Sunday, July 29, 2012

දඬුමොණරයට අපහාස කළ රාවණ විරෝධියෙකුට පිළිතුරු.

මේ රාවනාගෙ දඩු මොනරේ කිසිම පහසුකමක් නැති යානවක්නෙ.. පයිලට්ට වාඩි වෙන්න සීට් එකක්වත් නැහැ. රයිට් සහොදරයො හදපු මුල්ම යානය මිට වඩා පහසුවෙන් පදින්න පුලුවන් ඇති. ඔහොම කක්ක කරන්න වගෙ බාගෙට වාඩි වෙලා ගුවන් යානයක් එලවන්න පුලුවන්ද? දන්න නිසා අහන්නෙ? සාමන්යෙන් පැයට කිලොමිටර් 300 වේගෙන් යනකොට ඔහොම හිටගෙන ඉන්න බැහැ..හුලන්පාරට ගහගෙන යයි පයිලට්ව. රාවන ඔක පැද්දා නම් ඌ හුලගේ ගහගෙන යනවා සුවර්. එහෙම නොවන්න නම් ඔකේ ටොප් ස්පිඩ් එක 100 ට අඩු ඇති. ශබ්ද වේගය පරදවා යනකොට එන වායු ගෝලිය ඝර්ශනය රියම් උනු කරන්න වුනත් ප්‍රමානවත්.මෙහෙම ලී කැලි අටොපු ලඩරමක් ශබ්ද වෙගෙන් ගියොත් වාශ්ප වෙවී. තො ගුවන් යානා ගැන මුලික දෙවල් වත් දන්නවානම් රාවනාගෙ යානය කියල මෙහෙම ලි වලින් හදපු ලඩරමක් ඉඩිරිපත් කරන්නෙ නැහ. අනෙක් තොගෙ පින්තුරෙ යානවට කිසිම අවරනයක් නැහැ. වැස්සක් අවොත් ඔකෙ යන ඔක්කොම තෙමිච්ච කුකුලො වගෙ ඉදිවි. උබ ටොම් පචයෙක්..

ශ්‍රී රාවණ රජතුමාටත් හෙළයින්ගේ ඉපැරණි අභිමානවත් යුධ අවි තාක්ෂණයටත් නිර්දය ලෙස අපහාස කරමින්, ThinkTwice නැමති උග්‍ර රාවණ විරෝධියෙක් විසින් දමන ලද කොමෙන්‍ටුව දැක මම ඉමහත් කම්පාවට පත් වීමි. ඒ සඳහා බ්ලොග් පෝස්ට් එකකින්ම පිළිතුරු දීමට ඉටා ගතිමි.


ඉහත දැක්වෙන්නේ චක්‍රවර්තී දසිස් රාවණ අධිරාජ්‍යයාගේ "පුෂ්පක විමානය" හෙවත් දඬුමොණරය පිළිබඳව මධ්‍යම කඳුකරයේ භාවනා කරමින් සිටින ධ්‍යානලාභී තාපසතුමන්ලා සහ රාවණ ගවේශකයින් විසින් කරන ලද හෙළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් අනතුරුව 99%ක් නිවැරදිව අඳින ලද පින්තූරයකි. එහි තාක්ෂණය පිළිබඳ විස්තර අංක පිළිවෙළට විමසා බලමු.

[1] මෙමගින් දැක්වෙන්නේ දඬුමොණරය බිමට බෑම සඳහා භාවිතා කරන පාදයයි. වර්තමාන හෙළිකොප්ටරයේ (හෙළ කොප්පරාවේ) පාදත් මෙලෙස බැවින් හෙළිකොප්ටර් හැදුනේත් හෙළකොප්පරා නැමති දඬුමොණර වර්ගයෙන් බව පැහැදිළි වෙයි. දඬුමොණරය බිමට බෑමේදී එම පාද යටට රෝද මතු කිරීමේ හැකියාවක් තිබී ඇති බව, ගුවන්යානා තාක්ෂණය ගැන ඉගැන්වෙන වෛමානිකශාස්ත්‍රය නැමති හෙළ පුස්කොළපොතේ දැක්වේ. (එම පුස්කොළපොත බමුණන් විසින් ඉන්දියාවට පැහැරගෙන ගොස් ඇති බව සූරිය ගුණසේකර මහතා පවසයි). එසේම දඬුමොණරය බිමට බාද්දී එම පාදයන් ඇත් කඳ ලිහිණියෙක්ගේ ආකාරයකට පරිවර්තනය වේ. පසුගිය ලිපියක දැක්වූ පහත කොටස ඔබට මතකද?
අද එංගලන්තය ලෙස හැඳින්වෙන බිම ආක්‍රමණය පුද්ගලිකවම මෙහෙයවීමට යුද්ධයේ හසළ දක්ෂයෙක් වූ රාවණ රජතුමා පැමිණියේය. එතුමා පැමිණියේ රසදිය+න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතාවෙන් ඉගිලෙන පුෂ්පකය නැමති යෝධ කුරුල්ලෙකුගේ හැඩය ඇති දඬුමොණරයෙනි. රාවණයන්ගේ යෝධ දඬු මොණර යන්ත්‍රය මහා පක්ෂි ස්වරූපය දැකීමෙන් එදා එහි සිටි සෙල්ටික් වැසියෝ ඇත්කඳලිහිණි සංකල්පයක් හදාගත්තේය. ඒ අනුව ක්‍රේවන් යනු ඇත් කඳ ලිහිණියා නම් යෝධ පක්ෂියාට කියන නාමයකි. දඬුමොණරයේ පාද තබා ගොඩ බෑ තැන ක්‍රේවන් ආම්ස් නම් විය.

