Friday, June 29, 2012

එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත් විජිතයකි.

හෙළෝ!, අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න සිත් විය. ඒ තමයි එංගලන්තය!

දැන් ඔබ හිතාවි ආයුබෝවේවා! නොකියා ඇයි මේ "Hello" කියමින් පර සුද්දන්ගේ බාසාවෙන් මේ හෙළගවේශණ වර්ගපූර්ණිකාවෙ ලිපිය පටන් ගත්තෙ කියල. ඊට හේතුව තමයි එයත් අපගේ හෙළ වදනක් වීම. සැබෑ රාවණගවේශකයෙක් වූ අරිසෙන් අහුබුදු තුමාට අනුව "හෙළෝ" යන වචනය හැදී තියෙන්නේ, රාවණා රජතුමාග කාලයේදී තලබනුවෙන් බණන විට හෙළයෙක්දැයි දැනගැනීමට ග්‍රාහකයා "හෙළෝ" කියා අසන නිසයි. හෙළ+ඕ=හෙළෝ. අනික් පස සිටින්නේත් හෙළයෙක්නම් ඔහුත් "හෙළෝ" කියා ප්‍රතිචාර දක්වයි. ඒ සිරිත සිට අද දක්වාම එය පැවතෙයි.

එය ඉංග්‍රීසි බසට ඇතුලත් වුණේ කෙසේද කියා ඔබ දනීද? "ඉංග්ලිශ්" යනුත් "සිංග්‍රීසි" යන හෙළ පදයෙන් හැදුණ පදයකි. එනම් සෙල්ටික් නැමති ඉපැරණි ගෝත්‍රිකයින් යටත් කර එංගලන්තය ශිෂ්ටාචාරය කළ ආදීතමයන් වූයේ හෙළයින්ය. රාවණ යුගයේදී අතීත හෙළයින් ග්‍රීසිය හරහා එහි පැමිණි අය නිසා සිංහල+ග්‍රීසි දෙක එකතු වී ඔවුන්ව "සිංග්‍රීසි" ලෙසයි හඳුන්වා ඇත. ඔවුන්ගේ බාසාවත් "සිංග්‍රීසි" ලෙස හැඳින්වුණි. එමෙන්ම සිංහලයන් ලබා ගත් ඒ බිම "සිංහලන්තය" ලෙසත් හැඳින්වුණි. හෙළයෙක් වීම ගැන ආඩම්බරයි නේද?

බොහෝ කළකට පසුව රාවණා රජතුමා නිද්‍රාවට පත් වීමෙන් පසු කාලයේදී සිදුවූ "එංගල්" වරුන්ගේ (එංගල් වරුන් යනු ඇන්ග්ලෝ - සැක්සන්, ඇන්ග්ලෝ - නෝර්මන් කියන ගෝත්‍රයන් දෙක) ආක්‍රමණයත් සමග සිංහලන්තයේ සිටි සිංහලයන් සහ සෙල්ටික් වරුන්ව යටපත් වී ගිය නිසා සිංහලන්ත රාජ්‍යය "ඉංග්ලන්ඩ්" බවට පත් විය. එහි භාවිතා කළ සිංග්ලිශ් නැමැති බස "ඉංග්ලිශ්" ලෙස වෙනස් වුණි.


ඉහත රූපයේ දැක්වෙන්නේ එංගලන්තයේ සහ වේල්සයේ සිතියමයි. ඊළඟට පහතින් දැක්වෙන්නේ පහළොස් වන සියවසේදී අක්ශාංශ සහ දේශාංශ 100% ක් ඉතාම නිවැරදිව ගෙන ටොලමි ඇන්ද තැප්‍රොබානා (ශ්‍රී ලංකා) සිතියමයි. මේ සිතියම් දෙක හොඳින් නීරීක්ෂණය කළහොත්, එංගලන්තය සිතියම තැප්‍රොබානා සිතියමේ වම දකුණ මාරු වීමක් බව ඔබට පෙනේවි.


ආදී සිංහලන්ත දිවයින, ලංකාපුරයට යට පැත්තේ පිහිටා තිබීම නිසා රාවණ රජතුමා විසින් එය ලංකාපුරයේ අනිත් පැත්තට ගැලපෙන ආකාරයට න්‍යෂ්ඨික පිපිරීම් සිදුකර සැකසුව බව, ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතක් වන වර්ගපූර්ණිකාවේ, ලෝනාගවසකය නැමැති ටීකාවේ දැක්වේ. එසේ කළේ විශ්ව ශක්ති නියමයට අනුව ලෝකය සමතුලිත කිරීමටළු. බොරුයි කියා සිතේනම් වර්ගපූර්ණිකාව හොයාගෙන කියවල බැලිය හැක. නමුත් කාලයත් සමග ඇතිවූ සුනාමි (සු=සුණුවිසුණු, නා=වතුර, මි=මිහිතලය, ඒක නිසා සුනාමි කියන්නේ පොලොව සුනු විසිනු කරන වතුර කියන එක. මූලාශ්‍රය: අරිසෙන් අහුබුදු සූරීන්ගේ පද පෙරළියක්) සහ සමුද්‍ර ඛාදන තත්ත්වයන් නිසා, අංගසමව තිබූ සිංගලන්තයේ සහ ලංකාපුරයේ හැඩරුව එකිනෙක වෙනස් විය.

ඒ ආකාරයෙන් චක්‍රවර්තී දසිස් රාවණා රජතුමා විසින් පාලනය කළ අතීත සිංහලන්ත (අද එංගලන්ත) දිවයිනේ හැම නගරයක් නගරයක් පාසාම තාමත් ශ්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කිතු ගොස ‍රැව්-පිළි‍-රැව්දේ. වර්තමානයේදී එංගලන්තයේ ඇති නගර වල නම් පවා බිහි වීමට රාවණ රජතුමා මූලික වූ බව අද සනාථ වී අවසානයි. ඒවා එකින් එක බලමු.

රාවණ රජතුමාගේ අනුදැනුම අනුව ලංකාපුර රාජධානියේ සිට එංගලන්තය ලෙස අද හැඳින්වෙන බිම ශිෂ්ටාචාර කිරීමට ගොඩබිමින්, ගුවනින්-දඬුමොණර යාත්‍රා වලින්, මුහුදෙන් මෙන්ම මූද යටින් ග්‍රීසිය හරහා බටහිරට සංක්‍රමණය වූ හෙළ අසුර සේනාව, සිංහලන්තයේදී කමියුනිටියක් ලෙස "හැමිල්ටන්" හීදී මූලිකවම එක් වුණි.
හෙළයන් හැමෝම එක් වූ තැන => හැම+හෙළ+ස්ථානය => Hamilton

ඊට අමතරව කවදත් යුද්ධයේ දක්ෂ රකුසන් (රක්+උස්=රකුස්) අවකාශකාළ පණු සිදුරක් හරහා (අපගේ ඉපැරණි පුස්කොළපොත් කියවූ බටහිරයින් එය Wormhole ලෙස හඳුන්වතත් තාමත් උන්ට එය අවබෝධ කරගැනීමට නොහැකි වී ඇත) පැමිණි තැනට ඇක්ස් බ්‍රිජ් ලෙස හැඳින්වුණි. ඇක්ස් යනු "යක්ෂ" යන්නෙහි යුරෝපීය රාවණ යටත් වැසියා භාවිතා කළ "යක්ස්" යන්නට පසුව යෙදුණු ව්‍යවහාර නාමයකි.
යක්ස්+රකුස්=ඇක්ස්. යකුන් සහ රකුසන් පැමිණි අවකාශකාළ පණු සිදුර "ඇක්ස්-බ්‍රිජ්" නම් විය.
ඇක්ස්+බ්‍රිජ් = Axbridge

යක්ෂ ගෝත්‍රයේ අග රජු වූ රාවණයන්ට බිහිසුණු භූත සේනාවක්ද සිට ඇත. අද එංගලන්තය ලෙස හැඳින්වෙන භූමිය ආක්‍රමණයට රාවණ අනින් පැමිණි ඔවුහු මුලින්ම ප්‍රාදුර්භූත වූයේ මේ "භූතල්" නම් ස්ථානයෙන්ය.
භූතයින් සපැමිණි තලය => භූතලය => භූතල් => Bootle

