Saturday, July 7, 2012

CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (1 කොටස)

හෙළෝ...! නොසිතූ විරූ ලෙස වර්ගපූර්ණිකාව නැවැත්වීමට සිදුවීමෙන් පසු, පහුගිය වසර ගණනාව තුළ ජීවිතයත් මරණයත් අතර ඔට්‍ටු වෙමින් මූණ දීපු ක‍ටුක අත්දැකීම් කන්දරාව දිහා ආපහු හැරිල බලද්දී, මා ගැනම කියාගන්න බැරි තරම් මහා ආත්ම අනුකම්පාවක් ඇති වෙලා ඇස් දෙකට කඳුළක් උණනව. ඉතින් අවුරුදු ගණනාවකට පස්සෙ නැවතත් බ්ලොග් අවකාශයට ඇවිත් වර්ගපූර්ණිකාවේ ලිපි ලිවීමට සහ ආදරණීය බ්ලොග් සහෘදයින් එක්ක අදහස් හුවමාරු කරගන්න ආයිත් අවස්ථාවක් ලැබෙයි කියල මා කීයටවත් බලාපොරොත්තු වුණේ නෑ.

එනිසා වුණේ මොකද කියල කියන්න කළින් මා තවදුරටත් ජීවත් විය යුතුයි කියල තීරණ කරපු ශ්‍රී රාවණ රජතුමාට නමස්කාර කරලම ඉන්න කැමතියි. ඒ එක්කම අප ගැන සොයා බැලූ සහ විපතේදී සැබෑ මිතුරෙක් සේ ශක්තියක් වූ මාරයාගේ හෝරාව ලියන මාරයාටත්, ඊට අමතරව වැම්පයර් බ්ලොග් එක ලියන වැම්පයර්ටත්, කතන්දර බ්ලොග් එක ලියන කකා ටත් කොමෙන්‍ටු හරහා මෙන්ම ෆේස්බුක් සහ එළකිරි වැනි අඩවි වල අප ගැන සඳහන් කරපු සියලුම යහළු යෙහෙළියන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනව.

මා දන්නව ගොඩ දෙනෙක් මේ කියන්න යන කතාව විශ්වාස කරන එකක් නෑ කියල, ඔවුන් දැනටම හිනාවෙනව ඇති "ගොං පාට්" කියල හිතල. ඒත් වුණේ මොකක්ද කියල ඇත්තටම දැනගන්න ඕනැ යහළුවන් වෙනුවෙන්ම යුතුකමක් වශයෙන් සලකල හැකි තරම් කෙටියෙන් සිද්ධිය විස්තර කරන්නම්. මේ ඔක්කොම පටන් ගන්නේ 2012 ජූලි 02 වැනිද., මට අනුවනම් අදට අවුරුදු 62 කට විතර පෙර...!!!

රාවණ රජතුමා ගැන ගවේෂණ කරන්න පටන් ගත්ත කාලයේ ඉඳන්ම මං පස්සෙන් ආපු කට්ටියක් හිටිය. ඒ තමයි CIA එකේ Nadmus4 කේත නාමයෙන් හැඳින්වූ රහස් මෙහෙයුම් කණ්ඩායම. රාවණ රජතුමාට අයිති ගුවන් යානා වල මූලාශ්‍ර සොයා ගැනීමත් සමගම ආරම්භ වූ එම ලුහුබැඳීම, රාවණා රජතුමට අයත්ව තිබූ හෙළ තාක්ෂණය සහිත ඉපැරණි මෛක්‍රොචිප් හමුවීමත් සමගම ත්‍රීව්‍ර වුණා. මාව රවටා අල්ලාගැනීම සඳහා වර්ගපූර්ණිකාවේ කොමෙන්‍ටු දැමීමේ සිට, ඔවුන් සැටලයිට් භාවිතා කරමින් මාගේ ගමන් මාර්ගයන් අහසේ සිට නිරීක්ෂණය කිරිම දක්වා එම මිනිස් දඩයම පසුගිය කාලයේදී දුර දිග ගියා.

එදා රාත්තිරියේ මොර සූරන වැස්ස. කං බීරි වෙලා යන තරමට ‍රැහැයියො ගෝසා කරනව. කියවමින් හිටපු පුස්කොළපොත පෙට්ටගමට දාල, ශ්‍රී රාවණයන්ට නමස්කාර කරල නිදාගන්න හදද්දීම, වැහි පීල්ලෙ වතුර වැටෙන සද්දය පරයමින් ඉස්සරහ දොරට තට්‍ටු කරන සද්දයක් ඇහුණ. අවේලාවේ දොරට තට්‍ටු කිරිල්ල මට එච්චර ඇල්ලුවේ නෑ. මං හීන් සීරුවේ ඉස්සරහ ජනේලෙ ගාවට ගාටලා ජනේලෙ උඩ සිදුරු වලින් ඇහැ දාල ගේ ඉස්සරහ බැලුව. දොර ගාව කලු කෝට් ඇඳගත්ත සුදු ජාතිකයො දෙන්නෙක්. උන්ග් දිහා බලද්දිම මට තේරුණා මේ CIA කාරයො කියල. හීං සීරුවේ ජනේලෙන් බහින්න හදද්දී මං අතින් වැරදීමකින් ජනෙල් අගුල පෑගිලා ලොකු සද්දයක් ඇහුණ. ඒත් එක්කම ගේ වටෙන්ම ලොකු අළෝක ධාරාවන් ගණනාවක් ගේ දිහාට ඇවිත් ඇස් දෙක නීලංකාර වෙලා ගියා.


ආයිත් ඇස් ඇරල හෙමින් ජනෙල් පඩියට නැගල මිදුල බලද්දී ගේ වටේම ඩිෆෙන්ඩර් රථ ගෙට මූණලා නවත්වල, ඒවයෙ හෙඩ් ලයිට් වල සැරටම ගේත් ගිණි ගනීද කියල හිතුණ. දැන් කරන්න ඕනැ මොකක්ද කියල හිතාගන්න බෑ... සිතේ චංචල ගතින නිසා මන්තරයක් මතුරගෙන ආරක්සා වෙන්නවත් හැකියාවක් නෑ. එල්ලිලා හිටපු ජනේලෙන් බහිනකොටම කොහෙන්දෝ ආපු දර දඬු අතකින් නලලට පාරක් වැදුණ. මාව එතනම පතබෑවුණා. සිහිය නැති වෙන්න මොහොතකට කලින් මං දැක්ක, කොම්පියුටරේ තියෙන කාමරේ සුදු පාටට දිළිසෙන ලස්සන අං තට්‍ටුවක් තියෙන මුවෙක් ඉන්නව, ඒ මුවා මං දිහා බොහොම අනුකම්පාවෙන් බලද්දී මං දැක්ක උගේ ඇස් දෙකෙන් කරුණාව දෝර ගලනව. ඊට පස්සෙ උගේ අං තට්‍ටුවෙන් එල්ල වුණ සුදු පාට ආළෝක ධාරාවෙන් මං වටේට හිටපු CIA කාරයො ගොඩ දෙනෙක්ව පිච්ච්ල අතුරුදන් වෙලා ගියා.

