Saturday, June 30, 2012

NASA යනු රාවණ රජතුමාට තිබූ අභ්‍යවකාශ ගවේෂණ මධ්‍යස්ථානයකි.

චක්‍රවර්තී ශ්‍රී රාවණ අධිරාජ්‍යයා වෙනත් ග්‍රහලෝක සමග පවා යුද වදිමින් වෙනත් ග්‍රහලෝකත් අපගේ හෙළ ස්වස්තික ධජය යටතේ පාලනය කළ ආකාරය ඕනැම රාවණගවේශකයෙක් විශ්වාසයෙන් යුතුව දන්නා දෙයකි. ඒ පදනම මත සිටිමින් සෑම රාවණගවේශකයෙක්ම තම හදවතට තට්‍ටු කර බැලූ විට, රාවණ රජතුමාට අනිවාර්යයෙන්ම අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයකුත් තිබුණ බව වැටහේවි.

රාවණ රජතුමාගේ සමයේ, හෙළයේ යටත් විජිත වල ජීවත් වූ ජනපදිකයින්, උදෑසන නැගිට මුව දොවා මිදුලට ගොස් අහස දෙස නෙත් විදහා, ඈත ආකාසයේ ක්ෂීර සාගරයේ නිල් පාටින් දිළෙමින් මුළු විශ්වයම රාවණ කාන්තියෙන් ප්‍රභාමත් කරන්නා වූ ඒ "මිහිකත" නම් ලෝක ගෝලයේ මධ්‍ය ලක්ෂයේ ඇති "හෙළදිව" දෙසට හැරී, දෑත් ඔසවා දොහොත් මුදුන් තබා තෙවරක් සාධු සාධු සාධු කියා නමස්කාර කරන බව ඉපැරණි පුස්කොළපොත් වල මැණවින් විග්‍රහ වෙනව. අතීතයේදී දෙවිවරු පවා අප හෙළ දිවට වන්දනා කල බව පැ‍රැන්නන් කියන්නේ එනිසයි.

නීලගිරි පර්වතයේ තිබී හමුවූ ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොත වන වර්ගපූර්ණිකාවේ සඳහන් වන ආකාරයට, රාවණ රජතුමා විශ්වය ගවේෂණය කිරීම සඳහාත් වෙනත් ග්‍රහලෝක සහ විශ්වීය ජනපද ගැන විමසිල්ලෙන් සිටීමටත් භාවිතා කළ අභ්‍යවකාශ ගවේශණ මධ්‍යස්ථානයේ නම තමයි "නාසා". මේ නම දු‍ටු සැනින් මටත් සිහියට ආවේ ඇමරිකාවේ වොශිංටන් මූලික කරගනිමින් පිහිටා ඇති National Aeronautics and Space Administration (NASA) නැමැති අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයයි.


ඒ අනුව මා කියවුයේ වර්ගපූර්ණිකාවේ හොර කොපියක් දැයි මා හට කුකුසකුත් ඇති වුණා. නමුත් රාවණගවේශකයින්ගේ ඇති ප්‍රධානතම ප්‍රතිපත්තියක් තමයි, හෙළයින්ගේ කිතු ගොස වනන යමක් ගැන සැකයක් ඇති වූ සැනින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකීම. ඒ අනුව ඔය ගැන තවදුරටත් හෙළගවේෂණය කිරීමට මසිත නොදැනුවත්වම පෙළඹුනා. එහිදී ම හට තහවුරු දේවල් පුදුමාකාරයි.

වර්ගපූර්ණිකාවෙන් පෙන්වූ සිතියම් මග යමින්, නාවල නගරයට නුදුරින් තිබෙන ඉපැරණි වෙල් යායක් මාගේ ගවේශණයට යොමු කළා. එම වෙල් යාය පිහිටා තිබෙන්නේ අක්කර ගණනාවක විශාල පරිධියකින් යුතු නොගැඹුරු වලකයි. අතීතයේදී "නාසා වල" ලෙස හඳුන්වා ඇත්තේ එම වලේ ඇත් වෙල් යාය බව, එහිදී මා හට හමුවූ පාරම්පරික ගැමියෙක් වන 95 වයසැති එබරං ආතා පැවසුවා.

