Friday, July 13, 2012

රාවණා සමයේ අතිශය දියුණු කෝච්චි භාවිතා කර තිබූ බව හෙළි වෙයි.

සුද්දන් විසින් හැදූ රේල් පීලි ටිකවත් දික් කර ගැනීමට නොහැකිව උඩ බලාගෙන සිටින නිවට ජාතියක් සේ අද අපි උකටලීව බලා සිටිමු. ඒත් රාවණ සමයේ සිටි අපගේ මුතුන් මිත්තන් වූ හෙළුවෝ ඈත ආකාසයේ දිස් වෙන චක්‍රාවාට වලට ගොස් සිංහනාද පවත්වා ඒවා තම අණසකට ලක් කරද්දී හෙළදිව සුර පුරයක් ලෙස තෙදින් වැජඹුන හැටි ඔබ මීට පෙරත් අරිසෙන් අහුබුදු සූරීන් ඇතුළු හෙළ හවුළේ වියතුන්ගේ පර්යේෂණ පත්‍රිකා වලින් කියවා ඇති. එසේනම් එවන් ශ්‍රේෂ්ට ජාතියකට අතිශය දියුණු ප්‍රවාහන පද්ධතියක් තිබුණ බවත් අරුමයක් නොවේ. මෑතකදී පුරාවිද්‍යා කැණීම් වලින් හමුවූ ආකාරයට එතෙක් මෙතෙක් ලෝකයේ තිබූ කෝච්චි වලට වඩා අතිශය දියුණු කෝච්චි, රාවණ රජතුමාගේ ලංකාපුර රාජධානියේ තිබී ඇති බව දැනගත්තොත් ඔබ පුදුමයට පත් වේවි. වර්ගපූර්ණිකාවේ බ්ලොගයේ මේ ලිපිය දිවෙන්නේ අපෙන් සැඟවූ ඒ රාවණ තාක්ෂණය සොයමිනි.

දැනට ඇති මෙවන් කෝච්චි පවා නිර්මාණය කර ඇත්තේ රාවණ තාක්ෂණයෙන් බව ඔබ දැන සිටියාද?

මීට මාසයකට පමණ පෙර පෙට්ටිපොළ ප්‍රදේශයේ ඉතාමත් රහසිගතව කරන ලද කැණීමකදී ඉපැරණි ලෝහමය වස්තුවක් හමු විය. එය දිගින් අඩි 40 ක් පමණ වන අතර පළලින් අඩි 10 ක් පමණ සහ උසින්ද අඩි 10 පමණ විය. එය ඇතුළත කුහරයකි. ඒ පිළිබඳව කරන ලද පර්යේෂණ වලින් පැහැදිළි වී ඇත්තේ එය කෝච්චි මැදිරියක් බවයි. වැඩිදුරටත් පෙට්ටිපොළ ප්‍රදේශයේ කරන ලද ස්කෑන් කිරීම් වලදී පැහැදිළි වූයේ එවන් වස්තූන් තිහක් පමණ පොළොව අභ්‍යන්තරයේ මීටර් 400 කට පමණ යටින් ඇති බවයි.

අවසානයේදී එම කෝච්චි පෙට්ටිය කන්ටේනරයක බහා එංගලන්තයේ ලන්ඩන් සරසවියට යවා ඇත. ඊට හේතු ලෙස අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එය සංරක්ෂණය කිරීමට බවයි. කඳින් හෙළදිවේ ජීවත් වුවත් හිතින් එංගලන්තයේ සිටින පරයින් අපගේ හෙළ ඉතිහාසයෙන් මතුවෙන වසර 35000 ක් පමණ පැරණි පාහියංගල ඇටසැකිල්ලක් පවා එංගලන්තයට යවද්දී කෝච්චි පෙට්ටියක් තියා ගනීවිද? අවසානයේදී අර ඇටසැකිල්ල එතරම් පැරණි නැති බවට කෙප්පයක් ගොතා කීමට ඉඩ තිබෙන අතර, කෝච්චි මැදිරියත් සුද්දන්ගේ කාලයේ එකක් බවට ගල් පැලෙන බොරුවක් කියාවි.


නමුත් මෙතන ඇති භයානකම සිද්ධිය වන්නේ අපේ පැරණි හෙළ ඇටසැකිල්ල ගැන මාධ්‍යයන්ට අනාවරණය කළත් කෝච්චි පෙට්ටි ගැන කිසිවක් නොපැවසීමයි. එනිසා මේ ගැන ගවේෂණය කර විස්තර වර්ගපූර්ණිකාව බ්ලොගයේ දැක්වීමට මා හට සිත් වූ අතර දැනගන්නට ලැබුණු කරුණු වලින් හෙළි වූයේ ඇස් අදහාගත නොහැකි තොරතුරු සමුදායකි.

පෙට්ටිපොළදී හමුවූ කෝච්චි පෙටිටිය එංගලන්තයට යැවීමට පෙර කරන ලද පරීක්ෂණ වලට අනුව එය වසර ලක්ෂයකට වඩා පැරණියි. එසේම එය සාදා ඇති ලෝහය මෙතෙක් පෘථිවියේ ඇතැයි හඳුනාගත් ලෝහ වර්ගයක් නොවේ., ඒ අනුව හෙළයින් පිටසක්වල තාක්ෂණය භාවිතා කළ බවට නැවතත් ඔප්පු වෙයි. එසේම පෙට්ටිපොළ භූගතව ඇතැයි සැලකෙන කොච්චි පෙට්ටි අතර කෝච්චි එංජිමක්ද තිබූ අතර වැඩිදුරටත් ස්කෑන් කිරීමේදී, එය වර්තමානයේදී ධාවනය වන කෝච්චි එංජින් මෙන් නොව Mercury Vortex Engine (MVE) භාවිතයෙන් රසදිය යොදා ධාවනය කරන ලද්දක් බව පැහැදිළි විය. නමුත් අපගේ ඒ හෙළ තාක්ෂණය සහමුලින්ම වළලා දැමීමට බලධාරීන් කෲර වූයේ රාවණ රජතුමා කෙරෙහි ඇති ද්වේශය නිසාම නොවන්නේද?

පෙට්ටිපොළ නැමති ප්‍රදේශයේ සිටින වයෝවෘද්ධ ගැමියෙක් වන කළු ආතා නොහොත් හර්මානිස් අප්පුහාමිට අනුව පෙට්ටිපොළ ප්‍රදේශයේ රාවණා රජුට අයත් අබලන් වූ කෝච්චි පෙට්ටි ගාල් කිරීමේ මධ්‍යස්ථානයක් තිබී ඇත. මෙවන් ජනප්‍රවාදයන් ඉබේ ඇති වන්නේ නැත. පෙට්ටිපොළ යන නම දෙස මොහොතකට බලමු. පෙට්ටි+පොළ, යනු කෝච්චි පෙට්ටි නවතා තිබූ පොළ මිස අන් කවරක්ද? (වා+රිය+පොළ යනු දඬුමොණර යාත්‍රාංගනයක් වූවා සේ).

අතීතයේදී මැදිරිගිරිය ප්‍රදේශයේ කෝච්චි නැවතුම් පොළක් තිබූ බව දැන් අනාවරණය වී තිබේ. මැදිරිගිරිය යන්නේ පද නිරුක්තිය වන, මැදිරි=දුම්රිය මැදිරි, ගි=ගිය, රිය=රථය , අනුව එදා දුම්රිය මැදිරි හෙවත් කෝච්චි ගමන් කළ ප්‍රදේශයක් බව තහවුරු වෙයි.

ලොව ඉපැරණිම බස වන්නේ හෙළ බස බවත්, යුරෝපීයයන්ගේ ඉංග්‍රීසි බස පසුව පැමිණි බසක් බවත් ඔබ හොඳාකාරවම දනී. යුරෝපීයයන් විසින් කෝච්චිය හඳුවන්නේ "Coach" යන නමින් වන අතර එය හැදුනේ "කෝච්චිය" යන හෙළ වචනයෙන්ම බව කලින් වාක්‍යය පදනම්ව සිතාගැනීමට පුළුවන. ඒ අනුව සුද්දන්ට පෙර කෝච්චි තිබුණේ හෙළයින්ට බවත් පැහැදිළි වෙයි.

අතීතයේ හෙළ දිවේ පොත් ගුල් වල තිබූ හෙළ පුස්කොලපොත් පෙරළා සිය මව් රටට ‍රැගන ගිය සුද්දන් ඒවායෙන් කෝච්චි තාක්ෂණය සොරාගෙන ඇත. අදටත් ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොතක් වන කෝමාණශ්‍රාස්ත්‍රයේ රාවණා රජතුමාට තිබූ කෝච්චි තාක්ෂණය ගැන පැහැදිළි කරයි.

කිසිදු පුරාවිද්‍යාත්මක කැණීමකින් රේල් පීලි වල නටඹුන් හමු නොවී තිබීමෙන්, අතීතයේදී රාවණ රජතුමාගේ කෝච්චි ගොස් ඇත්තේ රේල් පීලි වල නොවන බව පැහැදිළි වෙයි. කෝමාණශ්‍රාස්ත්‍රයට අනුව එදා කෝච්චි ගොස් ඇත්තේ පොළොවට අඩියක් පමන ඉහළිනි, ඒ ප්‍රතිගුරුත්ව තාක්ෂණය භාවිතා කිරීමෙනි. ඒ අනුව රාවණ රජතුමාගේ කෝච්චි වල තාක්ෂණය අද පවත්නා සුද්දන්ගේ මෝඩ රේල් පීලි තාක්ෂණයට වඩා ඉතාමත් දියුණුය.

