Monday, October 8, 2012

T20 ක්‍රිකට් තරගය දිනුවේ හෙළයින් විසිනි

පසුගියදා නිමාවට පත්වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වෙද්දී ශෝකයට පත් බොහෝ සිංහලයින්ගේ නෙතගින් සට සට ගා කඳුළු කැට රූරා වැටෙද්දී, සැබෑ හෙළයෙක් වන මාගේ නෙතගින් සතු‍ටු කඳුළක් ගලා යාම අපේ ගෙදර ඇත්තන්ට නම් අරුමයක් වුණේ නෑ. එයට හේතුවනම්, බොහෝ අය නොදන්නවා වුණාට T20 තරගාවලියේ ජය හිමි වූයේ හෙළයින්ට බව මා දැනගෙන සිටපු නිසයි. මේ මොන අප්‍රබංශයක්ද කියල හිතෙනව ඇති, එහෙනම් කියවලම බලන්නකෝ.

මා නිතරම පවසා ඇති දෙයකින් කතාව පටන් ගන්නම්. අරිසෙන් අහුබුදු සූරීන්ට අනුව අප්‍රිකාව යනු, හෙළ නිරි‍ඳෙක් වූ තාරක රජතුමාට අප්‍රිය වූ කාපිරියන්ව ගෙන ගොස් දැමූ බිමයි. එනම් අප්‍රිය+කාපිරියන්ව=අප්‍රිකාව ලෙස වර නැගුණා.

අහුබුදුවන්ට අනුව වායු+රිය+තො‍ටුපොළ ලෙස වරනැගුණ වාරියපොළ අන්තර්ජාතික ගුවන්තො‍ටුපොළෙන් ගුවනට පැන නැගුණ දඬුමොණර යානාවන්, අප්‍රිකාව යනුවෙන් අද හැඳින්වෙන බිමට ගුවනින් ගෙන ගොස් දැමූ කාපිරියන් යනු වෙනත් ග්‍රහලෝකය අය නොව අප රටේම සිටි තාරක රජතුමාට අප්‍රිය වූ හෙළයිනුයි. වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොළපොතට අනුව කාපිරියන් යනු, කා=කාලකන්නි, පිරි=පිරිහුනු, යන්=යන්තරකාරයෝ.

නිවැරදිව ලෝක ඉතිහාසය නොදන්නා ඇංකරයින්ට අනුව අධිරාජ්‍යවාදී යුරෝපීයයන් විසින් කැරිබියන් දූපත් වල ජනතාව පදිංචි කල බව දැක්වුණත් ඇත්තටම ඒ රටට කාපිරියන් පැමිණියේ රාවණා යුගයේදීමයි. තාරක රජතුමා විසින් අප්‍රිකාවට ගෙන ගොස් දැමූ "කාලකන්නි පිරිහුනු යන්තරකාරයින්" සියවස් කීපයක්ම තම යන්තර මන්තර වැඩ කරගනිමින් නොබියව සිටියත් පසුව ඔවුන්ගෙන් පිරිසකට ලොකු බියක් ඇති වුණා. එම බිය නිසා ඔවුන් ලෝකයේ දුෂ්ඨ අක්ෂය ලෙස හැඳින්වෙන බර්මියුඩා ත්‍රිකෝණය පැත්තට නැව් මගින් පලා ගිය අතර ඔවුන් අවසානයේදී නැංගුරම් ලෑ දූපත් සමූහය "කැරි බියන්" ලෙස නම් කළා. තාමත් එම නම භාවිතා වීම හෙළයින් වන අපට ආඩම්බරයක් නේද?

"හෝමෝ සේපියන්ලා බිහි වීමට පෙරත් හෙළයින් ශිෂ්ටාචාරගතව සිට ඇති බවත්" හෙළයින් පැවත එන්නේ හෝමෝ ඉරෙක්ටස් ලාගෙන් බවත් මීට කලින් වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ ලිපියකින් පෙන්වා දුන්නා ඔබට මතක ඇති. ඇත්තටම අද වන විට හෙළදිවේ සිටින හෙළයින්ගේ රූපය මුල් "ඉරේ කට අස්" හෙළයින්ගෙන් වෙනස් වී තිබුණත් කැරිබියෙන් හෙළයින්ගේ "ඉරේ කට අස්" රූප්ශ්‍රීය අද දක්වාම නොනැසී පවතිනවා. උදාහරණ ලෙස ක්‍රිස් ගේ එල් මහතාගේ රූපය "ඉරේ කට අස්" හෙළයින්ට සමාන වෙන අකාරය බලන්න.


අද දක්වාම Antigua and Barbuda, Barbados, Dominica, Grenada, Guyana, Jamaica, St Kitts and Nevis, St Lucia, St Vincent and the Grenadines, Trinidad and Tobago, Anguilla, Monteserrat, British Virgin Island, US virgin Island and Sint Maarten යන සෑම කැරිබියන් කොදෙව්වකම ජීවත් වන්නේ එදා අප්‍රිකාවෙන් බිය වී පලා ගිය කාපිරියන්මයි. මේ අනුව ක්‍රිකට් ලෝක කුසලානය දිනුවේ හෙළයින් ම බව ඔබට පැහැදිළි ඇති.

මේ අතර ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අමන්දානන්දයට පත් වූ වෙස්ටින්ඩියානු හෙළයින්ට ඊට පහුවෙනිදා හාල්, පරිප්පු, ඩීසල්, බූමිතෙල් මිල වැඩි වීමටකත් මුහුණ දීමට සිදුවී තිබෙනවා.

