Thursday, July 19, 2012

රුවන්වැලිසෑ තාරකා දොර‍ටුවෙන් හෙළි වන කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා

"තාරකා දොර‍ටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා" නමින් වර්ගපූර්ණිකාව බ්ල්ග් එකේ මීට පෙර පළවූ ලිපියෙන් තාරකා දොර‍ටු යනු මොනාවාද යන්නත්, ඒවායේ ක්‍රියාකාරිත්වය ගැනත්, ලෝකයේ මෙතෙක් හමු වූ තාරකා දොර‍ටු පිළිබඳවත්, ඉසුරුමුණියේ ඇති තාරකා දොර‍ටුව ක්‍රියාත්මක කරන ආකාරයත් ඔබ හමුවේ තැබුවෙමි. ඔබට එම ලිපිය කියවීමට නොහැකි වූවානම් මෙය කියවීමට පෙර එම කෙටි ලිපිය කියවා බැලීමෙන් මෙය කියවාගෙන යාමේදී ඇතිවන පැටලිලි ස්වභාවය නැති වේවි.

අද මේ සූදානම් වන්නේ ලංකාවේ මෙතෙක් රහසක්ව පැවති තාරකා දොර‍ටුවක් ගැන ඔබට අනාවරණය කිරීමටයි. මෙය ඔබව මවිතයට පත් කරාවි යැයි සිතේ..

1979 දී ජර්මානු ජාතික ජාචිම් හාන් සහ ක්ලාවුස් ග්‍රෝට් දෙදෙනා ප්‍රමුඛ පුරාවිද්‍යා කණ්ඩායමක් රුවන්වැලිසෑයේ කැණීම් කරද්දී එහි හත‍රැස් කො‍ටුවේ තිබුණ නෙලුම් මලක් ආකාරයේ අමුතු විශාල ඇඹීමක් දැක මවිතයට පත් වුණා. එහි තිබුණේ තාරකා දොර‍ටුවක්.!!! (සිද්ධිය වසං කිරීම සඳහා පහත රූප වල දැක්වෙන දේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමක් ලෙස ජනමාධ්‍ය වෙත ලබා දී ඇත)



තාරකා දොර‍ටුව ලෙස කිව් පමණින් බොහෝ අය සිතන්නේ වෘත්තාකාර නමුත් ඇතුලට යම් යම් අපැහැදිළි සලකුණු තිබෙන දෙයක් හෝ වක්‍රාකාර සහ ඇතුලත කුහරයක් තිබෙන දෙයක් ලෙසටයි. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත්‍රිපුර විමාන ආදී ලෙසට විමාන වර්ග කීපයක් තිබෙන ලෙසටම තාරකා දොර‍ටුත් තවත් ආකාර කීපයක් තිබෙන අතර ඉන් ප්‍රධානතම තැනක් ගන්නේ "පද්ම තාරකා දොර‍ටුව" යි. එනම් රුවන්මැලිසෑයේ රූප වලින් පෙනෙන පරිදි ඇත්තේ පද්ම තාරකා දොර‍ටුවකි. මේ ආකාරයේ තාරකා දොර‍ටු කීපයක්ම රාවනාගේ රාජධානිය වු ලංකාපුරය පුරා විසිරී ඇත.


ඉහත රූපයේ නෙළුම් මලක් හෙවත් පද්මයක රූපයෙන් දැක්වෙන්නේ ඇත්තටම තාරකා දොර‍ටුව නොවේ, ක්ලාවුස් ග්‍රෝට් පැහැදිළි කරන පරිදි තාරකා දොර‍ටුව ඇත්තේ හත‍රැස් කො‍ටුව ඇතුලට වෙන්නයි. පද්මයෙන් දැක්වෙන්නේ එම තාරකා දොර‍ටුව විවෘත කිරීමේ අගුලයි. පසුගිය ලිපියේ මුලින් දැක්වූ "දැක්වුම් නිවස්න උපකරණය" (Dial-Home Device) ඔබට මතකද? අන්න ඒක තමයි ඔය නෙලුම් මලෙන් දැක්වෙන්නෙ.

නෙලුම් මලක් ඒ සඳහා යොදා ගත්තේ ඇයි කියල දැන් ඔබ සිතන්න පුළුවන්. නෙලුම් මල සඳහා ඉංග්‍රීසි වචනය වන්නේ Lotus හෙවත් ලෝටස් යනයි. එය ඇත්තටම හෙළ වචනයකි. "ලෝටස්" හි නිරුක්තිය වන්නේ ලෝ=ලෝකය, ට=ට, ස්=ස්ථානය, එනම් "ලෝකය ට ස්ථානය" යන්නයි. මේ මහා භද්‍ර කල්පයේ පුෂ්පය, නෙළුම් මල වන අතර සෑම නෙළුම් මලකින්ම විශ්වය නිරූපනය වෙතැයි වර්ගපූර්ණිකාවේ එක් පොතක් වන පුෂ්පවිප්‍රකරණයේ දැක්වෙයි. (නමුත් බමුණන් විසින් එය ගිණි තැබූ පසු ඒ තාක්ෂණය අපෙන් අහිමි වී ඇත.)

"විශ්ව සියපත" නැමති වචනය ඔබ අසා ඇතිවාට සැක නැත. ඉන් දැක්වෙන්නේත් විශ්වය පෙන්නුම් කිරීමට සියපත=නෙළුම්මල යොදා ගත් බව නොවේද? විශ්ව සියපතෙන් දැක්වෙන විශ්ව සිතියමේ ඇති පෙති මෝස්තරයේ අග්‍රයන්, චක්‍රවර්තී රජවරුන්ගේ චක්‍රරත්නය අවධි කිරීමට අවශ්‍ය ශක්තිය කැටි වූ ස්ථාන මෙන්ම මාර්ග සිතියමක් (අභ්‍යවකාශයේ) විදියටත් ගන්නට පුලුවන. ඒ අනුව විශ්වයේ ඕනෑම තැකකට යාම සඳහා යොදා ගන්නා තාරකා දොර‍ටුවේ "දැක්වුම් නිවස්න උපකරණය" ට නෙලුම් මලක්ම යොදා ගැනීමට තරම් අපගේ හෙළයින් තාක්ෂණයෙන් දියුණු වුණ සැටි දකිද්දී ඔබට ආඩම්බරයක් නොදැනේද?


රුවන්මැලිසෑ තාරකා දොර‍ටුවේ ඉතිහාසය
===========================

අප රටෙ ඉතිහාසය අනුව රුවන්මැලිසෑය ඉදිකර ඇත්තේ දු‍ටුගැමුණු රජතුමා විසිනි. එසේනම් රාවණා රජතුමාට පසුව දු‍ටුගැමුණු රජතුමාගේ කාලයේ මෙවැනි තාක්ෂණයක් දකින්නට ලැබෙන්නේ කෙසේද යන්න ඔබට මතු වෙයි.

රුවන්මැලි සෑය ඉදි කරද්දී එය හත් වතාවක් පොළොවට ගිලා බැස්ස බව ඔබ දන්නවා ඇත. එයට හේතු සිදුවුණේ රුවන්මැලිසෑය ඉදිකිරීමේදී ඒ බිමේ තිබුන ස්වර්ණමාලී දේවිය ගේ විමානය කපා දැමීමට සිදුවූ බැවිණි. එයට පළිගැනීමක් ලෙසටයි ඇය එවැන්නක් කළේ. ස්වර්ණමාලී යනු රාවනාගේ පරම්පරාව වූ රවි ශෛලාස පරපුරේ අවසන් පුරුකක් වන අතර ඇය මහා කාලි දේවියගේ මිනිබිරිය වූ තාරකීගේ අක්කගේ පුතා වූ ආකාශපාණ්ඩ්‍ය නම් කුමරාගේ එකම දියණිය බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි.

කෙසේ නමුත් ඇයට තම මී මුත්තෙක් වුණ රාවන රජතුමාව දැකීමට අවශ්‍ය වුණ අතර පසුව දු‍ටුගැමුණු රජතුමා සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ඇය සතුව තිබුණ හෙළ දේව තාක්ෂණය දු‍ටුගැමුණු රජතුමාට දී චෛත්‍යය නැවතත් ප්‍රතිසංස්කරණය කරවා රුවන්මැලිසායේ ඉහළින් තාරකා දොර‍ටුවක් නිර්මණය කරන ලදී. අවාසනාවකට චෛතයේ වැඩ නිම වෙන තුරු දු‍ටුගැමුණු රජතුමාට ජීවත් වීමට නොහැකි වූයේ මෙම තාරකා දොර‍ටුව වහා නිමවා රාවනා රජතුමාව බැහැ දැකීමට සලස්වන ලදී, කාලය හරහා ආපසු පැමිණි රාවනා රජතුමා දු‍ටුගැමුණු රජතුමාව හමුවූ බව ශෛලාසවත්ථුගෝටිකවංසටීකාවේ දැක්වෙයි. (මේ පොත් හැම එකක්ම බ්ලොග් එකේ දාන්න බෑ, ඉතිහාසය කියන්නෙ අතටම ගෙනල්ල දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි, ඔයාලම සොයා බලන්න)


දැන් මෙහි තාක්ෂණය දෙස බලමු.
=====================

දැනට පවතින මතය අනුව මෙහි කැටයම් කර ඇති නෙළුම් මල් පෙති සහ රූප වලින් පැවසෙනුයේ වෙනත් චක්‍රාවාට ඇති ,වෙනත් සෞරග්‍රහ මණ්ඩල ඇති ,ග්‍රහලෝක කරා යා හැකි සිතියමකි. කොටින්ම කිවහොත් පෘතුවියේ සිට පිටසක්වළ යානාවක් ගමන් කළ යුතු මාර්ග හා පිටසක්වල සිට නැවත පෘතුවියට පැමිණීමේ මාර්ගයි. විශ්වවේදය අනුව එය සියපතක ආකාර ගනී. එහි වාසය කරන ජීවින් සමග මහා රාවනා රජු සහ අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු සම්බන්ධතා පවත්වා ඇත.ඔවුන්ගෙන් අප ලෝකයට විශාල තාක්ෂණයක් ලැබී ඇත.නමුත් අදටත් මෙහි ඇති සිතියම කිසිවෙකුට අවබෝධ කර ගත නොහැක.නමුත් කවදා හෝ අනාගතයේ යම් අයෙක් මෙම සිතියම අවබෝධ කර ගතහොත් ,එම වකවානුව තුළ තාක්ෂණය වර්තමානයට වඩා දස දහස් ගුණයකින් දියුණුව පැවතුනොත් ,මෙම සිතියමේ උපකාරයෙන් අපට එම ග්‍රහලෝක කිහිපය සොයා ගත හැකි වන අතර එහි වාසය කරන ජීවින් සමග නැවත සම්බන්ධතා ගොඩ නගා ගත හැක.මීට වසර දහස් ගණනකට පෙර පෘතුවියේ සිටි පැරැන්නන් මේ ඔස්සේ පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා පැවැත්වූ අතර කුමක් හෝ කරුණක් නිසා එම සබදතා බිද වැටී ඇත.නූතනයේ පවා පිටසක්වල ජීවින් පෘතුවිය කරා පැමිණෙන්නේ ,අතීතයේ පැවැත් වූ සබදතා නිසා හෝ එම සබදතා අලුත් කර ගැනීමට විය හැක.


