Tuesday, July 17, 2012

සමනළ කන්ද කෘතිමව නිර්මාණය කළ හැටි.

සමනළ කන්දේ සම්භවය පිළිබඳව විවිධාකාර මතිමතාන්තර ඇති නමුත් එය රාවණ හෙළ ඉතිහාසයට උචිත ලෙස කරන ලද 200% ක් නිවැරදි පැහැදිළි කිරීම Ravana Lanka බ්ලොග් එක කරන මා හිතවත් මහත්මයා දී ඇත. පහත දැක්වෙන්නේ එතුමාගේ අවසර පරිදි පළ කරන එම ලිපියයි. මෙවන් තොරතුරු අප සමග බෙදාගැනීම වෙනුවෙන් එතුමාට වර්ගපූර්ණිකාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි.

සමනළ කන්ද ගැන බොහෝ මත පසුගිය කාලය තුළ පළවුණි. පාඨකයන් ද මෙය පිළිබඳ මාගෙන් කරුණු විමසා සිටියා. වැදගන්ම දෙය නම් ඉදිරියේ දී සිදුවීමට නියමිත බොහෝ කරුණු පැහැදිලි කරගැනීමට , සමනල කන්ද නිර්මාණය කල ආකරය දැනගත යුතු වීමයි.

එම නිසා මෙම ලිපියෙන් උත්සාහ කරනු ලබන්නේ සමනළ කන්ද නිර්මාණය කල අකාරය පැහැදිලි කිරීමටයි
විවිධ විෂය ක්ෂේත්‍රයනට අයත් පාඨකයන් මෙය කියවන බැවින් හැකි තරම් සරළව මෙය ඉදිරිපත් කිරීමට උත්සහ කරමි.

පළමුවෙන් ම සමනල කන්ද ගැන පහත අකරයේ මත 2ක් මා දු‍ටුවා.

(අ.) සමනළ කන්ද ස්වභාවිකව කාලන්තරයක් මුළුල්ලේ සෙමින් නිර්මාණය වූ කන්දක් බව
(ආ.) සමනළ කන්ද යනු පැරණි යමහලක් බව

මෙම මත දෙකෙන් ම පෙන්නුම් කරන්නේ සමනළ කන්ද ස්වභාවික හේතුන් නිසා ඇතිවූ දෙයක් ලෙසයි.

කඳු නිර්මණය වන ප්‍රධාන ක්‍රම 3කි. එනම්

1. ගිනිකඳු නිසා ඇතිවන කඳු

2. පෘථිවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කඳු

3. පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කඳු.

ඉහත කඳු නිර්මාණය වීමේ ආකාර 3 පදනම් කරගෙන සමනල කන්ද නිර්මාණය වූ අයුරු පිළිබඳ ඇති මත 2ක විශ්ලේෂණය කරමු.

සමනළ කන්ද ස්වභාවිකව කාලන්තරයක් මුළුල්ලේ සෙමින් නිර්මාණය වූ කන්දක් බව සලකා බලමු.

ගිනිකන්දක් නොවන ස්වභාවික හේතුන් විසින් සමනල කන්ද නිර්මාණය වූවා නම්, සමනළ කන්ද නිර්මණය වියයුත්තේ පෘථිවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කන්දක් ලෙස හෝ පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කන්දක් ලෙසයි.

පෘථිවි කබොලු 2ක් එක මත එක චලනය විම නිසා ඇතිවන කඳු අශ්‍රිතව තවත් එවැනි හැඩයෙන් හෝ අසන්න විශාලත්වයකින් සමාන කඳු නිර්මාණය විය යුතුයි. මෙහි දී එක කන්දක් අනෙක් වාට වඩා උස වැඩි විය හැකි අතර එවිට ඒ වටා ආරොහණ ශ්‍රේණියක් ඔස්සේ උස වැඩි වන කඳු වළල්ලක් පිහිටියයුතුය. උදා: හිමාල කඳු වැටිය සහ එවරෙස්ට් කන්ද නිර්මාණය.

හිමාල කඳු වැටිය සහ එවරෙස්ට්

නමුත් සමනල කන්ද හා හැඩයෙන් හෝ විශාලත්වයෙන් සමාන කඳු, කඳු පන්තියක් සමනල කන්ද යාබදව දක්නට නොමැත.

අනෙක් හේතුව වන පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවන කඳු වල හැඩය සම්පූර්ණයෙන් ම වෙනස් වන අතර හොර්ටන් තැන්නේ ලෝකාන්තය වැනි භූවිෂම තා ඇතිවන්නේ මෙමෙ පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම යන හෙතුව නිසා ය.

එබැවින් සමනළ කන්ද පෘථිවි කබොලු කැටි වශයෙන් ගිලාබැසිම හෝ ආනත වීම නිසා ඇතිවූ කන්දක් නොවන බව ඉතා පැහැදිලි වේ.

දැන් අපි ඉහත දෙවෙනි මතය වන "සමනළ කන්ද යනු පැරණි යමහලක් බව" සලකා බලමු.

සමනළ කන්ද පිහිටා ඇත්තේ Banded Metamorphic නැමැති තද පාෂාණ තට්‍ටුවකයි. මේවා ඉහළ පීඩන සහ ඉතා දැඩි උෂ්ණත්වයකට ඔරොත්තු දෙයි. මෙය ස්වභාවික ගිනිකන්දක් නම් මෙම තීරය අවටින් තවත් එවැනි ගිනිකඳු භූවිෂම තා හමුවිය යුතු අතර, ඉන්දියාව දක්වා කිසිම එවැනි සලකුණක් මෙම තීරයෙන් හමු නොවේ. මේ හේතු උඩ මෙම දෙවෙනි මතයද පහසුවෙන් බැහැරකළ හැකිය.
**අන්තර් ජාලය සහ, අශ්‍රිත පොතපත ඇසුරින් මේ කරුණු පාඨක ඔබට තව දුරටත් පැහැදිලි කරගත හැකිය.

