Wednesday, July 25, 2012

මහාසෙන් තාණ්ඩවය කොපි කර ශිව තාණ්ඩවය හදලා, ලැජ්ජයි!

"රාවණා බ්‍රදර්ස්" නම ඇසුණු සැනින් රාවණා රජතුමා සම්බන්ධ ඉතිහාසය සොයා යන උද්‍යෝගිමත් තරුණ කැළව ඔබගේ සිතට නැගෙන්නේ නිරායාසයෙනි. මහානාම හිමි, පරනවිතාන, බුද්ධඝෝෂ හිමි වැන්නන් අපට කරන ලද මහා විනාස හෙළි කරන ඒ වීර හෙළ රාවණා බ්‍රදර්ස්ලාට (බ්‍ර=බ්‍රහ්මයාගේ, දර්=දර්ශනය මෙන්, ස්=ස්ථාවරවූවෝ. ඒ අනුව බ්‍රදර්ස් යනු හෙළ වචනයකි) පළමුකොටම වර්ගපූර්ණිකාවේ උපහාරය පුදා මේ ලිපිය ආරම්භ කරමි.

හෙළ ජාතියේ අභිමානය දක්වන ආකාරයේ එතෙක් මෙතෙක් නිර්මාණය වූ අති විශිෂ්ටතම නිරමාණය වනාහී රාවණා බ්‍රදර්ස්ලා විසින් නිෂ්පාදිත "මහාසෙන් තාණ්ඩවය" බව අවිවාදිතය. මුළු ලෝකයම ශිෂ්ටාචාර කළ හෙළයින්ගේ අභිමානය ලොවට පෙන්වන්නක් නිසා එය සම්පූර්ණ හෙළ තාලයෙන් ධ්වනිතවත් වෙයි. හෙළයෙක් මහාසෙන් තාණ්ඩවය අසා සිටියදී සිව් ළඟ කිළිපොළා ගොස් ඔහුගේ රෝම කූපයන් කෙළින් වන්නේත්, නෙතගට කඳුළක් නැගෙන්නේත් එහි තාලයෙන් ඔහුගේ ගත තුළ ගමන් කරන හෙළ යක් ලේ ධාතුව කැකෑරෙන නිසයි. පහත දැක්වෙන්නේ ඒ අතිවිශිෂ්ට නිර්මාණයයි.



නමුත් නිර්ලජ්ජිත ඉන්දියානු වානරයින් තම නපුංසක කම පෙන්වමින් රාවණ බ්‍රදර්ස්ලාගේ මහාසෙන් තාණ්ඩවය අමු අමුවේම කොපි කර "ශිව තාණ්ඩවය" නැමැති අශූචි ගීතයක් හදා මුලු ලෝකයේම විහිළුවට ලක් වී ඇති බව ඔබ දන්නවාද? පහත දැක්වෙන්නේ ඒ හොර කොපිය වන "ශිව තාණ්ඩවය" යි.



පළමුව දැක්වූ මුල් ගීතය සහ දෙවැනිව දැක්වූ ගීතය හොඳින් විමසා බලන්න... ඔබට අළුතෙන් පැහැදිළි කළ යුතු නැතත් යමක් කිව යුතු නිසාම සරළ උදාහරණ කීපයක් දක්වන්නම්.

"ඇහිච්ච දෙන්, පෙනිච්ච දෙන්, ලිවිච්ච දේම වෙච්චි දෙන්, තමන්ට වෙච්චි දෙන් මෙසේ..." යනුවෙන් මහාසෙන් තාණ්ඩවයේ ඇති වචන වල තාලය ශිව තාණ්ඩවයේ විනාඩි 3:18 සිට "ස්මර්ස්චි ධම්, පුරස්චි ධම්, භවස්චි ධම් මඛචි ධම්, ගජචිදන්දකචිධම් තම් අන්තකචිධම් භජේ" ආදී වශයෙන් යන හැටි බලන්න.

"පදාන්ත තෙක්ම කාන්ත නම්... " යනුවෙන් මහාසෙන් තාණ්ඩවයේ ඇති වචන වල තාලය ශිව තාණ්ඩවයේ විනාඩි 3:36 සිට "ස්වරාන්තඛම්, පුරාන්තඛම්..." ආදී වශයෙන් යන හැටි අසන්න.

"දෙගත්, දෙගත්, දෙගත් නදින් යකුන් බෙරෙන් ගිගුම් නගත්..." යනුවෙන් මහාසෙන් තාණ්ඩවයේ ඇති වචන වල තාලය ශිව තාණ්ඩවයේ විනාඩි 3:51 සිට "දිමිත්, දිමිත්, දිමිත් ද්වනම්..." ආදී වශයෙන් යන හැටි අසන්න.

නිර්ලජ්ජිත ඉන්දියානුවනි, කංදක් විලිලා වදපු මී පැට්ටා දැක්කාම තොපි ගැන ලැජ්ජයි බොල. තොපිට තොපේ ජාතිකාභිමානය වර්ධනය කරගන්න ඕනැනම් තොපිට තොපේම කියල පද තාලයක් නොතිබුණාද? පාහර ඉන්දියානුවනි, තොපි හැමදාම කියන්නෙ තොපි අපව ශිෂ්ටාචාර කළා කියල, ඒත් යකෝ තොපිට අපේ හෙළ සංගීතයම අන්තිමට කොපි කරන්න වුණා. චික් චික් චික්, තොපිලගේ ඉන්දියානු අසූචි ගැන්සිය මෙච්චර කලයක් කෙකර ගාපු මතවාදය ගඳ ගස්සවාගෙන බලු බෙටි බුදින තත්ත්වයට පත් වුණ හැටි ජුගුප්සාජනකයි යකෝ...තුක්... පාහර ඉන්දියානුවනි, එදා හනුමා අපගේ රාවණ දියණි සීතා කුමරියව පැහැර ගන්න ඇවිත් ගිණිගත් වල්ගය පශ්චාත් භාගයේ ගසාගෙන ජංගිය පිටින් දුවපු හැටි මතක නැද්ද යකෝ. අන්න ඒ වගේ තමයි තොපිත් අද වර්චස් වුණේ. අශිෂ්ට ඉන්දියානුවනි, තොපි වගේ කොප්පයො පස්සෙ යන වඳුරු හමුදාවකුත් ඉන්න එකනෙ වැඩේ.

ඉන්දියානුවන්ගේ නිර්ලජ්ජිත වැඩ වලට ශිව දෙවියන් පළි නැති බවත් මේ ගමන්ම කියමි. ශ්‍රී රාවණා අධිරාජ්‍යයාට නමස්කාර කරන දැතින්ම ඔහුගේ සමකාලීනයෙක් වන ශිව දෙවියන්ටත් නමස්කාර කරමි.

