Wednesday, July 18, 2012

පුලස්ථි සෘෂිගේ පර්යේෂණාගාරයක් ලග්ගල කදු මුදුනේ

මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ අපූරු හෙළ විද්‍යාත්මක පර්යේෂන පත්‍රිකාවක් පළ කර තිබේ. එය කිසිදු වෙනසකින් තොරව වර්ගපූර්ණිකාවේ සහෘදයින් වෙනුවෙන් මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින, බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.

පුලස්ථි සෘෂිගේ පර්යේෂණාගාරයක් ලග්ගල කදු මුදුනේ

රාවණ යනු වසර දෙදහස් පන්සියයකට වරක් හෙළ දෙරණ මත ඇතිවන ශක්තියක් බව අපි වරින් වර පෙන්වා දුන්නෙමු. වසර දස දහසකට පෙර තරු රාවණද, වසර හත්දහස් පන්සියයකට පෙර බලි රාවණද, අවසානයේ වසර පන්දහසකට පෙර දසිස් රාවණ ශක්තියද අප හෙළ දෙරණ ලෝකයට ඔසවා තැබීය. වසර දෙදහස් පන්සියයකට පසුවද අප හෙළ දෙරණ තුළ මෙම පරිවර්තනීය ශක්තිය ක‍්‍රියාත්මක වූ අතර එය අපි බුද්ධ ශක්තිය ලෙස හඳුන්වන්නෙමු. රාවණ ශක්තිය හෝ බුද්ධ ශක්තිය ආදී කුමණ නමකින් අප පැහැදිලි කළද ලංකාව තුළ එකම රටාවක් දිගින් දිගට ක‍්‍රියාත්මක වන බව පෙනීයයි. අපි අවසන් රාවණ රජු ලෙස කතා කරන දසිස් රාවණ නැතහොත් ‘යගු කෞරාණ මන්ඨක’ගේ පරපුර පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට උත්සහ දරමු.


ලෝකය පාලනය කිරීම උදෙසා බ‍්‍රහ්මයා විසින් පුතුන් සත් දෙනකු නිර්මාණය කළේය. මෙහිදී බ‍්‍රහ්මයා යනු අප කලින් කතාකළ පිටසක්වළ ජීවී රජෙකු හෝ යම් තනතුරක් විය යුතුය. ඔහුගේ පුතුන් යනු පෘතිවියේ නිර්මාණය කළ ජනපද හත පාලනය කිරීම උදෙසා පත්කළ පාලකයන් හත් දෙනා විය යුතුය.

පුලස්ථි, වශිෂ්ඨ මෙසේ බ‍්‍රහ්මයාගේ පුතුන් ලෙස පොළොවේ පාලනයට දායක වෙයි. එහිදී වශිෂ්ඨ ඉන්දු ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික නායකයා ලෙසත්, පුලස්ථි හෙළ ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික නායකයා ලෙසත් ස්ථානගත විය. මෙහිදී අප තේරුම්ගත යුත්තේ මෙම ජනාවාස හත තුළ එකකට එකක් වෙනස් තත්ත්වයන් ක‍්‍රියාත්මක වීමයි. එහිදී එම ශිෂ්ටාචාරවල ආරම්භක ස්වභාවය මත ශිෂ්ටාචාර වර්ධනය වීම සිදුවුණි.

පුලස්ථි ඍෂි හෙළ ශිෂ්ටාචාරයේ පාලන තන්ත‍්‍රය පිහිටුවීම උදෙසා තෝරාගනු ලබන්නේ වර්තමාන පොළොන්නරුවයි. පුලතිසි පුරවරය ලෙස එය හැඳින්වුණි. පුලස්ථි මහ ඍෂි උපරිම ලෙස ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කළ ඍෂිවරයකු වුවත්, ඔහු තුළ පැවති විශේෂත්වය වනුයේ භෞතික සංවර්ධනය උදෙසා නව තාක්ෂණික ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීමට තම ආධ්‍යාත්මික ශක්තීන් උපයෝගී කර ගැනීමයි.

ලෝකයේ සියලූම දැණුම එක්තැන්කර ඇතැයි සැලකෙන චතුර්වේදයෙහි පළමු වේද ග‍්‍රන්ථ තුන සම්පාදනය කරනුයේද පුලස්ථි ඍෂි විසිනි. පුලස්ථි ඍෂි වර්තමාන වසරවලින් අවුරුදු දෙසීය හතරක් ජීවත් විය.

පුලතිසි පුරය ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම පාලන ඒකකයක් ලෙසද පවත්වා ගෙන ගියේය. වර්තමාන පරාක‍්‍රම සමුද්‍රය මැද ඇති සීත මාලිගය පුලස්ථි මාලිගාවේ කොටසක් ලෙසින් සැලකේ.