අදද බුද්ධි අංශය යනු හමුදාවක ඇස් කන් වාගේය. රාවණ සමයේත් එසේමැයි. ඉතින් එම ආක්‍රමණයට ගිය රවණ රජුගේ සේනාවේ බුද්ධි අංශය රඳවා තැබූ තැන, රාවණ රජතුමාගේ අස් සහ කන් ලෙස ප්‍රකට විය. පසුව එය ඇස්කර්න් විය.
ඇස් සහ කන් => ඇස්කර්න් => Askern


චතුරාංගනී සේනාව සැපැමිණි පසුව ආක්‍රමණය පුද්ගලිකවම මෙහෙයවීමට යුද්ධයේ හසළ දක්ෂයෙක් වූ රාවණ රජතුමා පැමිණියේය. එතුමා පැමිණියේ රසදිය+න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතාවෙන් ඉගිලෙන පුෂ්පකය නැමති යෝධ කුරුල්ලෙකුගේ හැඩය ඇති දඬුමොණරයෙනි. රාවණයන්ගේ යෝධ දඬු මොණර යන්ත්‍රය මහා පක්ෂි ස්වරූපය දැකීමෙන් එදා එහි සිටි සෙල්ටික් වැසියෝ ඇත්කඳලිහිණි සංකල්පයක් හදාගත්තේය. ඒ අනුව ක්‍රේවන් යනු ඇත් කඳ ලිහිණියා නම් යෝධ පක්ෂියාට කියන නාමයකි. දඬුමොණරයේ පාද තබා ගොඩ බෑ තැන ක්‍රේවන් ආම්ස් නම් විය.

ඇත් කඳ ලිහිණියාගේ පාද => ක්‍රේවන් ආම්ස් => Craven Arms

උගේ පා තැබූ ස්ථානය ලෙස ක්‍රේවන් ආම්ස් නැමැති ස්ථානය ප්‍රකටව තිබුණත්, මෙහි සැබෑව දන්නේ හෙලුවන් කීප දෙනෙකුම පමණි. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසෙන් මෙම පක්ෂි ස්වරූපය මෙපරිද්දෙන් විග්‍රහ කෙරේ

"රාවා ශස්ථ පාද ආකාශ සල සුමට්ට - ප්‍රාක ගිරු රූප - අප්‍රාක නර සීහ"

මින් අදහස් කෙරෙන්නේ රාවණා ආකාශයේ ගෙන ගිය යන්ත්‍රයේ ඉහළ කොටස ගිරවෙකුගේ හැඩයෙන් යුතු අතර, පහත කොටස නර සීහ නම් සත්වයාගේ හැඩයෙන් යුතු වන්නේය යන්නය. "ලධන්නක නොබ්බේ" තඹ සන්නසට එවැනි හෙළු නොවන නමක් වැටී ඇත්තේ එය වසර සිය ගණනක් "නොබ්බේ" නැමැති මැලේ ජාතිකයන් විසින් සුරැකිව තබා ගත් නිසාය.



දසිස් රාවණා අධිරාජ්‍යයාට හිස් ගෙඩි දහයක් තිබුණු බව ඔබ සැවොම දනී. දසිස් රාවණා අධිරාජ්‍යයා අතීත එංගලන්තය ආක්‍රමණය කිරීමට ගිය මොහොතේදී මුල් වරට සෙල්ටික් පුරවැසියන් අබිමුවෙහි තම චන්ද්‍රහාස් අසිපත සුරතට ගෙන, තවත් අවි ආයුධ මායාවෙන් මවා ගත් අත් වලට ගෙන, කාලවර්ණ බියකරු දේහයක් පෙන්වමින් අහසට නැගී මේඝනාදය කරමින් සිය තේජෝ බල පරාක්‍රමයෙන් පෙනී සිටි දිනයේ, සිංහයෙකු දුටු මුව පොව්වන් මුළක් සේ භීෂණයට පත් සෙල්ටික් වැසියෝ "රාවණා නම් හිස් ගෙඩි දහයක්(ටෙන්) සහිත උස පුරුෂයෙක්(ටෝල්) පැමිණ ඇත" යනුවෙන් විළාප කීහ. එම මුල් දර්ශණය වූ ස්ථානය "රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" හෙවත් රෝව්ටෙන්ස්ටෝල් විය.
"රෝව්+ටෙන්(හෙඩ්ස්)+ටෝල්" => රෝව්ටෙන්ස්ටෝල් = Rawtenstall

කුළු හෙවත් කුලා ලෙස හඳුන්වනුයේ එංගලන්තයේ බහුලව දක්නට ලැබෙන කඳුකර ගවයන්ය. ශීත කඳු ශිඛර මත වාඩි ලා ගෙන සිටි පෙරදිගින් ගිය රාවණ හමුදාවන්ට ශීතලෙන් ආරක්ෂා වීම සඳහා මේ කුළු ගවයන්ගේ ලොම් අවශ්‍ය විය. ඉතින් ගවයින්ගේ ලොම් ගෙන ගබඩා කළ තැන්, කුළු ලෝම තැන් නම් විය. පසුව එය කුල්ලෝම්ප්ටන් නම් විය.
"කුළු + ලෝම + තැන්" => කුල්ලෝම්ප්ටන් = Cullompton

අතිශයින් විෂ රසායනිකයන් පොවණ ලද වැලක් බඳුවූ "නැබ්බ තිති" ආයුධය රාවණාගේ පෙරමුණේ සෙනෙවියන් භාවිතා කළ සුපිරි අවියකි. මේ අවිය "ගැම්මා අහයි එට් බැක්ස්" නම් බටහිරින්ම සොයා ගත් දුර්ලභ රතු පැහැ විෂෙහි ඔබා සකස් කරන ලද අවියකි. එහෙයින් හෙලුවෝ මෙයට "රත් වැල්" ලෙස හඳුන්වනු ලැබීය. ඒ අවි ගබඩා කළ තැන "රත්වැල්" හෙවත් "රොත් වෙල්" නම් විය.
රත්වැල් => රොත් වෙල් = Rothwell

එංගලන්තය යටත් කිරීමට දැන් සියල්ලම සූදානම්ය, යුද පෙරමුණ ඇරඹුනි. රාවණ රජතුමාගේ අණ ලැබෙන තුරු සන්නාහ සන්නද්ධව කොඩිතුවක්කු ඇතුළු නවීනතම අවි අතට ගත් හෙළ සේනාවෝ එක් පසෙක සීරුවෙන් බලා සිටී. අනෙක් පස අඩ නිරුවතින් සිටින අමුම අමු ගෝත්‍රිකයින් වූ සෙල්ටික් වරුන් දුනු ඊතල වලින් සන්නද්ධව මාන ලා සිටී. අවශ්‍ය ඕනෑම මොහොතක ඉදිරියට ගොස් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට දෙදහසක් පමණ වූ දඬුමොණර සේනාංකය මදක් පොළොවෙන් ඉහළට එසේවිණි. ඊට ප්‍රතිචාර වස් සෙල්ටික් ගෝත්‍රිකයින් කළේ හූ නාදයක් පැවැත්වීම පමණි. මේ අතර රා-ක‍ටුවකින් අහසට පැන නැංග රාවණ පුත් ඉන්ද්‍රජිත් ස‍ඳෙහි සවි කර තිබූ තම ලේසර් තුවක්කුව කෙළින්ම එංගලන්තය තිබූ භූමිය දෙසට මාන ලෑවේය.


