Sunday, July 15, 2012

යකෝ...!! රාවණ ඉතිහාසය වනසන්න බෑ බොලව්...!! අපි මරාගෙන මැරෙනව යකෝ...!!!

හෙළෝ, හෙළ ඉතිහාස හෙළයෙන් වැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් අප පාථකයින්ව දැනුවත් කිරීම පිණිස වීර සයිබර් හෙළයෙක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ විද්‍යුත් ලිපිනය වෙත එවූ ලිපියක් පහත දැක්වෙයි. ශ්‍රී රාවණ රජතුමාට හෝ අපගේ හෙළ අසුර ඉතිහාසයට අපහාස කරන රාවණ විරෝධීන්ට පිළිතුරු දීම සඳහා මෙය කෙළින්ම කොපි කිරීමටත් ඔබට පුළුවන්. ශුද්ධ සිංහලෙන් ලියා මෙම මහාර්ඝ ලිපිය අප වෙත එවූ සහෘදයාට අපගේ නොමද ස්තුතියත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ ආශීර්වාදයත් ලැබේවා!

තිරිසනෙකුට ජාතක වෙච්ච පෙළපතකින් එන විජය නැමැති පාහර අවජාතකයාගෙන් අපේ සිංහල ජාතිය පැවතෙනවායැයි කියන ඉතිහාසය ලොකුයි කියමින් මහාවංසය නැමැති රට වනසන ද්‍රෝහී පොත තාමත් ඔළුවේ තියාගෙන ඉන්න පාහර සක්කිලි බල්ලො නිසා තමයි බොලව් අපේ රටට මේ කල ගිහින් තියෙන්නේ. යකෝ අපිට ලොකු විජය නැමැති පාහර වලත්ත අවලම් පල් සොරාව නෙමෙයි, අපිට ලොකු අපේ රාවණ අධිරාජ්‍යයාවයි. ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනුවෙන් අපේ හෙළ යක් ලේ කැකෑරෙන කොට පපුව ගොඩ ගොඩ ගාමින් ස්පන්දනය වෙනකොට හෙළ යකුන්ට අපහාස කරන නපුංසකයින්ව මරාගෙන මැරෙන්න හිතෙනව යකෝ.

ශ්‍රී රාවණ සිද්ධම්!

තොපිල දන්නව නේද බොල අපේ හෙළ රාවණ ඉතිහාසය ගැන ගලක් ගලක් ගානේ ඇති සෙල් ලිපි සාක්ෂි වෙමින් ඒ ප්‍රෞධ ඉතිහාසයේ දෝංකාරය කෑ මොර දෙනව, ඒත් අපේ ඉතිහාසය සොයන සුද්දගෙන් ඉගෙන ගත්ත පාහරයින් කොඩ්‍රින්ටන් නැමැති පර සුද්දාගේ ඉතිහාසයටම කො‍ටු වෙලා ඉතිහාසය ලියනව, හික්ස්. හෙළයින් වශයෙන් අපි කොඩ්‍රින්ටන් නැමැති පර සුද්දාගේ ඉතිහාසය ගණන් ගන්නේ නෑ බොලව්, අපිට පාහර කොඩ්‍රින්ටන් ජඩයාගේ ඉතිහාසය ඕනැ නෑ.

ඊගාව එකා තමයි සෙනරත් පරනවිතාන. පරනවිතානයා කොඩ්‍රින්ටන්ගේ ඉතිහාස පරිවර්තන ඒ විදියටම කොපි කරල අපේ සිංහල ඉතිහාසයක් ලිව්ව බොලව්, වැරදියට සෙල් ලිපි කියෙව්ව, හොක් හොක්. ඒ වගේ පඩත්තර අදහස් අපිට ඕනැ නෑ යකෝ, අපිට අපේ හෙළ ඉතිහාසය තියෙනව. බුදුන්ගේ දවස මේ රට පාලනය කල මහ රජ පනිතගේ නම සදහන් සෙල්ලිපියක් තියෙනවා, කෝ මහාවන්සේ පනිත නම් රජ කෙනකේ ගැන? පාහර තක්කඩින්ගේ ඉතිහාස පොත් පයින් පාගපල්ලා, අපේ වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ හෙළ යකුන් යකිණියන් ඈත අතීතයේදී අප රට ‍රැක ගත් හැටි අප රට ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට කරපු හැටි තියෙනව යකෝ. පඩත්තර බමුණො ඇවිත් අපේ වර්ගපූර්ණිකාව ගිණි නොතබන්නට, ඒ දැනුමෙන් අපි දිගටම දියුණු වුනානම් අද පර සුද්දො ලංකාවට ඇවිල්ල වහල්ලු වගේ නාටාමිකම් කරනව බොලව්.

කුමාරතුංග මුනිදාසල හෙළ හවුල හදාගෙන හෙළ බාසාවක් ගැන කතා කරද්දී එතුමාට කට ඇදයන් කියල විහිලුවට ලක් කරන්න ඇත්තෙත් ඔය පාහර නපුංසක හැතිකරයම තමයි. එතුමල එතනින් නැවතිලා නෑ, ඊට පස්සේ හෙළ යුගය සොයන් යන්නත් පටන් අරන් තියෙනවා. නමුත් කලින් කිව්ව පරිදි පර සුද්දන්ව ලොකු වූ සක්කිලි බල්ලන්ගෙන් ඇතිවුණු කෙනෙහිලිකම් එක්ක ඒ උත්සාහය එහෙම්ම නැති වෙලා තියෙනවා. මේ වෙලාවට මගේ හිතට එන ආවේගය වචන වලින් කියන්න බෑ යකෝ.