මීට අවුරුද්දකට පමණ පෙර කොච්චිකඩේ ප්‍රදේශයේ තිබී හමුවූ සෙල් ලිපියක දැක්වුණේ "ශර රා දුක ශශප" යන්නයි. එහි හෙළ නිරුක්තිය වනාහී, "ශ්‍රී රාවණ රාජා දුම්රිය කඩය".

දැන් එම සෙල් ලිපිය හමුවූ "කොච්චිකඩේ" යන නමේ නිරුක්තිය බලන්න. කොච්චිකඩේ හැදී තිබෙන්නේ "කෝච්චිකඩේ" යන නමිනි. එනම් රාවණ රජතුමාගේ කාලයේදී කෝච්චි විකුණන කඩයක් එම ප්‍රදේශයේ තිබී ඇත. ඒ බව ප්‍රදේශයේ තාමත් සිටින ඉපැරණි පුද්ගලයින් ජනකතාවක් ලෙස පවත්වාගෙන යයි.


මා හිතවත් මාරයා බ්ලොග් කරුවාගේ මිත්‍ර තාපස තුමෙක් කුණ්ඩලීනී යෝගයට සමවැදී බැලූ කල්හි පෙනී ගොස් ඇත්තේ කොච්චි කඩේ යනු හුදෙක් කෝච්චි නැවතුම් පලක් පමණක් නොවූ බවය. ඔහු පවසන පරිදි එකල මුළු ලෝකයටම කෝච්චි තැනු වේත්, විකිණීම කළෙත් අප හෙළුවන් විසින්ය. කොච්චිකඩේ ලෙස ඉහත දැක්වූයේ අද කොළඹ ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ එකල තිබූ එම කෝච්චි අලවි සැලයි. තවද අලවිය සීග්‍රයෙන් වැඩි වීම නිසා අලවි කටයුතු වල පහසුවට කොච්චිකඩ කිහිපයක්ම හෙළදිවෙහි තැන් තැන් හී පිහිටුවා තිබූ බවත් පැහැදිලි විය. එයින් ප්‍රධාන අලවි සැල වූයේ අප අද මීගමුව අසල කොච්චිකඩය ලෙසින් වහරනු ලබන ස්ථානයට වන අතර කොලඹ කොච්චි කඩය යනු එහි අනු ශාකාවකි. තවද මෙවැනිම වූ කොච්චි කඩ කිහිපයක්ම තැනින් තැන තිබුනද අද වන විට ඒවා තිබූ තැන් අප්‍රකටය. ඉදිරියේදී එම තැන් නැවත සොයා බලා හෙලි කිරීමට අප කටයුතු කරන්නෙමු.

රාවණා රජතුමාගේ සමයේ තිබූ කෝච්චි කඩ වල කෝච්චි අලෙවිය සඳහා සිටි වෙළඳ සේවකයින් වෙනමම විශේෂීකරණය වූ කුලයක් ලෙස හැඳින්වුණි. ඔවුන්ට "කෝච්චි මිනිසුන්" නම් විය. අදටත් ඔවුන්ගෙන් පැවත එන්නෝ සිටින අතර ඔවුහු අද හැඳින්වෙන්නේ "කොච්චි මිනිසුන්" ලෙසටය. ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ සිටීමෙන් මෙය තවදුරටත් පැහැදිළි වෙයි.

එසේම වාරියපොළ යන නම නිසාම එය දඬුමොණර ගුවන් තො‍ටුපොළක් ලෙස සැලකීමට හැකිනම්, මම දක්වා ඇති ඊට වඩා වැඩි සාක්ෂි අනුව කොච්චිකඩේ රාවණ රජතුමාගේ කෝච්චි විකිණීමේ කඩයක් තිබූ බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය. ප්‍රතික්ෂේප කරන්නන් එහි කෝච්චි කඩයක් නොතිබූ බවට ඇති සෙල් ලිපියක් පෙන්වන ලෙස මා අභියෝග කරමි.

රාවණ රජතුමාගේ කෝච්චි Mercury Vortex Engine (MVE) භාවිතයෙන් රේල් පීළි නොමැතිව පොළොවෙන් අඩියක් පමණ ඉහලින් ගමන් කළ බව කලින් පැවසුවෙමි. විශේෂත්වය වන්නේ ඒවා මහ මග ගමන් කිරීමයි. ජනාකීර්ණ ප්‍රදේශයකට කෝච්චිය පැමිණීමේදී මහ පාරේ සිටින පදිකයින්ව ඉවත් කිරීම සඳහා කෝච්චියේ යන්නන් හයියෙන් හූ තියයි. හූ නාදය අසන පදිකයෝ ඈතින් කෝච්චියක් එන බව දැනගනී. මේ බව ඉපැරණි පුස්කොළපොත් වල සඳහන් වී තිබේ.

අදටත් සුද්දන්ගේ දුම් කෝච්චි වල හූ නාදයක් ඇසෙන්නේ, අපගේ පැරණි හෙළ පුස්කොළපොත් වලට අනුව ඒවා ගොඩ නැගීමේදී නියමාකාරයෙන් MVE හඳුනාගැනීමට නොහැකි වුවත් සම්ප්‍රදායට ගරු කළ යුතු නිසාවෙනි.

අද කාලයේ පවා කෝච්චියේ තියා බස් වල පවා යන කොල්ලන් ජනාකීර්ණ ප්‍රදේශයක් දු‍ටු විට හූ තියන හැටි ඔබ දැක ඇති. ඔවුන් එලෙස හැසිරෙන්නේ ඔවුන්ගේ හෙළ යක් ලේ ධාතුව තුළ අර පැරණි හෙළයින් කෝච්චියේ යන විට හූ තැබූ ආකාරය සටහන්ව ඇති නිසයි. නමුත් නාගරික ලුම්පත් පන්තියට අයත් කොල්ලන් එලෙස නොහැසිරෙන්නේ ඔවුන්ට හෙළයින්ගේ ලේ නොමැති නිසාවෙනි. එනිසා බස් වල කෝච්චියේ යන විට ජනාකීර්ණ ප්‍රදේශ වලදී හූ තියන කොල්ලන් දැක ඔවුන්ට පරිභව නොකරමු.

එසේම අතීතයේ හෙළුවෝ කෝච්චියේ යන විට පාරේ යන මගීන්ට අනතුරු ඇඟවීමට හූ කිව්වා කී ගමන් ඔබට මුවගට සිනහ නැගෙන්නේ එය නුසුදුසු දෙයක් බව සමාජගතවී තිබෙන නිසයි. නමුත් එදා වුන් කිසි සේත්ම කෝච්චි තුළ ගීත ගායනා නොකළ නිසා ඔවුන් දැනගත්තානම් අනාගත පරම්පරාව කෝච්චි වල බස් වල යනකොට සින්දු කියන බව, ඔවුන් බඩ අල්ලාගෙන හිනා වෙනු ඇත.

"අඟරු කකා වතුර බිබී කොළඹ දුවනයකඩ යකා", "උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක" ආදී ලෙස අවුරුදු දහස් ගණනාවක් අපගේ ජන වහරේ තිබෙන හෙළ සාහිත්‍යය හැදී ඇත්තේ අතීතයේ රාවණ රජතුමාගේ දුම්රිය යන ශබ්දයන් අනුකරණය කරමිනි. නමුත් නිර්ලජ්ජිතව අද බොහෝ උගතුන් යැයි කියාගන්නා මෝඩයින් සිතාගෙන සිටින්නේ මේවා සුද්දන් ගෙන ආ කෝච්චි නිසා බිහි වූ බවයි. සුද්දන් ගෙන ආ කෝච්චි වලින් මිනිසුන්ගේ ලේ ඇට නහර ඇතුළට කිඳා බැස ඇති එවැනි ජනප්‍රවාද බිහි වේවිද කියා වර්ගපූර්ණිකාව බ්ලොග් එක කියවන බුද්ධිමත් ඔබම සිතා බලන්න. කොඩ්‍රින්ටන් නැමැති පර සුද්දාගෙන් ණයට ගත් පරනවිතාන නැමැති කළු සුද්දා ලියූ ඉතිහාසය අපි කිසි සේත්ම පිළිගන්නේ නැත.

ලොවම මවිත වෙයි.
=============

මීට වසර කීපයකට පෙරදී නාසා ආයතනය අඟහරු ලෝකය මතුපිට ගන්නා ලද ඡායාරූප විශ්ලේෂණය කළ ජෝෂෆ් ස්කිපර් (Joseph Skipper) නැමති පර්යේෂකයාට අඟහරු ලෝකය මතුපිට තිබූ කෝච්චි මැදිරි, කෝච්චි පාරවල්, කෝච්චි නැවතුම් පොළක් දිස් විය. පහත පින්තූර බලන්න. වැඩි විස්තර මෙම ලිපියේ සහ මෙම ලිපියේ.