ලග්ගල කඳු මුදුනේ මෙතුමාගේ විශේෂිත පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටා තිබුණි. ලග්ගල අහස් සිතියම හොඳින්ම අධ්‍යනය කළ හැකි ස්ථානය ලෙසින් සැලකේ. පුලස්ථි ඍෂි විශ්වය හා සබඳතා පැවැත්වූයේ මෙහි සිටය. යුරෝපීය චිත‍්‍රපට බොහොමයක වස්තු බීජ හෙළ පොළොව තුළින් උකහා ගත් ඒවා වන බව අතීතය සොයා යෑමේදී අපට අවබෝධ වන කරුණකි. එනම් අපට පෙර අපේ අතීතය ඉතා සියුම්ව යුරෝපීය ජාතීහු අධ්‍යනය කොට අවසානය. එහෙත් ඔවුහු ඒවා හෙළි නොකරති. පුලස්ථි ඍෂි මියයෑමෙන් පසු ආදාහනය කළ ස්ථානය මත නාලන්දා ගෙඩිගෙය නිර්මාණය කළ බවට විශ්වාසයක් පවතියි.

පුලස්ථි ඍෂිගේ යළි ඉපදීම රාවණ යුගයේදී සිදු වූ අතර මහා කාල ඍෂි ලෙස ඔහු හැඳින්වුණි. රාම රාවණ යුද්ධයට පුලස්ථි ඍෂිගේ දායකත්වය ලැබෙන්නේ එලෙසය. මහා කාල ඍෂිද අසීමිත දැනුමකින් සපිරි ඍෂිවරයකු වන අතර රාවණ යුගයේ හෙළ අසුර ව්‍යාප්තියට ඔහුගේ දැනුම බොහෝ සෙයින් හේතුවිය. විශේෂයෙන්ම රාවණ යුගය බලගැන්වූ පළිඟු තාක්ෂණය පුලස්ථි ඍෂිගේ සොයා ගැනීමකි. පුලස්ථි ඍෂි ඇරඹූ රොහල් ගණනාවක්ම එකල හෙළයේ පැවතියේය.

පුලස්ථි ඍෂිගේ වැඩිමහල් පුත‍්‍රයා වනුයේ වෙසමුණි නැතහොත් වෛශ‍්‍රවණ මුණිවරයාය. පුලස්ථි ඍෂිගෙන් පසු හෙළ රාජ්‍යයේ පාලනය හිමිවනුයේ ඔහුටය. වෛශ‍්‍රවණ මුණි යනු තුන් ලොව සිටි බලවත්ම පුද්ගලයාය. එකල බලවත් රජෙකුව සිටි සුමලින් හට තම දියණිය සරණ පාවා දීමට සුමලින්ට වඩා බලවත් රජෙකු සොයාගත නොහැකි වූ විට අවසානයේ ලොව බලවත්ම මුණිවරයාට තම දියණිය සරණ පාවා දීමට තීරණය කළේය. රාවණ රජුගේ මව වූ කෛකේෂි සුමලින්ගේ දියණියයි. එසේ බලන කල මහා රාවණ බලවත් රජෙකු වනුයේ පරපුරු දෙකේහිම උරුමයක් ලෙසිණි.

රාවණ රජු උපත ලබනුයේ වර්තමාන මතුගම ප‍්‍රදේශයට ආසන්න ප‍්‍රදේශයක විශ‍්‍රවස් මුණිගේ ග‍්‍රාමයේ යක් විල නම් ප‍්‍රදේශයේ පිහිටි මාලිගාවකදී. මෙම මාලිගය කෛකේෂි මාලිගය ලෙස හැඳින්වුණි. කෙසේ වෙතත් අප ලංකාවේ අධිශක්ති කලාප දෙකක් පෙන්වා දුන් අතර දකුණු ප‍්‍රදේශයේ පිහිටි කලාපය (මෙය භීම මණ්ඩලය ලෙසද සමහර තැනක සඳහන් වේ) මාධ්‍යයේ මෙම මාලිගය පිහිටා ඇත.



රාවණ කුමරු තුළ බ‍්‍රාහ්මණ ස්වභාවයක් හා රාක්ෂ ස්වභාවයක් යන ස්වභාවයන් දෙකම පවතී. එයට හේතු වනුයේ මාපිය සම්මිශ‍්‍රණය සමගම අධිශක්ති කලාපය හරහා ලැබෙන ශක්තියයි. උපතේ සිටම බලවත් චරිතයක් බවට රාවණ පත්වනුයේ එබැවිණි. රාවණ රජුට සහෝදර සහෝදරියන් කිහිපදෙනකු විය. කුවේර, විභීෂණ, කුම්භකර්ණ, සුපර්ණිකා, කරන්, දුෂණන් ආදී නම්වලින් ඔවුන් හැඳින්වුණි.

පියාවූ විශ‍්‍රව මුණිගේ බිරින්දෑවරු පස්දෙනකු පිළිබඳ තොරතුරු පවතින අතර මෙම විවාහ සියල්ලේ දරුවන්, සොහෝදර සහෝදරියන් ලෙස සැලකෙයි.