පසුගිය තරගාවලිය ගැනත් කෙටියෙන් ටීකාවක් සපයන්නම්. මුලින්ම කිවහොත්, අප ශ්‍රී රාවණ පාක්ෂිකයින්ගේ ප්‍රධානතම සතුරා වන පාහර ඉන්දියානුවන් ලෝක කුසලානය පරාද වූයේ මේ දෙසැම්බර් මාසයේ නැගිටින ශ්‍රී රාවණ රජතුමාගේ බල මහිමය නිසාමයි. හෙළදිවටම විත් අපට අභියෝග කිරීමට උන් හිතුවා මදි.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමට මූලිකම හේතුව ලෙස රාවණා ආගමිකයෙක් වන මා පමණක් නොව, සියලුම ආගම් ප්‍රතික්ෂේප කර නූතන විද්‍යාව පමණක් පිළිගන්නා සියල්ලන්ම දකින්නේ මහින්ද රාජපක්ෂ එහි පැමිණීමයි. එහෙම නැතිව පන්දුවාර 12ට ලකුණු 48ක් ගහල තිබ්බ කොදෙව් කණඩායම 137ක් ගහන්න මාලන් සැමුවෙල්ස් පටන් ගැනීම හෝ, ලසිත් මාලිංගට දිගට හරහට හයේ ඒවායින් නෙලද්දීත් මහේල ජයවර්ධන විසින් ඔහුව ඕවර් 4 ම බෝල් කිරීමට දැමීම නිසා මාලිංගට ලකුණු 54 ක්ම නෙලීම නෙලීම හෝ, මහින්ද රාජපක්ෂ පිටියට පැමිණීමටත් පෙරදීම තිලකරත්න දිල්ෂාන් බින්දුවට දැවී යාම ඇතුළුව ශ්‍රී ලංකා පිතිකරුවන් ජීවිතයේ මුල් වරට ක්‍රිකට් ගහන්නා වාගේ නොසැලකිල්ලෙන් ක්‍රිකට් ගැසීම නිසා නොවෙයි.


මහින්ද රාජපක්ෂ කුරහන් සාටකයක් දමාගෙන පැමිණීමත්, ක්‍රීඩකයින් කිසිවෙක් එලෙස කුරහන් සාටකයක් දමාගෙන නොසිටීමත් නිසා ක්‍රිඩා පිටියේ තිබූ විශ්ව ශක්තිය බිඳී ගියා. ඉදිරියේදී මහින්ද රාජපක්ෂ ක්‍රිකට් තරග බැලීමට නොපැමිණිය යුතු බව මාගේ යෝජනාවයි. පැමිණෙනවානම් මහින්ද රාජපක්ෂ කුරහන් සාටකය ගලවා දමා පැමිණිය යුතු අතර එසේ බැරිනම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ට කුරහන් සාටක පළන්ඳවා ක්‍රීඩා කරවීම මෙයට විසඳුමයි. "ජනසේනා" වැනි ආශ්චර්යයේ පෙරගමන්කරුවන්ට මේ දේ නොවැටහීම කරුමයක්ම තමයි.

වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම දිනුව පසුව ඔවුන්ගේ අපූරු රංගනය ඔබ දකින්න ඇති. ඔවුන් එහිදී නටා පෙන්වූයේ හෙළයින්ගේ පහත රට නර්තනය ආශ්‍රයෙන් රාවණ රජතුමා අතීත කැරිබියන් දූපත්වාසී හෙළයින්ට ඉගැන්වූ "ගුවා ඩිෂු මුබු‍ටු" නැමති සම්ප්‍රදායික නර්තනයයි. ඉන් පසුව ක්‍රිස් ගේ එල් විසින් "හූ උටා බුම් බුම්" නැමැති දඟර නැ‍ටුමත් නටා පෙන්වනවා ඔබ දකින්නට ඇති. ලෝක කුසලාන තරගයක් දිනූ පසු කිසිදා හෙළ නර්තනයක් රඟ දක්වා ශ්‍රී රාවණ නමස්කාරය නොකරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙළ යකුන්ගේ ශාපය වැදී ඇති බව, ලංකා සි නිවුස් වෙත අනාගත වාක්‍ය ලබා දෙන මධ්‍යම කඳුකරයේ භාවනානුයෝගීව වාසය කරන මාගේ ගුරුදේව තාපස තුමා පැවසුවා.

නර්තනයට පසුව වෙස්ට් ඉන්ඩීස් ක්‍රීඩකයින් තිදෙනෙක් එක්ව ශ්‍රී රාවණ මන්ත්‍රයක් මතුරනවාත් ඔබ අසන්නට ඇති. පහත වීඩියෝ එකේ විනාඩි 2 යි තත්ත්පර 7 සිට එය ශ්‍රවණය කරන්න.



"තරිඩි ගිරි ගිරි ඩෙන්න ඩන්නෙ ඩාබුඩින් බබිඩි බිරි බිරි ඩෙන් බම් බඩා..." "චෙජෙ කා ච චා..." "ශ්‍රී කූ ලංකා මසෙබා..." බලන්න කළගුණ දත් ඒ කැරිබියන් හෙළයින් එදා මුළු ලොවටම ඇහෙන්න හඬ නගා ප්‍රනාමය පුද කළේ අප ශ්‍රී රාවණ රජතුමාටයි.  වර්ගපූර්ණිකාවෙන් බොහෝ පද නිරුක්තීන් අධ්‍යයනය කර ඇති ඔබට එම මන්ත්‍රය නිරුක්ති කිරීමට පුළුවන් ඇති, උත්සාහයක් ගෙන බලන්න.

වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම ලංකාවට පැමිණි පසුව වාරණ විහාරයට (පද පෙරලූ විට , රාවණ විහාරයට) ගොස් ආගමික වතාවත් කළ බවත්, තරගයෙන් දින්නොත් බාර්බඩෝස් දිවයිනේ රාවණ දේවාලයක් හදන බවට එහිදී බාරයක් වුණ බවත්,  සෑම ක්‍රීඩකයෙක්ම යටි බඩේ කුණ්ඩලීනී යෝගය සහිත රාවණ යන්තරයක් සවි කරගෙන සිටින බවත්,  තරගය අවසන් වූ වහාම වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් නායකා, කුසලානයත් ‍රැගෙන රාවණ කො‍ටුවට ගොස් බාරය ඔප්පු කළ බවත්, මාධ්‍ය වලට වාර්තා නොකළේ ඒ නිරහංකාර හෙළයින්ට අනවශ්‍ය ජනප්‍රියත්වයක් වුවමනා නැති නිසයි. අන්න ඒක තමයි ලෝකයේ කොතනක සිටියත් හෙළයින්ගේ තිබෙන අපූර්වත්වය.

වෙස්ට් ඉන්දීස් හෙළ යක් නායකයා රාවන කොටුවට ගොස් සිය බාර ඔප්පු කල අයුරු. පින්තූරය අප වෙත ලබා දුන්නේ Achala Fidel මිතුරායි.

කාපිරියන් යනු "කාලකන්නි පිරිහුනු යන්තරකාරයින්" ලෙස මා මුලදී පෙන්වා දුන්නා ඔබට මතක ඇති. නමුත් කැරිබියන් දූපත් වල සිටින කාපිරියන් ගේ ඒ පිරිහීම නැති වී නැවතත් ඔවුන් යන්තර-මන්තර වලින් පොහොසත් වී ඇති බව ඔබට මනාව පැහැදිළි වෙනවා නේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

53 comments:

  1. දැන් හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. විපතෙහි සැපතෙහි....
      නොසැළෙයි නොතැවෙයි....
      අටලෝ දම හුරු හෙළයා......

      Delete
    2. බොදු බල සේනා සංවිධානයේ කළුතර දිසා මහ සමුළුව, ඔක්තොම්බර් මස 13වන සෙනසුරාදා දින ප.ව. 2.00 ට කළුතරදී පැවැත්වෙන අතර, බංගලිදේශ මූලධර්මවාදීන්ට එරෙහිව සාමකාමී විරොධතාවයක් එදිනම ප.ව. 2.00 ට නුවරදී පැවැත්වේ!

      ඔබ වෙනුවෙන් නොව ඔබේ හෙට දිනයේ දරුවා වෙනුවෙන් මේ සඳහා සහභාගී වන්න.. නැතහොත් හෙට ඔබගේ දරුවා මුස්ලිම් ශ්‍රී ලංකාවක (සපිරිස්ථානයක ) සුළු ජාතිකයකු වනු නිසැකයි .

      අභිමානවත් හෙළ දූ පුතුනි සිහල විරු දනන්ගේ උරුමය ඔබේ හෙට උපදින දරුවා වෙනුවෙන් සුරැකුමට පෙලගැසෙන්න!

      Delete
  2. Kurahan satakayak dagena awe na ne ban eda mahinda nikan shirt ekak dagena awe

    ReplyDelete
    Replies
    1. මුලදීම මහින්ද කුරහන් සාටකය දාගෙනයි පැමිණියේ. නමුත් සාටකය නිසා කණ්ඩායමට වස් වදීවි කියල රාජකීය අනාගතවෘක්ත වරුන් විසින් පැවසූ පසුව එය ඉවත් කළා, නමුත් සාටකය දාගෙන ආපු නිසා වස් වැදුණා.

      එසේම මෙය විද්‍යාත්මකව පර්යේෂණ කර පෙන්වූ දෙයක්. ඒ ගැන පර්යේෂන පත්‍රිකා පවා නිකුත් කර තිබෙනව. නැතිනම් ඔය මෝඩ විශ්වාස බලි බිලී වස් දොස් නොපිළිගන්නා උදවිය මේ ගැන මෙච්චර කතා කරන්නේ නැහැනෙ.

      Delete
    2. haiyoo gedarata wela baluwanam iwarai ne

      Delete
  3. මැච් එක පැරදුන වෙලේත් අපේ ගමේ හෙළ යකුන් රතිඥ්ඥා පත්තුකරනවා ඇසී මල විකසිත වී සිටියත් ඔබතුමාගේ පෝස්ටුව කියවූ විට ඒ මල පරවී ගියේය. උන් රතිඥ්ඥා පත්තුකර ඇත්තේ සැබෑ හෙළ යකුන් මැච් එක දිනපු නිසයි. නැතුව අපේ අයියා කිව්වා වගේ ගෙනාපු රතිඥ්ඥා පත්තු නොකර පු@# ගසා ගැනීමට බැරි නිසා නොවෙන බව දැන් මට වැටහේ.
    ශ්‍රී රාවණා සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. අගනා සිහිපත් කිරීමක් මිස්ටර් ඇනෝනිමස්O, ඔය ගැන ලිපියේ ලිවීමට හිටියත් අද ලියද්දී ඒක අමතක වුණා. සැබැවින්ම සුළු පිරිසක් දන්නව වෙස්ටින්ඩීස් යනු කැරිබියන් හෙළයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් කියල. ඔවුන් සතුටින් යුතුව වෙස්ටින්ඩීස්ලාගේ ජයග්‍රහණය සැමරුවා.

