Sunday, July 1, 2012

රාවණ අහසින් ගොස් සතුරන්ට බෝම්බ දමයි

වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවිය කියවූ සමහරුන් මෙය ජෝක් සයිට් එකක් බව කියා තිබුණි., තවත් අය මේ බ්ලොග් එක ඉතිහාසය විකෘති කරනවා යැයි කියමින් අපට පරිභව කර මෙය රිපෝට් කිරීමටත් කතා කර තිබුණි.

නමුත් ඒ සියල්ලන්ගේම කන් වලට හොඳවයින් අතුල් පහරක් ගසන ලිපියක් මා හට හමු විය. අරිසෙන් අහුබුදුවන්ගේ මගෙහි යමින් පද නිරුක්ති වලින් ඉතිහාසය මතු කිරීමෙන් නොනැවතී, ආචාර්ය සූරිය ගුණසේකරයන්ට නොදෙවෙනි ලෙස රාවණ රජතුමාගේ යුධ අවි වල තාක්ෂණය හෙළි කර ඇති එතුමා, සුප්‍රසිද්ධ හෙළ යකෙක් වන ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතායි. ඔබට කියවීමට පහසු වීම සඳහා අකුරු ලොකු කර පහත කොටස් වශයෙන් දැක්වෙන්නේ මව්බිම පුවත්පතේ පළවූ එතුමාගේ එම ලිපියයි. (සම්පූර්ණ ලිපිය මෙහි අගින් දමා ඇත.)

එසේම හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොතක් වන වෛමානිකශාස්ත්‍රයට අනුව දඬුමොණර තාක්ෂණයෙන් නිපදවා ඇතත් දඬුමොණරය මෙන් දියුණු නැති වර්තමාණයේ ඇති ප්‍රහාරක ගුවන්යානා වල පින්තූරත් සුදුසු පරිදි අමතරව ඇතුළත් කළෙමි.

රාවණ රජතුමාගේ දඬුමොණර තාක්ෂණයෙන් නිපදවා ඇති F 35 ප්‍රහාරක ජෙට් යානය. (මෙය පුෂ්පක දඬුමොණරය තරම් බලවත් නැති බව සලකන්න)
පර සුද්දන් විසින් හෙළයින්ගෙන් සොරා ගන්නා ලද පුස්කොළපොත් වල තිබූ වට්ටෝරුවේ තිබූ අග්නිසර තාක්ෂණය අනුව හුණුගල් යොදා ගනිමින් සාදල ලද ආරක්ෂක වෙඩි තාමත් භාවිතා වෙයි. ඒත් රාවණා සමයේ තිබූ තාක්ෂණය තරම් මෙය දියුණු නැත.
පර සුද්දන් විසින් හෙළයින්ගෙන් සොරා ගන්නා ලද පුස්කොළපොත් වල තිබූ වට්ටෝරුවට අනුව කෘතිම නාග විශ නිපදවා ඒවා මෙම AGM-114 Hellfire නැමැති ප්‍රහාරක ජෙට් ආයුධයට ඇතුළත් කර ඇති බව ඔබ දන්නවාද?
ඉහත දැක්වෙන F-117 Nighthawk න්‍යෂ්ඨික බෝබ්ම දමන ගුවන් යානයත්, පර සුද්දන් විසින් හෙළයින්ගෙන් සොරාගන්නා ලද වෛමානිකශ්‍රස්ත්‍ර නැමැති පුස්කොළපොතට අනුව සාදා ඇතත් එය ඉන්ද්‍රජිත්ගේ සහස්‍රගත නැමති යබර බෝම්බ දාන දඬුමොණර යානය තරම් ප්‍රබල නොවේ.
මායා වරුන්ව ශිෂ්ටාචාර කිරීමට පැමිණි මෙම ප්‍රිඩේටර් වරුනුත්, රාවණ පුත් ඉන්ද්‍රජිත් කුමරාට ඉමහත් භීතියක් දක්වා ඇත. වරක් ඉන්ද්‍රජිත් කුමරා ප්‍රිඩේටර් ලොව රජතුමා සමග කරන ලද සටනකදී ගසන ලද පා පහරකින් ප්‍රිඩේටර් රජතුමාගේ උඩ ඇන්දේ දත් ටික හැලුණි. ඉන් පසුව ඉන්ද්‍රජිත් තම අත් දෙක ප්‍රිඩේටර් රජුගේ කට ඇතුලට දමා දෙපසට ඇද්ද අතර ඔහුගේ කට පළල් විය. එදා සිට එම ප්‍රිඩේටර් රජුගෙන් පැවතෙන ප්‍රිඩේටර් වරුන්ගේ කටේ දත් හැලී ලොකුවට පළල් ව පැවතුණි. එම රජුගේ පෙලපතේ කුමාරවරු පිරිසක් පසු කාලයේදී මායා වරුන්ව ශිෂ්ටාචාර කර ඇත. ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළයින්ගේ පුස්කොලපොත් කියවූ ජිම් සහ ජෝන් දෙදෙනා එය චිත්‍රපටයටද නැගුවෝය.
මි‍රැන්ඩෝ ඔබේසේකර මහතාගේ සම්පූර්ණ ලිපිය