කුවේරගෙන් රාජ්‍ය අල්ලා ගැනීමෙන් පසු රාවණ රජුගේ රාජ්‍ය පාලනය උදෙසා සහෝදර සහෝදරියන් සියල්ලම සහයෝගය ලබාදුන් අතර, පසුකාලීනව විභීෂණ බල තණ්හාව නිසා රාජ්‍යය පාවා දුන්නේය.
අපි රාවණ පරපුර පිළිබඳ කතාකරන බැවින් සහෝදරයන්ගේ සබඳතාවලින් ඉදිරියට ගමන් කිරීමට උත්සහ දරමු. රාවණ රජුගේ මවු පෙළපත වත්මන් ඉරානය පවතින ප‍්‍රදේශය පාලනය කළ ඉරණි රජ පෙළපතින් පැවත එන්නකි. එම පරපුරේ සුකේෂ රජුගේ පුත‍්‍රයා වූ සුමාලි හා කේතුමතී කුමරියට දාව ඇය උපදියි.

රාවණ රජුගේ බිසව වනුයේ මන්දෝදරි කුමරියයි. මන්දෝදරි යනු නාග ගෝත‍්‍රික තරුණියක් ලෙස යම් තැනක සඳහන්ව ඇත. එහෙත් ඒ පිළිබඳ ස්ථීරව සඳහනක් කිරීමට නොහැකිය. මන්දෝදරි යනු ලොව රූපශී‍්‍රයෙන් අගතැන්පත් කුමරියක් ලෙස රාමායනයේද සඳහන් වෙයි. රාවණ හා මන්දෝදරියට දරුවන් දෙදෙනකු ලැබුණි. ඔවුන් නිවුන් දරුවන්ය. රාවණ රජුට දරුවන් උපදින දිනය පිළිබඳ අනාවැකියක් පැවසූ මහ ඍෂිවරයකු පැවසුවේ එදින රාත‍්‍රී දොළහට පෙර උපදින දරුවා රාවණ රාජ්‍යය රකින බවත්, දොළහට පසු උපදින දරුවා නිසා රාජ්‍ය විනාශ වී යන බවත්ය. මේඝ පළමු දරුවා විය. ඉන්ද්‍රජිත් නමින් අප දන්නේ රාවණගේ පිරිමි දරුවාය. ශොහිලි (සීතා* රාවණගේ දියණියයි. එහෙත් දොළහෙන් පසු ඉපදීම නිසා උපතේදීම ඇයට මාලිගයෙන් පිටව යන්නට සිදුවිය. රාවණ පුත් ඉන්ද්‍රජිත් විවාහවූයේ සුලෝචනා සමගය. ඉන්ද්‍රජිත්ට දරුවන් දෙදෙනකු වූ අතර ඔවුන් රවිශෛලාෂ හා කොවේසස්ථය. රාවණ රාජ්‍යය විභීෂණ අතට පත්වීමෙන් පසු ඉන්ද්‍රජිත් පුතුත් විසින් යළි කැලණියේ පිහිටි විභීෂණ රාජ්‍යයට පහරදී රාවණ පරපුරට බලය නතුකර ගනු ලැබුණි.

රාවණ රජු බුද්ධෝත්පත්ති දෙකකට පසු බුදුවන බවට රාවණ පරපුරේ පැරැුණ්ණෝ විශ්වාස කරති. එයට හේතු වනුයේ රාවණ රජු කාශ්‍යප බුදුන්ගෙන් බණ අසා බුදුබව ප‍්‍රාර්ථනා කිරීම යැයි ඔවුහු පවසති. මංජු ශී‍්‍ර බෝධිසත්වයෝ නමින් බුදුවනුයේ රාවණ රජු යැයි විශ්වාසයක් පවතී.

ඉන්ද්‍රජිත්ගේ පුතුන්ගෙන් ව්‍යාප්ත වූ පරපුර ව්‍යාප්ත වීමේදී ඉන්ද්‍ර යන නම මුල් කර ගනිමින් ව්‍යාප්ත වූ බව පෙනීයයි. දේවේන්ද්‍ර, මහේන්ද්‍ර, සුරේන්ද්‍ර ආදී ලොවින් පවතින පරපුරු එසේ ව්‍යාප්ත වූ පරම්පරාවන්ය.

රවිශෛලාෂ හා කොවේසස්ථ පාලනයට ලංකාපුරය නතුවීමෙන් අනතුරුව ප‍්‍රධාන පාලන ඒකක අටක් යටතේ පාලනය ගෙන ගිය අතර දිගින් දිගට හෙළ යක්ෂ පාලනය සවිමත්ව පැවතුණි. අගිය, තේක්ධශ, තිමිර,කනශ, බිම්බා, (කුවේණිගේ පියා), මෙන්ම අවසානයේ කුවේණියගේ පුතා වූ වීරබාහුද රාජ්‍ය පාලනයට දායක වෙමින් රාවණ පරපුර ඉදිරියට ගෙන ගියේය. එසේ ව්‍යාප්ත වූ හෙළ රාවණ පරපුර අදටත් හෙළ දෙරණ තුළ නව දෑ නිපදවමින් හෙළය පෝෂණය කරමින් සිටිති.