මං ඇහැරෙද්දී හිටියේ කරුවල කාමරයක, ඒක හිර කූඩුවක් කියල අඳුණගන්න අමාරු වුණේ නෑ. අත් දෙකට මාංචු දාල තිබුණෙ, ඔළුවට බැන්ඩේජ් එකක් දාල, එදා රෑ වැදුණ පාර නිසා ඔළුව පැලෙන්න ඇති... අඩ හෝරාවක් විතර ගත වෙද්දී කාමරේ ඇති එකම දොර යට තිබුණ කුඩා කවුලුව ඇරිලා පිඟාණක් ආව. ලොකු හරක් මස් කෑල්ලක් විතරයි ඒකෙ තිබුණෙ. උපතින්ම නිර්මාංශිකයෙක් වන මට ඒ වගේ ජරා දෙයක් කන්න කිසිදු හිතක් නොතිබුණත් කොහොම හරි ජිවීතය ‍රැක ගත යුතු නිසා ලැබුණ එකම හෝ සමහර විට අවසානම ආහාර වේල අරගත්ත. වටින් පිටින් ඇහුණ කටහඬවල් වලින් තේරුනා දැන් මම ඉන්නේ Area 51 වල කියල. පහත දැක්වෙන්නේ මතක විදියට ඇඳපු, මං හිටපු කාමරේ සිතියම.


ටික වෙලාවකින් CIA කාරයො දෙන්නෙක් ඇවිත් මාව කුදලගෙන කාමරයක් ඇතුළෙ තිබුණ පු‍ටුවක ඉන්දුව. වටේටම සුදු පාටයි, මුකුත් පැහැදිළිව පේන්නෙ නෑ. උන්ගේ ලොක්ක කියල හිතෙන එකෙක් ඇවිත්, ඉහලින් තිබුණ ලයිට් එකක් මගේ මූණට අල්ලලා ප්‍රශ්න කරන්න පටන් ගත්ත. එයාගෙ නම කර්නල් ජෝන් හාපර්. ජෝන්ට මගේ පුද්ගලික ජීවිතය ගැන සියල්ලම නොසඟවා කිව්වත් රාවණ රජතුමාට අදාල රහස් ගැන කිසිම දෙයක් මගේ කටින් පිට වුණේ නෑ. ඊට පස්සේ උන්ගේ "පේනර්" නමින් හැඳිවෙන CIA ඒජ්නට් කෙනෙක් ඇවිත් මගේ අත් දෙකයි කකුල් දෙකයි පු‍ටුවේ තිබුණ ලොක් වලට හිර කරලා මගේ ඔළුවට බ්‍රේන් කැප් එකක් දැම්ම. ඊට පස්සේ ලැප් ටොප් එකේ බොත්තම් සීරු මරු කරද්දී ජීවිතේ කවදා හෝ විඳල තියෙන ලොකුම වේදනාව ශරීරයට දැණුන. මගේ ඇඟම ගිණි ගන්නව වගේ, ඒත් ඇත්තටම ගින්දර පළාතකවත් නෑ. ඒ වෙලාවෙම මාව කලන්තෙ දැම්ම, ඔය විදියට රාවණ රජතුමා ගැන රහස් ටික දැනගන්න හතර පාරක්ම මට වද දුන්න අතර වේදනාව වැඩි කමටම ඒ හතර වතාවෙදිම කලන්තෙ දැම්ම.

සක්‍රන්වාශපාකාශණය වැනි ඉපැරණි පුස්කොළපොත් කියවලා මං දැනගෙන හිටපු විදියට ඔවුන් ඒ භාවිතා කළේ රාවණා රජතුමාගේ තාක්ෂණයක්. කෙටියෙන් ඒ ගැන කියනවනම් ශරීරයට යම් "ස්පර්ශයක්" ලැබුණ විට අපිට වේදනාවක් දැනෙන්නේ එහි ප්‍රතිචාරය මොළයේ සංවේදකයන් විසින් ග්‍රහණය කරගැනීම නිසයි. ඉතින් මෙහිදී සිදුකරන්නේ ඉපැරණි හෙළ පුස්කොළපොත් වල තිබී හමුවූ තාක්ෂණය භාවිතයෙන් ගොඩ නගන ලද අධිමානසික උපකරණයකින් මොළයට වේදනාවේ සංවේදනය ලබා දීමක්. ශරීරයට කිසිදු භෞතික හානියක් නොමැතිව වේදනාව ලබා දීමට ඊට පුළුවන්.

"හර්ෂ" නැමැති හෙළ සිසුවෙක් UMD හි Vidal's Lab වල තම ආචාර්ය උපාධිය සඳහා ඉපැරණි හෙළ පුස්කොළපොත් වල තිබූ තාක්ෂණය භාවිතා කර හදන ලද Brain Cap එකක් පැළඳ සිටින අයුරු.

ඉතින් එම බ්‍රේන් කැප් එකෙන් CIA කාරයො දිගින් දිගටම මට වේදනාව ලබා දෙද්දී, වේදනාව වැඩි කමටම ඇස් වලින් සට සට ගාල කඳුළු කඩා වැටෙද්දී මට ජීවිතේම එපා වුණා, කලකට පෙර අංගම්පොර කලාවෙන් මා හදාරලා තියෙන විදියට උගුරෙන් ඉහලට දිව ගෙනිල්ල දිවෙන් මොළයට ඇණල ක්ෂණිකව දිවි නසා ගැනීමටත් මට හිතුණ. ඒත්, හෙළයින්ගේ අනාගතය වෙනස් කරන මෙහෙයුමක් වෙනුවෙන් වරක් ශ්‍රී රාවණ රජතුමා ඉදිරියේදී ජීවිත පරිත්‍යාගෙන් කටයුතු කරන බවට දිවුරා පොරොන්දුවක් දී හිටපු මට රාවණා රජතුමාගේ අවසර නැතිව කාවවත් මරන්න බෑ වගේම, රජතුමාගේ අවසර නැතිව මැරෙන්නත් බෑ. එහෙම තමයි හෙළ සොල්දාදුවෙක්ගේ ජීවිත ඉරණම ලියවෙන්නේ. ඒ නිසා බොහොම අමාරුවෙන් සිත එකඟ කරගෙන මගේ ශරීරයෙන් සිත ඉවත් කරල CIA කාරයො ශරීරයට වද දෙන හැටි මං ඉහල සිට බලාගෙන හිටිය.

