Thursday, July 26, 2012

හෙළයන්ගේ පළිඟු පිරමීඩය උත්තර ධ්‍රැවයෙන් මතුවෙයි.

නුදුරදීම හෙළයින්ගේ පළිඟු පිරමීඩය උත්තරඩ්‍රැවයෙන් මතු වෙන බවට අනාවැකියක් පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.





සම්පූර්ණ ලිපිය පහලින්

38 comments:

  1. මාතෘකාවටම ගෑලපෙන ලිපිය HIKZzzzzzzz!

    ReplyDelete
  2. අම්මපා..මාතෘකාවට අනුවම ලියලා තියෙනවා නෙව හෙළුවෙන්ම...

    රාවණා කී ජය හෝ...!

    ReplyDelete
    Replies
    1. හෙලයන් සමග හෙළුවෙන්..!!!

      Delete
  3. ඉතින් මතුවෙනකල් ඉන්නේ අපි ගිහින් හිම හාරලා ඔය පිරමීඩේ හොයාගමු.
    නැත්නම් ඕක මතුවුනාම පර සුද්දෝ ඕකටත් අයිතිවාසිකම් කියන්න පටාන් ගනීවි.

    ReplyDelete
  4. හෙලෝ...
    මීවනපලානයෙනි..
    ඔබ දන්නවාද මා සතුව ඇති පලිඟුවක් කෙම්මුර දිනයන්හිදී බීප් බීප් ශබ්ධයක් නගන බව?????
    ඒ පලිඟුව මා ඔබ වෙත නුදුරු දිනයකදීම ඔබ වෙත එවන්නම්.
    කඩන්නැතුව පරීක්ෂා කර බලා තොරතුරු ලොවට හෙලි කරන්න.

    ReplyDelete
    Replies
    1. මාර දේවල්නෙ තියන්නෙ
      කෙම් මුර දවස්වලට කරදරේ අතිනේද?

      Delete
    2. අපි නොදන්න උබේ පලිඟුව තරියෝ..... :D

      Delete
  5. අපේ හෙදර තියෙනවා "කතන්ද්‍රකාර් ප්‍රම්ප්‍රාපුස්තකම්වග්ග" කියලා පරණ පොතක්. මේකේ අපූරු ඉතිහාස කතා තියෙනවා.

    ලියා තියෙන්නේ අමුතුම භාෂාවකින්. එය කියවන "මිරර්" නමැති රාවාණාධිරාජ යුගයේ තාක්‍ෂණය මට මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු මීවනපලානේ රාජපක්‍ෂයන් ලබා දුන්නා.

    "කතන්ද්‍රකාර් ප්‍රම්ප්‍රාපුස්තකම්වග්ග" හි එක පරිච්ඡේදයක මේ උතුරු ධ්‍රැවයේ තිබෙන හෙළ පළිගු පිරමීඩය ගැන සඳහනක් තියෙනවා.

    ඒ අනුව මීට වසර සීයකට පෙර ටයිටනික් නැව හැපී ඇත්තේද මේ පිරමීඩයේ උඩට මතුවුණු කොටසේ බවයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පලිඟු පිරමීඩයෙන් වුණු ආලෝක පරාවර්තනය වහගන්න සුද්දෝ අළුතින් තියරීස් පවා ගෙනැල්ලා.

      මේ බලන්න.

      http://www.smithsonianmag.com/science-nature/Did-the-Titanic-Sink-Because-of-an-Optical-Illusion.html

      !

      Delete
    2. අපෙ අප්පෝ..
      කතන්දරත් බොරුයි කියල ජාතියක් එහෙම අදුනන්නෙවත් නෑ නේහ්..
      හී..
      මේ හැබෑටම ඔය පුස්තකය බලන්ට බැරි වෙයිද මටත්.. ? :D :D

      Delete
    3. එක තමා පොඩි ස්කෑන් පාරක් දාල පුස්තකේ පිට කවරේ හරි බලාගන්ට තිබ්බොත් වාසනාවයි

      Delete
  6. ශ්‍රී රාවණ ශක්තියනම් අනන්තය. මෙම පයි ප්‍රස්ථාරය(pie - ශුද්ධ හෙළ වදනක් බව සැවොම දනී- chart ) බලන්න. http://upload.wikimedia.org/wikipedia/commons/a/a5/080998_Universe_Content_240.jpg මුළු විශවයේම ශක්ති-ස්කන්ධයන් ඇත්තේ 4% ක් පමණි. එනම් ඔබ අප දන්නා පරමාණු සහ ශක්ති සියල්ලම මෙම 4% තුල ඇත, . එසේනම් ඉතිරි 96% ? මින් 23% ක් ඊනියා කලු ස්කන්ධ (dark matter)ලෙසත් 72% ක් ඊනියා කලු ශක්තිය (dark energy) ලෙසත් සුද්දා ඔබ රවටා ඇත. කලු ශක්තිය නම් කලුවන්ගේ ශක්තියයි. එනම් හෙළයන්ගේ ශක්තියයි. ශ්‍රී රාවන ශක්තියයි. අදත් හෙළයන් මහා කලු සිංහලයන් ලෙස හැඳින්වේ. කලු ස්කන්ධනම් විශවයේම ඉන්නා හෙළයන්ගේ ස්කන්ධයයි. විශ්වයෙන් 96% ක්ම අප වෙත්දී තවත් බල සිටින්නේ ඇයි?

