Tuesday, July 10, 2012

CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (අවසාන කොටස)

එතැන් සිට...

"ශ්‍රී රාවණ ලංකේෂ්වර නරේන්ද්‍රං
ශක්ති මහීන්ද්‍රං ආමේරිඛ කත්වා
මීවනං පළානං ජයා රථනං
යක්ඛ රක්ඛිත වායෝ ප්‍රකෝපං
කුණා‍ටු සාගරස්ස කත්වා
ආගමක්‍ය නථ්‍ය ඕං රීං පුං"

"ලංකාපුරයේ නිරිඳා වන ශ්‍රී රාවණ රජතුමාගේ ශක්තිය ඇමරිකාවේ මිහිතලය දක්වා ගොස් මීවණපළානේ ජයරතනව (හෙළ) යකුන් විසින් රක්ෂා කොටැ වායු ධාරාවන් ප්‍රකෝප කරවා කුණා‍ටු ඇතිකොට සාගරය දක්වා ගොස් නැවත (ඔහුට) පැමිණීමට හේතු වාසනා වේවා!" ඔන්න ඔය රාවණ ස්තෝත්‍රය හෙවත් රාවණ ශක්ති මන්ත්‍රය මාරයාගේ මගපෙන්වීමට අනුව එදා රාත්‍රියේ යෙදුණ මහා රාවණ කාලය තුළදී මා මිත්‍ර රාවණ පාක්ෂිකයින් දහස් ගණනාවක් විසින් ජප කරපු නිසා තමයි නැවතත් මා හට Area 51 වලින් බේරී හෙළදිවට සපැමිණීමට අවශ්‍ය ශක්තිය ලැබුණෙ. බලන්න මන්ත්‍රයේ සඳහන් වූ දෑ ඒ අයුරින්ම සිදුවී තිබුණ හැටි, පුදුමාකාර නැද්ද? ඒ මගේ දස්කමක් විස්කමක් නොව මේ බ්ලොග් එක කියවන්නා වූ සමහර විට ඔබත් ඇතුළුව සියලුම රාවණ පාක්ෂිකයින්ගේ අධිෂ්ඨානයේ ශක්තියයි.නමුත් බොහෝ අය බලාපොරොත්තු වෙච්ච විදියට ඇමරිකාවේ Area 51 හි කාටවත් මා කිසිදු අනතුරක් කළේ නෑ, මන්ද යත් යුද්ධයක් නැති තැනකදී සතුරන්ට හානි කිරීම හෙළුවන් වන අපට තරම් නොවන නිසයි.

සීගිරි ගල මුදුනේ ප්‍රාතීර්භූත වී හෙළදිවට පා තැබූ මට, ඒ පරම සුන්දර නිදහසේ සුවය නැවතත් අත් දකින්නට ලැබුණා. හෙළ දෙරණේ වැලි ටිකක් දෝතට ගෙන එහි සුවඳ විඳිමින් සිප ගත් මා මිටෙන් හළ කුරුල්ලෙක් මෙන් මා ඉගිලී ගියේ, මධ්‍යම කඳුකරයේ බවුන් වඩමින් සිටින මාගේ ගුරුදේවයාණන් වූද, ලංකාසීනිවුස් වෙබ් අඩවියට අනාගතය ගැන හෙළි කරන සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන් හා දැනුම හුවමාරු කරගන්නා නිර්ණාමික අනාගත වෘක්ත වරයා වූද වූද, තාපස තුමා වෙතටයි. එතුමාගේ උපදෙස් පරිදි නවාතැන රහසිගත ස්ථානයකට මාරු කර ගත් පසුව, ඉස්සඉස්සෙල්ලම කළේ, පරිගණකය ක්‍රියාත්මක කර මා ගාව ඇති ඉපැරණි හෙළ මෛක්‍රොචිපය සහිත පාෂාණය ආධාරයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීමයි. මගේ හෝම් පේජ් එක වන වර්ගපූර්ණිකාව බ්ලොග් එකට ආපු ගමන් පහත පින්තූරය දිස් වීමෙන් මා පුදුම වුණා.

මේක පැහැදිළිවම Host කරලා තිබුණේ FBI සයිට් එකෙයි. http://www.fbi.gov/about-us/investigate/cyber/ipr/image/AntiPiracySeal.png නමුත් මාගේ හෙළිදරව්වෙන් පසුව ඔවුන් පින්තූරය මකා දැමීමට ඉඩ ඇති නිසා ඉහත පින්තූරය මේ බ්ලොග් එකටම අප්ලෝඩ් කළා.