මෙවන් තොරතුරු ප්‍රමාණයක් හෙළි කළ මි‍රැන්ඩෝ ඔබේසේකරයන්ගේ උත්සාහයට අපි ප්‍රශංශා කරමු. නමුදු එතුමාගේ ලිපියෙන් රාවණ රජතුමාගේ සමහර දෑ අවතක්සේරු කර දක්වා ඇතැයි සිතෙන නිසා ඒ ගැන මා හට එකඟ නොවිය හැකි තැන්ද තිබෙන අතර, ඉදිරි ලිපියකින් ඒ ගැන මාගේ අදහස් පළ කරන්නම්. ශ්‍රී රාවණ සිද්ධම්! හෙළයෙක් වීම අභිමානයකි!

32 comments:

  1. රාම කුමරු සත්‍යවාදී නිරහංකාර මිනිසෙකි. ඇත්ත.. අපේ ලොක්ක එහෙම තමා..

    රාමා

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද, රාම කියන්නෙ අපේ හෙළය කන්න ආපු පල් සොරෙක්, රාවණ රජතුමා තමයි සත්‍යවාදී, ගුණගරුක රජු. එනිසා ඔය වගේ කිසි සේත්ම එකඟ විය නොහැකි තැන් ගණනාවක් ඔබේසේකරයන්ගේ ලිපියේ තියෙනව. ඒ වගේම එතුමා රාවණ රජතුමගේ තාක්ෂණයෙන් F 35 Lightning ප්‍රහාරක ගුවන් යානය බල ගන්වා ඇති බව සඳහන් නොකිරීම කණගා‍ටුවට කරුණක්.

      Delete
    2. ප්‍රායෝගිකව හෙළයන්ට විරුද්ධව ක්‍රියා කරන්න රාමාට සිදු වුනත් ඔහුගේ මිනිස් මස් කෑවේ නැහැ.ආහාර වලින් ස්වයංපෝෂිත වෙලා හිටපු ඔහුට හෙළය කන්න උවමනාවක් තිබුනේ නැහැ. එක අවුලයි තිබුනේ, එක විසඳ ගන්න තමා රාවණා සමග පැටලුනේ. හතුරෙක් වුනත් අපිත් ගරු කරන රාවණා අමතක කරපු, විහිළුවට ගත්ත හෙළයන් යයි කියා ගන්නා කවලං ජාතිය මෙන් නොව, එදත් අදත් අපි රාම කුමරු වන්දනා කරන්නේ ඔහු සත්‍යවාදී නිරහංකාර මිනිසෙක් නිසායි.

