Thursday, June 21, 2012

රාවණ රජතුමා විසින් ලෝකයේ පළමු මයික්‍රොචිපය සාදා තිබුණි


මේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නෑ කියල හිතුණ හින්ද නොලිය ඉන්නයි මුලදිම තීරණය කළේ, නමුත් එහෙම කිරීම අපේ හෙළ ඉතිහාසයට කරන ලොකු මදිපුංචිකමක් කියල හිතුණ හින්ද, ඔබගේ මනාපය පරිදි විශ්වාස කිරීමට හෝ බැහැර කිරීමට ඉඩ දී ඔබ හමුවේ තබන්නම්.

මේ කතාව පටන් ගන්නේ මා සිදුකළ කැණීමක සිටයි. කැණීමක මූලික අරමුණක්‌ තියෙන්න ඕන. මේ කැණීමේ අරමුණ උනේ රාවනා රජතුමා ගැන තියෙන කතාවෙ ඇත්ත නැත්ත සාධනය කිරීම. කැණීමෙන් එන කාලනිර්ණයන් වර්ගපූර්ණිකාව නැමති පෞරාණික යක්ෂ ගෝත්‍රික පුස්කොළපොත එක්‌ක සසඳලා පුරාවිද්‍යාත්මක මතය ඉදිරිපත් කිරීම. මේක අපූරු දෙයක්‌. කැණීම දියත් උනේ නීලගිරියේ පුරාණ යක්ශ ගෝත්‍රික ලෙනේ කේවනප්ඵර කියන තැනදි. මේ කැණීම කිසිම වැරැද්දක්‌ ඇති නොවෙන විදියට ඉතාම විද්‍යානුකූලව සිදුකළා. පස්‌ ස්‌ථර බෙදලා එ එ පස්‌ ස්‌ථරවලින් හමුවන සාධක කාල නිර්ණය කළාම වර්ගපූර්ණිකාව කියන කතාව හරියටම ඔප්පු වුණා. ඒ අනුව රාවනා රජතුමා නීලගිරියේ සිටි බව තහවුරු වුණා.

වැදගත්ම සිද්ධිය උනේ ඊට පස්‌සෙ. මහාකාලි ගල් ගුහාව ලඟ කැණපු එක වලකින් ලැබුණා බ්‍රාහ්මීය අක්‌ෂරයෙන් රාවණ කියන නම කොටපු වළංකටුවක්‌. එ වළංකටුව ලැබුනෙ මට. වළංකටුව තිබුණෙ ප්‍රාග් ඓතිහාසික යුගයේ පස්‌තට්‌ටුවක. ඒ කියන්නේ මීට වසර බිලියන තුනකට පෙර කාල නිර්ණය වෙන පස්‌ තට්‌ටුවක. එ පස්‌ තට්‌ටුවෙ තනිකරම තිබුණෙ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වළංකටු. රාවණ කියන අකුරු කොටලා තිබුණ වළංකට්‌ටෙ තිබුණෙත් එ මූල ඓතිහාසික යුගයේ වළංකටු වල හැඩයම තමයි. මුලු තට්‌ටුවෙම තියන වළංක‍ටුයි මේ වළංක‍ටුයි අතර වෙනසක්‌ නෑ. මේ වළං කටුව ක්‍රිස්‌තු පූර්ව බිලියන තුනකට කාල නිර්ණය කළා.

මේ සොයා ගැනීම ඉතිහාසය උඩුයටිකුරු කළා. ඒ අනුව මීට වසර බිලියන තුණකට පෙර මේ රටේ හිටපු මිනිස්‌සු අක්‌ෂර භාවිත කරලා තිබුණා. ඒ අන් කවුරුත් නොව අපේ හෙළයින්. අපි ඉතිහාසය අනුව හිතාගෙන හිටියෙ ක්‍රිස්‌තු පූර්ව තුන් වන සියවසේ මිහිදු හාමුදුරුවො ලංකාවට එනකම් අපි අක්‌ෂර භාවිත කළේ නෑ කියලා.

ඒත් මේ මතය ඉදිරිපත් උනාම ප්‍රශ්නයක්‌ ආව ලෝකෙ තියන විශ්ව විද්‍යාල වලින්. ඔවුන් කිව්වා මේ මතය පිළිගන්න බෑ කියලා. ඒ එක්‌කම ක්‌ෂේත්‍රයේ හිටපු මාවත් ප්‍රශ්න කරන්න ගත්තා. එ දවස්‌වලම ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ විද්වත්තු දෙන්නෙක්‌ ආවා. එක්‌කෙනෙකුගෙ නම ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්. මේ හැමෝම මාව ප්‍රශ්න කළා.

මුළු ලොවම මවිත වෙයි.
=================

මම ඇත්තටම හිතාගෙන හිටියෙ ඒක මීට වර්ෂ බිලියන තුනකට පෙර කාලයට අයත් වළං කට්ටක් කියලයි. ඒ අනුව මීට වර්ෂ බිලියන තුනකට පෙර හිටපු අපේ හෙළයොත් වළං වල උයාගෙන කාපු අය කියල මම ඉතාමත් අභිමාණයෙන් හිටියෙ. ඉතින් ඔහොම ඉන්න අතර අර වළං කට්ටේ තිබුන අසාමාන්‍ය හැඩරුවක් මා දු‍ටුව, ඒ ගැන ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්ට කිව්වාම එයා ඒ වලං කට්ට අරගෙන මාවත් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ගෙනිහිල්ලා ඒක පරමාණුක න්‍යෂ්ඨික අන්වීක්ෂයකින් පරීක්ෂා කරල බැලුව. ටික වේලාවකින් ආචාර්ය හෝකිංසන් කෑ ගහුව, නොනවත්වාම කෑ ගැහුව. මම එයාව සංසුන් කරලා ඇහුව "සර් වට් හෑස් හැපන්ඩ්?" කියල. ඉතින් එයා කිව්වේ මේ වගේ කතාවක්.

"අපි හිතන් හිටියට මේක වළං කට්ටක් නෙමෙයි. මේක මයික්‍රොචිප් එකක්, ඒක හදල තියෙන්නේ සිලිකන් වලින්. එහි වටේ ආරක්ෂාවට කාබන් නැනෝටියුබ් එකක් දාලයි තියෙන්නෙ. මේ චිපය මනසේ විධාන වලට උත්තේජන දක්වනව. මේක පැහැදිළිවම පිටසක්වල තාක්ෂණයෙන් නිමැවුණක්, නමුත් මේ මහපොළොවේ ඇති පදාර්ථ වලින් හදල තියෙන හින්දා මේක පෘථිවියේ තුළදී කරපු නිෂ්පාදනයක් බව පැහැදිළියි. ඒකේ හැඩයක් නෑ වගේ පෙණුනත් අතීත මිසරයේ බිත්ති වල ඇති රූපසටහන් වගේම අතීතයේ චිප් එකක් කියල හිතන්නේ අපි අද දකින හත‍රැස් සෘජුකෝණාස්‍ර හැඩයේ ඒව නෙමෙයි වෙන්න ඇති, ඔවුන් නිර්මාණ බිහි කළේ විශ්වීය හැඩයන්ට ගැලපෙන ආකාරයටයි."

මට දෑස් අදහාගන්න බැරි වුනා, ලෝකයම මොහොතකට නතර වුණා වගේ දැනුණ. මම වතුර උගුරක් එහෙම බීල මේ ගැන ගැඹුරින් හිතන්න ගත්ත.

හෙළ අ‍ටුවා වලට අනුව "චිපය" නැමැති වචනයට පැහැදිළිවම හෙළ නිරුක්තියක් තිබෙනව. චි=චිත්ත, පය=පර්යාය, ඒ අනුව චිපය යනු චිත්ත පර්යාය හෙවත් Mind System කියල හඳුන්වන්න පුළුවන්. ඉතින් මනසේ විධාන වලට උත්තේජනය දක්වන චිපයක් කියන්නේ යුරෝපීයයන් තවමත් සොයාගෙන නැති තරමේ අති ප්‍රබල තාක්ෂණයක්.