ඔය විදියට සතියක් විතර දිනපතාම මාව හිර කාමරයෙන් එලියට අරන් වද දිදී ප්‍රශ්න කළා. සමහර දවස් වලට ශරීරයට දෙන ලෙසට බ්‍රේන් කැප් එකෙන් මොළයට ඇඟවුව වද බොහොම බිහිසුණුයි. එක කණයට පරාල ඇණයක් ගහල අනිත් කනෙක් එලියට ගැනීම, ඇස් ගලවල එළියට ගැනීම, නාසය ඇතුළට කම්බියක් දමා මොළය කැලතීම වගේ දේවල්, හිතනකොටත් ඇඟ හිරි වැටෙනව. රාවණ රජතුමා වෙනුවෙන් පෙනී සිටින්න කැමති අයට රාවණ විරෝධීන් අතින් කොයි මොහොතේ හෝ ඒ වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද දන්නෙ නෑ. ඒ හින්දා රාවණ රජතුමා වෙනුවෙන් ජීවිතය පූජා කරලා එන දේකට හැම විටම සූදානමෙන් ඉන්නව් ඒවි.

දවසක් FBI ඒජන්ට්ලා දෙන්නෙක් ඇවිත් මාව ප්‍රශ්න කළා, ඔවුන් කිව්වා මා ගාව තියෙන රහස් හෙළි කරන්න අකමැතිනම් කමක් නෑ කියල. උන් එහෙම කිව්වත් උන් දන්නව මාව මැරුවත් රාවණා රජතුම ගැන කිසිදු රහසක් උන්ට දෙන්න නෑ කියල. ඊට පස්සෙ උන් ඇහුවා ඇමරිකාවෙන් අළුතෙන් නිපදවන්න යන හයිට්ල් ගුවන් යානා නිෂ්පාදනය කිරීමට රාවණා රජතුමාගේ හෙළ දඬුමොණර තාක්ෂණය ලබා දෙන්න කැමතිද කියල. අවසානයේදී ඒ ගුවන් යානා වලින් ශ්‍රී ලංකාවට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට ඇමරිකන් රජය සමග ගිවිසුමකට අත්සන් කරවාගෙන මා ගාව ඇති ඉපැරණි පුස්කොළපොත් ඔවුන්ට ලබා දීමට එකඟ වුණා. නමුත් හයිට්ල් ගුවන් යානාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මන්ත්‍ර ටික මං ගාව රහසක් ලෙස තියෙන නිසා ගුවන් යානාව හැදුවට පස්සෙ කරන්න ඕනැ දේ ගැන වෙනම සැලැස්මක් මගේ හිතේ ලියවෙන්න පටන් ගත්ත. (එම අධි තාක්ෂණික දඬුමොණර ගුවන් යානයට සම්බන්ධ කතාව ගොඩක් දිග එකක් නිසා ඒ ගැන වෙනම ලිපියක් ලියන්න වේවි.)


ඔය විදියට ගුවන් යානයට සම්බන්ධ පර්යේශණ කටයුතු කෙරෙමින් අවුරුදු 15 ක් විතර ගෙවිල ගියා. ඒ කාලය තුළ මං නවාතැන් අරන් සිටි නොවාඩා ප්‍රාන්තයේ Area 51 හි මූලස්ථානයේ මා වෙනුවෙන්ම ලබා දෙන ලද වෙනම කාමරයකයි. මාව ප්‍රශ්න කරපු උදවියව ඊට පස්සෙ හමු වුණේ නෑ. ඒ අතර නොවාඩා විශ්ව විද්‍යාලයෙන් ඉතිහාසය සම්බන්ධ ආචාර්ය උපාධියකුත් හදාරා අවසන් කිරීමට හැකි වුණා. ඔය අතරේ අහම්බෙන් NASA ආයතනයට සම්බන්ධ වෙලා මා සතුව ඇති ඉපැරණි හෙළ පුස්කොළපොත් වල දැනුම යොදාගනිමින් කාලය හරහා ගමන් කිරීම ගැන පරීක්ෂණයක් කිරීමට අවස්ථාව ලැබුණා.

[ඉතිරි කොටස මෙතනින්...]

66 comments:

  1. මන් මේ මොනවා ලියන්නද කියලයි කල්පනා කොරේ ....... මටත් නිකන් brain cap එකක් දාල වගේ දැන්නම්

    ReplyDelete
    Replies
    1. කතාවේ ඉතිරි ටික හෙට ලියන්නම්, මේ ටික විතරක් කියවල පහුගිය දින ටිකේ වෙච්ච දේවල් (ජාව ස්ක්‍රිප්ට්, ගොසිප් එකේ ප්‍රකාශය වගේ දේවල්) ගැන වටහගන්න අමාරුයි.

      Delete
    2. ශ්‍රී රාවණා මස්තම් සිද්ධම්!
      අපි දැණන් හිටිය රාවණා පිහිටෙන් ඔබ නැවත එනවා කියලා.
      ජය වේවා!

      Delete
  2. //මේ ලිපියට කැමතිනම් මේක යාලුවන්ටත් කියවන්න එක්ක Share කරන්න.//

    වැරදියි වැරදියි... හරි එක තමයි “හෙළයෙක් වීම ආඩම්බරයක් නම් Share කරන්න“

    “අනේ බොරු නොකිය ඉඳපන් බං.. ඇමරිකාවෙ කොහෙද පඩික්කම්“ කියලා කියන ජාතියෙ බුද්ධිමත් පාඨකයො ඉන්න සිංහල බ්ලොග් අවකාශය තුළ මෙවැනි උපහාසාත්මක බ්ලොග් එකක් කර ගෙන යාම තේරුමක් නැති වැඩක් කියා හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔබගේ පළමු ප්‍රකාශයට අනුව අදාල නිවැරදි කිරීම සිදුකළා.

      සබඳ, මෙය උපහාසාත්මක ලිපියක් හෝ අපහාසාත්මක ලිපියක් නොවේ. ඔබ හැරෙන්නට ඔය වගේ කතාවක් මතු කිරීමට සිටින්නේත් බ්ලොග් අවකාශයේ තව කීප දෙනෙක් විතරයිනෙ. එසේම මා බුලත්විට කන්නෙක් බැවින් කාලයක් තිස්සේ මා දෙස ඇහැ ගහගෙන හිටපු CIA කාරයින් මාගේ අවශ්‍යතාවය අනුව ආහාරයෙන් පසුව බුලත්විටකුත් වෙනම එවා තිබූ අතර, හෙළයෙක් වන මා පුරුදු වී සිටින්නේ මිදුල පුරා බුලත් කෙළ ගැසීමට බැවින්, කාමරය පුරාත් කෙළ ගහවි කියල හිතල වෙන්න ඇති පඩික්කමක් ලබා දී තිබෙන්නෙ.

