Wednesday, June 27, 2012

රාවණ රජතුමා 2012 අගදී UNP යෙන් බලයට ඒවි

රාම රාවණ යුද්ධයෙන් රාවණ රජතුමා මියගියේ නැති බවත්, සිහිමුර්ජා වූ රාවණ රජතුමාගේ දේහය මහ කුඩුගල ගිරි ශිඛරයේ ඇති බවත් මාගේ සමකාලීන රාවනා ගවේශකයෙක් වන ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා හෙළි කර ඇත. පහත පුවත්පත් ලිපියේ ඒ ගැන දැක්වේ.


රාවණගවේශකයින්ට අනුව 2012 අගදී රාවණ රජතුමා එලෙස නින්දෙන් පිබිදෙන අතර ඒ කාලයේදීම සිදුවීමට නියමිත යුග විනාශයට (ලෝක විනාශය නොවේ) පසුව රාවණ රජතුමා හෙළ දෙරනේ නැවතත් නායකයා වීමට නියමිතය. කෙසේ නමුත් එතුමා දේශපාලනයට පැමිණෙන්නේ කෙසේදැයි මෙතෙක් කාලයක් කවුරුත් හෙළි කර නොමැති අතර මා ඉහත ප්‍රවේශය සකසාගත්තේ ඒ සඳහායි.

රාවණ රජතුමා නැවත පිබිදුන පසුව අභිෂේක වී ඔ‍ටුනු පළඳා රජ කමට පත් වෙන බව ඉහත ඔබේසකර මහතා දැක්වූ රාවණකානේගනය නැමැති ඉපැරණි පුස්කොළපොතේ දැක්වෙයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ දැනට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිදුවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම අනුව එය වෙනස් කිරීමටනම් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අවශ්‍ය වෙයි.

පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබාගැනීමටනම් මහා රාවණ රජතුමාට අකමැත්තෙන් වුවද දේශපාලන පක්ෂයක් හරහා බලයට ඒමට සිදුවෙයි. ඒ සඳා විකල්ප ගණනාවක් ඇත.

1. අළුත් පක්ෂයක් ආරම්භ කිරීම
මේ සඳහා "මහා රාවන පෙරමුණ" නැමැති දේශපාලන පක්ෂය ලියාපදිංචි කිරීමට නාමයෝජනා මැ.කො. ට භාරදී ඇත. නමුත් ඒ සඳහා ශ්‍රී රාවණා රජතුමා කැමැති වේ දැයි සැක සහිත වන්නේ රාවන තියා සක්කරයාගේ පුතා වෛමාටවත්, පවත්නා ශ්‍රීලනිප එජාප යන දෙකින් එකකට හවුල් නොවී බලයට ඒමට නොහැකි බව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන තාපසයාණන් වහන්සේලා පවසන බැවිනි.

2. පවත්නා දේශපාලන පක්ෂයකට එකතු වීම.
ශ්‍රී ලංකාවේ රාජය බලය ලබා ගැනීම සඳහා එජාපය හෝ ශ්‍රීලනිපය හැර වෙන පක්ෂයක් ඇතැයි සිතීම උගහටය. ශ්‍රීලනිපයේ බොරු ජාතිකත්වයක් පෙන්වුවත් එහි ඇති ජාතිකත්වයක් නොමැති අතර එය දැන් අන්ත ධනේෂ්වර ජාත්‍යන්තර වාදී පක්ෂයකි. හෙළ උරුමයෙන් ඉල්ලුවද ශ්‍රීලනිපයේ උදවිය මහා රාවණා රජතුමාට පවා කැපිල්ල දැමීමට ඉඩ ඇත. විමල්ගේ ජානිපෙ යනු ජාතිකත්වය පොරවාගත් මාක්ස්වාදී පක්ෂයකි, කොයි මොහොතේ හෝ ජාතිකත්ව සළු පිළු උනා දමා විප්ලවය ගැන කෑ ගැසීමට ඉඩ ඇත. එජාපයත් ධනේෂ්වර අධිරාජ්‍යවාදී පක්ශයකි, නමුත් එහි ඇති විශේෂත්ව වන්නේ
2.1 ශ්‍රීලනිපයේ මෙන් පාක්ෂිකයින්ට ඕනැ හැටියට නායකයා තීරණය කිරීම වෙනුවට නායකයාට ඕනැ හැටියට පක්ෂයේ වැඩකටයුතු තීරණය කිරීමට හැකි වීම.
2.2 එජාපයේ නායකත්වයට ඇති බලතල අනුව ගත් විට ලොව බලවත්ම නායකයා බිහි වෙන්නේ එජාපයෙනි.
2.3 ශ්‍රී ලංනාවේ ජනාධිපතිට, ගෑණියෙක් පිරිමියෙක් හෝ පිරිමියෙක් ගෑණියෙක් කිරීමට නොහැකි වුණත් එජාපයේ නායකයාට එයට අමතරව පිරිමියෙක් නපුංසකයෙක් කිරීමටත් හැකි බව පසුගිය කාලයේ සිදුවූ දෑ වලින් අපි දු‍ටුවෙමු.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පක්ශය වීමට හේතු පහත දැක්වෙයි.
I. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම.
II. වත්මන් ආණ්ඩුව වන ශ්‍රී ලංකා නිදහස් පක්ශය බිහි කිරීමට මුල් වීම.
III. යුද්ධය දිනීමට උපකාරී වූ වර්තමාන ව්‍යවස්ථාව බිහි කිරීම.
IV. මහවැලි යෝජනා ක්‍රමය ඇතිකිරීම. (එය නොතිබෙන්නට රටම අඳුරේ)
V. ගල් ඔය යෝජනා ක්‍රමය ඇති කිරීම. (එය නොකරන්නට දැන් මුළු නැගෙනහිරම මුස්ලීම් ජනපදයකි)
VI. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය (එය නොකරන්නට විශ්ව විද්‍යාල සිසුන් හිඟමනේ)
VII. පාසන් නිල ඇඳුම් හා පොත් නොමිළේ ලබා දීම. (එය නොවන්නට පාසල් දරුවන් හෙලුවෙන් ගල් ලෑලි වල ලියාවි)
VIII. ජනසවිය ඇති කිරීම (සමෘද්ධිය යනු ජනසවියෙ නම වෙනස් වීමක් විතරයි)


ඉහත දැක්වෙන්නේ ඉසුරුමුණියේ ජල ක්‍රීඩා කරන හස්තීන්ගේ කැටයමයි. එය අනුරාධපුර යුගයේදී ඉදි කරන ලද්දක් බව කාබන් පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පවසතත් එය අමූලික බොරුවකි. එය රාවණා රජ සමයේ ඉදි කරන ලද්දක් වන අතර එහි හස්තීන්ගෙන් නිරූපණය වන්නේ රාවණා රජතුමාගේ නිල වාහනයි. යළිත් නින්දෙන් අවදි වන රාවන රජතුමාගේ වාහනය ලෙස මෙකලත් හස්තියාම ‍තෝරා නොගනීවිද?


රාවණ රජතුමාගේ රාජ්‍ය වර්ණය කොළ පාට බව වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි පුස්කොළපොතේ දැක්වෙයි. කොළ වර්ණය යොදාගැනීමට හේතුවූයේ එතුමා පරිසරයට ඉතාමත් ලැදි සැබෑම පරිසර හිතකාමියෙකු නිසයි. එක්සත් ජාතික පක්ශයේත් නිල වර්ණය කොළ පාට බැවින් එය රාවණ රජතුමාට ඉතාමත් හොඳින් ගැලපෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙතරම් මැතිවරණ ප්‍රමාණයක් පැරදී තිබියදීත් තවමත් බලයේ සිටින්නේ ඇයිද කියා ඔබට සිතෙන්නට ඇති. එයට හේතුව වන්නේ රාවණ රජතුමා බලයට පත් වීම සඳහා පක්ෂය පවත්වාගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතාව නියෝජිතයෙක් ලෙස තබාගෙන සිටීම නිසයි. රනිල් යන්න රා+නිල ලෙස සුමට කළ විට, රා=රවණගේ, නිල=නිලනියෝජිතයා, ලෙස නිරුක්ති වී "රාවණගේ නිලනියෝජිතයා" යන අරුත ලැබෙයි. ඊට අමතරව එතුමා වික්‍රමසිංහ නැමති රකුස් පෙළපතින්ම ඉපදීමෙන් පෙනෙන්නේ සිංහලයන්ට වික්‍රමයක් දීම තම අරමුණ වී ඇති බවයි.

ඒ අනුව එවන් විශිෂ්ට පක්ෂයක, එවැනි බලවත් නායකත්වයකට ශ්‍රී රාවනා රජතුමා පත් වේවි යැයි මා හට සිතේ. නමුත් පවත්නා නායක තුමා සිටියදී රාවණා රජතුමාට පත් වීමට නොහැකි බව සමහරුන් කීමට ඉඩ තිබුණත්, ඉහත සඳහන් කළ පරිදිම උග්‍ර රාවණ පාක්ෂිකයෙක් වන ගරු රනිල් වික්‍රමසිංහ මහතා ස්වෙච්ඡාවෙන්ම ඉල්ලා අස් වී නිලය ලබා දෙන බව නැකැත්කරුවන් දැනටමත් ප්‍රකාශ කර අවසානයි. එතුමාට මඩ ගසන උදවිය එතුමා විසින් මෙතෙක් කල් ඉවසීමෙන් යුතුව කර ඇති කැප කිරීම් ගැන විමසා බැලිය යුතුය.


ඉපැරණි පුස්කොළපොතක් වන රාවණකානේගනයට අනුව වර්ෂ 2012 අගදී රාවණ රජතුමා නින්දෙන් පිබිද හිමාලයේ මහා දඹ ගස් අරණට ගොස් බවුන් වඩා තම ශක්තිය වර්ධනය කරගත් පසුව නැවතත් මහ මුහුද දෙබෑ කරගනිමින් හෙළදිවට පැමිණ, අනුරාධපුර ඉසුරුමුණි තාරකා දොර‍ටුව අබියසදී තම චන්ද්‍රහාස් අසිපත ‍රැගෙන අහසට නැගී මේඝනාදය කර මහ පොළොව සළිත කරවා, මුළු හෙළ දෙරණම තම අණසකට ගනු ඇත. ඉන් පසුව එන මැතිවරණයේදී රාවණා රජතුමාට 2/3 ක බලයක් නොව 5/6 කටත් අධික බලයක් ලැබෙන බව ඒකාන්ත වෙයි.