මේ බව කොහොමින් කොහොම හරි ඇමරිකාවේ CIA සංවිධානයේ මාස්ටර් ප්ලෑන් නැමැති කණ්ඩායමට ආරංචි වුණා. ඔවුන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇවිත් මාව බලෙන්ම වගේ අඬගහගෙන නිව්යෝක් වලට අරගෙන ගියා. එහිදී CIA සංවිධානයේ ප්‍රධානියා වන ඩේවිඩ් පෙට්‍රායස් විසින් මාව පැය දෙකක් විතර ප්‍රශ්න කළා. අර චිපය ගැන පරීක්ෂා කිරීමට ඒරියා 51 හි රසායනාගාරයක් වෙත යවනව කියල කිව්ව. ඔවුන්ගේ මේ ගැන අවසාන නිගමනය වුණේ මගේ මතකයෙන් හමුවුණ මයික්‍රොචිපයට අදාල මතකයන් සියල්ලම ඉවත් කිරීම, ඒ අනුව ඔවුන් ලා නිල් පාට යම් ආළෝකයක් විහිදෙන උපකරණයක් මගේ ඇස් වලට අල්ලා සියල්ලම අමතක කර දැමුව. මං ලංකාවට එන විට ඇමරිකාවට තියා ලන්ඩන් වලට ගියේ මොකටද කියලවත් දැනන් හිටියෙ නැහැ.

නමුත් මෑතකදී මා නැවතත් මධ්‍යම කඳුකරයේ වෙසෙන මාගේ ගුරුදේවයාණන් වහන්සේ අබිමුවට ගොස් සමථ භාවනාව වඩද්දී ඒ අමතක කර දැමූ චිපය ගැන මතකය නැවතත් ආවර්ජනය වෙන්න ගත්ත. ඒ අනුව නීලගිරියට නැවතත් ගොස් කැණීම් කිරීම රහසිගතවම ඇරඹුව. මට හමුවුණා තවත් මයික්‍රෝචිප් තුනක්, ඒවා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. මගේ කුඩා අංවීක්ෂයෙන් බැලුවාම ඒවායේත් රාවණ කියල කොටල තිබ්බ. ඉන් එකක පින්තූරයක් තමයි පහත දැක්වෙන්නෙ. අනිත් දෙක ඡායාරූපයට නැගුවට ෆොටෝ එකේ පෙන්වන්නෙ නෑ.


මම ඒව ගැන විවිධාකාරයේ අත්හදාබැලීම් ගෙදරදී කරගෙන ගියා. වරක් මගේ කුඩ AM රේඩියෝවේ ඇන්ටනා කොයිලය මැදට මේ චිප් එක දැම්මාම ලෝකයේ ඇති සෑම ගුවන් විදුලි නාලිකාවක්ම ඒකෙන් අහන්න හැකියාව ලැබුණ. හැම ‍ෆ්‍රීක්වන්සි එකටම මොකක් හරි චැනල් එකක් ඇහෙනව. ඒ මයික්‍රොචිප් එක මගේ පරිගණකය අසලින් තබාගනිද්දී පරිගණකයේ වේගය අධික ලෙස වැඩි වෙනව. එනම් ඒ චිප් එක වයර්ලස් ක්‍රමයට පරිගණකය හා සම්බන්ධ වෙනව. එතැන තවත් කැණීම් කළත් වැඩිය මුකුත් හමුවුණේ නෑ. ඒ වගේම කියන්න ඕනැ මට කිසිදු වයර් හෝ එවැනි යමක් එතනින් හමු වුණේ නෑ, ඒ අනුව පැහැදිළියි අතීතයේ අප හෙළය සතුව තිබී ඇත්තේ වයර්ලස් තාක්ෂණයක් බව.

"හැට ලට අට වට පට නිට ශ ශශ තොට මට" ලෙස අතීත හෙළ බසින් හෙළ අ‍ටුවා හි දැක්වෙන්නේ හැට ලයිට් අටක් වට කොට පට බැඳි තොරතුරු තාක්ෂණ මණ්ඩලය ගැනයි. හැටලයිට් සෑදීමේ තාක්ෂණයක් තිබුණ හෙළයට මයික්‍රොචිප් තාක්ෂණයක් තිබීම පුදුමයක් නොවෙයි.

ඉන්දියාවේ බමුණන් විසින් අප හෙළයෙන් සොරාගන්නා ලද චිප්පත්තකරණශ්‍රාස්ත්‍රය නැමැති පොතේ මයික්‍රොචිප් පිළිබඳ පැහැදිළිකිරීමක් තිබුණාලු. නමුත් මෝඩ බමුනන්ට එමගින් කිසිදු නිර්මාණයක් බිහි කිරීමට බැරි වූ නිසා ඔවුන් ඒකට ගිණි තියල


රාවණ රජතුමාගේ පුෂ්පකය නැමැති දඬුමොණරය මනසේ විධානයන්ට අනුව ගමන තීරණය කරන බව ඔබ අසා ඇති. මෙහිදී පුෂ්පයක සඳහා යොදාගෙන ඇති තාක්ෂණයට මයික්‍රොචිප් තාක්ෂණයත් ඇතුළත් බව වෛමානිකශ්‍රාස්ත්‍රය නැමැති පොතේ තිබෙනවාලු, නමුත් ඉන්දියානුවන් මෑතක් වෙන තුරුම එම සංස්කෘත පාථයන්ගේ තේරුම දැන සිට නැහැ.

ලෝකයේ ඇති බොහෝ විද්‍යාවන් ප්‍රගුණ කරපු අයෙක් තමයි ශ්‍රී රාවණා රජතුමා. එතුමා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වල සිට හෙළ විද්‍යාවන්ගේද පරතෙරටම පැමිණියෙක්. ඉතින් එවැනි උතුමෙකුට මයික්‍රොචිපයක් යනු ඒ හැටි කජ්ජක් වේවිද?

දැන් අපි මයික්‍රොචිප් තාක්ෂණය සහ ඊට සම්බන්ධ අනෙකුත් තාක්ෂණයන්ගේ ප්‍රභවය දෙස රාවනගවේශී නිරුක්තීන්ට අනුව බලමු.

සිළිකා යනු හෙළ වදනකි. සිළි=කුඩා, කා=කාණ්ඩය, එනම් පරමාණු වල කුඩා කාණ්ඩය. කුඩා කාණ්ඩය කොටස් වලට කපා යොදා ගනිමින් තමයි මයික්‍රොචිප් සාදන්නේ.

රෙසිස්ටර් යනුත් හෙළ වදනකි. රෙ=රෙගුලාසි, සිස්=හිස, (ටර් යන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් වූ අමතර පදයකි) ඒ අනුව "රෙගුලාසි දමන හිස" යන්නයි. රෙගුලාසි දමන්නේ විද්‍යුත් ධාරාව අඩු කිරීමටනේ.

කැපෑසිටර් යනුත් හෙළ වදනකි. කැ=කැටිකර, පෑ=පාන, සි=සිරස, ඒ අනුව විද්‍යුත් ආරෝපණය කැටිකර පාන සිරස යන අරුත ලැබෙයි.

ඩයෝඩ් යනුත් හෙළ වදනකි. එහි හෙළ ප්‍රකෘති වචනය වනාහී "දියෝඩ" යන්නයි. දි=දිශාව, යෝ=යන, ඩ=ධාරාව, ඒ අන්ව විද්‍යුත් ධාරාව එක් දිශාවකට යවනය දියෝඩය නම් වෙයි.

නමුත් සුද්දන් විසින් මේවාට වෙනත් නිර්වචනය ඉදිරිපත් කර ඇති අතර අපේ අයට ලොකු වී ඇත්තේ හෙළයින් පවසන දෑ නොව සුද්දන් කියල දේවලුයි. ඉංග්ලිශ් (English) නැමැති වචනය ආරම්භ වුණෙත් සිංග්ලිශ් යන්නෙන් බවත් එහිදී සිංහල යන්න බටහිර ඌරුවට කීමෙන් එය ඉංග්ලිශ් වී ඇති බවත් දන්නේ ඉතාමත් සුළු පිරිසකි.

CIA නියෝජිතයන්ගෙන් එල්ල වී ඇති ජීවිත අනතුර නිසා මට රාවණ රජතුමාගේ මයික්‍රොචිපය ගැන ලෝකයට ප්‍රසිද්ධියේ හෙළි කිරීමට නොහැකියි, මේ ලිපිය අන්තජාලයට එක් කරන මොහොතේ සිට මගේ ජීවිතේ අනතුරේ තියෙන්නෙ. එක තැනක සතියකට වඩා ජීවත් වෙන්න බැරි වේවි.