      නිව් යෝක් වල මෙට්‍රොපොලිටේෂන් ප්‍රදේශයේ චයිනා ටවුන් එකේ දෙවැනි ලේන් එකේ ශෙං සූ ගේ පිත්තල බඩු කඩේ දන්නවද, අන්න ඒකෙ ඕනැ තරම් පඩික්කම් තියෙනව.

      Delete
    2. අර ලයිට් කනුව ගාවින් වමට හැරුනහම තියෙන කොත්තු කඩේ ගාව තියෙන එක ගැන නේද ඔය කියන්නෙ. මමත් දන්නව

      Delete
    3. අම්මට සිරි එතනද තැන.. ශෙං සු කියන්නේ සියැං චාං ගේ මාමා වෙච්චිකොට මම කොහෙද නොදන්නේ.

      Delete
  3. හක්ක පයින්න ඔන්න මෙන්න තිබ්බේ.. අර මංතරේ ජප කරලම..ඇති යාන්තං...

    දැන් ඉතිං ඇස් පනා පිටම රාවණාගේ ශක්තිය ඔප්පු වෙලා හමාරයි...ඔන්න මීවනපලානේ ආයෙත් ආවා..රාවණා ශක්තියෙන්... අපේ හෙළු උරුමය ගැන ප්‍රශ්න කරන සුද්දන්ගේ පෂ්ෂ පැත්ත ඉඹින උන්ට දැන් මොනවද මේ ගැන කියන්න තියෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. යහලු මාරය, ඔබව නැවතත් දක්නට ලැබීමෙන් මාගේ නෙතගට කඳුළක් උණයි

      Delete
    2. ජයරත්නයෙනි,
      ඔබේ අතුරුදන්වීම පිළිබඳව 'මාරයා' විස්සෝප වූවා වැඩි යයි සිතෙන්නේ නැද්ද?

      Delete
    3. කිසිසේත්ම නැත. අද මා ජීවතුන් අතර සිටින්නේ මාරයාගේ ලිපියක් හරහා බ්ලොග් අවකාශයේ සහෘදයන් සතුව තිබූ රාවණ ශක්තිය මා වෙත යොමු කළ නිසාය. මාරයාගේ එම ලිපිය ගැන විශේෂ ලිපියක් ලියමින් පවතී.

      Delete
  4. මීවනපලානේ ජයරත්නයන් සී.අයි.ඒ. ග්‍රහණයෙන් මිදී මේ පින්බිම වෙත නැවත සැපත්ව ඇති බව දැන ඉමහත් ප්‍රීතියට පත්වීමි.

    ජයරත්නයෙනි, අද දහවල් ගොසිප් 9 හි "දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි" ලිපිය කියවද්දී ඔබේ වියෝව මසිතට තදින් දැණුනි. වර්ගපූර්ණිකා පෙළහර හමුවේ ගුල්වැදී සිටි මීයන් ඔබේ අතුරුදන්වීමෙන් සතියක් ඉකුත් වන්නටද මත්තෙන් නැවත කලඑළි බසින්නට පටන්ගෙන ඇත. මේ ඔබේ මෙහෙවර අවශ්‍යම කාලයයි.!!

    ReplyDelete
    Replies
    1. සැබැවි ප්‍රිය චර්මියෙනි. අද දිනයේදී ගොසිප්9 හි "දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි" යන ලිපිය පළ වූයේත් මාගේ ආගමනය වූ අද දිනයේදීම වීම ආශ්චර්යයක් නොවන්නේද?

      Delete
  5. මා මිත්‍ර මීවනපළානයනි, ඔබගේ බ්ලොගයට අදාල වාරණය දුටු විට මෙවැන්නක් සිදුවේයැයි මා හටද සැක පහල විය. එනිසාම මා සතුව ඈති KGB සබදතා හරහා ඔබ ගැන විමසූ විට ඔවුන් ප්‍රකාශ කර සිටියේද ඔබ දක්වා ඇති කරුණු හා සමපාත වන කරුණු කාරණායි. කෙසේ වෙතත් මෙය රාවණා හා සම්බන්ද සිද්දියක් බැවින් ඔවුන්ද වැඩිදුර තොරතුරු සෙවීමට බිය වන බවක් පෙනුනි. KGB හා රාවණ අතර සම්බන්දය මා හට අපහදිලිව පවතී.ඔබ ඒ පිළිබද තොරතුරු දන්නේ යයි සිතමි.
    රාවණයන්ට හා ඔබට තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. මා දන්නා පරිදි KGB එකෙන් රාවණ රජතුමා ගැන බොහෝ පරීක්ෂණ පවත්වා තිබේ. විලැඩ්මීර් පුටින් ඇතුළු රුසියන් ආණ්ඩුවේ බොහෝ දෙනා රහසේම රාවණ වන්දනාව සිදුකරන්නන්ය. මේ බව වරක් පුටින් විසින් තමන්ගේ පාසල් සගයෙකුට යවල ලද ලිපියක සඳහන් විය. ඔබට ඇති KGB සම්බන්ධතාද යොදා ගනිමින් ඉදිරියේදී අපි ඒ ගැන ගවේෂණය කරමු.

      Delete
    2. මාරය අය්යේ .. මම කිව්වනේද් මීවන පලානෙ උන්නැහේ හෙනහුරාදට නිදහස් වෙනවා කියල..හෙන හුරාද කෙම්මුර දවසක් හින්දා... හෙල මන්තර බල ගැන්වෙනවා. එකයි එහෙම කිව්වෙ.. බොට මතකද...

      දැන් ඉතින් මම කිව්ව වගේ පර සුද්ද කම්මුතුයි... රාවණා රජතුමාගෙ පුණරාගමනයෙන් පස්සෙ එතුමාගේ සේනාධි නායකය වෙන්න ඉන්න මීවන පලානෙ උන්නැහේට කරපු මේ අපරාදේ රාවණා රජ තුමා සුළුවෙන් තකන එකක් නෑ... මේ සිද්දි සියල්ල මේ විදියට සිදිවෙන බව .. රාගලට එහා වනයක හරියටම කියනවනම් බේවණ රාගල කියන ප්‍රදේශයෙන් හමුවූ සෙල් ලිපියක තිබිලයි මට හම්බ උනේ

      Delete
  6. ජයරත්න උන්නැහේව බේරලා එවන්න කියාලා අපි බෝධිපූජා හිට පැවැත්තුවා නෙව....
    ඊයේ රාත්තිරියේ පටං ගත්තු පිරිත් කියවිල්ල ආපහු ජයරත්න උන්නැහේ එනකංම නවත්තන්නැතුවා කියා අදිශ්ඨාන කරලා කියෙව්වා විතරයි මෙන්න ඇවිල්ලා...
    රාවන උත්තමයානන් දිනේවා...
    ජය ශ්‍රී!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බෝ ගස් වල ශක්ති කදම්භයක් පවතින අතර සෑම බෝ ගසක්ම රාවණා ශක්තිය ජනනය කරන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. ඔබ බෝධිය හරකා මා වෙත රාවණා ශක්තිය ලබා දීම ගැන අපමණ ස්තුතිය පළ කරමි.

