Tuesday, June 12, 2012

පණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙළයින්ය.


හෙළයින්ගේ තොරතුරු තාක්ෂණය
පණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙළයින්ය.

ඉසුරුමුනියේ ඇති තාරකා දොර‍ටුව නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල සැටලයිට් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හැටලයිට් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම අභ්‍යවකාශ චන්ද්‍රිකා තිබුනේ හෙළයින් ට බව ප්‍රත්‍යක්ෂයි.

"සැටලයිට්" යනු හෙළ වදනක් වන "හැට ලයිට්" වලින් බිඳුනකි. එනම් ලංකාපුර රාජධානිය තුළ මනා තොරතුරු සංනිවේදනයක් පවත්වාගැනීම සඳහා විදුළි බුබුලු හැටකින් යුතු අභ්‍යාවකාශ වස්තුවක් අහසේ තැන්පත් කිරීමට විශ්වකර්ම රජතුමා කටයුතු කර තිබුණි. පසුව එය "හැට ලයිට්" නම් විය. (ලයිට් යනුත් හෙළ වදනකි) . ඒ දු‍ටු රාවනා විසින් තොරතුරු තාක්ෂණය සඳහා එය වැඩිදියුණු කරගන්නා ලදී.

හැඳල යනු එදා හටලයිට් එක ගුවන් ගත කළ සහ පාලන මැදිරිය තිබූ ග්‍රාමයයි. හැඳල යන නම හැදුනේත් හැටලයිට් හි ට ලොප් වී ඒ වෙනුවට ඳ අවුත් අග යිට් ඉවත් වීමෙනි. (අරිසෙන් අහුබුදු ශෛලියට අනුව)

පසුකාලයේදී මෙරටට පැමිණි ඒ සී පී බෙල් නැමති පර සුද්දා, රනින් නිමවා තිබූ හෙළයින්ගේ "සැට ලයිට්" එක ගලවාගෙන ගොස් බටහිරදී පරීක්ෂණ කළේය. තවමත් හැඳල ප්‍රදේශයේ ඕය ගැන ජනකතා පවතී.

මෙරට පැමිණි තවත් පර සුද්දෙක් වන ආතර් සී ක්ලාක්, මුලින්ම සැටලයිට් ගැන අනාවැකියක් කිව්වේ නිකම්ම නොවේ, ඒ ඔහු එය ගැන සඳහන් ව තිබූ අතීත පුස්කොළපත් වලින් කියවා තිබූ නිසාය. හෙළයෙනි, සිතා බලන්න ඇයි ආතර් සී ක්ලාක් මහතාට සැටලයිට් සොයා ගැනීමට අපේ හෙළදිවටම එන්න ඕනැ වුණේ? ඇයි එංගලන්තයේ වෙනත් කාටවත් හැටලයිට් ගැන අනාවරණය කරන්න බැරි වුණේ? හෙළගවේශකයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනු!

කාලයක් තිස්සේ සුද්දන් පරීක්ෂණ කළත් සුද්දන්ට හෙළ දැනුම නොමැති නිසා ඔවුන්ට හැටලයිට් එක ගුවන් ගත කරන්න බැරි විය. අවසානයේදී කපටි රුසියානුවන් සුද්දන්ගෙන් එය සොරා ගැනිමින් ස්පුට්නික්1 ගුවන් ගත කරන ලදී. ස්පුට්නික්1 නැමති ලොව ප්‍රථමයැයි කියන චන්ද්‍රිකාවත් අයත් වන්නේ හෙළයින්ට බව දත යුතුය.

