Monday, July 30, 2012

වසර ලක්ෂ ගණනකට පෙර හෙළයින් තනන ලද (ආදම්ගේ) පාලම.

ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින්1 හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක් බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව2 තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.

ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි.

මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම (Adam’s Bridge), හනුමාගේ පාලම (Hanuman’s Bridge), රාවණාගේ පාලම (Ravana Bridge), රාමාගේ පාලම (Rama Bridge), සේතු සමුද්‍රම් (Sethu Samudhram), පෝක් සමුද්‍ර සන්ධිය (Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.

අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි3 පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන්4 පවා එම මතයම පිළිගෙන ඇත.

මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.

රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල5 දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.

හෙළයෙක් බ්ලොග් අඩවියෙන් ඉහත ලිපිය උපුටා දක්වා ඇත. ඉහත දැක්වෙන ඉතාමත් නිවැරදිව පුරාවිද්‍යාත්මකව තහවුරු වූ කරුණු ටික මා කිව්වානම්, ලොම් කෙලින් කරගෙන දත් විලිස්සාගෙන බුරාගෙන පනින රාවණ විරෝධීන් දැන්වත් සත්‍යය අවබෝධ කරගත යුතුය. පාහර රාවණාවිරෝධීනි, තොපිලව බලු බෙටි කන තත්ත්වයට පත් වීම ආරම්භ වූවා පමණයි. 2012 අගදී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා නැගිටීමත් සමග මි‍රැන්ඩෝ ඔබේසේකරයන්ගේ අනාවැකි සඵල වීම නිසා රාවණවිරෝධීන් තම වස්ත්‍රවලම සුළු දිය පෙරාගනු ඇත.

ඉහත පුවත් 100% ක් සත්‍ය බව දැන් ඕනෑවටත් වඩා තහවුරු වී ඇති නිසා රාවණ චරිතය සත්‍යයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙයි. ඒ අතර ඉහත කාරණා ගැන රාවණ විරෝධීන් ප්‍රශ්න කිරීමට ඉඩ ඇති බැවින් තවත් අ‍ටුවා කීපයක්ද මෙලෙස වර්ගපූර්ණිකාව බ්ලොගයේ දැක්විය යුතුය.

1. ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව නාසා ආයතනය පවසා ඇත. නමුත් නාසා වෙබ් අඩවියේ එවැනි සඳහනක් නොමැති අතර අපට කීමට ඇත්තේ එය රාවණ විරෝධීන් විසින් හැක් කර ඇති බවයි. (රාවණ විරෝධීන් පවසන පරිදි, එය නාසා එකෙන් වැරදීමකින් කළ ප්‍රකාශයක් නිසා වෙබ් අඩවියේ නොදක්වා සිටීමක් නොවේ.) හෙළයට ද්‍රෝහී වන්නන්ගේ තරම වැටහෙනවා නේද?

2. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇති බවත් නාසා ආයතනය පිළිගෙන ඇති අතර ඒ ගැන නාසා වෙබ් අඩවියේ කිසිවක් සඳහන් නොකළේ පාහර ඉන්දියානු රජය ඒ ගැන දැක්වීමට විරුද්ධ වූ නිසයි. එය පසුපස බමුණන්ගේ කුමන්ත්‍රණයක් තිබේ.

3. අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. රාවණපාක්ෂිකයින්ගේ වෙබ් අඩවි වල තිබෙන නිසා එය සත්‍යයක් බව සියලුම සයිබර් ඉතිහාසඥයින් පිළිගනී.

අපට මෙතෙක් උගන්වා තිබුණේ පාලම හැදුවේ රාමගේ වඳුරු නඩය බවයි. නමුත් එය වැරදිය. පාලම හදා ඇත්තේ රාවණ රජතුමාය. රාවණපාක්ෂිකයින් එය ප්‍රකාශ කරන නිසා තවත් මූලාශ්‍ර කිමට?

4. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත. නමුත් එම ඉන්දියානු විද්වතුන්ට පාහර බමුණන්ගෙන් තිබෙන ජීවිත තර්ජන නිසා එම විද්වතුනුත් මා (මීවනපළානේ ජයරත්න) මෙන්ම සැඟවී සිටී.

5. රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. නමුත් ඒ පොත් පත් බමුණන් විසින් සොයා ගිණිතැබීමට ඉඩ ඇති බැවින් දැන්ම හෙළි නොකරමු. යථා කාලයේදී සුදුසු පරිදි හෙළි කරන්නෙමු.

6.  රාවණාපාක්ෂිකයින් විසින් එම පාලම "ආදම්ගේ පාලම" ලෙස හැඳින්වීම නිසා ආදම් පුවත පිළිගත්තා වන්නේ නැත.  එසේම රාවණාපාක්ෂිකයින් කිසි විටෙකත් එම පාලම "රාවණාගේ පාලම" ලෙස හඳුන්වන්නේ නැති එකෙන් එය රාවණා විසින් හදන ලද පාලමක් නොවන බව පිළිගැනෙන්නේත් නැත. කෙසේ නමුත් ඉදිරියේදී එය "රාවණාගේ පාලම" ලෙස හඳුන්වමු. ඒ සඳහා ආදර්ශයක් වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන්ම ලබා දෙමු.