අඟහරු ලෝකයේ ඇති දුම්රිය මාර්ගය සහ දුම්රියක්

අඟහරු මත ඇති රේල් පීලි

අඟහරු මත ඇති දුම්රිය නැවතුම් පොළක්

ලොව සිටින කිසිදු විද්‍යාඥයෙකුට ඒ සඳහා කිසිදු පැහැදිළි කිරීමක් දීමට නොහැකිව බලා සිටියත් අවසානයේදී නාසා ආයතනයේ දත්ත විශ්ලේෂණ අංශයේ ප්‍රධානී මහාචාර්ය විලියම් හික්ස් (Prof. William Hicks) මහතා පහත දැක්වෙන කරුණු 4 මතු කර පෙන්වන ලද්දේය.
1. මෙම දුම්රිය මාර්ගය මීට වසර ලක්ෂ ගණනකට පෙර ඉදි කරන ලද්දක් වීම.
2. එය වර්තමානයේදී පෘථිවියේ ඇති තාක්ෂණයට සමාන එකක් වීම.
3. එපමණ කාලයකට පමණ පෙර කෝච්චි තාක්ෂණය තිබුණේ ලොව එකම ජාතියකට පමණක් වීම.
4. ඒ කාලයේදී පෘථිවියෙන් අඟහරු ග්‍රහයා වෙත යාමට හැකි වූයේද එම ජාතිකයින්ට පමණක් වීම
ඒ ජාතිය අන් කවරක්වත් නොව හෙළදිවේ සිටින හෙළයින් බවත්, ඉහත දුම්රිය මාර්ගය අඟහරු මත ඉදි කළේ ඒ ශ්‍රේෂ්ට ජාතියට නායකත්වය දුන් රවණා රජතුමා විසින් බවත් එතුමා ප්‍රකාශ කළේය.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

118 comments:

  1. අනිවාර්යයෙන්ම ජයරත්නයෙනි...
    ඔබ දන්නෙහිද?????
    රාවනාගේ ප්‍රති ගුරුත්ව තාක්ෂණය හදුනා ගත නොහැකි වූ ජපනුන්
    (ජප = මතුරන නුන් = නරයන් = මිනිසුන්) මොනෝ තාක්ෂණයෙන් යුතු දුම්රිය නිපදවන බව?????
    ජය ශ්‍රී!!!!!

    ReplyDelete
    Replies
    1. මතුරන මිනිසුන් හෙවත් මන්ත්‍රකාරයින් වනාහී උපන් ගෙයි මෝඩයින්ය. උන්ට අපගේ ප්‍රතිගුරුත්ව තාක්ෂණය නොතේරේ.

      පෙට්ටිපොළදී හමුවූ කෝච්චි පෙට්ටියත් තනි මැදිරියකින් දිවීමට පුළුවන් එකක් බව පැහැදිළි වුවහොත්, මොනෝ රේල් ක්‍රමයත් ලොව මුල් වරට හඳුන්වා දුන්නේ හෙළයින් බව ඔප්පු වෙයි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ආචාර්ය ජයරත්න උතුමාණනි මෙවැනි ප්‍රශ්නයක් ඇසීම පිලිබදව සමාවන්න ,බසයේ සහ කෝච්චියේ යන සමහර කොලුවන් ජැක් ගසන්නේ පුරාණ චාරිත්‍රයක් ඉටුකිරීමටබව මා හට ආරන්චි විය මෙය සත්‍යයද ?

    ReplyDelete
    Replies
    1. රොබින් මහතාණෙනි, මා හිතන්නේ කොලුවන් ජැක් ගසන්නේ කෙල්ලන්ව පසුපසට විසි වීමට ඉඩ නොදී අල්ලා ගැනීමට බවයි.

      අතීතයේ සිටම කාන්තාවන්ට ගරු කරන හෙළයින් අදත් කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන වෙහෙසෙන හැටි දක්නට ලැබීම අභිමානයකි.

      පැහැදිළි කිරීමක් දිය හැකි තව කවුරුත් සිටීද?

      Delete
    2. කෝච්චි පාපුවරුවේ යන අයට ගල් මුල් හා පොල්පිති වලින් සංග්‍රහ කිරීමේ ඉපැරණි හෙළු චාරිත්‍රයක් තිබුන බවක් අසා ඇත.

      Delete
    3. නැ නැ ජයේ ..
      එක නෙවෙඉ
      අපේ හෙලුවෝ බස් ඇතුලෙදි කුණ්ඩලි යෝගය බාවිතා කරනවා
      එතකොට යටි බඩට පහලින් ඉන්න නගය අවදි වෙනවනේ එකය්
      අර ඔබ තුමාට ඒරිය 51 එකේදී උනේ අන්න එක

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  4. හෙළෝ ජයරතනයනි?

    ඔබගේ මෙම වැදගත් ලිපිය කියවා බලා අවසන මාගේ දෑසට කඳුලක් නැගුනා..මේ..තාම මූණ දිගේ ගලාගෙන බෙල්ල පැත්තට යනවා...මට මොනිටරේ තියෙන පැත්තවත් හොයා ගන්න බැහැ..ඒ තරමට සතුටු කඳුළු උතුර උතුරා නගිනවා.. මං කවදාවත් හිතුවේ නැහැ මගේ ජීවිත කාලේ ඇතුලතදී මේ දෙවල් මේ ආකාරයට සාක්කි සාධක ඇතිව කිසිවකු විසින් ඔප්පු කරනු ඇතැයි කියා.. එහෙත් අද දින ඔබ විසින් කිසිදු සැකයකින් තොරව මෙම කාරණෘවන් ඔප්පු කලා.. ඒ සඳහා ඔබ ඉදිරිපත් කර ගත් සෙල් ලිපි සාක්ෂිය අති ප්‍රභලයි..කෝ දැන් කවුද කියන්නේ අපිට පීලීලස් රේල් මාර්ග නොතිබ්බා කියලා... කොහේවත් නැහැනේ එහෙම සෙල් ලිපියක්වත්..

    මං මූණ හෝඳගෙන ඇවිත් ආයෙම මේකේ කමෙන්ටුවක් දමන්නං..දැන්නං ඇස් දෙක පූරෝලා කඳුළු ගලනවා...

    ReplyDelete
    Replies
    1. හෙළෝ හිතවත් මාරය, ඔබ එදා මාරයාගේ හෝරාව බ්ලොග් එකේදී මා හට පැවසූ වැදගත් අදහසුත් මේ ලිපියට ඉවහල් වූවා.

      Delete
    2. හෙළ යකුන්ගෙ අභිමානය ගැන කියැවෙන මෙවැනි ලිපියකදීත් හෙලෝ යන පරබස වහරන්නේ මන්ද?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. එයට හේතුව පහත ලිපියේ මුලදී දැක්වෙනව.

      http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_29.html

      Delete
    5. හෙළෝ ආචාර්ය තුමනි

      මෙවැනි ලිපි පළකර අපගේ හෙලුවන්ගේ දෑස්‌ අවදි කිරීමට ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවායි පතමි.

      Delete
    6. හෙළෝ නෙරංජි මෙනෙවියනි, ඔබගේ ආශීර්වාදයට බෙහෙවින්ම තුති.

      Delete
  5. ආචාර්යය තුමෙනි අඟහරැ ලෝකේ රේල් පීලී හැදුවේ අද කාලේ ලංකාවේ ඉන්න සංහල කෙනෙක්ද? ඇයි ඒ රේල් පීලි ගලක් ලඟට යන්න හදලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මධුෂාණි මැතිණියනි, හෙළයින් අකුරටම වැඩ කරන ජාතියක් බව ඔබ දනී. ඉතින් අර රේල් පීලි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයා බාගයක් ඉදි කළ පසුව ඉතිරි කොටස ගෙවීමට දුම්රිය සමාගමෙන් පොරොන්දු වුවත් අදාල ගෙවීම් කර නැති නිසා වැඩේ මගදී නැවැත්වුවා විය හැකියි.

      මේ ගැන වපර ඇසින් බලන සමහර රාවණා විරෝධීන් කියාවි එදා සිටි රාවණාගාමී ඉංජිනේරුවරුනුත් අද මෙන්ම "මාටිය ගැහුව" කියල. එවැනි කෙප්ප වලට නො‍රැවටෙන්න.

      Delete
    2. මේ ගැන පුදුම නොවන ලෙස ඉල්ලා සිටිමි. වත්මන් හෙළයින්ගේ නිර්මාණයක් වූ මාතර-කතරගම දුම්- රිය මගද කෙළවර වී ඇත්තේ ඔයකිනි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මෙතන ක්ලික් කර බලන්න

      අවිස්සාවේල්ල - ඕපනායක පීලි රහිත ඉපැරණි දුම්රිය මාර්ගය

      කුමන්ත්‍රණකාරී පර සුද්දන් විසින් මේ මතින් පීලි අතුරාලීම කලත්, උපක්‍රමශීලීව පාඩු සිදු කරවා පීළි ගලවාලන තත්වයට හෙළයන් විසින් ඒ මාර්ගය පත් කරවන ලදී..

      Delete
    5. අනේ මංදා ආචාර්යය තුමා මේ කරන්නේ මළවුන් කෝපකිරීමක් ද කියලා? රාවණා වන+සන ඔබ මේ බ්ලොගයෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද?