මෙතනින් ඉදිරියට පැහැදිලි කරගැනීම සඳහා අප යම් දෙයක් දැනගතයුතුය. අපේ හෙල කැවිලි වර්ගයක් වන කොණ්ඩකැවුම් හදන ආකාරය මතක් කරගන්න. එහිදී නටන තෙල් තාච්චියට දමන කොණ්ඩකැවුම් මිශ්‍රණය වටේට බැදෙන විට ක්‍රමයෙන් ඝන තත්වයට පත්වේ. තවමත් අර්ධ උකු තත්වයෙන් කැවුම මැද ඇති මිශ්‍රණය ඉර‍ටුවක් අධාරයෙන් ක්‍රමයෙන් ඉහළට අදී. එවිට එම උකු මිශ්‍රණය තෙලෙන් බැදෙමින් ක්‍රමයෙක් ඝන කොණ්ඩය බවට පත්වේ.



සමනළ කන්ද නිර්මාණය කළේ ඉහත අකාරයට සමාන අයුරකිනි. එය මෙලෙස කොටස් 3කින් පැහැදිලි කල හැක.

1. සමනළ කන්ද නිර්මාණය කළයුතු භූම්යේ මධ්‍ය ලක්ෂය ‍තෝරාගෙන එහි සමාන අරයකින් යුතු වෘතයක් නිර්මාණය කරන ලදී. එය පහත පරිදි විය.

2. ඉන්පසු අධි බල කිරණයන් යොදාගෙන පහතින් ඇති තද පාෂාණ, ස්තර ක්‍රමයෙන් කම්පනය කරමින් ඒවාගේ ස්ථාවරත්වය බිඳ හෙළන ලදී. කිරන විවිධ ලෙස නභිගත කිරීම තුළින් විවිධමට්ටම් වල ඇති ස්තර සියල්ල අස්ථාවර/ මෘදු කරන ලදී.

3. ක්‍රමයෙන් අවශ්‍ය උස මට්ටමට පැමිණි පසුව මුදුනේ ඇති මධ්‍යය ලක්ෂය තුළින් "අඳුරු පදාර්ථමය කිරන" යැවීම මගින් කඳු මධ්‍යයේ ඇති ලෝදිය/ මැග්මා වල අධික තාපශක්තිය උරා ගන්නා ලදී. එහිදී ඉහළට ආ ලෝදිය ක්‍රමයෙන් සිසිල් වී ඝන වුණි.

මෙවැනි නිර්මාණයක් කිරීමේ තාක්ෂණය නූතන බටහිර විද්‍යාව සමග සන්සන්දනය කළහොත්, බටහිර විද්‍යාව තවමත් ගල්යුගයේ පවතින බව පිළිගතයුතුයි.

මෙහි අතිශය විශිෂ්ට සැලසුම් සහ මේ සඳහ යොදාගත් යානා, තාක්ෂණික මෙවලම් ආදිය ගැන කිවයුතුමයි. එම කරුණු ඉතාම ඉක්මනින් වෙනත් ලිපියකින් විග්‍රහ කරගමු.

මෙය කෙටියෙන් නොකියා, මෙපමණ කරුණු ඇතුළත් කළේ, තවමත් සමහරුන් මේවා දෙස සැක මුසුව බලන නිසාවෙනි.

69 comments:

  1. :D

    සාදු සාදු !

    ReplyDelete
  2. හරියට හරි. නියමෙට පැහැදිලි කරල තියනව. මේ විදියට නිර්මාණය කල නිසා වෙන්න ඇති බුදුහාමුදුරුවො ශ්‍රීපතුල තියන්නත් මෙතනම තෝරාගත්තෙ.
    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. budu hamuburuwo kandu uda kakul thiyala ekata minissunta kiyala wanda ganna tharam pahath thathwekata wateida? nikan moda katha kiyanna epa. mokak hari hethuwak nisa budhdha kalayata pera sitama samalala kanda wadina puruddak thibila thiyanawa. pasu kaleenawa meka siri pathula wela thiyanne

      Delete
    2. ඔව් හිරු හෙලු හරින් හෙවත් සුර්යගෙන් පැමිණි සිංහල මිනිසුන් සුර්ය දෙවියන්ට නමස්කාර කලේ සමනල කන්දේදී .. එය සුර්ය දේවාලයක් , සිංහල ජාතියේ උපත එතනයි.

      Delete
    3. මෙහි කිසිදු ආගමකට/ධර්මයකට අදාල දෙයක් කතා කිරීමෙන් වැළකී සිටීමට බලාපොරොත්තු නොවන නිසා ඒ ගැන කිසිවක් නොකියමි.

      Delete
    4. අචාරීනී මෙහි ඔබගේ හෙළ බසට කෙළ වී ඇත.වැළකී සිටීමට බලාපොරොත්තු නොවේ යනු කිරීමට බලාපොරොත්තු වේ යන්නමය.

      Delete
    5. @Vidu
      මේ අඩවියට කලින් ඇවිල්ල නැද්ද? :)

      Delete
    6. දිනුක
      ඔවැනි සුළු වැරදි මතුකරන්න එපා මිත්‍රයා..:D

      Delete
    7. දිනුක මහත්මයාණෙනි, නැවතත් නොකියවූ නිසා ඒ දෝශය සිදුවී ඇත. හෙළයෝ මා හට කමා වෙත්වා. පෙන්වා දීමට තුති.

      නිවරදිකිරීමයි: [[මෙහි කිසිදු ආගමකට/ධර්මයකට අදාල දෙයක් කතා කිරීමෙන් වැළකී සිටීමට බලාපොරොත්තු වන නිසා ඒ ගැන කිසිවක් නොකියමි.]]

      Delete
    8. සුළු වැරැද්ද පෙන්වා දීමට සිදුවීම ගැන කමන්න.නමුත් එහි සිදුවී ඇත්තේ සුද්දන්ගේ බසින් කියන්නා වූ ඩබල් නෙගටිව් යන්න යෙදී තිබීමය.ඔය නෙගටිව් යන්නද සිංහල වචනයකි.