පුදුමයට පත් වුණේ FBI එකෙන් බ්ලොග් එකට ප්‍රවේශ වීමට බාධා කරල තිබුණ නිසා නොවෙයි. මට කිසි සේත්ම අදාල නැති Anti Piracy Warning එකක් දාල තිබුණ නිසයි. ඊගාවට ඒක දාල තියෙන්නේ Java Script එකකින්. ඊටත් වඩා ඒක දාල තියෙන්නෙ <body> එකට නිසා Warning එක එන්න කළියෙන් බ්ලොග් එක ලෝඩ් වෙනව. ඉතින් <head> එකට ඔය ස්ක්‍රිප්ට් එක දැම්මනම් බ්ලොග් එක කොහොමත් ලෝඩ් වෙන්නෙ නෑ කියල FBI එකේ IT කරන මනුස්සයට නොතේරුණාවත්ද? අනිත් පැත්තට ඔය කිසි ජරමරයක් නැතිව, Blogger හි අයිතිකරු වන Google එකට කියල Blogspot වල සබ් ඩොමේන් එකක් වන මේක ලේසියෙන්ම ඉවත් කරන්න තිබුණනේ.

කොහොමින් කොහොමින් හෝ බ්ලොග් අඩවිය යථා තත්ත්වයට පත් කළ මා මේ ගැන කල්පනා කරමින් තවත් විස්තර සොයන විට තේරුණේ "වර්ගපූර්ණිකාව" බ්ලොග් එක සස්පෙන්ඩ් කිරීමට කිසිදු නීතිමය අයිතියක් CIA එකට හෝ FBI එකට නොතිබෙන බවයි. ඒ විතරක් නොවයි, ඔවුන් මාව අත් අඩංගුවට...නෑ..නෑ...පැහැරගෙන තියෙන්නෙත් නීති විරෝධීව. අඩුම තරමින් ඔවුන්ට අධිකරණ නියෝගයක්වත් ඒ සඳහා නැති බව සම්‍යක්දෘෂ්ඨික දෙවිවරුන්ගේ දැනුම භාවිතා කරමින් මධ්‍යමකඳුකරයේ සිටින තාපස තුමා මා හට පැවසුව.

ඉතින් ඒ නිසා තමයි කෙලින්ම Google සමාගමට කියල මෙම වර්ගපූර්ණිකාව සබ් ඩොමේන් එක ඉවත් නොකර වෙනස් විදියකට ගූගල් හි ආරක්ෂිත සිදුරු (Security Holes) අතරින් රිංගලා FBI කාරයින් වර්ගපූර්ණිකාව බ්ලොග් එක හැක් කරල තියෙන්නෙ.

ඊට පස්සේ ඔවුන් කිසි සේත්ම අදාල නැති FBI Anti Piracy Warning එකක් දාල තියෙන්නේ, බ්ලොග් එක හැක් කිරීම CIA එකේ වැඩක් නොවන බවත්, මා විසින්ම ඒක බොරුවට හැක් කරගත්තු බව පෙන්වලා පාථකයින්ව වර්ගපූර්ණිකාව කෙරෙහි කලකිරවලා ඔවුන්ව වර්ගපූර්ණිකාවෙන් බිඳවීමටයි. නමුත් 100% ක් සැබෑ වූද ඉපැරණි හෙළ රාවණ තාක්ෂණය පුරාවිද්‍යාත්මක සාධක/සාක්ෂි සහිතවම පෙන්වා දෙන අපගෙන් සහෘදයින්ව බිඳවීමට උන් හිතුව මදි. CIA / FBI නිවටයෙනි, ඇස් ඇරල බලාපල්ලා, පෙනේද තොපිට වර්ගපූර්ණිකාවෙන් පාථකයින්ව බිඳවන්න බැරි වුණා. ඇමරිකාවේ Tax Payers ලාගෙන් නඩත්තු වෙමින් සරල වැඩක්වත් කරගන්න බැරිව හැම්බර්ග් ගිලිමින් ඌරො වගේ තර වල ඉන්න තොපිල ගැන ලැජ්ජයි යකෝ. කිසිදා නොපැරදුණු හෙළයින්ව පරද්දන්න තොපිල වගේ නිකමුන්ට බෑ යකෝ, කෑලි කැලි වලට කපල මාව මූදට දැම්මත් තොපිලට රාවණ ශක්තිය පරද්දන්න බෑ යකෝ!

