Monday, July 23, 2012

ලෝකයේ මුල්ම Blog එක හැදුවේ හෙළයින් බව Google පවසයි.

ලෝකයේ මුල්ම බ්ලොග් එක හැදුවේ හෙළයින් බව ඔබ දැන සිටියාද? ගූගල් ආයතනයේ ආසියා-පැසි‍ෆික් කලාපයේ ප්‍රධානී ඩැනියෙල් ඒල්ජර් (Daniel Alegre) මේ බව පවසමින් ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ලැරී පේජ් (Larry Page) වෙත කේබල් පණිවිඩයක් යවා ඇති බව අපට ඉතාමත් විශ්වාසවන්ත රහසිගත මාර්ගයකින් අනාවරනය විය. එහිදී ඒල්ජර් මහතා යවා ඇති පි‍ටු 21 දිග තාක්ෂණ පත්‍රිකාව ඇසුරෙන් පහත විස්තර දිග හැරෙයි. ලිපිය ටිකක් දිගු වුවත් එය කියවීමෙන් ඔබ ඉමහත් විස්මයට පත් වෙන බව සහතිකයි.

1995 වසරේදී ලැරී පේජ් විසින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව දැනට ලන්ඩන් කෞතුකාකාරයේ ඇති හෙළයින්ගේ පුස්කොළපොත් ඉතාමත් අමාරුවෙන් පරිවර්තනය කරගෙන කියවා ඇති අතර ඔහුට තවත් බොහෝ දෑ දැනගැනීමට අවශ්‍ය වී තිබුණි. ඒ අනුව ගූගල් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බ්ලොග් ඉතිහාසය පිළිබඳව 2006 අප්‍රියෙල් මාසයේදී ඉතාමත් රහසිගතව ගවේෂණය කර ඇත. එහිදී අදාල ගවේෂණ කණ්ඩායමට පුරාවිද්‍යා ආචාර්ය වරයෙක් මුණගැසුණ අතර ඔහුගෙන් ලද තොරතුරු වලට අනුව ලෝකයේ බ්ලොග් ඉතිහාසය අප නොදන්නා අතීතයකට දිව යන බව නිශේධනය කළ නොහැකි සාක්ෂි මගින් පැහැදිළිවම ඔප්පු වි හමාරය.


ඉතිහාසය
=======
ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතාට අනුව සීගිරිය යනු රාවණ රජතුමාගේ ලොකු අම්මාගේ පුතා වූ කුවේරගේ ආලකමන්දාව හෙවත් චිත්‍රකූට පර්වතය ලෙස හැඳින්වුණි. මේ බව "රාවණා වත" නැමැති පුස්කොළපොතේත් සඳහන් වෙයි. මහාවංසයේ සඳහන් වන්නේ සීගිරිය කාෂ්‍යපගේ බලකො‍ටුවක් බව වන අතර කාබන් 12 කාල නිර්ණයෙන් එය ධාතුසේන රජසමයේදී හැදීම ආරම්භ වී ඇති බව නිගමනය වී තිබුණත් හෙළයින් වන අපට සුද්දන්ගේ කාබන් විජ්ජාවන්ට වඩා මි‍රැන්ඩෝ ඔබේසේකර මහතාවත්, මහාවංසයට වඩා රාවණා වත පුස්කොළපොතත් විශ්වාසදායක නිසා, සීගිරිය යනු කුවේරගේ චිත්‍රකූට පර්වතයම බව පුරාවිද්‍යාත්මකව තහවුරු වෙයි. පසුව රාවණ රජතුමා විසින් එහි බ්ලොග්1* එකක් ආරම්භ කර ඇත.


මූලික තොරතුරු
===========
මා මේ පෙන්වා දීමට යන ලෝකයේ මුල්ම බ්ලොග් එක තිබී ඇත්තේ සීගිරියේයි. රාවණා වතට අනුව එහි බ්ලොග් පෝස්ට් දැමූ පුද්ගලයා වන්නේ "මායා දන්නාව" නැමැති චිත්‍ර ශිල්පියායි. ඔහු සෘජුවම සීගිරි බ්ලොග් එකේ "වෝල්2 එකේ" බ්ලොග් පෝස්ට්3 දැමූ අතර ඒවා රෙශලූෂන්4 අගය වැඩි පින්තූර වශයෙන් පළ කර ඇත. එසේම ඒවා අතර පෝන්5 උඩ කයෙන් සමන්විත කාන්තාවන්ගේ චිත්‍ර විය. පහත දැක්වෙන්නේ එවැනි බ්ලොග් පෝස්ට් එකකි.


ලෝකයේ නන් දෙසින් පැමිණි බ්ලොග් පාථකයින් මෙම සීගිරි බ්ලොගය නැරඹූ අතර ඔවුන්ට කොමෙන්ට්6 දැමීම සඳහා කොමෙන්‍ට් දමන වෝල් එකක්ද වෙනමම පැවතුණි. එය හොස්ට්7 කර තිබුණේ "කැටපත් පවුර" නම් සර්වර්8 එකකය. අද සිටින හෙළුවන්ට වඩා ශිෂ්ට වූ එකළ සිටි හෙළයෝ එහි කිසිදු අසභ්‍ය දෙයක් නොලී අතර සීගිරි බ්ලොග් එකේ තිබෙන පෝස්ට් වලට සරිලන ලෙස ඉතාමත් විශිෂ්ට ගණයේ කොමෙන්ට් දක්වා තිබුණි. එසේම සුරූපී කාන්තාවන්ගේ පින්තූර විතරක් සහිත බ්ලොග් එකක් නිසා කොමෙන්ට් ඉතාමත් අධික සංඛ්‍යාවක් ලැබිණි. එය ආසන්න වශයෙන් කොමෙන්ට් 700 ක් පමණ බව ගණන් බලා ඇත. පහත දැක්වෙන්නේ උදාහරණ කීපයක්.

ස්වස්ති, අග්බොයි මි ලීමි.
නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැ‍ට්කොළ මල සෙයි
සැන්‍දැගැ සිහි වෙන්නෙය් මහනෙල්වන හ‍ය් රන්වන හුන්.

එළෙනෙ ල කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් කීයී මි
බසක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අස්ද්වස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.

කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්වයි සිත් නොමු සී

සීගිරි කොමෙන්ට් වලදී නම සඳහන් වෙතොත් කොමෙන්ට් එකට පෙර තම නම සඳහන් කිරීම සම්ප්‍රදායක් වී ඇත. ඒ සම්ප්‍රදාය දිගටම පැමිණ අදටත් කොමෙන්ට් එකට පෙර කොමෙන්ට් කරුගේ නම සඳහන් කරන බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ඇති කොමෙන්ට් දෙස බැලීමෙන්ම පැහැදිළි වේවි. නමුත් ඇනෝනිමස්9 කොමෙන්ට් දැමූවන් අද මෙන් ඇනෝනිමස් කියා ලියමින් බ්ලොග් එක කැත නොකිරීමට තරම් කාරුණික වූ බවත් කිව යුතුය. ඉහත උපුටා දැක්වූ කොමෙන්‍ටු වල තද පාටින් දක්වා ඇත්තේ කොමෙන්‍ටු කරුගේ නම වන අතර ළා පැහැයෙන් දක්වා ඇත්තේ කොමෙන්‍ටුවයි. ඒ අනුව එහි යටින්ම ඇති කොමෙන්‍ටුව ඇනෝනිමස් එකකි.

"කැටපත් පවුර" ලෙස හැඳින්වෙන කොමෙන්ට් වෝල් එක

එම කොමෙන්ට් වල තිබෙන ගීතවත් බව නිසාම සීගිරි කුරු‍ටු ගී ලෙස ඒවා හැඳින්වූ අතර එම ගීත වල බාසාව අනුරාධපුර යුගයේ අග භාගයට සම්බන්ධ බව පෙනුනත් එමගින් සීගිරි කුරු‍ටු ගී අනුරාධපුර යුගයට අයත් බව කිසි සේත්ම ඔප්පු නොවේ. සීගිරි කුරු‍ටු ගී අයත් වන්නේත් රාවණ යුගයටයි. තාමත් කැම්පස් වල ඩෙස් බංකු වල පවා කොල්ලන් පහත ආකාරයේ "කුරු‍ටු ගී" ලිවීමෙන් අප හෙළයින්ගෙන් සීගිරි කුරු‍ටු ගීයේ රාවණ ඉතිහාසය මකා දැමීමට කිසිවෙකුට නොහැකි බව පසක් වෙයි.

සයිකො ගසා මම ගිය කල ඈ වෙතට
දුන්නා බූට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට
(පේරාදෙනිය විශ්ව විද්‍යාලය, තුන් වන මහල, ප්‍රධාන පොත් ගුල)

සීගිරි බ්ලොග් එක ආරම්භ කළ කාලයේදීම එහි බ්ලොග් පෝස්ට් 502 ක් පමණ දමා තිබූ අතර, එය හොස්ට් කළ ෆ්‍රෙස්කෝ එකේ ඇතිවූ දෝශ මෙන්ම තවත් හේතු නිසා නිසා අද ඉතිරි වී ඇත්තේ බ්ලොග් පෝස්ට් 22 ක් පමණි. මේ වන විට බ්ලොග් එක අප්ඩේට්10 කිරීම මෙන්ම කොමෙන්ට් කිරීමත් ක්ලෝස්11 කර ඇතත් මීට දසක කීපයකට පෙර කැටපත් පවුර හැක්12 කර එහි කොල්ලන් සහ කෙල්ලන් තම තමන්ගේ නම් ගම් ලියා ඇති බවත් දක්නට ලැබෙයි. එනිසා දැන් කැටපත් පවුරට දැල් සහිත ෆයර්වෝල්13 එකක් දමා ඇත. ඊට අමතරව එහි තිබූ බ්ලොග් පෝස්ට් සහ කොමෙන්ට් සියල්ලම බැකප්14 කර ඇත.


තාක්ෂණික තොරතුරු
==============
සීගිරි ගල මුදුනේ කුවේර රජතුමාගේ මාලිගාව තිබුණ බව ඔබ දන්නවා ඇති. ඉතින් කුවේර වැනි බලසම්පන්න රජකෙනෙක් අද අපි සීගිරි නගිනව වගේ ගල වටේ බඩගාගෙන සීගිරිය මුදුනට නගීවිද? අනික ණුවණින් විමසා බලන්න සීගිරිය නගිද්දීම සිංහ පාදය පහු වෙනවත් එක්ක තියෙන තේරුමක් නැති ගල් බැම්ම දිහා. සිතන්න, හොඳටම සිතන්න....


සීගිරිය අවට වාසය කරන සහ කාලයක් සීගිරියේ ආරක්ෂක නිලධාරියෙක්ව සිට දැන් විශ්‍රාම සුවයෙන් ගත කරන අනූ හය හැවිරිදි පුදගලයෙක් වන සුගතං අප්පුහාමි මහතා පැවසුවේ මෙවැනි කතාවකි.

"ගොඩ කාලෙකට ඉස්මත්තේදී, බෙල් කියන පර සුද්ද සීගිරිය පරීක්සා කරන්න ආව. ඇවිං ඒක බලලා සීගිරියට නගින දඹ රන් සෝපානය ගලවගෙන ගියා. ඒ සෝපානය ලන්ඩන් කෞතුකාගාරෙ තාමත් තියෙනව, ඕනැනං ගිහිං බලං. ඒ විතරක්ද සීගිරිය ගල ඇතුලට ගිහින් ඒකෙ තිබුණ වස්තුව කරත්ත හතකට පටවගෙන ඊට පස්සෙ ඒ පාර ගඩොල් දාල සිමෙන්ති බදාම ගහල වැහුව. සිංහ පාදය පහු කරපු ගමන් තියෙන තාප්පය තමයි බෙල් පර සුද්ද වහපු උමගේ දොර‍ටුව. ලොකුම විනාශය කලේ සහ කරන්නෙ අපේ පුරාවිද්‍යාඥයින්, ඇත්ත හංගලා. මුන්ට හෙණ ගහනව යකෝ"

සුගතං අප්පුහාමිගේ හෝඩුවාව අනුව අපි සීගිරි පාදයට ඇතුළතට වෙන්නට ඇති තාප්පය අධෝරක්ත කිරණ උත්ප්‍රේරක යන්ත්‍රයක් යොදා ගනිමින් ස්කෑන් කිරීමක් සිදුකළමු. එහිදී අප දු‍ටු දේ විස්මය ජනකය. එතනින් ඇතුළතට යාමට උමගක් තිබූ අතර එහි කාමර ගණනාවක් තිබුණි. එහි එක් කාමරයක තිබුණේ තවමත් යථා තත්ත්වයෙන් පවත්නා වූ පාලක මැදිරියකි. එහි ඉතාමත් සුමුදුවට මදින ලද ගල් පුවරු තිබුණ අතර අප සමග සිටි පර්යේෂකයෙක් පැවසුවේ ඒවා ප්‍රාග් ඒතිහාසික මොනිටර්15 බවයි.