7. එම පාලම රාමගේ ආක්‍රමණයට පෙර සාදා තිබුණානම් හනුමාන් ඉන්දියාවේ සිට ලංකාවට පාලම දිගේ එන්නේ නැතිව උඩින් පැන්නේ ඇයිදැයි වැනි මෝඩ ප්‍රශ්න ඇසිය යුතුත් නැත. මන්ද යත් පාලම් තිබුනත් වඳුරන් පැනීමට කැමති නිසා ඔහු පැන ඇත.


අප රට වැනසූ ආක්‍රමණිකයාට පවා අප රටට පැමිණීමට හෙළයින්ගේම "රාවණ පාලම" හිඟා කෑමට සිදුවීම යන කාරණාවෙන් හෙළයින්ගේ ශ්‍රේෂ්ඨත්වය මැනැවින් පැහැදිළි වෙයි. එය අපට ඉමහත් ආඩම්බරයක් නොවන්නේද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

51 comments:

  1. මීවනපළානේ ජයරත්න මේ ලිපියනම් බොළද නොවී දමා ඇති බව සැබෑවකි. මෙම පාලම හැදුවේ රාවනා රජු බවට සාක්ෂි ඇත.ඊට උපකාර ලබාදී ඇත්තේ පිටසක්වලින් ආ ඉතා උස් වූ ජීවීන් විශේෂයක් බව පුස්කොල පොතකින් උපුටා ලියා ඇති ලියවිල්ලක ඇත.

    ReplyDelete
    Replies
    1. ඊට උපකාර ලබාදී ඇත්තේ පිටසක්වලින් ආ ඉතා උස් වූ ජීවීන් විශේෂයක් බව පුස්කොල පොතකින් උපුටා ලියා ඇති ලියවිල්ලක ඇත.

      kumana liyawillada?

      Delete
    2. එවැනි පුස්කොළපොත් හෙළයින් අතර රහසක් සේ තිබෙයි. ගුරු මුෂ්ඨිය සහිතව වුවද පිට අයට ඒවා ඉගැනීමටනම් දසකයක්වත් ගුරුන්නාන්සේ ගාවට ගොස් බැල මෙහෙවරකම් කළ යුතුයි.

      Delete
    3. එක අපේ හෙළ ගතිය
      බෙට්ටක් වත් නිකම් දෙන්නේ නෑබන් උතුම් හෙළයෝ
      මොනවා හරි කොරන්නම් වෙනවා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  2. හනුමා ඔය පාලම නොහැදු බව හොඳින්ම දන්නා නිසා, එය කලේ රාවණා විසින් නොවන බවට මට කීමට නොහැක.එහෙත් රාවණාට වෙන වැඩ තිබුණු නිසා ඔහු මේ වැඩේට වතුරට බැස්සා කියල හිතන්නත් අමාරුයි. වෙන කවුරු හරි වෙන්න ඇති ඕක කරන්න ඇත්තේ...

    වසර මිලියන 300කට පමණ පෙර ඇති වී වසර මිලියන 200කට පෙර බිදී වෙන් වී යමින් පැවති පැන්ජියාව නම සුපිරි මහද්වීපයේ ලංකාවේ හා ඉන්දියාවේ පිහිටීම පහත සබැඳියෙන් ගොස් බලන්න.

    http://ars.els-cdn.com/content/image/1-s2.0-S0012825204000182-gr10.jpg

    එවකට ලංකාව සම්බන්ධ වී තිබුනේ ඉන්දියාවට නොව ඇන්ටාක්ටිකාවටයි. පැන්ජියා කොටස් වෙන් වන කාලයේදී ඉන්දියා කොටස ආසියාවේ ඉතිරි කොටසට හේත්තුවක් දමද්දී ලංකාවද ඇන්ටාක්ටිකාව හැරපියා ගොස් ඉන්දියාවට හේත්තුව දැම්මේය. හේත්තු වුයේ මුහුද යටින් පමණි. ඒ අතර මැද්දට සිරවූ මුහුද යට පිහිටි කුඩා කොටසක් මත පාලම ඉදි කරන්නට ඇත.

    ඉහත සිතියම මා ලබා ගත්තේ හොංකොං විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික භූ විද්‍යා දෙපාර්තමේන්තුවත්, චීන සාගර විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයත් වෙනුවෙන් ගුඕචුන් ෂාඕ, මින් සුන්, සයිමන් ඒ. වයිල්ඩ්, සැන්ශෝන්ග් ලී යන විද්‍යාඥයින් විසින් කල පර්යේෂණයකට පසු "පේලියෝ-මෙසොප්‍රෝටෙරෝසොයික සුපිරි මහාද්වීපයක ඇති වීම, වර්ධනය හා බිදී යාම"(A Paleo-Mesoproterozoic supercontinent: assembly, growth and breakup)මැයෙන් පල කල නිබන්ධනයකිනි.

    අවශ්‍ය අයට http://www.sciencedirect.com/science/article/pii/S0012825204000182 වෙත ගොස් ඩොලර් 39.95ක් ගෙවා ඒ නිබන්ධනයේ පිටපතක් ලබා ගත හැක..