      Delete
  4. මේ හෙළ නායකයා ඔවුන් දිනූ කුසලානය කැරි බියෙන් වෙසෙන තම සහෝදර ජනතාව වෙත පුද කරන බව පවසා සිටියා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඊට පෙර රාවණා රජතුමාටත් පුද කළා, ඉහත පින්තූරය අප වෙත ලැබුණේ මේ දැන්.

      Delete
    2. Dear Dr.Jayaratne,
      around July,2012 you wrote on this blog that King Ravana will return from his deep sleep and will contest elections via UNP by the end of 2012..so far we haven't seen King Ravana's return nor there is much of a UNP left to join considering the state of that political party.
      can you pls clarify this ?
      also, i have some important documents , research papers that i came across mostly done by the US Military on Ravana era technology and would like to share them with you. let know how we can arrange this!
      regards.

      Delete
  5. කලකට පෙර දුමී නම් ගවේශනශීලී බ්ලොග් වේදියානන් එලාර ද්‍රවිඩයකු නොවන බවත් ඒ. ලාරා නම් බටහිර ඉන්දීය කොදෙව් වාසියකු බවත් සොයාගත්තා. ඔබේ මතයට අනුව එ. ලාරා හෙලයකුම බව මේ පර්යේෂන ඔස්සේ සනාත වනවා. අප සටන් කොට තිබෙන්නේ අපේම වාර්ගිකයන් හා බව දැනගත් දුටුගැමුණු රජතුමා අතිශය කනගාටුවට පත්වූ බවත් මහාවංශයේ සඳහන් වනවා..

    දිමියගේ ළිපිය මෙතනින් බලන්න

    http://dhumee.blogspot.com/2010/06/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. රයන් ලාරාගේ වාසගම වන ලාරා යනුත් හෙළ වාසගමක්. අරිසෙන් අහුබුදුවන්ට අනුව එහි පද නිරුක්තිය මෙලෙසයි.
      ලා=ලාම්පු
      රා=රාවණ

      එනම් ලාරාගේ මුතුන් මිත්තන් රාවණ රජතුමාට පන්දම් (ඒ කාලේ ලාම්පු) අල්ලපු කෙනෙක්. එනිසා ඔහුගේ පෙළපතට එම වාසගම ලබා දී තිබෙනවා.

      Delete
    2. උඹ නම් මාරයි ජයරත්න අයියේ...

      Delete
  6. ඇත්ත නේන්නම් බාලගෙන යනකොට..ඕක මුලින් දැනගෙන උන්නනම් මම කොදෙව්වන්ට චියර්ස් කරනවා..

    ReplyDelete
    Replies
    1. දැන් උනත් පරක්කු නෑ. අපි මෙම ජය සමරමු.

      Delete
  7. මාමාට වැරැද්දක් කියන්නට බැරිය. මොකද මාමා ගෙදර ඉදන් තරගය බලල ලකුණු පොඩ්ඩක් අඩු උනත් විකට්ටු තිබ්බ නිසා තරගය ‍දින්නට පුළුවන් තත්වෙක තිබුනේ. හෙළයන් ඒ ගැන ඉස්තරම්ම විස්වාසෙකින් හිටියේ. ඉතිං අපේ මාමාත් ‍ඒ විස්වාසයෙන් ඉදල මිනිහා ‍ආවොත් පරාද වෙන කාල සීමාව අර අහිකුණ්ටක සුමනදාසයාගෙන් අහගෙන ආවත් ... අදෝමැයි. සාපය එලෙසින්ම තිබුනා නොවැ. රූපය දැක තත්පර ගණනක් තුල නොසිතු දේම සිදු වී සාපය හෙන වදින්නාක් මෙන් වැදි ගිය විට ‍අප කුමක් කරමුද?

    ReplyDelete
    Replies
    1. එසේම මෙය විද්‍යාත්මකව පර්යේෂණ කර පෙන්වූ දෙයක්. ඒ ගැන පර්යේෂන පත්‍රිකා පවා නිකුත් කර තිබෙනව. නැතිනම් ඔය මෝඩ විශ්වාස බලි බිලී වස් දොස් නොපිළිගන්නා උදවිය මේ ගැන මෙච්චර කතා කරන්නේ නැහැනෙ.

      Delete
  8. ක්‍රිකට් යනු සුද්දන් විසින් සොයාගත් ක්‍රීඩාවක් බව පවසන්නේ රාවණා විරෝධීන් විසිනුයි. එය අපේ පැරණි හෙළයන්ගේ ජාතික ක්‍රීඩාව බව ඛෙත්තාරාම ඓතිහාසික පූජාභූමියේ තිබී හමු වූ සෙල්ලිපියකින් ඔප්පු වී හමාරයි.
    එහි මෙසේ සදහන් වෙනවා " යක මක පද කිරි කට් බල් එන් සද" මෙහි තෙරුම යකුන් සහ මකරුන් කි්‍රකට් බලා එන විට යන්නයි.

    ReplyDelete
    Replies
    1. එම සෙල් ලිපිය මාත් කියවා තිබෙනවා. නමුත් මේවා පාසල් පෙළ පොත් වලට ඇතුලත් නොකරන්නේ හෙළ ඉතිහාසයට විරුද්ධ කුමන්ත්‍රණකාරයින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටින නිසයි.