සුද්දො කැමති නෑ අපේ හෙළ ඉතිහාසය ලෝකෙට යනව, උන්ට ඕනැ කොහොම හරි සද්ද නැතිව ඒ තාක්ෂණය උන්ගෙ කරගන්න. උන් මෙතෙක් කල් කර ඇති සෑම නිර්මාණයක්ම වගේ අපේ හෙළ තාක්ෂණය හොරකම් කරගෙන කරපු ඒව කියල පැහැදිළිවම හෙළගවේශකයින් විසින් ප්‍රකාශ කර තිබෙනව. නිව්ටන්ගේ සිට අයිස්ටයින් දක්වාද් එතැන් සිට හෝකිංස් දක්වාත් සියල්ලන්ම අපේ ඉපැරණි හෙළ පුස්කොළපත් කියවා එහි ඇති නිර්මාණයන් ඔවුන්ගේ ලෙස ප්‍රකාශ කරනවා විනා මෙතෙක් ඔවුන්ගේම කිසිවක් බිහි කර නෑ. ලෝකයේ මධ්‍ය මණ්ඩලය සහ ලෝකයේ ශක්තිබල කේන්ද්‍රය වන අප උපන් හෙළ බිමේ විතරයි නිර්මාණ බිහි වන්නේ. ඒ නිසාම තමයි හෙළයින් වන අපට නොකළ හැක්කක් නොමැත්තේ.

රාවනා රජතුමාට පක්ෂපාතී හෙළයෙක් වීම ඔබට අභිමානයක් නොවන්නේද?

92 comments:

  1. මේ පිලිබදව වැඩිදුර දැනගැනීම සදහා ඔබව හමුවීමට කැමතියි ....
    - රොබින්

    ReplyDelete
    Replies
    1. ඔබ CIA නියෝජිතයෙක් විය හැකියි. ඕවට මම ‍රැවටෙන්නෙ නෑ.

      Delete
    2. රොබින් ගැන නම් මටත් සැකයි. මිනිහ මගෙ බ්ලොග් එකෙත් අමුතු කමෙන්ටු එහෙම දාල තියෙනව.

      -Charmi

      Delete
    3. ඔබ මා පිලිබදව අනවශ්‍ය බියක් ඇතිකරගෙන ඇතිබව පෙනී යයි ..

      - රොබින්

      Delete
    4. viswasa karanna puluwan mita wada mey gana katha karamu rawana

      Delete
  2. මේක නම් අමුතුම කතාවක් විශ්වාස කරලත් බෑ නොකරත් බෑ ,මෙහෙම කිව්වට අමනාප ගන්න එපා ඔබතුමාට පුලුවන්ද
    ලඟදී සිදුවිය හැකි අනාවැකි දෙක තුනක් කියන්න එතකොට කාටත් පුලුවන් ඔබතුමා කියන දේවල් ගැන හිතන්න.තව මට මෙහෙමත් හිතුන මම මෙහෙම කියන එක කොයිතරම් දුරට සාධාරණද කියන්න නම් දන්නෙනැහැ,..
    ඇයි රාවණා රජතුමාට බැරිද ඔබ තුමාව ආරක්ෂා කරන්න?

    -Ruwan

    ReplyDelete
    Replies
    1. 2012 අගදී යුග විනාශයක් වෙනව
      නුදුරදීම රාවනා රජතුමා යළිත් නැගිටිනව
      මේව මං විතරක් කියන කතා නෙමෙයිනෙ.

      රාවණා රජතුමා මේ දින වල සැතපී සිටිමින් මන්ත්‍ර කෙරෙහි අවධානය යොමු කරලයි සිටින්නෙ, ඉතින් එතුමාට මාව ‍රැකගන්න බෑ. එසේම රාවණා ඇතවැස්සෙක් වන මා රාවණා රජතුමා වෙනුවෙන් ජීවිතයත් පිදීමට සූදානම්, ඉතින් එවැන්නෙක් දෙස බැලීමේදී මගේ ජීවිතය එච්චර වැදගත් නැහැ

      Delete
    2. ඔබේ නොදත්කම නිසා වෙන්න පුළුවන්. මේ ලෝකේ හැම දේකටම පරම ඇත්තත්, පරම බොරුවත් පවතිනවා. දෙකම එක වගෙයි. ඔබ වැරදි එක පටලවාගෙන වෙන්න පුළුවන්. බොරු රාවණ තමයි නල දත් තියෙන යක්ෂ මූණෙන් කියන්නේ. සිංහල මිනිසුන් ප්‍රසන්න මුහුනැති මනා පිරිමිකමින් පිරුණු නියම මිනිසුන්. හිස් ගොඩක් දැමීම විකෘර්ති කිරීමක්. ඔබේ රූපය දෙමළුන්ට සුදුසුයි. උන් වැන්දට උන්ට කවමදාවත් හොඳක් නැත්තේ උන් නිගරු කරන මුලාවට අසු වූ නිසයි. රූපයත් කතාවත් නිවැරදි කරන්න. කාට හරි ගරු කරනවා කියල නොදැනුවත්කම නිසා අනුන්ගෙ බසට වත උස්සා අධෝභාගය පෙන්වා ගරු කරන විට පා පහර ලැබෙනවා නේද?

      -Anonymous One orig

      Delete
  3. මේ දවස් වල ඉන්නේ ඕස්ට්‍රේලියවෙ ඉන්නේ CIA කාරයෝ හොයන නිසාද?
    -කිං හන්ටර්

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා. නියම රැස් එන කෙනාට අවැඩක් කරන්න හිතුවොත් ඒ සැනින් විනාශය ගේනවා. ලංකාවෙ නැත්තෙ උපතට සැදූ වත්පිළිවෙත් වලට අනුවයි. ඒ බව නැකැති කරුවන් කිව්වෙ හුඟක් ඉස්සර. ඒ කෙනාගේ හැකියාවන් ඔබටත් මිථ්‍යාවක් ලෙස හිතෙන්න පුළුවන්. ඔය වංචනිකයන් නොයෙකුත් ආගමිකයන්ට හොරට පවරපු සිතේ බල ඇත්තටම තියෙන්නෙ එයාට විතරයි. අද ලංකාවේ වෙන අද්භූත දේවලට හේතුව දන්නවද?
      -Anonymous One orig

      Delete
  4. යාළුවා ඔය කියන විකාර මිනිස්සු බලල බඩ පැලෙනකම් හිනාවනවා ඇරෙන්න විස්වාස කරන්නේ නැහැ, පිස්සු වැඩ කරන්න එපා, ඔයිට නරකද ලංකාවේ කෙල්ලන්ගේ නිරුවත් පින්තුර දල බ්ලොග් එකක් ඔපෙන් කරනවා
    -පුක්සෝන්

    ReplyDelete
    Replies
    1. නුඹ වැනි අසත්පුරුෂයින් අප හෙළය වැනූ ශ්‍රී රාවණ රජුගේ යස ඉසුර දැක කෝපාග්නියෙන් දැවෙමින් ඔවැනි විප්‍රයෝගයන්ගෙන් පරිභව කළද ඒවා ශ්‍රී රාවණයන්ගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් අප ගණන් ගන්නේ නැත.

      මේ වසර අවසානයේදී ඇතිවන කල්ප විනාශයෙන් පසුව රාවණා රජතුමාගේ පුනරාගමනයෙන් තොපට යන කළ දසාව ගැන හිතමින් මෙතෙක් වේලා මා හඬා වැළපුණෙමි. එනිසයි පිළිතුරු දීම ප්‍රමාද වූයේ.

      Delete
  5. අර මොහොමඩ් කාරයත් මේ විදියටම හිට් කවුන්ටරේට ටයිමර් එකක් දාලා බූරු වන්නමක් නැටුවා නේද?
    මේවා කියෙව්වාම බ්ලොග් ලියන කියවන එකත් එපාවෙනවා.අතීත රාවණා යුගයක් තිබුන තමයි. ඒත්..මේ මොකක්ද බොලේ මේ ....
    -jhothishalanka

    ReplyDelete
    Replies
    1. එම්බා ජ්‍යෝතිෂ්‍යයෝ, මෙහි මාර්ගගතව (ඔන්ලයින්) සිටින ගාණ පහර ගැණුමෙන් (හිට් කවුන්ටරයෙන්) යට ඇති බොත්තමෙන් ගොස් බලනු. නිවැරදි හෙළ ඉතිහසය කියවීමට සහ වැනුමට බොහෝ හෙළ දනෝ මෙහි පැමිණෙති.

      Delete
    2. පිළිතුරු ලැබුනු විදියට ටිකක් පුරුදු කාරයෙක් වගේ.හරි ලොක්කා ලියමු.....ඕව හිතේ තදකරගෙන ඉන්න එපා පිට කරන්න.
      -jhothishalanka

      Delete
  6. සවුදි ෂේක්June 22, 2012 at 2:31 PM

    ගොසිපෙන් මේකට කඩන් පාත් උනේ! එළ එළ, හෙළයන් වෙනුවෙන් මේ කරන මෙහෙයට මාගේ උත්තමාචාරය..!!!