චන්ද්‍රිකා වර්ග දෙකක් ඇති බව පාසල් දරුවන් පවා දනී. කෘතිම චන්ද්‍රිකා සහ ස්වාභාවික චන්ද්‍රිකා ය. ලොව මුල්ම ස්වාභාවික චන්ද්‍රිකාව වන චන්ද්‍රයා (හඳ) ද නවීකරණය කළේ හෙළයින් විසිනි. සූරිය ගුණසේකර හෙළගවේශකයාට අනුව සක්‍රයා යනු පනිත රජතුමාගේ රාජ සභාවේ සිටි කෙනෙක් බැවින්, සක්‍රයා විසින් හඳේ හාවෙක් ඇඳීමෙන් පෙනෙන්නේ, හෙළයින් ස්වභාවික චන්ද්‍රිකාවක්ද නවීකරණය කළබවයි. බොරුනම් පෝය දවසට එලියට ගොස් හඳේ හාවෙක් නැද්ද කියා බලන්න. ඔබ කැමති එය හෙළයින් විසින් කළ බව කීමටද නැත්නම් ඉබේ සිදුවුන බව කීමටද?

වර්ගපූර්ණිකාවේ ත් හෙළයින්ගේ හැටලයිට් ගැන වෙනම පරිච්ඡේදයක් දැක්වෙයි, බොරුනම් කියවල බලන්න.

"හැට ලට අට වට පට නිට ශ ශශ තොට මට" ලෙස අතීත හෙළ බසින් දැක්වෙන්නේ හැට ලයිට් අටක් වට කොට පට බැඳි තොරතුරු තාක්ෂණ මණ්ඩලය ගැනයි. ඒ ගැන සඳහන්ව තිබූ අ‍ටුවා අනුරාධපුර යුගයේදී බමුණන් විසින් ගිණිතබා ඇත.

වඩාත්ම වැදගත් දේනම් හැටලයි හෝ සැටලයිට්, සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි නොතිබීමය. එනිසා සෙල් ලිපි නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි. නමුත් ශ්‍රී ලංකාවේ හැම තැනම අපගේ හැටලයිට් තාක්ෂණය ගැන සෙල් ලිපි තිබෙයි. ඒ සෙල් ලිපි නුදුරදීම හෙළිදරව් කරන්නෙමු.

36 comments:

  1. අම්මපා කෝ සුද්දන්ට සාක්කි මේවා උන්ගේ කියන්න... මෙව්වා තනිකරම අපේ... මට හිතයි උන්ගෙන් මේවෑ අයිතිය ඉල්ලලා නඩුවක් දාන්න..ඕනනං සාක්කි වලට සෙල්ලිපි ටික ගලවං යන්න බැරියෑ...

    ReplyDelete
    Replies
    1. මේක බොරුවක් කියල ඔප්පු කරන්න බැරි නිසා ඇත්ත කියල පිළිගන්න වෙනව. ඒක තමයි අපේ හෙළගවේශකයින්ගේ™ විද්‍යාත්මක ක්‍රමවේදය.

      Delete
  2. පෑහෑදිලිවම මානව හිමිකම් කඩ වීමක් මේක...

    ReplyDelete
  3. මට නිකන් කොයිල් වගේ

    ReplyDelete
  4. කමෝන් මචන්, උබ තමයි මිනිහා...මාර සොයා ගැනිම්නේ උබල කරලා තියෙන්නේ. අම්මප අපේ උගත් මහාචාර්ය වරුන්ටවත් බැරි වුනානේ උබ කරා වගේ මහා සොයා ගැනීමක් කරන්න.
    සැටලයිට් විතරද?කොම්පුටර් තාක්ෂනය හොයාගත්තෙත් රාවන නොව. ඒකාලේ ඉන්ටර්නෙටුත් තිබ්බා..රවනට skype ID එකකුත් තිබුන ලෝකේ මුල්ම skype id ඒක හැදුවෙත් රාවන.
    තවත් හොදම සාක්ෂියක් තමයි අපේ පැරණි නටබුන් සෙවීමේ පුර විද්‍යා කැනීම් වලදී එකම වයර් කැල්ලක් වත් හොයා ගන්නට නොලැබීම. එකෙන් තේරෙන්නේ මොකක්ද? ඒකාලේ අපේ රටේ වයර් ලස් කොමිනිකේෂන් තමයි තිබිල තියෙන්නේ..
    දැන් සුද්දෝ උඩ පැන්නට mobile phone එක නිර්මාණය කොරෙත් රාවන නොව. මට නම් හිතෙන්නේ මේ සයිට් එකේ තියෙන ලිපි දාන්න ඕන ඉංග්‍රීසියෙන්. එතකොට සුද්දෝ ඒක කියවල ලැජ්ජාව ඉවසගන්න බැරුව වස බිල මැරේවි. ඊට පස්සේ අපි උන්ගේ රටවල් අල්ලාගෙන ලෝකෙම පාලනය කරමු..