ඇත් කඳ ලිහිණියාගේ පාද => ක්‍රේවන් ආම්ස් => Craven Arms

උගේ පා තැබූ ස්ථානය ලෙස ක්‍රේවන් ආම්ස් නැමැති ස්ථානය ප්‍රකටව තිබුණත්, මෙහි සැබෑව දන්නේ හෙලුවන් කීප දෙනෙකුම පමණි. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසෙන් මෙම පක්ෂි ස්වරූපය මෙපරිද්දෙන් විග්‍රහ කෙරේ

"රාවා ශස්ථ පාද ආකාශ සල සුමට්ට - ප්‍රාක ගිරු රූප - අප්‍රාක නර සීහ"

මින් අදහස් කෙරෙන්නේ රාවණා ආකාශයේ ගෙන ගිය යන්ත්‍රයේ ඉහළ කොටස ගිරවෙකුගේ හැඩයෙන් යුතු අතර, පහත කොටස නර සීහ නම් සත්වයාගේ හැඩයෙන් යුතු වන්නේය යන්නය. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසට එවැනි හෙළු නොවන නමක් වැටී ඇත්තේ එය වසර සිය ගණනක් "නොබ්බේ" නැමැති මැලේ ජාතිකයන් විසින් සුරැකිව තබා ගත් නිසාය.

[2] මෙහි ඇත්තේ බහුකාර්ය තුවක්කුවකි. එමගින් ආකාර 7 කට ප්‍රහාර එල්ල කිරීමට හැකිලු. එනිසා "සත්තප්‍රහාර ශාලමමෘයමඛ්" නමින් එම තුවක්කුව හැඳින්වෙයි. එම ආකාරයන් නම්,
i. ලේසර් ප්‍රහාර එල්ල කිරීම.
ii. අග්නිසර (ප්ලාස්මා ගන්) සහ නාගසර තාක්ෂණයන්ට අනුව යබර බෝම්බ දැමීම.
iii. අකුණු පහරවල් එල්ල කිරීම (එය ක්‍රියා කරන ආකාරය මේඝනාද කුමරා පමණක් දනී.
iv. 50 cal වර්ගයේ මැෂින් වෙඩි තැබීම.
[ඉතිරි තුන මතක නෑ]

"ශාලමමෘයමඛ්" නැමති අවිය පුෂ්පකයේ මෙන්ම ත්‍රිපූර විමානයේත් සවි කළ හැකි අතර එය රාවණා රජතුමා පාවිච්චි කෙරවූ ස්ථානයක් අදටත් "බ්ලැක්බර්න්" ලෙස හැඳින්වෙන අයුරු ඔබට මා කළින් පැවසුවා මතකද? කෙසේ ද යත්,

දෙපසම යුධ නලාවන් වැයුණි. සෙල්ටික් ගෝත්‍රිකයෝ හූ කියමින් දුනු ඊතල වලින් විදිමින් දිව එයි. ඊට ප්‍රතිචාර වශයෙන් ත්‍රිපූර විමානයක් ඉහල නැංවීමට අණ කළ මහා රාවණ රජතුමා එය ඉදිරියට යැව්වේය. වහා දුනු ඊතල බිම දමා යටත් වෙන ලෙස ත්‍රිපූර විමානයේ කපිතාන් වරයා තම ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් සෙල්ටික් වරුන්ට අණ කළද ඔවුන් දිගින් දිගටම ත්‍රිපූර විමානයට ඊතල වලින් විද්ද බැවින්, එහි සවි කර තිබූ රාවණ රජුගේ සුවිශේෂීම අවි අතුරින් එකක් වූ "ශාලමමෘයමඛ්" නම් කාළ වර්ණ රසායනිකය පිරවූ අවියෙන් පහර දුන් අතර එවිට සතුරු බළ මුළු අමු අමුවේ පිළිස්සී ගියහ. අහසින් කාළ වර්ණ ද්‍රවයක් වැටී තම පිරිස් පිළිස්සී ගිය තැන භීතියට පත් සෙල්ටික් වැස්සෝ එම ස්ථානය බ්ලැක් බර්න් ලෙස නම් තැබූහ. තවමත් බැලැක්බර්න් ටවුමට අසල තිරිඟු යායක් ඇති බිමෙහි කළු පාට පස් දක්නට ලැබේ. ශ්‍රී රාවණ රජතුමා එලෙස පර සුද්දන්ගේ සේනාංකයක් එක වෙඩිල්ලකින් සුණු විසුණු කළේය.
කාළ වර්ණයෙන් පිළිස්සීම => බ්ලැක්බර්න් = Blackburn

[3] මෙය දඬුමොණරය ගොඩ බෑ විට හැරවීම සඳහා භාවිතා කරන රොදයයි. ඊට අමතරව එමගින් දඬුමොණරයේ සමබරතාවය ‍රැක ගැනීමත් සිදුකරයි.

[4 සහ 5] මේවා රසදිය තාක්ෂණයෙන් ක්‍රියා කරන ප්‍රතිගුරුත්ව රොකට්‍ටුය. Mercury Vortex Engine ලෙස එය හැඳින්වෙන අතර ඒ සඳහා අවශ්‍ය රසදිය ලබාගත්තේ මධ්‍යම පළාතේ ඇති "ඉවුරවල" නැමැති ගම්මානයේ තිබූ රසදිය නිධියකින්ය.
ඉ=ඉගිලීමට,
වු= වුවමනා,
ර=රසදිය,
වල=වල
ලෙස පද නිරුක්ති කළ විට එහි ඉතිහාසය මතු වෙයි. (ඔය ආකාරයටම වා=වායු, රිය=රථ, පොළ=තො‍ටුපොළ යන පද නිරුක්තිය අනුව වාරියපොළ ග්‍රාමයේ හෙළයින්ගේ දඬුමොණර ගුවන්තො‍ටුපොළක් තිබූ බව අරිසෙන් අහුබුදුවන් පවසයි)

[6] මගින් දැක්වෙන්නේ පුෂ්පක විමානයේ ඉගිලීමට අවශ්‍ය අත් ත‍ටුය. ඒවා සාදා ඇත්තේ ටයිටේනියම් නැමති ලෝහයෙන්ය. රාවණ රජතුමා වීස්න් ටයිටේනියම් ලෝකය පරසක්වලින් ආනයනය කළ බව වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ දැක්වෙයි. රාවණ යුගයේදී ටයිටේනියම් ලෝකය ගුවන් යානා හැදීමට වඩා ටක හැදීමට යොදා ගත්තේ එයට ගැසීමෙන් ලැබෙන අධික ශබ්දය හේතුවෙනි. එනිසා එය "ටයිටේනියම්" නමින් හැඳින්වීමේ අරුත වූයේ,
ට= ටකය
යිටේ=ය+ඉ= යථාලෙස ඉදිකිරීම
ටේ=ට+ඒ= ට ඒකාකාරීව
නි=නිෂ්පාදනයට,
යම්=යම්තම්.
"ටකය යථාලෙස ඉදිකිරීම ට ඒකාකාරීව නිෂ්පාදනයට යම්තම්". බලන්න එක හෙළ වචනයක ගැබ් වී ඇති විශාල අරුත. රාවණ රජතුමාගේ කාලයේ හෙළයෝ කෙතරම් දියුණු වන්නට ඇත්ද?