ඒ කාලයේ අරිසෙන් අහුබුදු සූරීන්ගේ ලිපි මමත් දැකල තියෙනවා . සමහර පර බල්ලො වගේ කරුමෙට මමත් ඒ කාලේ ඒවා දැක්කේ සුරංගනා කතා වගේ තමයි. අවඤ්ඤා නොකළත් මමත් මෑතක් වනතෙක් ඒ මත ප්‍රතික්ෂේප කළා. නමුත් හදිසියේ මේ කරුණු සොයන්න මගේ සිත මට බල කළා. දැන් මම ඒ මාර්ගයේ යනවා. වර්ගපූර්ණිකාව බ්ලොග් එක කියවීමෙන් ඉතිහාසය පිළිබඳ දුර්මත දුරු වුණා. මීට වසර 10000 කට පෙර මිනිසුන් ගුවන් යානා මගින් අහසින් ගමන් කලා කිව්වාම මීට මාස කීපයකට කළින් හිටපු හැතිකරය හිනා වුණා, දැන් උන්ට ඇඬෙනව නේද බොලව්? හික්ස්.

යකෝ බලපල්ල අපේ හෙළ ඉතිහාසයේ ශ්‍රී විභූතිය දිහා, වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ ලිපි වල, "ඇල්නිලම්" යනු රාවණා රජතුමා පැමිණි ග්‍රහලෝකය බවත් හෙළි කරල තියෙනව. අඟහරු මත හෙළයින්ගේ කෝච්චි ගමන් කරපු බව නාසා එකෙන්  ඔප්පු කරල පෙන්වල තියෙනව. සඳ මත ඇති පිපිරීම් රාවණ රජතුමාගේ න්‍යෂ්ඨික අවි වලින් සිදුවුණ බව දැන් ලෝකෙම දන්නව. අන්තර්ජාලයෙන් හොයල බලපල්ල, හඳ මතුපිට තාමත් ඉන්ද්‍රජිත් කුමාරයගෙ න්‍යෂ්ඨික අවි මධ්‍යස්ඨානයක් පිහිටල තියෙනව. එදා රාවණ රජතුමා චක්‍රාවාට තම අනසකට ගත්ත බව අරිසෙන් අහුබුදු සූරීන් කියද්දි කවුද යකෝ ඒකට හිනා වුණේ. දැන් කෝ ඒ පාහර හැතිකරය? අරිසෙන් අහුබුදුවන්ට හිනා වුණ නිවට ජඩයෙනි, තැන් තොපි වහ කාපිය.

පර සුද්දන් විද්‍යාවෙන් සොයාගත්තයි කියල කෙකර ගාන ගොඩක් දේවල් සොයාගෙන තියෙන්නේ අපේ ඉපැරණි පුස්කොළපොත් කියවීමෙන් තමයි යකෝ. අද අපේ ගොඩක් පුස්කොළපොත් තියෙන්නෙ ලන්ඩන් කෞතුකාගාරයෙ. ඒව අපේ හෙළයින්ට බලන්නවත් ඒ බලු සක්කිලි සුද්දො ඉඩ දෙන්නෙ නෑ. උන් ඒව කියව කියව තාක්ෂණික සොයාගැනීම් කළ බව පුරාජේරු දානව, මෛක්‍රොචිප් එකේ ඉඳන් සැටලයිට් එක දක්වා සියල්ලේම ගෞරවය හිමි වෙන්නේ අපේ හෙළයින්ට බව අලුතෙන් කියන්න ඕනැද යකුනේ. මුළු ලෝකෙම ශිෂ්ටාචාර කළේ අපි තමයි බොලව්.

ඉන්දියන් වඳුරනේ, තොපිල වගේ නිවටයින්ට පුළුවන්ද බොලව් හෙළයො වගේ ශ්‍රේෂ්ඨ ජාතියක් එක්ක හැප්පෙන්න. හොක් හොක්. පර සුද්දනේ, තොපිලට අපිව යටත් කරගෙන ඉන්න බැරි නිසා නේද බොලව් 1948 දී ලංකාව දාල එංගලන්තෙට තොරොංචි වුණේ. කිසිදා නොපැරදුණු හෙළයින්ව පරද්දන්න තොපිල වගේ නිකමුන්ට බෑ යකෝ!!!  තොපි අපිට විරුද්ධව ආවොත් මරාගෙන මැරෙනව යකෝ!!! මේක හෙළ යකුන්ගේ යකිණියන්ගේ රට, මේකෙ ඉන්නවනම් අපිට ඕනැ විදියට හිටපිය. කෑලි කැලි වලට කපල මාව මූදට දැම්මත් තොපිලට රාවණ ශක්තිය පරද්දන්න බෑ යකෝ!!!!!

"ඉන්දියන් පරයෝ, පුළුවන්නම් තොපි විදල බලපිය, සක්කිලිය". ඒ කුම්භකරණයන්ගේ අභීත ප්‍රකාශයයි.

