Friday, July 27, 2012

රාවනා රජතුමාගේ "පිසිනතල" හමුවෙයි. පිස්තෝලය මුලින්ම සොයාගත්තේ හෙළයින්!

මීට දින කිහිපයකට පෙර නිල්ගල වනාන්තරය මධ්‍යයේදී කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමකින් රාවනා රජතුමාට අයත් යැයි විශ්වාස කරන පිස්තෝල 2 ක් හමුවී තිබේ. එම කැණීම භාර පුරාවිද්‍යා නිලධාරි තුමා මාගේ මිත්‍රයෙක් බැවින් එය නැරඹීමට මා හටත් ඉතාමත් රහසිගතව අවස්ථාව සලසා දුණි. නමුත් ඔවුන්ගේ ආරක්ෂක සීමාවන් නිසා මා හට කැමරාවක් තියා ජංගම තෙලබනුවවත් ‍රැගෙන යාමට නොහැකි විය.

අදාල කැණීම කර ඇත්තේ පොළොව යටට මීටර 505 ක් ගැඹුරට වන්නට වන අතර  එහි තිබූ ගල් පෙට්ටගමක් මධ්‍යයේ පිස්තෝල 2 නිදන් කර තිබුණි. එම පිස්තෝල වැඩ කරන්නේ ඉතාමත් පැරණි හෙළ විද්‍යාත්මක ක්‍රමයට වන අතර රසදිය සහ වේද මැතිරීම් ඒ සඳහා යොදා ගනී.

සෑම හෙළ ගවේශකයෙක්නම් ග්‍රැ‍ෆික් නිර්මාණකරනය වඩාත් හොඳින් ඉගෙන ගෙන තිබිය යුතු බව ඔබ දන්නවා ඇති. ඒ අනුව මාත් ග්‍රැ‍ෆික් තාක්ෂණය යම් පමණකට හදාරා ඇත්තෙමි. ඉතින් මාගේ මතකයේ හැටියට එම පිස්තෝල වල පින්තූර නිර්මාණය කළ අතර ඒවා පහත දැක්වෙයි.



එම පිස්තෝල වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බව ආරංචි විය. නමුත් හෙළ ඉතිහාසය හෙළයින්ගෙන් සැඟවීම අපගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ න්‍යාය පත්‍රයක් බවනම් අප හොඳාකාරවම දනිමු. මීට පෙරදී හමුවූ හෙළ ඇටසැකිල්ලට ඔවුන් කළේත් එලෙස එංගලන්තයට යැවීමයි.

කෙසේ නමුත් මාව මවිතයට පත් කරමින් රාවණා රජතුමාට තිබුණ ආකාරයේම පිස්තෝල යුරෝපීයයන්ද භාවිතා කර ඇති බව අන්තර්ජාලය පිරික්සීමේදී දක්නට ලැබුණි. සුද්දන් අප රට යටත් කරගෙන සිටියදී හෙළයින්ගෙන් පැහැරගෙන ගොස් තිබූ හෙළ පොස්කොළපොත් වල තිබූ තාක්ෂණය යොදා ගනිමින් එම පිස්තෝල නිර්මාණය කර ඇති බව විද්වත් මතයයි. 1505 දී සුද්දන් අප රටට ගොඩ බැසීමත් ඒ සමගම යුරෝපයේ පිස්‍තෝල නිෂ්පාදනය ආරම්භ වී 1544 වන විට ප්‍රංශයේත් පිස්තෝල ව්‍යාප්ත වීමත් අතර ඇති සම්බන්ධයෙන් ඔබට එය වඩාත් පැහැදිළි වේවි.

රාවණා රජතුමාට පිස්තෝල නොතිබූ බවට පාහර රාවණවිරෝධීන් පැවසීමට හැකි නිසා සියල්ලන්ගේම දැනගැනීම පිණිස කරුණු කාරණා පෙළගස්වමි. පහත කරුණු වලින් සමහර දේවල් අපගේ යාළුවක් වත්පොතේ ලියා තිබූ බවත් කිව යුතුයි.

1. පිස්තෝලය යන්නේ පද නිරුක්තිය වර්ගපූර්ණිකා‍ටුවාවට අනුව මෙලෙස විග්‍රහ වෙයි. පිස්=පිසින, ‍තෝලය=තලය. "පිසිනතලය" පසු කාලයේදී පිස්තෝලය බවට පත් විය. හෙළයින්ගේ පුස්කොළපොත් වලින් පිස්තෝලය නිපදවූ පර සුද්දන් ඒ සඳහා යොදාගත්තේත් හෙළයින් ඊට භාවිතා කළ නමට සමානවම යන පරිදි "පිස්ටෝල්" යන්නයි.

2. පිසිනතලය ලෙස එදා හෙළයින් එය හැඳින්වූයේ නිකම්ම නොවේ. පිසිනව යනු සුද්ද කරල දැමීමනේ. රාවනා රජතුමාගේ සතුරන්ව සුද්ද කරල දාන තලය. බලන්න ඉහත පිසිනතල පන්තියේ ආයුධ පෙනෙන්නේ පොරෝ "තලය"ක් මෙන් නොවේද?

3. රාවණ රජතුමාට ගුවන් යානා තිබූ බවත්, රාවණ රජතුමා වෙනත් ග්‍රහලෝක වල ජීවීන්ව පවා යටත් කරගත් බවත් ඔබ හොඳාකාරව දනී. ඉතින් ගුවන් යානයකට වඩා ඉතාමත් ප්‍රාථමික තත්ත්වයේ උපකරණයක් වන පිස්තෝලයක් රාවණ රජතුමාට නොතිබේවිද? රාවණා රජතුමාට පිස්තෝලයක් තිබූ බව කී විට හිනා වුන උදවිය, රාවණා රජතුමාට ගුවන් යානා තිබූ බව කී විට කොහොම හිනැහේවිද?

4. මුලදීම මා පැවසූ පුරාවිද්‍යාත්මක කැණීමට මූලික වූයේ නිල්ගල ක‍ටුකුරුට නැමති රහස්‍ය ගල් ගුහාවේ තිබූ සෙල් ලිපියක සඳහනකි. එය ඡායාරූප ගත කිරීමට හෝ සටහන් කර ගැනීමට මා හට අවසරය නොලැබුණත් එහි දැක්වුණ සංකේත මතකයේ තබා ගතිමි. ඒවා මෙසේය.


5. එම සෙල් ලිපියෙන් දැක්වෙන්නේ "මත ස බ දහ රව රජ පසත ද න ක ශශප"යනුවෙනි. එහි අදහස වන්නේ "මෙතැන් සිට බඹ දහයක් ඈතින් ශ්‍රී රාවණ රජතුමාගේ පිසින තල දෙකක් නිදන් කර ඇත." එය බ්‍රාහ්මීය අක්ෂර වලින් තිබූ බැවින් රාවණා රජතුමාට පසු කාලයේදී නිදන් කර තිබූ බව සිතාගැනීමට පුළුවන. එසේම ශිලා ලිපියේ කාබන් පරීක්ෂාව අනුව එය ක්‍රි.පූ.3 වන සියවසට අයත් බව දක්නට ලැබේ.

6. රාවණ රජතුමාගේ පිසින තලය ගැන විස්තර වර්ගපූර්ණිකාවේ පිසතලශාස්ත්‍රය නැමැති ටීකාවේ දැක්වෙයි. එම පුස්කොළපොත් රවිශෛලාශ හෙවත් රාජකරුණා වංශයේ යකුන් අතර තවමත් රහසක් ලෙස තබා ගන්නා බැවින් වැඩිදුර හෙළි කිරීමට නොහැකිය.

ඉහත ප්‍රබල පුරාවිද්‍යාත්මක පර්යේෂණ සාක්ෂි වලට අමතරව තවත් කරුණු කීපයක් කිය යුතුය.

රාවණාවිරෝධීන්ගේ ප්‍රධානතම පුස්තකය වන මහාවංසයේ හෝ වෙනත් කිසිදු වංස කතා පොතක කොතනකවත් රාවනා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බවට සඳහනක් නොමැත. ඒ අනුව රාවණා රජතුමාට පිස්තෝලයක් තිබූ බව මහාවංසවාදීන්ට ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.

රාවනා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බවට කිසිදු සෙල් ලිපියක් නොමැත. ඒ අනුවත් රාවණා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බව ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.
 
සුද්දා ලේසර් හදන්න තාක්ෂණය ගත්තේ ශ්‍රී රාවණ රජතුමාගෙන් බව සියලුම රාවණ ගවේශකයින් දැන් ඒකමතිකව පිළිගනී. ෆේස්බුක් හි සුප්‍රසිද්ධ රාවණ ගවේශකයෙක් සහ පුලතිසි පරම්පරාවේ අවසාන පුරුක වශයෙන් සැලකෙන මෙතුමාගේ කතාවෙන් ඒ බව පැහැදිළි වෙයි.


එසේනම් ලේසර් වලට වඩා ඉතාමත් ප්‍රාථමික තාක්ෂණයක් වන පිස්තෝල තාක්ෂණය රාවණා රජතුමාට තිබුණා කියා දැන් මුළු ලොවම පිළිගනිද්දී ඊට හිනා වෙන රාවණා විරෝධීන් ඇතොත් උන්ව ගෝල් ෆේස් පිටියට දක්කාගෙන අවුත් මඩු වලිගෙන් තැලිය යුතුය. හෙළය දිනේවා!

