Tuesday, June 12, 2012

ආතර් රජතුමා (King Arthur) සිටියේ ශ්‍රී ලංකාවේ යක්ෂ හෙළයේය.


ආතර් (King Arthur) යන නම ඇසුණ සැනින් අප හට මතක් වන්නේ එංගලන්තයේ ඇති පුරාවෘත්තයකි. නමුත් ආතර් යනු හෙළයේ සිටි රකුසෙක් බව ඔබ දන්නවාද? ආතර් යන්නෙහි නිරුක්තිය වනාහී, ආ=ආපු, තර්=තර=විශාල, එනම් "විශාලව ආ" යන්නයි. එදා රවිශෛලාස වංශයේ දීප්තිමත් යුගයේදී සොලෝකී බිසවගේ දෙ‍ටු පුත් වූ ආතර් රජතුමා හෙළයේ දීප්තිමත් වෙන බව හෙළ වේද වලින් දැනගත් බමුණන් ඔහුට "ආතර්" යන නම තැබූ බව "නවකාශපාශාදකවලපසකය" නැමැති යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ™ දැක්වෙයි.

ආතර් රජතුමා සිටියේ ශ්‍රී ලංකාවේ රාක්ෂ හෙළයේ බව සෙල් ලිපි™ වලින් පැහැදිළිවම ඔප්පු කර ඇත. "අතර රජර විතර හෙතර නගර ශ ශ ප" ලෙස පෞරාණික සෙල් ලිපි™ වල දැක්වෙන්නේ "ආතර් රජතුම විය හෙළයේ නායකයා" බවයි. මේ සෙල් ලිපි තියෙන තැන් අපිට එකින් එක පෙන්වලා අතටම ගෙනල්ල දෙන්න බෑ. සැබෑ හෙළ ඉතිහාසය හොයාගන්න මහන්සි වෙන්න වෙනව. කැමති අය මේවා හොයාගන්න™.

ආතර් රජතුමා ගැන සඳහන් කිසිදු සෙල් ලිපියක්™ එංගලන්තයේ කොතනකවත් නොමැති බව නිර්භයව මා කියමි. පුළුවන්නම් එවැනි සෙල් ලිපියක්™ එංගලන්තයෙන් පෙන්වන ලෙසත් අභියෝග කරමි. ඒ අනුව හෙළ ආතර් රජතුමාව සුද්දන් වීසින් උන්ගේ කරගෙන ඇති බව පෙනෙයි.

සීගිරි කුරු‍ටු ගී වලින්ද පැහැදිළිවම පෙනෙන්නේ ඒ අතීතයයි.
"යහෙ ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී
ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය
සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප
අත්මය් වුයු"
ගීතයේ අග අති "අත්මය් වුයු" යන්නෙන් දැක්වෙන්නේ "ආතර් මයා විය" යන අරුතයි. ඒ අන් කවරෙක්වත් නොව හෙළයින්ගේ ආතර් රජතුමා ය.

පර සුද්දන්™ විසින් අපගේ ආතර් රජතුමාගේ නාමය පැහැර නොගන්නට අපත් ආතර් රජතුමා අපේ හෙළයෙක් යැයි කට පුරා ලොවට කියමු.

අදත් අපේ සුදු සිංහලයන් විසින් "ආතර්" යන නාමය ගෞරවයකින් යුතුව භාවිතා කරන්නේ එදවස සිටි ආතර් රජතුමාට ගෞරවයක් වශයෙනි.

එදා ආතර් රජතුමාගෙන් පැරදුන "සොක්කන්" ව සිහි වීමට අදත් පරදින නිවටයින්ව සොක්කන් ලෙස හඳුන්වයි. පහත රූපයේ දැක්වෙන්නේ සොක්කන් ය. නමුත් සුද්දන් විසින් උන්ගේ ලේසියට මොවුන්ව සැක්සන් ලෙස හඳුන්වයි.


"හෙළ ආතර මාතර වියැ එබසට නම් කෙරුණැ" ලෙස වර්ගපූර්ණිකාවේ™ දැක්වෙන්නේ ඒ හෙළාතර් රජතුමා ගැනයි.

ආතර් රජතුමා ගැන වර්ගපූර්ණිකාවේ වෙනම පරිච්ඡේදයක් තිබුණි. නමුත් බමුණන් විසින් වර්ගපූර්ණිකාව ගිණිතැබුවාට™ පසුව ආතර් රජතුමා ගැන අපේ හෙළයින්ගේ හිත් වලින් මැකී ගොස් ඇත. නමුත් ඒ අතීතය කවදා හෝ මතු වේවි.