    ReplyDelete
  7. සමා වෙන්න. මේ තමයි පළිඟු පිරමීඩයේ නියම පද විභජනය

    පළිඟු පිරමීඩය = පළිඟු + පිරමීඩය
    පළිඟුව = පළල් ලිඟුව
    පිරමීඩය = උල් හැඩය

    එනයින්,

    පළිඟු පිරමීඩය = පළල් ලිඟු වල දක්නට ලැබෙන උල් වූ කොටස

    ReplyDelete
  8. ඔබ දැනටමත් දන්නවා, ඉන්දියානුවන්ට වඩා හෙළයන්ගේ එය පළල් බව.

    ReplyDelete
  9. උඩ තියෙන්නේ පළිගූ ගලක් නෙමෙයි

    අඹතිස් ගලක්

    ReplyDelete
    Replies
    1. අඹතිස් ගලක් කිව්වේ ?????????

      Delete
  10. දැන් නම් ඇති අප්පා ..රාවණා එන දවසක එන්නේ නැතැයි. ජයරත්නයෙනි වෙන යමක් ලීවොත් මැනවි .

    ReplyDelete
    Replies
    1. බින්දියනි; ඔය ඩිංග අර මනමේන්ද්‍රයන්ට, සූරිය ගුනසේකරයන්ට, මිරන්ඩොවන්ට සහ එතුමන්ලාගේ බූත කතා කියවා මුහුණු පොත හා බ්ලොග් අවකාසයේ ටෝක් දෙන කොලු කෙල්ලන්ට කියනු මැනවි

      Delete
    2. ඔවුන් සිටින්නේ කොයි ඉසව්වේද සුජීව . මගේ මුණු පොතේ ඔය හෙළුවන් නැත .

      Delete
  11. රාවණා ඉක්මනින් එන්නෙත් නැ හරියට රියලිටි ෂෝ එකක අන්තිම ටික වගේ

    ReplyDelete
  12. ඇඩෙනවා.... ඇත්තටම චිත්ත ප්‍රීතියෙන් ඇඩෙනවා..

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. බොලේ මම මගේ ගෑනි ගැන දන්නෙත් නැති දේවල් මුං රාවණා ගැන දන්නවා නොවැ.රාවණ ශක්තිය නොවැ ඉතිං.අනිත් අතට අපේ උන්දැත් මං ගැන නොදන්න දේවල් ඔය ශාරුක් ඛාන් ගැන දන්නවා ඇති නෙව.ආචාරීණී මේ ගැහැනුන්ගේ දුදන ගතිය නැති කරලීමට පළිඟුව පැළඳිය යුත්තේ කොහේද?
    (ඉහත පද බෙදීමට අනුවනම් පැළඳිය හැක්කේ එකම තැනකය.නමුත් රාවණා කොහේ එය පැළඳුවා දැයි දැන ගැනීමට රිස්සෙමි )

    ReplyDelete
  15. පලිගු සහ මැනික් වර්ග ජෝතිශය අනුව අපල සහ ග්‍රහයන්ගේ ගුණ වැඩිකිරීමට යොදාගන්නා බව අපි දනිමු.
    මෙම ක්‍රමද පැවත ඇත්තේ රාවනාගේ කල සිටය. මේවා අපවිසින් අත්හදා බලා දැනට මත් පල දරා ඇත.
    එනිසා මේ කියන පලිගු කතාව සත්‍ය බවක් පෙනෙයි.

    ReplyDelete
  16. මේවා දකිනවිට යක් ලේ දාතුව කුපිතවී පිටාර ගලන්න සැරසෙනවා... සන්තෝසයි ජයරත්නයණනි සන්තෝසයි ..

    ReplyDelete
  17. රවන විරවන සැමට:

    "... රාම සහ ඔහුගේ වානර හමුදාව කොතරම් බලසම්පන්න වූවත් යුද්ධයේ එක් අවස්ථාවක දී රාවණා හා ඔහුගේ යක්ෂ ගෝත්‍රික හමුදාව ඉදිරියේ රාමත් ලක්ෂමණත් වානර හමුදාවෙන් බොහෝ පිරිසකුත් යුදබිම මැරී වැටුණහ. රාමගේ පක්ෂයට අන්ත පරාජයක් අත්වෙමින් පැවතිය දී රාමගේ හමුදාවේ බලවතෙකු වූ ජම්බුවාන්ට මහාවීර හනුමාන් පිළිබඳව සිහිපත් වෙයි.