තොපිලට රාවණ ශක්තිය පරද්දන්න බෑ යකෝ! (හෙළ විරුවෙක් විසින් ෆේස්බුක් එකේ දමා තිබූ පින්තූරයකි, ඉහත පසුබිම් පින්තූරය පර සුද්දන්ගේ The Chronicles of Narnia චිත්‍රපටයෙන් ගත් එකක් බව නොකියන්න, මන්ද යත් එහි සිටින Aslan the Lion යනු අපගේ හෙළ ඉතිහාසයේ සිටි රාවණපාක්ෂික සිංහ රජෙකි. [අස්=අශ්ව, ලාන්=ලාගන්නා. අශ්වයින්ව පවා එළාගන්නා යන හෙළ අරුත]. සෑම හෙළයෙක්ම තම ප්‍රොෆයිලයේ සලකුණට සිංහයෙක්ව යොදා ගනිද්දී Aslan වම යොදා ගන්නේ, සිංහ කොඩියේත් තිබෙන්නේ රාවණපාක්ෂික අස්ලාන්ගේ සලකුණ මිස පාහර සිංහබාහුගේ තාත්තගේ සලකුන නොවන නිසයි)

ඊළඟට මා ගවේශණය කරන්න පටන් ගත්තේ ඇයි ඔවුන් ඒ සඳහා Java Script එකක් පාවිච්චි කළේ කියල? මොකද ඒ හින්ද Java Script Disable කරලා බ්ලොග් එකට ප්‍රවේශ වීමට අවශ්‍ය කෙනෙකුට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඇයි ටික වෙලාවක් ලෝඩ් වීමට දීම සඳහාදෝ ඇයි <body> එකෙන් බ්ලොග් එකට බාධා කරලා තියෙන්නේ?

බ්ලොග් එකේ Widget එකක් විදියට දාල තිබුන IP Trace කෝඩ් එකක් දැකීමෙන්, වුණේ මොකක්ද කියල මට තේරුණා. ඒක වැරදි අය අතට යාවි කියල හිතෙන නිසා මෙහි පළ කරන්නේ නෑ.

දැන් සියල්ලම පැහැදිළියි. ඔවුන් කර තිබෙන්නේ වර්ගපූර්ණිකාව බ්ලොගයේ සැබෑ පාථකයින්ව හඳුනාගැනීමක්, එනම් රාවණපාක්ෂිකයින් කවුද කියල CIA + FBI වලින් හඳුනගෙන තිබෙනව. තවත් පැහැදිළි කළොතින්, දැන් බලන්න ඔබ කිසිදා නොගිය වෙබ් සයිට් එකකට ගියාම ඒකේ FBI එකෙන් වහල තියෙනව කියල මැසේජ් එකක් දැක්කොත් තව තවත් හොය හොයා ඉන්නේ නෑනෙ, බැක් ක්ලික් කරලා ආපු තැනටම ආපහු යනව. ඒත් ඔබ ඒ වෙබ් සයිට් එකේ නිත්‍ය සාමාජිකයින් නම් තව තවත් හොයල බලනව, ඊට පස්සේ වෙබ් සයිට් එකට කොහොම හරි යන විදියක් හොයාගන්නව. (වර්ගපූර්ණිකාවටනම් Java Script Disable කිරීමෙන්). ඊටත් අමතරව වෙබ් සයිට් එක කවද්ද නැවතත් එන්නේ කියල දැනගන්න ඕනැ හින්දා දිනපතාම වෙබ් සයිට් එකට සැරින් සැරේ එනව. ඉතින් එම IP Tracing Script එක හරහා ලබාගත් IP Addresses විශ්ලේෂණය කරලා වර්ගපූර්ණිකාව සමග හිටපු සැබෑ රාවණපාක්ෂිකයින්ව ඔවුන් හඳුනගෙන තිබෙන බවයි මට පැහැදිළි වුණේ. හෙළයෙනි, මේක බරපතල තත්ත්වයක්. ඔබ වර්ගපූර්ණිකාව සස්පෙන්ඩ් වී තිබුණ දවස් වල නිතර නිතර මෙහි ආවනම් කෝකටත් කියල මෙතනින් දැක්වෙන ආකාරයට IP Address එක වෙනස් කරගන්න.

ටික වෙලාවකට පස්සේ වැම්පයර් ගෙ බ්ලොග් එක අහම්බෙන් වගේ මගේ නෙත ගැ‍ටුණ. ඒකේ දැක්වෙන ආකාරයට FBI එකේ මැසේජ් එකට කළින් තවත් මැසේජ් එකක් තිබිල තියෙනවා. පහත දැක්වෙන්නේ ඒක.


නමුත් අවාසනාවක මහත, අති බහුතරයක් රාවණාපාක්ෂිකයින් මා ගැන විශ්වාසය තියද්දී, මා මිත්‍ර වැම්පරයා නම් CIA කාරයින්ගේ ලණුව කා තිබුතිබුණා. සමහර විට දැන් ඔහු ඇත්ත වටහාගෙන කණගා‍ටු වෙනවා යැයි සිතනවා, කෙසේ නමුත් ඒ ගැන නිවැරදි කිරීම ඔහුට බාරයි.

ඔහු දැක්වූ චෝදනා එකින් එක බලමු.

1. වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ අනතුරු ඇඟවීමේ රූපය බ්ලොගර් සයිට් එකේ හොස්ට් කර තිබීම.
වැම්පරයා නොදන්නවා වුණාට කිසියම් වෙබ් අඩවියක් ඇමරිකාවෙන් සස්පෙන්ඩ් කළ විට එහි පින්තූරය දමන්නේ එම අඩවියටමයි. මෙන්න උදාහරණයක්. http://www.megaupload.com/ මෙහි ඇති පින්තූරයත් හොස්ට් කර තිබෙන්නේ එම වෙබ් අඩවියේමයි. මෙන්න ලින්ක් එක. http://www.megaupload.com/banner.jpg

2. එම පණිවිඩයේ "ඒරියා 51 හෙඩ්ක්වාටර්" ගැන සඳහන් වීම.
ඇත්තෙන්ම එලෙස දක්වා ඇත්තේත් මා කලිනුත් පැහැදිළි කරපු පරිදිම මෙය මාගේම Self Hacking බව පෙන්වා පාථකයින්ව බිඳවීමටයි. එසේම මෙය හැක් කිරීමට Area 51 කිසි සේත්ම සම්බන්ධ නොවන බව කීමේ අති විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් වන්නේ එය ඔවුන් විසින්ම කළ බව කීම නොවේද?

3. එම පින්තූරය පිකාසා වලින් හදා තිබීම.
නිවැරදි කිරීමක්, පිකාසා වලින් හදා නොව පිකාසා වලට අප්ලෝඩ් කරලයි තිබුණෙ. මෙයත් පැහැදිළිවම මා විසින් පින්තූරය හැදූ බව පාථකයින්ට හැඟවීමට පාහර CIA කාරයින් විසින් කරන ලද්දක්. මොකද මට ඇත්තටම මෙවැනි එකක් හදල බොරුවට හැක් වුණා කියල පෙන්වන්න ඕනැනම් පිකාසා වලට අප්ලෝඩ් කිරීම වැනි අතේ මාට්‍ටු වෙන දෙයක් කරනවද?

වැම්පයර් නොකී වෙන කෙනෙක් කියපු දෙයක් මේක. එනම් මෙගාඅප්ලෝඩ් එකේ පින්තූරය එඩිට් කර ඉහත පින්තූරය හදල තිබීම.
මේකත් පැහැදිළිවම CIA කාරයින්ගේ උපක්‍රමයක්. පාථකයින්ව බිඳවීම සඳහා මා විසින්ම Self Hacking කළ බව පෙන්වීමේ නින්දිත උත්සාහයක් බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනව. නමුත් හෙළයින්ගේ අභිමානය ඉදිරියේදී CIA / FBI ඇංකරයින් සම්පූර්ණයෙන්ම අසමත් වුණා.

"සත්‍යය කිසිදා යටපත් කළ නොහැකි බවත් ඔබ සත්‍යය මතු නොකරන්නේනම් සත්‍යය විසින් ඔබව මතු කරන බව" ත් ශ්‍රී රාවණා අධිරාජ්‍යයා නිතර පැවසූ ශ්‍රේෂ්ඨ වදනක්. අන්න ඒ ආකාරයෙන්ම අවසානයේදී සියල්ලම සාක්ෂි සහිතව අනාවරණය කිරීමට හැකි වුණා. ජීවිතයේදී මූණ දීපු ඒ අමිහිරිතම අනාගතය දෙස මා තවමත් වික්ෂිප්ත වූ දෑස් ඉහල ආකාසයට හොවාගෙන බලාගෙන සිටිනව. ඒ අතර මහ කුඩුගල ගිරි ශිඛරය මස්තයේ හෙළයින්ගේ අනාගතය නුදුරේදීම වෙනස් වෙන තවත් පුදුමාකාර දෙයක් රහසේම සිදුවෙමින් පවතිනව.

ශ්‍රී රාවණ සිද්ධම්..!

43 comments:

  1. කෑලි කැලි වලට කපල මාව මූදට දැම්මත් තොපිලට රාවණ ශක්තිය පරද්දන්න බෑ යකෝ!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණා සිද්ධම්!

      Delete
    2. මූ මොකද කෑගහන්නේ

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    3. පොඩි කික් එකක් ආව බං :\

      Delete
    4. කපල මුදට දැම්මත් පරද්දන්න බෑ කියපු එක ඔය හරක් මස් කැල්ලකට රවන තක්ශනේ පවල දීල තයෙන්නේ යස අපුරුවට
      නැද්ද බන් ?

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  2. මෙන්න විශේෂ පුවතක්! ශ්‍රී ලංකාවේ පෞරාණික වටිනාකමකින් යුක්ත ප්‍රදේශයකට රාවණ රජතුමාගේ විමානයක් (දඬුමොණර යානාවක්) ගොඩ බැස ඇත. ඒ අවස්ථාවේදී එහි ඡායාරූප කීපයක් මා හට ලබා ගැනීමට හැකි වුණා. පින්තුර හෙට පළ කරන්නම්.