අපේ හෙළ අසුර ඉතිහාසයට විරුද්ධව තැන් තෙන් වක කෑ ගහන නිවටයෙනි, තොපි දැනගනියව් රාවණ රජතුමා නුදුරේදීම නැගිටිනව, නැගිටල එක්සත් ජාතිකපක්ෂයෙන් බලයට පත් වෙනව, ඊට පස්සෙ ලංකාපුරය ලෝකයේම උතුම් රට වෙනවා බොලව්, එදාට තොපිලගෙ සුළු දිය පහ වේවි. යකෝ මේක අපේ හෙළයින්ගේ රට, යකුන්ගේ රට, යකිණියන්ගේ රට. මේක අපේ බොලව්. මේක අපේ. මේ හෙළයේ උපත ලැබීම මට ආඩම්බබරයක් බොලව්, ඒ ආඩම්බරයෙන් පපුව පලාගෙන රීරි මාංසය එලියට අරගෙන මරාගෙන මැරෙන්න වුණත් මම ලෑස්තියි යකෝ!

ස්තුතියි, දැන් මට ඇති.

63 comments:

  1. එම්බා ජයරත්නය තොපට ජයස්‍රියය.

    ReplyDelete
  2. හෙලෝ...
    එය කියවූ කල්හි මගේ යක් ලේ උනුවී නහයෙං කටිං අරහෙං මෙහෙං ගලන්නට විය..
    තාම ලේ පෙරෙනවා...
    මං ගිහිං හෝදං එන්නං..
    ජය ශ්‍රී!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඉන් පෙනෙන්නේ මෙය අප වෙත එවූ හෙළ යකාගේ හද ගැස්මයි. ඔහුට මාගේ නොමඳ ආශිර්වාදය.

      Delete
  3. අනිවා මේවා නෑ කියන උන්ට එලව එලව නෙලන්න ඕනේ.සේරටම කලින් මේ හම්බ හැතිකරේ ලංකාවෙන් පන්නන්න ඕනේ කුරගලට කෙලිය මුහුදු මහා විහාරෙට කෙලිය තව ටිකදවසකින් අපිටත් කෙලීවී.

    ReplyDelete
    Replies
    1. මේව නෑ කියන උන්ව මරාගෙන මැරෙන්න ඕනැ, අඩුම තරමින් කොමෙන්ට් එකක්වත් දාල

      Delete
  4. ඇත්තෙන්ම අගෙයි ඔබේ ලියවිලි!

    ReplyDelete
  5. හැඟීම්බර හෙළයෙක්ගෙ සටන්කාමීත්වය.....නිමක් නැති සටන්කාමීත්වය........ :O

    ReplyDelete
  6. Replies
    1. Hey buddy, pls don't spam around here. This is not a place for spamming, this forum is open for your own ideas even it against our view.

      As your comment is a totally copy of a web page, I don't prefer to answer that shit.

      Delete
  7. සිංහල ලේ කකියන එකේ මේකෙ ලිපි දදා විතරක් නොයිඳ රටට වැඩක් කරන්න රාවණා තාක්ෂණය භාවිතා කරමු.ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, දැනටමත් ඒරියා 51 වල දඬුමොණර තාක්ෂණයෙන් ගුවන් යානාවක් හදනව, ළඟදිම එහි පේටන්ට් බලය ශ්‍රී ලංකාවට ලැබේවි. http://vargapurnikava.blogspot.com/2012/06/2016.html

      Delete
    2. ජයරත්න උන්නැහේ ඇයි හත්ඉලව්වේ දඬුමොණර තාක්ෂණය ඇමරිකාවට දුන්නේ !!!!!!!( මෙච්චර උන්ට බනින ගමන් )

      Delete
    3. Area 51 වල කරන වැඩ වලට කවද්ද මයෙ පුතේ පේටන්ට් දෙන්නේ??? උඹ මයේ නම යි බඩු යි දෙකම විකුණජ කණවානේ...

      Delete
  8. "කිසිදා නොපැරදුණු" හෙළයින්ව පරද්දන්න තොපිල වගේ නිකමුන්ට බෑ යකෝ!!! තොපි අපිට විරුද්ධව ආවොත් මරාගෙන මැරෙනව යකෝ!!! මේක හෙළ යකුන්ගේ යකිණියන්ගේ රට, මේකෙ ඉන්නවනම් අපිට ඕනැ විදියට හිටපිය. කෑලි කැලි වලට කපල මාව මූදට දැම්මත් තොපිලට රාවණ ශක්තිය පරද්දන්න බෑ යකෝ!!!!!

    ස්තුතියි, දැන් මටත් ඇති.

    ReplyDelete
    Replies
    1. මටනම් තාම මදි. තව ටිකක් කල් ලියන්න ඕනැ.

      Delete
    2. දන්නවද..රාවණ රජුව මරන්න( ඒ උනාට මැරුවේ නෑ කියලා සදහන් වෙනවා..නැවත පැමිනෙන බවත් සදහන් වෙනවා)ඉන්දියාවේ රාම තියා දෙවි දෙවිවරුන්ටත් බැරි උනා..දෙවිවරු බය උනා ල0 වෙන්නත්..රාවණා රජුට විදිය හැකි ක්‍රමය කීවේ රාවණා රජුගේ සොයුරා වන ඉන්ද්‍රජිත්..නැත්තම් අදටත් කකුල් දෙක අස්සේ ඇගිලි ගහගෙන ඉන්නේ ඉ0දියාවේ හෙ0චයියලා....ඉන්ද්‍රජිත් නැත්තම් මෙලහට ඉ0දියාවත් ල0කාව කරලා......

      Delete
  9. හරි, ඉතින් දැන් අපිට මොකද කරන්න කියන්නේ...

    ReplyDelete
    Replies
    1. අපේ හෙළ ඉතිහාසය ගැන ආඩම්බර වෙයල්ල, ඒක නේද කරන්න ඕනැ?