කාංචන ගීත මනමේන්ද්‍ර - රන්දිව

50 comments:

  1. ඒ අනුව ඉන්ද්‍ර විසින් ඔහුගේ එක් පුතෙකු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කල අතර ඔහුගෙං පැවත එන පුත්‍රෙයකු අදද එම ක්‍රීඩාවේ නිරත වෙයි.
    ඔහු මහේන්ද්‍ර වේ..
    මේ වන විට ඔහු ඉන්දියානු කන්ඩායමට ක්‍රීඩා කලද රාවනාගමනයත් සමගම ඔහු ඉන්දියානු ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ඉරා දමා ලංකාවට ක්‍රීඩා කරනු ඇත..
    ජය ශ්‍රී!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. එපමණක්ද..හොඳින් බලන් දමා ඇති රෑපය දෙස..එය නිර්මාණය කල ශිල්පියා ත්‍රෛලෝක විජයපත්‍ර පූජාවකින් වරම් ගෙන රාවණා දැහැනට සම වැද බලා සිටියා සේ ඇඳ ඇත්තේ අප මහා රාවණයන්ගේ මහා පුරුෂකායයි.. ඒ දෙස හොඳින් බැළු කල ඔබට අවබෝධ විය යුතුයි වර්ථමාන ක්‍රීඩකයින් අතරද මෙවැනි මුහුණුවරක් ගත් කීඩෑවකු ඇති බව... ඒ කීඩෑවාත් රාවණ මෙන් පිටියට බැස සතුරන්ගේ පොලු උගුළුවාලන්නෙකි... හොඳින් බලන්න හඳුනා ගන්න..රාවණ උරුමය ඇති කීඩෑවා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ජය-ර-තන, දේහ විදුම් සම්ප්‍රදාය ලොවට හඳුන්වා දුන්නේත් හෙළයෝ නොවේද ? මේ මරුවන් කියන දඬු වියෝගකයා අක්ෂිපවුරු විදීමක් කරගෙන සිටින අයෙක් නේද ?

      Delete
    4. මාගේ හෙළ ගවේෂණයන්ට අනුව පැහැදිළි වූයේ, ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන්නේත් රාවන රජතුමා විසින්ම බවයි.

      රාවණ රජතුමා හඳුන්වා දුන් එක්තරා පන්දු ක්‍රීඩාවක් කරන ක්‍රීඩකයින් වඩාත් ක්‍රියාකාරී වෙන බැවින් ඒ ක්‍රීඩකයින්ට 'ක්‍රියාකාරී කට්ටිය' යන නම තැබිණි. පසුව එහි මුල් අකුරු භින්න වී 'ක්‍රිකට්' යන නම හැදුණි, කෙසේදයත්, ක්‍රි=ක්‍රියාකාරී, කට්=කට්ටිය

      ඉදිරියේදී රාවණ රජතුමා හඳුන්වා දුන් ක්‍රිකට් ක්‍රීඩාව ගැනත්, එසේම බේස්බෝල් ලෙස අද පර සුද්දන් හඳුන්වන අපගේ එල්ලේ ක්‍රීඩාව ගැනත් ලිවිය යුතුයි.

      Delete
    5. අඳෝමැයි!! රාවනා වන මම එකල ඔය කියන පරිදි පැහැදිලි සිංහලෙන් නම් තැබූ නිසා පසුකාලීනව තොපට පද වැහැරීමට හැකිවී ඇත. රාවණා වන මටද වටහා ගත නොහැකි කරුණක් ඇත. එනම් ඉන් පසුව මෙම බ්‍රාහ්මී ආදි නම් වලින් කියෙවෙන අක්ෂර පැවතී නැවතත් මේ මා ලියූ සුද්ද සිංහලයම මතු වීමටත් ඒ කාලයේ තොපට ඉපදීමටත් ඇති වාසනා ශක්තිය කුමක්ද යන්නයි?
      අනෙකනම් තොපට පමණක් දර්ශනය වන මට වත් බලා ගැනීමට පින් නැති පැරණි සෙල්ලිපි වල ශ යනු ඛ යනු දමා අමාරුවෙන් ලියා ඇත්තේ මන්ද යන්නයී.

      අහා සතුටුයි ජයරත්නයෙනි සතුටුයි... මට මාගේ නිර්මාණයක පද නිරුක්තිය සිහි කැඳවින.