හෙළයින්ව විශ්වාස නොකරන කීප දෙනෙක් තාමත් වර්ගපූර්ණිකාව කියවන බැවින් යමක් සඳහන් කළ යුතුයැයි සිතේ. ශිව තාණ්ඩවය නේද කලින් හැදුවෙ කියල ඔවුන් අහන්න ඉඩ තිබෙන බැවින් ශිව තාණ්ඩවයට පෙර මහාසෙන් තාණ්ඩවය නිර්මාණය කළ බවට සාධක හා සාක්ෂි මෙලෙස පෙළ ගස්සවමි.

1. මහාසෙන් තාණ්ඩවය යනු හෙළ යකුන් අතර පමනක් රහසක් ලෙස ‍රැකී තිබූ මහා බලගතු ගණ පිහිටීමක් සහිත තාලයක් යොදා ගනිමින් බොහෝ කාලයකට පෙර නිර්මාණය කරන ලද්දක් බව වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ දැක්වෙයි. නමුත් එම තාලය ලොවට අනාවරණය කළේ මෑතකය. එහෙත් ඊට පෙර කිසියම් හෝ ක්‍රමයකට මහාසෙන් තාණ්ඩවය සොරා ගනිමින් ශිව තාණ්ඩවය නිර්මාණය කර ඇත.

2. අරිසෙන් අහුබුදු සූරීන්ට අනුව ලෝකයම ශිෂ්ටාචාර කළේ හෙළයින්ය. ඒ අනුව ඉන්දියාවත් හෙළයින් විසින්ම ශිෂ්ටාචාර කර තිබේ. ඉතින් ඉන්දියාවට අපෙන් යමක් ගියා මිස ඉන්දියාවෙන් අපට කිසිවක් ආවේ නැත. ඒ තර්කය අනුවත් මහාසෙන් තාණ්ඩවයෙන් ශිව තාණ්ඩවය නිර්මාණය වූ බව පැහැදිළි වෙයි.

3. ඔය ආකාරයටම හෙළයින්ගේ ගීත කොපි කිරීමේ දීන මානසිකත්වයක් ඉන්දියානුවන්ට කාලෙකට පෙර සිටම තිබී ඇති බව දැන් ලෝකයම පිළිගනී. ඔබ දන්නවාද ඉපැරණි හෙළ ගීතයක් වු "නොකියාම එදා ඇසළ මහේ සඳ ඇත පායා..." ගීතය. අන්න ඒක කොපි කල නිර්ලජ්ජිත ඉන්දියානුවන් "දුනියාමෙ හමා යේහේ තුජේ නහී පරේගා" ගීතය සාදා තිබේ. ඔය දහසක් කොපි අතරින් එක උදාහරණයක් පමණයි.

4. වෛමානික ශාස්ත්‍රය නැමැති රාවණා රජතුමාගේ ගුවන් යානා තාක්ෂණය ගැන සඳහන් හෙළ පොස්කොළපොතත් ඉන්දියානු බමුණන් විසින් හෙළයින්ගෙන් සොරාගන්නා ලද එකක් බව සූරිය ගුණසේකර මහතා පවසා තිබේ. ඉතින් එවැනි වටිනා පුස්කොළපොතක් සොරා ගත් පාහර බමුණන්ට මෙවන් ගීතයක් සොරා ගැනීම කජ්ජක් නොවේ.

5.  ඒ විතරක්ද, අදත් ඉන්දියානුවන් භාවිතා කරන තලප්පාව, අමුඩය, වේට්ටිය, බඟරි වළලු, නාස් කරාබු, සාරිය, සල්වාරි වගේ ඇඳුම් පැළඳුම් මෙන්ම, පෝරුව, හිංදි සිනමාව, කරත්තය, නගුල, ලේලඩය, බජාරය ආදී සියල්ලක්ම අපගේ හෙළයින්ගෙන් කොපි කරගත් ඒවා බව පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත. රංචාමඩමෙන් හමු වූ ක්‍රි.පූ.1120 කාලයට අයත් යැයි තහවුරු වූ යකඩ ආයුධ වල සිට අවුරුදු 7000 ක් පැරණි ධාන්‍ය ඇට ඒ බව තහවුරු කරයි. ලන්දියානුවනි, හෙළයො නැත්නම් තාමත් ඉන්දියානුවන් කොළ අතු වලි විලි වහගෙන සිටින අශික්ෂිත ජාතියක් බව වැටහේද?

6. මහාසෙන් තාණ්ඩවය යනු බොහෝ කාලයකට පෙර හෙළයින්ට තිබූ එකක් බව පොළොන්නරුවේ ශිව නටරාජා පිළිරුව සමග ලැබුණ රන් පතක සටහන් කර තිබේ. එය දැන් ලන්ඩන් කෞතුකාගාරයේ දක්නට ඇත, අවශ්‍යනම් ගොස් බලන්න.

7. රාවණා බ්‍රදර්ස්ලා යනු හෙළයින්ගේ අභිමානය වෙනුවෙන්ම පෙනී සිටින බලකායකි. ඔවුන් කිසි විටෙකත් හෙළයින්ගේ ජාතිකාභිමානය වෙනුවෙන් සාදන ගීතයකට පාහර ඉන්දියානුවන්ගේ ගීතයක් අමු අමුවේම කොපි කරන්නේ නැත. රාවණා බ්‍රදස්ලාව විශ්වාස කිරීම අපගේ යුතුකමක් නොවේද?

කෙසේ නමුත් ඉන්දියානු නිවටයින් හොම්බෙන් යන හැටි දැක සංවේගයට පත් වෙන කාරුණික රාවණ බ්‍රදර්ස්ලා තම පරම සතුරන් වූ ඉන්දියානුවන්ව ගලවාගැනීම සඳහා "මහාසෙන් තාණ්ඩවය" පසුව නිරමාණය කරන ලද්දක් බව පැවසීමටත් ඉඩ තිබේ, ඒ ඔවුන්ගේ විශිෂ්ටතාවයයි. ඉන්ද්‍රජිත්ගේ නාගපාෂයෙන් සිහිසුන් වූ රාම රාවණ දෙපොළව ගලවා ගැනීමට තරම් කාරුණික වූ ශ්‍රී රාවණ රජතුමා ගේ පාරේ යන තරුණයින්ගේ ශ්‍රේෂ්ටත්වය එයයි.

කෙසේ නමුත් නිවට නිර්ලජ්ජිත ඉන්දියානු සොරුන්ට පාඩමක් ඉගැන්වීම සඳහා උන් අප වෙත තාමත් එවන උන්ගේ බඩු වර්ජනය කිරීමට කාලය එළඹ තිබේ. විශේෂයෙන්ම ඉන්දියානුවන්ගේ ප්‍රධාන අපනයනය වන පරිප්පු කෑමෙන් සෑම හෙළයෙක්ම වැළකිය යුතු බව අද සිටවත් සිහිපත් කරගමු.

