Monday, June 25, 2012

මම ජයරත්න පතිරආරච්චි නොවෙයි

වර්ගපූර්ණිකාව බ්ලොගයේ කොමෙන්‍ටු හරහා මෙන්ම විද්‍යුත් ලිපිනය හරහාත් සමහර සහෘදයන් මා අමතා තිබුණේ "ජයරත්න පතිර ආරච්චි" නමිනි. එපමණකුදු නොව සමහර රාවණ විරෝධීන් විසින් මෙම බ්ලොග් අඩවියට මඩ ගසා තැන් තැන් වල අදහස් පළ කර තිබුණේ මා විසින් බුදු දහමට අපහාස කරන බවයි, ඒද පතිර ආරච්චි මහතාව සහ මාව පටලවා ගැනීමෙනි. එනිසා හුදී දනාගේ පහන් සංවේගය පිණිස මේ ලිපිය ලිවීමට සිත් විය.


මීවනපළානේ ජයරත්න
================

මීවනපළානේ ජයරත්න වන මා ගුරුවරයෙකි, ලේඛකයෙකි, ඉතිහාසඥයෙකි, වෙසෙසින්ම රාවණ ගවේශකයෙකි. 2012 අවසානයේදී යළි පිබිදෙන රාවණ රජතුමා වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කරන්නෙකි. මා ගැන තවත් තොරතුරු දැනගැනීමට රිසි ඔබ හමුවේ ඊට වඩා වැඩි විස්තර තැබීමට නොහැක්කේ CIA සංවිධානය මගින් මා පසුපස පන්නන නිසයි. ඊට හේතුව මෙතනින් කියවන්න.

මාගේ අරමුණ වනාහී කාලයේ වැලි තලාවෙන් යට ගොස් තිබූ පිරිසිදු හෙළ ඉතිහාසය නැවතත් මතු කරලීම වන අතර එහිදී කිසිදු විටක බුදු දහමත් ඇතුළුව කුමන හෝ ආගමකට/ශ්‍රාස්තෘ තුමෙකුට අපහාස කිරීමෙන් වැළකීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත්තෙමි. එනිසා ඔය තැන් තැන් වල අපට අපහාස කරන රාවණවිරෝධීන්ට හැකිනම් මේ බ්ලොගයෙන් ආගම් වලට අපහාස කර ඇති තැනක් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටිමි. මා කියන මතයන්ම වෙනත් අය කියන විට බුම්මාගෙන සිටින උන්දැලා මාගේ මතයන් දු‍ටු විට "ඌට පිස්සු", "ඌට මොළේ හොඳ නෑ", "ඌ අපේ ඉතිහාසය කනව", "බ්ලොග් එක රිපෝට් කරමු" ආදී ලෙස හැසිරෙන්නේ අන් අයගේ අදහස් ඉවසීමට නොහැකි හිස්ටීරියාවකින් පෙළෙන නිසා යැයි කණගා‍ටුවෙන් වුවද කීමට සිත් වේ.


ජයරත්න පතිරආරච්චි
===============

ජයරත්න පතිරආරච්චි මහතා ගැන කිවහොත් එතුමා මා සමග සම්බන්ධ නොවී ස්වාධීනව රාවණ ඉතිහාසය ගවේශණය කරන්නෙකි. නමුත් එතුමාත් මා මෙන්ම සෙල් ලිපි වලට සහ පුස්කොළපොත් වලට මුල් තැන දෙමින් සොයාගෙන ඇති හෙළ ඉතිහාසයේ සැඟවුණ තැන් අති විශිෂ්ටයි. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුන බව එතුමා විසින් සොයා ගැනීම ඉන් ප්‍රමුඛස්ථනයක් ගනී.

ජයරත්න පතිරආරච්චි මහතා

එතුමා පවසන පරිදි
(1). අවුරුදු 30දි බුද්ධ ශක්තිය ගත්තා
(2). රාවණා රජු එතුමාට සිහිනයෙන් කතා කරනවා
(3). රාවණා ශක්තිය අනුව පෙර "ආත්මය" දැක එහිදී හඳුනාගත් දියණියකට සියලු දේපළ පවරා දුන්නා.
(4). එතුමා මේ යන්නේ බුදුබව පතාගෙන යන ගමනක්
(5). දැන් ගත කරන්නේ දාන පාරමිතාව
(6). බුදුන් කාලයේ සමහර චරිත තවම සසර සැරිසරනවා
(7). ගෝඨාභය හා ලලිත් වීරතුංග සිටින තැනට එතුමා 2045 දී එනවා
(8). හැබැයි එතනට ඇවිත් දවස් හතෙන් මැරෙනවා

මේ ගැන වැඩි විස්තර අප හිතවත් ගොසිප්9 මහතාගේ පහත ලිපි දෙකෙන් කියවන්න.

http://www.gossip9.com/2012/03/blog-post_11.html
http://www.gossip9.com/2012/02/blog-post_1424.html

මං ඔය දේවල් ගැන කියනකොට හින වුණ අයට දැන්වත් තේරෙනවද ඒව බොරු නෙමෙයි සැබෑම සත්‍යයන් කියල?