      රාමා

      Delete
    3. ලිපියේ කසමහර කරුනුවලට එකග විය නොහැක ( @ රාම - රාම කුමරු සත්‍යවාදී නිරහංකාර මිනිසෙක් !!!!!!!! ආච්චිගෙ රෙද්ද තමයි !!!! තෝත් ඉන්දියාවට පල.........මේ කථා බොරු වේවා ඇත්ත‍ වේවා අපි ලංකාවේ ඉන්න උං යකෝ...... එ නිසා මෙහේ ඉදං එහෙට කඩේ නොයා ඉදපිය )

      Delete
  2. පිස්සු හැදෙනවා මම මේ විස්තර දන්නේ නැත්නම්. හිට්ලර් ගේ කට්ටිය හදපු හෝර්ටන් යානය B2 එක වගේ කියල මම දැනගෙන හිටිය එක හොඳට ගියා. නැතිනම් අම්මේ!!..

    ඇඟ කිලිපොලා යනවා. හෙළයෙක් වීම ආඩම්බරයි ඉතින්.. කඳුළු වැටෙනවා මේවා කියවද්දී.

    ReplyDelete
    Replies
    1. එසේයැ, ලොවම ශිෂ්ටාචාර කළ හෙළයන්ගෙන් පැවත ඒම ආඩම්බරයකි.

      Delete
  3. ප්‍රීතියි ජයරත්නයෙනි ප්‍රීතියි.
    ඔබේ පෝස්ටු කියවන හැමදාම මාගේ දෑස් වලින් කඳුළු වැගිරෙන්නේ උතුම් හෙළ රුධිරය මාගේ නහර වැල් පුරාම දුවන නිසා විය හැක.

    ReplyDelete
    Replies
    1. අබිමානයටයි කතා කීමටයි
      පෙර සිට සුපතල හෙළයේ
      ඉපැදුනු ඔබ තුළ ඒ ගති නැති නම්
      ඒ නොවැ පුදුමය සබඳේ

      Delete
  4. =====""මායා වරුන්ව ශිෂ්ටාචාර කිරීමට පැමිණි මෙම ප්‍රිඩේටර් වරුනුත්, රාවණ පුත් ඉන්ද්‍රජිත් කුමරාට ඉමහත් භීතියක් දක්වා ඇත. වරක් ඉන්ද්‍රජිත් කුමරා ප්‍රිඩේටර් ලොව රජතුමා සමග කරන ලද සටනකදී ගසන ලද පා පහරකින් ප්‍රිඩේටර් රජතුමාගේ උඩ ඇන්දේ දත් ටික හැලුණි. ඉන් පසුව ඉන්ද්‍රජිත් තම අත් දෙක ප්‍රිඩේටර් රජුගේ කට ඇතුලට දමා දෙපසට ඇද්ද අතර ඔහුගේ කට පළල් විය. එදා සිට එම ප්‍රිඩේටර් රජුගෙන් පැවතෙන ප්‍රිඩේටර් වරුන්ගේ කටේ දත් හැලී ලොකුවට පළල් ව පැවතුණි. එම රජුගේ පෙලපතේ කුමාරවරු පිරිසක් පසු කාලයේදී මායා වරුන්ව ශිෂ්ටාචාර කර ඇත. ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළයින්ගේ පුස්කොලපොත් කියවූ ජිම් සහ ජෝන් දෙදෙනා එය චිත්‍රපටයටද නැගුවෝය.""==========අපි මේ වගේ බොරු කිව්වෙ 2 වසරෙදි! "ප්‍රිඩේටර්වරු ??" Predatorකියන්නෙ විලෝපිකයට. මෙව කියන්න ෆිල්ම් බලල නෑති අයට. තව ටික දවසකින් කියාවි alien film 1 ඉන්නෙත් ඈත්ත සත්තු කියල LOL ma thamai!

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි බසින් Predator යනු විලෝපිකයො තමයි, නමුත් ඒ වචනය හැදුනෙත් අතීත මායාවරුන්ගේ ශිෂ්ටාචාරයේ අවසානය ප්‍රිඩේටර්ලා විසින්ම සිදුකළ නිසයි.