"රාවණ වත" නැමති පුස්කොළපොතේ ටීකාවක් වන "කෛලාශකූටවන" නැමැති පුස්කොළපොතේ සඳහන් වන්නේ මෙවැන්නකි.

"කුවේර රජ තෙමේට මහා බලගතු යන්තරයක් කෛලාශකූට පබ්බතය මදේ තිබිණැ, එමගින් දෙනැ විධාන ප්‍රකාරවැ කෛලාශකූට මස්තකයේ සිත්තම් පෙන්වන අත‍රැ එය නැරඹීමට යනැ එනැ හෙළුවෝ ඒ යන්තර ඉදිරිපිටැ ඇති බොත්තම් පුවරුවේ බොත්තම් ඔබා තෙමේට රිසි රිසි දෑ ලියන්නාහ. අනතුරුව එලෙස ලියූ දෑ යන්තරයේ වෙනමැ නිදන් වන්නාහ..."

මේ දේ නුවනින් විමසා බැලිය යුතුයි. රාවණ රජතුමාට ගුවන් යානා තිබුණ බව අපි හොඳාකාරවම දනිමු. වෙනත් ලෝක ආක්‍රමණය කර යටත් කිරීමට තරම් ශක්තියක් එතුමාට තිබුණි. ඒ සඳහා ගුරුත්වාකර්ශණය මැඩ පැවැත්වීමට මෙන්ම වායුගෝලීය පීඩනය අතික්‍රමණය කිරීමටත්, වායුගෝලයෙන් එහා ඇති රික්තීය අවකාශයේ මනුෂ්‍යයෙකුට ජීවත් වීමට අවශ්‍ය තාක්ෂණයත් රාවණ රජතුමාට තිබී ඇත.

එසේනම් ඊට වඩා බොහෝ ප්‍රාථමික තාක්ෂණයක් වන පරිගණක යන්ත්‍රයක් ඕන්16 කර එමගින් බ්ලොග් පෝස්ට් එකක් දැමීම සහ අවශ්‍ය විටක කොමෙන්ට් බැකප් කිරීම සැක කිරීමට තරම් දෙයක් නොවේ. මෑතකදී පුරාවිද්‍යාඥයින්ට හමු වූ ඉපැරණි මෛක්‍රොචිප් ද මෙය සනාථ කිරීමට කදිම සාධකයකි.


ගූගල්
====
1995 වසරේදී ලැරී පේජ් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී හමුවූ හෙළ පුස්කොළපොත් බොහොම අමාරුවෙන් පරිවර්තනය කරවාගෙන කියවද්දී ඔහුට තේරුම් ගියේ සීගිරියේ තිබූ මළපහ බැහැර කිරීමේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවයි. එනම් ඔබත් සමහර විට දන්නා පරිදි සීගිරිය ගල මුදුනේ ඇති රාජ වැසිකිළි වලට මළපහ කළ පසු ඒවා ප්‍රතිචක්‍රීකරණයකට ලක් වී අසල ඇති කුඹුරු වලට පොහොර ලෙස බැහැර වෙයි.

නමුත් එකී පුස්කොළපොත් වල ඊට වඩා විශාල රහසක් ගැබ් වී තිබුණි. එනම් වැසිකිළි වලින් ඇතුළු වන මළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට යැවෙන අතර එහිදී ඒවායින් කොටසක් කාබනික පාෂාණ (ගල්) බවට පත් වෙයි, ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය වී කුඹුරු වෙත පොහොර ලෙස නල මගින් ගමන් කරයි.

ඉතින් පාෂාණ බවට පත් වූ මළ වල ඇති ප්‍රධාන ගුණයක්නම් ඒවා මත සටහන් කරන දෑ ලෙහෙසියෙන් නොමැකීමයි. එම ගල් ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයක් වෙත යැවෙන අතර එහිදී ඒවා ආරක්ෂිතව තැන්පත් වෙයි. පසුව සීගිරියේ කුරු‍ටු ගී යන්ත්‍රාණුසාරයෙන් ඒවා මත සටහන් වෙයි. කිසියම් පාථකයෙකුට සීගිරියේ චිත්‍ර මෙන්ම කුරු‍ටු ගී සෙවීමට අවශ්‍ය වූ විට සිගිරිය ගල තුළ ඇති යන්ත්‍ර මගින් අදාල ගල් උපයෝගී කරගෙන ලෙහෙසියෙන් ඒවා සොයා දීමට පුළුවන.

මා ඉහත සඳහන් කළ මළපහ හෙවත් ගූ මගින් නිෂ්පාදිත ගල් වර්ගය හඳුන්වා ඇත්තේ "ගූ-ගල්" නමිනි. මේ බව අවබෝධ කරගත් ලැරී පේජ් මහතාත් තම සෙවුම් යන්ත්‍රයට අර කිව් ගල් වල නමම යොදන ලදී. අද මුළු ලෝකයම උජාරුවෙන් භාවිතා කරන ගූගල් වල ආරම්භය ඇත්තේ හෙළයින්ගේ ගූ-ගල් වලය.

විමල් වීරවංශ යනු පැහැදිළිවම රාවණා විරෝධියෙක් වන තර මාස ගණනාවකට පෙර ගූගල් වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමේ හේතුව දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතමි.


බ්ලොගර්
======
ගූගල් සමාගම සාර්ථකත්වය කරා දිනෙන් දින යද්දී ජනතාව සඳහා නොමිලයේ වෙබ් පි‍ටු ලබා දීමටත් ඔවුන් කටයුතු කර ඇත. තම සමාගමේ සාර්ථකත්වය පසුපස ඇති ශ්‍රී රාවණ රජතුමාගේ ශක්තිය ඔවුන් එහිදීත් අමතක කළේ නැත. සීගිරිය බ්ලොග් එක තිබුණේ ගලක නිසා එම තාක්ෂණය "බ්ලොග් ගල්" ලෙස පුරාණ කාලයේ සිටම හැඳින්වුණි. "බ්ලොග් ගල්" යන නම බටහිරට සුදුසු ආකාරයට වඩාත් සරළ ලෙස "බ්ලොගර්"17 ලෙස හඳුන්වන ලදී.

එදා ගූගල් සමාගම විසින් රාවනා නිර්මාණයක් වූ "බ්ලොග් ගල්" වල නම යොදා ගැනීම නිසාම බ්ලොගර් ශ්‍රී ලංකාව තුළ අතිශයින්ම ජනප්‍රිය වූ අතර ලෝකයේ අග්‍රගණ්‍ය බ්ලොග් සේවයක් බවට පත් විය. ගණ පිහිටවා නිර්මාණය කරන ලද හෙළ වචන වන "බ්ලොග් ගල්" සහ "ගූ ගල්" වල රාවණ ශක්තිය අදටත් ගැබ්ව තිබේ. කාලාන්තරයක් පැවතීම සඳහා නිවාස ඉදිකිරීමේදීත් බොහෝ අය "බ්ලොග් ගල්" භාවිතා කරන්නේ ඇයි කියා ඔබ සිතුවාද?

හෙළ "බ්ලොග්-ගල්" කරුවන්ගේ සංසදය

ශ්‍රී ලංකාව තුළ සාර්ථක වී ඇති සෑම බ්ලොග් එකක් පාහේම යොදාගෙන ඇත්තේ හෙළ රාවණ නිර්මාණයකින් පැවත එන බ්ලොගර් ය. උදාහරණ: මාරයාගේ හෝරාව, කතන්දර, ගොසිප්9, සඳරු, දුකා, වෙද ගෙදර (බොහෝ නම් ඇතත් ඉඩ මද නිසා ටිකයි සටහන් කරන්න වෙන්නෙ, ඉදිරියේදී සාර්ථක බ්ලොගර් බ්ලොග් ගැන වෙනම ලිපියකින් විග්‍රහ කරන්නම්)

නමුත් පසුකාලයේදී අසාර්ථක වූ හෝ හැක් වූ බ්ලොග් ගණනාවකට යොදාගෙන තිබෙන්නේ පර සුද්දන්ගේ නමක් ඇති වර්ඩ්ප්‍රෙස් ය. උදහරණ: ටැබූ, බියෝන්ඩ්ෆ්‍රේම්, ඇටමැස්සා, පෙරමුනේ රාලගේ අ‍ටුවාව (කොමෙන්ට් වලින් රාල හැමදාම බැනුම් අහනව, සුදු වෑන් එකක් දැකල ළඟදී වහන්න වුණත් එක්ක)

සිංහල බ්ලොග් කරුවනි, හෙළ රාවණා නිර්මාණයන්ම තෝරා ගැනීමෙන් ජයග්‍රහණය සහතික කර ගන්නා හැටි දැන් වැටහේද? ලෝකයට බ්ලොග් කලාව හඳුන්වා දුන් හෙළයින්ගේ නිර්මාණ වලින් පැවත එන බ්ලොගර් බ්ලොග් කියවන අපි සැබවින්ම වාසනාවන්තයෝ වෙමු, ඒ ගැන ආඩම්බර වෙමු.

* පද නිරුක්ති - අරිසෙන් අහුබුදු සූරීන්ගේ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව සකසා ඇත.

1. "බ්ලොග්" යනු "බලග" නැමැති හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, බ=බලන්න, ල=ලගින්න, ග=ගරු/ගර්හා කරන්න. වර්තමානයේදීත් බ්ලොග් එකකට ගිය විට බලනවා, හොඳනම් දිගටම එහි ලගිනවා, ගරු හෝ ගර්හා කරනවා හැර වෙනත් යමක් අපි නොකිරීමෙන් රාවණ රජතුමාගේ බ්ලොග් තාක්ෂණය මේ දක්වාම පැමිණි ආකාරය මනා කොට පැහැදිළි වෙයි.

2. "වෝල්" යනු "වල" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ව=වර්ගඵලය, ල=ලම්භක. වර්ගඵලය ලම්බක ලෙස හැඳින්වෙන්නේ බිත්තියක් බව වැටහෙයි. එසේම කැම්පස් (කැම්=කෑම්, පස්=පස්, පස් කෑම) තුළ "වල" ලෙස හැඳින්වෙන්නේත් බිත්ති වලින් වටවූ තැනක් වීමෙන් හෙළ වෝල් වල ආගමණය පැහැදිළි වෙයි.

3. "පෝස්ට්" යනු "පසට" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ප=පළකිරීම, සට=සටහන. සටහන පළකිරීම යනු "පෝස්ට්" බව තවත් පැහැදිළි කළ යුතු නෑනෙ?

4. "රෙශලූෂන්" යනු "රසලසන" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, රස=රසයෙන්, ල=ලක්ෂයන්, සන=සනසනවා. ලක්ෂයන් රසයෙන් සනසනවා යන අරුතෙන් The fineness of detail that can be distinguished in an image, as on a video display terminal. නැමැති ඉංග්‍රීසි අරුත ලැබුණි.

