Tuesday, August 28, 2012

රාවණ රජුගේ න්‍යෂ්ඨික අවි මුවහත් කරන ආකාරය.

නුදුරේදීම ඉන්දියාව අප රටට මිසයිල වලින් පහර දීමට සූදානම් බවත්, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දඹර අමිල උන්නාන්සේ ගාව ශ්‍රී රාවණ රජතුමාගේ මිසයිලයක් ඇති බවත් මූලාශ්‍ර සහිතවම හෙළි කළෙමු. මේ ගැන දිවයින පුවත්පතත් වාර්තා කර ඇති බැවින් අප පැවසූ කාරණා ගැන ඔබට සැකයක් තිබීමට නොහැකිය.

එහිදී දඹර අමිල උන්නාන්සේ පැවසූ එක්තා කාරණාවක් ගැන "කැන්ඩියන්" (කැන්ඩියන් යනු හෙළ වචනයකි; කැන්=කැන්ගරුවන්ගේ, ඩි=ඩිම්බ සාදන, යන්=යන්ත්‍රාලය, එනම් රාවණ රජතුමාගේ කාලයේ මහනුවර කැංගරුවන්ව අභිජනනය කරන යන්ත්‍රාලයක් තිබුණි, පසුව ඒ කැංගරුවන්ගෙන් අපේක්ෂිත තරම් කිරි දෙවීමට නොහැකි වූ නිසා උන්ව ඕස්ට්‍රේලියාවට පි‍ටුවහල් කර ඇත) සහෘදයා විමසුවේය, එනම් දඹර අමිල උන්නාන්සේ පැවසූ න්‍යෂ්ඨික අවි මුවහත් කිරීම පිළිබඳවයි. ඒ ගැන පැවසීමට පෙර රාවණ රජතුමාට තිබූ න්‍යෂ්ඨික අවි පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරගමු.


රාවණ රජතුමාට තිබූ න්‍යෂ්ඨික අවි
=======================

යකුනාහේන ගම්මානයේ මහරුස්සන නැමති ලෙනෙන් හමුවූ "නස්සකවිච්චූරණය" නැමති හෙළ පුස්කොළපොතට අනුව ශ්‍රී රාවණ රජතුමා විසින් න්‍යෂ්ඨික අවි ගණනාවක් නිපදවා තිබුණි. ඒවානම්,

1. මිසයිල :- මිසයිල යනු හෙළ වදනකි. මි=මිනිසුන්ව, ස=සංහාරයට, යි+ල=ලක්කිරීම+යි. එසේම මිසයිල ගැන හෙළයින්ගේ වෛමානික ශ්‍රාස්ත්‍රයේත් සඳහන් වෙයි. මිරිහානෙන් හමුවූ සෙල් ලිපියක දැක්වෙන්නේ "මිස අට ඇ මෙ අටා රව රජ හැක ශ ශ ප" ලෙසටයි, එහි තේරුම නම් "මිසයිල අටවා ඇති මෙම අට්ටාලය ශ්‍රී රාවණ රජතුමා විසින් හැදුවකි." එසේම මිරිහාන යන නමේ නිරුක්තිය අනුව පැහැදිළි වන්නේත් මි=මිසයිල, රි=රිය, හා=හාරා, න=නතරකළා හෙවත් පොළොව හාරා මිසයිල රිය නතර කළ ගම මිරිහාන බවයි.


2. යබර බෝම්බ :- බෝම්බය යනුත් හෙළ වචනයකි. බෝම්=බොහෝම, බය=බය; එනම් එය පිපිරවූ විට සතුරා "බොහෝම බය" වෙන නිසා ඒ නම රාවණා ශ්‍රී රජතුමා තැබීය. යබර බෝම්බ සඳහා විකිරණශීලී ද්‍රව්‍ය ලබා ගන්නා ලද්දේ "මහ රත් මල්" නැමැති පැළෑටි විශේෂයට තවත් රහසිගත බෙහෙත් වට්ටෝරුවක් එකතු කර පත අට එකට සිඳවීමෙනි. යබර බෝම්බ තාක්ෂණයේ අග්‍ර ඵලය වන "පරමානු බෝම්බ" තාක්ෂණය පිළිබඳව හෙළ පුස්කොළපොතක් වන "ප්‍රාමාණික ශ්‍රාස්ත්‍රයේ" දැක්වෙයි.

3. ආටිලරි :- ආටිලරි යනු විශාල ප්‍රමාණයේ තුවක්කුවකි. ආටිලරි යනුත් හෙළ වචනයක් වන අතර එහි පද නිරුක්තිය වනාහී, ආ=ආක්‍රමණිකයාව , ටි=ටිකක්බවට, ල=ලක්කරන, රි=රිට. රාවණ රජතුමාගේ ආටිලරි හදා තිබුණේ "උණ බම්බු රිටවල්" යොදාගනිමිනි. ඒවාට බෙහෙත් එක් කර වාණේ වලට වඩා ඝනකම් වන ලෙස ඒවා පදම් කෙරෙයි. දුර සිට බලන්නෙකුට පෙනෙන්නේ රිටක් ලෙස වුවත් ඒවා අද තිබෙන ආටිලරි වලට වඩා බලවත්ය. ඉන් වෙඩි තැබූ විට ආක්‍රමණිකයින්ගෙන් ගොඩ දෙනෙක් මැරී ටිකක් බවට පත් වෙයි. රාවණ රජතුමාගේ ආටිලරි හමුදාවේ නායකයා වූයේ "ආටිගල" නැමත්තෙකි. අද දක්වාම එම හෙළ යක් පරම්පරාව පැවතෙයි.

4. කාලතුවක්කු:- කාලය හරහා අනාගතයටත්, අතීතයටත් වෙඩි තැබ්මේ හැකියාව තිබූ තුවක්කු වර්ගයකි. එය සඳහා "කාලයේ වැලිතලාවෙන්" අරගත් වැලි (හෙවත් සුද්දන්ට අනුව "Sand of Time") යොදාගත යුතුයි. හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත්වල සඳහන්ව තිබූ තාක්ෂණය යොදා ගනිමින් පර සුද්දන් ගොඩ නැගූ "ආටිලරි" වලට අපේම හෙළයින් "කාල තුවක්කු" යැයි කීම කොතරම් අවනම්බුවක්ද?