      Dator හෙවත් "ඩේටර්" නැමැති ඉංග්‍රීසි වචනයේ සිංහල නිරුක්තිය "දාතර". දා=පුච්චනව, තර=තරයේම. තරයේම පුළුස්සා දමන්නා දාතර හෙවත් ඉංග්‍රීසි බසින් ඩේටර්. ඔවුන් අතීතයේ හිටි බව කීමට ප්‍රිඩේටර් යන නම භාවිතා වුණා.

      Barbarian නැමති වචනය බාර්බරොස් නැමති ග්‍රීක් වැසියන්ගෙන් හැදුන බව ඔබ දන්නව නේද? http://en.wikipedia.org/wiki/Barbarian#Etymology
      අන්න ඒ වගේ තමයි "ප්‍රිඩේටර්" නැමති වචනය "දාතර" ලගෙන් හැදුනෙ.

      Delete
    2. Predator Definition
      Any organism that exists by preying upon other organisms.

      Origin:
      1920–25; < Latin praedātor plunderer, equivalent to praedā ( rī ) to plunder (derivative of praeda prey) + -tor -tor

      Sources:
      http://dictionary.reference.com/browse/predator
      http://translate.google.com/#en|la|plunderer

      Delete
  5. http://en.wikipedia.org/wiki/Predator_(alien)

    බලන්න ලින්ක් 1. film 1 ට වුවමනා කල සියල්ල,උපකල්පන,සියල්ල මෙතන තියෙනව,තීරනය ඔබ අතේ

    "In the Aliens vs. Predator novel series (based on the Dark Horse Comics)"

    "The Predator is a fictional extraterrestrial species featured in the Predator science-fiction franchise"
    ඔබ මීට පෙරත් film 1 කතාවක් ඔබට උනා වගෙ ලියල තිබුනා "MIB==Men In Black" නිල් එලියක් අල්ලල මතකය නෑති කිරිම

    ප.ලි
    හිතවත් මීවනපලානේ ජයරත්න මහතානනි සාක්ශි ඉදිරිපත් කරන්නෙ මෙහෙමයි.

    ReplyDelete
  6. හිට්ලර්ගේ අම්මාගේ ලංකාවේ බෝයිෆ්‍රෙන්ඩ් රාවන රජුගේ නැන්දා කෙනෙකුගේ පුතෙක්ගෙන් පැවත එන බව අද උදෑසන ටොයිලටයේ කුන්ඩලනී සක්තිය අවධි කරන විට මට පසක් විය..
    හෙලයෙක් වීම ආඩම්බරයක්මැයි..
    ජය ශ්‍රී!!!!!!

    ReplyDelete
  7. හපොයි!!! මෙතරම් අභිමානවත් හෙලයාට අද ගොස් ඇති කල....:)

    ReplyDelete
  8. අන්න Gossip9 එකත් block කරලා

    ReplyDelete
    Replies
    1. ඒකනම් නරක වැඩක්, මේ බ්ලොග් එකට ට්‍රැ‍ෆික් එක ආවෙත් ගොසිප හින්දයි.

      Delete
    2. නෑ.ඒක වැඩ කරනවා තාම.

      Delete
  9. වටිනා තොරතුරු එකතුවක්. ඒත් සැබෑ ජීවිතයට වඩා රාමායනය කියන චිත්‍රපටිය මුල් තැනට දාල කතාවෙ අර්ථය පිරිහිලා. ඔය රාමායනය හින්දු කතාවක්. එයාලගෙ උරුමෙ තමයි සැබෑ ලෝකෙ බැරි දෑ කතා ලෝකේ සැබෑ කිරීම. ඉතින් ඒකට වෙච්ච සැබෑ දෙයක් ගන්නවා. ඒක තමන්ගෙ පක්ෂෙට ගැලපෙන විදියට තිර රචනය කරනවා. අදත් ලෝකෙ ඒ විදියමයි. මේ රට ගැනම බලමු. ප්‍රභාකරන් මලා කියන කොට කොටි නෑ කියනවා. මහරජා ත්‍රස්තවාදෙ නැති කරල සමෘද්ධිමත් කලා කියන කොට අපි උත්තර කීයක් දෙනවාද?

