Tuesday, June 19, 2012

නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි

ජර්මානු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගැන ඔබ අසා නැතිවාට සැක නැතිය. සුද්දන් විසින් අපට ලියා දුන් විකෘති කරන ලද ඉතිහාසයට අනුව ඔහු දරුණු ඒකාධිපතියෙක්ය, ජන ඝාතකයෙක්ය, වර්ගවාදියෙක්ය. සුද්දන් විසින් කියපු දේවල් ඒ ලෙසම පිළිගැනීමට අපගේ මනස හැඩගස්වා ඇති නිසා ඔබ මෙතෙක් කල් එහෙම හිතුවත් ඔබට මම දොස් නොකියමි. වර්ගපූර්ණිකාව බ්ලොගයෙන් මේ හෙළිදරව් කරන්නට යන දෙයින් ඔබගේ ඒ අදහස වෙනස් වේවි යැයි පතමි.

මීට මාස කීපයකට පෙර මා මධ්‍යම කඳුකර ප්‍රදේශයේ රහසිගත ලෙනක සිට කුණ්ඩලීනී යෝගයේ විමංභා ශක්තියට සම වැදී සිටිමින් රාවනා ශක්තියට අනුලෝම වන්නට හදමින් හෙළ ඉතිහාසය ගැන විමසද්දී පෙනී ගියේ ඇඩොල්ෆ් හිට්ලර් යනු හෙළ රකුසෙක් බවත් ඔහු රාවණා රජතුමාගේ අනුගාමිකයෙක් බවත්ය. එහිදී මා හට ප්‍රත්‍යක්ෂ වූ කරුණු එකින් එක මෙලෙස දක්වන්නම්.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ පියාගේ නම අලෝයස් හිට්ලර් ය. අලෝයස් හිට්ලර්ගේ මව හෙවත් ඇඩොල්ෆ් හිට්ලර් ගේ ආච්චීගේ නම මරියා ඈනා ස්චික්ල්ගෘබර් ය. නමුත් අලෝයස් හිට්ලර්ගේ පියාගේ නම ඔහුගේ උප්පැන්න සහතිකයේ දැක්වෙන්නේ නැති නිසා අලෝයස්ට කුඩා කාලයේ සිටම තම මව වූ මරියාගේ වාසගම වන ස්චික්ල්ගෘබර් භාවිතා කරන ලදී. ඒ අනුව ඔහු කුඩා කල අලෝයස් ස්චික්ල්ගෘබර් නම් විය. නමුත් 1842 දී ජොහාන් නෙපොමුක් හීඩ්ලර් සමග මරියා විවාහ වූ අතර එතැන් සිට අලෝයස් තම වාසගම ලෙස හීඩ්ලර් යන්න භාවිතා කරන ලදී. අවුරුදු 39 සපිරුන තැන අලෝයස් විසින් තම වාසගම හීඩ්ලර් වෙනුවට හිට්ලර් ලෙස භාවිතා කරන ලදී, ඒ අනුව ඔහු එතැන් සිට අලෝයස් හිට්ලර් නම් විය. අලෝයස්ගේ පුතා වූ ඇඩොල්ෆ් ගේ වාසගමද හිට්ලර් නම් වී ඇඩොල්ෆ් හිට්ලර් බිහි විය.


දැන් අප හෙළගවේශකයින්ට ප්‍රශ්නයක් මතු වෙනවා අලෝයස් හිට්ලර්ගේ ඇත්තම තාත්තා හෙවත් හිට්ලර්ගේ සීයා කවුද බව. මන්ද යත් ඒ නම ඉතිහාසයෙන් සැඟවී(සඟවා) තිබෙන නිසයි. ඉතින් මේ ගැන දිගින් දිගටම මෙනෙහි කරමින් කුණ්ඩලීනී යෝගයට සමවැදී සිටිය පසු ටික දවසකින් මා හට පෙන්නුම් කෙරුණ ලකුණක් අනුව නිගමනයකට බැස්සෙමි. එනම් මහරගම නීලම්මහර පන්සලට ගොස් මේ ගැන යම් කටයුත්තක් කර බැලීමයි. එහිදී හමුවූ දහ නව වන සියවසට අයත් පෞරණික පුස්කොළපොතක සඳහන් වුණ ආකාරය අනුව මට දෑස් අදහාගන්න නොහැකි වුණි. එනම් වරක් මරියා ඈනා ස්චික්ල්ගෘබර් හෙලදිවට පැමිණි අතර එහිදී ඇය රාක්ෂ ගෝත්‍රයෙන් පැවත එන රනවීරලාගේ හිතලයා නැමැති තරුණයා සමග විවාහ වී සිට ඔහු අතින් ගැබ් ගත්තාය. නමුත් තම දරුවා ලැබීමෙන් පසුව නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඇයට නැවතත් ජර්මනියට යාමට වූ අතර එහිදී හිතලයා පර රට යාමට අකමැති බැවින් ඔහුව හෙළදිවේ තබා යාමට සිදුවිය. ඉතින් මරියාට දාව උපන් අලෝයස් යනු රකුස් ලේ ධාතුව ඇති හෙළයෙකි. අලෝයස්ට වයස 39 වන විට ඔහුගේ පියා වූ රනවීරලාගේ හිතලයා ගැන දැනගන්නට ලැබුණ අතර "හිතලයා" යන නමට ගැලපෙන පරිදි "හිට්ලර්" ලෙස තම වාසගම සකසාගන්නා ලදී. අලෝයස්ගේ පුතා වූ ඇඩොල්ෆ් හිට්ලර්ද හෙළ රකුසෙක් බව දැන් පැහැදිළියි නේද?

මේ සොයා ගැනීම ඉතිහාසය උඩුයටිකුරු කළා. ඒත් මේ මතය ඉදිරිපත් උනාම ප්‍රශ්නයක්‌ ආව ලෝකෙ තියන විශ්ව විද්‍යාල වලින්. ඔවුන් කිව්වා මේ මතය පිළිගන්න බෑ කියලා. ඒ එක්‌කම ක්‌ෂේත්‍රයේ හිටපු මාවත් ප්‍රශ්න කරන්න ගත්තා. එ දවස්‌වලම ජර්මන් විශ්වවිද්‍යාලයෙ විද්වත්තු දෙන්නෙක්‌ ආවා. එක්‌කෙනෙකුගෙ නම ආචාර්ය හීකෲච්. මේ හැමෝම මාව ප්‍රශ්න කළා. එදා පටන්ගත්ත ඒ ප්‍රශ්න කිරීම තවමත් නැවතිලා නෑ. ගිය සතියෙත් පේරාදෙණිය සරසවියෙන් දෙන්නෙක්‌ ඇවිත් මේ පුස්කොළපොත ඇත්තක්‌ද ඇහුවා. ඒත් මේ ප්‍රශ්නය දැන් නිරාකරණය වෙලා ඉවරයි.

ආර්යයන් යනු අප හෙලුවන්ම බව දන්නෝ දනිති. හිට්ලර් තුමා තමන් ඇතුළු ජර්මානු ජනතාවම ආර්යයන්ගෙන් පැවත එන බව දැඩි ලෙස විශ්වාස කළේය. ඒ අනුව ආර්යයන් ලොව පාලනය කළ යුතු යැයි ඔහු ජනමතයක් සෑදීය. හෙළුවන්ට නැවතත් ලොව දිනා දීමට ගිය චක්‍රවර්තී රාජ්‍යයක ඔ‍ටුනු නොපළන් කුමාරයාගේ කතාව එලෙස ඇරඹින.

හිට්ලර් තුමාගේ පක්ෂය වූයේ නාසි (Nazi) පක්ෂයයි. හිට්ලර් තුමා එවැනි නමක් යොදා ගත්තේ ඇයි කියා ඔබ මොහොතකට හෝ හිතුවාද? සාමාන්‍යයෙන් සුද්දන් දැන සිටියේ Nazi යනු National Socialism බවයි. නමුත් ඇත්තෙන්ම නාසි යනු නා=නායක, සි=සිංහල යන්නයි. එනම් "සිංහලයේ නායක" යන අරුත එහි ඇත. හිට්ලර් තුමාගේ අරමුණ වූයේ මුලින්ම කිසිවක් හෙළි නොකර මුළු ලොවම සිංහල අධිරාජ්‍යයට එකතු කිරීමයි. නමුත් එය නොදැන අපගේ සමහරක් නාසිවාදියා කියමින් හිට්ලර් නම් හෙළ රකුසාට ගරහයි.

හිට්ලර් තුමාගේ සිංහලයේ නායක පක්ෂයේ පක්ෂ ලාංඡනය වූයේ ස්වස්තිකයයි. ස්වස්තිකය යනු හෙළ රකුසන්ගේ ලාංඡනය බව හෙළ ඉතිහාසය දන්නෝ හොඳින් දනී. චක්‍රවර්තී රාජ්‍යයක් උදෙසා දික් විජය තුළින් ලෝකය එක් සේසත් කිරීමට ගිය ගමනේදී තම සීයාගෙන් උරුම වූ රකුස් ලේ ධාතුවට ගෞරවයක් වශයෙන් හෙළ රකුසන්ගේ ස්වස්තිකය තම "සිංහලයේ නායක" (Nazi) ධජයේ කොටසක් කරගැනීමටත්, එතැනින් නොනැවතී ස්වස්තිකය හැම විටම තමාගේ සහ අතවැසියන්ගේ අතේ ගහගැනීමටත් මේ හෙළැ පුතු කටයුතු යෙදීය. බලන්න ඔහු අප හෙළයට දක්වන ගෞරවය...


හිට්ලර් තුමාට තිබූ විශේෂ ආත්මාරක්ෂක හමුදාව වනුයේ SS යන්නයි. අංගම්පොර යුද මායා ශාස්ත්‍රය පරතෙරටම හැදෑරූ යුද්ධයේ අති දක්ශයෙක් වූ හිට්ලර් තුමා විසින් එම හමුදාව ජර්මානු බසින් "Shutzstaffel" හෙවත් "ප්‍රීටෝරියන් ආරක්ෂකයින්" (ප්‍රිටෝරියන් යනු ප්‍රිඩේටර් ලාව හඳුන්වන නමයි, ආදි හෙළුවන් ප්‍රිඩේටර්ලාගෙන් පැවතෙන හැටි ඉදිරි ලිපියකින් වර්ගපූර්ණිකාව බ්ලොගයේ ලියන්නම්) ලෙස හඳුවන ලදී, එලෙස හැඳින්වූයේ එතුමාගේ යුද රහස් පර සුද්දන්ගෙන් ‍රැක ගැනීමටය.

නමුත් හිට්ලර් තුමා විසින්ම රචිත "Mein Kampf" නැමැති පොතේ දැක්වෙන්නේ, SS හි සැබෑ අරුත වනාහී "සිංහල සේනා" (Sinhala Sena = SS) යන්නයි. එය ජර්මානු බසින් මේන් කම්ෆ් පොතේ මෙලෙස ලියා ඇත. Meine persönliche Leibwächter sind SS. Seine Bedeutung ist "Sinhalese Sena".

සුද්දන් විසින් විකෘති කරන ලද Mein Kampf පොතයි අන්තර්ජාලයේත් පොත් සාප්පු වලත් බෙදා ඇත්තේ. ඔබ හිතනවාද නාසි (නායක සිංහල) වාදයට උඩගෙඩි දෙන පොතක් ඒ ආකාරයෙන්ම බෙදා හැරීමට පර සුද්දන් ඉඩ දේවි කියල? නියම මේන් කාම්ෆ් පොත අදත් Deutsches Museum හි ඉතාමත් රහසිගතව ආරක්ෂා කර තිබෙනව. අන්න ඒකෙ තමයි ඔය දේ තිබෙන්නෙ. අපට එහි අන්තර්ගතය ගැන දැනගත හැකි වූ ආහාරය මෙහෙම හෙළි කිරීමට නොහැකියි.