ශ්‍රී රාවණ රජතුමාට තිබූ කාල තුවක්කු වලත්, වෙඩිල්ල වැදිය යුතු කාලය සුසර කිරීම සඳහා ඉහත රූපයේ ආකාරයට කාල දර්ශකයක් තිබී ඇත.

5. රොකට් :- මෙය අතීත හෙළ යුගයේදී "රා ක‍ටු" ලෙස හැඳින්විය. පසුකාලයේදී ඉන්දියානු බමුණන් රා ක‍ටු තාක්ෂණය සහිත පුස්කොළපොත් හෙළයින්ගෙන් සොරාගෙන ඉතිරිවා ගිණි තැබූ අතර, ශ්‍රේෂ්ඨ හෙළයෙක් වූ හිට්ලර් තුමා ඒවා බමුණන්ගෙන් ලබාගෙන රා ක‍ටු තාක්ෂණය නැවතත් ගොඩ නැගීය.

ඉහත සියලුම ආයුධ සඳහා යුරේනියම් බල ගැන්වූ විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කර ඇති බව ඉපැරණි පුස්කොළපොතක් වන නස්සකවිච්චූරණයේ දැක්වෙයි. පර සුද්දන් විසින් පසුකාලීනව අරුත විකෘති කළත් යුරේනියම් යනු හෙළ වචනයකි. යුරේනියම්=යුර+ඒනියම්. යුර හෙවත් යුග+අන්ධර යනු "යුගය අඳුරට යවන" යන අරුත් සහිතයැ. ඒනියම් යනු "ඒ නියමය" යන හෙළැ අරුත් දේ. මෙසේ හෙයින් මොහන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ "යුගය අඳුරට යවන ලෙස රාවණා දුන් නියමය" නිසා "යුරේනියමය" යනුවෙන් එම මූල ද්‍රව්‍ය පබැඳිණි. (ප්‍රාමාණිකශ්‍රාස්ත්‍රය 56 වන පිට). "යුරේනියම් බලගන්වා පරමාණු බෝම්බය මුල් වරට හැදුවේ හෙළයින්ය" නමින් මීට පෙර වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ පළ වූ ලිපියක මේ ගැන තවත් තොරතුරු දක්වා ඇත.


න්‍යෂ්ඨික අවි මුවහත් කිරීම
==================

නස්සකවිච්චූරණයට අනුව න්‍යෂ්ඨික අවි මුවහත් කිරීමේ අවස්ථා 2ක් ගැන සඳහන් වෙයි.

1. රා ක‍ටු සහ මිසයිල වල තුඩ මුවහත් කිරීම.
ශ්‍රී රාවණ අධිරාජ්‍යයා සතුව තිබූ රා ක‍ටු සහ මිසයිල නිපදවා තිබුනේ කළුවර ලීයෙනි. එම න්‍යෂ්ඨික අවි වලින් පහර වැදුණ විට අහස කළුපාට දුමාරයකින් වැසී ගොස් හාත්පස කළුවර වෙන බැවින් ඒ ආයුධ නිපදවීම සඳහා යොදාගත් ලීයටත් කළුවර යැයි නම් කර ඇත. ඉතින් එම රාක‍ටු සහ මිසයිල දුරකට යැවීමටනම් ඒවායේ දෙපස තුනීයට තිබිය යුතුය. ඒවා දෙපස තුනී කිරීමට ගලක ඒවා අතුල්ලන අතර එය "න්‍යෂ්ඨික අවි මුවහත් කිරීම" කි.

2. ආටිලරි සහ, කාලතුවක්කු මුවහත් කිරීම.
මෙහිදී මුවහත් කිරීම යනු, මුව=කට, හත්=ලොකු කිරීම වේ. එනම් ආටිලරි සහ කාලතුවක්කු වලින් නිසි පරිදි වෙඩි තැබීමටනම් ඒවායේ කට ප්‍රශස්ත්‍ර ලෙස තිබිය යුතුය. උල් වූ යකඩ දණ්ඩක් යොදාගෙන ඒවායේ කට ලොකු කරනු ලැබේ.

මධ්‍යම කඳුකරයේ පිහිටි ගොඩිගමුව නැමති ගම්මානයෙන් හමුවූ ඉපැරණි සෙල් ලිපියක මෙලෙස සඳහන් වෙයි. "ශ රව රජ නස අධ මුහක සථ. හෙ අස කමත." එහි තේරුමනම්, "ශ්‍රී රාවණ රජතුමාගේ න්‍යෂ්ඨික් ආයුධ මුවහත් කීරීමේ ස්ථානය. හෙළ අසුර කර්මාන්තායතනය.". එසේම ගොඩිගමුව නැමැති ගමේ පද නිරුක්තිය බැලුවත් ඉහත කරුණ සනාථ වෙයි, එනම් ගොඩි=ගොඩක්, ග=ගම, මුව=මුවහත්තියන. න්‍යෂ්ඨික ආයුධ ගොඩක් මුවහත් තියන ගම යැයි අපට නිගමනය කිරීමට පුළුවන.

අප මුලදී දැක්වූ පරිදි දඹර අමිල උන්නාන්සේ න්‍යෂ්ඨික අවි මුවහත් කරගෙන සිටින බව කියූයේ ඉහත දෙකෙන් එක් ක්‍රමයකට විය හැකිය. ඒ කුමක්ද කියා කීමටනම් දඹර අමිල උන්නාන්සේගේ න්‍යෂ්ඨික අවිය කුමක්දැයි දැනගත යුතුය. කෙසේ නමුත් දඹර අමිල උන්නාන්සේගේ න්‍යෂ්ඨික අවියනම් ගොඩක් ලොකු එකක් බව, උන්නාන්සේගේ වැඩ කිඩ බැලීමෙන්ම කිසිදු සැකයක් නොමැතිව කීමට පුළුවන.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

57 comments:

  1. දඹර අමිල උන්නාන්සේ මුවහත් කරගෙන සිටි !