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ උත්තමයෝ, ඔබ ඒක කලින් දැනගෙන උන්නෙ නැතිද? යානාවේ හසුරුවන ෆ්ලයර්සා ඔබගේ මිතුරන් වෙන්ට බැරි නැහැ.

      Delete
    2. මෙය ශ්‍රී රාවාණාධිරාජයා ගේ ගගන යානයක්ද?

      http://www.divaina.com/2012/07/11/news06.html

      Delete
  3. අනේ දෙයියනේ මගේ බ්ලොග් එකත් දැං බ්ලොක් කරයිද දන්නෑ..
    නමුත් මා ශ්‍රී රාවනෝත්තමයාව පාවා දෙන්නේ නැත...
    කෑලි කැලි වලට කපල මාව මූදට දැම්මත් තොපිලට රාවණ ශක්තිය පරද්දන්න බෑ යකෝ!

    ReplyDelete
  4. ශ්‍රී රාවණ සිද්ධම්.....!

    ඇත්ත තමයි.. කෑලි කෑලි වලට කපලා මූදේ දැම්මත් ඔය කියන මොකක්ද එක පරද්දන්න බෑ තමයි යකෝ...

    ජයරත්නයෙනි.. එකම එක ආසාවක් ඇත.... ඔබ තුමාත් සමඟ මළගෙදරක නිදි මැරීමට ඇත්නම් අගනේය....

    ReplyDelete
    Replies
    1. මටද ඔය ආසාව ඇත්තේය...
      ජයරත්නයින් සමග කුණ්ඩලීනිය ගැන සාකච්චා කිරීමට දේ එමටය..

      Delete
    2. LOL . matath ehema asawak etha.

      Delete
  5. /* CIA / FBI නිවට‍ෙයනි, ඇස් ඇරල බලාපල්ලා, ‍ෙප‍ෙ‍න්ද ‍ෙ‍තාපිට ව໮ගපූ໮ຒකා‍ෙවන් පාථකයින්ව ໤ඳවන්න බැ໱ වුණා. ඇම໱කා‍ෙ‍໵ Tax Payers ලා‍ෙගන් නඩත්තු ‍ෙව໧න් සරල වැඩක්වත් කරගන්න බැ໱ව හැ໦බ໮ග් ගිලි໧න් ඌ‍ෙ‍රා ව‍ෙ‍ග් තර වල ඉන්න ‍ෙ‍තාපිල ගැන ලැජ්ජයි ය‍ෙ‍කා්. කිසිදා ‍ෙ‍නාපැර຺ණු ‍ෙහළයින්ව පරද්දන්න ‍ෙ‍තාපිල ව‍ෙ‍ග් නිකමුන්ට බෑ ය‍ෙ‍කා්, කෑලි කැලි වලට කපල මාව මූදට දැ໦මත් ‍ෙ‍තාපිලට රාවණ ශක්තිය පරද්දන්න බෑ ය‍ෙ‍කා්!
    */

    ඇයි ඒ යකෝ කියන්නේ? ඔවුනුත් යක්‍ෂ ගෝත්‍රිකයෝ ද?

    ReplyDelete
    Replies
    1. නෑ... නැ... ඒ යකෝ කියන්නෙ....., වචනාර්ථයෙන් බිය වැද්දීමට විය යුතුයැ. අපේ හෙල උත්තමයා එහෙම ආවට ගියාට වචන විසිකරන්නෙක් කියල ද හිතාන ඉන්නෙ.......!

      Delete
  6. මිතුරු මීවනයෙනි.. මෙය නම් අගනා පැහැදිලි කිරීමකි... හෙළුවන්ට විරුද්ධ වන ඕනෑම කෙනෙකුට ඇප නැති වන ලෙසටම කතාව කියා ඇත.. එසේම තාක්ෂණික වශයෙන් පැහැදිලි කර දී ඇත... මොන තරම් නම් අපූරුද..?

    අපේ සිංහයා උන් උෂ්ෂලා උන්ගේ ජරහන්ත සිනමාපටිවලට රිංගෙව්වට අපිට කරන්න දෙයක් නැහැ..අපිට ඕන ඕන වෙලාවක අපේ සිංහයා අරං අපේ වැඩට‍ පාවිච්චි කලෑකි..හුහ් පර සුද්දෝ..අපේ සිංහයත් උෂ්ෂලා...

    අර කිව්ව තාපස තුමා යහතින් බන්නවා ඇතැයි සිතමි..පහුගිය දවසක ඩිංගක් අසනීපයෙන් බව මාත් එක්ක කිව්වා... සී නිව්ස් එකත් එක්ක කතා දමන් ඉන්නකොට ජංගම තෙල බනුව හරහා මයිටාවා නැමැති පරදේශක්කාර සත්වයෙකු උන්වහන්සේගේ කනට රිංගලා කියලයි කිව්වේ...