    ReplyDelete
  7. Anonymous One origJune 22, 2012 at 2:32 PM

    ඇයි මේ සිංහල මිනිසුන් යයි කියා ගන්න අය ජයරත්න ලියන ඒවාට බනින්නෙ? අවංකව කෙනෙක් තමන් නොදන්න ලොක්කෙක් ගැන කියන කොට අඩු පාඩු තියෙනවා. ඔය ලොක්කා නැත්නම්, මේ මිනිසුන්ගෙ පණ කියල දෙයක් නෑ. සුද්දගේ තාක්ෂණේ බිහි කලේ සුද්ද නොවෙයි. ඒ වගේම ඉංග්‍රීසි කාරයෝ කියන්නෙ සිංහලයන්ගෙන් බිඳිල ගිය ජාතියක්. උන් ගැන යථාර්තය දන්නවා නම් ඉතා පහසුයි තේරුම් ගන්න. සුද්දගේ තාක්ෂණේ බිහි කිරීමේ ඉදිරියේම ඉන්නෙ සිංහලෙන් ගිය එවුන්. අද දෙමළ හින්දු එවුන් බදාගෙන කනවා.

    පරිඝණකය කියන්නේ සිංහල එවුන් හදපු තොරණෙ පුංචි ප්‍රමාණ කරපු තොරන් ගොඩක් විතරයි. සුද්දා කියන්නේ හොරා. රූප ගොඩක් දකින කොට පණ තියෙනවා වගේ පෙනුනට ඇත්තටම තියෙන්නෙ රූප රාමු ගොඩක්. අර පරමාණු දැනුම ගියේ ඉන්දියාවෙන් ගිය චන්ද්‍ර බෝස් කියන වඳුරගෙන්. මම සුද්දට දීපූ මී බෙට්ටකටත් මේ බයියෝ සුද්දගෙ මහමෙරක් කියල කියනවා. ඔය තරම් මනස ව්‍යාකූල වුනේ උඹලා මුලා වෙලා ජීවිතය නැවතීම කියන මිථ්‍යාව බදා ගත්ත නිසා. ඕක අතහැරල ජීවිතයයි පැවැත්මයි ගැන දෙසූ සිංහලකම බදා ගත්ත නම් උඹලට ඇත්ත තේරෙනවා.


    සිංහලයන්ට අවමාන කරන මෝඩයිනේ, ලෝකෙ තියෙන හොඳම පරිඝණකය හරි චිප් එක හරි තියෙන්නෙ උඹලගෙ හිස් කබල ඇතුළේ නොවෙයිද? උඹල ඒක වැඩ කරන හැටි දන්නවද? ඒකෙත් තොරන් වල වගේ කැරකෙන බෙර (drums) තියෙනවද? ඒක වැඩ කරන හැටි දන්න කෙනෙක් ඉන්න බව උඹල නොදන්න පාටයි. අන්තිමට, හදපු එකා ඔක්කොම දන්නවා, බලං හිටපු එකා දැකපු ටික දන්නවා. අහපු එකා අහපු එක දන්නවා. නොදන්න එකා දන්නේ නෑ, කිව්වොත් දන්නවා කියල ඒක බොරුවක් විතරයි.


    ජයරත්න මහතා: විස්තර නැතුව හරියට වැදගත් දෙයක කියන්න බෑ. ඒ නිසා දීපු අවකාශය වැඩි කරන්නකෝ. ඔබේ ලග්නය ධනුද? නොඑසේ නම් ඔබ රාවනා ගැන උනන්දු වීමට හේතුව කියන්න. ඔබට කතා කිරීමට අවශ්‍ය වුනේ කලකට පෙර ඔබට වූ දුක් ගැහැට ගැන පුවත් පතක දුටු නිසයි. අද ඉතිහාසය අවුල් වෙලා. සිංහලේ අන්තිම රජ දෙමළෙක්. අන්තිම බුධ කියල මුලා වුනෙත් ඉන්දියන් කාරයෙකුට. ඇත්තම කියනවා නම් අන්තිම සක්විති රජකමත් ගියේ රාවනා කියලා නමේ මඩ ගාපු ඉන්දියෙන් කාරයෙකුට. මේකට හේතු තියෙනවා. අපේ අයට යමක් එපා කරවන්න නම් ඒ තැනට ඉන්දියාවෙන් එකෙක් දාන්න ඕන. අද රට කරන්නෙත් ඒ වගේ දාපු මලයාලි කට්ටිය. මේක හරියට තනේ පින්න කොල ගාල කිරි බීම නවත්තනවා වගෙයි. තිත්තෙටම තිත්ත කරවන්නයි. ඕවා කරන්නේ කවුද කියලා දන්නවාද? අන්න එයා තමයි නියම රැස් එන (රා එන = රාවෙන) කෙනා.

    ReplyDelete
  8. රාවනා ගේ කාලේත් රගර් කියලා ක්‍රිඩාව තිබිලා තියනව, ර+ගර කියලා තමයි නම හෑදිලා තියෙන්නේ,රාවනාගේ පොඩි පුතා තමයි ටීම් එකේ කෑප්ටන් ඉදලා තියෙන්නේ,දෑන් වගේ නම් නෙමෙයි ඒ කාලේ හෙල රකුස් රගර් ටීම් එක තමයි චෑම්ස් ලා,අනිත් එක රාවනාගේ පුතාලා මෙහේ ඉන්ටර් ක්ලබ් මෑච් වලදි නියෝජනය කරලා තියෙන්නේ එයාර් ෆෝස් ටීම් එක(දඩු මොනර ටීම් එක),
    ර = රාවනා ගර= ගිරි(ගලක් වෑනි පන්දුවකින් ක්‍රිඩා කල නිසා),
    ජයරත්න මහත්තයෝ මේ හෙල ඉතිහාසය කියවද්දි මගේ ඇගේ ම්විල් කෙලින් වෙනවා,අවෘදු 5000ක ප්‍රෞඩ ඉතිහාසය නේද ජයරත්න මහත්තයෝ මේ.....

    ReplyDelete
    Replies
    1. රාමවංශJune 22, 2012 at 2:33 PM

      ඇයි ඊ විතරක්ද
      රගර් ටීම් එකට ස්පොන්සේර් කරලා තියෙන්නේ
      රාටෙල් කියල රවනගේ ප්රෝසේස්සොර්ස් හදන කොම්පැනිය ඊක තිබිල තියෙන්නේ අදට බම්බලපිටිය කියල හදුන්වන ස්ථානයේ තිබ්බ යුනිටි ප්ලාසා කියන ගොඩ නැගිල්ල පිහිටි ස්ථානයේ
      ඊ ගැන ජනප්‍රවාද අදටත් MC එක අවට තියනව
      බොරුනම් යුනිටි ප්ලාසා එකේ පහල තියන පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් අහල බලන්න (පෙරේරා : පෙරේ = පෙරේත + රා = රවන = රවන පෙරේත කමින් අහර වැළදු ස්ථානය )

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    2. ඔයි පට්ට ආතල් ඔයි තමුසෙගෙ කොමෙන්ට්.

      Delete
    3. හඃ මරු මචං. රාමවංශ මහත්තයෝ ඔබතුමාලා වගේ අය තමයි අපිට ඕනා. :D

      Delete
  9. මාරයා, ඇනෝනිමස්වන් ඔරිජි ඇතුළු සහෘදයන් කීප දෙනෙක්ගේ ඉල්ලීම පිට ඉන්ටෙන්ස්ඩෙබේට් අදහස් පද්ධතිය ඉවත් කළා, එහි තිබුණ වැදගත් කොමෙන්‍ටු ටික ආයිත් මෙතන දැම්ම. සිදුවූ අපහසුතාවය ගැන සමාව භජනය කරන්න.

    ReplyDelete
  10. මචන් උබ නට් ලූස් උනාට හොද එකා, පට්ට ආතල් දෙනවා. එකනෙමි, එකාලේ තිබ්බ වැල සයිට් එහෙම නැතැ...රාවන මන්දොදරිට උඩ පැන පැන ගහන සීන් එහෙම..