මෙතෙක් කාලයක් බොහෝ දේශපාලඥයින් විසින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බවට පොරොන්දු දුන්නත් ජනාධිපති බලතල වලට කෑදර නිසා එසේ නොකළ හෙයින්, මහා රාවණ රජතුමා විසින් එය වෙනස් කරන බවනම් ඒකාන්තයි, මන්ද යත් එය වෙනස් කර රජ කමට පත් වීමෙන් අනතුරුව, එතුමාට විධායක බලතල වලට අමතරව අධිකරණ සහ ව්‍යවස්ථාදායකයේද බලතල ලැබෙන නිසයි.

110 comments:

  1. උඹ ආවෙ මොකාටද කියල දැනුයි තෙරෙන්නෙ. උඹ UNP එකට පන්දම් අල්ලන රනිල්ගේ තොල් රතු ලොල්ලෙක්.

    අනික රාවනා රජතුමා නැගිටිනව කියන්න උඹ ගාව තියෙන සාක්ෂි මොනවද?

    ReplyDelete
    Replies
    1. එම්බා සමීර කොලුවෝ, අප පන්දම් අල්ලන්නේ එජාපෙට නොව රාවණා රජතුමාටයි, එය අපට ආඩම්බරයකි.

      ඉහත දක්වා ඇති පුස්කොළපොත්ම සාක්ෂි වලට මදිද? තොපට සුද්දෙක් ඔය ගැන කරන පැහැදිළිකිරීමකුත් ඕනැද?

      Delete
    2. අනේද කියන්නනේ මේ කොල්ලොන්ට ඔව්වා තෙරෙන්නේ නෑ නේ, ඔය හදට අපි මුලින් ගියා කියලා නාසා (නා + අහස) එකෙන් කොටපු ශිලා ලිපියක් මගේ මිතුරෙකුට රාගම තිබිලා ලෑබිලා තියෙනවා,ඒ දවස් වල නාසා ඒකේ අත්තිවාරම තාමත් කාදානට අසල නාගොඩදි දෑක ගන්න පුලුවන්...මෙන්න මේ ගෑන පොඩි ලිපි දාන්නකෝ ගවේශනය කරලා...

      Delete
    3. රාවනාට ඔය කියන තරම් බලයක් නැනෙ බලන් ගියාම. උත් පොනිල එක්ක එකතු වෙනවනෙ.ඇයි උගෙ ඔය තියෙනවායි කියන බලෙ පාවිච්චි කරල රජෙක් වෙන්න බැරිද ඇ ඇයි උත් ප්‍රජාත්න්ත්‍රවාදිවද අනෙ හු හු හයියෙන් හු ඇ.රාවන පොනිල් එක්කත් සෙට් වෙනවලු ඉතාමත්ම ලොල් සහගතයි ඇ.එල එල දිගටම අපිට විහිලු සපයන්න ඇ ෆට්ට ෆන්.ගොනො රනිල්ගෙ අම්මයි තාත්තයි උට නම තියල තියෙන්නෙ රාවනාගෙ රෙද්දකට නෙවෙයි මුන්ට ර අකුරක් දැක්ක ගමන් රාවනාවනෙ මතක් වෙන්නෙ.යකො රනිල් කියන්නෙ හරිත වර්නයට ගොනො පද වෙන් කරල අදහසක් ගන්න පුලුවන් ඔනෙ කුනුහරපෙකට.ඇයි රනිල් කියන එක රන්+ඉල් වෙන්න බැරි ඇ බැරි ඇ අනෙ පල ගොන් හරකො පොන්සියොන්ට කඩෙ යන්නෙ නැතිව හු හු හයියෙන් හු ඇ .
      මු කියන විදියට ර+බුටන්=රාවනාගෙ බෙටි,ර+හ=රාවනාගෙ හරක,රා+හුල= රාවනාගෙ හුල ,ර+ත්න=රාවනාගෙ තන හිකිස් මු නිකන් අර හවසට සිරස FM එකෙ ටාර්සන් බාප්ප හදනව වගෙ වචන වල අර්ත කියන්නෙ (අර ටාසන් බාප්ප නම් කන්නෙ අහල බලපන්කො හවසට 4-6 ටයිම් එකෙ මු වගෙම විහිලු කාරයෙක්)

      Delete
    4. ඒක ඇත්ත සහෝ ! හැබැයි රාවණා මොන බම්බුවකටද දේශපාලනයට එන්නේ.... මෙච්චර බලයක් තියාගෙන????

      Delete
    5. අනේ මේ උන්නැහේ (මේ පෝස්ට් එක ලියපු උන්දෑ )... එකක් පැහැදිලී !!!!!2012 අන්ත්මට රාවණා රජතුමා නැගිටින්නෑ ඒ කියන්නේ 2012 දෙසැම්බර් කියන්නේ මේ බ්ලොග් එකේ අන්තිම මාසේ කියන්න එක !!!!! හැබැයි බොහෝම ලගකදී රාවණ යුගයක ආගමනය වෙනවා , ඒකියන්නේ මේ රාවන රජතුමා මිණිපෙට්ටියෙන් නැගිටින එක නොවයි , මම ඒ ගැන පොස්ට් එකක් මේ සතියේ අන්තිමට මගේ බ්ලෙග් එකේ දානව !!! ( ලොකු උන්නැහේ .... අංගම්පොර ඉගෙන ගන්නකොට අපිට රාවන රජතුමා ගැන නිතරම කියනව , මේවගේ ගොන් ආතල් දීලා එතුමව කන්ට එපා ‍)

      Delete
    6. සරත් ෆොන්සේකා ගැන නේද කියන්නේ ?

      Delete
  2. මලා . . . එහෙනම් රාවනා රජතුමාට 2012 නැගිටින්න එපා කියන්න වෙයි . .

    මොකේ මේ මහජරා තුමා අහ් නෑ මහ රජා තුමා 2012 නෙමේ 2200දි වත් පවුලේ බලය අත්හරින්න සූජානම් බවක් පේන්න නෑ . .

    ඔන්න ඔහේ රාවනා රජතුමාට තව ටිකක් නිදාගෙනම ඉන්න කියන්න ජයරත්න උන්නැහේ . .

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතතෑකි, නමුත් මහින්දත් රාවණ පාක්ෂිකයෙක්, එතුමගෙ අතේ තියෙන රාවණ මංජුසාව එහෙම දැකල ඇතිනේ. එතුමා රට සංවර්දනය නොකර පිස්සු කෙළින්නේ රට ගොඩ නැගීමේ අවස්ථාව රාවණ රජතුමාට දිය යුතුයි කියල තීරණය කර ඇති නිසාලු.

      Delete
    2. සංසාරේ සංසාරේ රාවණා රජ්ජුරුවොන්ට කරන අපහසෙක තරම. එතුමා මේවා දන්නවනම් ..... නැගිටිනවා වෙනුවට ආයෙත් ඊ තලයක් කියවල හරි විදගෙන සදහටම සැතපෙනවා......

      Delete
    3. සංසාරේ සංසාරේ .... රවණා රජතුමා මේවා දන්නවනම් මලාට ආයේ නැගිටින එකක් නැ. පුළුවන් නම් කියල හරි ආයෙත් ඊ තලයක් විදගෙන නිදාගන්නවා සදහටම. මේ වගේ උන වහන්සේට අපහස කරන උන්ට හනුමන්ත ට කියල පස්ස පැත්තට ගිනි තියවන්න ඕනේ....

      Delete
  3. මම හිතුවේ මේකේ අනිත් පැත්තවේවි කියලා ...

    ReplyDelete
    Replies
    1. කලි යුගයෙ වම්බට්ටක්වත් විශ්වාස කරන්න එපා කියල කියන්නෙ නිකංයැ

      Delete
  4. දැන් ඔය රාවණ කාරයා යටට ඇඳල නේද ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හොයන්නෙ, ඔබ අමුඩ මහන කෙනෙක්ද?

      Delete
  5. පැන්නෙ නැතැයි බළලා මල්ලෙන් එලියට.....තූහ් නොදොමකින්......

    ReplyDelete
    Replies
    1. බළලුන්ව මලු තුළ හංගගෙන හිටියාම ඔහොම වෙනව

      Delete
  6. ඔන්න ඉතින් මීවනපලනේ ගොය්යත් ..කේ ඇර ගන්න තමයි හදන්නෙ

    ReplyDelete
  7. හොදයි....රාවණා 5/6 ක බලය ගන්න මැතිවරණයේදි, 1/6 ගන්නවා ඇත්තෙ කවුරු විය හැකිද ?

    ReplyDelete
    Replies
    1. බොහෝ විට එය අනෙකුත් පක්ෂ අතර බෙදී යාවි.

      Delete
    2. Ravana Rajathuma nagittamama...mulinma bellen alla ganne umbawaii.....boru kiya kiya...Ravana namaya wanasanna epa yako...atta kiyapiya.....umba danna bambuwak na....

      Delete
  8. කදිම ලිපියක් නොවැ ජයරත්නයනි.
    මා මෙතුවක් කලකට සිතා උන්නේ මහින්ද අප්පුහාමි රකුසු කුලේ කියා නොවැ.
    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා, රනිල් උන්නැහේ මර්වියාටත් ඇරිය එකේ රාවණාට අරින්නේ නැතිව ඉදිද? අන්තිමේදී රාවණාත් කොලුකාරයෙකු වේයැයි කියයි මට සැක. සමහර විට රාවණා ලොක්කා පශ්චාත් භාගෙට රාවණා මන්ත්‍ර මතුරා ආරක්ෂාවක් කරගෙන නොවැ ඇත්තේ.එසේ නොවේද මීවනපලානේ ජයරත්නයනි?