    ReplyDelete
    Replies
    1. ඉහත සිතියමේ S ලෙස දැක්වෙන්නේ ලංකාවයි...

      Delete
    2. වැදගත් විස්තරයක්. පැන්ජියා ගැන තවත් ටිකක් කියවා බලන්නම්. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    3. ඔය පාළම හැදුනේ වසර ලක්ෂ ගණනකට පෙර නම් ඒ හෝමෝ සේපියන්ස් සේපියන්ස් හෙළයන් නොව, ඊට පෙර සිටි හෝමෝ සේපියන්ස් ඉඩාල්ටු, හෝමෝ රුඩොල්ෆෙන්සිස් , හෝමෝ රෝඩ්සියෙන්සිස්,හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් හා හෝමෝ හෙයිඩල්බර්ජෙන්සිස් ආදී හෙළ වර්ග විය යුතුය...

      Delete
    4. @රාමා . හා කමක් නැද්ද?

      Delete
    5. @රාමා කෙප්ප විද්‍යාගම ගෙඩිය පිටින් ගිල ඇති බව වැමෑරු දෙයින් පෙනේ. පැන්ජියා නොව ගොන්ඩ්වානා නැවත ගොඩ නැගීමට ඇති හැකියාව, කෙප්ප විද්‍යාගම්කාරයන් ගෙතූ කතාව මිථ්‍යාවක් බව කියනවා. බෙදීම වූ ආකාරය ඉතා පැහැදිලිව හඳුනාගත හැකි සාධක එමටය. ඒ බව මෑතකදී ජපනුන් අත්විඳි භූකම්පනයේ අතුර ඵල වලින්ද තහවුරු විය. සුද්දා සිතට එන මනස්ගාත සැබෑ දේ කිරීමට ගන්න අමන උත්සාහයට දර දිය ඇදීම හොඳ නැත.

      ඔය පාලම බිහි වූයේ රාම රාවන වැනි නූතන නවකතාකාරයන්ගේ යුගයේ නොව ඉතාමත් අතීත යුගයක ලංකාව ලෙස භූමිය දූපතක් වූ යුගයේය. මිනිසා රූපයෙන් වර්ග කරන බටහිරයන් අමනයන්ය. නොරැවටෙන්න. එම බිහිවීමට අදාළ දැනුම නුදුරු අනාගතයේ සක්වල ජීවත් වීමට යොදා ගැනෙන ප්‍රබල ස්වාභාවික සිදුවීම් මාලාවකි.

      Delete
  3. ජයරතනයෙනි,ඔබේ වර්ගපූර්ණිකාව මගේ ප්‍රියතම බ්ලොග් අඩවියයි. මෙතරම් රාවනා ඉතිහාසය ගැන හසල දැනුමක් ඇති පඩිවරයෙකු ලෙස ඔබ ඔබේ ගමන ඇරඹීමට ප්‍රමාද වුයේ මන්දැයි නොවැටහේ.ඔබේ ලිපි පෙළ කියවීමට ප්‍රථම මමද නොයෙකුත් දෙනා සමගින් රාවනා පිළිබඳව වාද විවාද වල පැටලී සිටියෙමි.ඉන් බොහොමයක් සිටියේ රාවනා විරෝදීන්ය.ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් යටපත් කොට හෙළ තාක්ෂනය අමු අමුවේ සූරා කන්නට පර සුද්දාට එදා හැකි වුනේ මෙවන් මන්ද මානසිකත්වයෙන් පෙළෙන හැතිකරයින්ගේ අමන ක්‍රියාකලාපය නිසා බව මට හැඟී යයි.
    ඔබ සඳහන් කළ අන්තර්ජාලයට සම්බන්ද විය හැකි විශේෂ පාෂාණය පිලිබඳ යමක් සඳහන් කිරීම කාලෝචිතයැයි මට හැගේ.එසේම කුණ්ඩලණී ශක්තිය අපිට ලබා ගත හැකිදැයි ප්‍රශ්න කිරීමට මට සිතේ.කුඩා කළ සිටම අධ්‍යාත්මය දෙසට නැඹුරු වීමේ ඇල්මක් මා සිත තුල තිබුනද ඒ සඳහා දෛවය හරස් වී තිබුණේ අවාසනවකටය.ඉතින් ඒ සඳහා ඔබෙන් උපකාරයක් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි පාෂාණය ගැන මීට පෙර ලිපියකත් දක්වා ඇති අතර ඔබතුමා විමසන නිසා ඉදිරියේදී ඒ ගැන ලිපියක් ලියන්නම්.

      කුණ්ඩලීනී ශක්තිය ලබා ගැනීමට පහත කාරණා සඵල විය යුතුය.
      1. කුණ්ඩලීනී යෝග ඇබෑසීන් ඉගැන්වීමට සමත් ගුරුදේවයෙක්.
      2. කුණ්ඩලීනී ශක්තිය ලබාගැනීම සඳහා වසර ගණනාවක් භාවනා කිරීමේ නොපසුබට උත්සාහය.
      3. කුණ්ඩලීනී ශක්තිය ලබා ගැනීම සඳහා පෙර පින් මහිමයන්. (දේහ ලක්ෂණ, ග්‍රහචාරය, පෞර්ෂය, බුද්ධිය ආදිය පිහිටන්නේ පෙර පින් අනුවයි)

      හොඳ ගුරුදේවයෙක් සොයාගත් පසුව එතුමා ඔබගේ පූර්ව ජන්මයන් ණුවනින් විමසා බලා ඔබට කුණ්ඩලීනී යෝගය වැඩීම සඳහා සුදුසුකම් ඇත්දැයි තීරණය කරනු ඇත. එවන් ගුරු දෙවියන් සිටින්නේ ඉතාමත් රහසිගතව වන අතර වෙහෙස මන්සි වී තමන්ම සොයාගැනීම තමයි නියම හෙළ ක්‍රමය.

