Sunday, June 17, 2012

ආතර් රජුගේ මව උණු දිය ස්‌නානය කළ රාජ කන්‍යා (කින්නියා) උණු දිය උල්පත

අපගේ හෙළ රකුසෙක් වන ආතර් රජතුමා ගැන මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොගයේ දැක්වූ ලිපිය ඔබ කියවන්නට ඇති බව සිතමි.

ආතර් මහ රජතුමාණන්ගේ පියා කවශානමුණි රජතුමා රජකමට වඩා නිදහස්‌ නිවහල් දිවියකට දැඩි කැමැත්තක්‌ තිබුණ බුද්ධිමතෙකි. තිලස්ත මහ රිෂි තුමාණන්ගේ දෙටු පුත්‍රයාව කවශානමුණි රජතුමා තම පළමු බිරිඳගේ දික්කසාදයට පසු බිරිඳ වූ විලපාලා රැජිණගෙන් අවසර ලබාගෙන වනගත භාවනාවට ගියේ සිය රාජ්‍යයම වැඩිමල් පුත් චේගුරට භාරදීමෙනි.

එවකට මැදිවියේ පැසුණු බුද්ධියකින් යුතු කවශානමුණි රජතුමා නැගෙනහිර පළාතේ සුදුසු ස්‌ථානයක්‌ සොයාගෙන භාවනාවට ගිය පුවත දකුණු පළාතේ ගිරුවාපත්තුවේ අප්‍රසිද්ධ ජීවිතයක්‌ ගත කරමින් සිටි සුශපාසාලන රජුට සිය චරපුරුෂයින්ගේ මාර්ගයෙන් දැනගන්නට ලැබුණි. තිලස්ත පරපුර ලක්‌ රජයේ ස්‌ථාපිත වීමට පෙර ලක්‌දිව පාලකයා වූවේ සුශපාසාලන නමැති යක්‍ෂ ගෝත්‍රිකයාය. සුශපාසාලන බලයෙන් පහ කළේ තිලස්ත පරපුරේ කුමරුන් සත් දෙනෙක්‌ විසිනි. පහතරට හෙවත් එදා පාලනයට ගිය සුශපාසාලන රජු කෙසේ හෝ ලක්‌ රජය සිය පරපුරට ලබා ගැනීමට දින ගනිමින් සිටියේය. කාජිරී යනුවෙන් සංස්‌කෘත පොත් පත්වලද භාකෛ යනුවෙන් හෙළ තල්පත්වලද, ආනමඩා යනුවෙන් යක්‍ෂ ගෝත්‍රික මූලාශ්‍රවලද සඳහන් ආතර් මාතාව එවකට නව යොවුන් කන්‍යාවක්‌ වූවාය. ඇනා-ඈන් නාමය ගී්‍රසියට ගියේ ලංකාවෙන් ගී්‍රසියට සංක්‍රමණය වූ යක්‍ෂ ගෝත්‍රිකයින්ගෙන් යයි ඒ. පී. රාසන් කියය්. (පිටු 72 රෙදප Eඅස්එ එද උඑස්එ) ආතර් මාතාව වූ කාජිරීසොහොන් ස්‌මාරකය එදා පිහිටුවා තිබෙන්නේද ආනමඩුව ග්‍රාමයේය.

ලංකාපුර රාජධානිය කෙසේ හෝ සිය ඥතීන්ට ලබාගත යුතු යෑයි සිය දියණිය වූ කාජිරීට උපදෙස්‌ දුන් සුශපාසාලන රජු එය කළ හැක්‌කේ ඇයට බවත් අනාගතයේදී ඇය ලබන දෙටු පුත්‍රයාට ලංකාපුර රාජධානිය හිමිවන බවත්, පැවසූ සුශපාසාලන රජු සිය දියණිය වූ රූමත් කාජිරීව කවශානමුණි රජු තපස්‌ රකින ස්‌ථානයකට පිටත් කළේ පරිවාර ස්‌ත්‍රීන් කිහිප දෙනෙක්‌ සමගය. (පහත රූපයේ දැක්වෙන්නේ ඉන්දියාවේ කජුරාහෝ දේවාලයේ ඇති කාජිරී ප්‍රතිමාවයි. මෙය හින්දු ප්‍රතිමාවක් බව ඉන්දියානු ඉතිහාසඥයින් කියතත් ඒ බව ඔප්පු කිරීම සඳහා කිසිදු සෙල් ලිපියක් නැත. එවැන්නක් ඉන්දියාවේ ඇඹීමට හේතුව ලිපියේ අග කොටසේ ඇත)