68 comments:

  1. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මගෙ කමෙන්ට් එකත් නෑ....මේවා නම් FBI වැඩ.

      Delete
    3. ඉන්දියන් නිශ්පාදන වර්ජනය කරව්!!! බොලේ අපේ තාක්ෂණය හොරකං කරලා මුං බඩු හදලා අපිටම එවනවනේ යකෝ.කොන්ඩමයේ සිට බජාජ් තෙසක් රිය දක්වා සියල්ල අතැර දමා හෙළ නිපැයුම් පමණක් භාවිතා කොට මහා කළු යක් හෙළයෙක් බව පෙන්වව්!!!!

      ඔය ඉන්දියන් යක්කු ඒ දවස්වල ඉඳන් කළේ හොරකම.ජෝතිපාලගෙ සින්දු කීයක්නං කොපි කළාද? ඕවා පුරුදු වෙලා අපේ නිවට උනුත් දැං.දැක්කෙ නැද්ද අර අජිත් බණ්ඩාරගේ සින්දු ප්‍රියා ලැජ්ජා නැතුව ආයේ කියපු හැටි.

      මේ සියල්ල හෙළි කළ අපගේ ජයරතන ආචාරීන්ට රාවණා ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා!!!!
      එසේ නොවන්නට අප ඉන්දියානුවන්ගෙන් සියල්ල හොරකම් කළා යැයි මතයක් ගොඩ නැගීමට ඉඩ තිබුණා නේද????

      ශ්‍රී රාවණ සිද්ධඃ

      Delete
    4. මං හිතන්නේ ප්‍රියාත් පාහර ඉන්දියානුවෙක් වෙන්ට ඕන..නැත්තං අර අජිත් බංඩා වගේ හෙළු කොල්ලෙක්ගේ නිර්මාණ උස්සලා තමුන්ගේ වගේ කියයියෑ...

      Delete
    5. මාරය තමයි එක දැම්මෙ, නමුත් අවාසනාවට ඒ ලිපිය ෆෙස්බුක් හි ශෙයා නොවුණයි කියපු නිසා නැවතත් පළ කරන්න වුණා. පැහැදිළිවම ෆේස්බුක් හි වැඩ කරන ලැජ්ජාවට පත් ඉන්දියානුවෙක්ගේ කුමන්ත්‍රණයක්! සිදුවූ අපහසුතාවය ගැන මාරයා මහතා මෙන්ම නෙරංජි මෙනෙවියත් සමා කරත්වා!

      දිනුක මහත්මයා, ඉතාමත් හොඳ පැහැදිළිකිරීමක්.

      Delete
  2. ජරා ඉන්දියානුවෝ..
    අදත් කරන්නේ අපිව කොපි කරන එකමනේ..!!!!
    අදත් අපේ සින්දුවක් එන්න බෑ..ආපු ගමන් ඔන්න එහෙනුත් එකක්..!!
    ප්‍රීතී ප්‍රීතී..
    හෙළුවෙක් වීම ආඩම්බරයි !!!!

    ReplyDelete
    Replies
    1. ඉන්දියානුවන්ගේ පරිප්පු ආනයනය හැම රටක්ම නැවැත්වුව ගමන් උන්ට වැලේ වැල් නැති වේවි.

      Delete
    2. අඩෙ අප්පා ඒක නම් කරන්ඩ එපා.. පරිප්පු නැතිව පාං බඩට යන්නැනේ!! :-/

      Delete
    3. චැක්...ඔහොම බෑ බනී කොලුවෝ..
      මටත් ඔය පරිප්පු පුරස්නේ තියනව..
      ඒත් ඉතින් බෑ බෑ කියල බෑනේ..
      හෙළුකම ආරක්සා කර ගන්න හෙළුමෙන් උනත් යන්න උනොත් කරන්න වෙනවනේ..
      ඔන්න මං පරිප්පු වර්ජනය කලා..
      රාවන සිද්ධම්..!!!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. https://productforums.google.com/forum/?fromgroups#!topic/blogger/NSPQ60tJN1w

      Delete
    2. නැත නැත ජයරත්නයනි..
      මා මාරයාගේ කොමෙන්‍ටුව නැති වීම පිලිබද වරදවා වටහාගෙන මේ තැන කෙටූවෙමි..
      මාරයා සිදුවූ සිද්දිය පැහැදිලි කල පසු ,මවිසින් කොමෙන්‍ටුව ඉවත් කර ගන්නා ලදී..

      Delete
  4. මෙපමණක්ද?
    අහුබුදුවන්ට අනුව ලග්න දොළහද වානර ඉන්දියානුවන් අපෙන් කොපි කරගත් එකකි. දැන් උන් සොයාගත්තා වගේ වනන රඟ!

    ReplyDelete
    Replies
    1. පැහැදිළිවම ඔව්, ඉන්දියාවේ සම්ප්‍රදායික යමක් ඇත්ද එය අපගේ හෙළයින්ගෙන් කොපි කර ගත් ඒවාමය.

      Delete
  5. අර්ර්ර්ර්ර්...
    පර ඉන්දියානුවෝ...
    මගේ යක් ලේ කැකෑරුනා අර මියුසික් (මියු=මියුරු, සි=සංගීතය ක-ඉංග්‍රීසීන් එක් කල දෙයකි)අහද්දි..
    ජය ශ්‍රී!!!!!!!
    රාවන සෙන්පති තරියා

    ReplyDelete
    Replies
    1. හෙළයින්ගේ ගීත නොතිබුණානම් ඉන්දියානුවන්ට ජාතිකාභිමානයක්වත් නෑ!

      Delete
  6. හෙළ වරුණ බලවු හෙළවෙන්ම

    ReplyDelete
    Replies
    1. කමක් නැද්ද ???

      Delete
    2. ජයරත්න සරණගියොත් හෙල වරුන බලන්න වෙන්නෙ හෙලුවෙන් තමයි.

      Delete
    3. ඔයා එහෙමද සුලෝ බලන්නෙ

      Delete
  7. මං රෙද්ද හෝදං එන්න ගිය ඩිංගට මේකේ මං දාලා තිබුන කොමෙන්ටුව නැති වෙලා නෙව... මං හිතන්නේ ඒකත් පාහර ඉන්දියානුවන් උස්සලා වෙන්ට ඕන... අපේ රාවණා සැට් එකේ කොල්ලෝ හෙන ගේමක් දීලා කරපු ස්වත්‍රන්ත්‍ර නිර්මාණ උස්සලා උන්ගේ වගේ දාන පරයින්ගෙන් අපට එයිට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද..?

    ඔන්න ඔන්න ආයෙමත් මට අභිමානය වැගිරීගෙන එනවා..මං ආයෙමත් රෙද්ද හෝදං එන්නං...