      අරිසෙන් අහුබුදුවන්ගේ මගෙහි යමින් කෙත්තාරාම යන වචනයේ පද නිරුක්තිය බලමු.

      කෙත්=කෙත්වත්තේදී=කුඹුරෙදී
      තා=තාරගෑවූ
      රාම=රාම

      "කුඹුරේදී තාරගෑවූ රාම" යන නම එතැනට යෙදුවේ රාම රාවන යුද්දෙයේදී එක් වතාවක් රාම පැරදුනාම රාවනා රජ්ජුරුවො එතැන තිබූ කුඹුරේ සිට රාමගේ පශ්චාත් භාගයේ තාර ගෑව නිසයි. "පුකේ තාර ගානවා" යන ජන වහර හෙළ බසට එක් වූයේ එදා සිටයි.

      Delete
  9. අපෝ අපෝ වර්ගපූර්නිකාව හෙලුවෙන් වනන හැටි,,එකසිය ගානට විළිහිරිකිතයි.හෙළයින් කියන වචනය හැදුවේ ඔය කියන අහුබුදුද?රෙද්ද තමා.ලොක්කනේ මේ වචනය මොන අතින් බැලුවත් ඒක කියන්නෙ අපේ එවුන්ට.ලංකාවෙ එවුන්ට.(රාවනා වගේම අහුබුදුත් ළගදීම නැගිටින බව මේ පච බ්ලොග් එකේ ඊලගට ලියන්න)
    අපේ ටීම් එකේ කොල්ලො ටික පරදින්න හේතුව එතකොට ඔය රාවණා නේද?රාවණාට පනදෙන්න හදන ඔය සෙට්එකට තිබුනනෙ කළින් අපේ කොල්ලන්ට රාවණ පූජාවක් තියල ආශිර්වාද කරන්න නේද? රාවණා බ්ලොග් කියවන්නෙ නැත්තෙ තමුන්ලගෙ(තොපේ) වාසනාවට.නැත්තං තමුන්ලනත්(තොපිත්) හෙටඉදන් කැරි බියන් දූපත් වල තමා.
    උපුටා ගැනීමක්-(පසුගිය තරගාවලිය ගැනත් කෙටියෙන් ටීකාවක් සපයන්නම්. මුලින්ම කිවහොත්, අප ශ්රී( රාවණ පාක්ෂිකයින්ගේ ප්ර ධානතම සතුරා වන පාහර ඉන්දියානුවන් ලෝක කුසලානය පරාද වූයේ මේ දෙසැම්බර් මාසයේ නැගිටින ශ්රීව රාවණ රජතුමාගේ බල මහිමය නිසාමයි. හෙළදිවටම විත් අපට අභියෝග කිරීමට උන් හිතුවා මදි.)
    අඩෝ,,,,,,,,,,එතකොට 50 ඕවර් ලෝක කුසලානෙදි අපේ ටීම් එක ඉන්දියාවට පරදින කොට තොපේ(තමුන්ලගේ)රාවණ රජතුමා ඇවිත් අපේ එවුන්ව බේරගන්නෙ නැතිව නිදි වැද්දද?(කුම්බකර්ණගෙ අයියනෙ).රාවනාට ඉන්දියන් බුකී කාරයෙක් පගාව දුන්නවත්ද?(ඕං රීං රාවණ පගා මස්තු)
    ඔලිම්පික් රන් පදක්කම් ගන්න කියල සුසන්තිකාලට ,සුගත් තිලකරත්නලට වියදම් කරපු සල්ලි අපරාදෙ කියලත් ඊලගට මේ පචබ්ලොග් එකේ ලියන්න අමතක නොකර.ඇයි යකෝ ජැමෙයිකාව අයත්වෙන්නෙත් මේ කැරිබියන් දූපත් වලටම නේද?උසේන් බෝල්ට්,යොහාන් බ්ලේක් කියන්නෙත් එහෙනම් හෙළයින්ම නේද?තමුන්ලගෙ මතක ශක්තිය විදේශකුමන්ත්රනයක බලපෑම නිසා හෝ නැතීවී ගිහින්ද?(අපිටනම් එහෙම නැතෝ)

    උපුටා ගැනීමක්- (වෙස්ට් ඉන්ඩීස් කණ්ඩායම දිනුව පසුව ඔවුන්ගේ අපූරු රංගනය ඔබ දකින්න ඇති. ඔවුන් එහිදී නටා පෙන්වූයේ හෙළයින්ගේ පහත රට නර්තනය ආශ්ර්යෙන් රාවණ රජතුමා අතීත කැරිබියන් දූපත්වාසී හෙළයින්ට ඉගැන්වූ "ගුවා ඩිෂු මුබු‍ටු" නැමති සම්ප්රිදායික නර්තනයයි.)
    යකෝ උඩරට පහතරට කියල බේදයක් රාවණාගෙ කාලේ තිබ්බද?දස රාවණ සංකල්පෙවත් තියෙනවද නර්තන කුසලතාවය ගැන(අමුලික පච).රාවණා එකල සිට් නැටුම් සර් කෙනෙක්ද?(දෙසැම්බර් වල එයා නැගිට්ටහම අපේ කොන්සර්ට් එකට ඩාන්ස් එකක් හදාගන්න එන්න කියන්න හොදේ)
    රාමායනයේවත්,මහාවංශයේවත් නොමැති මේ රාවණ බේගල් සයිට් එක බලන්නන් කුපිත වනවාය(අනිවා).හැබැයි පට්ට ආතල්ය

    ReplyDelete
  10. මාලිංග යනු ඉන්දියන් කාරයෙක්ද ? මා ලිංඟ, මම ලිංඟම් කෙනෙක් !