[7] දිශාමාපකය ලෙස මෙය හැඳින්වෙයි. දඬුමොණරයේ දිශාව නිර්ණය කිරීමට හෙවත් එය ගුවනේදී හැරවීම සඳහා මෙය භාවිතා කරයි. එය සාදා ඇත්තේ ජීවම් කරල ලද මඩු වලිගයක් පදම් කිරීමෙන් බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි. එවිට එය ටයිටේනියම් ලෝහය මෙන්ම ශක්තිමත් වන අතර වඩාත් සැහැල්ලු තාවයක් දක්වයි.

[8] මෙමගින් දැක්වෙන්නේ රාවණ ධජයයි. වර්තමානේයේ ඇති කිසිදු ප්‍රහාරක ගුවන් යානයක මෙලෙස කොඩියක් සවි කිරීමට තරම් තාක්ෂණ දියුණුවක් නොමැත. යම් හෙයකින් F35 වැනි ගුවන් යානයක පසුපස කොඩියක් සවි කළහොත් එය ගුවන් ගත වෙත්ම දැවී යයි. නමුත් රාවණ රජතුමාගේ දඬුමොණරය කොතරම් වේගයකින් ගියත් රාවණ ධජය නොදැවෙන්නේ එම කොඩිය සුවිශේෂී රාවණ තාක්ෂණයකින් "හඩු කර" ඇති බැවිනි. වර්තමානයේදීත් ඒ දැනුම අපගේ පැ‍රැන්නෝ ළඟ යම්තම් තිබෙන අතර, ඔවුන් සමහර රෙදි දු‍ටු විට රාවණා තාක්ෂණයෙන් හඩු කර අතැයි සිතා මේක ගිණි තිබ්බත් පත්තු වෙන්නේ නෑ යැයි කියන්නේ නිකමට නොවේ.

[9] ගියරය ලෙස මෙය හඳුන්වයි. ගි=ගිනියම, ය=යවන, ර=රසදිය, ය=යටලීය. ඒ අනුව රසදිය දහනය වීම පාලනය කිරීමට මෙය භාවිතා කළ බව සිතාගැනීමට පුළුවන. එසේම දඬුමොණරයේ දිශාව වෙනස් කිරීමටත් මෙය භාවිතා කළත් බොහෝ විට දිශාව වෙනස් කරන්නේ මනසෙන් ලබා දෙන විධානයන්ට අනුවය.

[10] මේ සිටින්නේ අන් කිසිවෙක් නොව ශ්‍රීර් රාවණ අධිරාජ්‍යයායි. හිස් දහයෙන් එතුමාව නිරූපනය වෙයි. එකල දඬුමොණර ගුවන්ගත කිරිමේ අති දක්ෂතම නැවියා වුයේත් රාවණයන්ම නිසා දඬුමොණරයක් ඇඳීමේදී රාවණ රජතුමාවම ඇඳීම සිරිතක් විය. එතුමා වාඩි වී සිටින්නේ අදෘෂ්‍යමාන අසුනකය. යම් හෙයකින් දඬුමොණරයේ කාර්මික දෝෂයක් නිසා ආසනය පිටින්ම පැනසට (පසුකාලයේදී මෙය "පැරෂූට්" ලෙස හඳුන්වන ලදී) එකකින් පැනීමට සිදුවුවහොත් එම ආසනය පොළොවට වැ‍ටුණ විටදී කාටවත් හඳුනාගැනීමට නොහැකිය. නියමුවා වටේටත් අදෘෂ්‍යමාන දියමන්ති ආවරණයක් තිබෙන අතර ඒවා ආළෝකයේ වේගයෙන් ගියත් උණු වන්නේ නැත.

[11] මේ දැක්වෙන්නේ දඬුමොණරයේ හිසයි. එය මොණරෙක්ගේ මෙන්ම ගිරවෙක්ගේ හැඩයත් ගෙන ඇත. නමුත් පොදු ලක්ෂණය වූයේ ඒවාට උල් හොටක් තිබීමයි. වර්තමාන ගුවන් යානා වල ඉදිරිපසත් හොටක් මෙන් උල් වූයේ මෙම දඬුමොණර වල තාක්ෂණය යොදා ගත් නිසාවෙනි.


[12] මෙමගින් දැක්වෙන්නේ දඬුමොණරයේ බඳ කොටසයි. මෙය නැවක් ආකාරයට හදා ඇත. Airship යන නම අදත් වාශ්ප ගුවන් යානා වලට භාවිතා කරන්නේ රාවණා රජතුමාගේ දඬුමොණරයේ තිබූ තාක්ෂණයම ඒවාටත් යොදාගත් නිසාය.

[13] මෙමගින් දැක්වෙන්නේ "දඬු" ය. දඬුමොණරයට ඒ නම ලැබුණේත් දඬු වලින් අත් ත‍ටු අලංකාර කර ඇති බැවිනි. එසේම මේ සෑම දණ්ඩක් අගටම තුඩක් ඇති අතර ඒ සියල්ලටම "රත්වැල්" (රත්වැල් ලබාගත් ස්ථානයක් අදටත් Rothwel ලෙස හැඳින්වෙයි) නැමැති මාරාන්තික විශ යොදා ඇත. එනිසා ගුවන් යානයේ අවි වල උණ්ඩ අවසාන වුවද ඒ විශ යෙදූ හෙළි වලින් ඇණ සතුරාව මරා දැමීමට හැකියාව තිබේ.

