර නිදහසේ සුවය නැවතත් අත් දකින්නට ලැබුණා. හෙළ දෙරණේ වැලි ටිකක් දෝතට ගෙන එහි සුවඳ විඳිමින් සිප ගත් මා මිටෙන් හළ කුරුල්ලෙක් මෙන් මා ඉගිලී ගියේ, මධ්‍යම කඳුකරයේ බවුන් වඩමින් සිටින මාගේ ගුරුදේවයාණන් වූද, ලංකාසීනිවුස් වෙබ් අඩවියට අනාගතය ගැන හෙළි කරන සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන් හා දැනුම හුවමාරු කරගන්නා නිර්ණාමික අනාගත වෘක්ත වරයා වූද වූද, තාපස තුමා වෙතටයි. එතුමාගේ උපදෙස් පරිදි නවාතැන රහසිගත ස්ථානයකට මාරු කර ගත් පසුව, ඉස්සඉස්සෙල්ලම කළේ, පරිගණකය ක්‍රියාත්මක කර මා ගාව ඇති ඉපැරණි හෙළ මෛක්රොචිපය සහිත පාෂාණය ආධාරයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීමයි. මගේ හෝම් පේජ් එක වන වර්ගපූර්ණිකාව බ්ලොග් එකට ආපු ගමන් පහත පින්තූරය දිස් වීමෙන් මා පුදුම වුණා.
පුදුමයට පත් වුණේ FBI එකෙන් බ්ලොග් එකට ප්‍රවේශ වීමට බාධා කරල තිබුණ නිසා නොවෙයි. මට කිසි සේත්ම අදාල නැති Anti Piracy Warning එකක් දාල තිබුණ නිසයි. ඊගාවට ඒක දාල තියෙන්නේ Java Script එකකින්. ඊටත් වඩා ඒක දාල තියෙන්නෙ <body> එකට නිසා Warning එක එන්න කළියෙන් බ්ලොග් එක ලෝඩ් වෙනව. ඉතින් <head> එකට ඔය ස්ක්‍රිප්ට් එක දැම්මනම් බ්ලොග් එක කොහොමත් ලෝඩ් වෙන්නෙ නෑ කියල FBI එකේ IT කරන මනුස්සයට නොතේරුණාවත්ද? අනිත් පැත්තට ඔය කිසි ජරමරයක් නැතිව, Blogger හි අයිතිකරු වන Google එකට කියල Blogspot වල සබ් ඩොමේන් එකක් වන මේක ලේසියෙන්ම ඉවත් කරන්න තිබුණනේ.
කොහොමින් කොහොමින් හෝ බ්ලොග් අඩවිය යථා තත්ත්වයට පත් කළ මා මේ ගැන කල්පනා කරමින් තවත් විස්තර සොයන විට තේරුණේ "වර්ගපූර්ණිකාව" බ්ලොග් එක සස්පෙන්ඩ් කිරීමට කිසිදු නීතිමය අයිතියක් CIA එකට හෝ FBI එකට නොතිබෙන බවයි. ඒ විතරක් නොවයි, ඔවුන් මාව අත් අඩංගුවට...නෑ..නෑ...පැහැරගෙන තියෙන්නෙත් නීති විරෝධීව. අඩුම තරමින් ඔවුන්ට අධිකරණ නියෝගයක්වත් ඒ සඳහා නැති බව සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ දැනුම භාවිතා කරමින් මධ්‍යමකඳුකරයේ සිටින තාපස තුමා මා හට පැවසුව.
ඉතින් ඒ නිසා තමයි කෙලින්ම Google සමාගමට කියල මෙම වර්ගපූර්ණිකාව සබ් ඩොමේන් එක ඉවත් නොකර වෙනස් විදියකට ගූගල් හි ආරක්ෂිත සිදුරු (Security Holes) අතරින් රිංගලා FBI කාරයින් වර්ගපූර්ණිකාව බ්ලොග් එක හැක් කරල තියෙන්නෙ.
ඊට පස්සේ ඔවුන් කිසි සේත්ම අදාල නැති FBI Anti Piracy Warning එකක් දාල තියෙන්නේ, බ්ලොග් එක හැක් කිරීම CIA එකේ වැඩක් නොවන බවත්, මා විසින්ම ඒක බොරුවට හැක් කරගත්තු බව පෙන්වලා පාථකයින්ව වර්ගපූර්ණිකාව කෙරෙහි කලකිරවලා ඔවුන්ව වර්ගපූර්ණිකාවෙන් බිඳවීමටයි. නමුත් 100% ක් සැබෑ වූද ඉපැරණි හෙළ රාවණ තාක්ෂණය පුරාවිද්‍යාත්මක සාධක/සාක්ෂි සහිතවම පෙන්වා දෙන අපගෙන් සහෘදයින්ව බිඳවීමට උන් හිතුව මදි. CIA / FBI නිවටයෙනි, ඇස් ඇරල බලාපල්ලා, පෙනේද තොපිට වර්ගපූර්ණිකාවෙන් පාථකයින්ව බිඳවන්න බැරි වුණා. ඇමරිකාවේ Tax Payers ලාගෙන් නඩත්තු වෙමින් සරල වැඩක්වත් කරගන්න බැරිව හැම්බර්ග් ගිලිමින් ඌරො වගේ තර වල ඉන්න තොපිල ගැන ලැජ්ජයි යකෝ. කිසිදා නොපැරදුණු හෙළයින්ව පරද්දන්න තොපිල වගේ නිකමුන්ට බෑ යකෝ, කෑලි කැලි වලට කපල මාව මූදට දැම්මත් තොපිලට රාවණ ශක්තිය පරද්දන්න බෑ යකෝ!