    ReplyDelete
    Replies
    1. මාලිංග (මහාලිංගම්) රාමගේ සොයුරු ලක්ෂ්මණගෙන් පැවත එන්නෙකි. මාලිංග IPL තරග වල පන්දු යවන ආකාරයට හෙළ කණ්ඩායම වෙනුවෙන් පන්දු නොයැවීමත් ඉන්දියාව හමුවේ සමරිසියන්ට මැදි වූ පණ්ඩකයකු සේ අසරණ වීමත් (ඇත්තෙන්ම ඉන්දියාවට දීමත්) ඔහුගේ ඉන්දීය සම්භවය පෙන්නුම් කරයි.

      Delete
    2. පිස්සුද බං... මාලිංග කියන්නේ මහ + ලිංග හිතාගන්ඩ පුලුවන් නේද වැඩේ....

      Delete
  11. අපරාදේ අපේ එවුන් සාටකේ දාගෙන මැච් ඒක ගහන්ට තිබ්බේ, රාවණාගේ කාලෙත් මැච් ගැහුවේ සාටක දාගෙනලු, ආයේ ෆයිනල් ගහනකොට සාටකේ අනිවාර කරන්ට ඕනේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම!!!
      එවිට තරගය පරාජය වුවහොත් සාටකයෙන්ම එල්ලී සිය දිවි හානි කර ගත හැක.

      Delete
  12. සියයට සියයක් නිවැරදි කතාවකි..

    ReplyDelete
  13. Habai oya pinturaya Indipendence memorial eka gawa kiyala caption eka dala tiyenne ai ??

    ReplyDelete
  14. http://www.google.ae/imgres?um=1&hl=en&safe=off&sa=N&biw=1024&bih=673&tbm=isch&tbnid=5ZV-lK4zuCGMEM:&imgrefurl=http://www.thefinancialexpress-bd.com/index.php&docid=Kqr1PfQQ2U7zyM&imgurl=http://www.thefinancialexpress-bd.com/images/news_image_2012-10-09_18318.jpg&w=400&h=601&ei=5EN0UIeeO9KBhQe694CYBA&zoom=1&iact=hc&vpx=351&vpy=223&dur=198&hovh=275&hovw=183&tx=129&ty=125&sig=111971103637088893863&page=3&tbnh=150&tbnw=100&start=31&ndsp=17&ved=1t:429,r:1,s:31,i:212

    ReplyDelete
  15. අහෝ මීවනයනි,,,,,,,කෙත්තාරාම යන නමහැදුනේ ඔබකියන ලෙසට "කුඹුරේදී තාරගෑවූ රාම" යන පද නිරැක්තිය නිසාද? එම නම එතැනට යෙදුවේ රාම රාවන යුද්දෙයේදී එක් වතාවක් රාම පැරදුනාම රාවනා රජ්ජුරුවො එතැන තිබූ කුඹුරේ සිට රාමගේ පශ්චාත් භාගයේ තාර ගෑව නිසාද?ඔයාට පිස්සු නැත්නම් ෂෝක්.

    පසු කාලයේ එහි නම R premadasa stadiyam(ආර් ප්රේමදාස ක්රීඩාංගනය)ලෙසට නම් වෙනස්කර ඇත්තේ විදේශ කුමන්ත්රණයක් නිසාද? රාවණා විරෝධීන් විසින්ද?

    එහෙනම් ඔබට පේනනේ නැද්ද දැන් තියන නම කළින් තිබූ නමටත් වඩා එයට ගැලපෙන බව.රාවන චරිතයට වඩාත් සම්බන්ද බව.

    R(ආර්)--රාවණ
    ප්රේමදාස--සීතා කෙරේ ඇතිවූ ප්රේමය නිසා ඔහු දාසයෙක් විය.

    (මොනවට මම මේව ලියනවද මන්ද,,,,)

    ReplyDelete
  16. තොප මාගේ කොමෙන්ට් ගිලිනවාදො සැක සිතේ. ඊයේ මා කැලුම්ට දැමු කොමෙන්ට් වගයක් පලවි නැත. නැවත දැමුවෙමි..

    ReplyDelete
  17. එම්බා මි ජයරත්නයෙනි......නුඹ සබවින්ම මියෙකි..නෑතහොත් මි පරපුරෙන් පවෙතෙන්නෙක්ම විය යුතු බව හෑගේ....හෑබෑ බිළාළයෙක්(පූසෙක්) හමුවෙන තුරු ඔහොම යනු

    ජය ශ්‍රී දමිළ රාම...

    ReplyDelete
  18. ජය ශ්‍රී දමිළ රාම...

    ReplyDelete
  19. ජයෝ අප්‍රිකාවේ ගුවන් තොටුපලක් තිබ්බද ඔය ගුවන් යානාව බස්සවන්න

    ReplyDelete
  20. එම්බා පරිබ්‍රාජකය....