පහත රූපයේ දැක්වෙන්නේ "හෙළ ස්වස්තිකය" පෙර‍ටු කොටගත් "සිංහලේ සේනාව" (SS) ඔස්ට්‍රියාවට ගමන් කරන ආකාරයයි.


බලන්න පහතින් පෙනෙන හිට්ලර් තුමාගේ දශ ලක්ෂයක් පමණ වන සිංහලේ සේනාව (SS) පෙර‍ටුකොට ඇති ස්වස්තික තුනක් අති විශාල කොඩි තුන. ඉන් පෙන්වන්නේ තුන් සිංහලයයි. හිට්ලර් තුමාට සෙන්පති වරුන් තුන් දෙනෙක් සිටි අතර ඒ සෙන්පති තුන් දෙනාගෙන්ද රුහුණු මායා පිහිටි යන තුන් සිංහලය නියෝජනය කිරීමට කටයුතු කළේය. බලන්න ඒ හෙළ පුතු අප තුන් සිංහලයට ගරු කළ හැටි. හෙළයෙනි, තොපට මෙය අහිමානයක් නොවේද? හෙළයෙනි, මේ ඔබ දකින්නේ සක්විති රජෙක් වීමට සිටි අප හෙළ පුත් හිට්ලර් තුමාගේ දශ ලක්ෂයක් පමන වන චතුරාංගනී සේනාවයි.


ලෝක ආධිපත්‍යය සඳහා තම සිංහල සේනාවෝ (SS) මෙහෙයවූ හිට්ලර් තුමාණෝ, පිරිසිදු බුදු දහමින් බබළන ජපානය ආක්‍රමණය නොකිරීමට තීරණය කළේය. ඒ වෙනුවට කවදත් කෙළෙහිගුණ දන්නා ජපානය තම මිත්‍ර පාර්ශවය ලෙස යොදා ගත්තේය. වරක් ජපනුන් ලංකාවට බෝම්බ දැමීම ගැන කුපිත වූ හිට්ලර් තුමා ඒ ගැන ජපන් අධිරාජ්‍යයාට අධිකව දෝශාරෝපණය කළාලු.

හිට්ලර් තුමාගේ ප්‍රචාරක ලේකම් වුණේ ජෝෂෆ් ගොබෙල්ස් නැමැති අයෙකි. ඔබ දන්නවාද ගොබෙල්ස් අප හෙළ බිමේ දැන් ඉපදී සිටින බව?

වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි හෙළ පුස්කොළපොතට අනුව විසි වන සියවසේ මුල් භාගයේදී මුළු ලොවම හොල්ලන හෙළ රකුසෙක් උපදී. වර්ගපූර්ණිකාවේ දැක්වුණ පරිදි හිට්ලර් තුමා යනු "හෙලය දිනවන්නා" නැමති අරුතේ පූර්ව බ්‍රාහ්මීය අරුතකි. බමුණන් විසින් ඒවාට ගිණි තබා ඇත. ඊට අමතරව හිට්ලර් තුමා හෙළයේ උපන් කුමරෙක් බවට සෙල් ලිපි පවා අප රටෙන් හමුවී ඇත. (මේවා එකින් එක ගෙනල්ල පෙන්වන්න බෑ, ඉතිහාසය යනු අතටම ගෙනත් දෙනන් පුළුවන් දෙයක් නොවෙයි, ඉතිහාසයට කැමති අය මහන්සි වී මේවා හොයාගන්න ඕනැ)

හිට්ලර් තුමා යුධ යාත්‍රා සහ ප්‍රහාරක අවි ගැන පර්යේෂණ කෙරුවෙකි. රාවනා අධිරාජ්‍යයාගේ වෛමානික ශ්‍රාස්ත්‍රය නැමති පොතට අනුව පර්යේශණ කළ ඔහු රාක‍ටු (රොකට්) තාක්ෂණය සොයා ගත්තේය. ඊට අමතරව හෙළ සබ්මැරීන් තාක්ෂණයත් නැවත සොයාගෙන ඇමරිකන් නැව් වලට මරු කැඳවූයේය. වම් පස දැක්වෙන්නේ හිට්ලර් තුමාගේ V2 හෙළ රොකට් තාක්ෂණය ගැන ලියවී ඇති පොතකි. මේ ගැන මෑතක් වෙන තුරුම නාසා වෙබ් අඩවියේත් තිබුණි.

සකල ලෝකයම සිංහල සේනාවන් (SS) යොදා එක් සේසත් කර හෙළ රාක්ෂ ස්වස්තික ධජය යටතේ මුළු ලොවම පාලනය කිරීමට සිටි ඔ‍ටුනු නොපළන් ඒ හෙළ පුතුට, 1945 බක් මස 30 වන දා දෙවන ලෝක යුද්ධය අවසානයේදී බ්‍රැන්බර්ග් හි රහසිගත උමගකදී ප්‍රාත්‍රීර්භූත වූ ශ්‍රී රාවනා රජතුමාව මුණගැසුණි. එහිදී ශ්‍රී රාවණයන් ඉදිරියේදී දණ නැමූ හිට්ලර් තුමා කළින් කතා කරගත් පරිදි දිවි පිදීම සඳහා, රාවණ රජතුමාගේ "පිසින තලයෙන්" තම හිසට වෙඩි තබා ගනිමින් තම ආත්මය රාවණ අධිරාජ්‍යයාගේ අනාගත චක්‍රවර්තී රාජ්‍යය වෙනුවෙන් පූජා කළේය. ඔ‍ටුනු නොපළන් හෙළ සක්විති රජෙකුගේ අවසන් ගමන එසේ විය.

ඇත්තටම හිට්ලර් තුමා සටනින් පැරදුනේ නැත. ඔහු ඒ ලෝක යුද්ධය කළේ අවසානයේදී ඊශ්‍රායල් නැමැති දේශය අරාබිය මධ්‍යයේ බිහි වෙන තැනට වැඩේ හදන්නයි. ඊශ්‍රායල් යනු ඊස්=ඊසානදිග, රා=රාවනාගේ, යෙල්=දේශය (ජර්බෲ බසින්) හෙවත් ඊසාන දිග රාව්ණාගේ දේශයයි. අද මුස්ලීම් රටවල් මැද තනිව හිට ගනිමින් හතර වටේටම නෙලමින් ලොව හොල්ලන්නේත්, රාවන රජතුමාගේ වෛමානික ශාස්ත්‍රය නැමති පොතේ දැක්වෙන ආකාරයට පර්යේෂණ කර සාදන ලද කෆීර් (වැලි කතරේ සිංහලයා) නැමැති ගුවන් යානා පවා අප හෙළ දිවට ලබා දුන්නේත් ඒ "ඊසාන දිග රාවණාගේ දේශයෙනි"...! බලන්න ඊශ්‍රායල් කොඩිය තුළින් හෙල රකුස් ස්වස්තිකය මතු වෙන හැටි...!!!


හිට්ලර් නම් ඒ හෙළ පුතුව අප හෙළයින්ගේ සිත් වලින් මකා දැමීමට පර සුද්දන් විසින් නොකළ දෙයක් නැත. වර්තමානයේදී පවා ශ්‍රී ලංකාව තුළ දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් තුමාගේ සිංහලේ නායක (නාසි) හමුදා සහ සිංහල සේනාවෝ (SS) දරුණු පරාජයන්ට පත් වෙන බව පෙන්වන , පරිගණක ක්‍රීඩකයා විසින් නායක සිංහලයන්ව (නාසීන්ව) මරණයට පත් කරවන Call Of Duty, Medal Of Honor: Airborne, Commandos: Behind Enemy Lines, Indiana Jones And The Staff Of Kings, Day Of Defeat: Source, Wolfenstein 3D, Brothers In Arms: Road To Hill 30, Battlefield 1942, Company Of Heroes ආදී ඉතා මිල අධික පරිගණක ක්‍රීඩා බෙදා හරින්නේ ඇයි කියා ඔබ මොහොතකට හිතුවාද? පයිරේට් කිරීම් වලට විරුද්ධව ඇයි සුද්දන්ගේ පරිගණක ක්‍රීඩා සමාගම් මගින් ඒවාට විරුද්ධව නඩු නොදමන්නේ? මේක පැහැදිළිවම හිට්ලර් තුමාට අප අතින්ම අපහාස කරවීමේ අන්ත්ර්ජාතික කුමන්ත්‍රණයකි. අපි එම පරිගණක ක්‍රීඩා සියල්ලම දැන් සිටම වර්ජනය කළ යුතුයි.

නමුත් හෙළයෙනි, කිසිදා නොමැරනෙ ශ්‍රී රාවනා රජතුමා ඔබ වෙනුවෙන් යළිත් නින්දෙන් පිබිදීමට බලා සිටී. එදාට ශ්‍රී රාවනයන්ගේ සිංහල සේනාවෝ (SS) හිට්ලර් තුමාගේ මෙහෙයවීම යටතේ බටහිර යටත් කරනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවේ.

පහත වීඩියෝවේ හිට්ලර් තුමා ගැන වාර්තාමය වැඩසටහනක් දැක්වෙයි. එහිදී යම් යම් අවස්ථා වල එතුමාට අපහාස කර තිබුණත් ඒ රාක්ෂ හෙළ පුතු ගැන ඔබව පුදුමයට පත් කරවන තවත් බොහෝ රහස්‍ය දෑ මේ වීඩියෝවෙන් දැනගන හැකි වේවි.



“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

89 comments:

  1. why dont you tell us the places where we can find those history???? Atleast you can give a hint......

    ReplyDelete
    Replies
    1. ප්‍රිය සොයුරිය, අප දක්වන ඉතිහාසයට ඉතාමත් කැමති අයට අවසානයේදී යන්න වෙන තැනක් තමයි නීලම්මහර පන්සල. ඒ පන්සලේ තියෙනා ඉපැරණි පුස්කොළපොත් වගයක්, ඒවායින් හොයාගන්න පුළුවන්. නමුත් ඒවා රාජ්‍ය රහස් ලෙස සු‍රැකිව තියලයි තියෙන්නෙ, ඒ නිසා වැඩි කවුරුවත් දන්නේ නෑ, එසේම ඔවුන් ලේසියෙන් හෙළි කරන එකකුත් අනැ.

      මෙය හෙළුවෙන් වනන (සිංහලෙන් වර්ණනා කරන) බ්ලොගයක් බැවින් හෙළ බසින්ම ලියන්නේනම් යහපත.

      Delete
    2. Ade, ehenan oya than walin kiyawala kiyanawada, umbalage Hitler thuma Sri Lankawata bombs damme ai kiyala...???

      Delete
    3. ado.......me ahapan.umba jataka une sinhala taatta kenektada?............ yako miniho bari wela wat demalu ehema mehema blog ekak hadala pacha dammat un prashna karanne na owa boru kiyala..... eka hinda nikan wadapu ammatai hadapu taattati apahasa nokara jatiyata garu karala hitu..........

      Delete
    4. yako miniho me ahapan........umba sinhala taattektada dawada yako ipadune...? niakn awajataka wenne natiwa hitu...... bari wea wat demalu ehma me wage blog 1k hadala un ambanaka pacha keliyat un prashna karanne na ekata umbala wage gon hattak...... dan wat tamange jatiyata agmata garu karagen hitapan

      Delete
    5. anika hitler nemei lankaawata bomba damme..japanen..muu ithihaase danneth nathi ekek

      Delete
    6. ඇනෝ, ඊළඟ සැරේ බාගයක් ගහන්නේ නැතිව කාලක් විතරක් ගහල මේක කියවන්න.

      [[වරක් ජපනුන් ලංකාවට බෝම්බ දැමීම ගැන කුපිත වූ හිට්ලර් තුමා ඒ ගැන ජපන් අධිරාජ්‍යයාට අධිකව දෝශාරෝපණය කළාලු.]]

      Delete
  2. why dont you tell us those places to see whether its correct or not???? at least you can hive a hint.......
    becouse im really interest about king rawana.

