හැඳින්වීම


රාවනා රජතුමා හැරුණු විට හෙළයේ සිටි ශ්‍රේෂ්ට විරුවන් ගැනත්, අප හෙළයන් සතුව තිබුණ මුළු විශ්වයම ජයගත් සකලවිධ දැනුමේ උදාරත්වය ගැනත්, භාවනාව තුළින් ඇතිවූ රාවනා ශක්තිය භාවිතයෙන් මම ප්‍රත්‍යක්ෂකරගත් තොරතුරු ඔබ වෙත බෙදා දීම මෙම වර්ගපූර්ණිකාව බ්ලොගයේ අරමුණයි. එමඟින් මා බලාපොරොත්තු වන්නේ කාලයත් සමඟ අප අතරින් සැඟව ගිය අපට හිමි ඒ ප්‍රෞඩ ඉතිහාසය වර්ථමාන සිංහල කතා කරන කියවන ජනසමාජයට ඒත්තු ගැන්වීමයි.


කෙසේ නමුත් අපගේ අතීත හෙළුවන්ගේ හෙළ ඉසුර දැක කලිසමේම සුළුදිය පහ කරගන්නා රාවණවිරෝධීන් කුපිත වී මෙම බ්ලොග් එක පුරාම ස්පෑම් කිරීමට ඉඩ තිබෙන බැවින් කොමෙන්‍ටු මොඩරේට් වීමට තබා ඇත, එනිසා කොමෙන්‍ටු පළ වීමට පොඩ්ඩක් ප්‍රමාද වුවහොත් ඔබට ඒ ගැන මාගේ බලවත් කණගා‍ටුව පළකරමි.

වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ඇති ලිපි සියල්ලම කොපිරයිට් වලින් සම්පූර්ණයෙන්ම නිදහස්...! ඒ නිසා මෙහි ඇති ලිපි ඔබට අවශ්‍ය පරිදි නොබියව කොපි කරගනිමින් ෆේස්බුක්, එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් හරහා හැකි තරම් බෙදා හැරීමට සහාය වෙන්න. එසේම ඊමේල් හරහා සියලුම යාලුවන්ට යවමින් අපගේ ප්‍රෞධ හෙළ ඉතිහාසය ගැන සියල්ලන්වම දැනුවත් කරන්න.

බ්ලොග් තියෙන සහෘදයොත්, මෙහි ඇති ලිපි කොපි කරල තම තමන්ගේ බ්ලොග් අඩවි වල පළ කරනවානම් ගොඩක් වටිනව. එමගින් අපගේ අරමුණ වන, හෙළයින්ගේ සැඟවුණ ඉතිහාසය මතු කිරීම සහ රාවණ රජතුමාගේ තෙද බල පරාක්‍රමය ගැන ලොවට හෙළි කිරීම තවත් පහසු වේවි.

කොපි කරගනිද්දී යුතුකමක් විදිහට වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ලිපිනයත් දානවානම් ඒක අපට ලොකු උදවුවක් වේවි. ලිපිනය දැම්මේ නැතෙයි කියලා අපි සරම උස්සං වලියට එන්නෙත් නෑ හැබැයි...!

No comments:

නුදුරු අදහස්