    සාදු..සාදු..සාදු ..!!!!!

    ReplyDelete
    Replies
    1. රාවනා රජු පිටසක්වල ජීවියෙක්
      මේ දවස් වල ancient aliens කියල series එකක් යනවා
      මටත් එක බලල දැන් පිස්සු

      http://mycodingerrors.blogspot.com/

      Delete
  2. "කෙසේ නමුත් දඹර අමිල උන්නාන්සේගේ න්‍යෂ්ඨික අවියනම් ගොඩක් ලොකු එකක් බව, උන්නාන්සේගේ වැඩ කිඩ බැලීමෙන්ම කිසිදු සැකයක් නොමැතිව කීමට පුළුවන."
    ඔබ හරි!

    ReplyDelete
  3. ගුරුදේවයනි මට හිතෙන විදිහට ඔය කාලතුවක්කුවෙන් අතීතයට වෙඩි තැබිය හැකිනම් අපි රාමාව සහ ඔහුගේ සේනාව ඉවරයක් කරලම දාමු මොකද කියන්නේ ....
    ශ්‍රී රාවණ සිද්ධම් !!!

    ReplyDelete
    Replies
    1. කාල තුවක්කුව = කාල + තුවක්කුව යන පද විභජනය සාවද්‍යය.

      නියම හෙළු පද විභජනය අනුව,

      කාල තුවක්කුව = තුවක්කු + කාල

      තුවක්කු කාලකින් උඹල අපිට කොරයි ....

      Delete
    2. රාවණ රජතුමා යළි පැමිණි විට ශානක මිතුරා දැක්වූ අදහස ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.
      රාමාගේ අදහසත් වැදගත්, ඒ ගැන සොයා බලන්නම්.

      Delete
  4. දැන් දැන් ආචාරීන්ගේ ලිපිවල වියත් බව වැඩි වැඩියෙන් දක්නට ලැබේ.රාවණාට ජය වේවා!!!

    ReplyDelete
  5. //ශ්‍රේෂ්ඨ හෙළයෙක් වූ හිට්ලර් තුමා ඒවා බමුණන්ගෙන් ලබාගෙන රා ක‍ටු තාක්ෂණය නැවතත් ගොඩ නැගීය.// මෙන්න ඔබතුමාමම පිළිගත්තා රොකට් නූතන හැදුවේ ජර්මානුවන් බව
    http://sathsamudura.blogspot.com/2011/06/blog-post_07.html

    ReplyDelete
  6. අපේ සියලගේ ගෙවල් පැත්තෙත් ඔය රා කටු (රා බොන පොල් කටු)තිබුනා.පස්සේ පොලිසිය ඇවිත් ඒවා හදන මිනිහයි,රා බෝතලුයි,රා කටුයි ඔක්කොම කුදලාගෙන ගියා. අපරාදේ පොලිසිය දන්නේ නැනේ ඒවා එච්චර වැදගත් දේවල් කියලා.චික් මේ මොන මගුලක් වත් තුබුණේ නැනේ LTTE එක එක්ක අපේ කොල්ලෝ මරාගන්න කාලේ.
    මියට දැන් තාම ඒවා මතක වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කොටින්ව පැරදවීමට කාලයක් ගියේ ඒ කාලයේ ඉන්දීය බමුණන් බලවත්වී සිටි නිසා විය හැකියි.

      Delete
  7. ජයරත්න මහතාණෙනි.

    ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සිංහ සමාජයට බැඳීමට මා හට අරාධනාවක් ලැබී ඇත.

    රාවණා පාක්ෂිකයෙක් වශයෙන් මා මෙම තීරණය ගැනීම සුදුසුද...?

    සිංහ සමාජය හා රාවණා මහා රජෝත්තමයාණන් වහනෙසි අතර කිසියම් සබඳතාවයක් තිබේ ද..?

    ලිපියක් මඟින් පැහැදිලි කර දිය හැකි ද..?

    ReplyDelete
    Replies
    1. මා දන්නා පරිදි සිංහ සමාජය ආරම්භ කළේ ශ්‍රී රාවණ රජතුමා වීසිනි. එය සිංහල සමාජය නම් විය. පසුකාලයේදී සුද්දන්ද ඒ වගේම නමක් වන Lions Club යන්න භාවිතා කර ඇත. මේ ගැන ගවේශණය කර ලිපියක් ලියන්නම්. ස්තුතියි මතක් කළාට.

      Delete
    2. ප්‍රිතියි ජයරත්න මහතාණෙනි.

      මා මෙයට බෑදුනු පසුව රවනා පක්ශික සන්සදයක් මෙය තුල ඈති කිරිමට ක්‍රියා කරන්නෙමි.

      අපගෙ උරුමය නෑවත අප වෙත ගත යුතුය.

      Delete
  8. රාවණා කන්ගරුවොන්ට වත් නිදහසේ සිටීමට නොදේ ලිංගික අඩන් තේට්ටම් කර ඇති බවයි වාර්තා වෙන්නේ, ඒ හින්දා කැන්ගරුවෝ කැමැත්තෙන්ම ඕස්ට්‍රේලියාවේ ගියාලු. මේ රාවණා නම් මහා මලයාලි සක්කිලියෙක් හරියට ඇනෝ වගේ, අහු වෙන අහු වෙන හැම හිලටම ඔලුව දාන්ට හදනව, ඇනෝ ට වගේ එකක් නම් බැරිය, රාවණට ඔළු 10ක් නේ,අපරාදේ නුවර හිටපු කැන්ගරුවෝ ටික,

    ReplyDelete
    Replies
    1. රාචිය, ඇනෝ තුමාව ප්‍රකෝප නොකර සිටින්න.