    නුගත් බාසුන්නැහැ කෙනෙක්

    ReplyDelete
    Replies
    1. යහලු බාස් උන්නැහේ, රාවණාගේ නිලනියෝජිතයා වන රනිල් තුමාට එලෙස උපහාසාත්මකව නොපවසන්නේනම් සුදුසුය.

      Delete
    2. නූගත් බාස්සුන්නැහැ කෙනෙක් කිව්වේ මේ මාරයාද දන්නෙ නැහැ. එහෙනම් ඉතින් ඕව ගැන දන්නවා නැතැයි.

      Delete
    3. මා උපහාස කිරීමට නොසිතුවෙමි මීවනපලානේ ජයරත්න ලොකුඋන්නැහේ.
      මාගේ කට වැරදුනු නිසා රාවණා උතුමාණන් පිල්ලියක් ඒවා මාගේ පශ්චාත් භාගටය දඩුවම් කොරවිද? මා හට සමාව දෙන මෙන් ඉල්ලා සිටින්න ඔබහට නොහැකිද? මට සමාව දෙන්නේ නම දිවිඇති තුරා ඔබතුමන් වෙනුවෙන් සේවය කරනා බවට දිවුරා පොරොන්දු වෙමි.

      නුගත් බාසුන්නැහැ කෙනෙක්

      Delete
  9. I. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම.

    ........ලැබුනෙ නිදහසක් කියලා හොදටම විශ්වාස ද?

    II. වත්මන් ආණ්ඩුව වන ශ්‍රී ලංකා නිදහස් පක්ශය බිහි කිරීමට මුල් වීම.

    .........මෙය විකාර අදහසකි

    III. යුද්ධය දිනීමට උපකාරී වූ වර්තමාන ව්‍යවස්ථාව බිහි කිරීම.

    ...........යුද්ධය වැඩි දියුණු කරන්නනම් හේතුවුනේ මේ ව්‍යවස්ථාව


    IV. මහවැලි යෝජනා ක්‍රමය ඇතිකිරීම. (එය නොතිබෙන්නට රටම අඳුරේ)

    ................තරමක් ඇත්ත. ඒත ඊට කලින් තිබුණ ලකෂපානත් එක්කම ගත්තත් දැනට ජල විදුලිය නිපද වෙන්නෙ 13%ක් ලු.

    V. ගල් ඔය යෝජනා ක්‍රමය ඇති කිරීම. (එය නොකරන්නට දැන් මුළු නැගෙනහිරම මුස්ලීම් ජනපදයකි)

    ..............මේක නම් ඇත්ත

    VI. මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය (එය නොකරන්නට විශ්ව විද්‍යාල සිසුන් හිඟමනේ)

    ...............මේකත් ඇත්ත

    VII. පාසන් නිල ඇඳුම් හා පොත් නොමිළේ ලබා දීම. (එය නොවන්නට පාසල් දරුවන් හෙලුවෙන් ගල් ලෑලි වල ලියාවි)

    ...............නොමිලේ නිල ඇදුම් දුන්නෙ චන්ද්‍රිකාගෙ යුගයේදි


    VIII. ජනසවිය ඇති කිරීම (සමෘද්ධිය යනු ජනසවියෙ නම වෙනස් වීමක් විතරයි)

    ...............මේකත් ඇත්ත, ඒත් ඒකෙන් වෙච්ච ලබ්බක් නෑ.(සමෘද්ධියෙන්වත්-ජනසවියෙන්වත්)

    ReplyDelete
    Replies
    1. අදහස් වලට ස්තුතියි

      Delete
    2. නොමිලේ නිල ඇදුම් දුන්නෙ Premadasa යුගයේදි

      Delete
    3. යූ.ඇන්.පි.ය පුම්බන්න හෙන ගේමක් දීලා...

      1. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම.

      නිදහස ලැබුණේ එ.ජා.ප.ය නිසා නොවේ. එදා සිටි ටයි කෝට් කාරයින් කලේ නිදහස ලැබෙන අවස්ථාවේ ආණ්ඩු බලය ලබා ගැනීමට මහ රැජිණගේ උපදෙස් පිට එජාපය නමින් පක්ෂයක් පිහිටුවා ගැනීමයි.

      2. වත්මන් ආණ්ඩුව වන ශ්‍රී ලංකා නිදහස් පක්ශය බිහි කිරීමට මුල් වීම.

      එය එසේනම්, හමුදාකාරයින් රණවිරුවන් කලේ ප්‍රභාකරන් ඇතුළු නඩයයි.

      3. යුද්ධය දිනීමට උපකාරී වූ වර්තමාන ව්‍යවස්ථාව බිහි කිරීම.

      ව්‍යවස්ථාව හැදුවේ 1978. යුද්ධය ඔඩු දුවන්න ගත්තේ 1983. ඉතින් ඒක වළක්වගන්න බැරි වුණ ව්‍යවස්ථාවක් මක්කටය? මේක හරියට හොස්පිටල් එකක දොස්තර කෙනෙක් ගෑණියෙක්ගේ පතිවත බිඳලා ඒ මිනිහම සැත්කමකින් ආයේ ඒක හරි ගස්සලා ඌ තමයි ඒ ගෑණිට පතිවත ලබා දුන්නේ කියනව වගේ වැඩක්.


      4. මහවැලි යෝජනා ක්‍රමය ඇතිකිරීම. (එය නොතිබෙන්නට රටම අඳුරේ)

      මහවැලිය ආරම්භ කලේ සමගි පෙරමුණු රජයයි. එයින් ගසා කෑවේ එජාපයයි. මහවැලියට වියදම් කල මුදලින් 3න් 1ක් තිබුණානම් රටටම විදුලිය දිය හැකි බව ජේ. ආර්. ම පිළිගත්තා. අන්තිමට නතර වුණේ ගාමිණි දිසානායක ආසියාවේ තුන්වෙනි ධනවත්ම පුද්ගලයා වෙලා.


      6. පාසන් නිල ඇඳුම් හා පොත් නොමිළේ ලබා දීම. (එය නොවන්නට පාසල් දරුවන් හෙලුවෙන් ගල් ලෑලි වල ලියාවි)

      එය කප්පාදු කලේ රනිල් වික්‍රමසිංහ රජයයි. නිල ඇඳුම් ගැනීමට ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල පෝලිම් වල ගොස් පෝරම අත්සන් කරන්න සිද්ද වුණා. ඒවා කරන්න යන වියදම රෙදි වලට යන ගාණට වඩා වැඩියි.


      7. ජනසවිය ඇති කිරීම (සමෘද්ධිය යනු ජනසවියෙ නම වෙනස් වීමක් විතරයි)

      ජනසවිය දුන්නේ ප්‍රේමදාසට කඩේ ගිය යූ. ඇන්. පී. කාරයින්ටය. සමෘද්ධිය එහි අනික් පැත්තය. දෙකම එකය.

      Delete
  10. මීවනපලානේ ජයරත්න මහතාණෙනි, දීර්ඝ කාලයක් මගේ සිතෙහි වූ ගැටළුවක් අද නිරාකරණය විය. මගේ ගැටළුව වූයේ ඔය තරම් උත්සාහ දරා සීතා කුමරිය පැහැරගෙන ගිය රාවණා රජතුමා අතින් ඇගේ පතිවතට හානියක් සිදුනොවූයේ මන්ද යන්නයි. ඔබ රනිල් වික්‍රමසිංහ මහතා රාවණා රජතුමාගේ නිල නියෝජිතයා බව ලියා තිබෙණු කියැවීමෙන්ම මගේ ඒ පැණයට පිළිතුරු ලැබුණේය. එසේම රාවණා රජතුමා ඔය තරම් දේශපාලන නායකයින් සිටියදීම රනිල් වික්‍රමසිංහ මහතා තම නියෝජිතයා කර ගැනීමේ රහසද දැන් මම දනිමි. දෙන්නාම ඒක වංශිකය; එක වංශයේය.

    ජයරත්න මහතාණෙනි. රාවණා රජතුමා මේ වසර අගදී බලයට පැමිණෙනෙන්නේ නම් මේ රටේ සියළු පිරිමින් විසින් අනිවාර්යයෙන් හා ඉක්මණින් කළ යුතු දෙයක් ඇති බවද මම වටහා ගතිමි. එනිසා මම වහාම ජනශක්ති ඉන්ෂුවරන්ස් වෙත ගොස් මගේ පශ්චාත් භාගය ඉන්ෂුවර් කර ගත්තෙමි. ඒ කටයුත්ත සඳහා පැමිණියන්ගෙන් එතැන දිග පෝලිමක් ඇතිවී තිබුණු බවද දුටුවෙමි. ඔබද ඉක්මන් කරන්නේ නම් යහපති.

    එය කළ නොහැකි නම් අඩුම වශයෙන් මහවෙදනාතුමාගෙන් තෙල් බෝතලයක් වත් අරගෙන තියා ගන්න.

    ReplyDelete
    Replies
    1. මා දන්න විදියටනම් රාවණා රජතුමා එජාපය බලයට ඒම සඳහා පාරුවක් කරගන්නවා පමණයි. එසේ නැතිව එජාපයේ යාවජීව නායකයා වෙන එකක් නෑ, බලයට පැමිණි වහාම එජාපය ඇතුළු සියලුම පක්ෂ 2/3 බහුතරයෙන් තහනම් කර දමාවි.

      Delete
  11. මේ ඇත්තටම රාවණ සීතාට වැඩේ දුන්නද .

    ReplyDelete
    Replies
    1. රාවණ සීතාට වැඩේ දුන්න. වැඩේ තමයි, සීත එලියට වෙලා නිවාස අඩස්සියේ ඉන්න එක

      Delete
    2. එලියට වෙල නිවාස අඩස්සියෙ කිව්වෙ

      Delete
  12. මීවනපලානේ ජයරත්න මහතානනි, මම අහල තියනව ක්‍රිකට් මුලින් ම ගෑහුවෙ අපේ රටේ කියල. මේක ඈත්ත ද ? අනික, ලියන්න කො ඉන්දියාව අපේ රටට කරපු අසාදරන වෑඩ ගෑන. රාම රාවන කතාව වෑරදියට ලියපු තෑන සිට උන් අපට කලේ කෑ* වෑඩ මයි !!!