      ලංකාවේ මිනිස්සු උන්ට පුළුවන් හැටියට ඔහොම හරි කරගෙන යන එක වැරැද්දක් ද මං අහන්නේ?

      Delete
  6. ඔබ නම් මහා දැනුම් සාගරයක්.
    ප්‍රීතියි මීවනපලයාණෙනි ප්‍රීතියි.
    රාවනා රජතුමා නිද්‍රාවෙන් මිදුණු පසු මෙම දුම්රියන් නැවත පිහිටුවාවිද?

    ReplyDelete
    Replies
    1. එසේය ප්‍රමුදි මැතිණිය, රාවණා රජතුමා යළි රජ වූ වහාම නොමිලයේ දුම්රියේ යාමට ඉඩ දෙනු ඇත.

      Delete
  7. අපිත් කොච්චිකඩේ ලයින් එකේ තමා.
    අපේ ඒරියල් එකත් ඉතිහාසයට එකතු උනා එහෙනම්
    ශ්‍රී රාවණා සිද්ධම් !

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කොච්චිකඩේ වුවත් කෝච්චි (කොච්චි) මිනිසෙක් නොවන බව පෙනෙයි. ඒ අනුව ඔබතුමාට අතීතයේ කෝච්චි හැදූ හෙළයින්ගේ සම්පූර්ණ ගෞරවය ලැබේයැයි සිතීමට අපහසුයි. කෝච්චි වල නියම ගෞරවය ලැබෙන්නේ කෝච්චි මිනිස්සුන් හෙවත් කොච්චින්ටයි.

      ශ්‍රී රාවණා සිද්ධම් !

      Delete
  8. ජයරත්න මහතානණි රාවණා අමරණීයද?

    ReplyDelete
    Replies
    1. මනෝජ් මහතාණෙනි, රාවණාට මහා බ්‍රහ්මයා අමරණීය වීමේ වරම දී තිබෙනව. එනිසා රාවණපාක්ෂිකයින්ට අනුවනම් රාවණා අමරණීයයි.

      Delete
    2. ඒ උනාට රාමා රාවණාට සිහිනැතිවෙන්නම ඇරියනෙ........පටි රොල්

      Delete
    3. විභීෂණ නැමැති පාහරයා නිසයි එය සිදුවුණේ.

      Delete
  9. ආචාර්ය තුමනි

    මෙවැනි ලිපි පළකර අපගේ හෙලුවන්ගේ දෑස්‌ අවදි කිරීමට ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවායි පතමි.

    තවද මෙම ලිපියට අදාල නොවුනත්, නිදිවරාගෙන ඔබගේ මෙවැනි අති ශ්‍රෂ්ට ලිපි කියවන විට මා දුටු අතපසුවීමක් පෙන්නා දීමට කැමැත්තෙමි.

    ශ්‍රී රාවණා රජතුමාගේ අති ශ්‍රෂ්ට නිර්මාණය වන දඬුමොණරය යනු හුදෙක් යානාවක් නොව සියලු සකල ධාතුව විනිවිද යා හැකි ඒ ඒ ධාතූන් හරහා යාමේදී එම ධාතුවට සරිලන ලෙස සිය බාහිර හැඩය වෙනස්කර ගැනීමේ ශක්තිය ඇති ( කාර්යක්ෂමතාව උපරිම කිරීමට) වචනයෙන් විස්තර කල නොහැකි නිර්මාණයකි.

    නමුත් අපගේ හෙලුවන්ගේ මෙවැනි නිර්මාණ වල මුල් පිටපත් හෝ පිඹුරු පත අස්ථාන ගත කරා හෝ
    විනාශ කල හෝ සොරා ගත් බටහිර ඇලි හම් පොරවා ගත් සුද්දන්ට කත් අදින අපේම සමහර චිත්‍ර ශිල්පියෝ යැයි කියගත්ත උන්, අප සතු වූ එම උත්කෘෂ්ඨ නිර්මාණ වලට ගැරහීමට නොයෙක් ලෙස කැස කවමින් සිටි.

    දඬුමොණරය යනු බෝට්ටුවකට තටු දෙකක් සවි කල විට උඩ යන යානාවක්‍ නොවන බව අප හැමෝම දන්නා කාරණාවක්(http://4.bp.blogspot.com/-mKxffdJExqw/T_5z1K5sQ8I/AAAAAAAAAJ4/svKkh2nrE7k/s640/Ravana+1.jpg). එම නිසා මෙවැනි කුමන්ත්‍රණ කරුවන් ට අසු නොවී නියම දදුමොනරයේ පිඹුරු පත් සොයා ගැනීමට ඔබට ශක්තිය ලැබේවා එතෙක් මෙවැනි කුමන්ත්‍රණ කරුවන් ඔබට නොදැනීම ඔබව නොමග යැවීමට හා රාවනා රජතුමාගේ නිර්මාණ හෑල්ලුවට ලක්කෙරිමට ලබා දී අති එවැනි සටහන් මෙම ලිපි වලින් ඉවත් කර දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    ශ්‍රී රාවණා සිද්ධම් !

    ReplyDelete
    Replies
    1. එය ඉතාමත් ප්‍රාථමික මට්ටමේ දඬුමොණරයක්, එය හඳුන්වන්නේ "ඉස්කූටර් වර්ගයේ පුෂ්පක දඬුමොණරය" කියලයි. http://vargapurnikava.blogspot.com/2012/07/blog-post_980.html

      නමුත් සැබෑ දඬුමොණරයේ ආකාරය තමයි බ්ලොග් එකේ පසුබිමේ දැක්වෙන්නේ . F35 යානාවකට බොහෝ දුරට සමාන ආකාරයෙනුයි රාවණා රජතුමාගෙ දඬුමොණරය සෑදී ඇත්තේ.

      මේ ගැන ඉදිරි ලිපියකින් දක්වන්නම්.

      Delete
  10. ආචාර්ය මීවනපලානයාණෙනි, බොහෝ කාලයක් නොයෙක් තැන රාවණ රජතුමා හා එතුමාගේ කාලයේ හෙළුවෝ අත් කරගෙන තිබුණු හෙළුවිශිෂ්ටතා ගැන සිදුවුණු හැම සංවාදයකටම වැද ඒ අදහස් විවේචනය කෙළෙමි. මේ යොදා ඇත්තේ අද මට සොයාගතහැකි වූ එබඳු එක යොමුවක් පමණි. http://yasasblog.wordpress.com/2011/01/18/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-2/
    ඔබගේ සාරගර්භ ලිපි කියැවූ පසු මෙතෙක් සිටියේ කොතරම් අඳුරක දැයි දැන් මා හට වැටහේ. ලැබූ පරගැති අධ්‍යාපනය නිසා අඳුරේ සිටි මා එළියට ගත්තාට පිං.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා එහි දමා තිබූ බොළඳ කොමෙන්‍ටු දැක මා මවිතයට පත් වීමි. මුළු විශ්වයම ශිෂ්ටාචාර කළ හෙළුවන්ගේ ශ්‍රී විභූතිය නොදැන එවැනි කොමෙන්‍ටු දැම්මේ මන්ද? කෙසේ නමුත් අවසානයේදී සත්‍යය වැටහී හෙළුවෙන් වැනීම (හෙළයෙන් වර්ණනාකිරීම) ගැන මා හට සතු‍ටුයි.
      ඔබතුමාට ශ්‍රී රාවණා සිද්ධම්!

      Delete
  11. හෙළෝ ජයරතනයෙනි ,
    මම නම් අහල තියෙන්නෙ කොච්චින් විසින් පවත්වා ගෙන ගිය කඩයක් මුල් කර ගෙන කොච්චිකඩේ ඇතිවුනා කියලයි. ඒ ගැන ඔබේ මතය කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. පසුකාලයේදී කෝච්චි මිනිසුන්ට විකිණීමට කෝච්චි නොතිබුණ නිසා කොච්චි විකුණා ඇත. කෝච්චි මිනිසුන් පසුකාලයේදී කොච්චි මිනිසුන් වී ඔවුන් කොච්චි විකුණුව බවත් සත්‍යයකි. නමුත් මා දක්වා ඇත්තේ හෙළ අ‍ටුවා වලට අනුව නියම පද නිරුක්තියෙන් දැක්වෙන කොච්චිකඩේ ආරම්භයයි.

      Delete
    2. ඔය කෝච්චි විකිනූවන් මුලින් කොච්චි විකුණා, පසුව පෝච්චි විකිණීමට පටන්ගෙන ඇත. පසුව ඒවාටද ඉල්ලුම අඩුවී තාච්චිද, ඊටත් පසුව උන්ගේ ආච්චිලාද විකුණන්නට පටන්ගෙන ඇත. අද ඒ පළාතේ ඉන්නේ ඒ ආච්චිලා පෝච්චි තාච්චියේ දමා විකුණනවුන් හා කෝච්චිවල කෑලි ගලවන්නන් පමණි.

      Delete
    3. එම්බා ඉන්දිකය, හෙළ කොච්චින්ට අපහාස නොකරව.