    ReplyDelete
    Replies
    1. හරියට හරි මාරය මිතුර.

      පාහර ඉන්දියානුවනි, තොපට අපව නවතාලිය නොහැකි බව පෙනෙනවා නේද? සොර ඉන්දියානුවනි අද තොප හෙළයට පැරදුණි.

      Delete
  8. ජයරත්නය...අමුඩයත් අපෙන් සොරකම් කිරීමට තරම් පර ඉංදීයයන් නීච වූයේ මංද..කුවේනිය ගස උඩ සිට බිමට පනින විටත් කොට අමුඩ ගසා සිටීමෙන් හා එය වර්න ගන්වා තිබීමෙන්ම හෙලු සමයේද අමුඩ තිබුනු බව නම් නොරහසකි.එමෙන්ම අමුඩ සැදීමේ තාක්ශනය අනගිම වන්නේය.නමුත් දැන් ඉංදියානුවන් අපඩ අමුඩ එවන බව පෙනී යන විට මාගේ මයිල් කලාපයන් කෙලින් වේ..ඔබටත් එසේද ජයරත්නයනි..

    ReplyDelete
    Replies
    1. කුවේණිය ගැන ඔය විස්තර සඳහන් වන්නේ මහාවංසයේ බැවින් එවැනි රාවණාවිරෝධී දෙයක් මූලාශ්‍ර කරගැනීම අපට තරම් නොවන බවත් සිතේ.

      කෙසේ නමුත් ඔබතුමා දැක්වූ කරුණ සත්‍යයක් වන අතර අමුඩ වලට අමතරව ජංගිත් එකල තිබූ බව කුවේණියගේ මේ පින්තූරයෙන් පැහැදිළි වෙයි. http://3.bp.blogspot.com/-p1E07BmWQCY/T-AOA4hdx1I/AAAAAAAAAAY/3KcVr4HZGgo/s400/kuweni-edited.jpg

      කුවේණිය ජංගියක් ඇඳගෙන හිටපු බව ඔවුන් පෙන්වා දෙන්නේ ආවාට ගියාට නොව හෙළ පුස්කොළපොත් වල සඳහන් වන මූලාශ්‍ර අනුව බවත් කිව යුතුයි.

      Delete
  9. මම මින්පස්සේ පරිප්පු කන්නෙත් නැහැ මම මේක කොටන්නේ ඉතාමත්ම ආවේගයකින් මේ මූසල ඉන්දියානුවන් අපගේ රාවණ තනු පවා සොරකම් කොට උන්ගේ වගේ එලි දක්වනවා.ඒ මදිවට අයි.පි.එල් එකත් අපෙන්ම කොපි කරලා දැන් උන් අපේ එස්.එල්.පි.එල් එකට එන්න බැරිලු.අම්මපා මම රාවණා රජුගේ නාමයෙන් දිවුරනවා මට පුළුවන් නම් මම මුළු ඉන්දියාවේම නර පනුවන්ගේ බෙලි ගසා දමනවා ඇපල් කපනවා වගේ මන්නෙන් ඒත් මට බැරි එක කනගාටුයි.අපි මේ පිළිබඳව යමක් කල යුතුයි.විරුද්ධව එකා මෙන් නැගී සිටිය යුතුයි.පොල් ගැසිය යුතුයි,පරිප්පු ගෝනි පිටින් තම්බා කා වැමෑරිය යුතුයි.

    මට මේකටනම් අම්බානක ලේ කුපිත වී ඇත.

    ReplyDelete
  10. මොනවා උනත් වැඩක නැ බං අපේ රාවණා අන්කල් ගැන කතා කොරල පොර කිම්බක් නිසා ගෙම්බෙක් උනානේ
    පොරගෙන් තමා හෙළයා සුපර් ගැනු හොරු උනේ ඒකත් කෙල්ලෙක්නම් කමක්නෑ කියන්ඩ පලුවන් මු ඉස්සුවේ අනුන්ගේ ගැනියක්නේ

    ReplyDelete
    Replies
    1. හා හා..කට කට...!!!
      :D :D :D

      Delete
    2. අඩේ.......... රාවණා අන්කල්ට ඇහුනද දන්නේනැ

      Delete
    3. මෙතන තියනවා කතාව
      http://ganakamadura.blogspot.com/2012/07/raawana.html

      Delete
  11. ශ්රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  12. මට හිතුන කෙලින්ම් කියන්නම්. ඔබ මේ කරන උපහාසාත්මක ලිවීම හොඳින් කරනවා. ඔබ පහර දෙන්නේ රාවණා සම්බන්ධ මිත්‍යා මත වලට කියලයි මම හිතාගෙන හිටියේ.එවැනි මිත්‍යාවන් උපහාසයට ලක් කර ඒවා විශ්වාස කරන අයට ටොකු ඇනීම සේවයක්.

    ඒත් ඔබ කවුරු වුනත්, භෞතික සාධක සහිතව පැහැදිලිව ඔප්පු වූ ඉතිහාසය විහිළුවට ගැනීම සුදුසු දෙයක් නොවෙයි. ඔබගේ සුපුරුදු උපහාසය මැද්දේ සත්‍ය කරුණු විකෘති වී සඳහන් වුනොත්, ඉන් පසුව ඇතැම් අය (ඔබම දන්නවා ඔවුන්ගේ අහවල් මට්ටම) ඒ සත්‍ය කරුණුත් විහිලුවට ගන්නවා වගේම නොසලකා හරිනවා.

    අපේ රටේ පුර්ව-විජය ඉතිහාසය, විනාශ කළා යැයි කියන පුස් කොළ පොත් වත්, රාවණාගෙනුත් තොරව සාක්ෂි සහිතව ඔප්පු වුනු තැනක් රංචාමඩම කියන්නේ. නිකන් වැද්දෝ නෙවෙයි, අද තියෙන සමහර දුෂ්කර ගම් වල ජීවත් වෙන අයටත් වඩා හොඳින් ජීවත් වූ පිරිසකගේ වාසස්ථාන වල නටබුන්. එතනින් හමු වුන දේ අතර වසර 1120ක් පැරණි දේවල නොව, ක්‍රි.පු. 1100 +- කාලයේ ඒවානම් තිබී තියෙනවා. මම කියන්නේ නැහැ, ඒ හෙළ ජනාවාස කියලා, කවුරුන් හෝ කොටසක් හිටියාය කියන ඒක පැහැදිලියි නේ.

    ඔබට ඉතිහාසය විහිළුවක් පමණක්ම වෙන්නට ඇති. ඒත් මිත්‍යාව මෙන් සැබෑ ඉතිහාසය විහිලුවට ගන්න එපා කියන ඉල්ලීම මම කරනවා. ඔබ කරන දේ කැමති තාක් කල් කරන්න. ඒත් ඔබගේ සීමාව හඳුනා ගන්න.