      Delete
    2. තොපිට චු යන්න දීපු හැටි අමතක වෙලා වගේ
      පාහර බල්ලෝ
      තොපිට මතක නැද්ද තොගේ මහා එක චු පෙරාගෙන කළපුවක වැටිලා හිටපු හැටි
      අපිට චු යවන්න කලින් තොපිට චු දාන්න එකක් තියේද කියල බලල හිටපන්

      ::::::: රාමවංශ :::::

      Delete
  10. Replies
    1. මමනම් යකෙක් නෙමෙයි, රකුසෙක්, රාක්ෂ ගෝත්‍රයටයි අයත් වෙන්නෙ.

      Delete
    2. ඔබ වැරදියි. සිංහලයකු උපතින් නාග (නායක), දේව, මනුෂ්‍ය හා යක්ෂ යන වර්ග හතරෙන් එකකට අයත්. මේවා අපේ ගතත් සිතත් හැදෙන ජීවමය දත්ත වලටත් සම්බන්ධයි. උපතින් පසු හැදෙන පරිසරය අනුව හොඳ නරක කියල නැවත කොටස් දෙකකට බෙදෙනවා. ඔය රකුසා කියන එක එන්නෙ නරක සතා කියන වචන වලින් නයන්න හැලිලා. ඒක තමයි ඇදිල රාක්ෂ වුනෙත්. හිරුගෙ කාලේ බස පැහැරුවොත් අගලෙ තමයි නවතින්නෙ. ඒත් තමන් නරක සතෙක් කියල හිතනවා නම් කතාව හරි. අද බස මොලේ නැති සිංහල වෙස් ගත් දෙමළු කාලා. දෙමළ සක්කිලි හැත්ත කියනවා සිංහල හෝඩිය හැදුනෙ උන් ඇද ඇද කියන වහරෙන් කියල. ඒත් උන්ට කියවන්න බැරි අකුරු ආවේ කොහෙන්ද ඇහුවම ඇඟිල්ල .කේ ගහ ගන්නවා. දෙස බස රැස රකිමු.

      Delete
  11. හෙලෝ ජයරත්නයනි,
    ගොසිප හරහා ඔබගේ වර්ගපුරනිකාවට මා ගොඩ වැදුනේ මිට දින දෙකකට කලින්. ඩොන්ගලයක් ගත්ත පලවෙනි දවසෙම මා ගොසිපට ගොඩ වැදුනේ අපගේ හෙළුවන් තුල සහජයෙන්ම එන කුණු රසයට ඇති ආසාව නිසා බව මට දැන් දැන් වැටහෙයි. මුලින්ම ඔබගේ හරවත් ලිපි කියවූ මට ඉල ඇට කැඩෙන තරමේ හෙලු හිනාවක් ඇති උනා. දෙවන දිනයේ හෙලු ලේ කෝප වී ඔබට කුණුහරුපෙන්ම කොමෙන්ටුවක් දමන්නට හිතුනා. ඒත් ඉතින් අයියෝ සල්ලි කියල හිතුන නිසා දාන්නේ නැතිව නිදාගත්තා. ඒත් ඊයේ රෑ හීනෙන් පෙනුන "මාරයා" මට කිව්වා "විසෙන් විස නසන්න පුළුවන්" කියල. ඔන්න එතකොටම මෙතෙක් වෙලා නිදාසිටි නාගයා අවදි උනා නෙව අංශක එකසිය හැටටම! එතකොටයි මට තේරුනේ ඔබ තුමාගේ වටිනාකම! කවුරු බැන්නත් කමක්නෑ වනමු වැනිල්ලක් හෙලුවෙන්ම මුළු ලෝකෙටම පේන්න!
    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. උදාන මිත්‍රය, ඉදිරියේදී මා මෙම ලිපි ඉංග්‍රීසියට පරිවර්තනය කර අළුත් ඉංග්‍රීසි බ්ලොග් එකක් ලිවීමට බලාපොරොත්තු වෙනව. ඊට මහාචාර්ය සූරිය ගුණසේකරයන්ගේ සහ ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකරගේත් ලිපි එහෙම්මම ඉංග්‍රීසියට පරිවර්තනය කර දමනව. ඒව කියවන විදේශියකින්, විශේෂයෙන්ම රාමායනය ගැන සොයන ඉන්දියානුවන් අපගේ හෙළයේ අභිමානය දැක විස්මයට පත් වේවි නේද?

      Delete
  12. බොහොම සතුටුයි. දෙවන පොදු සතුරා ඔබ හෙළු පාර්ශ්වය විසින් හඳුනා ගෙන ඇති බව පෙනේ. එලෙසම තවත් එපිටට බුද්ධිය මෙහෙයවා පළමු පොදු සතුරා හඳුනා ගන්න..

    ReplyDelete
    Replies
    1. ඔව්. පොදු සතුරන්ට උන්ගේ ඉතිහාසයේ මුග්ධ බවත් අපගේ හෙළ ඉතිහාසයේ ශ්‍රේෂ්ටත්වයත් වටහා දිය යුතුයි.

      Delete
  13. මරාගෙන මැරෙන්න ලෑස්ති හින්ද වෙන්න ඇති නේද හැංගිලා ඉන්නේ ..... :රා

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලිව්වෙ මම නෙමේ බොලව්, මුල ඡේද බලන්න. මම දැන්ම මරාගෙන මැරෙන්න කැමැති නෑ, රාවණ රජතුමා නැගිටිනකම් ඉන්න ඕනැ පහසුකම් සපයන්න.