දෙපසම යුධ නලාවන් වැයුණි. සෙල්ටික් ගෝත්‍රිකයෝ හූ කියමින් දුනු ඊතල වලින් විදිමින් දිව එයි. ඊට ප්‍රතිචාර වශයෙන් ත්‍රිපූර විමානයක් ඉහල නැංවීමට අණ කළ මහා රාවණ රජතුමා එය ඉදිරියට යැව්වේය. වහා දුනු ඊතල බිම දමා යටත් වෙන ලෙස ත්‍රිපූර විමානයේ කපිතාන් වරයා තම ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් සෙල්ටික් වරුන්ට අණ කළද ඔවුන් දිගින් දිගටම ත්‍රිපූර විමානයට ඊතල වලින් විද්ද බැවින්, එහි සවි කර තිබූ රාවණ රජුගේ සුවිශේෂීම අවි අතුරින් එකක් වූ "ශාලමමෘයමඛ්" නම් කාළ වර්ණ රසායනිකය පිරවූ අවියෙන් පහර දුන් අතර එවිට සතුරු බළ මුළු අමු අමුවේ පිළිස්සී ගියහ. අහසින් කාළ වර්ණ ද්‍රවයක් වැටී තම පිරිස් පිළිස්සී ගිය තැන භීතියට පත් සෙල්ටික් වැස්සෝ එම ස්ථානය බ්ලැක් බර්න් ලෙස නම් තැබූහ. තවමත් බැලැක්බර්න් ටවුමට අසල තිරිඟු යායක් ඇති බිමෙහි කළු පාට පස් දක්නට ලැබේ. ශ්‍රී රාවණ රජතුමා එලෙස පර සුද්දන්ගේ සේනාංකයක් එක වෙඩිල්ලකින් සුණු විසුණු කළේය.
කාළ වර්ණයෙන් පිළිස්සීම => බ්ලැක්බර්න් = Blackburn

පළමු සේනාංකය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියත් සෙල්ටික් වරු එක වරම සටන ඇත හැරියේ නැත. ඔවුන් නැවත නැවතත් ගරිල්ලා ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තෝය. එනයින් සෙල්ටික් වරුන් අතරද වීරයන් වූහ. ඔවුහු අභීතව රාවණාට එරෙහිව සටන් වැදුණු ආකාරය දුටු මහා කරුණාවන්ත නිරිඳෙකු වූ රාවණයන් "සෙල්ටික් වීරයන් සඳහාද ස්මාරකයක් කරව" කියා අණ දුන්නේය. එය සෙල්ටික්+හීරෝ ලෙස මුලින් නම්ව, පසුව ක්ල්ටි-හිරෝ ලෙස කෙටි විය.
සෙල්ටික් + හීරෝ => ක්ලිට් හිරෝ = Clitheroe

අද පරිඝණක වලට පර සුද්දා "බැකප් හාඩ් ඩිස්ක්" සොයාගෙන මහා කෙකර ගෑමක් කළත්, මනුෂ්‍යයන්ගේ මොළ වලට පවා බැකප් සිස්ටම් අපේ අතීත හෙළයන් සොයාගෙන තිබිණි. ඒ හෙළුවන්ගේ සේනාවේ මැරී වැටෙන යක් සෙබළුන්ගේ මොළ වල ඇති අත් දැකීම්, අසාමාන්‍ය අධිතාක්ෂණයක් හරහා අනෙකුත් යක් සෙබළුන්ගේ මොළ වලට සම්බන්ධ කිරීම සඳහා, මැරෙන හෙළ යක්ෂ සෙබළුන්ගේ මොළ ඉවත් කර යම් යෝධ පුවරුවක එල්ලා තබන ලදී. මේ තාක්ෂණය නොදත් භීතියට පත් සෙල්ටික් වැසියන් එය මොළ "ගසක්" ලෙස වැරදියට වටහා ගෙන එයට "බ්‍රේන් ට්‍රී" ලෙස නම් තැබූහ.
මොළ ගස => බ්‍රේන් ට්‍රී = Braintree


යුද්ධයෙන් සෙල්ටික් වරුන්ට දරුණු පරාජයන් අත් වුවත් හෙළයින්ටත් යම් හානියක් සිදුවිය. මූලිකව රාවණා රජු සෙල්ටික් වරුන්ගේ දේශය අල්ලා ගන්නට කල සටන් වලදි වැඩිපුරම හෙළ සේනාවක් මුලින්ම දිවි පිදුවේ මේ ස්ථානයේදීය. එදා පටන් රාවණා රජු මෙහි යුද ස්මාරකයක් කරවූ අතර, එය දකින විට සෑම හෙළයෙකුගේම ඇස් කඳුළින් බරිත වන නිසා, "හෙළේ ඇස් බරිත වූ ස්ථානය" කෙටියෙන් එයෙලෙස්බරි වේ.
"හෙළේ+ඇස්+බරි" හෙවත් හෙළේ ඇස් බරිත වූ ස්ථානය => එයෙලෙස්බරි = Aylesbury
තවමත් එම යුද ස්මාර්කය එයලෙස්බරි නගරයේ කොණක ඇතත් අද එය මතුපිටින් කොන්ක්‍රීට් දමා විනාශ කර ඇත. මිට වසර කීපයකට පෙර මා එයෙලෙස්බරි හි එම ස්ථානයට ගොස් පහණක් තබා අතීත හෙළ විරුවන්ව සිහි කරද්දී මාත් නොදැනීම මාගේ නෙතගටද කඳුළක් ඉනුණි.

යුද්ධය අවසානයේදී නන්නත්තාර වූ සෙල්ටික් පරයින් පරාජය භාර ගත්තෝය. රාවණා රජුගේ කෝපයෙන් මිදෙනු වස්, ස්වදේශික සෙල්ටික් ජනතාවෝ ඔවුන්ගේ සුරූපි කුමරියක වන "බ්ලැනෝවා" කුමරියව රාවණ පුත්‍ර ඉන්ද්‍රජිත් කුමරුට සරණ පාවා දෙන ලදී. ඔවුන් දෙදෙනාගේ සරණ බන්ධනය සිදුවූ ස්ථානයට රාව්ණ රජුගේ අනුමැතිය ඇතිව ඒ දෙපළගේ නාමයන් එක් කොට බ්ලිත් ලෙස නම තබන ලදී.
බ්ලැනෝවා + ඉන්ද්‍රජිත් = බ්ලිත් = Blyth
වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ සඳහන් වෙන පරිදිත් බ්ලැනෝවා නැමැති සුදු ජාතික කුමරියක්ව ඉන්ද්‍රජිත් කුමරු සරණපාවාගෙන ඇත.

හෙළයින් විසින් සෙල්ටික් දේශය යටත් කළ පසු යුද විජයග්‍රහණයේ පළමු උත්සවය පැවැත්වුණි. තමා යටත් කරගත් අළුත් දේශය මහා රාවණ රජතුමා විසින් සිංහලන්තය ලෙස නම් කළේය. විජයග්‍රහණයේ පළමු පෙළපාලියේදී රාවණා රජුට සිංහලන්තය යටත් වන බවට ප්‍රකාශය භාර දුන් අවස්ථාවේදී, රාවණා සිංහලන්ත වාසීන් අමතා පළමු ඇමතීම කළ තැන, රා(රාවණා)+මෙසේ කීහ යන්න, "රාමෙසේ" වී පසුව "රැම්සේ" විය. පසු කළෙක ඉන්දීය ඉතිහාසඥ මහාචාර්ය "හරාම් ජාදා" මහතා විසින් මෙහි අරුත විකෘති කොට "රැම්සේ " යනු රාම කුමාරයා බඳු හැඩරුව සහිත එංගලන්ත සෙනෙවියෙකු රාවණා රජුට ඊයකින් විද තුවාල කළ ස්ථානය ලෙස ව්‍යාජ ප්‍රවාදයක් ගොඩ නැඟුවත්, අපේ හෙලුවන්ගේ දඹදෙණි යුගයේදී පුළුස්සා දමන ලද අටුවාවන්ට පිං සිදුවන්නට මධ්‍යම කඳුකරයේ වසන යෝගීන් විසින් සත්‍යය හෙලි කරන ලදී.
රා(රාවණා)+මෙසේ කීහ => රා මෙසේ => රැම්සේ = Ramsey

යුද්ධය දිනීමට හැකි වුවහොත් බෝ පැළ තුනක් සිටවන බවට මහා රාවන රජතුමා බාරයක් වුණි. එසේම චිරාතග සම්ප්‍රදායට අනුව දික් විජයෙන් පසුව ධර්ම විජය කළ යුතු බැවින් ශ්‍රී රාවණයන් කස්සප බුදුන් පිට දුන් බෝධියෙන් ශාඛා තුනක් ගෙනවුත් ඉන් එකක් එකමත් එක තැනක රෝපණය කළේය. එතැන රාවණා රජතුමා බෝධිය දුන් නගරය හෙවත්, බෝ දුන් නගරය විය.
බෝ දුන් නගරය => බෝ + දුන් නගරය = Bodden Town