      Delete
  7. ප්‍රීතියි ප්‍රීතියි . . . අපිත් වැඩි සද්ද බද්ද නොකලට අර මාරයා දුන්නු රාවනා මන්තරේ මැතුරුවා ඈ . . . රාවණා රජතුමාගේ බලේට කොහේ ගහන්නද මේ ජරා සුද්දෝ . . අපි නම් දැනන් උන්නා ජයරත්න මහත්තයාට අනතුරක් කොරන්න මේ සුද්දන්ට බැරි බව . .

    ReplyDelete
    Replies
    1. යාළුව, එය අති බලසම්පන්න රාවණා මන්ත්‍රයක්. මා සිතන පරිදි රාවණා රජතුමාගේ ජෙනරාල් කෙනෙක් විසින්ම එය මාරයාට ලබා දුන්නක් විය හැකියි. එසේම එය ටක්කෙටම වැඩ කළා. එය ජප කළ ඔබට මාගේ අවංක ස්තුතිය පළකරමි.

      Delete
  8. මගෙන් ප්‍රශ්න කීපයක්.

    1. සී අයි ඒ කාරයෝ රාවේනියම් ලෝගය ගැණ ඔබෙන් ප්‍රශ්න කළාද?

    2. රාවණා ගගන බලකා සෙනෙවියන් සතුව තිබූ න්‍යෂ්ඨික අවි ගබඩා විවර කිරීමට ඇවැසි රහස් කේත සහිත ප්ලැටිනම් තහඩු සඟවා තිබෙන රාවේනියම් සුර ගැන ඔවුන් දැනටමත් දන්නවාද?

    3. ශ්‍රී රාවණාධිරාජයා නැවත එන දිනය ගැන සුරයෙන් හෙලිවුණු කරුණු සත්‍යයද?

    ReplyDelete
    Replies
    1. ප්‍රිය කකා,
      1. ඔව්, කකාගේ බ්ලොගයේ තිබූ ලිපියක් පසුපස ඔවුන් එය ලොව හැම තැනම හොයන්න පටන් ගත්ත. ඊට පස්සෙ දිගින් දිගටම ප්‍රශ්න කළා. නමුත් රාවේනියම් තියා කකා ඉන්න තැනවත් මා නොදන්න නිසා කිසිවක් ඔවුන්ට දැනගන්න බැරි වුණා.

      2. රාවේණියම් සුර ගැන ඔවුන් දැන් ගොඩක් දුරට දන්නව ඇති. නමුත් මිරර් තාක්ෂණය ගැන ඔවුන්ට තවම ඒ හැටි අවබෝධයක් නෑ.

      3. ඔක් ‍තෝම්බර් 27 වැනිදාට අප නොසිතූ විරූ දෙයක් සිදුවන බවනම් ඒකාන්තයි.

      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  9. මේ ටිකේ වැඩි වැඩකුත් නැති හන්දා මාරේ මහත්මයා දීපු රාවණා මන්තරේ ජප කර කර හිටියා.
    අද මාර සතුටුයි මීවනපලානයන් පලා ඇවිදින් !
    හෙලෝ ජයරතනයනි, ඔබේ පැමිණීම අපට සතුටකි !!

    ReplyDelete
    Replies
    1. හෙළෝ මධුරංග, ඔබව නැවතත් දකින්ට ලැබීම බෙහෙවින් සතුටකි. ඔබට දින කීපයක් වුවත් මා හට අවුරුදු 62 ක් යනු සිතාගත නොහැකි කාලයකි.

      Delete
  10. ඇති යන්තං රාවණා මන්තරේ විතරක් නෙවෙයි යකෝ මට රාවණා හීනෙනුත් පෙනිලා කිව්වා උදේ පාන්දර හෙලෝ අන්න අර යකා උදේම ඇවිත් කියලා. ඒ හීනෙන් තමා මම මේ ආවේ.

    ReplyDelete
    Replies
    1. හෙළෝ ස්කැන්ඩර්, නැවතත් ඔබව දක්නට ලැබීම නිම් හිම් නැති ප්‍රීතියකි. නමුත් පොඩි නිවැරදි කිරීමක් කළ යුතුයි, එනම් මා යකෙක් නොව රකුසෙකි. කෙසේ නමුත් හෙළුවන් වන අප සියල්ලන්ම දැන් නෑදෑයෝ, වරිග බේධයක් නෑ.

      Delete
    2. ඈ.. රාවණා සිද්ධම් කියන්න බැරි උනා.

      ෴ රාවණා සිද්ධම් එහෙනම් හැමෝටම.. ෴

      Delete
  11. ඒරියා ෆිෆ්ටිවන් තබා සක්වල ගලෙන් එතෙර තැබුවද ශ්‍රී රාවනා ශක්තිය ඇති ඔබ පරාජය කල නොහැකි බව දැනසිටියෙමි.

    ReplyDelete
    Replies
    1. එසේය රාජ් මිතුර, රාවණ ශක්තිය සදාකාලිකයි. ශ්‍රි රාවණ සිද්ධම් !

      Delete
  12. ජය වේවා. ඔබ ඇමෙරිකාවේ හි ගත කල කාලයේදී හෙළ පරපුරට නිගා දෙමින් පර සුද්දියන් හා සංවාසයේ යෙදී හයිබ්‍රිඩියන් රොත්තක් බිහි කරවූ බවත් අවසන උන් ඇමෙරිකාවේත් හෙලදේශයේත් පාලනය පැහැරගෙන රටවල් දෙකම නන්නත්තාර කොට විනාශ කරවූ බව, වර්ෂ 2082 ලියවෙන Helohybridopedia
    පොසිට්‍රොනික ග්‍රන්ථයේ කියවේ.

    ඉලෙක්ට්‍රොනික යුගයේ පරතෙරට ගිය ලෝකයට පොසිට්‍රොනික තාක්ෂනය හඳුන්වා දෙන්නේ යලි නැගිටින රාම කුමරු විසිනි.