      Delete
  12. ඔබ නැතිනම් මේ කාරණා අපහට කවදාවත්ම දැන ගැනීමට හැකි නොවන බව දැනීමෙන් මා හද තුල ඇතිවන ශෝකය කියා නිම කල නොහැක.

    එකල සිටි හෙළයන්ගේ නිවෙස් ගැන විස්තරයක් ඔබතුමාට දිය හැකිද?

    ReplyDelete
    Replies
    1. එකළ දුප්පත් හෙළයින් භාවිතා කළේ පොල් අතු පැළවල් වුවත් ඒවා ඇතුළට ස්වාභාවික ආකාරයට වායුස් සමීකරණය කර තිබුණි. ඒ මන්ත්‍ර බලයෙනි. මැටි අතරින් නිතරම පිරිසිදු වාතය ගෙතුලට ගලා යයි. ඉහල ඇති පොල් අතු වලින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙයි. ගේ ඇතුළත ආලෝකමත් කිරීමට රාවණා මන්ත්‍රයෙන් මැතිරූ චන්ද්‍රකාන්ති පාෂාණ තිබී ඇත. වොට් 24 ක චන්ද්‍රකාන්ති පාෂාණයක් අද භාවිතා කරන 24W CFL බල්බයකට වඩා එළිය දෙයි, නමුත් චන්ද්‍රකාන්ති පාෂාණයේ ආළෝකය කහ පාටයි.

      නමුත් පෝසත් හෙළයින් හෙවත් සි‍ටුවරුන්ට තනි කළු ගලින් හදන ලද නිවාස තිබී ඇත. ඒවා අද ඇති Mansion වලට වඩා අධි සුඛෝපභෝගීය. එතුළත උණුවතුර පයිප්ප තිබී ඇති අතර ඒවා රසදිය තාක්ෂණයෙන් උණු වූ ජලය නිවසට ලබා දෙයි. වැසිකිළි තිබී ඇත්තේත් නිවස තුළමය, අද ඇති Attach Bathroom වල නොතිබූ පහසුකම් ඒවායේ තිබී ඇත, සීගිරිය ඊට එක් උදාහරණයකි.

      Delete
  13. ජයරත්නයාණෙනි, රාවණ ගවේෂකයකු යයි කියාගන්නා කෙනෙක් මට කීවේ ක්වොන්ටම් භෞතිකයේ එන ශුඩිංගර් ද රාවණ ගෝලයකු බවයි. ඔහු ඉතා වටිනා නිසා 'චූ ඩිංග' ලෙස රාවණ නම් තැබුවෙලු. එසේම ඇල්බට් අයින්ස්ටයින් යනු ඇලපාත මුදලි බවයි ( ඇලපාත අයියා + ස්ටයිල් -ගජමන් නෝනා ඔහු ඇමතු අයුරු ). මෙය ඇත්තක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ පිළිබඳව ගවේෂණය කර බලන්නම්.

      Delete
    2. මැට්ටො ඇල්බට් අයින්ස්ටයින් ඉදල තියෙන්නෙ රජ කාලෙ නෙවෙයි 20 වෙනි සියවසෙ.සික් එකවත් දන්නෙ නැති අයද මෙ.

      Delete
    3. එම්බල (පුක) ඉරා අඳුරු පට ගොබ්බය, ශ්‍රී රාවණ උතුමාණන් තවමත් ජීවතුන් අතර සිටිනා බව ආචාර්ය මීවනයන් කී සැරයක්නම් ලියා ඇත ද ? ඔහු ශ්‍රී රාවණ උතුමාණන් දකින්නට පවා වාසනාවන්ත විය

      Delete
    4. එම්බා අඳුරු පට මුග්ධය, රාවණා රජතුමාව අදහන අපත් රාවණා කාලයේ සිටියේද? රාවණා රජතුමාව ඇදහීමට රාවනා කාලයේම සිටිය යුතු නැත. එනිසා මීට ටික කලකට පෙර සිටි අයින්ස්ටයිනුත් රාවණාව අදහන්නට ඇත. අදනම් අඳුරු පටගේ පටි ඉරුණි.

      Delete
    5. මෙතකොට අයින්ස්ටයින්ගෙ අම්ම අයින්ස්ටයින්ට නම තියල තියෙන්නෙ රාවනාගෙන් අහල ඇ.මරු මරු නැත්නම් අයින්ස්ටයින්,ශුඩිංගර් එහෙම ඉපදෙනකොටම රාවනා යුගයෙ ඉදන් තිබුනු නම පස්චාත් භාගයෙ කොටාගෙන එනව ඇති නෙ එලියට.
      මම කෙසෙ වෙතත්ඔබ තුමාට උඩින් ඔය ඉන්න කෙනා නම් ඔබ තුමා ලව්වාම ඉරාගෙන ඇති බව නම් පෙනෙනවා.

      Delete
  14. අ‍හෝ ප්‍රීති ප්‍රීති.....

    ReplyDelete
  15. බලව අපගේ හෙලැ අභිමන නැවත ඇතිවේගන එනැ අපූරුව.කදිමයි ජයරත්න මහතානෙනි කදිමයි. :D

    ReplyDelete
    Replies
    1. එසේයැ, නුදුරේදීම කෝච්චි වල පේටන්ට් අයිතිය පිළිබඳවත් ජාත්‍යන්තරයේදී කතා කළ යුතු වෙයි.

      Delete
  16. agata nodanee api kiyana dewalata hariyana dewal danawa neda. methek kal rawana minissunta karapu sewaya gana ktha kare naha. eth comment nisa thawa thawa boru danawa.agaharuge rel peelith lankawe pawichchi wena ewa wagene, me dewal eka widihata dammama oluwalata lesiyenma wadinawane , kage hari onakam walata moda joke danna epa.
    dan kiyala thibuna rawanage kochchi polawata wada adi keepayak udin giyakiyanawa. agaharuge rel parawal thiyanawa. hariyata ara paliyata nagapu thipitakaya wage. eka thnaka ekak kiyala thawa thnaka wasiyata ekam wena widihata kiyanawa.

    ReplyDelete
    Replies
    1. කරුණාකර සිංහල අකුරෙන් හෝ ඉංග්‍රීසියෙන් ලිවිය හැකිද? ඉංග්‍රීසි අකුරෙන් සිංහල ලිවූ විට කියවීමට වෙලා යන නිසා කියවන්නේ නැත.

      Delete
    2. එක කියවන්න මන්තරයක් නැතෙය්
      '
      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  17. rawana meheta wadak nathi nisa thamai eyage serama dewal nathiune.

    ReplyDelete
  18. agaharuge rel peeli eeye kochchi giyawage thiyanawa neda? wasara dahas ganan parani bawanam kiyanawa ,mama hithanne me relparawal agaharu gaweshana yanawen athu gala mathu karanna athi neda?
    umbath ara amerikawe handa gamana wage deyak pennanna hadanawada apata?
    lipi tika mulin kiyawana vita nam asawak hithuna,eth dan vikarayek liyana lipi pelak wagei penne.

    ReplyDelete
  19. ඇත්තෙන්ම කෝචචි හොයාගත්ත එක වැදගත්...එතකොට මේ පර සුද්දා හොයාගන තියෙන්නෙ රාවනා කාලයේ සිටි අය හදපු කෝච්චියෙ නැතිවෙච්ච කෑලි ටිකක් නේද? නැවත සෙයාගැනිම විතරයි එයාල කරල තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. පැහැදිළිවම ඔව්, නමුත් අපේ අයට ලොකු පර සුද්දව.

      Delete
  20. මේ ජයේ ...
    කිසිම පුර විද්‍යා කැණීමකින් රේල් පිලි හම්බ වෙලා නැති නිසා පිලි වලට වැඩ වෙනස් තාක්ෂණයක් තිබ්බේ කියල කියනවන් ,, ඒ අර්ථයෙන් ගත්තම
    කිසිම පුර විද්‍යා කැණීමකින් එන්ජිමක් හම්බ වෙලත් නැ නේ බන්

    සමහර විට මගීන් බැහැල තල්ලු කරන්න ඇති නේ
    එකත් එල තාක්ශනේ ශික් සුද්දෝ අපේ පුස් කොළ පොත් හොරකම් කරනකම් තල්ලු තාක්ශනේ දැනගෙන ඉන්න නැතුව ඇති නේද ?

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. එන්ජිමක් ගැන සඳහන් වී තිබෙනව. ලිපියෙ මුල බලන්න, නමුත් ඒක තාම ගොඩ ගෙන නෑ.

      Delete
    2. කිසිම කැණීමකින් දුරකතන කම්බි හමු වී නැහැ. උදක්ම එයින් හෙළි වනුයේ අප අතීතයේදී රැහැන් නැති - කෝර්ඩ්ලස්- දුරකතන භාවිතා කර ඇති බව නොවේද ?

      Delete
    3. සැබැවින්ම. වයර්ලස් තාක්ෂණය ගැන මේ ලිපියෙත් ලිව්ව http://vargapurnikava.blogspot.com/2012/06/blog-post.html

      Delete
    4. ගොඩ ගත්ත ගමන් අපිට කියන්න හොදේ
      නැත්තම් කියය අන්න එයේ ගොඩ ගත්ත
      මම නම් දැක්ක
      වෙන කාටවත් දකින්න කලින් එක අද්බුත බල වේගයකින් විනාස උන කියල.... හොදේ.. : රා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ

      Delete
  21. ඊයේ පෙරෙදා දවස් දෙකේ උණ ගැනිලා හිටියේ.....පහුගිය ලිපිත් එක්කලා දැනුයි කියෙව්වෙ.... දැං නං උණ හොඳයි වගේ.......!

