Sunday, June 17, 2012

වර්ගපූර්ණිකාව යනු කුමක්ද කියා දන්නවද?

රාවනා ඈ ඉතිහාසය දක්වද්දී නොවරදවාම මූලාශ්‍ර කරගත යුතු ග්‍රන්ථයක් තමයි වර්ගපූර්ණිකාව. නමුත් හැමෝම අහනව මොකක්ද මේ?, ඕක කොහෙද තියෙන්නෙ කියල.මගේ යාළුවෙක් නුගේගොඩ සරසවි පොත් හලෙත් මේක හොයල. ඔන්න ඉතින් මං කල්පනා කළා මේ බ්ලොග් එකේ නමත් වර්ගපූර්ණිකාවම නිසා, තවත් ලිපි ලියන්න කළින් වර්ගපූර්ණිකාව යනු කුමක්ද කියල හඳුන්වල දෙන්න.


හෙළ යකුන්ගේ අතිශය දුර්ලභ තොරතුරු ඉතාමත් රහසිගත පුස්කොළපොතක් තමයි රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වර්ගපූර්ණිකාව. (ඔන්න මම මේ ගැන හෙළිකරන්න යන හින්දා රාජකරුණා යක්කු මාත් එක්ක අමනාප වෙන්න එපා.)

වර්ගපූර්ණිකාව හැරුන විට, රවිපෛලාශ (රාජපක්ෂ) වංශයට අයත් පාෂනවංශකාව, සෙනහිංගල (සේරසිංහ) වංශයට අයත් සේපනංඩකාව, ගුවනාගහිංගල (ගුණසිංහ) වංශයට අයත් අඹරවත්ථුපේසිකාව, අමශෛලාශ (අමරසේකර) වංශයට අයත් අමකාපසාකාව, හෙමනාගග්‍රාමාස (හෙට්ටිගොඩ) වංශයට අයත් හෙගමෘගවර්ණනාව, රණනායකාශප (රත්නායක) වංශයට අයත් රවිශානපාශාකරය, විකුමානලීඩකර (වික්‍රමනායක) වංශයට අයත් විමානශාස්ත්‍රපකරය ආදී පුස්කොළපොත්ද එකී හෙළ යකුන්ගේ පරම්පරාවල් වලින් තවමත් පැවතෙන බව මෙහිදී මතක් කළ යුතුයි.

කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත.

යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. ඊට අමතරව බමුණන් වීසින් ඒවාට නැවතත් ගිණි තබන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.

මහසොහොන් දැහැන, වෙසමුණු බන්ධනය, වෛමානික සාපේක්ෂතාවය, වේදාන්තර වෛද්‍යවනය, රාමකදැහැන, යක්ඛපණක්ඛය, මෝරාඛන්ඩකය, ශවිශාපශාදනිය, ගිරිමේඛබන්ධනය (පංඡය), සිරිමේඝරාඝිනිය, වරුමාලපාසාදිකය, සුඛමාරපානකය, මනුලෝකශාවකය, අසුරාගනෂ්ඨකය, කාලත්‍රයාත්‍රකය, අන්ගිකඩම්භකය, දුංගමපුරානය, වාසල මධුකරය, හූනියම් හෑල්ල, ගිරිඛණ්ඩපාසකය, වලිශෛලාසමණ්ඩකය, යක්ඛණ්ඩපය (යකුන් දැහැන), රකුන්තෙදැස්සිය, අධෝකපාලාසකය, විජිනාසමණ්ඩකය, සජ්ජකාරපය, මෝරාසයක්ඛනය, දේවාතරූපකය, වෛශාලරාමකය, බාඛාල පාසකය, පාතාල අඳුන, විශුකාරයන්ත්‍රණය, ගිරිමේඛපණ්ඩලය, කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.

ගිරිමේඛකණ්ඩකය රචනා කිරීමේදී සපර අරනේ දෙමසක්ද, සවිර අරණේ තුන් මසක්ද, මාගම අරණේ දෙමසක්ද, රකුන්ගිරි අරනේ එක් මසක්ද, නීලගිරි අරණේ දෙමසක්ද, යමකාන අරණේ තුන් මසක්ද, ලිසකාය අරණේ හතර මසක්ද, පරමාන අරණේ තුන් මසක්ද, පාතාල අරණේ හතර මසක්ද, පශ්චාන අරණේ එක් මසක්ද වාසය කළ බව කතුවර හිමියෝ සඳහන් කරති.

පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.
එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත. ඉන් පසුව හමුවූ වර්ගපූර්ණිකාවේ අ‍ටුවා වලට නැවතත් බමුණන් ගිණි තබා ඇත.

දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,

හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බු...

වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. පරමත්ථ පුස්තක හයකින් යුක්තය. එසේම වර්ගපූර්ණිකාවේ උප ග්‍රන්ථයක් වන අධෝකපාලකය ලෙස රචනා කර ඇති විශමානසාරපාසකය පත් ඉ රු නවදහස් එකසිය විසි අටකින් යුක්තය. මේ සියල්ලටම පාහර බමුණන් ගිණි තබා ඇත.

රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි...

කෙසේ නමුත් ඉහත ගිණි තැබීම් වලින් පසුව ඉතිරි වන්නට වර්ගපූර්ණිකාවක් නොමැති බව පැහැදිළි වෙයි. නමුත් එසේනම් අප එක් එක් ඉතිහාස කතන්දර සඳහා වර්ගපූර්ණිකාවෙන් මූලාශ්‍ර දක්වන්නේ කෙසේද යන්න ගැන සාධරණ සැකයක් ඔබට ඇති වන්නට ඇති. ඒ සඳහා අප රාවනා ශක්තිය යොදා ගනිමින් කාලයෙන් අතීතයට ගමන් කර බමුණන් විසින් ගිණි තැබීමට පෙර තිබූ වර්ගපූර්ණිකාවන් කියවා එහි මූලාශ්‍ර සටහන් කරගෙන නැවතත් ඔබ වෙත ඉදිරිපත් කරන බව දත යුතුය. එනිසා වර්ගපූර්ණිකාවේ පිටපත් නුගේගොඩ සරසවි පොත් හලෙන් එහෙම ඉල්ලන්න එපා.

වර්ගපූර්ණිකාව යනු හුදු ප්‍රබන්ධයක් බව හෝ, මහනුවර යුගයේ ශාසන පරිහාන සමයේදී දෙමළ කතන්දරත් යොදා ගනිමින් චීවරධාරීන් විසින් ගොතන ලද කෙප්පයක් බව සමහරුන් කියතත් එය තනිකර මුසාවකි. ඔවුන්ට එලෙස කීමටනම් සෙල් ලිපි™ මූලාශ්‍ර තිබිය යුතු අතර ඔවුන්ගේ මතය ඔප්පු කිරීමට සුදුසු කිසිදු සෙල් ලිපියක්™ නොමැති නිසා හෙළ යකුන්ගේ මතය නිවැරදි මතය බවට පත් වෙයි.

21 comments:

  1. මාත් මේ දවස්වල විශේෂ භාවන ක්‍රමයක් අනුගමනය කරමින් ඉන්නේ. වෙන එහෙකට නෙවෙයි ඔය වර්ගපූර්ණිකාව කියවන්න අතීතෙට යන්න...

    කොහොම හරි හෙල යක්කුන්ගේ පිහිටෙන් දැන් මට වර්ගපූර්ණිකාව පේනවා පේනවා වගේ... හරියට පෙනුන වෙලාවට මාත් කියන්නං...

    ReplyDelete
  2. ඇත්තටම ඔය කාළයෙන් අතීතයට යනවා කියන එක මට පැහැදිලි මදි.

    ReplyDelete
    Replies
    1. කාලය හරහා අතීතයට යාම ගැන විශේෂ ලිපියක් ලියමින් සිටිමි.

      Delete
  3. ඇත්තටම ඔය කාළයෙන් අතීතයට යනවා කියන එක මට පැහැදිලි මදි.

    ReplyDelete
  4. " වර්ගපූර්ණිකාව යනු හුදු ප්‍රබන්ධයක් බව හෝ, මහනුවර යුගයේ ශාසන පරිහාන සමයේදී දෙමළ කතන්දරත් යොදා ගනිමින් චීවරධාරීන් විසින් ගොතන ලද කෙප්පයක් බව සමහරුන් කියතත් එය තනිකර මුසාවකි. ඔවුන්ට එලෙස කීමටනම් සෙල් ලිපි™ මූලාශ්‍ර තිබිය යුතු අතර ඔවුන්ගේ මතය ඔප්පු කිරීමට සුදුසු කිසිදු සෙල් ලිපියක්™ නොමැති නිසා හෙළ යකුන්ගේ මතය නිවැරදි මතය බවට පත් වෙයි. "

    මේ ගැන කියන නිසා ඔබෙන් අහන්නම් ඔබට මේවා ඔප්පු කරන්න මොනවද තියෙන සෙල්ලිපි මූලාශ්‍ර? ඒවා ඇති තැන්, විස්තරය, සටහන්ව ඇති දෑ, මෑත යුගයේ කියවූ පුද්ගලයන් (පුරාවිද්‍යා විශේෂඥයන්) කවුද?