      Delete
    2. Ravana Yali a wita Hambayan Lankawen Yai ne :)

      Delete
    3. බොල උපුල් උඹ ඔය ඇත්තටමද අහන්නේ මෑන්ස් ගෙන්. උඹ කීය පාසා ද බං

      Delete
    4. "කුණ්ඩලීනී ශක්තිය ලබා ගැනීමට පහත කාරණා සඵල විය යුතුය.

      1. කුණ්ඩලීනී යෝග ඇබෑසීන් ඉගැන්වීමට සමත් ගුරුදේවයෙක්.
      2. කුණ්ඩලීනී ශක්තිය ලබාගැනීම සඳහා වසර ගණනාවක් භාවනා කිරීමේ නොපසුබට උත්සාහය.
      3. කුණ්ඩලීනී ශක්තිය ලබා ගැනීම සඳහා පෙර පින් මහිමයන්. (දේහ ලක්ෂණ, ග්‍රහචාරය, පෞර්ෂය, බුද්ධිය ආදිය පිහිටන්නේ පෙර පින් අනුවයි)"

      ඒත් මිනිසුන්ට ඔය හැම විශේෂ හැකියාවම දුන්න, ගුරෙක් නැති කෙනාට, ඔය හැම හැකියාවම උත්සාහයකින් තොරව කල හැකි බව ඔබ දනීද?

      ඔබේ කතාව ඉන්දීය සම්භවයක් ඇති පිළුණු ගඳකට මුසු වී ඇත. නිවැරදිව කියනවා නම් ගුරකු අවශ්‍ය වන්නෙ හැකියාව දෙමාපිය/උරුමයෙන් ගිලිහී ඇති හෝ නොලැබූ අයටය. "භාවනා කිරීම" නොව "තම උත්සාහ කිරීම" ලෙස නිවැරදි විය යුතුය. යන කාලය තම උරුමයට ප්‍රතිලෝම වේ. "පෙර පින් මහිමයන්" යයි ඔබ සත්‍යයය මිරිඟුවකින් වසා ඇත. "පින් පව්" යනු ආනයනය කල මිථ්‍යාවකි. සැබෑව නම් සිත අයත් අවතාරයේ නිමැවුමය. එනම් සුවිශේෂ අවතාරයක් හිමියකු විය යුතුය. අවතාරයේ නිමැවුම පාලනය ඇත්තේ අපි බිහිකල කෙනාට (හිරුගේය) පමණි. නැති එවුන් අසංඛයක් පෙරුම් පිරුවද නිකමුන්ය.

      මා වටා සිටින සුවිශේෂ අයගෙ පෙර දිවියද මේ දිවියද මට ඉතා ළඟින් පියවි ලොවේ සිදුවන නිසා "පින් පව් කුසල් අකුසල්" ලොකු මිථ්‍යාවක් බව සහතිකය. අපි එක දිවියකින් අනෙකට රැගෙන යන්නේ හිරුගෙ නියමයන්ට අනුව ඇවැසි දෑ පමණි. අපේ දිවියේ පැවැත්ම අපි බිහිකල කෙනාට (හිරුගේය) අවශ්‍ය දෑ කිරීම සඳහා යෙදී ඇත.

      උදාහරණයකින්ද පහදමි. ගණිතය හැදෑරීමට ගුරකු අවශ්‍ය වන්නේ බැරි එකාටය. දහයට ගණන් කිරීමට බැරි එකා සියයට ගණන් කිරීමට කොතරම් වෙහෙස විය යුතුද? හැම එකාටම ගණිතය හැදෑරිය නොහැක. එසේම සිය දහස් වර මන්ත්‍ර වැනිදෑ ජප කරන්නේද හීනයන්ය. හිමියන් මුවින් වදනක්වත් පිට නොකර එම දෑ කරන බව දන්නවාද? අපි සිරුර කුලියට ගත් ආවතේව කාරයන් නොවේද?

      Delete
  4. ඇත්තයි,බොරුයි දෙකම එකට දැම්මහම දෙජාතියම බොරු වෙන එක තමා ඉතින් වෙන්නෙ..!!!

    රාවන සිද්ධම්...! :D

    ReplyDelete
    Replies
    1. මෙහි දැක්වෙන සියල්ලම 100% සත්‍ය බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි. මුල් ලිපිය හෙළයෙක් බ්ලොග් එකෙන් උපුටා දැක්වීමක් නිසා සැකයක් නොමැත. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  5. මෙම පාලම තනන විට එහි ඇද බැලීමට කොකෙකු සේවයෙහි යොදවන ලද අතර ඌව අදත් 'පාලම් කොකා' ලෙස හදුන්වයි

    ReplyDelete
    Replies
    1. සැබැවි.
      කොකා යනු හෙළ වචනයකි.