ජයරත්න පතිරආරච්චි මහතාගේ ක්‍රමය මගේ ක්‍රමයට බොහෝ සෙයින් සමාන වුණත් ඇති විශේෂතම වෙනස වන්නේ, කියන්න තියෙන දේ ඕනෑම කෙනෙකුට එතුමා හෙළහරුපෙන්ම කීම නිසයි., එය සැබෑ රාවණ ගවේශකයින්ගේ ක්‍රමයයි. පහත වීඩියෝවේ ඇත්තේ, රාවණ ඉතිහාසය ගවේශණය කිරීම සඳහා බුදුහාමුදුරුවන්ටත් එතුමා කුණුහරුපෙන් බනින අයුරුයි.

http://www.youtube.com/watch?v=_1Mb0YAiJUY

මීවනපළානේ ජයරත්න වන මා, සහ ජයරත්න පතිර ආරච්චි යනු දෙදෙනෙක් බව ඔබට දැන් වැටහී ඇතැයි සිතමි. එනිසා ජයරත්න පතිරආරච්චි මහතාව සහ මාව මින් පසුවවත් පටලවා නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

54 comments:

  1. මීවනපලානේ ජයරත්න මහත්මයා, ඔබත් ජයරත්න පතිරආරච්චි මහත්මයාත් පෙර අත්භවයකදී සහෝදරයන්/ඥාතීන්/කිට්ටු මිත්‍රයන් නොවිය හැකිද? ඒ ගැන විස්තර හොයා බැලුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වටිනා පැනයක්. රාවණ ශක්තිය අනුව මා හට වැටහුණ පරිදි මම එතුමාගේ "හොර්කෘක්ස්" එකක්. එනිසයි අප දෙදෙනාගේ අදහස් බොහෝ දුරට සමාන වන්නේ.

      හෝර්කෘක්ස් යනු "හොරකය" නැමැති හෙළ වචනයෙන් බිඳුනක්. මෙය රාවණා රජතුමා අමරණීය වීම සඳහා සොයා ගන්නා ලද්දක් බව පුස්කොළ පොත් වල දක්නට තිබුණ. ඉදිරි ලිපියකින් ඔය ගැන කතා කරමු.

      Delete
  2. මචන් උබට වැරදිලා. උබ CIA කියල හිතාගෙන ඉන්නෙ අන්ගොඩ රෝහලෙ පිස්සො අල්ලන ස්කොඩ් එකට.
    පරිස්සමින් ඉදින්. තොයි අර අනිත් ජයරත්න කියන පිස්සු යකායි දෙන්නම අල්ලන් ගිහින් පුකට කරන්ට් අල්ලයි. එතකොට ඔය රාවන පිස්සුව හරියාවි.LOL

    ReplyDelete
  3. ඔයා කියන විදියට CIA ඒකෙන් ඔයාව හොයනවනම් CIA එකට ඔයාව හොයාගන්න එක බොහොම සුළු දෙයක් එක නිසා බොරු කියන්න එපා

    ReplyDelete
    Replies
    1. බොරු නෙමෙයි.. CIA එකට මාව හොයාගන්න බෑ, මොකද මං Web Proxy කීපයක්ම ශ්‍රේණිගතව භාවිතා කරනව, ඒ වගේම ISP කෙනෙක් නොමැතිව මා ගාව ඇති පාෂාණයක භාවිතයෙනුයි නෙට් එන්නෙ. http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_21.html

      Delete
    2. මෙයා පාෂානෙකට මාරු වෙලා
      මේක හරි සිම්ප්ලේ ප්ලැන් එකක් නේ

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  4. මීවන මහත්තයෝ මමත් රාවණ අදහන පුද්ගලයෙක් .. මට ලැබී ඇති උපදෙස් නිසා වැඩි විස්තර හෙළිකිරීමක් කරන්න බැහැ..

    නමුත් ඔබ තුමාගේ බ්ලොග් එක උඩ තියන පින්තූරේ රාවණා අධිරාජ්‍ය්යාගේ හිස් 10යි තියෙන්නේ ,, ඒය 11ක් ලෙස නිවැරදි විය යුතුයි ඒ සඳහා විශාල ලෙස කරුණු මා සතුව ඇතත්.. තවම හෙළිකිරීමට අවසර නෑ.

    මෙහෙම දෙයක් කියන්න පුලුවන්.. සරලව හිතුවොත් රූපය අසමාණයි සමබර නෑ.. එම නිසා කරුණා කරල මේ රූපය වෙනස් කරන්න .. ඔබ තුමාට වස් වදින්න පුලුවන්..

    ඔබ තුමා හෙලයට වටින පුද්ගලයෙක්

    මේ සත්කාර්යය කරගෙන යාමට මම සුභ පතනවා!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි, ඒ පිළිබඳව මාගේ ගුරු දේවයාණන් වහන්සේ වන තාපස තුමාගෙන් විමසලා හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්නම්.

      Delete
    2. Anonymous One origJune 25, 2012 at 2:25 PM

      ඔය හිස් දහයත්, පොට්ටුවත් (තෙවනැස) අර මැටි වලින් රූප හදල දෙයියන්ගේ රූප කියල වඳින වර්ගේ බාල ඉන්දියන් වැඩක්. ඕකෙ මුල කාටත් අමතක වුන දස මනු අවතාර. අවතාර කියන එක දන්නේ නෑ නේද? ලංකාවතාර සූත්‍රයේ ඔය ගැන බිඳක් තියෙනවා. මිනිසුන් ඔය දස අවතාර අනුපාතයට ගෙන බිහි වුන අය. පසු කලෙක මනු රජ දස කුලය බිහි කලෙත් ඔය පදනම මත. හිරු කුලය අද නෑ. අනිත් නවයම තවම තියෙනවා. ඔය ඔක්කොම කලේ ජීවිතයි පැවැත්මයි රකින්න. කුල භේද කලේ හොරෙන් රිංඟපු සක්කිලි දෙමළුන්. ඕවා නැති කරල අළුත් ආරම්භයක් ළඟදි එනවා. මොන දත්ත තිබ්බත් වෙනස් කරන්න හොඳ නෑ. අද තියෙන හැම දේ මවපු ඒවා. හෙලි කලොත් බොරු බව ඔප්පු කරන්නම්.

      රූපය ගත්තම මිනිසුන්ට වගේම එක ඔළුවයි තියෙන්නෙ. සිත අයත් වන අවතාරය අනන්තයක් මිනිසුන් එකතු කලත් සම නෑ.