    ගල් බොරළු ගොඩක් එහා මෙහා කරල තමයි මැණිකක් සොයා ගන්නේ. ඒ වගේ මේ කතාවල ගොඩක් තොරතුරු අදාළ වෙන්නෙ නියම රාවණට නොව ඒ නමින් රජ කල පසු කාලීනයන්ට. ඔය රාමායන මිථ්‍යාවට මුල අන්තිමට රාවන නමින් රජ වුන එකාට. ලංකාවෙ ඉපදුන කෙනෙකුත් නොවෙයි. ලංකාව රටක් කියන්නේ මලයාලී හිඟන කට්ටිය විතරයි. ඉස්සර ලංකාව අග නුවර. මේ රටේ පරිසරය කෘතීමව හදපු එකක් බව පෙන්විය හැකියි.

    ලිපි වල තොරතුරු ඉතාමත් පටු තීරයකට සීමා වෙලා. බටහිර අධ්‍යාපනය ලත් අයගෙ මනස වැඩ කරන්නෙ බටහිර විදියට. තමන්ගෙ පටු දැනුම නිසා දරපු උත්සාහයේ ඵල මදි. බටහිරයන්ගෙ යුධකාමී චිත්‍රපට සෑහෙන්න සාධක වෙලා.

    යක්ෂයන් කියන්නෙ සිංහලයන්ගෙ පහලම මට්ටම. ඈත රටවල රළු පරළු වැඩ කල යක්ෂයන්ගෙන් ජාතිය මැනීම අපරාධයක් වෙනවා. නායක (නාග), දේව, මනුෂ්‍ය, යක්ෂ ගණ වල නියම අරුත දත යුතුයි. අහම්බෙන් තමයි මම නාග ගණේ කියල දැන ගත්තෙ. ඔබට නාගාරක්ෂාව තිබේ නම් ඔබ එම ගණයට අයත්ය. උදා: මා ඉපදී සත් වන දින නාගයකු මගේ තොටිල්ල වට කර ගෙන හිටි හැටිත් අම්මා බැගෑපත් වූ විට බැස ගිය හැටිත් අම්මා මට කියා ඇත. මා කුඩා කල බොහෝ විට නාගයකු දුටිමි. අද ඒ වගේ නාගයන් මම නොදකිමි. සිහිනෙන් නයෙක් දුටු විට එය අසනීපයක පෙරනිමිත්ත විය. මා මෙය කීවේ යක්ෂයන් ගැන පමණක් කියා සිංහලයන් පහලට වැටෙන නිසාය. මෙවැනි අත් දැකීම් ඇති අය සිටීද?

    ReplyDelete
  10. මේ රාවනාගෙ දඩු මොනරේ කිසිම පහසුකමක් නැති යානවක්නෙ.. පයිලට්ට වාඩි වෙන්න සීට් එකක්වත් නැහැ. රයිට් සහොදරයො හදපු මුල්ම යානය මිට වඩා පහසුවෙන් පදින්න පුලුවන් ඇති. ඔහොම කක්ක කරන්න වගෙ බාගෙට වාඩි වෙලා ගුවන් යානයක් එලවන්න පුලුවන්ද? දන්න නිසා අහන්නෙ? සාමන්යෙන් පැයට කිලොමිටර් 300 වේගෙන් යනකොට ඔහොම හිටගෙන ඉන්න බැහැ..හුලන්පාරට ගහගෙන යයි පයිලට්ව. රාවන ඔක පැද්දා නම් ඌ හුලගේ ගහගෙන යනවා සුවර්. එහෙම නොවන්න නම් ඔකේ ටොප් ස්පිඩ් එක 100 ට අඩු ඇති. ශබ්ද වේගය පරදවා යනකොට එන වායු ගෝලිය ඝර්ශනය රියම් උනු කරන්න වුනත් ප්‍රමානවත්.මෙහෙම ලී කැලි අටොපු ලඩරමක් ශබ්ද වෙගෙන් ගියොත් වාශ්ප වෙවී. තො ගුවන් යානා ගැන මුලික දෙවල් වත් දන්නවානම් රාවනාගෙ යානය කියල මෙහෙම ලි වලින් හදපු ලඩරමක් ඉඩිරිපත් කරන්නෙ නැහ. අනෙක් තොගෙ පින්තුරෙ යානවට කිසිම අවරනයක් නැහැ. වැස්සක් අවොත් ඔකෙ යන ඔක්කොම තෙමිච්ච කුකුලො වගෙ ඉදිවි. උබ ටොම් පචයෙක්..