    මොකක් හෝ කියලා මගහරින්න එපා

    ReplyDelete
    Replies
    1. බොහෝ විස්තර යක්ෂ ගෝත්‍රිකයින් අතර පරම්පරාගත රහස්ව පැවතීම නිසා හෙලි කිරීමට නොහැකියි, ඔවුන් අවසර දෙතොත් හෙලි කරන්නම්.

      Delete
    2. සමහර පුද්ගලයින් සාංසාරිකව පුරුදු පුහුනු කරපු දේවල් වලට අනුව වර්තමාන ජීවිතයේත් එවැනි පුරුදු එන්න හැකියාව තියනවා,(බෞද්ධ දේශනා අනුවා)ඒ අනුව අදටත් සමහර අයට අමනුෂ්‍යයින්ගේ පනිවුඩ මනසට එන්න පුළුවනි ඒ තොරතුරු එක හැටියේ පිලිගත්තොත් අමාරුවේ වැටෙනවා, සමහරු එහෙම වෙච්චි අවස්ථා මම දැකලා තියනවා, මනුෂ්‍යයින් හොඳ හැටි කඩේ යවන්න ඒ අයට පුළුවනි.

      Delete
  5. "වර්ගපූර්ණිකාව" ගැන ලියනවානම් ඊට අදාළ රූපයක් දානවා යාළු...ඔය පින්තූරේ තියෙන්නේ කොත්මලේ ගණිතයා ලියපු "මහා ගණිතය" කියන පුස්කොළ පොත හා ඔහුගේ පන්හිද...

    ReplyDelete
    Replies
    1. වර්ගපූර්ණිකාව බමුණන් විසින් ගිණි තබා ඇති නිසා ඒකෙ පින්තූරයක් දාන්න බෑනෙ. ඒක තියෙනව කියන අය බොරුවටයි කියන්නෙ, තියෙනවනම් ඕක හෙළි නොකර ඉඳීද. මහා ගණිතය ගෙ පුස්කොළපොතයි පන්හිඳයි දැම්මෙ මේකත් ඒ ආකාරයෙන්ම ලියපු එකක් කියල පෙන්වන්න.

      Delete
  6. ප්‍රාණයාමය, කුණ්ඩලිනි ශක්තිය යොදවා රාවණා කාලය හරහා ගිය හැටි!! ඊලගට ලියන්න......

    ReplyDelete
  7. හැක්..
    මමත් රත්නායක කෙනෙක්
    එතකොට මමත් යකෙක්ද

    ReplyDelete
  8. කියන්න වචන නැහැ.. එකෙනෙම මම හෙළයෙක් කියන එක මම දන්නවා.. දිගටම ලියන්න.. භාවනාව , කුන්දලිනි ශක්තිය.. කාලය හරහා ගමන කිරීම... මන්තර... මේ දේවල් අනෙක් අයට කෙසේ වෙතත් අපට ගොඩක් වටිනවා.. ඉක්මනටම කාලය හරහා ගමන ගැන ලිපිය ලියන්න සහෝ.. මොකද එක ප්‍රායෝගිකයි කියල මම හිතනවා..

    ReplyDelete
  9. මේවා ඇත්තද මායාවල්ද කිය වාද කරගන්න දෙයක් නෑ. රාවණා නින්දෙන් නැගිටලා රටේ රජ වෙනවා කියන අනාවැකිය හරිගියොත් අනෙක් කරැණුත් හරි බව ඔප්පු වෙනවා. දැන් 2012 මේ අවුරැද්දේ මේක වෙනවා කියනවනේ. ඉතිං ලගදිම ඇත්ත හෝ මායාව ඉබේම එළි වේවි. ලිපි නම් ටොප්, ඇක්ෂන් මූවි එකක් බලන්නා වගේ කටී ප්‍රදේශය පුටුවේ අගිස්සට ලිස්සා එනවා.