රුවන්මැලිසෑ චෛත්‍යයේ හත‍රැස් කො‍ටුවට ඉහලින් දේවතා කො‍ටුව ඇති අතර ඊට ඉහළින් ඇත්තේ කොත් කැ‍රැල්ලය. (පසුව එම සම්ප්‍රදාය හැම චෛත්‍යයකම භාවිතා කරන ලදී). හත‍රැස් කො‍ටුවෙන් තාරකා දොර‍ටුවට ඇතුල් වෙන "විශ්වාත්‍රයේ තීර්ත යාත්‍රිකයා" හත‍රැස් කො‍ටුව හරහා දේවතා කො‍ටුවට වෝටෙක්ස් මගින් යැවෙන අතර ඉන් පසුව කොත් කැ‍රැල්ල හරහා අපගමනය වී කොත හරහා විශ්වයේ අදාළ ස්ථානයට නාභිගත වෙයි. ඉහත රූපයේ ජර්මානු කණ්ඩායම කොත් කැ‍රැල්ල මනින බව ඔබට පෙනෙනවා නේද? ඔවුන්ට අනුව කොත් කැ‍රැල්ල ඉතාමත් නිවැරදිව පිහිටා තිබෙන නමුත් තවමත් බටහිරයින්ට තාරකා දොර‍ටුවක් නිර්මාණය කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය වන පාරභෞතික දැනුම (මන්ත්‍ර, තන්ත්‍ර, වේද) නොදන්නා බැවිනි.

රුවන්මැලිසෑයේ තාරකා දොර‍ටුවේ අදාල මිණුම් සිදුකළ ජර්මානු ජාතික පුරාවිද්‍යාඥයින් එහි තිබූ දඹ රනින් හැදූ සෝපානය සහ තවත් එහි තිබූ වටිනා රත්‍රන් භාණ්ඩ ජර්මනියට ‍රැගෙන ගිය අතර ජාචිම් හාන් විසින් එම තාරකා දොර‍ටුවෙන් හත‍රැස් කො‍ටුවට යාමට තිබූ මග සිමෙන්ති දමා වසා දමන ලදී. ඒ අනුව දැන් එය තුලට මිනිසුන්ට යාමට නොහැකිය. පර සුද්දන් විසින් අපගේ හෙළ තාක්ෂණය සදාකාලිකව යට ගැහුවේ එලෙසටයි.

කෙසේ නමුත් තවමත් පිටසක්වල ජීවීන් අනුරාධපුරයේ සිල් ගන්නා බැතිමතුන්ව වන්දනා කිරීමට රුවන්මැලිසෑයේ තාරකා දොර‍ටුව හරහා පැමිණෙන අතර පුන් පෝ දින වල දේවතා එලි ලෙස හෝ, ‍රැස් විහිදෙන රුවන්මැලිසෑය ලෙසට ජනතාව දකින්නේ එලෙස තාරකා දොර‍ටුවෙන් වෝටෙක්ස් පිටවීමලු.


කරුණාරත්න අබේසේකරයන්ගෙන් හෙළි විය
==============================

1979 දී මුලින් සඳහන් කළ ජර්මානු පුරාවිද්‍යා කණ්ඩායම රුවන්මැලිසැයේ මුදුනේ කැණීම් කරද්දී ප්‍රවීන ගී පද රචක කරුනාරත්න අබේසේකරයන්ද රුවන්මැලිසෑ වන්දනාවක ගොසින් සිට ඇත. ඒ කාලයේ තරුණ වියේ සිටි අබේසේකරයන් අදාල කැණීම දැකීමෙන් කුතුහළයට පත් වී සරම කැසපොට ගසාගෙන හිණිමග දිගේ ඉහළට නගී. ඒ මොහොතෙදි තමයි ජාචිම් හාන්  සහ ක්ලාවුස් ග්‍රෝට් දෙපොළට මෙය තාරකා දොර‍ටුවක් බව වටහාගනිමින් සීටි මොහොත. (බලන්න ඉහත එක් රූපයක ඒ දෙදෙනා තාරකා දොර‍ටුව යට කතා කරමින් සිටින හැටි). ඔවුන් එය කළින් දැනගත්තානම් කරුණාරත්න අබේසේකරයන්ට එයට කීයටවත් නැගීමට ඉඩ නොදෙනු ඇත. ඉතින් තාරක දොර‍ටුව හරහා හත‍රැස් කො‍ටුව ඇතුලට ගිය අබේසේකරයන් එය දැක විස්මයට පත් වුණාලු. නමුත් ඒ මොහොතේදී ජර්මානු කණ්ඩායමේ කිසියම් බලපෑමක් මත ඔහුත් එම රහස ලෝකයෙන් වසං කර ‍රැක ගැනීමට තීරණය කළාලු.

නමුත් දිනක් මේ ගැන කල්පනා කළ අබේසේකරයන් තව දුරටත් හෙළයේ රහස් ‍රැක ගැනීමට නොහැකි බව සිතා පෑනක් සහ කොලයක් ගෙන අදාල සිද්ධිය පද නිරුක්තියක් ඇතිවන ආකාරයට රචනා කළාලු. මතු යම් දිනෙක පද නිරුක්තියේ විශාරදයෙක් විසින් එය මතු කරගන්නා බව ඔහු සිතන්නට ඇත. මෙන්න මේකයි රචනා කළේ.

නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වළාකුළෙන් රුවල් දමාලා
බාළොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකෙ සොයාලා

කෙසේ නමුත් මීට නිසි අවසානයක් ලබා දීම සඳහා පහත කොටසුත් ඔහු ලියල තිබෙනව.

සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා
ඔබ නළවමි පවන් සලාලා
පොකුණකට වෙලා මම මල් කැකුලක් වීලා
සුවඳ එවමි සුළගෙ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රුංගාලා
මම සමණලයෙක් වාගෙ සැරසිලා
සොඳුරු සමනළා එන කල මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා

මැණික් කැට අරන් පෙරලෙන පහළ ගල ගලා
මම නිල් දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන්වන් පාටින් දිලෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මමත් හරි එහෙනම් අල්ල ගන්නවා
මම රිදී දැලක් වාගෙ මැවෙනවා
මමත් ඒ ඔබේ දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා

ඉහත ගීතයක් ආකාරයෙන් කරුණාරත්න අබේසේකරයන් දැක්වූ ඔහු ඇස් දෙනෙක් දු‍ටු දේ, කුණ්ඩලීනී යෝගයේ හෙළනෙක්ති ඥාණය හරහා මා මතුකරගත් පද නිරුක්ති හැකියාව තුළින් මතු කර පෙන්වන්නම්. මුල් පද හයෙන් තමයි රුවන්මැලිසෑ තාරකා දොර‍ටුවේ හෙළ තාක්ෂණය මැනැවින් දැක්වෙන්නේ. වර්ගපූර්ණිකාවේ දැක්වෙන ක්‍රමවේදයන්ට අනුව අපි එකින් එක බලමු.

[[නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා]]
කඩලා, කඩ+ලා , කඩ=කොටස්, ලා=දමා, කොටස් වලට දමා
ඔරුව = යාත්‍රාව
එනම්, රුවන්මැලිසෑ තාරකා දොර‍ටුවේ ඇති නෙළුම් මලේ පෙති කොටස් වලට ඇඟිල්ල දමා, අන්තර් තාරකා යාත්‍රාවේ සැකසුම් සදාලා.

[[වළාකුළෙන් රුවල් දමාලා]]
වළාකුළ, වළා=වැළැක්වීමේ, කුළ=ගල, වැළැක්වීමේ ගල
රුවල් , රු=රුවන්=රත්තරං, වල්=වලින්, රත්තරං වලින්
එනම්, වැලැක්වීමේ ගල හරහා රත්තරං දමා (තාරකා සවාරියේදී ඉන්ධන ලෙස යොදාගෙන ඇත්තේ රත්ත්‍රං ය, අපද්‍රව්‍ය ලෙස පිටවන්නේ යකඩයි, එනිසා මෙමගින් කිසිදු පරිසර දූෂණයක් සිදු නොවේ. රුවන්මැලිසෑ බිමේ යකඩ වැඩි බව පුරාවිද්‍යා සමීක්ෂණ වලින් ඔප්පු වී තිබුණි)

[[බාළොලියා මල් නටුවෙන් හබල් ගසාලා]]
බාළොලියා, බා=පාත් කර, ළො=ළොඹුව=clog=ඇහිරීම, ලියා=ලීවරය
මල්=පුෂ්පකය
න‍ටුවෙන්=වලිගයෙන්=දිගෙති කොටසෙන්
හබල්, හ=අහස, බල්=බලා, අහස බලා
එනම්, ලීවරය පාත් කර අහුරා පුෂ්පකයේ දිගැති කොටසෙන් අහස බලා

[[පෙම් ගඟුලේ රැල්ල නගාලා]]
පෙම්=ප්‍රමය
ග=ගමන්මග, ඟු=ගුල, ලේ=ලේඛනය
‍රැල්=සුළිය ල=ලකුණුකර
එනම්, ගමනාන්තයට යාමට අවශ්‍ය ප්‍රමය දැක්වෙන ලේඛනය පොත් ගුලෙන් ගෙන ගමන් මග සකසා වෝටෙක්ස් සුළියක් ලකුණුකර

[[දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා]]
දේ=දේවතා කො‍ටුව, දුන්නෙන්=දීමෙන්
නැලවීලා=පැද්දෙමින්=කැරකෙමින්
එනම්, දේවතා කො‍ටුවෙන් වෝටෙක්ස් දීම අනුව ඉන් ඉවත් වී කැරකෙමින් යමු (තාරකා දොර‍ටුවෙන් යන යාත්‍රිකයාව ගමනාන්තය දක්වා භ්‍රමණය වෙයි)

[[සුරංගනා ලෝකෙ සොයාලා]]
සු=සුදුසු, රං=රංවන්, ගනා=ගම නාන්තය
එනම්, සුදුසු රන්වන් ගමනාන්තය සොයා.