    රාමානුගාමී රාමා

    ප.ලි.
    ජය-ර-තන, මීට සමාන කමෙන්ටුවක මීට පෙර යෙදුවද එය ලැබුණු බවක් තහවුරු නොවිණි. එවැන්නක් ලැබී ඇතිනම් එය මකා දමනු මැනවි.

    ReplyDelete
    Replies
    1. ස්වස්ථි රාවණා සිද්ධම්!

      එලෙස ඔහු නැගිට්ටොත්, රාම කුමරු සහ රාවණා අධිරාජ්‍යයා පරන සතුරුකම් අතහැර දමා සමගි සංධානයකට පැමිණියහොත් ලෝකයේ තාක්ෂණය වඩාත් දියුණු වේවි.

      ප:ලි: අදාල කොමෙන්‍ටුව මකා දැමුවා.

      Delete
    2. හොඳයි අපි උත්සාහ කරමු යලි නැගිටින රාම රාවණා සමගි කරවන්න.. ඒත් දැනට නියමිත ආකාරයට එය ඵල රහිත වන්නේ ඔබ ඇමෙරිකාවේදී ඒ කල නොපනත් ක්‍රියාව හේතු කොට ගෙන අනාගතයේදී හෙළදේශය ඔබේ හයිබ්‍රිඩි දරුවන් අතින් විනාශයට පත් වන බැවිනි.

      නමුත් ඉන් වැලකීමට, ඔබ හා හෙළය වෙනුවෙන් මට කල හැකි උපකාරයක්‌ ඇත්තේය. එනම් අතීතයට ගොස් ඔබව CIA වෙතින් පැහැර ගැනීම වළක්වාලීමය. ඊට අවශ්‍ය අවි හා පිරිස් බලය මා සතුව නොමැති බැවින් අනාගතයට ගොස් රාම කුමරු හමු වී ඔහුගෙන් උපකාර ලබාගෙන පුර්ව අතීතයට ගොස්(එනම් අනාගතයේ සිට වර්තමානය පසු කර තවත් අතීයට යාම) ඔබව උන්ගෙන් බේරා ගත හැක.

      එසේත් නොවේනම් ඔබේ අවසරය ලැබෙන්නේනම් පමණක්, අතීතයට ගොස් ඔබව CIA වෙතින් පැහැර ගැනීමට පළමුව වන්ධ්‍යාකරණයට ලක් කල හැකිය.

      Delete
  13. නැවත දැකීමත් සතුටත් ජයරත්නයාණනි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ප්‍රසන්නයෙනි, දිවි පුදා මේ ශ්‍රේෂ්ඨ රාවණ ඉතිහාසය වැනිය යුතුය.

      Delete
  14. ඇඩෙනවා මීවනපළානෙනි,

    ඔබ නං සැබෑම විරයෙක්.... මගේ විරයන්ගේ ලැයිස්තුවට ඔබතුමාව ඇඩ් කරගත්තට අවුලක් ගන්නෙ නැතැයි සිතමි. මාරයාගේ අප්‍රතිහර්ථ ධෛර්යය ගැන සිහිවෙද්දි එකල ද උන්දැ ඔඔගේ කළණයෙන් වී සිටියේ දැයි සාධාරණ මෙව්වා එකක් මතුවෙයි.

    අවසන මීවනපළානෙනි ඔබගේ ඒ තේජාන්විත මුහුණ හරහා හයිවේ එකක් ආකාරයෙන් (ප්‍රොෆයිල් පික්චයේ ආකාරයෙන් නොවේ.)මෙන් වැඩි ඇති උඩුරැවුලද ඇතිව මනාව පිහිටා ඇති මුහුණත් තහඩුවේ සිත්තරයක් කර ගෙයි ප්‍රධාන දොරින් ඇතුලුවන්නන්ට මනාව පෙනෙන සේ එල්ලා ගැනීමට මට අවසර දෙන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. හිතවත් බුද්ධි, ඇත්තෙන්ම සැබෑ වීරයා වන්නේ ශ්‍රී රාවණ රජතුමා හැර අන් කවරෙක්ද? ප්‍රවීන චිත්‍ර ශිල්පියෙක් වන ඔබතුමාට අප ගැන සිතුවම් ඇඳීමට අළුතෙන් අහන්න දෙයක් නෑ. එසේම එවැන්නක් කරනවානම් එය අප හට ඉමහත් ගෞරවයකි, ඒ ගෞරවය ශ්‍රී රාවණ රජතුමාට පූජා වේවා, පූජා කරමි.

      Delete
  15. හනේ ඇවිත් ඇවිත්..
    ඇඬේනවා....

    ReplyDelete
    Replies
    1. ආ ආ ඔය ඇඬුව ඇති , දැන් ඉතින් කඳුළු පිහිදගන්න

      Delete
  16. හෙළෝ...! ජයරත්නයෙනි, ඔබගේ නැවත සම්ප්‍රාප්තිය ගැන ච්ත්තප්‍රීතියට පත්වන්නන් හා මමද එක්වෙමි.

    පර සුද්දනි, දැනගනියව්.....හෙළයින් එක්ක සෙල්ලං එපා.....!!!!
    (මම නිර්භිත වුනා වැඩි නෑ නේද...? )

    ReplyDelete
    Replies
    1. හෙළෝ, පර සුද්දන්ට හෙළුවන් සමග ගැටීමට කිසිදා නොහැකියි. හෙළුවන්ගේ වැටීම තාවකාලිකයි.

      Delete
  17. ඔබ ඇමරිකාවේ සිටි කාලය තුලදී බටහිර වර්ජිනියාවේ "බ්‍රන්ච්ලන්ඩ්" හී වාසය කරනා කළුජාතික තපස්වරයා මුණගැසුනේ නැද්ද ? ඔබගේ ශක්තීන් පරයන ආදයාත්මික ශක්තියක් ඔහුසතුව පවතින බව මට විශ්වාසයි වරක් ඔහු මුණගැසුණු විටකදී ඔහු මා හට ඔබ දැන් පවසන කරුණු වලට සමාන අනාගත වාක්‍යයන් පවසා ඇත ...

    ReplyDelete
    Replies
    1. ඔබතුමා පවසන්නේ නොටා උබුංගු තුමා ගැන විය හැකියි. අවාසනාවකට මා කිසිදා එතුමාව හමුවී නෑ. එසේම එතුමාගේ ආධ්‍යාත්මික ශක්තිය සම කළ හැක්කේ මා වැනි නිකමෙකුට නොව මාගේ ගුරුදේවයාණන් වහන්සේ වන මධ්‍යම කඳුකරේ රහසිගත ලෙනක වාසය කරන සහ ඉඳ හිට ලංකා සී නිවුස් එකට අනාගත වාක්‍ය ලබා දෙන තාපස තුමාටයි.

      Delete
    2. ඔබට අවශ්‍යනම් එතුමාව ස්කයිප් මාර්ගයෙන් මුණගැස්වීමට පුළුවන් ...