      Delete
  5. http://seuslsla.blogspot.com/2011/10/31-components-of-ancient-air-craft.html

    මේ ලිපි ලිව්වේ ඔබ දන්න වෙන තාපසතුමෙක් ද?

    ReplyDelete
    Replies
    1. එතුමාටත් අදෘෂ්‍යමාන විශ්ව ශක්තියක් තිබෙන බව සිතෙනව. සමහර විට සම්‍යක්දෘෂ්ඨික දෙවිකෙනෙක් හෝ ධ්‍යානලාභී තාපස තුමෙක් එතුමාට දැනුම ලබා ගැනීමට සහාය වෙනව ඇති.

      Delete
  6. මම ඔබතුමන්ගේ බ්ලොග් අඩවියට ආවේ ගොසිප් නයින් එක හරහා. එකේ ඇඩ්මින්තුමා ඔබගේ කොමෙන්ටු වාරණයකින් තොරව ප්‍රසිද්ධ කර තිබනා. ඒකෙන තමයි මම ඔබතුමා ගැන හා මෙම සයිට් එක ඉස්සෙල්ලම දැනගත්තේ. එකට ගොසිප් නයින් වෙබ් සයිට් එකට මම ස්තුතිවන්ත වෙනවා පළමුව.

    මෙහි ඔබ CIA සංවිධානය ගැන කතාකර ඇති නිසා මම මෙම පානය විමසන්නේ. මා අසා තිබෙනවා CIA ඒජන්තයන් අපගේ හෙළ පැරණි ශිෂ්ටාචාරය වන අනුරාධපුරය, පොළොන්නරුව, සිගිරිය, වැනි නගර වල සැරිසරමින් අපගේ පැරණි ශිෂ්ටාචාරය පිලිබදව සොයන බව. එසේම අනුරාධපුර පිහිටා ඇති විශ්වයේ සිතියම පෙන්වන ගල් කැටයම පිළිබදවද මෙම CIA ඒජන්තයන් (මොවුන් හැදින්වෙන්නේ Men In Blacks හෙවත් කළු ඇදගත් මිනිස්සු ලෙසය.ඇතැමුන පවසන ආකාරයට මෙම කළු ඇදගත් මිනිසුන් සක්වල ජීවීන්ගේ හා පෘතුවිවාසීන්ගේ ජාන දෙමුහුන් කොට නිර්මාණය කරන ලද බසම්පන්න මිනිසුන් කොට්ටාසයකි. ) සොයන බවද ආරංචියි.
    එසේම අනුරාධපුරයේ පිහිටා ඇති තාරකා දොරටුව හා විශ්වය හරහා ගමන් කල හැකි යතුර සොයා යන මොවුන්ට එම බලසම්පන්න හෙළ රහස් හමුවුවහොත් කුමක් වේද? මෙම CIA ඒජන්තයන් නැවැත්විය යුතු නොවේද? ඔබ සිතන ආකාරයට අනුරාධපුරය පිහිටා ඇති විශ්ව තාරකා සිතියම නිර්මාණය කල ඇත්තේ ඇයි? අප හෙළයන් විශ්වය හරහා ගමන් කොට ඉදිරි පරම්පරාවට දැනගැනීමට මෙම විශ්ව මාර්ග එහි සටහන් කර තැබුවා විය නොහැකිද? මෙම රහස් විජාතිකයන්ගෙන් රැකගැනීමට කුමක්කල යුතුද?

    තව කරුණක් කියන්න ඔනී, මම දැක්කා සමහර සයිට් වල මේ බ්ලොග් අඩවියට හා ඔබතුමන් විවේචනය කර ලිපි දමා තිබෙනවා. එම ද්‍රෝහීන් සුදානම් වන්නේ ඔබගේ බ්ලොග් අඩවිය රිපෝර්ට් කොටඉවත් කර දැමීමටයි. මෙය වැළැක්වීමට රාවණා මන්ත්‍ර නොමැතිද?

    හෙළයෙක්

    ReplyDelete
    Replies
    1. වටින තොරතුරු සමුදායක්, තවත් විස්තර ටිකක් එක් කළ හැකිනම් පාහර CIA කාරයින් පිළිබඳව ලිපියක් ලෙසම පල කළ හැකි වේවි.

      රාවණ රජතුමාගෙන් ලැබුණ රාවණ ශක්තිය නිසයි මේ බ්ලොග් එක මෙතෙක් දුරක් හෝ ආවේ. යම් ලෙසකින් බ්ලොග් එක සස්පෙන්ඩ් වීමේ සිට මා හට දිවි පිදීමක් වුවද කිරීමට සිදූවුවහොත් එම ප්‍රතිඵලාය් සතුටින් භාර ගන්නව.

      Delete
    2. දිවි පුදන්න කලින් හැංගිලා ඉන්න තැනින් එලියට එන්න ඕන නේ
      ඔබ තුමාට විතරක් නෙවෙඉ ඔබ තුමා දිවි පුදනවා දකින්නඑක මමත් සතුටින් බාරගන්නවා

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
    3. මොනවා කිව්වත් ඕනම දෙයකට මම ඔබ තුමා සමඟ.......

      Delete
  7. මීවනපළානේ ජයරත්නයනි, ඔබගේ දෘෂ්ටිය අනුව ගොසිප්9 මහතාත් රාවණා පාක්ෂිකයෙක්ද? එම ගොසිප්9 මහතා හා ඔහුගේ වෙබ්අඩවිය ඔබට ප්‍රචාරයක් දෙන්නේ ඇයි?

    මිට,
    කොරනතොට බණ්ඩාර

    ReplyDelete
    Replies
    1. ගොසිප්9 මහතා පැහැදිළිවම රාවණ පාක්ෂිකයෙක්. රාවණ රජතුමාගේ ආශීර්වාදය ඔහුට ඇති නිසයි එතරම් හිට්ස් සංඛ්‍යාවක් වුවත් ලැබෙන්නෙ.