දැන් ඉහත නිරුක්ති කළ අරුත වෙනම ගෙන බලමු.
"රුවන්මැලිසෑ තාරකා දොර‍ටුවේ ඇති නෙළුම් මලේ පෙති කොටස් වලට ඇඟිල්ල දමා, අන්තර් තාරකා යාත්‍රාවේ සැකසුම් සදාලා, වැලැක්වීමේ ගල හරහා රත්තරං දමා, ලීවරය පාත් කර අහුරා පුෂ්පකයේ දිගැති කොටසෙන් අහස බලා, ගමනාන්තයට යාමට අවශ්‍ය ප්‍රමය දැක්වෙන ලේඛනය පොත් ගුලෙන් ගෙන ගමන් මග සකසා වෝටෙක්ස් සුළියක් ලකුණුකර, දේවතා කො‍ටුවෙන් වෝටෙක්ස් දීම අනුව ඉන් ඉවත් වී කැරකෙමින් සුදුසු රන්වන් ගමනාන්තය සොයා යමු."
දැන් ඔබට සක්සුදක් සේ පැහැදිළි ඇතැයි සිතමි.

නමුත් හෙළයින්ගේ අභිමානය ගැන කියවෙන සිද්ධියක් පහත ආකාරයෙන් විකෘති කිරීම ගැනනම් අප බෙහෙවින් කණගා‍ටු විය යුතුය. මෙවන් දෑ දැක දැකම හෙළයින් නිදාගෙන සිටින හැටි.



විද්වත් මත
=======

විද්වත් මත අනුව එම නෙළුම් මලේ සිතියම සටහන් කර ඇත්තේ දොරකය. එනම් මෙම ගල විවෘත කළ හැකි තත්වයක අතීතයේ තිබී ඇත.මෙම දොරටුව විවෘත වූ විට එහි ඇතුළත ඇත්තේ කුමක් විය හැකි ද? මෙයටද මත කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරිනුත් ප්‍රසිද්ධ මත 2කි.

1. වෙනත් චක්‍රාවාටයක ඇති වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,වෙනත් ග්‍රහලොවකට ඇතුල් විය හැක.

2. වෙනත් සමකාලීන ශිෂ්ටාචාරයකට ඇතුල් විය හැක (මෙම තාරකා දොරටුවෙන් ගොස්, එම ශිෂ්ටාචාරයේ තාරකා දොරටුවෙන් මතු වීමෙන්)

1 වන කරුණ සත්‍යක් නම් :-
තාරකා දොරටුව යනු එක් ග්‍රහලොවක සිට තවත් ග්‍රහ ලොවකට ඇසිල්ලකින් පිවිසිය හැකි මාධ්‍යයකි.එය සිදු වන්නේ ඇසි පිය ගසන වේගයකිනි. පියවි ඇසට ගෝචර නොවේ.තාරකා දොරටුවෙන් මෙපිට තව ලෝකයකි.එපිට තවත් ලෝකයකි.මෙපිට සිට එපිටට පනින ඇසිල්ලෙන් අලුත් ලෝකයකට පිවිසිය හැක.ඇතැම් විට එම ග්‍රහ ලෝක වලද මෙවැනිම දොරටු තිබිය හැක.ඔවුන් මෙපිටට පැමිණ අපට දැවැන්ත තාක්ෂණයක් ලබා දෙන්නට ඇත.මිසර ශිෂ්ටාචාරයේ දැවැන්ත පිරමීඩ් එසේ මෙසේ මිනිසෙකුට ඉදි කළ නොහැක.එමෙන්ම මිසර පිරමීඩ් වල ඇති පිටසක්වල ජීවින්ගේ හා හදුනා නොගත් පියාසර වස්තු වල සිතුවම් නිසාද මෙම මතය වඩාත් කැපී පෙනේ.

2 වන කරුණ සත්‍යක් නම්:
මහා රාවනා ඇතුලු සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු මෙම තාරකා දොරටු භාවිතා කරමින්,ඒ ඒ සභ්‍යත්වයන් කරා ගොස්, ඔවුන් සමග මිත්‍ර සබදතා ගොඩ නගමින්,ඔවුන් සමග දැනුම බෙදා හදා ගෙන ඇත.
උදා ;- අහසින් පැමිණි සින්හ මිනිසුන් - බැබිලෝනියන් මැටි පුවරු {සීගිරිය පිළිබද ඇති සටහන කියවන්න}
කෙසේ හෝ මෙම මත පිළිගැනීම සහ පිළිනොගැනීම ඔබට භාරයි.

"Star Gates" ගැන සුද්දන් කොතරක් කෙකර ගෑවත් වඩාත්ම වැදගත් දේනම් "Star Gates", සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි නොතිබීමය. එනිසා සෙල් ලිපි නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි. නමුත් ශ්‍රී ලංකාවේ හැම තැනම අපගේ තාරක දොර‍ටු තාක්ෂණය ගැන උදාහරණ පමණක් නොව සෙල් ලිපි පවා තිබෙයි. ඒ සෙල් ලිපි නුදුරදීම හෙළිදරව් කරන්නෙමු.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

එම හෙළ අසුර පරපුරෙන් පැවතෙන හෙළයෙක්ව හෙළදිවේ ඉපදීම ගැන මෙම ලිපිය කියවීමෙන් ඔබ ආඩම්බරයට පත් වුණි නම් ෆේස්බුක් එකේ Share කරගෙන වර්ගපූර්ණිකාව බ්ලොග් එකට ඔබගේ කාරුණික සහාය ලබා දෙන්න.

112 comments:

  1. මේවනේ බොලේ සාධක ඈ.....

    ReplyDelete
    Replies
    1. මේකෙත් 1 වෙලානෙ බොලේ මම.මාරයාගේ බ්ලොගේ 1 වීමත් ඔබේ බ්ලොගේ 1 වීමත් දෙකම එක දින සිදුවීම අහඹු සිදුවීමක් විය නොහැකි බව මගේ හැඟීමයි.රාවණාගේ දෘශ්ඨිය මා වෙත හෙලා ඇතැයි හැඟේ......

      Delete
    2. අනේ තව අදහස් කීපයක් නොදක්වා යා නොහැක.

      ලංකාවේ හැම අහුමුල්ලකම තාරකා දොරටු හමුවීමෙන් තවත් අදහසක් මා මනසේ ජනිත විය.සමහරවිට මෙකී තාරකා දොරටු අභ්‍යන්තර ගමනාගමන කටයුතු සඳහා භාවිතා කළා වෙන්නට පුළුවන.ලංකාවේ පෙර සෑදූ 'හයිවේ' හමු නොවීමෙන් මේ බව සනාත වේ.

      අනෙක් කරුණනම්,

      අතීතයේ ලෝකයේ බහුලවම තිබී ඇත්තේ රන් ලෝහයයි.හෙළය හැර අනිකුත් බොහෝ දුර්වල ශිෂ්ඨාචාරවල මුලින්ම ලෝහයක් ලෙස රන් භාවිතා කිරීමෙන් ඒ බව සනාත වේ.නමුත් තාරකා දොරටුවල ඉන්ධන ලෙස භාවිතයට ගැනීම නිසා රන් බොහෝ දුර්ලභ විය.ඉන්පසු එහි දුර්ලභ බව නිසා සිය ධනවත් බව පෙන්වීමට මිනිස්සු රන් පැළඳීමට පටන් ගත්තෝය.මෙයට අනුව යමින් තව කල්ගතවන විට මිනිසුන් කුප්පිවල දැමූ පෙට්‍රල් හෝ ඩීසල් ස්වල්පයක් පැළඳ සිටිනු දැකීම අරුමයක් නොවනු ඇත.

      Delete
    3. බොහොම ස්තුතියි ලිපියට අ‍ටුවාවක් සැපයීම ගැන.

      Delete
    4. මචං ඔය නෙලුම් මල හදල තියෙන්නෙ මේ මැතක බන් නිදහසෙන් පස්සෙ ඊට කලින් ඔතන ඉතිරි වෙලා තිබිල තියෙන්නෙ පස්කන්දක් සහ ගඩොල් ගොඩකි.ඕක ප්‍රතිසංස් කරනයට කලින් 4ටෝස් එහෙම බලහංකො.මේකෙ තියෙන එව්ව ගැන සිරා හිතන්න එපා ඔව්ව හුදෙක් ෆන් එක සදහා පමනයි.මෝඩ රාවනා වංශිකයො ටික අහු වෙලා ඉන්නෙ. අපේ මුලාචාරියා ඒකෙන් හොද ආතල් එකක් ගන්නව

      Delete
    5. ඒ පින්තූරත් ව්‍යාජ ලෙස සකසා හෙළ ඉතිහාසය අපෙන් වසන් කිරීමක් බව ඔබට වටහා ගැනීමට නොහැකි හැටි ගැන කණගා‍ටුවක් ඇති වෙයි.