    ReplyDelete
    Replies
    1. රාමා, එතනදී මා අතින් අතපසු වීමක් සිදුවී තිබෙනව, එය වසර 1120 ක් නොව ක්‍රිස්තු පූර්ව 1120 ක් බව සඳහන් කළ යුතුයි. ඒ ගැන කණගා‍ටුව පළ කරමි. පෙන්වා දීම ගැන ස්තුතියි.

      මෙන්න ඒ ගැන සඳහන් ලිපියක් හමු වුණා. http://www.silumina.lk/2011/04/17/_art.asp?fn=af1104172
      //මෙය ඉතා හොඳ සාක්ෂ්‍යයක් වූයේ මෙරට යකඩ භාවිතය ගැන කාල නිර්ණයකට ඒම සඳහායි. රංචා මඩම තිබුණ යකඩ ආයුධ ක්‍රි. පූ. 1120 පමණ කාලයට අයත් ඒවා බව තහවුරු වී තිබේ. //

      අපගේ හෙළ ඉතිහාස ගවේෂණය රාජ් සෝමදේවයාණන් ගෙන් බොහෝ ඈතට යන බවත් අපගේ හෙළ විද්‍යාත්මක පැහැදිළි කිරීම් වටහා ගැනීමටවත් තාම පර සුද්දන් දියුණු නැති බවත් කිව යුතුයි.

      Delete
    2. ස්තුතියි. මගේ මතය නිවැරදි (හැකි තරම්) ඉතිහාසය මතු විය යුතු බවත් මනස්ගාත ඉවතලිය යුතු බව. ඉතිහාසන් සියල්ල සම්පුර්ණ නොවෙන බව ඇත්ත. ඒත් පට්ටපල් බොරු පරම්පාගතව තහවුරු වීම නැවැත්විය යුතුයි.

      සමහර විට ඔබේ අරමුණ රාවණා සම්බන්ධ මිත්‍යාවන්ට පහර ගැසීම විතරක් වෙන්නට පුළුවන්. ඒත් එතනින් එහාට කවුරුන් හෝ කල යුතු දෙයක් තිබෙනවා.

      රංචාමඩමේ නටබුන් වලටත් වඩා තවත් වසර දහස් ගණනක් පැරණි මුල් ජානපදිකයන්ගේ ඓතිහාසික සාධක හමු වී තිබෙන බව ඇත්ත.ඒත් ඒ "හෙළයන්ගේම" කියල කියන්නත් බැහැනේ.

      Delete
  13. මීවනපලානේ .
    කුවේනිගේ ජංගියෙන් වත් උඩ තියෙන සින්දුවෙන් වත් අපට වැඩ ක් වෙයි ද?
    අරතාක්ෂනේ මේ තාක්ෂනේ ගැන කියනව අඩුම ගානෙ පොඩි එවුන්ට සෙල්ලම් බඩුත් අපි ගෙන්වන්නෙ චීනෙන්. ඔය කියන යක්ෂ ලේ ධාතුවට මෙකද උනේ.
    කියන තරම් බලයක් ෂක්තියක් තිබුනනම් මේවගේ කිලකන්නි ඉරනමකට හෙලය වැටෙයි ද?
    රාවනාගේ ශක්තියට තාම බැරිඋනා රටේ තියන අපරාද පාලක පංතියේ සිට එන අසාධාරණ කම් නවත්තන්න?
    නිකන් හිටපන් ජයේ . වැඩකට ඇති දෙයක් කරපන්. වන්සෙ කබල් ගාන එක නවත්තපන්.

    ReplyDelete
    Replies
    1. අනේ විදූ, එහෙම කියන්න එපා!

      බලන්න ඉන්දියානුවන් විතරක් නොවෙයි පකිස්ථාන්කාරයොත් අපේ හෙළ මූසික සිරිමතුන් වන පීඇල්ඒ සෝමපාල සංගීතවත් කළ, වික්තර රතනායකන් ගැයූ පෙම්බර මධූ ගිතයත් කොපි කර ඇති අන්දම.

      http://kathandara.blogspot.com.au/2011/08/can-video-bring-this-much-anomy.html

      ඒක දැක්ක දවසේ මට ඇඬුණා!

      .

      Delete
  14. ඔය ඉන්දියන් කාරයෝ ඔහොම්මමයි! මටත් පෙන්නන්න බෑ ඔය පාහර ඉන්දියන් කාරයන්ව. විශේෂයෙන් අර උන්ගේ පාහර ක්‍රිකට් ටීම් එකේ ඉන්න කෝලි කියන එකාව! ඌගෙ තියෙන්නේ ඉස්සර රාම කාරයා(අර රාවණා රජ්ජුරුවෝ එක්ක පයිට් කළේ!)
    ගාව තිබ්බ ඇඩ්මයි. කවුද අර පාහර ඉන්දියන් කාරයෙක් ඉන්නවා නේද ඒ ආර් රහුමාන් කියලා. ඕකත් සිංදු හදන්නේ අපේ හෙළයන්ගේ තනු හොරකං කරලා නෙවැ! ඔය ඔක්කොගෙම ඇඩ් මහානුභාව සම්පන්න අපේ රාවණා රජ්ජුරුවෝ අවදි වෙනකං විතරයි!
    රාවණා බ්‍රදර්ස්ලට ජය හෝ!

    ReplyDelete
  15. ජරා ඉන්දියානු නිෂ්පාදන වර්ජනය කරමු.
    ජය රාවනා !!

    ReplyDelete
  16. අනේ ඔය ඉන්දියන් කාරයොන්ගේ බෙලි මිලින් ගැලවිලා යන්න පයින් පාරක් ගහන්න ඇත්නම්...
    අපේ දේවල් උස්සලා එනවා මෙතන අපිටම කින්ඩි දාන්න.හැලි වඳුරෝ..

    ReplyDelete
  17. උඩින්ම තියෙන පොටෝ කෑල්ල ඉන්දියාවේ නිෂ්පාදනයක් වගෙයි පේන්නේ? හෙළ නිෂ්පාදනයකට මාරු කලොත් නරකද????

    ReplyDelete
  18. හෙළ තාක්ෂනයන් සුද්දන්ගේ කටින්ම අස ගැනීමට මෙම වීඩියෝව බලන්න. විශේෂයෙන්ම 16 වන විනාඩියේ සිට. ඉදියනුවන් විමාන යනු තමන්ගේ තාක්ෂණයක් බව පෙන්වා ඇති හැටි බලන්න. අතීතයේ ලොව පුරාම ගුවන් තොටුපළවල් තිබු බව සුද්දගේ කටින්ම අසන රාවණ විරෝධීන් විස්මිත වේවි . ජයරත්නයෙනි, හැකිනම් මෙමෙ ඩොකියුමන්ට්‍රිය (හෙළ වදනකි ) බ්ලොග් ගලෙහි දමන්න http://www.youtube.com/watch?v=vgJ7-R4Zpbk

    ReplyDelete
    Replies
    1. Ancient Aliens!! මේ blog 1 තියෙන්නෙ 1 ඩොකියුමන්ට්‍රියන් කියන්නෙ තව1 ක්. season4ම බෑලුවද?