      නමුත් එය ගොසිප් වෙබ් අඩවියක් ම නිසා පර සුද්දන්ගේ කසිකබල් සංස්කෘතිය ගැනත් පුවත් වාර්තා කරන්න සිදු වෙලා. මොකව වුණත් උන්දැගෙ පවුලෙ බඩගෝස්තරේ ‍රැක ගනන්ත් ක්‍රමයක් තියෙන්න එපායැ.

      Delete
    2. හැබැවට ගොසිප්9 මහතාත් රාවණා පාක්ෂිකයෙක්ද? එසේනම් ඔබ හා එතුමන් අතර අධි මානසික අදහස් හුවමාරු කිරීමේ හැකියාවකුත් ඇති නොවැ. මොකද මා අසා තිබෙනවා රාවණා පාක්ෂිකයන්ට ටෙලිපති ක්‍රමය මගින් පණිවිඩ හුවමාරු කිරීමේ හැකියාවක් තිබෙනවා කියලා? එය සත්‍යයක් නේද?

      එසේම ඔබගේ ලිපි ගොසිප්9 මහතාගේ වෙබ්අඩවියේද ප්‍රසිද්ධ කරන්නේ නම් දෙස් විදෙස් හෙළ ජනයාට රාවණා ශිෂ්ටාචාරය පිළිබද තවතවත් දැනුවත් කල හැකි නොවේද? මේ ගැන ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කොට ඔබගේ ලිපියක් ගොසිප්9 මහතා වෙතද යොමු කරන්න.

      විවිධ පුද්ගලයන් ඔබගේ මෙම "මුළු විශ්වයම ශිෂ්ටාචාර කළ අසුරයින්ගේ ඉතිහාසයත් රාවන වංශයත් සොයා යන සැබෑ හෙළ ගවේශණය" හැල්ලුවට ලක්කරනවා. පර සුද්දා කරේ තබා ගෙන යන එවැනි ද්‍රෝහීන්ට පිල්ලියක් වත් යවන්නේ නම් මැනවි.

      මිට,
      කොරනතොට බණ්ඩාර

      ෴ රාවණා සිද්ධම් ෴

      Delete
  8. බුදු බව පතන ජයරත්න පතිරආරච්චි මහත්තය බුදුන් වහන්සේට ඇතුළු මහසඟ රුවනට අමු තිත්ත කුණුහරුපයෙන් බනින්නේ ඇයි? ඒක රාවණ අනුගාමිකයන්ගේ විදිහද?මගේ මතය නම් ඔහු මානසික ප්‍රතිකාර ලැබිය යුතුය යන්නය.

    ReplyDelete
    Replies
    1. සමහර විට රාවණ අනුගාමිකයින් බුදු දහමට විරුද්ධයි කියල එතුමට හිතෙනව ඇති. (මං නම් හරියටම දන්නෙ නෑ). රතන සූත්‍රය කියපු ගමන් බොහෝ යකුන් බිය වෙනවත් එක්කනෙ.

      Delete
  9. අම්මට හුඩු...! සිරාම බ්ලොගයක්... මමත් රාවණ රුසියෙක්.... නමුත් වැඩකටයුතු අදික නිසා වෙලාවක් නෑ මට ඒ ගැන පර්යේශණ කරන්න, මේ වාගේ බ්ලොගයක් බිහිවෙච්ච එක ගැන සතුටින් අම්මපා සිරාම සිරා ඈ.., පරණ පෝස්ට් ටික බලන ගමන්.

    මීවනපලානේ ඔබට ජය.!

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි මහත්මයාණෙනි.

      Delete
  10. Tho wage gonek yako moda musalayek

    ReplyDelete
    Replies
    1. 100% ක් ඔප්පු වුණ පුරාවිද්‍යා මූලාශ්‍ර ඇසුරින් මා දක්වද්දී ඔබ ගරහතත්, නිකමට හෝ මේ කතාවක් සුද්දෙක් එහෙම කිව්වනම් ඔහෙල උගේ පශ්චාත් බාගය ලෙවකාවි.

      Delete
  11. yako web proxy dala CIA eken hangenna puluwanda?moda gotha katha kiyanmna epa.

    ReplyDelete
    Replies
    1. ආයිත් ලිපිය කියවල බලන්න, ප්‍රොක්සි එකට අමතරව හෙළ මෛක්‍රොචිප් තාක්ෂණයක් සහිත පාෂාණයකුත් මා භාවිතා කරනව. එනිසා මාව ඩිටෙක්ට් නොවෙනවාට අමතරව කිසිදු අන්තර්ජාල ගාස්තුවක් ගෙවන්න ඕනැත් නෑ.

      Delete
  12. Anonymous One origJune 25, 2012 at 3:28 PM

    මම "ජයරත්න පතිර ආරච්චි" ගේ එඩිතර කම අගයනවා. මට අවතාර තුනක් ලියපු දේවල් දකිනවා. අර එක සැරයක් ඉංග්‍රීසියෙන් බැනල ලියපු එක එංගලන්තෙ ඉගෙන ගත්ත පුතාගෙද? සමහර ලිපි මහාචාර්ය තාත්තගේද? "ජයරත්න පතිර ආරච්චි" නම පටලවා ගෙන වෙන කෙනෙක් ලියන්න බය වෙන්නේ එයාගේ කතාවට නිසා වෙන කෙනෙක් කියල හිතන්න අමාරුයි. යමක් කිව්වම උසුලු විසුළු කරනවා නම්, විහිළුවක් ලෙස ලියන අයත් ඉන්නවා. මම නම් ඇත්ත ඇති සැටියෙන් කියනවා. මම තරම් සිංහල උරුමය ගැන කියල බැනුම් අහපු කෙනෙක් නෑ. ඒත් මම සැලී නැහැ. මට බැනපු කීප දෙනෙක් එකම දේ නැවත නැවත කියන මානසික ව්‍යාධියටත් වැටුනා. සමහරුන්ට අපහාස කලාම හිස (හිත හා ශරීරය සම්බන් කරන උපාංගය) සත් කඩකට කැඩෙනවළු. සිත තමයි අපට අළුත් අළුත් දේ කීමට අත් වැල දෙන්නෙ. කෙසේ වෙතත් සිංහලකමට ගැලපෙන සිංහ හරි හස්ති ශෛලියක් යොදා ගන්න බලන්න.