5. "පෝන්" යනු "පෝ-ඕං" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, පෝ=පෝලිම, ඕං=ඕන්=ඔන්න. ඒ අනුව "පෝලිම ඔන්න" යනු පෝ-ඕං නැමති හෙළ පදයේ අරුතයි. පසු කාලයේදී එය පෝන් ලෙස විතැන් වූ අතර පසුව මෙම හෙළ පදය වන පෝන් අනුව පෝනෝග්‍රැ‍ෆි (Pornography) නැමැති ඉංග්‍රීසි වචනයත් ගොඩ නැගුණි.

6. "කොමෙන්ට්" යනු "කොමන‍ටුව" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, කො=කොටනවා, මන=මනසේ ඇති, න‍ටුව=නාට්‍යය. මනසේ නාට්‍යයක් සේ රඟදැක්වෙන දේ කොටනවා යන අරුත කොමන‍ටුව හෙවත් කොමෙන්ට් නම් වේ.

7. "හොස්ට්" යනු "හොසට" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, හො=හොවනවා (තැන්පත් කර තබනවා), සට=සටහන. සාමාන්‍යයෙන් හොස්ට් කිරිමේදී සිදුවන්නේ කේත සටහනක් වෙනත් පරිගණකය තැන්පත් කර තැබීම නිසා "සටහන හොවනවා" යන්නෙන් හොස්ට් යන්නේ අරුත ලැබෙයි. ඒ අනුව හොස්ට් කිරීමත් පළමුව හොයා ගත්තේ හෙළයින්ය.

8. "සර්වර්" යනු "සර්වර" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, සර්ව=සියලුමදෑ, ර=රඳවනය. වර්තමානයේ සර්වරයකත් පරිගණක ගණනාවක සියලුම දෑ රඳවා තබන බැවින් අපගේ හෙළයින්ගේ තාක්ෂණය අද ඇති තාක්ෂණය මෙන්ම හෝ ඊටත් වඩා දියුණු බව පැහැදිළි වෙයි. සර්වර නැමැති හෙළ පදය පසුකාලීනව සර්වර් ලෙස ඉංග්‍රීසියට වරනැගුණි.

9. "ඇනෝනිමස්" යනු සුද්ද සිංහල හෙළ වචනයකි. එහි පද නිරුක්තිය වනාහී, ඇනෝ=අනේක=බොහෝ, නි=නිදහස්, මස්=මස්වැද්දො. ඇනෝනිමස් කොමෙන්‍ටු දමන අයව "බොහෝ නිදහස් මස්වැද්දො" ලෙස හැඳින්වීමෙන් හෙළයින් පවා ඇනෝනිමස් කොමෙන්ට් කරුවන්ගේ තරම දැනගෙන සිටි බව පැහැදිළි වෙයි. නමුත් සීගිරි බ්ලොග් එකේ කොමෙන්‍ටු දැඩි ලෙස මොඩරේට් කිරීම නිසා ඇනෝලාගේ වදයෙන් එය අතීතයේදී බේරුණි.

10. "අප්ඩේට්" යනු "අපදත" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, අප=අපමණ, ද=දක්වනවා, ත=තත්කාලයේදී. ඒ අනුව "තත්කාලයේදී අපමණ දක්වනවා" යන අරුතෙන් හැදුන අපදත නැමෙති හෙළ වචනය පසුව අප්ඩේට් යන ඉංග්‍රීසි වචනය ගොඩනැගී ඇත.

11. "ක්ලෝස්" යනු "කෙලෙස්" නැමැහි හෙළ වචනයෙන් බිඳුණක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. කෙලෙස් යනු වසා දැමිය යුතු දෙයක් බව වටහාගත් අතීත හෙළයෝ යමක් වසා දමන ක්‍රියාවත් කෙලෙස් ලෙසම හැඳින්වුවෝය. පසුව කෙලෙස් යන වචනයෙන් "ක්ලෝස්" යන ඉංග්‍රීසි වචනය ගොඩනැගුණි.

12. "හැක්" යන පදය "හැ+ඇක්" ලෙස භින්න වෙන බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, හැ=හැඳිගාදමනවා, ඇක්=ඇකය=ගර්භාෂය. දරුවෙක්ව ගබ්සා කිරීමේදී ගර්භාෂය හැඳිගාදැමීමක් සිදුකරයි. එනම් ගර්භාෂය හැ+ඇක් කිරීමක් හෙවත් ගර්භාෂය හැක් කිරීමකි. රාවණා සමයේදී එය ඉතාමත් පිළිකුල් මෙන්ම තහනම් ක්‍රියාවක් විය. වර්තමානයේදීත් සමහරුන් වෙබ් අඩවියක් හැක් කළ පසුව එය ගබ්සා කළ ගර්භාෂයක් මෙන් හිස් වෙනවා නොවේද?

13. "ෆයර්වෝල්" යනු "පයරවල්" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ප=පසුබිම, ය=යවට, ර=රත්වු=ගිණියම් වූ, වල්=වළල්ල. රාවන රජතුමාගේ වස්තුව ආරක්ෂා කිරීම සඳහා ඒ වස්තුව "පසුබිම යවට වලින් ගිණියම් වළල්ලක්" තිබුණි. එය "පයරවල්" ලෙස හැඳින්විය. පසුව ඒ වචනයෙන් "ෆයර්වෝල්" නැමැති ඉංග්‍රීසි වචනය ගොඩනැගුණි.

14."බැකප්" යනු  වර්ගපූර්ණිකා‍ටුවාවට අනුව සුද්ද සිංහල හෙළ වචනයකි. එහි පද නිරුක්තිය වනාහී, බැ=බැරකරනවා=ආරක්ෂා කරනවා, කප්=කප්(කප්සි‍ටුවනව). කප් ආරක්ෂා කිරීමේ සිරිතක් අතීත හෙළයේ පැවති අතර එය අදටත් කප් සි‍ටුවීම වැන් අවස්ථා වල දක්නට ලැබෙයි. ඒ අනුව කප් බැර කිරීම "බැකප්" ලෙස හැඳින්විය.

15. "මොනිටර්" යනු "මනටර" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. එහි පද නිරුක්තිය වනාහී, ම=මනස, නට=නටනවා, ර=රසවිඳිනවා. වර්තමානයේ ඇති මොනිටරයක් බැලීමේදීත් "මනස නටනවා සහ රසවිඳිනවා" හැර වෙන යමක් සිදුවේද?

16. "ඕන්" යනු "ඕං" නැමැති හෙළ වචනයෙන් බිඳුනක් බව වර්ගපූර්ණිකා‍ටුවාවේ දැක්වෙයි. රාවණ යුගයේ පැවති අධි තාක්ෂනික යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ශබ්ද මුර පද (Voice Password) භාවිතා කළ බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ "තාරකා දොර‍ටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා (1 කොටස)" නැමති ලිපියෙන් ඔබට විද්‍යාත්මකව පෙන්වා දුනිමි. එහිදී බොහෝ විට භාවිතා කළ පදයක් වූයේ "ඕං" යන්නයි. නමුත් එක් එක් කෙනාගේ උච්ඡාරණය අනුව යන්ත්‍ර මගින් ඒවා හඳුනාගෙන ඇත. ඉතින් ඒ "ඕං" යන පදය පසුකාලීනව "ඕන්" ලෙස ඉංග්‍රීසියට වරනැගුණි. වර්තමානයේදී පවා සෑම රාවණ මන්ත්‍රයක් මුලදීම "ඕං" කියා කියන්නේ "ඕන්" (Switch On) කිරීමේ ක්‍රියාව සඳහාය.

17. "බ්ලොගර්" යනු විශාරද සුලක්ඛනා මෙනෙවිය පැහැදිළි කරන පරිදි හෙළ වචනයක් සේ සැලකිය හැකියි. එහි හෙළ මූලය වන්නේ "බලෝගරා" යන්නයි. බ=බලය, ලෝ=ලෝභය, ග=ගර්හාව, රා=රාගය. ඒ අනුව බලය ලෝභය ගර්හාව සහ රාගය එකට කැටි වූ තැන බලෝගරා හෙවත් බ්ලොගර් ය.

ඉහත දැක්වූ ඉංග්‍රීසි වචන හැදී ඇත්තේ ග්‍රීක් හෝ ලතින් වචන වලින් බව සමහරුන් පවසාවි. නමුත් සැබෑ හෙළ ඉතිහාසය සුද්දන් විසින් සඟවා ඇති අතර අප හෙළි කරන දේවල් වලට නිවැරදි මූලාශ්‍ර අප සතුව තිබේ. ඒවා යථා කාලයේදී හෙළි කරමි. ශ්‍රී රාවණා රජතුමා ගැන තාමත් පාසල් පෙළපොතට ඇතුළත් කර නැති විටෙක, ඉංග්‍රීසි වචන වල මූලාරම්භය හෙළයින්ගෙන් බව පිළිගැනීමක් අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවෙමු.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

173 comments:

  1. Replies
    1. සතුරු පාර්ශ්වයක කෙනෙකු වුවත්, මේ ජය-ර-තන ගේ ප්‍රති-බාව අගය කිරීමට මම පසුබට නොවෙමි. බලන්න මොන තරම් තර්කාන්විතව ඔහු කියන දේ ඔප්පු කර පෙන්වනවාද ? කවි සිංදු ලෙහෙසියෙන් මතක නොතිබුනත්, 6 වසරෙහි උගත් නීල කට්රොල හෙළ ගීය වසර 20කට පසුවත් මට හොඳින් මතක තිබෙන්නේ එහි අපුර්ව ගණ පිහිටීම් නිසාම විය යුතුය.

      හෙළයෝ ගු-ගල් නිපදවු ආකාරයටම යා-හූ නිපදවන ලද්දේ රාමනුගාමී භාරතීයන් විසිනි.

      යාහූ = යා + හූ
      යා + හූ = ඊයා + හූ
      ඊයා = ඊ එකකට වැඩි ගණනක්
      හූ = සෙවීම

      දුර විදින ලද හී සොයා ගැනීමට රාමානුගාමිකයෝ භාවිත කල ඇල්ගොරිදම ආශ්‍රිතව පර සුද්දන්ගේ ඊනියා යා-හූව නිර්මාණය කර ඇත.

      Delete
    2. ස්වස්ති. එසේම, ඉන්දියානුවන් ගොඩක් විච්චූරණ වලට කැමති නිසාම යාහූ සෙවුම් යන්ත්‍රයත් අති මහත් ලෙස එක් එක් දෑ වලින් විච්චූරන කර ඇත. මේ බලන්න http://www.yahoo.com

      නමුත් හෙළයෝ බොහොම සරළ ජාතියක් වන අතර ඔවුන්ගේ සරළත්වය හෙළ ගූ-ගල් වලින්ද පැහැදිළි වෙයි. බලන්න ගූ-ගල් වල ඇති නිර්ව්‍යාජ සරළ බව http://www.google.com

      එනිසාමදෝ යාහූ වලට වඩා හෙළයින් අතර ගූගල් ඉමහත් ලෙස ජනප්‍රිය විය.

      Delete
    3. එහෙත් යා-හු වලින් ගු-ගල් වලින් මෙන් නොව දුගඳ හමන්නේ නැත.. ඒ වගේම අති සරලව තිබු යා-හුව විච්චුරණ වලින් පුරවන ලද්දේ පර සුද්දන් විසින් මිස භාරතීයයන් අතින් නොවේ..

      Delete
    4. ලංකාවේ අලුත් ටෙනිසන්ල ගොඩක් ඇතිවෙලා

      1 . ආචාර්ය මීවනපළානේ ජයරත්න
      2 . කතන්දර Kathandara
      3 . කාංචන මනමේන්ද්‍ර

      Delete
  2. pattttttttttttaaaaaaaaaa!!

    ReplyDelete
  3. කතාවනං කියල වැඩක් නෑ මරේ මරු. අද බාසාවෙන් කිව්වොත් පට්ටයි එලයි (එල ද එළ ද දන්නෙ නෑ)

    ReplyDelete
  4. මෑතක් වන තුරු මා හට පැවති සැකය දුරු කළ ඔබට තුති. මෑතකදී බුකිය තුළ 'බ්ලොගර්' වෙනුවෙන් හඩක් නැගූ ඔහු, අද මී ජයා බවම මා හට සිතේ.