102 comments:

  1. අගේය ගුරුදේවයිනි අගේය.මනරම්ය.උත්කෘෂ්ටය....

    හෙලු ඉතිහාසයට පන දීමේ ඔබගේ වායාම ඉතා අගය කරමි.නමුදු මාහට කුඩා කියන්නේ ඉතාම කුඩා ගැටළුවක් ඇත.වර්තමානයේ ගල්කටස් ලෙස භාවිතා වන්නේද මෙයට සමාන පිසිනතලයක් නොවේද?

    ගල්කටස් -> ගල්=ගල=දැඩි වස්තුව කටස්= කසඩ (හෙළ වචනයකි )

    එසේ ගන්නා කල ගලක් වන් දැඩි වස්තුවක් කසඩ කල හැකි ආයුධය හෙලයාගේ සැබෑ ආයුධය නොවේද ?

    ReplyDelete
    Replies
    1. ගල්කටස් කියන්නේ ගල් කටස් ගාල කැඩෙන්න වෙඩි තියන්න පුළුවන් කියන එකට.

      Delete
    2. ස්තුතියි,. ඔව් දෙකම බොහෝ දුරට සමානයි. කෙසේ නමුත් ගල් කටස් තාක්ෂනය යනු පිසින තල තාක්ෂණයට වඩා ප්‍රාථමික එකක් බව මාගේ වැටහීමයි. මන්ද යත් ගල් කටස් වලට වේද මැතිරීම හෝ රසදිය යොදා ගන්නේ නැති බැවින්ය.

      Delete
    3. මෙය ඉතා පැහැදිලිලෙස පෙනී යන කරුණකි. අති උත්තම
      රාවණයන් ගේ පර්යේෂණ කණ්ඩායම (රාවන් research team, R-R&D team)
      විසින් මුලින් බුලත් ඇට යොදා පිසිනතල ටෙස්ට් කර ඇතී අතර
      බුලත් ඇට = බුල ට = බුලට් බවට පත්ව ඇත.

      Delete
  2. පුලස්ති පරම්පරාවේ අන්තිම එකා පෙරේරා නමක් එක්ක පරංගි වෙලාද මන්දා.. එහෙම නම් ඉතින් තාක්ෂනේට රාවණා පිහිටයි කියලා තමයි කියන්න වෙන්නේ.

    ReplyDelete
  3. අනිවාර්යයෙන්ම මීවනපලානයෙනි.
    රොකට් ලෝන්චර (රොකට් යන්න ඔබ දැනටමත් දන්නවා ලෝ= ලෝකයට ච = චලනය කරන ර= ඉහලිං ලෝකයට ඉහලිං චලනය කරන රොකට)
    සොයාගත්තේද රාවනගේ ශ්‍රී රාවනයන්වත් නොදන්නා එහෙත් අප අතර ඇතමෙක් දන්නා පුත් ඉන්ද්‍රගෙ මල්ලි අන්ද්‍ර බව ඔබ දන්නෙහිද?????
    මීට හිටපු රාවන සෙන්පති තරියා

    ReplyDelete
    Replies
    1. ඒ බව වහාම ගවේෂණය කර බැලිය යුතුයි, ඔය ගැන ඔබතුමා දන්නා තවත් දෑ තිබේනම් නොවළහා අප වෙත පවසන්න. ස්තුතියි.

      Delete
    2. niyamai abe ayya....
      mamat lagadima comment tikak daannam

      Delete
  4. I thought to write something of this shitty logic
    U knw I read your blog for sometimes even though my frnds insist me not to read the whole damn thing
    but your logic is very pre- stage
    u r blaming Carbon some times now u r using the it to prove your damn story is right.
    just write an article but dont try to prove it by using your stupid mind.
    But I would say
    "Helaya Dinewa "
    UNP paminewa
    Rawanata Jayawewa

    ReplyDelete
    Replies
    1. Actually my proofs are not differ from the traditional Ravana Explorers such as Dr.Suriya Gunesekara or Dr.Mirendo Obesekara. But I have more evidences presented and what I say is not common among modern Ravanists., but the future will understand the truth.

      "I do believe you think what now you speak, but what we do determine oft we break. Purpose is but the slave to memory, of violent birth, but poor validity, which now, like fruit unripe, sticks on the tree, but fall, unshaken, when they mellow be." -William Shakespeare

      Delete
    2. හුටා.. තා මැනවින් පරබස වහරයි..

      Delete
    3. මට මල පනිනවා යකෝ පරබසින් වනනවිට වහා වනව් හෙළුවෙන්

      Delete
    4. මූ හෙලුව විතරක් නෙමෙයි කඩ්ඩත් වනනවා එලටම...

      Delete
    5. හෙළ බසින් ලිවිය නොහැකිනම් පර අකුරු වලින් හෙළ බස නොලියා කෙළින්ම පර බසින්ම ලියන ලෙස මා ටික දිනකට පෙර ඉල්ලා සිටියා. මන්ද යත් පර අකුරු වලින් හෙළ බස ලිවීම හෙළ බසට කරන මහා අපහාසයක්.

      පර බසින් ලියූ එකකට හෙළ බසින් පිළිතුරු දීමත් හෙළ බසට කරන අපහාසයක් බව මාගේ අදහසයි. ඉතින් එනිසයි පර බසින්ම පිළිතුරු දුන්නෙ.

      හෙළ බස පුළුවන් කෙනෙකුට ලෝකයේ ඕනෑම බසක් ඉගැන ගැනීම ඉතාමත් පහසුයි. ඊට හේතුව ලෝකයේ සියලුම බාසාවන් ආරම්භ වී තිබෙන්නේ හෙළ බස අනුසාරයෙන් වීම නිසයි.

      Delete
    6. මම මේ පරබසේ ශෛලිය නම් මීට කලින් කොහේදී හරි දැකල තියෙනවා. මම හරි නම් මූනුපොතේ සමාජවාදය ගැන තෙල බෙදන කොල්ලෙක්.

      Delete
    7. අර උඩින් කමෙන්ට් කරල තියන Unknown July 27, 2012 11:59 PM නියමෙට නාල නේද?

      Delete
    8. this sentance is wrong my friend "but the future will understand the truth" if you fallow correct english grammer, it should be "but IN the future WE will understand the truth" . the rest of the phara is from William Shakespeare, not yours.. so it's correct. you havent answered UNKNOWN, perhaps you have got away with this.....

      Delete
    9. Nope, as I already know the truth, I don't wanna mention that as "we", so I've used "future" as the "Subject" of the sentence. That is a one of the modern style of American English.

      Delete
  5. අගෙයි මීවනයෙනි..අගෙයි.. මෑතකදී මා විසින් මෙම පිසිනතලය ගැන වත් පොතෙහි සටහනක් දැමූ කල පරගැති කලු සුද්දන් විසින් මා හට කල සරදම් දැනුත් මා දෑස මානයේ මැවෙන්නාක් මෙනි.. උන් එදා අගෞරව කලේ මෙහෙව් ජාතියකටය.. මෙහෙවු තාක්ෂණයකටය... ඉතිං දැන් නම් මා හට සුව සේ සැතපිය හැක... ප්‍රීතී..ප්‍රීතී...

    ReplyDelete
    Replies
    1. රාවණ රජතුමාගේ පිසින තලය ගැන මුලින්ම සඳහන් කර තිබුණේ මාරයා විසිනුයි. මාරයා යනුත් රාවණ රජතුමාගේ කවුදෝ නෑදෑ කෙනෙක් බැවින් වර්තමානයේ සිටින මාරයාට එය හමු වීම මගිනුත් යමක් කියවෙන බව කවුරු හෝ එහි පවසා තිබෙනු දැක්කෙමි.

      Delete
  6. පිසිනතලය භාවිත කිරීමේදී ප්‍රවේසම් විය යුත්තේ කඩු කස පුරුද්දට හතර අතේ වැනිය නොහැකි නිසාය. ප්‍රවේසමින් භාවිතා නොකළහොත් උණ්ඩය වැරදි ඉලක්කයකට යාමට පුළුවන්. එසේත් නොවුනහොත් උණ්ඩය වක්‍ර මාර්ගයක ගමන් කර බිම පතිත වී අපතේ යාමටත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ පිසින තලයේ ඇති විශේෂත්වයනම් බුලට් ඉවර වූ පසුව බෝම්බයක් ලෙස දමා ගැසීමට හැකිව් වීමයි. එවිට එහි ඇති රසදිය පුපුරා යයි. වර්තමානයේදී හෙළ පිස්තෝල දක්නට නොලැබෙන්නේ ඒ සියල්ලම බෝම්බ ලෙස භාවිතා කර ඇති නිසාවෙනි.

      Delete
  7. රාවණා යුද්ද කරේ පිස්තෝල වලින්ද එතකොට? අර විභීෂනයා ඒ ඔක්කොම හොරකම් කරලා රාමාට දෙන්ට ඇති, තුක්‌ විතරක්, ඔය විභීෂනයා හින්දා තමා රාවණා පැරදුනේ

    ReplyDelete
    Replies
    1. මෑත අතීතයේදීත් විභීෂණගේ පරම්පරාවේ අය සිටීම නිසයි අපිට මේ කල ගියේ.