      1) අමන = අ = අති ම =මහා න = නුවන = අමන (අති මහත් නුවන ඇති)
      2) අංගොඩ අ = අමන (ං) ගොඩ = ගොඩ යවන ස්ථානය = අංගොඩ (අමන යන් වඩාත් අමන කරවන)

      මෙම ස්ථනය මා නිර්මාණය කලේ ඔබ සඳහාම බට මතක් වන විට මගේ නෙතටග කඳුලක් උනා එයි.. ජයරත්නයෙනි මා උට්ඨාන වූ විගස මා අංගොඩ නවීකරණය කොට ඔබට හිමි එම අමන දැනුම වර්ධනයට උපකාරී වෙන බව දිවුරා පොරොන්දු වෙමි

      පලි - මට මේ වර්ෂ අවසානයේ උට්ඨාන වී ගත නොහැකි උවහොත් ඔබ ඇතුලු අමන පිරිස දැනට පවතින අංගොඩ වෙත ගොස් පවතින දැනුම වර්ධනය කරගන්න.. ඔබ විස්වාස කරන පරිදිම මා උට්ඨාන වූ විගසින් ඔබලා නිසි තැන තැබීමට පොරොන්දු වෙමි

      ශ්‍රී රාවණ සිද්ධම්..
      කිං රාවණ

      Delete
    6. පද නිරුක්තියත් ආතල් දෙයක් නෙව....
      'ආතල්' වචනයත් හෙළ ක්‍රමයට පද නිරුක්ති කරන්න බැරිද???? ආ + තල් ?????

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. හැක හැක... අනේ බොල තරිදුවෝ.... උබත් මේ වගේ ගොන් මෝඩ කතා විශ්වාස කරයි කියල මං කවදාවත් හිතුවේ නෑ..

      Delete
  2. මේ පෝස්ට් එක නම් වැදගත් වගේ ඔහොම යමු

    ReplyDelete
    Replies
    1. ඇයි අවතාර් සොයුර මෙතෙක් කලක් මෙහි වූ කිසිදු පෝස්ටුවත් නොවැදගත් වූයෙහිද..? ඒ සෑම දෙයින්ම නිකුත් වූයේ අපගේ හෙළු සුවඳ නොවේද.. යක් පරපුරේ අභිත නාදය නොවේද..?

      Delete
    2. ඉහත පෝස්ට් එකට වඩා ගොඩක් වැදගත් මෙන්ම අපට බෙහෙවින් ආඩම්බර විය හැකි පෝස්ට් එකක් පහත දැක්වෙනව. (ආඩම්බර වීමෙන් ඇති වැඩේ මොකක්ද කියල එහෙම අහන්න එප ඔන්න)

      http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_18.html

      Delete
  3. ජයේ මේ වටිනා සිත්තම මේ බ්ලොගයේ ඇති භාරතීය ත්‍රෛමාන කැරිකේචරය වෙනුවට යොදා ගත නොහැක්කේද ?

    ReplyDelete
    Replies
    1. මේ පින්තූරයේ වඩාත් භාරතීය බවකුත් පෙනෙනව නේද? ඒත් කට්ටිය කැමතිනම් ඒක යොදා ගන්නම්.

      Delete
  4. dan meke kiyana widihata parakkrama samudraya wasara 2500kata eha ne hadala thiyenne ? LOL e unata aape pela pothenam thiyenne King Prakkramabahu wisin eya nima kala bawa LOL

    ReplyDelete
    Replies
    1. පැහැදිළිවම පෙළ පොත වැරදියි, විස්ස විජ්ජාල වල ඉන්න මහාචාර්ය යැයි කියාගන්න අය මොනවද දන්නෙ. පුහ් පොත් පාඩම් කරල උපාධි ගත්ත අය

      Delete
  5. ඔන්න දැං ටිකෙන් ටික අපේ ඒ අභිමානවත් ඉතිහාසය ගොඩ ගනිමින් පවත්නේය.ජය වේවා.අනභිබවනීය ජාතියක තේජස නිරාවරණය කරනු සඳහා වෙර දරන වීර පුතුනි, ඔබට ජාතියේ උත්තමාචාරය!!!!

    ReplyDelete
  6. රන්දිව පුවත්පතත් මට පෙනෙන ආකාරයට රාවනාවාදීවගේ ?

    ReplyDelete
    Replies
    1. ඔව්, එය රාවණ රජතුමාගේ නිල පුවත්පතයි

      Delete
  7. ඔය මනමේන්ද්‍රයෝ රන්දිව පත්තරේ පිටු 3කට විතර තනියම වග කියනවා. එතුමෝ එක් එක් විෂය ධාරාවන් ඔස්සේ කරන සූක්ෂම හැදෑරීම් නිරීක්ෂණ නිගමන ආදීයට සෑහෙන ඉඩක් පත්තරෙන් ලබා දීල තියෙන්නෙ ඒක "යුගයේ" අවශ්‍යතාවයක් නිසා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. හරියටම කිව්වොත් මනමේන්ද්‍ර විසින් ඇති කරණ රැල්ල මේ 'වර්ගපූර්ණිකාව' තුළට ගෙන ඒමෙන්, යුගයේ අවශ්‍යයතාව සපුරන්නේ 'මී-ජයා' වේ. වර්ගපූර්ණිකාව ගැන 'බ්ලොග්වාසීන්ගේ' කියවීම අනුව 'කංචන මනමෙන්ද්‍ර' ගේ ලිපිද මෙහිදී 'නිවැරදි කියවීමට' ලක් වේ.