      Delete
    6. මීවන , මේ රුවන්වැලි මහා සැයේ හුණු ආලේප කරන අවස්ථාවක්. මම මේ දේවල් live දැකල තියෙනවා. මම අනුරාධපුරයේ ජිවත් වෙන මනුස්සයෙක්.
      බොරුවට මිනිස්සු රවට්ටන්න එපා.
      රාවන රජු විශිෂ්ට රජෙක් බව සැබැව. නමුත් මේ වගේ විහිලු සපයන්න එපා.

      Delete
    7. මීවන , මේ රුවන්වැලි මහා සැයේ හුණු ආලේප කරන අවස්ථාවක්. මම මේ දේවල් live දැකල තියෙනවා. මම අනුරාධපුරයේ ජිවත් වෙන මනුස්සයෙක්.
      බොරුවට මිනිස්සු රවට්ටන්න එපා.
      රාවන රජු විශිෂ්ට රජෙක් බව සැබැව. නමුත් මේ වගේ විහිලු සපයන්න එපා.

      Delete
    8. මූ අපිටත් පිස්සු හදවල මුත් පිස්සු හදාගන්නවා ...

      Delete
  2. අම්මට සිරි ජයේ මගෙ ෆිට් එක උම්ම ඈ මට උබව බලන්න එන්න බැරි උනානෙ ජයේ.උබ ඒ ටිකට ලව් කොරන්නත් පටන් අරන් නෙහ්. කොල්ල දැන් දියුනුයි ඇහ්.
    නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
    වළාකුළෙන් රුවල් දමාලා
    බාළොලියා මල් නටුවෙන් හබල් ගසාලා
    පෙම් ගඟුලේ රැල්ල නගාලා
    දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
    සුරංගනා ලෝකෙ සොයාලා

    ආසයි නේ

    ReplyDelete
    Replies
    1. මූ අපිටත් පිස්සු හදවල මුත් පිස්සු හදාගන්නවා ....

      Delete
    2. එම්බා අඳුරු පටයෝ, මේ ලිපියේ ඇති සාරාර්ග භාවය නැති කිරීමට තා මෙතන කොඩිවිනයක් වෙන බව මා කලින්ම දැනගෙන සිටියෙමි. කලින් ලිපියකදී පටි ඉරුන මදි වෙලාද? තොප අපේ හෙළ කුවේණි යකිණියගේ යට ඇඳුමට අපහාස කරපු ලිපියටත් නුදුරදීම පිළිතුරු ලිපියක් ලියා තොපගේ ඉතිරි පටි ටිකත් ඉරා දමන බව මා දිවුරා ශපඨ කරමි.

      Delete
    3. ක්‍රිස්තු පූර්ව 2166දී මොකද උනේ..? ඒත් මේ වගේම අමනයින් කැලක් නිසා අපිට අපේ උරුමය අහිමි උනා... ආයේ ක්‍රිස්තු පූර්ව 1367දී මොකද උනේ..? පෙර පරිදිම මුන් අපිව පාවා දුන්නා... දැන් ආයෙමත්...

      මේක ඇත්තටම පිල්ලියක්..කොඩිවිනයක්.. මුන්ව පොළු ගසා මරා දැමිය යුතුයි. රාවණ විරෝධී හැතිකරය...

      (හෙළෝ...මීවන... පොඩි ගැටළුවක්.. ඇයි අපි තාමත් මේ ක්‍රිස්තු වර්ෂ/බුද්ධ වර්ෂ පාවිච්චි කරන්නේ.. අපිට අපේම උන හෙළු වර්ෂයක් පාවිච්චි කරන්න හැකියාව තිබෙද්දී..? මං හිතන්නේ අපි කාලෝචිත පියවරක් මේ සඳහා ගත යුතුයි... මේ ඔබේ අවධානය පිණිසයි...!)

      දැන ගනිවු තොපිට බෑ යකෝ අපේ උරුමය නැති කරන්න..තොපිට බෑ බෑ බෑ...මරාගෙන මැරෙනවා යකුනේ...තොපිට බෑ බෑ බෑ....

      රාවණ සිද්ධම්...!

      (මහන්සියි ජයේ...)

      Delete
    4. මුලාචාරී මීවනයෝ මම කොහෙද බොල පටි ඉරා ගත්තෙ. එක අවස්තාවකදී ඔබ සහ බොගේ වන්දිබට්ටයෙක් මගේ කමෙන්ටුවකට ගොන් අද්හසක් ඉදිරිපත් කර තිබුනා එය එපමනයි.නමුත් ඔබ තුමා හැමෝටම විසිලු සපයන ජෝකර් කෙනෙක්.හැම තැනම ගිහින් පටි ඉරා ගන්නවා අර ගොසිප් සයිට් එකක ගිහින් අතන ක්ලික් කොරන්න කිය කිය ගැනු 4ටෝ එකක් දමා ගනිකා වුර්තියේ නියැලෙමින් හුදි ජනයාගේ පහන් සංවේගය අවුලුවාමින් කුනුහබ්බයෙන් බැනුම් අසන්නේ ඔබ තුමාම නේද ජයේ.හයියෙන් හූ ඇ ජයේ.හැමදාම පටි ඉරෙන්නෙ කාගෙද දන්නෙ නැ.

      Delete
    5. හයියෝ සල්ලි.....ඕනවට වඩා නුවණක්කාර වීමත් මෝඩකමකි. :D

      Delete
    6. සහතික ඇත්ත..මං දන්න කෙනෙක් හිටියා..මනෝ විද්‍යා පොත් දෙක තුනකුයි ධනාත්මක චින්තනය ගැන පත්තරවල ලිපි ටිකකුයි කියෝපු.. හප්පා..මෑන් එක්ක මෙලෝ දෙයක් කතා කරන්න බැහැ ගන්නෙම මනෝ විද්‍යා විශ්ලේෂණ හරහාමයි... ඌට පඩයක් ගියත් ඌ ඒකත් හිතට අරං කල්පනා කරනවා වරුවක්... ඌට වෙච්ච දේවල් ලියන එක හරි මදි...

      Delete
    7. (වන)ආචාර්ය මීය පලානේ ජයරත්න 1979 චූ කොල්ල කාලේ ගත්ත වර්ණ චායාරුපයක් වෙන්න ඇති.. මේව පිළිගන්න අමූ මොඩයොත් ඉන්නවනෙ... දුකයි දුකයි...

      Delete
  3. ලොල් ඈ අර තීන්ත ගාන උන්ව මු නම් කොරලත් එක්ක බලහන්කො.මරු මරු මුලාචාරියා ජයේ.. චිරාත් කාලයක් අපිට මෙහෙම විහිලු සපයපන් ඇ.අඩුම තරමින් අපේ ලේ ටික හරි පිරිසිදු වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. අම්මපා...මමත් මේක හැමදාම බලනවා බං මාර ආතල් එකක් දෙන්නේ මූ...

      Delete
    2. ඒ තීන්ත ගාන අය බව කියමින් කාලාන්තරයක් තිස්සේ ඔබලාගේ මනස ශෝධනය කර තිබුණි. බලන්න ඒ පින්තූර කොපිරයිට් කරල තියෙන්නෙත් ඒවායේ සත්‍ය කතාව කීමෙන් වළක්වාගන්නයි. නමුත් සත්‍යය සැඟවීමට නොහැකියි.

      Delete
    3. ඉරා අදුරු පට - ගොන් නාම්බෝ..කියවපන් මේක හරි ඇහින්. උඹේ හදවතින් නෙමේ මොලයෙන්. මීවනපලානේ ජයරත්න කියන ඒ දේශප්‍රේමිය ට ඕන වෙලා තියෙන්නේ මේ කාලේ කෑ ගහන ඉතිහාස භක්ෂකයන්ගේ (මිරැන්ඩෝ, සුර්ය, කාංචන) පිස්සු නරි නාටකවල යථා ස්වරූපය පෙන්නල සැබෑ හෙළ ඉතිහාසය ගැන කතිකාවතක් ආරම්භා කරන්න විතරයි. මී-ජයා හෙළ යක්කුන්ට කඩේ යනවා කියන උඹේ ඔය මෝඩ මතය පස්සට දාල මම කියනවටවත් මේකේ ලිපි එකින් එක මුල ඉදල මොලයෙන් කියවපන්.

      විද්වත් කතිකාවතක් කොහොම වෙතත්, ගොන්නු ටිකට ඇත්ත තේරුම් කරණ කොට මී-ජයා ට විතරක් නෙමේ අපිටත් හොදටම හති වැටෙයි.

      Delete
    4. @The Modern Patriot

      කාට කියන්නද බං මේවා...

      Delete
    5. @ ඉරා අදුරු පට
      මේකත් කියවපන්...
      තියෙන්න ගොන් අදහසක් නම් කමෙන්ට් නොකළට කමක් නෑ.

      Delete
  4. හරිම ලොල් සහගතයි මහාචාර්ය තුමෝ...බඩ කොර වෙලා හිනාවෙලාම...

    ReplyDelete
    Replies
    1. අර ගීතය දැක්වෙන වීඩියෝවටද? අපේ හෙළ තාක්ෂණය ගැන තියෙන ගීතයකට එහෙම කිරීම ගැන හිනා වෙන්න නෙමෙයි අඬන්නයි ඕනැ.

      Delete
    2. වීඩියෝ නෙමේ මිස්ටර් ඔබතුමාගේ වදන් වලට හිනා යන්නේ ලොවෙත් නැති වෙන්න.පිස්සු කෙලින්න එපා යකෝ.....

      Delete
  5. පිස්සා මු පිස්සා මු පිස්සු මීයා මු

    ReplyDelete
    Replies
    1. mama dannwa ubanam me meemana uncle ge blog eka wahala dana tenatama wade st koranwa.LOL

      Delete
    2. හප්පොයි නැ බන් අපිට විහිළුවක් කොරන්ඩත් ඉන්නේ මු විතරයි

      Delete
  6. patta sinduwa ! holmada polkola Kiwwalu!