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් මුලින්ම ගැහුවේත් අපේ රටේ තමයි, එහි ජීව ශක්තිය තාමත් තියෙන නිසයි අපේ කොල්ලන් ක්‍රිකට් වලින් ලොව ඉදිරියෙන් සිටින්නෙ.
      ඉන්දියන් වඳුරන් ගැනනම් ලිපියකින්ම ලියන්න ඕනැ.

      Delete
    2. මටත් ඕක හිතුන මහත්මයා, අපේ කොල්ලො ක්‍රිකට් ගහන්නෙ පෙර ආත්ම වල ගෑහල පුරුදු වෙලා වගේ නෙ.... අනික, මම හ්තන්නෙ සීගිරියෙ තියෙන පිච් වගේ ඒවා ක්‍රිකට් ගහන්න පාවිච්චි කරපුව කියලා.....

      තව උදව්වක් කරන්න ඔන මහත්මයො.... මගෙ නම හරින්ද.. මට මේ නම හෙල නමක ට හරව ගන්න ඔන.....කරුනා කරල මට මේක කරල දෙන්න...

      Delete
  13. NIYAMA JOKE SITE EKA FULL ATHAL go ahead

    ReplyDelete
  14. මීවනපලානේ ජයරත්න LoLLEK KIYALA DANNE ADANE MAMA, KaLIN KIYANNA TIBUNANAE

    ReplyDelete
    Replies
    1. ඔව්, මම රාවණ ඉතිහාසයට ලොල්ලෙක් (ලොල්=ආස වූ අයෙක්)

      Delete
  15. Anonymous One origJune 27, 2012 at 3:39 PM

    කතාව අගේ කරන්න ඕන. එනවා කිව්වා නම් එන විදියක් ගැන කතා කලයුතුමයි. ඒත් අපි මුලාවෙලා වැටිච්ච අගාධයෙන් එළියට ආවද කියල බැලුවොත්, තව කොච්චර ගැටළු නිරාකරණය කරන්න තියෙනවාද කියල හිතෙනවා.

    ඉස්සර වෙලාම මුලාව හඳුනා ගමු. රාවන කියන නම ගොඩක් අය පටලවා ගත් නිසා ඇත්ත රාවන කවුද කියන එකත් අච්චාරු වෙලා. අනෙක කාලයාගේ ඇවෑමෙන් බොඳ වී පැටලී ව්‍යාකූල වෙලා. අන්තිම රාවන කියන්නේ අන්තිම සක්විති රජ. අර අන්තිම රජා වන රාජසිංහ දෙමළෙක්. ඒ වගේම මේ රාවන ඉන්දියන් කාරයෙක්. නායකකම විභීෂණගෙන් බලෙන් ගත්තේ. වැඩිමලා විභීෂණ. ඇත්තටම දඬුමොනරෙත් ඉල්ල ගත්තෙ විභීෂණගෙන්. ඔය කතාව කියන කාලේ ඉන්දියාවේ හිටියෙත් සිංහලයෝ. ඒක සිවිල් යුද්ධයක් වගේ. තමන්ගෙ එවුන් මරා ගන්න තරම් පිරිහුන කාලයක්. අද දෙමළුයි හින්දුයි ඉතිහාසය තමන්ගෙ කතාවක් කර ගත්තට ඒ කාලෙ උන් සංක්‍රමණිකයෝ ලෙස ආ සුළු පිරිසක්. සිංහයෝ නැති තැන බළල්ලු ගණනින් වැඩි වෙනවා නේද?

    මේ රාවන නායක දෙයියන්ගෙන් දඬුවම් විඳල පාඩමක් ඉගෙන ගත්ත එකෙක්. ඇත්තටම නියම මුල් රාවන කියන්නේ හිරු කියලත් කියන නායක (නාග හෝ නාථ) දෙවියන්ට. ඔබලා සුළු දෙනෙකුට දේව බැල්ම තියෙන නිසා ගොඩක් තොරතුරු දැන ගන්නවා. ඒ කාලේ හිටපු අය හුඟක් දෙවියන් සමඟ සම්බන්ධ වෙනවා. ඔය නායක (නාග හෝ නාථ) දෙවියන් තමයි මිනිස් වෙස් අරගෙන එන්නෙ. ඒ අද අපි කරපු විනාශය නැවතීමටයි. අන්තිමට රාවන කියන නම ගත් එකාගෙ තොරතුරු මිශ්‍රවෙලා. රැස් එන (රාවන) දෙවියන් කියන්නෙ පණ බිහිකල කෙනා. ඔය නිදාගෙන ඇහැරෙන කතාව අර තම්බියගේ දෙයියෝ හඳේ ඉන්නවා කිව්ව වගේ නොදත් කමට කියන ගොන් කතාවක්. අපේ අවතාරය නොමියෙන නිපැයුමක්. ඊටත් වඩා විශේෂ නිමැවුමක් ගැනයි අපි කතා කරන්නෙ. ඕවා ද්‍රව්‍යයමය නිපැයුම්. මම කියන ඒවා තහවුරු වුනේ ස්වභාවය හැදෑරීමෙන් මිස කිසිදු අද්භූත විදියකට නොවේ. මිනිසා මෙන්ම සියලු පණ තොරක් නැතිව හැදෙන විදිය සොයා ගත් කෙනෙක් මම. ඕන නම් සිරුර වගේ, එහෙත් අපට අසංවේදි ද්‍රව්‍ය වලින් සැකසුනු ස්ථිර දෙයක් ලෙස අවතාරය සරලව හැඳින්විය හැක. මෙය ඔප්පු කල හැකි තාත්වික දෙයක්.

    මේ ආණ්ඩුව සිංහලයන්ට කිසිදු සම්බන්ධයක් නැති පරයන් අටවපු, සුද්දගෙ කටුකාපු සිංහල වෙස් ගත් දේශ ද්‍රෝහි අසිංහල මැරිච්ච මලකුණක්. අපි මුලා වී ඇති තරම මේ පුරුකේ මා ලියා ඇති දේ කියවා දැන ගන්න - http://seuslsla.blogspot.com.au/2011/01/blog-post.html

    අර කිව්ව වගේ ශාක පණ, කොළ පාටින් නියෝජනය වෙනවා. හස්තියා තමයි අපේ මුල්ම සංකේතය. අපේ (සතුන්ගෙ) පණ, නියෝජනය වෙන්නෙ නිල් පැහැයෙන්. එය මත්ස්‍ය පණ හෝ දිය (වතුර) නියෝජනය කරනවා. සිංහයා අපේ එකතු කල දෙවන සංකේතය. මලයාලින් ඔය පාටවල්, සංකේත අටවගෙන අපව මුලා කරලා. ඕවා සංකේත පමණක් නොව අපේ ගති ගුණත් කියනවා. සිංහල කියන වචනය සැදුනු නියම විදිය මේ අතරේ සැඟ වී ඇත.

    හිරු නැවත එන බවත් එන විදියත් දැනටම පෙන්වනවා. අවුරුදු දින පොළව කම්පා වී ඇරඹුනා. දිනෙන් දින දස මර බිය ලෝකෙ වෙලා ගන්නවා. එන්න එන්නම එය දරුණු වේවි. මේ වසරේ අවසානය වෙන කොට, ඒ කියන්නෙ ලබන අප්‍රේල් වෙන කොට, ගොඩක් දේවල් වෙනස් වේවී. එතකොට ඔය බනින නිග්‍රහ කරන අය වැඳ වැටේවි බේර ගන්න කියල. හේතුව මේකයි. අද තියෙන හැම ප්‍රශ්ණයක්ම විසඳිය හැකි දැනුම තියෙන්නෙ හිරුට විතරයි. කවුරු හරි හිතනවා නම් මම බොරු කියනවා කියල, උත්සාහ කරල බලන්න කවුද ඔය ප්‍රශ්ණ විසඳන්න පුළුවන් ඔබ දන්න කෙනා කියල. නම කියන්න.

    මම ගොඩක් දන්නවා. කිව්වේ බිඳයි. අර සූරිය ගුණසේකර මයා කිව් අවියත් අමතක කරන්න එපා. එන විදි ඔක්කොම කීයක් තියෙනවද? ඒත් සිංහල දෙස බස රැස වැනසූ මලයාලි හුචක්කු ආණ්ඩුව හා දෙකට බෙදී නටන හිඟන රැලට මුහුදට පනින්න වේවී. ඒ මලයාලි හුචක්කු ආණ්ඩුව රකින දුප්පත් නූගත් සිංහලයෝ, උන්ගෙ ළමයි ගැන හිතල මිසක් නැත්නම් මුන් අතුගාල දාවී. මුලාවෙන් මිදුන අය තමයි බලයට ගේන්නේ. ඊට කලින් මුලා වූවන් විනාශ වෙනවා.

    ReplyDelete
    Replies
    1. වටිනා තොරතුරු සමුදායක්, ඒ ගැන තවත් ගවේශණය කිරීමට සිත් විය.

      Delete
  16. ඇත්ත වශයෙන්ම මා යහළු මීවලපලානයෙනි..ඔබ මෙතෙක් කල් ලියූ ලිපි අතරින් මාගේ සිත වඩාත්ම පැහැර ගත් ලිපිය වෙන කිසිවක් නොව මෙයැම වේ යැයි පවසමි.