      Delete
    2. ඇනෝ තුමා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි රාචිය යන්න රාචි තුමා ලෙස නිවැරදි කල යුතුයි, මීවන නොපැකිලව මාගෙන් සමාව භාජනය කරනු, එසේ නොවුවහොත් ඇනෝ සහා තා හට පිල්ලියක් ඒවා සුන්නදූලි කර දමමි.

      Delete
    3. ඇනෝ පිස්සයි, මි ජයාවයි අංගොඩ ගෙනිහින් පුකට කරන්ට් ඇල්ලිය යුතුය...එවිට අනොගේ පොර පිස්සුව සහ මියගේ රාවන පිස්සුව හරි යනු ඇත.

      Delete
    4. @ rachi & ThinkTwice
      මේ ඇනෝ මේක තාම දැකල නැහැ. දැක්කනම් විචාරෙ ලියනව. ඇනොව අවුස්සන එක දැන් කාගෙත් ආතල් එකක් වෙලා.පව්, අසරණ ඇනෝ වර්ගපූර්නිකාවේ කවටයානෙ. උබල ඇනෝව අවුස්සන්න එපා.
      නරකද විදූ ගැන හෙව්වොත්.

      Delete
    5. රැචී,

      තමන් ඉඟියෙන් කියන්නෙ තමන් නුවර දිසාවෙ කියලද? මම උනන්දු වන්නේ මම හඳුන්වා දීමට, මම තෝරගන්නෙ තමුන්නැහෙගෙ දිසාව නිසයි. මම වචනයෙන් කීවේ බිඳකි. ක්‍රියාවෙන් ඊට වඩා යමක් කර පෙන්වීමට කැමතිය.

      මේ වගේ රාවනාලාට අපහාස කරන්නේ සිංහලයන් නොවන බව මම පැහැදිලි කලෙමි. ඔය "අහු වෙන අහු වෙන හැම හිලටම ඔලුව දාන්ට හදනව" කතාව කැන්ගරු ඉන්න රටේ පරමතැන (පරමතා) කියන නගරේ හිටපු සුදු නගරාධිපතිගෙ බිරිඳ තම සැමියා ගැන කල විස්තරයට සමානයි. ඇය වැටක හිටවපු ඉන්නක ඇති හිලකට වුනත් සැමියා මොනවද කරනවා කිව්වේ, සැමියාගේ අධෝමගට cork screw එකකින් ඇන පොලීසියට ගිය විටය.

      මම මේ දිනවල නුවර ජන ජීවිතය හදාරමි. විශේෂයෙන්ම කෝට්ටෙන් පැනගොස් වලව් අටවාගෙන එම ප්‍රදේශවාසීන්ට කරදර කරන මලයාලි ගැනය. වලව්ව යනු අලව් යකාගෙ තැන විසුලුවට ලක් කල පදයකි. දෙමළුන්ට එය මැඳුර ලෙස අන්දවා ඇත. උන්ගේ හැසිරීමද ඊට කදිමට ගැලපේ.

      මීවන තුමා,

      සිංහල වෙස් ගත් පරයන් ඔබේ බ්ලොගයද සිංහලයන්ට ගරහන තැනක් කර ඇත. එක සිංහලයකුගේ මතය, පරයන් සුවහසකගේ පොත් අනන්තයකට වඩා අඟනා වන්නේ, එය හුදු දිවි රැකීමටම කියන නිසාය. ඔබට උන්ගෙ ජන්ම ගතිය වෙනස් කල නොහැක. එහෙත් මගේ සමීප ජූවකු කී ලෙස, ඔබටද fake it till you make it කල හැක. මම ඉතා වටිනා ලිපියක් වන මෙයට අඟනා එකතුවක් පසුව කරමි.

      මේ ThinkTwice ගේ ප්‍රතිචාරය පිස්සන් කොටුවේ බිත්තියක කුරුටු ගීයකට කදිමය. මානසික ආබාධිතයන්ට සිංහල විරෝධී මේනියාව හිසට ගසා ඇත. නොඑසේ නම් අභියෝග කලයුත්තේ ලිපියේ අන්තර්ගතයටය. මෙවැන්නන් න්‍යෂ්ඨික අවියක් තැනීමට දනී නම් ලිපියේ අන්තර්ගතයට නිසි විවරණයක් කලයුතුය. එවිට ඉතිහාසාචාර්ය කෙනෙකු ලෙස මීවන තුමා කිය දෙය තාක්ෂණික ක්ෂේත්‍රයට පෙරලා කෙතරම් සමීපදැයි දත හැක. මේ අමනයා මම නිකමකු ලෙස දකින්නේ මානසික ආබාධ උත්සන්න නිසාය. මම මගේ විස්තර දුන්නේ නිකමට නොවේ.

      තමන් සිංහලයන් ලෙස හඳුන්වාගෙන, සිංහලයන් මොවද කලේ කියා අසන්නන් බොහෝය. එහෙත් උන් සිංහලයන් ලෙස තමන්ගෙන් ඉටු වූ දෙයක් ගැන නොකියන නිසා, උන් සිංහලයන් නොවන බව සහතිකය. අවසන, උන් කියන්නේ උන් ගැනමය. හිඟනුන්ට පුදා සිහලුන් කරගත් විනාශය හිඟනුන් නසා නිවැරදි කලයුත්තේද සිහලුන්මය.

      Delete
    6. @කටකහනවට අනේ, August 29, 2012 8:30 AM:

      උඹ වැනි සිංහල විරෝධීන් කෝටියකට වුව පිළිතුරු දෙන්නෙ, මගෙ සිංහල දැනුමට ඇති ණය ගැති බව නිසාය. දැන් උඹලා විහිළුවෙන් ගැලවෙන්නට මාන බැලුවද උඹලාට ගැලවීමක් නැත. උඹලාට එක වචනයකින්ද සිංහලකමට නිගාකර ගැලවිය නොහැක. මා කවටකම් කරයි නම් උඹ දැනටම හිස සත්කඩකට කැඩුනු පිස්සෙකි. එහි තේරුම නොදත් හිඟන සම්භවයක් ඇති අමනයෙකි. මම උඹලා සමඟ පැටලුනේ මීවන තුමාගෙ සත්කාර්යය නිර්දය ලෙස අවමානයට ලක් කල නිසාය. උඹලාට සැඟවීමට තැනක් නැති බව ඉතා ළඟදී අත්දකින දෙයකි. සුනඛයන් උඹලාට වඩා හොඳින් බුරනවාය. ලස්සනට හිනා වෙනවාය.