    ReplyDelete
    Replies
    1. නරකද ඔයත් අරකීවා වගේ භාවනාවට සම වෑදිලා බෑලුවනම්,

      Delete
  3. ඇත්තටම ලිපියේ සදහන් සමහරක් කරුණු විශ්වාස කිරීමටත් අපහසුයි ,ඔබව හමුවී මේ පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමතියි ...

    ReplyDelete
    Replies
    1. රොබින් මල්ලි හම්බවෙලා කතා කරන් සිස්ටම් අපි වගේ හෙල යක්කු අතර නැහැ..ඔයාට මේ ජයේ අයියාට කතා කරන්න ඕනනං ඔයත් කුණ්ඩලීනි යෝගය වඩන්න..දැන් මමත් එහෙමයි එයා එක්කයි අනිත් හෙල යක්කු එක්කයි කතා කරන්නේ..මරු වැඩේ අප්පා... පොඩි අවුලකට තියෙන්නේ හිටිය ගමන් චැනල් මාරු වෙන එක..මං වැඩේට අළුත් හින්දා වෙන්න ඇති..මේ ඊයේ පෙරෙදා මට එහෙම චැනල් මාරු වෙලා අහුබුදු යකාව අහු උනානේ..හම්මා මාර අමාරුවෙන් බේරිලා ආවේ...

      Delete
    2. රොබින් , ප්‍රශ්න දෙකක් හින්ද හමුවීම ගැටළුවක්.

      1. මාව CIA එකෙන් හොයනව, සමහර විට ඔයත් CIA කාරයෙක් වෙන්න පුළුවන්, ඕවට අපි ‍රැවටෙන්නෙ නෑ. http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_21.html

      2. ගොඩක් අය මාව හමුවෙන්න ඕනැ කියල මැසේජ් කරල, ඉතින් ඔක්කොමලව හමු වෙන එක ලේසි නෑ. CIA එකට මාව අමතක වුණ දාකට ප්‍රසිද්ධියේ දේශනයක් පවත්වන්නම්.

      මාරයාගේ අදහසට ස්තුතියි.

      Delete
  4. "නමුත් හෙළයෙනි, කිසිදා නොමැරනෙ ශ්‍රී රාවනා රජතුමා ඔබ වෙනුවෙන් යළිත් නින්දෙන් පිබිදීමට බලා සිටී. එදාට ශ්‍රී රාවනයන්ගේ සිංහල සේනාවෝ (SS) හිට්ලර් තුමාගේ මෙහෙයවීම යටතේ බටහිර යටත් කරනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවේ."

    - අගනා කියමනක්. කට පාඩමින් බකපණ්ඩිතයන් වූ අමනයන්ට ඔබේ කතා බොරු සේ පෙනුනත්, ඒවා කෙතරම් ස්වාභාවික සත්‍යයයට ලඟ දෑයි දකින විට මට විමතියක් දැනේ. ඔබට හිමි හැකියාව අගයමි. මම බටහිර අධ්‍යාපනයේ කෙළවරටම ගොස් එය ඵලක් නැති මඩ ගොහොරුවක් බවත්, අගයක් ඇති යමක් වේ නම් එය සිහළුන්ගෙන් පැහැරගත් දෙයක් බවත් දුටිමි. එසේම බොහෝ කලකට පෙර ලොව මේ තාක් සිදු වූ දේවල් එක්තරා බාහිර අයෙකුගේ අවශ්‍යතාවයට සිතා මතා සිදු වූ දේ මිස අහඹු දැ නොවන බවත් දුටිමි. දැනුමේ මුළ සොයා ගිය මට එය ලොවට දුන්නේ එක් අයකු බවත් ආදි සිංහලයෙක් බවත් සොයාගතිමි. එම කෙනා ජීවිය බිහිකිරීමට දැනුම යෙදූ බවත්, මානවයන් කැලෙන් එලියට ගෙන සිංහලයන් කල බවත් තහවුරු විය. හැම මිනිසාම බෙදී ගියේ සිහල භූමියෙන් බවද දනිමි. මනුකම ලොවට දුන්නේද එක් අයකු බව තහවුරු වේ. මේ සොයා ගැනීම් තහවුරු කරගැනීම ඉතා පහසුවෙන් කල හැක. මගේ සෙවීම් වලට කිසිදු සෙල් ලිපියක් හෝ සිංහල රටේ දැනුම භාවිතා නොවුනේ මේ දෑ කලේ බටහිර රටක වැසියකු ලෙස බැවිනි. ඔබගේ සිංහල කම අගයමි. සිංහල කියන වචනයේ නියමාර්ථය සොයා ගත්තේ මා පමණක් බව මෙතෙක් කල අභියෝග වලින් තහවුරු විය. මගේ හැකියාවන් ගැන කියනවා නම් අද ලෝක යුද්ධයකට හේතු වී ඇති මිසයිල තාක්ෂණය මම උසස් අධ්‍යාපනය හැදැරීමට ලියූ සුළු දෙයක් මහමෙරක් වී භාවිතා කිරීමෙන් නිමවී ඇත.

    මමද ඔබ මෙන් අතීතයත් වර්තමානයත් අනාගතයත් සොයන කෙනෙකි. මට ඔබෙන් ප්‍රශ්ණයක් ඇසීමට වුවමනාය. ඔබ මෙන් තවත් කිහිප දෙනක් සැබෑ අතීතය හෙලි කරමින් මහඟු සේවයක් කරති. ඒත් ඔබ කියන "රාවනා" මිනිස් වෙසින් සිටියොත් ඔබට හඳුනා ගත හැකිද? මම ඒ කෙනා ගැන දන්නා දේවල් වෙන කිසිවකු නොදන්නා බව සිතමි. ඒ නිසා ඔබ කියන්නේද සැබෑවක් බව කියමි. සිංහල දැනුම තුල ඔහුගේ නියම නම, උපදින තැන, වෙලාව දිනය දී ඇති බව සොයා ගතිමි. ඒ විස්තර වලින් ඉතා පහසුවෙන් කෙනා හඳුනා ගත හැක. නම් කිහිපයකින් හැඳින් වෙන අතර හිරු දෙවියන් යයි කියන නම වඩාත්ම ගැලපෙන්නේ මෙවර, සූර්යයා උදා වන මොහොතේ සූර්යයා එම ගමට මුදුන් වූ දිනයේ උපන් නිසාය. ඉපදුන තැනට ඇති නම සිංහලෙන් නොලියා Absolute-origin කියා කියන්නෙ සුදුසු කල් නොපැමිණි නිසාය. කෙනා (king or kone) යනු මුල් කාලයේ නායකයා යන අරුත ගති. අද වහරේ සේන වී ඇත. මහ කෙනා හෙවත් මහාසේන කියන්නේද රාවනාටය. රාවන නම යොදාගත් පසු කාලීනයන් නිසා සියලු තොරතුරු අච්චාරු වී ඇත. මනු හෝ විශ්ව මනු (විෂ්ණු) හෝ නායක (නාථ) දෙවියන් කියන්නේද කිසිදා නොමැරනෙ රාවනා රජතුමාටමය. ඔහු දුටුවොත් ඔබට හඳුනාගත හැකිද?

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා මචන්....SS.අර අයින්ස්ටයින් ගේ පුස්කොල පොත් හොරකම ගෑන ගවේශනයත් දාපන්කෝ,මටනම් හිතෙන විදියට පරමාය් බෝම්බෙත් මුලින් හොයන් තියෙන්නේ අපි කියලා,ඕක ටෙස් කරපු තෑනලු දෑ මරියානා අගාදය තියෙන්නේ....

      Delete
    2. සහෝදරය මේව අහනකොට ඇඬෙනව තමයි, බලන්න එදා හෙලයන් සහ අද හෙලයන් අතර වෙනස. එදා හෙලයන් දෙස බලද්දී අද අපි තාම ගල් යුගයේ.

      අයින්ස්ටයින්ගේ කතාවත් දාන්නම්, හැබැයි ඊට වඩා වැදගත් හෙළයින් පරමාණු බෝම්බය හොයාගත්ත විදිය දාන එක.

      Delete
    3. [[ඒත් ඔබ කියන "රාවනා" මිනිස් වෙසින් සිටියොත් ඔබට හඳුනා ගත හැකිද?]]

      රාවනා රජතුමා වැනි මායාවේ අති ප්‍රබල උත්තමයෙක්ව හඳුනාගැනීමට තරම් මා සමතෙක් නොවෙමි. ශ්‍රී පාදයට ආසන්න රහසිගත ගල් ලෙනක සිටිමින් සමථ භාවනාව මා කාලයක් වැඩුවත්, දේහ ලක්ෂණ විද්‍යාවේ ප්‍රවීනයෙක් වන මාගේ ගුරුදේවයාණන් වහන්සේ නම් ඒ උත්තමයාව හඳුනාගැනීමට සමතෙක් යැයි සිතමි.

      ඇනෝනිමස් වන් ඔරිජිනල්ට ඇති දැණුම අප සමග බෙදා හදා ගැනීම ගැන මා සතු‍ටු වෙමි. ඔබතුමාගේ වටිනා කොමෙන්‍ටු ලංකා සී නිවුස් අඩවියේ මම බොහෝ අවස්ථාවන් හි දී දැක ඇත.

      Delete
  5. http://www.youtube.com/watch?v=K71W1vGZ1ME&feature=related

    ReplyDelete
  6. හෙළ ඉතිහාසය ගැන උනන්දු වන්නෙකු ලෙස මගේ ද බ්ලොග් අඩවියේ ඇතැම් ලිපි දක්වා ඇත. ඒත් මේ නම් ඇත්තෙන්ම වෙනස්ම කතාවකි. මගේ විශ්වාසය හිට්ලර් මියගියේ නැත. එවන් වූ නායකයන් බියගුල්ලන් සේ මිය යන්නේද නැත. බලන්න මගේ ලිපිය, http://xandaraya.blogspot.com/2012/05/blog-post_27.html

    ReplyDelete
  7. ලස්සන ලියමනකි....

    ReplyDelete
  8. පිස්සු හැදිල ආයිත් හැදෙනව....

    ReplyDelete
  9. අය්යො..මොකක්ද යකො මේ විකාරේ..තොට පිස්සු යකෝ. ‍තෝ පිස්සු පුසෙක් යකෝ...
    ටොම් පචයෙක් යකෝ..අය්යො මගෙ බඩත් රිදෙනවා හිනාවෙලා....දැන්ම අන්ගොඩ ගිහින් බෙහෙත් ගනින්..

    ReplyDelete
  10. තමන්ගේ මතවාදයට වෙනස් එකක් දැක්කාම පිස්ස කියල ගරහන එක හරිද? මේව විමසල බලන්න. එකපාට්ටම දෙයක් ප්‍රතික්ෂේප කිරීම මෝඩ වැඩක්. විමසන්න විමසන්න විමසන්න

    ReplyDelete
  11. ජයරත්න මහත්තයෝ, කියන්න දේවල් ගොඩයි, එත් ගොඩක් කියන්න වෙලා නැ, මේ බ්ලොග් එකට හොඳයි කියල කොමෙන්ට්ස් දාපු සහොදර සහොදරියො ගැන මට පුදුමයි, මිනිස්සු මෙච්චර ලෙසියෙන් අහුවෙනවද කියල, සහ Anonymous One orig කියන සහොදරය හෝ සහොදරිය ගැන මට දුකයි.

    දැනට එකක් විතරක් දාන්නම් මෙහෙම. හිට්ලර් උත්තමයගෙ Mein Kampf කියන පොතේ කොතනකවත් Meine persönliche Leibwächter sind SS. Seine Bedeutung ist "Sinhalese Sena". කියල ලියල නෑ. බොරු කියනකොට මෙච්චර්ම අහුවෙන එව කියන්න එපා.