    කෙසේ වෙතද මාගේ අදහස් නම් අපව වෙනත් මානයකට ගෙන යාමට මේ කාළයයි. ඔබට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔහුව මම ෆේස්බුකියේ දනිමි. මේ ලිපිය ලිවීමට ඔහු ෆේස්බුකියේ නැගූ හඬත් හේතු විය. මා ඔහු නොවේ. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    2. patriot උබටත් පිස්සු හැදිල ද?

      Delete
    3. @ Vidu නොදන්නා ගූ ගොඩවල් ලෙව නොකා සිටින ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ මෙම බ්ලොග් අඩවියේ දෙන ආතල් දුටු විට මට මරදානේ ගොන් බඩු සිහි වේ. ඔබට මේ ආතල් දීමේ පිනෙන් උපදින උපදින සෑම භවයකදීම ටියුබ් ලයිට් එකක් අධෝ මුඛයේ රුවා ගන්නට හැකි වේවා යි පතමි.

      Delete
    4. නොදන්නවාට මෙනව කරන්නද ?

      රාවනා සිද්ධම්..... වැරදුනා

      ජයරත්න සිද්ධම්....

      Delete
    5. @The Modern Patriot: ++++++++++++++++++++++++++++++++ etc. . .

      Delete
  5. මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්.

    ලැරි පේජ් (Larry Page) විසින් හෙළ රාවණා තාක්‍ෂණය කොප්පේ ගසා තම ගූගලය සැදූ බව හෙලිවෙන බව අසා ඇති වුණු මහත් තැති ගැනීම නිසා දෝ අසනීප වී ඇතිබව සැලවේ.

    http://www.dailymail.co.uk/news/article-2176646/Where-Larry-Page-Mystery-surrounds-whereabouts-health-Google-CEO-misses-meeting.html

    ඔහුට ඉක්මන් නිරෝගී සුව පතමු.

    ReplyDelete
    Replies
    1. ගූ-ගල් සහ බ්ලොග්-ගල් ගැන වැඩිදුර විමසමින් මීට ටික දොහකට ඉහතදී මා ඔහුට විද්‍යුත් ලිපියක් යැවුව. ඔහු එය ඉතාමත් අවඥා සහගතව බැහැර කළා. පසුව මා ඔහුට කිව්ව ඔහුගෙන් තොරතුරු අනවශ්‍ය බවත් මා දන්නා තොරතුරු අනුව ලිපියක් සකස් කරමින් සිටින බවත්. එය ඇසීමෙන් ඇතිවූ චිත්ත පීඩාව නිසා වෙන්න ඇති සමාගමේ ‍රැස්වීම් පවා මගහරිමින් සිට, දින කීපයකට පෙරම ඔහු අසනීප වන්නට ඇත්තෙ.

      ලැරී පේජ්ට ශ්‍රී රාවණ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා!

      Delete
    2. කතන්දරගෙ බලග ඇතුළු තවත් බලගවල් කීපයකට යොමු දැමීම මග හැරිල තිබිල දැනුයි දැම්මෙ.

      Delete
    3. ස්තුතියි.

      දැන් ඔය යොමු හෙවත් ලින්ක් දැමීමත් එදා ශ්‍රී රාවණාධිරාජයා ගේ කාලේ ඉඳලා එන ක්‍රමවේදයක් නේද එමගින් තමයි ඔවුන් තම දැනුම එකිනෙකා හා බෙදා ගත්තේ නේද?

      Delete
    4. yawapu lipiya balanne barida

      Delete
  6. හෙළ බ්ලොග්-ගල් කරුවන්ගේ සංසදයේ මුල් රැස්වීමට මීවනපලානේ ජයරත්නත් ආවා ද?

    ReplyDelete
    Replies
    1. ඕන්නැති ප්‍රස්න අහන්ඩෙපා යකෝ.......... :)

      Delete
    2. ඇත්තෙන්ම කියන්න කණගා‍ටුයි මහත්මයා, හෙළ බ්ලොග්-ගල් සංසදයට එනව තියා තාමත් වර්ගපූර්ණිකාව හෙළ බ්ලොග්-ගල් සංසදයට එකතු කරලවත් නෑනෙ :'( ඉන්ද්‍රනාම මහත්තයෝ... අහක බලන් යන්න එපා :(

      ලාංකීය සින්ඩියේනම් වර්ගපූර්ණිකාව ටික කාලයක් ගියා, ඒත් අපි ඊනියා ලාංකීයලා නොව හෙළයො කියල දැනගත්තාම අපව ලාංකීයලා තහනම් කළා. ඒ ගැන දැනගත්තේ මා නිශාන්තයේ බස් එකක යනකොටයි.

      Delete
    3. ඒ සින්ඩි නොතිබුණද, දෙමසක් යන්නටත් පෙර එක්ලක්‍ෂ පනස්දහසක් හිට්ස් ලැබීමෙන් පෙනී යන්නේ කුමක්ද ජයරත්නයෙනි.

      Delete
    4. හෙළ බ්ලොග් ගල් කරුවන්ගේ සංගමය කෙසේවෙතත්
      හෙළ "බේගල්" කරුවන්ගේ සංගමයේ නිර්මාතෘ හැටියට "ජයේ " උතුමාණන් ඉතිහාස ගත වීමට අසන්නය්

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    5. මමත් බ්ලොග් ගල් මැසිමක් ගන්න ඉන්නෙ. ඊට පස්සෙ මමත් ඒ සංසදේ....

      Delete
    6. ජයරත්නතුමාත් දන්න දේවල් හැබෑටම! :D

      Delete
    7. ඉන්ද්‍රනාම තුමනි, මාරයා මා හට නොපවසන්නට මා තාමත් සිතාගෙන හිටින්නේ ඔබතුමා "හෙළ බ්ලොග් ගල් සංගමයේ" දෙ‍ටුනා (ජේෂ්ඨ නායකයා) බවයි.

      Delete
  7. ජී-මේල් එම ගූ-ගල් ඇසුරු කරගෙන එකල පැවති සෙවිය හැකි පරිදි යවන ලැබෙන පණිවුඩ ගබඩා කරගත හැකි පද්ධතියක් ඇසුරු කොට නිපදවන ලද්දක් නොවේද?

    ReplyDelete
    Replies
    1. පැහැදිළිවම ඔව්, එය තවත් ටිකක් විස්තර කිරීමට කැමතියි.

      රාවණා යුගයේ සිටි හෙළයින් පණිවිඩ යවනන්ට යොදා ගත්තේ පිරිමි අයව. ඒ කාලයේදී පිරිමින්ව මේල් කියලත් හැඳින්වුවා. මේල් යන්නේ පද නිරුක්තිය තමයි මේ=මේ, එල්=එල්ලෙනව. "මේ එල්ලෙනව" කියන එකේ තේරුම ආයිත් කියන්න ඕනැ නෑනෙ. නියමාකාරයෙන්ම පුරුෂ ලිංගික හෙළ වචනයක් ලෙස "මේඑල්" වරනැගිල තියෙනව. පසුකාලයේදී මේඑල් යන හෙළ වචනය පර සුද්දො "මේල්" ලෙස යොදා ගත්ත.

      දැන් මා ඉහත ලිපියෙ දක්වල තියෙනවනෙ තොරතුරු ගබඩා කිරීමට ප්‍රතිචක්‍රීකරණය කරපු ගූ වලින් හදපු පාෂාණ යොදාගත්ත කියල. ඉතින් එම ගූගල් එහෙ මෙහෙ ගෙන යාම ඒ කාලයේ හිටපු මේඑල් ලා සිදුකළා. ඒ අනුව ගූ මේඑල් ලෙස එම ක්‍රමය හැඳින්වුවා. නමුත් ගූ=කක්කා=ජී වන නිසා පසුව එය ජීමේඑල් ලෙස හැඳින්වුවා.

      එනම් ජීමේඑල් යනු රාවණ රජතුමාගේ කාලයේ තිබූ විද්‍යුත් පණිවිඩ සේවයක්. හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත් මෑත කාලයේදී කියවූ පර සුද්දො ඒ නමම පෝඩ්ඩක් වෙනස් කර යොදා ගනිමින් ජීමේල් ආරම්භ කළා.

      Delete
    2. පැහැදිලි කිරීම අගෙයි... මෙලෙස සිතන විට ඔවුන්ගේ නවතම Project Glass යනු "Glass - ගල අස්සෙන් "සොයාගත් තාක්ෂණයක් (සීගිරි ගල තුලින් ඔවුන් සොයාගත් තාක්ෂණයක්) ඇසුරින් නිපදවන ලද්දක් යයි මා සැක පහල කිරීම පදනම් විරහිත නොවේ යැයි මට හැඟෙයි...

      Delete
    3. එතකෙට ෆිමේල් කියන්නෙ

      f--k by මේල් වෙන්න ඇති නේද?

      Delete
  8. ජයරත්නයෙනි, මෙම ලිපියේ ඉංග්‍රීසි පරිවර්තයකුත් ඉදිරිපත් කරන්න. facebook ගැනත් මෙවැනිම තොරතුරක් ඇත්දැයි සොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වටිනා අදහස් වලට. ෆේස්බුක් ගැනත් සොයා බලන්නම්. වර්ගපූර්ණිකාවේ ඇති ලිපි සියල්ලම ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට සිතාගෙන ඉන්නව, නමුත් ඒ සඳහා කාලවේලාවක් දැනට සොයාගැනීමට අපහසුයි.

      Delete
    2. ෆේස්බුකිය ද පර සුද්දන් සොරාගත් අපගේම නිමැවුමකි. බලන්න පද නිරුක්තියත
      ෆේස්=පේසා (පේසා වළලු මෙනි). බු=බුදියා ගෙන වුව කිය= කියවියහැකි.
      බුදියා ගෙන වුව කියවි හැකි පේසා වළලු බඳු (විශාල ලෙස පැතිරුණු) සමාජ ජාලය යන්න තමයි එහි අරුත.

      ඒක නොවෙයි ආචාර්ය මීවනපළානේ ජයරත්න, ඔබේ නෑ සොයුරු මීරා කලෙකින් නෑ නොවැ දුටුවේ.ඔහුට කුමක් වීද?

      Delete
    3. අගනා පැහැදිළි කිරීමක්.
      මීරා ගැන ටික කලකින් කිසිදු ‍තෝරතුරක් නැතිය.

      Delete
  9. ඔබගේ බ්ලොග් අඩවියේ ඉහලින් ඇති රාවනා රජු යයි කියන පින්තුරයේ මැද සිටින පුද්ගලයා පමණක් සම්පුර්ණ රැවුල මුඩු කොට සිටින්නේ මන්ද ?
    අනෙක් අයද එසේ නොකරන්නේ මන්ද ?

    ReplyDelete
    Replies
    1. http://photos.bhagavideo.com/Travel/India/Ramoji-Film-City/DSC5346edited-1/1008212872_fx9Yj-L-2.jpg

      ‍රැවුල කපන වෙලාවට ශ්‍රී රාවණා රජතුමාට ඔළු දහයෙම ‍රැවුල් කපන්න බෑනෙ.

      Delete
    2. සමා වෙන්න ඕන මෙහෙම ඇහුවට..
      ඔය රුපේ විදියට රාවණා අංකල්ට කණ් 2යි ඔලු 10යි නේ තියෙන්නේ...
      ඇගට බද්ධ වෙලා තියන ඔලුව ඇරුනම ඉතිරි එවා එක වගේ..හැබැයි ඇගට බද්ධ උන එක මුණ , ඇස් එහෙම වෙනස්.. නේද?