තවත් බෝ පැළයක් සිංහලන්තයේ උතුරු ප්‍රදේශයට වනන්ට රෝපණය කළේය. මේ වන විට බෝධිය යනු කුමක්දැයි හඳුනාගෙන සිටි සෙල්ටික් වැසියෝද ඊට දොහොත් මුදුන් දී නමස්කාර කළෝය. එය සිටවූ තැන බෝ ට්‍රී නමින් ඔවුන් හැඳින්වුවෝය.
බෝගස => බෝට්‍රී = Bawtry

රාවණයන් තවත් බෝ රුකක් සිංහලන්තයේ නැගෙනහිර දෙසින් සිටවා පුරා සති තුනක් මුළුල්ලේ කුණ්ඩලනී භාවනාව කළේය. එම ස්ථානය බෝ දහම් නගරය නම් විය. එලෙස රාවණ රජතුමාගේ භාරයන් තුන ඔප්පු කෙරුණි.
බෝ + දහම් නගරය => බෝ දහම් ටවුන් = Bodham Town

යුද්ධයෙන් පසුව ටික කාලයක් රජතුමා ප්‍රීතියෙන් දිවි ගෙවීය. රජතුමාගේ තෙජෝ බල පරාක්‍රමය ලොව නන් දෙස පැතිරුණි. අද කාලේ යුද්ධ දිනන රජතුමන්ලා මෙන්ම එදා ශ්‍රී රාවණ රජතුමාද ක්‍රමයෙන් ටිකක් ස්ථූල විය. එසේ හෙයින් "බර+රජු" යන්න සිංහල-ඉංග්‍රිසි මුහුව, ඉංග්‍රීසි බසට හෙළ බස අවශෝෂණය වීමෙන් "බර+කිංග්" බාර් කිංග් නම් ව ඇත.
බර+රජු => බර+කිංග් => බාර් කිංග් = Barking


අළුත් යටත් විජිතය වූ සිංහලන්තයේ නීතිය සහ සාමය පවත්වා ගැනීම සඳහා නඩු ඇසීමට අධිකරණ ක්‍රියාපටිපාටියක් සෑදීමටද සිදුවිය. ඒ අයුරින් , රාවණා රජුගේ සිංහලන්තය නම් යටත් විජිතයේ ප්‍රධාන අධිකරණය "දාගෙන අහම්" ලෙස නම් වූයේ එය දිගටම අහගෙන සිටීමට සිදුවන තැනක් නිසයි. පසුව එය "ඩැගන්හැම්" ලෙස භින්න වී ඇත. අදත් ඩැගන්හැම් බලකො‍ටුව ලෙස ඔබ දකින්නේ එදා රාවණ රජතුමාගේ සිංහලන්ත දේශයේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
දාගෙන+අහම් => ඩැගන්හැම් = Dagenham
මෙම ස්ථානයේ එංගලන්තයේ බරික්ෂශයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය පීටර් ස්ටෙත්නිකොල්සන් විසින් කරන ලද කැණීම් වලදී අධිකරණ කටයුතු සඳහා යොදා ගනු ලැබූ රාවණා රජුගේ අධිරාජ්‍ය මුද්‍රාව හමුවී තිබේ. එය වසර ලක්ෂ තුනකට වඩා පැරණි බව පුරාවිද්‍යාවට අනුව කළ පරීක්ෂණ මඟින් සනාථව ඇත. නමුත් හෙළයින්ගේ යටත් විජිතයක් ව තිබූ රටක් යැයි හඳුන්වාගැනීමට ඇති ලැජ්ජාව නිසා එය ඔවුන් ලන්ඩන් කෞතුකාගාරයේ සඟවා තිබේ.

සිංහලන්ත යටත්විජිතයක් කිරීමෙන් පසුව චක්‍රවර්තී දසිස් රාවණ රජතුමා නැවතත් ලංකාපුරය වෙත සම්ප්‍රාප්ත වී ඇත. නමුත් කාලෙන් කාලෙට එතුමා තම යටත් විජිතය පරීක්ෂා කර බැලීමට අමතක නොකළ අතර එහි ගිය විට එතුමාගේ අන්ත: පුරය නවාතැන් ගන්නා ස්ථානය "රාවුලේ රෙජිස්" නම් වූ අතර පසුව "රෝවිලි රෙගිස්" ලෙස භින්න විය. Regis හෙවත් Regina යන්න අදටත් එංගලන්තයේ රැජිණියට යෙදෙන වදනකි. මේ රෝවිලි රෙගිස් යන්නට මෙම නම වැටී ඇත්තේ රාවණාගේ පවුලේ රැජිණිය හෙවත් "රා+පවුලේ+රෙගිස්" යන්න භින්න වීමෙනි. ඒ අනුව එංගලන්තයේ රජ පවුල යනු වංශවත් පවුලක් නොව යකඩ දෝලියකගෙන් පැවත එන බව දන්නෝ දනිති.
රාවණාගේ පවුලේ රැජිණිය => රා+පවුලේ+රෙගිස් => රෝවිලි රෙගිස් = Rowley Regis

එංගලන්තයේ ‍රැජිණට සුද්දන්ගේ බසින් කියන නම වන "ක්වීන්" යනුත් හෙළ වදනකි. ක්වීන් යන ඉංග්‍රීසි වදන "කු" හෙවත් පොළව හා "විනි" හෙවත් විඳින්නී යන සිංහල දෙවදනින් බිඳුණු පදයකැයි, වරක් අරිසෙන් අහුබුදු සූරීන් ජැක්සන් ඇන්තනිගේ මහා සිංහලයේ වංස කතාව වැඩ සටහනේදී කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව අපට හිතාගත හැක්කේ ඉපැරණි සිංහලන්තයේ රාජ්‍යත්වයේ නාමයන් තාමත් පවතින බවයි.

සිංහලන්තය සඳහා වෙනම රාජ්‍ය සංකේතයක් ඇවසි බව හඳුනාගත් රාවණ රජතුමා ඒ සඳහා තම ලාංඡනය වූ සිංහයාව යොදා ගත්තේය. සිංහලන්ත වැසියන් කවදා හෝ සිංහල දේශයෙන් පැමිණි අය බව නිරූපණය කිරීමට ත්‍රිසිංහලය සංකේතවත් කරමින් සිංහයන්ව තුන් දෙනෙක් යොදා ගත්තත්, උපතින්ම කම්මැලියන් වූ ස්වදේශික සිංහලන්ත වැසියන් සඳහා වඩාත් සුදුසු ඈණුම් අරින සිංහයන් තුන් දෙනෙක් ම බව රාවණ රජතුමා අවසානයේදී තීරණය කළේය. එය එංගල් වරුන්ගේ ආක්‍රමණයෙන් පසුවත් භාවිතා වූ අතර දෙවන හෙන්රි රජතුමා (King Henry II) විසින් එය Royal Arms of England ලෙස භාවිතයට ගත්තත් එහි නියම මුල ඇත්තේ රාවණ රජතුමාටමැයි.


රාවණ රජතුමාගේ නිල සත්වයා වූ සිංහයාව කාලයක් තිස්සේ සිංහලන්තයේ නිල සත්වයා ලෙස භාවිතා වූ අතර අතර ඒ සම්ප්‍රදායේ යමින් එංගලන්තයේ නිල සත්වයා, සිංහයා ලෙස තවමත් හැඳින්වේ. (ඊට මූලාශ්‍ර ලෙස රිචර්ඩ් ද ලයන්හාර්ට් නැමැත්තෙක්ව හැඳින්වුවත් එය අමූලික කෙප්පයකි.) එංගලන්තය ශිෂ්ටාචාර කර රාජ්‍යත්වය පවා පිහිටවනු ලැබූයේ අපගේ රාවණා රජතුමා බව අද පර සුද්දන්ව ලොකු වී දඟලන අම්බට්ටරයින් දත යුතුය. හෙළගවේශකයින් වන අප ඒ ගැන ආඩම්බර වෙන්නෙමු.