    ReplyDelete
  11. රාම රාවණා යුද්ධයක් ගැන කියන රාමායනයවත්, මහාභාරත් නමැති මහා කෙප්පයවත් නියම සිංහල ඉතිහාසය නොකියයි. එය ටෙලිනාට්‍ය වැනි කතාවකි. පබා වැනි නළුවන් යොදා ගෙතූ විහිළුවකි. එහෙත් එවැනි මවාපෑම් වලට දායක වූ ඇත්ත කතා මෙහිදී උඩුයටිකුරු වී ඇතුවාට සැක නැත. සමකාලීණයකු වූ විභීෂණ සිංහලයන්ගෙන් වැඳුම් පිඳුම් ලබන දෙවියෙකි. රාවන හෙවත් රැස් එන කෙනා යයි කීවේ මේ එකෙකුටවත් නොවේ. මුලාවී ඉතිහාසය තව තවත් අච්චාරු නොකරමු. එසේම රාවන හෙවත් රැස් එන කෙනා නිදා ගන්නවා යයි කීම මුසාවකි. එය වටාපිටාවේ වෙන දෑ වලට උරණ වී නඟන ඇඬීමකි. මනස 24/7/365/ජීවිත කාලය/අනන්ත කාලය තුල ක්‍රියාත්මක වන කෙනෙකු සුදුසු කල සුදුසු දෑ කිරීමට එනවා විනා නැතුව ජය පරාජය ගැන සිතන කෙනෙකු නොවේ. මුලා වී වැරදි කෙනෙකු ගැන මවන චිත්‍රය මලයාලි උගුලක් විය හැක.

    අද වන තුරු මිහිපිට ජය පරාජය ජීවත්වීමේ අභියෝගයයි. ඒත් පැවැත්ම තහවුරු කිරීමට නීති රීති ඇත. මේවා කැඩූ විට නාගයන් (නායක ගණේ අය) මගින් නිසි දඬුවම් ලැබේ. රාවන හෙවත් රැස් එන කෙනා හෙවත් හිරු සම්බන්ධ වන්නේ, ඒ මගින් ද නීති රීති රැකීමට නොහැකි වී මහා විනාශයක් වන විටය. මෙම අවස්ථාව එන්නේ අපිම භයානක අවි වලින් නසා ගන්න කොටය. එවැනි තත්වයකදී බර අවි යොදා ගැනීම අවශ්‍ය වේ. නියම කෙනා ගැන නොදැන බටහිරයන් සමඟ සසදමින් කුජ නිරූපණය කරන යුධවාදි මුහුණ, අනිත් අවතාර නවයම හෑල්ලුවට ලක් කරනවා. මත්ස්‍ය අවතාරය කිසිදු මිනිසකු නොදත් අති බලසම්පන්න දැනුමැති මුහුණකි. අවාසනාවට එය මිනිසුන්ට අකැපය. අනිත් අවතාර නවයම ගත්තත් ඒවා මත්ස්‍ය අවතාරය ඉදිරියේ මහමෙරට සම කල මී බෙටිය.