සහජයෙන්ම උපායශීලි යක්‍ෂ ගෝත්‍රික කන්‍යාවක්‌ වූ කාජිරී ගිරුවාපත්තුවේ සිට නැගෙනහිර පළාතට පැමුණුනේ ත්‍රිපුරවිමානයෙන්ය (පහත රූපයේ දැක්වෙන්නේ ත්‍රිපූරවිමානය කි), ඒ ගොඩින් මෙන්ම මහවැලි ග‍ඟෙන්ද එතෙර විමට තිබුන බැවිනි. ඇය  ත්‍රිපුරවිමානයෙන් ගමන් කළේ ගංතලාව (කන්තලෙ) ට පමණි. එතැන් සිට කවශානමුණි තපස්‌ රකින ස්‌ථානයට ගිය ඇය තපස්‌ රකින කවශානමුණි හමුවට ගොස්‌ කතා කළාය. ඇය ප්‍රශ්න කළ කිසිවකට ඔහු පිළිතුරු දුන්නේ නැත. ඔහු මුණිවත රැක්‌කේය. (ඒ හින්ද තමයි ඔහුගේ නම අගට මුණි කියල කෑල්ලක් තියෙන්නෙ.)


සකල විධ මායම්වලින් ප්‍රවීණ කන්‍යාවක්‌ වූ කාජිරී මෙසේ දින හයක්‌ම ඔහු හමුවට පැමිණ සිය අදිටන අසාර්ථකව සිටි අතර සත්වන දිනයේද කවශානමුණි තාපසයා ඉදිරියට පැමිණියාය. මනස්‌කාන්ත සිනාවක්‌ පා නුගගසේ පහළට එල්ලා වැටුණ නුග මුලක්‌ තරයේ අල්වාගත් ඇය එය සෙලවීමට පටන්ගත් අතර ඇය ඇඳ සිටි දුහුල් සළුව කඩා වැටුණි. (වර්තමානයේදීත් සමහර කාන්තාවන් රෙද්ද කැඩෙන ලෙසට කරන්නේ කාජිරී දේවිය විසින් ගොඩ නගන ලද, හෙළ යක් කාන්තාවන් අතර පමණක් පිරිමින්ට පවා හොරා චිරාත්කාලයක් තිස්සේ පැවත එන මායා ශ්‍රාස්ත්‍රයන් හැට හතරෙන්, පනස් දෙවැනි මායාවයි. එය "සළුකඩහෙලු මායාව" ලෙස හැඳින්වේ.) හය දවසක්‌ මුණිවත රැකී කවශානමුණි හත්වැනි දින  කාජිරීගේ උපායට පරාජය වුණි.

"ඔබ කවුද?

"මම රාජ කුමාරිකාවක්‌"

"ඔබේ නම"

"කාජිරී"

"ඔබ මෙතැනට පැමුණුනේ ඇයි"

"ඔබතුමාට සේවය කරන්න"

දැහැන බිඳ දැමූ  කවශානමුණි ඇයගේ අතින් ඇල්ලීමට පියවර කිහිපයක්‌ පෙරට තැබුවා පමණි.

"මට ස්‌නානය කරන්න ඕනෑ" ඊට පෙර මගේ සිරුරට අත තබන්න එපා ඇය කීවාය.

"ඔබට ඕනෑ උණු දියද? ඇල් දියද?" මම දින කීපයකින් දිය ස්‌නානය කළේ නැහැ. මට උණු දිය නාන්න ඕනෑ"

කවශානමුණි නැවතත් දිව්සම මත වාඩි වුණි. අඩ හෝරාවක්‌ පමණ වේලාවක්‌ ඔහු ඉතා සෙමින් මන්ත්‍රයක්‌ ජප කළේය.

"ළිඳ කපන්න ඕනෑ කොතැනද?" කාජිරී ගෙන් ප්‍රශ්න කළේය.