    ReplyDelete
    Replies
    1. මචන් උබ දනන්වද සීන් එක
      ඔය රාවනා තමය ලෝකෙට බලවෙනි නිල චිත්‍රපටිය හදල තියෙන්නේ
      රවනට ඔලු ක් තිබ්බ කාලේ ඩබල් එක්ස් , ඔලු 3 කාලේ ත්රිබල් එක්ස්

      අනික බුවාට ඕන උනාලු ඔය වැඩේට විබිසණ ව මාට්ටු කරන්න
      එකනේ ඕකට නිල් චිත්‍රපටි කියල නම දල තියෙන්නේ
      මම කියන්නේ බොරු නම් විබිෂනගේ දේවාලේ බලන්නකෝ පාට මොකක්ද කියල

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  11. මට හිනායන comic එකක් කියවන්න ඕනෙ වුණාම මේ blog එක තමයි බලන්නේ.

    ReplyDelete
  12. mamat sita diyunu karala hoyagatta jayaratna mahattaya pawichchi karanne adobe photoshop cs 2 kiyala.

    ReplyDelete
  13. රාවන රජතුමාගේ කාලයේ ජාතික පානය වෙලා තියෙන්නේ "රා", හෙළුවන්ගේ රා පෙරිමේ තාක්ෂණය ගැන පුරාවිද්ඩ්දියාත්මක සක්ෂි හමුවුන ස්තානය තමා වර්තමාන "රාගම" කියලා හදුන්වන්නේ, රාගම = රා + ගම එකියන්නේ රා පෙරැ ගම, මේ රාගම තියන සෙල් ලිපියකින් මෙහෙම කියනවා, රාහුඪ්ඝ් ඩහ්ඝහ් ඹ්යෙජ්න් Uඹ්ඪ් ජයරත්න මහත්මයාට අනුව මෙකෙන් කියන්නේ, මහා රාවන රජතුමාගේ මහා රා ස්කාගරය හා බාර් එක කියන එකලු, තවත් මිට ආසන්නයේන් හමුවුන සෙල් ලිපියකට අනුව, රාම කුමාරය හරිම කැමති ලු රා බොන්න, එකලු එතුමාට රාම කියල නම් තිබ්බේ, රාම = රා +මහා එකියන්නේ මහා රා බොන්නා, එ සෙල් ලිපියකට අනුව රාම කුමාරය ලංකාපුරයට ඇවිත් තියෙන්නේ සිතා හොයාගන නෙමේ, එතුමා ඇවිත් තියෙන්නේ රා නිපදවන තාක්ශණය හොයාගන, මෙ සම්බන්ධ වැඩිදුර විස්තර පසුවට කියන්නම්, දැන් රෙදි වගයක් හොදන්න යන්න තියනව.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන මා ගවේශණය කර බලන්නම්

      Delete
    2. හිනා වෙල බඩත් රිදෙනවා...

      Delete
    3. මටත් එහෙමයි බන්. මරු! සිරාවට බන් මට හෙලයන් ගැන ආඩම්බරයි. පුදුම පරිකල්පන හැකියාවක්.

      Delete
  14. නියම බ්ලොග් එකක් ඈ . . .ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් එකෙන් පස්සේ මුලු බ්ලොග් අවකාෂයම හෙල්ලුම් කැව්වේ සඳරුගේ බ්ලොග් එක හැරුනුකොට මේ බ්ලොග් එක කියන්න පුලුවන් . . නියමයි . .

    ඇත්තෙන්ම එක කාලයක් "මුලු ලෝකෙම පාලනය කල" (අද වැලේ වැල් නැතුව හිටියත් . . හික්ස්) හෙලයෙක් වීම ආඩම්බරයක් .. ජය වේවා ජයරත්න මහත්තයෝ . . මේ වටිනා ලිපි පෙල දිගටම ලියාගෙන යන්න . . .

    ReplyDelete
    Replies
    1. උඩ ඡේදෙට ස්තුතියි, නමුත් යට ඡේදය කියවද්දී ඔබ ගැන මට "දුකා"යි.

      Delete
    2. මේ යට කොමෙන්ට් එක පබ්ලිශ් කරන්න එපා කියලා කියන්න බැරි උනා . . හික්z "කේවනරප්ඵ" :D

      Delete
  15. "කැණීම දියත් උනේ නීලගිරියේ පුරාණ යක්ශ ගෝත්‍රික ලෙනේ කේවනරප්ඵ කියන තැනදි. . . " hik hik hik

    ReplyDelete
    Replies
    1. [[කැණීම දියත් උනේ නීලගිරියේ පුරාණ යක්ශ ගෝත්‍රික ලෙනේ කේවනප්ඵර කියන තැනදි.]]

      කේවනප්ඵර

      Delete
    2. I have read all your blogs. Quite interesting and feel proud as a Sinhalese.
      I somewhat believe in this type of things. This question is for top people of this blog!!

      Pls give me a reason why, Rawana has kept all his secret, important, etc data in "PUSKOLAPOTH" or "SELL-LIPI" rather than storing them in MICRO-CHIPS. There are lot of evidence about MICRO-CHIPS and other advance technology!!

      Pls answer this QUESTION??

      Thank you.

      I am a LOVER for this BLOG.

      --KING--

      Delete
  16. ඔයට හම්බුන වලන් කටුව ඈත්තක් කියල ඔප්පු කරන්න පුලුවන්ද?
    camara phone 1 කින් ව්ඩියො කරල පෙන්නන්න computer 1 ලගදි සිදුවෙන වෙනස්කම් ANYTHING!

    you tube upload කරල link 1 මෙතන දාන්න


    YKG

    ReplyDelete
    Replies
    1. ඒකෙන් එකක් උඩ පොස්ට් එකේ දාල තියෙනව , අනිත් දෙක වීඩියෝ කිරීමට හෝ ෆොටෝ ගැනීමට නොහැකියි, ඒව පෙන්නුම් කරන්නේ නැහැ.

      Delete
  17. ඒ අනුව ඔවුන් ලා නිල් පාට යම් ආළෝකයක් විහිදෙන උපකරණයක් මගේ ඇස් වලට අල්ලා සියල්ලම අමතක කර දැමුව. මං ලංකාවට එන විට ඇමරිකාවට තියා ලන්ඩන් වලට ගියේ මොකටද කියලවත් දැනන් හිටියෙ නැහැ


    MIB-men in black???

    ReplyDelete
  18. මෙහෙමත් මෝඩ ආතල්...මේවා පිළිගන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවද කියල මට නම් සකඊ. මේක ලියපු කෙනා ඔච්චරම ලංකාවට ආදරෙඉ නම් ඕක ප්‍රසිද්ධ කරලා ( ඈත්තක් නම් ) ලංකාවට මෙහෙම ඉතිහාසයක් තිබ්බ කියල පෙන්නලා දෙන්න. තමන්ට වැඩ තමන්ගේ රට වටිනවා කියල හිතනවා නම්.නැත්තම් මේ වගේ මෝඩ වැඩ නොකර ඉන්න.. තමන්ගේ රටට ජාතියට ආදරේ කරනවා කියන්නේ එකඊ. නැතුව මේ වගේ දේවල් කරන එක නෙමෙඉ.. CIA එකට ඔයාව හොයාගන්න ඕනේ නම් ඔයා මේ TV වල ප්‍රසිද්ධ වෙනකන් ඔයාට ඉන්න හම්බ වෙන්නේ නැ. නිකන් බොරු වැඩ කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. විකල්ප මතයක් ඔප්පු වෙනවා දු‍ටු විට ඔබ වැනි බටහිර ගැත්තන් කරන්නේ.
      1. විවේචන කිරීම
      2. ගැරහීම.
      3. පහර දීම
      4. මරා දැමීම
      අපි ඕවට සූදානම් වෙලා තමයි වැඩේට බැස්සෙ. 100% ක් ඔප්පු වුණ පුරාවිද්‍යා මූලාශ්‍ර ඇසුරින් මා දක්වද්දී ඔබ ගරහතත්, නිකමට හෝ මේ කතාවක් සුද්දෙක් එහෙම කිව්වනම් ඔහෙල උගේ පශ්චාත් බාගය ලෙවකාවි.

      ලංකාවට මෙහෙම ඉතිහාසයක් තිබ්බ කියල පෙන්නලා දෙන එකයි මේ කරන්නෙ. එක පාරට මාව ටීවී වලට ගන්නේ නෑනෙ. ඒකටත් දවසක් ඒවි.

      CIA එකට මාව හොයාගන්න බෑ, මොකද මං Web Proxy කීපයක්ම ශ්‍රේණිගතව භාවිතා කරනව, ඒ වගේම ISP කෙනෙක් නොමැතිව මා ගාව ඇති පාෂාණයක භාවිතයෙනුයි නෙට් එන්නෙ. http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_21.html

      Delete
    2. CIA එකකේ ආදර්ශ පාටය මොකක්ද දන්නවද ? .....