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය ආකාරයෙන් හෙළුවන්ට අපහාස කළත් ඔබ කිව් දේ වලින් බොහෝ දෑ ඇත්ත බව දන්නේද? ඉදිරි ලිපි වලින් ඒවා හෙළි කරන්නම්.

      Delete
    2. කවුද හෙළුවා! අපි හෙළයෝ. ඔබතුමා නම් හෙලුවෙක් කියල පේනවා!

      Delete
    3. හෙළ=එළු=හෙළු යනු සමාන පද බව ඔබ නොදන්නේද? මේ පද අරිසෙන් අහුබුදු ශූරීන් විසින් නිතර භාවිතා කර තිබේ.

      "එළු අත්තනගලු වංශ විවරණය" නමැති පොත දන්නවාද? එහි "එළු" ලෙස දැක්වෙන්නේ හෙළ බවයි. ඒ අනුව අපට එළුවන් කියා කීවද වරදක් නොවේ. මේ පද වැරදියට ගත් විටයි ලැජ්ජ හිතෙන්නෙ.

      "හෙළුවෙන් වනමි" ලෙස අරිසෙන් අහුබුදුවන් දැක්වූයේ "හෙළ බසින් වර්ණනා කරමි" යන්නයි. හෙළයෙක් ලෙස ඉපදුනානම් හෙළ බසේ පද නිරුක්තීන් ඉගැන ගත යුතුයැ.

      Delete
    4. මචන් මම කියන්න හිතාගෙන හිටපු ටික උබ කිව්වනේ,,,එල මචන්

      Delete
  5. "වඩාත්ම වැදගත් දේනම් හැටලයි හෝ සැටලයිට්, සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි™ නොතිබීමය. එනිසා සෙල් ලිපි™ නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි."

    Printing Machine තිබුන කාලේ ආ​යෙ මගුලකටද උන් සෙල් ලිපි ගහන්නෙ.....
    දැන් ඉතින් කියපන් ඒකත් හොරකන් කලේ අපෙන් කියලා....

    ReplyDelete
  6. "වඩාත්ම වැදගත් දේනම් හැටලයි හෝ සැටලයිට්, සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි™ නොතිබීමය. එනිසා සෙල් ලිපි™ නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි."

    Printing Machine තිබුන කාලේ ආයේ මොන මගුලකටද ​උන් සෙල් ලිපි හදන්නෙ, අනික මං අහන්නෙ ඔය හැමදේම අපේ කියල ​ගහපු සෙල් ලිපි තියෙනවද ?

    හා දැන් ඉතින් කියපන්කො මෙකත් අපෙ දෙයක්ය බමුණො ගිනි තියපු නිසා කිසිදෙයක් හොයාගන්ඩ නෑය කියල....P

    මනෝ විකාරෙන් දොඩන් නැතුව ඉදහන්

    උඹ වගේම psycho පොරක් තමා අර කියල තියෙන්නෙ බුදුරජාණන් වහන්සේ ඉපදුනෙත් ලංකාවේ කියලා...P

    ReplyDelete
  7. """ ඉසුරුමුනියේ ඇති තාරකා දොර‍ටුව™ නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. """

    එතකොට ඔය පිරමිඩ් හදපු අයම ලංකාවෙ ඉසුරුමුණියෙ තාරකා දොරටුව සලකුන කැටයම් කලා කියල ඊජිප්තුවෙ පොරවල් වලට කියන්න පුලුවන් නෙ... කොයි සලකුණද ඉස්සෙල්ල හැදුවෙ කියල උඹ දන්නවද? පොඩ්ඩක් හොයල බලපන් මොනව හරි කියන්න කලින්, සාක්කි ඇතුව ඉදිරිපත් කරන්න... මේකත් හරියට සුදු කොඩි නඩු තීන්දුව වගේ ඒක පාර්ශ්වික කතාවක්...