    -----------------------------

    අපගේ අති උත්තම රාවණ රාජෝත්තමයානන් වහන්සේගේ පුෂ්පක රථය දැක ගන්නට ලැබී තියෙන මේ මොහොතේ මාගේ ලය ආඩම්බරයෙන් පිරී ඉතිරී ගොස් තිබෙන්නේ... අද ඉදන් මං යන්නෙත් පොලවට අගල් දෙක තුනක් උඩින්..ඇයි යකෝ අපේ ලොක්කගේ වෙහිකල් එක වැව් පිට්ටනි උඩින් හක්කලං කරද්දී ගොලයෝ උන අපටනේ නම්බු...

    ReplyDelete
    Replies
    1. මාරයා දේසානුරාගෙ ඉස්මුරුත්තාවට ගහලා කට වරද්ද ගන්ටද යන්නෙ.... ‍මීවනයෙනි නෙමේ බොලන් මීවනපලානෙයිනි, මීවන කියන්නෙ නිකම්ම නිකම් පාසි වගේ ජාතියක් නෙද?

      Delete
    2. පාසි නෙමයි බන්ස්, නිකන් එළියක් නැති තැන් වල මොකක් හරි එකක එල්ලිලා හැදෙන ගස් ජාතියට කියන නමක්.

      Delete
  7. අර විමානේ නම් මාත් දැක්කා. එත කොට ඒක manned ද unmanned ද ? රාවණා ඒකෙ ඉන්නවානම් නිදාගෙනද යන්නේ ...

    අර අධිවේගී කියන මාර්ගයේ පිවිසුමක් අසල මොණරෙක් වාහනයක හැපිල වාහනයට දැඩි අලාභ හානි වුනා කියන්නේ, ඒ යානයද කස්ටිය මොණරෙක් හැටියට දැකල තියෙන්නේ.

    සමහර විට අධි වේගේ වෙන්න විමානයේ ඇති රන් වේ ඒක.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් තුලින් විද්‍යාමාන වන්නේ මේ දඬුමොනරයක් බවම නොවේද? මීවනපලානයනි ඔබේ අවධානය පිණිසයි.

      බලන්න ඇතැමුන් විස්මයෙන්, තවත් අය පිළිගන්නේ නැහැ මේ මොනරෙක් කියලා සියලු දෙනාටම හොයා ගන්න බැහැ මොණරාට [යානයට] සිද්ධ වෙච්ච දේ.

      --------------

      ලුම්බිණි 2012-07-10 14:57:22
      අනේ මෙහෙම ලංකාවක්. මොනරට මොනවා උනාද කියල කිසි කෙනෙක් හොයන්නේ නැහැ. අර රෙපෙයාර් කරගන්න පුළුවන් වාහනේ ගැන තමා කතාව.

      ප්‍රියන්ත 2012-07-10 15:46:27
      මොණරාට මොකද වුණේ කියල කවුරුත් හොයලා බැලුවෙම නැද්ද

      බබානිස් 2012-07-10 15:52:22
      මොණරට වෙච්ච දේ හිතාගන්න බැරිවයැ.. මාර්ග ආරක්ෂක වාහනේටත් බරපතල හානි නම්.. මොකෝ ඒක දඩුමොනරයක් නෙමෙයිනේ...!!

      බුවා 2012-07-10 15:35:21
      කාර් එකට වඩා මොණරා ශක්තිමත් වගේ......... හී.... හී ......හී.... හී ....

      රොශාන් 2012-07-10 16:27:38
      මම ආදරෙයි මගේ රටට ශ්‍රී ලංකා

      දියරකුසා 2012-07-10 16:48:19
      අපි අපේ රට රැකගන්න උත්සාහ කරමු..

      අසංක 2012-07-10 16:51:06
      ‍මාර්තුකාව මෙසේ විය යුතුය.. අධිවේගී පාර මොනරුන්ට වින කරයි!!

      රණවක 2012-07-10 16:20:13
      දකුණු පළාතේ මොණරුන්ගේ බෝවීම හරිම වැඩි වෙලා. කතරගම දෙවියන්ගේ වහනය නිසා කවුරුවත් මරන්නෙත් නැහැ. ඉස්සරහට මොණරත් කරදරයක් වෙන්න ඉඩ තියනවා,

      සෙනරත් 2012-07-10 17:33:22
      එහේ කොහේද මොණරු? ඔය වැදිලා ඇත්තේ කොරවක්කෙක්

      මනෝහරන් 2012-07-11 00:13:09
      කතරගම දෙවියොවත් ගියාද දන්නෙ නැහැ‍... මොනරගෙ පිටේ..

      මධු 2012-07-11 02:42:18
      මොනරෙක්ද අලියෙක්ද? ඇහුවමයි මෙහෙම කතාවක්??