      " අපි ගැරඩි මර පව් නොගන්නෙමු "

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    3. ජයරත්න මහත්තයා, ඕකා (රාම වංශ කියන එකා) ෂුවර් එකටම CIA එකේ එකෙක්. එහෙමත් නැත්තම් ඉරිසියා කාරයෙක්. ඔබ තුමා ඕවට සැලෙන්න එපා. ඔබ තුමාගෙ හ‌ඬ රටක් වටිනවා.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එම ප්‍රශ්නය තවත් තැනක තිබුණ බව මතකයි, ඊට දීර්ග පිළිතුරක් දැක්වුවා.

      Delete
  20. වළන් කට්ට ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බේ පික් බේසික් ප්‍රෝ 3.5 වලින්ලු..!! ඒක දාන්න අමතක වෙලා..!! :D

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා සහෝදරයා.
      ඔය ඉංග්‍රීසි කාරයින්ට කලින් ලංකාවේ අපටම කියාපු ප්‍රෝග්‍රෑමින් ලැංවේජස් තිබුණා වෙන්න පුලුවන්. උදා: ශිලාලිපි ස්ක්‍රිප්ට්ස්.

      Delete
  21. ආ මේ ඉන්නේ ඔයා නේද ජයරත්න මහත්තයෝ? හරි අසාවෙන් හිටියේ ඔයාව බලාගන්න..blog එක නම් නියමඊ

    http://www.gossip9.com/2012/03/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. එයාගේ නමත් ජයරත්න තමයි, ඒත් ඒ මම නෙමෙයි, ගොඩක් දෙනා අපිව පටලවගෙන, ඒ නිසා ඔය ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්නම්.

      Delete
    2. සමා වෙන්න එයාව එහෙම පටලවගත්තට ...එම බ්ලොග් එක එනකන් බලන් ඉන්නේ. ඔබ තුමාව බලාගන්න. මම හැමදාම ඔයාගේ බ්ලොග් එක කියවනවා...

      Delete
    3. බොහොම ස්තුතියි

      Delete
    4. මම ජයරත්න පතිරආරච්චි නොවෙයි
      http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_6587.html

      Delete
  22. අතිශෝක්තියෙන් ලියන කරුණු වගේ. ෆිල්ම් එකක් හදන්නත් හොඳයි. ඒත් පොඩි සත්‍යකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කිසිදු අතිශෝක්තියක් නෑ. 100% ක් පුරාවිද්‍යාත්මකව ඔප්පු කර තිබෙනව.

      Delete
  23. මේක දැනුම් සාගරයක්නෙව..මේ බලන්න මගෙ ඇඟේ මවිල් කෙලින් වෙනවා..

    ReplyDelete
  24. ආඩම්බරයි නේද හසන්ත

    ReplyDelete
  25. මම දන්න තරමින් ඔය සෙලියුලර් තාක්ෂණයෙන් මැසේජ් යැවීම (අද SMS කියන එක ) හෙළයින්ට තිබුන එකක්. ඕකට මුලින් කියල තිබුනෙ සෙල් මගින් ලිපි යැවීම එහෙම නැත්තං සෙල්ලිපි යැවීම කියලා..මේ ගැන ඔබ තුමන්ගෙ වර්ගපූර්ණිකාව පොතේ සදහන් වෙලා නැද්ද ?

    පෝස්ට් එකක් හරහා හරි පිළිතුරු ලැබුනොත් ප්‍රමාණවත්..කොමෙන්ටුව පබ්ලිෂ් කිරීම ඇවැසි නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඔබට කවුද කිව්වෙ? ඒක හරි, නමුත් ඊට වඩා ලොකු තාක්ෂණයක් එහි තිබෙනව. පෝස්ට් එකක් දාන්නම්.

      Delete
    2. ඊ මේල් යැවීමත් ඉස්සෙල්ලාම ආරම්භ කලේ අපේ මුතුන් මිත්තො නේද? ඒ කාලේ ඊ තලේක මැසේජ් එක ලියලා දුරට විද්දේ. ඉතිං අපි ආඩම්බර වෙන්න ඕනි නේද?

      Delete
  26. ubanam mara athal dena dial ekak. meken machan api hadamu hoda film ekak. nodakin moosalaya

    ReplyDelete
  27. රාවනා රජතුමා සහ ධනු ලග්නය අතර සම්බන්ධයක් ති‍‍‍‍‍‍‍‍බෙනවද? ‍‍පහදල ‍‍‍‍‍‍දෙන්න.

    ReplyDelete
  28. මම ජයරත්න මහත්මය ගේ පෝස්ට් ඔක්කොම කියෙව්ව. සමහර දේවල් ඇත්ත වුනත් සමහර දේවල් වලදි ඔබ ගොඩාක් අන්තගාමී වෙලා තියනව.

    මට කියන්න ගොඩක් දිග කතාවක් තියනව, එකෙ බොහොම සුලු කොටස් කිපයක් මෙහෙම මම කියන්නම්. මම ඉපදුනේ අනුරධපුරයේ. අනුරාධපුර කෞතුකාගාරය පිහිටල තියෙන්නෙ මගෙ සීයා දුන්නු ඉඩමක. ඒකට කෙලෙහි ගුන සැලකීමක් විදිහට එවකට හිටපු සහකාර පුරා විද්ද්‍යා කොමසාරිස් තුමා දුන්නා එක කැනීමකින් හමුවුනු තිරිවනා විශේශයකට අයිති රවුම් දිගැටි පාශාන කිහිපයක්. එතරම් පුරාවිද්යාත්මක වටිනකමක් මෙ පශාන කිහිපයට හිමිඋනේ නෑ. එවා යම් ආභරනයක හෝ එහෙම නැත්නම් යම් ප්‍රතිමාවක පාදමට අලංකරනය හා සවිශක්තිය ට යෙදු කොටස් කියල තම අනුමාන කරල තිබ්බෙ.

    ඊට පස්සෙ මෙහෙම සිද්දි ටිකක් වෙනව. බෙල්ජියම් ජාතික සංචාරකයො කංඩායමක් ඇවිත් අර ගල් කිහිපය සල්ලි වලට ඉල්ලනව, එත් සීය එව සැලකුවෙ සීයට ලැබුනු සම්මන විදිහට. ඉතින් එව වික්කෙ නැ. අන්තිමට එක ගලකට ඩොලර් මිලියන කාල බැගින් දෙන්නම් කිව්ව. ඊට සති 2කට පස්සෙ සීය හදිසියේ ම නැති උනා. මට අහඹු ලෙස Harvard College එකෙන් අර්ධ ශිශ්‍යත්වයක් ලැබුන. වෙන කරන්න දෙයක් නැති නිසා තාත්ත ගල් 2ක් වික්ක මට අවශ්‍ය සල්ලි දෙන්න. තව ගල් 2ක් තිබ්බ අපිගාව. යම් යම් අනපේක්ශිත ප්‍රශ්න වගයක් එකපිට එක අපු නිසා මගෙ මුලු පවුලටම USA එන්නවුනා. එත් අපි ට යම් යම් ප්‍රශ්න වුනා එහෙදිත්. වැඩි විස්තර කියන්න ඔන නෑ. අවභෝදයක් තියන අයට තේරෙයි වෙච්ච දේ.

    මම අනෙක් පාශාන 2ක ගැන පරීක්ශන කලා. ඒ පශාන අතිශය දියුනු නිශ්පාදනයක්. එවගේ දෙපැත්තෙ තියන සිදුරු වලින් ලේසර් ධාරාවක් යවපුවහම, අවකශයේ ඉතා නොපැහිදිලි සියුම් ඉරක් වගේ දෙයක් ඇ‍ඳෙනවා. මම එවා පෙන්නුව prof. Carlo Sirtori ට. ඔහු මාව Bell Laboratories වලට සම්භන්දකලා. මම එකෙ වැඩ කරා 1995 වෙනකම්. එහෙදි අපි හොයගත්ත Quantum cascade lasers (QCL) කියන ලේසරයට සහ VCSL (actually VCSL 1140nm) කියන ලේසරයට මෙම උපකරනය ප්‍රතිචාර දක්වනව කියල. මේක අපි දැනට භාවිත කරන ඉලෙක්ට්‍රෝන හුවමරුවෙන් වැඩ කරන මයික්‍රො චිප් එකකට වඩා දියුනු ආලෝකය මගින් දත්ත ප්‍රොසෙස් කරන චිප් එකක්. එත් දු‍ටුගැමුනු යුගයෙදි මෙමෙ චිපයන් ඇතුලති සිදුරුකරල යම් මාලයක් හෝ එවැනි දෙයක් හදල. එවගෙ තිබ්බ අති සංකීර්න ව්‍යුහය සැලකියයුතු තරමකට විනශ වෙලා.