ඔබ සමහරවිට අසාවි එංගලන්තයේ දැන් ඉන්න සුද්දන් යනු සිංහලයන්ගේ නෑයන්ද?, ඔවුන් අප රට ආක්‍රමණය කර යටත් විජිතයක් කිරීම ගැන අප කණගා‍ටු විය යුතු නෑ නේද? වැනි ප්‍රශ්න. ඒවාට පිළිතුර "නැත" යන්නයි. ඊට හේතුව මුලදී මෙලෙස දැක්වූවා ඔබට මතක ඇති. [[බොහෝ කළකට පසුව රාවණා රජතුමා නිද්‍රාවට පත් වීමෙන් පසු කාලයේදී සිදුවූ "එංගල්" වරුන්ගේ ආක්‍රමණයත් සමග සිංහලන්තයේ සිටි සිංහලයන් සහ සෙල්ටික් වරුන්ව යටපත් වී ගිය නිසා සිංහලන්ත රාජ්‍යය "ඉංග්ලන්ඩ්" බවට පත් විය. එහි භාවිතා කළ සිංග්ලිශ් නැමැති බස "ඉංග්ලිශ්" ලෙස වෙනස් වුණි.]]

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

49 comments:

  1. ඇත්තටම මේවා කියවද්දි මගේ හෙල ලේ නැටවෙනවා ජයරත්න උන්නැහේ...
    මේවා අපේ මිනිස්සුන්ට කියලා දෙනවට පිං...

    ReplyDelete
    Replies
    1. එසේමැයි, අප එකතු වී හෙළයින්ගේ මෙම කිතු ගොස ලොව පුරා පැතිරවිය යුතුය. මේ ලිපි හැකි තරම් ෆේස්බුක්, ෆෝරූම් මෙන්ම ඔබ සැමට තිබෙන බ්ලොග් අඩවි හරහාත් බෙදා හරිමු. (මූලාශ්‍ර නොදැක්වුවත් අමනාපයක් නැත, දක්වන්නේනම් එය උපකාරයකි)
      2012 යනු රාවණ වර්ෂයයි.
      ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
    2. මේකෙ තියෙන සමහර කොටස් වර්ග-චූර්ණිකාවෙන් අනල අරන් වගෙයි. ඔය ඉංග්ලිස් කියන්නෙ සිංහල කියන වචනය මිසක් වෙන බහුභූත එකතු වෙලා නෑ. මේක මටත් මඩ ගැසීමක්. පෙනෙන හැටියට දැලි පිහිය අරගත් කෙනෙක් වෙලා. අර LCN එකේ කවුද එකෙක් මමත් ඔය අහුබුධලගෙ කතා කොපි කරනවා කීවම දීපු රසබර උත්තරේ මතක් වුනා. අද ඉන්න නායකයන්ට මර්වින් අගේ වුනාට ඉස්සර නම් ඒ වගේ අය තමයි ඉස්සෙල්ලම ගස් යන්නෙ. ඔහොම ගියොත් නම මර්වින් රාමරත්න කියල වෙනස් කරගන්න වේවි.

      ඉන්දියාවෙන් ආපු දෙමළෙක් ලියපු පචවංශෙ සිංහල ඉතිහාසය වුනා. ඉන්දියාවෙන් පන්නල, බැහිවැටිච්ච විජේ කුමාර් කියන දෙමළ තක්කඩිය සිංහල ජාතියේ පියා වුනා. කරුමෙට විජය කියන්නෙ ජය කියන වචනෙම දෙමළ උච්චාරණය බවත්, සිංහල ව්‍යාකරණ වලට අනුව විජය කියන එක ජය කියන එකේ විරුද්ධාර්ථය විය යුතු බවත් දන්න අය නෑ. ජය කියන එකේ විරුද්ධාර්ථය පරාජය බව නොදැන විජයග්‍රහණය ගැන කියන අමන පුරේ, ප්‍රභාකරන් සිංහල ජාතිය බේරා ගත් මහා දේශප්‍රේමියා විය හැකියි.

      දැන් බැලුවම අර දිල්ලියෙන් ආපු රාවණ කියන නම ගත් රාමායනයට බීජය වුන පිංගොනා තමයි මේ ගොඩක් අය රාවනා කියල හිතන් ඉන්නෙ. ඒ මදිවට ඔළු දහයක් තියෙන විකාර පොරක් වෙලා. මෙහෙම ගියොත් රාවන කියන්නෙ රාම ම තමයි කියාවී.

      පරයන් රැස් එන (රාවන) කියපු නියම කෙනා ඔය කතාවට හුඟක් කලින් බිහි වුනේ. සිංහල නමකුත් එන හැම විටම තිබ්බ. දූත ලක්ෂණ බැලුවොත් වඳින්න කියල ගිහින් නිරුවත පෙන්වල ඉල්ලං කන්න ළඟයි වගේ.

      නියම රාවන අර රාමායනේ එන යුද්ධ කරන මෝඩයා නොවෙයි, නියම දෙවියෙක්. අපහාස කලොත් ප්‍රථිඵල භයානකයි. ඒ නිසා මුලාවෙන් මිදී, තේරුම් ගෙන ලියන්න.

      මීට අවුරුදු අටදාහකට විතර කලින් භාවිතා කරපු කුරක්කන් ගලක් මෑතකදි සොයා ගෙන තියෙනවා. උන් තේමියගෙන් පැවතෙන උන්. මිනිසුන් මරා ගත්තේ මෑත ඉතිහාසෙදි. අර ලංකාවේ ඉන්න කම්කරු නායකයකු වන ජෝෂප් ස්ටාලින් දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය පරදා රුසියාව රැකගත් වීරයා යයි කීමත් රාවනගෙ අර්ථ දැක්වීමත් සමයි.

      Delete
    3. "නියම රාවන අර රාමායනේ එන යුද්ධ කරන මෝඩයා නොවෙයි, නියම දෙවියෙක්. අපහාස කලොත් ප්‍රථිඵල භයානකයි."

      සහතික ඇත්ත... මේ යක්කු මේවා විහිළුවට අරං... ඒත් ඔබ වගේ ගොං යක්කු ඉන්නකල් එහෙම ලේසියට මෙයාලට මේවා විහිළුවට ගන්න වෙන්නේ නැහැ...
      (ගොං යකා කීවේ වැඩි ගෞරවේට ඈ..)

      Delete
    4. @මාරයාගේ හෝරාව,

      ඔයා ගොන් යකෙක් කියල මම හිතන්නෙ නැත්තේ ඔයාගෙ කතාවෙ මුල ටික නිසයි. මම නම් ඒක කියන්නේ අපහාසෙට. ඒක අස්සෙ තියෙන ඇත්ත කියන්නම්. අප රට අවු 2600ක්ම සක්කිලි දෙමළු පාලනය කලානෙ. ඉතින් රටේ උඩතැන් වලට දෙමළු රිංඟුවා. උන්ට ලොකු තැන දුන්නම බල්ලට අශූචි හම්බ වුනා වගෙයි. දෙමළු ගැන සමහර ඒවා දැනට නොකීවත්, මේ ටික කියන්නම්. ඔය දෙමළුන්ටත් යකා කියවගන්න ඕන වුනේ උන් එන කොට අපේ එවුන් අපේ යක්ෂයන්ට ගරු සරු කල නිසයි. දෙමළු උඩ හිටිය නිසා අපේ එවුන් උන්ව උපායෙන් ගොනාට ඇන්දුවා. යකා කියනවාට වඩා "ගොන් යකා" කියන එක වඩා අගෙයි කියල ලනුව ගිල්ලුවා. මෝඩ දෙමළුන්ට ක ග හ කියන වචන අච්චාරු වෙනවා. උන් හිතුවෙ කොන් යකා හෙවත් රජ යකා කියලයි. හේතුව කොන් (කෝන් = King) කියන්නෙ රජාට. ඉතින් ඔයත් දෙමළ නම්, ගොන් යකා කියන එක වැඩි ගෞරවේට කිව්වා කියලා හිතා ගන්න.