    ReplyDelete
  8. පිස්සු කොර ඇ...

    ReplyDelete
  9. මේ විදියට ඉතිහාසේ හෙල්ලූ කරන්න එපා බන්...
    "ඊජිත්තුවේ පිරමීඩ වල සැටලයිට් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හැටලයිට් බව පැහැදිළි වෙයි."
    බලපන්කො මොකද්ද මේකේ තේරුම්??? ඒ වගේ ලකුණු තිබුනාම ඒවා සැටලයිට.......
    මේ වගේ ලොකු කතාවක් කියද්දී මේවට හරි හමන් සාක්ෂි තියේ නම් ලිපි දෙක තුනකට කලා හරි කමක් නේ,
    ඒවත් එක්ක ඉදිරිපත් කරපන්...

    ReplyDelete
    Replies
    1. අදාල රූපසටහන් සහ පුරාවිද්‍යාඥයින්ගේ නිගමන සහිතව ඉදිරියේදී ලිපියකින් ඒවා දක්වන්නම්.

      Delete
    2. නැතුවට කමක් නැහැ! එකත් ඔය වගේම මොංගල් කතාවක් කියල හිතා ගන්න පුළුවන්!!

      Delete
  10. hadee hava.....boru kiyanakota mehemath kiyanavada....

    ReplyDelete
  11. Meka joke page ekak mata hithenne.... hande haawa kiyala ekak nahane... eke nisala muhuda (Sea of Tranquility)... hande haawek andinne kohomada.... anika ravana kochchara powerful wunath ekala koheda 'space suits'.... rawanage jala umaga (water tunnel) kathaawa aththa wenne athi... anith okkoma boru.... anika bamunanta ape ewa gini thiyanne kohomada ape unta ochchara technology ekak thibunanam.... nuclear weapons walin Mohonjodaro Harappa wanasuwanam....

    ReplyDelete
    Replies
    1. අයියෝ ඇනෝ, මොකෝ මේ????

      Delete
  12. ඒ විතරක් යැ? දුරබණුවෙන් බිනීමත් හොයාගත්තේ හෙළයින්මැයි!
    එනිසා නොවැ මුළු ලොවේම හෙලෝ යැයි මුලින්ම අමතන්නේ.
    මෙය මා මුලින්ම ඇසුවේ අරිසෙන් අහුබුදුවන් ගේ රෙදෙව් නාටකයකින්.

    ReplyDelete
  13. මේ විදියට බටහිර හැමදේම අපේ කියන්න ගියොත් ඇත්තටම සුද්දෝ පෙරදිගින් අරගත්තු දේවල් වලට තියෙන වටිනාකමත් නැති වෙනවා.වචන ගලපල ලියලා තියෙන හැටි දැක්කහම හිනාත් යනවා වැරැද්දක් කියන්නත් බැහැ. ඒත් ඔබතුමාගේ තත්ත්වය ගැන ලිපි වලින් විනිවිද පේනවා වගේ.අපට හිතා ගන්න බැරි ඔයාගේ අරමුණ මොකක්ද කියන එක.හැබැයි එකක් නම් හරියටම කියතෑකි,"මොහොමඩ්" බ්ලොග් එක ලිව්වෙත් ඔයාම තමයි.ඔන්න මම ලියන එකට විරුද්ද කමක් කිව්ව නොවෙයි හරිද?ඔහෙට ඕන තරම් ලියන්න.මට පුදුම මේව ලියන්න කාලය කොහෙන්ද කියන එක

    ReplyDelete
  14. යකෝ මේ සුන්දන්ව තියන්න වටින්නේ නෑ නේ . . අපේ හෙළ දේවල් අරන් ගිහින් උන් උන්ගේ වගේ අනිත් උන්ට ඉදිරිපත් කොරන හැටි . . සික් විතරක් මේ ජරා සුද්දෝ . . කමක් නෑ තව ටික කාලයයිනේ . . රාවණා රජතුමා නැගිට්ටාම සුද්දන්ට xxන් දුම් යන්න දෙන්නේ නැතැයි . . .