එයට "නාසා වල" ලෙස හැඳින්වූයේ ඇයි දැයි මා වෙල් යාය පුරාම සොයද්දී මා හට ඈතින් පඳුරු වලට වටවී තිබූ සෙල් ලිපිය දිස් වුණා. ඒ සෙල් ලිපියේ රාවණයුගයේ ඉපැරණි පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා තිබුණේ මෙලෙසයි.
"නශ - අශ නිශ. අධ අෂ කප. අස ඇථ වන ආථ විශ ඛ ල්‍ය"
එහි තේරුම ම දන්නා තරමින් මෙලෙසයි. "නාසා - අභ්‍යවකාශ නිරීක්ශණාගාරය. අධි ආරක්ෂිත කලාපයකි. අනවසරයෙන් ඇතුළු වන්නන්ගේ ආත්මය විනාශ කරනු ලැබේ"
ඒ අනුව රාවණ යුගයේදී එතැන නාසා යමින් යම් ඉදිකිරීමක් තිබූ බව තහවුරු වුණා. මේ බව මා එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මාස කීපයකට පසුව දැනගන්නට ලැබුණේ ඒ සෙල් ලිපිය කුඩු කර දමා ඇති බවයි. හෙළයෙනි, ඒ පාහර ක්‍රියාව පස්සේ සිටින්නේ කවුරුන් විය හැකිද? කොහොම නමුත් තාමත් නාවල වෙල් යාය ගාව පාරේ ගල් ගොඩක් ඇති අතර එහි ඇත්තේ මා කිව් එම සෙල් ලිපියේ නෂ්ඨාවශේෂයනුයි.

වර්ගපූර්ණිකාවේ දී ඇති පද නිරුක්ති සම්ප්‍රදායේ යමින් නාසා යන්න නිරුක්ති කළ විට නා=නාසය, සා=අහස ලෙස භින්න වී, "අහස දෙසට ඇති නාසය" යන අරුත ලැබෙනවා. සාමාන්‍යයෙන් නාසයෙන් අප කරන්නේ ගඳ සුවඳ බලා යමක් හඳුනාගැනීමනේ. අන්න ඒ වගේ "අහස දෙසට ඇති නාසයකින්" සිදු කරන්නේ අහසේ ඇති දේවල් ගැන හඳුනා ගැනීමයි.

දැන් හොඳටම පැහැදිළියි නේද, නාවල හි "නාසා" නමින් රාවණ රජුගේ අභ්‍යවකාශ නිරික්ෂණ මධ්‍යස්ථානයක් තිබිල තියෙනවා. "නාසා තිබූ වල", නාසා+වල සන්ධි වී පසුකාලයේදී "නාවල" බවට පත් වෙලා.

වර්ගපූර්ණිකාව නැමැති පුස්කොළපොතේ තවදුරටත් සඳහන් වෙන පරිදි රාවණා රජතුමා විසින් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස තනතුරක් ඇති කර තිබෙනවා. ඔහුව නම් වී ඇත්තේ නාරද නමින්. නා=නාසා, රද=රජු, ඒ අනුව නාසාහි සිටි රජු(ප්‍රධානියා) නාරද නම් වෙනව. අදටත් ඇති නාරද පෙළපත පැවතෙන්නේ ඔවුන්ගෙන්.

අරිසෙන් අහුබුදුවන්ට අනුව වාරියපොළ යනු "වාතයෙන් යන රිය පොළ" හෙවත් රාවණ රජතුමාගේ දඬුමොණර ගොඩ බෑ ගුවන්තො‍ටුපොළක්. ඒ අනුව මා ගවේශණය කළ පරිදි වාරියපොළ සහ නාවල අතර ඉතාමත් කෙටි ගමන්මාර්ග කීපයක්ම තිබී තිබෙන්නේ අතීතයේදී වාරියපොළ දඬුමොණර යාත්‍රාංගනය සහ නාසා අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය අතර තිබූ සම්බන්ධතාවය මැනැවින් ඔප්පු කරමිනුයි.