      කො=කොමදෝරු (කොමාන්ඩර්)
      කා=කාරයා

      පාලමේ "කොමදෝරු කාරයා" ට පාලම් කොකා යැයි කියන ලදී.

      (මූලාශ්‍ර: අරිසෙන් අහුබුදු පද නිරුක්ති ශෛලිය)

      Delete
  6. මීවනපලානයෙනි..
    මා සතුව ඇති පුස්කොලපොත් ගැනද මා හෙලි නොකරනේනේ අපගේ ගෙදර එහා පැත්තේ ඉන්නා බමුනාගෙං පොත් විනාස වේ යැයි ඇති සැකය නිසාවෙනි.
    බමුනං මර්ධනයට ක්‍රමවේදයක් ඉදිරියේදී පවසන්නේ නං මැනවි.
    ජය ශ්‍රී!!!!!!
    මීට රාවන සෙන්පති තරියා

    ReplyDelete
    Replies
    1. බමුණන් යනු එදා සිටම හෙළය පැහරූ පාහරයින්ය. ඔවුන්ව දු‍ටු තැන හෙළා දැකිය යුතුය. ඔවුන්ව පන්නා දැමීමට කළ යුත්තේ සුදු හෙලුවෙන් (ශුද්ධ හෙළයෙන්) වැනීමයි.

      Delete
  7. රාවණා පාළම වැනි විශිෂ්ඨ නිර්මාණ කළ රටක් කින්නියා පාළම වැනි ඒ දණ්ඩක් සාදා අභිමානයෙන් වැජඹීමට තැත් කිරීමම ප්‍රහසනයක් නොවන්නේද? අහෝ හෙළයට ගිය කල!!!!

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවාද? කට ඇරහන් මචං රියලක් ඔබන්න...

      Delete
    2. හෙළය නිවට වූයේ බමුණන් විසින් අපගේ හෙළ පුස්කොලපොත් ටික ගිණි තැබූ නිසාමයි.

      Delete
    3. පොත් ටික නැතුවත් මෙච්චර සුරඟන කතා කියන එකේ
      පොත් ටිකත් තිබ්බ නම් කොහොමට තියෙය් ද

      මේ එක නෙවෙය් ජයේ
      අපි එකතු වෙලා වැඩක් කරමුද
      අපි ෆිල්ම් එකක් හදමු මේ ස්ටෝරි ටිකෙන්
      මම ඕන සපෝර්ට් එකක් දෙන්නම්


      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  8. රාවනා පාලම හදවන්න ටෙන්ඩර කැදවූ විට වඳුරන් අඩුම ලන්සුව ඉදිරිපත් කල නිසා එය වඳුරන්ට ලබා දුන්න විය හැකිද? (අතිත වන්දුරන්ද චීනුන් වැනි පිරිසක් බව සනදහන් වෙයි, චි = චිම්පන්සි, න = නිකන් වගේ වැඩ කරන, ය = යක්කු)

    ReplyDelete
  9. රාවනා පාලම හදවන්න ටෙන්ඩර කැදවූ විට වඳුරන් අඩුම ලන්සුව ඉදිරිපත් කල නිසා එය වඳුරන්ට ලබා දුන්න විය හැකිද? (අතිත වන්දුරන්ද චීනුන් වැනි පිරිසක් බව සනදහන් වෙයි, චි = චිම්පන්සි, න = නිකන් වගේ වැඩ කරන, ය = යක්කු)

    ReplyDelete
  10. අගෙයි.. ජයරත්නයණනි අගෙයි.!!!

    තව එකක් මෝහ අන්ධකාරයෙන් අපව මුදවා ගන්න විදුලි පහනක් රැගෙන පැමිණි " විදු " ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඔබ තුමා කප්පාදු කළා යැයි "විදු" විසින් හැඩු කදුලින් මගේ බ්ලොගයේ පවසා තිබුනා.. එහි සත්‍යක් තිබේද..

    ReplyDelete
  11. මේ ඇත්තේ විදු විසින් හැඩු කදුලින් මා වෙත පැවසූ කතාවයි... පිළිතුරු දෙන්න ජයරත්නයණනි.. පිළිතුරු දෙන්න... හෙක්..හෙක්..


    ViduJuly 29, 2012 8:48 AM
    වර්ගපූර්නිකාවේ දැන් මාගේ කමෙන්ට් දමන්න ඉඩදෙන්නේ නැත
    කමෙන්ටුවක් දැමූවිට
    ...Your comment will be visible after approval...
    ලෙස දිස්වී කමෙන්ටුව දිස්වීමට නොදෙයි .

    වර්ගපූර්නිකාවේ ඇති බොරැ හෙලිකරනවිට ජයරත්නට කරකියාගතහැකි දෙයක් නැතිවී අපගේ කමෙන්ට් වලකයි.


    මාගේ කමෙන්ට් තවදුරටත් වර්ගපූර්ණිකාවේ පලනොකරන බව 2012/07/29 දින ජයරත්න පහත දැක්වෙන පරිදි වර්ගපූර්ණිකාවට ඔහු යෙදූ කමෙන්ටුවකින් දක්වා ඇත

    ****වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.*****

    විවේචන නැතිකල ලියන ලිපි මොනවා වගේ ද කියා හැගෙයි නේද?