      Delete
    2. owe ban ancient aliens patta okkoma baluwa... dan eke nawatala wage :(

      Delete
  19. රාවනා සොහොයුරෝ මහා ලොකු දෙයක් කළා කියල හිතාගෙන මහසෙන් තාන්දවය හොයාගත්තත් එකෙනුත් කරලා තියෙන්නේ ඉන්දියාවට කඩේ යන එකම තමා.

    රාවනා ඇත්තටම ලංකාවේ අපි ගරු කරන්න ඕනි රජ කෙනෙක්. මොකද ඉන්දියන් කාරයින්ගේ රාමායනයට අනුවම ලංකාවේ රවනාව යටත් කරන්න ඉන්දියාවේ රාම ඇවිල්ල තියෙන්නේ මුළු ලෝකෙම තියෙන බලවතුන් අරගෙන. දෙවියොත් , ශිව, බ්‍රහ්ම ඔක්කොමත් රාමාට තමයි support කරලා තියෙන්නේ. මොකද රාමාත් දැනගෙන ඉදල තියෙනවා රාවනා කොච්චර බලවත්ද කියල. රාවනාට ගරු කරන්න ඒකම හොඳටම ඇති.

    දැන් මේ රාවනා සොහොයුරෝ එක දෙයක් පටල ගෙන තියෙනවා. ඒ තමා මහසෙන් තාන්ද්වය හොයා ගත්ත කියල හදල තියෙන ගීතය. ඉතින් එහෙම එකක් ඉස්සර කලේ තිබ්බත් මේ ගොල්ලෝ කරලා තියෙන්නේ ඉන්දියන් කාරයින්ගේ ශිව තන්දවය්ටම හරියන්න සිංහල විකාර වචන දාල ගීතයක් හදපු එක. ( හැබැයි එකේ තනුවනම් එළකිරි, එකත් කියන්න ඕනිනේ. )

    මොකද මේ ගොල්ලෝ කියනව ඒ ගොල්ලෝ යන්නේ අපේ හෙළ වංසය ගිය පාරෙලු. අන්න එතනයි වැරදුනේ. මොකද අරිසෙන් අහුබුදු මහත්තයම පැහැදිලිව පෙන්නලා දීල තියෙනවා හෙළ වචන මොනවද සිංහලයට ඉන්දියන් භාෂා මිශ්‍ර වෙලා හැදිච්චි හෙළ නොවන වචන මොනවද කියල. (ආර්යසේන අශ්රුබෝධි කියන එතුමාගේ පියතුමා දමපු නම එතුමා වෙනස් කර ගත්තේ ඔය නිසා ) දැන් මේ හෙළයින් වෙනුවෙන් පෙනීසිටින මේ රාවනා සොහොයුරෝ රචනා කරලා තියෙන මහසෙන් තාන්දවයේ එහෙම් පිටින්ම තියෙන්නේ මිශ්‍ර වෙච්චි සිංහල වචනනේ. අමිශ්‍ර හෙළ වචන ඇත්තෙම නැති තරම්. තමන් කරන්නේ මොකද්ද කියල අවබෝධයක් නැතිව නිකන්ම ප්‍රසිද්ධියටයි, තමන් අනුගෙන් පොඩ්ඩක් වෙනස් විදිහට හිතනවා කියල පෙන්නන්න උත්සහ කරන අයවලුන්ගෙන් තමයි ඉතින් මේ වගේ විකාර පරස් පර දේවල් සිද්ද වෙන්නේ. අර ඉන්දියන් කාරයන්ගේ ශිව තාන්දවය ම පිටපත් කරලා සිංහල විකාර රූපී වචන ටිකක් දාපු එක විතරයි.


    අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ තමුන් ගොඩනගන්න හදන දෙය තමුන් විසින්ම විනාශ වෙන දෙයක කරලා තියෙන්නේ හැබැයි මොනවා උනත් ගීතයක් විදිහට ගත්තහම තනුවයි, සංගීතයයි, ගායනයයි එළමකිරි තමා.

    ReplyDelete
    Replies
    1. හෙල වෙසක් ගෙන කාගේ හරි කොන්ත්‍රාත්ත්‍රවක් කරට ගෙන හෙල ඉතිහාසය හෑල්ලු කෙට ලෝකයාට හිනාවීමට සලස්වන මීවනපළානේ ජයරත්න හා සගයින්ට යාමට අපායක් නැත.

      අපායට මොවුන් ගෙන ගියහොත් අපායත් වකෘති කර විකාරයන් කරාවි. මහාචාර්ය ලෙස පෙනී සිට රට රවටන මීයා හෙලාදකිමු.

      පක්ෂය මාරු කල කට හැකර දේශපාලුවකුගේ වැඩට උදව් දෙන ආකාරයක් පෙනෙයි

      Delete
    2. "මහාසෙන් තාණ්ඩවය" නැමැති ගීතය හදල තියෙන්නේ මම නෙමෙයිනෙ, ගීතය අයිති රවණා බ්‍රදර්ස්ලට. මම කළේ ඒ ගැන හඳුන්වාදීමක් පමණයි. එනිසා ගීතයේ අඩුලුහුඩුකම් ගැන මම උත්තර බඳින්න යන්නෙ නෑ. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    3. ලෝකෙ මොන මගුල උනත් ඒක රාවනගෙ නමට දාන මේ ආචාරියා තුමා
      සිව තාණ්ඩවය ඉන්දියානු එකක් කියන්නෙ ඇයි. ඒක ලිව්වෙ කව්ද කියලා නිකමටවත් හොයලා බැලුවද?

      සිව තාණ්ඩවයේ අවසාන කොටස මීවනපලාන දාලා තියෙන vid එකේ නෑ.
      මේ ලින්ක් එක බලන්න,
      http://www.youtube.com/watch?v=ZZ-WoPkxpTA#t=7m35s
      තේරුම් ගන්න මොලයක් තියෙන අයට ඔය දාලා තියෙන ටික ඇති, ආතල් ගන්න අයට නං අනේ මංදා.