      Delete
    2. sapthakanya kanden lagadima hambawena de gena oba mokada hithanne? ekatath ape suddata gotta allana samaharak un apekama wasan karaida?

      Delete
    3. ආචාර්ය මීවනපළානේ ජයරත්න...oya rawanata monawagea pahasukamda sapaynnea...!!!!!!!!!

      Delete
  14. Keriyooooo me rata apeeee . ape sinhala le holawanna thopita be . me song eka ahala balanna . niyama HELA METAL sinduwak http://www.youtube.com/watch?v=CyGgX37-sMo

    ReplyDelete
  15. මෙ කතා සහ රුප හොදයි පොඩි උන් බය කොරන්න ලොල්

    ReplyDelete
    Replies
    1. බොල අඳුරු පටයෝ, කලින් ලිපියක කොමෙන්‍ටු වලදී පටි රෝල් වුණා මදි වෙලාද තවත් කෝචොක් කරන්නෙ.

      Delete
  16. Page eke top dala tiyena ravanage pic eka remove karala wena ekak danna eke inna keri demalek

    ReplyDelete
  17. මා රාවණා රජු, රාම රාවණ යුද්ධය පමණක් නොව රාවණ මහරජුට අහසේ පියාසර කල හැකි දඬුමොණර නම් ගුවන්යානයක්ද තිබූ බව අදහමි.

    රාවණා රජුගේ හතුරන් වූ රාමා/හනුමාන් අදහන හින්දූන් පවා මිහිපිට පහලවූ අතිශයින්ම බුද්ධිමත් නරපතියෙක් ලෙස රාවණා රජු සළකයි. මෙය මාගේ හිතලූවක් නොව සත්‍යයකි. හින්දූන්, රාවණ මිහිපිට පහලවූ ඥාණාන්විතම පුද්ගලයෙකු ලෙස අදටත් හඳුන්වයි. එවන් රජෙකුගේ තාක්ශණය පිලිබඳව සාකච්ඡා කිරීමේදී පැරණි වට්ටෝරුවලට වඩා විචාර බුද්ධියට හා තර්කනයට ඉඩදීම රාවණ රජුට කරන්නාවූ ගෞරවයකි.

    උපුටා ගැනීම - විද්‍යා ගවේශණ බ්ලොග් අඩවිය

    කොටස් කිහිපක් පමණක් උපුටාගෙන ඇත. සම්පූර්ණ ලිපිය කියවන්න. http://vidya-gaweshana.blogspot.com/2012/07/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. අපට බැරි දේ කාටවත් බැරි යයි සිතීම වැරදිය. අනුන්ගේ දේවල් ගැන අපි පොත් සිය දහසක් ලිව්වද, අප දන්නේ අපට කී දෙයිනුත් අපට තේරුන ටික පමණි. ඒ මත තීරණ ගැනීම අනුවණය. ආදි සිංහල තාක්ෂණය ගැන කතා කිරීමට නම් බැරි දේවල් කල අයකු විය යුතුයි.

      නොදන්න එකාට මුලු කතාවම කිව්වත් නොදන්නේමය. දන්න එකාට වැරදියට කිව්වත් එය නිවැරදි කල හැක. නොදන්නකම නිසා නිගාවක් වන බව සැබෑය. ස්වෝත්සාහයෙන් ඊටත් වඩා ප්‍රබල දැනුම සොයාගත්තකු ලෙස ඔබ ගෙනෙන තර්ක බිඳ, එම තාක්ෂණය සැබෑ බව මම කියමි. අවාසනාවට බටහිර අධ්‍යාපනයෙන් ලොවට ජනිතව ඒ තුලින් ලොව බැලීම මුලාවක් වී ඇත. රසදිය වලින් යුත් තාක්ෂණයත් ප්‍රති ගුරුත්ව තාක්ෂණයත් බොරු නොවේ. අද පැවසිය නොහැක්කෙ එහි අගය නිසාය. නුදුරේදී ක්‍රියාවෙන් අත් හදා බැලීමට සූදානම්ය. එදාට බලමු.

      අපේ ගත සිත කොතරම් දියුණු වුවද ඒවා සැකසුනු ආකාරය කී දෙනෙක් දනීද? තමන් නොදත් දෙයක් මෙතරම් සූක්ෂමව නිපැයිය හැකිද? ඒ ගැන සිතන්න.

      Delete
    2. ඔය ලිපියේ බොහෝ දෑ වැරදියි, අද ඒ ගැන ලිපියක් දැම්ම.

      Delete
  18. පෙනේද තවත් පොදු සතුරෙක් .. මේ ස්පෑම් කරන අය රාමගේත් රාවණාගේත් දේශයන් දෙකටම කරදරයක්. එත් උන් උන් විහින්ම නැහෙනවා.. හැබැයි ජය-ර-තන ප්‍රධාන හා පළමු පොදු සතුරා තවම හඳුනාගත් බවක් දැක්වෙන්නේ නැහැ. රාම රාවණා අවදි වූ විට පළමුව සටන් කල යුත්තේ ඒ හඳුනා නොගත් (ඔබ විසින්) පොදු සතුරා සමගය. නැතහොත් දෙදෙනාටම නැවත නිද්‍රාවට පත් වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැති වේවි.