    මෙතරම් තොරතුරු තිබුනත් එය ක්‍රියාවට නැගිය හැක්කෙ නියම හිරුටය. බටහිර තාක්ෂණයේ මායිම් පසු කර impossible හරියට ගිය කෙනෙකු ලෙසත්, ආදී සිංහල තාක්ෂණයේද මෙතෙක් නොවූ විරූ දේ කිරීමට හැකියාව ඇතියකු ලෙසත්, සිංහල තාක්ෂණය සමඟ බටහිර තාක්ෂණය සසඳන විට මට දුකක් දැනේ. බටහිර ආධිපත්‍යයට නතුවී හැම දේම ඒ ඇසින් බලනවුන් සිහලකමට නිගාවකි. බටහිරුන් කරන්නෙ අනුන්ගේ දෑ කොපි කර ඇනීමකි. නොදත් අය උන් විශ්ව කර්මයන් කර ඇත.

    අද නොයෙකුත් අය විවිධ අඩවි වලින් නා නා ප්‍රකාර තොරතුරු මුදා හරිති. ඔක්කොම එක නිදහස් අඩවියක දැමීම සුදුසුය. විදේශ මුදල් නැතිනම් මට දායක විය හැක. මම කිසිදු බාහිර දත්තයකින් තොරව සොයා ගත් දෑ සමඟ සැසඳූ විට ඔබ "නියම කෙනා" හමුවීමට පෙර පෙරහැර ගොස්ය.

    සිහළුන්ගේ බස් විහරණ ඉංග්‍රීසි බසට යෙදීම නොමනාය. එහෙත් මුවෙන් නාද පිට කිරීමට දරණ මොහොතට පෙර අප තුල ජනිත වන සංඥා සියල්ලම තම හැකියාවට අනුව අඩු වැඩි වුවද, හැම සතාටම ඒකීය ස්වරූපයක් ගනී. මෙය සිංහල මුල් බස බව තහවුරු කරයි. ඈත අතීතයේ සිහළුන් හා ඉංග්‍රීසින් බෙදීමට ප්‍රථම සැකසුනු වචන අදද එම ස්වරූපයෙන් පවතී. මේ වචන ඔබේ හැකියාවෙන් පිටතය. ඔබට ඒ හැකියාව ලැබීමට නිසි ගුරෙකු හා බුධෙකු සොයාගන්න.

    ReplyDelete
  12. රුවන රජතුමාට ඔච්චර කටවල් තිබුනනං ඒ හැම එකකින්ම කන්න ඇති...ඒ කටවල් ගොඩක් තිබුනට එක බඩයි නේ තියෙන්නෙ පෝට් දහයකින් විතර එන දේවල් එකපාර එක පෝට් එකකින් අයින් කරන්න වෙනවා...
    අපි නිකමට හිතමු වතුර බීම...වතුර කටවල් දහයකින් බොනකොට චූ දාන කෑල්ල ඇති හෝස් පයිප්පයක් වගේ...ඇයි ඉතිං කටවල් දහයෙන්ම බොන වතුර දාන්න එපායැ....

    ReplyDelete
    Replies
    1. හිකිස්‌!11....

      Delete
    2. ඔකම තමා කදිරටත් වෙලා තියෙන්නෙ

      මූණු හයයි - අත් දොළහයි
      එකම බුගයි - එක ඉජ්ජයි

      Delete
  13. අහෝ රාවණා නම් අග්‍රගණ්‍ය විදුවෙකි,
    හෙලයෙක් වීම නම් අභිමානයක්මැයි.

    ReplyDelete
  14. රාවණා බලයෙන් එස්කේප් එක ඔබා ඔබේ බ්ලොගය අදත් බලා සිනාසීමි...