    ReplyDelete
    Replies
    1. එය අපගේ හෙළගේ අභිමානය පෙන්වන පුරාවිද්‍යා මූලාශ්‍රයකි.

      Delete
  7. මගේ ගාව තියනවා කුන්ඩලිනී යෝගය යොදපු කෙටිපනිවිඩයක්.(sms) ඒ පනිවිඩයෙ තියෙන්නෙ **රාවන වරමින් මෙ phone එක off වෙන්ඩ** කියල. මැසේජ් එකෙ ඉතුරු ටික කියවන්ඩ බැ ඕෆ් වෙනව.
    එ මැ සේජ් එක ට්‍රයි කරල බලන්ඩ ඔන අය මේ no එකට sms එකක් දාන්ඩ මම මැසේජ් එක එවන්නම්.
    077 8630 278

    ReplyDelete
    Replies
    1. හැකිනම් ඒ ගැන පැහැදිළි කර වර්ගපූර්ණිකාවේ පළ කළ හැකි ආකාරයේ ලිපියක් එවිය හැකිද?

      Delete
  8. ජර්මානුවන් සමග සිටින රුසියානුවා නොදුටුවේද? ජයරත්නත් කොලේ වහල ගහනව වගේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඕකනේ කියන්නේ..චාමිටත් ඇස් පේනවා මදි කියලා.. ඇයි යකෝ එයිටත් පස්සෙන් හිටිය චීනා දැක්කේ නැද්ද..?

      Delete
    2. හෙළෝ චාමියෙනි, මාරයෙනි,
      ඒ රුසියානුවාද චීනා ද පරිවාර සේවකයින් මිසෙක පුරාවිද්‍යාඤයින් නොවේ.

      Delete
    3. හෙළෝ නිරිඇල්ලයෙනි... තොප තවම ලාමකය.. මුහුකුරා ගොසි නැතිය.. මේ වනාහී අප හෙළු යක් රහස් සොරකම් කිරීමටත් අප උරුමය වැනසීමටත් පැමිණි පරදේසක්කාර චර පුරුෂයින්ය. හොඳින් බලව...

      අහෝ..තොප වැන්නනුත් මෙසේ දූරදර්ශී නොවූ කල අප හෙල යක් ලේ ධාතුවට කුමන කලක් යාද..?

      Delete
    4. ඔය ධාතුවනං ඉතිං වෙන කොහෙ යන්ඩද?

      Delete
    5. විමසා බැලිය යුතු කතිකාවතක්.

      Delete
  9. මෙම විස්තර කිසිවක් දැන සිටියේ නැත. මෙම විස්තර සැපයූ ඔබට පින්. මේ ලිපියට අටුවා එක් කිරීමට තරම් දැනුමක් නොතිබීම ගැන හෙළයෙකු වශයෙන් ලජ්ජා වෙමි.

    ReplyDelete
  10. මේ පොටෝ ටික අරගත්තේ 2009 දී බොරු කියන්න එපා ජයරත්න මහත්තයෝ ...

    ReplyDelete
    Replies
    1. අපේ හෙළු ආතර් රජුගේ රජයට එරෙහිව ද්‍රොහි කම් කල පර සුද්දකු වූ ඔබ වැන්නකු කියනා දේ අප පිළිගත යුත්තේ ඇයි..?

      Delete
  11. හෙළෝ ඇදුරු ජයරත්නයෙනි,
    ඔබේ මේ ලිපිය කියැවීමෙන් මහද ප්‍රීති ප්‍රමෝදයෙන් ප්‍රහර්ෂයට පත්වූවා. මෙතෙක් කල් මා සිතා සිටියේ “නෙලුම් මලේ පෙති කඩලා“ ගීතය අවර ගණයේ බාල බයිලා ගීතයක් බව. නමුත් ඔබේ ලිපිය කියැවීමෙන් මා දැනගත්තා එය ගැඹුරු සැඟැවුනු අරුතක් ඇති විශිෂ්ඨ නිර්මාණයක් බව. එය දැනගැනුමින් මගේ සිරුරේ යක් ලේ ධාතුව කුපිත වී ගිය බැව් මා හට දැනුනා.
    රාවණා සිද්ධම්!

    ReplyDelete
  12. මම දන්නා තරමින් පේසාවළලු තිබෙන්නේ චෛත්‍යයේ පහල මිසක් හතරැස් කොටුව අසල නොවේ. එය එසේනම් නිවැරදි කිරීමක් කරන්නේනම් මැනවි.

    ReplyDelete
    Replies
    1. සිරාවටම මචං... පේසා වළලු තියෙන්නේ පහල මිසක් ඉහල නෙවෙයි.. මහ ලොකුවට හෙල ගවේශන කරන මිස්ට ටොං පච ජයරත්නය වැස්සටවත් දහම් පාසලකටවත් ගිහින් නැදද කොහෙද... උඹට පිං බන් හෙළයන්ව හිනස්සනවට.. හැබැයි මේ කරන අපරාධයට නම් උඹට ටොපිය හම්බෙන එක හම්බෙනවාමයි....

      Delete
    2. කාලතරණයේදී ඔය වගේ සුළු අමතක වීම් වෙන්න පුළුවන්. මම හිතනවා ජය-ර-තන මහත්මයා නිහතමානීව ඒක නිවැරදි කරයි කියලා. මම මේ ගැන කිව්වෙත්, නොදන්නා කෙනෙක් පේසා වළලු ගැන වැරදි අවබෝධයක් ඇති කර ගන්න පුළුවන් නිසා.

      Delete
    3. හෙළෝ රාමා... ඇයි තාමත් මේ වැරඳි අදහස් පතුරන්නේ... සුද්දා අපිට උගන්නපුවා උඹලා ඇයි කරේ තියං යන්නේ... රාවණා පාක්ෂිකිය්න වන අප විසින් කොත් කැරැල්ලේ කැරළි වලට පේසා වලලු යැයි කියනවානං ආයේ එතැන විවාදයක් තිබෙන්නට හැකියාවක් නැහැ.මේවා පේසා වලලු..යට ඇත්තේ කොත් කැරැල්ල නොවන බව ඔබ කොහොමද හරියටම කියන්නේ.. පුළුවන්නං එක සෙල් ලිපියක් හෝ පුස් කොල පොතක් පෙන්නන්න බලන්න ඒක එහෙමයි කියලා.. බැහැනේ නේද..? ඒ කියන්නේ හැමදාමත් වගේ රාවණ දරුවන් වන අපගේ මතය නිවැරදියි.

      (හුහ් ආවා මෙතන රාවනා කොල්ලන්ට වරදිනවා කියන්ට..)

      Delete
    4. මාරා , රාමා වන මාගේ සිත්තර ගුරු දේවයන් නියමාකාර හෙළ යකෙක්. එතුමාගේ ඉගැන්වීම් අනුව මා දන්නා දේ ප්‍රකාශ කලේ. කාලතරණයෙදී අධික වේගය හා කම්පනය නිසාම සුළු අමතකවීම් ඇති වීම ස්වාභාවිකයි..

      Delete
    5. ජය-ර-තන , මෙන්න මහා මේරු ගල. මෙය යලි මතු කර ගත්තේ සැබෑ හෙළ ඉතිහාසය සොයා යන රාජ් සෝමදේව ඇදුරු තුමන්.. මහා මේරු ගල ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

      Delete
    6. එහෙමනං අපි වෙලාවක කුණ්ඩලීනී යෝගය හරහා චැට් කරනා විටක මේ ගැන තව දුරටත් සාකච්ඡා කරමු...

      Delete
    7. ජය-ර-තන හා මාරය ,

      මේ දැක්වෙන්නේ දාගැබක රුප සටහනක්. එහි නම් කර ඇති කොටස් විස්තර කරන්නේනම් ස්තුතිවන්ත වෙමි. මෙය බාලිකා විදුහලක සිත්තර ඇදුරුතුමියක් වෙනුවෙන් මවිසින්ම "ක්ෂුද්‍රමෘදු වදන" හෙළ මෘදුකාංගය භාවිතයෙන් අඳින ලද්දක්...

      Delete
    8. @රාමා, ඒ වරද පෙන්වා දීම ගැන ස්තුතියි. ඇත්තෙම සිදුවුණේ මෙවැන්නක්. මා වඩාත් හුරුපුරුදු බාසාව වන "අප්‍රබංශ" බාසාවෙන් ඉහත විස්තර කියද්දී මෑතකදී මා ගාව වැඩ කිරීමට පැමිණි යතුරු ලියන්නෙක් එය හෙළ බසට පෙරළා යතුරුලියනය කිරීමකුයි සිදුකළේ. එහිදී ඔහු කොත් කැ‍රැල්ල පේසා වළලු ලෙස වැරදියට පරිවර්තනය කර සිටිනව.

      කෙසේ නමුත් මාරයා කියපු කරුණත් ඇත්ත. නමුත් හෙළය නම්‍යෂීලී නිසා බහුතරයකගේ මතයට මා හිස නමන්නම්.

      Delete
    9. @රාමා, මහා මේරුව ගැන නුදුරදීම ලිපියක් ලියන්නම්.

      චෛත්‍යයේ අංග මෙලෙසයි.

      A කොත් කැ‍රැල්ල, මෙය කොතෙන් ලබාගත් විශ්ව ශක්තිය ආරෝපණය කිරීමට යොදා ගනී.
      B දේවතා කො‍ටුව. දෙවිවරුන් ලැග සිටින කො‍ටුව
      C හත‍රැස් කො‍ටුව. මෙය ආරම්භ වූයේ රුවන්මැලිසෑයේ තාරකා දොර‍ටුවක් සෑදීමට හත‍රැස් කො‍ටුවක් අවශ්‍ය වීමෙන්.
      D ගර්භය. නිදන් රඳවා තිබේ. එසේම හෙළයේ පිරමීඩයක බඳ ලෙසත් ගනී
      E පේසා වළලු. තාරකා දොර‍ටුවට නැගීමේ පියවර 3 නියෝජනය වෙයි. භූමි ශක්තිය ලබා ගනී

      යටම ඇති වළලු තුනෙන් පේසා වළලු නියෝජනය කරන්නේ ඉහලම එකෙන් නම් E වලින් දැක්වෙන්නේ "සලපතල මලුව". ඒ කියන්නේ රාවන රජතුමාගේ ශලාව පතල වී තිබූ මලුව.