    ReplyDelete
    Replies

    ReplyDelete
    Replies
    1. විවේචනය කරන බොහෝ කොමෙන්‍ටු අනුමත කර ඇත.
      උදා:
      රාමා,
      Annonimus One Orig,
      ThinkTwice,
      ඉරා අඳුරු පට
      ඒවායින් බොහෝමයකට වේලාව ඇති හැටියට පිළිතුරුත් දී ඇත. නමුත් Vidu නම් රාවණ විරෝධියා තම මතය දක්වනවාට අමතරව අපහාස කිරීමත් සිදුකරයි. ඊට අමතරව ඔහුගේ විවේචන අපගේ කාලය කා දැමීම සඳහාම දමන ලද ඒවා බව වැටහෙයි. පහත ලිපියේ Vidu ගේ කොමෙන්‍ටු බලන්න.

      http://vargapurnikava.blogspot.com/2012/07/blog-post_27.html

      තම අදහස දක්වන්නට අවකාශය ලැබෙතත් පුද්ගලික අපහාස වලට මෙහි ඉඩ නැත. පුද්ගලික අපහාස වලට වෙනත් අයත් පිළිතුරු ඒ ආකාරයෙන්ම දුන් විට කොමෙන්‍ටු ටික අල වෙයි. කුණුහරුප සාගරයක් බවට පත් වෙයි. රාවණ විරෝධීන්ට අවශ්‍ය වී ඇත්තේත් එයයි.

      වර්ගපූර්ණිකාව ගැන වෙනත් තැන් වල සඳහන් කර අන් අයගේ අවධානයට ලක් කිරීම ගැනත් ඔහුට ස්තුතිවන්ත වෙමි.

      අප, රාවණ ඉතිහාසය ගැන බ්ලොග් එකක් කරන තත්ත්වයටම ආවේ රාවණ විරෝධීන් අපට ගැසූ මඩ නිසා වන අතර අපට පහර දෙන්න පහර දෙන්න අපගේ මොරාලය (මො=මොරසූරන, රා=රාවණගේ, ලය=පපුව) වඩාත් ශක්තිමත් වෙන බවත් රාවණ විරෝධීන් දැනගත යුතුයි.

      රාවණ ඉතිහාසය වසං කරන්න බෑ යකෝ, හෙළයින්ව පරද්දන්න බෑ යකෝ. (සෑම හෙළයෙකුටම තිබිය යුතු ආවේගය මටත් අන්තිමට ආව)

      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    2. දැන් මමත් රාවන විරෝධි ගොඩට දැම්මද? හැබැයි මම තරම් සිංහල අතීතය ගැන දන්න එකෙක් නෑ. තමුන්නැහෙලා අඩු තරමින් මහාවංශ උගුලෙන් ගැලවීම අගයන්න ඕන. ඒත් ඒක වෙනුවට තවත් ඒවගෙ එකක් හදන එක වැරදි නේද?

      ඔය රාවන කියන්නෙ රැස් එන හෙවත් හිරුගෙන් පැවතෙන කියන අදහස ඇති මහා සම්මත මනුත් අයත් නායක නෑ පරපුරක කතාව. ඒකේ අන්තිමට හිටපු කෙනා ගැන විතරක් කීම හොඳ නෑ. අනෙක අද පවතින ලෝකෙ ඒ විදියට ආපස්සට ගෙන යාමත් වැරදියි.

      අර කොඩ්රින්ටන් ද මොකාද වගෙ උගත්, ගල් ලිපි නටබුන් නවකතා වලින් අතීතය ගොඩ නැගීම විහිලුවක්. මම ඔය එක එකා කරපු කියපු දේවල් නැතුව ස්වාභාවික ඉතිහාසය සොයන වෙන මගක් සොයා ගෙන මනුෂ්‍යයන් වීමට කලින් තොරතුරුත් සොයා ගත්ත. අගය නිසා විදිය (විද්‍යාව) නොකිව්වත් සමහර ඵල මේකෙ කෙටුවෙ පාඩුවීම නැවතීමටයි. ඒත දවසක් එනවා විදිය දිග හරින. එදාට සුද්දගෙ ක්‍රමය පිළිකුලට ලක් වේවි.

      Delete
    3. [[Anonymous One origJuly 31, 2012 4:04 PM
      දැන් මමත් රාවන විරෝධි ගොඩට දැම්මද?]]

      අපෝ නෑ, මා අදහස් කළේ ඔබතුමා සාධාරණ විවේචකයෙක් බව පමණයි. අදහස් වලට ස්තුතියි.

      Delete
    4. ඇත්ත නොවෙන්නම්...ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    5. බොහොම තුති.

      අපි මෝඩයන්, අමනයන් බූරුවන් කියන තත්වයටත් පහලින් හිටපු අය බව කියන්න ලැජ්ජ වෙන්න එපා. සමත් වුන විභාගයි, ආඩම්බරෙන් පොදි ගහපු සහතිකයි දැක්කම, ඒවා ගන්න ගෙඩිය පිටින් ගිලල වමාරපු කෙප්ප නොවන්නට අපි අදත් මනුෂ්‍යයන් වගෙ සුපුරුදු දිවිය ගෙවනවා නේද? ඒ කියන්න කනවා පහරනවා විතරක් කරනවා නේද?