      Delete
  8. අප්පට හුඩු මේකත් රාවණා ලොක්කගේ වැඩක්ද අනිවාර්යෙන්ම මල්ටි බැරල් හැදුවෙත් රවනාමයි ගැනු හොරෙක් උනත් මිනිහ දක්ෂයා මොනා උනත් අපේ එකානේ

    ReplyDelete
    Replies
    1. මල් = මල් වරුසාවක් වගේ
      ටි = ටික ටික
      බැරල් = මෙකටත් මොකක් හරි දාගනින්
      එතකොට මේකත් හෙළු වැඩක් තමයි

      Delete
    2. "මල්ටිබැරලය" යනු රාවණා රජතුමාගේ අවියක්.

      මල්=මල්වර්ෂාවක්
      ටි=ටිකටික
      බැ=බැහැර කරන
      ර=රවුන්ගේ
      ලය=හෘදය

      මල්ටිබැරලය යනු රාවණා රජතුමා තම හෘදය සේ ආරක්ෂා කරපු අවියක්. එනිසයි ඒක " මල්වර්ෂාවක් ටික ටික බැහැර කරන රවුන්ගේ හෘදය" ලෙස හැඳින්වූයේ. බලන්න ඒකෙන් වෙඩි තියද්දී මල් වැස්සක් වගේ නොවේද?

      ලෝකයට අවි ආයුධ හඳුන්වා දුන්නේත් හෙළයින්ය.

      Delete
    3. අනිවා අනිවා මියෝ රාවණා තමා මේ ලෝකේ තියන හැම මගුලම හොයාගත්තේ කියල මන් ඔලුවෙන් හිටන් උනත් පිලිගන්නවා බිදිච්ච පතිවතක් අයෙත් මාට්ටු කරන හැටි එහෙම හොයාගත්තේ නැද්ද රාවණා අන්කල්

      Delete
  9. ආචාර්ය මීවනපලානයෙනි එතකොට තුවක්කුවට ගත්තු බුලට් එක හැදුවේ කොහෙද?

    ReplyDelete
    Replies
    1. බුලටය යනුත් හෙළ වදනක්.

      බු=බුරනවා වගේ
      ල=ලටපට ගාලා
      ය=යන

      "බුරනවාවාගේ ලටපටගාලා යන" නැමති අරුතෙන් තමයි අතීත හෙළයින් "බුලටය" නැමති වචනය ඊට යෙදුවෙ. පසුව ඒ තාක්ෂණය සහිත පුස්කොළපොත් සුද්දො හොරාගෙන එමගින් තමයි තුවක්කුවට බුලට් හැදුවෙ.

      අතීත හෙළයේ බුලට් හදා තිබුණේ සබරගමුව පළාතේ තිබූ බුලත්ගම නැමැති ගම්මානයේයි.

      http://www.buyandsell.lk/sabaragamuwa/bulathgama/classified/bulathgama-7-1249437-B-0.html

      බුලත්ගම නමේ නිරුක්තිය අනුව මා කියන දේ පැහැදිළි වෙනව.
      බු=බුලට්
      ලත්=ලත් (ලැබුණු)
      ගම=ගම්මානය

      බුලත්ගම = බුලට් ලැබුණු ගම්මානය.

      Delete
    2. බු=බුරනවා වගේ
      ලත්=ලත් (ලැබුණු)
      ගම=ගම්මානය

      බල්ලන් සිටි ගම

      Delete
  10. මදැයි කොලා . මට නම් දැන් මේ රාවණා ගැන තරහය . ඉලව්වේ මොන එහෙකට නිදා ගත්තද පරංගි සුද්දෝ ඇවිත් මේ රට කනකම් . මෙච්චර තාක්ෂණයක් තියාගෙන . පොඩි එවුන් කටේ කිරි සුවඳ යන්නට පෙර කිරිල්ල ගෙඩි දමා විදින බට තුවක්කුව අතර ගත්තේ මේ පුරාණ ගති ජාන වල සැඟවී ඇති නිසාය . එළිපිට පිස්තෝල පාවිච්චියට ඉඩක් නැති තැන හොරෙන් හොරෙන් පාතලයේදී අත්හදා බලන්නේ මේ ජන්ම පුරුදු නිසාය . බලන විට පිස්තෝල අත පත ගාන්නට ඇති හෙළ පුරුද්ද අගය කරනා එවන් සුරු විරු දරුවන් මැරයින් ලෙස හංවඩු ගසන ඔවුන් වැලිකඩ යවන පරගැති රෝම ලන්දේසි නිතිය අහෝසි කල යුතුය .

    ReplyDelete
    Replies
    1. ඉතාමත් වටිනා අදහසක්.
      පාතාළ ලෝකය යනුත් රාමායනයේ සඳහන් ස්ථානයක්නේ. ඉතින් පිස්තෝල වලට හුරු වූ හෙළයින් ඊට ඉඩක් නොලැබෙන තැන අවසානයේදී පාතාල ලෝකයට හෝ ගොස් ඒවා පාවිච්චි කිරීමට පෙළඹෙනව.

      Delete
  11. අගෙය් ජයේ අගේය
    මෙවරත් වෙනද මෙන් ඔබ තනිවම එය නරබන ලදී අපගේ කරුමයට වෙනද මෙන් ම ඔබට චයරුපයක් වත් ගත නොහැකි විය අවසානයේ එය රහසේම සුද්දෝ රැගෙන යය්...
    එක්කෝ ඔබ චයරුප ගත්තොත් එය අද්බුත බලයකින් විනාශ වෙය්
    අනේ බෝල ගොන් හරකෝ
    දැන් මම කියන්නම් ඔබ තුව 2012 රවන නැගිට්ටම කියන කතාව
    "ඊයේ රෑ රවන නැගිට්ට .. මම විතරක් දැක්ක .. ෆොටෝ එකක් ගත්තට වැදුනේ නෑ..... පස්සේ සුද්දෝ එයාව එංගලන්තෙට එක්ක ගිය .. :රා
    එයාමර හොද පොරක් නිසා එයාගේ බලය පාවිච්චි කරන්නේ නැතුව එංගලන්තෙට ගියා.. හබි මී සේරම "ජයේ " විතරය් දකින්නේ වෙන කාටවත් පෙන්නේ නෑ"


    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. රාවණ රජතුමාගේ අවදිවීම ගැන කියා ඇත්තේ මා විතරක් නොවේ, මි‍රැන්ඩෝ ඔබේසේකරයන්ගේ ලිපිය නැවතත් කියවා බලන්න.

      http://vargapurnikava.blogspot.com/2012/06/2012-unp.html

      ඔබ පවසන ලෙස මි‍රැන්ඩෝ ඔබේසේකරයින් පාච්චල් වේවියැයි සිතේද?

      Delete
    2. මට පේන විදියට නම් දෙන්නම එකට නා ගන්නය් යන්නේ .....
      හැබය් "ජයේ" ඔන්න පස්සේ කියන්න එපා මම නෙවෙඉ කිව්වේ මිරැන්ඩෝ කියල ....


      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  12. ක්‍රිස්තූ පූරව පස්වන සියවස යනු සීගිරිය නිමවූ අවුරුද්දයි...
    ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස එවිට සීගිරියට වඩා පසු කලෙක පැමිණි වර්ශයකි....එවිට නිධාන කර ඇති ස්ථානයෙ සෙල්ලිපිය කරවා ඇත්තේ රාවණ රජතුමා මියගොස් බොහෝ කලකට පසුව විය යුතුයැ....

    රවනා රජ තමුගේ පිස්ටල් තාක්ෂණය තිබුනත් අර කෞතුකාගාරයේ කඩුවකට නිදහසේ ඉන්න නොදෙන අපේ මිනිසුන් පිස්ටල් එකකට නිකං තියෙන්න දේදැයි මට සැක ඇති වේ.

    ..එබැවින් අප රටේ රාවනා කල පිස්ටල් තිබුනත් ඒවා කෞතුකාගාරයේවත් පුරාවිද්‍යා එකේවත් තිබෙන්නට ඉඩක් නම් කෙසේවත් නැත...

    ReplyDelete
    Replies
    1. ඔබතුමා පවසන දේ සත්‍යයකි, රාවණා රජතුමාට තිබූ මල්ටි බැරල් නැති වී ඇත්තේ අපගේ නිදන් සොරුන් ඒවා පර සුද්දන්ට විකුණූ නිසාවෙනි.

      Delete
  13. ජයරත්නයණනි මේ ලිපිය කියවන විට මට දැනුනු ජාතිකආලි ආඩම්බරයක තරම.. තව සුට්ටෙන් මම ආඩම්බරයෙන් පිම්බි පිපිරෙන්නටද තිබුණි ජයරත්නයණනි.. අගෙයි ජයරත්නයණනි පොරෝ තලය වගේම පිසින තලය සොයාගත්තෙත් හෙලුවන්ය..

    හෙළුවන් දිනේවා... (මම ආඩම්බරයෙන් මත්වී සිටි )

    ReplyDelete
  14. විදූ ආව නං මේකේ ඇත්ත නැත්ත පැහැදිලි කරලා දේවි!

    ReplyDelete
    Replies
    1. විදූ ඇවිත් හොඳටම නා ගත්ත.

      Delete
    2. පෙන්නන්න විතරයි තියෙන්නෙ. ගල් ඉනි, උදලු හෙම හොයාගෙනම තමංගෙ මහන්සියෙං බඹ 20ක් විතර කපාගෙන, බාල්දියත් සල්ලිවලටම අරගෙනම නාගන්නව

      Delete
  15. මීජයා අද මෙස් කියා ඇත.....