අදටත් දඬුමොණරය සබරගමුවේ ඇති බොල්තුඹේ දේවාලයේ ඇත. එම දේවාලයේ අභ්‍යන්තරයේ රාවණා රථය හා රාවණා රජුගේ කොඩිය තැන්පත් කර තිබේ. දේවාලයේ තියෙන සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව එය කිසිවෙකුටත් නොපෙන්වන බවත් ඉංග්‍රීසි පාලන කාලේ සබරගමුවේ ආදායම් පරීක්ෂක නිලධාරියා දේවාලය පරීක්ෂා කරන්න ඇවිත් දේවාලයේ ඇති සියළුම භාණ්ඩ එළියට ගත් බවත් දේවාලය ඇතුළත තියෙන රාවණා රථය හා කොඩිය ඉවතට ගන්න ගිය බවත් එසේ කළොත් විපතක් වෙනවා කියලා කපු මහත්තයා සුදු නිලධාරියාට දන්වා ඇත. නමුත් ඒවා නොතකා එම භාණ්ඩ එළියට ගත් බවත් ඒ අවස්ථාවේදීම හෙණ හතක් පුපුරා ගිහින් එක දිගට දවස් 7 ක් වැහැලා මේ සුදු නිලධාරියාට ආපසු යන්න බැරිව ඇතෙක් ගෙන්වලා ඇතා පිටින් ආපසු ගිය බවත් ඒ ඇතාගෙත් කරවටක් වෙනකම් වතුරෙන් ඒ ප්‍රදේශය යටවෙලා තිබුණු බව 100% ක් විශ්වාසවනත අයුරින් ජනප්‍රවාද වල දැක්වෙයි.

බොල්තුඹේ සමන් දේවාලයේ වැඩසිටින මාළිගාව එයට සම්බන්ධ වෙන දික් ගෙය

වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ ඉහත දැක්වූ පැහැදිළි කිරීම අනුව "ThinkTwice" නැමැති රාවණ විරෝධිට පිළිතුරු ලැබී ඇතැයි සිතමි. හෙළයින්ට අපහාස කිරීමට හදන රාවණා විරෝධීන් ඊට පෙර දෙපාරක් සිතීමට අද සිටවත් සිතාගත යුතුය.

46 comments:

  1. හොඳ උත්තරයක්‌
    හෙළුවන්ව විහිලුවට නොගනිව් අපේ දේ අගය කරව්
    පහරයෝ!

    ReplyDelete
    Replies
    1. ආවේගයෙන් තොරව එවන් රාවණ විරෝධීන්ට පිළිතුරු දීම ඉතාමත අපහසු කටයුත්තකි.

      Delete
  2. නියමයි මියෝ බුදු ටොක් එක

    ReplyDelete
  3. අගෙයි අගෙයි ජයරතනයෙනි...තොප තෙල අදමිටු තිංක ටුවයිසුවාගේ කිසිදු පදනමෙකින් තොර හුදෙක් අපහාසාත්මක රොස් පොරොස් බසට නිසි පිළිතුරු දී ඇත්තේ ශ්‍රී රාවණයන් නබෝ ගැබ අරා පුෂ්පක විමානයේ සිටැ මල්ටි බැරල ප්‍රහාරයක් එල්ල කොට සතුරු බලමුළු සුණු විසිණු කල අයුරින්මයැ...

    තවද මසිත පැන නැඟි කුකුසෙක් විසඳා ගන්මට නුඹගේ සහය පතමි.වියුණුවෙහි ඉහලින්මැ යොදා ඇති ශ්‍රී රාවණ නරේන්ද්‍රයන්ගේ රුවෙහි දෙපස ඇති හිස් නවයෙහි උඩු රැවුලක් ඇති මුත් කඳක් සහිත හිසෙහි එවන්නක් නොමැත. මේ නොවැදගත් කරුණෙක් නම් මා කමන්න. එහෙත් ඒ සඳහා යම් හේතුවෙක් ඇතිනම් ඒ දැන ගනු වස් රිසියෙමි.

    එසේම, අරිසෙන් අහුබුදු හෙල විරුවානන් ඇරඹූ හෙල රවුළු යටගියාව හෙළිකොට හෙළයේ ඒ අතීත ශ්‍රී විභූතිය යලි නැංවීමට තොප දරනා මේ මහඟු උත්සාහයට මාගෙ ශීර්ෂ ප්‍රණාමය!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      එම පින්තූරය අන්තර්ජාලයෙන් සොයා ගත්තකි. කෙසේ නමුත් ඊට හේතුව සිතාගැනීම අපහසු නැත. එනම් රාවණ රජතුමාට මූණු දහයේම ‍රැවුල බෑම කළ නොහැක්කකි, එනිසා කඳ කෙළින් පිහිටා ඇති මූණේ විතරක් ‍රැවුල බෑම කර ඇත. අනික් මූණු වල උඩ ‍රැවුල පමණක් වැවෙන ලෙස කේෂාභවාධිකය නැමැති මන්ත්‍රය ජප කර ඇත.

      http://1.bp.blogspot.com/-XPA86bvNjOg/TqJEL0QkEuI/AAAAAAAABJE/tQwboRWlt-c/s1600/abby_and_brittany%2528Magic-Twins%2529.jpg

      http://3.bp.blogspot.com/-FbFbEakWpqQ/TqJEPMCWg3I/AAAAAAAABJU/6Ub2fsXPCYY/s400/Two-Headed-Twins.jpg

      මූණු දහයක් තිබීම බොරු යැයි කවරෙක් හෝ කියත්නම් ඉහත පින්තූර වල ඇති මූණු 2 බලන්න. එසේනම් රාවණ වැනි බලවත් රජෙකුට මූණු 10 ක් තිබීම අරුමයක් නොවේ.

      Delete
    2. අගෙයි ජයරතනයෙනි...තොපගේ පිළිතුර අගෙයි...එහෙත් ශ්‍රී රාවණයන් බඳු තෙදවත් එමෙන්මැ බලවත් රජෙකුට සිය සෙසු මුහුණු නවයෙහි රැවුල බාවා ගැනීමට නිල කොටගත් අතවැසියන් පිරිසක් නොසිටියේ යැයි සිතීම උගහටයැ.'' හෙල රවුළු බලකාය '' යනුවෙන් ඒ කාර්යය උදෙසාම වෙන්වූ සේවකයින් පිරිසක් එතුමා වෙත එකල වූ බවට මම අනුමාන කරමි.