    ReplyDelete
    Replies
    1. පළමුව පොදු සතුරා, ඉන් පසුව රාවණ විරෝධීන්

      Delete
  19. රාවන බිහිවන්නේ කිනම් චින්තනයක් පදනම්ව කිනම් සංස්කෘතියකදැයි හැදින ගැනීමට මා රුකුලක්‌ වන්නේ නම මැනවි.
    එබැවින් මා හට මෙම ගැටළු මතුව ඇති බවය.
    01 හින්දු දහමෙහි ආරම්භය කිනම් වකවානුවකට අයත් වන්නේදැයි ඔබ අදහස් කරන්නේඩද?
    02 රාවන හා ශිව සම්බන්දය කෙබදු වේද?
    03 සිංහල බෞද්ධ මනස යනු අර්ථ දක්වන්නේ ද?
    04 සිංහ බෞද්ධ සංස්කෘතිය පිලිගන්නේද?
    05 භෞතික වාදය හෝ වීඥ්ඥාන වදය පිළිගන්නේද?
    06 එක දේවතවක් පිළිගන්නේද?
    07 යක්ෂයන්ගේ සම්බවය පිළිබද සාධක කිනම රටවල කිනම් ප්‍රදේශ වලින් හමුවන්නේද?
    මේ පිබදව කෙටි හෝ විග්‍රහයක් කරන්නේනම් ඉතාමත් යහපත් බවය.

    ReplyDelete
    Replies
    1. මේකට දිය යුතු පිළිතුර ඉතාමත් දීර්ඝ එකක්. මා මෙම ප්‍රශ්න සටහන් කරගත්ත, ඉදිරියේදී ලිපි වශයෙන් පළ කරන්නම්. ඒ අතර මෙය කියවන උගත් හෙළ විදුදරයින් පිළිතුරු දීමට ඉඩ ඇත.

      නමුත් කෙටියෙන් කිවහොත් මෙසේයි.

      01 ක්‍රි.පූ 5500–2600
      02 රාවණව මැරීමට ශිව රමා ලෙස ඉපදුණි.
      03 ඒ ගැන සිංහල බෞද්ධයින්ගෙන් තමයි අහන්න ඕනැ. මා හෙළයෙකි.
      04 සිංහල බෞද්ධයින් එය පිළිගනී. නමුත් හෙළයින් වන අප පිළිගන්නේ රාවණ සංස්කෘතියයි.
      05 බෞද්ධයින් මෙන්ම අපත් ඔය දෙකම පිළිනොගනී. රාවණ භක්තිකයින් වන අප රාවණාවාදය පිගනිමු.
      06 බෞද්ධයින් පිළි නොගනී. අපටනම් රාවණ තමයි දෙයියො. මහා භ්‍රහ්මයා මැවුම්කරු ලෙස රාවණ ග්‍රන්ථ වල සැලකෙයි.
      07 යක්ෂයින්ගේ සම්භවය ගැන යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. ලංකාවේ මධ්‍යම කඳුකරයේ යකුන් සිට ඇත. එසේම රිටිගල ජයසේන යකෙක් බව දැක්වෙයි. යකඩ සහ ආයුධ නිෂ්පාදනය කළ ගෝත්‍රයකි. ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළ පුස්කොළපොත් වල තවත් විස්තර ඇත.

      Delete
  20. මගේ හෙළු ලේ කකියවා උණුකර දමන මේ පොස්ට් එක ලිව්ව නරයාට මගේ ප්‍රණාමය.
    දෙවනුව මේ පොස්ට් එක පලකල මීවනපලානේ ජයරත්නයන්ට (ආචාර්ය තුමාට) මගේ ප්‍රණාමය.,

    සිංහල හෙළු ඉතිහාසයට ඇඟිලි උස්සන්න එන්න තියා හිතන්න වත් එපා.. මරාන මැරෙනවා යකෝ.. (ආ.. යකෝ කියන්නේ අපේම උන් නේ නේද)ජයරත්න මහත්තයෝ ඔය අනික් පරයන්ට කියන නම් මොනවාද? මල පැනපු වෙලාවට කෑගහන්නවත් දැනගෙන ඉන්න ඕනේ නේ.

    ReplyDelete
    Replies
    1. හෙළයින් වනාහී ඉතාමත් සංවර ජාතියකි. ඔවුහු අන් අයව අමතන්නේ ඔවුන්ට සුදුසුම නමිනි.

      යක්ෂ ගෝත්‍රිකයෙකුට ඇමතීම = යකෝ
      නාග ගෝත්‍රිකයෙකුට ඇමතීම = නගෝ = වර්තමානයේදී "ආ නංගී" කියා කියයි.
      දේව ගෝත්‍රිකයෙකුට ඇමතීම = දෙකෝ = වර්තමානයේදී "දෙකකෝ" ලෙස භින්න වී ඇත.
      රාක්ෂ ගෝත්‍රිකයෙකුට ඇමතීම = රකෝ
      පුලින්ද (වැද්දො) ගෝත්‍රිකයෙකුට ඇමතීම = පුකෝ

      Delete
  21. Demlunta puka dena fake huththige putho ube ammata huka ganna onada keriyooo sinhala jathiyata mukuth kiwwoth thowa keli keli kapala maranawa pahara awalam demala wesige putho

    ReplyDelete
    Replies
    1. හෙළුවෙන් ම වැනුවා නම් නොවේද මෙහි අගය ?

      Delete
  22. වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය ආරම්භ කළේ රාවණා රජතුමා ගැන උනන්දු සැමටම ඒ ගැන කියවා හෙළ ඉතිහාසය රස විඳීම සඳහායි. මුල සිටම අපේ ප්‍රතිපත්තියක් වූයේ කිසිදු ආගමකට හෝ ජන වර්ගයකට අපහාස කිරීමෙන් වැළකී සිටීමයි. මෙහි බ්ලොග් පෝස්‍ටු වලින් ඒ ප්‍රතිපත්තිය ‍රැක ගැනීමට හැකි වෙන්නට ඇති.