    විශේෂයි: මා කී මහාචාර්යන්ට නියම රාවන ගිය වසරෙ ඇවිල්ල කිව්වා එයා තාක්ෂණේ ගැන කියපුව සැබෑය කියල. දුන්න නමින් දන්නෙ බොහොම සීමිත පිරිසක් නිසා මන්ත්‍ර ගැන ඉගෙනීමට කරදරයක් නෑ.

    ReplyDelete
  13. අම්මට සිරි
    මේ මොකෙක්ද මේ තව ජයරත්නයෙක්
    පිස්සෝ පැටව් ගනවද කොහේදෝ
    මොකා උනත් මුන් දෙන්නගෙම තාත්ත එකෙක් එවන්න ඕන

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. ඔහුගේ තාත්තා සහ මගේ තාත්තා දෙදෙනෙක් බව මම හොඳින් දනිමි. කරුණාකර පුද්ගල අපහාස කිරීමෙන් වළකින්න.

      Delete
  14. ඔය මනුස්සයා බුද්ද ශක්තිය ලබා ගත්තේ ඉතිපිසෝ ගාථාව කියවල ලු . ඉතින් එකේ තියෙන්නේ බුදු ගුණ නේ . දැන් බුදු හාමුදුරුවන්ටත් කුණු හැරු පෙන් බනිනවා . කිසිම දවසක බාවනා කරපු මිනිස්සු ඔහොම හැසිරෙනවද ?
    මේගොල්ලෝ ධ්‍යන ලබා ගත් අයනම් . හවසට කසිප්පු බීල කුණු හරුපෙන් කෑ ගහන මිනිස්සු සහ ජයරත්න පතිරආරච්චි වගේ අයගේ වෙනස මොක්කක්ද ? මේ වගේ මිනිස්සු රටේ ඉහල තැන් වලට වැරදීල වත් අවොත් මොකද වෙන්නේ ? මේ මනුස්සයට තියෙන්නේ මිනිස්සු ගරු කරන චරිත වලට බැනල ප්‍රසිද්ද වෙන්ඩ හදන ලෙඩේ . අනේ කව්රු හරි අනුකම්පා කරලා ඔය මනුස්සයට පිහිට වෙන්ඩ . නැත්නම් මේ සසරෙන් නම් ගැලවීමක් නැහැ . මොනවා උනත් මනුස්ස ආත්මයක් නේ .

    ReplyDelete
  15. අති උත්තම ජයරත්නයනන් වහන්ස
    ඔබතුමගී ශ්‍රී නාමයට අපහාසයක් වූවානම් මගී කණගාටුව ප්‍රකාශ කරමි
    ඇ බෝල ජයරත්නය එතකොට තොමේ රවනව කොමිටල් කොරල උන්නාන්සේට කොරන අපහසේ හරිද

    :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

    ReplyDelete
    Replies
    1. තොප මිස කවුද බොල රවුන්ට අපහාස කලේ, අප කළේ සත්‍ය ඉතිහාසය අනාවරණය කිරීමයි.

      Delete
    2. අනේ ජයරත්නයෝ
      ඔබ තුමා සත්‍ය ඉතිහාසේ කියන විදිය දැක්කම
      මට හිතෙන්නේ අන්දරේ ඉන්න ඇත්තෙත් රාවණාගේ කාලේ කියල
      අන්දරේ කොමි ඉගන ගත්තේ රවනගෙන් වෙන්න ඇති නේ

      :::::::: මීට රාමවංශ :::::::::: (රා = රවන + මව = අම්ම අංශ = අනිවාර්යයෙන් සුවර් = සුවර් එකටම රාවණාගේ මව = රාමවංශ)

      Delete
  16. මිනිස්සුන්ට හිතන්න ප්‍රශ්න නැතිවට මෙහෙම විහිලු සපයනවද මන්ද...
    තමන්ගෙ මතේ තමන් තියාගෙන හිටියම ඉවරයි විකාර සමයං කතා කරල මිනිස්සු හිනස්සන්නෙ නැතිව.

    ReplyDelete
    Replies
    1. තිලිනි ශෑල්වින් තමන්ගේ මතේ තමන් තියන් ඉන්න අවශ්‍යනම් බ්ලොග් කෙරුවාවෙන් අයින් වෙන්න. තමුන් මේ බ්ලොග් එක නොබැලුවට බලන මිනිස්සුන්ට බලන්න දෙන්න. තමුන් කෙසේවත් මේ බ්ලොගයට ගැලපෙන්නේ නැති පරදේසක්කාර නමක් ඇති තැනැත්තියක්. කෙසේවෙතත් බුදුදහමට අපහාස කිරීම අනුමත කරන්න බෑ ජයරත්න මහතාණනි මෙවැනි දෑ පළකිරීමෙන් වලකින්න. මක්ද යත්. ඔබතුමාට ඇති ගෞරවයත් මෙම බ්ලොග් එකට ඇති පිළිගැනීමත් එයින් ක්ෂය වන හෙයිනි. රාවන දෙවි පිහිටයි!

      Delete
  17. -පළමු කොටස-

    මීවනපලානේ ජයරත්න රාවණා පාක්ෂිකයනි,
    මා මෙම පහත විස්තරය උපුටා ගත්තේ වෙනත් වෙබ්අඩවියකින්. මේ පහලින් දමා ඇත්තේ එයයි.එම විස්තරයේ මම හදුන්වා ඇත්තේ එය ලියු තැනැත්තායි.
    ...........................................