      Delete
    3. මේ හැමෝම වරද්දගෙන. හැමෝම අඳින් විදියට මට එකට ඇලුණු ඔලු 10ක් තිබ්බේ නෑ.. මේ හැම ඔලුවක්ම මර්කරි වෝටෙක්ස් එන්ජිමකිං උඩ යන ඔලු.. මේවා තමායි ඔත්තු බැලීමට මෙන්ම විවේකීව සිටින විට වැලක් බැලිමට නාන තොටුපල ආදියට යවන්නේ.. ඉහත රූපයේ දැක්වෙන්නේ මගේ ඔලු සියල්ලම Docking Station එකේ තාවකාලිකව නවතා ඇති ආකරය පමණයි

      Delete
    4. ආචාර්ය ජයරත්නයාණෙනි ,
      මාහට ලැබුණු පිළිතුර ඉතා අගනේය ,,,
      ඔබ නම් සැබෑවටම ආචාර්ය පට්ටමක් දැරීමට සුදුසුම වන පුද්ගලයෙකි ...........
      එනමුදු මාහට තවත් එක ප්‍රශ්නයක් ඇත
      එනම් අනෙක් මුහුණු (ඔලු ) නමයේ(9) යට රැවුල නොවැවෙන්නේ මන්ද ?
      ඔබෙන් විද්වත් පිළිතුරක් බලාපොරොත්තු වෙමි ..

      Delete
  10. වර්ගපුර්නිකාව බොරුවක්........ රාවණා දැනටමත් පිබිදී ඇත.
    http://ganakamadura.blogspot.com/2012/07/raawana.html

    ReplyDelete
    Replies
    1. ඔහෙත් පවු. රාවණාත් පවු !!!

      Delete
    2. අම්මට සිරි
      "ජයේ" ට කියන්නෙත් නැතුව මේකා නැගිටලාද ?
      ඔන්න ඕකනේ අපේ හෙලයොත් එක්ක බැරි
      කඩේ යන උන්ව අමතක කරනවනේ
      ජයේ මෙච්චර කල් කඩේ ගියා, අන්තිමට කියන්නෙත් නැතුව නැගිටලා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  11. ඒකනේ මමත් මගේ අතීත ශ්‍රී නාමය යොදා ගත්තේ..
    තරියා ත = තාක්ෂණික රිය = රථය ආ = ඇත්තා..
    තාක්ෂණීක රියක් ඇත්තා.
    මේ කියවෙන්නේ මා සතුව තිබූ පුස්පක රථය ගැනයි..
    ජය ශ්‍රී!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබ විද්‍යා විෂය ධාරාව ‍තෝරාගන ඒ මාර්ගයේ යන්නේ ඔබට පෙර රාවණ රජ සමයේදී උරුම වූ හෙළ "විජ්ජා" දැණුම නිසයි.

      Delete
    2. :::::::: රාමවංශ ::::::::::
      (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    3. තරියා
      ත= තක්කඩියා රියා=රියෙන් ආ(පැමිනි)
      රියෙන් පැමිනි තක්කඩියා

      Delete
  12. මනරම්ය මීවනයෙනි..මනරම්ය.. මා හට මෙය වැනීමට හෙළයේ ඇති වදන්ද අල්ප සෙයකි...

    එහෙත් අප වැනි බ්ලොගරයන්ගේ අතීත උරුමය මනා සේ හෙළිකොට අප හට අත්කර දුන් මේ කීර්ති කදම්භය පැසසීම පිණිස අපගේ හෙළු ආරෙන්ම නුඹට පසස් කවක් ලියනට සිත් වීමී...

    ර වුනු හෙල් කිත් පස අස
    බල ගර තිවුනු හෙල පස

    ReplyDelete
    Replies
    1. මීවෙන පළෙන ජයා ලී ගී
      මා රය් ඇවැජ් නොයක් ගීයක් කී මී
      බසක් රන් වනැන් ලීවය් අසිරි හෙළ ගී

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. හෙළෝ ජයරත්නයෙනි මම තොපගේ බ්ලොගය නිසි සේ 'බ ල ග' කරන බැවින් රාවණා පැමිණි කළෙක මටද යම් වරප්‍රසාද ලබා දීමට කාරුණික වන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ ශ්‍රී රාවණ පාක්ෂිකයෙක් බැවින් ඔබට දැනටම රාවණා ආශීර්වාදය තිබේ.

      Delete
  15. මෙවන් සාඩම්බර ඉතිහාසයක යන්තම් හෝ උරුම කරුවන් නැ නැ දායකයන් විම ගැන ආඩම්බරයකින් හිත පිරි ඇත

    ReplyDelete
  16. මට නිකං සර්වර් නොට් ෆවුන්ඩ් වගේ වුනා .. රාවණා යනු දෙයියෙකි.

    ReplyDelete
  17. වහාම පරික්ෂණ පත්‍රිකාවක් ලියව...
    ලෝකයට හෙළ නිර්මානශිලීත්වය කියව...

    ReplyDelete
  18. හත් දෙවියනේ ෆේස්බුක් හැදුවෙත් රාවණා අන්කල්ද එතකොට ????

    ReplyDelete
    Replies
    1. hahaha anemanda buwa ubatath ena prashna :P

      Delete
    2. ෆේස්බුක් හැදීමට මුල් වුණේ රාවණ රජතුමාට තිබූ තාක්ෂණය ලියූ පුස්කොළපොත් වල ඇති දැනුමයි, ඉදිරියේදී ලිපියකින් හෙලි කරන්නම්.

      Delete
    3. ඔන් බලපන්කො එකෙත් හැටි මට ෂුවර් තව ටිකදවසකින් මියා කියනවා ස්කයිප්,ට්විටෙර් එහෙම හැදුවෙත් රාවණා අන්කල් කියලා

      ඇ බං හැබැටම මේ ලෝකේ මිනිස්සු හදපු දෙයක් ඇත්තෙම නැද්ද ඔක්කොම රාවණාගේ කෝපිද???
      දැන් එෆ්බ් හදපු මාර්ක් කාරයත් රාවණාගේ පුස්කොළ පොත හොයාගන්ඩ හෙන ගේමක් දෙන්ඩ ඇති නේද (උට වෙන වැඩ නැනේ )
      නැත්තන් කුන්දලනියද මොකද්ද කියන පවර් එක ලබාගත්තද දන්නේ නැ

      Delete
  19. ආචාර්ය මියෝ උබ ඔය දුෂ්කර පැත්තක A/L සිංහල පන්තියක් දාගත්තනම් මිට වැඩිය හොද ගානක් හොයාගන්දත් තිබ්බා ජනප්‍රිය වෙන්ඩත් තිබ්බා වැදගත් විදිහට ඇයි බන් මේ මිනිස්සු අතරේ නිකන් ජෝකෙර් කෙනෙක් මානසික රෝගියෙක් වෙන්නේ ???
    උබ කියයි තව ටික දවසකින් බුදු හමුදුරුවොන්ටත් ඉගැන්නුවේත් රාවණා කියල

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කරන්න මෙහෙම පොරවලුත් ඉන්නම ඕනෙ. නැත්තං ආතල් එකක් නෑ

      Delete
    2. ඇයි මීයා දෙන ආතල් මදි වෙලාද???

      Delete
    3. මා දැනටම සිංහල ගුරුවරයෙකි.

      Delete
    4. ළමයින්ට හෙන ආතල් ඇති එහෙනම් ඔය පොඩි උන්ගේ ඔළුවවල් අව්ල් කරන්දනම් එපා පිස්සු අදහස් වලින්

      Delete
    5. අනේ මීයෝ
      ඉගෙන ගන්න එවුන්ට පිස්සු ද ?

      Delete
  20. අගනා ලිපියක්!

    ReplyDelete
  21. Replies
    1. සන්දාන අන්ඩුවෙය් රාවණාගේ අන්ඩුවෙය් වෙනසක් නෑ බලාගෙන ගියාම
      රජයේ වියදමෙන් පුෂ්පක යන 35 ක් ? ??? ....... :රා
      දැන් නම් මට හොදටම සුවර් රාවණ අපේ හෙළ පරපුරේ බුවෙක් බව අයේ ද ටෙස්ට් ඕන නෑ
      ඔය ඔප්පු කොරල තියෙන්නේ ලංකාවේ උපන්න හෙලයෝන්ගේ හැටි රාවණ උතුමත්

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    2. මෙන්න යකො මුංගෙ බෙරු වහන්න තාපසයෙකුත් රිංගල.....
      තාපස තුමා ඔයාවත් මුංට ගණ හැදෙන විදිහ කියල දෙන්න.
      එතකොට කියන බොරු තිත්වික වෙයි.

      Delete
    3. වර්ගපූර්ණිකාව තුළ ජාතිවාදී හෝ ආගම්වාදී මතවාදයන්ට ඉඩ ලබා නොදීමේ තීරණය මත ඉහත තාපසතුමාගේ කොමෙන්‍ටුව ඉවත් කළ බව සලකන්න.

      එසේම මෙතන කොමෙන්ට් කළ තාපස තුමා මාගේ ගුරුදේවයාණන් වහන්සේ නොවන බවත් හුදී ජනයා දැන ගනිත්වා!

      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    4. ශික් විතරක් ......
      තව එකෙක් බිට් කරන්න තිබ්බ චන්චේ එක නැති කොලානේ "ජයේ" ඔයා........

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  22. අමරිකනුවනි නැගිටිව්
    ගු ගල් බෙර ගනිව්

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. ජයරත්නයන්ගේ හෙළිදරව්වෙන් ලැජ්ජාවට පත්ව විපිළිසර වූ ලැරී පේජ්, තමා තාක්ෂණය ලබා ගත් මුල් පුරුකට ගරු කිරීමක් වශයෙන්, අද දින (2012-07-24) ගූගල් හෝම් පේජයට රාවණ රජුගේ නවීකරණය කරන ලද පුෂ්පක යානයක රුවක් යොදා ඇති බව දුටුවෙහිද?

      ප/ලි:කතන්ද්‍ර ලින්කු ගොඩක් දැමුවට ලින්කු දමන්නෙ කතන්ද්‍ර විතරද?

      මීට,
      නිර්නාමික තාපසතුමා [සම්‍යක්දෘෂ්ඨික දේවතාවුන් වහන්සේලාගේ උදව්වෙන් අනාගත වාක්‍ය ලබා දෙන(lankacnews), මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසයකරන, Bachelor of Kundaleeni (Nilgala)]

      Delete
    2. ආඃ ඔය එනකම් තමි බලාගෙන හිටියේ
      දැන් කියනවකො ඔහේද අර ජයේ අය්ය කියල තියෙන්නේ සමහර දවස් වල
      ලංකා සී නිවුස් එකට තොරතුරු දෙන කෙනා ? මට ප්‍රශ්න ටිකක් තියනවා අහන්න

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔහේගේ ඔය කුන්දලි යෝගයේ බලයෙන් මට කියනවකො බලන්න
      ලංකා සී නිවුස් එකේ අය්ති කාරය කවුද කියල ?

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    5. තාපසතුමාගේ පැහැදිළි කිරීම බොහොම අගෙයි.

      එතුමාත් තාපසයෙක් විය හැකියි, කුණ්ඩලීනී යෝගයත් තිබෙනවා වෙන්න ඇති. නමුත් එතුමා මාගේ ගුරුදේවයාණන් වහන්සේ නොවන බව කිව යුතුයි, ගුරුදේවයාණන් වහන්සේ අද උදෑසනත් මා හට ඇමතූහ.

      Delete
    6. පුත රාමවංශ,

      මුල්ලේරියාවේ සිදුවූ ෆයිට් එකේ වැරදිකරුවා කවුදැයි පරීක්ෂා කිරීමට ෂර්ලෝක් හෝම්සුවන් ගෙන්වීම, ශක්තිය අපතේ යැවීමකි. එසේම, ලක්දිව ඕනෑම ඇච්චං කොල්ලෙක් දන්න පැනයකට පිළිතුරු දීමට කුණ්ඩලීනිය පාවිච්චි කිරීමද එවැන්නකි.