    ReplyDelete
  10. අනික් වැඩේ තමයි සමාන්තර විශ්ව ගොඩාක් කියනවා කියන නිසා ඒ විශ්ව වලට වෙන වෙන පෘථීවි වල් ගොඩාක් තියන එක. ඉතිං ඒ ඒ පෘථීවි වල ඉන්න ජනතාවගේ මානසික නැඹුරැව අනුව ඔවුන් ඒ ඒ ශක්ති‍ වලට ගැලපෙන පෘථීවි වලට 2012 දී මාරැ වෙන බව කියවෙනව (ධන මානසිකයක් තියන මිනිස්සු ධන ශක්තිය ඇති පෘථිවියකට, ඍණ මානසිකයක් තියන මිනිස්සු සමාන ඍණ පෘථීවියකට). ඉතිං මේ රාවණා එහෙම නැගිටලා එන්නේ එහෙම ධණ ශක්තියක් තියන පෘථීවියකදී වෙන්න පුළුවන්. මොකද අනාගතය කියලා ස්ථීර දෙයක් නෑ, මිනිස්සුන්ගේ මනස් වලින්ලුනේ අනාගතය තීරණය වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. samanthara wishwa gena katha batahira dewal nemeda ban?

      Delete
    2. parallel universes rawana ge term ekak wenna athi man hithanne..

      Delete
  11. පදනමක් නැති කතා

    ReplyDelete
  12. තෙරුවන් සරණයි!
    ඔබ කාලත්‍රය දක්නට භාවිතා කරන ක්‍රමය ගැන දැන ගැනීමට කැමැත්තෙන් පසු වෙමි.දැනට අප දන්නා පමණින් භාවිතා කල හැක්කේ හා භාවිතයේ ඇත්තේ, චන්ද චිත්ත විරිය විමංසා සමාදින් පාදක කරගත් භාග්‍යවතුන් වහන්සේ කියා දුන් ක්‍රමය පමණි. එසේ නැතහොත් අමනුශ්‍ය ආරූඪ ආදිය තුලින්ද එවැනි තත්වයන් ඇතිකර ගත හැකි බව දනිමි. චක්‍ර භාවනාව තුලින්ද එබදු තත්වයක් ඇතිකර ගත හැක. නැතහොත් වෙන ක්‍රමයක් ඔබ දන්නේ නමි. කරුණාකර මේ පිළිබඳව දැනුවත් කරන්න. http://www.budurashmiya.net/
    ඊ-ලිපිනය jmthanuja@gmail.com
    තෙරුවන් සරණයි!

    ReplyDelete
  13. මමත් රවන රජු පිලිගන්නවා ඇත්තටම මේ ලිපි ගොඩක් වැදගත් ඒත් රව/නට ඔයවගේ දියුණු තාක්ෂණයක් තිබ්බානම් ඔහු කොහෙවත් යන වදුරෝ රැලකට පැරදෙයිද... අනික කෝ තම රවන නැගිට්ටේ නැනේ

    ReplyDelete
  14. ඇත්තටම මම කාලයක් තිස්සේ මේ ලිපි ඔක්කොම කියෙව්වා මේවා ගොඩක් වටිනවා ඒත් මහත්තයෝ ඔයා මේවගේ ඇත්ත තොරතුරු අතරට අතිශෝක්තියත් දාලතිබ්බා මන් මේ කතාව පිලිගන්නවා ඒත් මට පිලිගන්න්න අමාරු වන ආයෙත් නැගිටිනවා කියන එක.......කවද්ද නැගිටින්නේ,තාම එයාගේ සෛල පනපිටින්ද,එය නැගිට්ටත් දැන් ආහාර වල තියන වස කොටස් නිසා ආයෙත් රාවන මැරෙයි නේද.....මට මේවට උත්තර දෙන්න

    ReplyDelete
  15. "වර්ගපූර්ණිකාව බමුණන් විසින් ගිණි තබා ඇති නිසා ඒකෙ පින්තූරයක් දාන්න බෑනෙ. ඒක තියෙනව කියන අය බොරුවටයි කියන්නෙ, තියෙනවනම් ඕක හෙළි නොකර ඉඳීද." ඔබේ ලිපිය හා මේ කොමෙන්ටුව කියෙව්වාමයි, නොයෙක් අය කියන වර්ගපූර්ණිකාව කියන්නේ මොකක්ද කියා තරමක් නිවැරදි වැටහීමක් ලැබෙුණෙ. සමහරු කතා කරන්නෙම genuine තමන් අතේම තියාගෙන වගේ. මිවනපලානේ ජයරත්නයන්ට ගොඩක් ස්තුතියි

    ReplyDelete

නුදුරු අදහස්