      නැගිටිව් යනුවෙන් සිංහලෙන් කියූ වචනය ඇසූ සුද්දෝ සිංහලුන් නැගිට්ටොත් උන්ට කෙළ වෙන නිසාවෙන් එම වචනය කෙරේ වෛර බැඳ එයට සෘණාත්මක අරුතක් එක්කොටැ උංගේ බසට ඈඳා ගත්තෝය.උංගේ බසට වඳින්නාවූ අවලං කලු සුද්දෝ එවක් පටන් 'නැගිටිව්' යන්න දෙස බලන්නට පටන් ගත්තේ අවඥාවෙනි.

      Delete
  3. රාජ් කියන කතාවට මුළුමනින්ම එකඟයි..

    ReplyDelete
  4. සාදු සාදු සාදු...!!
    ඔබතුමාගේ මත දරන තවත් මිත්‍රයෙක් ඉන්නවා කියලා අදනේ දැන ගත්තේ..
    රාජ් කියන දේට මාත් එකඟ වෙනවා..

    ReplyDelete
    Replies
    1. මෙය මාගේ පුද්ගලික මතයක් නොව අපගේ හෙළ ගවේශකයින්ගේ ඒකමතික අදහසයි. මේ මතය දරන දස ලක්ෂ ගණනක් දනෝ සිරි ලක් දිව සිටිත්.

      Delete
    2. එසේය එසේය.. ඒ පිලිබඳ ඇසීමට ලැබීමත් මහා ප්‍රීතියක් ගෙන එන්නේය..

      Delete
  5. රාවණා කථා වලට හිනා වුන එවුන් දැන් දීපල්ලකෝ උත්තර...නියමයි.

    ReplyDelete
  6. ජය-ර-තන ලංකාවේ පිහිටි උමං ගංගා පිලිබඳ , ඔබගේ අදහස කුමක් ද? සමනළ කන්ද ආශ්‍රිතව අති විශාල භූගත ගඟක් පවතින බව මෑතකදී සොයා ගැනුනා. ඇත්තටම ලංකාවේ බොහෝ ප්‍රදේශ වල එවැනි භූගත ගංගා පවතිනවා. රත්නපුර අපේ වාසනාවට , මෑතකදී කළු ගඟ හරස් කර ජලාශයක් ඉදි කිරීමේ යෝජනාව දැනට අත් හිටුවලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක වුනානම් මහා භූගත ගංගාවක් මතු පිට පිහිටි අස්ථායී පොලොව මත මහා ජලාශයක් නිර්මාණය වෙනවා. ප්‍රතිපලය සමහර විට සමනළ කන්ද පවා ගිලා බහින්නට තිබුනා..

    ReplyDelete
    Replies
    1. මෙහි භූගත ගංඟාවක් තිබෙන බව සත්‍යයක්. ඒක මුල් නිර්මාන සැලසුමේ ම කොටසක්. මේ ගඟ සොයගත්තෙ මෑතක නම් නොවේ. 1960 ගනන් වල බෙල්ජියම් විශෙශඥ පිරිසක් විසින් තමයි හොයගත්තෙ. මේ ග‍ඟේ ජලය අනෙක් වාට වඩා උනුසුම්, එයට හෙතුව එහි ඇති රාවන යුගයේ අධිතාක්ශනික මෙවලම්. සමනොල කන්ද ඇතුලත සිදුවන තාක්ශනික ක්‍රියවන් බොහොමයක් තියනව. අනාගතයෙ ඒව පැහැදිලි කරනව.

      Delete
    2. ඒකත් එහෙමද ? මම එක්තරා ප්‍රවෘත්ති අඩවියක මේ ගැන දැක්කේ. ඔවුන්ම ලෝකයේම දුර්ලභ කුඹි විශේෂයක් අළුතින් සොයා ගෙන ඇති බවට ලිපියක් පල කර තිබුනත් සොයා බලද්දී දැන ගත්තේ ඒ අවුරුදු 30කටත් වඩා පැරණි සොයා ගැනීමක් බව. උමං ගංගා ප්‍රවෘත්තියත් එහෙනම් ඒ වගේ..

      Delete
    3. ඔබ පවසන්නේ සත්‍යයකි, ඒ ගැන තවත් සොයා බැලිය යුතුයි. එසේම මා අසා ඇති පරිදි හෙළදිව තුළින් යන උමං ගංගාව කන්දහාර් ප්‍රදේශය හරහා ගොස් නයිල් නදියටත් සම්බන්ධ වෙනව.

      Delete
  7. හෙලෝ /රකුස් ජයේ,

    රාවණ රජතුමා ගස් කපන්න අකමැති නිසා පොලොව යටින් තනපු උමං මාර්ග ගැනත් ලිපියක් දානවද...???????

    ReplyDelete
  8. සමනල කන්ද නිර්මාණය කිරීම සිහිකිරීම පිණිස ද කොන්ඩ කැවුම් පිසීම හෙළුවන් විසින් ආරම්භ කෙරුවේ?

    ReplyDelete
    Replies
    1. ඔව්, සමනළ කන්ද නිර්මාණය කරනවා දු‍ටු ආදි කාලයේ සිටි හෙළ යකිනියන් ඒ ආකාරයට කැවුම් නිපදවීමට හුරු වුණා.

      Delete
    2. මෙතෙක් කල් මා සිතාගෙන සිටියේ "කොන්ඩ කැවුම් හදන්න ඉගෙන ගන්නේ මොන එකකටද,කඩෙන් ගන්න බැරියැයි" යනුවෙනි.
      එහෙත් දැන් ඒ ගැන මටම ලැජ්ජා සිතේ.
      රාවණා අනුගාමී හෙළ යකිනියක් වශයෙන් හෙටම කොන්ඩ කැවුම් සෑදීම පිලිබඳ ටියුෂන් පන්තියට යා යුතුමය.
      ශ්‍රී රාවන සිද්ධම්!

