Wednesday, July 11, 2012

ශ්‍රි ලංකාවේ පිරමීඩ. (ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික ආචාර්ය උපාධිධාරියෙක් හෙළි කරයි)

දැනට ඇමරිකාවේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක, භෞතික විද්‍යාවේ දර්ශනය පිළිබඳ තම දෙවන ආචාර්ය උපාධිය (D.Phil in Theoretical Physics) සඳහා නිබන්ධයක් සකසමින් සිටින උගත් මිත්‍රයෙක් විසින් ශ්‍රී ලංකාවේ පිරමීඩ පිළිබඳව ගවේෂණය කිරීම ආරම්භ කර තිබේ. (රාවණවිරෝධීන්ගෙන් එතුමාගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජන නිසා එතුමා ගැන වැඩි දෙයක් හෙළි කිරීමට නොහැකි බව සලකන්න.) පහත දැක්වෙන්නේ එතුමාගේ මහා දැනුම් සම්භාරයෙන් අප සමග බෙදා ගන්නා බිඳක් පමණි. මෙය එතුමාගේ Ravana Lanka බ්ලොග් අඩවියේ පළ කර ඇති අතර වර්ගපූර්ණිකාවේ පළ කිරීමටත් අවසර දී තිබේ.

=======================================================

මෙහි පලවන සියලුම ලිපි මා ලියන්නේ විධිමත් පරීක්ශන නිරීක්ශන හා නිගමන තුලිනි. මෙ සියලුම නිරික්ශන වල ට අප යොදා ගන්නේ අප සතුව ඇති අනුරාධපුර කැනීම් වලින් හමුවූ පුරාන ප්‍රබල මයික්‍රො චිප් වලින් ලබාගත් දැනුම හා අවභෝදය තුලිනි. ඉතා රහසිගතව සිදුකල එම පර්යේශන මලාවේ එක් පර්යේශනයක සිංහල අදහස මෙලෙස දක්වමු.

පර්යේශන අංකය: --
අරමුන: පෘතුවියේ ඇති ශක්ති කලාප හඳුන ගැනීම.( Identifying of energy Vertices on the Planetary Grid)

අපි මුල ඉඳලම දැනගෙන උන්න, මේ චිප් වල අති විශාල data ප්‍රමානය්ක් ගබඩා වෙල තියනව කියල. ගොඩක් තාක්ශනික කරුනු අමතක කරල මේ පරික්ශනයෙන් අපි හොයගත්තෙ මොනවද කියල. අපි හොයගත්ත පෘතුවිය වටා ශක්ති ප්‍රභවයන් පිටකරන ප්‍රධාන ස්ථාන 23ක් තියනව කියල. මේ ස්තාන නිවැරදිව හඳුනා ගැනීම තමයි ඊලඟට තිබ්බ අමාරුම දේ.

අපි ස්ථාන 13ක් හොයගත්ත මුලින් ම. ඒ ඔක්කොම තිබ්බෙ ලොකයේ සියලුම ප්‍රධාන පිරමිඩ් ඇති ස්ථාන වල. එතකොට අපිට තෙරුනා පිරමිඩ් කියන්නෙ නිකම් ම නිකම් ගොඩනැගිලි නෙමෙ. එව ශක්තිය එකතු කරන විසුරුව හරින තැන්.


එත් තව 10 ක් හොයා ගන්න තිබ්බ. එක ගැන ගොඩක් පරීකශන කලාම අපිට තේරුනා ඒව බොහොමයක් පොලව මතුපිට තියන එව නෙමෙ කියල. අපි හොයගත්ත මුහුදුපතුලේ අතිශය සක්‍රිය ශක්ති කලප 10ක්, සුප්‍රසිඩ්ද බර්මියුඩා ත්‍රිකෝනය, ජපනය අසල ඇති යක්ශයාගේ ත්‍රිකොනය ලෙස හඳුන්වන ප්‍රදේශය ආදී ප්‍රදේශ 10ක්. මෙයින් ප්‍රදෙශ 2ක් තියෙන්නෙ ගොඩබිම. මෙම ප්‍රදේශ 10ම පෘතුවියේ බඳපටියක් ලෙස ශක්තිය මුදා හරිනව. මෙය සම කෝනි ත්‍රිකොඉන පද්ධතියකින් තමයි නිර්මානය වෙන්නෙ. මෙහි අරම්භක ත්‍රිකොනය තියෙන්නෙ ශ්‍රි ලංකාව සහ ශ්‍රිලංකාවට අයිති මිහුදු තීරය මුල් කොට ගනිමින්.