      Delete
  18. ලොක්ක ඇවිල්ල හුරේ
    ලොක්ක ඇවිල්ල හුරේ හුරේ
    අන්දරේ ඇවිල්ල අපේ අන්දරේ ඇවිල්ලා
    ආ CIA වොර්නින්ග් ඉමේජ් එක වෙන බ්ලොග් එකකින් ලෝඩ් කරලා පැනල ගියපු අපේ අන්දරේ උතුමාණන් අයෙත් ඇවිල
    දැන් ඉතින් අපිට තව ටික දවසකට අර්තල් එකේ ඉන්න පුළුවන්
    ජයවේව

    මේ එක නෙවෙය් AREA 51 එකෙත් පඩික්කම් පාවිච්චි කරනවද

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. රාම නැමැති පරයාට කඩේ යන තොප වැනි විබීසනයන් එදත් සිටියා බොලව්, නිර්ලජ්ජිතව සොරකම් කරනු ලැබූ අපගේ හෙළ ගුවන් යානා තාක්ෂණය භාවිතා කරමින් F35 යානා හදන ලද ඇමරිකානුවන්ට, අපගේම හෙළ නිෂ්පාදනයක් වන පඩික්කමක් හොරෙන් හෝ භාවිතා කිරීම නොහැකි වේවිද?

      Delete
    2. අපේ රාම කුමරුන්ට පරිභව නොකරව.. තොපගේත් තොපගේ හෙළයේත් රාවණාගේත් අනාගතය රඳා පවත්නේ රාමයන් මතය.. දිගින් දිගටම තොපට මේවා කියන්නට මට අවශ්‍ය නැත. රාම යළි නැගිටීවි. කැමතිනම් එක්සත්ව සතුරාට මුහුණ දෙමු. අප තනිවම හෝ රැකෙන්නෙමු.

      රාම් නමඃ

      ප.ලි. මේ රාමවංශ සොරවෙස් ගත් පර සුද්දෙකි. ඔහුගේ අමනකම් වලට රාම පලි නැත. යහපත් සතියෙන් සිටිනු, ජය-ර-තන!!

      Delete
    3. ජයරත්න උන්නැහේ
      හොදට හිතල බලන්න විබිෂණ මමද
      රවනව කොමිටල් කරන ඔහේද විබිෂණ
      ඔහේගේ ගොන් ජෝක් නිසා රවන දැන් මිස්ටර් බීන් වගේ වෙලා
      හොදි කියනවා බලන්න ඔහේගේ බ්ලොග් එක උඩින් දාපු ආ එකේ වොර්නින්ග් ඉමේජ් එක වෙන බ්ලොග් එකකින් නෙවෙය්ඩ් ලෝඩ් කලේ කියල
      එක මාර රෙස්ට්‍රිච්ට්සෝන් එකක් නේ
      ඔය ගිහින් ඕව කියන්න කොන්දේ බැදපු චීන්නුන්ට
      මමත් ලංකාවේ ඉන්න පරිගණක තාක්ෂනය සම්බන්දයෙන් හොදටම අත්දැකීම් තියන ඒවගේම ගොඩක් වැඩ කරන කෙනෙක්
      ඔය කියනවා නම් ඔය වර්නින්ග් එක ආ එකෙන් දැම්ම කියල මම ලෑස්තිය් ජයරත්න උන්නාන්සේ කියන්නේ පට්ට කෙබරයක් කියල ඔප්පු කරන්න
      ඔය කියනවා වගේ ඔහේ මහලොකු හෙළයෙක් නම් , මගේ අබියෝගය බාරගන්න

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  19. ඇමරිකන් කාරයෝ පඩික්කන් පාවිච්චි කරන බව දැන හිටියේ නෑ.:)

    ආපහු ආව එක ගැන හරිම සතුටුයි. අපල දුරුකරන මන්තර එහෙම රාවණා රජු ලඟ නැද්ද? තියනවනම් එකක් දාන්ටකෝ.

    ReplyDelete
    Replies
    1. නිර්ලජ්ජිතව අපෙන් සොරකම් කරනු ලැබූ වෛමානිකශ්‍රාස්ත්‍ර නැමති පුස්කොළපොතේ තිබූ අපගේ හෙළ දඬුමොණර යානා තාක්ෂණය භාවිතා කරමින් F35 ජෙට් එක හදන ලද ඇමරිකානුවන්ට, ඊට වඩා බොහෝ සෙයින් සරළ අපගේම හෙළ නිෂ්පාදනයක් වන පඩික්කමක් හොරෙන් හෝ භාවිතා කිරීම නොහැකි වේවිද?

      පොඩි කුමාරිහාමිව ආයිත් දකින්න ලැබීම සතුටකි. අපල දුරු කරන මන්ත්‍ර කීපයක් ඇති අතර ඉදිරියේදී පළ කරන්නම්. ඒවා ජප කිරීමේදී බොහෝ කළමනා දෑ ඇති නිසා මන්ත්‍රය විතරක් දාන එක ටිකක් භයානකයි.

      Delete
  20. ඔබගේ ආගමනය අපගේද මහත් සතුටට හේතුවකි . ඔබගේ පින්තුරය මදක් ෆොටෝ ෂොප් කර හෝ ප්ලාස්ටික් සැත්කමක් කර හෝ වෙනස් කල නොහැකිද . රාවණා රජුට හනුමන්තාට නෑකමක් නැහැ නොවේද

    ReplyDelete
    Replies
    1. ඔබව යළිත් දැකීම බොහොම ප්‍රීතියකි ප්‍රිය බින්දියනි.

      ෆොටෝශොප් ගැන ප්‍රවීන රාවණාගවේශක හෙළ ෆොටෝශොප් කරුවන් එමට සිටින බැවින් ඔවුන් ලව්වා රාවණ රජතුමාගේ තේජස් භාවය පෙන්වන පින්තූරයක් නුදුරදීම පළ කරන්නම්.

      Delete
    2. පොටෝසොප් කෙරුවාව ඇඩෝබිකාරයෝ අපෙන් උස්සපු එකක් වෙන්ඩබැයිද? මට නිකං සාධාරණ සැකයක් ඉස්මතු උනානෙව.....!

      Delete
    3. ඒ සියල්ලන්ට වඩා මීට වඩාත් සුදුසු බුද්ධි සිත්තරාණන්ය. ඇත්ත ඇති සැටියෙන් ඔබට ඇඳ දෙනු ඇත..

      Delete
    4. විදෙස් සිත්තරෙකු ලෙස නිවැරදි විය යුතුය. කෙහෙල් කොටුවේ විදෙස් සිත්තම් පාන්නේ ද අපේ හෙළ යකෙක බව ද දත යුතුය.