      Delete
    7. @ Anonymous One orig
      "මම උඹලා සමඟ පැටලුනේ මීවන තුමාගෙ සත්කාර්යය නිර්දය ලෙස අවමානයට ලක් කල නිසාය."

      මීවනයා කව්ද කියා අමුතුවෙන් තේරැම් කිරීමට අවශ්‍ය නැත. මෙහි එන යන කුඩා දරුවකුටවුවත් මේගැන පැහැදිලිවේ. දැන දැන මේ කියන කෙප්ප නිරදය ලෙස අවමානයට ලක් කරනවා මිස බලා සිටිය හැකිද? පැහැදිලි ලෙස රාවනා ඉතිහාසය වනසන මීවනයා ගැන මෙකට හොද කියමුද? මීවනයා මේ වන විටත් රාවනා ඉතිහාසය විහිලුවක් කර හමාරය. උබ එයට ටීකා සපයයි.උබ හෙලයෙක් නෙවයි මලයාලි සක්කිලියෙකි. තෙපිට යන්නට තැනක් නැත.
      බලපන් අද පෝසට් එක. ඒකෙ වැදගැම්මක් ඇති දෙයක් තියෙයිද? මීවනයාට කියන දේවලට උබ අහකයන නයි රෙදි අස්සේ ඔබාගෙන ලැබන දෙයින් කුපිතවී පිස්සකු ලෙස හැසිරෙනවිට මීවනයාටත් වඩා කුජීතයි නේද?

      Delete
    8. අනෝ උඹ නොදන්නා පණ්ඩිත ටෝක්ස් දෙන්ට ගිහින් හැම වෙලාවේම ගූගා ගන්නවා. Fake it till you make it (Act as if) කියන්නේ, ඔබට මොනවා හරි අවශ්‍ය නම එය දැනටමත් ලැබී ඇති සේ ජීවත් වන්න කියන එකයි,

      මීයට ඕනේ රාවණ නැගිට්ටවීමට, ගොන් හරකෝ කොහොමද දන ඌ අර උඹ කියපු එක කරන්නේ? රාවණ නැගිට්ටා කියල හිතාගෙන උට ජීවත් වෙන්ට කියලද? රාවණා ලෝකේ පාලනය කරනවා කියල හිතින් මවාගෙන ජීවත් වෙන්ටද? උඹට මීයාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද? මීයටගේ පිස්සුඩබල් කරන්ට හදන්නේ? ඔන්න ඔහේ සාමාන්‍ය පිස්සෙක් වගේ උට ඉන්ට දීපිය,

      Delete
  9. මෙතන රන්ඩු වෙන අය නිසා ආතල් කැඩෙනවා ජයේ ..

    ReplyDelete
    Replies
    1. වහාම ක්‍රියාත්මක වන පරිදි රණ්ඩු කරන උදවියගේ කොමෙන්‍ටු රාවණය (වාරණය) කිරීමට සිදුවේවි වගේ.

      Delete
    2. මෙතන කව්රුත් රණ්ඩු කරන්නේ නෑ, අදහස් ප්‍රකාශ කරනවා විතරයි.

      Delete
  10. මට පුදුම මේ තරම් ඇත්තයි බොරුයි දෙක කවලම් කරල ආතල් විදියට ලියන එක.මේ මූලාශ්‍ර ග්‍රන්ථ ගැන බැලුවහම සේරම හරි.ඒ ඒ කියන දේවල් සම්බන්ධවම ලියපුවා.

    ReplyDelete
    Replies
    1. ජෝතිෂ්‍ය මහ ඇදුරු තුමනි. ඔබතුමා පවසන පරිදි මූලාශ්‍ර ගන්ථ මෙන්ම මා දක්වා ඇති කරුණුත් 100%ම සත්‍යයැ. ඒවා බොහෝමයක් බමුණන් විසින් සමච්චලයට ලක් කර ඇති නිසා අප මූලාශ්‍ර සහිතවම දැක්වුවත් බොහෝ අය පිළි නොගනී. ඒ විතරක්යැ, උසුළු විසුළුත් කරයි. ඔවුන් නොදන්නවා වුණාට අපගේ පෙර හෙළුවෝ ඉර හඳ ඇල්ලූ බවටත් පුස්කොළපොත් වල ලිඛිත සාක්ෂි පවතී.

      Delete
    2. බුදුන් වහන්සෙ ලන්කාවට වැඩම කරල මුලින්ම හෙළයින්ගෙන් ඇහුවෙත් " ඉර ඇල්ලුවා, හඳ අල්ලුවා, ඒත් තමන් ඇතුලට මොහොතක් එබිල බැලුවද කියලලු...ඒකෙ අප පිළිගත යුතු මහා දෙයක් තියනවා නොවේද?