      ඔය වගේ තව උදාහරන කීපයක් දෙන්නම්. ඔය ජීවිතේ නැති කරන සොහොන්පල් ආකම ආපු කාලේ දෙමළ දුන්නට අපේ උන් ගිල්ලෙ නැතුව තරහින් හිටියා. උන්ට මොළේ තිබ්බ නිසා ඇත්ත දැක්කා. ඔය නිකම් ඉඳන් කන, ඕන එකකට හූ මිටි තියන්න ඕන ආකමේ මිෂණාරියන්ට උත්තර දුන්නෙ හා+මදුරුවෝ කියලායි. දෙමළට උ යන්න නොකිය වචන කියන්න බැහැනේ. උන්ට තේරුනේ හා+මුදුරුවෝ කියල. අනේ ඉතින් අද ඒක වැදගත් නමක්. රටකට ගිය කල. ඔය පන්සල වුනෙත් සොහොන් පල කියන එක උඩුයටිකුරු කරලනේ. ඒකෙන් තමයි ඔය ආතක් පාතක් නැති පොහෝ දින, පහන වගේ වචන ආවෙත්. ඔය පැන්, වඩම්මනවා කියන්නෙත් දෙමළු තෑගි දීපු වචනනේ. එතකොට ආතක් පාතක් නැති පින්, පව්, කුසල්, අකුසල්, නිවන,... වගෙ කොච්චර දේ තියෙනවද? හාමි හොඳ නෑ. ඒකම දෙමළු හාමු කියල කියන කොට අගෙයි. වඳුරෝ ඒ වචනෙම තටමල ස්ස්ස්වාවාමි කියන කොට වඳිනවා. අනේ කාලේ කිව්ව.

      ඒ නිසා, දිව්‍ය පානයක් කිව්වට ගව මුත්‍ර බොන්න එපා. ඔයාගෙ නම (මාරයා) පට්ට කෙප්පයක් නේ. දෙකට නැමෙන ටිබෙට් කාරයන්ට, මාරයාට දුවලා පහක් හිටියලු. අපට ගිල්ලුවෙ තුනක් කියල නේද? හේතුව????

      මාරයෙක් කියල එකෙක් නෑ. ශරීරය අතහරින්නේ අපියි. හරියට කබල් වාහනයක් අතහරිනවා වගෙයි. දුබල දේ අත හරින්න වෙනවා නේද? මාරයෙක් කියන ගොන් කතාව මැව්වෙ අපේ එවුන්ට නිවන් ලනුව ගිල්ලවන්නනෙ. මුලා වෙන්න එපා.

      Delete
  2. මේ ලිපි සැකසීම සෑහෙන්න කැපවීමකින් කළ බව පේනවා.
    මගේ ආචාරය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කතන්දර මහතාණෙනි. රාවණගවේශකයින් වන අප දිවි පරදුවට තබා රාවණාව සොයා යන බැවින් මෙවන් සුළු කැපවීමක් අරුමයක් නොවේ.

      Delete
    2. හොඳ සුළු. කියෝලා පන යනවා.
      මගෙත් ආචාරය !

      Delete
  3. "කුළු + ලෝම + තැන්" => කුල්ලෝම්ප්ටන් = Cullompton
    යකෝ මේ යකා පාවිචි කරලා තියෙන්නේ හෙලිකොප්ටර් , සැටලට්,රොකට්ස් ,මයික්‍රෝ චිප්ස්,බැක්වර්ඩ් කොම්පැටිබල් වයර්ලස් ගැජට්ස් , හැබයි පුදුමේ කියනේ සීතලෙන් බේරෙන්න ඇදුමක් හදා ගෙන නැහැනේ
    (මීවනපලානේ ජයරත්න මහත්තයෝ දැන් බොරු කිව්වා ඇති නේද? ) .

    ReplyDelete
    Replies
    1. පහත තියෙන පින්තූර දෙක පොඩ්ඩකට බැලුවනම්.

      http://goo.gl/fUpvZ

      http://goo.gl/rKKTZ

      ඔය පින්තූර දෙකෙන් පේන්නේ ඇමරිකාවෙ විශේෂ බලකා හමුදාව , හදිසි අවශයතාවයකදී නයෙක්ව මරල උගේ ලේ ටික බීල බඩගින්න නිවාගන්න හැටි පුහුණු වෙන හැටියි. විශේෂ මෙහෙයුම් වලදී ඇත්තටම ඒක කරන්න වෙනවලු. ඉතින් බලන්න ඔච්චර තාක්ෂණයෙන් දියුණු (ඒවත් ඉතින් හෙළයින්ගෙන් සොරාගත් පුස්කොළපොත් වලින් ලබාගත්ත දැණුමම තමයි) ඇමරිකන් හමුදාවටත් සමහර වෙලාවට නයින්ව මරල ලේ බොන්න වෙනව.

      නමුත් අපේ හෙළ හමුදාවෝ කවදාවත් නයින්ගේ ලේ බොන තරම් පහත් අඩියට වැ‍ටුණෙ නෑ, හරක්ව නොමරා ලොම් ගත්ත විතරයි.

      Delete
  4. ලයන් හාට් යනුද සිංහ හදති යන්නට ම යෙදෙන්නකි. එනයින් බලන කල ඔහු හෙළයෙක් වීමට නොහැකිද?
    මේ කරුණ මෙසේ නම් අප එංගලන්ත ජාතියට යටත්වීම එතරම් අවනම්බු වන වැඩක් නොවේ නේද?
    රෝව්ටෙන්ස්ටෝල් කියන්නේ දශගුණයක් උසැති රාවණා වීමට නොහැකි මන්ද?

    ReplyDelete
    Replies
    1. "එකවරම කිසිවක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේපකිරීම යන අන්ත දෙකෙන් වැළකීම" යන රාවණගවේශකයින්ගේ ප්‍රතිපත්තියට අනුව ලයන් හාර්ට් ගැන ඔබතුමා පැවසූ කරුණ ගැන මා ගවේශණය කිරීමට ඉටා ගත්තෙමි.

      මා හිතන්නේ අපව යටත් කළේ රාවණා රජතුමා විසින් අතීත සෙල්ටික් වරුන්ගේ දේශක ආක්‍රමණය කිරීමෙන් පසුව පදිංචි කරවූ සිංහලයින්ගෙන් පැවත එන්නන් නොව පසුකාලීනව සිංහලන්තය ආක්‍රමණය කර එහි නමත් එංගලන්තය ලෙස වෙනස් කර පාහර ඇන්ගල් වරුන් විසින් බවයි. නමුත් ඒකේ වාඩුව 2012 අගදී රාවණ රජතුමා නින්දෙන් පිබිදුන ගමන්ම සිදුකරාවි.

      හොඳ අදහසක්, පළමුව දැක්වූ ප්‍රතිපත්තියට අනුව එයත් ගවේෂණය කර බැලිය යුතුයි.

      Delete
  5. අපේ ප්‍රෞඩ ඉතිහාසය දැකලා ඉකි ගගහා ඇඬෙනවා !!!
    අම්මා..පල්ල !!! බලාගෙන ගියහම මේ සේරම අපේ දේවල් නේ !
    අපි යටත් වෙලා ඉදලා තියෙන්නේ අපේම සහෝදර දේශයකට නේ !!!

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝදර දේශයක් තමයි, එනිසයි සුද්දො අපිව යටත් කරනකොට අපිව බේර ගන්න රාවණ රජ්ජුරුවො නින්දෙන් නැගිට්ටෙ නැත්තෙ. නමුත් ඔවුන් සහෝදර ජාතියක්නම් නොවන බව ලිපියේ මුලදිම කිව්ව.

      Delete
  6. මට තියෙන්නෙ ප්‍රශ්ණ 3යි.
    නැබ්බ තිති ආයුධය = තිබ්බෙ නැති ආයුධයද?
    ගැම්මා අහයි එට් බැක්ස් = අම්මා ගහයි බැට් එකෙන් ද?
    වචන ඉවර වෙලාද මේවගේ අනිත්පැත්ත හරවල වචන හැදුවේ?

    ReplyDelete
    Replies
    1. අතීතයේ ලෝකය තිබී ඇත්තේ වර්තමානයට හාත්පසින්ම වෙනස් ක්‍රමයටයි. ලෝකයේ මුල්ම භාෂාව හෙළ බස නිසා එය හෙළ බස තුළින් මනාව දිස් වෙනව. ඔය ආකාරයෙන් පද වෙනස් කර අනිත් පැත්තට ගැසීමට පුළුවන් හෙළ බසෙන් පමණක් වීමෙන් මා මේ කියන දේ ඔප්පු වෙන්ව.