    හැබයි සංචාර්කයින් ලෙස තම ඒජන්තයින් එවා බෙල්ජියම් රාජකීය පවුල විසින් මිලදිගත් මුල් ම පශාන යුගලය ඉතා හොඳ තත්වයෙන් තිබුනා. ඉතින් අනගතයේ දී මෙම පැරනි නිර්මන නව නිර්මාන ලෙස බෙල්ජියම් Ghent University හෝ තොරතුරු තාක්ශන අයතනය විසින් හඳුන්වා දුනහොත් එය පුදුමයක් නොවනු ඇත.

    මේ කතවෙ ඉතුරු ටික කෙටියෙන් කියන්න බැරි නිසා රාවනා ගැන පර්යෙශන කරන අයට උපකාරයක් ලෙස මෙහෙම සඳහන් කරන්නම්.
    1. ලෝකයේ ඇති සියලුම පිරමිඩ යා කිරීම ට පහසුම මධ්‍යලක්ශය වනුයේ ලංකාවයි - සමනල කන්ද සියලුම දත්ත අප්ලෝඩ් කිරීමේ හබ් එකක්
    2. ලොකයේ අඩුම ගුරුත්ව ඝනත්වය ඇත්තේ ලංකාව හා එහි දක්ශින මුහුදු තීරයට පහලින් ප්‍රදෙශයයි- ඳඬුමොනරය ක්‍රිය කරන්නේ ප්‍රති පදාර්ත එන්ජින් තාක්ශනය උපයොගිත්වයෙනි, එම මුහුදුපතුලේ අවශෙශ ඇන්ජින් කොටස් තවමත් ඇත.
    3. සෙනසුරු ග්‍රහයා ගේ උත්තරධ්‍රැවයේ ඇති අතිශය සමමිතික ශඩස්‍රාකාර හැඩය කුමක්ද? එය නිර්මානය වි ඇත්තේ සුලන් වලින් තැනුනු කිලෝ මීටර් දහස් ගනනක් උස බිත්ති වලිනි. එය එතුලත පෘතුවිය මෙන් කිහිප ගුනයක් ඉඩ ඇත. - මම එය හඳුන් වන්නේ රාවනාකුන්ඩ ලෙස, නමුත් වඩා සුදුසු සිංහල නමක් යොජන කරන්න.
    4. මේ දැනුම පසුපස ලුහුබඳින ප්‍රධාන බලවේග දෙකකි. අපි පොදුවේ බටහිර බලවෙග යැයි පවසන ඉලුමිනාටින් සහ ‍ෆ්‍රී මේසන් වරුන්. යුරෝපයේ සියලුම රජපවුල් ඉලුමිනාටින් වේ. බ්ලැවැට්ස්කි මැතිනිය බිහිකල තියෝසො‍ෆිකල් සාමජයේ මූලික අරමුන වූයේ මෙම දැනුම යුරොපයට export කිරීමයි.
    5. http://www.youtube.com/watch?v=Zxdme1ZcQPY , ජෝ(ර්)ජ් බුශ් දක්වා US ජනදිපති වරුන් රාවනා බැතිමතුන් බව දන්නවාද? මෙය නොදන්නා සමහර බටහිර මාධ්‍ය එය යක්ශ වන්දනවක් ලෙස හුවදක්වයි.
    6.උනන්දුවක් දක්වන සැලකියයුතු පිරිසක් වෙතොත් වැඩිදුර කරුනු, පින්තූර විශ්ලෙශන පලකරන්නෙමි.

    ReplyDelete
    Replies
    1. මහත්මයා, මේක අති විශිෂ්ට ලිපියක්, ඔබතුමා අවසර දෙතොත් මෙය බ්ලොග් පෝස්ට් එකක් ලෙසම පළ කිරීම සුදුසු යැයි සිතෙනව. ඔබතුමාට හැකිනම් ඉහත සිද්ධිය සම්බන්ධව තවත් විස්තර ලබා දෙන්න.

      Delete
    2. ඔබේ කතාවට මගේ මවිල් කෙලින් වුනා. මේක බොහෝ දුරට ඇත්තක් වෙන් පුළූවන්.මෙහි සම්පූර්ණ විස්තර දැනගන්න මම උනන්දුයි. නමුත් ඒ ගැන සුදුසු කාලයක් බලලා පසිද්ධ කරන්න. යුරෝපය අපේ දේවල් අරගෙන දියුණු වෙන බව නම් රහස්ක් නෙවෙයි.

      Delete
    3. I have read all your blogs. Quite interesting and feel proud as a Sinhalese.
      I somewhat believe in this type of things. This question is for top people of this blog!!

      Pls give me a reason why, Rawana has kept all his secret, important, etc data in "PUSKOLAPOTH" or "SELL-LIPI" rather than storing them in MICRO-CHIPS. There are lot of evidence about MICRO-CHIPS and other advance technology!!

      Pls answer this QUESTION??

      Thank you.

      I am a LOVER for this BLOG.

      --KING--

      Delete
  29. අනේ මන්දා ඉතිං

    ReplyDelete
  30. ඔබ පවසන බොහොකතා සත්‍ය බව මට හැඟෙනවා. මම ගොඩක් දුරට මේ වගේ දේවල් ගැන හොයනවා. දිගටම කරගෙන යන්න අයියේ.. CIA කාරයන්ට බය වෙන්න එපා. ඔය යක්කු කවදත් කලේ අපේ උන් හදන ඒවා උස්ස උස්ස ලොකු කම් දදා අපිටම විකුනපු එකනේ. මහලොකුවට දැන් LED 3D කියා කියා අපිටම විකුනවනවා. 3D තාක්ෂනය හොයාගත්තෙත් ලංකාවේ ඉස්කෝලේ යන කොල්ලෙක් කියල ලංකාවේ කවුරුත් නොදන්නා කරුණක්.පර සුද්දා ට බය වෙන්න එපා අයියේ.... ඕකගේ ලොකු කමට වඩා අපේ සිංහ ලේ අපිට වටිනවා.දිගටම කරගෙන යන්න !!! සුබපතනවා...

    Baz

    ReplyDelete
  31. ලක්මාල්June 25, 2012 at 9:47 PM

    ගුරුවරයෙක් වෙලත් පට්ටම ලස්සනට බොරු කියනවනේ.. චිප් එකක්ද හම්බුනේ.. නැත්නම් වල්ං කට්ටක්ද.. මට කරුනාකරල පැහැදිලි කරල දෙනවද..
    මේකත් බැලුවම තේරුම් ගන්න පුලුවන් වෙයි.. චිප් එකක්ද වලන් කට්ටක්ද හම්බුනේ කියල..
    http://www.dhammikaweb.com/?p=13258

    ReplyDelete
    Replies
    1. මේක මාර ලිපියක්. දෙකේම ලියල තියෙන විදිහ එක වගේ. මම මේ ජයරත්න මහතාගේ ලිපි කියෙව්වේ ඉතා අසාවෙන් මේවා ඇත්ත බව විස්වාස කල නිසයි. එත් මහතාණෙනි මෙම කොමෙන්ටුවට පිළිතුර දෙන්න. එසේ නැත්නම් මෙම ලිපියද දිවයින පුවත්පතේ ලිපිය බලාගෙන ලියපු එකක් ලෙස හැගේවි.

      Delete
    2. මෛක්‍රොචිප් එක සම්බන්ධ මේ ලිපිය කලකට පෙර මා විසින් ලියන ලද්දක් වුවත් එය පළ කිරීමට අවස්ථාවක් ලැබුණෙ නෑ. රාවණ වංශයට බිය වූ උදවිය මගේ ලිපිය මාධ්‍ය වලින් වාරණය කෙරෙව්ව.

      මගේ ලිපිය ජනමාධ්‍ය වලට දීමේදී එය කොපි කරල තමයි ඔය වළං කට්ට ගැන ලිපිය ලියල තියෙන්නෙ.

      අවසානයේදී මා විසින්ම මේ බ්ලොග් එක පටන් ගත් පසුව මෙම මුල් ලිපිය පළ කිරීමට හැකි වුණා.