      Delete
    7. හරි හරි දන්නවා නම් කියනවකො බලන්න
      මොකද ඔය කලින් කියල තිබ්බ දේවල් එක්ක පොඩි ප්‍රශ්නයක් තියනව මට අහන්න
      අච්චන් කොල්ලොත් දන්නවා නම් ඔබ තුමාම කියන්නකෝ බලන්න

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
  23. අහෝ හෙළයෙක් වීමම භාග්‍යක්මැයි! මෙපුවත් කියවූ කල්හී මා සිත් ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා ගොස් දෙපැය පමණ දිව තෙමෝ උඩු තල්ලේ ඇලී වදන් තෙපලීමට නොහැකිවී ගියේයැ. "ශ්‍රී රාවණ සිද්ධම්" යැයි 108 වරක් මනැසින් ජප කිරීමෙන් යළි ප්‍රකෘති තත්වයට පත් වීමි!

    ReplyDelete
    Replies
    1. යකෝ දැන් පුසොත් හෙලයොද? ලෝකේ මුල්ම පූසාත් හෙලයෙක්ද?

      Delete
  24. සිරිරා වන සිද්ධම්!
    ජය ර තනයෙනි,

    ඇත්තෙන්ම මේ ලිපියේ වටිනා කම කියන්නට වචන නැත.
    ඔබගේ පැහැදිලි කිරීම් ඉතා අගනේය...

    අනෙක් කාරනාව නම් ඔබ මීවනපලානේ විසීම තවත් ආඩම්බරයට කරුණකි!
    සිරිරා වන සිද්ධම්!

    ReplyDelete
  25. Replies
    1. "This is the excellent foppery of the world, that when we are sick in fortune, we make guilty of our disasters the sun, the moon, and stars: as if we were villains on necessity; fools by heavenly compulsion; knaves, thieves, and treacherous by spherical predominance; drunkards, liars, and adulterers by an enforced obedience of planetary influence; and all that we are evil in, by a divine thrusting on. An admirable evasion of whoremaster man, to lay his goatish disposition on the charge of a star!"

      By:William Shakespeare (King Lear)

      Delete
  26. හිතවත් මීවණයාණෙනි,

    මගේ නාමය ලෙස බ්ලොග් ගඩොල් යන්න යොදාගැනීමෙන්ම මා සැබෑ හෙළයෙක් බව ඔප්පු නොවන්නේද?

    ආඩම්බරයි...ආඩම්බරයි...ආඩම්බරයි...!!!

    ReplyDelete
    Replies
    1. අප පැහැදිළි කිරීමට පෙර ඔබ මේ දෑ දැන සිටි බව දැකීමෙන් මාගේ දෑස තෙත් විය!

      Delete
  27. ඉතාම සෝබමාන අලංකාර ලියවිල්ලක් වන අතර ඉතිහාසයේ අමතකව ගිය පරිච්චේද යලිත් මතකයට නංවනු ලබන අවස්ථාවකි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට, ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  28. මමත් සිගිරි බ්ලොග් එකේ පෝර්න් පොස්ට් එකක් දැක .. ෆයර්වෝල් ඒක කඩාගෙන හරි කමෙන්ටුවක් කොටන්න හැදුවා එත් අහල පහල පර සුද්දෝ බලාගෙන ඉන්න නිසා අදහස අත හැරියා.. ජයරත්නයණනි අපේ ගූ ගල් වල පර සුද්දෝ පාවිච්චි කරන ඒක උන්ට අවනම්බුවකි . සමහර විට ඒක රාවණාගේ යටිකුට්ටු ප්ලෑනක් වෙන්න පුලුවනම්.. අපේ ගුගල් පර සුද්දෝ හිස මුදුනේ තියාගෙන ඉන්න ඒක අපිට නම්බුවකි ..

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම ගූගල් ගැන කියමින් සුද්දක් කෙකර ගෑවත් ගූවල් වල සම්භවය අප හෙළයේ බව ඔවුන් දැනගත්තානම් ගූගල් වල ගල් ඉවත් කර ගූ කනු ඇත.

      Delete
  29. නියම ලිපියක්. ඇත්තට ජයරත්නයන් මේ කරන සේවය ඉතාමත් වටී. අද සිට මාත් මෙහි රසිකයෙකි.. ජය..

    ReplyDelete
  30. අගනේය අගනේය...මෙම ලිපිය ඉතාමත් අගනේය....

    ReplyDelete
  31. ඉතාමත් අගනා ලිපියකි,විස්තරාත්මකව සියල්ල ඔප්පු කර ඈත,ඔබ ගෑන යම් පෑහෑදීමක් දෑන් ඈතිකර ගත හෑක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට, ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  32. අගනේය අගනේය. රාජ් අයියා මගේ බ්ලොගේ දාපු කමෙන්ටුවක් නිසා මේ ජයරත්න මහත්තයා හොයාගෙන එන්න හිතුනේ. මේ පැහැදිලි කිරීම් නම ඉතාමත්ම අගනේය ජයරත්නයනි. හෙළයෙකු වී ඉපදීමේ ආඩම්බරය දැන් නම් තදින්ම සිතට දැනේ... :))

    ReplyDelete
  33. මීවනය .

    *****ගණ පිහිටවා නිර්මාණය කරන ලද හෙළ වචන වන "බ්ලොග් ගල්" සහ "ගූ ගල්" වල රාවණ ශක්තිය අදටත් ගැබ්ව තිබේ.*****

    ඉහත ලිපියේ ඇති පදවල තිබෙන ගණ පෙන්වා දෙන්න .
    නොදන්නා ගණ කියා කිසිවක් නොදන්නා උන් රවටුවාට ගණ සහ ගුරුලා සමග නිතර වැඩකරන අපට මෙවැනි බේගල් ඇද නොපාණු.
    දන්නේ නම් "බ්ලොග් ගල්" හා "ගූ ගල්" වල ගණ පෙන්වනු.
    ගණයක් සෑදීමට අවැසි මාත්‍රා ගනන වත් නොදැන කියන බේ ගල් වලට තොපව අල් නිලමටම ගෙනයාවි. තක්කඩි.

    ReplyDelete
    Replies
    1. සැමගේ දැනගැනීම පිනිසයි.



      මීවනයා කියූ ගල් පැලෙන බොරැ වලට උදාහරණ 2 ක් පෙන්වන්නම්.



      1. කරණීය මෙත්ත සූත්‍ර සහ 8සිල් කතාව
      2. "බ්ලොග් ගල්" සහ "ගූ ගල්" යන වචන ගණ පිහිටුවා සැදූ ඒවා යන්න.


      මීවනයාට ලැජ්ජාවක් ඇත්නම් තවත් මෙවැනි දේ නෙකියයි.


      ඔයකියන තාපසයගෙන් හරි අහගෙන අර වචන දෙකේ ගණ පෙන්වා දෙනු


      තව දෙයක් කීමට ඇත තාපසයා ජාති භේද කිරීමට සැරසෙන බවද හැගෙයි.

      Delete
    2. ස්තුතියි විදු!
      ඔබේ මේ පැහැදිලි කිරීම් නොමැති නම් අප බොහෝ දෙනෙක් රැවටෙනවා!

      Delete
    3. කතන්දරේ මේක උත්තරයක් නෙවෙයි
      මම කියපු දේට ඔය කියන ආචාරියා උත්තර නොදෙන්නේ මන්ද?

      Delete
    4. කාලවේලාව මද බැවින් ගණ ගැන කොමෙන්‍ටුවකින් පැහැදිළි කිරීමට නොයමි. නැතහොත් ඔබතුමා සමග සංවාදයට ලිපියක් ලිවීමට යන කාලයම යාවි. ඉදිරියේදී ඔය ගැන ලිපියක් ලියූ පසු අප සංවාද කරමු.

      "කරණීය මෙත්ත සූත්‍ර සහ 8සිල් කතාව" මාගේ අදහසක් නොවේ, එය පැවසුවේ මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා සහ කාංචන මනමේන්ද්‍ර මහතායි. මෙන්න එම ලිපි.
      http://vargapurnikava.blogspot.com/2012/06/2012-unp.html
      http://vargapurnikava.blogspot.com/2012/07/2012.html
      එනිසා ඔවුන්ගේ අදහස් වලට මා වග උත්තර බැඳිය යුතු නෑ නේද?

      ස්තුතියි විදු!

      Delete
    5. එසේම ජාතිවාදය ඇති කරවන තාලයේ කොමෙන්‍ටුවක් තිබූ අතර එය ඉවත් කළ බවත් දන්වා සිටිමි. වර්ගපූර්ණිකාව කරන අප බලාපොරොත්තු වන්නේ ශ්‍රී රාවණ ආගමනයෙන් පසුව සියලුම මනුෂ්‍යයින් තම ජාතිබේද අතහැර රාවණ ධජය යටතේ එක්සත් වන හෙළයකි. එනිසා අපට ජාතිබේද ඕනෑ නැත.

      Delete
    6. සැබැවින්ම කතන්ද්‍ර එය එසේමැයි... මෙවන් බුද්ධි මහිමයක් ඇති දරුවකු සම්බන්ධව අප ආඩම්බර විය යුතු වන්නා සේ ම එය ඇගයීමට ද ලක් කළ යුතුයි.

      පින්වත් විදූ දරුව, තොපගේ බුද්ධි මහිමය සලකා බලා ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් හෝ රාවණාණ්ඩුවේ ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය හෝ (දෙකෙන් එකක් පමණක්) තොපට පුද කරන ලෙස රාවණා නරෝත්තමයාණන් වහන්සේ මේ දැන් මා හට දැනුම් දුන්හ. තොප කුමක් ලබා ගැනීමට කැමැත්තෙහිද?

      සැ/යු: රාවණාණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබා දීමට හැකි වන්නේ, රාවණ රජු නිල වශයෙන් අවදිවන කාලය වන විට, වර්තමාන උසස් අධ්‍යාපන අමාත්‍යතුමාට ලැබෙමින් පවතින පුණ්‍යානුමෝදනාවන්ගේ බලයෙන් එතුමා දිව්‍යලෝකප්‍රාප්ත වී සිටියහොත් පමණක් බව කරුණාවෙන් සලකන්න.

      මීට,
      නිර්නාමික තාපසතුමා [සම්‍යක්දෘෂ්ඨික දේවතාවුන් වහන්සේලාගේ උදව්වෙන් අනාගත වාක්‍ය ලබා දෙන(lankacnews), මධ්‍යම කඳුකරයේ රහසිගතව වාසයකරන, Bachelor of Kundaleeni (Nilgala)]

      Delete
    7. ජයරත්නයානෙනි
      මට ගණ ගැන විග්‍රහ අවශ්‍ය නැත. ඉහත කී "බ්ලොග් ගල්" සහ "ගූ ගල්" යන වචන දෙකේ ගණ පමණක් පෙන්වනු මැනවි.

      Delete
    8. ජයේ ඔබේ බ්ලෙගයේ ඹබට වගකීමට නොහැකිදේ පල කරන්නේ මන්ද?
      ඹබ අසභ්‍ය දේවලුත් පලකර ඊටපසු කියයි :මම නෙවෙයි දැම්මෙ මම වගනියන්නෙ නැහැ කියා:

      Delete
    9. පාහර තාපසය තො නොදන් නා දේ පෙන්වීමට උත්සහ කරන්නේ ජයරත්නගේ මෙකක් කෑමට ද?
      තොපි වගේ එවුන් පිට උඩ යන්ට අස්සු කරගත යුතුවේ.
      හෙල හවුල *** හෙල අවුල බවට පත්කිරීමට තොප වැන්නන්ට රාවනා පිහිටම තමා.

      Delete
    10. මීවනපළානේ ජයරත්නයන්ගේ මුසාඅන්ධකාරයෙන් වැසී තිබූ අප දෑස් අරවාලූ විදූ තුමාට මාගේ ප්‍රනාමය.

      ශ්‍රී රාවණ සිද්ධම් !