    ReplyDelete
  15. මෙය පරම සත්‍යක්මය... පණිවිඩ චන්ද්‍රිකාව පමණක් නොව හෙළයන් සොය ගත් දෑ අපමණ වෙති..

    පණිවිඩ චන්ද්‍රිකාව, ලොව ප්‍රථම ජංගම දුරකථනය, ලෑන්ඩ් දුරකථනය, ලොව ප්‍රථම අයි පෑඩ් එක, ෂොපින් කවරය, කොටුරූල් පොත, දික් රූල් පොත, ප්‍රස්ථාර පොත, ඉනර් ස්වින්ග් යෝකර් පන්දුව, ෆුල් ටොස් එක, ඩිල්ස්කූප් එක, විකිපිඩියාව, ගූගල් සමාගම, නාසා ආයතනය, හොන්ඩා සී.ටී හන්ඩ්‍රඩ් එක, බජාජ් පල්සර් එක, ටොයොටා ස්විෆ්ට් එක, හැට්ටේ ගහන කට්ට, කොට්ට උරය, ටේබල් ෆෑන් එක, සින්ගර් ඒසි එක නැනෝ කැබ් රථය ආදී මෙකී නොකී සියල්ලම හෙළයන්ගේ නිෂ්පාදන බව මෙම බොලගය ලියන තැනැත්තා නොදැනුවත්ව හෝ හිතාමතා සඟවන බවක් මට හැගී යැයි...

    (මේ සියල්ල සඳහා ඔප්පු කල හැකි සාධක මා ලඟ ඇත... විමසන ඕනෑම තැනැත්තෙකුට ඒවා ලබා දෙමි)

    ReplyDelete
  16. මේක බොරුවක් කියල ඔප්පු කරන්න බැරි නිසා ඇත්ත කියල පිළිගන්න වෙනව. ඒක තමයි අපේ හෙළගවේශකයින්ගේ™ විද්‍යාත්මක ක්‍රමවේදය.

    හය්යෙන් හූ ඈ

    අද දවසම මම සතුටින්
    අය කවදාවත් අප්සට් යන්නේ නැතිවෙයි මේ බ්ලොග් එක තියනකල්..
    බොහොම පින් අපේ ලේ පිරිසිදු කරන්න උදව් දෙනවට

    ReplyDelete
  17. මීවනපලානේ ජයරත්න කියන ඔබ කවුද?

    මට මේ ලිපිය අහම්බෙන් කියවන්න ලැබුනෙ. මම මේ දේවල් විශ්වාස කරනවා. මේ ගැන උනන්දුව වැඩි වුනේ මැදිරිගිරි හා සීගිරිය නැරඹීමේදී පුරාවිද්‍යා ආයතන මගින් කියනවාට වඩා ගැඔුරැ දෙයක් මෙහි පවතිනා බැවි මා සියැසින්ම දැකගත් නිසාය.

    මැදිර + ගිරිය - ගිරිය යනු කන්දයි මැදිරි යනු - මැදිරියයි.... කන්දක පිහිටි මැදිරිය ලෙස මෙහි අරැත පහසුවෙන් හදුනාගත හැක. එසේ නම් මේ මැදිරිය කුමක්ද. වසර 25 000කට පමණ පෙර මෙහි කිසියම් තාක්ෂණික කටයුතු සිදුකෙරී ඇති බව පෙනුනි එහෙත් පසුකාලීනව බුදුපිළිම රදවා මේවා අගමික ස්ථාන ලෙස නවීකරණය කර ඇති බව දැකගත හැකියි.