      Delete
    10. පල ඩෝ යන්න ... නිකන් පච කෙලින්නෙ නැතුව. ඒ පාර උඹ අර අහිංසක යතුරු ලියන්නවත් අල්ලගත්තද? ඒක නෙවෙයි ජයෝ , ජුගුප්සාජනක සිදුවීම් හමුවේ මිනිසුන්ගේ හැසිරීම් විශ්ලේශණය කරන ව්‍යපෘතියේ කී වන අදියරේද උඹ දැන් ඉන්නේ????????????????

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. Iron Man - ගොන් නාම්බෝ..කියවපන් මේක හරි ඇහින්. උඹේ හදවතින් නෙමේ මොලයෙන්. මීවනපලානේ ජයරත්නට ඕන වෙලා තියෙන්නේ මේ කාලේ කෑ ගහන ඉතිහාස භක්ෂකයන්ගේ (මිරැන්ඩෝ, සුර්ය, කාංචන) පිස්සු නරි නාටකවල යථා ස්වරූපය පෙන්නල සැබෑ හෙළ ඉතිහාසය ගැන කතිකාවතක් ආරම්භා කරන්න විතරයි. මී-ජයා හෙළ යක්කුන්ට කඩේ යනවා කියන උඹේ ඔය මෝඩ මතය පස්සට දාල මම කියනවටවත් මේකේ ලිපි එකින් එක මුල ඉදල මොලයෙන් කියවපන්.

      ඒත් තේරෙන්නේ නැත්නම්

      මේකත් කියවපන්..

      තියෙන්න ගොන් අදහසක් නම් කමෙන්ට් නොකළට කමක් නෑ.

      ඒත් තේරුම් ගන්න බැරිනම් උඹ ගිය ඉස්කෝලෙ හෝඩියෙ පන්තියෙ ටීචර්ට හිස දන් දීපන්. (අත් වැඩ වලට මැටි ගන්න)

      Delete
    13. අනේ මං දන්නේ නෑ මේ වගේ මීහරක් ටිකක්
      මෙච්ච්ර පැහැදිලි හෙළු බාෂාවෙන් ලියලත් මුන්ට තේරෙන්නේ නැති හැටි
      The Modern Patriot ඔබතුමා හදන්නේ ටීචර් ගේ අතේ ගොම ගාන්නද?

      Delete
    14. The Modern Patriot වනාහි ජයරතනයාගෙම තවත් එක් බොගක්(බ්ලොග් එකක්)බව එහි ගද නිසා සැකයක් ඇති වේ

      Delete
    15. @ ඉරා අදුරු පට - මා හට මුඛයෙන් සහ අධෝ මුඛයෙන් සිනහ පහළ වේ. 'බොග' මතක් කළ නිසා නොව නුඹ මතක් වූ බැවිනි. සකළ බ්ලොග් වාසී ජනී ජනයාට 'බයිට්' එකක් වීමට සහ 'බඩු ආතල්' සැපයීමට නුඹ හට වැඩි වැඩියෙන් හැකී වේවායි පතමි. ජය!

      Delete
  13. හෙලෝ ජයරත්නයනි,
    කුමක් කියන්නද කියලා මට සිතාගත නොහැක.
    පොඩ්ඩක් ඉන්න ටිකක් අඬලා ඉවර වෙලා ඇවිත් ආයේම කමෙන්ටුවක් දමන්නම්

    ReplyDelete
    Replies
    1. හරි ඇඬුවා,මෙවන් පරසුද්දන් අපගේ උරුමය අපගේ ඇස් පනාපිටම උදුරාගෙන උන්ගේ රටවලට ගෙන යන හැටි කෙලෙස නම් බලා හිඳිමුද? මේවා දැක දැක ආණ්ඩුවත් මර නින්දේ.
      මෙයට විරෝධය පල කිරීමට මූණු පොත හරහා දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට අපට නොහැකිද ජයරත්නයෙනි?

      Delete
    2. පේසා වළලු තියෙන්නෙ කොහෙද කියලවත් හරි හැටි දන්නෙ නැති මේ බොරු කාරයට මෙයත් රැවටිල.. නයි කයිද කියල කිව්වලු රෝස් පාං...

      Delete
    3. කට පරිස්සම් කර ගනුව.නැතහොත් රාවන රජතුමා නැවත පැමිණි කල තොපට සම්බුව හම්බවෙනු ඇත.

      Delete
    4. @ප්‍රමුදි: ++++++++++++++++++

      Delete
  14. අගේය ජයේ ....
    අගේය ..... "පේසා" වළල්ලට පහල සිටින ජර්මනුවනුත් . "පේසා" වළල්ලට ඉහල සිටින ජර්මනුවනුත් හැර වෙනත් ජර්මනුවනුවන් සිටීද ?
    නමුත් මෙහිදී මම දන්නා දෙයක් ද හෙළි කිරීමට කැමති
    පුරාණ කෝට්ටේ රාජදානිය පවතී ප්‍රදේශයේ වර්තමානයේ ජලදුර්ගයකින් වට කොට සෑදු පාර්ලිමේන්තුව පිහිටි බුමියේ ඉපැරණි තවත් මෙවන් තාරක දොරටුවක් තිබෙන බව අස ඇත්තෙම
    ඒ ගැන ඔබතුමාගේ අවදානයට යොමුවී තිබේද
    මගේ මිත්‍රයෙක් පවසන පරිදි එම ස්ථානයේත් මෙවන් තාරක දොරටුවක් ඇත
    අවශ්‍ය නම් චයප්රුපයක් පල කල හැකිය
    ඔබ තුමා ඒ ගැන සොයා බලන්නේ නම් අගනේය

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
  15. සම්පුර්ණ ඇත්ත කථාව.. මටත් ඔය සින්දුව අහනකොට හිතිලා තියෙනවා සුරංගනා ලෝකෙකට යන පාරක් ගැනයි කියන්නේ කියලා..බලද්දී කථාව ඇත්තනේ ,

    ReplyDelete
  16. අචාර්ය ජයරත්නයෙනි ,
    තව එක පුරස්නයක් ඇත. ඔබ තුමා සහ මෙම රාවන ෆිනොමිනය ගැන ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් තැන්පත් හිලරි නම් කාන්තා සුනඛ රත්නය විසින් හෙළ රටේ ඇමෙරිකා තානාපති (එවකට) පැට්‍රිෂියා බුටෙනිස් නමැත්තිය හට සොයා බලන ලෙස 2009 පමණ කාලයේ සිටම උපදෙස් දී ඇතැය් සිහිනෙන් අසීමි. තවද ජුලියන් අසන්ජ් නම් වීර හෙළයා විසින් ( ඔව් ඔහු ඕස්ට්‍රේලියානු පර සුද්දෙක් නොවේ ) හෙළිදරව් කරන ලද විකිලීක්ස් ගොනුවේ මේ පළිබඳ විශාල කේබල් ප්‍රමාණයක් ඇතත් එය්හිකවාදී බටහිර මාද්‍ය මෙන්ම කලම්බු ටෙලිග්‍රාෆ් වැනි ලංකික වෙබ් අඩවිද තම මතිමතාන්තර මෙමගින් සුනුවිසුනු වන නිසා හෙළිදරව් නොකරන බව සැලය. හැකිනම් ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ හෙළුව පෙන්නීමට මෙම කේබල් අප හමුවට ගෙන එන්නේ නම් කෘතඥ වෙමු

    ReplyDelete
  17. හෙළෝ ජයරත්නයෙනි. මෙම ගීතය මින් පසුව අවරගණයේ නාලිකා වල ප්‍රදර්ශණය නොකිරීමට යමක් කළ යුතුය. මේ දින වල අපි බොහෝ පර වඳන් බිඳ සිංහල නිරුක්ති සොයමින් සිටිමු. මාරයාගෙන් එයට ලැබෙන්නේ අනුපමේය සහයකි. දිනෙක ස්වේත පුෂ්පකයකින් අප සැම පැහැර ගනු ඇත්දැයි සැක සහිතය

    ReplyDelete
  18. මේ සුදුවෑන් කතාවත් පට්ට පල් බොරුවක් මට හිතෙන විදියට..

    ඇත්තටම වෙන්න ඇත්තෙ රාවණා එන්න කිට්ටු නිසා හැම තැනම තිබුන තාරකා දොරටු විවෘත වෙලා..නොදැනුවත්කම නිසා මිනිස්සු ඒවා හරහා ගිහින් විහින් අතුරුදහන් වෙනවා...පත්තරකාරයො කොහොමත් හැම තැනම රිංගනවනෙ..වැඩියෙන්ම අතුරුදහන් වෙන්නෙත් එයාලා...
    හෙලෝ ජයරත්නයානෙනි..මේ වෙනුවෙන් යමක් කරන්න.

    ReplyDelete
    Replies
    1. මාර බුද්දිමත් අදහසක් ඇ.මේ උබ ගල් යුගේද ඉන්නෙ.බලපන් අතගාල යටට ඇදලද කියල.උබල රෙදි ඇදන්ද බන් ඔය වගේ කතා කියන්නෙ නැත්නම් මෙතන ඔය විදියෙ කමෙන්ට් කරන්නෙ මුලාචාරියා මිවන අංකල් විසින්මද??? .මොනව උනත් ජයේ උබට පින් අපෙ ලේ දාතුව හරි පිරිසිදු කරනවානෙ

      Delete
    2. වචන භාවිතයේදි තරමක් සැළකිලිමත් වෙන්න..බ්ලොග් පොස්ට් එකක අරුත වටහා ගන්න උත්සාහ කරන්න.හාස්‍යය, උපහාසය වැනී දේ සුදුසු වුනත් අපහාසය හරහා ඔබ ඔබගේ නොදැනුවත්කම ප්‍රදර්ශණය කරනවා,
      මීවනපලානේ ජයරත්න ගේ අරමූණ වටහා ගන්න උත්සාහ කරන්න..
      ව්‍යාංගාර්තය වටහානොගන්නන් සපයන විහිලු, මීවනපලානේගෙ බ්ලොග් පොස්ට් එකකට වඩා අගනා බව මතක තබා ගන්න

      Delete
    3. "ව්‍යාංගාර්තය වටහානොගන්නන් සපයන විහිලු, මීවනපලානේගෙ බ්ලොග් පොස්ට් එකකට වඩා අගනා බව මතක තබා ගන්න"

      හුඟ දෙනෙක් මේකට දැන් එන්නේ මීවනයන්ගේ පෝස්ට් බැලීමට වඩා ඔය කිව්ව ආකාරයේ "සිරා" කමෙන්ට් බලලා හිනා වෙන්න...ඒ තරමට ඔවුන් ආතල් සපයනවා...