"ඔබට රිසි තැනක" ඇයගේ පිළිතුර විය.

එවකට හිස නිකට පැසී මැදිවියේ සිටි  කවශානමුණි  තරුණයෙකුට වඩා සවිමත් පුද්ගලයෙක්‌ බැව් කාජිරීට සිතුනි.

සිය රන් කඩුව සුරතින් ගත්  කවශානමුණි පළමුවෙන්ම කළේ කාජිරීය විසින් අල්වා සොලවන ලද නුගමුල කපා දැමීමය. එතැන සිට පියවර 21 ක්‌ දකුණ දෙසට ගමන් කළ ඔහු සිය රන් කඩුවෙන් කුඩා වළක්‌ කැපුවේය. පුදුමයකි. සුවිසල් දිය උල්පතක්‌ එතැනින් මතුවිය. ඉන් අනතුරුව උණු දිය ස්‌නානය කළ කාජිරීය සමන් පිච්ච මල් මාලයක්‌ ගෙළ පැළඳ  කවශානමුණි  වෙත ගොස්‌ දෙපා නමැද්දාය.

ඒ දෙස සැඟවී බලා සිටි විශ්වකර්මයා එම දසුනෙන් දෑස් අදහාගත නොහැකිව එවකට හෙළයින්ගේ යටත් රාජධානියක්ව තිබුණ ඉන්දියාවේ දේවාලයක් තැනුවේය. එහි කවශානමුණි සහ කාජිරීය ව ඔහු දු‍ටු දසුනේ ප්‍රතිමාවන් ඇඹීමටද ඔහු අමතක කළේ නැත. පහත දැක්වෙන්නේ එයයි. (ඉන්දියාවේ ශිලා ප්‍රතිමා හැදීමේ කලාව තිබුණෙ නෑ. ශිලා ප්‍රතිමා හැදුවේ අප හෙළුවො විතරයි, ඒ අනුව මේ ප්‍රතිමාව විශ්වකර්ම නැමැති හෙළුවා විසින් හදපු එකක් බව පැහැදිළියි නේද)


හෙළ යක්ෂ දේවිය වූ කාජිරීගේ නම ගත් දේවාලය පසුකාලීනව කජුරාහෝ විය. අදත් කජුරාහෝ දේවාලය (Khajuraho Group of Monuments) ලෙස හැඳින්වෙන්නේ එම දේවාලය වන අතර එහි වහලවල කොටස් කාජිරී දේවිය ගිරුවාපත්තුවේ සිට නැගෙනහිරට ගමන් ගත් ත්‍රිපූරවිමානයේ ආකාරයට සකසා තිබුණි. එම දේවාලයේ පහත රූපය බලන්න.


මේ අනුව අප දැක්වූ කතන්දරයේ නිරවද්‍යතවය පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ රූපසටහන් මගින්ම පැහැදිළි වෙයි. නමුත් ඉහත දේවාලය ගුර්ජරා ප්‍රතිහාරා අධිරාජ්‍යයන් විසින් නිර්මාණය කර තිබුණ බව ඉන්දියානු ඉතිහාසඥයින් කියතත් එය පට්ට පල් කෙප්පයකි. ඉන්දියාවේ ඇති කිසිදු සෙල් ලිපියකින් ඒ බවක් දැක්වෙන්නේ නැත. නමුත් ඒවා අපේ හෙළයින්ගේම නිර්මාණ බවට සෙල් ලිපි ඕනෑ තරම් අප සතුව තිබෙන අතර ඉදිරි කාලයේදී ඒවා හෙළි දක්වමු.

පසුකාලයේදී ඒ දෙපළට ආතර්, ඒඩමන්ත, ජෝනක සහ එලිසියා ඇයගේ දූ පුතුන් වූහ. යක්‍ෂ කන්‍යාව ස්‌නානය කළතැන කන්‍යාව වී පසු කලෙක කින්නියාව විය.


මීවනපළානේ ජයරත්න

2 comments:

  1. oya me pasu kalinawa heli karanawa kiyana sel lipi helikalanam me kathawa godak wishwasawnthai.guruwaru widiyata apita puluwan mewa lamainta sadaka sahithawa katha karanna............

    ReplyDelete

නුදුරු අදහස්