    මම රාවණා රජ්ජුරුවො ගැන ගොඩක් විස්තර හෙව්වා. එතකොට මට හිතාගන්න බැරි විස්තර ගොඩක් මහාචාර්ය භද්‍රජී ජයතිලක මහතාගෙ ශ්‍රී රාවණ්නා පුවත පොතෙන් කියවන්න හම්බුනා.


    අපි හැමෝම කියවලා, අහලා තියෙන විදියට රාවණා සීතව ලංකාවට පැහැරගෙන එන්න හේතු වුනේ මේ කතාවයි. රාමාගෙ මල්ලි ලක්ෂ්මන ලංකාවට ඇවිත් රාවණගෙන් අ‍යුර්වේදය ඉගෙන ගන්න අතරතුර රාවණාගෙ නංගි සුපර්ණකා එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගත්තා. මේ සම්බන්ධෙ පස්සෙ කාලෙක ලක්ෂ්මන් ආයිත් ඉන්දියාවට ආවත් එක්කම බිඳ වැටෙනවා. සුපර්ණකා තමන්ට අහිමිවෙන්න යන ආදරේ හොයාගෙන ඉන්දියාවට ගියාම ලක්ෂ්මන සුපර්ණකා එක්ක රණ්ඩුවක් ඇති කරගෙන සුපර්ණකාගෙ එක කනක් තුවාල වෙන්න හපනවා. පස්සෙ මේ තුවලෙ පිටින්ම ලංකාවට එන සුපර්ණකාව දැක්ක රාවණාට වෙච්ච සිද්දිය අහලා හොඳටම තරහා යනවා.

    මේකට පළි ගන්න හිතාගෙන තමයි රාවණා මායා ධර්ම දන්න ධූමරාක්ෂ එක්ක ඳඩුමොණරයෙ නැගලා සීතව පැහැරගෙන එන්න යන්නෙ. පැහැරගෙන ඇවිත් ලංකා පුරයේ හිර කරලා හංගලා තියනවා. හැබැයි වද දීල නෙමෙයි. සීතට ඕන කරන හැම සම්පතක්ම දීලා. කතාවක් තියෙනවා රාවණා එතකොට සීතගෙන් ආදරේ ඉල්ලා හිටිය කියලා. ඒක අමූලික බොරුවක්.

    ReplyDelete
  18. -දෙවැනි කොටස-

    දන්නවද සීත රාවණාගෙ කවුද කියලා.....?

    සීත කියන්නේ රාවණාගෙ දුව.
    හිතාගන්න බෑ නේ ඔයාලට. ඒ කතාව මෙහෙමයි.

    රාවණා රජුට දාව බිරිඳට(මන්ඳෝදරී), එක් මැදියම් රැයක දරු උපත් දෙකක් සිද්ද වෙනවා. ඒ කියන්නේ නිවුන් දරු උපත්. මේ උපත්තීන් ගැන පෙර ලකුණු කියන සෘශිවරු මදියම් රැයට පෙර මෙම උපත් සිදුවුන හොත් රජතුමාට හා රටට යහපතක්, ආශිර්වාදයක් වන බව හා මෙන්ම, මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුවුව හොත් පෙර කී ප්‍රථිඵලයෙ නරක පැතිකඩ , අයහපතක්, රාජ්‍ය විනාශ වන බවට ප්‍රකාශ කලා. මේ නිසා සිත කැළඹුනු රාවණා රජු තමන් නිර්මාණය කරණ ලද ශිව දේවාලයට ගොස් තමන්ට කුඩා කල ඉබේ පහලවූ වූ ශිව ස්තෝත්‍රය ගායනා කරන්න පටන් ගත්තළු. ටික වේලාවක් යන කොට පණිවිඩයක් ආවලු බිරිඳට පුතෙක් ලැබුනා කියලා. ඒත් දෙවෙනි උපත ගැන නොකියවුනු නිසා තවත් කලබල වෙලා බිරිඳ සිටින ශාලවට ආවලු. ඒ වෙන කොට මධ්‍යම රාත්‍රිය පහු වෙලා තිබුනළු. එව්වෙලේ දෙවෙනි උපතත් සිදු වුනාලු. රාවණා මේ ගැන සිත් තැවුලට පත් උනාලු. පළවෙනි උපතින් බිහිවුනු පුතුට ගිරිමේඝ කියලා නම තිබ්බා. ඒකට හේතුව, උපත සිදුවුන වෙලාවෙ මහා හඩින් ගොරවමින් වැහැ වැහැ තිබුන නිසා. දෙවෙනි උපතින් බිහි උනේ දුවෙක්. මධ්‍යම රාත්‍රිය පහුවෙලා ඉපදුනු නිසා තවත් තමන් ළඟ තියාගන්න බැරි නිසා සඳුන් ලීයෙන් කරපු පෙට්ටියක දාල මුහුදෙ පා කරලා යවලා තියෙනවා. බිරිඳට කිව්වා දෙවෙනි උපතින් ලැබුනු දරුව මැරුණා කියලා.

    අර පෙට්ටිය පා වෙල ගිහින් ගොඩ ගහලා ත්යෙන්නේ එතකොට ඉන්දියාවෙ රජ කල දශරත රජුගෙ මඟුල් හේනට. (ඒ කාලෙත් රජවරුන්ගෙ දේවල් මඟුල් නෙ) ඒ හම්බවුන දවසේ ඒ රටේ වපි මඟුල් උත්සවේ. නඟුලෙන් සී සාන ගමන් තමයි සීතා දාල හිටපු පෙට්ටිය හම්බ වෙල තියෙන්නෙ. සීතා කියන නමේ තේරුමත් "නඟුලෙන් උපන්නී" කියන එකයි. පස්සෙ තමයි සීතා එහේ හැදිල වැඩිලා පස්සේ කාලෙක රාමට හම්බවෙන්නේ.