මුලු පෘතුවියේම ප්‍රධාන පිරමිඩ් ප්‍රදේශ 3ක් තියනව. මෙක්සිකෝවේ Aztec වරුන් විසින් කල යේ සැලකෙන පිරමිඩ, ඊජීප්තු පිරමිඩ සහ චීනයේ Xi'an පිරමිඩ. එම පිරමිඩ ප්‍රදේශ තුනම සරල රේඛීය ව පිහිටන්නෙ. ඒ වගේ ම හැම පිරමිඩ් ප්‍රදෙශයක් ම එක ලඟ රේඛීයව පිහිටන පිරමිඩ් 3කින් සමන්විතයි. මේ හැම එකකම දුර, එ කියන්නෙ ප්‍රධන පිරමිඩ් ප්‍රදේශ 3 අතර සහ, එක් එක් ප්‍රදෙශ වල ඇති පිරමිඩ් 3 අතර දුර ප්‍රමානය "ඔරායන් රාශියේ බඳ පටියේ ඇති තාරකා වල දුර අතර අනුපතයට සමානයි. ඒවගේම චීනයේ සහ ඊජිප්තුවේ පිරමිඩ් ප්‍රදෙශ හරියටම ශ්‍රි ලංකාවේ සමනල කන්ද එක්ක සමකෝනී ත්‍රිකෝනයක් හදනව.



දැන් තේරෙනව ඇති සමනල කන්ද තමයි මේ සියලුම ශක්තිය ලබාගන්නා ස්ථානය. එ වගේ ම අපි ඉතා වැදගත් සොයගැනීමක් කලා. ඒ තමයි මේ සියලුම තොරතුරු ශ්‍රි ලංකවේ ඉසුරුමුනියේ, රන්මසු උයනේ ඇති පහත දැක්වෙන කැටයමේ ඇති බව.


මෙහි කතිර සලකුන යෙදු රවුම් 23ක් තියනව. එයින් සියලුම ශක්ති බල ප්‍රදේශ පෙන්නුම් කරනව. ඒවගේම එහි හරි මැද ඇති සර්පිලකර රූපයෙන් සමනල කන්ද නිරූපනය කරනව. ඇත්තටම මේ රූපයෙන් පෙන්නන්නෙ මුලු පෘතුවියම තනි ඒකක යක් ලෙස යොදගෙන තැනූ පරිපථයක්. මේ කැටයම ගැන හරියට අධ්‍යනය කරන්න ගොඩාක් කලයක් ගතවෙනව. මෙහි ඇති සියලුම දෙවල් අප විසින් හෙලිකරනව, නියමිත කාලය පැමිනිවිට.

මට තියෙන ඉතා සීමිත කාලයෙන් තම මේක type කලෙ, කිසියම් නැරදිමක් තිබුනොත් සහොදර පාඨක ඔබ සැමගෙන සමාව ඉල්ලනව. මෙපිලිබඳව තියන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ පොස්ට් එකෙ ගොඩක් තාක්ශනික කරුනු අන්තර්ගත නිස ටිකක් නීරස ඇති. එත් මේ මූලික කරුනු ටික දැන ගන්න වෙනව මෙතනින් එහට යන්න නම්.

20 comments:

  1. ඔය ඔරායන් බෙල්ටයේ ග්‍රහ වස්තුවල තමයි රාවේනියම් කියන ලෝහය තියෙන්නේ. රාවණාධිරාජයා ගේ කාලේ ඒවා හෙළදිවට ගෙනල්ලා තියෙනවා.

    ReplyDelete
  2. ඔය රන්මසු උයනේ කැටයම අනුව අපට හැකි වේවි දිවාගුහාව තියෙන තැනත් හොයා ගන්න. සමහරු කියනවා ඒක තියෙන්නේ වර්තමාන නිකරගුහාවේ මනගුහාව අසලය කියලා.

    රන්මසු උයනේ සිතියම මුළු ලෝකයම නිරුපනය කරනවා නම් ඒක ඇත්තක් වෙන්නත්ඉඩ තියෙනවා.

    ReplyDelete
  3. ඒ විතරක් නොවේ- අද ලංකාවේත් කුරුණෑගල, පුත්තලම සහ මීගමුව පිහිටලා තියෙන්නේ ත්‍රීකෝණයක. මේකට පොල් ත්‍රිකෝණය කියලත් කියනවා.