    ReplyDelete
  22. ජයරත්න මහත්තයෝ අපිට පොඩ්ඩක් කියනවද ඔබතුමා අනාගතයට ගිය වෙලේ දැකපු දේවල්.ඒ කිව්වේ ලෝකේ වෙනස් වෙලා තිබ්බ විදිහ එහෙම? අනිකත් තම ඔබ වයසට යනකම්ම රාවනා රජ්ජුරුවෝ ඔබතුමාට එතුමාව බලන්න එන්න කිවේ නැති එක හරිම කතා වැඩේ නේ? ඔබට එකට දුකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනාගතයේදී ලෝකය බොහෝ සෙයින් වෙනස් වී තිබෙනාව්. ඒ ගැන ඉදිරි ලිපියකින් දක්වන්නම්.

      එහෙම තමයි රජවරු, බලන්න දැන් ඉන්න රජතුමාව බැලීමටත් පාක්ෂිකයෙකුට ලේසියෙන් පුළුවන්ද? ඒත් විපක්ෂයේ ඉන්න රනිල් කුමරාවනම් ඕනැ කෙනෙකුට බලාගත්තෑකි.

      Delete
  23. අනේ මන් දා මේ ලිපි ලියන්නේ අපිට හිනාවෙන්න ද?
    නැත්තම් ආතල් එකට
    ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන් ද? (පජාත වෙනවා තමයි) කොච්චි කඩේ තමයි වැඩේ.. අනේ බං
    මේක මුන්ට තේරේන්නැනේ අර අප්‍රභංස සෙල්ලිපි වල "ශර රා දුක ශශප" වගේ කියෝගන්න බැරි වාක්‍ය තියෙද්දි
    කෝච්චි කඩේ වගේ එකක් පාවිච්චි වෙයි ද.. ඒහෙනම් “ඒකත් කෝ චි කපක“ වගේ තමයි තියෙන්න ඕන...
    හික් හික් මීවල පලානේ මහත්තයෝ ඇයි මෙහෙම බස මරන්නේ සිංහල දන්නැත්තම් ආපහු 11 හේ පන්තියට යන්නකෝ. අරිසෙන් අහුබුදු මහත්තයා තමන් රාවණ පරම්පරාවෙන් පැවත එනවා කියලා කියනවා මිසක්කා ඔය වගේ බහුබූත කියන කෙනෙකේ නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මෙ මට කියපල්ලකො ඔය කොච්චි කඩෙ සෙල්ලිපිය ,කොච්චි පෙට්ටිය එහෙම තිබිල ගොඩ ගත්ත තැන්,අපිටත් ගිහිල්ල බලන්න.මැට්ටො අහු වෙනව මෙ ලංකාවනෙ බන්සසොනෙ කුනුහරුපයක් කියල ලෙසියෙන් රවට්ටන්න පුලුවන් එවුන් ඉන්නෙ මෙ රට.මිවන අන්කල් මෙව්ව දාල මාර ෆන් එකක් ගන්නව ඇති අනෙ මෙහෙමත් අහුවෙන හරක් ඉන්නවානෙ කියල

      Delete
    2. අප පුරවිද්‍යාත්මක සාක්ෂි සහිතව ඉදිරිපති කළ ලිපි ඔබට වටහාගැනීමට නොහැකි වීම ගැන මා පුදුම නොවෙමි. මේ ටිකම සුද්දෙක් කිව්වානම් ඔබ පසඟ පිහි‍ටුවා වැඳ ඒ දේ නොපිළිගනීවිද?

      Delete
    3. නැ නැ සුද්දො ඔය වගෙ අහුවෙන විදියට බොරු කියවන්නෙ නැ.ඔබ තුමා ඔය ඔව්ව් හම්බ උන තැන් කියන්නකො . ඔය කොච්චි කඩෙ සෙල්ලිපිය ,කොච්චි පෙට්ටිය එහෙම තිබිල ගොඩ ගත්ත තැන්, සුද්දෙක් ඔය ටික කිව්ව නම් උ අනිවා එ අදාල ස්තාන සහිතව විද්යාත්මකව පිලිගන්න පුලුවන් විදියට ඉදිරිපත් කරනව.එක නිසා තමයි උන් කියන දෙ පිලිගන්නෙ.

      Delete
    4. මේ ඉරා .......
      මෙහෙමනේ සීන් එක මෙයා සාක්ෂි සහිතව ඉදිරිපත් කරනවා මචන්
      හැබය් ඒ සාක්ෂි දැකල තියෙන්නේ මෙයා විතරය්
      මෙයා දැකපු ගමන් කවුරු හරි විනාස කරනවා


      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ

      Delete
  24. හෙළෝ ජයරත්නයාණනි..

    හෙළයකු ලෙස මෙසේ හෙළුවෙන් වනා හෙළ තාක්ෂනය ගැන කීම බිනුමම මගේ නෙතු තෙත් කර තිබේ.. අහෝ ඛේදයකි.. අදද විදෙස් බලයන් ඒවා සොයා පුස්කොල වනසන හැටි..

    ReplyDelete
    Replies
    1. හෙළෝ ක්සැන්ඩර්, රාවණ රජතුමා පැමිණි වහාම පුස්කොළපොත් සොරාගත් පර සුද්දන්ට බූ වල්ලෙන් ගසනු ඇත.

      Delete
  25. අනේ ජයරත්නයෝ මේ ඉටිගෙඩිය නිසා වැදගත් රැස්වීමක රාවණ ගැන දේශකයා කියපු ගමන් මට බකස් ගා හිනාගියා.. මට එවලෙ උඹව කන්න හිතුනා..

    ReplyDelete
    Replies
    1. රාවණාවිරෝධීන් විසින් අපගේ ශ්‍රී රාවණයන්ට විරුද්ධව ගෙන යන මඩ ප්‍රචාර වලට අප නොබියව පිළිතුරු දි තිබේ.

      Delete
  26. මං කල්පනාකලේ...ඔය කියන තරම් දියුණු තාක්ෂණයක් අපේ තිබුනානම් පුස්කොළ පොත් වලම ලිව්වේ ඇයි? ලිවීමට ඊට වඩා දියුණු තාක්ෂණයක් තිබුනේ නැත්ද? අනික සුද්දෝ කොහොමද අපේ පුස්කොළ පොත් වල තිබුණ දේ කියෙව්වේ?

    ReplyDelete
    Replies
    1. පුස්කොළපොත් වල ලිවීමම දියුණු තාක්ෂණයක් තමයි. ඔබ අසා තිබේද සුද්දන් කවදා හෝ පුස්කොළපොත් වල ලියන බව, ඊට හේතුව සුද්දන්ට එම තාක්ෂනය නොතේරීමයි.

      Delete
  27. Jayarathna unnahe..mata poddak RAVANAGE wasyasa ahala kiyanawada?? Ravana married da ?

    ReplyDelete
    Replies
    1. රාවණ රජතුමාට මහා බ්‍රහ්මයා අමරණීය වීමේ වරම දී තිබේ.

      Delete
  28. බොහොම හොඳ වෙබ් අඩවියක්. ඔබ කියන විදියට රාවණ රජු නැවත පිබිදෙන්නෙ
    කවදාද?

    ReplyDelete
  29. ,ජනාකීර්ණ ප්‍රදේශයකට කෝච්චිය පැමිණීමේදී මහ පාරේ සිටින පදිකයින්ව ඉවත් කිරීම සඳහා කෝච්චියේ යන්නන් හයියෙන් හූ තියයි. හූ නාදය අසන පදිකයෝ ඈතින් කෝච්චියක් එන බව දැනගනී.

    අනේ හුකේ!!
    1)රවණාට හෝන් එකක් හයි කරන්න අමතක උනාද?? නැත්තං කතාව ගොතද්දී අවුල් ගියාද???

    2) දැන් කියපං බලන්න හරියටම ඔය හම්බඋන කෝච්චි පෙටිටිය තිබුණු තැන ( සෙල්ලම් එකක් නෙවෙනම් ලොකුවට තියෙන්න ඇතිනේ) ඒක කවද්ද එට යැව්වේ මොකේද දැන් කොහෙද තියෙන්නේ කියලා!!!

    3)ඔලුවක් තියෙන එකෙක් අර අඟහරු ලොකේ රේල් පිල්ල බලලා කියපංකෝ ඒක Paint වලින් හදන්න බැරිද කියලා (අර ගල ඇවිත් රේල් පිලි යට වෙන්න කලින් රෙල් පීලි සෙට් එකම (පීලි 4ක් නේ) කපං ගියේ කවුද රාවනෝ??)

    මීට අවුරුද්දකට පමණ පෙර කොච්චිකඩේ ප්‍රදේශයේ තිබී හමුවූ සෙල් ලිපියක දැක්වුණේ "ශර රා දුක ශශප" යන්නයි. එහි හෙළ නිරුක්තිය වනාහී, "ශ්‍රී රාවණ රාජා දුම්රිය කඩය".