කොඩ්‍රින්ටන් නැමති පර සුද්දා අපගේ පුස්කොලපොත් එංගලන්තයට ගෙන ගිය බව අප හෙළයෝ සියල්ලෝම එක හෙළාම පවසන්නක්. ඒ පුස්කොළපොත් අතර නාසා ගැන සඳහන් බොහෝ පුස්කොළපොත්ද තිබුණ අතර තාමත් ඒවා ලන්ඩන් කෞතුකාගාරයේ පවතිනව. එම පුස්කොළපොත් වල සඳහන් වූ ආකාරයට රාවණ රජතුමාගේ නාසා එක නාවල මූලස්ථානය කරගනිමින් ඇමරිකාව, මිසරය, තූත්තුකුඩිය, මහාමේරුව, චන්ද්‍රයා, අඟහරු ආදී විශ්වයේ නන් දෙස ශාඛා පිහි‍ටුවල තිබෙනව. අදත් චන්ද්‍රයාගේ මතුපිට පිහිටා ඇති හඳුනා නොගත් කුළුණ රාවණ රජතුමාගේ පුත්‍ර ඉන්ද්‍රජිත්ගේ න්‍යෂ්ඨික අවියක් සේම නාසාහි දුරේක්ෂයක් ලෙසත් භාවිතයට ගැණුනක් බව, වරක් ඇමරිකාවේ දී මා හට හමුවූ වොශිංටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරීටා අමෘට් පැවසුවා.

චන්ද්‍රයා මත තාමත් ඇති රාවණා රජතුමාග "නාසා" ශාකාව.

ඇමරිකාවේ පිහිටා තිබූ රාවණ රජතුමාගේ නාසා හි ශාකාව ගැන අහම්බෙන් දැනගන්නට ලැබුන ඇමරිකානු ජනාධිපති Dwight D. Eisenhower ඇමරිකාවේ නාසා ඉදි කිරීමට තීරණය කළා. ඔහු ඒ සඳහා යොදා ගත්තේ එදා රාවණ රජතුමා ඇමරිකන් මහාද්වීපයේ නාසා හි ශාකාව ඉදි කර තිබූ ස්ථානයමයි. ඒ සඳහා අත්තිවාරම් කපද්දී බොහෝ පුරා වස්තු සොයාගත් අතර එහිදී හමුවූ තාක්ෂණික මෙවලම් ඔවුන් නවීකරණය කර භාවිතයට ගෙන තිබෙනව.

වැදගත්ම දේ තමයි "නාසා" යන නම සඳහා රාවණ රජතුමා විශේෂ රාවණ ශක්ති මන්ත්‍රයකින් ජප කර තිබෙන බව දැනගන්නට ලැබීම. ඒ අනුව නාසා යන නම ඉතාමත් සුභ පල දෙන්නක්. එනිසා එම ඇමරිකන් ව්‍යාපෘතියටත් NASA යන නමම තැබුවා. එසේම රාවණ රජතුමා නාසා ආයතනය විමධ්‍යගත කර තිබූ ආකාරයටම අයිසෙන්හවර් ජනාධිපති තුමත් එය Fransisco, New Callifornia, Texas ආදී ස්ථාන 18 කට විමධ්‍යගතව ස්ථානගත කිරීමට පිඹුරුපත් හැදුවේ, වොශිංටන්හි නාසා වලට අත්තිවාරම කපද්දී හමුවූ සෙල් ලිපියක සඳහන් වුන 18 ඉලක්කමෙහි (18 සන්නිය?) වැදගත් කම සිතමින්.

එතකොට National Aeronautics and Space Administration යන අරුත "නාසා" වලට ආවේ කොහොමද? ඇත්තෙන්ම ඒක අපගේ ඉපැරණි හෙළ ශිෂ්ටාචාරය යටපත් කිරීම සඳහා සුද්දන් විසින් උපක්‍රමිකව දමන ලද නමක්. ඔය ආකාරයෙන් නාසා වලට ඕනැ තරම් තේරුම් දෙන්න පුළුවන්.
NASA = National Airspace Search Authority
NASA = National Airplane Syndicating Agency
NASA = Non-Governmental Administration of Space and Atmosphere
ඔය කීපයක් විතරයි, ඒ අනුව NASA නමට ඉංග්‍රීසි තේරුමක් තිබූ පළියට ඒක වළංගු වෙන්නේ නෑ.