    ඒ එක්කම අනුරාධපුරය, පොලොන්නරුව, මහනුවර ගත්තත් එතනත් ත්‍රිකෝනයක්. මේකට කියන්නේ සංස්ක්‍යතික ත්‍රිකෝණය කියලයි.

    මේ විදියට හැම නගර තුනකින්ම ත්‍රිකෝණයක් හැදෙන එක තවත් ආචාර්ය උපාධියකට හොඳ නිමිත්තක්.

    ReplyDelete
  4. හැම ලක්‍ෂ්‍යය තුනකින්ම ත්‍රිකෝණයක් හැදෙන්නේ නෑ. දැන් බලන්න මගේ මුල් කමෙන්ටු තුනෙන් හැදිලා තියෙන්නේ සරල රේඛාවක් නේ.

    මං හිතන්නේ මේ හතරවෙනි කමෙන්ටුවත් ඒකටම එකතු වේවි!

    ReplyDelete
  5. මා හිතුවා හරියට හරි!

    ReplyDelete
    Replies
    1. ඒ ගමන කකාත් ආතල් දෙනව වගේ..
      මරු මරු..!!!!

      Delete
  6. සමනළ කන්ද පැරණි යමහලක් බවට ඇති මතය මීට‍ සම්බන්ධ වෙනවානම් ඒ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඔය මතය මම මීට කලින් අහල නෑ. එත් මට පුදුම හිතුන එකෙ තියන නිවැරදි බව පිලිබඳව. මොහොතක් හිතන්න, සමනොල කන්ද වගේ අති දැවැන්ත නිර්මානයක් කුමන දියුනු තාක්ශනයක් භාවිතා කරමින් සිදු කලත් ටිකක් කල් ගතවෙන ලොකු වැඩක්. හැබැයි විශ්වකර්ම සෙන්පති මෙම නිර්මානය කලේ බොහොම කෙටි කාලෙකින්. මට වැඩ කරන්න සහ පෝස්ට් දාන්න වෙල තියෙන්නෙ බොහොම දුශ්කර තා මධ්‍යයේ. පුලුවන් ඉක්මනින් සමනල කන්ද නිර්මනය කල හැටි ගෙන කියන්නම්.

      Delete
  7. කලාවැව අසලදී අහම්බෙන් ජායාරුපයට නැගුණු "ටැජට් බක්ෂි" නම් යානාව පිලිබදව ඔබ තොරතුරැ දන්නවද ?

    ReplyDelete
    Replies
    1. ජයේ දන්නවා කියන්නේ නැහැ. දන්න ටිකෙන් හරි ටිකයි කියන්නේ. රාජ රහස්.

      RBI බුද්ධි සේවයේ වාර්තාවන්ට අනුව, මේ දින වල යලි පණගැන්වූනු පුෂ්පක යානය පර්යේෂණ චාරිකාවන්හි නිරත වෙන අතර, නොබෝදා දක්ෂිණ අධි වේගී මාර්ගයේදී වාහනයක ගැටී ගැටුම් පරීක්ශාවක්ද (crash test) සිදු කර ඇත. අති දක්ෂ RBI සෙනෙවියෝ පුෂ්පක යානයේ කළු පෙට්ටිය සාර්ථකව හැකුමට (hacking) ලක් කර මේ තොරතුරු සොයා ගන්නා ලදී..

      Delete
  8. කලාවැව අසලදී චායාරූපයට නැගුනු අද්භූත යානය පිලිබඳ තාපසතුමාගේ මතය කුමක්ද මීවනපලයාණෙනි?

    ReplyDelete
    Replies
    1. මේ පෙර ගමන් කරුවන්. ඉතා ඉක්මනින් තවත් මෙවැනි සිදුවීම් දැකගත හැකියි. මාගේ බ්ලොගයේ පාඨකයෙක් මෙ සියල්ල බොරු යේ තර්ක කල විට, මා ඔහුට පැවසුයේ ඉතා ඉක්මනින් මෙවැනි සිද්දීන් දැකගත හැකි බවයි. ඉතින් එ අනවැකිය දින 2ක් ඇතුලත සත්‍ය වුනි. නමුත් කනගා‍ටුවට කරුන නම් පසුගිය 5 වැනිදා රත්‍රියේ මීටත් වඩ ලොකු ආශ්චර්යයක් සමනොල කඳු මුදුන ආශ්‍රිතව සිදු වුනි. එය දු‍ටු වන් රාශියක් සිටියත් මේ දක්වා එම පුවත කිසිම මාධ්‍යකින් හෙලි නොවීමයි.