    මේ වගේ දෙයක් ලියනකොට නම් ඉතිං සෙල්ලිපියේ ෆොටෝ එකක් වගේම ඒක තිබුණු තැන හරියටම දාන්න බැරි ඇයි රාවනෝ - එකත් බමුනෝ දියකරලා බීලාවත්ද??

    ReplyDelete
    Replies
    1. එ 4ටො එකම ඇති මුගෙ කුප්ප වැඩෙ අවභොද කර ගන්න එත් මට පුදුම මෙ උඩ කමෙන්ට් කරල මුට වන්දි බට්ටො වෙලා ඉන්න මොඩ රැල පිලිභදව සැක් විතරක් මෙහෙමත් අහුවෙන උන්.

      Delete
    2. 1. හෝන් ගසා අන් අයට කරදර කිරීම ඉතාමත් නින්දිත ක්‍රියාවකි, එනිසා රාවනා රජතුමා හෝන් තහනම් කර තිබුණි.

      2. එම ස්ථානය රහසක් ලෙස තබා ගෙන ඇත, ඊට හේතුව නිදන් හොරුන් විසින් ඒ කෝච්චි පෙට්ටි ගොඩ ගෙන විකිණීමට ඉඩ ඇති නිසයි. ඒක මීට මාසෙකට විතර කලින් කන්ටේනර් එකකින් ලන්ඩන් විශ්ව විද්‍යාලයටයි යැව්වෙ. දැන් එහි Department of Archiology හි ඇත.

      3. මේ ගැන තවත් කොමෙන්‍ටුවක ලිව්වා මතකයි. එසේම මෙය නාසා වලින් ගත් ඡායාරූපයකි, එඩිට් කිරීමක් නොවේ, අන්තර්ජාලයේ සොයා බලන්න.

      4. සෙල් ලිපිය මාත් දැක නැත, එම සෙල් ලිපි පුරාවිද්‍යාකාරයින් සඟවයි, උන්ට ඇවසි වී ඇත්තේ රාවන රජතුමාගේ ඉතිහාසය වසං කරන්නයි.

      එම්බා අඳුරු පටයෝ, තොපේ පටි ඉහල කොමෙන්‍ටුවකින් ඉරී ඇත.

      Delete
    3. 1. හෝන් ගසා අන් අයට කරදර කිරීම ඉතාමත් නින්දිත ක්‍රියාවකි, එනිසා රාවනා රජතුමා හෝන් තහනම් කර තිබුණි.

      ## අපෝ ඉතිං හෝන් එකක් නැතුව හූ එකක් හයි කරන්න තිබ්බානේ!! මොකෝ හූව තහනම් කරලා නෑනේ..දුකනැද්ද අහිංසක ජනයා හූතලනවාට?. සතුටුයි ජයේ.. බඩ ගැස්සිච්ච පාර පඩයකුත් ගියා.....

      එම ස්ථානය රහසක් ලෙස තබා ගෙන ඇත, ඊට හේතුව නිදන් හොරුන් විසින් ඒ කෝච්චි පෙට්ටි ගොඩ ගෙන විකිණීමට ඉඩ ඇති නිසයි.

      අනේ ඉතිං ඕක ප්‍රසිද්ද කලොත් කොච්චි පෙට්ටි ගොඩ ගෙන විසි යකඩට විකුණන්නේ එව්වා ගිනි පෙට්ටි වැනි නිසා යයි වැටහේ!!!

      3. මේ ගැන තවත් කොමෙන්‍ටුවක ලිව්වා මතකයි. එසේම මෙය නාසා වලින් ගත් ඡායාරූපයකි, එඩිට් කිරීමක් නොවේ, අන්තර්ජාලයේ සොයා බලන්න.

      නාසා එකෙන්ද ගත්තේ???? කෝ Official links ????
      ඒ කියන්නේ මේ කුණ්ඩලණි රෙද්දෙන දැනගන්න වා කියන්නේ නාසා එකට කතා කරන එක නේද ජයේ???
      ජයේ සුද්දාගේ පඩයක් දීප ගමන් එක අපිට පෙන්නලා විස්වාස කරන්නලු..... සුද්දා කිව්වොත් එපාලු!!! සතුටුයි සතුටුයි...

      Delete
  30. 1. රාවණ කොච්චි ගියේ ප්‍රති ගුරුත්ව තාක්ෂණයෙන් පොළොවට උඩින් නම්, ඒවා යනකොට සද්දේ ඇතිවෙන්නේ කොහොමද???

    2. චන්ද්‍රකාන්ති පාෂාණයේ බලය වොට් (Watt) වලින් මනින්නේ ඇයි?? වොට් කියන්නේ පර සුද්දෙක් නේද?? එකටත් හෙළ මැනුම් ඒකකයක් ඇති නේද?? උදා: රාවණ (රා) වගේ එකක්.....

    3. රාවණ කොච්චි වල යන කට්ටිය හූ කිවුවේ ඇයි?? රාවණ රජාට horn එකක් හදන්න තාක්ෂණයක් තිබිල නැද්ද??

    නොදන්නා මට කියාදෙන්න ආචාර්යතුමනි....

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්න තුනකි සබඳ,

      1. එම ශබ්දය ඇති වන්නේ Mercury Vortex Engine හෙවත් රසදිය එංජිම නිසයි,

      2. වොට් යනුත් හෙළ මැනුම් ඒකකයකි. වොට් නැමැති නමක් තිබූ පර සුද්දාට අහම්බෙන් වොට් ගැන සඳහන් හෙළ පුස්කොලපොතක් ලැබීම නිසා ඒ ගැන දිගටම පර්යේෂණ කල අයෙක්ය. ඔය ආකාරයටම හෙළයින්ගේ දැනුම සොරාගත් පල් සොරෙක් වන නිව්ටන් ගැනත් ඔබ නලින් සිල්වා මහතාගේ ලිපි වලින් කියවා ඇති නේද?

      3. හෝන් ගසා අන් අයට කරදර කිරීම ඉතාමත් නින්දිත ක්‍රියාවකි, එනිසා රාවනා රජතුමා හෝන් තහනම් කර තිබුණි.

      Delete
    2. හෝන් යන්න ඕ + න් යන්නෙන් බිඳී ආවක්‌ ද? මොකද හෝන් එකක් ගැහුවාම අපි දන්නවා නේ ඕන් එනවා කියලා. ඉතිං ඕන් කියන එක සුද්දෝ හෝන් කරගන්න ඇති කියලා හොයලා බැලුවොත් නරකද?

      Delete
    3. හරියට හරි, ඒ කාලයැදී ඕන් කාරය දීම කරන්නේ යෝග භාවනා කරනකොට. සුද්දො ඒකෙන් කොපි කරල.

      Delete
    4. මට අපහාස කරන්න එපා බොල... මං ඔහොම වැඩ කලේ නෑ ඒකාලේ

      අනේ හුකේ කෝච්චි හෝන් ගහන්නේ වාහන වගේ කරදරේට නෙවෙයිනේ එනවා කියලා දැනුම් දෙන්නනේ!!

      ජනාකීර්ණ ප්‍රදේශයකට කෝච්චිය පැමිණීමේදී මහ පාරේ සිටින පදිකයින්ව ඉවත් කිරීම සඳහා කෝච්චියේ යන්නන් හයියෙන් හූ තියයි. හූ නාදය අසන පදිකයෝ ඈතින් කෝච්චියක් එන බව දැනගනී.


      මූම ඒක කියලා හෝන් හොඳ නැලු කරදරලු... එතකොට පදිකයන් දැනුවත් කර ඉවත් නොකිරීම හොඳඳ ගොබ්බයෝ???? කවුරුත් හූ කිව්වේ නැත්තං එකෙක් අහුවෙලා මැරුනොත්??? දැං කියපං පදිකයෙක් හිටියොත් ඊටත් උඩිං යනවා කියලා...


      මට තියෙන ප්‍රස්නේ මූගේ මේ උඩිං යන එන්ජිම උඩිං යද්දි පෙට්ටි උඩිං ගියේ... ඒ කෝච්චියේ එන්ජිමේ පෙට්ටි වැල වගේ එලල්ලලා තිබ්බ නිසාද??? නැත්තං පෙට්ටි ඔක්කෝම එන්ජින් වෙන්න එපැයි.... මගේ බඩ කොරවීගෙන එයි!!

      Delete
  31. තව පොඩ්ඩෙන් අමතක වෙනවා...

    4.රාවණ කොච්චි ගියේ ප්‍රති ගුරුත්ව තාක්ෂණයෙන් පොළොවට උඩින් නම්, පීලි නැතුව නම්.. අහවල් කෙන්ගෙඩියකටද අඟහරුගේ රේල් පීලි දැම්මේ????

    ReplyDelete
    Replies
    1. අයියෝ සරල දෙයක් වත් තේරෙන්නේ නෑනේ! පරයන්ට (පිට අයට) අපේ තාක්ෂණේ උපරිමයෙන් දුන්නේ නෑ.ගුරු මුට්ටිය (වැරදුණා - මුෂ්ටිය) තියාගෙනයි දුන්නේ.