      @panditha bamuna
      මේ කබ්බො ෆෝර්ම් වෙන්න කලිං , සිව රජට සිව තාණ්ඩවය ලිව්වෙ කව්ද?. කොයිකාලෙද? මහාසෙන් තාණ්ඩවය කලේ ඇයි ?
      මහාසෙන් තාණ්ඩවයේ intro එකේ මීට මාස 7කට පමණ පෙර ඒ අය විසින්ම දාලා තියෙනවා. ඒක බලලම කමෙන්ට්ස් දැම්මනං හොඳයි නේද?

      http://www.youtube.com/watch?v=YIDX9FdN2Ik

      Delete
    4. ශ්‍රී රාවණ රජතුමා යනු ශිව විශ්ණු ඊෂ්වර මේ සියල්ලන්වම යටත් කරගෙන සිටියෙකි. ඔහු කිසිදා ශිවගෙන් යදින්නේ නැත. ශිවතාණ්ඩ්වයේ තිබෙන්නේ රාවන රජතුමා ශිවගෙන් ජීවිත දානය ඉල්ලීමකි. පාහර ඉන්දියානුවන් රාවන රජතුමාට අපහාස වෙන පරිදි සකසා ඉදිරිපත් කර ඇති ශිව තාණ්ඩවය රාවණා රජතුමා ලිව්වා කීම රාවණා රජතුමාව ශිව ඉදිරියේ වැඳ වැටෙන නිවටයෙක් බවට පත් කිරීමක් නොවේද? එනිසා ශිව තාණ්ඩවය රාවණා රජතුමාගේ නොව එතුමාට අපහාස කිරීමට මහාසෙන් තාණ්ඩවය ඇසුරෙන් ඉන්දියානුවන් හදපු එකකි. මහසෙන් තාණ්ඩවය රාවණා රජතුමාගේ නිර්මාණයයි.

      පාහර ඉන්දියානුවන්ගේ පහත වංචාවට ඔබත් ‍රැව‍ටුනාද? අපේ මහසෙන් තාණ්ඩ්වය කොපි කර ශිව තාණ්ඩ්වය හැදූ බව ඔබ නොදන්නේද?

      It is said that when he was tired of rampaging across the earth, Ravana returned to Lord Shiva to request moksha, release from the bondage of endless rebirth. Shiva replied that he had granted Ravana the boon of indestructibility[citation needed], and that Ravana must instead seek moksha from Lord Vishnu. In this version of Ravana's story, his battle with Rama can be interpreted as a pretext to attain death, and through death, liberation. Ravana's poignant cry in the final quatrain of poetry — "When will I be happy?" is echoed by modern man in his quest for earthly fulfillment and ultimate liberation from its bondage.
      http://en.wikipedia.org/wiki/Shiva_Tandava_Stotram#Ravana

      රාවණ රජතුමා කිසිවෙක් ඉදිරියේ බාල්දු වුයේ නැත. එලෙස අන් අයගෙන් සරන ඉල්ලුවායැයි කීම අපගේ ශ්‍රී රාවණ අධිරාජ්‍යයාට කරන අපමණ නිග්‍රහයකි. සක්විති රජෙක් වෙන කවුරුවත් ඉදිරියේදී බාල්දුවෙන්නෙ නෑ බොලව්

      Delete
  20. ඔයා කියන ඕන දෙයක් පිලිගන්නම් ඒත් පරිප්පුනම් නොකා ඉන්න බෑ.....................

    ReplyDelete
  21. "මහාසෙන් තාණ්ඩවය" අහගෙන ඉන්නකොට මගේ යක් ලේ ධාතුව කැකෑරෙන්න ගත්තා.. ඒක නිසා වැහුවා පස්සේ අහනවා.. ඉන්දියන් කාරයෝ අපේ හැම එකක්ම කොපි පේස්ට් කරගෙනනේ බොලේ..හෙක්..හෙක්..

    ඉන්දියන් බංග වේවා !! හෙළුවන් දිනේවා..
    ශ්රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  22. ඉන්දියානුවන් විතරක්ද ජයරත්නයෙනි, පර සුද්දන් ද අපේ හෙළ ගී රැසක්ම කොප්පේ ගසා ඇති බව ඔබ නොදන්නවාද?

    http://kathandara.blogspot.com.au/2011/08/from-english-to-sinhala.html

    ඉහත සබැඳියෙන් ඔබට ඒ ගී රාශියන් කීපයක් ගැන තොරතුරු සොයා ගත හැකි වේවි.

    එල්විස් ප්‍රෙස්ලි, බොනී එම් විතරක් නොවෙයි බීට්ල්ස් ලා පවා අපේ හෙළ ගී කොපේපේ ගහලා.


    !!!

    ReplyDelete
  23. මේ සැරෙත් මීජයා බෙරු සින්දුවක් දාලා රාවනා ඉතිහාසය විකෘති කරනන හදනව.

    මෙම ගීතයේ එන ,ප්‍රභාව, ,බාහු, ,ප්‍රලම්භ, ,යන්ත්‍ර, ,මන්ත්‍ර, ,විභූති, ,සුරේන්ද්‍ර, ,හෘදයේ, ,ප්‍රමෝද,......(මේ කීපයක් පමණි) යන වචන සිංහල යම් පමනකට හැදෑරෑ ඔනෑම කෙනෙක් සංස්කෘත බව දනී. නමුත් මීගොනා නොදනී.

    සංස්කෘත භාෂාව සෑදුනේ ක්‍රි.පූ 300 ත් 400 ත් අතර පානිනී නම් බමුනකුගේ අතින් බව සැම දනී.

    එය එසේ නම් මහසෙන් තන්ඩාවට සංස්කෘත වචන යෙදුනේ කෙසේ ද?

    මී ජයා සියුම් ලෙස රාවන ඉතිහාසය වනසන පාපතරයෙකි.

    කතාවක් තියනව රාවනා කතරගම දෙවියන් (බර නුවන් - බර යනු 12 නුවන්= ඇස්)(කදිරයන්) වී ඉපිද ඇති බව. රාවනා බ්‍රදර්ස්ලටත් කියන්නෙ පානිනී ගේ භාෂාව අතහැර නියම හෙල බස යොදා ගත්තානම් අගනා නිර්මාණයකි.

    ,ප්‍රභාව, = පබ
    ,බාහු, = බා
    ,ප්‍රලම්භ, = ප්‍ර + ලම්භ ලම්භ යනු එල්ලෙන සිංහලෙන් ලබ
    ,යන්ත්‍ර, = යතුරු
    ,මන්ත්‍ර, = මතුරැ
    ,විභූති, = විභුත් උසස්
    ,සුරේන්ද්‍ර, = සුර + ඉන්ද්‍ර සිංහලෙන් සුරිදු
    ,හෘදයේ, = හද
    ප්‍රමෝද = පමොද

    තක්කඩි මීයා කියපන් මේවටත් මෙනවහරි හරුපයක්.......