      Delete
    3. @Kelum,
      ඔබ කී දැය සැබෑ නම් අගේය. "බුදුන් වහන්සෙ ලන්කාවට වැඩම කලා" යයි ඔබ අදහස් කරන්නේ සිදට් හෙවත් සිද්ධාර්ත ගෞතම නමැත්තා නම්, එය බෞද්ධ මිෂණාරීන් සිංහලයන්ට ගිල්ලූ කෙප්පයකි. එසේ නම් නුදුරු කල, ක්‍රිස්තියානි කාරයන් ජේසුස් ලන්කාවට ආවා යයි පතුරුන කෙප්පයද සැබෑ වේවි. අශෝක් ඉතිහාසය මැවීමට පෙර, සිදට් ගැන දැන සිටියේ සොහොන් ළඟ ගැවසුනු වර්ගය පමණි. මෙරටට ඒමක් තබා ඉන්දියාවටද අමුත්තෙකි. බෞද්ධ මිෂණාරීන් අද මෙන් එදාද බඩ වඩා ගැනීමට නොකියපු කෙප්පයක් නැත. ගෝතම කෑල්ල ඈඳුවේද උන්මය. අදද එවැනි කෙප්ප බහුලය. "කාලෝ ෆොන්සේකාගේ අභියෝග මේ වන විටත් මහින්ද රාජපක්ෂයන් ඔප්පු කර හමාරයි." ලිපියේ රූපය දෙස බලන්න. එහි ඇති "රාවණ පරපුරෙන් උපන් දියසෙන් මහින්දාභිෂේකය" සැබෑවක් නම් මම සිංහලයන් නැති ලොවකට යමි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. මෙවැනි චාටු කාරයන් ඉතිහාසය කසලගොඩක් කර ඇත.

      පර ගැති බව අප අන්ධ කරනවා. අන්ධ භක්තිය අපේ හැකියාවන් නසනවා. සිංහල දැනුම ගිලිහුනේ බහුතරය පර ආගම් බදාගෙන අන්ධ වී තම උරුමය හල නිසාය.

      "ඉර ඇල්ලුවා, හඳ අල්ලුවා, ඒත් තමන් ඇතුලට මොහොතක් එබිල බැලුවද කියලලු" කියන දෙයද බෞද්ධ මිෂණාරීන් සිංහලයන්ට ගිල්ලූ මනස්ගාතයකි. සිංහලයන් තරම් "සිත හා ගත" ගැන දත් වෙන කිසිවකු නැත. සිදට් බිහිවීමට වසර දහස් ගණනකට පෙර හින්දූන් අතට පත් ලංකාවතාර සූත්‍රය ඒ මහා දැනුමෙන් බිඳක් කියනවා. ඒ අතින් සිදට් දන්නේ ගිරවකු ලෙස කී දෙය පමණි. මම ඔවුන් හොර බුද්ධලා ලෙස හඳුන්වන්නේ බොහෝ හේතු ඇතිවය.

      යමෙක් පරාජිතයකු වී මනුසත් බව හැර යාමට වෙර දරයි නම් එය යහපති. එහෙත් එයා මහා සිංහල උරුමයකි යි කීම වසල ක්‍රියාවකි (JHU). සිංහලකම බිහිවුනේ මිනිසත් බව අගැයීම හා පැවැත්ම රැකීම පදනම් කරගෙනය. ඔබ සිංහල දැනුමට හිමියකු වීමට නම් "මම මනුෂ්‍යයෙකි. මනුෂ්‍යයකු වීම උතුම්ය. මට සැමදා මනුෂ්‍යයකු වීමට ඕන. මම මනුෂ්‍ය පැවැත්ම රකිමි. නැවත නැවතත් සිංහලයකු වී දෙස බස රැස රකිමි." යනාදී ලෙස සිත නිසල හැම විටම මතුරන්න. ඔබ සිංහල දැනුමට හිමියකු වී සැබෑ ලොව දකිනු ඇත.

      Delete
    4. Anonymous One orig යනු මීවනපලානේ ජයරත්නමය
      මූ පෙර දැමූ කමෙන්ට් වලටවඩා දැන් දමන ඒවා මීයාටම සරිලන ඒවාය.
      යකෝ තෝනෙ මේකෙ ඉන්න මිෂණාරිය. තව එවුන් මොකටද? යකෝ ඇනෝ ලිපියට වඩා දිගට ලියන කමෙන්ට් එකත් ලිපියටම එකතු කලානම් හෙදයි නේද? තොපි වගේ එවුන් තමා යකෝ රට කන්නෙ.කාලකන්නි මලයාලි සක්කිලි හිගන්නා.

      "ඒ අතින් සිදට් දන්නේ ගිරවකු ලෙස කී දෙය පමණි. මම ඔවුන් හොර බුද්ධලා ලෙස හඳුන්වන්නේ බොහෝ හේතු ඇතිවය."
      මෙහි එන එකෙක්වත් මේවාට යමක් නොකියයි.සමහරු වෙන වෙන ආගම් වල වියහැකිය. තෝද එවැන්නෙකි.මූසල කටක් තිබූ පමනින් එයින් සංහතියටම වින කිරීම යුතුද?

      Delete
    5. @කටකහනවට අනේ බුදුන්ගේ කාලෙත් ඇනෝ වගේ පිස්සෝ හිටියා, මූ අවජාතකයෙක් කියල උන එකට සමාජයට වෛර කරලා කරලා පිස්සු වැටිලා. මූ හිතන්නේ මූ තරම් දන්නා එකෙක් ලෝකේ නෑ කියල. මූ බුදුන්ටත් වඩා දන්නවා, ජෙසුටත් වඩා දන්නවා, මූ තමා මේ ලෝකේ ඉන්න හැම දේම දන්නා එකා කියල හිතාගෙන ඉන්නේ. මූ බහු බූත පොත් කියවල, ෆිල්ම් බලල පිස්සු වැටිලාද කොහෙද, මනෝ ලෝකෙක ජීවත්වෙන්නේ, දැන් දැන් පෙන හැටියට ඇනෝ කියන්නේ මීයම තමා වගේ, මූ ඉන්න නැතක් හොයාගෙන අංගොඩට ගිහින් දාමුද? පව්නේ.

      Delete
    6. @කටකහනවට අනේ August 29, 2012 5:47 PM; @rachi August 29, 2012 7:04 PM :-

      "Anonymous One orig යනු මීවනපලානේ ජයරත්නමය" - උඹ මට අපහාස නොකරනු.
      දන්නා දෙයක් ඇත්නම් කියව. මා කී සැම දෑ සැබෑය.

      උඹේ සැබෑ මානසික තත්වය ගැන මා කී දෑ මීවනයන් වාරණය කර ඇත.