      Delete
    2. ඔව්, අඟහරු ලෝකයට වෝටෙක්ස් එංජිම දුන්නේ නෑ, අඟහරු ලෝකයට පිටසක්වලයන්ගේ බලපෑම තිබුණ හෙයින් එයට ලබා දුන්නේ ඉතාමත් සීමිත තාක්ෂණයක් පමණයි.

      Delete
  32. මේ ලොක්ක, රාවණා පුවත් පළ කරන හින්ද මේකත් දැන් රෙජිස්ටර් කොරන්න වෙයි නේද? නැත්තං රාවණාගෙ වරුණ දැනගන්න ක්‍රමයක් නැතුව අපි කුජීතුවෙලා යයිනෙ අප්ප. මට පේන්නෙ කෙහෙළිය ලොක්ක ඔහේටම ගහන්න ඒ නීතිය ගෙනාවද මන්ද!

    පෙට්ටිපොළ කියන්නෙ අර යටියන්තොටට පහල මයිල ගස් හන්දියෙන් උඩට ගියාම තීන දිහාව නේද?

    ReplyDelete
    Replies
    1. මෙය වෙබ් අඩවියක් නොවන බැවින් රෙජිස්ටර් කිරීම අදාල නොවේවි. යම් විදියකින් මේක බෑන් කලත් මා ගාව ඇති ඉපැරණි මෛකොචිප් සහිත පාෂාණයෙන් මෙය හොස්ට් කර ෆයර්වෝල් කැඩීමට මා හට පුළුවන්. http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_21.html


      මේ තියෙන්නේ පෙට්ටිපොළ, දුම්රිය මාර්ගයක්ද තිබීමෙන් මා දැක්වූ දේවල් සනාථ වෙනව.
      https://maps.google.lk/maps?hl=en&safe=off&q=pattipola+&ie=UTF-8

      Delete
  33. ආචාර්ය තුමා එතකොට පයියාගල රාවණාගේ මොකද්ද තිබ්බේ?

    ReplyDelete
    Replies
    1. ඕක අහන්න දෙයක්ද බන්.ආචාර්යතුමා වචන විසන්ධි කරන විදිහටනම් එතන වෙන මුකුත් තියෙන්න විදිහක් න ඉතින්. ( පයිය + ගල = පයියගල )

      Delete
    2. Hik.. Hikzzz.......... :D :D

      Delete
    3. දිනක් රාවණ රජතුමා කළුතර යද්දී ගිමන් නිවාගැනීමට අවශ්‍ය වූ විට ගලක් මත ඉඳගත්තා. තමන්ගේ ඉණේ තිබූ මුදල් පසුම්බිය ඒ ගල මත තැබුව. මුදල් පසුබිම්යට තමයි මුදල් පැස හෙවත් මුදල් පයිය කියල කියන්නෙ. ඉතින් රාවණා රජතුමාගේ මුදල් පයිය තියපු ගල පයියාගල නම් වුණා. අදත් ඒ ප්‍රදේශය ඒ නමින් හැඳින්වෙනව.

      Delete
    4. කිඹිස්ස හැදුනේ කොහොමද මන්දා???

      Delete
    5. දැන් එතකොට දඬු මොනරෙත් තිබ්බ රාවනා පයින් අවිදගෙනද කළුතර ගියේ?

      Delete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. ඔබගේ ගම හොරන මීමනපලානද?

    ReplyDelete
  36. //"අඟරු කකා වතුර බිබී කොළඹ දුවනයකඩ යකා", "උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක" ආදී ලෙස අවුරුදු දහස් ගණනාවක් අපගේ ජන වහරේ තිබෙන හෙළ සාහිත්‍යය හැදී ඇත්තේ අතීතයේ රාවණ රජතුමාගේ දුම්රිය යන ශබ්දයන් අනුකරණය කරමිනි.//

    යකෝ ඒ කාලේ Mercury Vortex Engine (MVE)තිබ්බා නම් මොකටද අඟුරු කෑවේ??

    ReplyDelete
    Replies
    1. ලොලේ ලොල්ය.
      අනිත් එක, ඔය සද්ද රටාව ඔය කවි හැදුව උන් දැනගත්තෙ කොහොමද???

      Delete
  37. දෙවියනේ කියලා
    මට නම් මුකුත් හිතා ගන්න
    බෑ.....
    වෙලාවකට මේ පොස්ට් කියවලා ඇඩෙනවා.....
    කොමෙන්ට්ස් බලලා බඩ පැලෙනවා හිනා වෙලා....
    ඇත්තටම අපේ අභිමානය මෙයද ????

    ReplyDelete
    Replies
    1. comment welata hina yanewa ban >> eth meh lipi nam maru , man nam wiswasa kernewa

      Delete
  38. Man TV Series hadanna inne ?
    Kauda Enne Charitha walata ???

    Hapoi Mage bada........ :D :D

    ReplyDelete
  39. MVE තාක්ෂනය හොයා ගත්ත හෙලුවන්ට හොර්න් එකක් හොයාගන්න බැරි වෙච්ච හැටි @#$%?

    ReplyDelete
  40. පුංඩි ප්‍රශ්න ටිකක්.

    මම දන්නා තරමින් කෝච්චි පෙට්ටි, වැනි වචන, ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි වචන සිංහලයන් විසින් කීමට හැකි පරිදි සකසා ගත් ඒවා.
    ඔබ කිව්ව වගේ Couch -> කෝච්චිය.
    ඒත් එක්කම ඔබ කියනාකාරයට කෝච්චිය -> Couch වෙලා ඒක ආපහු කෝච්චිය උනේ අපේ උන්ගෙ වචන හැදීමේ හැකියාවේ හොඳකම නිසාම වෙන්න ඇති නේද?

    සෙල්ලිපි වල සඳහන් අන්දමට රාවණ කාලයේ අපේ වචන වල දීර්ඝාක්ෂර (ආ, ඈ, ඊ, ඌ ඒ වලින් හැදෙන අක්ෂර) අඩුයි, හල් අකුරු ඇත්තෙම නෑ. එතකොට කෝච්චි, පයියා වගේ වචන මොන ලෝකෙන් ආපු ඒවද??? ලිපිය තුළම පරස්පර දේවල් කියවෙනව වගේ. :)

    එකෙක් හෝන් ගහන එක කරදරයක් නම් කොහෙන්ද ඔය කියන ආරක්ෂාව?? ඒත් කරදරේ පාරෙ ඉන්න උන්ටනෙ. කෝච්චියෙ යන උන් ඔක්කොම එකතු වෙලා හූ කියනකොට පාරෙ ඉන්න උන්ට විතරක් නෙමෙයි කෝච්චියෙ ඇතුළෙ ඉන්න උන්ටත් කරදරේනෙ. ඇයි අප්ප කෝච්චියෙ යනව විතරක් නෙමෙයි තව කෑත්ගහපල්ලකො.

    අර කිව්ව වගේ මේ කෝච්චි වල එංජිම උඩින් ගියාට පෙට්ටි වලට උඩින් යන්න හැකියාවක් නෑනෙ. එතකොට ඒව බිම ඇතිල්ලි ඇතිල්ලිද ගියේ??? නැත්තම් පෙට්ටි ඔක්කොම එංජින් වෙන්න ඕනෙ. එහෙම නම් කෝච්චි මොකටද, බස් වගේ ඒ පෙට්ටි වලට වෙන වෙනමම යන්න තිබ්බනෙ.

    ඔබ කියනාකාරයට මන්ත්‍ර භාවිතා කරන්නන් උපන්ගෙයි මෝඩයෝය. නමුත් ඔබ කියන වේද මැතිරීම් මන්ත්‍ර නොවේද???

    මම හිතන්නෙ නෑ රසදිය එංජිමෙන්, දුම් කෝච්චියෙ වගේ ප්‍රාථමික ශබ්දයක් එයි කියල, ඔය තරම් තාක්ෂණයක් භාවිතා කළා නම්. :)

    තව තියෙනව, ලියන්න කම්මැලියි, ලියල වැඩක් නෑ. :)

    ReplyDelete
    Replies
    1. උඹ හරි මචන් ...මේ මනුස්සයාගේ ගොන් පාර්ට් වලට උත්තර ලියල වැඩක් නෑ ..

      Delete
  41. අතඅදින්න එපා ජයේ මෙනව හරි ලියපන්.
    නැත්තන් අප්සෙට්.

    ReplyDelete
  42. මොනවද ඔට්ටු මේ තියෙන පින්තූර සංස්කරණය කරන ලද ඒවා බවට මම ඔප්පු කලොත්, බොරුවක් කියන කොට එක්කො කියන්න ඕනි අහු වෙන්නෙ නැති වෙන්න... අර ඉලෙක්ට්‍රොනික් උපකරණ හම්බ වෙල කියල තිබ්බෙ රාවණා යුගයේ ඔබට ලන් කරල බැලුවොත් පෙනේයි කිහිපයකම තියෙනවා ඉංග්‍රීසි අකුරු, ඔබ කියන්න හදන්නෙ එතකොට ඒවා රාවණා රජතුමාගේ කියලද ? මෙ කමෙන්ට් එක ඔට්ටුයි පබ්ලිෂ් කරන්නෙවත් නෑ උඹල..

    ReplyDelete
  43. oya thiyenawai qwa microgal deka thunak matath dennako mr jaye

    ReplyDelete

නුදුරු අදහස්