      Delete
  9. වැඩිදුරටත් අධ්‍යනයේ යෙදුනු විට මට පැහැදිලි උනේ කකා පැවසූ පරිදි පොල් ත්‍රිකෝණය හා සංස්කෘතික ත්‍රිකෝණය අතර සම්බන්ධයක් ඇති බවත් ඒ සියල්ලෙහිම රහස් ත්‍රිකුණාමලයෙහි සගවා ඇති බවත්ය.

    ත්‍රිකුණා = ත්‍රිකෝණ
    මලය = සගවා ඇත

    එතනින් බලන්න ඒක ඔප්පු වෙනවා..
    ඒ වගේමයි ඇමරිකාව ත්‍රිකුණාමලය වරායට මාන බලන හේතුවත් ඉහත සදහන් කල දෑම විය නොහැකිද මීවනපලානයෙනි??????

    ජය ශ්‍රී!!!!!

    ReplyDelete
  10. මට නිකං කරකැවිල්ල වගේ..
    වතුරරර.....

    ReplyDelete
  11. හොඳ ලිපියක් වගේ...

    ReplyDelete
  12. මීවනපලයාණෙනි පෘතුවියේ ගුරුත්වාකර්ශන සිතියම පහත ලින්කුව වෙත ගොස් බලන්න.
    http://news.bbc.co.uk/2/hi/8767763.stm
    ලොකයේ අඩුම ගුරුත්වාකර්ශනය ඇත්තේ ලංකාව කේන්ද්‍ර කර ගෙනයි. මෙසේ වී ඇත්තේ දඬු මොනර යන්ත්‍රය සඟවා ඇති නිසයි. දඬු මොනර යන්ත්‍රයේ රඩරය එහා මෙහා වී ඇති නිසා එහි ප්‍රතිගුරුත්ව පලස නිරාවරනය වීම මෙයට හේතුවයි.

    ReplyDelete
  13. ඇත්ත ඇත්ත සර්ටිෆිකේට් ඇත්ත ! ඒකනේ ලංකාවේ සියලුම බඩු මිල ගණන් හිටු කියලා උඩ යන්නේ. ගුරුත්ව බලයේ අඩුව නිසා මිසක් වෙන මොන කෙංගෙඩියක් හින්දද ?

    ReplyDelete
  14. යසයි. හැබැයි ඔන්න මොනා උනත් ලිපියේ මුල ටික ලියලා තියෙන්නේ යම් යම් සාක්ෂි මත. සමනොල කන්ද දිහාට එද්දි අර පරණ ගති තමා.සාක්කි නෑ.අරම උනා..මේම උනා..අරක මේක..මේක අරක...කියලා නිකන් පද හටන් කොරලා විතරයි.ඇති අප්පේ මෙහෙම බේගල් යම රජුගේ ඇන්ටනාවට නොවදිනවා. නැත්නම් අපිට පුළුවන් තවත් පුද්ම ප්‍රවෘත්තියක් අහන්න 'ලංකාවේ බ්ලොග්කරැවෙක් හිටිවනම පොළව පළාගෙන අවිචි මහා නිරයට' වගේ එකක්. ජය වේවා..මෙහෙම ගියොත් බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. ලිපියේ අගකොටසේ පැහැදිලි කිරීම මඳ බව ඇත්තක්. නමුත් මෙය එක හුදෙකල ලිපියක් ලෙස නොසලකන මෙන් කරුනවෙන් ඉල්ව සිටිනව. මගේ මෙම http://ravanalanka.blogspot.com/2012/07/blog-post.html post එකත් කියවන්න. සහ ඉදිරියට සමනොල කnඳ ගැන පලකරන ලිපි කියවන්න.

      Delete
  15. දෙවියනේ කියලා
    මට නම් මුකුත් හිතා ගන්න
    බෑ.....
    වෙලාවකට මේ පොස්ට් කියවලා ඇඩෙනවා.....
    කොමෙන්ට්ස් බලලා බඩ පැලෙනවා හිනා වෙලා....
    ඇත්තටම අපේ අභිමානය මෙයද ????

    ReplyDelete

නුදුරු අදහස්