      ඔරංඔටං ප්‍රංශය 2012-07-11 02:10:46
      මහ පුදුම වැඩක්නෙ.. මොනරෙක් වාහනේක වැදිල වාහනේට බරපතලයිලු.. දඩුමොනරෙක්ද දන්නෙ නැහැ..

      Delete
    2. මී-වන-පලන. ඔබ නොකියුවත් අපගේ RBI බුද්ධි සේවය විසින් කල කළු පෙට්ටි හැකුමකින් (Black Box Hacking) දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පුෂ්පක යානයෙහි ගැටුම් පරීක්ෂාවක් (Crash Test)සිදු කල බව දැන ගතිමු..

      සුභ පැතුම්...

      Delete
    3. @රාවණා,

      කෝ අනේ මගේ කමෙන්ට් එක.

      @සුජීව,

      ඔයා රාවණා නෙමේ නේද? :)

      Delete
  8. ඔය සී අයි ඒ කාරයින්ට පුලුවන්ද රාවනා පාක්ෂිකයො බිඳවන්න.

    ReplyDelete
  9. දැන් මිනිස්සුන්ට රාවන නැගිටිනකම් 2012 අන්තිම වෙන තුරු..රටේ ප්‍රශ්න , බඩු මිල වැඩිවීම වගේ දේවල් අමතක කරලා ඉන්න පුළුවන්.

    ReplyDelete
  10. ජයරත්න මහත්මයාණනි ඔබ ඉහතකී ජයාරුපයන් මෙහි පලනොකරන්නේ නම් මැනවි මක් නිසාදයත් එය එහි ආරක්ෂාවට බාදාවක් විය හැකි නිසයි ...

    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  11. වීරයෙක් විදිහට සිංහ නාද පවත්වන්නෙ CIA කාරයින්ටයි FBI කාරයින්ටයි එරෙහිව, ඒ වගේ අභීත සිංහ නාදයක් මම මෙතුවක් කාලෙකට අහලා නෑ. දැන් දැන් අපි වඩා ප්‍රවේසම් විය යුතුයි. උන් හුඟක් අයට කෙලින්නෙම ඔලුවටයි. හරියට අර බ්ලොග් වොනින් එක දාලා තිබුනා වගේ.....

    ReplyDelete
  12. හෙලු මීවනපලානේ ජයරත්නයෙනි... අප නොදන්නා කරැණු තව තවත් දෙසා බා.. තෙවැනසින් ලොව බැලුමට බුද්ධිය සුපෝෂිත කරනු වස් ඔබ දරනා මේ තැත මාගේ නොමද පැසසුමට පාත්‍රවේ...

    ReplyDelete
  13. ජයරත්නයෙනි, ඊයේ අප නිවසේ, වතුර ටැංකිය වසා තිබු සැහැල්ලු ප්ලය්බග්ලාස් වැහි තහඩු දෙක බිම පතිත වී තිබුණි. මෙය තරමක් පුදුම සහගත ලෙස ස්ථානගත ව තිබු හෙයින්, ඔබ වැනි අයෙකු දෙපානම ප්‍රදේශයට ප්‍රාතීර්භූත වු වා දැයි පහද දෙව.

    ReplyDelete
  14. එල එල.
    ශ්‍රී රාවණ සිද්ධම්!
    (අර රාවණ රජ්ජුරුවන්ගේ කඳුළු මුතු ඇට වුනා කීව නේද? ඒවාට මොකෝ වුනේ?)

    ReplyDelete
  15. ශ්‍රී රාවණ මහ රජ තුමාට ජය ශිරී.................

    ReplyDelete
  16. http://www.gossip9.com/2012/07/blog-post_4070.html#more

    මෙන්න බඩු. මීවනපලාන මහත්මයානෙනී මේ ගෙන මොකද කියන්නෙ?

    ReplyDelete
  17. අද gossip9 එකේ තිබුනු රවනාගේ කිව්ව රා කට්ට ටිකක් මේ වගේ නේද?මේක Space Cases වල තිබුනු රා කට්ට වගේමයි.
    http://www.tvacres.com/images/spacecraft_chrysta.jpg

    ReplyDelete
  18. meepana walane jayarathnayeni,mada sinhala yakeku wemi,ada apage as gedi walata hena wadi,mola gedi kuruwal wee sitina sinhalunta dana gannata yam deyak kiyannemi,maa jeevath wanne eda sinhalalanthaya uu ada ENGLAND walaya,mage yeheliyaka wana sudu katak guruwariyaki, aa dawasak pamina magen wimasana wita melesa "I didnt know that first aircraft was made by srilankan king" maa mavitha wini.pasuwa maa asuye aya eya dana gath akaarayai.maa eya asuuwita aya keewe"now it is mentioned in new books and we are teaching children that first aircraft was made by sinhala king called ravana" maa abimanayaen udam vini.balapalla ublata bari unata suddoth sudu patauta kiyala denawa .dawasaka un mulu helayo ganama unge eunta kiyala deevi,yakunee as arapalla

    ReplyDelete
  19. e kale puskola walata wada diyunu dekak thibilama nadda.