      Delete
  9. කාලීන තාක්ෂණය ආධාර කරගෙන ගෙතූ වැදගත් කතාවක්. මේ රටම එක්තරා විදියක කෘතීම නිපැයුමක් බව හැම අතින්ම තහවුරු වෙනවා. බටහිරින් එන හිතළු උපක්‍රම විහිළුවක් බව ගොන්ඩුවානා ඉදිකිරීමට ඇති හැකියාවෙන් කිව හැකියි.

    යොදා ගත් තාක්ෂණය කීමට නම් මෙදා සිංහල අවුරුදු දින මුලු ලොවම කම්පා වුන විදිය දැන ගත යුතුයි. ඒක කිසිදු බටහිර ක්‍රමයකින් කිව නොහැක. එය යමෙකුගෙ සිතිවිලි වල ප්‍රථිඵලයක් බව මට සහතිකය. එසේම රටට ගිණිකොනින් අළුතින් බිහිවන පෘථිවි පැල්මද එවැනිම යමෙකුගෙ අවශ්‍යතාවයක් නිසා වෙනවා යයි කියමි.

    මෙම නිර්මාණය කිරීම් වල අතුරු ඵලයක් ලෙස රටෙන් විශාල ප්‍රමාණයක් මුහුදු බත් වූ බවද ඉතිහාසය තුල ඇත. නැවත රට විශාල බිමක් වනු දැකීම හිරුගේ අභිප්‍රායයයි.

    භූමියේ අභ්‍යයන්තර පැලුම් නිසා භූගත ගංගා සැදෙන බව අපේ රට අතීතයේ සම්බන්ධ වී හැදුනු ගොන්ඩුවානා මහාද්වීපයේ කොටසක් වන නැගෙනහිර අප්‍රිකානු තීරයේ වන සිදුවීම් ඉඟි කරයි.

    පෘථිවියේ සැබෑ ක්‍රියාකාරකම් ගැන ආදි සිංහලයන් දැන සිටි බව තහවුරු වුවද ඒ ගැන කීම නවතමි. කෙසේ වෙතත් බටහිරයන් කෙප්ප ගොතන අතරේ ලෝකයම ලොකු වෙනසකට භාජනය විය හැකි සුවිශේෂ ක්‍රියාදාමයක් සිදු වුවද අන්ධ වූවන් නොදකී. එවැන්නන් නැවත විනාශ වේද, එය ලොවට සුගතියක් නිසා නොකියමි.

    මිනිසා නොදත් බොහෝ දැ දත් යමෙක් සිටි බව සහතිකය. මනුකමට ගෝචර නොවන කොටස ස්වභාවයෙන් අර්ධයකි. එම අර්ධයේ ඇති දැනුමෙන් නොයෙක් දෑ කල බව පෙනේ. අද බටහිරයන් ඒ දෙස බලන්නේ කලු ද්‍රව්‍යයයන් කියාය.

    සමනල කන්ද සිංහලයන්ගෙ ස්වභාවයේ නිජ බිමයි. එය අපේ පරිසරයට ඇති ඇල්මේ උල්පතයි. අවසනාවට එය අද මනුසත්කම පිළිකුල් කරන පරකම ගත් සොහොන් පල්ලි කාරයන්ගේ ග්‍රහණයට නතු වී ඇත. සිංහලකමට නින්දා කරන මේ අමනුෂ්‍යවාදීන් හෙණ පහරින් චුත කල යුතු කාලය පැමිණ ඇත.

    එක්තරා සිංහල තාක්ෂණයක් මේ කතාවට සමීප වුවද කිව නොහැක්කේ එහි ඇති තාක්ෂණික අගය නිසාය.

    ReplyDelete
    Replies
    1. වටිනා හෙළ අදහස් වගයක් ඇනෝ, අප සමග මේව බෙදා ගත්තට බොහොම ස්තුතියි.

      Delete
  10. අනේ මන්ද මචන්ලා දැන්නම් මොලේ කරගැට එන සීන් එකක් තියෙන්නේ මේවා බලලම

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ නෑ, මුල ඉඳන්ම වර්ගපූර්ණිකාවේ ලිපි ටික ආයිත් කියවල බලන්නකො.

      Delete
    2. මුල ඉදන් කියෙව්වොත් වෙනුර උබට අංගොඩ ඉස්පිරිතලේදී මීවනපලානේ ජයරත්නගේ එහා පැත්තේ ඇදේ ඉන්න පුළුවන්

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව

      Delete
    3. වරුනයෝ මගේ මොලේ උලුක්‌ උනා බන්

      Delete
  11. ජය වේවා........ ඔබතුමානම් අතිවිශිෂඨ බුද්ධිමතෙකි...........ඔබතුමා රටේ ජනාධිපතිකමට සුදුසු යැය් මට හැගේ....... ජය වේවා

    ReplyDelete
    Replies
    1. මානම් ජනාධිපති නොවෙමි, නමුත් මාගේ හිතවතෙක් වන ජයරත්න පතිආරච්චි මහතා 2045 දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් වෙන බවනම් සහතිකයි. ඒ ගැන එතුම කියල තියෙනව. http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_6587.html

      Delete
    2. රනිලුත් කිව්වා 2005 ජනාදිපති වෙනවා කියල.... ... : රා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව

      Delete
  12. ඔබගේ විඩ්තර දෑනගෑනීමට ආසයි.ගම හොරන මීමනපලානද

    ReplyDelete
    Replies
    1. මා ගැන ඔතරම් තොරතුරු සොයන ඔබ CIA කාරයෙක්දැයි මා හට සැකයක් ඇති වුණි. මා සතුව ඇති පාෂාණ මෛක්‍රොචිපය කීයටවත් දෙන්නේ නැති බව CIA කාරයින් මතක තබා ගත යුතුය.

      Delete
    2. ප්‍රවේසමින්, CIA කාරයෝ සතුව විරේක බෙහෙත් ඇත.