    ReplyDelete
  12. ජයරත්න මහත්තයෝ, කියන්න දේවල් ගොඩයි, එත් ගොඩක් කියන්න වෙලා නැ, මේ බ්ලොග් එකට හොඳයි කියල කොමෙන්ට්ස් දාපු සහොදර සහොදරියො ගැන මට පුදුමයි, මිනිස්සු මෙච්චර ලෙසියෙන් අහුවෙනවද කියල, සහ Anonymous One orig කියන සහොදරය හෝ සහොදරිය ගැන මට දුකයි.

    දැනට එකක් විතරක් දාන්නම් මෙහෙම. හිට්ලර් උත්තමයගෙ Mein Kampf කියන පොතේ කොතනකවත් Meine persönliche Leibwächter sind SS. Seine Bedeutung ist "Sinhalese Sena". කියල ලියල නෑ. බොරු කියනකොට මෙච්චර්ම අහුවෙන එව කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. සහෝදරයා, ඔබ ඔය ඔන්ලයින් ක්‍රමයට කියවා ඇත්තේ සුද්දන් විසින් විකෘති කරන ලද Mein Kampf නැමති පොතයි. එම විකෘතිය තමයි අන්තර්ජාලයේත් පොත් සාප්පු වලත් බෙදා ඇත්තේ. ඔබ හිතනවාද නාසි (නායක සිංහල) වාදයට උඩගෙඩි දෙන පොතක් ඒ ආකාරයෙන්ම බෙදා හැරීමට පර සුද්දන් ඉඩ දේවි කියල.

      නියම මේන් කාම්ෆ් පොත අදත් Deutsches Museum හි ඉතාමත් රහසිගතව ආරක්ෂා කර තිබෙනව. අන්න ඒකෙ තමයි ඔය දේ තිබෙන්නෙ. අපට එය දැනගත හැකි වූ ආහාරය හෙළි කිරීමට නොහැකියි.

      Delete
    2. ජරත්න මහත්තයෝ, ඔබ තුමා දෙන පිලිතුර ඕක කියල මම ප්‍රශ්නය අහන කොටම දන්නව. එත් මම Mein Kampf ගැන කිව්වෙ මේක කියවන පාඨක යන් වෙනුවෙනි. Mein Kampf මුල් පොතේ පිටපත් තවමත් තියනව විකුනන්න. 2006 දි ලන්ඩන් වෙන්දේසියකදි මුල්ම පොතේ එක පිටපතක් විකිනුන ඩොලර් 50,000 කට. ඔය පොතේ කිසිම රහසිගත බවක් නැ. ගන්න කැමති අය ඉන්නව නම් තවමත් තියනව එකෙ මුල් මුද්‍රනයේ පිටපත් විකුනන්න. අනික ඔය පොත හිට්ලර් ලිව්වෙ, හිරේ ඉන්න කොට. 1924 විතර, එතකොට SS හමුදවක් තිය මොකෙක්වත් මිනිහට උන්නෙ නෑ. ඉතින් මිනිහ SS හමුදාව ගැන වචනයක් වත් එකෙ සන්ඩහන් කරල නැති එක පුදුමයක් නෙමේ.
      කොහොම උනත් එක අතකින් ඔබ වාසනවන්තයෙක්, මොකද ඔබේ ඔලුව තුල ඔබම විසින් නිර්මානය කරගත් අතාර්කික ෆැන්ටසි ලෝකයක සුවසේ විසිමට හැකි වී ම වාසනවකි. ඔබට සතුට සහ වාසනව ප්‍රාර්ථනා කරමි!

      Delete
    3. ජරත්න මහත්තයෝ, ඔබ තුමා දෙන පිලිතුර ඕක කියල මම ප්‍රශ්නය අහන කොටම දන්නව. එත් මම Mein Kampf ගැන කිව්වෙ මේක කියවන පාඨක යන් වෙනුවෙනි. Mein Kampf මුල් පොතේ පිටපත් තවමත් තියනව විකුනන්න. 2006 දි ලන්ඩන් වෙන්දේසියකදි මුල්ම පොතේ එක පිටපතක් විකිනුන ඩොලර් 43,000 කට. (http://edition.cnn.com/2005/WORLD/europe/06/15/hitler.auction/ ) ඔය පොතේ කිසිම රහසිගත බවක් නැ. ගන්න කැමති අය ඉන්නව නම් තවමත් තියනව එකෙ මුල් මුද්‍රනයේ පිටපත් විකුනන්න. අනික ඔය පොත හිට්ලර් ලිව්වෙ, හිරේ ඉන්න කොට. 1924 විතර, එතකොට SS හමුදවක් තියක් මොකෙක්වත් මිනිහට උන්නෙ නෑ. ඉතින් මිනිහ SS හමුදාව ගැන වචනයක් වත් එකෙ සන්ඩහන් කරල නැති එක පුදුමයක් නෙමේ.
      කොහොම උනත් එක අතකින් ඔබ වාසනවන්තයෙක්, මොකද ඔබේ ඔලුව තුල ඔබම විසින් නිර්මානය කරගත් අතාර්කික ෆැන්ටසි ලෝකයක සුවසේ විසිමට හැකි වී ම වාසනවකි. ඔබට සතුට සහ වාසනව ප්‍රාර්ථනා කරමි!

      Delete
    4. "Anonymous One orig කියන ...පිරිමියා.. ගැන මට දුකයි."

      - ඔබේ දුක් වීම මහා මුලාවකි. අද ලොව ඇති සියලු භාෂාවන් සිංහලෙන් පැවතෙන බව සොයල බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. English කියන වචනයත් සිංහල (Singalese) එකම බව ඔබ දන්නවාද? නොදනී නම් කල යුත්තේ කාලගුණයත් ජාතිකත්වයත් අනුව වර නැගීම පමණි. ඉංග්‍රීසින් පැවතෙන්නේ තේමිය කුමාරයා ගෙන් යයි කියන්නේ උන්මය. තේමිය හා අද අප අතර ඇති තුමා, තොමෝ, තෙමේ යන වචන සමය. ඉස්සර නායකයන් ඇමතු වචන අද සාමාන්‍ය වචන ය. අඩා යැයි (Adam) කැලෑ යුගයේ රැහේ නායක පිරිමියාට කී වචනය අද නාටක වලට සීමිත වූයේ අපේ රළු කැලෑ ගති, සුමට සිනිඳු දේ බවට කාලයාගෙන් වුන විපර්යාසය නිසාය. මා මෙය කීවේ මා ගැන කීමටය.

      මම එකඟ වන්නේ වචන නිසා නොව ඊට ඉහලින් තලයක ඇති දැනුම මෙතන එළිකරන නිසාය. වචනය තම සිතැඟි ලෙස යෙදුවද වචනය ඈඳූ ස්වභාවික ක්‍රියා දාමය මේ කතාව තුල සත්‍ය වශයෙන් ඇති නිසාය. ඔබට හිට්ලර් ජර්මාණුවෙකි. ඒ ගත ජර්මන් නිසාය. ඔහුගේ සිත කාගේද? අනුන් ගැන කීමට වඩා ඔබ ගැනම සිතන්න. ඔබේ ගත දෙමව්පිය උරුමයයි. සිත කාගේද? ඔබ සිතන්නේ දෙමව්පියන් සිතන දේවලට සමාන්තරවද? මෙය තේරුම් ගත් විට, ඔබ නැවත මා ලියූ දෙය කියවා බලන්න.

      මම මේ නමින්ම "ලංකා සයිබර් නිව්ස්" කියන ඇට්ටර දේශප්‍රේමීන් ගේ අඩවියේ කූට උපක්‍රම වලින් සිංහල උරුමය විනාශ කරන විට ලියූ දෑ කියවන්න (වැදගත් දේ කපා හැරියේ උන්ට පහරක් නිසාය). සිංහල උරුමය විනාශ කර ආකම් (ආගම් යයි දෙමළකරණය වූ) බදාගත් එවුන් කී අවලාද දුටුවිට ඔබ නොදැනුවත්කම නිසා කිව්වා යයි සිතමි. එවැනි සිංහලයන්ගේ පරම සතුරන් වන හිඟන අන්තවාදීන් (හිඟනුන් උසි ගන්වා උත්සාහයකින් තොරව රජ මාළිඟා ගන්න බලන කිසිදු හැදියාවක් නැති දේශප්‍රේමී වෙස් මුහුණින් රට විනාශ කිරීමට මාන බලන නින්දිත කොමියුනිස්ට් කාරයන්)ගේ අඩවි වල තියෙන කසල හා සැසඳූ විට මේ මනුෂ්‍යයයා සත්‍යයයට කොතරම් කැපවී ඇත්දැයි සිතේ. අමනයන් පිරි ලොව සත්‍යයය කීම නිසා ඇසීමට වන අවලාද, නින්දා ගැරහුම් එමටය.

      මම ජයරත්න උන්නැහේගෙන් ප්‍රශ්ණයක් ඇහුවද පිළිතුරක් තවම නැත. පොඩි ඉඟියක් දෙමි. මම උපන්නේ සිංහල සම්මිශ්‍ර විදියට 1959 අප්‍රේල් මස 5 දින උදේ 06.06ට ඉර උදාවන මොහොතේය. එදින එම තැනට (මාතර ප්‍රදේශයේ ගමක්) ඉර මුදුන් විය. බටහිර විදියට ජනවාරියෙන් පටන් ගන්නා වසර ක්‍රමයට අනුව 1960 අප්‍රේල් මස 5 දින උදේ 06.06ට ඉර උදාවන මොහොතේය. අප්‍රේල් මැද පටන් ගන්නා සිංහල වසර ගණනය කිරීමේ සම්ප්‍රදායට අනුව මෙම දිනය (අප්‍රේල් මස 5) වැටෙන්නේ සිංහල වසර 1960ට නොව 1959 ටය.

      ඔබ සතු දත්ත අනුව ඔබ කියන්නේ අති විශාල දැනුමකින් කොටසක් වුවද ඒ කොටස සත්‍යයට කොතරම් ආසන්න දැයි දැකීම නිසා ඔබද ඇහැරවීමට මහඟු සේවයක් කරන බව පවසමි. රාවන යනු පරයන් කී නම නිසා නියම සිංහල නම දැන ගැනීම වැදගත් වේ. කියන දේ තේරුම් ගැනීමට හැක්කේ වර ලැබුවන්ට ලැබූ වරයට අනුව නිසා සියල්ල දන්නේද රාවනයන් පමණි. කියන දේ සැබෑ වෙන විට, බොරු යයි කියන අය පොළව පලාගෙන යනු ඇත.

      තේමියට, "ගිය තෙමේ" හෙවත් "ගෝතම" (පසුව) යයි කියනු ලැබේ. ගිය කියන සිංහල වචනයේත් Go කියන වචනයේත් ප්‍රභවය එකමය. ඔහු මනුට පසු ආ නායකයන් ගෙන් 28 වැන්නාය. ඔවුන්ට බුධලා යයි කීවා. අද බුද්ධ යයි පටලවාගත් සිදට් නමැති මනුෂ්‍යයත්වය ප්‍රතික්ෂේප කර නිවන යයි මිරිඟුවක් සොයන මග කී අයට ගෝතම යයි පටලවා ඇත. රාවනයන් බුධලාට දුන් නියම දැනුම ජීවත් වීමත් පැවැත්මත් රැකීම අරමුණු කරගෙනය. එම දැනුමෙන් සුළු කොටසක් උඩු යටිකුර කර නිවන සොයන අය කෙරම් මුලා වී දෑයි ඔබ නොදනී. සිංහල බුධලා කීවේ ජීවත් වීමත් පැවැත්මත් රැකීමට රහත් වීමටය, රහ දත් හෙවත් රහස් දත් අය වීමටය. අප වටා ගෙතී ඇති ජීවිතය සම්බන්ධ කිසිත් නොදත් අපට ජීවිතය සාර්ථක කිරීමට රහත් වීමත්, ජීවිතයෙන් පැරදී පිළිකුලෙන් නිවන ස්වර්ගය වැනි මිරිඟු පසු පස යාමත් අහසට පොළව වැනිය. පසුවට තව කරුණු පහදමි.