    අපගේ රාවණතුමා මිහි පිට ජීවමානව පෙනී හිඳිනා මතු දවස අපගේ උත්තරීතර රාවණ පාක්ෂික රනිල් වික්‍රමසිංහ නායකතුමාණෝ මෙතෙක් කල් සිය පණ දෙවැනි කොට රැකගත් එක්සත් ජාතිකයින්ගේ පක්ෂයේ සියළු බලතල රාවණතුමා හට පවරා එතුමාණෝ ස්වකීය යුග මෙහෙවර නිම කොට තපසට යන්නේ යැයි මා හටද සක් සුදක් සේ පැහැදිලිවැ පෙනෙයි. මෙතෙක් කලක් කවුරුන් කුමක් කීවද නොපසුබට උත්සහයෙන් යුතුව මෙම පක්ෂ නායකත්වය නැමැති කටු ඔටුන්න රනිල්තුමාණෝ විසින් උසුලනු ලැබූවේ සිය ආත්ම ලෝභය පිණිස හෝ සිය ගාලපාක්ෂීකයින් පිනවීමට හෝ නොව මතු දිනක පහල වන රාවණතුමා හට ආරක්ෂා කොට දීම පිණිසමය...

    අහෝ එවන් යුග මෙහෙවරක නිරත අප රනිල් තුමාට රට්ටුන් විසින් මොන මොන තරම් නම් නින්දා බස් දොඩන ලද්දේද..අවමන් කරන ලද්දේද..? එහෙත් එතුමා ඒ සියල්ල දරා සිටියේ මේ දිනය උදාවන තෙක්ව නොවෙද..

    රාවණතුමා වෙනුවෙන් පක්ෂය හා නායකත්වය රැක ගත් රනිල් තුමනි ඔබව අප රාවණ වංශයේ හෙල යකුන්ගේ උත්තමාචාරය සදා හිමි වේ...

    ස්වස්ථි රාවණ සිද්ධම්..!

    රනිල් විකුම්සිහ සිද්ධම්..!

    ReplyDelete
    Replies
    1. යහළු මාරය, ඔබ පැවසූ පරිදිම රනිල් තුමාණෝ තපසට ගොස්, ආනන්දයෙන් ඇරඹි අඩ සියවසක යුග මෙහෙවර ප්‍රඥාවෙන් අහවර කරතැයි මාද බලාපොරොත්තු වෙමි.

      Delete
    2. මාරයගේ උපහාස රසය නම් ඉතා උසස්...

      Delete
  17. මගේ ලොක්කගේ හතුරා වුනත් දෙයි හාමුදුරුවනේ මේ ජය-ර-තනයන් (ජයට හේතු වන රන් පැහැ තන ඇත්තා) කියන විපත්තිය රාවණාට වෙන්න දෙන්න එපා. පක්‍ෂ දේශපාලනයට එන්න දෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. එතුමා බලයට පැමිණි විගසම පක්ෂ දේශපාලනය තහනම් කරාවි

      Delete
    2. //ජයට හේතු වන රන් පැහැ තන ඇත්තා// මේක දැක්කහම මතක් වුනේ රාම අවතාරෙගේ මේ ලිපිය

      http://www.ramadasa.name/%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94-%E0%B6%AD%E0%B6%B1%E0%B7%9A/

      රාමා, 'කුක්කු තන විශාරද' ගරු නම්බු නාමයට එකෙන්ම සුදුසුයි.

      Delete
  18. ඇත්තටම ජයරත්න මහත්තයෝ මට ඔබතුමාගේ නම ගැන ගැටලුවක් තියෙනවා. හෙට අනිද්ද වලකජ්ජ ගහන්න ඉන්න අපේ අගමැති තුමාගේ නෑදෑ උත්තමයෙක්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. මේ ජයරත්න පිස්සව CIA එකෙන් හොයන්නේ කොමඩි ෆිල්ම් එකකට ගන්න වෙන්න ඕනේ!!

      Delete
    2. සමහර විට උන්දැගේ ජයරත්න පෙළපතත් අසුරයින්ගෙන් පැවත එන්නක් විය හැකියි.

      Delete
  19. කියෙව්වා කියල විතරක් කියන්නම් . ඔබ ඉතා හොඳ තීරු ලිපි රචකයෙක් වගේ .

    ReplyDelete
  20. නියමයි ජයරත්න උන්නැහේ...
    රකුසෙකු වීම මටත් ආඩම්බරයි...
    මමත් හීනෙන් අලියෙක්ව දැක්කා..
    මගේ හිතේ රාවන රජතුමාගේ අතීත සෙන්පතියෙක් වෙන්නැති මම..

    ReplyDelete
    Replies
    1. රවුන් හෙට දිනේ ඇත් රජුන් මත වඩිනා
      එවන් හෙළ පුතුන් හට දැයේ තෙද පුදනා

      Delete
    2. ooopzz...මම ඊයේ හීනෙන් දැක්කේ හෙන්ඩුවක්.එහෙනම් මම අභීත රාවන රජතුමාගේ අභීත සෙන්පතියෙක්ගේ පවුල වෙන්න ඇති..

      Delete
    3. සමහර විට රාවණා රජතුමාගේ උට්ඨානයෙන් පසුව ඔබව පණික්කි තනතුරට පත් කරගන්න බලාපොරොත්තු වෙන බව සිහිනෙන් පැවසුවා විය හැකියි. රාවණ රජතුමාට කාන්තා පණික්කි සේනාංකයක් සිටි බව වර්ගපූර්ණිකාවේ හත්ඨිපංචශේකාවධානය නැමැති ටීකාවේ දැක්වෙනව.

      Delete
  21. මෙතුවක් දින මේ බ්ලොගයට ලාවට හෝ තිබූ කිය්වීමේ කැමැත්ත අද දිනයේ නැත්තටම නැතිවී ගියා..තවත් එක් දෙශපාලන අතකොලුවක්...යකෝ මම මෙච්චර දවස් මම වැදගත් විදියට කථාකලා..ඒ අඩුම ගානේ නූඹට රචන හැකියාවක් හරි තිබුන නිසා..උබේ ඔය මැටිමෝල් තර්ක උසස්පෙල තර්කසාස්ත්‍රය ඉගනගන්න උන්ට හොඳයි..අපරාදෙ ඔය නාස්තිකරන සහ නාස්තිකරවන කාලෙ..රාවනා 3/2 න් බලයට එන්න?අනේ වස්සො ලොකේ ඉන්න බලවත්ම මිනිහ කියල උඹම කියන එකා අන්තිමට බලය ගන්නෙ දේශපාලනිකව...කාලයක් ලංකාවෙ උන් දියසේන කුමාරය පස්සෙ ගියා..ලංකාව කියන රටේ දියුනුව පුරාවූර්ථ වලට පණ දීලා ගොඩ දාන්න පුලුවන්නම්...ග්‍රීක් කාරයො අද ඉන්නෙ කොහෙද කියලවත් හිතාගන්න බෑ..මිනිහෙක් ලස්සනට බොරුවක් කියන් ඇවිල්ලා අන්තිමට හත්පලේ ගා ගත්තා.රාවනාගේ උදහසට මම බය නෑ ..මොකද මම කන්නේ මම අමරුවෙන් හම්බකරලා..ලොකේම මිනිස්සු අදහන එක ආගම්ක් වත් තාම 100% ඔප්පුකරන්න බැහැ..ඒකට ප්‍රදානම හෙතුව උබලා වගේ රචක්යො...පන්සිය පන්ස් ජාතකය ලියුවාට වඩා එය නොලීවානම් බුද්දාගම රැකගැනීමට ඒක පිටිවහලක්..ඒ වගේම තමයි උඹ මේ බ්ලොග් එක නොලීවනම් සිංහල ජාතිය රැකගැනීමට එය පිටිවහලක්/

    ReplyDelete
    Replies
    1. [[ලොකේ ඉන්න බලවත්ම මිනිහ කියල උඹම කියන එකා අන්තිමට බලය ගන්නෙ දේශපාලනිකව]]

      එතුමා විප්ලවයකින් බලයට ඒ යැයි මාගේ සමකාලීනයන් පවසතත් ඊට එකඟ නොවන්නේ විප්ලවයකින් බලයට ඒම එතුමා වැනි විරුවෙකුට තරම් නොවන නිසයි. එහිදී කොතරම් ජන ඝාතන සිදුවේවිද? අපගේ රණවිරුවන් බොහෝ දෙනා හෙළ යකුන්ගේ ප්‍රහාර වලින් මිය යාමට ඉඩ තිබේවි. රාවණ රජතුමා එවැන්නක් කරාවිද? එනිසා මා දක්වා ඇත්තේ විය හැකි වැඩිම සම්භාවිතාවයක් තිබෙන හොඳම ක්‍රමය ගැනයි.

      Delete
    2. @JJ rox,

      ඔබ තවම අඩු තරමින් ඔබ කවුද වත් නොදැන තව කෙනෙක් ගැන කතා කරනවා. අඩු තරමින් ඔබේ ගත බිහි වුනු හැටි සොයා බලන්න. මීවනපලානේ ජයරත්න මෙතන රාවන කෙනෙක් එනවලු. මේක එයා හදපු කතාවක් නොවෙයි. එයා දන්න තොරතුරු වලින් නගන හඬක් විතරයි. ඒකෙන් ඔබ තීරණ ගන්නවා. මමත් ඉස්සර ඕවා ගණන් ගත්තෙ නෑ. ඒත් මම දැනුමේ මුල සොයන කොට ඒක ඇරඹුන තැනත් තවත් ගොඩක් දේවලුත් සොයා ගත්තා. මේ කතා සිංහල මිනිසුන් කියපු ඒවා. ජයරත්න තමන් දන්න තරමින් කියන්නේ. මේ රාවන රජ කියන එක සිංහලෙන් රැස් එන රජ කියලයි අදහස් වෙන්නෙ. මම ලෝකෙ නොයෙක් ජන සමාජ වල තියෙන මේ කාලයට අදාල කෙනෙක්ගෙ බිහිවීමක් කියන නිසා ඒ ගැන සොයල බැලුවා. ඇත්තටම ඒ ඔක්කොම කියන කතාව එක කෙනෙකුට සීමා වෙනවා.