      Delete
    3. මා ඔබ ගෑන විමසුවෙ..මා ජීවත්වන හොරන ප්‍රදේශයේද මීමනපලාන කියා ගමක් ඈති බෙවිනි.ඔබ ප්‍රශ්න වලට උත්තර දෙන විට පාඨ්කයන්ගෙ සිත් රිදවීම නොකල යුතු ක්‍රියාවකි,මන්ද මේම blog එක කියවන්නෙ මේකට කෙමති අය නිසවෙනි

      Delete
    4. හිත රිදුනනම් සමා වෙන්න. දැන්නම් ඔබ CIA කාරයෙක් නොවන බව සිතෙයි.

      මෙන්න මෙදා ඉඳන් තමයි CIA කාරයො මන් පස්සෙන් පන්නන්නෙ.
      http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_21.html

      එදා ඉඳන් උන් වර්ගපූර්ණිකාවෙ පවා කොමෙන්ට් දානව. කවදාවත් ගැලවීමක් නෑ.

      ඔව් මගේ ගම හොරණ මීවනපළාන තමයි, හරිම සුන්දර ගමක්. නමුත් දැන් එහෙ නෙමෙයි ඉන්නෙ.

      Delete
    5. පිස්සුද Boditha,

      ජයේ තරම් අපේ හිතට සතුටක් ගෙන එක්කෙනෙක් මට හම්බ උනමය් "අපි නොදන්නා ල්ය්ව් " බැලුවට පස්සේ

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව

      Delete
  13. හෙලෝ මීවනපලානයෙනි..
    පසුකාලීනව කොන්ඩකැවුම් තුලට එම තාක්ෂණය කැටි කොට තැබුවේ සුද්දංගෙං එම තාක්ෂණය රැක ගැනීමට බව ඔබ දන්නෙහිද????
    මීට රාවන සෙන්පති තරියා..

    ReplyDelete
    Replies
    1. කොණ්ඩකැවුම් කියන්නෙත් හෙළ තාක්ෂණය ක්‍රියාකාරකමකට පිටපත් කර නොවෙනස්ව තබා ගැනීමක්නෙ. කොණ්ඩකැවුම් උයන්න පුළුවන් ගෑණුන්ට ගම් වල ලොකු පිළිගැනීමක් තියෙන්නේ හෙළ තාක්ෂණ ශිල්පිනීන්ගේ අභිමානය ‍රැකිය යුතු නිසයි.

      Delete
  14. ඔච්චර කට්ටක් කා සමනළ කන්ද නිර්මාණය කිරීමේ අරමුණද පැහැදිලි කළ හැකිනම් යෙහෙකි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන Ravana Lanka මහත්මයාම ඉදිරියේදී පැහැදිළි කරාවි.

      Delete
    2. පහත ලිපියෙත් ඒ හේතුව ගැන යම් පමණකට දැක්වෙනව.

      http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_1189.html

      Delete
    3. ඔබගේ ප්‍රශ්නයට යම් පිලිතුරක් මේ http://ravanalanka.blogspot.com/2012/06/blog-post.htmlලිපිනයෙන් ද ලබාගත හැකි අතර, සියලු විස්තර හැකි පමනින් යථා කලයේ දී හෙලි කරන්නෙමි.

      Delete
  15. ඉතාමත් අගනා ලිපියක්!

    ReplyDelete
  16. මං වගේ හෙළ යක්කුන්ට කොන්ද කෙලින් තබාගෙන ඕනෑම පරදේසක්කාර යක්ස සබාවකට නොබියව යා හැකියි.
    අපි කොච්චර වැඩ්ඩොද !!

    ReplyDelete
    Replies
    1. එනිසයි හෙළයෙක් වීම ගැන අප ආඩම්බර වෙන්නෙ.

      Delete
  17. ගෙදර කට්ටියට කියන්න ඕන පරිස්සමෙන් අවුරුද්දට කැවුම් බදින්න කියල ... : රා

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව

    ReplyDelete
  18. මේවා සම්බන්දව ප්‍රතිපලයක් බලාගෑනීමට තව කොපමන කලක් බලා සිටීමට සිඩුවේද

    ReplyDelete
    Replies
    1. උන්ප් ආණ්ඩුවක් එනකම් ඉන්න ඕන
      මේක කියවන්න

      http://vargapurnikava.blogspot.com/2012/06/2012-unp.html

      එකියන්නේ අපිට තව සැහෙන්න කාලයක් බලාගෙන ඉන්න වෙනවා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව

      Delete
  19. Got to love the imagination keep it up!!!

    ReplyDelete
    Replies
    1. This is not a imagination! it's pure science. even more than u think! beyond our knowledge!
      best article in vargapurnikava. keep it up with prof!

      Delete
    2. May be it is science for you bro... not for me...

      But I still admire the imagination of the person who wrote it. My advice to all is don't try to hang on the great things our ancestors did, instead try to repeat it by being innovative. Waiting for an Great King like Ravana to return to save us, shows how pathetic and helpless we are..