    ***රාවණ රජතුමාට ගුවන් යානා තිබූ බවත්, රාවණ රජතුමා වෙනත් ග්‍රහලෝක වල ජීවීන්ව පවා යටත් කරගත් බවත් ඔබ හොඳාකාරව දනී***

    ***ඉතින් ගුවන් යානයකට වඩා ඉතාමත් ප්‍රාථමික තත්ත්වයේ උපකරණයක් වන පිස්තෝලයක් රාවණ රජතුමාට නොතිබේවිද? ***

    මීටපෙර මීජයා
    රෞද්‍රී දර්පණ නිවසේ දීම රාවණ තාක්ෂණයෙන් සාදා ගන්නා ආකාරය කියා ඇත. ලේසර් තාක්ෂණය රාවනාගේ
    නම් රාවනා ප්‍රාතමික අවියක් ලග තබාගන්නේ මන්ද?
    http://vargapurnikava.blogspot.com/2012/07/blog-post_16.html
    රාවනා ඔයවගේ පිස්තෝල අරන් ගිහින් තමයි රාමගෙන් අම්බානක කෑවෙ.

    ලෝකය හිනස්සවමින් පාහර රාවන විරෝධී මීවනපළානේ ජයරත්න හා සගයින් මේ ගෙනයන කුමන්ත්‍රනයට කුමක් කරමු ද?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවේ සුපිරිතම ප්‍රහාරකයින් වන STF බලකායේ සෙබළු ගාව MP5 නැමති සූක්ෂමව වෙඩි තැබිය හැකි දියුණු අවියක් තිබෙනව. ඒ අතරම උල් පිහියකුත් තිබෙනව.

      [[ලේසර් තාක්ෂණය රාවනාගේ නම් රාවනා ප්‍රාතමික අවියක් ලග තබාගන්නේ මන්ද? ]]
      කියල Vidu කිව්ව වගේ MP5 තිබියදී ප්‍රාථමික අවියක් වන පිහි ළඟ තියාගන්නේ මොකද කියලත් අහනවද?

      ලෝකය හිනස්සවමින් පාහර රාවන විරෝධී Vidu මේ ගෙනයන කුමන්ත්‍රනයට කුමක් කරමු ද?

      Delete
    2. විදුවට මෙතනට එන්න කියාපිය
      මේවට උත්තර දෙන්න කියාපිය

      Delete
  16. ඉහත සෙල්ලිපිය භ්‍රාහ්මී අක්ශර යයි කියා ඇත. භ්‍රාහ්මී අක්ශර යනු අශෝක අක්ශරය. එනම් ඉන්දියාවේ සිටි අශෝක රජු මෙහි එවු අය ගෙන ආ භ්‍රාහ්මීය අර කියන සෙල්ලිපියේ තිබුනානම් එය රාවනාට කොපමන කලකට පසු ලියූවක්ද කියා වැටහේ නේද?

    රාවන ඉතිහාසහ වනසන මීවනපළානේ ජයරත්න සහ සගයින් මෙය විහිලුවක් කරගෙන සිටී.

    ReplyDelete
    Replies
    1. අහෝ !!! අපගේ ඇස් පැදීමට ඔබ දරන ප්‍රයන්තය මම අගය කරමී...හෙළය දිනේවා!

      Delete
    2. ලිපියේ දැක්වූ පහත කොටස ආයිත් කියවල බලන්න.

      [[එය බ්‍රාහ්මීය අක්ෂර වලින් තිබූ බැවින් රාවණා රජතුමාට පසු කාලයේදී නිදන් කර තිබූ බව සිතාගැනීමට පුළුවන. එසේම ශිලා ලිපියේ කාබන් පරීක්ෂාව අනුව එය ක්‍රි.පූ.3 වන සියවසට අයත් බව දක්නට ලැබේ.]]

      අල ගෙඩියක් වගේ තියෙන විදූගේ මොළ ගෙඩියට ඔච්චර කියලත් තේරුණේ නැත්නම් තවත් කියන්නම්. ඔය පිස් ‍තෝල 2 නිදන් කරල තියෙනෙ රාවණ රජතුමාට ගොඩක් පස්සෙ කාලෙදි. ඉතින් ඒ කාලෙ තිබුණ බ්‍රාහ්මී අක්ෂර වලින් තමයි සෙල් ලිපිය ලියල තියෙන්නෙ.

      රාවන ඉතිහාසහ වනසන Vidu මෙය විහිලුවක් කරගෙන සිටී.

      Delete
    3. ශිලා ලිපියක් කාබන් 14 පරීක්ෂාවෙන් කාල නිර්ණය කල බව ඇසුවේ අදම ය. පුරාවිද්‍යාව කර තිබුනත් එය දෙන ගත්තේ අද ය. කවුද දන්නේ නෑ කලේ ?

      Delete
  17. පිසින තල රැගෙන ගියේ පාදයේ වළලුකරෙහි බඳින ලද පොකැට්ටුවකය.මන්ද සතුරන් අතට පත්වූ විට නිරායුධ කරනු ලැබූවද රෞද්‍රී දර්පන, ලේසර් ආයුධ ආදිය ඉවත් කළද මෙකී පිසින තලය ඉවත් කිරීමට ඔවුන්ට අමතක වේ.( චිත්‍රපට ගණනාවකම මා මෙය දැක ඇත.) එවිට අවස්ථාවක් ලද විගස පිසින තලයෙන් වෙඩි තබා සතුරා වෙතින් පලා ආ හැක.මෙසේ පහළ කෙළවරේ අමතර ආරක්ෂාවට පිසින තල ගෙන යාම පසු කලෙක 'යටිතල පහසුකම්' ලෙස හඳුන්වන්නට යෙදුනු අතර වර්ථමානයේද අමතර මූලික පහසුකම් සඳහා මේ යෙදුම භාවිතවනු දක්නට ලැබේ.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා පවසන කතාව සත්‍යයකි. යටි තලයේ ඇති පහසුකම් වලින් එදා හෙළයෝ තවත් බොහෝ වැඩ කරගෙන ඇත.

      Delete
  18. රෞද්‍රී දර්පන හා දඩුමෙනර භිවිත කල උන් සතුරා අතට පත්වේ ද?

    මන්ද හෙලයනට තිබුන යුධ අයුදවල මහිමය මීජයා උජාරැවට වනා ඇත.

    එක් ලිපියක පලකර තිබුන ආකාරයට සියුම් ලෙස හෙලය නිවටයන් ලෙස පනේ වූයේ මෙස්ය


    *****චතුරාංගනී සේනාව සැපැමිණි පසුව ආක්‍රමණය පුද්ගලිකවම මෙහෙයවීමට යුද්ධයේ හසළ දක්ෂයෙක් වූ රාවණ රජතුමා පැමිණියේය. එතුමා පැමිණියේ රසදිය+න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතාවෙන් ඉගිලෙන පුෂ්පකය නැමති යෝධ කුරුල්ලෙකුගේ හැඩය ඇති දඬුමොණරයෙනි.

    අනෙක් පස අඩ නිරුවතින් සිටින අමුම අමු ගෝත්‍රිකයින් වූ සෙල්ටික් වරුන් දුනු ඊතල වලින් සන්නද්ධව මාන ලා සිටී. අවශ්‍ය ඕනෑම මොහොතක ඉදිරියට ගොස් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙදහසක් පමණ වූ දඬුමොණර සේනාංකය මදක් පොළොවෙන් ඉහළට එසේවිණි.
    ඊට ප්‍රතිචාර වස් සෙල්ටික් ගෝත්‍රිකයින් කළේ හූ නාදයක් පැවැත්වීම පමණි. මේ අතර රා-ක‍ටුවකින් අහසට පැන නැංග රාවණ පුත් ඉන්ද්‍රජිත් ස‍ඳෙහි සවි කර තිබූ තම ලේසර් තුවක්කුව කෙළින්ම එංගලන්තය තිබූ භූමිය දෙසට මාන ලෑවේය.

    ඔවුන් දිගින් දිගටම ත්‍රිපූර විමානයට ඊතල වලින් විද්ද බැවින්, එහි සවි කර තිබූ රාවණ රජුගේ සුවිශේෂීම අවි අතුරින් එකක් වූ "ශාලමමෘයමඛ්" නම් කාළ වර්ණ රසායනිකය පිරවූ අවියෙන් පහර දුන් අතර එවිට සතුරු බළ මුළු අමු අමුවේ පිළිස්සී ගියහ.*****

    http://vargapurnikava.blogspot.com.au/2012/06/blog-post_29.html

    අනේ රාවනා දුනු ඊතල වලින් සටන් කරපු උන්ට රසායනික අවි ප්‍රහාරයක් කරන්න තරම් පහත් මට්ටමට වැටේ ද?
    අනේ මීජයෝ හෙලය විහිලුවට ලක්කිරීමෙන් උබට ලැබෙන ථලයකිම?

    අපට ආඩමිබර වියහැකි ඉතිහාසය රාවන ඉතිහාසයයි. එයත් සූක්ෂමලෙස වනසන්නේ මන්ද?

    ReplyDelete
    Replies
    1. සෙල්ටික් ගෝත්‍රිකයින් ගැන ඔබට හරියටම දන්නෙ නෑ වගේ. මට ඔය හැම දේම ලියන්න බෑ, ටිකක් අන්තර්ජාලය සොයා බලන්න.