      Delete
    2. ඉදිරියේදී රන්දිවේ ඉතිරි ලිපිත් නිවැරදිව කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ පළ කරන්නම්

      Delete
  8. මන්දොදාරි ගැන මම අහලා තියන කතාව වෙනස්. රාවණා ස්ත්‍රීන්ට ලොල් කෙනෙක්ලු. ඔහු රටක් ජයගත් වහාම එම ගැහැනුන් තම අන්තඃපුරයට ගෙන එන සිරිතක් තිබුනාලු. රාවණාට ආදරේ කලත්, බිසව ඒ ගැන අප්‍රසාදයෙන් ඉඳලා තියෙන්නේ. ඉතින් ඇය ගැබ්බරවූ අවස්තාවක, බිසව ඔහුට හොරා තම පියා වන විශ්වකර්ම වෙත ගමන් කර තිබෙනවා. එහිදී ලැබුනු දරුවා තමයි ඈ ජනක රජුගේ උද්‍යානයේ දමා එන්නේ. ඒ රාවණා සමග තරහට කල වැඩක් බව පැවසෙනවා. (රාවණා දියණියක් බලාපොරොතුවෙන් සිටි කෙනෙක් ) ඒ දැරිය සීතා. රාවණා සීතාට හානි නොකලේ, එතරම් ආදරේ කලේ ඒ හන්දලු. මන්දෝදාරි මාලිගාවේ නිදා සිටිනවා දුටු හනුමා ඒ සීතා යැයි රැවටුන අවස්තාවකුත් රාමා‍යණයේ තිබෙනවා.

    මේවා ඉතින් ලූ කතා. ඔබතුමා ඇත්ත කතාව දන්නවා ඇතිනේ.:)

    ReplyDelete
    Replies
    1. ඒකාලේ අම්මලා ළම්යි නළවගන්න කියපු කතන්දරයක් වගේ :-)

      Delete
    2. ඒක ඇත්ත කතාවක්. සී=සීසාන, තා=තිය=ස්ත්‍රිය. ඒ අනුව සීසාන තැනකින් හමුවුණ ස්ත්‍රිය සීතා වුණා.

      Delete
  9. මහාවංශයට පෙර ඉතිහාසය සොයන, ඊට උරුමයක් නැති අය, මහාවංශය වැනි හිතළු ගොඩ නගන කොට සිංහල ඉතිහාසය කොහොම වෙතත් තම තමන්ගෙ අතීතයට සිංහල ඉතිහාසය කියා ගන්නවා.

    ඔය රාවන කියන නම සිංහලයට ගිල්ලන්න හදන අය ඔය නම කිව්වෙ ඉරාණෙ පැත්තෙ අය කියල මම කලිනුත් මතක් කලා. ඔය "අසුර" කියන වචනෙත් ඒ කට්ටිය විකෘතියෙන් උච්චාරණය කල "සුර" කියන වචනෙම බව මම කිව්වා. මෑතක් වෙනතුරු ඔය ඉරානෙ පැත්තෙන් බඩ ගාගෙන ආපු අය මහාවංශය තමයි සිංහල ඉතිහාසේ කියල මොර දුන්නා. දැන් බැලුවම එයින් ටික දෙනෙක් මහාවංශ ඉතිහාසයට කලින් ඉතිහාසෙට රාවන කෑල්ලක් දාගෙන සිංහල උරුමය කන බව පෙනෙනවා. මෙයාලගෙ රෙදිත් ගලවන්න වෙනවා.

    රාවන කියල සිංහල නමක් කවදාවත් තිබ්බේ නෑ. ඕක පරපුරු නාමයක්. උරුමය නැති වුන් ඒක නමක් කරගෙන. ඒ වගේ කොච්චර සිංහල වගෙ පෙනෙන ගොන් නම් දාගත්ත මලයාලි කට්ටඩියො ඉන්නවද?

    මේ කතා හරියට සිංහයාගෙ වල්ගෙ පෙන්නල ඒකට සිංහයා කියනවා වගෙ හිතළු ගොන් කතා. ඔය කොයි කතා කිව්වත් අද කියන ඉතිහාසයේ වර්තමාන පුරුකටත් වළංඟු වෙන්න ඕන. සිංහල වෙස් මුහුණු දාගෙන සිංහල උරුමය වන කරන කොට ඒවා දිරවන්නෙ නෑ. මානවයා බිහිවීමට පෙර සිට මානව ඉතිහාසය සොයා ගත් මට, මේ වගේ හිතළු මහාවංශයටත් වඩා විශාල පච තොගයක් බව පෙනෙනවා. සිංහලයාගෙන් චුත කල උරුමය ඊ ළඟ සිංහල වසරේ උදාවත් සමඟ බිහිවෙන නිසා මේ වැනි කතාද මහාපචවංශධාරීන්ගෙ කැඳහැලියට දමන ලෙස මම සිහළුන්ට කියමි.