වර්තමානයේදී හැඳින්වෙන ඇතුගල්පුර යනු ආතර් රජතුමාගේ මාළිගාව තිබුණ තැනයි. ඇතු=ආතර්, ගල්=ගුහා=මාළිගාව, පුර=පුරය, ඒ අනුව ආතර් රජතුමාගේ මාළිගාව තිබුණ පුරවරය එහි තිබුණ බව ඔප්පු වෙයි.

ආතර් රජතුමා කිසිදා නොමියන බවට සියුස්ගෙන් වරයක් ලබාගෙන ඇත. (සියුස් යනු සක්‍රයාට යුරෝපයේදී භාවිතා වුණ නමයි, සි=සියයක්, යුස්= ඇස්, ඒ අනුව සියැස් හෙවත් සක්‍ර යන හෙළ නිරුක්තියෙන් සියුස් යනු සක්‍රයා බව පැහැදිළි වෙයි). ආතර් රජතුමා තවමත් ඇතාගල කඳු වැටියේ නිදාසිටී™. ඔහු නැගිටින දිනය වැඩි ඈතක නොවේ.

මේවා ණුවනින් විමසා බලන්න, පොතක තිබුණ පළියට කිසිම දෙයක් පිළිගන්න එපා.

19 comments:

  1. කෝ මේකට එක දෙයක් අඩුයිනේ.. අපේ ආතර් රජුව ආයේ පණ ගන්න ක්‍රමේ නැහැනේ මේකේ... ආන්න ඒකත් ලිව්වනං සම්පූර්ණයි..හැබැයි ඒ ක්‍රමේ ටිකක් වැල් වටාරමක් වෙන්නත් ඕන.. කෝඳුරු තෙල් හත් පට්ටෙන් තව ඩිංගක් ඉල්ලනත් ඕන...

    මාත් ඔන්න අද ඉඳන් එකතු වෙනවා ආතර් රජු හොයන්න යන්න...

    (වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කර දෙන්න..එය කමෙන්ට් කිරීමට අපහට පහසුවකි.)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ මුල්ම කොමෙන්‍ටුව මාරෙ අයියාගෙන්.! කොමෙන්‍ටු වැඩිපුරම තියෙන බ්ලොග් එකක රචකයෙක්ගෙන් මුල්ම කොමෙන්‍ටුව ලැබීම ලොකු වාසනාවක්.

      //අපේ ආතර් රජුව ආයේ පණ ගන්න ක්‍රමේ//
      නියම අදහසක්, ඒකත් ලිපියකින්ම ලියන්නම්. රාවනා රජතුමාට ආයිත් පණ ගන්න පුළුවන්නම් ඇයි අපේ ආතර් රජතුමාට බැරි.? හෙළ අ‍ටුවා ගිණිතියල™ තියෙන හින්ද ඕව හොයන එක ලේසි නෑ.

      වර්ඩ් වෙරි‍ෆිකේෂන් අයින් කළා, තවත් වෙනස් කළ යුතු දේවල් තියෙනවනම් කියන්න, ජයවේවා!

      Delete
  2. "මේවා ණුවනින් විමසා බලන්න, පොතක තිබුණ පළියට කිසිම දෙයක් පිළිගන්න එපා"

    මේ කතාවනම් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. නැතිව නැතිව

      එහෙම විමසල බලල මේං මෙහෙම කියන්න තියෙන්නෙ

      http://www.youtube.com/watch?v=yJRWVQrSwak

      Delete
  3. මීවන පලානේ ලොක්කා නේද මේ නෙත් එකට කතා කරලා ආදි සිංහලේ මතක් කලේ.......
    යකෝ මම හිතුවේ උබ ඇත්තම බුවාලය් සෙට් එකේ කියලා...ඇඩෙනවා...පට්ට ලිපි ටික නම්,යකෝ,
    වෑරදිලාවත් ලංකාවේ පිරිමීඩ තියෙන්න විදියක් නෑද්ද බන්,
    ඔය නාසා කියන එකත් ල'න්කාවේ ඉස්සර තිබිලා තියෙන්නේ
    නා+අහස කියන එකෙන් තමයි ඕය නම හෑදිලා තියෙන්නේ....:)

    ReplyDelete
    Replies
    1. අපි ඇත්ත එවුන් තමයි යකෝ (තරහට කිව්ව නෙමෙයි, යකා කියන්නෙත් හෙළ අසුරයින් වර්ගයක්), අපේ හෙලුවන්ට අපහාස කරන්න එපා.

      සිරාවටම පිරමීඩ තියෙන්න පුළුවන්. ලංකාවේ පිරමීඩ නෑ කියල කොහෙවත් සෙල්ලිපි නෑ නේද? ඒ අනුවම ඔප්පු වෙනව.