      දැන් බලන්න "වාරණ රජ මහා විහාරය." හෙළ ගවේශකයින්ට අනුව වාරණ යනු රාවණ රජතුමා සිටිය තැනක්. අතීතයේ එය හඳුන්වලා තිබෙන්නේ රාවණ රජ මහා විහාරය නමින්. නමුත් දැන් ඒක අනිත් පැත්ත ගහල රාවණ => වාරණ බවට පත් වෙලා.

      අන්න ඒ වගේ අතීතයේ තිබූ "නැබ්බ තිති" ආයුධයත් "ගැම්මා අහයි එට් බැක්ස්" නම් රසායන ද්‍රව්‍යයත් දැන් පිට පොට පැටලිලා විකෘති වෙලා.

      තවද, ඔබ දන්නවද "සෙප්පඩ විජ්ජා" යනු රාවනා රජතුමාගේ තරංග විද්‍යාවක් කියල? සෙප්පඩ විජ්ජා කියන වචනය අද වහරේ භාවිත වෙන්නේ යම් උපහාසාත්මක අර්ථයක් දීම සඳහා. නමුත් අපේ යක්ෂ පරපුරේ ඇත්තන් එදා තරංග විද්‍යාව හොඳට ප්‍රගුණ කර තිබුණා. සෙප්පඩ විජ්ජා කියන්නේ ඒ තරංග විද්‍යාවට අදාළ වචනයක්. කියවන්න: http://www.toplankanews.com/?p=2218

      අතීතයේ භාවිත කළ නාසික්‍ය (නාසයෙන් ශබ්ද වෙන) අක්ෂර වලටයි ජග්‍රාම අක්ෂර කියල හදුන්වල තියෙන්නෙ. සෙප්පට+මජ කියල කියන්නෙ අතීතයේ යක්ෂ ගෝත්‍රිකයන් මේ ජග්‍රාම අක්ෂර යොදාගෙන හදාගෙන තිබුණු ගායනා ක්‍රමයක්ලු. ඒව තමයිලු ඒකාලෙ ගෝත්‍රික සංගීතය විදියට පාවිච්චි වෙලා තියෙන්නෙ. වෙනත් විදියකට කිව්වොත් සෙප්පට+මජ එහෙමත් නැත්නම් සෙප්පට+විජ්ජා කියල කියන්නෙ අකුරු වලින් හදාගත්ත ශාස්ත්‍රයක්. වචන සදහා වාග් බලයක් තිබුණ කියල පෙන්නන්න තමයිලු මේ වගේ ශාස්ත්‍රයක් යොදා ගත්තෙ.

      ඉතින් අපට බොහෝ හෙළ තාක්ෂණයන් හෙළි කිරීමට නොහැකි වී ඇත්තේ අද ඒවායේ අනිත් පැත්ත භාවිතා වෙන නිසයි. ඕකට වග කියන්න ඕනැ අපේ පුස්කොළපොත් ගිණි තියල ඉතිහාසය විර්කෘති කරපු පාහර බමුණො.

      Delete
  7. මේක කියවන්න කලිනුයි මම Discovery Channel එකේ ගිය Ancient Alien බලල තිබුනේ. රාවණ ට හිනා වෙන්න කලින් පුලුවන්නම් ඒක හොයා ගෙන බලන්න. ටොරන්ට් cite කිහිපයකම තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් මුළු ලෝකයම මේ තොරතුරු දන්නව, ළඟදිම මං ඩිස්කවරි වැඩසටහනකටත් මේ තොරතුරු දීමටයි ඉන්නෙ.

      Delete
    2. suba pethum meewana mahathaaneni...mage es walata kandulu enawa..

      Delete
  8. මම ද සින්හලන්තේ වෙසෙන හෙළයෙක් වීම ගැන ආඩම්බර වෙමි .රාවණ රජුනි අප ඔබ එනතෙක් බලා සිටිමු .

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  9. කීවත් වගේ ඒ කාලේ රාවණා මුලු විශ්වයේම රජකම් කලා කියලා සඳහන් වෙනවානේ. මේක කියෙව්වාම ඒකත් ඇත්තක් බව තේරුම් යනවා.

    මීට පස්සේ එංගලන්ත වැසියන් දිහා ආදරෙන් බැලීමට තීරණය කලා. අපේම සහෝදර+සහෝදරියෝනේ නේද?

    ReplyDelete
    Replies
    1. හෙළෝ පොඩි කුමාරිහාමි, දැන් ඉන්න එංගලන්ත වැසියන් යනු අපේ හෙළ මුතුන් මිත්තන් නොව, එංගල් වරුන්ගෙන් පැවත එන්නන්. එනිසා ඔවුන් අපේ නෑයන් නොවේ. නැවතත් පළමු පින්තූරයට ඉහල ඡේදය කියවා බලන්න.

      අදහසට ස්තුතියි.

      Delete
  10. මෙම ලිපියේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ලිපිය ලිවීමට අවශ්‍ය වූ මූලාශ්‍ර සොයා ගැනීම පිළිබඳව මගේ ගෞරවය ඔබට.
    තවත් වචනයක් හැදුනු හැටි. ජලාශය- රැස්යුරුව- රෙසවොයර්.Reservoir

    හෙට නිවාඩු. ඔබගේ ලිපිය සහමුලින්ම කියවීමට පොරොන්දු වෙන්නම්. එතෙක් ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. ඉතාමත් වැදගත් නමක්. ඔය රෙසර්වොයර් වල අතීතයේ තිබූ අතිවිශාල ජලාශය රාවණා රජතුමාගේ හෙළ මැවිසුරු තාක්ෂණයෙන් තමයි ඉදි කර තිබෙන්නේ. රාවණා රජතුමාගේ සමයේදීත් හෙළදිව ධාන්‍ය වලින් ස්වයංපෝෂිත වූ අතර සිංග්ලන්ඩ් වලත් එසේ වීම සඳහා රෙසර්වොයර් ජලාශය ඉදි කරල තිබෙනව. මේ ආකාරයෙන් එංගලන්තයේ නගරයක් නගරයක් පාසාම තිබෙන්නේ රාවණ රජතුමාගේ ඉපැරණි අභිමානයයි.

      Delete
    2. ඒ කියන්නේ ජයරත්න හෙළු යකෝ රාවණා එන්නේ සේනා සන්නද්ධවද?

      Delete
    3. ඔව් සේනා සන්නද්ධව විතරක් නොවෙයි, සන්නාහ සන්නද්ධවත් එක්ක. ඊට අමතරව එතුමා දඬුමොණරයෙන් ගුවනින් යද්දී එහි ආරක්ෂාවට ඒ දෙපස වෙනම ගුවනේ සිට ප්‍රහාර එල්ල කළ හැකි තිපූර විමාන දෙකක් තිබෙනව.

      Delete
  11. රාවණා රජතුමා ආවාට පස්සේ බැරිද ආයෙත් අපිට ඔය පර සුද්දෝ අයිති කරගෙන ඉන්න අපේ රටවල් ආයිත් සිංහලයාගේ යටතට ගන්න?

    මෙව්වා කියවනකොට ඇගේ මවිල් කෙලින් වෙනවා ජයරත්න මහත්තයෝ.. මෙහෙව් ශ්‍රේෂ්ඨ ජාතියක් ඉන්න රටකනේද අපි ජීවත් වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් චතුවා මහත්තයෝ, හෙළයෙක් වීම ගැන මටත් දැන් දැනෙන්නේ පුදුමාකාර ආඩම්බරයක්.

      රාවණා රජතුමා බලයට පත් වූ වහාම එංගලන්තය ආක්‍රමණය කරන බවට අනාවැකිකරුවන් විසින් ප්‍රකාශ කර තිබෙනව. අපගේ හෙළ දඬුමොණර වල ප්‍රහාර වලින් එංගලන්තයේ Royal Air Force හි ඇති Typhoon FGR4, Tornado GR4 වැනි ප්‍රහාරක ජෙට් යානා, පහරින් තැලෙන මදුරුවන් මෙන් සුණු විසුණු වෙන බව එම නැකැත්කරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කරනව.