      Delete
  20. බුදුන් උපන්නේ ලන්කාවේ යන අදහස ඔබ දකින්නේ කෙසේද

    ReplyDelete
  21. හෙලෝ හෙලය දිනූ රත්නයනි,
    ඔබගේ පර්යේෂණයන් කදිම යැ. සුමැට යැ ! සුමුදුලු යැ. ඇසුරු කරන්නන් නන්නත්තාර කරවන සුලු යැ !
    අහෝ, එහෙත් එකම එක ගැටලුවක් යැ !
    ඔබගේ ඡායා රූපයේ නලලේ ඉරි සහ වෙන ඇසේ අලු ඇති බවක් පෙනේ. එය ශිව ගේ ස්වභාවය යැ. නැත්තේ කර වටා නාගයින් පමනක්ම යැ !
    මෙයින් බටහිරයින් ඔබ ශිව වන්දනා කරවන්නෙක් ලෙස වරදවා වටහා ගෑනීමට ඉඩ ඇත.
    ශ්රින රාවණා ශිවගේ දුර් ගුණ පිළිබඳ ලියා ඇති බව ඇත්තකි. ශිව තණ්ඩව ස්ත්රෝ ත්රව මෙයෑට කදිම උදාහරණෙය කි !
    ඔබ ශිව ගේ ස්වභාවයන්ට අයත් ඡායා රුපයක් භාවිතයෙන්, ඔබ දමිළයෙක් වශයෙන් වටහා ගැනීමට ඇති ඉඩ කඩත් බොහෝය.
    මක් නිසාද යත් වර්තමානය වන විට හෙලයේ ශිව වන්දනාමාන කරනුයේ දමිලයන් පමණි. ඒ අනුව, මෙම සාක්ෂි අනුව ශිව වන්දනා කල ආදි හෙලයින්ගේ වර්තමාන පරපුර දමිලයන් වශයෙන් එන් ජී ඕ සහ බටහිර ගැත්තන් විසින් අර්ථකථනය කිරීමට ඉඩ කඩ බොහෝය. ඒ අනුව, හෙලුවන් දමිලයන් වශයෙන් වැරදි ආකාරයට ලෝකය අවභෝධ කිරීමට ඉඩ ඇත.
    මෙය, හෙලුවන්ගෙ පෑවැත්මට අභියෝගයක් විය නොහැකිද ? එසේම දමිලයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමක් නොවෙයි ද ?
    හෙලු මිතුර ! පැහැදිලි කරන්නේ නම් මැනව !

    ReplyDelete
  22. http://www.facebook.com/photo.php?fbid=328377903918992&set=a.102665896490195.5640.100002403550991&type=1&ref=nf


    check this out!

    ReplyDelete
    Replies
    1. මේකෙන් පේන්නෙ ගල් පා කිරීමේ තාක්ෂණය රාමා සතු වුණා කියලයි, නමුත් ඒක අපගේ හෙළයට අපකීර්තියක්, එනිසා අප විශ්වාස කරන්නේ ගල් පා කිරීමේ තාක්ෂණය විභීෂණගෙන් ගිහිහෙන්නට ඇති බවයි.

      Delete
  23. හෙළෝ මීවන..මෙන්න මේ දැන් ලැබුන නිව්ස් එකක්...

    මේක බලන්නකෝ... කොයි තරං අපූරුවට අපේ හෙළු වංසේ විස්තර කරලා තියේද කියලා...
    https://www.facebook.com/photo.php?fbid=400247220023595&set=a.387664444615206.81810.387591851289132&type=1

    පුලස්ථි සෘෂිගේ පර්යේෂණාගාරයක් ලග්ගල කදු මුදුනේ

    රාවණ යනු වසර දෙදහස් පන්සියයකට වරක් හෙළ දෙරණ මත ඇතිවන ශක්තියක් බව අපි වරින් වර පෙන්වා දුන්නෙමු. වසර දස දහසකට පෙර තරු රාවණද, වසර හත්දහස් පන්සියයකට පෙර බලි රාවණද, අවසානයේ වසර පන්දහසකට පෙර දසිස් රාවණ ශක්තියද අප හෙළ දෙරණ ලෝකයට ඔසවා තැබීය. වසර දෙදහස් පන්සියයකට පසුවද අප හෙළ දෙරණ තුළ මෙම පරිවර්තනීය ශක්තිය ක‍්‍රියාත්මක වූ අතර එය අපි බුද්ධ ශක්තිය ලෙස හඳුන්වන්නෙමු. රාවණ ශක්තිය හෝ බුද්ධ ශක්තිය ආදී කුමණ නමකින් අප පැහැදිලි කළද ලංකාව තුළ එකම රටාවක් දිගින් දිගට ක‍්‍රියාත්මක වන බව පෙනීයයි.
    අපි අවසන් රාවණ රජු ලෙස කතා කරන දසිස් රාවණ නැතහොත් ‘යගු කෞරාණ මන්ඨක’ගේ පරපුර පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට උත්සහ දරමු. ලෝකය පාලනය කිරීම උදෙසා බ‍්‍රහ්මයා විසින් පුතුන් සත් දෙනකු නිර්මාණය කළේය. මෙහිදී බ‍්‍රහ්මයා යනු අප කලින් කතාකළ පිටසක්වළ ජීවී රජෙකු හෝ යම් තනතුරක් විය යුතුය. ඔහුගේ පුතුන් යනු පෘතිවියේ නිර්මාණය කළ ජනපද හත පාලනය කිරීම උදෙසා පත්කළ පාලකයන් හත් දෙනා විය යුතුය.
    පුලස්ථි, වශිෂ්ඨ මෙසේ බ‍්‍රහ්මයාගේ පුතුන් ලෙස පොළොවේ පාලනයට දායක වෙයි. එහිදී වශිෂ්ඨ ඉන්දු ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික නායකයා ලෙසත්, පුලස්ථි හෙළ ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික නායකයා ලෙසත් ස්ථානගත විය. මෙහිදී අප තේරුම්ගත යුත්තේ මෙම ජනාවාස හත තුළ එකකට එකක් වෙනස් තත්ත්වයන් ක‍්‍රියාත්මක වීමයි. එහිදී එම ශිෂ්ටාචාරවල ආරම්භක ස්වභාවය මත ශිෂ්ටාචාර වර්ධනය වීම සිදුවුණි.