    මේ ගැන ඔබෙන් විස්තර දැන ගැනීමට කැමතීයි. හැකිනම් ඔබේ ඊමේල් ලිපිනය එවන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත අන්න නියම විදියට අරුත් දක්වන ලද මැදිරි ගිරිය... මේ පුරා විද්‍යා කාරයින්ට මොංගල්නේ ඒකට මණ්ඩල ගිරි කියලා කියන්න.. මැදිරිගිරිය වට දාගෙය පිහිටි කඳු ගැටය මධ්‍ය ලක්ෂය කරගෙන එයට පිටතින් කවාකාරව ගල් බැමි බැන්ද පලියට ඕකට මණ්ඩල ගිරි කියන්න ඕනයෑ.. ඕකනං අර කිව්වත් වගේ කන්දක තිබුණ කාමරයක්ම තමා.. ඔන්න එහොමනේ අර්ථ දක්වන්න ඕන.. ඔබත් අපගේ පරපුරේම ඔරිමජිනල් හෙළු යකෙක් වග පැහැදිලියි... තව ටිකක් විතර උත්සහ කලොත් සොයුර වැඩි කල් නොයාම ඔබට නිකංම නිකං හෙළු යකෙක් විදියට ඉන්නේ නැතිව ‍ගොං යකෙක් වෙන්නත් පුළුවන්... අතාරින්න එපා තව තවත් අධ්‍යයනය කරන්න..මං කිව්වේ ඉතිහාසයවත් පුරා විද්‍යාවවත් නෙවෙයි.. එව්වා කන්නයැයි..සුද්දා ඒවා විනාස කරලනේ තියෙන්නේ ඒ හින්දා තව තවත් අරියසෙන් ආශුබෝධයන් වදන් හරඹ පානා අන්දම අධ්‍යයනව කරනු මැනවි.. නුරුදු දිනකදීම ඔබට ඔරිමජිනල් ගොං යකෙක් විය හැකියි...

      රාවණ සිද්ධම්..!

      Delete
    2. ආ තව එක දෙයක්..ඔබගේ කොමෙන්ටුවේ එක තැනක සුළු දෝෂයක් තියෙනවා..ඒක හැඳුවනං හරි...

      "මැදිරිගිරි හා සීගිරිය නැරඹීමේදී පුරාවිද්‍යා ආයතන මගින් කියනවාට වඩා ගැඹුරු දෙයක් මෙහි පවතිනා බැවි මා සියැසින්ම දැකගත් නිසාය."

      ඕකේ අර "ගැඹුරු" කියන වචනය වෙනුවට "උසැති" දෙයක් සියැසික්ම දැක ගත් නිසා කිව්වනං... මොකද ඔය තැන් දෙකම උස තැන් මිස ඔතන දකින්න ගැඹුරු ලිං වගේ දේවල් නැති හින්දා... (සමහර විට ඔබ මේ ගැඹුර දකින්න ඇත්තේ ඒ ඒ තැන්වල උඩට නැග්ගට පස්සෙනං ඒක වෙනස් කරන්න දේකුත් නැහැ...)

      Delete
    3. මාරයාගේ පැහැදිළි කිරීමට බොහොම ස්තුතියි. "ගොං යකෙක්" ලෙස ඔහු පවසා ඇත්තේ "යක් දෙයියෙක්" කියන අරුතෙන් වෙන්න ඇති. මන්ද යත් පෙරදිගදී ගොනා දෙවියෙක් ලෙස සලකන අවස්ථා තියෙනවනෙ.

      Delete
  18. surya koshaya ehema rawana langa thibune nadda? ethakota kiyai palingu gana. ekiyanne surya kosha hoyagaththeth rawanada?
    aththatama Mr jayarathna oya monawada hoyanne?

    ReplyDelete
  19. mama me widihata comment danne mata ona thanata oya awilla naha thama.....

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. ශ්‍රිලංකාවේ හොදම විකට බ්ලොගයට හිමි සම්මාන මේ අව්රුද්දෙ දිනාගන්නේ.............................................................................................................................................................................වර්ගපුර්නිකාවයි
    ජයග්‍රහණයට හිමි ගු සම්මානය ලබාගැනීම පිණිස ආචාර්ය මි මහතාට ආරාධනා කර සිටිමු.........

    ReplyDelete
  22. ela machan digatama karanna..niyamai..

    ReplyDelete
  23. @admin, ane plz mata oyawa contact karaganna widiyak kiyanna...

    ReplyDelete

නුදුරු අදහස්