      Delete
    2. දවල්ද? අනේ හුකේ නන්නානේ.. :) මට හිනායනව ඕයි.. ඒ මේ ජයා බුවා. දැං ඔය නිදාගෙන ඉන්න රාවනා හරි මොන බූතය හරි නැගිට්ටෙ නැතත් ඔයා මේ ලියන එක නවත්තන්න එපා.. දැං ජෝක් සයිට් හරි අඩුයි..

      Delete
  12. "ලන්ඩන්" යනු රාවණයන්ගේ නවතම යටත් විජිතය වූ "සිංහලන්තය" ට ලංකාවේ එවකට සිටි දියුණු නගර නිර්මාණ ශිල්පීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් හා ‍ආයෝජකයන් විසින් පරිත්‍යාග කරන ලද නගරයකැයි කිව්වොත්...?

    ලංකාවෙන් දුන් => ලං+දුන්=> ලන්ඩන්= London

    ReplyDelete
    Replies
    1. ඒ වගේම වෙන්න ඇති කේම් බ්‍රිජ් කියන්නෙත්. ආදම් ගේ පාලම වගේ එකක් තිබුනද දන්නවා යෑ? ආවේ පාලමෙන් නම් කේම් බ්‍රිජ් නේද?

      Delete
    2. සුමිත් මහතාගේ අදහස ටක්කෙටම නිවැරදියි. මේ ලිපියේ තිබූ ලොකු මහගැරීමක් සකසාලීම ගැන බොහොම ස්තුතියි.

      ඔව් ක්සැන්ඩර් සබඳ, රාවණා රජතුමා පැමිණි පාලම තිබුණ තැන කේම්බ්‍රිජ් බවට පත් වුණා. ඔබටත් දැන් හෙළ නිරුක්තිය මනාව වැටහෙනව වගේ.

      Delete
  13. මේව කියවද්දි ඇගේ ලේ ධාතුව රත්වෙනවා ජය රත්න මහත්තයෝ....... හෙළ අභිමානයෙන් හදවත පුරා බුර බුරා ඇවිලෙනවා ජයරත්න මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. අබිමානයටයි කතා කීමටයි
      පෙර සිට සුපතල හෙළයේ
      ඉපැදුනු ඔබ තුළ ඒ ගති නැති නම්
      ඒ නොවැ පුදුමය සබඳේ

      Delete
  14. මේක බ්‍රහ්මකෙලියක් නෙව..... මනස මාඤ්ඤමික වීගෙනයි ආවේ.... වෙලාවට මාරයට දුරබණනයෙන් ඇමතුමක් අරගෙන වැඩිදුර තොරතුරු විචාලේ......!

    ReplyDelete
    Replies
    1. හා හා බුද්ධි.. මමත් ඔහොම්මමයි මෙහෙ ආවේ. ඒත් දැන් හරි. දැන් නේ මෙව්වා තේරෙන්න ගත්තේ. අප්පා..... දැන් කියවලා ම මගේ ලෙඩ එහෙමත් ගොඩක් හොඳයි.

      Delete
    2. වැරදියි වැරදියි බුද්ධියෝ..දුර බණනය නෙවෙයි යකෝ... තෙලබනුව... නෙද්දකින් උඹලව කවදා හෙළුවෝ කරල ගන්නද මංදා..?අපරාදේ පැස්ටෝල්

      Delete
    3. පැස් = පැස
      ටෝල් = උස

      ඒ අනුව බලන කල පැස්ටෝල් යනු උස කුළුණකින් හින්දන තෙල් ජාතියක් වේ !!
      එහෙම නේද ජයරත්න මහත්තයෝ ???
      තාම අළුත් නිසා පද නිරුක්ති ටිකක් අමාරුයි !! මේකත් අමාරුවෙන් ගැට ගැහුවෙ !
      මෙලහකටත් ජයරතනයන්ගේ 'ගැටේ ඇලවෙලාද' මන්දා

      රාවණ සිද්ධම් !!! සවස්ථි සිද්ධම් !!!

      Delete
    4. මාරයගේ හෝරාව,
      දුර -දුර බණනය - කතනය ඒකත් හරි බං.... තෙලබනුව කියන්නෙ මොබයිල් එකට වෙන්ඩැ....

      එක්සැන්ඩර්,
      රාවණාරාජෝත්තමයාණන් වහන්සේ මේ වන විට සම්‍යක්දෘෂ්ටික දෙවි කෙනෙක් කියලයි මම දන්නෙ. ඒක නිසා පරිස්සමින් කතා කරන්න ඕනේ. ජයරත්ත මහත්තයා ඒ වැඩේ නියමෙට කරනවා. ඒකයි මටත් පැටලුනේ.

      Delete
    5. එසේයැ මධුරංග සබඳ, එතැනත් අතීතයේදී රාවණා රජතුමාගේ උස කුළුණක් තිබෙන්නට ඇති අතර පසුව අන් ජාතිකයින් ඉංග්‍රීසි බසින් එය වෙනස් කරගෙන තිබෙනව. ස්තුතියි හැමෝගෙම වැදගත් අදහස් වලට.

      Delete
  15. කියවන්ඩ කියවන්ඩ ආසයි අප්පා...!!!!!!

    ReplyDelete
  16. මචෝ ජයේ! රාවණ කාරයට කටවල් (හකු) දහයක් තියන නිසා එකපාරටම දහදෙනෙක් හක්කේ තියල සෙම අරින්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. එසේයැ, ඒ ගැන අරුමයක් නෑ. නමුත් එතුමාට ඇත්තටම ඔළු දහයක් තිබුණාද ඒවා මායාවෙන් මවන දේවල් ද යන්න ගැන සොයා බැලිය යුතුයි.

      Delete
  17. සිංහලන්තයට පා තියලා දශක දෙකක් වෙන්නත් ආවා.. මේ වගක් කලින් දැනගත්තානම් සෑහෙන වැඩක් ගන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. ඔබතුමා අනිවාර්යයෙන්ම යා යුතු තැනක් තමයි "හෙළේ ඇස් බරි" හෙවත් Aylesbury. එහි ගිය විටෙක, එය්ලැස්බරි වල ප්‍රධානතම හන්දියේ වම් පසට වෙන්නට ඇති කුළුණ අබියසට ගොස්, රාවණ රජතුමාගේ සේනාවේ එදා දිවි පිදූ රණවිරුවන් සිහි කොට මොහොතක් මෙත් වඩන්න. ඔබ සැබෑ හෙළයෙක්නම් ඔබගේ නෙතටත් කඳුළක් උණාවි.

      Delete
  18. ජයරත්න මහත්තයට කියන්න අමතක උනාද මන්දා ඔය වික්ටෝරියා රැජිනත් හෙල කුල කතක් වග.වික්ටෝරියා කියන නම බිඳිලා ආවේ වික්ත+හේලියා කියන මුල් නාමයෙන්. වික්ත = වික්‍රමාන්විත , හේ = හෙල , ලියා = ලිය.

    ReplyDelete
  19. දාගෙන අහපු තැන> ඩැගන්හම්
    ඇස්+කන්> ඇස්කන් වරු
    බර+රජු> බර කින්ග් >බාකි0
    එල එල ජයෙ අන්කල් දිගටම කරන් යමු.මෙකෙ 1 ලිපියක් කියෙව්වම සතියක් හිනා වෙන්න පුලුවන්.
    මෙ ගොන් කතා කියෙව්වමත් ලේ රත් වෙන මොඩයො අපෙ රටෙ ඉන්නවනෙ.මේ බ්ලොග් 1ට හූරේ කියගෙන ඉන්න අයට කියන්නෙ.මෙයා මෙ කරන වැඩෙ නිසා කවදාහරි අනගතයෙ මිනිස්සුන්ට රාවණා කිව්වත් හිනයන තරමට රාවණා ජොක් 1ක් වෙනව.දැනට හොයගෙන තියෙන ඇත්ත කරුනුත් ගොන් පාර්ට් වෙනවා මේ වැඩෙන්.

    ReplyDelete

නුදුරු අදහස්