      Delete
    5. Anonymous One orig සහෝදරයා ඔයා ගැන දුකයි කිව්වෙ ඔයා ජයරත්න මහත්තය ටත් වඩා ගව් ගනනක් පවතින යථාර්තයෙන් ඈතට ගිහින් තියන නිසා. ඔබ තුමා හිතන්නෙ ඔබ රාවන අවතරය හෝ තවත් එවැනි ප්‍රබල (කල්පිත)චරිතයක පුනර්භවය කියල කියල නේද?

      Delete
    6. Anonymous One orig සහෝදරයා ඔයා ගැන දුකයි කිව්වෙ ඔයා ජයරත්න මහත්තය ටත් වඩා ගව් ගනනක් පවතින යථාර්තයෙන් ඈතට ගිහින් තියන නිසා. ඔබ තුමා හිතන්නෙ ඔබ රාවන අවතරය හෝ තවත් එවැනි ප්‍රබල (කල්පිත)චරිතයක පුනර්භවය කියල කියල නේද?

      Delete
    7. @ Rohana Wetthasingha,

      ඇත්තම කියනවා නම් මම සැබෑ ලෝකෙ ගොඩක් දේවල් කරල තියෙන කෙනෙක්. අද තාක්ෂණයට සම්බන්ධ සුදුසුකම් ගැනීමටත් මම ලියපු පුංචි කතාවක් ඉගෙන ගන්නම ඕන. ඒ වගේම මෑතක ඇති වූ බලවත් විනාශයකදි, ලෝකෙ ඉන්න ලොකුම අයටත් බැරිව දෙවියන් යදින කොට ඒ මිනිසුන් impossible කියද්දි මගේ පෙරැත්තට කරල ප්‍රශ්ණෙන් ගොඩ ආවා. ඒක වුනේ ලෝකෙන්ම බලවත් යයි අඟවන මෝඩ ඉංග්‍රීසි කොලණියක. මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක් විදියටයි ජීවිතේ ඇරඹුවේ. මම ගැන කියන දේවල් කිව්වෙ මම නොවෙයි. ඒ කතා සිංහල ජන වහරෙ එන දේවල්. ඉස්සර වෙලා ඒ ගැන හොයල බලන්න. ඊට පස්සේ එහෙම කිව්වෙ කවුද කා ගැනද සොයන්න. අන්තිමට ඒ ජනවහරට ගැලපෙන කෙනෙක් ඇත්තටම ඉන්නවද කියල බලන්න. මේ කතා බොහොම පැහැදිලිව දිනය වෙලාව තැන වගේ ඒවා එක්ක තියෙන්නේ. යථාර්තය කියන්නෙ වචනයෙන් කියන දේවල් සැබෑ ලොවේ තියෙන ව කියන එකට නේද?

      මේව ලියන පතිරත්න උන්නැහේට කතාවට අදාල කෙනා හඳුනා ගන්න බැහැ කියල අවංකවම කියනවා. ඒ අනුව සිතන්න. ඔයා මගේ හැඩ රුව කියන කතාවක් ගොතන්න. ඒක ඇත්තද බොරුද කියන එක ඔබ නොදන්නවා වුනත්, ඔබ නොදන්න මම ගැන කියපුව සැබෑ බව මට පෙනේ නම් ඔබට සිතා ගැනීමට බැරි වුනත් එතැන යම් වැදගත් දෙයක් තියෙනවා නේද?

      මෙතන කියන වචන වල අයිතිය අපේද? ඇත්තටම අපේ සිතට එන වචන එන විදිය අපි දන්නවද? අලසකම සෑම දේම දුටු විටම ප්‍රතික්ෂේප කිරීමට පොළඹවනවා නේද?

      මේ නොදැනුවත්ව කියන දේවල් වල සැඟවී ඇති හරි හා වැරදි දේ තේරුම් ගන්න පුළුවන් ඒ ගැන දන්නවා නම් පමණයි නේද?

      මළ මිණී, ඇට කටු, නටබුන් පොත පත සෙල් ලිපි, ජන වහර යොදා ඉතිහාසය අණුමාණය කරන ඉංග්‍රීසි ක්‍රමය විතරද තියෙන එකම විදිය. අද වෙන දේවල්, හෙට වෙන කොට ඊයේ දිනේ වූ ඉතිහාසය නේද? මම ඉතිහාසය සොයන ස්වාභාවික විදිය සොයා ගත් කෙනෙක්. සැබෑ ඉතිහාසය අනන්න්‍යයයි. එකම දේ දෙවිදියකට වෙන්නෙ නෑ නේද? ඔබ මිනිස් ගතක් හා සිතක් අරගෙන උපදින කොට ඔබ ළඟ මිනිසා බිහි වූ දින පටන් එකතු වූ දැනීම් හා හැකියාවන් තිබෙනවා නේද?

      අර (කේන්දර) තාරකා විද්‍යාව විකුණගෙන කන "මාරයාගේ හෝරාව"ත් ඔබ වගේම යමක් දකින්න තේරුම් ගන්න කම්මැලි බවක් පෙන්වනවා. ඔය තාරකා විද්‍යාව කොතරම් ඉහල දැනුමක් දෙනවද? අද විකුණගෙන කන එවුන් මොනවද ඒ ගැන දන්නෙ. දැනුම කියන එක කවුරු හරි කියපු දෙයක් ගිරව වගේ කියවීම නොවෙයි නේද? ඔබ දන්න තරම තේරුම් ගැනීමට, අඩු තරමින් තේරුමක් ඇති එක අළුත් වචනයක් හදල මට කියන්න. මම කියන දේවල් සැබෑ ලෝකෙ තියෙන ඒවා මත ගොඩ නගපුව විතරයි. ඒ ගැනම වෙන මගකින් යමෙක් යමක් කියයි නම් මම එය අගයමි. බොහෝ දෙනා අද මිථ්‍යාවට යථාර්තය යයි කියමින් යථාර්තයට මිථ්‍යාව යයි කියනවා.

      පිස්සෙක් කිව්වත් ප්‍රතික්ෂේප කරන්න එපා. හේතුව පිස්සුව කියන්නේ මානසික ආරක්ෂාවට මිනිසා තුල ඇති අංගයක් ක්‍රියාත්මක වීමක්. පිස්සො වුනත් තම ජීවිතය පවත්වා ගෙන යෑමට කලයුතු දෑ කරන කොට ඔබට විමතියක් නොදැනේද?

      ගොඩක් අය බෞද්ධාකම ගෙනා දෙමළුන්ගෙ ලණු කාල, සිංහල අතීතය මරාගෙන ඉන්නෙ. දන්න අයත් දන්නෙ බොහොම අල්පයයි. මේ කතා වල සැබෑ දත්ත මෙන්ම තාක්ෂණයද ක්‍රියාවෙන් පෙන්විය හැකි අයකු ලෙස මම මේ සුළු පිරිසක් කරන දේ අගය කරනවා.

      සිංහලයන් බොරු කියපු ජාතියක් නොවේ. එය මම අත්දැකීමෙන් දනිමි. මේ ඔක්කොම ව්‍යයංගයෙන් කියල තියෙන්නෙ හිමි කරුවන්ට පමණක් තේරුම් ගන්න. අනෙක් අයට පෙනෙන්නෙ විකාර වගේ. ඒ නිසා ලොකු සේවයක් වෙනවා. සිංහලයන් දැනුම හැම එකාටම දුන්නෙ නැහැ නේද?

      මේ සිංහල අවුරුදු දින පැය විසිහතර තුල මුලු ලෝකයේම තියෙන සැම ගිනිසිකරයක්ම ලතාවකට කම්පා වුනේ අහම්බෙන්ද? ඇත්තටම මුළු ලොවම කම්පා වුනා වගේ දෙයක්. මේක මැන්නේ, වාර්තා කලේ ඔයාලගේ අතිඋත්තම බුද්ධිමතුන් වන බටහිරයන්ය.

      Delete
  13. Machn i cant find the statement of "Meine persönliche Leibwächter sind SS. Seine Bedeutung ist "Sinhalese Sena" in Mein Kampf book. But I agree some of your ideas. keep writing.

    this my blogsite : http://helayugaya.blogspot.com

    and this a article about Hitler : http://helayugaya.blogspot.com/2011/09/blog-post_4853.html

    ReplyDelete
  14. Machn i cant find the statement of "Meine persönliche Leibwächter sind SS. Seine Bedeutung ist "Sinhalese Sena" in Mein Kampf book. But I agree some of your ideas. keep writing.

    this my blogsite : http://helayugaya.blogspot.com

    and this a article about Hitler : http://helayugaya.blogspot.com/2011/09/blog-post_4853.html

    ReplyDelete
    Replies
    1. නියම මේන් කාම්ෆ් පොත අදත් Deutsches Museum හි ඉතාමත් රහසිගතව ආරක්ෂා කර තිබෙනව. අන්න ඒකෙ තමයි ඔය දේ තිබෙන්නෙ. අපට එය දැනගත හැකි වූ ආහාරය හෙළි කිරීමට නොහැකියි.

      Delete
  15. අම්මට උඩු... ඔය තියෙන්නේ අපේ තවත් හෙල යකෙක් ගැන...

    අපි යක්කු... (නැක පුත්නම්)

    ReplyDelete
  16. Kuru monawa kiuwath HITLER gana magee loku kemaththak tibba, RAAWANAA ganath ee wageemai. Dennama sambanda wena widiye lipiyak kiyawanna lebuna eka gana sathutui. Mama kisima saaakshiyak dakalawath kiyawalawath nathi unaata RAAWANAA nawatha upadinawa kiyana eka wiswaaasa karanna kemathi.

    ReplyDelete
    Replies
    1. ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි රාවණා හෙළුයකුන්.පක්ශ දේශපාලනය මුලින්ම අරබලා තියෙනේ රාවණා,එකෙන්ම තමයි මිනිහගේ අවසානය වෙලා තියෙන්නේ.

      Delete
  17. ජෝෂෆ් ගොබෙල්ස් ipadila inne Lankawe kiyana eka mama piligananwa.
    attatama ජෝෂෆ් ගොබෙල්ස් jeewath wenne kalutara, Palathota paare....name eka meke kiyna eka hari naa...

    ReplyDelete
  18. mama danna hitlarayek naha sadam hussenuth raawanage set eke porakda

    ReplyDelete
    Replies
    1. ඒ ගැනත් ලියන්න දේවල් තියෙනව, ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න

      Delete
  19. හප්පට සිරි අර ඇනෝ පට්ට ආතල් ඩයල් එකක්නේ,මේ බුදුහමුදුරුවෝ ලංකාවේ ඉපදුනයි කියන ඩයල් එකක්ද කොහෙද....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... හාවාට වැදිලා...

      Delete
    2. අපෝ නෑ. ලංකාවේ හිටියේ බුධල, ගුරුලා.

      ඔය වචනේ හරියට කියාගන්න බැරුව ඇදල බුද්ධ කියලා මවාගෙන බයිල ගහපු අය ඔක්කොම ඉන්දියාවේ කට්ටිය. ඒ රටේ ඉන්නවා දිව්‍ය පානයක් කියල ගව මුත්‍රා බොන වර්ගෙ අය ගොඩක්. ලංකාවේ බුධලා රාවනාගෙන් අහගත් දැනුමෙන් කිව්වේ ජීවිතයත් පැවැත්මත් රැකගන්න බණ. ඔය නැවැත්ම කියන මිරිඟුව පෙන්නල වැදිබණ කියන අයගෙ ගුරා වන සිදට් බුධ කෙනෙක් නොවේ. එයාගෙ බණ ගෙනාවේ දෙමළු. උන් ඒ වැදිබණ වලට බුධලගෙ බණ එකතු කරල සිදට් කියන කෙනා ගෝතම කියන සිංහලේ හිටපු අන්තිම බුධ මයි කියල කෙලපු පොළව පලන් යන කෙප්පෙ නම් මට හොඳටම අජීර්ණයි. ඒ ගැන පසුව ලියන්නම්. සිදට් බුධ කරල නිවන කියන මිරිඟුව පෙන්වල සිංහල ජාතිය නැති කිරීමේ දෙමළ කොන්ත්‍රාත් ගත්තු නඩේ ආපු පාරෙන්ම ඉන්දියාවට යවන දවස නම් ළඟ එනවා. ඔයත් ඒ නඩේ නම් බඩු පොට්ටනි ගහගෙන ලෑස්ති වෙන්න.