      සෙල්ටික් ගෝත්‍රිකයින් අතරත් යුධ විරුවන් සිටි බවත් ඔවුන් ගරිල්ලා ප්‍රහාර වලට මනා ලෙස දක්ෂ බවත් ලියල තිබුණ දැක්කෙ නැද්ද?

      එවේලේ රාවණ රජතුමා රසායන ප්‍රහාරයක් එල්ල නොකළානම් සියලුම සෙල්ටික් වරුන් ගරිල්ලා ප්‍රහාර එල්ල කර හෙළයින්ව පරද්දන්නටත් තිබුණි.

      අනික් අතට බ්‍රහ්මයා විසින් හඳුන්වා දුන් යුධ නීතීන් ප්‍රකාරව ඕනෑම යුද අවියක් යුද්ධයකදී භාවිතා කිරීමට පුළුවන්. තාක්ෂණයෙන් දුර්වල වූ සෙල්ටික් ගෝත්‍රිකයින් වෙනුවෙන් පෙනී සිටිමින් හෙළයහට පහරන ඔබ ද්‍රෝහියෙක් වෙන්න එපා.

      Delete
  19. මීජයා තැනක මෙසේ පවසයි...

    *****මේ අතර රා-ක‍ටුවකින් අහසට පැන නැංග රාවණ පුත් ඉන්ද්‍රජිත් ස‍ඳෙහි සවි කර තිබූ තම ලේසර් තුවක්කුව කෙළින්ම එංගලන්තය තිබූ භූමිය දෙසට මාන ලෑවේය.*****

    http://vargapurnikava.blogspot.com.au/2012/06/blog-post_29.html

    දඩුමොනර හා සක්වල ගමන් සදහා තාරක දොරටු භාවිතකල රාවනයන්ගේ පුතුට තම ලේසර් ත්‍රවක්කුව භාවිතා කිරීමට සදට යාමට රා කටුවක් (රොකට්) භාවිත කිරීමට සිදු වූයේ මන්ද? රා කටුවෙන් ඉන්ද්‍රජිත් හදට යනවිට රාවනා සෙල්ටික් ගෝත්‍රිකයන් රසායනික අවි ප්‍රහරයෙන් වනසා ගෙදරගෙස් අගපතත් සෝදා හමර කර ඇති නේද? (සමාවෙන්න වැරදුනා යුද්ධයට දින කීපයකට කලින් යන්න ඇති) දුරස්ථ පාලක තිබිල නැහැ වගේ. දුරස්ථ පාලක තිබුන කියල සෙල්ලිපි හම්බවෙලත් නැහැනෙ ඒකියන්නෙ තිබිල නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙහෙම හිතල බලන්න. ගුවන්විදුලි නිවේදකයින් නිවේදන කටයුතු කිරීමට ගුවන්විදුලි ආයතනයටම යන්නේ මන්ද? ඔවුන්ට නිවසේ සිටම නිවේදන කටයුතු කළ නොහැකිද?

      අන්න ඒ වගේ තමයි සඳට නොගොස් පෘථිවියේ සිට දුරස්ථ පාලක වලින් සඳේ තිබෙන ලේසර් අවි භාවිතා කරන්නෙ නෑ. කිසියම් වැරදීමක් සිදුවුවහොත් එමගින් මුළු පෘථිවියම විනාස වෙන්න ඉඩ තිබෙනව. පොඩ්ඩක් මොළය කල්පනා කරන්න මහත්මයාණෙනි.

      Delete
    2. ගුවන් විදුලි නිවේදකයා නිවේදන කටයුතු වලට තම නගරය තුල හෝ රටතුල ඇති මධස්ථානයකට නොයා ගෙදර සිට කිරීම විහිලුවකි.

      සැතපුම් 238,857 ගනන් දුර ඇති ලේසරය පහසුවෙන් පාලනයකිරීමට නොහැකි වීම දුකකි.

      Delete
    3. සැතපුම් සිය ගණනක් පමණක් ඈතින් දුරස්ථ පාලකයක් යොදා ගනිමින් ගමන් කරන ඇමරිකානු CIA ඩ්‍රෝන යානාවක් (ඩ්‍රෝනය මුල් වරට හැදුවේත් රාවණා රජතුමාමයි) ඉරානයට වැටී තිබුණි.

      http://abcnews.go.com/Blotter/stealth-drone-cia-op-falling-iran-officials/story?id=15096214

      එනම් සැතපුම් සිය ගණනාවක් දුරකිනුත් දුරස්ථ පාලක යොදා ගැනීම අනතුරු දායක බව පෙනෙයි. එසේනම් සැතපුම් ලක්ෂ ගණනාවක් දුරට දුරස්තපාලක යොදා ගැනීම ඉතාමත් භයානක බව ඔබගේ මොළයට දැන්වත් වැටහිය යුතුය.

      වර්ගපූර්ණිකාවේ ලිපි කියවීමට තරම් ඔබට බුද්ධිය වර්ධනය වෙන තුරු ඔබගේ කොමෙන්‍ටු අනුමත නොකරන බව සලකන්න.

      Delete
  20. ජයේ,,දවසකට වරක් මේ වගේ ලිපි පලකරන්න්නේ නම් අගේය

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම පළ කරමි, හෙළය දිනේවා!

      Delete
    2. ඉතින් කිව්වට දාන්නේ නෑනේ

      Delete
  21. අගනා,අගනා,ලිපියකි

    ReplyDelete
  22. ආචාර්ය මීවනපලානයෙනි....
    රාවණ රජුන් පිළිබඳ තොරතුරු සොයා දැනගැනීමට මම ඉතා කැමැත්තෙන් සිටියා. නමුත් ඒ පිළිබඳව ඇති මූලාශ්‍ර ඉතා අඩුය. මට මෙම බ්ලොගය ඇස ගැටී ගතවූයේ දින එක හමාරකි. එක හුස්මට මෙය කියවා අවසන් කළා. රාවණ රජුන් කෙරෙහි ඇතිව තිබූ ආශාව හා ගෞරවය මෙමඟින් තවත් වැඩි වුණා. මෙම බ්ලොගයේ තිබූ ලිපි සියල්ලම පාහේ කියවූවත් කොමෙන්ටුවක් දමන්නේ මෙතන පමණි. දිගින් දිගටම ‍මෙවන් ලිපි ලියන්න. අති ශ්‍රේෂ්ඨ රාවණ රජුන් පිළිබඳ ලක් වාසීන් දැනුවත් කිරීමම ඔබතුමා කරගන්නා උත්තරීතර පුණ්‍ය කර්මයකි. මෙම බ්ලොගය සමඟ දිගින් දිලටම රැඳීමට බලාපොරොත්තු වෙමි.
    සැරදේවා මීවනපලානයෙනි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චින්තක මහතාණෙනි. මාතර ආතර විසින් ලංකා සී නිවුස් කොමෙන්‍ටු වල නිතරම සඳහන් කරන චින්තක ඔබද?

      Delete
    2. නැත මීවනපලානයෙනි. ඒ මම නොවෙයි.

      Delete
  23. ai ban ada match eka paradune :(

    ReplyDelete
    Replies
    1. හෙළයින්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සු‍රැකීමට නෙත් යොමාගෙන සිටි රාවණාපාක්ෂික හෙළ යකුන් අද දිනයේදී ඔලිම්පික් තරගය දෙසට නෙත් යොමු කළ නිසාවෙනි. රාවණාවිරෝධී ඉන්දියානුවන්ව පැරදවීම ඔවුන්ගේ අරමුණයි.

      Delete
    2. ඔලිම්පික් වලින් අපිව දිනවන්න ඒ අයට ඔනි නැත්තද?

      Delete
    3. next match ekata yakun apita udaw kerawida??

      Delete
  24. තමුසේනම් දෙවියෙක් ඕයි..මාර ආතල් කතාව හැමදාම පොස්ට් දාපං ජයෝ...

    ReplyDelete
  25. මම මුල ඉදලම බ්ලොගය බලන ලදිමි.

    කොහොම උනත් රටට දැන්වත් සත්‍ය අවබෝධ විය යුතුයි වංසේ කබල්ගාලා කවදාවත් වැඩක් නොවන බවත්. උපතින් වංශවත් වගේම වැඩත් වංශවත් විය යුතුයි කියලත්

    (නමුත් අප නොදන්නා පමනින් සියල්ලම බොරැ නොවේ) ඒවගේම මේලෙස සත්‍ය ඉතිහාසයත් ව්කෘති ලෙස ලේඛන ගතවීම බොහොම භයානකයි නේද අන්තිමට යම් දවසක බ්ලොග් ලිපියක් තබා සෙල් ලිපියක් ‍වත් විශවාස නොකරන තත්වයකට පත්වෙයි ලියනකොට පරිස්ම්වන්න.
    ඒවගේම අපේ LTTE ප්‍රශ්ණයටත් හොදම බේත මේ ක්‍රමයමයි

    ReplyDelete
    Replies
    1. (නමුත් අප නොදන්නා පමනින් සියල්ලම බොරැ නොවේ) ඒවගේම මේලෙස සත්‍ය ඉතිහාසයත් ව්කෘති ලෙස ලේඛන ගතවීම බොහොම භයානකයි නේද අන්තිමට යම් දවසක බ්ලොග් ලිපියක් තබා සෙල් ලිපියක් ‍වත් විශවාස නොකරන තත්වයකට පත්වෙයි ලියනකොට පරිස්ම්වන්න.