    ReplyDelete
  15. පට්ට කෙබර මීවනයා. ඔය F-35 Design කරපු engineers ලටත් අපහාසයක් කරලා තියෙන්නේ. රාව‍නගෙන් හම්බ වුන හින්දනේ බං අවුරුදු 15ක් තිස්සේ ඕක Design කරේ. ඕක ඇමරිකා හමුදාව සතු හොදම multirole fighter එකක්. තෝ අහලා තියෙනවාද SR-71 Black Bird ගැන Mach 3+ project එක. එක තමයි ලෝකේ මෙතෙක් බිහිවෙච්ච වේගවත්ම ගුවන් යානය. වේගය 3200 km/h ට වැඩියි. ඒක ගැනත් ඔය වගේ ජෝක් එකක් කරහන්කෝ නිකං ඉන්න එකේ.
    අනිත් එක ඔය F-35 නැත්නම් Fighting Falcon වර්ගයේ යානාවක උපරිම වේගය Mach 1.61 (1600 km/h) වගේ. ඒ කියන්නේ ශබ්දයේ වේගය පරදවා යන්නේ. ඒතනදි ස්වනිත පිපිරුමක් සිදුවෙනවා. ඔහොම රෙද්ද කඩං දඩු මොනර ගියොත් කන් ඉතුරුවෙන්නේ නෑ. ඊට කලින් දඩු මොනරේ පව්ඩර් වත් හොයන්න හම්බ වෙන්නේ එපැයි.
    ගොනෝ මහන්සියෙන් හොයාගත්ත උසස් නිර්මාණ වලට අපහාස කරන්න එපා. වැඩක් නැත්නම් පට්ට කෙබර ඇර ඇර ඉන්නේ නැතුව රට වෙනුවෙන් ප්‍රායෝගික යමක් කරපන්. හරකා

    ReplyDelete
  16. මහත්තයො ඔබ තුමාගෙ බ්ලොගය .. එෆ් . බි . අය් එකෙන් නවත්තල කියල පින්තුරයක් දාලා තිබ්බ නේද ? ... මම වෙබ්බ්‍රව්සර් එකේ ජාවා ස්ක්‍රිප්ට් ඩිස් ඒබ්ල් කලාම බ්ලොග් එක බලන්න පුලුවන් උනා ..එෆ් . බී. අය් එකට අහු වෙන්නෙ නැතුව... මන් හිතන්නෙ දැන් එෆ්.බී.අයි එක වැඩ කරන්නෙ ජාවා ස්ක්‍රිප්ට් වලින් වෙන්න ඇති නේද ... :)

    ReplyDelete
    Replies
    1. එය එසේ සිදු විය හැකියි. මොකද ජාවා ස්ක්‍රිප්ට් හැර අනෙකුත් සියලු අන්තර්ජාල තාක්ෂනයන් පාලනය වන්නේත් රාවනා බලයන් උපයෝගී කොට ගෙන රාවනා තාක්ෂණික ක්රමොපයන්ට අනුවයි. එතකොට ජවා ස්ක්‍රිප්ට් පමණයි රාවනා බලයට හසු නොවන්නේ. ආන්න ඒකයි FBI එක මේ වැඩේට ජාවා ස්ක්‍රිප්ට් යොදා ගත්තේ. පැහැදිලියි නේද .... ?

      Delete
    2. සරදියෙල්ගේ පිළිතුර නිවැරදියි. සිදුවුණේ කුමක්ද කියල මං දැන් ලියාගෙන යන අතර එහි මුල් කොටස පළ කළා. ජාව ස්ක්‍රිප්ට් එක ගැනත් ඉදිරියේදී පැහැදිළි කරන්නම්.

      Delete
  17. මේක නිකන් හින්දි ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් වගේ, හැරී පොටර් ටත් වඩා හොඳයි, ෆිල්ම් එකක් හදමුද? ආචාර්ය තුමෝ,

    ReplyDelete
  18. mewata aluth comments &aluth walls liya wenne nadda mokada okkoma dewal 2012 kale ewa mata balanna labune sumana dekakata kalin wage thamai aththatama ma godak dewal egana gaththa

    ReplyDelete

නුදුරු අදහස්