      සත්‍යයය වසන් කිරීමට, කියන්නාට මඩ ගසා කල නොහැක. සිංහලකමට නින්දා කල උඹේ ජාතකයත් උරුමයත් මම කලින් පැහැදිලිව කියා ඇත.

      මලයාලි හිඟන උරුමය කරපින්නා ගත් උඹ සමඟ වාද කිරීම මට නොපැහේ. මෙය කියන්නෙ සිහලුන්ටය. කෙනෙකු මැනිය යුත්තේ ගැත්තන්, සේවකයන්, හෙන්චයියලා කරන වරුණෙන් නොවේ.

      හින්දූන් කියන්නේ මිනිසත් බව තිරසනුනටත් පහලට දමා උන්ට වැන්දවීමට බිහිවුන ශාපයයි. සිදට් හෙවත් සිහලෙන් සිද්ධාර්ත යයි කියන්නෙ බුධ කෙනෙක් නොව හින්දූත්වය අන්තයට ගෙන ගොස් මිනිසා සියතින් මනස සිරකර සමූලඝාතනයට මංපෙත් හෙළිකල විනාශකාරයාය. ජේසුස් යන මිනිසා මිනීමස් කන, ලේ බොන, දෙවියන්ගෙ නමට මුවා වී ම්ලේච්ඡකම උරුම කර දුන් විනාශකාරයාය. මොහමඩ් යනු මවුන් තලා තිරිසනුන් බිහි කල, දෙවියන්ට මුවා වී මංකොල්ලකෑම, ස්ත්‍රී දූෂණය හා ඝාතන කල විනාශකාරයාය. කාල් මාර්ක්ස් යනු හිඟනුන් කුපිත කර මනුකම නසා පොරකන තිරිසනුන් බිහි කල විනාශකාරයාය. මේවා මම කියන දෑ වලින් නොව උන්ගේ ක්‍රියාවෙන් ඔප්පු වී ඇති දෑය.

      මෙවැනි විනාශකාරයන් මට සම කිරීම හිඟනුන්ගේ තිරිසන්කම එළිදැකීමකි. අනුන්ගෙ දැනුමෙන් මෙම අපරාධ කලවුන් සදාකාලිකව අපාගත වී ඇති බව කියමි. උන් ගිය දෙව් ලොවක් නැත. ලැබූ නිවනක් නැත. එමග යන සැම මනුකම දරන්නේ අවසන් වරටය. මා හා සම කල විට මේ අපරාධකාරයන්, අඟපසඟ විකල වූ අඳ ගොලු බීරන්ටත් වඩා දුබලය. මම කවුදැයි සිංහලයන් නුදුරු අනාගතයේ දැනගනු ඇත. එතෙක් එය එසේ විය යුතු නිසා මම නොකියමි. මම අද ජීවත්වන, ක්‍රියාවෙන් තම හැකියාව පෙන්නූ කෙනෙකි. ඒ අතින්, මේ අපරාධකාරයන් වීරයන් වූයේ මුලාවෙන් හා බොරුවෙන් ගෙතූ හිතළු නිසාය. මෙවැනි අමනුෂ්‍යයන්ට එසේ ඇත්ත කීමට සිහලුන් බිය නොවිය යුතුය. උඹලා රකින්නේ මෙවැනි පාපීන් නොව හිරුම බව අවබෝධ කර ගනිව්.

      Delete
    7. ඔනේ නැහැ බන් තව ටික කලක් ගියහම මූගේ ආත්ම විශ්වාස වැඩි වෙයි. එතකොට මූ පටන් ගනී ප්‍රසිද්ධියේ ඔය බහුබූත කියන්න. ඔහොම දවස් දෙකක් යන කොට ඌට වෙන්න ඕනේ දේවල් වලටත් වැඩිය දේවල් වෙයි.

      Delete
  11. මේ මහින්ද රාවණ පාක්‍ශිකයෙක් කිව්වා නේ එහෙනම් මොන රෙද්දකටද රජය අර කෝවිලේ අහිංසක සත්තුන්ව බිලි දෙන්න අනුමැතිය දුන්නේ???????????

    ReplyDelete
    Replies
    1. සමහර විට ශ්‍රී රාවණයන් අවදි වීමට පෙර හින්දු බමුණන්ව ප්‍රකෝප කිරීමට ආකමැති නිසා විය හැකියි.

      Delete
    2. අනේ බම්බුව බමුනු හැත්තට කවද්ද හෙළයෝ කොන්ද නැමුවේ?? යකෝ ෆොන්සේකාගේ අගේ දැනුයි තේරෙන්නේ කොන්ද පන ඇති හෙළයෙක්!!!!!! මුන්ට චනදය ගන්න ඔවාට ඉඩ දෙනවා!!!!!! තූ විතරක්

      Delete
    3. අනේ මෝඩ මීයෝ, උන් ප්‍රකෝප උනාම මොකද වෙන්නේ? උන්ට බයේ සිංහලයෝ නැට්ට අකුලාගෙන හැන්ගේනවද, තෝ මෙච්චර කල හෙළුව කියල කිව්වේ ඔය බයගුලු කමටද, මීයෝ තෝ ඔය කතා කරන්නේ රෙද්දක් ඇදගෙනද? ඔයිට වඩා හොදයි රෙදි ටික ගලවලා කොළ අතු ටිකක් වටේ එල්ලගෙන පාරේ නට නටා හෙළුව ගැන කියපිය.

      යකෝ සිංහලයෝ ඔය මොකා ප්‍රකෝප උනත් බය වෙන්නේ නෑ, රාවනා කියන නිදාගෙන ඉන්න අවජාතක නපුංසකය ආවත් එකයි නැතත් එකයි. තෝ උගේ කටු කන බලු කුක්කනේ, මට ආසයි උඹව අපේ ගෙදර ගෙනල්ල ගේට්ටුව ළඟ බැඳලා තියෙන්ට, මස් කට්ටක් දුන්නම හොදට බුරයි එතකොට

      Delete
    4. @rachi, උඹේ සැබෑ මානසික තත්වය ගැන මා කී දෑ මීවනයන් වාරණය කර ඇත.