      Delete
  20. මම ගඟෙන් මෙහා පැත්තේය...ඇත්ත හෝ බොරු හෝ මම ඔබේ අදහසට ගරු කරමි...ඒ කුමන අයුරකින් හෝ විශිෂ්ට ජාතියක් ලෙස හුවා දක්වන්නට මගේ ජාතිය බැවිනි....නමුත් ඔබේ උත්සාහයෙන් එම ජාතියම මෝඩයන්ගේ තත්වයට වැටෙන බව මොහොතක් සිතුවාද?ඔබගේ සාක්ෂි ශක්තිමත් නැත..සැඟවූ පොතක කරුණූ ශක්තිමත් සාධකයක් නොවේ..අනෙක යම් වචන ඔබ අර්ත දක්වා ඇත්තේ කුමණ පදනම මතද?යම් දේශීය හෝ විදේශිය වදනක් කොටස් කල පසූ එය කී ආකාරයට අර්ථ දැක්විය හැකිද?ඔබ යමක් හුවාදක්වන්නෙනම් කරුනාකර පැහැදිලි දත්ත ලබා දෙන්න..ඔබම සොයා ගන්න,සැඟවුන පොතෙන්,ඔබගේ මානසික බලයෙන්, ආදිය යෙදීමෙන් ඔබ කරන්නෙ ඔබ විශිෂ්ට ජාතියක් ලෙස හුවාදැක්වීමට යන මගේ ජාතිය(එය අවිවාදයෙන් විශිෂ්ට ජාතියකි ) තවත් කැවුම් කන මොඩයන් රැලක් බවට පත්කිරීම පමණකි..

    ReplyDelete
    Replies
    1. මා පමණක් නොව සෑම රාවණගවේශකයෙක්ම ඉතිහාසය දැක්වීමේදී යොදා ගන්නේ මේ ක්‍රමවේදයයි. වෙන අයගේ ලිපිත් කියවා බලන්න. ඉතිහාසයෙන් සඟවා ඇති දෑ මතු කිරීමට වෙන ක්‍රමයක් නෑ. නමුත් ඔබ පවසන හින්දම තවත් සාක්ෂි සොයා බලන්නම්.

      Delete
    2. "ඔබම සොයා ගන්න,සැඟවුන පොතෙන්,ඔබගේ මානසික බලයෙන්, ආදිය යෙදීමෙන් ඔබ කරන්නෙ ඔබ විශිෂ්ට ජාතියක් ලෙස හුවාදැක්වීමට යන මගේ ජාතිය(එය අවිවාදයෙන් විශිෂ්ට ජාතියකි ) තවත් කැවුම් කන මොඩයන් රැලක් බවට පත්කිරීම පමණකි.."

      මං හිතන්නේ මේ බ්ලොග් එක ලියැවෙන එකේ අර්ථය හරියටම හුග දෙනෙකුට පැහැදිලි නැති උනත් මේ ක තමා ඇත්ත කතාව... ‍රාවණ සොයා යන පිරිස කරන්නෙත් මේ බ්ලොග් එකේ ලියැවෙන ශෛලීයටම පට්ටපල් කෙබර රවුං කර කර අතාරින එක... ඒ ක්‍රමයෙයි මේ ක්‍රමයෙයි වැඩි වෙනසක් නැහැ... උදාහරණයක් හැටියට ඔවුන් රාවණ ගැන කතා ගොතනකොට නිතර කියන කතා ටික තමා.. සෙල් ලිපි විනාස කරලා..පොත් පුච්චලා... මෙහෙ තිබ්බ ලකුණ අතනත් තිබ්බා ඒහෙනං ඒකත් අපේ...ආයේ තව මොනවා හරි වචකයත් අරං ඒක කෑලි කර කර අර්ථ දක්වලා ඉතිහාසය ඔප්පු කිරීම... ඒ හැර ඇත්ත‍ටම රාවණ රජුගේ මයිලක් ගැනවත් ඔය එකෙකුටවත් පැහැදිලි සාක්ෂියක් නැහැ. ඒත් ඔය පුබ්බූරු පුතාලාගාව ඒවට උත්තරත් තියෙනවා...

      අවසානයට වෙන්නේ රාවණා ගැන පුංචිම හරි උනන්දුවක් තිබ්බ එකාටත් රාවණාවත් එක්කම ජාතියත් අප්පිරියා වීම...

      මං හිතන්නේ මේ බ්ලොග් එකේ හිමිකරුගේ උත්සහය දැන් දැන් සාර්ථක වේගන එන හැඩයි.. ඔහොම යං...

      Delete
    3. මාරයා ගේ මුණු පොතෙන් පැමිණියෙමි. මුණු පොතේ දී කිවූ නිසා මේ බ්ලොගේ නැවත කියාවමි. මමත් මේ බුරු කතා නිසා රාවනා කතා විහිළුවකට ගන්නේක්මි. එනමුදු පෙරදී ඒ ගැන උනන්දු වූවෙමි. රාවනා හෙළ රජු ලක්දිව සිට මිසරය බැබිලෝනියාව (අහසින් ආ සිංහ මිනිසුන් ලෙස හඳුන්වන්නේ හෙළයන් බව මමද පිලිගනිමි.) සහ ඉන්කා දේශය පවා පාලනය කල බවද එමතු නොව යුරෝපයේ වයිකින්ග් දේශය ද රෝමය ග්‍රීසිය වැනි පෙදෙස් මෙන්ම බ්‍රිතාන්‍ය ද පාලනය කළෝ හෙලයන්ම බවද පිලිගනිමි. එසේ වුවද මේ මගේ ජාතිය වුවත් රාවනා රජුගේ නාමය වනසන පිස්සන් නිසා මටද මේ දෑ එපා වී තිබේ. අපි බලමු..

      Delete
    4. Anonymous One origJune 24, 2012 at 9:35 AM

      සමහර අයට යමක් කිව්වම තම හැකියාවෙන් පිළි ගන්නවා. තවත් අයට පොල්ලක් පෙන්නලා කිව්වම කරන්න බෑ කියපුවත් දෙකට නැමිල කරනවා. දැන් මහාවංශ පචලෝකෙ මවන්න කලින් ලංකාවෙ හිටියෙ සත්තු විතරද? ඔය ගිනිතිබ්බ කතා, විනාශ කරපු කතා මහනාම කියන ඉන්දියාවෙ හැදුනු වැඩුනු දෙමළ තඩිය ලියපු විකෘති වංශෙත් තියෙනවා නේ. උන් ඒ ගැන කියන්නේ හරියට මහා වීරකමක් ලෙස නොවෙයිද?


      ඔය 2012 වසර ගන්න ඕන සිංහල විදියට. ඒ වසර පටන් ගත්තෙ සිංහල අවුරුදු උළෙලත් එක්ක. එදා මුළු ලෝකෙම සෙළවුනේ කම්පා වුනේ නිකමට වෙන්න ඇති නේද? රාවන හෙවත් හිරු එන්නේ මේ වසරේ අවසානේදී. ඒ කියන්නේ බටහිර විදියට ලබන අප්‍රේල් වල. ඔයාලා වගේ, ගොන්නාන්සෙල හිරුගෙ උපත වරද්ද ගත්තෙත් ඔය වෙනස නොදැන බටහිරට ගැතිව ඒ විදියට වසර ගණන් කරපු නිසා. අතීත විස්තර වලට සරිලන කෙනෙක් ඉන්න බව ස්ථීරයි. කියපු විදියට අවියෙන් ඉන්න බව පෙන්නුවොත් ඉතිරි වෙන අය ස්ථීරවම පිළි ගන්න බව මට සහතිකයි. මා ඇමතීමට මෙන්න පුරුක: miniskamaඇට්ජීමේලඩොට්කොම්.

      Delete
  21. අනේ මන්ද ඔක්කොමත් හරිය කියමුකෝ . මේ හිට්ලර් කාරය නෑයෙක් කියන්න නම් මට බැහැ. මොනවා වුනත් ඔබ හරිම නිර්මානශිලියෙක්

    ReplyDelete
  22. mahathmaya obage wadaya maa agaya karami.namuth maa hata prasnayak ata.mehidi hitler yanu rawanayange anugamikayeki.namuth an atata eesrayalayada rawanayange deesayaki.esenam hitler eesrayala jaathikayanta pahara dunne ai? jews jatikayan

    ReplyDelete
    Replies
    1. වටිනා ප්‍රශ්නයක් මහත්මයා. අපි නොදන්න වුණාට ලෝක බලවතුන් තීරණ ගන්නේ අපි වගේ ළාමකව හිතල නෙමෙයි, ඔවුන්ට ඇති විශාල වගකීම නිසා යම් කැප කිරීම් කරන්න සිදු වෙනව.

      උදාහරණයකට ලංකාව ගත්තොත්, ආණ්ඩුවෙන් හමුදාවට නියෝග දුන්න කොටි එක්ක යුද්ද කරන්න. ඒකෙදි කොටි ගොඩක් මැරුණ. කවුරුහරි ඇහුවොත් කොටි වුණත් උන් මිනිස්සුනේ උන්ව මරපු එක හරි නෑ නේද කියල ඒකට අපි මොකක්ද කියන්නෙ? ඊට වඩා ලොකු විනාසයක් වලක්වාගන්න පොඩි විනාසයක් කරන්න වුනොත් ඒක කරන්න වෙනව කියල නේද?

      ඒ වගේ ශ්‍රී රාවණ රජුගේ නියෝග මත හිට්ලර් තුමා යුදෙව්වන්ව මැරුවේ අනාගතයේදී අති ප්‍රබල යුදෙව් ජාතියක් නිර්මාණය කරන්නයි. ජෙවිශ් නොහොත් යුදෙව් යනු යු=යුද්ධය, දෙව්=දෙවියන්, එනම් යුද්දය සඳහා සැරසුණු දේව ගෝත්‍රය. හිට්ලර්ගෙන් මැරුම් කෑවේ ඇත්තටම බේරිල යන්න තරම් කොන්ද පන නැති කම්මැලි යුදෙව්වො. අනික සුද්දො කියන තරම් යුදෙව් සංහාරයක් කරලත් නැති බව හෙළ ගවේශයකින් කියනව. අපි පිලිගන්නේ සුද්දො කියපු දේවල්ද නැත්නම් හෙළ ගවේශකයින් කියපු දේවල්ද?

      ඉතින් අවසානයේදී බිහි වුණ ඊශ්‍රායල් දේශයට එතරම් ශක්තියක් ලැබුනැ හිට්ලර් තුමා නිසා ඇතිවුණ ප්‍රතිශක්තිය නිසයි. ඔවුන් ඉදිරියේදී ලොවටම තර්ජනයක් වන අන්තවාදය සහමුලින්ම විනාශ කරල දාන්නයි ඉන්නෙ. ඉතින් වඩාත් වැදගත් අර මැරුන යුදෙව්වො ටිකට වඩා ලෝකය මුස්ලීම් ආක්‍රමණයෙන් බේරගැනීම.