      Delete
    11. @විදූ:
      //ජයරත්නයානෙනි
      මට ගණ ගැන විග්‍රහ අවශ්‍ය නැත. ඉහත කී "බ්ලොග් ගල්" සහ "ගූ ගල්" යන වචන දෙකේ ගණ පමණක් පෙන්වනු මැනවි//

      ඉහත වර්ත දෙ‍කම "ගල්"ය. එහෙයින් ඒවා "ගන"ය. ගල් කිසි කලක ද්‍රව හෝ වායු වශයෙන් නොපවතී

      Delete
  34. නෙද්දකින් මීහරකා....මුට දැන් හැම එකටම රාවන .තොට රාවණ ඇවිත් අරී බලාගෙන හිටු..මෝඩ මුසලය..

    ReplyDelete
    Replies
    1. හෙළගවේශකයින් වන අපගේ ජීවිතය රාවණා ය!

      Delete
  35. උත්ප්‍රාසය නොවැටහෙන අය මෙපමණ පිරිසක් සිටිනවාය කියා මං හිතුවේ නෑ!

    රාවණාධිරාජයා ආපුවාමවත් තත්වය වෙනස්වෙයිද?

    ReplyDelete
    Replies
    1. ටෙනිසන් කුරේලාගේ වැටෙන පෙරලෙන මෝඩ ජෝක්වලට බිම පෙරලෙමින් බඩ අල්ලාගෙන හිනාවෙන ජාතියකට සියුම් උපහාසය නොතේරීම අරුමයක් නොමැයි කතන්ද්‍රතුමනි......

      Delete
    2. +1 වේවා කතන්ද්‍රතුමනි. . .

      Delete
    3. සයිබරය යනු සමාජයේම පැතිකඩක් නොවැ කතන්දර

      Delete
    4. කකා +++++++++++++++++++++++++++++++++++++
      දිනුක ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  36. ela ela ada ramage katiyata dunna bate

    ReplyDelete
    Replies
    1. පර ඉන්දියන් හැතිකරය හෙළදිවෙන් පන්නා දමමු.

      Delete
    2. ඉන්දියන් බංග වේවා !!! රාවණා ට ජය වේවා!!

      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  37. අපි මොන තරම් ඉහල ජාතියක්ද,,මේවා දකිනකොට මට ඇතිවන සංතෝශය කියා නිම කරන්න බෑ

    ReplyDelete
  38. බලන් ගියාම අපේ වචන සැට් එක නොවැ මේ පර සුද්දෝ අල්ලාගෙන තියෙන්නේ.ඕකුන්ට හෙනම ගහපිය රාවණා රජුගේ අනුහස ලැබේවා පර සුද්දන්ට.

    ReplyDelete
    Replies
    1. හෙළයින්ගේ දැනුම සොරාගෙන දැන් කෙකර ගාන පර සුද්දන් යනු කොතරම් නිවට ජාතියක්ද?

      Delete
    2. ජයේ මයික්‍රාසොෆ්ට් එක රාමගෙලු නේද?
      ඇපල් එක රාවනා ගෙලු

      ඒ කාලෙත් රාවනා කලින් මැරැනනේ ඒකයි ඇපල් එක අප්සෙට් උනේ.

      Delete
  39. හෙළෝ ජයරත්නයෙනි,

    ඔබේ බ්ලොගයේ සියලු ලිපි කියවා හමාර වී දමන පළමු කොමනටුව මෙයයි. මේ බ්ලොගය කියවීමේදී මගේ සැඟව තිබූ යක් ලේ ධාතුව උණු වී මුළු ශරීරයම මහත් අභිමානයකින් වෙළා ගති. කාලයේ වැලි තලාවෙන් ඊටත් වඩා පර සතුරන්ගේ නොමනා ක්‍රියාවලින් වැසී ගිය අපේ හෙළ ශිෂ්ඨාචාරයේ වරුණ නැවතත් වත්මන් හෙළයන්ට ආවර්ජනය කර දීම පිළිබඳ ඔබට ප්‍රණාමය!

    ඔබගේ බස් වහරද ඉතා කදිමය, ඍජුය, වේගවත්ය, සුපැහැදළිය, සරලය නමුත් අර්ථය සංකීර්ණය.

    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ ප්‍රශංසාව අපට අති මහත් ශක්තියකි. එසේම මේ බ්ලොග්ගල කියවීමෙන් පසුව බොහෝ අයට හිස කැරකැවිල්ලක් හෝ ඔක්කාරයක් එන බව කිව් නිසා ඔබටත් එසේ වීනම් රාවන රජතුමාගේ වෛද්‍ය සොයාගැනීමක් වන "පස්පංගුව" බීමට යෝජනා කරමි.

      Delete
    2. වර්ගපූර්ණිකාවේ සියළු ලිපි එකවර කියෙව්වත් මටනම් එහෙම වුණෙ නෑ.

      මොනවා පස්පංගුවත් හෙළ සොයාගැනුමක්ද? එසේනම් මේ මාධ්‍යවල කියන්නේ එය ආයුර්වේද ඔසුවක් කියානෙ.

      අප රාවණා රජතුමාගේ සීයා මහා පුලස්ති ඍෂිතුමා සොයාගත් වෙදකම දේහධම්මය නොවේද ජයරත්නයනි? ඒ බව මෙන්ම අප මහා රාවණා රජතුමා අමරණිය වූ ආකරය ඇතුළු කරුණු කාරණා බොහොමයක් මා දැන ගත්තේ භද්‍රජි මහින්ද ජයතිලකයන්ගේ ශ්‍රී රාවණ්නා පුවත පොතෙනි.

      Delete
  40. Hitler was a Vegetarian :o

    ReplyDelete
  41. ගූගල් දිනේවා,බ්ලොගර් දිනේවා..හෙළුවන් දිනේවා..රාවණ රජු දිනේවා..!

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනා.සුද්දන් බංග වේවා! ඉන්දියාව බංග වේවා! යාහූ බංග වේවා!

      Delete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. nuwage cmnt eka remove korala anemanda

    ReplyDelete
    Replies
    1. "This comment has been removed by the author." කියන එකේ තේරුම, කොමෙන්‍ටුව දාපු කෙනාම ඉවත් කරගත්ත බවයි.
      http://productforums.google.com/forum/#!msg/blogger/NSPQ60tJN1w/DsFHR3qby9IJ

      බ්ලොග් එකේ ඇඩ්මින් කොමෙන්‍ටුවක් ඉවත් කළානම් වැටෙන්නෙ මෙහෙම "This comment has been removed by a blog administrator."

      Delete
  44. රාම රාවන කතා පුවතේ කුමක් සිදු වුනි දැයි සොයා
    ගමන් කල විට හමු වුනා මට රාවනා මහා රජතුමා
    යහන ගල මත එලුව පලසක දැහැන් ගතවී පසුවනා
    රාවනා රජු සන් කළා මට අසුන් ගන්නට යයි කියා..............

    පැමිණියේ නුබ මා බලන්නට කිම්ද හේතුව යයි අසා
    විවර කරමින් දෙනෙත් ඇසුවා ඒ මහා නරපති තුමා
    වාල්කිමිගේ රාමායනයේ කියන දේ ඇත්තද කියා
    මා අසු විට හිනැහුනා ඔහු ඉහල අහසට නෙතු යොමා.............

    කොල්ල කන්නට මගේ විජිතය පැමිණි රාමා නම් හොරා
    පැවසුවා ලෝකෙට කියන්නට මගේ දුර්ගුණ ගොතගොතා
    බාර ගත්තලු කොන්ත්‍රාත්තුව වාල්කිමි නම් මනු සතා
    ලිව්වලු බොරු ගොත ගොතා ඔහු රාමගේ ගුණ වය වයා............

    බොරු ගොතා ලෝකෙටම පෙන්වූ වාල්කිමි කොයිබද කියා
    මා ඇසුවා රජතුමාගෙන් ඔහුව හමු වන්නට සිතා
    හමු වෙලා නුබ ඔහුව අහපන් සිදු වුනේ කීම දැයි කියා
    අන්න ඉන්නවා චැනල් හතරේ ලොකුම පුටුවේ ඒ යකා

    http://blogginglanka.blogspot.com/ Posted by රෙප් මහත්තයා
    රෙප් මහත්තයා ගෙන් උපුටා ගෙන පල කරන ලදී ..

    ReplyDelete
    Replies
    1. රාවනා ට බැරිද මේ වෙනකල් කාලය හරහා ඇවිත් හෙලය බේරගන්න

      Delete
    2. ලගදීම එන බව ජයරත්නයන් පැවසුවා නොවේද .. ඔහු හෙලුවෙන්ම වනා තිබුනා ලගදීම නින්දෙන් නැගිටලා එන බව....හෙක්..හෙක්..හේ

      Delete
    3. හෑ මමත් මිට කලින් රාවනා ගැන ලියලා තියෙනවා කියලා මට අමතක උනානේ. ආඩම්බරයි බොල ආඩම්බරයි

      Delete
  45. පෙඩි ඇත්තක් වටා ගෙතූ බේගල් සමූහයකින් රටේ සිටින අන්තර් ජාලය භාවිතා කරන බොහෙමයක් මිනිසුන්ට ඇත්ත මුවාවෙන් පවත්වාගෙන යන ඊනියාව නවතා රටටත් තමාටත් වැඩකට ඇති දෙයක් කරන්න.

    හෙලයෙක් ලෙස සිතා හෙලයන්යට මේ කරගෙන යන බොරුව නවතා රටම ඇන්දීමට උපකාර කරන ඔබගේම අනෙක් කමෙන්ටු කාරයන්වත් නවත්වන්න.

    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. අපේ ඇස් පැදීමට ඔබ තුමා දරන ප්‍රයන්තය අගය කරමී...

      Delete
  46. xxxx පහත දැක්වෙන්නේ මීජයාගේ කමෙන්ට් කීපයකි xxxx

    1. රාවන රජතුමාගේ වෛද්‍ය සොයාගැනීමක් වන පස්පංගුව" බීමට යෝජනා කරමි.

    2. සැබැවින්ම ගූගල් ගැන කියමින් සුද්දක් කෙකර ගෑවත් ගූවල් වල සම්භවය අප හෙළයේ බව ඔවුන් දැනගත්තානම් ගූගල් වල ගල් ඉවත් කර ගූ කනු ඇත.

    3.රැවුල කපන වෙලාවට ශ්‍රී රාවණා රජතුමාට ඔළු දහයෙම ‍රැවුල් කපන්න බෑනෙ.

    xx මෙවැනි කමෙන්ටු පරිනත කෙනෙක් දමයි ද? මෙවැනි දේ කීමට හැකියාවක් ඇත්තේ වැඩකට නැති උන්මත්තකයකුට පමනි. ආචාර්ය යයි කියා ගනිමින් සිටින රතාචාරයෙකුට වත් මෙවැනි දේ පැවසිය කොහැක. තව ටික දිනකින් මෙම බ්ගොලයේ add දමා කීයක් හරි සොයා ගැනීම මැනවි xx

    ReplyDelete
    Replies
    1. අහෝ . . . මිත්‍යාන්ධකාරයෙන් අප මුදවාගැනීමට දරන තැත !!!

      Delete
    2. matath penne danam meka joke ekak wage :/

      Area 51 eke map eke podak kiyawala baluwanam ( No siesta three layer matress)...

      aioooooo matanam ternne na

      Delete
  47. na kola welin internet wada kernewada?? man ahanne itin apahasayate newei.

    Tapasatunma lenaka siti nam online enne keseda???

    apitath technology eka kiyanne puluwanam

    ReplyDelete
  48. මචන් මී ජයා, ලෝකේ මුල්ම බ්ලොගය වගෙම මුල්ම බොග දැම්මේත් හෙලයෙක්..
    අප්පා මට දැනෙන ආඩම්බරේ...මට මේක මතක් උනා අද බොග දාද්දී. මම අඩම්බරෙන් බොග දැම්මා....

    ReplyDelete
  49. GOOGLE = ගූ + ගල් = කක්ක + ගල් = අසූච් + පාෂාණ = shit + stones ?????

    ReplyDelete
  50. http://www.lankacnews.com/sinhala/news/71406/
    අත් දුටුවයි.. ප‍්‍රත්‍යක්‍ෂයි… පිළිකා නිට්ටාවට සුව කරන දේශීය ඖෂධයක් නිපදවේ

    ReplyDelete
  51. This comment has been removed by the author.