එසේම ඔබ දන්නවද නාසා වෙතින් ගුවන් ගත කළ Discovery සහ Columbia අභ්‍යවකාශ ශටල සඳහාත් යොදා ගත්තේ රාවණා රජතුමාගේ දඬුමොණර තාක්ෂණයම බව? ඒ ගැන කීමට ගියොත් ලිපිය දික් විය හැකි බැවින් ඉදිරි ලිපියකින් ඔබ හමුවේ තබන්නම්.

දඬුමොණර තාක්ෂණයෙන් ක්‍රියාත්මක වූ ඩිස්කවරි ශටලය.

පෘථිවිය මිනිසාගෙන් ශිෂ්ටාචාර වුන දවසේ සිට අවුරුදු දස දහස් ගණනක් ගිහිල්ලත් මිනිසාට පෘථිවි වායු ගෝලයෙන් එලියට යාමට නොහැකි වූවානම්, පසුගිය සියවසේදී පමණක් මිනිසා මෙතරම් දියුණුවක් ලැබුවේ කෙසේද? ඒක විය නොහැක්කක් බව ඒ තර්කය නැවත නැවතත් විමසා බැලීමෙන් ඔබට වැටහේවි. ඒ අනුව පැහැදිළියි අද සුද්දා අභ්‍යවකාශය තරණය කළ බව කියමින් කෙකරගාන තාක්ෂණය ඊට පෙර කොහෙන් හෝ ලබාගත් දෙයක් බව. මා ඉහත හෙළි කළ තොරතුරු අනුව පැහැදිළි වන්නේ සුද්දා අභ්‍යවකාශයට ගියෙත් හෙළයින්ට පින් සිද්ද වෙන්නට බවයි. NASA නමින් අද තිබෙන මහලොකු කෙරුවාව අපගේ රාවණා රජතුමාගේ තාක්ෂණයකින් ගොඩ නැගුවක් බව දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතේ. අද උඩුගුවනේ නටන පර සුද්දන් අපගේ රාවණා රජතුමාටත්, අප හෙළයටත් ණයගැතියි.

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

23 comments:

  1. ආඩම්බර හෙළයෙක් වෙමි .

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  2. ෂටලය අපෙන් හොරකම් කරන ලද්දක් බව ඊයේ රෑ ඍෂි වරයෙකුගේ බිරිදක් සිහිනෙන් මට කීවා මතකයි...
    හෙලයෙක් වීම ගැන මම ආඩම්බර වෙමි..
    නීල මහා යෝධයාගෙන් පැවත එන නීල් ශක්ති බාහු හෙවත් නීල් ආමස්ට්‍රෝං ගැන ලියන්නෙ නැත්තෙ ඇයි..
    ඇමරිකාව ඔහුවම හඳට යැවුවෙත් ඔහු හෙලයෙක් වන නිසාවෙන් නොවේද??????

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම විය හැකියි. එය ගවේශණය සඳහා හොඳ අදහසක්, ඒ ගැන වහාම සොයා බලන්නම්.

      Delete
  3. රාවණා උත්තමයාගේ දඬු මොණරයේ රූපයක් දැම්මොත් ඉතා අනර්ඝයි!

    ReplyDelete
    Replies
    1. කැන්ඩියන් මහත්මයා, ඒ පින්තුරය බොහෝ අවස්ථාවලදී දමල තිබෙනව. මෙහි ගොඩක් පාථකයින්ට දැන් ඒක බලලම එපා වෙල ඇති. ඔබ පසුගිය ලිපිය බැලුවොත් එහි පින්තුරයක් දැකිය හැකියි. http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_29.html