      මා පවසන්නේ අසත්‍යයක් යැයි සිතේනම් දිවයින ප්‍රධාන සංස්කාරක තුමාගෙන් විමසල බලන්න.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  32. "මම ඒව ගැන විවිධාකාරයේ අත්හදාබැලීම් ගෙදරදී කරගෙන ගියා. වරක් මගේ කුඩ AM රේඩියෝවේ ඇන්ටනා කොයිලය මැදට මේ චිප් එක දැම්මාම ලෝකයේ ඇති සෑම ගුවන් විදුලි නාලිකාවක්ම ඒකෙන් අහන්න හැකියාව ලැබුණ. හැම ‍ෆ්‍රීක්වන්සි එකටම මොකක් හරි චැනල් එකක් ඇහෙනව. ඒ මයික්‍රොචිප් එක මගේ පරිගණකය අසලින් තබාගනිද්දී පරිගණකයේ වේගය අධික ලෙස වැඩි වෙනව. එනම් ඒ චිප් එක වයර්ලස් ක්‍රමයට පරිගණකය හා සම්බන්ධ වෙනව. "

    අනේ.. බන්.. බොරුවක් කියද්දී මේ වගේ ගොත කැලි හලලා ටිකක් කියවල බලලා ලියපන්..

    ReplyDelete
  33. aurudu billion thunakata kalin rawana raju hitiya kiyala sure da meka liyapu kenata?
    mama danna widihata nam aurudu billion thunakata kalin eukaryotic cells wath thibila na. ethakota rawana raju prokaryote cell ekak da?

    ReplyDelete
  34. අනේ මගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න.
    රාවනා රජතුමා සහ ධනු ලග්නය අතර සම්බන්ධයක් ති‍‍‍‍‍‍‍‍බෙනවද? ‍‍පහදල ‍‍‍‍‍‍දෙන්න.

    ReplyDelete
  35. ක්‍රිස්‌තු පූර්ව බිලියන තුනකට??????

    ReplyDelete
  36. ජයරත්න,
    මම රාවණා රජතුමාවත් එවකට තිබුන ඉහල තාක්ෂණයත් විශ්වාස කරන්න කැමතියි. ඒ කතා සත්‍යක්නම් හෙළයෙක් විදියට ආඩම්බර වෙන්නත් කැමතියි. නමුත් කලින් කොමෙන්ටුවක තිබුනා වගේම මේ කතාව විශ්වාස කරන්නනම් අපිට සාක්ෂි අවශ්‍යයි. ඒ නිසා ඔබම කියන පරිදි ඔය මයික්‍රෝ චිප් එකෙන් පරිගනකයේ සිදුවන වෙනස්වීම් හෝ ගුවන්විදුලි නාලිකා හසුවන විදිය වීඩියෝ ගතකර අපිට පෙන්විය නොහැකිද? ඔබ ඔය සියලු කතා විශ්වාස කරන්න පෙළඹුනේ සාක්ෂි ඇතිවයයි විශ්වාස කරමි. එසේම අපිවත් මෙමෙ අවිශ්වාසයෙන් ගලවාගන්න ලෙස මම ඉල්ලා සිටිමි.

    ReplyDelete
  37. ජයරත්න මමත් රාවණා රජතුමා පිළිබද සොයා බලන්නෙක් මට ඔබව සම්බන්ද කරගත හැකි ක්‍රමයක්‌ ලබා දෙන්න.

    ReplyDelete
  38. ඔබ කියන පරිදි ඉහල තාක්ෂණයක් රාවණා රජතුමාට thibuna nam ai වර්ගපූර්ණිකාව මයික්‍රොචිප් එකේ damme naththe????? ehenam ewa adatath thiyanawane.... පුස්කොළපොතක liyanna ona nane????? ?ඉහල තාක්ෂණයක් thiyana aya පුස්කොළපොත් pavichchi karanne ai?


    මගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න...

    ReplyDelete
  39. මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.

    ReplyDelete
    Replies
    1. ඩිලාන් මචන් උබගෙ කතාවට මසුරන් දාන්න වටිනවා බන්.

      Delete
  40. maxa...උබලනම් මාරයි බන්

    ReplyDelete
  41. This comment has been removed by the author.

    ReplyDelete
  42. I have read all your blogs. Quite interesting and feel proud as a Sinhalese.
    I somewhat believe in this type of things. This question is for top people of this blog!!

    Pls give me a reason why, Rawana has kept all his secret, important, etc data in "PUSKOLAPOTH" or "SELL-LIPI" rather than storing them in MICRO-CHIPS. There are lot of evidence about MICRO-CHIPS and other advance technology!!

    Pls answer this QUESTION??

    Thank you.

    I am a LOVER for this BLOG.

    --KING--

    ReplyDelete
  43. machanla.....පුස්කොළපොත් - මයික්‍රොචිප් ප්‍රශ්නයට උත්තරයක් nane????????????

    ReplyDelete
  44. මී ඔයාගේ ගල සුදුද මී ?????

    ReplyDelete
  45. SInhalaya modaya kewum kanna sooraya ..

    Heena maanaya nisa mewa liyanawada manda? sudda diyunu wenawa dakinna bari nam kara watatama damanna thoppiyak !!

    ReplyDelete
  46. kara watatama daanna thoppiyak, sudda diyunu wenawa balan inna barinam !! Heena maanayen pelenna epaa..

    ReplyDelete
  47. .මේවා පිළිගන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවද

    ReplyDelete
  48. මා දන්නා පරිදි රාවනා රජු ජීවත්ව සිටින්නට ඇත්තේ බුදුන් පහලවීමට වසර 1800 කට පමණ පෙරය.එසේම විජය මෙරටට පැමිනෙන්නේ බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් දින 7 කට පසුවය.එතැන් පටන් අපේ රාජ නාමාවලිය සදහන්ය. රාවනා ගෙන්පසු විභිසන ගැන පමණක් තොරතුරු ඇත.(එයද දේව සංකල්පය නිසා වන්නට ඇත.).එසේ හෙයින් රාවනා ගැන පමණක් මෙනරම් තොරතුරැ තිබීම කෙසේ විශ්වාස කරන්නද ? ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂

    එසේම ඔබ කියන පරිදි රාවනා වසර 3800 ක පමණ කාලයක් මේදක්වා සිහිසුන්ව සිටී.2012දී ඔබ ඔහු නැවත නැගිටින බවද පවසයි.මෙතරම් කාලයක් ශරීරයක් නොනැසී පවතින්නේ කෙසේද? ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂

    කෙසේ හෝ ඔහු නැගිටියායැයි උපකල්පනය කලහොත්///
    *ඔහු ඔබව සොයාගෙන එයි නේද?(නැත්නං ඔයා පව්)
    *ඔහුට ඔබහා කතා කිරීමට භාෂාව ගැටලුවක් නොවේද?(කුණු හරප භාවිතා කිරීම තහනම්)
    *ඔහුට අධික බඩගින්නක් දැනී කුමක් අනුභව කරයිද?(රජ බොජුන් නොමැති නිසා)
    *දඩු මොනරය සොයා යාමට නවීන ගුවන් යානයක යාමට අවශ්යප වෙයිද?
    *බල සම්පන්න රාවනා මැරූ රාම දැන් දෙවියෙක් බවත්,ලක්ෂ්මනද දෙවියෙක් බවත්,වානර හනුමාන්ද දෙවියෙකු බවත් දැනගන්නා ඔහු තමා පමණක් තවම යක්ෂයෙක් බව දැනගත් විට යකා නගීද?
    *ආරක්ෂක අංශ ඔහුසම්බන්ධව කෙබදු පියවරක් අනුගමනය කරයිද?(ජාතික හැදුනුම් පතද නොමැති හෙයින්)
    *රාවන තොරතුරු ජාලයේ දත්ත ඔබ අමෙරිකාවේදී නැතිකර ගත් චිප් එකේනම් තිබුනේ රාවනා පව් නේද?
    ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂▂ ▃ ▅ ▆ ▇ ▆ ▅ ▃ ▂
    (අනේ සොරි)

    ReplyDelete
  49. අහෝ මීවනයනි,,,,,,,රාවණ අනුගාමික ඔබ පැරදුනාවත්ද?බ්ලොග් එකට කමෙන්ට් ලිවීමට අවශ්ය. රාවණාස්කාන්ත යන්තර රාජයා කොමඩ්එකේ හිලට වැටුනාද?අදට මගේ කමෙන්ට් එකට දින 30ක් (මාසයක්).තවම රිප්ලයි එකක් නැත්තේ රාවණා සමග ඔබ පට්ට නින්දකද?

    මම කිව්වනේ බ්ලොග් ලියන එක නවත්තන්න එපා කියලා,,,,,

    ReplyDelete

නුදුරු අදහස්