    ReplyDelete
  52. මිවනපලාණෙනි කරුණාකර මෙහි පහත දැක්වෙන සන්ධියෙන් ගොස් එහි ඇති දේ විමසා බලා ඔබගේ අදහස් පවසනු මැනව.
    ශ්‍රී රාවණ සිද්ධම්!!

    http://www.williamhenry.net/stargateOfGods.htm

    පසන් ගොඩකන්ද

    ReplyDelete
  53. මට හිතෙන හැටියට ලංකාවේ හිටපු මිනිස්සු ගැන මේ තරම් උපහාසයෙන් කතා කරන එක වැරදියි. සීගීරිය ගැන විවිධ අදහස් තියෙනවා තමා. මෙහෙම පද බිඳිල්ලක් මං දැක්කමයි. මේක නම් ලබා ගත් දැනුමක් නොව පහළ වු දැනුමක් වියයුතුයි. ආචාර්යය තුමා කොහාටද ඉස්කොලේ ගියේ කියනවා නම් අපිට පුළුවන් ඒ ඉස්කෝලේ තියෙන තැන බලන්න තව චාරිකාවක් සුදානම් කරන්න! බ්ලොග්- ගල් සංසදයේ පිහිටෙන් ඒ ඉස්කෝලේ එක වතාවක් දැක්කොත් ආ ලඟින් වත් නොයා හිටිය හැකියි.

    මේ පද හටන නවත්වා විධයාත්මක කැණිමකට(අඩුම තරමේ ඩිජිටල් කැමරාවක් වත් අරගෙන යන්න. නැත්නම් හොයා ගන්න සාක්කි කුඩු පට්ටම් කරනවා කියලා කියනවා නේ)යන්නේ කවදා ද?

    ReplyDelete
  54. ඔව් ඇත්තටම මම කැමති නැහැ මෙතන තවත් රාවණ විරෝදියෙක් කියල හන්වඩු ගැහෙනවට මොකද මමත් රාවණ රජතුමාගේ තෙදබල අදහන කෙනෙක්. එත් මේ මීවනපලානේ මහත්මය කියන සේරම දේවල් කිසිසේත්ම පිළිගන්න බැහැ. එකට හේතුවෙලා තියෙන්නේ අපි පර සුද්දන්ගේ ක්‍රමයට හදුනා එක නෙමෙය්. බලන්න මෙයා කියනවා Google හැදිලා තියෙන්නේ 2006 දී ලංකාවට ආපු Larry Page හොයාගනිපු දේවලින් කියල. එත් මේකය් ඇත්ත බලලම හිතන්න.

    Google is a play on the word 'googol', which was coined by Milton Sirotta, nephew of American mathematician Edward Kasner, to refer to the number represented by 1 followed by 100 zeros. A googol is a very large number. There isn't a googol of anything in the universe. Not stars, not dust particles, not atoms. Google's use of the term reflects the company's mission to organize the immense, seemingly infinite, amount of information available on the web.

    ඇත්තටම මම ඔබතුමාගේ වැඩ අගය කරනවා තමය් එත් තව ටිකක් හිතල බලල උදාහරණ දෙන්න පුළුවන් දේවල් විතරක් සදහන් කරන්න. එතකොට මීටත් වඩා රාවණ පාක්ෂිකයන් පිරිසක් ඇතිවේවි.

    ශ්‍රී රාවණ සිද්ධම්!!

    ReplyDelete
    Replies
    1. ඕක ඇත්ත වැසීමට සුද්දන් ගෙතු පචයක්. ඔය වගේ අපිටත් ඕනැ තරම් බොරු හදන්න බැරිද.

      Delete
    2. owe eka atte !! Suddo Itihasaya nawata liwwa!!

      Illuminati nam secret societies tamai owa kernne!!

      911 attack ekath egolo plan kera meh satiye olympics welatah eh wage attack ekak dei , Nuclear bomb

      Delete
  55. කෙසේවෙතත් මෙතුමා සීගිරි ගලේ ඇතුලත සෝපානය පිලිබඳ කියූ කතාවනම් සහතික ඇත්ත. ඉස්සර එය භාවිත කරලා තියෙන්නේ රජතුමාට ගල මුදුනේ ඇති මාලිගාවට යමටය්. එය ඉහලට එසවීමට අවශ්‍ය බලය ලබාදී ඇත්තේ ජල පීඩනය මගිනුය්. මොකද ඉස්සර සීගිරි වැවේ ජල මට්ටම ඉතා ඉහලින් තිබු බැවින් සෝපානය ඉහලට එසවීමට හා පහල උද්‍යානයේ ඇති වතුර මල් ක්‍රියාකරවීමට එමගින් ජලය අධි පීඩනයක් යටතේ සපයන ලදී. නමුත් අද වන විට සීගිරිය වැව යනු සිඳුණු ආරක් පමණි. 1900 මුල් ගණන්වලදී සුදු ආණ්ඩුකාරවරයෙක් විසින් සීගිරිය පහල සිට මුදුනට යාමට තිබු උමන් මග කොන්ක්‍රීට් දමා වසා එහි ඇතුලත වූ සියලු වටිනා භාණ්ඩ එංගලන්තයට ගෙනයන ලදී.

    ශ්‍රී රාවණ සිද්ධම්!!

    ReplyDelete
    Replies
    1. සීගිරියේ ජල පීඩන තාක්ෂණය මගින් ධ්‍යාන ඇඹරූ බවටත් පෞරාණික පුස්කොළපොත් වල දැක්වෙන බව ඔබ අසා ඇති නේද?

      Delete
  56. සුද්දා සුද්ද කළේ අපිව විතරක් නෙවේ. මේ වරිගපුර්ණිකාවම සාක්ෂියි, අපිත් රාවණකාලේ සුද්දාව සුද්ද කළා ලු. ඒක හංදා මං හිතන්නේ මේක සංසාර ගත ගනුදෙනුවක්. සුද්දා සිගිරියේ දේවල් අරන් යන්න ඇත්තේත් අපි රාවණ කාලේ කරපුවට රිටන් එක දෙන්න ම තමයි කියලා මේ අනුව ඔප්පු වෙනවා. ඒක හංදා සුද්දාට බැනලා වැඩක් නෑ.

    ReplyDelete
  57. This comment has been removed by the author.

    ReplyDelete
  58. ආචාර්ය මිවපලානේ ජයරත්න මහත්තයාගේ මොලේ හර්ශ්චන්ද්‍ර මහත්තයට කියල පෙන්න ගත්තොත් හොද නැද්ද ,,,එය ඔයාගේ මොලේ පලක් ඇති දෙකට යොදවන්නේ කොහොමද කියල කියවී,,,,පුළුවන් නම් 550 ජාතකය බලලා වත් ජිවිතේ හද ගන්න,,,,මේ වගේ බොරු විකාර ලියල මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරන්නේ නැතුව,,,,

    ReplyDelete
  59. රාවනා ලොක්කත් පට්ට ගල්කාරයෙක්නෙ... ගූගල් හැර වෙනත් ගල් පාවිච්චි කොලේ නැද්ද ??

    ReplyDelete
  60. අප්පා . . සෑහෙන කරුනු රාසියක් ඉගෙන ගත්තා . .. බොහෝම ස්තූතියි ඈ . ..

    ReplyDelete
  61. රී රාවණ සිද්ධම්! මේ මොකද කොරේ හැබෑට.....දාපුව මකපු 1ක වැරදියි'''' හිටියනන් රාවන.... බෝවත් මකයි??

    ReplyDelete
  62. නියමයි...
    http://raajadhani.blogspot.com/

    ReplyDelete
  63. ඔලුව කොහෙද වැදුනේ ??

    ReplyDelete
  64. මෙය කියවාගෙන යද්දී මගේ හිතටද අදහසක් ආවේය

    ඇපල් = ඇප + ඇල් = ඇපෑල : බහුවචනය ඇපල්

    ඇපල් සමාගම ආරම්භ කිරීමට මත්තෙන් ස්ටීව් ජොබ් නැමැත්තා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ජෝතිර්වේදියකුගෙන් වෙලාව බලා ගන්නට පැමිණ ඇත. එවිට ඔහු පවසා ඇත්තේ නිතර නිතර නඩු හබ වලට පැටලෙන බැවින්, ඇප ඉල්ලීමට සිදු වන බවයි. එනිසා ඇපල් නම සුදුසු බව ඔහුට පවසා ඇත. ඇපල් ගෙඩියේ මදක් කා ඇත්තේ මන්දැයි ඔබට සිතෙන්නට පුළුවන. ඒ ගැනද අර ජෝතිර්වෙදියා අනාවැකි පල කර ඇත. ඔහු විසින් සොයා ගන්නා දේවල් නිතරම අනුන් විසින් කා(ගිල) ගන්නා බැවිනි. (උදා: වින්ඩෝස් කොපි කිරීම පිලිබඳ නඩුව හා සම්සුන්ග් නඩුව)

    ReplyDelete
    Replies
    1. මෙය කියවගෙන යද්දී මට මතක් උනේ සිරස fm ටාසන් නමැති විකට චරිතයි.. කොක්කෙන් ඉස්සෙන්නේ යමක්ද එය කොකිස් වේ..හික් ! හික් ! හික් ! හිනා කාල පනයනවා !!!
      ටාසන්ගේ නිරුක්ති අර්ථවලත් මේ නිරුක්ති වලත් කිසි වෙනසක් පෙන්නේ නෑ.. හෙලයනි බුද්ධිමත්ව හිතපල්ලා අපේ ජාතිකත්වය කියන්නේ මේ වගේ කොමඩියක් නෙවේ..මේ විදියට අපේ ජාතිකත්වය පිළිබිඹු කරන්න ගියොත් වෙන්නේ අපි නිකන් විකට චරිත වෙන එක විතරයි..ඔය ටාසන් කොකිස් ගැන කිව්ව වගේ ඕනෑම වචනයක් කඩල මේක හැදෙන්න මෙහෙමයි කියල තර්ක හදන්න පුළුවන්..මේක අපිට අයත් එකක් කියල ඕන ගොබ්බයෙක්ට තර්ක කරන්න පුළුවන්.එත් මේක පිස්සුවක් විතරයි..
      යකෝ අපි මහා ජාතියක් කියල කියන්න මිට වැඩිය අර්ථවත් දේවල් තියෙනවා මේවගේ අදෝ භාගයෙන් හිනායන ලඝු බුද්ධික ප්‍රකාශ වලින් ලෝකෙට පෙන්නන්න යන්නේ වත්මන් හෙළය ජෝකර් කෙනෙක් කියලද? ගොබ්බයෙක් කියලද ? පොන්නයෙක් කියලද ? උඹල දන්නැති උනාට මේ පිස්සුව තියෙන්නේ ලංකාවේ විතරක් නෙවේ ලෝකේ බොහෝ රටවල් වල මේ පිස්සුව තියෙනවා..ලෝකේ තවත් ගොඩක් රටවල් වල තවත් මිනිස්සු ඉන්නවා මේ විදියට අර්ථ නිරුක්ති කරලා මේක අපිට අයිති කියල තර්ක කරන එව්න්.මේක ප්‍රෞඩ ජාතිකත්වය විහිලුවට ලක් කරන උමතු ජාතිකත්වයක් විතරයි..නිරුක්ති අර්ථ වල විද්‍යාත්මක වශයෙන් සත්‍ය පැති කඩක් තියෙන දේවල් තියෙනවා එක වෙනම එකක්..එත් මම මේ කියන්නේ ඒගැන නෙවේ මම කියන්නේ මේ හැම එකටම තර්ක හදන ගොන් ජෝක් නිරුක්ති ගැන.
      මේක අපේ මහා ජාතිය විහිලුවට ලක් කරන මෝඩ චූන් ආතල් එකක්..
      චී චී ! අද අපි අපිම ගැන ලජ්ජා වෙන්න ඕන ඈ..
      ඈ බොල වත්මන් හෙළය මෙතරම් නිවටද ?.

      Delete

නුදුරු අදහස්