    නමුත් "மீவனப்பழானை ஜயரத்னம் - මීවනප්පළානෙයි ජයරත්නම්" නමින් මා භාවිතා කරන පින්තූරයම භාවිතා කරමින් හැදූ ප්‍රොෆයිලයකින් කොමෙන්ට් කළ සහෘදයෙක්ගේ කොමෙන්‍ටු නිසා මෙය කියවන සමහරුන් අපහසු තාවයට පත් වන්නට ඇත. මන්ද යත් ඊට පිළිතුරු ලෙස ලැබුණ කොමෙන්‍ටු වලින් ජාතිවාදී අදහස් වැටී තිබුණි. එනිසා ඔහුගේ කොමෙන්‍ටු මකා දැමූ බව සලකන්න. නමුත් ඔහු එලෙස ප්‍රොෆයිලයක් හදා කොමෙන්ට් කළේ කාටවත් රිද්දවීමට නොව කොල්ලන්ගේ බාසාවෙන් කිවහොත් "ආතල් එකට" යැයි සිතමි.

    වර්ගපූර්ණිකාව සෑම ශ්‍රී ලාංකිකයෙකුටම කියවා සතු‍ටු වීමට හැකි අවකාශයක් කිරීම අපගේ පැතුමයි. සිංහල දෙමළ මුස්ලීම් මෙන්ම බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ක‍තෝලික මුස්ලීම් යනාදී සෑම ආගමික /නිර් ආගමික සියල්ලන්ටම සතුටින් මෙන්ම දුකෙනුත් පැමිණ, සතුටින් කියවා, සතුටින් කොමෙන්‍ටුවකුත් දමා, සතුටින් විසිර යාමට හැකි තැනක් කිරීමට මෙතෙක් කල් අපගේ ආදරණීය මිතුරු මිතුරියන් දැක්වූ අගනා සහයෝගයට ස්තුති වන්ත වෙන අතර ඉදිරියටත් එලෙසම බලාපොරොත්තු වෙමි.

    එසේම මේ ගැන ෆේස්බුකියේ සටහන් කර අපව දැනුවත් කළ අපගේ හිතවතාටත් ස්තුතියි.

    ReplyDelete
  23. මම එක එක කොමෙන්ට් දැම්මත් මේක නම් සිරාවටම කියන එකක්.මේ වර්ග පූර්නිකාවෙ ලිපි,සූරිය ගුනසේකරලගෙ ,අහුබුදුලගෙ මිරැන්ඩෝලගෙ ලිපි ඉංග්‍රීසියට දාන්නනම් එපා.එහෙම වුනොත් අපට විදේශගත වෙන්න වත් බැරි වේවි.ලංකාවෙත් විදේශිකයෙක් යන පාරකවත් යන්න බැරි වේවි.අපිව දකින කොට ගෞරවයෙන් භරිත වී එම ගෞරවය බිය බැතිය සිනහවක් බවට පරිවර්තනය වී ඔවුන්ගේ ඉල ඇදී ඉල ඇට කැඩී ඔවුන් මිය යාවි.මට වෙලාවකට හිතෙනවා මේ රාවනගේ රහස් ආයුධයක් වන සිනහ අවියද කියා.මෙය ඉංග්‍රීසියට දැම්මාම විදේශ සමුලුවකට ලංකාවෙ කෙනෙක් ගියොත් සියලුම රාජ්‍යැ තාන්ත්‍රිකයන්ට ලංකාවෙ න් ආපු අය දැකලා සිනහව නවතා ගන්න බැරිව ඉල ඇට කැඩී මැරී වැටේවි .සමුලුවට ගිය අපේන් අය ආපසු එන්නේ මුලු ලොවේම අයිතිය ඇතිවයි.සිනහ අවියෙන් ඒ රටවල් ජන ශූන්‍ය වෙන්නත් පුලුවන් නිසා අපට ඉඩම් ප්‍රශ්නත් ඉදිරියේදි නැති වේවි

    ReplyDelete
  24. මානසික රෝග අතර හින්නෝන්මාදය ප්‍රමුක තැනක් ගනී.මෙම රෝගය නව යෞවන අවධියේම වලදීය හැකිය හින්නෝන්මාදය සදහා නිසි ප්‍රතිකාර නොලදහොත් දීර්ඝ කාලයක් මෙයින් පිඩා විදීමට සිදුවනු ඇත.බොහෝ විට දිගු කලක් උන්මත්තකාගරයක ගත කිරීමට සිදුවනු ඇත

    ඔබේ නැයෙකු හෝ මිතුරෙකු තුලින් මෙම රෝග ලක්ෂණ ප්‍රදර්ශනය වේද ?