    ReplyDelete
    Replies
    1. අලේ ඔයා වගේ අයත් ඉන්න එපයි..
      ඒ වුනාට දුකයි. :/

      Delete
    2. "මහාසෙන් තාණ්ඩවය" නැමැති ගීතය හදල තියෙන්නේ මම නෙමෙයිනෙ, ගීතය අයිති රවණා බ්‍රදර්ස්ලට. මම කළේ ඒ ගැන හඳුන්වාදීමක් පමණයි. එනිසා ගීතයේ අඩුලුහුඩුකම් ගැන මම උත්තර බඳින්න යන්නෙ නෑ. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  24. නොතැවෙන්න ජයරත්නයනි නොතැවෙන්න...පරදේසක්කාර නිවටයින් ගේ හිස් වදන් වලින් නොතැවෙන්න.

    ReplyDelete
    Replies
    1. මේ හූ නා ජයරත්නයෙනි.
      මේ හූ නා..

      Delete
  25. ලෝකෙ මොන මගුල උනත් ඒක රාවනගෙ නමට දාන මේ ආචාරියා තුමා
    සිව තාණ්ඩවය ඉන්දියානු එකක් කියන්නෙ ඇයි. ඒක ලිව්වෙ කව්ද කියලා නිකමටවත් හොයලා බැලුවද?

    සිව තාණ්ඩවයේ අවසාන කොටස මීවනපලාන දාලා තියෙන vid එකේ නෑ.
    මේ ලින්ක් එක බලන්න,
    http://www.youtube.com/watch?v=ZZ-WoPkxpTA#t=7m35s

    @panditha bamuna
    මේ කබ්බො ෆෝර්ම් වෙන්න කලිං , සිව රජට සිව තාණ්ඩවය ලිව්වෙ කව්ද?. කොයිකාලෙද? මහාසෙන් තාණ්ඩවය කලේ ඇයි ?
    මහාසෙන් තාණ්ඩවයේ intro එකේ මීට මාස 7කට පමණ පෙර ඒ අය විසින්ම දාලා තියෙනවා. ඒක බලලම කමෙන්ට්ස් දැම්මනං හොඳයි නේද?

    http://www.youtube.com/watch?v=YIDX9FdN2Ik

    තේරුම් ගන්න මොලයක් තියෙන අයට ඔය දාලා තියෙන ටික ඇති, ආතල් ගන්න අයට නං අනේ මංදා.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණ රජතුමා යනු ශිව විශ්ණු ඊෂ්වර මේ සියල්ලන්වම යටත් කරගෙන සිටියෙකි. ඔහු කිසිදා ශිවගෙන් යදින්නේ නැත. ශිවතාණ්ඩ්වයේ තිබෙන්නේ රාවන රජතුමා ශිවගෙන් ජීවිත දානය ඉල්ලීමකි. පාහර ඉන්දියානුවන් රාවන රජතුමාට අපහාස වෙන පරිදි සකසා ඉදිරිපත් කර ඇති ශිව තාණ්ඩවය රාවණා රජතුමා ලිව්වා කීම රාවණා රජතුමාව ශිව ඉදිරියේ වැඳ වැටෙන නිවටයෙක් බවට පත් කිරීමක් නොවේද? එනිසා ශිව තාණ්ඩවය රාවණා රජතුමාගේ නොව එතුමාට අපහාස කිරීමට මහාසෙන් තාණ්ඩවය ඇසුරෙන් ඉන්දියානුවන් හදපු එකකි. මහසෙන් තාණ්ඩවය රාවණා රජතුමාගේ නිර්මාණයයි.

      පාහර ඉන්දියානුවන්ගේ පහත වංචාවට ඔබත් ‍රැව‍ටුනාද? අපේ මහසෙන් තාණ්ඩ්වය කොපි කර ශිව තාණ්ඩ්වය හැදූ බව ඔබ නොදන්නේද?

      It is said that when he was tired of rampaging across the earth, Ravana returned to Lord Shiva to request moksha, release from the bondage of endless rebirth. Shiva replied that he had granted Ravana the boon of indestructibility[citation needed], and that Ravana must instead seek moksha from Lord Vishnu. In this version of Ravana's story, his battle with Rama can be interpreted as a pretext to attain death, and through death, liberation. Ravana's poignant cry in the final quatrain of poetry — "When will I be happy?" is echoed by modern man in his quest for earthly fulfillment and ultimate liberation from its bondage.
      http://en.wikipedia.org/wiki/Shiva_Tandava_Stotram#Ravana

      රාවණ රජතුමා කිසිවෙක් ඉදිරියේ බාල්දු වුයේ නැත. එලෙස අන් අයගෙන් සරන ඉල්ලුවායැයි කීම අපගේ ශ්‍රී රාවණ අධිරාජ්‍යයාට කරන අපමණ නිග්‍රහයකි. සක්විති රජෙක් වෙන කවුරුවත් ඉදිරියේදී බාල්දුවෙන්නෙ නෑ බොලව්

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පරදේසක්කාර නිවටයිනි රාවණාගේ උත්ථානය වෙනුවෙන් ඇමෙරිකානු සිකනලුන් ඉදිරියේ තමන්ගේ ජීවිතය පරදුවට තැබූ මහා යුග පුර්ශයාට අපහාස නොකරනු.

      Delete
  27. යුග පුරුශයාගේ බෙරු පිලිගන්න ද කියන්නෙ.
    අනුන්ගෙ මෙනවහරි දෙයක් බ්ලොග් එකට දාල ඒක ගැන කිව්වහම මගේ නෙවයි මට වගකියන්න බහැ කියන්නෙ යුග පුරුශයෝ ද?

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. ඔය සිංදුවට වඩා මේක හොදයි නේද?

    http://www.youtube.com/watch?v=WXScai8f2wo

    ReplyDelete
  30. මේකත් හොඳයි
    http://www.youtube.com/watch?v=TNk4zeZh2SA

    ReplyDelete
  31. ශිව ෙදවියන් බමුණන් සුර කුෙල් දාන් වැන්දට ශිව අනාර්ය ෙදවිෙයක් බරහ්මයට විශ්ණුට ෙහාම කිය කියා සත්තු මරනෙකාට ශිව ෙදවිෙගන් බැට කන බයට ශිව මාහාෙද්ව උනා ශිව යනු රැද්ර නමින් සිටි සතුන්ට අාදරය කරන කදු මුදුන් මත ධ්යාන වඩන ෙදවිෙයක් බමුණන් පන දාන් වදින්ෙන බයට එත් ෙහලෙයා එෙහම ෙනාවැන්දත් කිසි ෙහනයක් නැත්ෙත ශිව යනු අෙප් අතීත වීරෙයක් බැවිනි බමුෙණා කටු ගසාෙගන දගලන දිගා බල බල සතුටු අෙප ෙදවිවරැ අපිට පිහිට වන්ෙන් පිනට

    ReplyDelete

නුදුරු අදහස්