    ReplyDelete
    Replies
    1. පුලස්ථි ඍෂි හෙළ ශිෂ්ටාචාරයේ පාලන තන්ත‍්‍රය පිහිටුවීම උදෙසා තෝරාගනු ලබන්නේ වර්තමාන පොළොන්නරුවයි. පුලතිසි පුරවරය ලෙස එය හැඳින්වුණි. පුලස්ථි මහ ඍෂි උපරිම ලෙස ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කළ ඍෂිවරයකු වුවත්, ඔහු තුළ පැවති විශේෂත්වය වනුයේ භෞතික සංවර්ධනය උදෙසා නව තාක්ෂණික ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීමට තම ආධ්‍යාත්මික ශක්තීන් උපයෝගී කර ගැනීමයි.
      ලෝකයේ සියලූම දැණුම එක්තැන්කර ඇතැයි සැලකෙන චතුර්වේදයෙහි පළමු වේද ග‍්‍රන්ථ තුන සම්පාදනය කරනුයේද පුලස්ථි ඍෂි විසිනි. පුලස්ථි ඍෂි වර්තමාන වසරවලින් අවුරුදු දෙසීය හතරක් ජීවත් විය.
      පුලතිසි පුරය ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම පාලන ඒකකයක් ලෙසද පවත්වා ගෙන ගියේය. වර්තමාන පරාක‍්‍රම සමුද්‍රය මැද ඇති සීත මාලිගය පුලස්ථි මාලිගාවේ කොටසක් ලෙසින් සැලකේ.
      ලග්ගල කඳු මුදුනේ මෙතුමාගේ විශේෂිත පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටා තිබුණි. ලග්ගල අහස් සිතියම හොඳින්ම අධ්‍යනය කළ හැකි ස්ථානය ලෙසින් සැලකේ. පුලස්ථි ඍෂි විශ්වය හා සබඳතා පැවැත්වූයේ මෙහි සිටය. යුරෝපීය චිත‍්‍රපට බොහොමයක වස්තු බීජ හෙළ පොළොව තුළින් උකහා ගත් ඒවා වන බව අතීතය සොයා යෑමේදී අපට අවබෝධ වන කරුණකි. එනම් අපට පෙර අපේ අතීතය ඉතා සියුම්ව යුරෝපීය ජාතීහු අධ්‍යනය කොට අවසානය. එහෙත් ඔවුහු ඒවා හෙළි නොකරති. පුලස්ථි ඍෂි මියයෑමෙන් පසු ආදාහනය කළ ස්ථානය මත නාලන්දා ගෙඩිගෙය නිර්මාණය කළ බවට විශ්වාසයක් පවතියි.
      පුලස්ථි ඍෂිගේ යළි ඉපදීම රාවණ යුගයේදී සිදු වූ අතර මහා කාල ඍෂි ලෙස ඔහු හැඳින්වුණි. රාම රාවණ යුද්ධයට පුලස්ථි ඍෂිගේ දායකත්වය ලැබෙන්නේ එලෙසය. මහා කාල ඍෂිද අසීමිත දැනුමකින් සපිරි ඍෂිවරයකු වන අතර රාවණ යුගයේ හෙළ අසුර ව්‍යාප්තියට ඔහුගේ දැනුම බොහෝ සෙයින් හේතුවිය. විශේෂයෙන්ම රාවණ යුගය බලගැන්වූ පළිඟු තාක්ෂණය පුලස්ථි ඍෂිගේ සොයා ගැනීමකි. පුලස්ථි ඍෂි ඇරඹූ රොහල් ගණනාවක්ම එකල හෙළයේ පැවතියේය.
      පුලස්ථි ඍෂිගේ වැඩිමහල් පුත‍්‍රයා වනුයේ වෙසමුණි නැතහොත් වෛශ‍්‍රවණ මුණිවරයාය. පුලස්ථි ඍෂිගෙන් පසු හෙළ රාජ්‍යයේ පාලනය හිමිවනුයේ ඔහුටය. වෛශ‍්‍රවණ මුණි යනු තුන් ලොව සිටි බලවත්ම පුද්ගලයාය. එකල බලවත් රජෙකුව සිටි සුමලින් හට තම දියණිය සරණ පාවා දීමට සුමලින්ට වඩා බලවත් රජෙකු සොයාගත නොහැකි වූ විට අවසානයේ ලොව බලවත්ම මුණිවරයාට තම දියණිය සරණ පාවා දීමට තීරණය කළේය. රාවණ රජුගේ මව වූ කෛකේෂි සුමලින්ගේ දියණියයි. එසේ බලන කල මහා රාවණ බලවත් රජෙකු වනුයේ පරපුරු දෙකේහිම උරුමයක් ලෙසිණි.