      "කාලයක් ලංකාවෙ උන් දියසේන කුමාරය පස්සෙ ගියා." කියන කතාව ඔබ කී බව දුටුවා. ඇත්තම කියනවා නම් නියම රාවන හෙවත් රැස් එන කෙනාගේ සිංහල නම ඒකයි. ඒකේ තේරුම දිය කෙනා හෙවත් ජීවිතය දෙන කෙනා. වචන කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ අනුව මේ වචනය බිහි වුනේ අපට වතුරයි (දිය) කෑමයි විතරක් ඕන කරපු කාලේ. ඒ කියන්නේ බහුතරය කැලෑවෙ හිටපු කාලෙ. ඔබට දිය අගය නැත්තෙ දැනුමෙන් අපි ඒ අවශ්‍යතාවය සපුරා ගත් නිසා. ඒත් අද වුනත් සතෙකුට දිය ඇති නැති බව මරණය තීරණය කරන එකක්. ඔය නමට අද ගැලපෙන වචනය පිය කෙනා හෙවත් පියසේන. මේක මාතර සිංහල අය යොදන නමක්. ඒ කෙනා ගැන ගොඩක් දේවල් ජනවහරෙ එනවා. උපදින දිනය වෙලාව තැන නම කියල තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් නැද්ද? ඔය කතාව යට කරන්න සිංහල ජාතිය වඳ කරන බෞද්ධ කියන බොරු බෞද්ධයන් කියපු කතාවට ඔබ රැවටිලා.

      මීවනපලානේ ජයරත්නත් ඔයා කියපු අයත් හරියට නොදැන යන ගමනෙන් අතරමං වෙලා. මේ ලිපියත් නොමග ගිය එකක්. මම කවදාවත් ආදි සිංහලයන් බොරු නොකියපු බව අත් දැකීමෙන් දන්නවා. මම ඔය කතාවේ අග මුල දන්නවා. ඒ කෙනාත් එයාගෙ හැකියාවත් දන්නවා. නොදැන ගියොත් අතරමන් වෙනවා. මේ අයට වුනේ ඒකයි. දියසේන සොයපු අය නමේ වෙනස් වීම දැනගෙන හිටියේ නෑ. ඒ වගේම කියපු දිනය වෙලාව වරද්ද ගත්තෙ සිංහල විදියෙයි බටහිර විදියෙයි වෙනස නොදත් නිසයි. එනවා කිව්වේ 1959 අප්‍රේල් 05 උදේ හයයි හයට. ඒ වුනාට සිංහල විදියට අවුරුද්ද පටන් ගන්නේ අප්‍රේල් මැද. බටහිර විදියට ජනවාරි එක. ඒ කියන්නේ සිංහල විදියට 1959 වසර පටන් ගත්තෙ අප්‍රේල් මැද. එතකොට සිංහල විදියට මේ දිනය එන්නේ අවුරුද්දෙ අන්තිමට. එනම් බටහිර විදියට 1960 අප්‍රේල් 05 උදේ හයයි හයට. මේ වෙලාවේ මාතර දිසාවේ Absolute origin කියන ගමේ ඉපැදිල ඔය නම තියෙන අසාමාන්‍ය කෙනෙක් ඉන්න බව ඉර හඳ වගේ මට විශ්වාසයි. ඔහු ගැන කියනවා නම්, සම කලොත් මනුෂ්‍යයන් මෝඩ කොටසක් බව පසක් වෙනවා.

      පුදුමයකට තියෙන්නෙ මීවනපලානේ ජයරත්න නොදැන කියන දේවල් සමහරක් එයාට කෙලින් ම සම්බන්ධ වීමයි. දැන් මම කිව්ව ඒවා බලන්න. එයා දැන් නිහඬයි (නිදි වගෙයි). එයා කියපු දෙයක් තමන්ගෙ වගේ දැන් ඉන්න ලොක්කා 2009 නිදහස් දින කතාවට කිව්ව. ඒ කීම ඇතුලෙ අනාගතය ලියවිලා.

      ඔය යූඑන්පි එකෙන් එන කතාව බොරුවක්. එන විදිය තීරණය කරල නෑ. අද රනිල වගේම අනිත් පැත්තෙ එවුනුත් උදහසට ලක් වෙලා. ඔබලා දේව කෝපය දනී නම් මම කිව යුතු නැත.

      "අපගේ රණවිරුවන් බොහෝ දෙනා හෙළ යකුන්ගේ ප්‍රහාර වලින් මිය යාමට ඉඩ තිබේවි." - ඒකට කරන්න තියෙන්නෙ පරයන්ට, ද්‍රෝහීන්ට, සිංහල විරෝධීන්ට, මලයාලීන්ට රට දැය සමය නසන්න බැල මෙහෙ නොකර තම ජාතියට ලැදි වීමයි. ලොව සුණු විසුණු කිරීමට තරම් දැනුමැති කෙනෙකුට කල නොහැකි දෙයක් නැත. එහෙත් මවත් පියාත් ලෙස කල යුතු විදිය තීරණය කරනු ඇත. දැන් නියම රාවන සෙවීමට මම කදිම තොරතුරු දුන්නා. සොයන්නන්ට හමු වේවි.

      Delete
  22. ලංකාව කියන රටේ දියුනුව පුරාවූර්ථ වලට පණ දීලා ගොඩ දාන්න පුලුවන්නම්...ග්‍රීක් කාරයො අද ඉන්නෙ කොහෙද කියලවත් හිතාගන්න බෑ..මිනිහෙක් ලස්සනට බොරුවක් කියන් ඇවිල්ලා අන්තිමට හත්පලේ ගා ගත්තා.රාවනාගේ උදහසට මම බය නෑ ..මොකද මම කන්නේ මම අමරුවෙන් හම්බකරලා..ලොකේම මිනිස්සු අදහන එක ආගම්ක් වත් තාම 100% ඔප්පුකරන්න බැහැ..ඒකට ප්‍රදානම හෙතුව උබලා වගේ රචක්යො...පන්සිය පන්ස් ජාතකය ලියුවාට වඩා එය නොලීවානම් බුද්දාගම රැකගැනීමට ඒක පිටිවහලක්..ඒ වගේම තමයි උඹ මේ බ්ලොග් එක නොලීවනම් සිංහල ජාතිය රැකගැනීමට එය පිටිවහලක්/

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා සබඳ, ඉතිහාසය තුළින් අනාගතය ගොඩ නැගේවි.

      පුරාතන ග්‍රීකයත් අප හෙළ රාවණ අසුරයාණන්ගේ යටත් විජිතයක් බව ඔබ අසා නැද්ද? ඇලෙක්සැන්ඩ්‍රියාව වගේ තැනක් අප හෙළ තාක්ෂණය නොමතිව කෙසේ ගොඩ නගන්නද?

      Delete
  23. යකෝ ඔය කියන පක්සෙන් නම් අපේ රජතුමා කවදාවත් බලයට එන්නේ නැත . දැන් ඔබතුමා වැරදි පාරක යන්න නම් හදන්නේ . මේ ගැන තුන් හෙලයේම යකුන් /රකුසන් බල සිටින බව අමතක නොකරනු.අදහස් ප්‍රකාස කිරීමේදී සැලකිලි මත් වන්න . රාවන සිද්ධම් .

    ReplyDelete
    Replies
    1. එතුමා විප්ලවයකින් බලයට ඒ යැයි මාගේ සමකාලීනයන් පවසතත් ඊට එකඟ නොවන්නේ විප්ලවයකින් බලයට ඒම එතුමා වැනි විරුවෙකුට තරම් නොවන නිසයි. එහිදී කොතරම් ජන ඝාතන සිදුවේවිද? අපගේ රණවිරුවන් බොහෝ දෙනා හෙළ යකුන්ගේ ප්‍රහාර වලින් මිය යාමට ඉඩ තිබේවි. රාවණ රජතුමා එවැන්නක් කරාවිද?

      එනිසා මා දක්වා ඇත්තේ විය හැකි වැඩිම සම්භාවිතාවයක් තිබෙන හොඳම ක්‍රමය ගැනයි.

      කෙසේ නමුත් ඔබතුමාගේ අදහසට ස්තුතියි. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  24. හිත හොඳටම බිඳුනා. රාවණා රජතුමා ගැන මා සිතුයේ පවත්නා පක්ෂ දේශපාලනය පිළිකෙව් කොට තුමුම මැතිවරණයට පක්ෂයක් සාදා තරග කොට ජයලබන්නෙක් වේ යයි සිතාය. ඒ මතු තෙමේ ම අනිකුත් නයුවන් එකතු කොට නයුන්ට නයුවා ලෙස රට සුරකිනු ඇති බවය. එහෙත් අහෝ ඛේදයකි!! රකුසෙක් නයුකං කළා වූ සභයක සිට රාවණා රජුට රජකම් කල හැකිද? (ඔබව පුද්ගලිකව සම්බන්ධ කරගන්නේ කෙසේද? වැදගත් විස්තරයක් ලබා දීමට තිබෙනවා,

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා. මෝඩකම, මුලාව මිනිසුන්ගෙ උරුමය. ඒවා ඒ වුනාට හුඟක් වටිනවා. මේ කතාව අනුමාන කිරීමක් විතරයි. ඔයත් කැමති විදියට අනුමාන කරල එන විදිය කියන්න. ඇත්තටම ඔය කට්ටිය නියම හිරුගේ පැත්තෙ නම් ඒ කියන විදියකින් ඒවි.