      ඒත් අද අපි කොතනද ඉන්නෙ? මම මේ ටික කිව්වෙ "Vidu = විදු" අවංකව තම මතය කියනවා කියන්නයි. එවැනි අයට ඉඩදීම සිංහල අගයක්නෙ. ඔබ නොදන්නා දේවලුත් ගොඩක් ඇතැයි සිතීම නැවත වරක් තම අතීතය ගැන දුක් නොවීමට හේතු වේවි.

      Delete
    6. තවත් වැඩක් කරනවා
      බලන්න පරණ ලිපි වලට ගිහින්
      දැන් ඒවගේ ගොඩක් කොමෙන්ට් නෑ
      තියෙන්නේ "ජයේ" ට වැසි වෙන කොමෙන්ට් විතරය්
      අපි මෙහෙම කමෙන්ට් දැම්මට ටික දවසක් ගියාම මේකේ තියන "ජයෙට" අවැසි වෙන කමෙන්ට් අතුරුදහන්
      ***පරණ ලිපි වලට ගොස් බලන්න **/***

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  12. අගේ ඇති පොස්ටුවක්. දුටු දුටු දේ අතගාන වඳුරන් කොහොමද පාලමක් හදන්නේ. මිනිසා පරිනාමය වූවාක් මෙන් විද්‍යාත්මකව බලනකොට වඳුරනුත් පරිනාමය වෙන්න ඕනේ. නමුත් අද කාලේ ඉන්න වඳුරොන්ටවත් පාලමක් තියා ඊට වඩා පොඩි සිම්පල් දෙයක්වත් කරගත නොහැකි කොට, දෙරටක් යාකොට මුහුද හරහා පාලමක් තැනුවා යයි කීම විහිළුවකි. ඉන්දියන් හරක්ට ඔලුවට උඩින් මැස්සෙක් ගියත් එයද ආශ්චර්යයකි. කෙසේ උවත් මෙය බොහොම වැඩදායි පොස්ටුවක් බවත් මෙවැනි දෑ රටට හෙලිකිරීමටත් ජනමතයක් ගොඩනැගීමටත් කාලය පැමිණ ඇති බව මතක් කොට දෙන්නෙමි. ශ්‍රී රාවන සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. එසේම අප ආඩම්බර විය යුත්තේ සතුරාට පවා අප රටට පැමිණීමට පාලම ඉතිරි කිරීමට තරම් රාවන රජතුමා කාරුණික වූ නිසාවෙනි. නැතහොත් පාලම හදාගැනීමට නොහැකිව ඔරු වලින් එන රවණ සේනාව දිය සුළි වලට හසු වී මිය යාමට තිබුණි.

      ශ්‍රී රාවන සිද්ධම්!

      Delete
    2. රවනත් එහෙනම් අහක යන නය් රෙද්ද අස්සේ ගෙන පස්සේ කනවෝ කනවෝ කියල කගපු බුවෙක් වගේ

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  13. ශ්‍රී රාවන සිද්ධම්!

    ReplyDelete
  14. අගෙයි, අගෙයි ජයරතනයෙනි, තොප මෙවන් ඉතිහසයෙහි වැළලීගිය නිවැරැදිවැ පැවසුවහොත් හෙළයේ දුෂ්ඨ වූ සතුරන් විසින් හුදෙක් ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය නිසාමැ වළලනු ලැබූ සාධකයන් මතු කොටගෙනැ සකල ලෝක වාසීනට දැනගනු පිණිස ප්‍රසිද්ධ කිරීමෙන් ඉටු කරන්නාවූ සේවය මිළ කල නොහැකිය.

    එසේමයැ එසේමයැ, අද මහා පාලම් ඉඳිකිරීමෙහිලා පවිටු අවරදිගුන් දස්කම් පෑවද ඒ හෙලයින්ගෙන් පැහැරගත් දැනුම් සම්භාරයේ පිහිටෙන් බව සක්සුදක්සේ පැහැදිළියැ.

    වෙනත් සාක්ෂි කුමකටදැ?...ඉංගිරිසියෙන් පාලමට යෙදෙනා Bridge යන වදන සළකා බලමු. පාලමක් තැනීමට තබා ඒ හැඳින්වීමට වදනක් තනා ගැන්මට පවා උන් අසමත්ය. Bridge යන්නෙහි මූලය නම් බිරිජ යන හුදු හෙල වදනයි. මෙන්න බලනු මැන එහි නිරුක්තිය.

    බිඟුන් රැසක් මෙන් කඩිසරවැ
    රිඹ යනතෙක් බොහෝ වෙහෙසව,
    යග්‍රාහී හෙල විරුවන් විසින් නිමවූ යාමඟ.

    එදවස පාලම් හැඳින්වූ හෙළ වදන වූ බිරිජ යන්නෙනි අවර දිගු නිර්ලජ්ජී නොදියුණුවන් සිය Bridge යන්න තනාගත්තේ. අහෝ කෙතරම් අසාධාරණයක්ද?