    රාවණා රජුට හිසවල් 10ක් තියෙනවා කියලා කියනවා. ඒකට හේතුව රාවණා රජු ප්‍රධාන ශාස්ත්‍ර 10ක් දැනගෙන සිට්ය නිසා. හරියටම මතක නෑ
    *ආයුර්වේදය
    *ගෘහ නිර්මාණය
    *යුධ ශිල්පය
    *මායා ධර්ම
    *රසායන දර්ම(රස දිය සම්බන්දව)
    *සංගීත දර්ම
    *නැකැත්.ජෝතීශ්‍ය දර්ම
    (අන්තිම 3 මතක නෑ)

    රාවණා රජු ආයුර්වේදයට බොහොම ආදරේ කරපු, ආයුර්වේද් විද්‍යාව ප්‍රගුණ කරපු රජ කෙනෙක්. ඔහුට ඒ දැනුම ලැබෙණ්නේ ඔහුඩෙ සීයා, පුලස්ථි සෘශිගෙන්. අදටත් පරාක්‍රම සමූද්‍රය ඉස්සරහා තියෙන පිළිමේ පුලස්ථි සෘශිගෙ තමා. නැතුව පරාක්‍රම බාහූ රජුගෙ නෙමෙයි. මෑතකදි කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු උනා. (කාබන් කාල නිර්ණ පරීක්ෂණයෙන්) ඒ කාලෙ පුලස්ථි සෘශිට ආයුර්වේද වටිනාකමින් මිල කරන්න බැරි මහා විශාල වනයක් තිබුනා. ඒක ශ්‍රී අකුරෙ හැඩයට තමයි හදල තිබුනයි කියන්නේ. ආයුර්වේදෙට අනුව ශ්‍රී කියන්නේ ලෙඩ හොඳ කරන අකුරනේ. රාම රාවණා යුද්ධෙදී ඔය වනය විනාශ වෙනවා. ඒත් සම්පූර්ණයෙන්ම නෙමෙයි. අදටත් ඒ වනයෙන් කොටසක් ඉතුරු වෙල තියෙනවා. ඒ තියෙන්නේ පුලස්ථි සෘශිගෙ පිළිරුවට පිටිපස්සෙ තියෙන ඝන කැලෑවෙ. ඔයාලට බොරු කියලා හිතෙනවා නම් ගිහින් බලන්න පුළුවන්. හැබැයි ගියා කියලා ඒ සම්පත් විනාශ කරන්න එපා.

    මතයක් තියෙනවා. ඒකත් කියලම මේ සටහන ඉවර කරන්නම්. රාම රාවණා යුද්ධෙන් රාවණා මරුනෙ නෑ කියලා ඔයාලා අහලා අතිනෙ. ඒක ඇත්ත. එදා යුද්ධෙදි රාමා විදපු ඊය රාවණාට වැදුනා. මැරුණෙ නෑ. රාවණා කියන්නෙ ශිව දෙවියන්ගෙන් අමරණීය වරම් ලබපු පුද්ගලයෙක්. ඒක නිසා රාවණා මරන්න කාටත් බෑ. අදටත් රාවණාගේ සිහිය නැතිව තියෙන දේහය හක්ගල කඳු මුඳුනෙ ආරක්ෂා සහිතව බෙහෙත් ඔරුවක බාහලා තියනවා කියල පුරාණ මත තියෙනවා. දේහයෙන් මිදී සිටින රාවණා අවතාරය පුලස්ථි සෘශිගෙ පිළිරුව පිටුපස තියෙන වනයේ සිට භාවනා යෝගීව සිටින බවටත් මත තියෙනවා. අපිට හිතා ගන්න බෑ තමයි. ඒක ඇත්ත වුන දවසට.....!

    උපුටා ගැනීම-http://www.elakiri.com/forum/showthread.php?s=6d4fda13bf129b6e2ac99509348e6179&t=1361242
    ..........................................................

    ඔන්න මීවනපලානේ ජයරත්න රාවණා පාක්ෂිකයනි, මේ ඉහත කරුණු කරනා ගැන ඔබගේ දැනීම කෙසේද? රාවණා පාක්ෂිකයෙක් වන ඔබතුමාට අපට වඩා මේ ගැන දැනුමත් ඇති නොවෑ. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?
    රාවණා රජු අමරණීය උතුමන් කෙනෙක්ද? එතුමන් මෙම නින්දෙන් නැගිටුණු පසු කුමක් වේද?

    පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. මේ ගැනනම් කියන්න දේවල් ගොඩක් තියෙනව, ඒ හින්දා ලිපියකින්ම ඔය ගැන දැක්වුවට අමනාපයක් නැද්ද?

      Delete
    2. අනේ සුදු මල්ලිලා මං මේ ඔය රාවණ්ණා පුවත ලිව්වේ තුන් මාසයක් මල් ගහලා. එහෙම නැතිව මං දන්න පුලස්ති කෙනෙක් හිටියේ නැහැ. රාව‍ණා කෙනෙක් හිටියෙත් නැහැ. අපිත් කීයක් හරි හොයා ගන්න එපෑ. උඹලා ඔය මං මලෙන් ලියාපු පොත පිස්සුවක් කරගන්න එපා. සූරිය ගුණසේකර අයියත් දරු පවුල් කාරයා ඌත් ජීවත් වෙන්න කීයක් හරි වැඩිපුර හොයාගන්න තමා ට්‍රයි එක. මේක අමාරු කාලයක්නේ මල්ලිලා. අහුබුදු අයියට කීයක් හරි ගතමන්ට් එකක් ආවෙත් ඔය අකුරු පටලෝලා නං තිවිල්ලෙන්. ඉතිං ඒකට පොඩි මාකටින් පාරක් හැටියට තමා ඔය හෙලය කරේ තියං දැගළුවේ.