      කලින් ලිපියට දමපු කමෙන්ටුවක මමත් මේ දේ කිව්වා. මිත්‍යාව වපුරන අයට පහර දෙන එක හරි. පහරදෙන ක්‍රමවේදයේ සුළුවෙන් හරි අතුරුඵල නැතිවා නොවෙයිනේ. ඒ වගේම ලියවෙන දේ හරි හැටි තේරුම් ගන්න බැරි පිරිසක් ඉන්න බව පැහැදිලියිනේ. ජයත්න කරන දේ නොතේරන, අන්ධ රාවණා භක්තිකයෝ මෙතන ඇවිත් මොනවා හරි කියයි. ඒත් ඒ බුද්ධි මට්ටමම තියෙන , මේ ලිපි කියවීම හරහා ඉතිහාසය කියන විෂයම විහිලුවට ගන්න පිරිසක් වෙනම ඉන්නවා කියන දේත් අපට හිතන්න පුළුවන්.

      ජයරත්න අඩුම තරමේ මේ දේ දෙසැම්බර් වෙනකන් කරයි. අත්‍යාවශ්‍ය දෙයක් කලත් ඉලක්කයට පමණක් පහර දෙනවානම් වඩාත් හොඳයි, තහවුරු වුනු ඉතිහාසය විහිළුවට තවරා ගන්නේ නැතිව. මේ ලිපියේනම් එහෙම දෙයක් වුනා කියල පේන්න නැහැ. ඒත් කලින් ලිපියෙත්, ඊටත් පෙර ලියවුනු ලිපි කිහිපයකත් මේ දේ වුනා..

      කාලකන්නි ජාතියක් වෙලා ඉන්න අපිට මේ මොහොතේ ඉතිහාසයෙන් එහෙමට වැඩක් නැහැ තමයි. ඒත් අනාගතයේ අසරණ වෙන කොට, නැගිටින්න ඕන වුන දවසට ඉතිහාසයේ වටිනාකමක් ඇති වෙනවා..ඉතින් විකෘති ඉතිහාසය බැහැර කරනවා වගේම අපි සැබෑ (ආසන්න වශයෙන් හෝ) තහවුරු කර ගැනීම් හෝ අඩුම වශයෙන් හානි නොකර සිටීම කල යුතුයි.

      Delete
  26. මොනාද ලොක්ක දවසට එක පොස්ට් එකක් ගානෙවත් දාන්න.බලන් ඉදල එපා වෙනවා නැත්තම්.

    ReplyDelete
    Replies
    1. මල්ලි කියන දේ හරි

      Delete
    2. ඒක ඇත්ත අපි හරි අසාවෙන් බලන ඉන්නේ ඔබතුමාගේ ජෝකේ කියවන්න

      Delete
  27. හරිම අගෙයි. බුලට් ඉවර වුණාම සතුර හිතන්නෙ යකා කම්මුතුයි කියල. එහෙම හිතල ළඟට එද්දිම රසදිය බෝම්බෙ පුපුරවන්න පුළුවන්. මොන තරම් .ඥාණාන්විත අවියක්ද මේ පිසින තලය.

    ReplyDelete
  28. අගනා ලිපියක් හෙළ රාවන වංශය නැවත උදා වේවා

    ReplyDelete
  29. මම සාමාන්යසයෙන් මේ වගේ සයිට් වල කොම්මෙන්ට් කරන්නේ නෑ. එත් මේකේ දාල තියෙන සමහර දේවල් දිහා බෙලුවමත් ඒවාට රෙවටෙන උන් දැක්කමත් කොමෙන්ට් නොකරත් බෑ. ඒ හින්ද ජයරත්න මේවට උත්තර දෙය් කියල බලාපොරොත්තු වෙනවා. ඇරත් ඇත්ත කියනවනම් ඉතින් බය වෙන්න දෙයක් නෑ නේ නේ? මම ඔය යජරත්න ඉන්නවය් රාවනා විරෝධියෙක් නෙවෙය්... ජයරත්න කියන ඔය දේවල් ඇත්ත නම් මම ගොඩක්ම සතුටු වෙනවා.. මට මෙතන තියෙන ගැටලුව රාවනා ගැන නෙවෙය්, රාවනා ගැන වෙනම චිත්ර යක් මවන ජයරත්න ගැන ය්. මේවා කියවන අය මෝඩයන් විදිහට ජයරත්න හිතන්නේ නැත්තන් සාධක සහිතව තාර්කිකව උත්තර දෙයි කියල හිතනවා...
    1. ජයරත්න කියන විදිහට අපේ පුරා විද්යාට දෙපාර්තමේන්තුවට මීටර 505 කනින්න පුළුවන් ආම්පන්න තියෙනවා...පට්ටා නේ? එච්චර දුර කනිනකොට පෙට්ටගමක් මතු වෙනවා කියල සෙල්ලිපියේ නැත්තන් කොහෙද ලියල තිබ්බේ? රාවනාගේ පිස්තෝල මීටර 500 ක් යට හන්ගුවේ ඇය්? කව්රු හරි උස්සය් කියන බයට නම් සෙල්ලිපියක් ගෙහුවේ ඇය්?
    2. ජයරත්න ඇත්තටම ඔතන හිටිය නම් මීටර 500ක් කනින්න පුරා විද්යාධ දෙපාර්තමේන්තුව අනුගමනය කල විදිහ දක්වන්න... බොරු කීමෙන් පලක් නැත... පුරා විද්යා දෙපාර්තමේන්තුවේ සිටින මගේ මිතුරන්ගෙන් උන්ට කල හා නොකළ හැකි දේවල් ගැන මට ඇත්ත දැන ගත හැකි බැවිනි...
    3. නීලගල වනයට යන අයට කරදර වෙනවා කියල ජයරත්නගේ කොන්ටක්ට් එකක් කියල තිබ්බ නේද? එතකොට ඔය කණින අයට කරදර නැත්තේ උන් රාවණාට උඩින් ද ඉන්නේ?
    4. ඕක ඔච්චර රහසිගතව කනින්න ඕනේ නම් මොන මගුලටද ලන්ඩන් යැව්වේ? එතකොට ඕක මාධ්යකට එලි වෙන්නේ නැද්ද? බොරුවට මීඩියා blackout ගැන නම් කියන්න එන්න එපා...
    5. ජයරත්න කියන විදිහට පුරා විද්යාි දෙපාරතමේන්තුවේ ඉන්නේ රාවනා විරෝධී පාහරයන් නම්, කැණීම භාර පුරාවිද්යා නිලධාරි වරයා ජයරත්නගේ හොඳ මිතුරෙක් වෙන්නේ කෙසේද?
    6. “වංස කතා පොතක කොතනකවත් රාවනා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බවට සඳහනක් නොමැත. ඒ අනුව රාවණා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බව මහාවංසවාදීන්ට ප්රතික්ෂේප කිරීමට නොහැකියි.”
    - මෙවැනි වර්ගයේ මෝඩ ජෝක් සහ ගොන් තර්ක අපි නම් දැම්මේ 2 පන්තියේදීය...
    තව ඒවා මතක් වෙන විදිහට දාන්නම්... එකක් කියන්න ඕනේ... ජයරත්න මෙතන බොරුවට conspiracy theory එකක් මවා පානවා... ඔය කියන විදිහට රාවනා විරෝධීන්වත් ජයරත්න උස්සන්න බලන් ඉන්න කවුරුත් නෑ..ඕක එක්තරා විධිහින් මානසික රෝගයක් බව දන්නවද? තමා ඇත්ත කියනවා නම් නම් දාගෙන හැංගිලා ඉන්න දෙයක් න...ජයරත්නගේ යාළුවා - මනමේන්ද්රෝ වගේ එලි පහලින් ඉඳන් වැඩ කරන්න ඕනේ... එයත් රාවනා ගවේෂකයෙක් නේ? ඒත් ජයරතන් විතරක් හැංගිලා ඉන්නේ බොරු ෆොබියාවක් හින්ද ද? ඔය කොමෙන්ට් කරන කරන තැන් වල ඔයාගේ ip එක තියෙනවා කියල දන්නවද? ඕකෙන් isp හරහා trace කරන එක මහා දෙයක් නෙවෙය් නේ?
    අපි තව පස්සේ ගොඩක් කතා කරමු...ජයරත්නගේ internet යන්න පුළුවන් ගල වගේ topics ගෙන? :P

    ReplyDelete
    Replies
    1. :-)
      :-))
      :-)))
      :-))))
      :-)))))
      :-))))))

      Delete
    2. 1. මේ සඳහා අදෘශ්‍යමාන බලවේගයක සහයෝගය ලැබුණි. දැන්ම හෙළි කරන්න බැහැ.
      2. එම
      3. එම
      4. තාමත් අපගේ පුරාවිද්‍යා නිලධාරීන්ට තිබෙන පරගැති මානසිකත්වය නිසයි. කෞතුකාගාරයෙන් කඩු සොරකම් කළ කෙනා කවුද කියලවත් "හරියටම" නොදන අවධියක පිස්තෝල දෙයක් රහසේ පිටරට යැවීම ඒහැටි කජ්ජක් නොවේ.
      5. එතුමා ඇතුළු තවත් කීප දෙනෙක් විතරක් රාවණා පාක්ෂිකයින් වුවත් ඔවුන්ට වඩා වැඩි පිරිසක් රාවණා විරෝධී පාහරයින්ය. රාවණා රජතුමාගේ මාළිගාව පවා රටට හෙලි නොකරන්නේ ඔවුන්ගේ බලපෑමෙනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය ගන්නේ බහුතරයගේ මතය අනුවයි.
      6. මෙහෙම කතාවක් අහල නැද්ද? "බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ සිටි බවට කිසිදු සෙල් ලිපියක් (අශෝක සෙල් ලිපි හැර) නොමැති නිසා බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ සිටි බව තහවුරු නොවෙයි." (එය මාගේ මතයක් නොවේ). ඔන්න ඔය තර්කයම තමයි ඔතනදීත් යොදා ගත්ටෙ.