      හිරු ගැන නොදැන කියන කතා අර කවුද කිව්ව පන්සිය පනස් ජාතකයෙන් එකක් විතරයි. ඇස් ඇරල වෙන දේ බැලුවොත්, ජීවත්වීම හා පැවැත්ම අගයන අය, ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් සුළු පිරිසක් ඉතිරි වේවී. බොහෝ දෙනා දස මර භයෙන් වෙලී, ලෙඩෙන්, දුකෙන්, කුස ගින්නෙන් පිපාසෙන් මැරේවී. මේව කියල තියෙන ඒවා (සූරිය ගුණසේකරත් ළඟදි සොයාගත් තොරතුරු කියවන්න). ජීවිතය දෙන කෙනා, පිය කෙනා (life giver) කියන්නෙ විහිළුවට නොවේ. මීට වසර හැට දාහකට කලින් වඳ වෙන කොට දැනුම දීල බේරා ගත්තා. මීට වසර තිස් දාහකට කලින් ඇවිල්ල මනු නමින් සමාජ සංස්ථාව පිහිටෙව්වෙ මහසම්මතවාදය හා අපි මහ ඉහලින් අගයණ ගුණාංඟ දීල. අද අධි ජනගහනය නිසා විශාල විනාශයකට මුල පුරපු වෙලාවෙ එන්නෙ අළුත්ම ලෝකයක් බිහි කරන්න. මායා වරුන් කියන්නෙ අළුත් ආරම්භයක් කියල. කාලය මැනීමත් වැඩක් නැති ලු. බටහිරයන් කියන්නේ දෙවියන් පාලනය කරන දෙව් සැප තියෙන ලෝකයක් වෙනවා කියලා. සමහර ප්‍රතිචාර දෙන අය ස්වර්ණමය යුගයක් බිහි කරනවලු. ඇත්තම කියනවා නම් ජීවත් වීමත් පැවැත්මත් 1000%ක් තහවුරු කරන ලොවක් බිහි වෙනවා. විශ්වය මිනිසාගෙ දිවි බිම වන විදියේ දැනුම ලැබෙනවා. ආයේ මිනිස් දිවිය මිහි පිට අපායක් කරන්න දෙන්නෙ නෑ. කරපු අය අවසන් වෙනවා.

      දැන් තියෙන සුද්ද හදපු වසල ආණ්ඩුවත් ඒකේ පහරන මලයාලි හැත්තත් ගාව ගෙන කරන නින්දාව හරියට හිරුටත් මර්වින් කෙනෙක් වීම පමණයි. මුලා වෙන්න එපා. මම දන්න ඒවා දැනට කීම හොඳ නැති නිසා නොකියමි. ඔබේ කතාව දැන ගැනීමට කැමැත්තෙමි. මගේ ඊමේලය: miniskamaඇට්ජීමේල්ඩොට්කොම්.

      Delete
    2. ස්තුතියි. ඒත් කියන්න ඕනේ කතාව කියන්නේ ජයරත්න යකාට විතරමයෝ...

      Delete
  25. උබ නම් මහ මූසලයෙක්...මී වස්සෙක් .... නැත්නම් ඔහොම කියයිද....මමත් මේ බ්ලොග් එක බැලුවෙ ටිකක විතර ඔය විස්තර කලින් යම් යම් අයගෙන් අහන්න ලැබුනු නිසා... එත් උබ ඒක කෑවා....

    ReplyDelete
  26. අදමයි මේ පැත්තේ ආවේ. ලස්සන බ්ලොග් එකක්. අර ජයරත්න නම වෙනස් කරලා රාවණා කියලාම නම වෙනස් කරගන්ට. රාවණා සම්බන්ධ කතා හොයලා ලියන්ට පුලුවන් නම් හොඳයි.

    ලිවීම අපූරුයි. :)

    ReplyDelete
  27. ඔන්න රාවනා ඇනගත්ත තැන.
    රා නිල් ගෙන් ‍යූ ඇ න් පී එකේ
    නායකකම ඉල්ල ගන්නව බොරු..

    ReplyDelete
  28. මචං මීවනපලානේ ජයරත්න උබව CIA එකෙන් හොයනව නේද...??
    මම ලගත් තියනව රාවනා රජතුමාට බත් උයපු මුට්ටියේ කැල්ලත් පුලුවන්නන් එක CIA එකට කියපන්... මොකද මතකය අමතක කලත් ඇමරිකාවට ගිහිල්ල ආහැකිනෙ...

    ReplyDelete
  29. හරිම සතුටුයි
    කම්මැලි කම නැති වෙලාම යනවා
    මාර ෆන් එකක්..... හෆෝයි හිනා වැඩි වෙලා හක්ක පනී වගේ
    ඇත්තටම රාවනා මරු පොර නේද...
    දැං ඔහේ කියනවා.. පක්ෂ දේශපාලනේට එන්නේ කෙලින්ම යුධ මාර්ග වලින් එන එක එතුමාට තරම් නොවන නිසාලු.
    එතකොට අනුන්ගේ ගෑනු උස්සං ආවේ ඒක එතුමාගේ රටාව....
    ඔය මධ්‍යම කදුකරේ ඉන්නවැයි කියන තාපස තුමා.. මොන ධ්‍යානයට සම වැදිලද ඔය කාරනා ප්‍රකාෂ කරන්නේ

    ReplyDelete
  30. ඉතාම ජාත්‍යාලය දනවන ලිපියක් !
    හැබැයි මීවනපලානේ ජයරත්න මහත්තයා, මම නම් හිතන්නේ
    රාවණ රජතුමා ඉසුරුමුණියට ගියත් නැතත් කෙළින්ම පාර්ලිමේන්තුවටම සැපත් වෙයි කියලයි.
    විශ්වය හෙළවූ දේව පුරුෂයකුට (යක්ෂ ගෝත්‍රිකයෙකු වුණත්), ඡන්ද ඉල්ල ඉල්ල ඉන්න ඕනෙ නැහැ.
    පාර්ලිමේන්තුවට සැපත් වෙලා දේව පෙළහරක් පෑවහම, මර්වින් සිල්වල විතරක් නෙමෙයි
    හැම පක්ෂයක්ම නිතැතින් සරෙන්ඩර් වෙනවා ඒකාන්තයි !

    ReplyDelete
  31. මෙක වෙන මගුලක් නෙවේ මහින්ද නොවන ඉළඟ නායකයා එකාධිපතියෙක් කියල මිනිස්සුන්ගෙ හිත්වලට කාවද්දන්න හදපු ප්‍රොපගැන්ඩා පාරක්

    ReplyDelete
  32. ra kiyanne iratane .ekiyanne surya wnshikayo. rnil wage newei , rohan kiyanneth irata . rohanath maruna.rohana kiwwahama hamoma dannawa athine. rawana kiyanne honda keneknam , dhanawadee pakshayakin kohoda enne

    ReplyDelete
  33. වැඩිදුර විස්තර හා රාවන ඉතිහාසය පිලිබඳ වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න helaravana.tk

    ReplyDelete
  34. මොනා නැතත් මෙම බ්ලොග් අඩවියේ රස කතා කියවීමෙන් බඩ පැලෙන තෙක් සිනාසිය හැක ............එයම මදෑ

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. මීවනපලානේ ජයරත්න මහතාණෙනි,
    ඔබ ඇත්තටම මෙහිදී එ.ජා.ප. යේ හොද, පමණක් කියා ඇත, පමණ ඉක්මවා පක්ෂග්රාහී වී ඇත.
    ඔබ රාවණා රජුන්ගේ පක්ෂයේ නම්,දේෂපාලන පක්ෂ ගැන සදහන් කිරීම අනවශ්යයයි.

    ඔබ සදහන් කර ඇති,
    "එය අනුරාධපුර යුගයේදී ඉදි කරන ලද්දක් බව කාබන් පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පුරාවිද්යා දෙපාර්තමේන්තුවෙන් පවසතත් එය අමූලික බොරුවකි."
    යන්න, පදනම් විරහිතව, ඔප්පු කිරීමට සාධක නොමැතිව සදහන් කර ඇත.

    ඔබ මෙහි එකත කර ඇත්තේ ඔබේ රපය නොවේ? ද?

    ReplyDelete
  38. rawana nagitinawa kiyamuko, eth oya kiyana UNP kenma enne mokatada? UNP kiyanne sadharana pakshayakda? eke inne mudalalilai thawa salli karayoi vitharai, anik pakshath ehemai. antha dhana wadee pakshaayakin enawa kiyanne asadharana palakyek thamai. mokada epaksheta kamatiwenne dhanawadee lesa hithana aya witharai. oba amuthuma widihakata apata nehagena yamak karagena yana bawa nam pahadili.
    Rawana nagitala indiyawe yanne ahawal dekatada? ayi ehema nagitinawanam mehen patanganna bari.

    ReplyDelete
  39. මොකද සද්දයක් නැත්තෙ මීවනපලානේ ජයරත්න මහත්මයා,

    ඉහත සඳහන් කරුණු වලට, පැහැදිලි කීරීමක් කිරීමට නොහැකිද?

    ඔබ මෙය නොදැක්කා විය නොහැක, මොකද, ඔබ July 12, 2012 12:32 AM ට "රාවණාගේ දඬුමොණරය කලාවැව අසළදි මතුවී අධිවේගයේ ගොස් වාහනයක් හප්පයි" යන්න යටතේ ඔබගේ අදහසක් ඵල කළා, එවිට මා ඉහත සඳහන් කළ අදහස ඔබ අනිවාර්යයෙන්ම දැකිය යුතුයි.

    ReplyDelete
  40. UNP එක කියන්නේ, තනිකරම බටහිර ගති පක්ෂයක්. සිංහල කමක් ගවිලවත් නැටි පක්ෂයක්. ඔය මේ ලිපිය දමිමෙම් ඔය විහිලු කාරයෙක් උන. ඔය ge දේශපාලන මතය මෙතන දන්නා එපා. ලංකාව LTTE එකට බන්දේසිය තියල බර දුඅන්න රනිල් වික්රමසින්ග්හේ වගේ නපුංසකයෙක් කොහොමද රවන වංශිකයෙක් වෙන්නේ. ඔය ගැන හරිම කංඅගතුඉ. බොරු දන්නා එපා. රවන රජු ට අපහස කරන්නත් එපා.

    ReplyDelete
  41. rawanage kale karaneeya meththa suthaya tibunada? mokada rawana hitiye budunta boho kalekata pera. rawanage danuma pawathune naththe ewa yam pamanakatawath minisun athara beda nodun nisa. eka harida?