    කටපාඩමින් වාද විවාද කරන්නන් බුද්ධ කාලයේ පවා විරල නොවීය. වාද දහස් ගණනක් කටපාඩම් කර උගතුන් පවා පරාජයට පත්කර අවසනදී බුද්ධ ඥානයට පැරදී ශ්‍රී පාද සිඹ ශාසන ගතවූවන් ගැන අප අසා ඇත්තෙමු. එවන් පරිබ්‍රාජකයන් සයිබර් අවකාශයේද විරල නොවේ. ඔවුන් නවීන විද්‍යාව මතුපිටින් ස්පර්ශ කර ඇත. බුදු දහම අනුව කටයුතු කරන්නේ පරාජිතයන් නිසා (ඔහුට අනුව)බුදු දහම අතහැර ඇත. ඔවුන් දන්නේ මොනවාද කියා සිතාගත නොහැක්කේ දත් දෙයක් හෝ නොදත් දෙයක් නොමැති නිසාවෙනි. ඔවුන් සසර අතරමං වූ පුද්ගලයන්ය. ඔවුන්ට නිවැරදි මාවත දැකීමට ඥානයක් නොමැති උන් ය. යමෙක් නොදන්නා දෙයක් ඇතැයි පිළිගැනීම ඔවුන් සලකන්නේ නිවට කමක් ලෙස ය. පරම සත්‍ය දේශනා කළ, සියල්ල අතැඹුලක් සේ දන්නා බුදුහිමි පරාජිතයෙක් ලෙස ඔවුන් හංවඩු ගසයි. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙවන් දෙයකි. “මාගේ ඇඟිලි තුඩුවල ඇති පස් මෙන් ප්‍රමාණයක් මිනිසුන් නැවත මිනිස් ආත්මයක් ලබයි. මහ පොළවේ ඇති පස් මෙන් ප්‍රමාණයක් මිනිසුන් නැවත මිනිස් බවක් නොලබයි. ඔවුන්ගෙන් සමහරක් සතර අපායේ උපදී. සමහරක් තිරිසන් යෝනියේ උපදී“ අපිට හමුවන මිනිසුන්ගෙන් සමහරක් නැවත කිසි දිනක මිනිස් බවක් නොලබන අය වෙති. ඉතින් අපි ඔවුන්ට අනුකම්පා කරමු. ඔවුන් සමඟ පලක් නොමැති වාද විවාද කිරීමෙන් වැලකෙමු. සිංහල ජන වහරේ ඇත්තේ මෙවැනි දෙයකි. “බුද්ධිමතුන් සියයක් සමඟ වාද කර ජයගත හැකිය. නමුත් එක මෝඩයෙක් සමඟ වාද කර දිනිය නොහැකිය“ පහත උපුටා ගැනීම බුද්ධ ඥානයට හොඳම උදාහරනයකි.

    //මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන‍දකුට පර්තයෙහි ඉන‍්දක නමි යක‍ෂයාගේ භවනයෙහි වැඩවසන සේක.

    ඉක්බිති ඉන‍්දක යක‍්ෂතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.

    සමිබුදුවරයෝ රූපය ජීවය නොවෙයයි කියති. ඉදින් මෙ සත්ත‍වතෙම මෙ සිරුරට කෙසේ නමි විඬීද? මෙ සත්ත‍වයාගේ ඇට හා මස්පිඩු කොයි සිට ඒද? මෙ සත්ත‍වතෙම කවරහෙයකින් මවුකුසෙහි ඇලී සිටීද?
    භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, පළමුව ප්‍රතිසන‍ධි විඥානයත් සමග කලලය වේ. ඒ කලලයෙන් අබිබුදය වෙ, ඒ අබිබුදයෙන් පේශිය හටගනී, ඒ පේශියෙන් ඝන නමි මස්පිඩක් හටගණී. ඒ ඝන නමිවූ මස්පිඩෙන් ඇගිලි පසක් හටගණී, ඉන්පසු කෙස්ද, ලොමිද. නියද හටගණී.

    ඔහුගේ මව යම් අහරකුත් බොන දෑකුත් බෝජනයකුත් වළදාද මව් කුසට පැමිණි ඒ සත්ව තෙමේ ඒ ආහාරපානාදියෙන් එහිදී යැපේ.

    මේ සූත්‍රය විග්රහයෙන් බලමු.

    තල තෙල් බිදුවක් යමු බදුද, පිරිසිදු ගිතෙල් බිදුවක් යමි බදුද, එබදු පැහැය හා සටහන ඇති දෙයකට කලලය යැයි කියනු ලැබේ යන්න එහි තේරුමයි. විභංග අටුවාවේ මෙම කළලයේ ප්‍රමාණය දක්වා ඇත. "ජාති උණ්ණා නාම සුඛුමා තස්සා එකං සුනෝ පසන්ත තිලේ තේලං පක්ඛිපිත්වා උද්ධටස්ස පග්ඝරිත්වා අග්ගේ ඨිතබින්දු මත්තං"

    මෙයින් කියවෙනුයේ හිමාලයේ වෙසෙන ඉතා සිහින් ලොමි ඇති ජාතිඋණ්ණා නමි එලුවන්ගේ ලොමි ගසක් තල තෙලේ ඔබාගත් විට එහි අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය මෙම කළලයේ ප්‍රමාණයට සමාණ බවයි.