      උඹලා මේ අන්තර්ජාලේ ඉඳන් ඔව්වා කියවන්න යන්න එපා. මාත් පොත ලිව්වට පස්සේ තමා පොලොන්නරු ගියේ. මල මගුලයි සිරිසේන.අර කියපු ප්‍රතිමාව පිටිපස්සේ ආයෙමත් කදුරුවෙල පාර පැත්තෙන් ආව පාරක්.ඒ හරියේ ගෙවල් හදං මිනිස්සු හෝ ගාලා. මොන ශ්‍රී අකුරු කැලෑද? නක පූස්ති.

      ඔන්න ඔය රාවණා අතෑරලා දාලා කීයක් හරි ගතමන්ට් එකක් එන වැඩක් බලා ගනිල්ලා මල්ලිලා.මං වගේ.

      Delete
    3. මෙන්න නියම හෙළයෙක්.

      Delete
    4. බොහොම වැදගත් කරුණු කිහිපයක්. රාවන පාක්ෂිකයෙක් විදියට බොහොමත්ම ස්තූති වන්ත වෙනවා හෙලිකිරීම ගැන.

      Delete
  19. මීවනපලානේ ජයරත්න රාවණා පාක්ෂිකයනි,

    එසේනම් මාගේ ගැටළුවලට පිළිතුරු ලිපියකින්ම දක්වන්න.

    එනමුත් මට දැන් දැන් පෙනෙන්නේ ඔබතුමා මෙහි පැමිණෙන පිරිස් අසනා ගැටළු වලදී ඒවාට නිසිලෙස පිළිතුරු නොදී මගහැර යන බවයි. මෙය සැබෑ රාවණා පාක්ෂිකයන්ට තරම් වටින්නේ නැති බවද දැක්වීමට කැමැත්තෙමි. මන්ද මා අසා ඇති අන්දමට රාවණා පාක්ෂිකයන් සිය අරමුණ වෙනුවෙන් ආත්මය පවා කැපකිරීමට හැකියාවක් ඇති පිරිසක් බැවිනි. ඔවුන් ගැටළු වලදී මගහැර යන්නේ නැත.


    පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. එය නම් මටද දැනෙන සත්‍යයයකි..... රවණා හමුදාව ඉතා ප්‍රබලයි.... පසු බැස්සේ නෑ

      Delete
  20. ඔබගේ අදහස් කොමෙන්ටු කියවූ ම හා නම් වැටහී ගියේ ඔබ හැම දෙයකම අර්ථය ඔබේ දැනුම හරහා තෝරන්නට යාමයි..උදාරණ වශයෙන් සල්මන් කාන් යන නම ඔබ සල් +මන ලෙස ගෙන ඒ අනුව ඔහු ගේ හෙළයට ඇති නෑදා කම් දක්වා තිබුනා.....එවැනි විකාර රූපි අදහස් ඇති ඔබට ඇත්තේ කිසියම් භින්නෝන්මාද (schizophrenia ) තත්වයක් බවයි මට තේරුම් ගියේ.....මගෙන් ඔබට ලැබෙන අවවාදය නම් හැකි ඉක්මනින් මනෝ වය්ධ්‍යවරයකු වෙත යොමු වන ලෙසයි..මේ ඔබ ගැන උපන් අනුකම්පාවෙන් මිස තරහකින් කරන්නක් නොවන බව ඔබ තේරුම් ගත යුතුයි...

    ReplyDelete
    Replies
    1. මේ බලාපන් ජයරත්න ගොයියෝ ඔහේගේ joke එක මේ ලියපු මනුස්සය serious අරගෙන තියෙන තරම . පව් නැද්ද ඕයි මේ මිනිහ .
      දුයිෂෙන්

      Delete
    2. සුවර් එකටම ඒ පොර මානසික ඩොකෙක් උන්දලට මන මගුල කරත් හැම ඒ හැම එකාටම මානසික ලෙඩක් කියල මොකක් හරි දිව පැටලෙන නමක් කියයි. උන් ඔක්කොටම පිස්සන්ට වඩා පිස්සු.

      Delete
  21. ජයරත්න ගොයියෝ , රාවන සහෝදරයෝයි , බූරු වංසලයි එකතු වෙලා කරන තරම්ම හානියක් ඔහේ අතිනුත් සිද්ධ වෙනවා.
    මොකද මේවා ඇත්ත ම කියල හිතන අයත් ඉන්න බව comments වලින් තේරෙනවා, මුලදී අපිත් මාර fun එකක්
    ගත්තා . දැන් නම් ටිකක් over වගේ , දෙපැත්තෙන්ම රාවණ ව ගොන් පාට් වෙන එකයි වෙන්නේ,

    ReplyDelete
  22. තොපි ඔක්කොම අපිට එකයි. ගොන් හෑතිකරේ !! අපේ රටේ ඉතිහාසය කනවා !! තොපිගෙ පුකට වෙඩිතියන්න ඔන !!! එහෙ නෙ උම්බල ගෙ මොලේ තියෙන්නෙ !!

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹලා උපහාස කතා කලාව කියල එකක් ගැන අහලවත් නැද්ද..????

      Delete
  23. ඔයා කියන්න්නෙ ඔයව කටවත් Hack කරන්න බෑ කියලනෙ නෑතුවනෙ ඔය නෙට් යන්නෙ Ip Adress නෑතිව කියලා,මොකඩ කියන්නෙ ඔයගෙ ඔය බ්ලොග් එක මන් hack කලොත්?ඔයගෙ location & tover එක කිව්වොත්???

    ReplyDelete
    Replies
    1. කරලා පෙන්නන්නකෝ..... අපිට හොයා ගන්නත් මොනා හරි ලකුණක් දෙන්න....

      Delete

නුදුරු අදහස්