      එසේම රාමයන් සමඟ අවසන් සටනෙහිදී හෙලයින්ගේ පරාජයට එකම හේතුව වූයේ යුද පිටියට සැපත් වීමට ශ්‍රී රාවණයන් ප්‍රමාද වීමයි.

      ඒ දෛවෝපගත ප්‍රමාදයට හේතුව නම් නිර්ලජ්ජී ඉන්දියානුවන් අතලස් දීමෙන් එදින රවුළු බළකාය සේවයට වාර්තා කිරීමෙන් වැළැක්වීමයි. එබැවින් යුද පිටියට පිවිසීමට පෙරැ තම මුහුණු දහයේම රැවුල බෑමට ශ්‍රී රාවණයන්ටම සිදුවූ බැවින් සිදුවූ ප්‍රමාදය හෙළයේ අනාගතය අඳුරු කරැ ලීමට උදක්මැ හේතුවිය...අහෝ!!!

      Delete
    3. හෙළ බස හැදෑරීම සඳහා දැන් පන්ති යෑමට සිදුවී ඇත.:)

      අහෝ රවුළු බළකාය සේවයට වාර්තා නොකිරීම නිසාද, රාවණා , රාමට පරාජයවූයේ. කෙසේ නම් ඉවසන්නටද මෙවන් පුවත්.

      ඒ බලකායේ බෙලි ටික සිඳලූවේ නැද්ද එදා??? :D

      Delete
  4. Your IP has been traced so that you can prove any of which you said above or action will be taken... have a great day.

    ReplyDelete
    Replies
    1. මතකද වතාවක් ඒරියා 51ට වෙච්චදේ ???? සී.අයි.ඒ.එකට තාම ලැජ්ජනැද්ද කොහෙද ආචාර්‍ය ංයරත්න තුමා එක්ක හැප්පෙන්න මාන බලන්නෙ

      Delete
  5. ජයරත්නය පාටකයන්ගේ කමෙන්ටු පල නොකර තම අදහස් පමනක් පලකරන ඔබ දෙවරක් සිතියයුතු නොවන්නේ ද?

    ReplyDelete
  6. ඔය දඬුමොණර ස්කුටරයේ වහලක් නොමැති නිසා වර්ෂාව ඇති විට ජලය බැස යාමට සිදුරු තිබුනාද ?

    ReplyDelete
  7. අගෙයි ජයරත්නයෙනි අගෙයි. මිසදිටු රාවණ විරෝධීන් භංග වේවා. හෙළයන්ට ජය වේවා.

    ReplyDelete
  8. ඔබේ පිළිතුරු අගය කරමී ජයරත්නයණනි ..
    එහෙත් හෙළුවෙන්ම වන වනා සිටීමෙන් පලක් වේද ? කඩ්ඩේ නුත් වැනුවොත් නරකද . පරසුද්දගේ රෙදි ගැලවෙන්නම.. හෙක්..හෙක්..හෙක්..

    ReplyDelete
    Replies
    1. හෙලුවෙන් වනන්නෝ පකට පුගුලෝයැ

      Delete
  9. ජයරතනයෙනි,ඔබේ වර්ගපූර්ණිකාව මගේ ප්‍රියතම බ්ලොග් අඩවියයි. මෙතරම් රාවනා ඉතිහාසය ගැන හසල දැනුමක් ඇති පඩිවරයෙකු ලෙස ඔබ ඔබේ ගමන ඇරඹීමට ප්‍රමාද වුයේ මන්දැයි නොවැටහේ.ඔබේ ලිපි පෙළ කියවීමට ප්‍රථම මමද නොයෙකුත් දෙනා සමගින් රාවනා පිළිබඳව වාද විවාද වල පැටලී සිටියෙමි.ඉන් බොහොමයක් සිටියේ රාවනා විරෝදීන්ය.ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් යටපත් කොට හෙළ තාක්ෂනය අමු අමුවේ සූරා කන්නට පර සුද්දාට එදා හැකි වුනේ මෙවන් මන්ද මානසිකත්වයෙන් පෙළෙන හැතිකරයින්ගේ අමන ක්‍රියාකලාපය නිසා බව මට හැඟී යයි.
    ඔබ සඳහන් කළ අන්තර්ජාලයට සම්බන්ද විය හැකි විශේෂ පාෂාණය පිලිබඳ යමක් සඳහන් කිරීම කාලෝචිතයැයි මට හැගේ.එසේම කුණ්ඩලණී ශක්තිය අපිට ලබා ගත හැකිදැයි ප්‍රශ්න කිරීමට මට සිතේ.කුඩා කළ සිටම අධ්‍යාත්මය දෙසට නැඹුරු වීමේ ඇල්මක් මා සිත තුල තිබුනද ඒ සඳහා දෛවය හරස් වී තිබුණේ අවාසනවකටය.ඉතින් ඒ සඳහා ඔබෙන් උපකාරයක් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මා සතුකරගෙන ඇති ධ්‍යාන බලයෙන් (කුන්ඩලනීය නොවෙයි)මමද අතීතය විපරම් කර ඇත.
    නමුත් මා සොයාගත් රාවන ඉතිහාසයේ රාවන සතුව පැවතියේ එක් දඩුමොනරයක් පමණි.
    මෙහි කියවෙන බොහෝ මයක් දේ තාර්කික නැත.

    ReplyDelete
  12. උබ නම් එල කොල්ලෙක් බලාගෙන ගියාම
    හැබය් පව් බන් මුගේ කලේ නාස්ති කල උබ .. උබ දෙපාරක් හිතල මේ වගේ කොමෙන්ට් එකක් නොදැ හිටිය නම් හ්දය් .. මොකද එහෙම උනානම් අද මෙතන තියෙන්නේ මීට වැඩ අතල් ලිපියක් නේ බන්....
    මේකත් නරකම නෑ...