      Delete
    5. @ Sujeewa Kokawala,

      පොඩිකාලේ ඉදලා මම කොච්චර අහලා ඇද්ද යකා කියලා. අද තමා යකෙක් වීම ගැන ආඩම්බර උනේ. හෙල යකෙක් - සු.... මාර ගැම්ම්ක් නොවැ එන්නෙ..... අපේ පොර උත්තමයට ස්තුති ප්‍රශංසා වේවා.....!

      Delete
  21. මේ බ්ලොග් එකේ තියෙන හැම පොස්ට් එකක්ම මම කියවල වර්ගපුර්නිකාව මගේ හැම යාලුවෙකුටම දුන්න කියවන්න. මොකද අපේ දේවල් අපි අගයන්න ඕන නේ. ඒත් මම වැඩිය කමෙන්ට් කලේ නැහැ.මොකද මේක කියෙවුවාම මට දරාගන්න බැරි ආඩම්බර කමක් එක්ක සන්තෝසයක් ඇවිල්ල අස් දෙක බොඳ වෙනවා ඉතිං කමෙන්ට් කරන්න බෑ කීබෝර්ඩ් එක හරියට පෙන්නේ නැති නිසා. ඒ ගැන සමාවෙන්න.

    මේ පොස්ට් කියවල මම දැන් වැඩි පුර ඉන්නෙත් හෙළුවෙන් ජයරත්න මහත්තයෝ.

    මට ප්‍රශ්න දෙකක් තියෙනවා. CIA කාරයෝ ඔබ තුමා බුලත් විඩ කනවා කියල දැනගෙන පඩික්කමක් ගෙනත් තියන්න තරම් ඔබ ගැන දන්නවනම් ඇයි මස් කන්නේ නෑ කියන එක දන්නේ නැත්තේ.

    දැන් ලංකාවේද ඉන්නේ. මොන ඒයාර්වෙස් එකේද ආවේ.

    ReplyDelete
    Replies
    1. අගනා ප්‍රශ්නයක්. CIA කාරයින් මට බුලත්විට සහ පඩික්කමක් දුන්නේ මාගේ සිතේ ඔවුන් ගැන මිත්‍රත්වයක් ඇති කිරීමට විය යුතුයි. අපි නොදන්න පොලිස් ගැට.
      නමුත් ඒත් එක්කම කෑමට හරක් මස් විතරක් දුන්නේ මාව කිල්ලට අල්ලවන්න. ඒ කියන්නෙ හරක් මස් කෑවාම කිලි (ශරීර අභ්‍යන්තරය "කිලි"ටි වීම) වෙනවනෙ. එතකොට මගේ මන්ත්‍ර වැඩ කරන්නේ නෑ. රාවණශක්ති මන්ත්‍ර වැඩ කරන්නේ හතර පෝයක් නිර්මාංශව ඉඳලා පේ වෙලා මැතිරුවොත් විතරයි. මට Area 51 එකෙන් පැනගන්න බැරි වුණෙත් හරක් මස් කාල කිල්ලට අහු වුණ නිසා.

      මං ලංකාවෙ තමයි ඉන්නෙ. ලංකාවට ආපු විදිය දැන් ලියන්න පටන් ගත්ත විතරයි. ඒක ගොඩක් දිග කතාවක්, ඊළඟ ලිපියෙන් ඒ ගැන කියන්නම්.

      ප්‍රතිචාරයට බෙහෙවින් ස්තුතියි.

      Delete
  22. මීවනපැලෑනයෙනි ඔබගේ ආගමනය පිළිබඳව මහත් වූ සතුටට පත් උනෙමි... පසුගිය දින කීපයෙහි දිවා රෑ ඔබගේ බ්ලොග් ලින්කුව රිෆ්‍රෙශ් කරමින් තහනම ඉවත් වී ඇත්දැයි සොයා බැලුවෙමි..... මගේ ජීවිතයේ ලද සතුටුම ඉරිදා දිනය අදය.

    ReplyDelete
  23. මීවනපළානයාණෙනි, ඔබ යළි දැකීමේන මා පින් කල බව හැඟුණි. ඔබ නොදන්නවාට මමත් උත්සහ කරන්නේ රාවණා යුගය යළි ලියවන්න. ඔබට ජය. අපි හෙළුවෙන් ඔබ සමග. ජය වේවා

    ReplyDelete
  24. http://varga-apurnikava.blogspot.com/ තවත් සැබෑ රාවණ ගවේශකයෙක්......

    ReplyDelete
  25. නැවතත් බ්ලොග්අවකාශයේදී හමුවීමට ලැබීම සතුටකි. හෙළ රාවණා ශක්තිය ඉදිරියේ පර සුද්දන් නතින්ය.

    ReplyDelete
  26. අනේ සාධු සාධු සාධු!!!

    ReplyDelete
  27. හිනාවෙලා පන යනවා ඕයි.අම්මා අහනවා තනියෙන් හිනාවෙන්නේ මොකද කියලා?මොනා වුනත් නැවත පැමිනීම සතුටක්.ඔහේගේ ලියවිල්ල විශිෂ්ඨයි.රාවණා යුගය ඇත්තක්.ඒ ඇත්ත විහිළුවට ගැනීම නම් හොද නැහැ.
    ඉක්මනට ජයතිස්ස උන්නැහේට වෙච්ච දේ ගැන ලියැවුනු අනිත් ලිපිත් බලන්න ඕන

    ReplyDelete
  28. ජයරත්න මහත්තයෝ,,ඔබතුමා මේ ඇත්තටම කරන්නෙ විහිලුවක්ද..? මටනම් තේරුම ගන්න බෑ,කිසිම සාක්ෂියක් සාධකයක් නැතුව අපි කොහොමද මේ ජෝක් එකට වගේ ලියපුව විස්වාස කරන්නෙ..? රාවණ ශක්තිය ඇත්තක් කියල මටත් හිතෙනවා..නමුත් ඒ ඇත්ත විහිළුවකට යොදාගැනිමනම් බරපතලයි.. :(

    ReplyDelete
    Replies
    1. හරියට හරි අතුල

      මේකා රවනව කොමිටල් කරලා තියෙන්නේ දැන්

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    2. රාවණා රජතුමා සහ යම් ශක්තියක් තියනවා කියල මමත් පිළිගන්නව,,අනිත් එක මමත් මීවනපලාන මහත්තය කියන්න වගේ හොඳ හෙළකුත් තමා..ප්‍රශ්නෙ තියෙන්නෙ..ජයරත්න මහත්තය මේව ලියන විදියෙන් කාට උනත් හිතෙන්නෙම මේක මහ joke එකක් කියලමයි..

      Delete

නුදුරු අදහස්