    ReplyDelete
  15. ජයරතනයෙනි අංගම්පොර සටන් කලාව පිලිබඳ යමක් ඔබට පැවසිය හැකිද .ඔබ මීට පෙර ලිපියකදී ,CIA විසින් ඔබට වදහිංසා දෙන විට දිව උගුරට දමා දිවෙන් මොළයට ඇන ක්ෂණිකව දිවිනසා ගන්නට සිතුනේයැයි පවසා ඇත.ඒ ක්‍රමය මානසික හෝ කායිකව වේදනාවක් ගෙන දෙන්නක්ද.මම දන්නා තරමට ලෝකයේ ඉපැරණිම හා දියුණුතම සටන් ක්‍රමය වන්නේ මෙයයි.හෙළයේ සිටී ප්‍රතාපවත් අංගම්පොර සුරයින් වන වීදියබණ්ඩාර,1 රාජසිංහ ,ගජබාහු ,විමල ධර්මසුරිය වැන්නුන් අතින් පර දේශක්කාරයින් අන්ත පරාජයන් ලැබුවේ ඒ නිසාය.සුද්දන් අංගම්පොර තහනම් කොට දමා ලොවෙන් තුරන් කරන්නට වෙර දැරුවද තවමත් රහසිගතව ඒ විශිෂ්ට සටන් කළාව නොනැසී හෙළ දෙරණ මත පවතී.අංගම්පොර සටන් කලාව ලොවට හදුන්වා දුන්නේ රාවනා රජුද.

    ReplyDelete
    Replies
    1. අංගම්පොර සටන් කලාව ලොවට හදුන්වා දුන්නේ. "අංගම්මන සුමන " කියලා කෙනෙක් කියලා මම පොතක තියෙනවා දැක්ක.. සමහර විට රාවනා අනුගාමිකයෙක් වෙන්නත් පුළුවන් අංගම්මන සුමන... ඔබ තුමා අසා නැද්ද ලස්සන කවියක් එහෙමත් තියෙනවා...

      Delete
  16. වා බෙටා වා.... ආචාර්ය මීවනපළානේ ජයරත්නයානෙනි
    අති උත්කෘෂ්ට ලිපියකි. අරිසෙන් අහුබුදුන් අනුව ලොව සියලු භාෂා වන්හි මුල භාෂාව
    සිංහලයය්. රාවනා විසින් ලොව අධිරාජ්යක් ගොඩ නගා තිබු බවට මෙය කදිම
    සදකයකි. අරිසෙන් අහුබුදුන් ගේම වචනයට අනුව "tsunami" යන ජපන්
    වචනයද සිංහලෙන් බිඳී අවකි. සු = සුනු විසුනු වීම නා = ජලය මි = පොලව
    මෙඅ අනුව ජලයෙන් පොලව විනාස වීම සුනාමි යන්නේ තෙරුමය්. මේ අනුව
    රවනයන් ආඩම් පාලමෙන් ඉන්දිඅවට ගොස් එතනින් චීනය යටත් කරගන
    ජපානය යටත් කරගන්න ලද බව අහුබුදුන් මනාව පෙන්වා දී ඇත.

    අහුබුදුන්ට ශ්‍රී රාවන සිද්ධම්!

    ReplyDelete
  17. මචන් එතකොට රාවනා රජතුමා ඇයි පාලම හැදුවේ.එයට යන්න දඩු මොනරය තියෙනවනේ.මොකටද මහන්සි වෙලා පාලම හැදුවේ?කොමිස් එකක්වත් තිබ්බද දන්නේ නැනේ?

    ReplyDelete
  18. ඔය පුරුද්ද තමා මහින්ද අංකල්ටත් තියෙන්නේ

    ReplyDelete
  19. ජයරත්නයනි ,
    ඔබ කරගෙන යන්නාවූ මෙම ක්‍රියාවලිය මම මහත් සේ අගයමි. නමුත් අප මේ සඳහා වටිනා සාක්ෂි ඉඳිරිපත් කල යුතුවේ.
    ඒ සඳහා රාවණ විමානය වන නුවර එලිය ප්‍රදේශයේ සැරිසරා එම ශාක්ෂි රැස් කිරීම ඉතා අගනේ යි මට සිතේ.
    අපට එමගින් මෙම රෝහණවාදීන්ට සත්‍යාවබෝධය කර දීමට පිළිවන.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සාක්ෂි ඉදිරිපත් කලා.. පෙර ලිපි කියව බලන්න
      මෙය ඉදිරිපත් කරන සාක්ෂි මෙයා විතරය් දකින්නේ
      නැත්තම් සුද්දෝ විනාස කරලා
      නැත්තම් ෆොටෝ ගන්න බෑ
      ඉතින් කොහොමද ඉදිරිපත් කරන්නේ
      බලන්නකෝ එකෙත් හැටි නේද

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  20. mara FUN akak anne meka kiyawaddi.ala commant

    ReplyDelete
  21. athitaya sehinayak pamanai saba suwayak naaa

    ubala hitapanko rawana anakan.okkoma kiyanawa

    ReplyDelete
  22. මෙහේ ඇති රාමෙක්වත් රාවනෙක්වත් නැ බොරැකියනන එපා

    ReplyDelete

නුදුරු අදහස්