    මමත් කුන්දලි යෝගය වඩ වඩා ඉන්නකොට රාවණ හීනෙන් ඇවිත් මෙන්න මෙහෙම කිව්වා
    ඔය ෆොටෝ එකේ තියෙන්නේ දරුවෝ මගේ හෙලකොප්පරව ....:රා නෙවෙය් ඔය මගේ සිගිරිය උඩ මාලිගාවේ තිබුන "හ්ය්ටෙක් කොමෝඩ්" එක කියල මෙන්න මේ විදියට මට රුප සටහන විස්තර කරන්න පටන් ගත්ත

    01.. කොමෝඩ් එක රදවා තිබු සස්පෙන්සන් කිට් එක .. මෙය ඒ මොහොතේදී රාවණ ට ජීර්ණය වී ඇති අහර වල ප්‍රමාණය අනුව ඉහල පහල ගොස් ඉඩ ගත විට සුව පහසුව සලස්වය්

    02...සිස්ටන් එක සහිත කොටස , මේ තුල ජලය පිරි ඇත , ශරීර කර්තව්‍ය ඉවර වූ පසු වර්තමානයේ ඇති කොමෝඩ් එකක මෙන් වල තුලට ජලය ඇතුල් වී පිරිසිදු කිරීම සදහා මේ තුල ඇති ජලය ආදී පීඩනයෙන් වල තිලට මුදා හැරේ .. වර්තමානයේ මෙන් නොව වලට පහලින් මෙය ෆිටිට තිබීමෙන් එකල තිබු ජලය ඉහලට ගැනීමේ තාක්ෂණය හොදට පැහැදිලි වේ

    03..ජලය ආදී පීඩනයෙන් මුදා හරිම සදහා ඇති ප්රෙස්සර් පුම්ප් එක

    04..අමුතුවෙන් කිව යුතු නැත දකින ඕනෑම බුවෙකුට මේ කුමක්දි සිත ගත හැකිය

    05..ජල ටැංකියේ වැඩි වතුර පිටවන ස්ථානය .... වර්තමානයේ වුවද බොහෝ නිවෙ තුල මෙය දක්නට හැකිය .. බොහෝ විට වර්තමානයේ අප නිවෙස්වල බාවිතා කරන පර දෙසක්කර චීන්නුන්ගේ නිෂ්පාදනයක් වන වර්තමන් නිවෙස් වල ඇති කොමෝඩ් එකේද වතුර ඖටෝමටිකලි ස්ටොප් නොවේ .. ඒ නිසා එකලද මී ආකාරයට එසේ වතුර ඖටෝමටිකලි ස්ටොප් නොවුනොත් වැඩි වතුර පිට වීමට මෙය යොදා ඇත

    06.. අත් තටු ආකාරයට සද ඇති එයාර් ෆිල්ටර් එක .. රාවණ මෙම කොමොඩය බාවිතා කරන විට ඇතිවන වාත දුෂණය මග හරිම සදහා මෙම තටු ඉහල පහල ගොස් අවට වාතය කැලබිමට ලක් කරය ඉන් පසු එම ස්ථානයේ වාතයේ සිදුවන අඩු පීඩනය නිසා පිටතින් පිරිසිදු වාතය ගල ඒමක් සිදු වේ
    07../ 08... මෙම කොටස දෙක සද ඇත්තේ ජලය වල තුලට මුදා හැරීමේ ලිවරය ලෙසය් මෙය 08 න් අල්ල ඉදිරියට දීම සිදු කරය එවිට වල 7 හරහා සම්බන්ද කොට ඇති 03 පොම්පය ක්‍රියාත්මක වී ජලය ආදී පිඩනයෙන් වල තුලට මුදා හැරේ ....
    09. මල බද්දය නමැති රෝගය සැදුනු රෝගියෙක් මෙය බාවිතා කිරීමේදී දැඩි ආයාසයකින් "මළ" පහ කිරීම සිදු කල යුතු නිසා ආයාසය ගැනීමේදී තදින් මිරිකා සිටීමට ප්‍රයෝජනවත් වන ලිවරය
    10..මේ සිටින්නේ අප මහා "මීවනපලානේ ජයේ " විසින් අන්දරේට අන්දවන ලද ශ්‍රී රවනය් (ජයේ ගේ ලිපි කියවීමට කලින් මා සිත සිටියේ රාවණ යනු නොම්බර එකේ පොරක් බවය් එහෙත් ජයේ ගේ කොමිටල් කතා අසා දැන් මම රාවණ ගැන සිත සිටින්නේ රාවණ යනු අන්දරේගේ පිය බවය් .... :රා )
    මේ පින්තුරය දෙස හොදින් බලන්න ඔලු ක් ඇත එනම් කටවල් ද 10 කි කටවල් 10 කින් කම අහර දිරවා පහ කිරීම සදහා ඇත්තේ එක ගුද මාර්ගයකි ...එනිසා මේසා විශාල හි ටෙක් කොමෝඩ් එකක් අනිවාර්යයෙන්ම තිබී ඇත ..

    11.... අංක 9 න් දක්වා ඇති ලිවරය ප්‍රමාණවත් නොමැති නම් අංක 11 බාවිතා කල හැක
    12.. කොමොඩයේ බද කොටස මෙය ශබ්දයට , ඔරොත්තු දෙන ආකාරයට සද ඇත.. අති විශාල ශබ්දයකදී වුවද පුපිර නොයන ලෙස දව පදම් කර සද ඇත
    13.. මේක ගැනනම් ජයේ කියල තියන දේ හරි පොඩි සංශෝදනයක් තියනව මී තියෙන්නේ විෂ කවපු උල් කටු , වැසි කිලියේදී රාවණ සතුරන්ගේ පහසු ඉලක්කයක් විය හැකි නිසා මේවා යොදා ඇත

    මට මගේ ගුරු දේවයාණන් වහන්සේ මෙය අති ස්ථානය පෙන්නුවා මම පෙරේද ගිහින් එක ගොඩ අරන් බැලුව එත් මට කැමරාවක් හෝ කිසිම උපකරණයක් නැතුව යන්න කියලය් මගේ ගුරු දෙවියෝ උපදෙස් දීල තිබ්බේ .. ඒ නිසා ෆොටෝ එකක් ගන්න බැරි උන
    මම අයෙත් එයේ ගිහින් බලනකොට ඊක එතන නෑ .. සුද්දෝ ටිකක් එක හොරකම් කරලා ඉහි හිහ ඉහි ඉහි ඉහි ඉහි ....