      Delete
  4. රජයේ ඇමතිවරයෙකු වූ වි ජ මු ලොකු බණඩාරයන් පුවත් පතකට ලිපියක් ලියමින් ලෝකයට ශිෂ්ටාචාරය ගියේ ලංකාවෙන් යයි කීවා. එදා සිටි බක පණ්ඩිතයින් එතුමාට හිනා වුනා. මා මගේ බ්ලොග් එක වන යතාර්තවාදියාහි බොහෝ තැන්වල ලියා ඇති පරිදි හෙළය සුළු පටු ජාතියක් නොවේ. අවාසනාවකට ඉන්දියානුවන්ද කියන්නේ ලොව මූලාරම්භය ඉන්දියාව බවයි. රතු ඉන්දියන් වරුන්ගේ මායා විශ්වාසයන් ,ගෝතමාලා , ගෝතම් සිටි වගේ නම් හැදුනු හැටි නිසා අපට තහවුරු වෙනව මෙය එකම ගම්මානයක් බව.
    දේශගුණික සාධක නිසා මිනිසා නන් නන් පැහැ ගත්තා.
    නැවත වරක් කියන්න කැමතියි ඔබ මෙම ලිපිය අවසාන වන තෙක් කර ඇති කැප කිරීම අගය කළ යුතු බව. එහෙත් අර " නැබ්බ තිති " වගේ කතා නිසා පාටකයන් තුල ඔබ ගැන වැරදි වැටහීමක් , බොරු කාරයෙක් ,උන්මාදකාරයෙක් වගේ හැඟීම් ඇති වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. පොඩ්ඩි නම් හිතුවේ 'මිහි කත' කියන්නේ පොලවට බවයි. දැනුයි දන්නේ එය 'හෙල දිව' ට භාවිතා කරන තවත් නමක් බව.

    මේ පර්යේෂණ සඳහා ඔබතුමා සෑහෙන කාලයක් කැප කරනවා ඇති නේද?

    ReplyDelete
  6. දැන ගැනීම සදහා අසමි
    01. ඇමරිකාවට පළමුව රුසියාව අභ්‍යවකාශයට තරණය කළේය, ඔබට ඒ ගැන යමක් පැවසීමට ඇතිද?
    02.ඔබ පවසන ආකාරයට ලංකාවෙන් පුස්කොළ පොත් දුසිම් ගණන් ඇමරිකාවට ,එංගලන්තයට ,ජර්මනියට ගෙන ගියේනම් ඔව්න් ඒවා කියවන්න ඇත්තේ කෙසේද?
    ( පවතින පුස්කොල පොත් බොහොමයක ඇත්තේ පැරණි සිංහල අක්ෂර වන අතර ශ්‍රීලංකික සෙල්ලිපි පරිවර්තකයකු වන පරණ විතාරණ මහතාද ඒවා කියවුයේ ඉතා අපහසුවෙනි ,තවද ඔහු පවතින අක්ෂර වල අර්ථය අනුමාන කලා මිස ,අනුමත කලේ නැත .සුදන්ගේ මවු භාෂාව සිංහල නොවන බැවින් ඔවුන් එය කෙසේ කලේද?)

    ReplyDelete
  7. මම මේ ලිපි ඔක්කොම කියවල තීයෙනව.සමහර ලිපි කියෙව්වහම ආඩම්බරයි.සමහර ලිපි විශ්වස කරන්න අමාරුයි.ඒ සාක්ශි මදි නිසා.හිතෙන පලියට ලියන්න එපා.අන්තිම වතාවට කියන්න රාවන් 2012 අගදි එනව කියල 100% විශ්වාසද?ඔයා ලග තියෙන ප්‍රභලම සාක්ශි දාල ලිපියක් ලියන්න.2012 තව ටික කාලයයි,රාවන ආවෙ නෑති උනොත් මොකද කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේ ජයරත්නගේ ඔක්කොම සෙල්ලම් 2012 ඉවර වෙනකම් විතරය්
      මු කියන විදියට රාවන 2012 නැගිට්ටේ නැති උනාම මුගේ සෙල්ලම් ඉවරය්
      හබි මේක එකටත් මොකක් හරි කියය්
      හෙලේ බුවාලා රවනව විශ්වාස කලේ නැති නිසා තව ටිකක් දොඉයල ඇහැරෙනවා කියල මට හීනෙන් කියල
      අයෙත් අනිත් පැත්ත හරිය දොඉය ගත්ත කියල කියි

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  8. බොහොමත් වටිනා ලිපි පෙළක් .... අපි අපෙ ඉතිහාසය ... අමතක කර ... බටහිර කරනව වෙලා ... ඒව්යෙන් එන දෙයට ... දත නියවමින් බළාන ඉන්න කාළයක ... ලොකය අපිට දෙන්නෙ මොනවද කියල බලාන ඉන්න කොට ... අපේ ඉතිහාසයේ හිටි වීර රජදරුවන් ... ලොකයට දුන්න... දේ ... ගෑන අපට සොයා දෙමින් ... මේ ඉටි කරන දෙයට ස්තුතියි ...ශ්‍රී රාවණ ස්වස්ති සිද්ධම්!