      මාගේ පරණ ලිපි කියෙව්වානම් තව ටික කාලයක් සැඟවී සිටීමට හේතුව වැටහේවි. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    3. අහෝ දුකකි . . . ඉරකි . . . තිතකි

      Delete
  30. ආචාර්ය මීවනපළානේ ජයරත්නයන්ට ද වර්ගපූර්නිකාවේ පාඨකයන්ට ද ලිපියක් ලියුවෙමි. වේලාව තියේ නම් කියවන්න.

    http://meeghaya.wordpress.com/2012/07/29/%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A/#comment-434

    --- ජයශ්‍රී----

    ReplyDelete
    Replies
    1. ඔබගේ මතය මගේ මතයමයි. :)

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. Illuminati saha ravana athara sambandayak tiyenewada

    Illuminati is DEVIL WORSHIPPERS

    ReplyDelete
  33. අහෝ ජයරතනයෙනි,තොප මේ ඉටු කරනා මහඟු සේවය වැනීමට මා දන්නා වදන් ප්‍රමාණවත් නොවීම මසිත ශෝකාන්ධකාරයෙහි ගිල්වයි...කම් නැත, තොපට මගේ හෘදයාංගම ශුභාසිංසන!!!

    / ඒ අනුව රාවණා රජතුමාට පිස්තෝලයක් නොතිබූ බව මහාවංසවාදීන්ට ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි. /

    සුළු අතපසුවීමක් පෙන්වාදීමට අවසර....ඉහත වැකිය '' ඒ අනුව රාවණා රජතුමාට පිස්තෝලයක් තිබූ බව මහාවංසවාදීන්ට ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි. '' යනුවෙන් සංශෝධනය වියයුතු යැයි හඟිමි.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමට බොහොම ස්තුතියි. රාත්‍රී කාලයේ ලියන බැවින් නිදිමතත් සමග එවන් අඩුපාඩු නිතර සිදුවිය හැකිය, පෙන්වා දීම අපට උදව්වකි. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  34. මේ මේ උබල මීයා කියන්නේ බොරු කියලා බොරුවට කෑගහන්න එපා උබල මොනා කිව්වත් මීයා එක ඇත්ත කරනවා

    ReplyDelete
  35. මියෝ අපිට ඉස්සර වගේ කෙලින්ම කොම්මෙන්ට් එක දාන්න හදපන්කෝ මේ ක්‍රමේ මල වදයක් බං මං රාවණා ආපුවම මේ ගැන කියනවා

    ReplyDelete
    Replies
    1. මහාසෙන් තාණ්ඩවය කොපි කළ පාහර ඉන්දියානුවන්ගේ නිරුවත පෙන්වීමෙන් පසුව ඉන්දියන් ගැත්තන් කුපිත වී සිටී. එනිසා කොමෙන්ට් මොඩරේට් කිරීමට සිදුවේ.

      කොහොම නමුත් පාහර ඉන්දියන් ගැත්තන් කියවීමෙන් අනතුරුව ඔවුන්ගේ ඇඟේම වසුරු යන ආකාරයේ හොඳවායින් ලිපි ටිකක් ලියමින් සිටිමි.

      Delete
    2. එල එල මියෝ ගේම අතාරින්ඩ එපා

      Delete
  36. මෙය ඉතාමත් වටිනා ලිපියකි

    ReplyDelete
  37. මේ නම් පුදුමයක්මැයි!!

    ReplyDelete
  38. ඇයි බන් මියෝ උඹට තේරෙන්නේ නැත්තේ මෙතන කස්ටිය උඹව කොමිටලේ කට අරන් කියල .. ඇත්තම කියනවා නම් ඔය කියන ඒවා ඇත්ත නම් අපිත් හෙන ආඩම්බරයි.. එත් වන්සේ කබල් ගානවට වඩා හොඳ නැද්ද හේනක් කුඹුරක් කොටගෙන කියක් හරි හොයාගත්ත නම්. ඔබතුමා හිතාගෙන ඉන්නේ මෙතන කස්ටිය ඔබ තුමාව හිස් මුදුනේ තියාගෙන පිලිගන්නවා කියලද ?? මෙතන කස්ටිය ඔබතුමාව කොමිටලෙකට අරන් ඉන්නේ .. ඔබ තුමා දන්නෙම නැතිව බ්ය්ට් වෙනවා .. මේ වගේ ගොන් ආතල් වලට කොමෙන්ට් කරන අපිටත් පිස්සු .. එත් මෙතන ආතල් සාගරයක් නිසයි කොමෙන්ට් කරන්න ගත්තේ .. මනුස්සයෝ ගොන් ආතල් දෙන්නේ නැතුව වෙන වැඩක් බලගන්නවල ... මේවා කියවල සමහර මිනිස්සු රැවටෙනවා .. ඔබ තුමාට හෙන පව් .. රාවණ රජතුමා කියන්නේ තුවක්කු පිස්තෝල කිනිසි ළඟ තියන් හිටපු මනුස්සයෙක් නෙවේ.. සත්තු මරපු නැති නිර්මාංශ උන මනුස්සයෙක්.. මේක කියවන කස්ටිය අරන් කියවල බලන්න භද්‍රජි මහින්ද ජයතිලක කියන රචකයා ලියල තියනව රාවන්ණ පුවත කියල පොතක් ..එකේ බොහොම ලස්සනට ලියල තියනව රාවණ කියන්නේ කොහොම මනුස්සයෙක් ද කියල .. සක්වල තරණයට සුදානමින් ඒ වැඩකටයුතු කරමින් ඉන්න අතරේ තමා යුද්දයකට පැටලෙන්නේ කියල කියල තියනවා ඒ පොතේ . ඒවා ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. සීතා කියන්නේ රවනාගේම දුව කියන කතාවත් ඇත්ත බව මන් අහල තියනව . සීතා කියන්නේ නගුලට කියන තවත් නමක් සීතාව සීතාගේ පියාට හමුවෙලා තියෙන්නේ සී සාන වෙලාවක වතුරේ ප වෙලා ඇවිල්ල තියනව මංජුසාවක.. රමයනයේත් කියවෙනවා සීතා ඇයගේ පියාට හමුවූ දියණියක් බව .. මේ සියලු දේවල් පුරාවෘත .. මේ කිසි දෙයක් ඇසින් දැකපු කුරුත් නැහැ.. නොදැකපු පමණින් බොරු කියන්නත් බෑ. එත් ඔබ තුමා මේ සියල්ල කියන්නේ හරියට බලන් හිටිය වගේ .. ඕනෙම දෙකට සාක්ෂි තියෙන්න ඕනේ .ඔබ තුමා සාක්ෂි සන්ගවනවා .. යාලුවෙක් කිව්වලු. රහසිගත යි ලු. බලවේගයක් ඔබ තුමාව මෙහෙයවනවලු. ඕව කිසි දෙකට උත්තර නෙවේනේ . නේද?

    නමුත් මේ දේ දැනගන්න .. අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ දිවසින් බලා නිර්මල බුදුදහම පවතින්නේ මේ ලක් දෙරණේ කියල දැනගෙන තියනව. උන් වහන්සේ සතර වරම් දෙවිවරු අමතල පවසල තියනව පිරිසක් ශ්‍රී ලංකා දීපයට ගොඩබහිනවා පිරිසක් .. ඔඋන්ගෙන් සිංහල කියල පිරිසක් බිහිවෙනව .. ඔවුන් තමා මගේ ධර්මය රැකගන්නේ ... ඔඋන්ව ආරක්ෂා කරන්න කියල . මං මේක කියෙව්වේ පුජ්‍ය කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ පවත්වපු ධර්ම දේශනාවක් ඇසුරෙන්.. මං ඒ ලින්ක් එක හොයල මේකේ පොස්ට් කරන්නම්..