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. මචන් උබ කිව්වා වගේ ඔකේ රාවනා වාඩි වෙලා ශරීර කෘතය කරනවා. එතකොට ඌ පහ කරන මල ද්‍රව්‍ය ඔය කොමෝඩ් එකට ගිහින් මීතේන් ගැස් හැදෙනවා ඇති. ඌ අර කොටු කැලි දෙකක් අත් දෙකෙන් අතුල්ලන්නේ මීතේන් හැදෙන කොමඩ්ස් හොදට කලතන්න. රවනට උබ කිව්ව වගේ හිස් දහයකුයි කටවල් දහයකුත් තියෙනවනම් අනිවා එක බැලන්ස් කරන්න ගුද මාර්ග දහයකුත් තියෙන්න ඕන. ඒ කියන්නේ කොමඩ් දහයක් තියෙන්න ඕන.
      ඉතින් ඌ ඔය මීතේන් ගැස් දහනය කරනවා. අර යටින් විහිදෙන්නේ මීතේන් දහනය වෙලා එන දැල්ල වෙන්න ඇති. ඉතින් තඩි බෝගක් දාල ගද ඉවසාගෙන මීතේන් හදාගෙන මූ යානය ඇතුලත ඇති වාතය රත් කරනවා. ඒ රත් වූ වාතය යානය තුලම විශාල කුටිරයක හිර කරනවා. එතකොට එම රත්වූ වාතය අවට වායු ගෝලයේ වාතයට වඩා ඝනත්වය අඩු නිසා හරියට බැලුමක් උඩ යන විදිහට වායු ගෝලීය උඩුකුරු තෙරපුමෙන් රාවන උඩ යනවා. නරක නැ තාක්ෂනය. අනේ අම්මප මගේ බඩ රිදෙනවා හිනාවෙලා.

      Delete
    2. ඒවගේ වායුවක් බාවිතා කරලා එන ගුවන් ගත උනාම ඉතින් රාමා නෙවෙය් Sarath fonseka වත් ලගට එන්නේ නෑ අපේ "ජයේගේ " රවන ලගට

      බයට නෙවෙය් .... ගදට ...... :රා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    3. ඒවගේ වායුවක් බාවිතා කරලා එන ගුවන් ගත උනාම ඉතින් රාමා නෙවෙය් Sarath Fonseka වත් ලගට එන්නේ නෑ අපේ "ජයේගේ " රවන ලගට
      බයට නෙවෙය් .... ගදට ...... :රා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    4. ala kiri ptta pta pta.niymeta kuwaaaaaa

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. sama Helayekta yaksha leh da tiyenne ??

    ReplyDelete
  16. හෙළෝ ජයේ මොකද කියන්නේ මුංට හොඳින් කියලා හරියන්නේ නෑ.මොකද කියන්නේ මහා පරිමාණයෙන් ලේසර් තුවක්කු හදලා පස්සා පැත්තට වෙඩි තියන තුරු මුං පිළිගන්නේ නැත.හෙළ තාක්ෂණයෙන් ගේමක් දෙමුද ආචාරිණී....?

    ReplyDelete
  17. මේ මීවා මචෝ අපේ රජතුමා නිකන් නොන්ඩි නොකර අර කලෝ මහත්තයාගේ අභියෝගය බාරගන්නින් බන්.අන්න එහෙම කලොත් උඹත් පොරක් බන්

    ReplyDelete
  18. සක්විති රාවණ ගීතය
    සක්විති රාවණ උත්තම මිනිසෙකි දෑ අබිමන් වෙනුවෙන් පණ දුන්
    සක්විති රාවණ උත්තම මිනිසෙකි ලංකාපති රජ පෙළෙහි උතුම්
    සක්විති රාවණ උත්තම මිනිසෙකි සතුරාටත් නැගෙනට අත දුන්
    සක්විති රාවණ උත්තම මිනිසෙකි මිනිස් කමට හැමවිට තැන දුන්
    බමුණන් කී බොරු හෙළි වේවා
    පිවිතෙහි ගෑ දැළි දුරු වේවා
    රාවණ නම ලොව බැබලේවා
    ලංකා නම ලොව රජ වේවා

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/photo.php?fbid=10150985355589296&set=a.219690454295.133385.724254295&type=1&theater

      ඔන්න කරනවා නම වැඩේ

      Delete
  19. "ලධන්නක නොබ්බේ" තඹ සන්නස ගැන කියන කොට දෙගිඩියාවෙන් මේක ලියන්නේ මගේ කාලෙ කනවද කියල හිතුන නිසයි. මම හිතන්නෙ "ලධන්න නොබ්බක්" ගැන කියන කොට හත් පොලේ නොඟෑවෙන ආකාරයේ හඩු පන්නරේ දීපු අඳන කඩයක් ඔතා ගත්ත නම් හොඳයි කියලයි.

    ආචාරි තුමාට අර ලෙඩේ හැදිලදද? එහෙම ඇහැව්වේ ඉංග්‍රීසි වචන වලට සිංහල අර්ථකථන දෙන නිසයි. ඒ වගේ "ලධන්න නොබ්බක්" ගැන කියන කොට මට මතක් වුනේ දෙවියන්ට යදින හින්දු, ජූ, ක්‍රිස්තියානි, මුස්ලිම් කට්ටියගෙ ගොඩට ඔබත් වැටිලද කියලයි. දෙයියන්ගෙ පුතාල දූල අයියල බාප්පලා කියා ගත්තට උන්ට දෙයියො කරන දේවල් දැක්කම, මෙච්චර රාවනට ගයන ඔබටත් එවැනි දෝශයක් වැදිලද කියල හිතුනා. ඔය වගේම ශ්‍රී වික්‍රම රාජසිංහම්ගෙ ගුණත් වයමුද?