    දැන් මෙ සමිබන්ධව නුතන විද්‍යාවෙ මතය සලකා බලමු. ස්ත්‍රියක් හා පුරුෂයෙකු අතර ලිංගික සංසර්ගයේදි සමස්ථ ශුක්‍ර තරලය ඝන සෙමිටිමිටර 03ක පමණ ප්‍රමාණයක් ස්ත්‍රි ලිංගේන්ද්‍රිය තුලට මුදා හරිනු ලබයි. මෙම තරලයෙන් 10% ක් පමණ ශුක්‍රාණු ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය සංඛයාත්මකව මිලියන 300 ක් පමණ වෙ. නමුත් මෙයින් ඩිමිබ සෛලය තෙක් ගමන සමිපුර්ණ කල හැක්කේ ශුක්‍රාණු 1000 ස් ගණනකට පමණි. මෙම සෛල වලට ඩිමිබය තෙක් ගමන් කිරිමට පැය 12 ත් 24 ත් අතර කාලයක් ගතවන බව දක්වා ඇත. මෙයින් ඩිමිබය වෙත ඇදි යනු ලබන ශුක්‍රාණු වලින් එකක් පමණක් එහි අග ඇති අග්‍රදේහයේ අන්තර්ගත එන්සයිම මගින් ඩිමිබයේ පටල සියල්ල ජිරණය කර ඩිමිබය තුලට ප්‍රවෙනි ද්‍රව්‍ය ඇතුලු කිරිම සිදු කරයි. මෙය සංසේචනය නමි වෙ. මෙ සමගම සත්ත්වයිගේ ප්‍රතිසන්ධි චිත්තය පහල වන බවත් කාය, වත්තු, භාව දශකයන්ද පහල විම සිදුවන බවත් දක්වා ඇත

    මෙ ආකාරයට සංසේචනයෙන් පසු ඇතිවන මෙම ව්‍යුහය සයිගොටය (Zygot) නමින් හදුන්වනවා මෙහි ප්‍රමාණය නැනෝමිටර 150 පමණ වෙ. විභංග අවුවාවෙ දක්කා ඇති මෙම ජාති උණ්ණා එලුවා‍ගේ ලොමට අගට එන තෙල් බිදුවෙ ප්‍රමාණය හා මෙම කළලය හෙවත් සයිගෝටයේ ප්‍රමාණය අතර සමාණත්වය ඔබට දැන් පැහැදිලි වනු ඇත. බිජාන්න සහිත මෙම සයිගොටයේ වර්ණය තලතෙලේ පැහැය යැයි පැවසිම 100% ක් නිවැරදි වනු ඇත.එලෙසෙම මෙම සයිගොටයද තෙල් බිදුවක් මෙන් ගෝලාකාර වස්තුවකි. එබැවින් එහි වර්ණය හා හැඩය පිළිබද විස්තරය 100% ක් නිවැරදිය.

    http://www.budurashmiya.net/

    ReplyDelete
  21. බුදුහිමි පරාජිතයෙක් යැයි නිගා කොට බුද්ධ ඥානයට ගැරහූ බුද්ධිමතාට...

    http://www.budurashmiya.net/2011/01/blog-post_27.html

    ReplyDelete
  22. indalama aththak kiyala oon.

    Mata nam kochchara purudu unath boru kiyanakota kata ridenawa ooi.

    Dan thamai senasemak lebune. Api peradila nehe nowe.

    ReplyDelete
  23. එකනේ කියන්නේ මහින්ද මාමා ඇවිල්ල ලංකාව පරාජය උනා කියලා කියන්නේ කොහොම්ද. හෙළයෝ දිනලා තියෙන්නේ. ලොකු උන්නැහේ නෑවිත් හිටියනං හෙළයෝ පරදී ද.

    ReplyDelete
  24. jaya paduma eka se bara gatha uthu.wasanawa thibiya uthu.kodewwan suluwen salakanna ba.owun apata wada ediriyen.ekai dinuwe

    ReplyDelete
  25. e kiyanne api godak dena nodath ithihasayak kodeuwan dana sitiya kiyana ekada????

    ReplyDelete
  26. pissoth dakka mehema pissek dakke naha ,uba ratata barak machan

    ReplyDelete
  27. koooooo nagitta ravanaaa...koheda inne....

    ReplyDelete
  28. වරිගපුර්ණිකාව ලියන්නැද්ද ආචාර්ය තුමා..!

    ReplyDelete
  29. කිමදැයි මට නොතේරේ.. රාවනා ආවෙ නැතුවාට කම් නැත.. මීවන පලානයෙනි ඔබ තුමා පැමිනෙන්න... රාවනාගෙ අනුගාමිකයන් වන අතර මං කර නොයන්න. සයිබර් ලොව ඔබ නැතුව හුඋල්ලන හඩ ඇසේ.. එන්න .. අවදිවන්න... ස්‍රී රාවණ සිද්ධම්!!!

    ReplyDelete
  30. ආපහු සී.එයි.ඒ එකෙන් උස්සල වගේ පේන්න නැත්තෙ.

    ReplyDelete
  31. ආයෙ සී.අයි.ඒ. එකෙන් උස්සල වගේ.

    ReplyDelete
  32. මේ බ්ලොග් එක ලියන්නේ නැද්ද ආයි

    ReplyDelete
  33. ඇත්තම කතාව ඕක නෙමෙයි.මේ කාලේ කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් : http://www.luchsolutions.com/

    ReplyDelete
  34. me bolg eka liyana set ekata kiyanne..ubalata wena wadak naththan tiyena deyak kala nida ganillako surangana katha kiyanne nathuwa..nikan bila gahanna epa one podi ekek ubalata wada hodata oya pada niruktiya karai...habi hodama joke site eka meka thama aniwa...mamanam enne meka pili ganna harak lankawe innawada balanna witarai..

    ReplyDelete

නුදුරු අදහස්