    මියගියවුන් නැවත ජීවත් කරවීමේ හෙවත් අමරණීය කරවීමේ ඖෂධ ගැන දන්නේ ජම්බුවාන්ය. එහෙත් එම ඖෂධ ඇත්තේ දඹදිවය. රැය පහන් වන්නට කලියෙන් එම ඖෂධ රැගෙන ඒමේ හැකියාව ඇත්තේ මහා වීර හනුමාන්ට පමණි. එසේ ඖෂධ ගෙනාවොත් ඒ ඖෂධ බලයෙන් රාම - ලක්ෂමණ පමණක් නොව මියගියවුන් බොහොමයකට යළි ප්‍රාණය ලබා දිය හැකිය... "

    - උපුටා ගත්තේ http://helayugaya.blogspot.com.au අඩවියෙන්ය.

    මේ වගේ කතාවක විය හැකි දේත්, නොවුන දේත් ඉතාමත් පැහැදිලිය. මිය යාම කවුරුත් අද වුනත් දන්න දෙයක්. එහෙත් යමෙක් "මියගියවුන් නැවත ජීවත් කරවීමේ හෙවත් අමරණීය කරවීමේ ඖෂධ" කී විට හෝ "මියගියවුන්ට යළි ප්‍රාණය ලබා දිය හැකිය" කී විට එය බොරුවක් බව ඕන ගොනෙකුට නොතේරේද? එසේ නොවේ නම් වියට්නාම් යුද්ධයේදී රැම්බෝ ද ජය ගති.

    සිංහලයන්ගෙ අතීත උරුමය අනා රාම රාවන කතාව ගෙතූ මැට්ටා පසුපස යන මලයාලි නීච කුල බන්ධනයෙන් බිහි වූ ගුරුන්නාන්සෙලා, සැබෑ සිංහල උරුමය අවතක්සේරු කර, සිංඟල වෙස් ගත් දෙමළ නඩේට තෙපර බාමින් සිංහලයන්ට සිංහල අකුරෙන් උසුලු විසුලු කර කාලකන්නි සතුටක් ලැබීමට මත් පෙත් තනති.

    ReplyDelete
  18. විශිෂ්ටයි ජයරත්නයනි ඇඩෙනවා තනි ඇහැට...

    ReplyDelete
  19. පොඩි ආඩම්බරයක් හිතට දැනෙනවා අෆ්ෆා වර්ගපූර්ණිකාව කියවන්න ගත්ත දවසේ ඉඳලා

    ReplyDelete
  20. අපේ වරිග පූර්ණිකාවේ නැති දෙයක් නැහැ. හෙට හොයාගන්න දේත් අනිද්දට ගිහින් බලපුවම ඒකෙ තියෙනවා. හබැයි අද බලුවොත්නම් නැහැ.

    උඹල හැමෝටම ආඬිසාලගේ සරණයි

    ReplyDelete
  21. ලේසර් කිරණ හොයා ගත්තෙත් අපේ පුළිඟු තාක්ෂණය ඔස්සේ විය හැකියි. ඒ තාක්ෂණය හොයා ගත්තම පළිඟු කතාව ලෝකෙන් වසන් කරන්න ඇති.

    ලේසර් කිරණ හොයා ගත්ත කාලේ සුදු වෑන් තිබුණනම් දනී කරන දේ...

    ReplyDelete
  22. සික් අප්පා අර ලංකාව ගිනි තියපු වඳුරාගේ නැට්ටට ඔය පුලිගුවක් අල්ලනවා අම්මපා මම හිටියනම් ඒ කාලේ, යුද්දෙට නැති පලිගුව අහවල් එකක් කොරන්ටද?

    ReplyDelete
  23. හොද ගලක් හොයාගන්ඩ ඕනි නිකන් ඉන්න එකේ කපල බලන්ඩ පොලිසි ගානේ ළගින්ඩ වෙයිද දන්නේනැ හොර ගල් අහිලුව කියල

    ReplyDelete
  24. මෙවන් තාක්ෂණයක් ඇති අප දැන් සුන්දන්ගේ පස්සවල් හෝදන්නේ ඉතිහාසයේ පවතී අඬු ලුහුඬු කම් හේතුවෙනි. එම නිසා මෙය ඉන්ටෙර්නෙට් කොමෙන්ට් වලට පමණක් සීමා නොකර මීට එහා දෙයක් රටට ලෝකෙට දැනෙන්න කරන්න පුලුවන්නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. නැත්තන් කෝරලේ මහත්තයා. මහපට ඇඟිල්ල උඩට. (Please Note : මැද ඇඟිල්ල නෙමෙයි)

      Delete
  25. රන්දිව පත්තරේ මෙතෙක් කාලෙකට පලකරපු ඔක්කොම ආටිකල් ටික දාන්න පුලුවන් වෙයිද මේ සයිට් එකේ.... එහෙම වුනොත් මේ අපිට නැතිවෙච්ච තාකෂනේ ගැන හොඳට දැනගන්න පුලුවන් වෙයි...

    ReplyDelete
  26. me aticals giya paper eka mokakda kiyala danaganna puluwanda....:)

    ReplyDelete

නුදුරු අදහස්