    ReplyDelete
  9. මෙවැනි වටිනා සහ අමුතු කරුණු ඇතුලත් ඔඛෙ බ්ලොග් අඩවිය හමුවූමට මට මෙ තරම් කාලයක් ගත වූයේ ඇයි.. මෙ ලිපිය දැන් කියවලා ඉවර වුණේ. අනිත් ලිපි ටිකත් කියවන්න පටන් ගන්න ඔනි.

    ඇත්තටම ඔයා මොනවා කරන කෙනෙක්ද. මෙකට පිළිතුරු දිය යුතුම නෑ. මම නිකන් දැනගන්නයි ඇහුවෙ.

    මට තව පොඩි ගැටලුවක් තියෙනවා. ඔයා මෙතන යොදාගෙන තියෙන රූප මනංකල්පිත ඒවද. නැතිනම් පුස්කොලපොත් සෙල්ලිපි වැනි දේවල් වලින් සොයාගැනුනු දේවල්ද

    ඔයා කළින් බලන්න ගියා කියපු නාසා වල සෙල් ලිපියේ විනාශකරන්න කලින් ඔයා පිංතූරයක් වත් ගත්තේ නැත්ද.. ඒක නම් මහ අපරාධයක්

    ReplyDelete
    Replies
    1. මූ හොයා ගත්ත කියන ඒවා ඔකොම වෙන එකකට බලන්න බැරි වෙන්න විනාස වෙලා
      එක්කෝ ෆොටෝ ගන්න බෑ
      එක්කෝ ඊක වැඩ කරන්නේ පියෝ හෙළ බුවාලා කලොත් විතරි
      නැත්තම් හීනෙන් පෙනිලා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  10. ෂඃ.. මේ විදියට ගියොත් ඉතින් ආයේ දෙක හමාරක් නෑ. සුද්දොන්ට වැඳවැටෙන්න වෙනවා රාවණා නම ඇහෙද්දීම.

    ඔය නාසා ආයතනය විසින් කරපු ෂටල ව්‍යාපෘතිය නියමුවා විදියට ඉස්සරහට ගෙනිච්චේ කවුද කියලා දන්නවා ඇති. ඒ වෙන කවුරුත් නොව වොන් බ්‍රවුන් නමින් හිටි (හෙළයෙක් මම හිතන්නේ.) හිට්ලර් රජයේ V2 රොකට් පිලිඹද විශේෂඥයා විසින්. රුසියානුවෝ මේ විදියටම තමයි රොකට් විද්‍යාව රුසියාවට ඉස්සුවේ. රාවණා පොත් පත් හොයන්න හිට්ලර් 1928 -1935 කාලයේ ගවේෂණ කණ්ඩායම් හිමාලය වෙත එව්වා. හිට්ලර් කියන්නේ ඉතින් හෙළයෙක් නේ නේද ජයරත්න මහත්තයෝ? ඒ උරුමේ හොයාන එන්න ඇති.

    වොන් බ්‍රවුන් ගැන ටිකක් හෙව්වොත් මොකද? අපේ තාක්ෂනේ ගෙනාවේ උන්නැහේ නේ.