      Delete
    2. ඔව් ඔව් ඔය හම්බයෝ නැති වෙනවානම් ලොකු දෙයක්, ඔය හැත්ත ඉන්නකම් ලෝකෙටම විනයක්, උන්ව ලගින් ආශ්ය කරපු හින්දා කියන්නේ, උනට ලොකු උන් ගේ ආගම කොහොම හර පතුරවන්න , පච කියන්න පුලුවන් මුස්ලිම් නොවන ඕන එකෙක්ට

      Delete
  23. I really don't know what to say here. What a load of crap. WE really need to shoot the idiots who made the sinhala font possible. Its allows morons like these to put out crap on the web. This actually hurts the reputation of sri lanka if people around the world see the crap people say on this.

    You cant call this crap. This is just beyond it. I hope the person who writes these post are happy in what they archieve. Sri lankans should be ashamed for this. This is not who we are. we are better than this to post lies on the web.

    If this so called guy knows so much, funny how he cant comment in english?

    Its a waste of my time to post this, but i just couldnt resist. I hope you rot in hell for posting bullshit on the web moron!

    ReplyDelete
    Replies
    1. Here goes another moron who believes in western crap. Being force-fed like to cattle, you believe them, but has no brain to understand the meaning behind words. Pathetic scum of no origin wants us to be called Sri Lankan. Do these Sri Lankans speak Sri Lankan language? Your life is a waste. You are like the cattle serving humans, born to live and work for others. There is a bigger world there for real humans.

      Hi scum, if you want someone to make comments in English, here I am. I hope you rot in hell for posting bullshit on this page! Unfortunately, I was your kind of scum a few moons ago. Feel ashamed. I wish I could throw your kind to rot in hell forever. By the way my wishes always come true.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  24. ගොබෙල්ස් නැවත අපේ රටේ ඉපදිලා කියල මාත් පිලිගන්නවා.මිනිහගේ දැන් නම හුළුගල්ලේ.

    ReplyDelete
  25. Sarcasm is fine! hope there are no sinhala speaking jews. Hopefully google translate would not support sinhala (EU could ban the blog altogether and our sinhala friends in europe could lose a good source of humor).

    ReplyDelete
    Replies
    1. truth is stranger than fiction.

      Delete
    2. Anonymous One origJune 27, 2012 at 11:22 AM

      Indeed, truth is stranger than fiction. I have had very close relationships with both Germans and Jews. They fight because they are very close relatives. Indeed, they have an ancient link to Sinhala. My best friend of western extraction who is married to a Chinese girl once said something very important about the fundamental reason for the war of annihilation. Only Germans understand Jews better. It is like I know about my brothers more than my neighbour does. I do have the knowledge to prove whatever I say, with natural means. Please note that I don't write false stuff ever. Indeed everything around us tells something very strange about our past, which is lost.

      Delete
  26. ඔක්කොම කියෙව්වා.... කිසි දෙයක් තේරුණේ නෑ. හැබැයි එකම එක දෙයක් තේරුණා...ඒ තමා "මීවන" ලොක්කා ජර්මන් ප්‍රනවුන්සේශන් ටිකක් හොඳටම දැනගෙන හිටියනම් මේ වැඩේ ලෙසටම කරගෙන යන්න තිබුන. මොකද NAZI කියන වචනෙ ජර්මන් වලින් ප්‍රනවුන්ස් කරන්නෙ නාට්සි/ නට්සි කියලා. ඉතින් නාසි කියන එක "නායක සිංහල" කියන එක ට ගැලපෙන්නෙ නැහැනෙ...එහෙමත් නැත්නම් සිංහල කියන වචනෙ හරිම උච්චාරණය "ට්සිංහල" ද?

    ReplyDelete
  27. හෙල රකුසන් ගැන මට පට්ට ආඩම්බරය....

    ReplyDelete
  28. හෙළයින් නිවසේ ආරක්ෂාවට තබා ගත යුත්තේ 'ඩොබර්මන්' වර්ගයේ සුනඛයන් පමණි. මන්ද යත් අපට උන්ව අතිශයින් විශ්වාස කළ හැකි හෙයිනි. 'ඩොබර්මන්' යනු හෙළ යකුන්ගෙන් පැවත එන හෙළයින්ට ලැදි බල්ලෙකි. පුරාණ සූර්‍ය වංශික 'සුනඛාභිලන්ශකාරය' ටීකාවේ සඳහන් වන ආකාරයට 'ඩොබර්මන්' යන්නෙහි ගාම්භීර අරුතක් ඇත. එනම් 'නරය බිය වන්නේ ඇයි' යන්නයි. මෙහි පද බිඳීම මෙලෙසින් දැක්වේ. ඩො = ඩෝහ් = නරය, බර්=බිරාන්ත, මන් = මන්ද = ඇයිද? නිසැකයෙන්ම ඔබ 'ඩොබර්මන්' ගැන ආඩම්බර විය යුතු නොවේද? ඌට ගරු කළ යුතු නොවේද?

    ReplyDelete
  29. Oh my, the secret's out...
    Better ditch the plans for taking over the world and get back to pizza bussiness

    ReplyDelete
  30. Epic comment is epic mate, i'm gonna spare your life when my Grandson takes over the world :D

    ReplyDelete
  31. ඒ කියන්නේ ලක්ෂගානක් වැඩ කන්දවුරුවල තියාගෙන මෙන්ගල් වගේ පිස්සු දොස්තරලා ලවා පණපිටින් මිනිස්සුන්ව ඔපරේෂන් කරලා දරාගැනීමේ ශක්තිය ගැන පර්යේෂණ කරපු, මාසෙටම පාන් කාලයි අල ගෙඩියයි දීල මිනිස්සුන්ව හාමත් කරලා මරපු, දහස් ගණන් ගෑනුන්ව, පොඩි උන්ව, ගෑස් කාමරවලට දාල මරපු, ඒ මැරෙන උන්ගේ කටවල්වල දාල තිබුන රත්තරන් දත්, ඇදුම් අස්සේ හන්ගගෙන ඉදපු මාල වළලු කරාබු උණු කරලා රත්තරන් පොලු හදල ස්විස්ස් බැංකුවල දාල යුද්දේ පරදවෙගෙන එනකොට වෙන රටවල් වලට පැනල ගිහින් odessa කල්ලිය හදාගෙන අර රත්තරන් වලින් ජොලි කරපු, ගෑස් කාමරවල, කන්දවුරු වල මැරෙන මිනිස්සුන්ගේ ඇඟේ තිබුන පච්ච හමත් එක්ක වෙන්කරලා අරගෙන table lamp වලට හයි කරපු, හිරකාරයන්ගේ කොන්ඩ බූගල එවලින් nazi කාරයන්ට සීතලට දාන්න තොප්පි, කබා හදපු, මැරෙන උන්ගේ ඇඟේ තෙල්වලින් සබන් හදල front line එකේ යුද්ද කරන උන්ට යවපු, තමන්ට විරුද්ද වෙන උන් සෙමින් ගෙල සිරකර මරල මස්කඩවල කොකුවල එල්ලලා ප්‍රදර්ශනය කරපු, කොටින්ම ලෝකෙම මළ ගෙදරක් කරපු පාහරයෙක්වයි උගේ පාහර හමුදවයිද ඔයා මේ අවිහිංසාව තමන්ගේ ධර්මය කරගත්ත උත්තමයෙකගේ අනුගාමිකයෙක් කියල තියෙන්නේ ???? මන් ඔය උඩ කියල තියෙන්නේ ටිකයි. හිට්ලර් සහ උගේ මිනීමරු හමුදාවයි කරපු තව හපන්කම් තියෙනවා. මන් ඕනනම් කියන්නම්. කරුණකරලා දෙයක් ලියන කොට ටිකක් හිතල ලියන්න. මේ වගේ තකතීරු ලිපි ලියල රාවණ රජ්ජුරුවන්ටත් ඔයා කරන්නේ මහා අපහාසයක්. රාවණ රජ්ජුරුවන්ට විතරක් නෙමෙයි, ඔයා මේ අපහස කරන්නේ මුළු හෙළ ජාතියටම. රාවණ රජ්ජුරුවන්ගේ නාමෙන් මිටපස්සෙවත් ලියන දේවල් හොදට හිතල කරුණු හොයල ලියන්ඩ. එහෙන් මෙහෙම් එක එකා කියන බොරු හොයාගෙන තමන් දන්න දේවල් එක්ක මෙලෝ සිහියක් නැතිව ගලපන්න ගියාම මේ වගේ බුරු අදහස් තමයි ලියවෙන්නේ. මමත් රාවණ සොහොයුරෙක් උනත් මේ වගේ නොමන ලිපි කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ලොව තියෙන සියලුම දේවල් හෙළයන් හා බද්දකරන්න උත්සහගන්නෙපා. මේ ලිපිය එවැනි අනුවන කමක අග්‍ර ප්‍රතිපලයක්. මෙයින් හැල්ලුවට ලක්වන්නේ අපේම හෙළ ජාතිය නොවේද ?? මොහොතක් සිතන්න. තව ලියන්න. මසැසින් නොව මනසින් !!! ජය ශ්‍රී !!!

    ReplyDelete
    Replies
    1. හරියට හරි සහෝදරයා........ මෙතන තියන අතේ පත්තුවෙන බොරැව මොකක්ද කියල මම කියන්නද... මෙතුමා මුලින්ම කියනවා හිට්ලර් හෙලයෙක් වෙන්නෙ එතුමාගේ සීය හෙලයෙක්ට දාව ඉපදුන නිසාලු..... පස්සෙ කියනවා නාසින් ඔක්කොම හෙල පරම්පරාවෙලු.... හෙ හෙ...... මේ කියන විදියට හිට්ලර්ගෙ සීයට දාව ඉපදුන ලමය්න්ගෙන් විතරය් නාසින බිහිවෙලා තියෙන්නේ..... ඇඩෙනවා තනි ඇහැට හෙ හෙ ...................................

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ගෑස් දාලා මරපු එක බොරු කතාවක්!!!! ඒක ඇමරිකන් කාරයොයි රශියන් කාරයොයි කියපු කෙප්පයක්!!! AUSHWITZ වල 2000 එක ගෑස් කාමරේ දාලා මැරුවා කියනවා..1985 එංගලන්තය සහ ඉතාලිය අතර ඇතිවූ football ආරවුල ඌගර අතට හැරුනි,එහිදී එංගලන්ත ලෝලීන් ඉතාලියන් එව්න්ට යන්න නැති වෙන්න ගැසුවා. ඉතාලියන් එව්න්ට අන්තිමට එලියට යන්න නැති තැන සිමෙන්ති බිත්තියක් ලගට රොක් වුනි ,පීඩනයට බිත්තිය කඩා වැටුනි . මෙම උදාහරණය ගමු . ගෑස් කාමර වල දොරවල් සාමානය මේ වගේ http://www.google.ae/imgres?q=auschwitz+doors&hl=en&safe=off&biw=1366&bih=653&tbm=isch&tbnid=52pH6-W8sVb1aM:&imgrefurl=http://history1900s.about.com/library/holocaust/blauschwitz35.htm&imgurl=http://0.tqn.com/d/history1900s/1/0/N/B/auschwitz35.jpg&w=270&h=370&ei=dXRIUKSFE4WJrAeVrIDwAw&zoom=1&iact=rc&dur=172&sig=115043306341983906052&page=1&tbnh=126&tbnw=92&start=0&ndsp=22&ved=1t:429,r:10,s:0,i:101&tx=48&ty=31 .