    ඉතින් අපි සිංහල සිංහල රවනගෙන් පැවතෙන්නේ කියල එක පාරටම කියන්න බෑ. මොකද බුදු බන බොරු කරන්න බැනේ මොන රාවණ ආවත්. ඔය මහත්තය ඇත්තටම මාතෘකාවක් වෙන්න බොහොම අසාවෙන් මේ වගේ ගොන් පාර්ට් අන්තර්ජාලේ විසුරුවා හරින්න එපා .. ජරා වැඩක් කරන්නේ ඔබතුමා .. රාවණ රජතුමා කියන්නේ ආදී තාක්ෂණික මෙවලම් භාවිත කරපු පුත්ගලයෙක් .. ප්‍රති ගුරුත්වය පාවිච්චි කරලා එක එක දේවල් කරපු පුත්ගලයෙක් .. එහෙම ය මත කාලයේත් ඉඳල තියනව .. කොරල් කාසල් කියල ගුගල් එකේ සේඅර්ච් කරලා බලන්න .. එක හදපු මිනිහ මේ මෑත ඉතිහාසේ පොරක් .. පොර භාවිත කරලා තියනවා ප්‍රති ගුරුත්වය .. ප්‍රති ගුරුත්වය භාවිතයෙක් වෙනත් ග්‍රහලෝකයකට ගිහින් එන්න පය දෙක තුනකින් පුළුවන් කියල මිනිහ කියල තියනව .. කස්ටිය මේක කියවන්න ..

    http://rense.com/general39/coral.හ්ට්ම්

    ඉස්සර පිරමිඩ හදද්දී ඒ ගල් උස්සල එහා මෙහා ගෙනියල තියෙන්නේ ප්‍රති ගුරුත්වය භාවිතයෙන් .. ඒ තාක්ෂනේමයි මේ මනුස්සය තනියම මේ කොරල් කාසල් එක හදන්න යොදාගෙන තියෙන්නේ .. ඉතින් ඒ තක්ශනේ ඒ කලේ තියෙන්න ඇති. එක අදටත් රහසක්.. ඒ තක්ශනේ භාවිතයෙන් ලොකු වඩා කරපු මනුස්සයෙක් රාවණ කියන්නේ වෙන්න ඇති.. මනුස්සය පරමාණු තක්ශනේ භාවිත කරලා තියනව වෙන්න ඇති යුද්ද වලට .. මොකද නුවර එලිය හෝටන් තැන්න ප්‍රදේශයේ තවමත් පස් කළු පාටයි .අදික තාපයක් නිසා පස් විදුරු බවට පත් වෙලා තියනවා කියල සාක්ෂි හම්බ වෙලා තියනව .. අදටත් කුරු ගස් වැවෙන්නේ ඒ පැති වල .. නුවර එලිය කියන්නේ රහස් ගබඩාවක්.. එක හැමෝම දන්නා කතාවක් .. අපි අපේ ඉතිහාසෙට ආදරෙයි.. ගෞරව කරනවා අපේ ඉතිහාසෙට .. එක ඇත්ත නැත්ත සොයා බලන එක බලදාරින්ගේ යුතුකම .. නමුත් ඒ ඉතිහාසේ මුවාවෙන් තමාගේ හිතේ මැවෙන දේවල් කිසි සාක්ෂියක් නැතිව මිනිස්සුන්ට මෙන්න අපේ ඉතිහාසේ කියල බොරු බෙදන එක ලොකු පවක්.. මෙතන මේ මනුස්සයාගේ ලිපි කියවන ඕනේ මිනිහෙකුට තේරෙනවා සුද්දගේ ඉංග්‍රීසි වචනෙට මොකක් හරි සිංහල වචනයක් තියනව .. අන්තිමේදී සුද්ද ඒ හැම දේටම නම දල තියෙන්නේ පරණ පුස් කොළ පොත් බලාගෙන .. තවත් මනුස්සයෙක් කොමිටලේට මේකත් වෙන්න බැරිද කියල එහෙම මොකක් හරි නමක් හදල කිව්වම මේ මනුස්සය එකත් පිලිගන්නවා .. රටක ඉතිහාසේ විහිලුවකට ගන්න එපා මහත්මය. ඔයාගේ යාලුවෝ සහ අත්භූත බලවේග ඔබතුමාට පමණක් කියන ඔය කතා ඔබ තුමා ඇස දෙකින් දැක්ක වගේ මිනිස්සුන්ට බෙදන එක නවත්වන්න ..

    ReplyDelete
    Replies
    1. මම යන්නේ කොයි පාරේ, අහුබුදුවන් ගිය පාරේ
      මම යන්නේ කොයි පාරේ, සූරිය ගුණසේකරගෙ පාරෙ
      ම්ම යන්නේ කොයි පාරේ, මි‍රැන්ඩෝ ගිය පාරේ
      මම යන්නේ කොයි පාරේ, හෙළ හවුලම ගිය පාරේ

      හොඳයි, දැන් මම අනෙකුත් සමකාලීන රාවණ ගවේශකයින්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියනවද?

      ප:ලි: ඔබතුමාගේ සමහර අදහස් පරස්පරවිරෝධීයි. ආයිත් ඔය කොමෙන්‍ටුව කියවල බලන්න.

      Delete
    2. අපි යන්නෙත් ඒ පාරේ.. අහුබුදුවන් ගිය පාරේ...
      අහුබුද්දන් ගිය පාරේ..ගුණ සේකර ගිය පාරේ..
      හෙල හවුලත් ගිය පාරේ..මිරැන්ඩුවා ගිය පාරේ...
      අපි ඔක්කොම ඒ පාරේ..භද්‍රජීගේ පොත් පාරේ...

      Delete
  39. ඔය රහස් සියල්ල සුද්දෝ අපෙන් ඉස්සුවා නම් ඒ ගැන දන දන අහවල් ඉලව්වකටද ඒ සේරම එංගලන්තෙට යවන්නේ ඒ ගැන හොයන්න .. ඒවා රහස් නම් ඔබ තුමා දැනගන්නේ කොහොමද ? ඔබ තුමාට සහ ඔබ තුමාගේ පිරිසට සහ අපිට මේක රහසක් වශයෙන් තියාගන්න උවමන උනාට එංගලන්තේ සුද්දොන්ට මේවා යැව්වම උන් ඒවා රහස් විදිහට තියාගන්නේ මොන ඉලව්වකටද ? උන්ට මේවා රහසක් විදිහට තියාගන්න උවමනාවක් නෑ. අනික ............... අය්යෝ පිස්සු හැදෙනවා මේ මිනිහ ලියල තියන සමහර ගොන් පාර්ට් වලට .. මට එපා වෙනවා අප්පා . මේ ගොන් පාර්ට් ගැන කියල ලියනවා නම් පොතක් ලියන්ඩ පුළුවන් .. පසුව හමුවෙමු...

    ReplyDelete
  40. It's not surprising to see all this Bull Shit from a guy who calls himself a Professor(By the way where the hell did you get this Qualification?), since we are getting plenty of this kind of people nowadays because of the idiots who are ready to follow them without thinking twice.
    To write a scientific blog, it should be represented scientifically. Being Scientific doesn't mean being Western. Buddhism is a perfect Eastern example. It always explain the reasoning behind the cause and reasoning is backed by facts.
    Is there a single fact that you can present? It's always "some one has found Such a thing, and it's all secretive hence I cant give any evidence." If you can't give any evidence "Shut the Fuck Up!" Every time the western world find something it's not a Sri Lankan finding 10,000 years ago. We can hardly find evidence of 1000 years in the past, but we're so confident what happened 10,000years ago - What a laugh..!
    Professory, Do you even have the faintest Idea how much of research has to be done to get these technological feasts?
    People, before you believe Faggots like this, please do your own research. Have a brows through the various links below and get a glimpse of what's happening in the world and what happen in the past.......(got these from just by googling 10mins.)
    http://defenceforumindia.com/forum/defence-strategic-issues/18835-history-firearms-documentaries-videos-multimedia.html
    http://en.wikipedia.org/wiki/Handgun
    http://topdocumentaryfilms.com/battle-x-planes/
    http://www.sbs.com.au/documentary/video
    http://en.wikipedia.org/wiki/Fighter_jets

    ReplyDelete
  41. මම සාමාන්‍යෙයන් මේ වගේ දේවල් කියවනවා.... මීපලජානේ ජයරත්න හෙවත් මී ජය මේ කිහන විදියට නම් ඔය "වර්ගපූර්නිකාව" විනාස කරන්න කලින් තිබිල තියෙන්නේ අපේ ගමේනේ...(ඉපලෝගම , ගන්තිරියාගම...) පොඩි සෙවිල්ලක් කරලා බලන්න ඕනේ... ඔන්න හැබැයි මගේ විමර්ශනයට මොකුත් බාදාවක් ආවොත් මී ජයා තම ඔත්තුව දීල තියෙන්නේ...මෙහෙම එකෙක් පොත ගැන හොයනවා කියලා.(මේක විහිළුවක් නෙමේ...මගේ ස්ථිර පදිංචිය ගන්තිරියාගම,ඉපලෝගම.)

    ReplyDelete
  42. http://starwars.wikia.com/wiki/Blaster_pistol
    http://www.wikiswtor.com/Blaster
    http://www.swtor-rp.com/forum/m/1639455/viewthread/1176615-makeda-auten
    http://www.google.lk/imgres?imgurl=http://shadowchroniclesrpg.wdfiles.com/local--files/doc/AncientPistol.gif&imgrefurl=http://shadowchroniclesrpg.wikidot.com/doc&h=259&w=547&sz=29&tbnid=rjGW3_bDHUPSbM&tbnh=154&tbnw=326&prev=/search%3Fq%3Dstar%2Bwars%2Bthe%2Bold%2Brepublic%2Bblaster%26tbm%3Disch%26tbo%3Du&zoom=1&q=star+wars+the+old+republic+blaster&usg=__aoaXcOFTfaCuRhg981wt3qYFWmw=&hl=en&sa=X&ei=NUonUIz4DsvrrQfX7YGACw&ved=0CHEQ8g0

    ReplyDelete

නුදුරු අදහස්