    ReplyDelete
    Replies
    1. හිට්ලර් ගැන කියපු නිසා මටත් හොම්බ දැමීමේ ආසාවක් ආව.ඔයාලා දන්නවද අපේ යුද තාක්ශණය කෝමද ජර්මානුවන් අතට ගියේ කියලා(දන්නවනම් කට වහගෙන හිටහල්ල)දෙවන ලෝක යුද සමයේදී හිට්ලර් තම සේනාවක් රහසිගතව හාමුදුරුවරු ලෙස වෙස් අන්දවා ටිබෙටයේ ප0සල් වල සැරි සැරි සැරුවා..මේ වැඩක් නැති පෙදෙසක මොවුන් සැරි සැරුවේ ඇයි කියා සොයන විට තමා දැන ගත්තේ රාවණා රජුගේ දඩු මොණර තාක්ශණය රාම විසින් ඉ0දියාවට ගෙන ගිය පසු(ඉ0ද්‍රජිත් එය ලබා දෙන්න ඇති කියා විශ්වාස කරමි)එය කාලයාගේ ඇවෑමෙන් අශෝක රජු විසින් ටිබෙටයේ ප0සලක සගවා ඇති බවට සදහන්ව ඇත..මෙම තාක්ශණය සොයා තමා රහසිගත් නාසි හමුදාව ටිබෙටයේ සැරි සරා ඇත්තේ..එය හමු වූ පසු ඔවුන් එය ජර්මනියට ගෙන ගොස් නැවත ඉ0දියාවේ ‍විශ්ව විද්‍යාල කතිකාචර්ය වරියකට යවා පරිවර්තනය කරවාගෙන ඇත.ඉන් පසු ප්‍රතම ගුවන් යානය නිපදවා ඇත........

      Delete
  11. 'නාසි' යන පදය නා + සි ලෙස ගෙන
    නා = නායක, සි = සිංහල ලෙස නිරුක්ති කරමින්
    'නාසි' යන්නේ තේරුම 'නායක සිංහල' ලෙස අර්ථ දැක් වුවත්,

    'නාසා' යන්න නිරුක්ති කොට නා = නාසය, සා = අහස ලෙස භින්න වී, "අහස දෙසට ඇති නාසය" යන අරුත ලැබෙනවා යනුවෙන් කීම පැහැදිලි කරනු.

    ReplyDelete
    Replies
    1. එල හෙළයෙක් ඕය් තමුසේ
      ඔන්න ඔහොම තමය හෙළ කොල්ලෝ උනාම අවදියෙන් ඉන්න ඕන

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  12. මීවනපලානේ ජයරත්න = මී + වන + පලානේ ජය-රත්-තන = මී වෘෂණ පලන්නලාගෙන් පැවත එන , රත් පැහැ ගැන්වුණු තන ඇති පුද්ගලයා කියල එළ මුසිකානුවග්ග ග්‍රන්ථයේ කියවිලා තිබුනාලු. අවාසනාවට, තමන්ගේ පැලීමට පෙර කුමන්ත්‍රණකාරී මීයන් පිරිසක් ඒ ග්‍රන්ථයේ අවසාන පිටපතත් භක්ෂණය කරලා.

    රාමා

    ReplyDelete
  13. මේ කරුණු කාරණා අදමයි අහන්ඩ ලැබුනේ... බලාගෙන ගියහම නාසා කියලා කියන්නේ අපේම තැනක් නෙව !
    ජයරත්නයෙනි, මාහට පැනයක් අසන්නට සිත්වී ! එය අසන්නට අවසර !
    හෙල පද නිරුක්තියට අනුව නාරාහේන්පිට යනු නාසා හා සම්බන්ධයක් ඇති හෙල නගරයක් බව මට සිත් වීය. තවද නාරාහේන්පිට යනු නාවලට ඉතාමත් ආසන්න නගරයක් වන නිසා අභ්‍යවකාශ හා සම්බන්ධ ක්‍රියා නාරාහේන්පිට ද සිදුවන්නට පුලුවන.
    මෙය පහදන්න ජයරතනයෙනි !!!!

    තව පැනයක් සිත මා සිත තුළ පැන නැගුනි.
    ඔබ පූර්ණකාලීන ගවේශන සිදු කරන්නෙක් ද ? එසේත් නැත්නම් අවාරෙට පොල් වැටෙන්නා සේ අකලට හෙල ගවේෂනය සිදු කරන්නෙක් ද ?

    ReplyDelete
  14. එළ ජෝක් එක, නියමයි, :)

    ReplyDelete
  15. niyamay sahodharaya. mamath me gena unnduyi. meheladiwata rawana raja anathek bala sitimi

    ReplyDelete
  16. APITA OYA VARGAPUURNIKAAWE PITAPATHAK BALANNA BERIDA???
    (ADUMA THARAME EKA KOLAYAK)

    [NOT A JOKE]

    ReplyDelete

නුදුරු අදහස්