      Delete
    5. ඒක එකාගේ මානසිකත්ව ගැන කියෙන්නේ උඹ මෙන්ටල් ඩොකෙක් කියලද හිතාගෙන ඉන්නේ? අනේ මන්දා උඹට පිස්සු වර්ග කීයක්‌ තියෙනවද කියල,

      ඒක නෙවෙයි ඇනෝ උඹ මේ ලෝකේ තියෙන දේවල් වලින් දන්නේ නැති දෙයක් තියෙනවද?

      Delete
  12. මේ මහින්ද රාවණ පාක්‍ශිකයෙක් කිව්වා නේ එහෙනම් මොන රෙද්දකටද රජය අර කෝවිලේ අහිංසක සත්තුන්ව බිලි දෙන්න අනුමැතිය දුන්නේ???????????

    ReplyDelete
  13. මමීවනපලානයෙනි..
    http://lankagamdoranews.com/sinhala/index.php/urumaya/307-ravana2
    මෙම ලින්කුවේ දැක්වෙන පරිදි රාවණ රජු අජෛය වරම ලැබූවෙකි. නමුත් අජෛය වරම ලැබූවෙකු පවා මරණයට පත්කළ හැකි අවියක්වන "මෘතයු වාණය" නමැති අවිය මහා රාවණ රජු විසින් නිපදවා ඇත. විභීෂණගේ පාවාදීම නිසා මෙම අවියෙන් පහර දී රාවණ රජුන් මරා දැමීම සත්‍යයක්ද? මේ පිලිබඳ ඔබ තුමාගේ අදහස දක්වන්නේ නම් කැමැත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණ රජතුමව මරණයට පත් කර නැත. මි‍රැන්ඩෝ ඔබේසේකර, රාවණ බ්‍රදර්ස් ආදීන් ද එම මතයේම සිටී. එනිසා මෘතයු වාණයෙන් පහර දුන්නත්, රාවණ රජතුමාට කෘතයුශප්නය නැමති ඖෂධය තිබූ හෙයින් ඉන් බේරී නිද්‍රාවට පත් වී ඇත. මේ වසර අගදී එතුමා නින්දෙන් පිබිදුනු වහාම අපට ඇත්ත කතාව දැනගන්න පුළුවන්.

      ඔය ලිපිය ගැන මාත් අ‍ටුවාවක් ලියන්නම්. ඔය ගැන දැනුවත් කළාට ස්තුතියි .

      Delete
  14. තා හටද න්‍යශ්ටික අවියක් ඇත්දැයි මට සැක පහලව ඇත...

    ReplyDelete
    Replies
    1. මා හට නම් පුංචි පහේ යගදා රාජයෙක් ඇත ...

      Delete
  15. මාර ආතල් මියෝ

    ReplyDelete
  16. ඔන්න ඔහොමලු න්‍යෂ්ඨික අවි මුවහත් කලේ..

    //රාවණ රජතුමාගේ කාලයේ මහනුවර කැංගරුවන්ව අභිජනනය කරන යන්ත්‍රාලයක් තිබුණි, පසුව ඒ කැංගරුවන්ගෙන් අපේක්ෂිත තරම් කිරි දෙවීමට නොහැකි වූ නිසා උන්ව ඕස්ට්‍රේලියාවට පි‍ටුවහල් කර ඇත//

    ඒක නෙවේ....මේ කතාව නම් අඤ්ඤකොරොස් කතාවක්. පිටුවහල් කලේ යන්ත්‍රාලයද කැන්ගරුවෝද?
    මහනුවර කොයි පලාතේද යන්ත්‍රාලය තිබුනේ? හොයලා බලන්න බැරිද මේගැනත්...

    ReplyDelete
  17. අගෙයි ජයේ අගෙයි කෝරලේ මහතාත් වහාම ක්‍රියාත්මක වන පරිදි මුවහත් කරගන්නේය එය සුදුසුද?

    ReplyDelete
  18. මෙපමන බලය ඇති රාවන රජු රාමාට පැරදුනේ ඇයි..???

    ReplyDelete
    Replies
    1. ඒ මේකනේ රාවණා කාරය ගුවන් ආරක්ශක පද්ධති හැදුවට ඌට භූමිය ආරක්ශා කරන්න මොකක් හරි අටමගලක් අටව ගන්න බැරි උනා. ඒකනේ අර වදුරු තඩියා ලන්කාවෙන් බාගයක්ම ගිනි තිබ්බේ.

      Delete
  19. ඌ පැරදුනේ ඉන්දියාවට නේ බං, වර්ල්ඩ් කප් එකත් පැරදුන එකේ ඕක මොකද්ද බං. උන් ලියන කතා උන්ට ඕනේ විදිහට ලියන්නේ.
    අපේ අය ලියන කතා අපිට ඕනේ විදිහට ලියන්නේ. මනමේ කුමරිය වැද්දට කඩුවේ දුන්නේ ඇයි කියල කාගෙන්ද අහන්ට ඕනේ? කුමරියගෙන්ද වැද්දගෙන්ද, නැත්නම් සරත්චන්ද්‍ර ශූරින් ගෙන්ද?

    පොත් ලියන එවුන්ට ඕනේ එකක් ලියන්ට පුළුවන් බං. බලපංකො අපේ පිස්සු මීයා මේ ලියන්නේ රාවනා ගැන පට්ට ආතල් කතා ටිකක්. ඕවා ගැන හිතන්නේ නැතුව මේක බලල ලේ පිරිසිදු කරගනිං

    ReplyDelete
  20. Can you please upload some scanned pictures of the resources (documents)? Thanks.

    ReplyDelete
  21. මොක වුනත් දඹර අමිල හිමියෝ නම් උලාගන මැදගෙන වගේ.... වලි හින්දා එන්න හිතෙන්නේ නෑ..

    ReplyDelete

නුදුරු අදහස්