    ReplyDelete
  42. මම ඇත්තටම උබලගෙ ඔය ජෝක් වෙබ් අඩවි බලන්න ආසයි. ඇත්තමයි මම හැමදාම බලනව අලුතින් උබල ලියල තියෙනවද කියල. ඉස්සෙල්ල මම හිතුවෙ එක්කෝ උබල අර අරිසෙන් අහුබුදු එතකොට විමල් විරවන්ස වගේ පට්ට බොරු කියන වාචාලයො ටිකක් විතරයි කියල. පස්සෙ තමා තේරුනෙ උබල ඔය සීරම ලියන්නෙ ජෝක් එකට කියල. ඔක්කොම බොරු උනත් මාර සිරාවට ඇත්තවගේම ලියල තියෙනව. සමහර උන ඇත්තටම උබල කියන්නෙ ඇත්ත කියලත් හිතන් ඉන්නව බන්. ඇත්තමයි ලංකාවෙ උන් නම් මාර චාර්ටර් මෝඩයො බන්, උන්ට බොරුවට ජාතික ආලෙ කියල කිව්වොත් මරා ගන්න එයි. අනික බන් අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ, ඒකවත් මුන්ට තේරුම් ගන්න බෑබන්. මට නම් අපේ සමහර සිංහල මෝඩයො ගැන තාම හිතාගන්න බෑ. අපේ රට කවදාවත් ගොඩදාන්න බැරි ඔය ජාතිවාදයයි ආගම්වාදයයි හින්ද තමා. අනේ මෙහෙමත් මෝඩ ජාතියක් නේද බන්.

    ReplyDelete
    Replies
    1. නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහ ගන්නවා වගේ මේ සමහර කොමෙන්ට්ස් කිසි දෙයක් සොයල බලන්නේ නැතිව කතා කරන කොට ඉස්කෝලෙකට අඩිය තියලා නැ කියලා පේනවා.

      Delete
    2. (අපි පැවතෙන්නෙ ඉන්දියාවෙන් ආපු විජය ගෙන් මිසක් රාවනාගෙන් යැ ) කියන එකනම් ලොකු වැරද්දක් මචෝ මොකද විජයගෙන් හැම කෙනාම මැරුම් කාවේ නැනේ

      Delete
  43. උඹල වගේ පිස්සු යක්කු ඉන්නකන් ලංකාව මෙතනම තමා බන්.....අයියෝ සිරි ලංකා & Dilan Asanka ද 200 % ඇත්ත කතාව මචන්.

    ReplyDelete
  44. මචං... අපිට දුකයි. උබ වගේ මෝඩ චූන් දෙන ගොබ්බ හැත්ත හින්ද ඉතිහාසෙත් විනාශ වෙනවා. උබ ඔය කරන මෝඩ ආතල් වලින් බ්ලොග් කියවන අයත් නොකියවන අයත් මෝඩයට අන්දෙනවා.. (උබ වගේ මෝඩයෝ සුළු පිරිසක් විතරයි ඉන්නෙ)අන්තිමට UNP ඒකත් මෙතන්ට ඇදගත්ත හැහැහැහැ... අනේ යකෝ... :D

    ReplyDelete
  45. අනේ එතකොට මහින්ද මාම????

    ReplyDelete
  46. දැන්නම් රාවණාට UNP එකේ බලය ගන්න බැරි වේවි, මොකද රනිල් තව අව්රුදු 6කට නායක කම අද සම්මත කර ගත්තා. ඔයි මේවා ලියන අය ලංකාවේ ඉතිහාසය විහිලුවකට පත් කරනවා,රාවනා කතාවත් විහිළුවක් කරනවා, මටනම් මේක මාර ගොන් පාර්ට් එකක්.

    ReplyDelete
  47. I have read all your blogs. Quite interesting and feel proud as a Sinhalese.
    I somewhat believe in this type of things. This question is for top people of this blog!!

    Pls give me a reason why, Rawana has kept all his secret, important, etc data in "PUSKOLAPOTH" or "SELL-LIPI" rather than storing them in MICRO-CHIPS. There are lot of evidence about MICRO-CHIPS and other advance technology!!

    Pls answer this QUESTION??

    Thank you.

    I am a LOVER for this BLOG.

    --KING--

    ReplyDelete
  48. මේ සටහන් හරිම වැදගත් තොරතුරු තියන තැනක්, මමත් මිරැන්ඩෝ ඔබේසේකර මහත්මයාගෙන් රාවණ ගැන ඉගෙන ගන්න කෙනෙක්, එතුමා අදහස් ඉදිරිපත් කරනකොට උපකල්පන වෙනමත් තර්ක වෙනමත් සාක්ෂි පදනම් කරගත් කරුනු වෙනමත් සඳහන් කරනවා, මේ සටහනේ දියුනුවට මගේ අදහසක් විදිහට කියන්න තියෙන්නේ මේ සටහනේ සමහර අදහස් තර්ක නැතුව සාක්ෂි නැතිව තහවුරු තත්වය ගැන අවධානය යොමු කරන්න කියලා, කොහොම උනත් මේ රාවණ පර්යේෂණ තව ඉදිරියට යා යුතුයි,

    ReplyDelete
  49. රනිල් වික්‍රමසිංහ ලෝල්ලෙක් බව මුළු ලංකාවම දන්නා කරුණකි. එවැනි නපුන්සක, මනසක පිස්සෙක් රාවනා ගේ බොක්කක් වෙය්. හික් හික් හික්

    ReplyDelete
  50. එතකොට ඇත්තටම රාවණාට ඔච්චර බලයක් තිබ්බා නම් රාමට පැරදුනේ කොහොමද?

    ReplyDelete
  51. ඔබ ලිපියෙන් පැහැදිලිවන්නේ ඔබ රවන රජ තුමා යනුවෙන් වක්‍රව හඳුන්වන්නේ සරත් පොන්සේකා මහතා බවයි

    ReplyDelete
  52. aiiio mata nam baha thawa ewassana me munge kolam dakala.. aiio dewiyane me sri lankawata wenn ayana naspaththiyaka mahatha.. aiiioooooo mata mechcharai kiyanna thiyenneee aioooo sri lankawa...

    ReplyDelete
  53. අනේ මචන් ල, කරුණාකරලා උඹලගේ ඔය කොන්ද (සහ තවත් දේවල්) පන නැති උඹලගේ ඔය කාලකන්නි හිරිකිත පක්ෂයේ නපුන්සක හෙළුව වහගන්න මේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ට නරෝත්තමයෙක් ගේ ඇඳිවත් උකස් කරන්නෙපා. වස් වදිනවා උඹලට. සෙල්ලම් කියල හිතන්නෙපා. උඹල ව\මේවා ලියන වෙලාවෙත් රාවනා රජ්ජුරුවෝ යටතේ වැඩ කරපු අසූ කෝටියක් යක්ෂ සේනාව උඹලගේ පිටිපසෙන් නැතුව ඇති කියලද හිතන්නේ? කොරල බලපන්, හැබැයි අන්තිමට අඬන්න වෙන්නේ බොලාටම තමා. පශ්චාත් භාගය උනත් විකුණන එකේ සීමාවක් තියා ගනින්. නැත්නම් භගන්දරා හැදෙයි. ගුද සංසර්ගය වුනත් කරන්න තැනක් නොතැනක් තියෙනවා නේ? මේ වගේ මහා ප්‍රසිද්දියේ කරන්ඩ එපල්ල.

    ReplyDelete
  54. මීවනපලානේ ජයරත්න මහතානනි, Camera යනන්ත් රාවනගේ උප්කරනයක් නොවෙද? , පද නිරුක්තියෙන් පහදා දෙන්න.......

    ReplyDelete
  55. මට මේව තේරෙන්නෙ නෑනේ ඕයි..

    ReplyDelete
  56. mu nam mara yakek...... jayarathnaya hariyata nikan rawana rajuge private secretory wagene,,, mu witharai okkoma danne... mata hithenne rawana raju muta msg or mail karala wisthara ewanawa ethi... mu nam pissu poosek

    ReplyDelete
  57. monawa unath rawana kiyala raja kenek hitiyath nathath me blog eka karana kena methumawa deshapalanayata gawaganna epa,a ka lankawe ithihasayata nogalapeemak washayenui mama nam dakinne

    ReplyDelete
  58. methumage sewaya ma ithamatha agaya karanawa. rathu ratakaju sinduwa haduwe oba thuma noweda ?. nuduru dineyeka apa me ma vishwayama palanay karanwamayi. me karna seayata Oba thumata ama maha nivawan sapa labewaa.

    ReplyDelete
  59. වැඩේ නම් නියමි. හබි ඕක ඇත්ත කියලනම් හිතන්න බ.

    ReplyDelete
  60. mama mechhara kal meka kiyeuwwa aththada boruda kiala hitha ganna baruwa...eth rawana oya kiana tharam balawathek nam mona p-ke amaruwatada UNP eken enne..me jayarathna parawadiya mata pena hatiyata hamadama udeta anda wittamen bimta bahina moda wahanse kenek..ape bahsa=hawenma kianawa nam moda HU_t_thek....
    oya kiana widihata rawana nagitinawa nam nagitapuwawe..Habai oya kiana widihe balayak thiyanawa nam nagitala wada danna thibbe ara prabakaran wesige putha inna kalene...NOdakin wath mehema gandayek..................

    ReplyDelete
  61. මීපලයාණෙනි,

    මම රාවණ විරොධියෙක් නොවේ එත් මට මේ ටික නම් නොවනා සිටිය නොහැක, රව්ණ රජතුමා යනු ඉතා ධර්මිෂ්ඨ රජෙකි, නමුත් මට නොවැටහෙන තැන නම් අටසිල්, කරණීයමෙත්ත සූත්‍රය අපට ලැබුනේ බුදු දහමෙනි, රවණ රජු රට පලනය කලේ ඉටත් සියවස් කීපයකටත් පෙරය, එසේ නම් රවණ රජු නැවත පිබිදවීමට අටසිල්, කරණීයමෙත්ත සූත්‍රය යොදා ගන්නේ කෙසෙද?මීජයෙ කියන්න එපා බුදු දහමත් රවණා රජ්ජුරුවො සොයා ගත්ත දෙයක් කියල, හොක් හොක් හොක්

    ReplyDelete
    Replies
    1. අමාරිස් අයියට කාරණයක් අමතක වෙලා නෙව... ගෞතම බුදුන්ට කලින් තව බුදුවරු කොපමණ හිටියද..?

      Delete

නුදුරු අදහස්