    *අමුතු අමුතු ශබ්ද ශ්‍රවනය වීම අමුතු අමුතු ගද සුවද දැනීම
    *ශරීරය තුලින් විවිධාකාරයේ වේදනා දෙන ලෙස දනිම
    *කිසියම් අද්භූත බලවේගයක් විසින් තමා පිලිබදව විමසිල්ලෙන් සිටින ලෙස හා එම බලවේගයන් විසින් තමාව පාලනය කරන ලෙස විශ්වාස කිරීම
    *පදනම් විරහිතව තම සහකරු හෝ සහකරියව සකකිරිම හෝ තමාට ද්‍රෝහී වී ඇතැයි සිතීම
    *රුපවාහිනීයෙන් පුවත් පත් වලින් තමා පිලිබදව කතා කරන බව හැගීම
    *අදහස් හා සිතුවිලි ඉබාගාතේ යාම නිසි සම්බන්දීකරණයෙන් තොරව අදහස් අතර අවිනිශ්චිතව හැලහැප්පීම
    *අගක් මුලක් සම්භාන්ධතාවක් තර්කානුකුල බවක් නොමැතිව කතා කිරීමට ක්‍රියා කිරීම
    *සමාජයෙන් හිතවතුන්ගෙන් පවුලේ අයගෙන් මගහැර ඔවුන්ගෙන් වෙන වී හුදකලාව සිටීමට වෙර දැරීම
    *සාමාන්‍ය කල්පනාව අඩුව වික්ෂිප්තව තෝන්තු හොන්දුමන්දුව ඔල්මාද තත්වයට පත්වීම
    *සමදෙයක්ම එපා වීම කිසිදෙයක් ගැන සැලකිලිමත් හෝ උනන්දු නොවීම



    මේ රෝග ලක්ෂණ තිබේනම් වහාම මානසික වෛද්‍යවරයෙකු මුණගැසෙන්න

    විශේශඥ්‍ර වෛද්‍ය එස්.කේ.ආර්.කල්යනිරත්න
    දුරකථන - 0783862214

    ReplyDelete
    Replies
    1. මේවගෙන් මචන් මී ට තියෙන්නේ මොනාද?

      Delete
    2. @නුවන් පින්බත් දිසානායගම්,

      උඹ කියන දේ නිවැරදි නම් මෙන්න මේක උඹට අදාළයි.

      *අගක් මුලක් සම්භා(බ)න්ධතාවක් තර්කානුකුල බවක් නොමැතිව කතා කිරීමට ක්‍රියා කිරීම.

      ආදර්ශයක් වෙයං. උඹ කියපු දොස්තරද (මස්කඩකාරයද) උඹට ඔය ලිස්ට් එක දුන්නේ. මමත් හොයන්නෙ ඔය වගෙ එවුන්. මොකද නියඟෙ නිසා පුත්තලම් බූරුවෙක් සොයා ගැනීමට අපහසුයි. උගේ ගිරා වෛද්‍යකම රෝල් කරල අතන ගහගන්න කියපන්. උඹේ නියම නම ලිව්වෙ විශේෂ හේතුවකට. අද නායක කෑල්ල දාගෙන උඹ වගෙ පොර වෙච්ච එවුන් ඔක්කොම නීලපෙරුමාල් ලා.

      අනිත් අයට: ඔය කිසි දෙයක් ගණන් ගන්න එපා. තියෙන හැම සතේම මුන්ට පුදන්න වේවි. මුන් කියන විදියට හුස්ම ගන්නවා නම් ඒකත් ලෙඩක්.

      Delete
  25. ඉතින් මෑරියන්කෝ... මෙතන ගොන් බ්ලොග් කර කර අපෙ ලේ පුච්චන්නේ නෑතුව

    ReplyDelete
  26. මීවනපලානයෙනි,

    ඔබ බුදු දහම නොපිළිගන්නෙක්ද? බුදු දහමේ නොපිළිගන්නා මැවුම් වාදය පිළීගන්නෙක්ද?

    බුදුහිමි අග්ගඤ්ඤ සූත්‍රයේදී දේශනාකර ඇත්තේ පෘථිවිය මත ජීවය බිහිවුනා නොව පිටතින් පැමිණ පදිංචි වූ බවය. මා අසා ඇති පරිදි වර්තමානයේ නාසා ආයතනය පවා මීට සමාණ අදහසක් දක්වා ඇත. නවීන විද්‍යාවෙන් පවා කිසිම බලපෑමකට ලක් නොවූ, එනම් අභියෝගයකට ලක් නොවූ ආගම වන්නේද නිර්මල වූ බෞද්ධ දර්ශනයයි. නමුත් බුදු දහමේ සඳහන්වන පෘථිවියේ ආරම්භයක් ගැන කීමට මම හරියටම නොදන්නෙමි. ඒ පිළිබඳව සොයා බැලීමට අදහස් කරමි.

    ReplyDelete
    Replies
    1. බුදු දහම ප්‍රතික්ෂේප කිරීමක් හෝ මැවුම්වාදය පිළිගැනීමක් වර්ගපූර්ණිකවට මා ලියූ ලිපි වලින් කර නොමැත.

      මා රාවණ අදහතත් නිර් ආගමිකයෙකි. එසේම විශ්වයේ සහ මිනිසාගේ සම්භවය පිළිබඳව තාමත් හදාරන අතර අවසාන නිගමනයකට තවම එළඹ නැත.

      සමහර නිර් ආගමිකයින් නම් වෙනත ආගම් වලට පහර ගසතත් මා එලෙස නොකරමි. මා විශ්වයේ සියල්ලම නොදැන ආගම් විවේචනය කරන්නේ කෙසේද?

      එනිසා වර්ගපූර්ණිකාවෙන් කිසිදු ආගමක් විවේචනය කරන්නේ නැත.

      ඔබතුමාගේ සොයා බැලීම් වලට ආශීර්වාදය. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  27. wal pahara wirupi RAWANA hoooo. genu hora. thopita rilaw puke ari rawanata kala wage. hoooo.

    ReplyDelete
  28. ubala gihin oya rawanaya welaluna thenama welaliyalla.

    ReplyDelete

නුදුරු අදහස්