    මම කල්පනා කලේ අන්තිම සක්විත රජකම උදුරගෙන රාවන නමින් සක්විති ලෝකෙම චුත කල කෙනා ඔහොම නම් සක්විති ලෝකය බිහිකල මහසම්මත මනු ගැන කිව්වොත් ඔළුවටත් උඩින් යනවා නේද කියලයි. අනාගතේ, ඔය ළඟදි හදපු ජලාශවල මුල්ගල් කියවල අද ඉන්න රජතුමාල කලා කිව්වොත් කොහොම තියේවිද? ඔය රාවන කියන එකේ රා අකුර ගත්තම දැනටම කියපු කෙනා ඇවිල්ලද කියල හිතුනා. මොකද අද වෙන කොට ඔය නම දිග එකක්. ඒකියන්නේ "රාජ් පස්ස වනන" වගේ නමක්. හැබැයි ඔය දෙන්නම ජාඩියට මූඩිය වගෙයි. එක් කෙනෙක් සක්විති රජකම කෑව. අද අනෙකා සුද්ද අටවපු අටමගලේ කනවා. අන්තිමට 2012 එන්නෙ මම දන්න කෙනා තමයි.

    ReplyDelete
  20. mechara metal bavitha karapu kaleka ay meka woods bavitha karala haduwe , menna me wage prashana nisa samahara post ekaparatama trust karanna be, mama kemathi ne me okkoma boru kiyanna mamath godak asai me story ekata .eka nisa meeta vada evidence use karanawanam godak hodai okkoma post walata.((LION))

    ReplyDelete
  21. මොකෙක් හරි හොරෙක් මේක අරන් ෆිල්ම් කොම්පැනියකට විකුණනවා, ලංකාවේ නම් බෑ, හොලිවුඩ් වලට වික්කොත් හොඳ ගානක් කපා ගන්න පුළුවන්, ඇවටර් එකේ වත් මෙහෙම ඒවා තිබ්බේ නෑ, අනර්ඝයි, ඒ නිසාවෙන් මේක පර සුද්දන්ගේ බසට පරිවර්තනය නොකරව

    ReplyDelete
  22. ලොලේ ලොල්ලා . . ලධන්නක නොබ්බේ කියන්නේ නොධන්නක ලබ්බේ නේද... ශ්‍රී රාවනම සිද්ධම්!!!

    ReplyDelete
  23. ‍තෝ ගිහිල්ලා රාවණාගෙ රෙද්ද උස්සපිය..එතකොට දඬුමොණරෙ පෙනෙයි......අනෙ පර බල්ලො ...තො හිතුවද අපි ඔටුවො කියල මේවා පිලිගන්න....ගු පොන්නයෝ තෝ නම් මානසික අසහනකාරයෙක්...මට මෙකේ දාලා තියෙනෙ කමෙන්ට් කියවලා හිනා යනවා...උඹත් ඩෙන්නෙ පට්ට ආතල් බන්.......පට්ට හොඳේ.....තව

    ReplyDelete
  24. අද පොස්ට් ඒක ආතල් මදි ජයා...අවුලක්මත් නැ..

    ReplyDelete
  25. අම්මෝ මූවගේ ටොම් පචයෙක්. ඒ පාර කියනවා නියමුවාට අදෘශ්යමාන දියමන්ති ආවරනයක් තිබුනලු.
    යම් වස්තුවක් අදෘස්යයමාන වෙන්න ඒකේ වර්තනාන්කය ශුන්යවෙන්න ඔන. දියමන්තිවල වර්තනාන්කය 2.42 විතර වෙනවා. ඒක දියමන්තිවලට ආවනික ගුනයක්. එහෙම නොව්නොත් ඒක දියමන්ති නේමෙයි. ‍තෝ පචයා, පිස්සා.
    අනෙක දියමන්ති කියන්නේ ඉතාමත් බිදෙන සුලු ද්‍රව්යයක්. එහෙම බිදෙන සුලු ආවරන දාගෙන යුද්දෙට යන පිස්සා කවුද යකෝ?
    ‍තෝ කියන විදිහට 50 කැලිබර් මෙශින් ගන් එකෙන් වෙඩි තියද්දී එන කම්පනයටම දියමන්තී ආවරනය කුඩු වෙලා යාවි. අනෙක ප්ලාස්මා ගන් එකක් ඔච්චර ලගින් තියාගෙන වෙඩි තිබ්බොත් තොගේ රාවනා පිච්චිලා අලුවෙයි. මොඩයා, බොරුවක් උනත් ලස්සනට ගහපන් කෝ. මට හිනාවෙලා බඩ රිදෙනවා.

    ReplyDelete
    Replies
    1. ලූලා නැති වලට කනයා . . . . .

      Delete
    2. හොදය් මම කනයා. තෝ ලුලා කියපන් එහෙනම් මම කිව්වේ බොරුද කියල..

      Delete
  26. සොරි වර්තනාන්කය ශුන්ය නෙමි. 1 වෙන්න ඔන වස්තුවක් අදෘස්යමාන වෙන්න. දියමන්තිවල 2 ට වැඩියි. ඉතින් දියමන්ති ආවරනයක් කියටවත් අදෘස්යමාන වෙන්න බැ. දැන් ගහපිය තව පචයක් මේකට හරියන්න.

    ReplyDelete
    Replies
    1. උබත් පිස්සුනේ කෙලින්නේ බං..උබේ කතා අහල මු මේක ලියන ඒක නතර කලොත් අපිට ආතල් එකක් ගන්න බ්ලොග් එකක් උබ ලියපන් හොදේ...

      Delete
    2. අය බන් මන්තරේ මතුරන්න ඕන
      අවාසනාවට ඒ මන්තරේ ලියපු පොත සුද්දෝ හොරකම් කලානේ

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    3. යකෝ මාත් මේ හෙන අතල් එකක් තමයි ගන්නේ මුගේ කතාවලට.

      Delete
  27. අනෙ මූවගෙ ගෝනෙක් මෝඩමූසලයෙක්. වෙලාවට මූ මේක සිංහලෙන් ලියන්නෙ. ඉංගිරීසියෙන් ලියුවනම් වසලජ්ජාව. යකෝ රාවනා කියන්නෙ බලවත් රජකෙනෙක්. මුගෙ ගොන්කතාවලින් එතුම දැන් ජෝකර්කෙනෙක් කරල. නෙදකින් ගොන් හරක්.

    ReplyDelete

නුදුරු අදහස්