ඊළඟට මා ගවේශණය කරන්න පටන් ගත්තේ ඇයි ඔවුන් ඒ සඳහා Java Script එකක් පාවිච්චි කළේ කියල? මොකද ඒ හින්ද Java Script Disable කරලා බ්ලොග් එකට ප්‍රවේශ වීමට අවශ්‍ය කෙනෙකුට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඇයි ටික වෙලාවක් ලෝඩ් වීමට දීම සඳහාදෝ ඇයි <body> එකෙන් බ්ලොග් එකට බාධා කරලා තියෙන්නේ?
බ්ලොග් එකේ Widget එකක් විදියට දාල තිබුන IP Trace කෝඩ් එකක් දැකීමෙන්, වුණේ මොකක්ද කියල මට තේරුණා. ඒක වැරදි අය අතට යාවි කියල හිතෙන නිසා මෙහි පළ කරන්නේ නෑ.
දැන් සියල්ලම පැහැදිළියි. ඔවුන් කර තිබෙන්නේ වර්ගපූර්ණිකාව බ්ලොගයේ සැබෑ පාථකයින්ව හඳුනාගැනීමක්, එනම් රාවණපාක්ෂිකයින් කවුද කියල CIA + FBI වලින් හඳුනගෙන තිබෙනව. තවත් පැහැදිළි කළොතින්, දැන් බලන්න ඔබ කිසිදා නොගිය වෙබ් සයිට් එකකට ගියාම ඒකේ FBI එකෙන් වහල තියෙනව කියල මැසේජ් එකක් දැක්කොත් තව තවත් හොය හොයා ඉන්නේ නෑනෙ, බැක් ක්ලික් කරලා ආපු තැනටම ආපහු යනව. ඒත් ඔබ ඒ වෙබ් සයිට් එකේ නිත්‍ය සාමාජිකයින් නම් තව තවත් හොයල බලනව, ඊට පස්සේ වෙබ් සයිට් එකට කොහොම හරි යන විදියක් හොයාගන්නව. (වර්ගපූර්ණිකාවටනම් Java Script Disable කිරීමෙන්). ඊටත් අමතරව වෙබ් සයිට් එක කවද්ද නැවතත් එන්නේ කියල දැනගන්න ඕනැ හින්දා දිනපතාම වෙබ් සයිට් එකට සැරින් සැරේ එනව. ඉතින් එම IP Tracing Script එක හරහා ලබාගත් IP Addresses විශ්ලේෂණය කරලා වර්ගපූර්ණිකාව සමග හිටපු සැබෑ රාවණපාක්ෂිකයින්ව ඔවුන් හඳුනගෙන තිබෙන බවයි මට පැහැදිළි වුණේ. හෙළයෙනි, මේක බරපතල තත්ත්වයක්. ඔබ වර්ගපූර්ණිකාව සස්පෙන්ඩ් වී තිබුණ දවස් වල නිතර නිතර මෙහි ආවනම් කෝකටත් කියල මෙතනින් දැක්වෙන ආකාරයට IP Address එක වෙනස් කරගන්න.
ටික වෙලාවකට පස්සේ වැම්පයර් ගෙ බ්ලොග් එක අහම්බෙන් වගේ මගේ නෙත ගැටුණ. ඒකේ දැක්වෙන ආකාරයට FBI එකේ මැසේජ් එකට කළින් තවත් මැසේජ් එකක් තිබිල තියෙනවා. පහත දැක්වෙන්නේ ඒක.
නමුත් අවාසනාවක මහත, අති බහුතරයක් රාවණාපාක්ෂිකයින් මා ගැන විශ්වාසය තියද්දී, මා මිත්‍ර වැම්පරයා නම් CIA කාරයින්ගේ ලණුව කා තිබුතිබුණා. සමහර විට දැන් ඔහු ඇත්ත වටහාගෙන කණගාටු වෙනවා යැයි සිතනවා, කෙසේ නමුත් ඒ ගැන නිවැරදි කිරීම ඔහුට බාරයි.
ඔහු දැක්වූ චෝදනා එකින් එක බලමු.
1. වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ අනතුරු ඇඟවීමේ රූපය බ්ලොගර් සයිට් එකේ හොස්ට් කර තිබීම.