      Delete
  19. 1. මේ මනුස්සය සිංහල බස හරියට දන්නෙ නැහැ.

    2. මේ මනුස්සය මානසික රෝගී තත්වයකින් පෙලෙනව. .

    3. මුල් 2 ම වැරදි නං මෙ බ්ලොග් එක කියවන හැමදෙනාවම සියුම්ව බයිට් කරමින් ලොකු විනෝදයක් ලබනව

    මේ මනුස්සයව අපි බයිට් කරන එක වැරදියි. එක්කො මේ අසරණ මානසික රෝගියෙක්. නැත්තන් මේ අපිමයි බයිට් වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හිතවත් අකූ...

      එක ලිපියක් කියවා එක් වරම අවසන් නිගමනයකට ඒම සුදුසු මදි යැයි සිතමි..හැකියාවක් සහ වේලාවක් ඇතිනම් මුල පටන් මෙම ලිපි ටික කියවා පැමිණියහොත් ඔබට යමක් අවබෝධ කරගත හැකි වේවි.ඉඟියක් ‍දෙන්නම් විසෙන් විස නැසීමක් මේක...

      Delete
    2. අකු .. මාත් කැමතියි විසෙන් විස නසන්න... ලොල්... ඇයි මචං මේ වගේ පට්ටපල් බේගල් වලට උඹත් උඹේ ජීවිතය දෙන්නෙ...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අකූ දන්නෙ නැති ගොඩාක් බලරටාවන් ලෝකෙ තියනව. මේ සිංදුව ට අද ඉඳල අපි ගොඩක් ගරු කරන්න ඕනා.

      Delete
    5. මම සැහෙන දුරට කියෙව්ව ආටිකල් ටික.මට හිතෙන්නෙම මේ මේ මිනිහ අපිව බයිට් කරනව. හිනාවෙලා ඉවරකරන්න අමාරුයි මේ දෙන ආතල් එක.Dafuq i read කියල හිතෙනව.කම්මැලි වෙලාවට සැරි සැරේ මේ පැත්තෙ ඇවිත් හිත සන්තෝස කරං යනව.හිනාවෙලාම කම්මැලි හින්දයි කමෙන්ට් කරේ. මම දැන් ඇත්තටම කල් ගෙවන්නෙ ඊලඟ ලිපිය කොයි වගේ එකක් වෙයිද කියල නොඉවසිල්ලෙන්.මාත් රාවණා පැටියෙක් වන්නට ඉටාගත්මි කියල තමයි කියන්න තියෙන්නෙ. හැබැයි බ්ලොග් කලාව අලුත් ආරකට ගෙනියනව මේ බ්ලොගෙන්. දැනටමත් මේ මේ මනුස්සය බ්ලොග් කලාවෙ රාවණ ආරක් ඇති කරල. මටත් ආසයි මේ විදිහට පද බිඳින්න.ටාසන් බාප්පා සමග එකට උසස් අධ්‍යාපනය හැදෑරූ මූලික ලකුණු තියෙනව.මොනා උනත් මීවනපලානේ, ඔබ නම් ( මට විස්තර කරන්න විශේෂණ මදි එකයි දුක ) එලමයැ.

      Delete
    6. අකූ....මගේ හකු පනිනවා හිනාවෙලා....නෑ නෑ වර්ගපූර්ණිකාව කියවල නෙමේ. අකූ ගේ කමෙන්ටුව කියවල.

      (මම මේ සබැඳුම දානවට සමාවෙන්න මී.ජයා මහත්මයා.)

      අකූ...මේක කියවලවත් 'නූතන දේශප්‍රේමියෙක්' වෙන්න..

      ඒත් බැරිනම් මම මීට ඉස්සෙල්ලා 'ඉරා අදුරු පට' කියන එකාට දැම්ම කමෙන්ට් එකට අකූ...ගේ නම ආදේශ කරගෙන කියවන්න. (මොනව උනත් ලංකාවේ කොල්ලෙක්නෙ බයිට් වෙනවට අපි අකමැතියි.)

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. අනේ අනේ උබලත් අපේ මියගේ බොරු වලට අහු වෙනවනේ

    ReplyDelete
  22. ජයේ බලපං කවුද අප පරදේසක්කාරයෝ දෙන්නට අර දොර වහන්න සිමෙන්ටි අනලා දුන්නේ කියලායි බාසුන්නැහැ කවද කියලායි.. උන් දෙන්නාව සම්මුක පරීස්සනයකට දාලා මෙතන වෙච්ච සීන් එක හොයා ගන්න පුලුවන්නේ... (ආ ඒත් දැනගත්තත් ජයේ ඔයා යන්න එපා මොකද ඔයා එයාලව හම්බ උනොත් පහුවෙනිදම එයාලා මැරෙයි නැත්තං පැහැරගෙන යයි අනෙක් අයට හම්බවෙන්න කලින් :D

    අඩො මං විරොධී බල්ලනි මේක මෙහෙම නොවෙයි කියලා කොහෙවත් සෙල්ලිපියක නැති නිසා මේක බොරුයි කියන්න එන්න එපා ඕන්.. මං ආයේ තියන්නේ බුලත් කොල දාපු ලේසර් එකෙන් හරිද!

    ReplyDelete
  23. artical aka liwwa aka mati harakek

    ReplyDelete
    Replies
    1. මල්ලි...පොඩ්ඩක් හරි හිතෙනවනම් උඹටත් කියල මොලයක් තියනවා කියල,

      උඩින් 'ඉරා අදුරු පට' කියන එකාට මම දැම්ම කමෙන්ට් එක උඹට දැම්ම කියළ හිතල කියවපන්. බැරිම වුනොත් ඊට පහළින් දීල තියන ලින්ක් එකට ගිහින් බලපන්. ඒත් බැරිනම් උඹ ගිය ඉස්කෝලෙ හොඩියෙ පන්තියෙ ටීචර්ට හිස දන් දීපන්. (අත් වැඩ වලට මැටි ගන්න)

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. මෙන්න Dr. Klaus Groteගේ web ලිපිනය. මේ ගෑන ඔහුගෙන්ම අසා දැනගන්න පුලුවන් වෙයි නේද? http://www.grote-archaeologie.de/

    ReplyDelete
  26. andee DR wat kind of DR are you nikan mee borui kiyanna epaa godak mee blog ekee thiyennee ali pachaneeeeee

    ReplyDelete
    Replies
    1. මල්ලි...පොඩ්ඩක් හරි හිතෙනවනම් උඹටත් කියල මොලයක් තියනවා කියල,

      උඩින් 'ඉරා අදුරු පට' කියන එකාට මම දැම්ම කමෙන්ට් එක උඹට දැම්ම කියළ හිතල කියවපන්. බැරිම වුනොත් ඊට පහළින් දීල තියන ලින්ක් එකට ගිහින් බලපන්. ඒත් බැරිනම් උඹ ගිය ඉස්කෝලෙ හොඩියෙ පන්තියෙ ටීචර්ට හිස දන් දීපන්. (අත් වැඩ වලට මැටි ගන්න)

      Delete
    2. The Modern Patriot වීර හෙළු යක් මිතුරානෙනි,
      මේ වගේ පට්ටපල් ගොන් හරකුන්ගේ මෝඩ කොමෙන්ට් වලට කලබල නොවනු මැනවි.

      Delete
    3. මා පෞද්ගලිකව හඳුනන The Modern Patriot සාමාන්‍යයෙන් නිවුණු තැන්පත් චරිතයක් නමුත් දැන් දැන් පෙනී යන්නේ අසන දකින දේ වාවාගත නොහැකිව ඔහුගේ හෙළ යක් ධාතුව කුපිත වෙමින් පවත්නා බවකි. "හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට" බව දන්නා හෙළ යකුන් බලාපොරොත්තු සහගතව සිටින අතර රාමානුගාමික අපද ඔහුට මුහුණ දීමට සුදානම් වෙමින් සිටින්නෙමු...

      Delete
    4. ඇල් වතුර නිවා බොන, නිවුඩු හාල් බත් කන, නිවුනු මා පතන්නේ..අප හෙළුවන්ගේ සහ දෙමුහුන් භාරළුවන්ගේ (භාරත + හෙළු ) ඔලු වලට හූණු බෙට්ටක් තරම් වත් මොල චුට්ටක් ලැබේවායි කියාය.

      දැන් අප මේ ආකෘතියෙන් බැහැරට විත් 'කමෙන්ට්' දැමීමට කාළයයි. බ්ලොග් අවකාශයෙන් ඔබ්බට සමාජගත කළ යුතු කාළයයි. ඒ සදහා බ්ලොග් අවකාශයෙ සියළු දෙනා පළමුව දැනුවත් විය යුතුයි. ගොන් රැලක් සමග මෙය සමාජ ගත කිරීමට වඩා බාලිකා පාසලක වැසිකිලියක් එක උගුරට ගිල දැමීම යහපති. (වචන් සැර වැඩිද මන්දා ) හෙළ යක් ලේ කුපිත නෝවී තියෙයිද රාමා...

      Delete
  27. ලන්කවතර සුත්‍රය සින්හලෙන් කාට හරි හොරලා දෙන්න පුලුවන්ද .................