    ReplyDelete
    Replies
    1. රාවණ යනු හිතලුවක් නොව සත්‍යයක්. රාවණ ඉතිහාසය හෙළයෙන් වසං කරන්නට නොහැකියි.

      කෙසේ නමුත් ඔබතුමාගේ අදහසට ස්තුතියි.

      Delete
    2. ඔව්, රාවන කියල සක්විති රජල කීප දෙනෙක්ම හිටියා. මෑතකදී විජේ කුමාර්ගෙ පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා දෙමළ සම්භවයක් ඇති රජාලත් හිටිය රටේ අන්තිමට සක්විති රජ වුන රාවන දමා ගෙන බිහිකරන වංශය හරියට ශ්‍රී වික්‍රම රාජසිංහ මුළට දාගෙන අභිමානවත් සිංහල රජ පරපුරක් ගැන කියනවාට දෙවැනි නෑ. තව ටික කලකට පසු සිහල මහා රාවන පරදවන තරම් ප්‍රබල ශ්‍රී වික්‍රම රාජසිංහ යුද කර පරදා ජීවග්‍රහයෙන් අල්ලාගෙන වසර ගණනක් හිරේ දමා මියෑදෙන්නට සැලසුවා කියල රාමායනයට සමාන "තෙවන ජෝර්ජයානය" ලිව්වොත් රාමායනයේ එන රාවන වගේම තෙවන ජෝර්ජයානයේ එන මහා බලැති ශ්‍රී වික්‍රම රාජසිංහ හෙළ අධිරාජයා ගැන මෙවැනි කතාවක් ගෙතෙනු ඇත.

      මොනව කිව්වත් කමක් නෑ. ඒත් තිත්ත ඇත්ත ඕක නොවෙයි. සිංහල විදියට ඔය රාවනට වඩා සිය දහස් ගුණයක් ප්‍රබල නායකයන් හිටියා. අන්තිමට කරන්නේ ඒ සැබෑ අතීතය මැකීමක් නේද? නැත්නම් නියම සිංහල අතීතය වසා දැමීමක් නොවේද? මට ප්‍රසිද්ධියේ කිව හැක්කෙ දන්න දේ වලින් සුළු කොටසක්. තව ටිකක් "සිහිසුන් වූ මහා රාවණ 2012 දී නැගිටියි" ලිපියෙ දැම්මා.

      Delete
  10. //රාවණ රජතුමා හඳුන්වා දුන් එක්තරා පන්දු ක්‍රීඩාවක් කරන ක්‍රීඩකයින් වඩාත් ක්‍රියාකාරී වෙන බැවින් ඒ ක්‍රීඩකයින්ට 'ක්‍රියාකාරී කට්ටිය' යන නම තැබිණි. පසුව එහි මුල් අකුරු භින්න වී 'ක්‍රිකට්' යන නම හැදුණි, කෙසේදයත්, ක්‍රි=ක්‍රියාකාරී, කට්=කට්ටිය//

    ප්‍රීතියි ජයරත්නයෙනි ප්‍රීතියි!
    රාවනාගමනයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් මූලස්ථානය හෙළ දේශයේ ස්ථානගතවනු ඇති නොවේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒකට පුහුණුවක් විදියට තමා මේපාර ඇස් ඇල් පී ඇල් එක සූදානම් කලේ...

      Delete
    2. 1996 යනු රාවණ ශක්තිය උද්දීපනය වුණ වසරක්,. ඒකයි එකල හෙළයෝ ලොව රාවණ ක්‍රීඩාව ජයගත්තෙ

      Delete
    3. ඔව් ඔව් 2012 න් පසුව මගේ මේ හෙලයේ සියලුම ක්‍රියාකාරී ක්‍රීඩකයන් කරන සෙල්ලම් ජයග්‍රහණයෙන් කෙලවර වෙනවා.. ඉතින් තව ටිකකාලයතින් ජ්‍යාත්‍යන්තර ක්‍රීඩා වලදි අපත් සමග ක්‍රඩා වටයක් පැමිනි විට අවසන් වටය දක්වාම තරග අවලංගු කර නිතරග ජය අපට ලබා දෙනවා.. මන්ද නිකරුනේ ක්‍රීඩා කර කාලය නිරපරාදේ වැය කිරීම තේරුමක් නැති නිසා... තව ටික කාලයකින් ක්‍රිකට් ක්‍රීඩාව නැතිව යනවා.. මන්ද අප පමණක් දිනන නිසා අන අය එයට සහභාගි වෙන්නේත් නැනේ

      Delete
  11. රන්දිව පලවුණු රාවණා ඡායාරූපයේ හොඳ හෙළ ගතියක් තියෙනවා. මං නං කැමති ඒකටයි.

    ReplyDelete
    Replies
    1. කාකාගේ කතාව ඇත්ත... මාත් කියන්නේ ඒකම තමා..සොකද මාලිංග කියන්නෙත් හෙලයෙක්නේ.. මාලිංග වගේම පෙනුමක් තියෙන මේකේ ඉන්න යෝධයාත් ඉතිං හෙළයෙක් වෙන්න එපෑ.. මොකද එහෙම නැහැ කියන්න සෙල් ලිපි තියෙන එකක්යෑ.