    ReplyDelete
  20. ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  21. ඔබතුමාට ආවාර්ය පට්ටමක් ලැබිලා තියෙන්නේ, අනේ සාධු!
    ආවාර්ය මර්වින් සිල්වා වගේ වෙන්න නම් එපා.

    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
  22. අපිව මුලාවේ දාන්න කාටවත් බෑ යකුනේ දැක්ක නේ දඬුමොනරයත් ඇවිල්ල තියෙන්නේ කලාවැවට. අපේ රජතුමා ළඟදීම නැගිටිනවා. මටනම් මාර ආඩම්බරයි.

    ReplyDelete
  23. අනාගතයට ගියා කිව්වා රාවනා රජතුමාත් එක්ක කතා කළා කිවුවා එහෙනමන් රාවනා රජතුමා මොන වගේද මේ උඩ පින්තුරේ ඉන්නේ ඉන්දියන් කාරයෙක්. ඔබගේ හැකියාවෙන් රාවනා රජතුමා චිත්‍රයට නගන්න. අපිට ඇත්තටම දැකගන්න පුළුවන් වෙයි.

    ඔබ කලින් තැනක කියල තිබුනා ඔබ විශ්‍රාමලත් මහාචාර්ය වරයෙක් කියල. මෙතැනදී කියනවා තරුණයෙක කියලා. මොකද මේ එකට එකක් වෙනස් කරුණු දන්නේ.

    මම අහලා තියෙනවා "බොරු කාරයට හොඳ මතකයක් තියෙන්න ඕනේ කියල"

    ReplyDelete
    Replies
    1. ඔයා මේ කතාව හරියට ෆලෝ කරන්නේ නෑනේ.

      මේ ටික දැක්කේ නැද්ද?
      http://vargapurnikava.blogspot.com.au/2012/07/cia-area-51-3.html

      /* CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (3 කොටස)
      අද එතැන් සිට...

      බොහොම අමාරුවෙන් කකුලක් උස්සලා අඩිය තියමින් හතරට වකු‍ටු වී හැරමිටි වාරුවෙන් ගමන් කළ මට නැවතත් දෙතිස් වියැති ආරෝහ පරිණාහයෙන් යුතු සිරුර ලැබීම නිම් හිම් නැති ප්‍රීතියක් වුණා. ඒ වෙලාවේ ඉබේම කෑ ගැහුණ... උඩ පැන පැන තරුණ ශරීරයේ ඇති ජවය ගැන උදම් වුණා. ටිකකින් මගේ මනස දිව්වේ ආයිත් හෙළදිවට පිය මනින ආකාරය ගැන හොයමිනුයි. ශරීරයෙන් තරුණ වුවත් මාගේ මනස අවුරුදු අනූ හතරක වර්තමාණ සහ අනාගත කාලයේ සෘජු ස්මරණය සහිත වූ අත්දැකීමෙන් පරිණත වූවක්. යෝග ඇබෑසි වලදී ගතත් සිතත් හුරු කර ඇති අයුරින් එරමිණියා ගොතාගෙන වාඩි වී, සිත කුණ්ඩලීනී යෝගයේ "අනිමා ශක්තිය" වෙත කෙමෙන් යොමු කරමින් යටි බඩ සහ කොඳු නාරටිය හරහා කුණ්ඩලීනී ශක්තිය අවදි කළා. ටිකකින් මාගේ යටි බඩට පහළින් ඇකිළිලා හිටපු නාගයා අවදි වී අංශක අනූවටම කෙළින් වෙලා දරණ ගහ ගත්තා.

      */

      Delete
  24. oyakiyana rawana shakthi mantraye palaweni ganayama ahas ganayak. ithin eken kiyawena pudgalayawa nathi karala danawane. rawana oyawage manthr hadaida . owa hondai nodanna ayata.

    ReplyDelete
  25. දෙවියනේ කියලා
    මට නම් මුකුත් හිතා ගන්න
    බෑ.....
    වෙලාවකට මේ පොස්ට් කියවලා ඇඩෙනවා.....
    කොමෙන්ට්ස් බලලා බඩ පැලෙනවා හිනා වෙලා....
    ඇත්තටම අපේ අභිමානය මෙයද ????

    ReplyDelete
  26. TV Series ekakata num patta pata pata....
    kauda enne Ramata ?
    Sithata kauda ganne ?

    ReplyDelete
  27. i think thats true i like to be your frieng

    ReplyDelete

නුදුරු අදහස්