වැම්පරයා නොදන්නවා වුණාට කිසියම් වෙබ් අඩවියක් ඇමරිකාවෙන් සස්පෙන්ඩ් කළ විට එහි පින්තූරය දමන්නේ එම අඩවියටමයි. මෙන්න උදාහරණයක්. http://www.megaupload.com/ මෙහි ඇති පින්තූරයත් හොස්ට් කර තිබෙන්නේ එම වෙබ් අඩවියේමයි. මෙන්න ලින්ක් එක. http://www.megaupload.com/banner.jpg
2. එම පණිවිඩයේ "ඒරියා 51 හෙඩ්ක්වාටර්" ගැන සඳහන් වීම.
ඇත්තෙන්ම එලෙස දක්වා ඇත්තේත් මා කලිනුත් පැහැදිළි කරපු පරිදිම මෙය මාගේම Self Hacking බව පෙන්වා පාථකයින්ව බිඳවීමටයි. එසේම මෙය හැක් කිරීමට Area 51 කිසි සේත්ම සම්බන්ධ නොවන බව කීමේ අති විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් වන්නේ එය ඔවුන් විසින්ම කළ බව කීම නොවේද?
3. එම පින්තූරය පිකාසා වලින් හදා තිබීම.
නිවැරදි කිරීමක්, පිකාසා වලින් හදා නොව පිකාසා වලට අප්ලෝඩ් කරලයි තිබුණෙ. මෙයත් පැහැදිළිවම මා විසින් පින්තූරය හැදූ බව පාථකයින්ට හැඟවීමට පාහර CIA කාරයින් විසින් කරන ලද්දක්. මොකද මට ඇත්තටම මෙවැනි එකක් හදල බොරුවට හැක් වුණා කියල පෙන්වන්න ඕනැනම් පිකාසා වලට අප්ලෝඩ් කිරීම වැනි අතේ මාට්ටු වෙන දෙයක් කරනවද?
වැම්පයර් නොකී වෙන කෙනෙක් කියපු දෙයක් මේක. එනම් මෙගාඅප්ලෝඩ් එකේ පින්තූරය එඩිට් කර ඉහත පින්තූරය හදල තිබීම.
මේකත් පැහැදිළිවම CIA කාරයින්ගේ උපක්‍රමයක්. පාථකයින්ව බිඳවීම සඳහා මා විසින්ම Self Hacking කළ බව පෙන්වීමේ නින්දිත උත්සාහයක් බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනව. නමුත් හෙළයින්ගේ අභිමානය ඉදිරියේදී CIA / FBI ඇංකරයින් සම්පූර්ණයෙන්ම අසමත් වුණා.
"සත්‍යය කිසිදා යටපත් කළ නොහැකි බවත් ඔබ සත්‍යය මතු නොකරන්නේනම් සත්‍යය විසින් ඔබව මතු කරන බව" ත් ශ්‍රී රාවණා අධිරාජ්‍යයා නිතර පැවසූ ශ්‍රේෂ්ඨ වදනක්. අන්න ඒ ආකාරයෙන්ම අවසානයේදී සියල්ලම සාක්ෂි සහිතව අනාවරණය කිරීමට හැකි වුණා. ජීවිතයේදී මූණ දීපු ඒ අමිහිරිතම අනාගතය දෙස මා තවමත් වික්ෂිප්ත වූ දෑස් ඉහල ආකාසයට හොවාගෙන බලාගෙන සිටිනව. ඒ අතර මහ කුඩුගල ගිරි ශිඛරය මස්තයේ හෙළයින්ගේ අනාගතය නුදුරේදීම වෙනස් වෙන තවත් පුදුමාකාර දෙයක් රහසේම සිදුවෙමින් පවතිනව.
ශ්‍රී රාවණ සිද්ධම්..!
Read More...

![]() |
| තොපිලට රාවණ ශක්තිය පරද්දන්න බෑ යකෝ! (හෙළ විරුවෙක් විසින් ෆේස්බුක් එකේ දමා තිබූ පින්තූරයකි, ඉහත පසුබිම් පින්තූරය පර සුද්දන්ගේ The Chronicles of Narnia චිත්‍රපටයෙන් ගත් එකක් බව නොකියන්න, මන්ද යත් එහි සිටින Aslan the Lion යනු අපගේ හෙළ ඉතිහාසයේ සිටි රාවණපාක්ෂික සිංහ රජෙකි. [අස්=අශ්ව, ලාන්=ලාගන්නා. අශ්වයින්ව පවා එළාගන්නා යන හෙළ අරුත]. සෑම හෙළයෙක්ම තම ප්‍රොෆයිලයේ සලකුණට සිංහයෙක්ව යොදා ගනිද්දී Aslan වම යොදා ගන්නේ, සිංහ කොඩියේත් තිබෙන්නේ රාවණපාක්ෂික අස්ලාන්ගේ සලකුණ මිස පාහර සිංහබාහුගේ තාත්තගේ සලකුන නොවන නිසයි) |