      හරියට හරි, නාසා හැදිල තියෙන්නේ, නා=නාසය , සා=අහස, එනම් "අහස වෙත ඇති නාසය".
      නාසයෙන් කරන්නේ ගඳ සුවඳ බලල යමක් අඳුනගැනීමනේ. අන්න ඒ අදහසින් අහස අඳුනගන්න නිසයි එම තැනට නාසා කියල කියන්නෙ.
      නාසා ආයතනය රාවනා යුගයේදී හෙළයේ තිබුණෙ නාවල (නාසා වල = නාවල). ඒත් සුද්දො ඒක ගලවගෙන ගිහින් ඉතිහාසයෙනුත් ක‍ටු ගාල දාල. එතන තිබුණ සෙල් ලිපියත් කුඩු කරල, බලන්න නාවල පාර අයිනෙ ගල් ගොඩක් ඇති, ඒ තමයි සෙල් ලිපිය.

      Delete
    2. NASA = National Aeronautics and Space Administration
      1958 තමයි පටන් අරන් තියෙන්නෙ සොවියට් දෙශය 1957දි ලොකයේ ප්‍රතම චන්ද්‍රිකාව කක්ශ ගත කිරිම නිසා අතිවුනු ප්‍රශ්නවලට අබ්යවකාශ තරගයක් දිම සදහා.
      මු කියනවා නාසා = "අහස වෙත ඇති නාසය" ලු. උබ නම් රියල් ටොම් පචයෙක්.

      Delete
  4. NASA kiyanne N A S A hi hi.....national bla bla space bla bla...un danna na ahasak nea,,,

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා සහෝදරයා, නාසා එක හැදුවේ සුද්දන් කියල කියනවට වඩා නාසා එක හැදුවේ හෙළයින් කියල කියන්න ඔයා අකමැතිද? ලෝකයම ශිෂ්ටාචාර කළේ සුද්දන් විසින් කියල පාඩම් පොතේ තියෙන කුණුහරුප වලට වඩා අපි කියන කතන්දර පිළිගන්න අකමැති ඇයි? රාමේන්

      Delete
  5. ඒ අඩේ මාරු ජෝගි ටික...උඹ හෙළුවෙන් වනනවා නෙවේ හෙළුවෙන් වැනෙනවා...කොහොම උනත් ඉතිහාසය නම් උඹේ අමුලික ඇත්ත..අන්තිම ඉහලයි...ජයවේවා...මමත් ඇතුගල්පුර...අනේ වාසනාවන්...ආතර්ගේ අන්තප්පුරේ අපේ මී මුත්තියෙකුත් හිටියද දන්නේ නෑ...එහෙනම් මමයි යකෝ ආතර් පෙළපතේ වර්තමාන උරුමක්කාරය...ඔය සේරම තියල මම යනවා එක හොයන්ඩ...

    ReplyDelete
    Replies
    1. බොල විහ‍ඟෝ, අප හෙළ ඇතුට (ආතර්ට) අපහාස නොකර තොප ලද ඒ උදාරතර ඇතුගේ පෙළපත සොයා තොප පැවසූ ලෙස මැ ගවේශයන කරනු. තොපට ජය!

      Delete
  6. lokka kohomada oyawa contact karaganne? e-mail eka denawda?

    ReplyDelete
  7. බොරැලියන් නැතුව පල ගොබිබය යන්න එකම කතාවක් ගැන එක එකා වෙබි සයිට හදාගෙන වෙනස් වෙනස් කතා කියනව එකකට එකක් පරස් පරයි ඔකෙන් චටර් වෙන්නෙ අපිමයි

    ReplyDelete
    Replies
    1. ඇ බන් අපේ චාටර් වෙන්න දෙයක් තියද,මුලින්ම අන්න ඒක හිතපන්...

      Delete
  8. me kathawa hondai akuruth galapenawa eth api KONDE BANDATA CHEENNU newei.

    ReplyDelete
    Replies
    1. Ane modaya...Gonaa unaata kamak ne...thappulanda epaa..!

      Delete
  9. අනේ මචෝ මේක පට්ට අතල් බ්ලොග් එකක් නේ මාර කොමින්ටල් කතා තමි තියෙන්නේ ජය වේවා

    ReplyDelete
  10. මටනම් හිතෙන්නේ මේක විමල් සහෝදරයාගේ වැඩක් ,
    lankacnews එකත් විමල් ලොක්කගේමනේ , ආණ්ඩුවේ නිදන් හොරකම වහන්න රාවණ රජතුමගේ පිටින් දාන්න හදනවද කොහෙද ? හොඳ උත්සහයක් බව පේනවා .
    ඔබතුමා මේක සත් බාවයෙන් කරනවානම් මන් ඕනෑම දෙකට උදව් කරනවා !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උඹලා 'උපහාස කතා කලාව' කියල එකක් අහලම නැද්ද?? නිකම් හරක් වගේ තප්පුලන්නෙ!

      Delete

නුදුරු අදහස්