      Delete
    2. රාවණ රජු උපත ලබනුයේ වර්තමාන මතුගම ප‍්‍රදේශයට ආසන්න ප‍්‍රදේශයක විශ‍්‍රවස් මුණිගේ ග‍්‍රාමයේ යක් විල නම් ප‍්‍රදේශයේ පිහිටි මාලිගාවකදී. මෙම මාලිගය කෛකේෂි මාලිගය ලෙස හැඳින්වුණි. කෙසේ වෙතත් අප ලංකාවේ අධිශක්ති කලාප දෙකක් පෙන්වා දුන් අතර දකුණු ප‍්‍රදේශයේ පිහිටි කලාපය (මෙය භීම මණ්ඩලය ලෙසද සමහර තැනක සඳහන් වේ* මාධ්‍යයේ මෙම මාලිගය පිහිටා ඇත.
      රාවණ කුමරු තුළ බ‍්‍රාහ්මණ ස්වභාවයක් හා රාක්ෂ ස්වභාවයක් යන ස්වභාවයන් දෙකම පවතී. එයට හේතු වනුයේ මාපිය සම්මිශ‍්‍රණය සමගම අධිශක්ති කලාපය හරහා ලැබෙන ශක්තියයි. උපතේ සිටම බලවත් චරිතයක් බවට රාවණ පත්වනුයේ එබැවිණි. රාවණ රජුට සහෝදර සහෝදරියන් කිහිපදෙනකු විය. කුවේර, විභීෂණ, කුම්භකර්ණ, සුපර්ණිකා, කරන්, දුෂණන් ආදී නම්වලින් ඔවුන් හැඳින්වුණි.
      පියාවූ විශ‍්‍රව මුණිගේ බිරින්දෑවරු පස්දෙනකු පිළිබඳ තොරතුරු පවතින අතර මෙම විවාහ සියල්ලේ දරුවන්, සොහෝදර සහෝදරියන් ලෙස සැලකෙයි.
      කුවේරගෙන් රාජ්‍ය අල්ලා ගැනීමෙන් පසු රාවණ රජුගේ රාජ්‍ය පාලනය උදෙසා සහෝදර සහෝදරියන් සියල්ලම සහයෝගය ලබාදුන් අතර, පසුකාලීනව විභීෂණ බල තණ්හාව නිසා රාජ්‍යය පාවා දුන්නේය.
      අපි රාවණ පරපුර පිළිබඳ කතාකරන බැවින් සහෝදරයන්ගේ සබඳතාවලින් ඉදිරියට ගමන් කිරීමට උත්සහ දරමු. රාවණ රජුගේ මවු පෙළපත වත්මන් ඉරානය පවතින ප‍්‍රදේශය පාලනය කළ ඉරණි රජ පෙළපතින් පැවත එන්නකි. එම පරපුරේ සුකේෂ රජුගේ පුත‍්‍රයා වූ සුමාලි හා කේතුමතී කුමරියට දාව ඇය උපදියි.
      රාවණ රජුගේ බිසව වනුයේ මන්දෝදරි කුමරියයි. මන්දෝදරි යනු නාග ගෝත‍්‍රික තරුණියක් ලෙස යම් තැනක සඳහන්ව ඇත. එහෙත් ඒ පිළිබඳ ස්ථීරව සඳහනක් කිරීමට නොහැකිය. මන්දෝදරි යනු ලොව රූපශී‍්‍රයෙන් අගතැන්පත් කුමරියක් ලෙස රාමායනයේද සඳහන් වෙයි. රාවණ හා මන්දෝදරියට දරුවන් දෙදෙනකු ලැබුණි. ඔවුන් නිවුන් දරුවන්ය. රාවණ රජුට දරුවන් උපදින දිනය පිළිබඳ අනාවැකියක් පැවසූ මහ ඍෂිවරයකු පැවසුවේ එදින රාත‍්‍රී දොළහට පෙර උපදින දරුවා රාවණ රාජ්‍යය රකින බවත්, දොළහට පසු උපදින දරුවා නිසා රාජ්‍ය විනාශ වී යන බවත්ය. මේඝ පළමු දරුවා විය. ඉන්ද්‍රජිත් නමින් අප දන්නේ රාවණගේ පිරිමි දරුවාය. ශොහිලි (සීතා* රාවණගේ දියණියයි. එහෙත් දොළහෙන් පසු ඉපදීම නිසා උපතේදීම ඇයට මාලිගයෙන් පිටව යන්නට සිදුවිය. රාවණ පුත් ඉන්ද්‍රජිත් විවාහවූයේ සුලෝචනා සමගය. ඉන්ද්‍රජිත්ට දරුවන් දෙදෙනකු වූ අතර ඔවුන් රවිශෛලාෂ හා කොවේසස්ථය. රාවණ රාජ්‍යය විභීෂණ අතට පත්වීමෙන් පසු ඉන්ද්‍රජිත් පුතුත් විසින් යළි කැලණියේ පිහිටි විභීෂණ රාජ්‍යයට පහරදී රාවණ පරපුරට බලය නතුකර ගනු ලැබුණි.
      රාවණ රජු බුද්ධෝත්පත්ති දෙකකට පසු බුදුවන බවට රාවණ පරපුරේ පැරැුණ්ණෝ විශ්වාස කරති. එයට හේතු වනුයේ රාවණ රජු කාශ්‍යප බුදුන්ගෙන් බණ අසා බුදුබව ප‍්‍රාර්ථනා කිරීම යැයි ඔවුහු පවසති. මංජු ශී‍්‍ර බෝධිසත්වයෝ නමින් බුදුවනුයේ රාවණ රජු යැයි විශ්වාසයක් පවතී.
      ඉන්ද්‍රජිත්ගේ පුතුන්ගෙන් ව්‍යාප්ත වූ පරපුර ව්‍යාප්ත වීමේදී ඉන්ද්‍ර යන නම මුල් කර ගනිමින් ව්‍යාප්ත වූ බව පෙනීයයි. දේවේන්ද්‍ර, මහේන්ද්‍ර, සුරේන්ද්‍ර ආදී ලොවින් පවතින පරපුරු එසේ ව්‍යාප්ත වූ පරම්පරාවන්ය. රවිශෛලාෂ හා කොවේසස්ථ පාලනයට ලංකාපුරය නතුවීමෙන් අනතුරුව ප‍්‍රධාන පාලන ඒකක අටක් යටතේ පාලනය ගෙන ගිය අතර දිගින් දිගට හෙළ යක්ෂ පාලනය සවිමත්ව පැවතුණි. අගිය, තේක්ධශ, තිමිර,කනශ, බිම්බා, (කුවේණිගේ පියා*, මෙන්ම අවසානයේ කුවේණියගේ පුතා වූ වීරබාහුද රාජ්‍ය පාලනයට දායක වෙමින් රාවණ පරපුර ඉදිරියට ගෙන ගියේය. එසේ ව්‍යාප්ත වූ හෙළ රාවණ පරපුර අදටත් හෙළ දෙරණ තුළ නව දෑ නිපදවමින් හෙළය පෝෂණය කරමින් සිටිති.

      කාංචන ගීත මනමේන්ද්‍ර - රන්දිව

      Delete
    3. බොහොම ස්තුතියි මාරයා, මේක එහෙම්ම පළ කරමු නේද.

      Delete
  24. ම්ව්ව්වා කියවලා මට නිකන් විලි රුදාව වගේ

    ReplyDelete
    Replies
    1. ඒ ජයේ උඹට පිස්සු ද බන් ?

      Delete
    2. එක අහන්දත් දෙයක්ද බන් මේක කියෙව්වම උබට තේරුනේ නැද්ද

      Delete
  25. ealakiri.......niyamai...eattatama sinhalayeak vidihata harima aadambarai.......

    ReplyDelete

නුදුරු අදහස්