      Delete
    2. ලසිත් මාළිංග යනුත් හෙළයෙකි, පද නිරුක්තිය ගෙන බලමු
      ල=ලංකාපුරයේ
      සිත්=සිත්දිනාගත්
      මා=මායාවෙන්
      ළිං=ළිං
      ග=ගබඩාකළාවූ

      Delete
  12. ලග්ගල කන්දේ ඔය තියේන ඒව බලන්න බෑරිද

    ReplyDelete
    Replies
    1. බෑ කොල්ලෝ අපේ මේ මී-ජයා දැකපු දවසට පසුවෙනිදා.. නාඳුනන කස්ටියක් ඇවිත් මුලු කඳුමුදුනම මං හදපුවා සමතලා කරලා රෑස්ස ගස් හිටවලානේ (දවසින් මහ කැලයක් උනේ කොහොමද අහන්නත් එපා - ඒක එහෙම නෙවෙයි උනේ කියන්න ගිහින් මං ආවම සූපර් ග්ලූ බුලත් කොල දාලා හදපු මින්ට් ලේසර් එකෙන් වෙඩි කන්න තමයි වෙන්නේ)

      අනෙක මේක මෙහෙම නෙවෙයි කියලා කොහෙවත් සෙල්ලිපියක නැති නිසා මේක ඔප්පු වෙනවා ඈ

      ශ්‍රී රාවණා පුරස්ථි ග්‍රන්ථි සිද්ධම්

      Delete
    2. එය තාමත් බැලිය හැකියි, ඒ සඳහා කුණ්ඩලීනී යෝගය වඩා තිබිය යුතුයි.

      Delete
  13. //ඉන්ද්‍රජිත්ගේ පුතුන්ගෙන් ව්‍යාප්ත වූ පරපුර ව්‍යාප්ත වීමේදී ඉන්ද්‍ර යන නම මුල් කර ගනිමින් ව්‍යාප්ත වූ බව පෙනීයයි. දේවේන්ද්‍ර, මහේන්ද්‍ර, සුරේන්ද්‍ර ආදී ලොවින් පවතින පරපුරු එසේ ව්‍යාප්ත වූ පරම්පරාවන්ය.//


    දේවේන්ද්‍ර, මහේන්ද්‍ර, සුරේන්ද්‍ර කියන අයවනම් මම අදුනනවා මහේන්ද්‍ර කියන කෙනා නාට්‍ය වල රගපානවා නේද ?සුරේන්ද්‍ර නම සිංදු කියනවා..

    ReplyDelete
    Replies
    1. ඔවුන් සියල්ලන්ම රකුසන් බව නිතැතින්ම පෙනී යයි

      Delete
  14. මීවනපලානේ රාජපක්‍ෂ ඇදුරිඳුණි, මේක දැක්කද? ඔබේ අදහස අත්‍යවශ්‍යයි!
    http://podikumarihami.blogspot.com/2012/07/blog-post_18.html?showComment=1342678512148#c2613174367588718975

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවා එහි කොමෙන්ට් කරන්නම්.

      Delete
  15. හෙළු ඇදුරන් රාවණ මාවතෙහි යන අපුරුව බලනු මැන... මේ න්‍යෂ්ටික අවියෙන් වැඩ අරඹමු http://www.lankacnews.com/sinhala/news/70368/

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක රාවණ රජතුමාගේම න්‍යෂ්ඨික අවියක්, ඒ ගැන ලිපියක් දාන්නම්

      Delete
  16. මීවනපලාන ජයරත්නයානනි,එකල මෙහි පෑවති ආගම් කුමන ඒවාද,,බුදු ද්හම ලන්කාවට ආවේ කුමන කාලයේ දීද,රාවන රජුගේ ආගම කුමක්ද

    ReplyDelete
    Replies
    1. රාවණ රජතුමාට ආගමක් නොතිබුණි, එනම් රාවණ රජතුමා නිර් ආගමිකයෙකි. එකල මෙහි තිබුණේ සෙකියුලර් ක්‍රමයයි.

      බුදු දහමට ලංකාවට පැමිණි අන්දම ගැන වඩාත් පිලිගන්නා මතය වන්නේ මහාවංසයේ ඇති මතයයි. ආගම් ගැන කිසිවක් කීමෙන් වැළකීමේ ප්‍රතිපත්තිය අනුව ඊට වඩා දෙයක් කීමට නොහැකි බව සලකන්න.

      Delete
  17. බොහොම හොඳයි. රාවන ගවේෂකයින්ට ජය

    ReplyDelete
  18. මට රාවණ රජතුමා හා රාමා කුමරුගේ සටන ගැන විස්තරයක් දෙනවද

    ReplyDelete
  19. රාවණා හා රාමා අතර යුද්ධය ගැන විස්තර තියෙනවා නම දනවද

    ReplyDelete

නුදුරු අදහස්