      හිතන්න ලෙහෙසියෙන් මෙම දොර පීඩනයට කඩා දැම්මැහැකි. අනික දවසට 2000 ගෑස් දාලා මරනවා කියන්නේ ජ්‍ර්මන් කාරයොන්ට මාස ගානක් ගත වේවි දේහ ට්ක පුච්චන්න ඔව්න්ට AUSHWITZ vala තිබ්බේ ෆර්නස් 15 වයි . මේ කාලේ ප්‍රමිතියෙන් අනුවත් , දේහයක් පුච්චන්න අඩුම ගානේ පැයක්වත් යනවා. මෙන්න බලන්න ෆර්නස් ට්ක http://www.flickr.com/photos/jenniferboyer/6621888535/
      ,හරිම ලාබාලයි දේහ 20 විතර පුච්චපු ගමන් ඕවා ආයේ පාවිච්චි කරන්න බැරි මට්ටමකට වැටේනවා මොකද මිනිස් සිරැරේ වැඩී ප්‍රමානයක් තියෙන්නේ ජලය , එම නිසා ෆර්නස් වල ක්‍රියාකාරිත්වය අඩූ වෙනවා. හිට්ලර්ට ආරංචී වුනා යුදෙව්වන් බොහෝ රෝග වලින් මිය යන බව , ඔහු අණ දී තිබෙනවා ජර්මානු බළදාරීන්ට එයට නිසි ක්‍රියාකාරකමක් ගන්න මිය යන් යුදෙව්වන් අඩු කරන්න කියලා!!

      Delete
  32. ආ.. මූව අංගොඩ පිස්සෝ අල්ලන ස්කොඩ් එකෙන් අල්ලන්ගියා නේද? මූ හිතල තියෙන්නේ ඒ FBI එකෙන් කියල... ප්‍රතිකාර දෙන්න පුකට ඉන්ජෙච්සෝන් එක ගහන්න යද්දී මූ පැනල ඇවිල්ල..දැන් පිස්සු ඩබල් මුට

    අයියෝ සල්ලි

    ReplyDelete
  33. ගොබෙල්ස් ලංකාවේ ඉපදිලා ඉන්න එක නම් සහතික ඇත්ත ... මේ අපේ මංගල ස**** නේද මීවනපලානේ ඇත්තෝ ?
    ශ්‍රී රාවණ සිද්ධම්..!

    ReplyDelete
  34. මොන බයිලා කිව්වත් 2012 දී රාවණා රජු ආවේ නැත්නම් කෙප්ප ටිකක් විතරයි කියලා හැමෝම දැන ගනී. අනික රහස් රහස් විදියට තියෙන්න ඔනා..... නියම යකෙක් මෙහෙම කරන්නේ නෑ.... කරලා පෙන්නනවා රාවණා රජු අවදි උනොත් බලන්න.... අපි මෙච්චර දක්ෂ නම් ඇයි කතා කරන්නේ ඉතිහාසය ගැන විතරක්..... ලංකවේ අසුර බලය පෙන්නන්නේ නැතුව.......... රාවණා පම්පෝරි ගැහව්වේ නෑ කරල පෙන්නුවා.......... රාවණා ගැන කියෙව්වට විතරක් හරි යයි..... මෝඩ ‍රැල

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණ සිද්ධම්..!

      Delete
    2. රාවනා එනු ඇත රාවනා එක පාරටම ආ විට හෙලුවන් මඤ්ඤං වන බැවින් ඔහුගේ පනිවිඩකාරයෙක් එවා ඇත.ජයරත්න=ජය+ර+තන ජය=දිනවන ර=රාවන තන=මේකට හරියන වචනයක් හොයන්න ට්‍රයි කලා එන්නෙම වැරදි අදහසක් ඒ හින්දා මෙහෙම හිතමු ජයරත්න කියන්නේ රාවන දිනවන අයෙක්
      මීවනපලානේ ජයරත්නයන්ගේ සන්ධි කිරීමේ ශෛලියට අනුව සිදු කලෙමි

      Delete
  35. see
    http://en.wikipedia.org/wiki/Maria_Schicklgruber

    ReplyDelete
  36. J.R.P.Suriyapperuma maththayge limanayak wagene meka!!!!!!!!!

    ReplyDelete
  37. ane manda,aththa mokakda?boruwa mokakda?rawana rajjuruwan gena aththa denaganna wenne eyagenmada?namuth eka deyak kiyanna oni.rawana rajjuruwo aith enawanam mama godak kemathi,

    ReplyDelete
  38. මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.

    ReplyDelete
    Replies
    1. මචං අපි පැවතෙන්නේ විජයගෙන් නම් නෙමෙයි..

      Delete
    2. උබ නිකන් කියවන්න එපා මොඩයෝ....
      උබ විජයගෙන් පැවතෙනවා ද නැත්නම් අම්මයි තාත්තගෙනුයි පැවතෙනවද?
      අනේ හුකේ නන්නානේ...
      රාවණා කතා ටික බලලා නිකන් ඉදපන්... මොනව හරි දන්න්වනම් ඒක හරියට දාපන්..
      ප්‍රාග් ඓතිහසික මානවයොත් හිටිය යකෝ...
      විජය ගැන බොරු මාන්නයක් තියා ගන්න එපා..

      Delete
  39. අනේ මන්දා කොහෙන් පටන් ගන්නද කියලා,මේ මල යකාට කිසිම සාමාන්‍ය දැනුමක් නැහැනේ නිකන් බොරුවක් වත් ගොතා ගන්න?
    //ඇත්තටම හිට්ලර් තුමා සටනින් පැරදුනේ නැත. ඔහු ඒ ලෝක යුද්ධය කළේ අවසානයේදී ඊශ්‍රායල් නැමැති දේශය අරාබිය මධ්‍යයේ බිහි වෙන තැනට වැඩේ හදන්නයි//
    මේ බූතයා දන්නේ නැද්ද ඊශ්‍රායලය හදා ගත්තේ හිට්ලර් පටන් ගත්ත යුදෙව් සංහාරයෙන් පස්සේ ඉතුරු උන යුදෙව්වන්ගේන් කියලා? එතකොට අන්තිමට ඉතුරු උන යුදෙව්වෝ ටික ආයිමත් හිට්ලර් එක්ක යාලු වෙලා.. අනේ මන්දා..

    //ලෝක ආධිපත්‍යය සඳහා තම සිංහල සේනාවෝ (SS) මෙහෙයවූ හිට්ලර් තුමාණෝ, පිරිසිදු බුදු දහමින් බබළන ජපානය ආක්‍රමණය නොකිරීමට තීරණය කළේය//
    තොගේ සාමාන්‍ය දැනීම අන්තිමයි.. කොහෙද උන්නැහේ ජපානයේ පිරිසිදු බුද්දාගමක් තියෙන්නේ? ජපානයේ බහුතරය මහායාන නේ??

    ReplyDelete
  40. MOKODDA OYA KUDALANI YOGAYA KIYANNE

    ReplyDelete
  41. Hitler was a Vegetarian :o danam ravanai hitler gei sambandaya link wenewa

    ReplyDelete
  42. උඹ තව එකක් හරි මේ වාගේ පාහර කතාවක් ලියල, මේ පින් බිමටයි, මේකේ උරුමක්කාර නියම රාක්ෂ ලේ වලින් පැවතෙන හෙළ පරපුරටයි අපහාස කලොත් හෙම, වැදූ මවු පා උඹව හොයාගෙන ඇවිත් ගහනවා.. මොලේ නැති මීහරකා. අකම්පාලුවා. යකෝ, හිට්ලර් කියන්නේ යුදෙවුවන්ට නොවිඳිනා වද දීපු, උන්ගේ ගෑනු ළමයි, සේරම අමු අමුවේ පන පිටින් පුච්චපු, මහා පොලොව නූහුලන අපරාද කරපු කාලකන්නියෙක්. බල ලොභීත්වයෙන් උද්දාම වෙලා, එකෙන් ඉහවහා ගිහින් අන්තිමට පස්ස බිම අනාගත්ත තවත් එක පර සුද්දෙක්! උමබට ඌ ලොකු වුනාට අපට නම් ඌ තවත් එක කැරපොත්තෙක් විතරයි. යකෝ, මෙහෙමත් හීනමානිකයෝ ඉන්නවා නේද කියල අපිට අපි ගැනම දුක හිතවන්න එපා යකෝ. උඹ සිංහලයෙක් ද නැත්නම් සිංහ හම පොරොව ගත්තු පර හිවලෙක් ද? ඇත්ත කියපන් මිනිහෝ!

    උඹලගේ මේ ගොන් ජෝක් මෙච්චර කල් ඉවසන් හිටියේ අඩුම ගානේ හිනාවෙලා ලේ ධාතුව සුද්ද වෙනවා නේ කියල. හැබැයි පුතේ උඹ මේ පින් බිමේ උරුමයට පහරින්න හැදුවොත් හෙම උඹ ආයේ මේ පොලොව පාගන්න නෙමෙයි! මෙන්න උඹේ අයි පී විස්තර ටික: අදින් පස්සේ කට පරිස්සම් කරන් හිටු, ගෙරි හිවල!

    Network information (173.194.39.107)
    Reverse DNS (PTR record) bud01s11-in-f11.1e100.net
    DNS server (NS record) ns4.google.com (216.239.38.10)
    ns1.google.com (216.239.32.10)
    ns2.google.com (216.239.34.10)
    ns3.google.com (216.239.36.10)
    ASN number 15169
    ASN name (ISP) GOOGLE - Google Inc.
    IP-range/subnet 173.194.39.0/24
    173.194.39.0 - 173.194.39.255

    රාවනා මැරිලා ඇති. තාරක මැරිලා ඇති. බාලි මැරිලා ඇති. දුටුගැමුණු මැරිලා ඇති. අනිත් අයත් මැරිලා ඇති. එත් ඒ සනුහරේ හුස්ම පොද මේ පොළොවේ තාමත් පන ගැහෙනවා යකෝ. උඹල වගේ කුලියට ගුද සංසර්ගයේ යෙදෙන පර ගැති හීනමානික නපුන්සක අවජාතක කාලකන්නි අබග්ග පොන්න හැතිකරේ ඉන්නකන් මේ රට මෙතනම තමා බන්!

    ReplyDelete
    Replies
    1. ඔබ සැබෑ හෙළ යකෙක් බව ඔබගේ වචන කීපයක් කියවීමෙන්ම මා හට පසක් විය. ඔබ වැනි ආවේගශීලී තරුණයින් හෙළය ‍රැක ගැනුමට පෙරට ආ යුතුය.

      නමුත් මාගේ IP ඇඩ්‍රස් හෙළි කර ඔබ කළේ විශාල වරදක් නොවේද? දැන් ඕවා බලන CIA කාරයින් මාව සොයාගෙන නිවසටම ඒවි. (මා දැන් සිටින තැනත් ඔය IP ඇඩ්‍රස් එකෙන් පෙන්වනව)

      මිත්‍රයා, හිට්ලර් ට නරක නමක් ගාවල තියෙන්නේ පාහර ඉන්දියානු රාමවාදීන් සහ පර සුද්දන් විසිනුයි. හිට්ලර්ට වඩා දරුණු විදියට අපගේ ශ්‍රී රාවණා රජතුමාට උන් මඩ ගහන්ව, උන් කියනව අපේ ශ්‍රී රාවණා රජතුමා ස්ත්‍රී සොරෙක්ලු. අපි ඒව සත පහකට ගණන් ගන්නේ නැත්තේ අපි ඇත්ත කතාව දන්න නිසයි. අන්න ඒ වගේම හිට්ලර් තුමාගේ ඇත්ත කතාව තමයි උඩ දැක්වෙන්නෙ. නිර්මාංශිකයෙක් වූ එතුමා කිසිවෙක්ව ම්ලේච්ඡ ලෙස මරා දමා නෑ. ඒ නිසා මේ ගැන තවත් හොඳින් සොයා නොබලා ඔය ආකාරයෙන් කෑ ගැසීම හෙළයින්ට නොගැලපේ.

      Delete
    2. Thowa aran yanne CIA Eke toilet hodannada

      Delete
  43. apita ape kiyanna puluwan ithi hasaya me widiyata amu amuwe marana apa....me lipi wala 90%boru begal....mamath rawana ithihasaya gena hoyana thorathuru akathu karana kenek...ape ratata aithi ape shishtacharaya gena mita wada hithala balala lipi liuwoth hodai...aka akata awata giyata lsiyen kundalini shakthiya nuwana balaya ganna be....

    ReplyDelete

නුදුරු අදහස්