    ReplyDelete
  28. ශ්‍රී රාවණයන් විමානයන්ට 'විමාන' ලෙස නම් තැබුවේ ඇයි ජයරත්නයෙනි ? මටනම් සිතෙන්නේ සැම විමානයකම තාරකා දොරටුවක් තිබු බවයි. වි + මාන = විවිධ මාන වේ. කාලයට ලමබකව වෙනත් මාන හරහා ශුන්‍ය කාලයකින් ගමනට මෙය භාවිත කරන්නට ඇති. රාවණ රජුගේ තවත් සොයාගැනීමක් වන්නේ 'String Theory ' ය. මෙහි මාන 11 ක් ගැන කියවේ (සිරිලක + හිස් දහය = 11). 'නූල් සුත්තර' ලෙස හෙළුවන් අදත් මෙය හදුන්වයි. දියුණු කරන ලද String Theory වලට 'M - theory ' ලෙස එඩ්වර්ඩ් විට්න් නම් තැබුවේ ඇයි දැයි කිසිවකු නොදනී. එහෙත් අප දනිමු. 'M ' වලින් කියවෙන්නේ 'මන්දෝදරී' හෙවත් රාවණ රජුගේ ආදරණීය අග බිසවයි.

    ReplyDelete
  29. හෙළ යක් ජයරත්න ඇදුරුතුමනි...අප හෙළ ජාතිය විජය නම් වලත්ත මැරයාගෙන පැවත නො එන බව නම් අවිවාදිතය. ඒ ගැන පහත සදහන් සාක්ශියම ප්‍රමාණවත් නොවෙද? හෙළයන් වූ අපට කවමදාවත් මෙවැනි දේවල් සිදු වී නැත්තේ නොවේද?

    සාක්ශි

    ReplyDelete
    Replies
    1. හොඳ පොයින්ට් එකක්. ඒත් භාරතීයන් පවසන්නේ ලිඳ ගැඹුරු නොවේනම් කඹය දිගු වීමේ අවශ්‍යතාවක් නැති බවයි.

      RBI වාර්තාවන්ට අනුව ඔබ මේ විස්තර ලබාගෙන ඇත්තේ හෙළ රකුසු දුමියන්ගෙනි.

      Delete
    2. ඔව් ඔව් දුමියගේ කට කහන කථාවක් තමා. හැබැයි දුමිය කියන විදිහට ළිද ගැඹුරු වුනත් ජනගහණය පාලනයක් නැති වුනේ කඹේ කොට නිසානෙ..'ඉන්දියන් සයිස්' පාවිච්චි නොකළ නිසානේ.

      Delete
  30. ජයරතනයනි ඔබ කොහිද?
    තාරකා දොරටුවකින් පිට වී ගියාද?

    ReplyDelete
  31. ජයරත්නයණනි හෙලුවෙන්ම වනන්න... එතකොට තමයි පර ස්ද්දන්ට කත් අදින උන්ට තේරෙන්නේ ..

    ReplyDelete
  32. හෙලෝ ජයරත්නයෙනි..
    ටොයිලටයට සමවැදී කුන්ඩලීනිය අවදි කල බැවිං කමෙන්ට් කිරීමට පරක්කු විනි..
    සොරි (සො = සමාව රී = රෙන = බාන්න = දෙන්න සමාව දෙන්න)
    කියන්න කිසිදු දෙයක් නැත..
    මෙය නම් මහා අපරාදයකි..
    ජයශ්‍රී!!!!
    මීට රවනාගේ සෙන්පති..

    ReplyDelete
  33. මි අයියේ මට රාවනා අංකල්ව ටිකකට මිට් කරන්නකෝ කියන ඕනි ගාණක් දෙන්නම් මට පොරත් එක්ක පොඩි චැට් එකක් දාන්ඩ චාන්ස් එකක් අරන් දෙන්නකෝ ෆොටෝ එකක් ගහගෙන පුකේ සයින් එකක් දාගන්ඩ තිබ්බනම් ඇති මේක මට පහල උන දොළක් මේක සන්සිදුවගන්ඩ හෙල්ප් මි අයියා

    ReplyDelete
  34. උපහාසය හොඳයි. නමුත් එය අපහාසය වෙන තැන මතක තබා ගත යුතුයි. අපි මේ කතා කරන්නේ අවුරුදු 2500 ක කාලයක් ගැනයි. මීට අවුරුදු 15 ට පෙර අපි යන යන තැන දුරකථන අරගෙන යනවායි කිව්වනම් අපිට

    හැමෝම හිනාවෙයි. අවුරුදු 40-50 ට කලින් පෙට්ටියක් ඇතුලේ ඉදන් මිනිස්සු කතා කරනවා කිව්වනම් අපිට හිනාවෙයි. ගල් අඟුරු තරම් එකේ ඉදන්, Mars path finder යවන්න අවුරුදු 100 ක් ගියේ නෑ. ඉතින් අපි අවුරුදු 2500 ක් තරම් කාලයක වුනු දේවල් ගැන කොහොමද කියන්නේ. ඒ කාලය ශිෂ්ටාචාර ඇතිවෙන්න , නැතිවෙන්න හොදටම ප්‍රමාණවත්. මෙතරම් දියුණු යුගයක අපිට, super computers තිබිලත් අපිට තාම රුවන්වෙලිසාය වගේ එකක් ඉදි කරගන්න පුලුවන්ද? අපි නොදන්නා, නොහිතන විදිහක තාක්ෂණයක් ඒ යුගයේ තියෙන්න බැරි ඇයි? අවුරුදු 100 කින් අපි ගල් අඟුරු වල ඉඳල super computers වලට ගියානම් , අවුරුදු 2500 කදී වෙන්න පුළුවන් දේවල් ගැන අපිට හරියටම කියන්න අමාරුයි නේද? අපිට නොවැටහෙන , නොතේරෙන හැම දෙයම උපහාසයට ලක්කරන එක එච්චරම හොඳ වෙඩක් නෙවි කියලයි මට හිතෙන්නේ. Google ල free blog දුන්නු පලියට අපිට වෙන වැඩක් නැති නිසා වෙලාව තිබුණු පලියට අර හැමදේටම ඇඟිල්ල ගහන වඳුරා වගේ නැතුව, හැමදේටම හිනා නොවී , ලැබිල තියෙන දේවල් වලින් ප්‍රයෝජනයක් ගත්තා නම් හොඳයි නේද?????

    ReplyDelete
    Replies
    1. ඉතා අගනා කමේන්ටුවක්

      Delete
  35. ජයරත්නයානනි,,බර්ම්යුඩා ත්‍රිකොනය යනු තාරකා දොරටුවක් විය හෑකිද

    ReplyDelete
  36. හප්පොයි කොල්ලො අපේ මියගේ බොරු සිරාවටම අරගෙනනේ

    ReplyDelete
  37. මේක රුවන්වැලි සෑයේ කොතේ අලුත්වැඩියාවක්..මොකද ජයන්ත මහත්තය බොරු කියන්නෙ..?

    ReplyDelete
  38. නෙලුම් මල සඳහා ඉංග්‍රීසි වචනය වන්නේ Lotus හෙවත් ලෝටස් යනයි. එය ඇත්තටම හෙළ වචනයකි. "ලෝටස්" හි නිරුක්තිය වන්නේ ලෝ=ලෝකය, ට=ට, ස්=ස්ථානය, එනම් "ලෝකය ට ස්ථානය" යන්නයි. :-)

    ReplyDelete
  39. idea එක ආවේ මෙතැනින්ද? http://www.imdb.com/title/tt0111282/

    ReplyDelete
  40. අනේ මංදා බන්...
    මේක ඇත්ත කියල ද කස්ටිය කියන්නෙ....

    ඕකෙ කියන Joachim Hahn කියන පොර මෙන්න මෙතන 6 වෙනියට ඉන්නවා...
    http://www.ice-age-art.de/entdecken_und_erforschen/forscher.php
    පොර 1997 අප්‍රේල් මාසේ 27 වෙනිදා මැරිලා...

    ඔය කියන ෆොටෝස් අරගෙන තියෙන්නෙ
    වරුණ කමලවංශ කියන පොර 2006 බ්ලොග් ලියන්න ආපු බුවෙක්, මං හිතන්නෙ ජපුර කැම්පස් එකේ(නිකෝන් කැම් එකක් use කරන්නෙ)...
    ඉතින් මැරුන කියන පොරක්ගෙ ෆොටෝ එකක් මේ පොර කොහොමද ගන්නෙ...

    කරුණාකරල දෙන තොරතුරු වල සත්‍යභාවය ගැන ටිකක් හොයල බලලා පෝස්ට් දාන්න.
    ---තව විස්තර ඕනෙ නම් කියන්න, හරි ද වැරදිද කියල තව කියන්න ඕනෙ නම් මම කියන්නම්---

    ReplyDelete
  41. රාවනා හෙලයේ ශ්‍රේෂ්ඨ රජකු යන්නයි මගේ මතය. නමුත් ඔබේ ලිපියේ පහත කරුනු පැහැදිලි කරන්නේ නම් මැනවි

    1. ඔය ඡායා රූප රුවන්වැලි සෑයේ හුනු ගාන දර්ෂන නොව්ද?? 1979 වර්ෂවල වර්න ඡායා රූප ගත්තේ කෙසේද?? ඒ කාලේ ගත්ත තවමත් මෙතරම් පැහැදිලිව තිබෙන එකම පිංතූර පෙල මෙය විය හැක.
    2. එසේම ඔය යාත්‍රිකයා සක්වල දොරටුව ලගට ගියේ කෙසේද?? මොකද ඇතුලට යන්න ඔය නෙලුම් මල ඉස්සරහ හිට ගන්න ඔනනෙ??
    3. රාවනා රජු සිහිමුර්ජාවී සිටිනවානම් දුටුගැමුණු රජතුමා හමුවූයේ කෙසේද?

    කරුනාකර පිලිතුරු දෙන්නෙ නම් පිං....

    ReplyDelete

නුදුරු අදහස්